Pages

Sandumal

Sandumal

Tuesday, December 2, 2014

•සන්ෆ්ලවර්ස්


"කණ්ඩායම් සංගීතය සහ ප්‍රසංග වේදිකාව තුල සන්ෆ්ලවර්ස් භූමිකාව..."




පුංචි කාලෙ ගමේ ගියාම ගියපු ගමන් මං එල්ලෙන්නෙ එහේ තිබ්බ පුංචි කැසට් යන්ත්‍රයේ. මං දාගන්නෙ ඒ දවස්වල බොහොම ජනප්‍රිය වෙලා තිබ්බ සන්ෆ්ලවර්ස්ලගේ සාස්තරේ කැසට පීස් එක. මගෙ මාමා, අම්මගෙ මල්ලි ඒ දවස් වල ඉලන්දාරියෙක්. ඉතින් ඔය වගේ ඒ කාලෙ නැගලම යන කැසට් පට එකක්වත් එහේ මඟ ඇරුණෙ නෑ ඒ නිසා. ඒ අතරින් මගේ හිත ගිය මං ආසම කැසට් එක තමයි සන්ෆ්ලවර්ස්ලගේ මේ සාස්තරේ. ඒ කාලෙ සුභාවිත ගීත රසවිඳීන්න තරම් මනසක් නොතිබුන මං මේ කැසට් පටයෙ ගීත වලට බොහොම ආකර්ෂණය උනා. සමහර විට ඔයාලටත් ඒ කැසට් එක මතක ඇති. ඒක රතු පාටයි. ඒකෙ කේස් එක අනිත් ඒවගේ වගේ නෙවෙයි. ටිකක් වෙනස්. ඒක නිකන් පොඩි පොතක් වගේ. පිටකවරෙ සන්ෆ්ලවර්ස් මුලු ගෲප් එකේම ෆොටෝ එක තිබුනා. ඒකෙ කලු පාට තොප්පියක් දාලා කලු සන් ග්ලාස් දෙකක් දාගෙන ඉඳපු නෙල්සන් වාස්ගෙ රූපෙ මගෙ හිතේ හොඳට ඇඳිල තිබුනා. ඉතින් ද්‍රශ්‍ය මාධ්‍ය සමීප නැති ඒ කාලෙ, මං හිතෙන් මවාගත්ත මේ සෙට් එක මේ සිංදු කියන විදිය.

ඉතින් ගීත විදියට මගේ හිතේ ගැඹුරින්ම තැන්පත්වෙලා තියෙන මේ සන්ෆ්ලවර්ස්ලගේ ගීත සාහිත්‍ය ඔවුන්ටම අනන්‍ය වූ ඒ සංස්කෘතිය ගැන අද ගී සංවේදනාවෙන් කතා කරන්න මං තෝරගත්තා.

පුද්ගලිකව මං ඔළුවට, හදවතට මිසක් කකුල් වලට ගායනා කරන ගීත සාහිත්‍යයට කිසිම මනාපයක් නෑ. මොකද ඇහුවෙ මොකක්ද, ඒකෙන් කිව්වෙ මොකක්ද කියලවත් ඔලුවට නොයන, කකුල් වලට අහන ගීත වලින් මිනිසා තුල හොඳ රසිකත්වයක්, ගී වින්දනයක් හෝ ගීය තුලින් සමාජ භාවිතයක්, ජීවිතාදර්ශයක් නොලැබෙන බවයි මගේ විස්වාසය. ගීතයක් තියෙන්නෙ විඳින්න මිසක් විඳවන්න නෙවෙයි. ඉතින් ඒ ගීයෙන් වෙන්නෙ නෙටුම් තෙල් භාගෙකින් සන්තර්පනය වෙලා වැලි කාගෙන පස් කාගෙන බිම වැතිරිලා දාඩිය පෙරාගෙන කකුල් කෙඩෙත්තුව හැදෙනකල් කොකු පණුවන් සේ ඇඹරෙමින් වද විඳීමනම් එය ගීතයක් විඳීම නෙවෙයි කියන එකයි මගේ මතය. ඒ නිසාම මං එවැනි ගීත වලට, එවැනි ගීත ගයන ප්‍රසංග වේදිකාවට කැමති නෑ.

නමුත් ඒ මගේ මතය පමණයි. සියල්ලන්ගේ මතය එය විය යුතු බවවත්, ප්‍රසංග වේදිකාව හරසුන් බවවත් නෙවෙයි මං සාධනය කරන්න යන්නේ. හුදෙක් මෙය මගේ මතයම පමණයි. එය ඔබේ මතය විය යුතු නෑ, එලෙසම එය ඔබේත් මතය බවට පත් කරවන්න මං උත්සාහ ගන්නෙත් නෑ. ප්‍රසංග වේදිකාවෙන් මා නොලබන වින්දනය ලබන අය ඕනෑ තරම් සිටී. එසේ නොවන්නේ නම් ප්‍රසංග වේදිකාව මෙතරම් දුර ගමනක් පැමිණීම සිදුවිය නොහැකියි.

ඒ කෙසේ වුවත් මා හට අමතක කල නොහැකි, පිළිකුල් කල නොහැකි, එසේම බැහැර කොට හිතින් අහක් කල නොහැකි ප්‍රසංග වේදිකාවක් තියෙනවා. ඒ තමයි සන්ෆ්ලවර්ස්ලගේ ප්‍රසංග වේදිකාව. ඒකට හේතු තියෙනවා. එසේ නොමැතිනම්, සුභාවිත ගීය රසවිඳින, ඊට පෙම් කරන අප වැන්නවුන් හට ඔවුන්ගේ වේදිකාව, වේග රිද්ම ප්‍රසාංගික වේදිකාව මෙතරම් රහ වීමට නොහැකියි. ඔවුන් ලංකාවෙ අනෙකුත් සංගීත කණ්ඩායම් අතරින් විශේෂයි නොව සුවිශේෂයි. ඒ කාරණා කිහිපයක් නිසා. ඔවුන් ලංකාව තුල අලුත් ගී සංස්කෘතියක් බිහිකලා. ඔවුන් ලංකාව තුල සංගීත විප්ලවයක් සිදුකලා, ඔවුන් සුභාවිත ගීයෙන් ගැයූ කම්කරු පංතියේ හඬ, ගොවි ජන හඬ, ධීවර හඬ, සාමාන්‍ය මනුස්සයාගෙ හඬ, වේගරිද්මයෙන් ගයන්නට උනා.

ඒ නිසාම සුභාවිත ගීත වැළඳනොගත්, ඒ කෙරෙහි අවධානය යොමු නොකල රසිකයන් හට තමන් ආදරය කරන වර්ගයේ ගී රාශියක් තිලිණ උනා. වේග රිද්මයෙන් තමන් ගැන ගැයෙන්නට උනා. ඔවුන් ආදරය කියන සංකල්පය බොළඳ ගී බවට පත්කරල දියාරු තාරුණ්‍යයක් අඬන තාරුණ්‍යයක් බිහිකරවාගෙන, තමන් වටා ඒකරාශි කරගන්නවාට වඩා රටේ ඇත්ත ප්‍රශ්න ගැන, කම්කරුවන් ගැන වැඩකරන මිනිස්සු ගැන, කාලින ප්‍රශ්න ගැන ගී පිට ගී ගැයුවා. එනිසා රිද්මය වෙනස් උනත් සන්ෆ්ලවර්ස් කපුගේ වගේම මේ රටට, මේ රටේ මිනිස්සුන්ට ඔවුන්ගේ හදවතට ගී ගැයුවා. 

මේ සටහන කියවගෙන යනකොට ඔබේ හිත ඔබටත් නොදැනිම අතීතෙට යනව ඇති. සන්ෆ්ලවර්ස් ගැයූ ගී සිහිවෙනව ඇති. නිරායාසයෙන් ඒ තාලයට ඔබේ පා බිමට තට්ටු කරනු ඇති. ඔබේ හිස දෙපසට සෙලවෙනව ඇති. ඔවුන් ඔබේ ජීවිතයෙන් බොහෝ කාලයක් ඔබ සමඟ රැඳී උන්නා. ඒ නිසාම ඔවුන් පිළිබඳ මතක, ඔවුන්ගේ ගී පිළිබඳ මතක, ඒ සංවේදනාවන් ඔබට මේ මොහොතේ සිහිවනවා ඇත.

"පාර්වතී ඔබෙයි මගෙයි පෙම් කතන්දරේ
මම ලියාතියන්නම් කෙහෙල් කොලේ..
වංගෙඩියෙන් මෝල් ගහක් වෙන් උනා වගෙයි
මාව දාල ඇයිද උඹ ගියේ.."


(සන්ෆ්ලවර්ස් සංගීතයට මුසුවූ ගීය සොයා ගැනීමට අපහසු විය. නමුත් මෙයද නීල් වර්ණකුලසූරිය විසින්ම ගායනා කරයි.)


එලෙස ප්‍රේමය ගැන ඔවුන් නැවුම් ආකාරයකින් ගී ගයන ගමන්ම අපේ රටේ ප්‍රධානම වෘත්තීන් දෙකක් වන රට මැද ගොවිතැනයි. රට වටේ ධීවර කර්මාන්තෙයි එකට සුසංයෝග කරමින් ඔවුන් විඳින දුක ඔවුන්ගේ කඳුලැල් වගේම හසරැල්ද නිරූපණය කරමින් අපේ මුවුන් කිසිදා නොගිලිහෙන ගීයක් අපට දායාද කලෝය. ධීවර ගොවි සුහදතාව එකමුතු කම ගීයෙ මතු පිටින් නිරූපණය වුවද ඉන් ගැඹුරට විහිදී ගිය කාරණයක් ඒ තුල ඔවුන් නිරූපණය කොට ඇත. එනම් රටට බත සපයන ගොවියගෙයි, රටට මාළු සපයන ධීවරයගෙයි සමාජ කාර්‍යභාරයයි. ඔවුන් මේ රටේ ස්වයං පෙෂණයට, ආර්ථිකයට දක්වන දායකත්වයයි.

"ඔරුවේ නැගිලා කිසි බයක් නෑ හිතේ
මුහුදේ ගෙවිලා යයි අපේ ජීවිතේ
නඟුලේ බලයෙන් මඩ තලන්නේ කෙතේ
අපගේ සුවඳයි ඔහෙලාගෙ බත් පතේ..."



