Pages

Sandumal

Sandumal

Thursday, May 29, 2014

•අපි ආයෙත් හමු නොවුණා නම්

"ඉස්සර දවසක මිය ගිය සෙනෙහස..."




දෛවය පුදුමාකාර ය. නොසිතන මොහොතක කලින් නොදන්වා ම අපට කෙනකු මුණගස්වයි. ආදරණීය බැඳීම් ඇති කරවයි. යළිත් කිසිවකුට නොදන්වා ඒ බැඳීම් සියල්ල බිඳදමා එකිනෙකා දුරස්කර දමයි. ප්‍රේමකීර්ති ද අල්විස් නැමැති අපූරු රචකයා ඒ ගැන මෙසේ සඳහන් කරයි.

"දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමුවුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ"
(ගායනය වික්ටර් රත්නායක)

(Daiwayogayakin Nowedo - Victor Rathnayaka)

දෛවයේ වරදින් හෝ අන් කවර හේතුවකින් හෝ බිඳ වැටුණු ආදර සබඳතා තුළින් ඇතැම් විට දෙදෙනා ම දුක් විඳිති. ඇතැම්විට එකකු පමණක් දුක් විඳියි. මේ සියල්ල සාමාන්‍යයෙන් නිතර අපට දක්නට ලැබෙන සිදුවීම් ය.
එහෙත් දෛවය ඇතැම්විට ඉතා අසාධාරණ ලෙස කටයුතු කරන අවස්ථා දක්නට හැකිය. අජන්තා රණසිංහයන් පසුබිම් කරගෙන ඇත්තේ එබඳු දෛවයේ කුරිරු සරදමකි.

"අපි ආයෙත් හමු නොවුණා නම්
ඉස්සර දවසක මිය ගිය සෙනෙහස
යළි ඉපදි මා හද හඬවන්නට
අපි ආයෙත් හමු නොවුණා නම්"

මෙහිදී අපට මුණ ගැසෙන්නේ පරාජිත පෙම්වතෙකි. ඔහු වරෙක ප්‍රේමයෙන් පරාජිතයකු බවට පත්වුවද කාලයාගේ ඇවෑමෙන් අසීරුවෙන් හිත හදා ගනියි. බොහෝ හිත් වේදනා පහකර දැමීමට කාලය තරම් ඔසුවක් තවත් නොමැත. ඔහුගේ සිතේ තැළුණු රිදුණු තැන් සුවපත් කර කාලය විසින් මේ පුද්ගලයාගේ අඳුරු අතීතය වල දමා තිබිණි.



පරාජිත ප්‍රේමය පමණක් නොව තමා ආකර්ෂණය වූ සොඳුරු රූ සපුව පවා කාලය විසින් මකා දමමින් තිබිණි. එහෙත් නොසිතූ නොපැතූ මොහොතක, ඔහුට ඇය යළිත් මුණ ගැසෙයි. අසීරුවෙන් යටපත් කරගෙන සිටි සියලු හැඟීම් යළිත් ඇය දර්ශනය වීමත් සමඟ ඉස්මතු වෙයි. සුවපත් වී තිබුණු තුවාලය යළිඳු පෑරෙයි.
මේ කතකයා පවසන්නේ විරහ වේදනාව ඇය අඳුනාගෙන නොමැති බවයි. තම ආදරයට පිටුපා කලකට පෙර ඈත් වී ගිය ඇය කිසිදා විරහ වේදනාව නාඳුනන බවත් එය අඳුනන්නේ තමා පමණක් බව ඔහු ප්‍රකාශ කරයි. දෛවය කෙතරම් කුරිරු වීද යත් එකම විරහ වේදනාව ඔහුට දෙවරක් විඳින්නට සිදුවෙයි.

"ඔබ නාඳුනනා විරහ වේදනා
පෙරදා වින්දේ මා පමණයි
හුඟ කලකින් හමුවී සෝ ළතැවුල්
අදත් විඳින්නේ් මා පමණයි"

පදමාලාව සරල වුවද මේ මඟින් විවරණය වන මිනිස් හැඟීම් පිළිබඳ කතාන්දරය ඉතා ගැඹුරු ය. මක්නිසාද ආදරය තරම් හදවත් කම්පනය කරවන සංකීර්ණ හැඟීමක් තවත් නොමැති බැවිනි. ඔහු ඇයට ආදරය කරන්නට පටන් ගත්දා සිට සිහින දකින්නට පටන්ගන්නට ඇත. ඔහු තම අනාගතය පිළිබඳ ව සියලු සැලසුම් සකස් කරන්නට ඇත්තේ ඇය මුල් කරගෙන ය. ලෝකය ම ඔවුන් ගේ් සබඳකම දැන සිටින්නට ඇත. එහෙත් ඒ සියල්, ම ආයාසයෙන් අමතක කර දමමින් සිටින මොහොතක ඔහු වඩාත් ම ආදරය කරන රුව නැවතත් දර්ශනය වීම ඔහු තුළ විශාල කැලඹීමක් ඇති කිරීම සාධාරණ ය.

