"මල් සුවඳක්ම විය නුඹ නොමිනිසුන් අතරින් නැඟි…"
ඇත්තටම අල්ලපු ගමේ උනාට නුඹ කාගෙ කවුද කියලවත් මං හරියට දැනං උන්නෙ නෑ. ඒ වගේම කවදාවත් මට ඒ ගැන හොයන්න උවමනාවක් උනෙත් නෑ. ඒත් පුංචි කලෙ ඉස්කෝලෙ යද්දි, පන්ති යත්දි, දැන් රස්සාවට යද්දි හංදියේ නිතර හිටපු නුඹ මාත් එක්ක බොහොම කුළුපඟව හිනා උනා. ඒ හිනාව හරි වෙනස්, හරිම අව්‍යාජයි. ඇත්තටම මං නුඹේ හිනාවට ඇලුම කලා. මේ මොහොතෙත් මට මැවිල පේනවා ඔලුව පැත්තකට ඇලකරලා හැමදාමත් නුඹ හිනාවෙච්ච හැටි. සමහර දාට පුතේ කියල කතාකරපු හැටි. ඇත්ත, මං නුඹත් එක්ක මේ දිගු කාලෙටම වචන විස්සකට වඩා කතාකරල නැතිව ඇති. ඒත් දවස ගානෙ කතාකරන උන්ට වඩා ලෙංගතු කමක් මට උඹ ගැන තිබුනා. මාත් එක්ක විතරක් නෙවෙයි. මාමෙ උඹ මගේ මල්ලි එක්ක, අම්මා එක්ක, තාත්තා එක්ක, මේ හැමෝම එක්ක හරිම ලෙංගතුව හිටියා. හංදියේ වැඩිහරියක් හිටියේ රස්තියාදු කාරයෝ, ගංජා කාරයෝ, නිතරම ගමේ නෝන්ඩි වෙච්ච ගමට හිසරදයක් වෙච්ච කුපාඩියෝ. ඒත් උන් අතරම හිටපු උඹ ඊට වඩා ගොඩක් වෙනස්. උඹෙන් කාටවත් කරදරයක් තිබුනෙ නෑ. පාඩුවේ හිටපු මනුස්සයා. ඉඳල හිටල අඩියක් ගැහුවට, ගංජා කට්ටක් ඇද්දට ඒකෙන් කාට්වත් හිරිහැරයක් වෙන්න උඹ ඉඩතිබ්බෙ නෑ.
උඹට හරිහමන් රස්සාවක් තිබුනෙ නෑ. ඒත් උඹ උඹේ ගෑනි, දරුවො බඩගින්නෙ තිබ්බෙත් නෑ. වැව හිඳෙන කාලෙට ගඩොල් කැපුවා. වැව පිරුණු කාලෙදි වැවේ දැල් දැම්මා, මාලු ඇල්ලුවා. සමහර වෙලාවල කරත්ත වලින් දර ඇද්දා. හිටපු ගමන් ගඩොල් පටවන්න එන ලොරි වලට හංදියේ ඉන්න ගමන් බ්‍රෝකර් වැඩත් කලා. ඉඳල හිටල කුලී වැඩත් කලා. ගොයම් කාලෙට ගොයම් කැපුවා. උඹ නිකං හිටියෙ නෑ. මේ බිංතැන්නෙ දූවිලි පොලොවෙ පය ගහල ඉරත් එක්ක කාස්ටකේ උඹ ජීවිතේ ගැටගහගන්න ඔට්ටු උනා.
උඹට මහ වයසක් තිබුනෙත් නෑ. අවුරුදු 40ක් කියන්නෙ මහ වයසක්ද! තව කාලෙ එහෙම්මයි. උඹට විතරක් නෙවෙයි, උඹ ගැන අපිට හිතුනෙත් එහෙමයි. ඒත් දවසක් ඒ හැමදේම කණපිට ගහල උඹේ ජීවිතේට කණකොකා ඇඬුවෙ කවුරුවත් නොහිතපු විදියට. එදා ඒ බයික් කාරයා පාරෙ ටිකක් හෙමින් ආවානම්, ඌ උඹේ ඇඟ දිගේ නොගියනම් අද මට උඹ ගැන මෙහෙම ලියන්න වෙන්නෙ නෑ. ඒත් මේ මහියංගණේ උඹටයි මටයි ඕනි දේවල් උනේ කවද්ද. ඒකෙන් උඹ බිමටම වැටුනා. උඹ දවස් ගානක් ඉස්පිරිතාලෙ ජීවිතෙත් මරණෙත් එක්ක පොරබැදුවා. කොහොම හරි උඹ අන්තිමේ දිනුවා.
උඹේ අතපය හතරට මොකුත් උනේ නෑ තමයි. ඒත් එහෙම උනානම් මීට වඩා කොච්චර හොඳද කියල අද මට හිතෙනවා. උඹ ආයෙත් අර හිනාවත් එක්කම අපි අතරට ආවා. හංදියේ උඹේ අඩුව පිය උනා. ඒත් ඒ කලිං විදියටමනම් නෙවෙයි. කාලකණ්නි ලෙඩක් එක්ක. මීමැස්මොරය හරි අප්ස්මාරෙ හරි, ඒක මොකක් උනත් ඒකෙන් උඹ හිටිගමන් ඇදගෙන වැටෙන්න පටන් ගත්තා. හිටපු ගමන් උඹ කපාදැම්ම ගහක් වගේ බිම ඇදගෙන වැටුනා. නහරයක් තැලිලාලු,මොලේට ලේ අරන් යන. දොස්තරල එහෙමලු කිව්වෙ. උඹේ වෛද්‍ය රිපෝට්වල තිබුනෙ කිසිම වෙලාවක තනියෙන් වතුරක් අහලකටවත් යන්න එපා කියලලු.