එමෙන්ම, ඔවුන් ගැයූ මා මහත් සේ ඇලුම් කල තවත් ගීයක් වේ. මත් පැන්, මිතුරන් සතුරන් කරන, සතුරන් මිතුරන් කරන, වරෙක මිතු දම් ශක්තිමත් කරන හරි අපූරු සාධකයක්. කෙසේ වුවත් මත්පැන් වලින් මිනිසාගෙ හිතේ අභ්‍යන්තරයේ ඇති සිතුවිලි කරලියට ගෙන ඒමට සමත් පානයක් ලෙස මම විස්වාස කරමි. එනම් බොක්කට දාගත් පසු බොක්කෙ ඇති දේවල් එලියට ගන්නා දියරයකි. එනිසා සතුරන් හඳුනා ගැනීමටත්, උඩින් ඉන්න මිනිසා යටින් ඉන්න තිරිසනා හෝ දෙවියා හඳුනා ගැනීමටත් එක් අතකට මෙය උපකාරී වේ. එනිසා බීල බීල ජොලියේ කොච්චර සිංදු කිව්වත් ඒ අතුරු මිතුරු හැලියේ ඇතැම් විට ලෝදිය උතුරා යා හැකියි. අන්න ඒ යථාර්තය හරිම සරල වගරිද්ම ගීයක් විදියට සන්ෆ්ලවර්ස්ලා සමාජයට අරන් ගිය විදිය ඉතාම අපූරුයි.

"බීල බීල ජොලියේ අපි සිංදු කියන්නේ
අතුරු මිතුරු හැලියේ ලෝදිය උතුරන්නේ
දැම්මට පාටි..ඩෝන්ට් බී නෝටී
ඔහ්.. යූ බර්ටී..යූ ආ නවු නෝටී..
බීලා පිස්සු නටන්නේ
නෝනා කොස්ස ගෙනෙන්නේ.."



ඒ වගේම මත් පැන් භාවිතය තමන්ගෙ දුක ශෝකය තුනී කරන්න යොදාගැනීමට අයෙකු යොමුවෙන අයුරු, තමන් ජීවත් වන සමාජයෙන් ලබන ද්‍රෝහි වීම, කලකිරීම්, හැරයාම්, විරහ වේදනා, චපලත්වය හමුවේ යහපත් තරුණයන් මත් පැනට හුරුවන අයුරු ඔවුහු ගීයෙන් ගායනා කලහ. කිනම් හේතුවකට හෝ මත් පැනට හුරු වීම සාධාරණීකරණය කල නොහැකි මුත් පවතින සමාජ යථාර්තය ඔවුන් ගීයෙන් සාර්ථකව නිරූපණය කලා..මං දන්නවා, මතක් වෙනකොටත් ඔබ බොහෝ දෙනෙක්ට නැටවෙනව ඉබේම. කොටින්ම ප්‍රසංග වේදිකාවට අකැමති මටත් මේ සිංදු වලටනම් නැටවෙනවා.

"මුළින්ම මට නුඹේ සිසිල දැනුණේ
ඇය වෙනකෙකුගේ පහස ලබූ දවසේ
වෙන තුරුළක චපල එයා නැලවේ
උඹ තුරල් වෙලා ඉඳපන් මගෙ පපුවේ

බෝතලේ..... මගේ බෝතලේ
නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ.."

මේ පද රචනාවෙත් තියෙනවා විශේෂත්වයක්. ඒ තමයි, විරහ වේදනාව දුරු කරගන්න බෝතලේක පිහිට පැතුවත්, ඒ බෝතලයත් තමන්ව දාල යනවා තමන්ගෙ අතමිට හිඟ වෙච්ච දවසට. ඒ කියන්නේ, නෙල්සන් වාස් මේ කියන්නෙ බූට් එකට බෝතලේ බදාගන්න කියන එක නෙවෙයි. ඒක එහෙම කරගන්න එක විසඳුමක් නෙවෙයි කියන එකයි.

"උඹෙ යාලුවෝ ඔක්කොම මම වගේදෝ
චපල පෙමක අවසන් ප්‍රතිඵලේදෝ
භවෙන් භවය හොයාපු සැනසුමදෝ
උඹට එහා තව නිවනක් වේදෝ

ළඳකට බෑ පෙම් කරන්න සමසේ
උඹට හැකිය සලකන්නට එකසේ
ඒත් අඟහිඟකම් ඇති වුණදා නිවසේ
උඹත් මාව දාලා යාවි දුකසේ..."



සන්ෆ්ලවර්සලා ගායනා කල තවත් කාලීනතම ගීයක් තමයි ඊළඟට ඔබට මතක්කරල දෙන්න හදන්නේ. අපේ රටේ වසර 30ක කාලයක් ඇදි ඇදී ගිය කුරිරු යුද්ධයක් තිබුනා. ඒ යුද්ධය මේ රටේ නිර්මාණය කලේත්, එහි පැතිරීමට වගකිව යුත්තේත් මේ රටේ හිටපු පාලකයන්මයි. ඒ වගේම ඇතැම් පාලකයන් මේ යුද්ධය පවා අයුතු විදියට තමන්ගේ වාසි, ලාබ ප්‍රයෝජන සඳහා යොදාගත්තා. කොටින්ම කිව්වොත් යුද්ධය වවාගෙන කෑවා. නමුත් ඒකෙන් බැට කෑවෙ මේ රටේ සිංහල මුස්ලිම් ද්‍රවිඩ සාමාන්‍ය ජනයා. ඒ මිනිසුන් වෙනුවෙන්, ඔවුන් විඳින පීඩාව වෙනුවෙන්, මේ අසාධාරණය වෙනුවෙන් සන්ෆ්ලවර්ස් ඔවුන්ගේ හඬ අවධිකලා.

"එළාර දුටු ගැමුණු යුද්ධය තේමාවුණු
නාට්‍යයක් නැටුවලු ඉස්සර කාලේ
දැන් කාලෙ වගේමලූ යුද්ධ කතා බලන්නමලු
වැඩි දෙන එකතුවුනේ ඉස්සර කාලේ..."



අදටත් ග්‍රවුන්ඩ් එකේ බැහැල ක්‍රිකට් ගහන අපේ ක්‍රීඩකයන්ට වඩා ඒ ගැන දන්නේ ජීවිතේට බැට් එකක් අතින් අල්ලලා නැති පණ්ඩිත විචාරකයන්. අනේ ඒ වෙලාවටනම් හිතෙනවා අපේ කොල්ලො ටික ග්‍රවුන්ඩ් එකෙන් එළියට අරන් මෙයාලව ඇතුලට දැම්මනම් හොඳයි කියලා, කරන අපූරුව බලන්න. ඔන්න ඕක සන්ෆ්ලවර්ස්ලට මෙන්න මෙහෙම හරි අපූරුවට දැනුනා.

"දින්න දාට කොල්ලෝ ෂා නියමයි කියලා
කරවට මල් මාල දමනවා එකක් දෙකක් අයියෝ
පැරදුනාම ගොයියෝ මොකක්ද මේ කළේ අහනවා..."



ඒ අතරම ඔවුන් සතුව ඉතාම හොඳ උපදේශාත්මක ගීත සාහිත්‍යයක් තියෙනවා. ඔබට යළිත් සිහිවෙනව ඇති පහත ගීතයන්..

දකින දකින දේ කරන, අනුන් වගේ කරල අමාරුවේ වැටෙන මිනිස්සුන්ට ඔවුන් මෙහෙම ගැයුවා..


"තොප්පි වෙළෙන්දෙක් දවසක් දා
තොප්පි ගොඩක් කර තියන් ගියා
චුට්ටක් වැඩියෙන් අරගත් හින්දා
නිදිමත වගෙ දැණුනා..."



ඒත් එක්කම මෙන්න මේ ගීතය මටනම් හැඟෙන්නෙ සන්ෆ්ලවර්ස්ලා තුන් කල් දුටු ගීයක් විදියටයි. මොකද එදාට, අදට වගේම හෙටටත් මෙම ගීතය එක වගේම අපූරුවට ගැලපෙනවා. බලන්න මේ කියන විදියෙ අය අපි අතරත් ඉන්නවද කියලා.

"ලෝකෙ වැරදි හොනවා
හරිදේ හොයාගන්නවා
ඒත් වරද හරිය කරල දානවා
ලොවට බනම කියනවා
ආගම පෙරට දානවා
වතුර යටින් ගිණි ගෙනියනවා.."



ඒ වගේම අපේ සමහර උදවිය ඉන්නවා අඳින ඇඳුමෙන්, කන බොන කෑමෙන්, හැසිරෙන විදියෙන් පමණක් සිංහල කම මනින. නමුත් ඇත්තටම මේ සුදු සරම් පොරවගෙන ඉන්න, ලෝකෙට පේන්න අල බතල මයියොක්කා කන මේ උදවියම තමයි ජාතිය වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම ද්‍රෝහිකම් පාවාදීම් කරන්නෙ. ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා රට රටවල් වල ගියාම කැඩිච්ච ඉංග්‍රීසියෙන් කතාකරන්න පටන් ගත්තාම තමන් සිංහලද කියලත් අමතක වෙන. අර අපි කියන්නෙ කලු සුද්දො, ගොඩ සුද්දො කියලා. ඔන්න ඔය දෙගොල්ලන්ටම ඔවුන් මෙලෙස ගායනා කලා.

"ආරිය සිංහල කිට් එක ඇන්දට
අල බතලයි මයියොක්කයි කෑවට
කොණ්ඩය පීරා පොල්තෙල් ගෑවට
හොඳ සිංහලයෙක් වෙයිද මචං.."


video



මීට අමතරව ඔවුන් ගැයූ අපේ හදවත් වලින් කිසි දින නොමැකෙන ගීත රාශියක් පවතිනවා.

"බ්‍රින්ග් ද රබානා හරි අප් බ්‍රින්ග් ද රබානා
බයිල සෙෂන් මීගමු වැල්ලේ.."

"උන්නත් ගජ ඉළන්දාරි ගමක් පුරවලා
බැලුවොත් මං එක පාරක් අඩිය හප්පලා.."

"පිං මාළු වලේ කුසල් හාමි මාලු බානවා
සිල් අරන් ඇවිත් සීලවතී මකුණො මරනවා.."

"ඉපදුනු දා පටන්ම ආදරයෙන් මා හදා
වැඩු බව ලොව මට කිව්වා.."

"මම උගතා මම ජගතා
කියලා කයිය ගහන මහදැනමුත්තේ.."

මීළඟට නෙල්සන් වාස් ගයන මං අතිශය ඇලුම් කරන ඉංග්‍රීසි ගීයක් තිබ්‍රන්වා, ඔබටත් මතක ඇති.

"I can't live without you.."