මට මගේ භද්‍ර යෞවනය සිහිවෙයි. කලකට ඉහත එක්තරා යුවතියක කෙරෙහි මම වැඩි ඇල්මක් දක්වමින් සිටියෙමි. එය ප්‍රේම සබඳකමක් තරම් දුරදිග නොගිය ද ඇගේ දසුන මට ඉතා ප්‍රියවිය. මා උදෑසන අවදිවන්නේ ඇගේ රුව දෑසේ ඇඳගනිමින. නින්දට යන්නේ ද ඈ පිළිබඳ ආදරණීය සිතුවිලි සමඟයි. එහෙත් යම් හේතු රාශියක් නිසා ඇයට සමීප වීමේ හැකියාවක් මට නොතිබිණි. එහෙත් ඇය දැකීමෙන් ද ඈ සමඟ කතා කිරීමෙන් ද මම මහත් ආස්වාදයක් ලැබුවෙමි. හිටි හැටියේ ම දුර පළාතකට වෙන්වයාම නිසා ඈ මගෙන් දුරස් විය. ප්‍රේම සබඳතාවක් නොමැති ව වුවද ඒ දුරස්වීමෙන්ලද වේදනාව මට තාමත් හොඳින් මතක ය. මුල් දින කිහිපයේ මට දැනුණේ විශාල ගලක් මගේ හදවත තුළ සිරවී තිබෙන්නාක් මෙනි. මගේ සටහන් පොතක මහගම සේකරයන් ගේ් කවියක් මම ලියා තැබීම.

"අරුණෝදයේ ළා හිරු රැස් 
මත නටන
පිණි බිඳුවක් ලෙසින් ඔබ මට 
මුණ ගැසිණ
දැඩි හිරු රැසින් මිරිකෙන්නට 
පෙර නිවෙන
පිණි බිඳුවක් ලෙසින් ඔබ 
අහසට නැගිණ"
(මහගම සේකර)

මෙවැනි කවි කීපයක් ම සටහන් පොත් අතර ලියා තැබුවා මට මතක ය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් ටිකින් ටික මා තුළ පැවැති වේදනාව තුරන්වන්නට විය.

මේ සියල්ල ම අමතක වෙමින් සිටියදී වරෙක ඇය හදිසියේ ම දර්ශනය විය. පසු ව නිරන්තරයෙන් ඇස දකින අඩවියකට ඇය පැමිණ තිබිණි. පැරණි වේදනාව මා තුළ වෙනදාටත් වඩා වැඩියෙන් මතුවන්නට විය. එක්තරා රාත්‍රියක මම ඒ වේදනාව පත් ඉරුවක කුරුටු ගෑවෙමි.

පසු ව එය අමරසිරි පීරිස් විසින් ගායනා කරන ලදී. 

"ඔබ ආයෙමත් ඇවිදින්
හිත හදාගත්තා විතරයි
ඔබ ආයෙමත් ඇවිදින්”
උන්නු දා පෙර අත පොවන්නට
බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුණද 
කොයි තරම්
ඔබ නොදැක සිටි දිගු කාලයේ
නෙත කඳුළු මැකුණා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්..."

(Oba Ayemath Ewidin - Amarasiri Piries)



හමුවීම් හා වෙන්වීම් වල ස්වභාවය එයයි. ඒ රිදෙන තැන් සොයා යාමට මේ ගීතයේ රචකයා මැනැවින් සමත්වෙයි. රිදෙන තැන් පහසුවෙන් සොයාගත හැකිවන්නේ ඒ රිදුම් වලින් තැළුණු හිත් ඇති මිනිසුන්ට ය. එවිට එය කාටත් සමීප විය හැකි අව්‍යාජ නිර්මාණයක් බවට පත්වෙයි. ඒ අව්‍යාජත්වය මේ නිර්මාණයේ මනා ව ගැබ් ව පවතී. මේ හමුවීම තමන්ට කෙතරම් වේදනාවක් ද යන්න රචකයා තම නිර්මාණය අවසන් කරන ආකාරයෙන් පැහැදිලි වෙයි.

"සමුගන්නට නම් අහිමි ආදරෙන්
ආයෙත් ඇයි අප හමුවන්නේ
ආදරයේ කඳුළෙන් මිය යන්නද
ජීවිත ඉරණම විසඳෙන්නේ..."

