Pages

Sandumal

Sandumal

Monday, December 14, 2015

•පැන මඩ කඩිති

"සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ"







ඉස්සර ඉස්කෝලෙ යනකාලෙ, මට අමාරුම පාඩම උනේ කුලක පාඩම. මොන හේතුවකටද මංදන්නෙ නෑ අනිත් උන් සේරටම ලේසිම පාඩමක් වෙච්ච කුලක පාඩම මට අමාරුම එක උනා. ඒ නිසා මුල ඉඳලම මං හිතන් හිටියෙ ඕලෙවල් වල ගණිත පේපරේ කුලක ගාන අත්තරින්න. හැබැයි.. කවදාවත් නොහිතපු විදියට මට කුලකත් ලේසිම පාඩමක් උනා. ඒ, අපේ අමරවර්ධන සර් අපිට උගන්නන්න පටන්ගත්තට පස්සෙ. 

ඉස්කෝලෙ හිටපු හොඳම ගණිත ගුරුවරයා වගේම ඉස්කෝලෙ ඉඳපු සැරම ගුරුවරු අතරෙ ඉහලම ස්ථානයක් හිමිකරගත්ත ගුරුවරුවරයෙක් හැටියටයි අපි සර්ව දැනගෙන හිටියෙ. හැමෝම අපිට කිව්වෙත්. ඒත්, හරියටම සර් කියන්නෙ මොනවගේ කෙනෙක්ද කියල අපි දැනගත්තෙ සර්ත් එක්ක වැඩකරන්න පටන්ගත්තට පස්සෙ. සර්ගෙන් ඉගෙනගන්න ගත්තට පස්සෙ.

අවුරුදු දහතුනක පාසැල් ජීවිතේදි මං ඕනිතරම් ගුරුවරු දැකලතියෙනවා, ඕනිතරම් ගුරුවරුන්ගෙන් ඉගෙනගෙනත් තියෙනවා. ඒත් සර් වගේ "ගුරුවරයෙක්" මට හම්බෙලා නෑ. ඇස්වහක් කටවහක් නෑ, සර්නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරයෙක්. උගන්නන්න ඒ වගේ හැකියාවක් තියෙන මනුස්සයෙක්.. මටනම් හිතාගන්නවත් බෑ. ඕනිම ගොං මැටිමෝලක් සර් එක පැයෙන්, එක පාඩමෙන් ඔපදාල හැඩකරල ගනී සරස්වතී පිළිරුවක් වගේ. සර්ගෙ ජීවිතේම වෙලා තිබුනෙ උගන්නන එක. දහසක් දෙනාගෙ ඇස් පාදන එක. අනේ මංද, ඉගැන්වීම වෙනුවෙන් ඒ වගේ කැපකිරීමක් සර් කොහොම කලාද කියාල.

සර් අපිට කියල දුන්නෙ ගණිතය විතරක් නෙවෙයි, සර් අපිට ජීවිතෙත් කියල දුන්නා. සර් අපිට සර්ගෙ ජීවිතෙන් අපිට ජීවිතේට පාර පෙන්නුවා. පොත්ත දිලිසෙන ඒත් මදේ හිස්, හක්කෙ බුදු බණ බොක්කෙ දඩමස් තියෙන බොරු හරබර දේසනා වලින් නොවුනත් සර් ජීවත් වෙනගමන් අපිට ජීවත් වෙන්න ප්‍රායෝගික පොතක් උනා සර් අපිට. ගොඩක් ඉස්කෝල වල ඉන්නවා තමන්ට කරන්න තියෙන දේ හරියට නොකර,  ඒක කරනවා වෙනුවට තමන්ගෙ පෞර්ෂ්‍ය ගොඩනඟාගන්න බොරුවට ඇඩ් දාන ගුරුවරු. එක්කෝ කොල්ලෙක්ගෙ කොණ්ඩෙ අල්ලගනී, නැත්නම් කලිසමේ ඇදයක් හොයයි, එහෙම නැත්නම් සපත්තුවේ උල මනින්න හදයි, ඔය මොකක් හරි.නැත්නම් කොල්ලෙක් කෙල්ලෙක්ගෙ ලවු හුටපටයක් හරි අල්ලගෙන ඒක මත්තෙ නහී. ඒත් ඒ ගුරුවරුන්ට මතක වෙච්ච දේ තම එයාල එයාලගෙ ජොබ් එක හරියට කරල නෑ කියන එක.

ඒත් අපේ අමරවර්ධන සර්ට මේ කිසි දෙයක් එච්චර අදාල උනේ නෑ. සර්ට ඕනි උනේ වැඩ. හැමදේටම කලින් හොඳට ඉගෙන ගන්න එක. කොල්ලන්ගෙ කලිසම තියෙන තැන හොයන්න කලින් සර් හෙව්වෙ ඌට පාඩම තේරුනාද කියලා. කොල්ලන්ගෙ සපත්තුවේ උල හොයන්න කලින් සර් හෙව්වෙ උන්ගෙ පැන්සල හොඳට උල් වෙලාද කියලා. කොල්ලන්ගෙ කොණ්ඩෙ, රැවුල කපන්න කලින් සර් බැලුවෙ උන් හරියට සමච්ඡේදකේ කපලද කියලා. අන්න ඒවා හරියට නැතිකොට, සර් දුන්න ගෙදර වැඩ කෙරිල නැතිකොට, සර්ගෙ පීරියඩ් එකක් කට් කෙරුවම, අන්න එතකොටනම් සර්ට අසූ හාරදාහට මල පැන්නා. මල විද්ද කිව්වොත් වඩා නිවැරදියි.

එවැනි බොහෝ අවස්ථාවල කරාටි ඉගෙන ගෙන නැති උනත් සර්,  කොල්ලන්ගෙ පස්චාත් බාගයට සර් බැලන්ස් කරන කික් එකේ අවසන් ප්‍රතිපලය උනේ කොල්ලා ගානට පන්තියේ දොරෙන් එලියට වීසිවෙච්ච එක. අන්න එතකොටනම් සර් පට්ට සැරයි. එහෙම නැත්නම් බොහොම සුන්දර වදන් මාලාවක් සර්ගෙ මුවින් හරිම ලාලිත්‍යවත්ව නිරායාසයෙන් පිටවුනා.

සර්ට එහෙම කේන්තියන්න බොහොම සාධාරණ හේතු තිබුනා. ඇත්තටම සර්ගෙන් ඉගෙන ගන්න කිසිම එකෙක්, සර් දුන්න වැඩක් හරියට නොකර ඉන්න, සර්ගෙ ක්ලාස් එකක් කට් කරන්න, කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ. සර්ගෙ කැපවීම ඒතරම්මයි. ඒ කැපවීමට සාධාරණ වටිනාකමක් නොදෙන උන්ට අම්මප හෙන ගැහුවත් මදි. සර් කිසිම දවසක සල්ලිවලට ඉගැන්නුවේ නෑ. සර් සල්ලිවලට යටවුනෙත් න, විකිණුනෙත් නෑ. ඉස්කෝලෙ බාගෙට උගන්නලා ඉතිරි ටික කරන්න ටියුශන් එකට එන්න කිව්වෙ නෑ සර් කවදාවත්. සර් ටියුෂන් කලේ නෑ. සර්ගෙ ඒ කාලෙත්, ඒ මහන්සියත් අපි වෙනුවෙන් නොමිලෙම වැය කලා.

හැම සතියෙම අඟහරුවාදයි බදාදයි හවස දෙකේ ඉඳල පහ වෙනකල් සර් අපිට අමතර පංති කලා. සතයක්වත් නොගෙන. ඊට අමතරම හැම සෙනසුරාදම උදේ අටේ ඉඳල දොලහ වෙනකල් සර් අපිට ඉගැන්නුවා. සර්ගෙ වියදමෙන් අපිට පාස් පේපර්, ටියුට් ගහල දුන්නා. මේ කිසි දේකට සර් තඹ සතයක් අය කලේ නෑ. ඒ නිසා දුප්පත් පෝසත් හැම එකාම හොඳට ඉගෙනගත්තා. එකොළහ වසර පන්ති හයම එකට දාල අපේ ඉස්කෝලෙ පරණම හෝල් එක වෙච්ච, අපි ආදරේට දැල් හෝල් එක කියපු ශාලාවෙ සර් අපිට අමතර පන්තිකලා.

