"තුන්පත් රෑන වේදෝ කෝම අප දෙදෙන..."
තවත් වෙහෙසකාරී දිනයක නිමාවත් සමඟ ඊයේ දිනයේද සුපුරුදු පරිදි විගසින් විත් ප්‍රවාහන බස් රියට ගොඩවූයේ හැකි ඉක්මනින් නිවසට යන අපේක්ෂාවෙනි. මගේ තදියම කොතෙක් වුවද, බස්‍රිය පිටත්වන්නේ තවත් විනාඩි විස්සකිනි. එනිසාඅ අසුනක හරිබරි ගැසී වාඩිවී පාඩුවේ මල් මිටක් නෙලාගත්තේ කාලයේ උපරිම ප්‍රයෝජනය ලබා ගනිමිනි.
හරියටම විනාඩි විස්සකට පසු මනෝජ් අයියා බසයට ගොඩවී රියදුරු අසුනේ තැන්පත් විය. මං දන්නා තරමින් මනෝජ් අයියාගේ බසයේ "සෙට්" එක ඔන් නොකර එන්ජිම පණගැන්විය නොහැක! එනිසා එන්ජිම පණගැන්වීමටනම් ඊටත් පළමුව "සෙට්" එක දමා ශබ්ධ පූජාව පැවත්විය යුතුය. එතැන් සිට ඔහුගේ සබ්වූෆර් වලින් නිකුත් වන අති රමණීය කර්ණ රසායනයක් බඳු වූ සුමිහිරි සුගායනයන්ට සවන් දීමට මා හට විනාඩි හතලිහක වටිනා කාලපරිච්ඡේදයක් හිමි වේ. ශ්‍රවණ සංවේදනා වලට පමණක් අපව සිරගත කිරීමට තරම් අකාරුණික නොවන මනෝජ් අයියා අපට දෘෂ්‍ය රසයද ලබා දීම වෙනුවෙන් රූපවාහිනියක්ද බසය තුල සවිකොට ඇත්තේ අප කෙරෙහිම වූ අනුකම්පාවෙනි.
එනිසා මෙම ගීත වල උපරිම රසය අපිට ලබාදීමට එම අසරණ ගායකයන් ස්කිනි ඇඳගෙන වේදිකාව මත මායම් වූ කපුවන් මෙන් දුවමින් දහදිය පෙරාගෙන කන කට්ට ඇස් දෙකටම දැක ගැනීමේ අවස්ථාවද අපට නොඅඩුව ලැබේ. කෙසේ හෝ අවසානයේ මෙම සුගායනයන්ගේ රසය කෙතරම්ද යත් විනාඩි හතලිහක පමණ වෙහෙසකර බස් ගමනකට පසු හිසරදය සමඟ එන ඔක්කාරයට ඔන්න මෙන්න අවස්ථාවේදී මම යන්තම් බසයෙන් බැස ගනිමි.
මා මේ ඔබට පැවසූයේ මාගේ දෛනික බස් ගමනේ සාමාන්‍ය ස්ව්භාවයයි. නමුත් ඊයේ දින මෙහි කිසියම් වරදක් සිදු වූ බව පෙනෙන්නට තිබුනි. ඊයේද සුපුරුදු ලෙසම හවස 6.20ට බසය පිටත් වීමට සූදානම් වූ අතර, සුපුරුදු ලෙසම යකඩ කටටද ජීවය ලැබුනි. එහි රසය විඳීමට සූදානමින් මං තදින් දෑස් පියාගෙන පුලුන් ගසාගත නොහැකි හෙයින් ශබ්ධ තරංගයන්ගෙන් තොර වූ මගේ හෙඩ් සෙට් එකෙහි ඇබ දෙක කනේ ගසා ගත්තෙමි. නමුදු මා විස්මයට පත් කරමින් මට අසන්නට ලැබුනේ අපූරු ගීතයකි. ඇත්තෙන්ම එයනම් කතරට දිය බිඳක්ම විය.
"පුන් සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ
රන්කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවද
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ
රන්කඳ තාම පැල් රකිනවාදෝ නිදි නැතිව..."
නමුත් එම දියදහර එලෙස ගලා ගියේ මොහොතක්ම පමණි. දයාබර මනෝජ් අයියාගේ සුරත වේගයෙන් ප්ලේයරය වෙත ඇදී ගිය අතර විග විගසින් බට්න් කිහිපයක් ඔබන ලදි. ඒත් සමඟම "අපඩ පෝඩී, පෝඩී, පෝඩී" යන හඬින් කර්ණ රසාංජලියක් බස් රථය පුරා දෙදරුම් කන්නට විය. මම නැවතත් හෙඩ්සෙට් එක තදින් කණට සවිකරගත්තෙමි. නමුදු, මොහොතකින් මම බස් රථයෙන් බොහෝ දුරක් ඉගිල ගියේ අතීතයේ සොඳුරු මතකයන් ගොන්නක් වෙතටයි. මාව මොහොතකට සීත ගඟුලක් වෙත රැගෙන ගිය ඒ ගීය සවන් වැකෙන හැම මොහොතකම මම වසර ගනනාවක් ආපස්සට ගමන් කරන අතර මා ගොස් නවතිනුයේ සොඳුරු මිතුරන් තිදෙනෙකුගෙන් සමන්විත වූ බෝඩිං කාමරයකයි. මේ මොහොතේද මම ඒ සොඳුරු ඉසව්වට සැනකින් පියමැන්නෙමි. ඒ මෙම ගීතය මගේ සිතින් නොමැකෙන ලෙස සනිටුහන් කල අපේ බෝඩිං කාමරයයි.
ඒ දෙසැම්බර් මාසයේ එක් වැහිබර හීතල හැන්දෑවකි. සිහින් පොදක් සමඟින් අපි බෝඩිං කාමරයට පිවිසුනේ හවස හය හමාරට පමණි. සුරතේ තිබූ පොත් කිහිපය මේසයට විසිකල අපි ඉක්මනින් නාගෙන පැමිණියේ බදුලු සීතල කපාගෙන යන උණුසුම් ඉඟුරු තේ එකක්ද සුරතින් රැගෙනය. පුටු ඇන්දේ නවා දමා තිබූ උදාරයාගෙ ඩෙනිම ගුලිකොට ඇඳට වීසිකල මම පුටුව අනිත් පැත්ත හරවා කකුල් දෙපැත්තට දමා එහි උනෙමි. ඒ වෙනවිටත් ඇඳ වියලට බරවී තේක බොමින් පොතක් දෙස බලා සිටි ලකියා මං වීසිකල ඩෙනිම ගෙන දොර මුල්ලට වීසි කරන විට ඉතා මනරම් වාග් මාලාවකින් අප දෙදෙනාටම සංග්‍රහ කල උදාර ඩෙනිම රැගෙන කාමරය හරහා ගැටගසා තිබූ රෙදි වැලට දැම්මේය.