කෙතරම් මේ සොඳුරු දර්ශනය ඇසට ගැටුණ ද, ආදරය අහිමි නම් මේ හමුවීම් වල අරුතක් නොමැති බව රචකයා දැනුවත් කරයි. එසේම ඔහු පවසන්නේ ආදරයේ කඳුළෙන් ම මියයාම, තම ජීවිතයේ ඉරණම බවයි. දෛවය දිගින්දිගට ම තමාට දඬුවම් දීම නිසා ඔහු ගේ් හදවත තදින් පැරී ඇති බව ඉතා හොඳින් පැහැදිලි වෙයි.



එක්තරා රුසියානු කෙටිකතාවක් මට මේ මොහොතේ දී සිහිපත් වෙයි. එනම් ඇලෙක්සැන්ඩර් කුප්‍රින් නම් වූ ලේඛකයාගේ "රන්මිණි වැල්ල" නැමැති කෙටිකතාවයි. මෙහි ප්‍රධාන චරිතය මිය යන්නේ ආදරයේ කඳුළෙනි. විවාහක ස්ත්‍රියකට තම සිතින් ආලය කරන ඔහු ඇගේ සෑම උපන්දිනයකදීම ඇයට වටිනා ත්‍යාගයක් තැපැල් කර යවයි. ඇය කෙදිනක හෝ ඔහු දැක නොමැත. ඇගේ සැමියා වරෙක ඔහු සොයා ගොස් තර්ජනය කරයි.
එහෙත් මේ නොදුටු පුද්ගලයා සොයාගෙන යන්නට ඇය තීරණය කරයි. ඇය ඔහු සොයා ගන්නා විට ඔහු මිය ගොසිනි. එහෙත් ගැහැනියක් ඔහු සොයා පැමිණිය හොත් ඇයට දෙන ලෙසට ලිපියක් ඔහු නිවසේ අයිතිකරුට දී තිබිණි. ඒ ලිපියේ තිබුණේ මහා සංගීතඥ බිතෝවන් ගේ සංගීත ඛණ්ඩයක ස්වර ප්‍රස්තාරයකි. තමා තුළ ඇයට තිබූ ආදරය හඳුනාගන්නට නම් ඒ සංගීත ඛණ්ඩය පියානෝවකින් වාදනය කරවා ගන්නා ලෙස ඔහු ඉල්ලා සිට තිබිණි. ආදරය එවැනි පුදුමාකාර හැඟීම්වලින් සමන්විත ය.

මේ ගීතය ගැයෙන්නාවූ හඬ ශ්‍රී ලංකා ගායන ක්ෂේත්‍රයට සුවිශේෂ වූ හඬකි. එසේම ඔහු සුවිශේෂ කලාකරුවෙකි. ගීත රචනය, තනු නිර්මාණය හා ගායනය යන සෑම ක්ෂේත්‍රයක් තුළ ම විහිදී ගිය පුළුල් ප්‍රතිභාවක් ජයමහ සතු ව පවතී.

"සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට" වැනි නිර්මාණයක් හැදෑරීම ඒ සඳහා ප්‍රමාණවත් ය.

ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ පදමාලාව වත්මන් ගීත නිබන්ධකයන්ට නිහඬ උපදේශ ගණනාවක් සපයයි. ගීත පදමාලාවක් යනු වචන ගොඩක් නොව සංක්ෂිප්ත පබැඳුමක් බව ඔහු අපට ප්‍රදර්ශනය කර තිබේ.

විරහ වේදනාව පිළිබඳ හෙට දවසේත් අප්‍රමාණ නිර්මාණ බිහිවනු ඇත. මේ ලියන මොහොතේ ද, කොතැනක හෝ කවියකු ආදරයේ විරහ වේදනාව පත් ඉරුවක කුරුටු ගාමින් සිටිනු ඇත. එසේ ම කවුරුන් හෝ ඒ වේදනාව අත්විඳිමින් සිටිනු ඇත. සෝමතිලක ජයමහගේ මේ ගීතය ගුවනින් ප්‍රචාරය වන මොහොතක එය සවන් වැකෙන හදවතක්, ආදරය මිහිරි වේදනාවක් බව වඩාත් හොඳින් පසක් කරගනු ඇත. ඔහුගේ මිහිරි වේදනාව මම ද ඔවුන් සමඟින් විඳ ගනිමි.




(Api Ayeth Hamu Novunanam - Victor Rathnayake)






(ගීත විචාරය ධම්මික බංඩාර මහතා විසිනි. ඡායාරූපය අන්තර්ජාලයෙනි.)



***********************************************************************************


මවිසින් විචාරය කරන ලද ගීත විචාරයන් දෙකකට පසුව, අද මම ඔබ වෙත සුපුරුදු ලෙසම ධම්මික බංඩාර මහතාගේ ගීත විචාරයක් ගෙන ආවෙමි.