මට මතක නෑ මං සර්ගෙන් ඉගෙනගත්තු අවුරුදු දෙකට්ම සර් නිවාඩු ගත්ත දවසක්. පීරියඩ් එකට පරක්කුවෙලා ආපු දවසක්. සර්ට, සර්ට කියල ගෙදරක් තිබුනෙ නෑ. සර් හිටියෙ ඉස්කෝලෙම චමරියක. පුංචි චමරියෙ බිත්තෙ හතරට කොටුවෙලා සරුයි සර්ගෙ පුංචි පවුලයි ජීවත් උනා. සර්ගෙ බිරිඳත් ගුරුවරියක්. හැබැයි අපේ ඉස්කෝලෙ නෙවෙයි, වෙන ඉස්කෝලෙක. සර්ගෙ ළමයි දෙන්නත් සර් වගේමයි. බොහොම නිහඬ චරිත. සර් ගෙව්වෙ බොහොම අල්පේච්ච ජීවිතයක්. ටීචත් එහෙම්මයි. හැමදාම සර්ගෙ හෙවනැල්ල වගේ සර් ලඟින්ම හිටිය, හැම දුකක්ම, කරදරයක්ම විඳගෙන. බිතුසිතුවමක් වගේ කවදාවත් සර්ට පිටුපෑවෙ නෑ. සර් වගේම අල්පේච්ච සරල ජීවිතයක් ඇයටත් තිබුනෙ. මාල වළලු අරුමෝසම් වලින් මිදිච්ච, හැබැයි හරිම ලස්සනට පිලිවෙලට ඇන්ද පැලැන්ද ඇයත් බොහෝම නිහතමානි ගුණ යහපත් කාන්තාවක්. සිල්ලර හීන පස්සෙ ගාල කඩාගෙන දුවන හිස් පොෂ් ගෑනු අතර ඇය ඇය පිපිල හිටිය සුදු නෙලුමක් වගේ. සර්ට මහලොකු සල්ලියක් තිබුනෙ නෑ, අතට පයට වැඩකාරයෝ හිටියෙත් නෑ. යන්න එන්න යාන වාහන තිබුනෙත් නෑ. සර් නිතරම ගියේ පයින්. සර්ට ඒක දැනෙන්නෙවත් නෑ. සෙනසුරාද අපිට පංති ඉවරකරල සර් යනව පොළට. අපේ ඉස්කෝලෙ ඉඳල ටවුන් එකට තියෙනවා කිලෝමීටර් දෙකක් විතර. ඒකාලෙනම් රුපිඅයල් හයක දුර. ඒත් සර් කවදාවත් බස් එකේ ගියේ නෑ. සර් ගියේ පයින්. ඒවගේම පොලෙන් ගත්ත බර බඩු මල්ලත් අරං සර් ආපහු ආවෙත් පයින්. ගිනි ගහන අවුවෙ පට්ට දවල් සර් එනවා, ඒත් සර්ට එක දාඩිය බින්දුවක්වත් දාල නෑ. ඒ සර්ගෙ තියෙන හිතේ හයියටද නැත්නම් පිංකාරකමටද නම් අපි දන්නෙ නෑ.

කොහොමත් සමාජෙ හොඳ මිනිහට තියෙන්නෙම කැපිලි කෙටිලි. ඒවගේම තමයි සර්ටත්. ස්ටාෆ් එකේ බොහෝ අය විතරක් නෙවේ, ප්‍රින්සිපල් පවා සර්ට අකුල් හෙලුව මිසක් එක ඩිංගිත්තක සහයෝගයක්නම් දුන්නෙ නෑ. හැබැයි සර් නැතුව ඉස්කෝලෙට කවදාවත් හොඳ ගණිත ප්‍රතිපලයක් ගන්න බැරිබවත් ඒ හැමෝම දන්නවා. ඒනිසා අර කපන්න බැරි අත ඉඹිනවා වගේ සර්ව තියාගෙන හිටිය මිසක් නැත්නම් අනිවාරෙන් මොකක් හරි කොක්කක් දානව උන් සර්ට. පොදු සමාජෙන් බොහෝ ඈත් වෙලා, සමාජශීලි නොවී සර් හිටපු නිසා සර්ගෙ ජීවන රටාව ඒගොල්ලන්ට දිරවන්න නැතුව ඇති. සාද සාජ්ජ, විනෝද චාරිකා, සර්ට හරි ගියේ නෑ. අරක්කු බිඳක්, දුම්වැටියක්, බුලත් විටක් කට අහලකටවත් නොගත්ත සර් හැමවෙලේම පන්සල්වල ලගින්න ගියේ නැතුවට හොඳ බෞද්ධයෙක් වගේ පන්සිල් ආරක්ෂා කරගෙන ජීවත් උනා.

පොල්ගහ ලකුණ රබර් සෙරෙප්පු දෙක දාල, ලා පාට කමිසෙ කලු කලිසමට යටකරල කොහේ ගියත් යන සර් කවදාවත් වයස ගියෙත් නැත්ද මංදා. දැන් අවුරුදු ගානකට කලින් දැක්ක සර්මයි තාමත් ඒ විදියමයි.

එකදවසක් සර් අපිට හවස පංතියේ උගන්න උගන්න ඉන්නකොට අපේ ප්‍රිසිපල්ට හදිසියකට වයිට් බෝඩ් එක ඕනි කියල සර් පාවිච්චි කර කර ඉඳපු වයිට් බෝඩ් එක උස්සන් ගියා. ඒතරම් කෙනෙහිලිකම් සර්ට. ඒදා ඒ වෙලාවෙ වේදනාව තද කරගත්තු සර්ගෙ ඇස්වල බිමට නොවැටුණු කඳුලු දීප්තිමත්ව දිලිසුනු හැටි මට අද වගේ මතකයි. ඒ හැමදේකින්ම තැලෙන්න තැලෙන්න සර් පන්නරය ලබල තව තවත් මුවහත් උනා මිසක් සර් කවදාවත් වැටුනෙ නෑ. ජීවිතේ අනන්ත බාධක දුක් ගැහට විඳල පොලොවෙන්ම පන්නරය ලබපු සර්ට අර කන්දක් ගිල්ල මිනිහට අග්ගලෙත් කජ්ජක්ද කිව්ව වගේ මේ හැමදේම නිකං පයට පෑගෙන දූවිලි වගේ. ඒ සිද්ධිය අපිට මහ දරුණුවටම දැනුනා. සර්ට තරම් දරාගැනීමේ හැකියාවක් නොතිබුන අපි හොරෙන් කඳුලු හංගගත්තා. එච්චරවත් හයියක් නොතිබුන අපේ කෙල්ලො ටික ඇඬුවා. කොහොම හරි ඕලෙවල් ලියන්න යන්න ලෑස්තිවෙලා අපේ කවිකාරියි (සර් එයාලගේ පංති බාර )එයාලගේ යාලුවොයි එකතුවෙලා සර්ට වයිට් බෝඩ් එකක් අරන් දීලා. අනිත් ගුරුවරු වගේ කවදාවත් තෑගි බලාපොරොත්තු නොවුන, දුන්නත් කිසිම තෑග්ගක් නොගත්ත අපේ සර් ඒ තෑග්ග නම් සතුටින් බාරගත්තලු. ඒ ඉදිරි පරම්පරාව වෙනුවෙන්මයි.

සර්ගෙ කැපවීමට, උත්සාහෙට පිං සිද්ධ වෙන්න ඉස්කෝලෙ විභාගෙට ලියපු එවුන් හැම අවුරුද්දෙම හැම එකාම පාස් උනා. එහෙමත් එකෙක් තමයි කලාතුරකින් ගනන් පේල් උනේ. ඉතින් අපිත් ඒ විදියට ඉහලින්ම විභාගෙ සමර්ථ උනා. බොහෝම දෙනා ඉතින් හොඳ හොඳ තැන්වලට ගියා. සමහරු අතාම ඉගෙනගන්නවා. සමහරු රස්සා කරනවා. සමහරු බැඳල ළමයිනුත් ඉන්නවා. සමහරු ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අරන් බොහොම සැපෙන් ජීවිතේ ගෙවනවා. ඒත් අපේ සාර් තාමත් ඉස්සර වගේම ඉස්කෝලෙ යනවා. ඒ බාටා කෑලි දෙක ඒ විදියමයි. කලිසම, කමිසෙ එහෙම්මයි. සර් තාම පයින්. සර් තාම චමරියෙ.