"අඩේ දාපන්කො බං සිංදුවක්" මම කීවෙමි.
උදාරයා උගේ ෆෝන් එක ගෙන ගීතයක් ප්ලේ කොට එය මේසය මතට වීසි කලේය.
එය මා ඇළුම් කල ගීතයක් විය. කෙසේ වුවද උදාර ගීත විචාරය පටන්ගත්තේය.
"බලහංකො බං මේකි කියන කතාව, ඒකිගෙ මල්නම් පිපිලලු. ඒත් ගෙඩි නෑලු. ඕකිට ගෙඩි හදල දෙන්නනම් පුලුවන්...."
ඔහු එසේ කීවේ ගීතයේ "මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට.." යන කොටසටයි.
මමද හූ මිටි තියමින් උගේ කතාවට පෝර දැම්මෙමි.
"ඒ ඕක නවත්තපං බං." ලකියා එසේ කීවිට අප පුදුම වූයේ වෙනදට මෙවන් කතාවල පුරෝගාමිය ඔහු වන හෙයිනි. එනිසා ඌ කීව එක මායිම් නොකර අපි අපේ විචාරය දිගටම කරගෙන ගියෙමු. කටට බ්‍රේක් නැති උදාර තවත් හිරිකිත කතාවක් කියා දැම්මේය. මටද හිනාව නවත්තාගත් නොහැකි විය. අපි දෙදෙනා හඬ නගා සිනාසුනෙමු. එක්වරම සිදුවූයේ නොසිතූ දෙයකි.
'දඩාස්' හඬින් ලකියා උගේ අත තිබූ පොත පොළොවේ ගැසීය. "අඩෝ @#%තො. ඔය කතාව නවත්තගනින්." යි මහ හඬින් කෑගසමින් ඇඳෙන් පැන අප දෙදෙනා අසලට පැමිණ අප දෙස බලා හිඳ දිගු සුසුමක් හෙලීය.
"මචං ඔය සිංදුවට මොකවත් කියන්නෙපා. මං ඔය සිංදුවට ගොඩක් ආදරෙයි බං. මං විතරක් නෙවෙයි, අපේ ගම් පළාතෙ හැමෝම ඔය සිංදුවට ආදරෙයි. ඔය අපේ ගමේ කතාව බං. ඔය අපේ ගමේ හැම ගෑනියෙක්ගෙම ජීවිතේ මචං. ඔය සිංදුවේ විදියටම අද රෑටත් අපේ ගමේ එවුන් හේන් රකින්න යනව බං. ගෑනු තනියම ගෙවල්වල හූල්ලනවා. උන් උන්ගෙ තරුණ කාලෙ හේනට කුඹුරටම දියකරනවා. තමන්ගෙ අලුත බැඳපු කෙල්ල කටු මැටි ගෙදර තනියෙන් දාල මූණ ඉඹල යන කොල්ලා සමහර විට ආයෙ ගෙදර එන්නෙ නෑ. ඌට අලි ගහනවා. ඕකයි මචං අපේ ගමේ ජීවිතේ. ඒ නිසා ඔය සිංදුවෙන් කියන්නෙ අපේ ගමේ ජීවිතේ බං. අපේ කෙල්ලොන්ගෙ ජීවිතේ. අපේ කෙල්ලන්ගේ ප්‍රාර්ථනේ. ඒනිසා අපි කවුරුත් ඔය සිංදුවට ජාතික ගීයට වගේ ආදරෙයි. ඒ නිසා ප්ලීස් මචං, උඹල වෙන ඕනි සිංදුවක් බයිට් එකට ගනිල්ලා. ඒත් මේ සින්දුව ජෝක් එකකට ගන්නෙපා.
"ඒක හරියට අපේ ජීවිත ජෝක් එකකට ගත්තා වගේ. අපේ ගෑනුන්ව අපහාසෙට ලක්කෙරුව වගේ. අපේ ගමේ ඉන්නෙ හරි අහිංසක මිනිස්සු බං"
කියමින් ඔහු හිස් තේ කෝප්පයද ගෙන කාමරයෙන් පිටව ගියේය. අපි දෙදෙනාට කට උත්තර නැතිවිය. ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ අපි මූණෙන් මූණ බලා සිටියෙමු.
ලකියා නොහොත් ලක්ෂාන්, උසස් පෙළ සඳහා බදුල්ලට පැමිණියේ අම්පාරේ සිටය. එනම් දිගාමඩුල්ලේ සිටය. එනිසා ඔහු මෙම ගීතයේ සුවඳ උපරිමේට විඳගත් අයෙකු විය. ලකී වැඩිපුර සිංදු අහපු එකෙක් නෙවෙයි. උගේ පවුලේ හේන් ගොවිතැන් කරන කවුරුත් හිටියෙත් නෑ. ඒත් ඌට උගේ ගමේ සුවඳ හොඳටම දැනිල තිබුනා. ඔහු ඒ අව්‍යාජ ගැමි සුවඳට දැඩිව බැඳිලා හිටියා.නමුත් මේ ගීතයේ කතාව අපේ ජීවිතයට එච්චරම සමීප නැති නිසා අපිට ඒ සංවේදී හැඟීම ඒ දවස් වල එච්චරම දැනුන් එ නෑ.නමුත් ලකිය අපි දෙන්නටම හොඳ පාඩමක් කියල දුන්නා. එදා ඉඳන් මේ ගීතය මගේත් ගීතයක් උනා.
ගීතය ඇහෙන හැම වෙලාවකම රටේ එක් කොටසක දිවි ගෙවන මගේම අයියලා, අක්කලාගෙ, මල්ලිලා නංගිලාගේ දාඩිය සුවඳ, ඔවුන්ගේ දුක වේදනාව මටත් දැනෙන්න ගත්තා. උන් මගේම එවුන් කියල මගේ පපුවට දැනෙන්න පටන්ගත්තා. ඒ විතරක් නෙවෙයි, ගීතය ඇහෙන හැම වෙලාවකම සීතල බදුල්ලට හිත දුවල ගියා. ජීවිතේ එක් පරිච්ඡේදයක් වෙච්ච හුරුපුරුදු බෝඩිං කාමරේ උනුසුම ආයෙත් හදවතට ගෙනාව. ඔක්කොටම වඩා රත්තරං යාලුවෙක්ගෙ සංවේදී හදවතක රස්නෙ හුඟාක් ළඟින් දැනෙන්න ගත්තා.