ගින්නක් ළඟට යන්නෙපා කියලලු. උස් තැන් වල නඟින්න යන්න එපා කියලලු. ඇයි උඹ කොයිවෙලේ වැටෙයිද කියන්න බැරි නිසාලු. ඒත් උඹ කොහොම ඉන්නද එහෙම. සල්ලි බාගෙ යහමින් තිබුනෙ නෑ උඹට. නඩත්තු කරන්න ගෑනියෙක්, දරුවෙක් හිටියා උඹට. ඒ නිසා කලිං වගේම මොන මොනව හරි කරල කීයක් හරි හම්බකරගන්න දැඟලුවා උඹ. උඹට තිබ්බා සල්ලි අමාරුකම් ගැන මිනිස්සු කතාවෙනවා. උඹේ ලෙඩේට බදුල්ලෙ ක්ලිනික් තියෙනකොට පාන්දර පහේ බදුලු බස් එකට නඟින උඹට සමහර දාට අතට තිබුනෙ බස් ගාස්තුව විතරයිලු. ආයෙ හවස ගෙදර එනකල් උඹේ කුස පිරුණේ ඇල් වතුරෙන් විතරයිලු.
අපස්මාරෙ තිබ්බ උඹ ඒත් කලන්තෙ නොදා ගෙදර ආවා. ඒ උඹේ හිතේ හයිය. උඹට තව සහෝදරයො දොලොස්දෙනෙක් ඉන්නවලු. ඒ හැම එකාම මං අඳුනන්නෙත් නෑ. සමහර එවුන් උඹේ මල්ලිලා, අයියලා කියල දැනගත්තෙත් එදා. ප්‍රශ්නෙ ඒක නෙවෙයි, මෙවුං එකෙකුටවත් උඹට මීට වඩා හයියක් වෙන්න බැරිවුනේ ඇයි කියන එකයි. ඒනිසාම කාටවත් අත නොපා උඹ ජීවිතේ ගැටගහගත්තා.
එදත් එහෙම දවසක්. දන්නෑ උඹ මොනතරම් ප්‍රශ්න කන්දරාවක් හිතින් දරාගෙන එළි බැස්සද කියලා. සමහර විට බඩට බත් ඩිංගක්වත් වැටිල තිබුනද කියලත් සැකයි. හුලං පුරෝපු තඩි ටියුබ් එකයි, මාලු දැලයි කරේ තියාගෙන උඹ වැවට යන්න ගියේ සමහර විට විකුණන්නම මාලු අල්ලන්නද, නැත්නම් වේල පිරිමහගෙන උඹේයි දරු පවුලෙයි බඩගිනි නිවාගන්නද කියෙනෙක මං තාමත් හිතනවා. ඒ කොහොම උනත් උඹ ගියේ ජීවිතේ ගැටගහගන්න බව අපි හැමෝම දන්නවා. ඒත් එක්කම උඹ වැවේ කාටවත් පේන්නැති අඳුරු ඉසව්වකට ගියේ අපෙන් හැංගෙන්න නෙවෙයි කියලත් ගමම දන්නවා.
උඹ හැංගෙන්න හැදුවෙ මාලුවෙක් දෙන්නෙක් තඩිගහල ජීවිතේ යන්තම් ගොඩදාගන්න දඟලන උඹලගේ බඩට ගහලා උඹලව කුදලගෙන යන්න බලං ඉන්න ධීවර මහත්තරුන්ගෙන් කියල අපි දන්නවා. උඹ ටියුබ් එකේ නැඟල වැවේ ගියේ ලෙෂර් වර්ල්ඩ් යන සිදාදියේ මහත්තුරු වගේ ආතල් ගන්න නෙවෙයි කියල දන්නෙ ගමේ අපි විතරයි. උඹත් කැමතියි උඹටම කියල ෆයිබර් ඔරුවක් තිබුනනම්. ඒත් උඹට එච්චර වත්කමක් කොහෙන්ද. ඉතින් මෙ දේවල් හින්දමයි උඹ අපි කාටවත් නොපෙනෙන ඉසව්වුකටවෙලා උඹේ ජීවිත දැල එලුවෙ.
ඒත් උඹ හීනෙකින්වත් හිතන්නැතුව ඇති මේ දැලට පැටලෙන්නෙ උඹේම ජීවිතේ කියල. උඹට අමතක උනා, නැත්නම් ජීවන අරගලය හමුවේ උඹ හිතලම අමතක කලා උඹේ අසනීපෙ ගැන. ඒත් උඹේ මරුවට නම් ඒක හොඳට මතක තිබිල වගෙයි. තෝමස් මාමා උඹව ගොඩට ගත්තෙ අඩි දහයක් විතර වතුර යට ඉඳලලු. ඒ වෙනකොටත් උඹ අපිව දාලා ගිහින් වරුවක් විතර ගිහින්ලු.
මං කැමති උනේ නෑ උඹේ පරවුනු මූණ දිහා බලන්න. මොකද මං දන්නවා වෙනද වගේ අද උඹ මයෙ දිහා බලල කීයටවත් අර හිනාව මට දෙන්නෙ නෑ කියල. ඒත් අවසන් වතාවටත් මට උඹේ මූණ නොබල බැරිවුනා. ඒ තමයි උඹ මාත්තෙක්ක හිනා නොවුනු පලවෙනි දවස. ඒත් උඹේ මූණ අතරින් මට උඹේ හිනා මූණ මැවි මැවී පෙනුනා.