මගේ ස්වයං ගීත විචාර කියවීමට ඔබට මඟ හැරුනි නම් මේ ඒ සඳහා පිවිසුම්ය.


(මවිසින් විචාරය කරන ලද ගීත විචාර මඟ හැරුනු අයට සමීප කොට ඔවුන්ගේ ගුණදොස් ද අසා දැනගැනීම මා හට රුකුලක් වන හෙයින් මෙලෙස ඒවාට සබැඳුම් ලබා දීම ගැන මා පාඨකයෝ උරණ නොවෙත්වා..)

අද ඔබට ගෙන ආ මෙම ගීත විචාරය තුලින් ඔබට, මෙම ගීත විචාරය රසවිඳීමට අමතරව ඔබ හට ඔබ නිතර ඇළුම් කරන ගී නිධාන කතාවක්ද රස විඳීමට අවස්ථාව ලැබී ඇත. ගීත විචාර වලටත් වඩා ඔබ මෙම ගීත නිධාන කතා පිළිබඳ දැනගැනීමට බලවත් ආශාවෙන් පසුවන බව මම දනිමි. ඉතින් මෙම ගීත විචාරය තුලම අඩංගු ධම්මික බංඩාරයන් විසින්ම විරචිත, "ඔබ ආයෙමත් ඇවිදින්" ගීතය ලිවීමට ඔහුට ප්‍රස්තුත වූ කතාව මෙහිදී ඔබට කියවා දැනගත හැක. එපමණක් නොව, ඔබට කියවා රසවිඳිය හැකි අපූරු නවකතාවක් පිළිබඳව හෝඩුවාවක්ද විචාරය තුල ඔබට සපයා ඇත. එනිසා ඔබ මෙය කියවීමට වැය කරන කාලයෙන් ඔබට පාඩුවක්නම් සිදු නොවනු ඇත.

මෙම අවස්ථාවේ ඉස්මතු කරලිය යුතු ඉතාම වැදගත් කාරණාවක්ද වේ. එනම් මීට පෙර මගේ සව්යං ගීත විචාරයක් තුලදී අප සහෘද බ්ලොග් සඟයෙකු වන අරූගේ අඩවිය ලියන අරූ අයියා මතුකල කරුණකි. ඔහු මතුකල කාරණය සාකච්ඡාවට බඳුන් කිරීමට එම පෝස්ට්ටුව ප්‍රමාද වැඩි වූ හෙයින්, මෙම පෝස්ට්ටුව තුල එය සාකච්ඡා කිරීම කාලෝචිත බව හැඟුනි. ඔහු යොදා තිබූ කමෙන්ට්ටුව මෙසේයි.


ඇත්තටම ඔහු මේ විමසුව පැනය, ගීත විචාර කියවන සහ ලිවීමට උත්සාහ කරන මටද මහත් වූ ගැටලුවක්. එනම් අප ගීතයක් විචාරය කිරීමේදී එහි පදෙන් පදේ ලිහමින් ඉතා දීර්ඝව විචාරය කල යුතුද යන්නයි. මේ දෙය පිළිබඳව මට සිතෙනුයේ, අප ගීත විචාරයක් තුලින් සිදුකල යුත්තේ පාඨකයා අසන ගීතයක් පිළිබඳ ඔහු නොසිතන ඉසව්වකට ඔහුගේ සිතිවිලි මෙහෙයවා ඔහුට නවමු අන්දමකින් ගීතයේ උපරිම රසය විඳීමට අවස්ථාව ලබා දීමයි. මෙහිදී, තරමක් ප්‍රබුද්ධ පාඨකයන් හට මෙය විඳීමට විචාරය ඉතා දීර්ඝ විය යුතු නැත. ඔවුන්ට ඉතා කෙටි වාක්‍ය කිහිපයකින් ගීතයේ අරුත පහදා දිය හැක.

එමෙන්ම ඔවුන්ට ගීතයේ රූපක නැවත නැවත් වර්ණනා කලයුතු වන්නේද නැත. නමුත්, අප සියලු දෙනාටම මෙලෙස ඉහල රසඥතාවක් නොමැත. සමහර අවස්ථාවල මෙම බොහෝ ගීත මින් පෙර රසවිඳ නොමැති හෙයින් එම ගීත බහුතරයක් දෙනාට නැවුම් ගීතයන්ය. ඉතින්, මෙවැනි අවස්ථාවල ගීත විචාරයක් ඉතා දීර්ඝව ඉදිරිපත් කිරීම තුලින් ගීතයේ රසය අනූනව ඔවුන්ගේ මනසට සම්ප්‍රේශණය කල හැකිබව මම විස්වාස කරමි.