*******************************
ඉතිං මේ මතකයන් පෙළත් එක්ක විනාඩි හතලිහක් ගෙවිල ගියා. අර මුලින් කිව්ව කර්ණාංජලිකාව මොහොතකටවත් ඇහුනෙම නෑ. කොහොමහරි බහින තැනත් ළං උනා. මං එතනින් බැහැගත්තා. බස් එක ඈතට ඇදිල යනකොට "හිත හිරිවට්ටන ඔය ලොකු ඇස්දෙක ලියාගන්න සින්නක්කර.." යැයි කිසියම් පිසාචයකු කාන්තා ඇස් දෙකක් උගුල්ලා ගලවා උගේ අතට සින්නක්කරේටම ලබාදෙන ලෙස ඉල්ලමින් කෑමොර දෙනු මගේ දෙසවනට ලාවට ඇසීයමින් තිබුනා.
මෙවන් ගීත යැයි කියාගන්නා අඳෝනා අතර ඉහතින් කී ගීතය තැබිය යුත්තේ කිනම් මළුවකදැයි ගෙදරට පයින් එනතුරුම මගේ හිත මගෙන් ප්‍රශ්න කරන්න ගත්තා.
"පුන් සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ
රන්කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවද
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ
රන්කඳ තාම පැල් රකිනවාදෝ නිදි නැතිව
නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට
රන් කඳ සේම පින්සර මාගෙ ඇතු නිදන
රන්මල් යාන හීනෙන් දකින පින පමන
තුන්පත් රෑන වේදෝ කෝම අප දෙදෙන
රන්කැටි පුතුට ඉඩ මදිවාද මගෙ යහන"
ගායනය - නිරෝෂා විරාජිනී
පද - රත්න විජේසිංහ
තනුව - ඔස්ටින් මුණසිංහ
(Pun Sanda Reta Ewidin - Nirosha Virajini)
සටහන - මනෝෂ් සඳරුවන්
දුර ගමනක් යන්න මේ පාරෙන් එන්න
ReplyDeleteඅප්පා.. ඇති මෙහෙම හරි මොනාහරි කොටන්න හිතුනා.
Deleteඒකාකාරී නොවී වෙනසක් කරනෙක හොඳයිනෙ අටම් අයියේ..
හැක් .. අටමො උඹෙත් හෙන අමුතු ටෝක්ස් බං තියෙන්නෙ .. උස්සල ගැහුවෑකි පොලවේ :D
Deleteඒකනෙ බං, කොහොමද හරිම හැඩට ළඟම නවල තියෙන විදිය. මෙහෙම බොක්කෙන්ම කියනකොට හිතට මාර ෆිට් බං.
Deleteමං උඹට දවසකුත් කියුවා මතකද , මම අහුවෙන අහුවන එකක් කියවනවා , හිතට වදින තැනක් තිබුනොත් මොනව හරි කොටනව ,
Deleteඇත්තටම කියුවොත් උඹ මෙහෙම කරන එක හොදයි .
එක එකාගේ එව්වා මොකතටද , ලියාපං උඹ ,
අනික සිනමා විචාරයක් හරි ගීත විචාරයක් හරි නැත්තං පොතක් පතක් හරි විචාරය කරනවා කියන්නේ
අනේ හරි චොයි ...චෝයිම චොයි කියන එකට නෙමෙයි ,
එකතු කරහං ඒකට මේක මෙහෙම උනානං හොදයි , මෙතන මේක තියෙන එක අවුල් ඇත්තටම කතන්දරේ මේකයි කියන එක
වැදගත්මදේ කලා නිර්මාණයක් ගැන විචාරකරන එකාට නිරිමාණයක් කිරිමේ නොහැකියාවකුත් නැ , උඹේ භාෂාව රසවත් හරවත් ඒකෙන් ප්‍රයෝජනයක් ගණින්.
උඹට තියන දැනුවත් භාවයෙන් උඹට පුළුවන් ලස්සන නිර්මාණ කරන්න
ඒ වාගෙම තමයි කවුරුවත් කාටවත් වඩා පොරවල් වෙන්නේ නැ , කාටහරි පුළුවන් මේක මෙහෙම උනානං හොදයි කියල විතරක් කියන්න , හැබැයි කාටවත් බැ කවුරුවත් කරපු කියපු දෙයක් වෙනස් කරන්න ,
කවුරුවත් පොරවල් නැ , පොරවල් වෙන්නෙත් කෛාහේ හරි හිටපු හාල් කෑල්ලක් තමා , හාල් කෑල්ලක් නං ටික කාලෙකින් හැැලෙනවා , පොරක් නං සදාකාලික මතකයක් වෙනවා
නිර්මාණකරනයට විතරක් නෙමෙයි ජීවිතයටත් ඒක එහෙම තමා
පුක විකාගන දගලල ලබාගන්න දෙයට වඩා , හිමිහිට ගෙවාගන යනකොට නිරායාසයෙන් ලැබෙන දේ පවතිනව
ජයවේවා එහෙනං.
අටම්++++++++++++++++++
Deleteඅටම් අයියගේ වචන ටික ඇතුලෙ ගන්න ගොඩක් දේවල් තියෙනවා මට. ඒ වගේම ගත්ත ගොඩක් දේවලුත් තියෙනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට ඔයත් අද මේ පෝස්ට් එකට කමෙන්ට් එකක් කොටන්න හිතුවා.
Delete\\අනේ හරි චොයි ...චෝයිම චොයි කියන එකට නෙමෙයි//
ඒක සහතික ඇත්ත. මං වේ වෙනකොට මගේම කියල විචාර 3ක් ලියල තියෙනවා. මේ හතර වෙනි එක. මේකනම් විචාරයක් නෙවෙයි සංවේදනාවක් විතරයි. හැබැයි අර කලින් ලීව තුනේම තියෙන්නෙ ඔය කීව අනේ හලි චෝයි කියනෙක තමා. ඒකට හේතුවකුත් තියෙනවා. ඒ තමා ඒ ගීත තුන මගේ කැමතිම ලිස්ට් එකේ තියෙන ගීත තුනක්. ඇත්තටම මට ඒ සිංදු තුනේ කොතනකවත් කියන්න තරම් ඇදයක් කවදාවත් හොයාගන්න පුලුවන් උනේ නෑ. මගේ ප්‍රියතම ගීත තුනක් නිසයි මං ඒවා ඉස්සෙල්ලාම විචාරය කරල දැම්මෙ.එහෙම නැතිව හැම එකටම චෝයි කීව නම් නෙවෙයි ඔන්න. මොකද මං තරම් ඇද පේන එකෙක් මටම තවම හම්බෙලා නෑ.
හිතට දැනෙන දේ ලියාගෙන යනවා. කොහොමත් දන්න කාලෙ ඉඳල ලිවීමේ හැකියාවක් නම් තිබුන තමයි. ඉතින් අටම් අයියා කියනවා වගේ මොකඛරි හැකියාවක් තියෙනවා නම් ඒක මොටකරගන්නැතිව, වැඩක් ගන්න නියම අවස්ථාවක් තමයි මේක. මං ඒකට උත්සාහ කරනවා.