දහසකුත් ප්‍රශ්න සදහටම හංගගෙන උඹ අද පොලොව යට වැළලිලා. අදට දවස් දෙකක් ගිහින්. උඹ සමඟ වැළලුනේ උඹේ ප්‍රශ්න විතරක් නෙවෙයි. අපේ ගමේ, අපේ පළාතෙ, විතරක් නෙවෙයි අපේ රටේ බහුතරයක් දෙනාට තියෙන ප්‍රශ්න ගොඩක් සමඟයි උඹ පරවෙලා ගියේ. ඒව අපට හිතන්න ඉතුරු කලේ අපේ රටේ තියෙන මේ ප්‍රශ්න විසඳගෙන ආයෙමත් මේ වගේ අකල් මරණෙකට ගොදුරු නොවීමට එන ආත්මෙක හරි උඹට ඉඩ සලසලා දීමට අවස්ථාවල් ලබාදෙන්න පුලුවන් විදියක් ගැනයි.
අදත් උදේ වැඩට යන්න හංදියට ආව වෙලාවෙ උඹේ හිනා මූණ නෑ කියල දැන දැනත් මං වෙනද උඹ වාඩිවෙලා ඉන්න බංකුව දිහා බැලුවා. ඒත් උඹ එතන හිටියෙ නෑ. උඹ හිටියෙ එතන නෙවෙයි. හංදියේ බස් හෝල්ට් එකේ කණුවක උඹ හිටියා. හැබැයි උඹ හිටියෙ හිනාවෙලානම් නෙවෙයි. උඹේ ඔය මූණ තියෙන මේ මරණ දැන්වීමත් තව ටික දොහකින් ගැලවිලා යයි. උඹ ගැන මතකයත් හැමෝටම අමතකවෙලා යයි.
උඹ වැවේ ගිලිලා මැරුණ කියල අහපුවෙලේ මට ඒක දරාගන්න අමාරුවුනා. මට මතක් උනේ රත්න ශ්‍රී විජේසිංහයන් ලියපු සුදු නෙළුම කෝ සොරබොර වැවේ සිංදුව. ඒත් මං ඒක කාටවත් කිව්වෙ නෑ. එහෙම කිව්වනම් කට කැඩිච්ච එකෙක් කියයි, ඒ සිංදුවෙ මැරුණේ ජීවිතේ ගැටගහගන්න , පන්සල් යන අයට විකුණන්න මල් කඩපු අහිංසක පුංචි කෙල්ලෙක් කියල. මූ නැහුනෙ පවු කරන්න වැවේ ගිහින් කියලා. ඒත් මට එහෙම පේන්නෙ නෑ. මටනම් පේන්නෙ මේ සිද්ධි දෙකේදිම මියැදුනේ පවතින ආර්ථික හා සමාජීය රටාවෙන් බැට කන, ජීවිතේ ගැටගහගන්න සොච්චමක් හොයාගන්න වෙර වීරිය දරපු අහිංසක මනුස්ස පරාණ දෙකක් විතරයි. කැඩුවෙ මල්ද, ඇල්ලුවෙ මාලුද කියනෙක මට වැදගත් නෑ. වැදගත් වෙන්නෙ ඒ දෙකෙන් කොයික හරි කරපු හේතුවයි.
ඒ නිසා උඹ ගැන මං මෙහෙම ටිකක් ලිව්වා. මට කවි ලියන්න බෑ. මගේ හිත සංවේදී කරන සිදුවීමාක් කවියකට නඟාගන්න මට කොච්චර ඕනි උනත් වරුවක් දඟලලා වත් මට ඒක කරගන්න බෑ. ඒත් උඹේ මිනිය දිහා බලන් එදා ගතකරපු කාලකණ්නිම මිනිත්තු දහයෙදි මට මෙහෙම නම් හිතුනා.
"සුදු නෙලුම නොවුනත් ඔබ සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
මල් සුවඳක්ම විය නුඹ
නොමිනිසුන් අතරින් නැඟි…
මල් නෙලන්නට නොම ගියේ මුත් නුඹ
බුදු පුදට මහියංගණේ
නුඹ මැරූ මසු කැල විය
අපේ දිව රසවත් කලේ…
ඉතින් කෙලෙසක දෑඟිලි යොමන්නද
කිලිටි හිතකින් නුඹ දෙසේ
සුදු නෙලුමමයි මට උඹේ රුව
නිදා සිටිනා පෙට්ටියේ…"
මේ ඔබ වෙනුවෙන් මා තබනා මතක සැමරුමයි. මෙහෙම මතක සැමරුමක් ඔබ වෙනුවෙන් තැබූ බව ඔබට සමීප කිසිවෙකුත් නොදන්නා බව මම දනිමි. ඔබ මියගොස් ඇත. අපද එළඹෙන පැයේ හෝ තව කාලාන්තරයකින් හෝ මියැදෙනු ඇත. අපෙන් පසු පරම්පරාවට නුඹ සිහිනයක් පමණක් වනු ඇත. ඉන්පසු පරම්පරාවට ඔබ මිරිඟුවක් වනු ඇත. නමුදු කවදාකවත් මැකී නොයන ඔබ පිලිබඳ මතකයක් මෙලෙස මම සයිබර් අවකාශය වෙත මුදාහරින්නෙමි. අන්තර්ජාලය ලොව පවතින තුරු මෙම සිහිවටනය ලොවේ කොතැනක හෝ සිටින්නෙකුට ඔබ පිළිබඳ මතකය අලුත් කරනු ඇත.
"දයාබර රාළේ මාමේ උඹ ආයෙත් මේ ජරාජීර්ණ සමාජය තුල ඉපදෙන්න එපා..!"