කාලෙ ඔහොම ගෙවුන. සර්ව අපිට මඟ තොටේදි මුණ ගැහෙනවා. හම්බුනොත් අනිවාරෙන් කතාකරල අපේ විස්තර අහනවා. අපි හොඳින් හොඳ තැන්වල ඉන්නව කියල දැනගත්තම සර් අපිට හොරෙන් හංගගන්න සතුටු කඳුලු අපිට පේනවා. මං කලිනුත් කිව්ව වගේ සර් කවදාවත් මූණෙන් නම් වයස ගියේ නෑ. ඒත් හදිසියේම සර් වයසට ගිහින් කියල අපිට දැනුනෙ අපේ මල්ලිලා දහය වසරෙ ඉන්නකොට හදිසියේම සර් පෙන්ෂන් යනව කියල ආරංචි උනාමයි. මටනම් දැනුනෙ ලෝකෙම නතර උනා වගෙයි. ඒත් අපේ කාලෙ ගෙවිල උදාවෙලා තිබ්බ මල්ලිලාගෙ යුගයෙ ළමයින්ට සර්ගෙ එච්චර වටිනාකමක් තිබුනෙ නෑ කියල උන්ගෙ කතාබහින්ම අපිට තේරුණා. ඒත් සර්, සර්ගෙ යුතුකම අකුරටම ඒ කාලෙ වගේම ඉටුකලා. සර් වෙනස් වෙලා නෑ, ඒත් ළමයි වෙනස් වෙලා. සර් ඉස්කෝලෙ ගෙව්ව අන්තිම කාලෙ සර් කාටවත් වැඩිය සැරවැර උනේ නෑලු, ගැහුවෙ බැන්නෙත් නෑලු. සර් හැමවෙලේම කිව්වලු ළමයිනේ මගේ මේ ඉස්කෝල ජීවිතේ අන්තිම කාලෙ මට ඕනි නෑ පොලිසි උසාවිවල යන්න උඹලට උගන්නන්න ගිහින් කියලා. ඒ තරමට සමාජෙ වෙනස් වෙලා.

සර් සතයක්වත් අයනොකරගෙන මහන්සියෙන් කරපු අතිරේක පන්තිවලට අපේ කාලෙනම අපි හැමෝම එකෙක් නෑර නොවැරදීම සහභාගි උනා. මුලු එකොලහ වසරම, ඒ කියන්නෙ ලමයි 250ක් විතර අනිවාරෙන් සර්ගෙ පංති හිටියා. ඒත්.. කිව්වට විශ්වාස කරන්න, අපේ මල්ලිලාගෙ එකොලහ වසර බැජ් එකෙන් ළමයි තුන්දෙනයි සර්ගෙ පංතිවලට ඉඳල තියෙන්නෙ! ඒත් කෙල්ලො දෙන්නෙකුයි, අපේ එකයි. මං සර් ගැන කියල තියෙන හින්ද අපේ එකා ගියා, ඒත් ඌ කිව්ව විදියට අනිත් උනටනම් සර්ගෙ මේ අපරිමිත කැපවීම අබමල් රේණුවක තරම්වත් වටිනාකමක් දැනිල නෑ. ඒ සර් නිකං උගන්නන නිසා වෙන්නැති. ඒ කාලකණ්නින්ගෙ පවට පින දෙන්න බැ. කවදාවත් නොවිච්ච විදියට උන්ගෙන් කිහිපදෙනෙක්ටම ඒ ලෙවල ණයට කරන්න වෙලා. ඕලෙවල් ගනන් පේල් වෙලා.

සර් පෙන්ෂන් ගියාට පස්සෙත් ළමයි වෙනුවෙන්, ඒ තුන්දෙනා වෙනුවෙන් නොමිලෙ පංති කලා. මගේ ළමයි ටික අනාථකරන්න මට බෑනෙ කියලා. 

සර් ජීවිතේ ප්ලෑන් කරල තිබුන විදිය හරිම පුදුමයි. අපිත් දුක් උනේ කල්පනා කලේ පෙන්ෂන් ගියාට පස්සෙ සර් ඉන්නෙ කොහෙද කියන එකයි. සර් ජීවිත කාලෙම ළමයි වෙනුවෙන් කැප උනා මිසක් සර් වෙනුවෙන් මොකුත් කරගත්තෙ නෑ. සර්ට තිබුනෙ සර්ගෙයි ටීචගෙයි සොච්චම් පඩිය විතරයි. ළමයි දෙන්නෙකුටත් උගන්නන ගමන්. මේ තියෙන සමාජෙ, මේ ආර්ථිකේ ජීවත් වෙන එක මොන යුද්ධයක්ද කියල අපි හැමෝම දන්නවා. ඒත් පෙන්ෂන් ගියගමන්ම ගෙඩි පිටින් අතින් සල්ලි දීල ලක්ෂ දහයකට එකවරම ඉඩමකුයි ගේකුයි ගත්තා. හරි ලස්සන හුරුබුහුටි ගේ පොඩ්ඩක්. නිස්කලංක පරිසරයක්. අපිට දැනුනෙ දරාගන්න බැරි සතුටක්. අපේ සර් ජොබ් එකට ආ දා ඉඳල සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතුකරගත්ත සල්ලි ඒ ජීවිත කාලයක් පුරා. සර් කවදාවත් ලෝකෙට ණය උනේ නෑ. බැංකු වලින් ලෝන් ගත්තෙ නෑ. ඒ වෙනුවට කිලෝ මීටර් ගනන් පයින් ගිහින් සර් රුපියලෙන් රුපියල බැංකු පොතක ඉතිරිකරල ජීවිත කාලයක් පුරා...

සර් අපිට අදටත් මඟතොටේදි මුණගැහෙනවා. අපි සර්ව දකින්නෙ බස් එකේද, පේමන්ට් එකේද, පොලේද, කඩේකදිද, මේ කොහෙදි උනත් දණිස් දෙකම බිම ගහල සර්ට අපි වඳිනවා. හිතේ දරාගත්ත අපරිමිත භක්තියකින්. අපිට යාන වාහන වල යන්න පාර කපල දීල සර් අදටත් පාරදිගේ රබර් සෙරෙප්පු ගෙවෙනකල් පයින් යනවා. එහෙම යන වෙලාවක අපි ටවුමට යද්දි සර් උඩහට ආවත්,අපි අන්තිම හදිස්සි ගමනක් යද්දි සර්ව හම්බුනත්, බයික් එකේ පෙට්‍රල් ලෙල්ලටම හිඳිල බයික් එක බිමට ඇල කරල ස්ටාට් කරගෙන ගියත්, මොන මඟුලෙ කොහොම ගියත් සර්ව හම්බුන ගමන් අපේ ගමන් බිමන් සේරම අතෑරල දාල සර්ව සර් යනතැනට ඇරලවන්නෙ අපි උතුරන සතුටකින්. අපි සර්ව එක්ක යන්නෙ දළදා කරඬුව වඩම්මනවටත් වඩා භක්තියෙන්. සර් අපිට දුන්න දේවල් වලට අලගු තියන්න අපිට ආත්ම ගානකදිවත් බෑ. ඒත් ඒවගේ පුංචිම පුංචි දේකින් අපිට පුලුවන් සර් වෙනුවෙන් අපි පුංචි හරි දෙයක් කලා කියල ආත්ම තෘප්තියක් ලබන්න.

ජීවිතේ අපිට ගුරුවරු හම්බෙලා තියෙනවා, ඒත් මෙහෙම ගුරු දෙවියෙක් හම්බෙලා නෑ. අපි හැමෝම ඉස්කෝලෙ යන කාලෙ අපේ ගුරුවරුන්ට එක එක කාඩ් ගහනවා. අනිවාරෙන් වල් නමක් දානවමයි. අපේ ඉස්කෝලෙත් හැම ගුරුවරයටම එහෙම නමක් තිබුනා. නමක් නැත්නම් අඩුම තරමෙ සර්ගෙ නම කියල සර් නැති තැන්වල කතාකරනවා සර් කෑල්ල නොකිය. ඒක කොලු ගතිය. ඒත්.. එහෙම නමක් නොතිබිච්ච එකම එක සර් කෙනෙකුත් අපිට හිටියා. ඒ තමයි අපේ අමරවර්ධන සර්.. සර් අපිට හැමදාමත් අමරවර්ධන සර්මයි. ඉස්කෝලෙ හිටපු බ්‍රයිටටත්, අහින්සකයටත්, පරයටත්, මැරයටත් මේ හැමෝටම අපේ සර් "අමරවර්ධන සර්" මයි. ගුරුවරයෙක් මොන නම්බුනාම ගරු බුහුමන් ලැබුවත් මේ සම්මානෙ ගන්නෙකනම් බොහෝම අමාරුයි. කිසිම ගුරුවරයෙක්ට ඒක නොලැබෙන තරම්. ඒත් සර්ට ඒක තිබුනා. අපේ සර් වෙනුවෙන් කවදාවත් කවුරුවත් උපහාර උලෙලවල්, ගුණ කථනයන් පවත්වල නෑ, සර්ට එහෙම ඕනිවෙලත් නෑ, පැවැත්වුවත් සර් බාරගත්තෙත් නෑ.