ඉතින් මෙවන් එකී නොකී මෙකී ගීත රාශියක්, අරුතින් පිරි ගී රාශියක් වේග රිද්ම සංගීතයට, ප්‍රසංග වේදිකාවට දායාද කල මෙම කණ්ඩායම පිළිබඳ මගේ තියෙන්නෙ බොහොම ගෞරවයක්, මනාපයක්. අද සමඟ සැසඳීමේදී ඒ හැඟීම තවත් වැඩිවන අතරම හතු පිපෙන්නාසේ පිපී මිලින වී යන අනෙකුත් සංගීත කණ්ඩායම් පිළිබඳ කලකිරීමක්, අප්‍රසාදයක්ද මතුවෙනවා. ඒ වගේම අද ජනප්‍රියත්වයක් උරුම කොටගෙන තිබෙන අනෙකුත් සංගීත කණ්ඩායම් වලට සන්ෆ්ලවර්ස්ලා සම කිරීමට නොව ඒ ආසන්නයටවත් යාම සිහිනයක් පමණක්ම වනු ඇත.

මං උදාහරණයක් කියන්නම්. සන්ෆ්ලවර්ස්ලා සමඟ අනෙකුත් ගායක කණ්ඩායම් සියල්ල වේදිකාවකට නැංවුවද, අනෙක් ගායන කණ්ඩායම් වලට එක දිගට පැය හතර පහකට වඩා ගයන්න තමන්ගේම කියල ගීත නොමැත. නමුත් සන්ෆ්ලවර්ස්ලාට අනෙකුත් කිසිදු ගායකයකුගේ පිහිටක් නොලබා දවසක් වුවද ගැයීමට තමන්ගේම කියා ගී නිර්මාණ විශාල ප්‍රමාණයක් පවතී. ඉතින් මේ අඩුව වසා ගන්නට අනෙකුත් බොහෝ ගායක කණ්ඩායම් වෙනත් ගායකයන්ගේ ගායිකාවන්ගේ ගීත ගයමින් වේදිකාවේ රැඳී සිටිනු පෙනේ. එසේත් බැරිකොට නන්දා මාලිනිය වැනි ගායිකාවන්ගේ ගීතද පිරිමින්(හිතන විදියට ) විසින් ගැහැණු හඬින් ගායනා කරමින් දඟලනු දක්නට ලැබේ. ඉතුරු හරියට කාලයට අනුව ජනප්‍රිය වෙච්ච හින්දි ගීත යලි යලිත් "පට්ට ගසනු" දැකිය හැකිය.තමන්ටම කියා ගී නිර්මාණ, තමන්ට ආවේණික වූ සංස්කෘතියක් පැවතියේනම් ඔවුන්ට මෙලෙස හිඟා කෑමට සිදු නොවනු ඇත. මෙය කම්මැලිකම සහ නොහැකියාව හැර වෙන කුමක්වත් නොවේ.

එනිසා මා තරයේ විශ්වාස කරනු ලබනු දේ නම්, ප්‍රසංග වේදිකාවේ, කණ්ඩායම් සංගීතයේ අසහාය ගායක කණ්ඩායම, අසම සම ගායක කණ්ඩායම් සන්ෆ්ලවර්ස් බවයි. එහි නියමුවන් වූ නීල් වරණකුලසූරිය, නෙල්සන් වාස් ඇතුලු පිරිසට එහි ගෞරවය හිමිවිය යුතුයි. ප්‍රසංග වේදිකාවේ ඔවුන් දෙදෙනාගේ වියපත් නොවූ තාරුණ්‍යය හමුවේ අනෙකුත් කණ්ඩායම් වල නායකයන් ගායකයන් සුකිරි බටිල්ලන්මය. වියපත් මහල්ලන්මය.

මෑත දිනයක මා වැඩ නිමවී තරමක් රෑ බෝ වී නිවසට යන මොහොතක වර්ථමානය වනවිට රටේ ජනතාව අතර අපකීර්තියට ලක් වූ ආණ්ඩුවේ රූපවාහිනියක එක් ලොතරයි පතක් හඳුන්වා දීම නිමිති කොටගෙන සන්ෆ්ලවර්ස් සමඟින් වූ සංගීත සන්දර්ශණයක් විකාශය වෙමින් තිබුනි. එහිදී මගේ සිත අතීතයට දිව ගියේ සන්ෆ්ලවර්ස් ගායක කණ්ඩායමේ ගීතයන් රැසක් යළි සිහියට නංවමිනි. එනිසාම කාලයකට ඉහත ළමා කාලයේ මා රසවිඳි ඔවුන්ගේ "සංගීත සාතරේ" ගී ඇල්බමය නැවත රසවිඳීමේ නොනිමි ආශාවක් මට ඇතිවිය. ඉතින් පසු දින අපේ දයාබර සිංදු ඇනෝට ස්තූතිවන්ත වීමට මට එම ඇල්බමයේ ගීත නැවත ලබා ගැනීමට හැකිවිය. පසුගිය දින කිහිපයේම මම ඒවා නැවත නැවතත් රසවිඳීමි. ඉතින් එම රසය එම අතීත මතකය ඔබ සමඟත් බෙදා ගැනීම වෙනුවෙන් මෙම සටහන මෙලෙස මෙහි තබන්නට සිත් විය..

සන්ෆ්ලවර්ස් ජනප්‍රියම ගී කිහිපයක් ඔබට මෙතනින් ගොස් බාගත කරගැනීමට හැකිවනු ඇත..

එසේනම් රසවිඳිමු.. මතකය අලුත් කරගමු.. කතාකරමු..







111 comments:

  1. Replies
    1. දැං සිංදු ටික අහන ගමන්

      Delete
    2. අහපන් අහපන්. නටන්න දන්නෙ නැතිවුනාට මටනම් ඇහෙනකොටත් නැටවෙනව බං..

      Delete
  2. මම ආසම සිංදුවක් තිබුන "රාග තාල මාරුවෙවී පාදයේ " මුලින්ම බෑන්ඩ් එකේ හිටියෙ සුපිරි සෙට් එකක්.
    තාත්තට හොරෙන් හෙඩ් ෆෝන් දාල තමයි සලාදේ ඇහුවෙ. කොච්චර අහල තියනවද කියනවනම් තාමත් කට පාඩම්.

    ReplyDelete
    Replies
    1. පොස්ට් එක රස විදින්න වෙන්නෙ රෑට තමයි

      Delete
    2. කම්මලේ එකේ කොහොමද අයිවෝ කාරයා "ගමනේ යෙදිලා යනහැටි බලලා " කියන තැන ..
      ඇහෙනවා වගේ බන් තවම ...

      Delete
    3. කම්මලේ... ඔන්න ඔපේ සිංදු ඇනෝ ඒ ගීතය දාල තියෙනවා පහලින්. මං ආසම "සාස්තරේට". ඒක මහ පුදුම සංගීතයක් බං.

      Delete
    4. සිංදුවෝ.. සන්ෆ්ලවර්ස්ලගේ සිංදු බොහෝමයක ඔය ලක්ෂණය තියෙනවා. ගීතයේ එක්තැනක් අමතක නොවන විශේෂිත ආකාරයකට ගයනවා. ඔවුන්නම් විශිෂ්ඨයි.

      Delete
  3. මම හිතුවා උඹ මේක පොස්ට් එකකට ගනියි කියලා .....නියමයි
    මම කැමති මේකට ....

    ඉගිල්ලෙන්න උඩින් යන්න ඇයි දඟලන්නේ
    මිනිස්සුන්ට කකුල් දෙකයි තටු නැහැ එන්නේ
    ගමනේ යෙදීලා යන හැටි බලාලා
    ඇද කුද හොයාලා කියනව ගොතාලා
    රාග තාල මාරු වෙවී පාදයේ
    ඉඳල හිටල දකින ගමන මාවතේ
    ගමනේ යෙදීලා යන හැටි බලාලා
    ඇද කුද හොයාලා කියනව ගොතාලා
    ගෑණියෙක්ද පිරිමියෙක්ද නෑ තේරුණේ
    පද්දයි උකුල් කලාපේ
    අපි ඔහෙ ඉන්නෙ අනේ අපේ පාඩුවේ
    තරහද ඒයි මේ අනේ
    වෙද්දු හෙද්දු දොස්තරු කලාකාරයො
    ඩෝප් දාන වීරයෝ කචල් කාරයෝ
    ඔය මොක්කු මොක්කු ළං වුණත් අපේ හාදයෝ
    කොක්ක කැත්ත නං එපා අපිත් යාළුවෝ
    ඇවිදින මල මිනී වාගෙ ගමන් යන එන
    ඩ්‍රැකියුලාල ඉඳියි ඔරවන
    ගාල කඩපු හරක් වගේ කඩා බිඳගෙන
    තව සමහරු යන්නෙ පිඹගෙන
    ගෑණු පිරිමි මේ වගේ ගමන් කරනවා
    මේව දැකල දෙයියනේ බයත් හිතෙනවා
    කාසි වාසි හම්බුණාම ලැබුණ උන්දලා
    පාරෙ යන්නෙ බොඩිය පුම්බලා
    මහන්තත්වෙ ඔළුවෙ තියෙන අපේ මෑන්ස්ලා
    උඩින් උඩින් යන්නෙ පියඹලා
    එකා වාගෙ ඉපදී එක වාගෙ ඇවිදලා
    ලොකු වුණාම ගමන් බිමන් ඇයි වෙනස්වෙලා

    - සන්ෆ්ලවර්

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ.. මේක ගැන ලියන්නම හිතුනා. මං උඹෙන් එදා සිංදු ටික ඉල්ල ගත්ත වෙලෙත් කිව්වේ. මට තව එක සිංදුවක් හොයාගන්න තියෙනව බං. ඔය "සාස්තරේ" කැසට් එකේ තිබුන හින්දි සිංදුවක්. මගේ උච්චාරණය හරිද මංද, ඒත් ඒක මට ඇහුණෙ මෙන්න මෙහෙම. "පොඩිනල ඉෂ්ක මිටා.." ඒක තාම හොයාගන්න බැරිවුනා.

      Delete
    2. // රාග තාල මාරු වෙවී පාදයේ
      ඉඳල හිටල දකින ගමන මාවතේ//

      මම කැමතිම අතුල ගායනා කරන මේ ටිකට.

      Delete
    3. මචෝ ඔය සින්දුව කිවේ සිහ ශක්ති නේද ? මට මතක විදිහට "ඕ ගොඩි නළු ඉසිකොමිටා "

      මේ තියෙන්නේ



      Delete
    4. කම්මලේ.. ඒක හරි. එක එක කෙනාට විවිධ තැන් සියුම්ව දැනෙනවා.

      සිංදු, අනේ මංද බං, හැබැයි මට හොඳට මතකයි ඔය සිංදුව සන්ෆ්ලවර්ස්ලගේ සාස්තරේ තිබුනා. හැබැයි ඕක ලංකාවෙ කවුරුවත් ලියපු ගීයක් නෙවෙයි. හින්දි ගීයක්. ඒ නිසා කණ්ඩායම් කිහිපයක්ම ගායනා කරල ඇති.