මං බ්ලොග් එක පටන්ගත්තෙ කවදාවත් පොරක් වෙන්න හිතාගෙනනම් නෙවෙයි. කවුරු කොහොම මොනව කීවත් මගේ අරමුණ වුනේ, මං වගේම ගීත රසවිඳින්න කැමති උන්ට හොඳ රසාස්වාදයක් ලබා දීම. ඒ වගේම අපි වගේ තරුණ කොල්ලන්ට මේ ගීත වල වටිනාකම තේරුම් කරල දීල උන් මේ ගීත රසවිඳින්නන් බවට පත්වනවා දැකීම. ඒකයි අනුන්ගෙ විචාර ගෙනාවෙ. දෙන එකේ හොඳම දෙයක් දෙන්නෝනි නිසා. කොහොම උනත් කුරුටු ගෑ ගී පවුරෙ සාමජිකයන්ගේ බලවත් ඉල්ලීම සහ උනන්දු කිරීම මතයි මං මගේම කියල විචාර ලියන්න පටන්ගත්තෙ.
\\හිමිහිට ගෙවාගන යනකොට නිරායාසයෙන් ලැබෙන දේ පවතිනව//
ඒ කිව්වෙ ඉතාම වටිනා කතාවක්. අනිවාරෙන්ම, සෝඩා බෝතලේ කැඩුව වගේ නොවී බොහොම හෙමින් සාර්ථක ගමනක් යන එක තමයි වැදගත්. ජීවිතේට සහ නිර්මාණ වලට අත්දැකීම ලබා ගනිමින් මට ලැබෙනවට වඩා යමක් කියවන එවුන්ට ලබල දෙන්නයි මට ඕනි.
අපි බලමු අයියෙ, උත්සාහ කරල බලමු.
මුල ඉඳලම අටම් අයියා මගෙත් එක්ක හිටියා.ඒක මට ලොකු ශක්තියක් උනා. මේ බ්ලොග් එක මෙහෙම පිලිවෙලක් කරල දීපු එකම ඇති. ඔයාගේ වැඩක් වගේ කැපවීමෙන් මහන්සියෙන් ඔයා මට උදවු කලා.
අපි බලමු යමක් කරන්න. ස්තූතියි අටම් අයියට.
මේ ළඟදිත් දෙරණෙ Dell Studio වැඩසටහන නිරෝෂා විරාජිනී මහත්මිය මේ ගීතය ගොඩක් ලස්සනට ගායනා කරා..
ReplyDeleteඇත්තටම මේ ගීයෙ පදවැල් ටික ඇහෙනකොට දැනෙන හැඟීම වචනයෙන් කියන්න බෑ..!!
මේ කතාව අදටත් ඈත දුෂ්කර ගම්වලට පොදුයි.. ගීයෙ පටන් ගැන්මෙ ඉඳං ඉවර වෙනකංම තියෙන්නෙ අපූරු ශෝකාන්තයක්.. ඉස්සර ඉඳංම මාත් ගොඩක් ආස ගීයක්.. ඒ හැඟීම ආයි හදවතට ආව මේ පෝස්ට් එකෙං..
ස්තූතියි මනෝෂ්..
නිරෝෂා විරාජිනී මහත්මියගෙ මුල් කාලීන ගීත අතට තියෙන ඉස්තරම්ම ගීයක් මේක. එතුමියගේ ලාබාල කටහඬ් මේ ගීතය පුරාම තියෙනවා. ඒ ස්වරය ගීතයට ආබරණයක් වෙලා තියෙනවා.
Deleteස්තූතියි සංචාරකයො මේ පැත්තෙ සංචාරය කලාට.
හුඟක් හිතට දැනෙන අපූරු ගීතයක්.. පොඩි කාලේ ඉදන්ම වගේ නිතරම ඇහුන ගීයක්.. ගීයට කලින් තියෙන කතාවත් වෙනදා වගේම ලස්සනයි මනෝෂ්..
ReplyDeleteමගේ ජීවිතෙත් රසය නිම නොවෙන ගීතයක් මේක.
Deleteස්තූතියි දිනේෂ්..
අද ගෙනාපු වෙනස්ම පෝස්‍ටුවට මෙන්න මගෙන් උත්තමාචාරය.
ReplyDeleteඔය ගීතයේ සංවේදීම තැන "මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට" කියන තැනයි.
සිදුවීම් දෙකතුනක මතකයක් එක්ක ලියවුනු, මගේ ගී සංවේදනාවක් මචං. මට ගීත දැනුන විදියත් බෙදාගත්තනම් හොඳයි කියල හිතුනා.
Deleteගීතයේ ඒ කොටස වගේම, "තුන්පත් රෑන වේදෝ කෝම අප දෙදෙන.." කියන කොටසත් ඉතාම සංවේදීව දැනෙනවා මචං.
ඕ යේස් ප්‍රියා ..
Deleteමේ වෙනසට අපි කැමතියි !!
හෙහ් හෙහ්..වෙනසේ පුරෝගාමියා....
Deleteඅනිවා බං. පොඩි වෙනසක් කරාම අමුතු මේකක් එනවා.
Deleteඇත්තටම හදවතට දැනෙන ගීතයක්, ඔය සින්දුවට මමත් ආස හේනක් පාලක රා ඉඳලා තියෙන නිසා, ඒ මිනිස්සු විඳින දුක් කරදරත් එක්ක ඒ මිනිස්සුන්ගේ ගෑනු මහා රෑ යාමේ හූල්ල් හූල්ල් තමා ඉන්නේ, මනුස්ස ළඟ හිටියොත් හෙන ඉවරයි අලි ගහලා, ඉතින් කළා හමාරයි, මනුස්සයා හේනට ගියොත් ගෙට එනකං නිනව්වක් නෑ, දෙගිඩියාවෙන් ගෙවන සරල ජීවිත, පි මොන තරම් විකාර අසාවල් පස්සෙද දුවන්නේ කියලා හිතෙනවා, අර යාලුවාගේ මැදිහත් වීම සාදාරනයි, ඇත්තටම මේ වගේ ගීතයක් බයිට් එකට ගන්න බෑ ඒ ගැන දැනුනු කෙනෙකුට, විචාරය හොඳයි අර යාලුවාගේ කතාවත් එක්ක එක හරි අපුරුවට ගලාගෙන ගියා. පරීක්ෂණ වලට නිරීක්ෂණ ඔන්න. :D.