කෙසේ වුවද මේ පිළිබඳව ඉතාම හොඳින් දන්නේ සහ ඉතාම හොඳ අදහසක් පළකල හැක්කේ මෙම ගීත විචාර රසවිඳින මගේ දයාබර යහලු යෙහෙලියන්ය. ඉතින් මං ඉතා දයාබරව ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ ඔබගේ අදහස ඉදිරිපත් කරන ලෙසයි. මෙම පෝස්ට්ටුව් සඳහා ඔබ ඉදිරිපත් කරන කමෙන්ට්ස් සඳහා මෙම කාරණාවද ඇතුලත් කරන්න. මෙය අපි සාකච්ඡාවට බඳුන් කරමු. කිසිදු අදහසක් නොකීවද මෙම කාරණය පිළිබඳ ඔබ කුමක් හෝ පවසනු ඇතැයි මම උදක්ම බලාපොරොත්තුවෙන්නමි.




ප.ලි. : බ්ලොග් අඩවියේ තේමාවට ගැලපෙන අයුරින් ප්‍රෝෆයිල් පික්චර් එක වෙනස් කිරීම කාලෝචිත බව හැඟුනු හෙයින්, බ්ලොගයෙහි තේමාවට අනුකූල වන අයුරින් පිංතූරයක් ඇතුලත් කලෙමි. 


38 comments:

  1. මං නම් ගීත වීචාරය කරන්න දන්න කෙනෙක් නම් එවෙයි දන්නෙ පොත පත ක්ස්ටිය කියන දේ තමයි ,මං නම් හිතන්නෙ ගීතයක නියම රසය තමන්ට දනෙන විදියට ඉදිරිපත් කරන්න තියෙන්නෙ,මං හිතන්නෙ ඕනම දෙයක් එක් එක්කෙනා රස විදින ප්‍රමාණය හා විදිය වෙනස් ගීතයට වුනත් එක පොදු වෙන්න පුළුවන් ....එක නිසා ???(කිව්ව දේ පැහැදිලි ඇති නේ )යටින් ලියන දිග විස්තරේ මට නම් වැඩක් නෑ

    ReplyDelete
    Replies
    1. විවිධ අය විවිධ රස පරාසයන්ගේ ඉන්නෙ. ඒක හරි. ඒත්.. කීව දේ හරියටමනම් පැහැදිලි නෑ.

      ඒත් එක්කම යටින් ලියල තියෙන දේ කියල අදහස් කලේ, විචාරයට පසුව මං ඔය මොනාහරි ලියල දාල තියෙන එකද?

      Delete
    2. සඳුමල් >>>>> Download Now

      >>>>> Download Full

      සඳුමල් >>>>> Download LINK

      >>>>> Download Now

      සඳුමල් >>>>> Download Full

      >>>>> Download LINK vF

      Delete
  2. මට නම් තාම හැබැයි ආයෙත් හමුනොවුනානම් කියලා හිතෙන තරම් හැඟීමක් ඇවිත් නෑ වාසනාවක වගේ.. හුඟක් ආසාවෙන් රසවිදින ගීයක්.. කොටින්ම සෝමතිලක ජයයමහ කියන්නේ අපේ අසල්වැසියා.. අපිට සෝමතිලක අංකල් ඔය සිංදුව සංගීතය නැතුවම කියනවා අහන්න රසවිදින්න තරම් වාසනාව තිබුන හන්දා එතුමන්ගේ හැම එකකටම මම කෝමත් ආසයි...

    ReplyDelete
    Replies
    1. අම්මේ... ඒ අතින් නම් මාත් වාසනාවන්තයි. මටත් එහෙම නම් කියන්න උනේ නෑ තාම.

      ඒ කියන්නෙ දිනේෂ් මේ සොඳුරු මිනිසුන් ගැන ඉතාම රසබර මතකයන් ඇති ඔයාට. ඉතින් කැමති නැත්ද බෙදාගන්න. ලිපියක් දාමුකො ඔයාගෙ බ්ලොග් එකේ.

      අදහසක් එකතු කලාටනම් ස්තූතියි. ඒත් දිනේෂ්..මං අර සාකච්ඡා කරමුයි කීව කාරණේ ගැන මොකුත්ම කියල නෑනේ. අදහසක් කියමුද ඒ ගැනත්??

      Delete
  3. මමත් විචාර කරන්න දන්න මිනිහෙක් නෙවෙයි මචං.. ඒත් කියවන්න ආසයි..මම නං නිධාන කතාව එක්ක ආසාවෙන් කියවනවා..