(පසුගිය දිනෙක දම්බරාව වැවේ ගිලී මියගිය අපේ ගමේ රාළේ මාමා වෙනුවෙනි.)
සංවේදී සටහනක්.. ජිවිතවල තියෙන වටිනාකම අපි තේරුම් ගන්නේ හරිම අඩුවෙන්... අපි මිනිසුන් මනින මිනුම් කොච්චර වැරදිද කියල තේරුම් ගන්න සලස්වන ලස්සන සටහනක්.. ඔබේ ජිවන දැක්ම හරි වටිනවා ඒක මේ සමාජ සම්මත වලින් විනාශ වෙන්න දෙන්න එපා..
ReplyDeleteඇත්තමයි, අපි මීට වඩා සමීපව මිනිස්සුන්ගේ ජීවිත වලට එබිල බැලුවනම් ඒ ජීවිත අපිට දාහක් දේවල් කිය්ල දෙයි, අපි මේ සමාජයට මීට වඩා ආදරය කරයි. අපේ හදවත් මීටත් වඩා සංවේදී කරයි.
Deleteපැතුම්..කවදාවත් මේ පවතින සමාජ සම්මතයන්ට මං වහල් වෙන්නෙ නෑ. මේ තියෙන ක්‍රමය මාව ගොඩක් කළකිරවනවා.
මනෝ,
ReplyDeleteමම හිතුවෙ සුපුරුදු පෝස්ට් එකක් කියලා. ඒත් අන්තිම කොටස කියවත්දි පපුවෙ පැත්තක් බර උනා වගේ දැනුනා බං.
උඹ කිව්වා හරි මේ ගීතය කතාවත් එක්ක පුදුමාකාර විදිහට පෑහෙනවා. ඒ ජීවිත දෙකම විදින්නෙ එකම දුක, ඒ දුප්පත් කම කියන දුක.… අසරණ කම කියන දුක… බඬගින්න කියන දුක… ප්‍රියයන් සැනසවීම කියන දුක…
අනේ මන්දා බං. මහා හිස් කමක් දැනුනා. උඹේ ලිවීම සාර්ථකයි මචෝ. ඇත්තෙන්ම සංවේදී.
"දයාබර රාළේ මාමේ උඹ ආයෙත් මේ ජරාජීර්ණ සමාජය තුල ඉපදෙන්න එපා..!"
සුබ ගමන් රාළේ මාමෙ………………………
ඔව් මචං. මේ මිනිස් ජීවිත දෙකම වින්දෙ එකම දුක, මුහුණ දුන්නෙ ජීවිතේ ප්‍රශ්න වලට. ඒ නිසා මට මේ දෙදෙනාගෙ වෙනසක් නෑ මචං. මේ අහිංසකයො දුප්පත් නෑ මචං. මේ රටයි දුප්පත්.
Deleteඋඹ කවදාවත් දැකලවත් අහලවත් නැති මිනිසෙක් ගැන උඹ අද පසුතැවුනා. දුක් උනා. හිතට මහා හිස්කමක් දැනුනා. ඒ තමයි මචං මනුස්සකම. ඒ තමයි සංවේදීකම. මේ පරවුනේ අපි හැමෝගෙම පංතියේ මිනිහෙක් බව උඹේ හදවතට දැනුනා. ඒ හැඟීමම මහමෙරක් තරම් වටිනවා මචං. සමාජය තුල මෙවැනි සංවේදී මිනිසුන් අතලොස්සක් හරි ඉතිරිවෙලා ඉන්නෙකම කොච්චරනම් වටිනවද.
ඔව් මචං..අපි ඔහුට සුබ ගමන් පතමු.
රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ
ReplyDeleteරහට හැදෙන රස මසවුළු ඇගේ කුසට නෑ..
රාලෙ මාමේ සුබ ගමන් .. !!!!!!!
මතකයෙන් ගොඩාක් ඈතට ගිහින් තිබුන ගීතයක් මචං. හදවතට යළිත් සමීප කලාට උඹට පිං. ඇත්තටම මේ ගීතය මේ සිදුවීමට ඉතාම සමීපයි. ග්‍රේෂන් ආනන්දයන්ගේ මේ ගීතය අහන්න කැමති කවුරුහරි ඉන්නවානම් මෙතනින් ගන්න..
Deleteඝන අඳුරින් අප සැමදා වෙලීලා....
මේ වගේ රාල මාමලා එදත් හිටියා අදත් ඉන්නවා. මේ වගේ හිත හොඳ මිනිස්සු හෙට දවසට නැතිවීම අපේ අවාසනාව මිසක් ඒ මිනිස්සුන්ගේ අවාසනාව නෙවෙයි. හැබැයි මේ මිනිස්සු ආයෙත් අපි අතරේම උපදිනවා.
ReplyDeleteඇත්තෙන්ම මේ සමාජෙන් ඈත්වෙලා යන එක ඔවුන්ගෙ වාසනාව තමයි. ඒකයි මං ප්‍රාර්ථනා කරන්නෙ ආයෙ උඹ මේ සමාජෙට උපදින්නෙපා කියලා.
Deleteඒත් ඔවුන් යළි යළිත් අපි අතර උපදිනවා. ආයෙමත් අපෙන් සමුගන්නවා. මේව ස්‍රවකාලීන සාමාජීය ගැටලු. දුප්පත් කමයි නූගත් කමයි තමයි මේ හැමදේටම මුල.