      Delete
    5. නිවටයා මමයි ඔබේ මිතුරන් අතරේ.
      යාචකයෙකි ඔබේ ආදරේ හමුවේ
      සිංදුව දාපන් මගේ සින්දු මස්සිනේ..

      Delete
    6. "විකටයා මමයි ඔබේ මිතුරන් අතරේ
      නිවටයෙක්ය මගේ මිතුරන් අතරේ....
      උන්මන්තකයෙකි මම ඔබගේ නිවසේ
      යාචකයෙකි ඔබේ ආදරේ හමුවේ "
      මෙන්න තියනවා

      Delete
    7. ස්තූතියි මෙන්ඩියෝ... ඔය සිංදුව අමතකවෙලා තිබුනේ.

      Delete
    8. සින්දු ඇනෝ.. උඹේ මෙහවරනම් කියල වැඩක් නෑ බං... තැන්කිවු වේවා..

      Delete
  4. ඔය උඔ දාලා තියන පලවෙනි සිංදුව කියන රඡරට ශාප් මගේ ගමේ බේස් ගහන ප්‍රියන්තයා ඩ්‍රම් ගහන ප්‍රියංකයා සිංදු කියන බඩි අපි එකට කාපු බිපු උන් අපි උසස්පෙල කරන කාලේ උන් බැන්ඩ් එක පටන් ගත්තේ පලවෙනි නම ගැන්ස්ටර්. උන් ප්‍රැක්ටිස් කරේ අපි පාඩම් කරපු යාලුවගේ ගෙදරට ටිකක් එහා ගෙදරක පාඩම් කරන එක කෙසේ වෙතෙත් ගෙනපු කෝපි බෝතලේ බිලා බේසා කඩෙන් උස්සන් එන සිගරට් පැකට් එක බිලා උන් එක්ක සිංදු කියනවා..මමත් උන් එක්ක කානිවල්වල මගුල්ගෙවල් වල සිංදු කියලා තියනවා..බොහොම අමාරැවෙන් උඩට ආපු කොල්ලෝ ටිකක්.
    උඔ මේ වගේ ලිපියක් ලියපු එක වෙනසක් වගෙම වටිනවා..
    ට්‍රිප් එකක් යනකොට දෙකක් දාගත්තාම ඉතින් සන්පලවර් සිංදු තමයි මතක් වෙන්නේ.
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. තමන්ගෙ සමීපතමයන්, මිතුරන් එහෙම තැනකට ඇවිත් ඉන්නකොට ළඟින්ම හිටපු මිතුරන් විදියට හිතට මේ වගේ අහිංසක සතුටක් ආඩම්බරයක් ඇතිවෙනව තමයි බං. අපි ඔවුන්ට සුභ පතමු. ලස්සන දීප්තිමත් අනාගතයකට. ඔවුන්ගේම වූ නිර්මාණ තුලින් ඔවුන්ගේම අනන්‍යතාවයකින් ජනතාව අතර මතකයේ සදාකල් රැඳීමට.

      Delete
    2. ගැන්ස්ටර්ස්ලගෙ

      - බ්‍රෑන්ඩ් එක ගල් -
      පුරේ කොල්ලන්ට ජය වේවා !!!!

      Delete
    3. කොහෙද බොල මකබැවිලා හිටියේ ???????

      Delete
    4. ඡය වේවා...
      පුරේ කොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එක ගල්..

      Delete
    5. @පත්තරේ..

      ජීවතුන් අතර බව දැන ගැනීම සතුටට කාරණාවකි!!

      Delete
    6. @මෙන්ඩියෝ, සින්දුවෝ..

      වයිෆ් ගියාට පස්සෙ ඇඟේ අමාරුවට මෙච්චර කල් හොස්ට්පිට්ල් හිටිය කියන්නෙ පත්තරයා!!

      Delete
    7. චැහ් … අපි අනුංගෙ :D

      Delete
  5. මාරම ගෝසාකාරයෝ ටිකක්. මගේ කන ටිකක් ඇහෙනවා හොර නිසා අවුලක් නෑ..

    ReplyDelete
    Replies
    1. දේශෝ , මුල්කාලේ මුන්ගේ සින්දු අසාවෙන් ඇහුවට පස්සේ සින්දු භක්ෂණය කරන්න පටන් ගත්තාම එපා උනා .ඊට පස්සේ සින්දු වලට වඩා ඇහුනේ "ඩිශ්ඩි ඩිඩිං" කියලානේ ..සද්දේ විතරයි .ඉතින් ඒ වෙනසට කැමති බොහෝ පිරිසක් හිටියා නොවැ ....මේ අපි වගේ බයියල නැතිවට . හෙක් හෙක් ...

      කවුදෝ දාලා තිබුනා සනත් නන්දසිරි මහත්තයාගේ සින්දුවක් ඇහෙන්නේ මෙහෙමයි කියලා ..උඹටත් එහෙමද ????

      "හිච්චි නගේ බාල් ඉඳ ඩිශ්ඩි ඩිඩිං
      ළපටි සිතින් මට මතකයි ඩිශ්ඩි ඩිඩිං
      සිතට හොරා මල් පිපුණා ඩිශ්ඩි ඩිඩිං
      මතක නැතෝ අද මොකදො ඩිශ්ඩි ඩිඩිං"

      Delete
    2. හහ් හහ්.. මටත් ඇහෙන්නේ ඒම තමා බං.. හිච්චි නගේ බාලේ අපි කෑල්ල ඇහෙන නෑහෙන ගානට. ඉතිරි ටික හාට් ඇටැක් හැදෙන ගානට. බොට මතකද මන්දා බං අපි ඒ දවස් වල සංගීත වලදි (පොඩි කාලේ) බපල් ටික ලගටමයි දුවන්නේ . ඒකේ තියෙන කොළ පාට රතු පාට ලයිට් හොදටම පත්තු වෙන්න සවුන්ඩ් දෙන්නේ කෝමද බලන්න. මාර ආසයි. පපුව පැලිල මැරෙනවා තව ටිකෙන් බං

      Delete
    3. මට බදුල්ලේ තිබුන "සිරස මඬ මණ්ඩිය " මතක් උනා උනා මචෝ ...

      Delete
    4. දේශා සන්ෆ්ලවර්ස්ලාට කැමති නෑ වගේ..

      Delete
    5. ඇත්ත මචං සිංදු ඇනෝ.. කොහොමත් මුල් ගායනා, මුල් සංගීතයන්, ඒ කිව්වෙ ඔරිජිනල් එක තරම් කිසිම දෙයක් රහ නෑ තමයි. කොහොම උනත් මටනම් මොන ගීතයක උනත් ගායනයට වඩා සංගීතය ඉස්මතුවෙලා ඇහෙන්න ගත්තම නිකන් කොන්ක්‍රීට් වැඩපලක කොන්ක්‍රීට් අනනව අහන් ඉන්නවා වගෙයි.

      මචං දේශක, මටනම් නිකමට හිතෙනවා ඒ තඩි බෆල් එකකට කන තිබ්බොත් එහෙම අනිව කන් අඩි පැලිල යයි.

      සිංදුවෝ.. මොකද්ද බං මඩ කේස් එක??

      Delete
    6. මචෝ, සිරස කඩමණ්ඩිය මියුසිකල් එක දවසේ මුළු පිට්ටනියම මඩ මන්ඩියක් උනා වැස්ස ඇවිත් .ප්‍රසිද්ධ උනේ මඩමන්දඩිය කියලා.හැමෝම මඩකරි වගේ උනා නටලා .පට්ට ආතල් එකක් ගත්තේ ..ඉන්දියානු ගායිකා "අනුරාධා පවුද්වලුත්" අවා මතකයි..උදේ 4.30 වෙනකල් මියුසිකල් එක තිබුනා .

      Delete
    7. හැලපයට අහු උනා නම් නීල්ව මරණවා.. කොහොමත් මට නෙල්සන් වාස් නම් පට්ට අප්පිරියයි.

      Delete
    8. සිංදුවෝ..

      ආ.. ඔය තියෙන්නෙ නිධාන කතාව. පෝස්ට් එකේ බලාපොරොත්තුව ටිකෙන් ටික ඉෂ්ඨ වෙනවා. ඔය මතකයන් අවුස්සන්න මං පුදුම ආසයි. එළ, එළ..

      Delete
    9. @මාතලන්,

      ඒ මොකද්ද අයියණ්ඩී ඒ කේස් එක? හැලපෙගෙයි නීල්ගෙයි සම්බන්ධෙ? මං නෙල්සන් වාස්ගෙ සිංදු වලටනම් ගොඩක් ආසයි. ඇයි අප්පිරියා?

      Delete
    10. ඇයි බන් හැලපේ අය්යා මෙන්න මෙතැන ජාතිය අමතනවා බැලුවේ නැද්ද ?

      Delete
    11. අහා!! ඔය තියෙන්නෙ හේතුව. සන්ෆ්ලවර්ස්ලගේ වරදක් නෙවෙයි ඒක. ඒක වරදක් වෙන්නෙ ඒ ගායකය පැත්තක ඉද්දි ඔවුන් ඒව ගැයුවනම්, දැන් ඉන්න එවුන් වගේ.

      Delete
    12. ඇයි බං ගල්නෑව මහවැලි ක්‍රිඩාංගනේ තිබුන සිරස කඩ මන්ඩියද වසන්ත උදානයද ෂෝ එක

      Delete
    13. ගල්නෑවෙ කොල්ලො කෝ??!! දෙන්නකෝ හූවක්!!

      Delete
    14. ආ නගින්ඩ නගින්ඩා …… ශ්‍රාවස්තිපුර තලාව තඹුත්‍තේගම එප්පාවල කැකිරාව ගල්නෑව ගල්නෑව ගල්නෑව ගල්නෑවේ ගල්නෑවේ …

      ආ මෙන්ඩිස් අයියා කොළඹ ඉඳං එනව වගේ. ෆිල්ටරේ මට දීල එල්ලෙන්ඩා . අද්දන්න යන්නේ

      පස්සෙං කැකිරාවක් එනවා . කපාගෙන යාං . හරි යං හරේ ……



      Delete
    15. ඔය කරාඔුවක් කනට දාලා ඉන්න මල්ලි..ඔය නංගි ලගින් ඉෂ්සරහට යන්න..(පත්තර මල්ලි මාව එතනට දාපන්කෝ...ඒ කෝ බං සිරා ඔකා දැක්කොත් එකටත් පොස්ට් එකක් ලියයි ..පිස්සු හු#ත්තෙක් බං ඡැකක් ගහන්නේ නැතුව බස්වල ගිහින් වැඩැක්යැ?

      Delete
    16. @මෙන්ඩියා, පත්තරේ..

      මට මැවිල පේනවා උඹල දෙන්න දොරවල් දෙකේ රිලා පැටවු වගේ එල්ලිලා ඉන්න හැටි!!!