    ඔතනින් දෛවයෝගයකින් නොවේදෝ කියන සිංදුව මං මාරම ආස බොහොම හැඟීම් බර සිංදුවක්..ඕකෙ ලීඩ් පාට් එක තමා ලස්සනම මට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පත්තරේ... මාත් ගොඩක්ම ආස ගීත නිධාන කතා කියවන්නයි.. ඒක නෙවෙයි, ඒ කියවීම මෙතරම් දීර්ඝ වෙනවටද කැමති, නැත්නම් ලඝු වෙනවටද?

      Delete
    2. මචං මං මගේ අදහස කියන්නං,මේක පුද්ගලික අදහස.. තව කෙනෙක්ට එහෙම නොවෙන්න පුලුවං.. උඹ උඹට හිතට දැනෙන දේ ලියාගෙන පලයං මචං.. භාශා ශෛලිය රසවත් වෙන්න හෘදයාංගම වෙන්න වෙන්න කියවීමේ වෙහෙස නිවෙනවා වගේම රුචියක් ඇති වෙනවා..තව ටිකක් පුලුවන්නං කතා කරන භාශාවටත් ළං වෙයං.. උඹ බොලං කියල නෙමේ..
      Ex .. හිතපං උල ලේනෝ සිංදුව කියල..මේ මං ලියන විදිය

      රණ් බන්ඩා පද ටික ගෙනත් කපුගේ ට දෙනවා.. ඒක කියවපු කපුගේ ටිකක් වෙලා කල්පනා කරලා රන්බණ්ඩගෙන් මෙන්න මෙහෙම ඇහුවා..
      " දැං උඹ මේක ලිව්වෙ උල ලේනෙක් ගැනමද ?"

      හෙහ් හෙහ් .. හැන්දෑවට අපි කතාකරමුකො..

      හැන්දෑවට එකතු උන සේන /කපුගේ / රණ්බන්ඩා සොදුරු සංවාදයකට මීවිත පුරණ ගමං සර්පිණාව ලං කර ගත්තා.


      ඔන්න ඔය ස්ටයිල් එක කියවද්දි මචං මට වෙහෙසක් නෑ..අපි සාහිත්‍යයට ලියපු විචාර විධිය එක පරාසයකට මිසක් හැමෝටම අල්ලන් නෑ. මටත් නං නෑ මචං..ඒක හරි බරයි. මං කියපු කතන්දරේ උඹට මීටර් නේද.පැහැදිලි කරන්න තේරෙන් නෑ බං..මීට වඩා පෝඩ්ඩක් සරල කරපං බලන්න.. එතකොට දිග නෙමෙයි මාගලක් උනත් අල්ලලා යයි නිදාන කතාව පොඩි කතාවක් කියනව වගේ කියද්දි කියල මට හිතෙනව මචෝ..උඹේ විචාර වලට විතරක්.ධම්මිකගෙ ඒව එඩිට් කරන්න අපිට බෑනෙ බං..

      Delete
    3. මේ ගැන ඊයෙ හවස පත්තරේ මට කතාකරලත් කිව්වා බං ප්‍රියා. පත්තරේ කියන කතාවත් ඇත්ත. අපි උත්සාහ කරමුකො ශෛලිය ටිකක් වෙනස් කරන්න.

      පත්තර සහෝ.. උඹට කොහොම ස්තූති කරන්නද මංද බං. ලියන්න මාර ෆිට් එකක එනවා උඹල මෙහෙම සපෝට් එක දෙනකොට.

      Delete
  4. මේකත් අර කියන්න වගේ අහල නැති සින්දුවක් තමා, අහන්න හිතුනා, සොමතිලකයන්ගේ මන් අහලා තියෙන්නේ හද නිවන ගීත තමා, එත් අර වික්ටර් රත්නායකයන්ගේ සින්දුව වගේ මොකක් හරි කරුමෙකට හම්බ වෙලා ආයේ තව කරුමෙකට වෙන්වෙනවා, අපි ඉතින් හූල්ලනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඒකනම් එහෙම තමා. ස්තූතියි අදහසට..

      හැකිනම් මං ඉල්ලා සිටි කාරණය පිළිබඳව ඔබේ අදහසත් එකතුකරන්න.