අදනම් කතාව විතරක් නෙමෙයි ගීතයත් වෙනස් වෙලා. ගීතය වෙනුවට කවියක්. ඒ එක්කම සංවේදී සිතුවිල්ලක්. උඩින් පල්ලෙන් කියෙව්වේ තිබ්බ වෙලාවේ හැටියට. හෙට සම්පූර්ණයෙන් නිදහසේ කියවලා මේ ගැන තව ටිකක් කතා කරමු මනෝෂ්...
ReplyDeleteකොහොම වුණත් රාළ මාමාට අපිත් කඳුලින් වුණත් සමුදෙන්න එකතු වෙනවා.......
ඇත්ත, අද ටිකක් වෙනස් උනා පෝස්ට් එක. මට මේ ගැන නොලියා සිටීමට හිත ඉඩදුන්නෙ නෑ. ඒ නිසා තේමාව ටිකක් වෙනස් කලා.
Deleteමං දන්නවා ගී පවුරේ ඔබ මාත් එක්ක කෙතරම් සංවේදී වෙනවද කියලා.
ඔව් අපි හෙට ඔහු වෙනුවෙන් නිදහසේ කතාකරමු කුරුටු. ඒක තමයි මට ගොඩක්ම වටින්නේ.
මනෝෂ්..................
Deleteමේ රචනාවේ මං දකින විශේෂත්වයක් තියෙනවා. කෙනෙකුට මේක වෙනස් විදිහකට විග්‍රහ කරන්න පුළුවන්. මාළුන් මරන නිසා ඔහුත් ඒ වැවේ ම ගිලිලා මැරුණා. ඒක එකම එක විග්‍රහක් විතරයි. නමුත් ඔබ ඔහු ගැන ඊට එහා ගිය දෙයක් දන්න කෙනෙක්. ඒ නිසා ඔබ දන්නවා ඔහු හංදියේ හිටියට බිව්වට, ගංජා ගහන එකටත් සෙට් වුණාට ඒ මිනිස්සු අතර හිටිය වෙනස් විදිහක අහිංසක කමක් තිබ්බ මිනිහෙක් කියලා. ඒ නිසා ඔබ ඔහුව මේ විදිහට කියවනවා... මේකයි ඔබේ දැක්මෙහි තිබෙන විශේෂත්වය මනෝෂ්
ඇත්තට ම දුප්පත් කම කියන්නෙත් වල්ගය සැති ගොනා වගේ කියලා කතාවක් තියෙනවානේ. ජීවිතේ විඳවලා විඳවලා මැරිලා යනවා. ඒ කාලය තුළ ජීවිතය ගැටගහගන්න අනන්තවත් දේවල් කරනවා. ඒ අතර ඔබ කියනවා වගේ සොරබොර වැවේ මල් නෙලන්නම මිනිහෙක් යොමු නොවෙන්න පුළුවන්.. මල් නෙලන්න යන කෙනා වැවේ ගිලුණාම ඒක කවියක් සහ ගීතයක් වෙනවා. මාලු මරන මිනිහත් ජීවත් වෙන්න කරන දේට ගිහින් වැවේ ගිලුණට ඒක කවියක් වෙන්නෙත් නෑ. ගීතයක් වෙන්නෙත් නෑ. හැබැයි ඒ මිනිහා ජීවත් වෙලා ඉන්නකල් හරි පාර පෙන්නන්න හරි ගෙදරට අමාරු වෙලාවේ කන්න සතපහක් දෙන්න කිසි කෙනෙක් නෑ. මේක තමයි මේ සමාජයේ යතාර්ථය මනෝෂ්.......
ඔහු වැවේ ගිය සුදු නෙලුමක් නෙමෙයි. හැබැයි ඔහු ඔබට අනුව නෙලුමක් ම තමයි. මට අනුවත් ඔහු සුදු නෙලුමක් මොකද ඔබ ඒ සංවේදී කතාව කියලා දුන්නු නිසා...... මේ හැකියාවට සහ වෙනස් වූ ඔබේ චින්තනයට මෙන් ම මේ වෙනුවෙන් නිර්මාණයක් කිරීමට නිර්භීත වුණාට අපේ ප්‍රණාමය මනෝෂ්.........................
ඇත්තෙන්ම, ගී පවුර ආයෙත් එනකල් මං මඟ බලාගෙන හිටියෙ. මොකද, මගේ නිර්මාණ රසවිඳීමෙන් පමණක් රසවිඳ නොනවතින ඔබලා මගේ නිර්මාණය සඳහා කදිම විවරණයකුත් ලබා දෙනවා. ඒ ගැනනම් මං ණයගැතියි ගී පවුරට.
Deleteඔහු හංදියේ කාලෙ කා දාපු එක මං හරියි කියන්නෙ නෑ. ඔහු ගංජා ගහපු එක හරියි කියන්නෙත් නෑ. බඩ වියත රැකගන්නහරි මාළු මරපු එක හරියි කියන්නෙත් නෑ. නමුත් මේ දේවල් කරපු අනිත් හැමෝම වගේ සමාජයට පිළිලයක් උනේ නෑ.
ඔහු කරපු අයහපත් දේවල් වලින් හානියක් උනානම් ඒ හානිය උනේ ඔහුට විතරමයි. ඔහුගෙන් සමාජයට හානියක් උනේ නෑ.
අපේ ගමේ ගොඩක් අය ජීවිතේ වැවත් එක්ක බැඳිලා තියෙන්නෙ. වැව හිඳුනම වැවේ ගඩොල් කපනවා. පිරුණම ධීවර කර්මාන්තෙ යෙදෙනවා. ඉතින් ඒ නිසා රාළෙ මාමා මාලු ඇල්ලුවා කියල මට ඔහුගැන වරදක් හිතෙන්නෙ නෑ. සොරබොර වැවේ සුදු නෙලුම මල් කඩන්න ගිහින් මැරුණත්, රාළෙ මාමා දම්බරාව වැවේ මාලු අල්ලන්න ගිහින් මැරුණත්, මේ ද්දෙනාම සටන් වැදුනෙ එකම අරමුණක් වෙනුවෙන්. ඒ අරමුණ විතරයි මට වැදගත් උනේ ගී පවුරේ.
කවදත් වගේ සාරවත් අරුත්බර අදහසක් එකතුකරල මේ නිර්මාණය තවත් අර්ථවත්, වර්ණවත් කලාට ගී පවුරට මගේ ප්‍රණාමය..
මනෝෂ්......................
Deleteපුළුවන් නම් ඊමේල් ලිපිනය අපිට එවනවාද??
අපිට පුළුවන් වෙයි ළගදි දවසක මහියංගනේ දී හමුවෙන්න. අපේ ඥාතියෙක් ඉන්නවා මහියංගනේ බිබිල පාරේ. ගොඩක් විට ලබන මාසේ අපි ඒ පැත්තේ එනවා. ආපු ගමන් ම ඔබ හමුවෙන්න එන්නම්... විස්තර කතා කරගනිමු. ඊමේල් ලිපිනය එවන්න මේ අපේ ඊමේල් ලිපිනය.
weerasinghehasitha@gmail.com
ඇත්තෙන්ම අහන්නත් සංතෝසයි ගී පවුරේ. ඒක කොච්චර දෙයක්ද. අනිවාරෙන්ම අපි හම්බෙමු එහෙනම්. මෙන්න ඊමේල් ලිපිනය.
Deletemasandumal@gmail.com
එහෙනම් විස්තර කතාකරගනිමුකො.
අතිශයින්ම සංවේදී සටහනක් මනොශ්.. ඔබේ ලිවීමේ රටාවේ ඇති අව්‍යාජ බව ව සංවේදීබව තවත් දැඩි කරනවා.... ජීවන සටනට උරදෙන ,දුන්නු දහසකුත් එකක් රාලමාමලා උඹ දැක ඇතුවාට සැකයක් නැහැ. ඒ හැම කෙනෙකුටම මේ සටහන උපහාරයක් වෙයි
ReplyDeleteඇත්තෙන්ම දැකපු නොදැකපු හැම රාළේ මාමාකෙනෙකුටම මේක උපහාරයක් වේවා කියල මාත් ප්‍රාර්ථනා කරනවා ඉවාන් අයියේ. මේ වගේ චරිත අපේ සමාජයේ හැමතැනකම ඕනෑම්ම තරම් ඉන්නවා. හිතට ආව අවංකම සිතිවිල්ල තමයි පෝස්ට් එකේ ලිව්වෙ. ඒ නිසා වැන්නැති එච්චරටම හැඟීමබර උනේ.
Deleteකලින් කීප සැරයක් ඇවිත් ගියා පොස්ටුව තිබුණේ නෑ ///
ReplyDeleteඅනේ ඔව් මචං. මොකඛරි තාක්ෂනික අවුලක් තිබ්බා. පෝස්ට් එක බ්ලොග් රෝල් වල අප්ඩේට් උනේ නෑ. ඒනිසා එකපාරක් ආයේ ඩ්‍රාෆ්ට් වලට පෝස්ට් එක ඇදල දාල ආයෙ පබ්ලිෂ් කලේ. ඒනිසා වෙන්නැති.
Deleteහිත නවත්තපු නිර්මාණයක්...
ReplyDeleteමනෝ හැකියාව දිනෙන් දිනම වර්ධනය කරගන්නව මං කලිං කීව වගේ...
අද හුගක් වටින මිනිස්සු ජීවත් වෙනව කියල වත් උං මැරුණ කියලවත් දන්නෙ නෑ..
දැනගත්තත් නොදැක්ක වගේ ඉන්න මිනිස්සු අතර උඹ පට්ට නං
අපේ ගමේ අපේම මනුස්සයෙක් නිසා අමුතුවෙන් හිතල ලියන්න ඕනි උනේ නෑ මචං. අවංකවම හිතුන දේ ලියල දැම්මා. ඒ නිසා ඒ වේදනාව ඔයාලටත් සම්ප්‍රේශණය වෙලා වගේ.
Deleteඋඹ කිව්ව කතාව හරි මහේෂ්. අපි ළඟම ඉන්න ගොඩක් මිනිස්සුන්ගෙ වටිනාකම අපි තේරුම්ගන්නෙ නෑ උන් මැරෙනකල්. සමහර විට මැරුණට පස්සෙවත් තේරුම්ගන්නෙ නෑ..
එදත් අදත් ගම්වල මේ වගේ අව්‍යාජ චරිත හිටියා. ඔබ විස්තර කරන මේ චරිතේ සුවිශේෂ චරිතයක්. අද සමහරුන්ට මාසේ අන්තිමට පඩියක් අතට එන මොකක් හරි රස්සාවක් කරන්න අධ්‍යාපන සුදුසුකම් තිබුණත් අභියෝග ජයගන්න හයියක් නෑ. මේ විස්තර කරපු චරිතය විශේෂ එකක් වෙන්නේ ජීවිතයේ අභියෝග ජයගන්න ශාරීරිකවත් මානසිකවත් හයිය ඒ මනුස්සයට තිබුණ නිසා ඇධ්‍යාපනේ මොක උනත්.