      Delete
  6. //ඔරුවේ නැගිලා කිසි බයක් නෑ හිතේ
    මුහුදේ ගෙවිලා යයි අපේ ජීවිතේ
    නඟුලේ බලයෙන් මඩ තලන්නේ කෙතේ
    අපගේ සුවඳයි ඔහෙලාගෙ බත් පතේ...//

    ඒ කාලෙ මං ආසාවෙන්ම අහපු සින්දුවක්.. ගොඩ කාලෙකිං මේ දැන් තමයි ආයිත් ඇහුවෙ.
    උඹ වගේම මාත් එච්චර ප්‍රසංග වේදිකාවට කැමති නෑ. ඒත් සන්ෆ්ලවර්ස් ලංකාවේ ප්‍රසාංගාත්මක සංගීත කණ්ඩායම් අතරින් විශේෂයි. සන්ෆ්ලවර්ස් ගැයුවෙ දැන් සංගීත කණ්ඩායම් වගේ නහයෙන් අඬන සින්දු නෙවේ. සමාජය අතරින්ම අරගත්තු එදිනෙදා කතා බහ වෙන්නැති තේමාවන්.
    ස්තූතියි සනා සුන්දර මතකය අලුත් කරාට..

    ReplyDelete
    Replies
    1. පැවැත්මක් තියෙන්නෙ එතකොට මචං. නිකන් සැමන් ටින් සද්දෙයි, හොටු කඳුලු පෙරාගෙන අඬන ඒවයි, නපුංසක හඬින් අනුන්ගෙ සිංදු කියන ඒවයි, හින්දු සිංදු පැල් බැඳගෙන කියන්න ගියාමයි පැවැත්මක් නැතිවෙනවා. එදා වේල ගේම හරියන්නෙ නෑ. මිනිස්සුන්ගෙ ජීවිත වලට බද්ධ වෙන විදියෙ සිංදු කියන්න ඕනි. නැත්නම් නටල ගෙදර ආවට පස්සෙ මිනිස්සුන්ට ගෲප් එකේ නමවත් මතක නෑ.

      Delete
  7. මම හිතන්නේ මනෝෂ් ප්‍රසංග වේදීකාව කියන දේ දන්නෙ නෑ. බටහිර උනත් ප්‍රසංග වේදිකාවෙදි බැලේ එකක උනත් රිදම් එක වෙනස් වෙනවා. විශේෂයෙන් එළිමහන් වේදිකාවෙදි. සන්ෆ්ලවර්ස් ජනප්‍රිය කාළයක් තිබුනා. ඒ තමයි නීල්, නෙල්සන් එක්ක අතුල අධිකාරි, අර්නි, අයිවෝ, මහින්ද සිල්වා ගහපු කාලේ. නීල් සංගීත කන්ඩායම් වල ප්ලේයර්ස්ලට වටිනාකමක් ලබා දුන්නා. කොටින්ම හොඳ පඩියක්, බෝනස් එහෙම දුන්නේ නීල්. ඒ වගේම අසරණ ගායක ගායිකවන්ට බොහෝම උපකාර කලා නව සංගීත රිද්මයක් හඳුන්වා දෙමින්. ප්‍රසංග වේදිකාවේ පුසිද්ධ වෙලා උන්නට. ප්‍රසංග වේදීකාව ඇසුරු නොකරන රසිකයෝ, නීල් දැන ගත්තේ "සළාදේ" කැසට් එකෙන්. මොකෝ අපි ප්‍රසංග බලන්න එලියට ගියාට ගෙයින් එළියට බහින්නේ නැති අපේ අම්මා, නංගී එහෙම සන්ෆ්ලවර් රසිකයෝ උනේ ඒකෙන්. ඒක මා ළඟ අදටත් තියෙනවා. ඕකේ තියෙනවා..

    ආච්චි උනත් මොකද හොඳට ලව් කරනවා නම්...,
    පුරුදු සතා බර අදිනවා කන්න දෙනවා නම්...

    කියලා සින්දු කෑල්ලක්. ඕක ඒ කාළේ අපේ සුචරිතවාදියෝ පට්ට ගහලා කොට්ට මැහුවා. ඒත් අද ආච්චිලා රේප් කරලා මරන කොට ඒ එකෙක්වත් නෑ කතා කරන්න. මම සන්ෆ්ලවර්ස්ලගේ කැමතිම සින්දු දෙක.

    පින් මාළු වලේ කුසල් හාමි මාළු බානවා.. සහ
    සෙබලානනේ...

    කියන ගීත දෙක.. සමහර ගීත නම් මෙළෝ රහක් නෑ.. අදත් ඔවුන්ගේ ජනප්‍රිය බව මේන්ටේන් කරගෙන යන්නේ, නීල් කියන්නේ රත්තරන් නිහතමානි මනුස්සයෙක් නිසා වෙන්න ඕන. මට මතකයි මගේ යාළුවෙක්ගේ මගුල් ගෙදර ඇවිල්ලා, අපේ උන් බීලා සින්දු කියද්දිත්, කිසි අවුලක් නැතුව මියුසික් දුන්නා. ඒ තරම් නිහතමානියි.

    ඒත් අද ඊට වඩා ජනප්‍රිය කන්ඩායම් ඉන්නවා. අර එලි වෙනකන් සින්දු කියන්න ගෲප් නෑ කිව්වා නේද? එලිවෙනකන් නෙමෙයි, සතියක් කියන්න සින්දු තියෙනවා, රොෂාන් ප්‍රනාන්දුයි, කිංස්ලි පීරිසුයි ඉන්න "ෆ්ලෑෂ් බෑක්ලා" ළඟ. කිංස්ලී පීරිස් මම බොහෝම ප්‍රිය කරන ගායකයෙක්. ඒත් අද කොල්ලෝ අතර ජනප්‍රිය මම හිතන විදියට "යාත්‍රා"... උනුත් පට්ට ටැලන්ට්..

    මේ ළිපියෙන් මනෝෂ්ගේ තව දෙයක් පේනවා. ඒත් එක මම කියන්නේ නෑ. සල් වනයක් වෙනවා ඊට පස්සේ.. මේ ඇති..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බං. මේ මනෝෂ්ලා පෙන්නන කියන සුන්දර ස්වරූපය ඔවුන්ගේ හිත තුල නෑ.. (ඕං මම කිව්වා)

      Delete
    2. @maathalan,

      \\මම හිතන්නේ මනෝෂ් ප්‍රසංග වේදීකාව කියන දේ දන්නෙ නෑ//

      ඇත්තටම මං ඒක අත උස්සල පිලිගන්නවා. මොකද මං ප්‍රසංග වේදිකාව ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. මට හරි අප්‍රසන්නයි. ඒත් සන්ෆ්ලවර්ස්ලට ආසයි. ඒ ගැන හිතට දැනුන දේයි මේ ලිව්වේ. මගේ ආත්ම ප්‍රකාශනය නෙවෙයි. ඔබ විස්තර කල නීල් ගේ ඒ හොඳ ගතිගුණ නිසාම තමයි අද ඔහු මෙතරම් දිගු ගමනක් ඇවිත් තියෙන්නේ. බොක්කෙන්ම සංගීතයත් එලකිරි, බොක්කෙන්ම මනුස්සකමත් එලකිරි. ඒකයි ඒ දියුණුව, අනිත් උන්ට ඕක නැති එක තමයි අවුල. ඒකයි උන්ට මිනිස්සු ගැන සිංදු ලියවෙන්නැත්තෙ.

      සන්ෆ්ලවර්සලට මේ තියෙන මනාපෙ අපේ අම්ම තාත්තා වගේම සීය ආච්චිටටහ් තියෙන්වා. ඒකයි පුදුමේ. උන් ආවොත් කොහොම හරි බලන්න ය්නවා.

      ඒත් එක්කම මගේ තව දෙයක් තියෙනවා කිව්වනේ. ඉතින් ඒක එහෙම කිව්ව නම් ඒ කාරණෙත් ඔහොමම කියල දැම්මනම් තමයි හොඳ නේද.

      Delete
    3. දේශකයෝ..

      අනේ මංද බං, උඹල කැමති කැමති හැම මඟුලටම මං කැමති නැති නිසා වෙන්නැති ඔහොම කියන්නේ.. අවුලක් නෑ බං මං බ්ලොග් ලියන්න ආවෙ උඹලගෙන් චරිත සහතික අරන් ගෙදර බිත්තියේ එල්ලන්න නෙවෙයිනේ..

      Delete
    4. හැක් හැක්.. අනේ තොපිටත් ගිය කලක්..

      Delete
    5. ඒකමයි බං මටත් හිතුනේ. මිනිස්සු ගැන කොහොම තේරුම්ගන්නද.

      "මිනිසා තමයි හඳුනාගත නොහැකි සතා"

      Delete
    6. ඒ මම කියන්න ගිය දේ මේක කියවන උන්ට තේරෙනවා. මචෝ උඹ අවුල් යන්න එපා උඹ උඹ වෙයන්. ලියන කියන දෙයින් මිනිස්සු තේරුම් ගන්න පුළුවන්. උඹ දැක්කද මේ ළඟදි දොස්තර කෙනෙක් ලියලා තිබුනා ජී බී සේනානායක විශාදියෙන් පෙලුන කෙනෙක් කියලා. ඕක මටත් තේරුණා බොහෝම කාළෙකට කලින්. අම්මා ඇතුලේ උපුල් ශාන්ත සන්නස්ගල ඉන්නවා. සංසාරණ්‍ය අස්බඩද මොකක්ද එකේ සයිමන් නවගත්තේගම ඉන්නවා. සුභ සහ යස නාට්ටියෙත් පොර ඉන්නවා. දේශගෙ කතා ඇතුලේ දේශා ඉන්නවා. මාතලන්ගේ කතා ඇතුලේ මාතලන් ඉන්නවා. ඒ නිසා අවුල් වෙන්න එපා.

      Delete
    7. අවුලක් නෑ.අපි එක එකා එක එක විදියනේ. ඉතින් හැමෝටම තම තමන්ගෙ මට්ටම්නි අනිකගේ වැරැද්දක් ඇදයක් පේනවා. කොහොම උනත් ඔබ ගැන ඔබ දන්නවා, මං ගැන මං දන්නවා. ඉතින් ඒ නිසා සමහර වෙලාවලදි වචන වලට හිත රිදෙනවා. කොහොමත් මං ඇවිල්ලා දන්න කාලෙ ඉඳලම වැරදි වැටහීම් වලට ලක් වෙච්ච එකෙක්. ඒක උපන් හැටි. සමහර වෙලාවලදි, අම්ම තාත්තට පවා දීගෙන කරන්න ගිහින් අන්තිමේදී නරකම එකා මං වෙනවා. හ්ම්.. ඔහොම යං.