ඒ කොහොම උනත් කවදාවත්ම ගුරුවරයෙක්ට ලබන්න බැරි, අපේ හදවත් වල සර් ගැන තියෙන භක්තියේ, ආදරයෙ, ගෞරවයෙ සදාතනික සම්මානෙ සර්ට ලැබිල තියනවා. මං හිතන්නෙ ගුරුවරයෙක්ට ලබන්න පුලුවන් උසස්ම සම්මානෙ ඒක.

මටත් තියෙනවා හීනයක්, මමත් හෙට අනිද්දට ගුරුවරයෙක්. ගුරුවරයෙක් විදියට මං ගන්න පළවෙනි පඩියෙන් මට ඕනි පහල මං දාල තියෙන සිංදුව බැක්ග්‍රවුන්ඩ් එකෙන් දාල විශාල කරපු සර්ගෙ ෆොටෝ එකක් සර්ට තෑගි කරන්න. ඒ වගේම තෑගි බෝග ගොඩාක් උස්සගෙන සර්ව බලන්න යන්න. ඒක මගේ සිල්ලර සිහිනයක්. ඒත් මට තියෙනවා ඊට්‍ර වඩා ගැඹුරු හීනයක්. ඒ සර් දැකපු හීනයේ සර් කපපු පාර දිගේ, සර් නවත්තපු තැනින් ඉදිරියට ගමන් කරන්න. සර්ගෙ හීනෙට තව තවත් ජීවය දෙන්න.

මං දන්නව, මට වගේම මෙහෙම අත්දැකීම් ඔයාලටත් ඇති. අනිවාරෙන් අපේ ජීවිත කාලෙ තුලදි අපිට මෙහෙම ගුරුවරු හම්බෙනවා. මේ විදියට හදවතටම දැනුනු, ඔයගොල්ලො අද ඔයාල ඔය ඉන්න තැන්වලට ගෙනාපු, ඔයාලගෙ ජීවිත එලිය කරපු, ඔයා;අගෙ ජීවන ගමන මෙහෙම ලසනනට යන්න පාර කපල දුන්න සුන්දර ගුරු දෙවිවරු ඔයාලටත් ඇති. අපි ඒ මතකයන් අවධි කරමු. පඩි අරගෙන ගමට ගියාම, ඒ වයසක මිනිස්සුන්ට මොනාවත් අරං ගියේ නැතත් කමක් නෑ සල්ලි අමාරුයිනම්, ඒත් ඉන්න තැනකට ගිහින් ටිකක් හම්බෙලා කතාකරල වැඳල එන්න. පාලුවෙන් කාන්සියෙන් ඉන්න ඒ මිනිස්සු එක්ක ඒ කාලෙ අතීතෙ මතකයන් බෙදාගන්න. ඒ රත්තරං ජීවිත වලට ඒක කෝටියකටත් වඩා වටීවි. ඔවුන් අපරිමිත ආනන්දයක් ලබාවි.

අපේ දයාබර අමරවධන සර්ට උපහාරයක්ම වේවා.. එතුමන්ට දීර්ඝායුශ ලැබේවා. මේ විදියටම නිදුක් නිරෝගී සුවයෙන් තවත් සුවහසක් කාලයක් එතුමන්ගේ රැකවරණය ලැබීමට අපිට වාසනාව ලැබේවා..!


පැන මඩකඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

සාමා අමර විකුණති බස් පොලේ කජු
කුමා‍රෝද පිටු දන්දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිඳ දඩුවමක් පැතූ

රන් මසු පටපිළී අභරණ උරන වෙලා
සමන් පිච්ච කැකුළිය ගෙයි මිලිණ වෙලා
තුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා
ලොකු හාමි‍නේ ඇත බිතු සිතුවමක් වෙලා

පැන මඩකඩිති...

පද රචනය : මහින්ද චන්ද්‍රසේකර
සංගීතය : රෝහණ වීරසිංහ
ගායනය : සුනිල් එදිරිසිංහ


(Pena Mada Kadithi - Sunil Edirisinghe)


ගීතය අහනවනම්...









61 comments:

  1. හුරේ මං එක. උඹ ලියනවා නේද ඒ පාර පට පට ගාලා ලෙසටම. ජයවේවා! කොල නිවාඩුව තව තවත් දික් වේවා!
    (මං මේ සීට් එක අල්ලලා තියලා යන්න ආවෙ. හවස එනවා විවරණය කොරංට ඈ...)

    ReplyDelete
    Replies
    1. නිවාඩුව..ඉහි ඉහි...ජනවාරි...ඉහි ඉහි..හතරවෙනිදයින්....ඉහී...ඉවරයි...ඉහි..ඉහි..ඉහී....

      Delete
    2. අඩෝ..එහම අසාධාරනයි මම එක ඉල්ලලා තිබුනේ..
      මධුවට ඌගේ “ගෝනි දෙක“ පොස්ට් එකේ කමෙන්ට් වලට රිප්ලයි දා ගන්න බැරැව මක්ඥං වෙලා ඉන්නෙ..
      (එහම කමෙන්ට් වැටෙනවා දැක්කාමත් පපුව පිරෙනවා බං)

      Delete
    3. වැඩ කරන එකාට කෙණෙහිලිකම් නැත්තෙ කවද්ද, කොතැනද බං? හැබැයි, වැඩ සහ කිඩ කියලා දෙවර්ගයක් තියෙනවා. කිඩ හැමදාම බෑ. හැම තැනම බෑ. වැඩකාරයා කවදත් කොතැනත් ඇන්ටන් වගේ තමා.
      සජීවී චරිතයක් වටා උඹ ගොඩනගන මේ කතාව තාත්වික වගේම පසුබිම් කරගත් ගීතයටත් අපූරුවට ගැලපෙනවා. මේ චරිතය උඹ හොඳට ජීවත් කරවලා තියෙනවා ලිපිය පුරාම. ඒක හරියට මහා ගසක් වගේ ක්‍රමයෙන් වැඩෙනවා. සුළඟින්, කුණාටුවලින් වැනෙනවා. ඒත් නොවැටී ඉන්නවා.
      //කොල්ලන්ගෙ සපත්තුවේ උල හොයන්න කලින් සර් හෙව්වෙ උන්ගෙ පැන්සල හොඳට උල් වෙලාද කියලා. කොල්ලන්ගෙ කොණ්ඩෙ, රැවුල කපන්න කලින් සර් බැලුවෙ උන් හරියට සමච්ඡේදකේ කපලද කියලා.// මේක තමා මම මේ ලිපියෙ දැක්ක අපූරුම සැසඳුම.
      අගෙයි! උඹේ පුනරාගමනය ගැන මගේ අප්‍රමාණ සතුට.

      (ටීචර් කියන්නේ ගුරුවරියන්ටයි කියන අදහස අපේ සමාජයේ පැල පදියම් වෙලා වගේ. අනික තමා ‘උපගුරු‘ කියන එක Assistant Teacher විදිහට පරිවර්තනය කිරීම මම දැකලා තියෙනවා. එහෙම නෑ. මුල්ගුරු (Principal) සහ උපගුරු දෙකොට්ඨාශය තමා ඉන්නෙ. උපගුරු කියන්නෙ Teacher ම තමා.)

      මෙන්ඩට හූ.......................!

      Delete
    4. උඹට ලැබිලා තියෙන තනතුර මේ අතීත අත්දැකීම් වලින් ආලෝකමත් කරගෙන නියම ඔරිමජිනල් ගුරුතරුවක් වෙන්නට වාසනාව ලැබේවා!

      Delete
    5. //කවදත් කොතැනත් ඇන්ටන් වගේ තමා.//

      මට අපේ "කාගේත් මල්ලියා" මතක් උනා. උඹට මතකද ඌව??