      Delete
    2. ඇත්තම කියනවනම් සින්දුවක් විචාරන්න එකේ හරයත් එක්ක ඒ වටා බඳුණු රස කතාවගේම ශෝක කතාවකුත් එකතු වෙනවනම් හොඳයි, එතකොට ඒ කතාවත් එක්ක ගීතය පටකයාගේ හදවත තුලට යනවා කියලයි මන් හිතන්නේ, ගීතය ඔබ රස විඳින විධියට නොවෙන්න පුළුවන් තවකෙනෙක් රස විදින්නේ, එකට හොඳම උදාහරණය අරක්කු, එක එකෙක් දුකට බූඩි තව එකෙක් ආතල් එකට බොනවා, එත් ඔබ ඔබට හැඟෙන දැනෙන විදියට ගීතයන් විචාරය කරනවා. අපි එව්වා කියවනවා, ඇත්තටම විචාරය විචාරායක් කියන ෆෝමැට් එකේම ඉන්න ඕනද, එක කතන්දරයක් උනාම මොකද, එකට දෙබස් දෙක තුනක් එකතු උනාම මොකද, සංවේදී අවස්ථා ඔවුන්ගේ හිතට දැනුනු අයුරින් ලිව්වම මොකද? මේවා ඔබම උත්සාහ කර විසඳ ගත යුතු පැන, ඔබ පරීක්ෂණ කර පලන්න, අපි ඔබට නිරීක්ෂණයන් ලබා දෙන්නම්, ඔබම නිගමනයකට එළබෙන්න. පත්තරගේ අදහස් කොච්චර ලයාන්විතද, ඒ ටය්ප් එක ඔබට බැරි වෙන්න පුළුවන්. ඔබ ඔබේම ටයිප් එක හොයාගන්න. ජය.

      Delete
    3. අන්න හරි. ඇත්තටම එකඟයි ඔබේ අදහසට.

      \\ඔබ පරීක්ෂණ කර පලන්න, අපි ඔබට නිරීක්ෂණයන් ලබා දෙන්නම්, ඔබම නිගමනයකට එළබෙන්න//

      මෙන්න මේක තමා ක්‍රමය.

      ස්තූතියි සොමියෝ..

      Delete
    4. ////ඇත්තටම විචාරය විචාරායක් කියන ෆෝමැට් එකේම ඉන්න ඕනද, එක කතන්දරයක් උනාම මොකද, එකට දෙබස් දෙක තුනක් එකතු උනාම මොකද, සංවේදී අවස්ථා ඔවුන්ගේ හිතට දැනුනු අයුරින් ලිව්වම මොකද? මේවා ඔබම උත්සාහ කර විසඳ ගත යුතු පැන, ඔබ පරීක්ෂණ කර පලන්න, අපි ඔබට නිරීක්ෂණයන් ලබා දෙන්නම්, ඔබම නිගමනයකට එළබෙන්න. ////

      එලකිරි සොමියා.. මං හෙන වැල්වටාරමක් ගහල ලියපු අංජබජලෙ උඹ බොහොම පිරිසිදුවට කියල තියනවා.. මට කියාගන්න ඕන උනේත් මෙන්න මේ ටිකම තමයි මචෝ.

      Delete
    5. හ්ම්..හ්ම්.. දෙන්නම කියපු කාරණේ මාත් තේරුම් ගත්තා කොල්ලනේ. අනේ මංද, උඹල මට මේ දෙන හයියට කොහොම ස්තූති කරන්නද කියල. පුලුවන් උපරිම දාල ලියන්නම්කො. උඹල ඉන්නවනෙ බං කියවන්න, මං මොනා ලිව්වත්. හදල ගනිල්ලා මේ විදියට මං ලියන අන්ඩර දෙමළ.

      Delete
  5. මේ‘ මහන්සියට ස්තූති නොකර කොහොමෙයි මේ තරං අගනා ගීත විචාර අපට ගෙන නවට..
    මං ආසම සිංදුවක්....
    දිගටම මේ වගේ වටිනා ලිපි ලියන්න ශක්තිය ලැබේවා..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මහේෂ්. ඒත් ඔබත් අර මතුකරපු ගැන කාරණය ගැන කිසිම දෙයක් කියල නෑ.

      Delete
  6. කියවීම හොද දැනුමක් ලබා දේ කියන්නේ මෙන්න මේවා කියෙව්වම.. තැන්කුයි

    ReplyDelete
    Replies
    1. ගීත විචාර පිළිබඳ මේ කියවීම මෙලෙස දීර්ඝව පවතින එකද හොඳ නැත්නම් සංක්ෂිප්ත වන එකද හොඳ?

      Delete
    2. මං ඉතිං උඹ ලියන්න පටන් ගනිද්දිම කිව්වා මොකක්ද කරන්න ඕන කියලා..

      Delete
    3. තේරුනා.. මගේම ශෛලිය.. මට ආවේණික ශෛලිය.. මට මතකයි ඔබ ඒ ගැන කිව්වා.

      Delete
  7. මේකත් මම වැඩිය අහපු නැති සින්දුවක්. ඇත්තටම ස්තූතියි මචෝ මේ ගන්න මහන්සියට.

    අර ප්‍රශ්ණෙට උත්තර දෙන්න තරම් දැනුමක් නැතත් මට හිතෙනවා දීර්ඝව විස්තර කිරීම හොදයි කියා. නමුත් ඇතම් සුවිශේෂිම අවස්ථා වලදි පමණක් නම් එය තරමක නීරස අත්දැකීමක්ද නොවෙනවා නොවේ.