      Delete
  8. මම tab එකෙන් සිංදු ටික අහන්න බැලුව. Link එකක්වත් පේන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. සමහර විට ෆ්ලෑෂ් ප්ලේයර් වල අවුලක්ද දන්නෙ නෑ නේද මචෝ.. පොඩ්ඩක් ට්‍රයි කරල බලහංකො.

      Delete
    2. නිවටයා..කියලා සින්දුවක් තියනවා නේද?

      Delete
    3. උඩින් කතාකරපු එකම නේද මචෝ...

      Delete
  9. ඉස්සෙල්ලම ජිප්සීස්. ඊ ළඟට සන්ෆ්ලවර්ස්. පස්සෙ මේරියන්ස්. මේ අය තමා මේ සංගීත විප්ලවයෙ යෝධයින්. ජිප්සීස්ල නිර්මාණ කරන්නෙ ගොඩක් අඩුවෙන්. ඔවුන් එක තැනකදි ලොකු වරදක් ලෙස පිළිගැනෙන දෙයක් කරගත්තා, ඒකෙන් ලොකු පාඩුවක් වුනාදනම් මම දන්නෑ. මේරියන්ස්ල යමක් කලා, සන්ෆ්ලවර්ස්ල තරම් නෙමෙයි.
    නීල් (ඔහු තමා ගීත බොහොමයක රචකයා...මම හරිද?), නෙල්සන්, අර්නි, අතුල, අයිවෝ සහ මහින්ද එකතුව ගහපු සලාදේ කැසට් පේලියම අපේ ගෙදරත් තිබුණා. ඇත්තටම ඒවා නැවත නැවත අැහුවට එපා වෙන්නෙ නෑ. ඒ වගේම ඔවුන් තම කණ්ඩායම් සමගිය ගීත වලිනුත් නිතර පෙන්නුවා. නෙල්සන් සහ නීල් ගෙ වාද බයිලාත් අපූරුයි. ඇතැම් කණ්ඩායම් ඔවුන් කොපි කළත් ඔවුන්ගේ පුරෝගාමිත්වය සහ විශිෂ්ඨත්වය හැමදාම කැපී පෙනුනා. කලක් ඔවුන් වැඩිම ගණනක් අයකරන කණ්ඩායම ලෙසත් ප්‍රසිද්ධ වුණා. ඒත් මම හිතන්නෙ නීල් ගුරු ගෞරවය නිසා ජිප්සීස්ලට වඩා අඩුවෙන් තමා අයකලේ. නිදහසේ ලියා ඔවුන්ට වටිනාකමක් දෙන්නට ඔබ සමත්වීම මම අගයකරනවා.
    නැටීම නිසා ගීතයක් විඳවීම යන්න මම හිතන්නේ නෑ ඒ වෙලාවෙ සිදුවන දෙයක් කියා. බීමත්ව හෝ නටන්නේ ලොකු ත්‍රිල් එකක් ඇතිව. පසුවදාට ඇඟ රිදෙන විට විඳවීම වෙනම දෙයක්. ඒ මොහොතේනම් ප්‍රසංග වේදිකාවක් ඉදිරිපිට නටන කවුරුත් මං හිතන්නේ විඳීමක් මිස විඳවීමක් කරනවා කියා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ගීතවල රචකයා ගැන නම් මාත් හරියටම දන්නෙ නෑ මචෝ.. මං හිතන්නෙ නීල් වෙන්න ඇති. ඔබ සහ උඩින් මාතලන් කියන පරිදි ඔහු බොහෝම සුන්දර නිහතමානි මනුෂ්‍යයෙකුබවනම් බොහෝ දෙනා පවසනව මාත් අහල තියෙනවා. ඒ වගේම කලෙක ඔවුන් වැඩිම අය කිරීම කරණ කණ්ඩායම ලෙස ප්‍රසිද්ධව තිබුනා. මං හිතන්නෙ තාමත් එහෙමයි වෙන්න ඕනි. ඒත් එක්කම ඔවුන් නවක කණ්ඩායම් වලට ලෝබ නැතිව අත දෙනවා මං දැකල තියෙනවා. ඔවුන්ගේ වේදිකාවලට ගොඩවෙලා, නීල් සහ නෙල්සන් සිංදු කියනවා මං දැකල තියෙනවා.

      ඇත්ත තමයි, ජිප්සීස්, සහ මේරියන්ස් කියන්නෙත් ඒ වගේම යුග පෙරලියක් කරපු කණ්ඩායම් දෙකක්. අවසනාවකට ඔවුන් අද වියැකිලා. ඇයි තව මාරිම්බා?

      මටනම් ඒක විඳවීමක් විතරයි බං. එහෙම හිතෙන්නෙ මං අකැමැති නිසා වෙන්න ඇති. මං පෝස්ට් එකෙත් කිව්වේ. නැත්නම් මේව මෙච්චරකල් පවතින්නෙ නෑනේ.ඒත් මචං ඔහේ කොහොමද මංදා, ඒත් මෙහේනම් ශෝ එකක් තිබුනොත් අන්තිමේ දහයක් විතර ඉස්පිරිතාලෙ. වලි දෙක තුනක් බුදු ෂුවර්. ඉතින් මේ විඳවනව නෙවෙයිද? අතපය කඩාගෙන, තුවාල කරගෙන කපාගෙන කොටාගෙන උන් විඳවනවා, ඊළඟට ගෙවල් වල ගෑනු දරුවො විඳවනවා, දෙමවුපියො විඳවනවා. සහෝදර සහෝදරියො, යාලුවෝ විඳවනවා. අනේ මංද.

      Delete
    2. අපෝ ඒ සෙට් එකද? උන් නම් ප්‍රසංගයක් තිබ්බත් නැතත් විඳෝනවා. උන්ට වලියකට එක පිච් එකක් විතරයි සංගීත ප්‍රසංග. ඕවට ඉතිං නීති තද වෙන්න ඕනි. ඒවා කොහෙද මෙහේ!

      Delete
    3. ඔව් බං. ඔතනට ගීයක් අහන්න, විඳින්න යන්නෙ කීයෙන් කී දෙනාද.. ඒකෙන් ඒ අහන්න යන එවුන්ටත් වෙන්නෙ මුන්ගෙ හිරිහැර. ගීයකින් වෙන්න ඕනි මිනිහෙක් හරි මගට ගන්නෙක මිසක් මරාගන්නෙක නෙවෙයිනේ.

      Delete
    4. එහෙම වලියක් නැත්නම්. එවා නිකං ගාමිණි විජේ නැති සෝ වගේනේ බං. මම නම් සංගීතෙටත් වඩා ආස ඒවා බලන්න. පට්ට ආතල්. එතකොට එක එක පළාත්වලට ආවෙනික ඩාන්ස්. පස්ස මිරිකිලි. වෙළෙන්දෝ. ස්ටේජ් එක පිටිපස්සේ ආතල්. ගායක ගායිකාවෝ අල්ලන එක බදා ගන්න ඒවා. වෙනම සංකෘතියක්. කාළයක් මම මගේ හිතවත් ලංකාවම හොල්ලපු ගායකයෙක් එක්ක සංගීතවලට ගිහින් තියෙනවා. අපිටත් මාර මාකට්. එතන තියෙන්නේ වෙනම ආතල් එකක්. මිනිස්සු ඉපදිලා තියෙන්නේ විඳවන්න නෙමෙයි නේ. විඳින්න. ඉතින් වලිය ඕන එකාට ඕන වලිය විඳින්න. අපිට තියෙන්නේ ඒක බලාගෙන විඳින එක.

      Delete
    5. ඒ ආතල් එක බලාගෙන ගන්න ආතල් එකනම් පට්ටම ආතල්. වෙලාවකට හිනා යනවා. වෙලාවකට පවු හිතෙනවා.

      Delete
    6. මාතේ ඇයි බන් ඇරියස් කවර් කරන එක .ගිය පාර ගුටි කාපු වුන් මේපාර අනිත් උන්ට නෙලන්න සෙට් වෙනවා .ගොඩක් කෙස් යන්නේ කෙල්ලෝ නිසා ....ඇයි මචෝ පොලිසියේ එවුනුයි ආමි එකේ එවුනුයි මරා ගන්නේ .මාර ආතල් බන් ඒවා නම් .

      Delete
    7. පට්ටම ආතල් එක තියෙන්නේ සංගීතේ ඉවර වෙලා පාන්දර පයින් ගෙදර එනකොට.. හැතැම්ම දහය පාලොහ පයින් ඇවිත් තියෙනවා.. ඊට හපං අම්ම දොර අරිනකොට එන සිගරට් ගඳ හංගගන්න හපන වල්කොල ජාති ටික.. හෙක් හෙක්..

      Delete
    8. මචෝ අපිනම් සංගීතෙට යන්නේ ගෙදර කාමරේ ජනේලයක් ඇරලා තියලා .සංගීතෙට යන්න දුන්නේ නැත්නම් යන්නෙත් ජනේලෙන් පැනලාම තමයි .මචෝ සිරස මඩ මණ්ඩිය ඉවරවෙලා කොහොම හරි බණ්ඩාරවෙලට අවා .ගමේ බස් එක එනකල් පොඩ්ඩක් ස්ටෑන්ඩ් එකේ ඇලට් එකක් දැම්මා .ගෙදර ඇඳවත් එච්චර සැප නැ .පස්සේ නිකමට ඇහැ ඇරලා බලනකොට යකෝ කෙල්ලෝ කොල්ලෝ ඉස්කෝලේ යන්නත් එනවා .අපි ටික සැපට නිදි .වෙනදා නළුවෝ වගේ රඟන සෙට් එකම කුඹුරක් හාපු මි හරක් වගේ.අය්යෝ සල්ලි ..සායම ඉවරයි .දැන් හිතෙනවා අපි එහෙම හිටියද කියලා . " කාලය මැවූ වෙනසක අරුමේ "

      Delete
    9. @කල්‍යාණ,

      ඒ යනගමන් නයිට් කඩේකින් කොත්තුවක් දාගෙන ඒක අරන් ඇවිත් පාන්දර දෙකට විතර මහපාරෙ හරි බෝක්කුවක් උඩ හරි තියාගෙන පස් දෙනෙක් විතර එකට කනකොට තියෙන ආතල් එක? කාල ඉවර උනාම තමයි මතක් වෙන්නෙ හුටා වතුර නෑ නේද කියලා. සා සූ ගගා කෙල ගිල ගිල යනවා.

      Delete
    10. @සින්දුවෝ..

      ඔය තියෙන්නෙ සොඳුරු අතීතාවර්ජන. ක්ලාස් එකේ පෝස්ටර් අලවන්න ගිහින් මහියංගනේ ටවුම මැද ෆාමසියක පඩියෙ තියාගෙන පාං කාපු හැටි මතක් උනා පාන්දර තුනට විතර. චැහ්!! ඒ අතීතෙනම් කියල වැඩක් නෑ අප්පා..

      Delete
  10. මම සිංදු ටික ඩවුනලෝඩ් කරගත්තා.

    ReplyDelete
  11. ඔක්ටපෑඩ් එක ජනප්‍රිය කරවීමට උර දුන් සන්ෆ්ලව්‍ර්ස්ලාට උත්තමාචාරය !! සන්ෆ්ලවර්ස් කියන්නෙත් එක කාලෙක ලෙජන්ඩ් එකක් බං.ඕ යේස්.

    දැං සන්ෆ්ලවර්ස්ලාගෙ ප්ලේයර්ලා ටික කැඩිලා ඒ කොලිටි එක නෑ...අපරාදෙ . ඇරෝ ස්ටාර් හෙමින් හෙමින් එතනට එන බව පේනවා රොෂාන්/ඇන්ටන් සුසංයෝගයෙන්..

    ReplyDelete
    Replies
    1. මචං..ෂෝ එකක් අප් එකේ තියාගන්න සන්ෆලවර්ස්ලාගේ සිංදු මාර වටිනවා..
      උඔගේ බිස්නස් වැඩේ පටන් ගන්නේ නැද්ද?

      Delete
    2. ඕ යේස්.. ඇයි ජීවිතේ මල් - අපේ අම්ම ඉන්න කල් .. සන්ෆ්ලවර්ස්ලට උන්ගෙම නියම සිංදු ෂැට් එකක් තිබුනා නේ බං.. ඒ ටික ගැහුවම ආටිස්ට්ලා ඕන් නෑ :D

      බිසිනොස් වැඩේ පටං ගන්නව බොක්කෝ ලබන අවුරුද්දෙ මුළ හරියෙ .. වරෙල්ලා ඈ

      Delete
    3. පත්තරයෝ..

      අනේ මංද බං උන්ගෙ ඒ පට්ට සිංදු සෙට් එකනම් අතික්‍රමණය කරන්න පුලුවන් ගෲප් එකක් හැදෙයිද සැකයි. උඹ කිව්ව කතාව තමයි ගැලපෙනම කතාව..

      \\සන්ෆ්ලවර්ස් කියන්නෙත් එක කාලෙක ලෙජන්ඩ් එකක්//

      Delete
    4. @මෙන්ඩියෝ..

      සහතික ඇත්ත බං. අග ඉඳල මුලටම මිනිස්සු නටවන්න උන්ට තියෙන හැකියාවනම් පුදුමාකාරයි.

      @පත්තරේ..

      ඉකමනට පටන් ගනින් මචෝ.. හැකි වුනොත් අනිව එනවා..

      Delete
    5. හැකිනං ##තවල් නෑ.. නාවොත් බලාගමු !!!!

      Delete
    6. අනමනම් හු#තවල් නෑ අපි එනවා..කිරි හොද්දට බහිනකන් ඉන්නවා.

      Delete
    7. හරි හරි යාලු මොකටද හැප්පෙන්නේ..
      කිරිබත් කාලා සුබ වැඩ අරඹන්නේ..

      Delete
  12. සන්ෆ්ලවර්ස්ල හොඳම නන්ස්ටොප් ගහන්න. (ස්වතන්ත්‍ර හොඳ නෑ කියනව නෙමෙයි) උන් දන්නව පට්ට නැමිල්ලක් නමන්න. අමරදේවගෙ සින්දුවකින් එම්.එස්. ගේ සින්දුවකට මාරුවෙන්නෙ බෙන්ස් එකක 60 ට වංගුව ගන්නව වගේ. පීරිසියට වක්කරගෙන ප්ලේන්ටියක් බිව්වෑකි...ඕ යේස්!

    ReplyDelete
    Replies
    1. \\බෙන්ස් එකක 60 ට වංගුව ගන්නව වගේ. පීරිසියට වක්කරගෙන ප්ලේන්ටියක් බිව්වෑකි//

      පට්ට උදාහරනෙ යකෝ...

      Delete
  13. සන්ෆ්ලවර්ස්ලා මාත් ආසම සංගීත කණ්ඩායමක්.. විශේෂයෙක් ඔය නන්ස්ටොප් එක රැල්ලට ගහපු කාලේ සන්ෆ්ලවර්ස්ලා වගේ හොදට කරන්න කවුරුත් හිටියේ නැද්ද මන්දා.. හැබැයි ඔවුන්ගෙම ගීතත් කීපයක් තියෙනවා මම කැමති..

    ReplyDelete
    Replies
    1. ඔවුන්ගේ ගීත සියල්ලටම වගේ මං කැමතියි මචෝ.. ඒවගේ තියෙන ගතිය කියාගන්න වචන නෑ.

      Delete
  14. sunflower band eka hariyata jivite kotasak wage

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි සිසිර. සන්ෆ්ලවර්ස් ඔබට බෙහෙවින්ම සමීපයි වගේ.

      Delete
  15. ස්තූතියි හුඟක් මහන්සිවෙලා හැම දෙයක්ම එකට එකතු කරලා සම්පූර්ණ පෝස්ට් එකක් විදිහට අපිට ඉදිරිපත් කලාට..

    ReplyDelete
    Replies
    1. ඔබටත් බෙහෙවින්ම ස්තූතියි තුෂානි..

      Delete
  16. පනුවො වගෙ නටන අය කරන්නෙ සංගීතෙ රසවිදීමක් නොවෙයි හැඟීම් ඇවිස්සීමක්.ඇමරිකාවෙ කලු අප්‍රිකානුවන් හරහා ජෑස් රොක් වගෙ සම්ප්‍රදායන් ( උඩ පනින නටන දගලන - සම්භවය අප්‍රිකානු ගෝත්‍රිකයන් දඩයම හෝ මැරූ සතුරා වටා නැටීමයි ) වගේම ලංකාවෙ සංගීත කණ්ඩායම් බොහොමයක් වැල්ලෙන්මතු වූ ඒවා.ඒ අයගෙ සංස්කෘතියත් එක්ක ඒව ගැලපෙනව.මේවට කැමති දාමරික මිනිස්සු.ත්‍රීවීල් කාරයො,චන්ඩි කියල හදුනවන අය .ඒක ඔවුන්ගෙ රසවින්දනය.මේ සංගීත සංස්කෘතිය අපේ ගම් වලට ආවම ඒව නතර වුනේ ගුටිකෙළිවලින්,කුඩුකාරයො ගංජකාරයො වැහි වහිනව
    සුභාවිත සංගීතයේදී දැහැනට සමවදින රසිකය මේ බජව් ඉවරවෙලා එන්නෙ ලේ පෙරාගෙන
    වැල්ලෙ ධීවරයන්ගෙ (සටන්කාමී ගෝත්‍රිකයන්ගේ ) සාහසිකත්වය මේ සංගීත කන්ඩායම්වලින් මතු වූ බවයි මට හිතෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔය දෙයිනුත් උපාරිමාතල් එකක් ගන්න උදවිය ඉන්නවා නොවෑ.. ඒකනේ පුදුමේ. පේනවනේ ඔය උඩින් කියල තියෙන්වා. මිනිස්සුන්ගෙ විඳීම ඉතාම පුලුල් පරාසයක විහිදී යනවා. ඒත් ඒකෙන් තව කෙනෙක්ට හිරි හැරයක්, කරදරයක්, හිංසාවක් වෙනවා නම් ඒක හරිම පිලිකුල් සහගතයි. ඒක වනචාරීත්වය මිසක් වෙන මොකවත්ම නෙවෙයි.

      Delete
  17. හතේ අටේ පන්තියෙ වගේ ඉන්න කාලේ මට මතකයි මුලින්ම පන්තියෙ උන් පොර කකා මොන මොනවද සින්දු වගේක කෑලි කියෝනව.. පස්සේ තමයි දැනගත්තේ මේ සලාදේ කියලා.. ඒ දවස් වල ඔය මෙලෝ මගුලක් අපේ ගෙදරට මුලින් එන්නේ නෑ.. මන් පොඩි එකා නිසා කවුරුවත් මට ඔව්ව අරන් දෙන්නෙත් නෑ.. අයියල කියල ජාතියක් උන්නට උන් ඔව්ව ගැන ඒ කාලේ උනන්දුවක් තිබ්බෙත් නෑ.. ඔක්කොම සුබාවිතද මොනවද සංගීත කාරයෝ නිසා වෙන්නැති.. මට සින්දු කියන්න බැරි නිසා මං ඔය කෝකටත් කැමති.. විශේෂයෙන්ම කෑ ගහල කියන එව්වට.. එතකොට කටහඬ වැඩිය ලස්සන වෙන්නෝනෙ නෑනේ.. හිහ්..හිහ්..

    ජිප්සීස්, සන්ෆ්ලවර්, නාමල් උඩුගම.. ලම්බාඩා.. ඉසිකොමිටා හයි හයි.. අන්කල් ජොන්සන්, ලුනුදෙහි, ආත්මගේ ලියතඹරා ජෝතිගෙ සුරතලී විතරක් නෙවෙයි, ඩෙස් පුටු, ප්ලාස්ටික් ලැට් බාල්දි, එක්ස්‍රේ කොල ඩ්‍රම් ඔය හැම එකක්ම මගේනම් සංගීත ලෝකෙ මාස්ටර් මෙමරීස්..

    ලුණුදෙහි කියද්දි පුංචි කතාවක් මතක් උනා.. 8 පන්තියේ ඉද්දි අළුතෙන් ආවා කොල්ලෙක්.. පොර දැන් බදුල්ලේ සහ බණ්ඩාරවෙල ඉන්න අංක එකේ රෙදිපිළි වෙළෙන්දා කිව්වත් වැරදි නෑ.. අපි ඉතින් ඉස්කෝලෙ 'පොරවල්' නෙ.. එක්ක ගියා මූව ලැට් එක පිටිපස්සට රැග් කරන්න.. අඩෝ.. කියපන් සින්දුවක්.. හුටා මූ සින්දු දන්නෙ නෑලු.. ඒ කාලේ ලුණුදෙහි පට්ට ෆේමස්.. මං ඇහුවා උඹ ලුණු දෙහි වත් දන්නේ නැද්ද කියල.. එතකොට මුගේ මූණට කළ එලියක් අවිත් ඔළුව හෙල්ලුවා දන්නව වගේ.. එහෙනම් කියපන් ඩෝ..
    'ලුණු දෙහි.....................................................
    ලුණු දෙහි.....................................................
    ලුණු දෙහි..................................................... ////////////

    ඔච්චරයි ඉන්ටිබල් එක ඉවර වෙනකම්ම.. ඌට රැග් කරන්න ගිහින් අපිට හිනා කාලා මැරෙන්න වුනේ.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. මං නම් ඒ දවස් වල ගමේ යන්නෙම සාස්තරේ අහන්න. ගිය ගමන් දාගන්නවා. ආයෙ ඉතින් මොකුත් ඕන්නෑ. ඒ ආසාව එදා ඒ දැනුනු හැඟීම් අදටත් දැනෙනවා. පුදුමයි, කාලෙත් එක්ක මට ඒ සිංදු ටික අමතකව්ලාම ගියා. ඒත් ආයෙත් අහම්බෙන් ඇහුනම එදා වගේම අදත් ආස හිතෙනවා.

      ලුණු දෙහි කොච්චර නම් ජනප්‍රිය උනද. මතකද ජිප්සීස්ලා ලුණු කැටයුඅකුයි, දෙහි ගෙඩියකුයි වගේ ඇඳගෙන ස්ටේජ් වල සිංදුව කියපු විදිය.

      මටත් බදුල්ලෙ ඉස්කෝලෙට ගිහින් හම්බෙච්ච රැග් එක ඕක. යාලුවාට මට මයික් එක අල්ලන්න උනා කෝටු කෑල්ලකින්. මං දන්න සිංදු කියවිල්ල. මං ඇස් පියාගෙන ඉරි තැලුනු වලා කිව්වා.

      Delete
  18. ෂා ලංකාවේ කාලෙකට කලින් නම් හිටපු ජනප්‍රියම වාදක මඩුල්ල දැනටත් ජනප්‍රිය බවේ ලොකු වෙනසක් නම් නෑ.. නියම ඉදිරිපත් කිරීම හොදට පෙළ ගස්සලා තිබුනා

    ReplyDelete
    Replies
    1. මං නම් තාමත් කියන්නෙ සන්ෆ්ලවර්ස්ලාට ගහන්න ආයෙ ගෲප් එකක් නෑ. උන් උන්ගෙ ස්ටෑන්ඩර්ඩ් එක අදටත් රැකගෙන ඉන්න්වා පච නොවී.

      Delete
  19. එයාලගේ සින්දුත් එක්ක ජීවත් වෙච්ච ලස්සන ළමා කාලයක් මටත් තිබුණා.... අපේ school van එකේ 2004-05 කාලේ හැමදාම වාගේ sunflower කැසට් පීස් එකක් දාල තිබ්බ. මට මතකයි පහේ හයේ පන්තිවල හිටපු පොඩි බට්ටෝ ටිකක් වටකරගෙන ඔය සින්දු අහ අහ උදේ හවස ඉස්කෝලේ ගිය හැටි. ආයෙත් ඒ අතීතයට යන්න ඇත්නම්...

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඒකයි මං කිව්වෙ අපි හැමෙගෙම ජීවිත වලින් සැලකිය යුතු කාලයක් ඔවුන් අපිට දැනෙන්න ඉඳල තියෙනවා. මෙහෙම වෙන්න හැමෝටම බෑ. ඒක සුවිශේෂි දක්ෂතාවයක්, කෙනෙකුට, කණ්ඩායමකට කලාතුරකින් ලැබෙන වාසනාවක්.

      Delete
  20. දිනන දාට කොල්ලෝ ෂා නියමයි කියලා
    කර වට මල් මාල දමනවා
    එකක් දෙකක් අය්යෝ පැරදුනාම ගොය්යෝ
    මොකද්ද මේ කලේ අහනවා

    **************
    හිහි
    කියෙව්ව කියෙව්ව පරක්කු වෙලා හරි ඇවිත් කියෙව්ව
    කියන්න දෙයක් නං නෑ ඒත් මාත් උන්නෙ සිංදු වලට ආසයි ඒත් අයිවෝ කැඩුනට පස්සෙ මට එපා වුණා

    ReplyDelete
    Replies
    1. මං නම් කැමතිම නීල්ටයි නෙල්සන්ටයි බං. ෂහ්! උන් දෙන්න ඔරුවේ නැඟිලා කියන අපූරූව..

      Delete
  21. අර කියලත් තියෙනවා වගේ සන්ෆ්ලවර් ලා ලංකාව ඇතුලේ කාලයක් තිස්සේ බොහොම වැදගත් නමක් හදාගෙන හිටිය. එත් ඔක්ටෝ පෑඩ් එකයි ඩිජිටල් වැඩ කෑලියි ආපුවම් උන්ගේ සායම හේදිලා ගියා. එත් දැනටත් නම්බර් වන් කියල කියන්න පුළුවන් වෙන්නේ සන්ෆ්ලවර් විතරයි.

    ඒ වගේම කියන්න ඕන රණතුංග , නන්දසිරි වගේ ශ්‍රේෂ්ඨ ගායකයින්ගේ බොහොම ලස්සන ලයාන්විත ගීත ඔක්ටෝ පෑඩ් එක උඩ තියල කෑලි කෑලි වලට කපල දාන්නත්, ඒ කෑලි ඩිජිටල් මියුසික් තෙලේ තෙම්පරාදු කරලා බෙදන්නත් මේ අය දායක වුනා. එත් එතනදී සම්පූර්ණ වැරැද්ද මෙයාල අතේ නැහැ.

    එක වෙනම කතාවක් මනොෂ්...

    -----------

    පොලිටික්ස් පිරුණු මේ කාලේ මියුසික් වලින් කර්ණ රසායනයක් දාපු එකනම් වෙලාවේ හැටියට මල් මසුරන්...

    ReplyDelete
    Replies
    1. \\එත් ඔක්ටෝ පෑඩ් එකයි ඩිජිටල් වැඩ කෑලියි ආපුවම් උන්ගේ සායම හේදිලා ගියා//

      ඒ කිව්වෙ මචෝ, උන් උන්ගෙ සිංදු වලටත් තාක්ෂනේ භාවිතා කලාට පස්සෙද?

      ඔව් බං මාත් හිතනවා සන්ෆ්ලවර්ස්ලා තමයි තාමත් එක. උන්ගෙ අහලකටවත් ලේසියෙන් එන්න හම්බෙන්නෙ නෑ කාටවත්. ඒක සන්ලවර්ස්ලාගේ දක්ෂ කම විතරක් නෙවෙයි, අනිත් උන්ගෙ අදක්ෂතාවයයි, කම්මැලි කමයි.

      මටත් මේ දවස් වල දේශපාලනේම කියවලා ඇතිවෙලා ඉන්නේ. ජනවාරි දහය, දොලහ වෙනකල් ඔහොම වෙයි.

      Delete
    2. පොලිටික්ස් පිරුණු මේ කාලේ මියුසික් වලින් කර්ණ රසායනයක් දාපු එකනම් වෙලාවේ හැටියට මල් මසුරන්...
      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    4. //බොහොම ලස්සන ලයාන්විත ගීත ඔක්ටෝ පෑඩ් එක උඩ තියල කෑලි කෑලි වලට කපල දාන්නත් //

      තූ නොදකිං … තොගෙයි මගෙයි යාලුකං ඉවරයි :D

      Delete
    5. දෙය්යෝ සාක්කි..මෙන්න මූ ආපහු ඇවිත් .

      කොහෙද යකෝ ගිහින් හිටියේ.

      --------

      යකෝ වෙන එවුන් දාපු සලාද වලට උඹ මාත් එක්ක නේ පැටලෙන්න එන්නේ...
      වැකේෂන් එකෙන් පස්සේ නට් ලූස් ද?
      :D :D :D

      Delete
    6. විභී, සිංදු,

      දේශපාලනේනම් මටත් දැන් කියවලම ඇතිවෙලා බං.

      Delete
    7. @පත්තරයෝ..

      මාත් යාලුයි විභී එක්ක. හැක්!!!හැක්!!!!

      Delete
    8. @විභී අගේන්,

      මචෝ.. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු. බලන් ඉඳහන්කො තව ටික දවසක්.

      Delete
  22. Sunflowers ල නිර්මාණය කරපු ගීත ගැනනම් කිසි ප්‍රශ්ණයක් නැහැ. හොඳ ගීත තියෙනව ගොඩක්. ඒ උනාට අපි ආදරය කරපු ප්‍රවීණ ගායකයින් සමග කරපු කැසට් පට වලට ඔවුන් සාධාරණයක් කලේ නැහැ. ඔවුන් එම ගීත වලට නොගැළපෙන විදිහට/ රසය විනාශ වෙන විදිහට සංගීතය භාවිතා කලා. මගේ මතය අනුව නම් කණ්ඩායම් සංගීතය "ටකරං"/ "බිස්කට් කුඩු" ලෙස හංවඩු ගැහෙන්න මුලික උනේ Sunflowers ල. නමුත් එම සංගීත කණ්ඩායමේ ඉතාමත්ම දක්ෂ වාදකයින් රැසක් හිටිය සහ ඉන්නව. නමුත් මට හිතෙන විදිහට ඔවුන්ගේ දක්ෂතාවය හරියට පෙන්නුම් කරගන්න බැරි උනා. කෙසේ වුවත් කණ්ඩායම් සංගීතයට ලොකු වෙනසක් කරපු සංගීත කණ්ඩායමක් කියල අවිවාදයෙන් පිළිගන්නව. මම දාපු පළවෙනි කමෙන්ට් එක මේක. මනොෂ් මාත් එක්ක අමනාප වෙන එකක් නැහැ කියල හිතනව :D. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මුලින්ම මේ ඉසව්වට මනාව බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිලිගන්නවා. කිසීම අහිතක් නෑ මචෝ... ඔබ වගේම මාත් කිසිම කැමැත්තක් නෑ කණ්ඩායම් සංගීතයට සහ ප්‍රසංග වේදිකාව ගැන. ඒක මහ අමුම අමු විකාරයක්. හිසරදය විතරයි ඉතිරිවෙන්නේ. නමුත් සන්ෆ්ලවර්ස්ලා මට විශේෂයි. පෝස්ට්ටුවේ කියල තියෙන විදියටම මං බොහොම මනාපයි ඔවුන්ගේ ඒ පැරණි ගීත ගොන්නට. ඒකට හේතු මං උඩින් කියල තියෙනවා. ඔවුන්ගේ සමහර දේවල් ගැන විවේචන තියෙනවා, ඔබ කියනවා වගේ. ඒත් අනෙක් අයට සාපේක්ෂව ඔවුන්ට ඉතාම හොඳ ගීත සාහිත්‍යයක් තියෙනවා.

      Delete
  23. පරක්කු වෙලා ආවේ. හැබැයි නියමයි. දැනගෙන හිටියේ නැති සින්දුත් තියනවා. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා හරි ආව එකයි මට වැදගත්. ඔබටත් බොහෝම ස්තූතියි..

      Delete