      මේ කතාව මචෝ ලියන්න තරම් අමුතුවෙන් කිසිම ආයාසයක් දරන්න උනේ නෑ මට.හිතට ආපු හැමදේම ඔහේ ලියාගෙන ගියා.ඒ නිසා නිර්මාණයක් කලේ නෑ මං. සර් ගැන ලිව්වා. කොහොම උනත් අහම්බෙන් හරි බොහොම වටිනා ලියවිල්ලක් ලියවිලා නේද මචෝ..උඹ කිව්ව කියන්නෙ ආයෙ කිව්ව තමා. මං බොහොම කණගාටුවෙන් හිටියෙ සීට් එක බුක් කරල ගිය උඹ මෙච්චර පරක්කු වෙනකොට. කොටුවෙන් ආව බස් එකට උඹ නැග්ගෙ හුන්නස්ගිරියෙදිනේ!

      ටීචර් කියන්නෙ ගුරුවරියට කියන සංකල්පෙනම් අපේ සංස්කෘතියෙ පැලපදියන්ම වෙලා තමා මචෝ. කොටින්ම ගුරුතුමෙක්ට ලමෙක් ටීචර් කිව්වොත් එහෙම ඌට ගුටිත් කන්න වෙයි. ඒ වගෙම තම්‍යි සර් කියන එකත් නේද මචෝ.. සර් කියන්නෙ "ශ්‍රීමත්" කියන එකනේ. ඇත්තටම මොකක් කිවව්වත් වැරදි. ඒත් මේව දැන් මුල් ඇදිලා. සිංහල භාශාවටම ඒ වචන එකතුවෙලා. අවුලකුත් නෑ ඉතින්. ඔය මුල් ගුරු, උපගුරු කියන එක ගැනන්ම් සමාජෙ තියෙන්නෙ උඹ කියන වැරදි අදහස් තමයි මධුවෝ.අපේ වෘත්තියේ සිංහල නම ඔය උපගුරු කියන එක.

      අන්තිමට උඹ එකතුකරල තියෙන ප්‍රාර්ථනාවටත් බොහෝම පිං මචෝ. මාත් මගේ උපරිම උත්සාහය ඒ වෙනුවෙන්මයි.

      යන්න කලින් තව දෙකක්වත් ලියාගන්නෝනි බං..

      Delete
  2. මචෝ මට ඊයේ මේ සින්දුව මතක් උනා..
    උඔ අද වෙනකොට මේ ගැන පොස්ට් එකක් දාලා..
    ගුරු හොරු, ගුරුවරු අතරේ ගුරු දෙවිවරුත් ඉන්නවා..
    වෙනදා වගේම මනරම්...

    ජ ය වේ වා

    මං එක..

    ReplyDelete
    Replies
    1. නෑ දෙක.. අර ගෝතයා දොර අරින්න කලින් ජනේලෙන් පැනලා

      Delete
    2. අන්න ඒ ගුරු හොරු වඳවෙලා ගුරු දෙවිවරු වැඩි වැඩියෙන් පහල වෙන්න කියල පතමු බං. ඒත් දැන් දැන් මේ රැකියාවට එන්නෙම වසලයෝ..

      උඹල දෙන්නම එක තමයි බං. උඹලගේ කමෙන්ට් දකිනකොට අවුරුදු ගානකින් ගෙදර ඇවිත් හැමෝම එක්ක එකට වාඩිවෙලා බත් වේලක් කනව වගෙයි.

      Delete
    3. මේ ගීතය අැත්තට ගැලපෙන්නේ අපේ ඊයේ වැඩේට තමා මනෝෂ්......

      අැත්තට ම හැබෑ ගුරුදෙවිවරු මං දැක්කේ අපි ඊයේ ගිය පාසලට මං මුලින් ම අඩිය තියපු දවසේ තමා.... ඒ මීට අවුරුදු 11කට කලින්... ඒ දෙවිවරු ඊයේ අපේ වැඩේටත් අාවා... වැඩේ ගැන විස්තර කට්ටියම පෝස්ට් කරාවි....

      නිර්මාණය සුපිරියි මනෝෂ්.......... තේරීම නං ඉතාමත් සුපිරියි...

      Delete
    4. එහෙනම් ගී පවුරේ මේ ලිපියයි ගීයයි උඹලගෙ වැඩේට උපහාරයක් විදියට හිතාගන්නකෝ...

      ඇත්තටම මචෝ ජීවිතේ අවබෝධ කරගන්න, සමාජෙ ගැන තේරුම්ගන්න, වෙනස්ම ආකාරයකින් ජීවිතේ විඳින්න ඉස්කෝලෙකට යන්න ඕනි බං.හැමදාම නැතත් කලාතුරකින් හරි ඉස්කොලෙකට ගියාම ලැබෙන අත්දැකීම් අප්‍රමාණයි.

      ගොඩක් තැන්වලින් උඹලගේ සද්කාර්‍ය කියෙව්ව මචෝ. ඒවනම් රත්තරන් වටින වැඩ.

      හැමදාමත් වගේ ස්තූතියි ගී පවුරේ හදවතින්ම.

      Delete
  3. ඉතා කෙටි කාලයක් ගුරු වෘත්තියේ යෙදී සිටි නිසා ඒ වෘත්තියේ අගය හොඳින් වටහාගත්තා.

    මේ ගීතය සුනිල් එදිරිසිංහ විසින් පාසලක තිබුණු සම්මන්ත්‍රණයකදී පෙලින් පෙළ විස්තර කරමින් ගායනා කල අපූරුව මතක්වුණා.

    ගුරු ගෞරවය, ගුරු භක්තිය, තිබෙන්නේ, පෙරදිග රටවල පමණද?

    ReplyDelete
    Replies
    1. අනිවාරෙන්ම, යෙදී සිටි කාලයට වඩා එම කාලය තුල කරපු දේවලුයි වැදගත්. ඔබ බ්ලොග් පිටුවක් හරහා අපට පාඩම් කියල දෙන අපූරුව දැක්කම ඔබ සාර්ථක ගුරුවරයෙක් වූ බව අපට හැඟෙනවා.

      ගුරු ගෞරවය ගැන කියනවනම් අද ගුරුවරු ඒක ආයුධයක්, ආබරණයක් කරගෙන. ඇත්තටම බටහිර ගුරුවරු බොහෝම හොඳට උගන්නනවා.උන්ට පුහු පට්ටම,බහුමාන්න වැඩක් නෑ. අපේ ගුරුවරුත් පිරිහිලා දරුවොත් පිරිහිලා.

      Delete
  4. අදටත් සර් ගැන කාටවත් විස්තර කරන්න තරම් මට හයියක් නෑ. ඇස් වලට කදුලු උනනව සර් දරුවොන්ට උගන්වන්න විදපු දුක මතක්වෙලා, අනික් ගුරුවරු සර්ට කරපු කෙනෙහිලිකම් මතක්වෙලා . සර්ට ඒ පිනම ඇති හැම ආත්මෙකටම. මේ පෝස්ට් එක කියවද්දි ඒ කාලෙ සර් උගන්වපු හැටි මැවිලපේනවා.

    ReplyDelete
    Replies
    1. සර් ගැන ලියන්න මේ බ්ලොග් පිටු,පොත් පත්තර මදි. සර් ගැන කතාකරන්න මුලු අවුරුද්දක් එක දිගට තිබුනත් මදි. අපිටත් වඩා ඔයාලට එක දැනෙනවා ඇති සර් ඔයාලගෙ පංති බාරවත් උන්නු නිසා. කවිකාරියෙ, අපි යමු ලඟදි සර්ව බලන්න.

      සර් වගේ ගුරුවරු ආයෙ බිහිවෙන එකක් නෑ. ඉස්කෝලෙට සර් නැති අඩුව දැන් හොඳට තේරෙනවා රිසල්ට්ස් වලින්ම.

      Delete
    2. අහුවෙන්න එපා නංගා...ඔයා තනියම සර් බලන්න යන්න

      Delete
    3. නගා අහුවෙලා ඉවරයි ඩෝ....

      Delete
  5. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරවරු කියන්නේ මෙවැනි මිනිසුන්නට මනොෂ් ...මටත් හිටියා මේ වාගේ දෙවිවරු වන් ගුරුවරු දෙතුන් දෙනෙක්ම ...මොකද ඒ කාලේ ගුරුවරයා යනු හුදෙක් වාණිජ භාණ්ඩයක් නොවුන නිසා...උඹේ ප්‍රාර්ථනාව ඉටුවී මෙවැනි ගුරුවරයෙක් වීමට ලැබේවා කියලා පතනවා මචෝ ...ජයවේවා !!!