ReplyDeleteකියන්න අමතක උනා රත්න ශ්‍රී මහත්තයා සගවපු වදන් වල අරුත ඔබ ටිකක් ඉදිරි පත් කලානම් මේ විචාරය මීට වඩා සාර්ථක වෙයි කියලා හිතෙනවා, මොකද මතුපිටින් කියවෙන දෙ නෙවෙයි සැඟවුණු අරුත. උපමා උපමේයයන් භාවිතයේ ඔහුට තියෙන සුවිශිෂ්ට හැකියාව තමා ඔය. යේ ඉතින් මේ වගේ සින්දු නව පරපුරෙන් ලියවුනොත් එදාට බස්නාහිරින් ඉර පායයි. මොකද බෂා ඤාණයක් නැතිව ඔහේ සවුන්ඩ් ට්‍රක් එකක් හදලා එකේ පිටි කොටන බීට් එකට ගැලපෙන්න වචන දාන යුගයක ගීයක පද වලට තනු බිහිවෙන්නේ හරිම කලාතුරකින්. මම ඔබෙන් මේ කොට වල විචාරය බලා පොරොත්තු උනා.
Delete//නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට
රන් කඳ සේම පින්සර මාගෙ ඇතු නිදන
රන්මල් යාන හීනෙන් දකින පින පමන
තුන්පත් රෑන වේදෝ කෝම අප දෙදෙන
රන්කැටි පුතුට ඉඩ මදිවාද මගෙ යහන"//
කොහොම හරි වැඩේට ස්තුති. ජය.
සහතික ඇත්ත. ඇත්තටම අපි මොනතරම් විකාර දේවල් පස්සෙද ජීවිතේ හොයාගෙන දුවන්නෙ. මහපොලොවෙ පයගහල ඉන්න මේ සැබෑ මිනිස් ජීවිත එක්ක බලපුවාම අපි ගෙවන්නෙ මොනතරම් සුරංගනා ජීවිතද.
Deleteරත්නශ්‍රී විජේසිංහයන්ගෙ පද මාලාවන් ගැන ඉතින් ආයෙ කතාකරන්න ඇදයක් කුදයක් ඉතිරිවෙන්නෙ නෑනෙ. ඒ තරම්ම විශිෂ්ඨයි. ඇත්තටම සොමියො මං මේ ගීතය ගැන විචාරයක් නොලිව්වෙ හිතා මතාමයි. මේ සිද්ධියට පස්සෙ විචාරය වෙනම දානන හිතුවත් ටිකක් ලියාගෙනත් ගිහින් ඒ ටික මකල දාල පෝස්ට් එක පබ්ලිශ් කලා.
මොකද ගීත විචාරයන්ගෙන් ටිකක් අපේ කට්ටිය වෙහෙසෙට පත්වෙලා වග මට තේරිලා තිබුන නිසා. නමුත් මේ ගීතයේ තියෙන භාශා භාවිතය, උපමා රූපක සහ අව්‍යාජ ගැමි වහර දකින විට මගේ හිත බලකරන්නෙම විචාරයක් ලියන්න කියලයි. නමුත් ගීත විචාරයක් ඉහත භාශා ශෛලියෙන්ම මට ලියන්න කොහෙත්ම බෑ. ඒනිසා ඒ අදහස අමාරුවෙන් උනත් යටපත් කරගෙන ගීත විචාරයක් වෙනුවට ගී සංවේදනාවකින් ලිවීම නතර කලා. ඒත් ඉදිරි දිනෙක මෙහි විචාරය ලියල දාන්න මං තාමත් බලාපොරොත්තු වෙනවා. හැබැයි ලියනවානම් මුලු ගීතයම වචනයක් ගානෙ පතුරු ගහන්න වෙනා මට. එහෙම නැතිව ලියන්න හරි අමාරුයි මට.
වර්ථමාන පරපුරෙත් මෙවැනි ගී පද රචකයන් නැතිව නෙවෙයි සොමී. නමුත් උන්ට ඉහලට ඉස්මතුවෙන්න මේ කාලකන්නි ජනමාධ්‍ය කිසිම උදව්වක් දෙන්නෙ නෑ. උන් තමන්ගෙ ආර්ථික අරමුණු වෙනුවෙන් උඩට ගන්න ගීත සාහිත්‍යයේ අරුමය තමා මං ඔය උඩින් මගේ බස් ගමනෙ අත්දැකීමකින් කීවෙ. මේ පරපුරේ මවෙන් ගී පද රචකයෙකු ලෙස කැත නැතිව හඳුන්වන්න පුලුවන් උදාරණය තමා රජීව් වසන්ත වෙල්ගම. ඔහුගේ මේ තරම් සියුමැලිද කළුගල් පද රචනය ඇත්තටම අසම සමයි. ඒ තුල තියෙන භාශා භාවිතය සහ සාහිත්‍යමය වටිනාකම රත්නශ්‍රී කිවියනුත් පරදවන තරමට ප්‍රබලයි. ඇත්තටම ඔහු රත්නශ්‍රී ගුරුපියාණන්ගෙ ගෝලයෙක්.
පරීක්ශනයේ ඔබගේ නිරීක්ශන වලින් මං නිගමන ලබාගන්නවා. ඇත්තටම ස්තූතියි..
Deleteඅඩේ එහෙනං මන් බලන් ඉන්නේ හරිය එක දානකන්.
Deleteඔන්න මචං යටින් හිම පියල්ලෙ හරිම අපූරුවට විචාරය කරල තියෙනවා. කියවල බැලුවනම්.
Deleteලොකු දේවල් ගණනාවක් කෙටියෙන් කියන්නම්.නැත්නම් දික් වෙන හින්දා.මෙතන හඳ ගැන කියවෙන්නේ හේනේ කලුව බිඳින්න ආපු විදිහට.ඇත්තටම පෙම්වතුන්ට වගේම විවාහ වෙච්ච අයටත් සඳ කියන්නේ හරිම ආදරණීය දෙයක්.ඒත් මෙතනදි ඒක පාලුවේ සංකේතයක් වෙලා.මොකද තමන්ගේ ආදරය තමන්ට නොලැබෙන හින්දා.රන්වන් ඉරිඟු රන්කෙඳි කියන්නේ මේ මිනිස්සුන්ගේ එකම ධනය ඒක හින්දා (අස්වැන්න)ඒත් ආදරයෙන් හිත වේලෙන මේ යුවතියගේ ධනය වෙන්නේ තමන්ගේ ස්වාමියා.(රන්කඳ)
ReplyDeleteඑතකොට ඇයි මේ යුවතිය පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතන්නේ?හේතුව තමන්ගේ ස්වාමියා සිටියා නම් ඇය මේ වෙලේ මේ ලස්සන බල බල පෙම් කවි මුමුනන්න තිබුනා.නැත්නම් ඒ අසිරිය බලමින් දෙන්නට මෙවුන්දම් විඳින්න තිබුනා.ඒත් ඇයට එය අහිමියි.ඒක දුකයි මේ කියන්නේ.අනික මේ ගිරවා කියන්නේ අනංගයාගේ වාහනය,ගිරවුන්ට එන්න එපා කියන්නේ ඇයගේ ආදරය වේලී යන නිසා.
මේ ඇතු කියන්නේ අර සිදුහත් කුමරා සුදු ඇත් පැටියෙක් විදිහට ආපු කතාව.අන්තිමට කියන්නේ දුප්පත්කම හමුවේ ඇයට නැත්නම් ආර්ථිකය පස්සේ යාම නිසා ඇයට දරු සිඟිත්තෙක් නොලැබේද කියන එක.ගීතයේ අන්තිම පදය නම් අද ලංකාවේ කොළඹ කියන නගරයටත් වලංගුයි.ඒත් එතනදි ස්ත්‍රී පුරුෂ දෙදෙනාම වෘත්තීය දිවියේ හැල්මේ දිවීමක් තියෙන්නේ.ඒකීය දිවීමක් නෙවෙයි.
අම්මේ කියල වැඩක් නෑ, අම්මප පිං සිද්ධ වෙනවා හිම පියල්ලට. ඔය තියෙන්නෙ අගේ ඇති විචාරයක්. ඉතාම කෙටියෙන්, නමුත් සර්ව සම්පූර්ණව. මං ඕක කරන්න ගියානම් ඔයවගේ හය හත් ගුණයක් ලියන්න වෙනවා. ඇත්තටම හරිම කදිම විචාරයක් මේ.
Deleteහිම පියල්ලට දැනෙන විදියට, ඔය සිංදුවේ අර තැනක් තියෙනවනේ, "මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට-මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට" මේ කියන්නෙ, මෙහෙම තනිවෙලා ඉන්න මේ ගෑනු කෙනා ළඟට යම් යම් වැරදි වැටහීම ඇතිව අයුතු ප්‍රයෝජන ගන්න සල්ලාලයො එයි කියන බයට වෙන්න බැරිද? මල් පිපුණාට කියන්නෙ, එයා කරකාර බැඳල ඉන්නව කියනෙක නෙවෙයිද? ඊළඟට ගෙඩි නැති බවෙන් කියන්නෙ, බැන්දට තාම දරුවො නෑ කියනෙක නෙවෙයිද?
මට හිතෙන්නෙ මචෝ මෙතන කියවෙන්නෙ දවල්ට හේනෙ වැඩට යන සැමියා රෑට පැල් රකින්න යනවා.. ඉතින් කොහොමද මෙව්ව වෙන්නෙ.. අන්න එහෙම කියලා
Deleteඅන්න හරි. ඉතින් මේ අහිංසකී වේලෙනවා. හැබැයි වෙලාවට තමයි උඹල වගේ අහිංසකයො ඒ පැත්තෙ නැත්තෙ!!! බැරිවෙලාවත් හිටියත් පැත්ත පළාතට එන්නෙපා කියල තමයි මේ කියන්නෙ.
Deleteඒ යෙදුම ඒ කියන්නේ මී අඹ කන්න ගිරවුන්ට එන්න එපා කියන එක මුලින්ම ඇහුවම මටත් ඒක හිතුනා.ගැටළුව මල් පිපෙන්නේ ගෙඩි හැදෙන්න.ඒ කියන්නේ ගෙඩි හැදුනාම එන්න කියන අදහසක් මේකේ තියෙනවා.මං ඒක ගැන ගොඩක් කියන්න ගියෙ නැත්තේ මේක හරි වෙව්ලුම් කවන මතයක් වෙන හින්දා.සාමාන්‍යයෙන් සමහර ගෑනු, තමන් අනියම් සම්බන්ධයක පැටෙලෙන එක වළක්වන්න දරුවෙක් හදාගෙන තමන් දැන් මවක් කියලා හිතා ගන්නවා.එතකොට නම් මේ එන ගිරවු කියන්නේ සල්ලාලයෝ කියලා කියන්න පුළුවන්.මේ යුවතිය ඉන්නේ වැට උඩ.තමන්ට මෙවුන්දම් යෙදීමේ ආසාව වර්ධනය වෙනවා.ඒකයි මල් පිපෙන්නේ.ඒත් තාම ඒක අනුන් හා එක්ව විඳීමේ තත්ත්වයට ඇවිල්ලා නෑ.ඒත් තවම නෑ.ඉදිරියේදී වෙන්නත් බැරි නෑ.අවසානයේදී දරුවෙක් ගැන කියන්නේ එක පැත්තකින් දරුවෙක් ගැන හිතලා හෝ තමන් ගාවට එන්න කියලා හා තමන්ට එන ඇරයුම් වලින් බේරීමට කියන අදහසත් එනවා.(මේ අන්තර්ජංජාලයේ ජරමරයක්,මේක කොහොම වැටෙයිද දන්නේ නෑ)
Deleteඇඟ හිරිවැටෙනවා අරූ අයියේ. එතකොට මේ යුවතිය කියන්නෙ, තාම දරුවෙක් නෑ, ඒනිසා දැන්ම එන්නෙපා, ළමෙක් එහෙම හම්බුනාම මං තවදුරටත් නෑඹුල් නෑ. ඒ කාලෙටෙ එන්න කියල වගේ නේද? මේක ඊට වඩා දිගාරින්න ගියොත් නම් ජංජාලයක් වෙනවා.
Deleteජාලෙ අවුලක් පේන්නෑ අයියේ. කමෙන්ට් එක ගානට වැටිල තියෙනවා.
/////ඇඟ හිරිවැටෙනවා අරූ අයියේ////////
Deleteඇඟ හිරි වැටෙනවා අමුතු සිතුවිලි......කියලා නිවැරදි කරපන්. අමුතු සිතුවිලිගේ අදහස හරි ශෝක්!!
හුටා! වැරදිලා නේන්නං.
Deleteහිම පියල්ලේ සමාවෙන්නෝනි. පොඩි ටැපලවිල්ලක් වෙලා. මේ වර්ඩ් ප්‍රෙස් කාරයෝ දෙන්නගෙම තියෙන්නෙ දකුණට කැරකුණු ඊතලනෙ.
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ.
ReplyDeleteආයේ වෙන මොනවත් කියන්න ඕන නෑ. රත්න ශ්‍රී මහත්මයාගේ ගීත වල මතුපිටින් නොපෙනන ගඹුරු අරුතක් තියෙනවා. මම මේ මෑතකදි ශාන්තිනි සිංදුවේ කතාව ලිව්වා. ඒකත් රත්නශ්‍රි මහත්මයාගේ..
ජාතියෙ අවාසනාවටද මන්දා ම්නිස්සුන්ගේ රසඥතාව සෑහෙන මොට කරලා තියෙන්නේ. ඔහේ එක විදිහක වචන සෙට් එකකින් දමලා ගහන ගීත තියෙන්නේ.
\\මම මේ මෑතකදි ශාන්තිනි සිංදුවේ කතාව ලිව්වා//
Deleteහැක් හැක්.. ඒකනම් හරි නෑ අප්පා.. මාත් ඔය කතාව ලියන්න හිතාගෙනනෙ හිටියෙ. රත්න ශ්‍රී මහත්මයා බදුල්ලෙ දේශනයකට ආව වෙලාවක ඔය කතාව කිව්වා.
මට ආසයි බං උඹ ලියපු එක කියවන්න, ඉඳිං මං හොයාගන්නම්කො එහෙට ඇවිත්.
ජාතියේ අවාසනාවට ඒ කාලකණ්නි වැඩේ කරල තියෙන්නෙ විද්‍යුත් මාධ්‍ය ටික තමයි. උන් තමා මිනිසුන්ගේ රස වින්දනය මොට කරල තියෙන්නෙ.
Deleteතමන්ගෙම දෙයක් ලියන එක තමා වටින්නේ. පුළුවන් තරම් අළුත් ගීත වලට විචාර ලියන්න. සම්බාව්‍ය වෙන්නම යන්න එපා. එතකොට රැඳෙන්නේ සුළු පිරිසක්. ඒ අයත් නොම්බර එකේ ආත්ම වංචාකාරයෝ.
ReplyDeleteහෙහ් හෙහ් මාතෙයෝ .. උඹේ කට තමයි බං කට :D
Deleteමගේ විචාර තුනක්ම මීට කලිනුත් ලිව්ව අයියා. මං ලියපුව එච්චරටම බරද. අනේ මංද මට හිතාගන්න බෑ. ඔන්න ඔහෙ හිතෙන ඒවම තමා ලිව්වෙ. අනික ඒ ගීත තුනටම මීට කලින් කොහේවත්ම විචාරයක් හම්බෙලා තිබුනෙත් නෑ මට. කොහොම උනත් ඔය උපදෙස් ටික පත්තර මලෙත් කතාකරන හැම වෙලාවකම කිව්වා. ඉතින් ඒකයි මෙවර මෙහෙම එකක් ලිව්වෙ.
Delete\\ඒ අයත් නොම්බර එකේ ආත්ම වංචාකාරයෝ.//
අප්පා.. සෑහෙන්න හිතන්න යමක් ඉතුරුකරපු ප්‍රකාසයක්. ඒ උනාට මේක මෙහෙම උනත් මං කැමතිම නෑ හිතන්න එහෙම.
බලහංකො පත්තරයො, මගේ අහිංසක පාඨක ජනතාවට කිව්ව කතාව.
Deleteහැක්.. අපි මාතෙයට ආදරේ ඔන්න ඕකනෙ බං මනෝ :D ඇඹරිලා යනවා බොල
Deleteඇඹරිලා ගියපාර මං මේ තාම දඟලන්නෙ දිගඇරෙන්න ආපහු.
Deleteඅපිත් දිගාමඬුල්ලට ලගම තමයි ඈ ....මිල්ටන් මල්ලවාඅරච්චි හා නිරෝෂා විරාජිනි යන දෙන්නා ගේම සිංදු වලට ලොකු කැමැත්තක් නෑ ,උඩ කතාව එල .....
ReplyDeleteනිරෝෂා විරාජිනීගෙ හැම සිංදුවකටම මාත් කැමති නෑ. ඒත් මේක නම්...
Deleteඅපිත් එහෙට ළඟයි ඈ..
මොනවා කියන්නද මිත්‍රයා .. වැටිල තියන කමෙන්ට් ටික බලපන් .. අපි වෙනුවෙන් මේ වගේ වෙනස් දේවලුත් ලියපං මස්සිනේ..
ReplyDeleteපුන්සඳ රෑට එකේ මියුසික් වීඩියෝ එකක් ඉස්සර ගියා නේද අර දුකා මීහරක් රැලක් එහෙම දක්කන ,යංතන් මතකයි... මචං මේ සිංදුවෙන් කියවෙන්නෙ උඩ කිව්ව වගෙ වැඩිහරියක්ම තරුණ ගෙවිලියකගෙ ශෝකාලාපය..ඊට යටින් ඇගේ ලිංගික අවශ්‍යතාව සපුරාගැනීමට නොහැකිවීම ගැනත් ලොකු පරාසයක් රචකයා වෙන් කරනවා.. හරි ආස අපූරු සිංදුවක් නිරෝශගෙ මිහිරි හඬින් ගැයෙන.. සංතෝශයි මචන්.
//අපි වෙනුවෙන් මේ වගේ වෙනස් දේවලුත් ලියපං මස්සිනේ..// අන්න ඒක තමා.
Deleteඅනික උඹ එක පාරක් ලිව්වා වගේ සිංදු වල නිධාන කතාව ගොඩ අරගෙන ඒකෙන් කතා ටිකක් ගොතහන්.
පත්තරේ මේකෙ පුරෝගාමියා ඉතින් උඹ තමා. උඹ මේ අයිඩියා එක මගෙ ඔලුවට අතෑරියෙ නැත්නම් ජීවිතේට ලියන්නෙ නෑ මෙහෙම. ඒ විෂුවල් එකනම් මං බලල නෑ මචං. අර කීව කතාවනම් හරියටම හරි. ඇගේ මානසික වගේම කායික අවශ්‍යතාවන් ඉතාම මැනවින් නමුත් සංයමයෙන් අපූරුවට ගලපල තියෙනවා. ඔය ටික අමුවෙන් කියන්න ගිහිල්ල නොවැ බෝඩිමේදී අරූගෙන් අර ටික අහගත්තෙත්.
Deleteඉතින් උඹට හද පිරෙන්න ස්තූතියි මචං.
ප්‍රියේ...
Deleteඉල්ලුමට සැපයුම..
ගී නිධාන කතා තව ගේන්නම්කො.
මට මොන ස්තූතියක්ද මචෝ ..උඹ ලියල මට ස්තූති කරන්නෙ අහවල් එකටද ,, හැක්..
Deleteඔන්න ඔහොම කලවමේ යමං අපිත් ආසයි !!!
මං ලියන විකාර මෙහෙම කියවනවටයි බං ස්තූතිය. ඔන්න කලවමේ හරී.. මොනා කීවත් මට අර ගතියෙන් මිදෙන්න ටිකක් අමාරුයි බං.
Deleteඅපි නොදන්නවෑ :D
Deleteසුපිරි.... ඇත්තටම මේ සින්දුව මෙච්චරකල් ඇහුවට මේකෙ කතාව හොයන්න මන් උත්සහ කලෙ නෑ.මියුසික් එක ලස්සන නිසා අහගෙන හිටියට..අද තමා හරියටම ඇහුවේ.. නියමයි.. ස්තූති මේ වගේ ලස්සන සින්දුවක් ලග නතර කලාට..
ReplyDeleteඇත්තටම ඔබේ කමෙන්ට්ටුව හරිම සිත්ගන්නා සුළුයි. ඔයා අහපු නැති, ඇහුවත් තේරුම දැනගෙන නොහිටි ගොඩක් සිංදු ගැන මේ බ්ලොග් එක පුරාම ඇති. නිදහස් වෙලාවට ඇවිත් කියවල යන්න.
Deleteඔන්න මගෙත් ප්‍රණාමය මාත් හරි ආශා කරන සිංදුවක් අද වගේ මතකයි මට කැටවල හාමුදුරුවො සිංහල පන්තියෙදි ඔකෙ තේරුම කියලා දෙනවා
ReplyDeleteනාට්‍යකාරයාව ඉතාම සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට. මතකය ඉතාම සොඳුරුයි.. අකැමැත්තක් නැත්නම් හාමුදුරුවො ඔබට කියල දුන්නු තේරුම බෙදාගමුකො අපිත්තෙක්ක..
Deleteම්... අද සෑහෙන වෙනසක්...
ReplyDeleteපොඩි නාලෙ අක්ක නිරෝෂගෙ සිංදු අහනව... ඕකට මං හෙන ආසයි... තේරුමක් නැතත් ඒ දවස් වලග මගෙ ජාතික ගීය වෙලා තිබ්බෙ ඕක...
ඇත්තට දැනුවත්ව හෝ නොදැනිවත්ව කෙනෙක්ගෙ හැගීම් රිදවන එක ඇත්තටම අමිහිරි අත්දැකීමක් මනෝෂ්... මට ඒ අත්දැකීම ළගින්ම තියනව
වෙනස ගැන මොකද හිතෙන්නෙ මහේෂ්?
Deleteඔය සිංදුවට මටත් ඔය විදියෙම අතීතයක් තිබුනා. ඒකයි පොඩිකාලෙ ඉඳලම මාත් ආසකලේ.
අර අන්තිමට කීව කාරණේ ගැන නම් මටත් ඉතාම සංවේදී අත්දැකීම් දෙක තුනක් තියෙනවා. මේ ඉන් එකක්.
මනෝෂ්......මම පෞද්ගලිකව මේ ස්ටයිල් එකට කැමතියි. මේ වෙනස බොහෝ දෙනෙකුට පහසු වෙයි ගීතය හඳුණාගන්න. &*()£$% නම් නැතිවුනත් කමක් නැහැ. ඒක උඹේ වැඩක්.
ReplyDeleteමේ ගීතය මුලින්ම අහන කෙනෙකුට අමුතු විදිහට හිතෙන එක වලක්වන්න බැහැ, ඒ අත්දැකීම් ගැන හිතාගන්න බැරිනම්. ඉතාමත් රසවත් ගීතයක්.
මට මෙහෙමත් හිතුනා මනෝෂ්..(මම හිතෙන දේ කියනවා..වරදවා හිතන්න එපා) අද උඹ ගීතයේ පදවැලට අතවත් නොතියා විචාරයක් කරලා. ඒක කරන්න පුළුවන් පදමාලාව සැහැල්ලු නම් පමණයිද?
ඔස්ටින් මුණසිංහයන්වත් අපි නිසි අගැයීමකට ලක් නොකල බවයි මගේ මතය.
ඒක මටත් දැනුනා අරූ අයියෙ. ඒත් මේ ක්‍රමේ මගේ හිතට එකඟනම් නැහැ. ඒක සමහර විට මගේ අවුලක් වෙන්න පුලුවන්. මොකද මට මේ ක්‍රමේට ලියපු විචාරයකින් කවදාවත් ගීතයක් ගැන හැඟීමක් ඇතිකරන්න බෑ. ඒකයි මට ධම්මික බංඩාර මහත්මයාගෙ ගීත විචාර බොක්කටම දැනුනෙ.
Deleteඅනේ අරූ අයියෙ, ඇත්තමයි මං මේකට මේ ලිව්වෙ විචාරයක් නම් නෙවෙයි, වරදවා වටහගන්නෙපා.මං මේ ලිව්වෙ මේ සිංදුව මට "හිට්" වෙච්ච විදිය. ඒක නිකං කතාවක් විතරයි. මගේම බාසාවෙන් කිව්වොත් ගී සංවේදනාවක්.
ඔබ කිව්ව හරි. ඔස්ටින් මුණසිංහ කියන්නෙත් අපේ සමාජය තුල, අපේ කලාව තුල නිසි ඇගයීමකට ලක් නොවිච්ච සැඟවී යන තාරකාවක්. අපිවත් ඉදිරියේදි හරි ඔහු ගැන කතාකරමු.
ස්තූතියි.
ReplyDeleteඔබ මේ ගීතයට අදාලව ඔබේ අත්දැකීම ලියා ඇති විදිය අපූරුයි. මං හිතන්නේ මෙහෙම දේවල් තමයි ලියන්න ඕනෑ!
ReplyDeleteමුහුදුකරයේ බිරින්දෑ ලා ගේ කතාවත් ඉස්සර කාලේ මීටත් වඩා දුක්බරයි. එතැන මරණයත් එක්ක සටනක් නිසා!
Gmail එකේ Inbox Social Tab එකේ කතන්දර කියල දැක්කම මං ආයෙත් ඇස් පිහදල බැලුවෙ මට වැරදිලාවත්ද කියල. කොච්චර කාලෙකට පස්සෙද මේ පැත්තට ආවෙ. හරියටම මාර්තු 11 ආවට පස්සෙ.
Deleteඔබව නැවතත් සාදරයෙන් පිළිගන්නවා කතන්දර.
ලිපිය පිළිබඳ දුන් වටිනාකමට ඔබට මගේ උත්තමාචාරය. ඇත්තටම ගොඩක් ස්තූතියි.
මූදුකරේ ඉන්න ධීවර බිරින්දෑ වරුන්ගෙ ජීවිතෙත් නේ වගේම තමයි. ඒ ගැනත් ගොඩක් ගීත ලියවිලත් තියෙනවනෙ. සාගර පල්ං සූරියගෙ ධීවරී ගීතයම මදෑ. ඒක කියවනකොට ඒ දුක ගැන හොඳටම තේරෙනවා.
Ade man blog ekakath innawa... patta patta macho... digatama karagena yanna wish karanawa.. maru mare maru mal hathay...melo rahak nathi opadupa karayanta wada istharamma ekak manosh...
ReplyDeleteMeeta mama....|
Lakiya (lakshan)
Ade man blog ekakath innawa... patta patta macho... digatama karagena yanna wish karanawa.. maru mare maru mal hathay...melo rahak nathi opadupa karayanta wada istharamma ekak manosh...
ReplyDeleteMeeta mama....|
Lakiya (lakshan)