ReplyDeleteඅන්න ඒකයි. මේ පවතින අධ්‍යාපන ක්‍රමය තුලින් බිහිකරන්නෙ මහ පොලොවෙ පයගහල ඉන්න අභියෝග ජයගන්න පුලුවන් මිනිස්සු නෙවෙයි. නිකංම නිකං පොත් ගුල්ලන්. ඔවුන්ට සමාජ දැනුමක්, අවබෝධයක් නෑ. තියෙන්නෙ පොතේ දැනුමක් නෑ. ඒ අතින් සමාජය තුලම හැදිල ජීවිතය උදෙසා අරගල කරල සමාජෙන්ම තෙම්පරාදුවෙලා හැදිච්ච මේ වගේ මිනිස්සු මහ පොලොවෙ පයගහල ඉන්නවා. උන් කවදාවත් බඩගින්නෙ මැරෙන්නෙ නෑ. හොඳ ආත්ම ශක්තියක්, කායික මානසික ශක්තියක් ඇත්තෙන්ම රාළෙ මාමා සතුව තිබුණා..
Deleteඇහැට කඳුලක් එක් කල පෝස්ට් එකක්.. හුඟක් සංවේදීව දැනුනා...
ReplyDeleteරාල මාමේ .. ඔබට නිවන් සුව !
අපි හැමෝම එකවගේ සංවේදී මිනිස්සු තුෂානි. ඒ නිසා මේ වගේ කතා අපිට ගොඩාක් හැඟීම්බරව දැනෙනවා.
Deleteවෙලාවකට මට හිතෙනවා මමත් රාළ මාම කෙනෙක් කියලා.අපි හැමෝම තුළ අඩු වැඩි ලෙස රාළ මාමා ඉන්න පුළුවන්.හිතෙන දේවල් කරන්න භෞතික වටපිටාවක් නැති වුණහම රාළේ මාමාගේ ඉරණමට අපි ලං වෙනවා.රාළේ මාමා නෙමෙයි මේ සමාජයේ එක්තරා කොටසක උරුමයයි.රාළේ මාමාගෙන් ඒ යථාර්තය කියවන්න පුළුවන් වුණොත් මිනිස්සු දිහා ආදරයෙන් සහ ඉවසීමෙන් තේරුම් ගන්න පුළුවන් හදවතක් හදා ගන්න පුළුවන්
ReplyDelete////මිනිස්සු දිහා ආදරයෙන් සහ ඉවසීමෙන් තේරුම් ගන්න පුළුවන් හදවතක් හදා ගන්න පුළුවන්/////
DeleteNisman +++++++++++++
//අපි හැමෝම තුළ අඩු වැඩි ලෙස රාළ මාමා ඉන්න පුළුවන්///
Deleteසහතික ඇත්ත නිශ්මං..++++++++++++++++
නිස්මන් අයියේ..
Deleteඅපි කාගෙ කාගෙත් ජීවිතවල අඩු වැඩි වශයෙන් රාළෙලා ඉන්නවා. ඔබේ ඒ කතාවට සම්පූර්ණයෙන්ම එකඟයි මාත්. තම හිසට සෙවනැල්ල තම අතම පමණක්ම වෙච්චකොට මේ ජීවිතේ සමහර තැන්වලදි අපිට ගොඩක්ම අමාරුවෙනවා. ඇත්තෙන්ම අපි මීට වඩා ගොඩාක් සංවේදීව සමාජය දෙස බැලිය යුතු කාලය එළඹිලා. වෙන කවරදාකටත් වඩා මිනිස් ජීවිත අද හරි අසරණවෙලා.
එකඟයි අරූ අයියත් එක්කත්...
Deleteපත්තරේ..
Deleteඔව් මචං, අපි කවුරුත් රිදී හැන්ද කටේ ගහගෙන ආපු එවුන් නෙවෙයිනෙ. හැමෝටම හරිම අමාරුයි මේ ජීවිතේ. එකඟයි උඹ එක්කත්.
මනෝෂ්.....උඹ දයාබර මනුස්සයෙක්. ඒ දයාබර බව තමයි උඹේ හැම ලිපියකින්ම එලියට එන්නේ. ඒ දයාබරත්වය නෙළුම් මලක් වගේ පිපෙන්න ඉඩ දීපන්.
ReplyDeleteඋඹේ සටහන ගැන කියන්න තියෙන දේවල් අනිත් අය කියලා තියෙන්නේ.
අරූ අයියේ.. ඇස්වලට කඳුලු ගෙනාව කමෙන්ට් එකක්. නෙළුම් මලට පිපෙන්න මං ඉඩ ශෙනවමයි. මොකද ඒ මගේ ජීවිතේ..
Delete"ලොවේ දුක දැක දයාබර වී
නෙතින් කඳුලක් නොසෙල්වේනම්
කුමට සත්සර රාව නංවා..."
අරු අයියත් එහෙමයි
Deleteඅනිවාරෙන්ම විදානේ, මේ ආව ගමන්මඟ පුරාම මං ඒක දැක්කා.
Deleteමනෝෂ්.....උඹ දයාබර මනුස්සයෙක්. ඒ දයාබර බව තමයි උඹේ හැම ලිපියකින්ම එලියට එන්නේ. ඒ දයාබරත්වය නෙළුම් මලක් වගේ පිපෙන්න ඉඩ දීපන්.
ReplyDeleteඋඹේ සටහන ගැන කියන්න තියෙන දේවල් අනිත් අය කියලා තියෙන්නේ.
මේ දවස් වල බ්ලොග් වල තාක්ෂනික ගැටලුනම් හරිම වැඩියි. අපිට ඕනි විදියට කමෙන්ට් එකක්වත් දාගන්න බෑ. මට පේන්නෙ අරූ අයියටත් එහෙම වෙලා වගෙයි. කමෙන්ට් එක පබ්ලිශ් වෙනකොටම කනෙක්ශන් ලොස්ට් වෙනවා. ආයෙ රිෆ්‍රෙශ් කරල බලනකොට එක ළඟ කමෙන්ට්ස් දෙකයි. මටත් ඕක දෙතුන් පොලකම උනා.
Deleteමං හිතුවෙ ගීතයක් ගැන කියල.. අන්තිම ටික කියවද්දි තමා තේරුණේ..
ReplyDeleteඇත්තටම ගොඩක් සංවේදි කතාවක් බං.. ඒ මිනිස්සුන්ට කොච්චර දුක් කරදර තිබ්බත් හිනාවෙ අඩුවක් නෑ..
රාළෙ මාමාට නිවන් සුව පතමු..
අපේ ප්‍රියාටත් ඔය විදියටම හිතිලා. මේකනම් මාව ගොඩක්ම කම්පනයට පත්කල මගේම සැබෑම අත්දැකීමක් මචං.
Deleteඅව්‍යාජ මිනිසුන්ගෙ මූණේ හැමවෙලේම හිනාව පිරිල මචං. ඒ තමා උන්ගෙ ආබරණය.
අපි ඔහුට නිවන් සුව පතමු..
මනෝෂ්,
ReplyDeleteකියන්න දෙයක් නෑ.. හිතට තදින්ම දැනුනු සංවේදී සටහනක්.. කියන්න තියන හැමදේම උඩින් හිටපු අය කියලා..
දිගටම ලියමු.. ඔය මනුසත් බවේ සටහන..
ජය වේ වා!!!!
\\ඔය මනුසත් බවේ සටහන..//
Deleteඇත්තෙන්ම...අපි හැමෝම එකතුවෙලා ලියමු.
අපි මිනිස්සු ගැන හිතන විදිහ හුඟක් වෙලාවට වැරදියි කියලා හිතෙන්නේ ඒ කෙනා අපි ලග නැති උනාමයි.. සංවේදි සටහනක් මචං.. අපි ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමු..
ReplyDeleteමනෝෂ්, ගියකින් ඈත් වෙලා ලියපු පළවෙනි සටහන මේක මගේ මතකය හරි නම්.. ඉදලා හිටලා ගී වලින් ඈත් වෙලා ලිපි ලියන්න උත්සාහ කරන්න..
ඔව් දිනේෂ්, අපි ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
Deleteම්..ගීත වලට අමතරව වෙනත් සටහන් දෙකක් ලියල තියෙනවා මං. දිනේෂ්ට මතකත් ඇති, එකක් අර සීගිරි ළඳුන් ගැන ලියපු සීගිරි ළඳකගේ අම්මෙක් කියන පෝස්ට් එක, අනිත් එක මගේම නිර්මාණයක් වෙච්ච සැබෑ ආදරය කියන පෝස්ට් එක.
ඔව් දිනේෂ්, ගී සංවේදනා වලට අමතරව යමක් ලියන්න උත්සාහ ගත්තනම් හොඳයි කියල මටත් හිතෙනවා.
ReplyDelete///මනෝෂ්, ගියකින් ඈත් වෙලා ලියපු පළවෙනි සටහන මේක මගේ මතකය හරි නම්.. ඉදලා හිටලා ගී වලින් ඈත් වෙලා ලිපි ලියන්න උත්සාහ කරන්න..////
උඹ හරි දිනේෂ්!!!!!!!!!!!
ඔව් අරූ අයියේ, මීට වඩා වෙනත් පරාස සඳහාත් යොමුවෙන්න උත්සාහගන්නම්..
Deleteඋඹේ ලිවිල්ල ගැන පුන පුනා කියන්න යන්නේ නෑ.
ReplyDeleteමේක තමයි අපේ කාළකන්නි පාලකයෝ සුද්දා දාලා ගියයින් පස්සේ අපට උරුම කරලා දීලා තියෙන සෞභාග්‍යා, ආශ්චර්යය..
අනේ පර සුද්දනේ ඇයි උඹලා අපිව දාලා ගියේ...
අම්මපල්ල මාතලන් අයියෙ, සුද්ද රට දාල නොගියනම් මේ රට අද එංගලන්තයක් වෙලා තියෙන්නත් ඉඩ තිබුනා. මේක කාපු අපේම හැත්තට වඩා සුද්ද හොඳයි.
Deleteකිව්වට වැඩක් නෑ, මේ ආශ්චර්‍යට රැවටෙන්න අපේ ජහමනතාවත් හරිම මනාපයිනෙ.
මේ පැත්තේ මම කලින් කිහිප විටක් ඇවිත් තිබුණත් වැඩිය කියවලා තිබ්බේ නැහැ.
ReplyDeleteඋඹේ මේ සටහන බොහෝම සංවේදීයි බං.හරිම අව්‍යාජයි.රාළ මාමලා අපි හැමෝගෙම ජිවිත වල ඉන්නවා තමයි අර උඩින් නිශ්මන් අයියා කියලා තියෙනවා වගේ.ඒ වගේ අව්‍යාජ මිනිස්සුත් ඉන්න නිසා තමයි මේ ලෝකේ මෙහෙමවත් ලස්සන.
එහෙනම් දැන් ඉඳල කියවමුකො මනෝජ්. මේ ළඟදි තමයි මං ඒ පැත්තට ආවේ.
Deleteඇත්ත, ඒ මිනිස්සුන්ගෙ සුවඳින් මේ ලෝකෙ සුවඳ වෙනවා. ඒත් සුවඳ ඉතිරිකරල එයාලට මේ ලෝකෙන් යන්න වෙනවා, ඒ මේ රටේ වැරැද්දෙන්.