    අකුරු කරන්නට පොඩි සංදියෙ බාලේ
    මතකයි මව්පියන් නුඹ මට දුන් තාලේ
    දෙපතුල වටී දෑතින් වැඳ ඒ කාලේ
    දුන් දුන්කොළ බුලත් වේලුණි මැද සාලේ......

    පාඩම් කියා දී හඬ ගෑ උගුර තලා
    රජ පෙරහැරට නුඹ වැන්නන් එකතු කළා
    වේවැල් කොටු නාරං අතු ඉවත හෙළා
    මම එතැනම ය ඉමි ගුරු නිවසටම වෙලා......

    නුඹලෑ නමින් කැපකොට හොඳ කලවයස
    කොපමණ රජුන් හැදුවද ගණිමු ද කෙලෙස
    නොහැඟෙන ලෙසින් පෑදූ බව සිය නැණැස
    පසුකර පියමනිති දරුවෝ ගුරු නිවස......

    පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සංගීතය හා ගායනය: වික්ටර් රත්නායක

    ReplyDelete
    Replies
    1. අපි ඒ ගුරුවරු ගැනත් ලියමු අයියන්ඩී.. එර් ගැන මතකය අවධිකරමු. මොකද මේ, එවැනි ගුරුවරුන් අත්‍යාවශ්‍යම යුගයක්.

      මේ ගීතය මුලින්ම අහපු දවසෙත් මට මතක් උනේ සර්ව. මුල් දවස්වල මං මේ සින්දුව දවසට දහ පහලොස්වතාවක් අහන්නැති. උඹට තැන්කූ මේක මෙතනින් ඇලෙව්වට.

      Delete
    2. පෙදෙහි රසහව් විඳුනා
      පුෂ්ටිමත් ගුරුවරු
      ගිලදමත්වා මේ කව්
      විළිකුන් විපුල් පල නම්

      පල ග මුතුලැල් ලෙළදුන්
      තරසර හිවි මහල්
      පෙනී සිහිනෙන් පිබිදෙම්
      දිරූ වහලේ් ඇඟිලි අතරින්
      වැගිරෙනා වැහි වතුරෙන්

      පණුවන් කෑ දත් කැකුළු
      පාමින් සොටු සූරමින්
      දරුවෝ කෙළිති ගෙබිමේ
      දුප්පත් කමේ ලගිමින්
      මිරි මිරියේ්ම මඩිමින්

      කඩේ ණය පොත සරසන
      නින්දෝපම ලංකබීත
      විරිත බිඳ බිඳ නැගෙනා
      කනට අමිහිරි රිද්මය

      විචාරය නො ඉවසන
      කන්තෝරු දොරකඩ
      ව්‍යංජනා ගුණ නැති
      රොස් පරොස් බස් එළිවැට

      කිසි දා මට නොවැටහෙන
      මේ බ්‍රහ්මාස්වාදය
      විඳගනූ මැනවි රිසිනම්
      දරුවනි තොපට පවරම්

      (සල්ගහ යට කාව්‍ය සංග්‍රහයෙන් - රත්න ශ්‍රී විජේසිංහ)

      Delete
    3. සැබෑ ගුරුවරයෙක්ගෙ ජීවන යථාර්ථය ඕක තමයි නේද සින්දුවෝ. උන් හැමදාම හිඟන්නෝ..සල්ලිවලින්. ඒත් මනුස්සකමෙන්...

      Delete
  6. මගේ ගනන් සර් හේමචන්ද්‍ය සර්ගේ නම වෙනස් කරලා උඔ මේ සටහන ලිව්වා වගේ බං..එයා මගේ පාසලේ නෙමෙයි ඒ වුනාට අපිට හවස ගණිතය ඉගැන්නුවා..එයාට එයාගේ පාසලේ කිව්වේ “ටෝගා“ කියලා. යකෙකුටවත් බය නෑ..හැබැයි හදවතින් පොඩි ළමයෙක් වගේ..
    මට සර් මුනගැහෙන්න ඉස්සර වාර විභාග වල ගණිතයට ලකුනු 10යි 15යි ඒත් සමාන්‍යෙපල ගණිතය සම්මානයක් එක්ක සමත්..
    අදටත් මම ගමේ ගියාම එයාව බලන්න යනවා..කකුල් දෙක අල්ලලා වදිනවා..

    ReplyDelete
    Replies
    1. මෙහෙම අය හම්බෙන්නේ නැති තරම් මෙන්ඩා.... මගේ ජීවිතයෙත් ඒහෙම අය හමුබුණා.. හැබැයි ඒ මං පාසල් ගිහිල්ලා ඉවර වෙලා විශ්වවිද්‍යාලයටත් ගියාට පස්සේ..... මගේ ගමෙත් නෙමෙයි.... කොහොම වුණත් ඒනං ගුරුදෙවිවරු තමා....

      Delete
    2. මෙන්ඩෝ..

      ඒ වගෙ මිනිස්සු නිසා අපි අද මෙහෙම හරි තැනක ඉන්නවා. ඒත් ගොඩක් උන්ට තමන් ගොඩනැගුනට පස්සෙ තමන් ඒ තැනට ගෙනාව ගුරුවරු අමතකයි. ඒකෙම අනිත් පැත්තකුත් තියේ. සමහර ගුරුහොරු නිසා සමහර වෙලාවට ළමයෙක්ගෙ අනාගතයම නැතිවෙන්නත් පුලුවන්. අපිට ඒ වගේ එකාලත් එකීලත් අනන්තවත් මුණගැහිල තියෙනවා.

      Delete
    3. ගී පවුරේ... අධ්‍යාපන ගමනෙ අන්තිම කාලෙ හරි එහෙම ගුරුවරු හම්බෙන්න උඹ පිංකරල තියෙනවා. සමහරුන්ට ජීවිත කාලෙදිවත් ඒ වගේ ගුරුවරයෙක්ගෙන් එලිය ලබන්න පිනක් නෑ.

      Delete
  7. //අමරවධන සර්ට උපහාරයක්ම වේවා.. එතුමන්ට දීර්ඝායුශ ලැබේවා. මේ විදියටම නිදුක් නිරෝගී සුවයෙන් තවත් සුවහසක් කාලයක් එතුමන්ගේ රැකවරණය ලැබීමට අපිට වාසනාව ලැබේවා..!// ++++++
    'හොර කමෙන්ට්' එකක් දැම්මේ ෆුල් බිසී වෙලාවේ වැඩ අස්සෙන් කියෙව්වේ මචෝ.... :)

    ReplyDelete
    Replies
    1. වැඩ රාජකාරි කන්දක් මැද්දෙ මේ පතරංගෙ කියවපු එකත් මට මහමෙරක් බං...

      Delete
  8. manosh uba blog liyannath patan gaththada bn>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

    mm wadiyenma garu karana guruwaraya thamai amarawardana sir. kwadawath salli passe giye na, amathara panthi dala nomile igennauwa. mageth asama subect ekake sir kare. e nisa e sir giodak hithata waduna.

    sirta dirgausha wewa,,
    budusaranai sirta.

    ReplyDelete
    Replies
    1. අනේ මචෝ.. උඹ මොන නුවන්ද? ආඳාඋල්පත නුවන්ද? මං දැන් අවුරුදු තුනක් වෙනව මචෝ බ්ලොග් ලියන්න පටන් අරන්. සර්ට ඒ ප්‍රාර්ථනාව කරන්න මාත් උඹත් එක්ක හදවතින්ම එකතුවෙනවා.

      අපේ උන් මේ පාරත් ගෙට් එක ගන්නවලු මාපාකඩ විලේජ් එකේ.එකෙක්ගෙන් 2000 ක් එකතු කරනවලු.හිතපන් සුවල්ප සල්ලියක්ද එකතුවෙන්නෙ. මේ වගේ ගුරුවරයෙක් වෙනුවෙන් එක වතාවක් මෙහෙම එකතු උනානම් අපේ උන්..

      Delete
    2. ow ow bn e nuwan thamai. next year yaman mchn e sirwa balanna. kawadda gate eka thiyenne? ubath yanawada bn?

      Delete
    3. අනිවාරෙන්ම මචෝ එන සිංහල අවුරුද්දෙ කට්ටියම යමන්.මං නම් හැකි හැමවෙලේම යනවා. අපේ උන් ගැනනම් කියල වැඩක් නෑ. ගෙට් එක ගැන මගේ අදහසනම් මං ඊයෙ මෙහෙම ශෙයා කලා.

      මචංලා... ගෙට් එක අවුලක් නෑ, වැඩේ හොඳයි. ඒත් මචෝ ඒ එකතුවෙන සල්ලි කන්දරාවෙන් හොටෙල් එකක නිකං ආතල් එකක් ගන්නවට වඩා එකම එක පාරක් හරි අපි ගියපු ඒ ඉස්කෝලෙ වෙනුවෙන්, ඒ ඉස්කෝලෙ හිටපු අමරවර්ධන සර්ලා වගේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරු වෙනුවෙන් යමක් කලොත් මීට වඩා හොඳ නැත්ද. ගෙට් එක ඕගනයිස් කරන උන් මේ ගැන ටිකක් හිතල බලපල්ලා ඊලඟ වතාවෙදිවත්. යෝජනාවක් විතරයි.Kiwwe machanla.get eka godak hodai.et oka itat wada hodai mehema deyak kalanam. Ubala2000gane maha dewenta mudalak ekatukaranawane. E ganen restaurant ekakata wela kala bila party dala purasaram dodawala enawata waa hoda netda aduma tarame eka watawak hari api giyapu e iskole wenwen, e iskole apita ugannapu amarawardana sirla wage hebema guruwarun wenuwrn api hemoma ekata ekatuwela puluwan yamak kalot. Yojanawak witarai.get eka organize karana un tikak hitala balapalla. Api hemoma aa mewage tenwala inne e iskoletai e wage utum guruwarunati pinsidda wennane.

      Delete
  9. niaymai saho. oya wage sirla hama ekkenatama loku adarshayak. jaya wewa

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මචෝ....

      Delete
  10. මනෝෂ්....ඔය විදිහේ ගුරුවරු කීප දෙනෙක් මටත් හමු වෙලා තියනවා... උගන්නපු ගුරුවරයෙක් මගතොටේදී හම්බ උනොත් තැන බලන්නේ නැතුව වඳින පුරුද්ද අදටත් මගෙත් තියනවා (ගරුතර ගුරුවරු).. එහෙම ගරුසම්පන්න ගුරුවරු ළමයි හදාගන්න පාරක් ගැහුවට මම නම් ඒකෙ වරදක් දකින්නෙ නෑ... හැබැයි සමහරු මානසික ආතතිය සිසුන් පිටින් යවන්න දඬුවම් දෙන වෙලාවලුත් තියනවා. මම මේ දඬුවම් කතාව මෙතෙන්ට අදාළ ගත්තෙ නූතන "පොෂ්" පරම්පරාව (පොෂ් කිව්වට වෙන්ඩ පොෂ්) ගුරුවරයෙක් ළමයෙකුට පාරක් ගහන එක සලකන්නේ හරියට නිකං "ළමයි මරන් කන්න හදනව" වගේ. පිටරටවල ගිහිං වෙන්ඩ සුද්දෝ වෙලා ඉන්න "සමහරු" ( ඔක්කොම නෙවෙයි) මේකට විරුද්ධව බෙරිහන් දෙනව. හැබැයි හැඳි නොගා හදන හොද්දේ රස ගැන උන්ට අවබෝධයක් නෑ. ට්‍රෙන්ඩ් එකට පොෂ් වෙන්න ළමයිනුත් ඒ විදියට හැදුවම බලාගන්න පුළුවන් 18න් පස්සෙ යන්න ගියාම මදර්ස් ඩේ , ෆාදර්ස් ඩේ වලට ෆෝන් එකෙන් කතාකරලා විශ් කරන දරුවෝ. ඔය විරෝධය දිගටම ආවොතින් උඹ කිව්ව වගේ ගුරු දෙවිවරු බිහිවෙන එකක් නෑ... "මොකටද නිකං අනුන්ගෙ එවුං හදන්න ගිහිං ටිංකිරි ගාගන්නේ" කියල කැම්පස් ආචාර්යවරු (බහුතරය) වගේ ඇල් මැරුණු ගුරුවරු බිහි වේවි... ඩියුටිය නිසාවට ඔහේ පාඩම කියා දේවි... ළමයට ගහපුවාම ගුරුවරු දනගස්සන්න, මානව හිමිකම් යන්න රෙද්ද උස්සන් එන අම්මල තාත්තලට ඉස්සෙල්ලම ගහන්න ඕන. මගේ තියරිය නම් ඒක... අනාගතේ මේ විදිහේ ලියවිලි ලියවෙන එකකුත් නෑ මේ යන විදියට ගියෝතින්...

    ReplyDelete
    Replies
    1. මේ වෙන්ඩ පොෂ් ට්‍රෙන්ඩ් එක දැන් හැමතැනම වයිරස් උනක් වගේ පැතිරෙනවා තැන නොතැන නොබලා.හැමෝම කොහොමහරි අනෙකට වඩා ඉස්මතූවෙන්න දඟලන්නෙ.ඒ හොඳ දේවල් කරල නෙවෙයි.හිස්,පුහු, ව්‍යාජ දේවල් කරලා. අර හොඳ දේවල් කරන එකා කවදාවත් පොෂ් වෙන්නෙ නෑ.සමාජෙන් ඌව කොන්කරනවා,ඌට අකුල් හෙලනවා,ගරහනවා.

      ගුරුවරයෙක් කියන්නෙ චරිත ගොඩක් නිරූපණය කල හැකි අයෙකු විය යුතුයි.වරෙක දරුවන්ට මවක්,පියෙක් වෙන්න වෙනවා.අවශ්‍ය තැනදි සොහොයුරෙක්,යහලුවෙක් වෙන්නත් වෙනවා.ඔය හැමදේම ගුරු භූමිකාව තුල නිරූපණය කරන්නත් වෙනවා.අවශ්‍ය විටදි ගලක් වගේ දැඩිවෙලා අවශ්‍ය තැනදි වෙඬරු පිඩක් වගේ මෘදු වෙන එක තමයි හොඳම ගුරුවරයෙක් කියන්නෙ.ගහන්න ඕනි තැන ගහන්නෝනි,බනින්න ඕනි තැන බනින්නෝනි.ඒ වගේමයි අනිත් පැත්තත්.

      ඒත් සජ්ජා කියනවා වගේ අර මං උඩින් කීවත් වගේ මේ වෙන්ඩ පොෂ් ගමනක් යන සරුව පිත්තල සමාජෙ ගුරුවරයාට මේ භූමිකාවන් හරියට රඟපාල දරුවන්ට තම උපරිමය කරන්න අවස්ථාවක් තියෙනවද කියන එකයි. දරුවො ලෑස්ති නෑ එහෙම ගුරුවරුන්ගෙන් ඉගෙනගන්න.උන්ට ඕනි උන් වගේම පොෂ් සර්ලා,ටීචලා.පට්ට කෑලි,ගින්දර සර්ලා..

      දන්නෑ සජ්ජා ඉදිරිය කොහොම වෙයිද කියලා.මෙහෙම ඒව අපේ ලමයි ලියයිද, අපේ යුගයේ ගුරුවරු මෙහෙම උගන්නයිද කියල සැකයි.

      ස්තූතියි මචෝ මේ වගේ සාරවත් කමෙන්ටුවකින් මේ පෝස්ටුව තවත් වර්ණවත් කලාට.

      Delete
  11. අපි නවය වසරට එනකොටත් අපේ පංතියේ ළමයි ගොඩක් දුර්වලයි ගණිතයට.ගොඩක් ළමයි ලකුනු 20.ලකුණු 60 වැඩිය ගත්ත ළමයි හිටියේ දෙතුන් දෙනයි හිටියේ.ඔන්න ඔය අතරේ රෝහිත් කියලා සර් කෙනෙක් ආවා ගණිතයට.ලමුන් දෙතුන් දෙනෙකු හැරුනම අනිත් හැමෝම ගණිතයට සම්මාන සාමාර්ථ,විශිෂ්ඨ සම්මනා ලබාගත්තා.මමත් විශිෂ්ඨ සම්මානයක් ගත්තා.අපිව ඒ තැනට හැදුවේ අපේ රෝහිත් සර්.අපේ ප්‍රතිපල දැකලා අපිටත් වැඩිය සතුටු වුනෙත් අපේ සර්.මමත් දැන් ගුරුවරයෙක්.උඹත් වෙන්ඩගුරු ඉන්නේ කියලා අපේ එවුන් හැම තැනම කොමන්ට් දාලා තිබුනා මම දැක්කා.උඹෙ පැතුම එලෙසින්ම සඵලවෙයි මචං

    ReplyDelete
    Replies
    1. එකම ක්ෂේත්‍රයේ තවත් මිතුරෙක් මේ අවකාශයෙන් මුණගැහුන එක ලොකු සතුටක්.පහුගිය ටිකේම මේ ඉසව්වෙන් ටිකක් ඈතින් උන්නු නිසා ගොඩක් දෙනාව මඟහැරිල තිබුනෙ මට.

      අපි හැමෝටම අපේ පාසල් කාලයේ කවුරුහරි වීර ගුරු තරුවක් ඉඳලා.ඒ තරුව පෙන්නපු පාරෙ අපි අද යනවා. ඒ සර් වගේ වෙන්න හදනවා. එතකොට තේරෙනව නේද අපේ ළමයිබ්ට අප ලබා දිය යුතු ආදර්ශය කුමක්ද කියලා. දවසක් ඔවුන් අපිව අනුකරණය කරාවි.එහෙනම් අපි ඉතා හොඳ ප්‍රතිරූප විය යුතුයි.

      උඹවත් මේ අහට්ස් බොහොම ලෙංගතුකමින් පිලිගන්නවා මචෝ...

      Delete
  12. අපේ ජීවිතේට එහෙම එකම හරි ගුරුවරයෙක් හම්බුවෙන්න ලැබුන එක ගැන සතුටු වෙන්න ඕන. මොකද හුඟක් අයට ඒ අවස්ථාව නෑ.

    උඹේ සටහන අදත් හිතට තදින්ම වැදුනා.

    ReplyDelete
    Replies
    1. අනේ මචෝ. ඒ පැත්තට ගොඩවදින්නත් බැරිවුනා.ආසයි උඹේ කතාවක් කියවන්න.

      ඒ උනාට ඉස්කෝලෙන්ම නැතත් අපිට සමාජෙන් හරි එහෙම ගුරුවරයෙක් හම්බෙනව මචෝ..

      Delete
  13. හොඳ ගුරුතුමෙක් කියල කට පුර කියන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම එතුමා ඉතාම හොඳම ගුරුවරයෙක්.

      Delete
  14. Replies
    1. කවදත් වගේ මේ ප්‍රචාරණයට ස්තූතියි අයියණ්ඩී....

      Delete
  15. මේක ඒ සර්ට බලන්න පුලුවන්ද අයියේ. එටකොට සර්ට සතුටු හිතෙයි. හරිම ලස්සන ලියව්විල්ල්ලක්. සර්ට අපෙත් උත්තමාචාරය

    ReplyDelete
    Replies
    1. සර් මේවගේ දේවල් පාවිච්චි කරන්නෑ මචෝ.. අපේම කවුරුහරි පෙන්නුවොත් තමා. උඹවත් පිලිගන්නවා මචෝ ඉතාම සාදරයෙන්. බොහොම ස්තූතියි.

      Delete
  16. මේක ඒ සර්ට බලන්න පුලුවන්ද අයියේ. එටකොට සර්ට සතුටු හිතෙයි. හරිම ලස්සන ලියව්විල්ල්ලක්. සර්ට අපෙත් උත්තමාචාරය

    ReplyDelete
    Replies
    1. සර්ට දෙපාරක් සතුටු හිතෙයි..
      (විහිලුවට)

      Delete
    2. අඩේ මචං ඔන්න ඕක තමා ඔය ඇන්ඩ්‍රොයිඩ් ලොක්කා අපිට දෙන ටොපිය.

      Delete
  17. පරක්කු නිසා කෙටො කොමෙන්ටුවක් දාන්නම්..

    වල්ල පට්ටෙටම ලියවිලා තියේ... ඉස්තරන් සත්තරන්...

    ReplyDelete
    Replies
    1. මං ඒත් බැලුව දැන් මොකෝ මේ පැත්තෙ එවෙන්නැත්තෙ කියලා.

      ස්තූතියි අයියන්ඩී...

      Delete
    2. මං ඒත් බැලුව දැන් මොකෝ මේ පැත්තෙ එවෙන්නැත්තෙ කියලා.

      ස්තූතියි අයියන්ඩී...

      Delete
  18. හැම කෙනෙක්ටම ඉන්නව ජීවිතයෙ අමතක නොවන ගුරුඅම්ම කෙනෙක්, තාත්ත කෙනෙක්. කොයි තරම් ගුරුවරු හිටියත් එක්කෙනෙක් දෙන්නෙක් ඒ අතරින් සුවිශේෂී විදියට අපේ හදවත්වල ලැගුම් ගන්නව.විෂයකාරණා හින්ද නෙමෙයි.. මනුෂ්‍යත්වය හින්දා..

    ReplyDelete
    Replies
    1. වැසි දැරිය... ඒකනම් මේ කාලෙටම ගැලපෙන නමක්. බොහොම සාදරයෙන් පිලිගන්නවා ඔබවත්.

      ඔබ මතුකරපු කාර්ණය හරියටම හරි.ගුරුවරයෙක් උනාම විශය කාරණා නෙවෙයි,ජීවිතයත් උගන්නන්නෝනි දරුවන්ට.

      බොහොම ස්තූතියි.

      Delete
  19. ඔහොම මිනිස්සු හරි අඩුයි බන්!! හිටියත් කැපි පෙන්නේ නෑ! අපෙත් හිටියා ළමයින්ට ගහලා ඇදගෙන ඇවිත් පන්තියේ වාඩිකරවලා ඉංග්‍රිසි උගන්නපු සර් කෙනෙක්!! පෙත්සම් ගහලා එයාවත් යැව්වා බන්!!

    ReplyDelete
    Replies
    1. එහෙම කරපු කාලකණ්ණින්ට දැන් ඒ ගුරුවරයගෙ වටිනාකම දැනෙනව ඇති බං. හැබැයි මෙහෙම දෙයකුත් තියෙනවා. ගුරුවරයගෙ පීරියඩ් එක ළමයි මඟහරිනවනම් එතනත් අවුලක් තියෙනවා.ගුරුවරයට පුලුවන් වෙන්නෝනි ලමයි ආසාවෙන් කැමැත්තෙන් පාඩමත් එක්ක තියාගන්න. ඒකට හුඟක් පුහුණුවීම් කැපකිරීම් කරන්න ඕනි.

      Delete
  20. හුරේ.. මාත් එල්ලුනා නැට්ටෙ ඕං

    අපේ ඇස් පාදපු ගුරුවරුන්ට නමස්කාර වේවා !!

    මනෝෂ් උඹත් හොඳ ගුරුවරයෙක් වෙයං මචෝ..ඒකයි උඹේ සර්ට කරන්න පුලුවන් ලොකුම උපහාරය.සමාවෙයන් පරක්කු උනාට මචෝ..

    ReplyDelete
    Replies
    1. හරෙ යං හරේ.. අදින්න අදින්න.. දැන් සීට් ගාන්ට ඉන්නවා.

      තැන්කූ පත්තරේ.. ජයවේවා..

      Delete
  21. Awareta pol watenawa wage edala hitala net ekata connect wela horenma posts kiyawala yanawa. Ada nam post ekak noda yanna hitha den ne. Guruwaru kotharam hamu unat guru dewiwaru hamu une bohoma athalossak. Evan guru dewiwaru pilbanda aseemat sathutak. Eetat wada sathutui a athalossata ekatu wennata sudusu ekathu wiya yuthuma guru tharu adath paayima sambandawa. Me waanijakaranaya wechchi loke manudam lowata handa ga kiyana obata tawa tawat diriya shaktiya pathami,thanannata sundara lowak manushshayathwaya pirunu... good luck brother manosh.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔන්න ඔබව අද රාජකාරිමය විදියට පිලිගන්නවා මගේ ඉසව්වුට.දැන් වැඩේ වෙලා තියෙන්නෙ මං පෝස්ට් දාන්නෙත් අවාරෙට පොල් වැටෙනව වගේනෙ.කොහොම උනත් ඔබ පැමිණ සටහන කියවා මේ වගේ වටිනා කමෙන්ටුවකින් මේ සටහන වර්ණවත් කලාට බොහෝම ස්තූතියි.ඔබේ පැතුමට මමත් එකතුවෙනවා.

      Delete