    ReplyDelete
    Replies
    1. මහන්සියක් නෑ බං. කවුරු හරි රසයක් විඳිනවනම්..

      පුද්ගලිකව මාත් කැමති ගීත විචාරයක් දීර්ඝව කියවන්න. ඒක එම ගීතය ගැන හොඳ වැටහීමක් ලබා ගන්න පුද්ගලිකව මටනම් ඉවහල් වෙලා තියෙනවා.

      \\නමුත් ඇතම් සුවිශේෂිම අවස්ථා වලදි පමණක් නම් එය තරමක නීරස අත්දැකීමක්ද නොවෙනවා නොවේ//

      එවැනි අවස්ථාවක් පිළිබඳ මගේ බ්ලොග් එකෙන්ම උදාහරණයක් දෙන්න පුලුවන් නම් මට ගොඩක් වටිනවා ප්‍රියා ඒ ගැන හොඳ අවබෝධයක් ලබාගන්න.

      Delete
    2. මේ බ්ලොග් එකෙන්නම් එහෙම උදාහරණයක් දෙන්න බෑ කියලා අවංකවම කියන්න පුළුවන් මට.

      මම කිව්වෙ සමස්ත ගීත විචාරයන් ගැන.

      Delete
    3. මදැයි කොලා.. හැක්!

      Delete
  8. හරිම අගේ ඇති විචාරයක්.... ධම්මික බණ්ඩාරයන් තුළ පවතින සරල විචාර ක්‍රමවේදය ඉතාම රසවත්. ඔහු බොහෝ විට ඔහුගේ අත්දැකීම් ඉතා කෙටියෙන් ගීතය සමග සම්බන්ධ කරගන්නා අතර වෙනත් සමීපතම ගීතයන් ද එයට ඈදා ගෙන එය තරමක් පුළුල් ව සහ හරවත් ව විචාරය කිරීමට හපනෙකි....

    ReplyDelete
    Replies
    1. ඒ කතාවනම් සහතික ඇත්ත කුරුටු. ඒක තමා ධම්මික බංඩාරයන්ගේ ගී විචාරවල තියෙන සුවිශේෂත්වය. ඇත්තෙන්ම මේ ලිපි ඉතාම රසවත්.

      කුරුටු, මං ඔය ඉහළින් කීව කාරණය ගැන ඔබ ඉතාම හොඳ අදහසක් පළකරල තිබුනා මගේ කලින් පෝස්ට් එකේ. හැකිනම් ඒ කාරණය මෙතනට ගේමුකෝ.. මේ තමා ඒකට සුදුසුම තැන. ඔන්න ඒ කමෙන්ට් එකේ ලින්ක් එකක් නම් දැම්මා මං.

      http://masandumal.blogspot.com/2014/05/blog-post_23.html?showComment=1401433265573#c6797504661869913305

      Delete
    2. Meka podi illimak saho. Puluwan nam ranawara gahe mal pipena kaleta... kiyana song ekata wicharayak denna..

      Delete
    3. අනිවාරෙන්ම දෙන්නම්... හැබැයි ටිකක් කල් ඕනි.මේ දවස්වල බ්ලොග් එක පුරන් වෙලා..

      Delete
  9. දැනුනා හදවතටම දැනුනා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට..ගොඩාක්ම ස්තූතියි...

      Delete
  10. ඒක නෙවෙයි.. කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවානම් කමෙන්ට්ස් ලියනකොට ඒකට ලින්ක් එකක් දාන්නෙ කොහොමද කියල කියල දෙනවදෝ..

    ReplyDelete
    Replies
    1. මේල බැලුව මචං. ස්තූතියි උඹට ගොඩක්ම. එහෙනම් දැන් අත්හදා බැලීමක් කරමු. ලින්ක් එක උඹේ බ්ලොගට..

      ප්‍රියාගේ සිතුවිලි..

      Delete
    2. කාගෙද බං මේ ලින්ක් එක :D හැක්. අපෙත් ඉන්නව ප්‍රියා කියල එල ඩයල් එකක් බ්ලොග් ලියන.හැක් හැක්

      Delete
    3. කොයි?? උඹ ඔය කියන්නෙ අර බොක්කටම වදින්න කෙටිකතා එහෙම ලියන, පට්ට බ්ලොග් එකක් තියෙන ප්‍රියා ගැනද??

      Delete
  11. සඳුමල් >>>>> Download Now

    >>>>> Download Full

    සඳුමල් >>>>> Download LINK

    >>>>> Download Now

    සඳුමල් >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete