Pages

Sandumal

Sandumal

Tuesday, December 31, 2013

•ඈත එපිට ගම්මානෙන් නැඟ එන

"පාළු රැයක ඇසෙන දුක්බර කවිය..."






එක්දහස් නමසිය අසූව වසරේ මම නුගේගොඩ දෙල්කඳ නේවාසිකාගාරයක නවාතැන් ගෙන සිටියෙමි. තෙමහල් ගොඩනැඟිල්ලක තුන්වන මහලේ මා සිටි කාමරයට යාබද කාමරයක චිත් ශිල්පියෙක් සිටියේ ය.

ඔහු නමින් තිලක් නින්දවන්ත . රාත්රියේ ඔහුගේ කාමරයට අල්ලාප සල්ලාපයේ යෙදීම සඳහා ප්රථමයෙන් ගිය දිනයේ ඔහුගේ බිත්තියේ එල්ලා තිබූ විශාල චිත්රයක් මගේ ඇස ගැටිණි.

පැල්පතක කවුළුවෙන් එළිය බලා සිටින දුක්බර යුවතියකගේ මුහුණකට සඳ එළිය වැටී ඇති අයුරු එහි සිතුවම් වී තිබිණි.

අප මධු විතකින් ප්රාණවත් වෙමින් සිටි මොහොතේ ඔහු මගෙන් ගීයක් ගයන ලෙස ඉල්ලා සිටියේ ය.

මගේ දෑස් ඉදිරියේ දිස් වුණ සිතුවමත් සමඟ මට මතක් වූයේ මේ ගීතයයි. මම හැඟීම් බර කඩ හඬ අවදි කළෙමි.


"ඈත එපිට ගම්මානෙන් නැඟ එන
බට ලී හඬ අතරේ
ඉතාම දුක්බර කවියක් මතුවෙද
ඇය නිදි නොමැති පැලේ"



කාව්යකාරයාගේ ලෝකය සැබෑ ලෝකයට වඩා වෙනස් . සැබෑ ලෝකයේ දී මිනිසුන් මුහුණ දෙන සංවේදනා ප්රතිනිර්මාණය කිරීමට ඔහු කල්පනා ලෝකයක් හෙවත් මායා ලෝකයක් මවා ගනී. රසිකයාව වඩාත් පහසුවෙන් ප්රකම්පනය කළ හැකිවන්නේ මායා ලෝකයේදී .

ගම්මානයකින් නැඟෙන්නා වූ බටලී හඬ අප තුළ ජනිත කරවන්නේ ශෝකී බවකි. ඈත එපිට ගමක බටලී හඬ ඇසෙන්නට නම් පරිසරය අතිශයින් නිහඬ විය යුතු . නිහඬ පරිසරයෙන් බටලී හඬ හීන් සීරුවේ ගලාගෙන යද්දී ඇය සිටින පැල්පතෙන් ඇසෙන්නේ දුක්බර කවියකි. එය බටලී හඬ සමඟ මුසු වනවිට එහි දුක්බර බව තව තවත් වැඩිවෙයි.

කවිය ගායනා කරන ඇය සිටින්නේ නිදි නොමැතිව . ඇය විරහිනියක බව වැටහේ. මේ හඬ අසා සිටින තරුණයාගේ හා ඇයගේ ආලවන්තකමට බාධාවක් එල්ල වී ඇති බව පැහැදිලි . වැඩිහිටියන් ගේ ප්රතිවිරෝධතාවක් ඔවුනට එල්ල වන්නට ඇත.

ගං දෑලේ වැලපෙන සක්වාලිහිණියන් මෙන් ඔවුනට අමිහිරි වූ විරහ වේදනාව විඳින්නට සිදුවී තිබේ. දුක්බරව ළතැවෙන ඇගේ මුහුණ රසිකයාගේ දෑසෙහි මැවීමට ගීත රචකයා සමත් වෙයි. මේ චිත්ත රූප මැවීමේ කුසලතාවය සුනිල් සරතුන් ගේ වෙනත් නිර්මාණයන්හි දැකිය හැකි .


ඇගේ දුක නිවන්නට වෙත පියනැඟීමට අවසරයක් ඔහුට නොමැත. ඔහුට සිදුවී ඇත්තේ දුකින් බලා සිටීමට පමණි. ඇගේ පැල ඔහුට විමානයකි. මන්ද ඔහුට ඇය රැජනක් බැවිනි.

ඔහු මන්දිරයක සිටියත් ඔහුට දැනෙනුයේ එය අම්බලමක් ලෙසයි. කර කියා ගන්නට දෙයක් නොහැකිව අතරමං වූ පෙම්වතකුගේ ආත්මීය විලාපය රචකයා තම මායා ලෝකයට ඇතුළු කරගනී.



"මලානිකව හඳ එළිය ගලා එන
අම්බලමක සෙවණේ
බලා හිඳීමි ඔබ සිටින විමන් දොර
දැල්වෙන එළිය බඳේ"


දෙදෙනාගේ ආත්මය මිරිකාගෙන පිටාර ගලන වේදනාව දෑස්වලින් දිස්වෙයි. ඔහු තම දෑසේ කඳුළු සඟවා ගෙන ඇගේ දුක්බර දෑස මවා ගැනීමේ උත්සාහයක නිරත වෙයි. ඔහු ඉදිරියේ මැවෙන්නේ කඳුළින් බොඳ වූ නීල නුවන් තරු කැට දෙකකි.



"වේදනාව නෙතු අගට ගලාලා
ඉකි ලන නිහඬ රැයේ
නීල නුවන් තරු කැට බොඳ වෙනවා
කාටත් හොර රහසේ"


රචකයාගේ මායා ලෝකය අතිශයින් ප්රබල . විරහ විරහිනීන්ගේ සියලු සංවේදනා ඔහු මායා ලෝකයට එක් කරගනී. මුළු පදමාලාවේ නිරායාසයෙන් ගැබ් වන ගේයතා ගුණය නිසා සංගීතඥයාට නිරායාසයෙන් මිහිරි තනුවක් ගලා එයි.

සංගීත් නිපුන් සනත් නන්දසිරි ගේ තනු නිර්මාණ කතිකාවකට බඳුන් නොවුව පදමාලාව සමඟ බද්ධ වන ඖචිත්යයන් ගෙන් යුතු ශබ්දාලංකාරයන් ගෙන් එම තනු සමන්විත . තනුව තුළ බටලී හඬ සමඟ මුසුවන කඳුළු බිංදු අන්තර්ගත .

අතීතය සිහිකරන සෑම විට දෙල්කඳ බෝඩිං කාමරය මට සිහිවෙයි. සමඟ මගේ මිතුරාගේ බිත්තියේ එල්ලා තිබූ සිතුවම මතකයට නැඟෙයි. අම්බලමක සෙවණේ නොසිටිය යුවතියගේ ශෝකී දෑස මා ඉදිරියේ දිස්වෙයි. සඳ එළිය වැටුණු රාත්රියක මම මේ ගීතය තනිව මුමුනමි. වචනයෙන් කිවනොහැකි වේදනාවක් සමඟ නිදි යහනට ගොස් දෑස් පියා ගතිමි.








(Etha Epita Gammanen - Sanath Nandasiri)














උපුටා ගැනුම : සිඵමිණ පුවත්පතෙහි පුන්කලස අතිරේකය සඳහා ධම්මික බණ්ඩාර මහතා විසින් ලියන ලද ලිපියකිනි.


"කියවල ඉවර වෙලා අදහසක් එකතු කරල යන්න පුලුවන් නම් ඒක මට ලොකු ශක්තියක්..."










Tuesday, October 29, 2013

•මියගිය බිරිඳ ගැන කවි පොතක් ලියන කවිකාර සැමියා

මියගිය බිරිඳ ගැන කවි පොතක් ලියන කවිකාර සැමියා








ලාංකේය ජන සමාජයේ බුද්ධිමය රසාස්වාදය වර්ධනය කිරීම උදෙසා විසල් මෙහෙයක් කළ අග‍්‍රගන්‍ය කවියකු හා ගී පද රචකයකුවන රත්න ශ්‍රී විජේසිංහ වෙනුවෙන් දැයේ කෘතවේදීත්වය පළ කරනු වස්, ”රත්න ශ්‍රී උල්පත පාමුල” නම් ප‍්‍රාසාංගික උපහාර උළෙලක් ජුනි මස 02 වෙනි දින ”නෙළුම් පොකුණ” මහින්ද රාජපක්ෂ ජාතික රංග කලා පරිශ‍්‍රයේදී පැවැත්වේ.

රත්න ශ්‍රී විජෙසිංහගේ නිර්මාණ දිවියට හතළිස් වසරක් ද, ඔහුගේ ජීවන ගමනට හැට වසරක්ද සපිරෙන එදිනට ”රත්න ශ්‍රී උල්පත පාමුල” කෘතිය එළිදැක්වීමට නියමිතය.

නව පරපුරේ ගී පද රචකයකු හා ලේඛකයකු වන පමිත ආර්. ලියනගේ විසින් සංස්කරණය කරනු ලබන එකී කෘතියෙහි රත්න ශ්‍රී විජේසිංහගේ නිර්මණකරණය පිළිබඳ විද්වතුන්ගේ විමර්ශනාත්මක ලිපි එකතුවක් හා ඔහුගේ ජීවන තොරතුරු ද, ස්වර ප‍්‍රස්ථාර සමග ජනප‍්‍රිය ගීත රැසක්ද අන්තර්ගත වේ.
රත්න ශ්‍රී විජේසිංහ විසින් රචිත, ජාතික රූපාවාහිනය මගින් නිෂ්පාදනය කරන ලද ”මියුරු සර” (ජාත්‍යන්තර සම්මාන දිනූ) ගීතාවලිය ෘඪෘ තැටි ද්විත්වයක් ලෙසින් ජනගත කිරීමද එදින සිදුවනු ඇත. එසේම, ඔහුගේ ජනප‍්‍රිය ගීත ඇතුළත් සංයුක්ත තැටියක් ද, ඔහුගේ තොරතුරු ඇතුළත් නව වෙබ් අඩවියක්ද එදින එළිදැක්වීමට නියමිතය.

උල්පත පාමුල
ඒ අද ඔහු සිටින තැනය
ගෙවීගිය දශක හයකට කලින්, උල්පතක් තියා දිය බිඳක්වත් නුදුටු ඔහුට උල්පත දකින්නට ලැබුණේ දශක හතරකට පෙරාතුවය.

ඒ උල්පත සාහිත්‍ය පිපාසයයි.
ඔහු රත්න ශ්‍රී විජේසිංහයි.

අද ජුනි මස දෙවැනි දින ජීවන ගමන් මගේ හැටවැනි වියට පිවිසෙන ඔහු, අද කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සිය උල්පත දෙස හැරීබලයි. කවියකු ගීත රචකයකු ළමා කතා රචකයකු ලෙස රාජ්‍ය සම්මානවලින් පවා පිදුම්ලද ඔහු උල්පත පාමුලට වී අද හුදෙකලාව පසුවන්නේ ජීවිතය සතු අනිත්‍යතාවයත් හුදෙකලාවත් මොනවාට වටහාගෙනය.

එහෙත්, ජීවිතයේ හැට වසරත් සාහිත්‍ය සේවනයේ හතළිස් වැනි වසරත් සමරන රත්න ශ්‍රීට ජීවිතය දෙස ආපසු හැරී බලන්නටවත් සිතෙන්නේ නැත. පසුපස ඇත්තේ සිහිපත් කර සතුටු වන්නට තරම් කරුණු කාරණා නොවන නිසාය. එහෙත් හැරී පසුපස බලනවා මිස එබී ඉදිරිපස බලන්නට මිනිසකුට හැකියාවක් නැත. ඉදිරිපස කිසිවක් නොපෙනෙන නිසාය.

ඒ අතීතයේ මුල්ම අවදියේ ඔහුට සිහි කළ හැක්කේ ආදරණීය මෑණියන්ගේ වියෝවයි. දරුවකුට මවක් තරම් සෙනෙහසක් පුදන වටින කියන සම්පතක් තවත් කොයින්ද?



එහෙත් අවුරුදු දෙකක්වත් පිරෙන්නට කලින් තම මව ඔහු හැර යාමත් සමග, රත්න ශ්‍රීට හිමි වූයේ තාත්තාගේත් මිත්තනියගේත් ආදරයයි. ඒ තාත්තාද ඔහුට වසර හතක් පිරෙන විට ඔහු තනිකර දමා නොඑන ගමන් යන්නට ගියේය. ඒ නිසාම ඔහු යාම්තමට අකුරු ටිකක් එකතු කර කවියක් ලියාගන්නට සමත්කම් ලැබූ දා හාපුරා ලිව්වේ අම්මා ගැනය.

තනිවෙලා මා නන්නාඳුනන
දුරු රටක මග නොදන්නා
එන්න අම්මේ පාලූ අහසේ
අඳුර අතරින් පායලා

නිදා ගන්නට ඔබේ උණුසුම
පිරුණු ඇකයේ හිස තියා
හිනාවීගෙන එන්න අම්මේ
සිහිනයක් සේ පාවෙලා

පෙරී අතු ඉති අගින් මිදුලට
ගලා ආ සෙනෙහස ඔබේ
උරා බිව් හැටි කිරිඋරා බොන
නොදරුවකුසේ ඉකිගසා

පාළු හැන්දෑ සුළඟ සීතල
ඔබේ කිරි සුවඳින් තෙමා
එන්න අම්මේ නන්නාඳුනන
ඈත අහසින් පායලා

දෑස් පියවේ නපුරු සිහිනේ
අන්ධකාරේ තනිවෙලා
ඔළුව අතහා තුරුලූ කරගෙන
ඉන්න අම්මේ ළංවෙලා

දහසද ඉක්මවූ සිය ගීතාවලියේ ආරම්භක ගී පද මාලාව වූ එය රත්න ශ්‍රී තැපැල් කළේ ගුවන් විදුලියේ යෞවන සමාජය  වැඩසටහනටය. ප‍්‍රවීණ ගීත රචක ලූෂන් බුලත්සිංහලට හමු වූ ඒ ගී පද වැල විශාරද ගුණදාස කපුගේ ගේ සුරතින් සංගීවත් කෙරී ගායනා කෙරුණි.
එහෙත් මේ ගීතය එදා ගැයුනා මිස යළි යළිත් වාදනය කරන්නට පටිගත කෙරුණේ නැත. මේ නිසා ඊට වසර හතකට පසු එනම් 1978 දී එම ගී පද වැලම රත්න ශ්‍රී ටී.එම්. ජයරත්නට දුන්නේය.

ඔහු මේ ගීතය සිය සරල ගී වැඩසටහනකට ගයනු පිණිස ගුවන් විදුලියේ ගීත සමීක්ෂණ මණ්ඩලයට ඉදිරිපත් කළේය. එය කියැවූයේ ප‍්‍රකට විද්වතෙකි. එවකට පැවැතියේ එ.ජා.ප. ආණ්ඩුවකි. විපක්ෂ නායිකාව වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. ඇය ජනතා ආමන්ත‍්‍රණයට ලක් වූයේ මැතිනියත් අම්මාත් ලෙස බැවින් අම්මා යන උතුම් වචනය පොදුවේ මව්වරුනට කිව නොහැකි තරම්විය.

මේ නිසා රත්න ශ්‍රී ගේ ගීතයේ වූ එන්න අම්මේ යන වචන දෙක මැතිනියට කෙරුණු ආමන්ත‍්‍රණයක් යැයි පටු කල්පනාවක් ඇති කර ගත් සමීක්ෂකයා එම පද දෙක අනුචිත පද සේ සලකුණු කළේය. එබැවින් එම ගීතය ගායනා කිරීමට ටී.එම්.ටද නොහැකි විය.

රත්න ශ්‍රී ගේ පළමුවැනි ගී පද මාලාවේ සිය මව සේම අකල්හි දී ඔහුට අහිමිවුවත් ඉනික්බිති ඔහු ලියූ ගී සියල්ල රසික මන දොළ සපුරාලන්නට සමත්විය.
මේ වන විට ඔහු පෙම්වතකුව සිටියේය. උසස් අධ්‍යාපනය උදෙසා ගාල්ල නගරයට පැමිණි ඔහුගේ නවාතැන වූයේ ගාලූ කොටුවේ ලේන්බාන් වීදියේ වූ නිවෙසකි. එහි වාසය කළ සුරුපී යෞවනිය හේමමාලා රත්න ශ්‍රී ගේ කවි සිත පහන් කළේය. ඇගේ රූ සිරිය රත්න ශ්‍රී ගේ නෙත් සිත් අවදි කළේය. පුබුදු කළේය. රසවත් කළේය.

ඉතින් ඔහු ඒ පේ‍්‍රමණීය හැඟුම් වැල ගීතයක පද වැලක් බවට පත් කළේ අනායාසයෙනි.


නෙතු පියන් පියා මුතු දසන් වසා
නිදි දැහැන් වැදී කුමරි
සිහිනයෙන් එබී මා ළඟින් සැදී
මවුපියන් බලා නොඉඳී

නින්ද නොයන විට පැලේ පැදුර උඩ
ඈත දෙපා වෙහෙසී
එයි හීන් සැරේ ඔබ පවන් සලා මට
බලා ඉඳී හිනැහී

ලියා දෙවසරකට පමණ පසු බණ්ඩාර අතාවුදගේ හඬින් ගැයුණු මේ ගීතයත් සමගම හේමමාලිය සහ පේ‍්‍රමය වෙනුවෙන් තවත් බොහෝ ගීත ඔහු අතින් ලියැවුණි.

වයස අවුරුදු 21 වන විට තෙල්ලඹුරේ පාසලට ගුරුපත්වීමක් ලැබුණු රත්න ශ්‍රීට, දුෂ්කර මාරුව ලැබුණේ වෙල්ලස්සටය. ඒ වන විට හේමමාලිය සරණබැඳගෙන සිටි රත්න ශ්‍රීට මේ දුෂ්කර ගමන වියෝගයක් සේ දැනුණි. එහෙත් එකී සියලූ දුක්බර හැඟීම්  ගීත ලෙස සොම්නස් සහගත වෙමින් ප‍්‍රතිනිර්මාණය විය.

මගේ බිසවුනේ අසාපන්
නුඹ මන්ද්‍රි දේවි නොවුණී
දුෂ්කර වූ ඒ පළාතේ
මට යන්න දෙන්න දේවි

මේ කඳුළු ඇයිද දෑසේ
බෑ යන්න නුඹට හිම සේ
ගොස් ඉන්න කුලී නිවසේ
එම ඝෝර සර්ප භවනේ

දුවරුත් සමග හේමමාලිය ගාලූ කොටු පවුර ඇතුළෙහි තනි කර දමා වංකගිරියේ දුෂ්කර සේවයට යන අතරතුරේ ඔහු ලියූ මේ ගී පදවැල කපුගේ වඩාත් සංවේදී ලෙස ගායනා කළේය.

රත්න ශ්‍රීට ඔහුගේ මේ දුෂ්කර සේවය වංකගිරියේ අරණක් බඳු විය. ඒ වංකගිරිය අරණේ සිට ඔහු ලියූ කව් ගී වංකගිරිය අරණේ නමින් ගීත පොතක් බවට පත්විය. මෙකී ගීතයට ඔහු නම් දී තිබුණේ වංකගිරියට පිටත් වීම ලෙසිනි.

වෙල්ලස්ස ඉසව්වේ ගෙවී ගිය රත්න ශ්‍රීගේ දුෂ්කර ගුරු සේවයෙන් ඔහු උකහාගත් අත්දැකීම් රාශියකි. ඒ අත්දැකීම් තව තවත් විචිත‍්‍ර ගීත රචනා බිහි කර දෙන්නට සමත් වූ බව ඔහුට මතකය.

කුවේණියට වෙල්ලස්සේ මිනිස්සුන් කීවේ කුකුලාපොල කිරි අම්මා ලෙසිණි. මේ කතාවද රත්න ශ්‍රීට මියුරු ගීතයක්ම වූවේය.

කුකුලාපොළ කිරි අම්මියෙ
නුඹෙ උණුහුම කොයි
මේ පැටවුන් එක්කල මං
කොයි බට යන්දැයි
නිවැරැද්දේ අපට මෙහෙම
පිටුපෑවේ ඇයි
කුකුලාපොළ කිරි අම්මගෙ
නුඹෙ උණුහුම කොයි

කලකට පසු වංකගිරියෙන් පිටත් වූ රත්න ශ්‍රීට ගුරු විද්‍යාල කථිකාචාර්ය රැකියාවක්ද ඊටත් පසුව අමාත්‍යංශ මාධ්‍ය ලේකම් රැුකියාවක්ද ආදී වශයෙන් විවිධ රැුකියාවන් ලැබුණි. තවත් කලෙක රැුකියා අහිමිවීම්වලටද ලක්වන්නට ඔහුට සිදුවිය. ජීවිතයේ මේ සියලූ හැල හැප්පීම් දරාගෙන ජීවත් වූ ඔහුට ”ජීවිතය” අහිමිවූයේ හේමමාලි නම් සිය පි‍්‍රයම්බිකාවගේ නික්ම යෑමත් සමගය.

ඒ මීට වසරකට පමණ පෙරාතුවය. ඇගේ තුන් මස දානය දවසේ හේමමාලි නමින් කවිපොතක්ද නිකුත් කෙරුණි. ඒ රත්න ශ්‍රීගෙන් ආලෝකය ලැබූ කවියන්ගේ එකතුවෙනි. මේ පොත පිරුණේ හේමමාලියනට ලියැවුණු කවි සංකල්පනාවලිනි. කවියකුගේ බිරිඳකට තියා කවියකුටවත් එබඳු පොතක් නිකුත් නොවන රටක හේමමාලිට වෙන් වූ එකී කවි පොතද අරුමයකි. මේ සියලූ මතකයන් හිතේ තනිකම සමග පොරබදද්දී රත්න ශ්‍රී සිය බිරිඳ සහ පේ‍්‍රමය පිළිබඳව කවිපොතක් ලියන්නට පටන් ගත්තේය.


මූණ මුකුලූවෙන් රෑ හඳ වතුර පෙනේ
රෑන පිට රෑන කොන්ඬේ පිටට නැමේ
මූණ කන්ඩ ආ දිවියා එහෙම නෙමේ
මූණ බලාපං යනවා හෙටම ගමේ

මේ රත්න ශ්‍රී එම පොතට එක් කළ එක් කවියකි. ඒ හේමමාලිය හාපුරා මුණගැහුණු දවසක මතකය යළි අවදි කිරීමකි, එදා රත්න ශ්‍රී දැක මූණ හංගාගත් කෝල දැරිවිය පිළිබඳ මතක යළි මතකයට නගා ගැනීමකි.

දීර්ඝ කාව්‍යයක් වන මෙම පොතට කවියා දැමූ නම සක්වාය. සක්වා යන වදනෙහි අරුත යුගළක් යන්නය.

රත්න ශ්‍රී මේ කවිපොත ලහිලහියේ ලියාගෙන ගියත් ඔහු සිතූ තරම් ඉක්මණකට මෙය ලියා අවසන් කළ නොහැකි විය. එබැවින් උල්පත පාමුල උත්සවය දවසේ මෙම පොත දොරට වැඩම වීමට ඔහු තුළ වූ අපේක්ෂාව ඉටු වූයේ නැත.

එහෙත් නුදුරු දිනෙක එම කවිපොත රසික දොරට පිදුණු දිනෙක සැමියකු වෙතින් බිරියකට පිදෙනා ආදරයේ උත්තම ස්වභාවය ගැන කාට කාටත් අවබෝධයක් ලබාගත හැකිවනු ඇත.


"කියවල ඉවර වෙලා අදහසක් එකතු කරලම යන්න.. "

Saturday, October 26, 2013

•හමුවෙන්නට සමුගන්නට


“හමුවෙන්නට සමුගන්නට…”



සරසවි අධ්‍යාපනය ලබන , ලබන්න බලාපොරොත්තු වන හා ආදරය කරන , නොකරන හැමෝම මේ කතාව කියවන්න.. සමහර විට මේ කතාව ඔබේ ජීවිතය වෙනස් කරන්න පුලුවන්..



❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀

2003-2004 අධ්යන වර්ෂය ආරම්භ කරමින් පේරාදෙණිය විශ්ව විද්යාලයට එනව තරුණයෙක් පොල්ගහවෙල ඉදල... 
අපේ යාළුවො දන්නව ඇතිනේ ලංකාවේ සරසවියක තිබෙන එකම දුම්රියපොල තියෙන්නෙ පේරාදෙණිය සරසවයේ. ඉතින් ඒ තරුණයට ඒක ගොඩාක් පහසුවක්.

පේරාදෙණිය විද්යාලයට පීඨයට පැමිණි මේ තරුණායාට සුපුරුදු පරිදි කාඩ් එකකුත් වැදුනා...

කාඩ් එක තමා බොනපාට්... 

මම මෙතනින් ඉදිරියට මේ තරුණයව හදුන්වන්නෙ බොනපාට් කියල... මොකද මුළු සරසවියම ඔහුව හදුනගත්තෙ බොනපාට් යන නමින්....

ඉතින් පේරාදෙණිය විශ්ව විද්යාලයට ආපු මේ බොනපාට් ගැන සරලවම කියනවනම් ගොඩක්ම සංවේදී... හොඳම මීටරයක්... ඔහු පැමිණියේ භූගර්භ විද්යා උපාධිය හදාරන්න.... ඔය උපාධිය ලංකාවෙන්ම පවත්වන්නෙ පේරාදෙණිය සරසවියේ පමණයි... ඔවුන්ගෙනුත් විශේෂ භූගර්භ විද්යා උපාධිය සදහා තේරෙන්නෙ 10 දෙනෙක් පමණයි... 

අපේ මේ බොනපාට් ඒ 10දෙනා අතරට තේරුණාම කොහොමද මිනිහගෙ මීටරේ කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ යාළුවනේ...... කෙටියෙන්ම කියනවනම් වසරකට භූගර්භ විද්යා විශේෂ උපාධිධාරීන් ලංකාවෙන්ම බිහිවෙන්නේ 10 දෙනයි..... (මේ භූගර්භ විද්යා විශේෂ උපාධිය තියෙන ඕනම කෙනෙකුට ඕනෑම රටකින් නොමිලේ රැකියා සහ වීසා දෙනව....)

පවුලේ එකම දරුවා වූ මේ බොනපාට්ට ආදරේ සෙනෙහස එතරම් අවශ්ශ්ය උනේ නෑ... මොකද දෙමාපියන්ගෙ මුළු ලෝකයම උනේ මේ බොනපාට්.. සරසවියට එනකල්ම ඔහුටත් ආදරයක් අවශ්ය උනේ නෑ... ඒ තරම් දෙමාපියන් ඔහුට ආදරය සෙනෙහස දුන්න... කොහොමින් හරි සරසවියේ තනිවුන, පොත් අතර කාළය ගෙවුණු මේ බොනපාට්ටත් තනිකම කාන්සිය නිසා සරසවි ආලය ටිකෙන් ටික දැනෙන්න පටන්ගත්ත.... ඔහු සම්බන්ධයක් ඇති කරගත්ත සරසවියේ තරුණියක් සමග... ඇයටත් කාඩ් එකක් තියෙනව... 

එය තමයි සොබනි. 

ඇයත් පොල්ගහවෙලමයි... ඔන්න ඉතින් අපේ මේ බොනපාට් සොබනිත් එක්ක ආදරය කරන්න පටන් ගත්ත....

යාළුවනේ හැඩි දැඩි සිරුරක් ,ලස්සනක් තිබුණ මේ බොනපාට් පුදුම මීටරයක්.... ඒ වගේ කෙනෙක් සරසවිය තුලදි නිරායාසයෙන්ම ජනප්රියයි... අනික යාළුවන්ට තියෙන ආදරයත් උපරිමයි. සරසවි භාෂාවෙන් සිරා බොක්කෙ කොල්ලෙක් ඔහු.. කොහොමින් හරි මේ දෙන්න දැන් සරසවියෙ ඉන්නෙ එකට, එකම ගමේ නිසා ගමට යන්නෙ එකට , නැවත එන්නෙ එකට... ගෙවල් වලිනුත් කැමතියි දෙදෙනාටම.... ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ... මුළු සරසවියම දන්නව බොනපාට් තව වසර 2කින් 3කින් නවතින්නෙ ඇමරිකාවේ නැතිනම් යුරෝපයේ කියල.... ඒ නවතින්න යනවිට සොබනි ඔහුගේ බිරිද වෙයි කියලා අපි හැමෝමත් බොනපාට් සහෝදරයත් හිතුව. අනිත් සරසවි පෙම්වතුන් වගේම මොවුන් දෙදෙනත් ආදරෙන් වෙලෙමින් කාලය ගතකලා.....

මුදල් ප්රශ්ණයක් නැතිනම්, බොනපාට් පුදුම ලස්සනයිනම්, ඇමෙරිකාව පුරවැසිභාවය දීමට ආරාධනා කරන උපාධියක් තිබෙනවනම්, අනාගතේ පැහැදිලිනම්, සොබනිට ගෙදරිනුත් කැමතිනම්.... කොතරම් වාසනාවන්තයෙක්ද යාළුවනේ අපේ මේ බොනපාට්... අනික සොබනිත් වාසනාවන්තයි බොනපාට් ලැබුනට... සරසවියෙ හැමෝම හිතුවෙ එහෙමයි....

නමුත් ඔබ දන්නවද සොබනි හිටි හැටියේම බොනපාට්ව අත ඇරියා.... 

හරිනම් බොනපාට් තමා සොබනිව අතාරින්න ඕන. සොබනි කියන්නෙ සාමාන්ය තරුණියක්. ඇය ලස්සනයි. නමුත් අපි දකින විදියට බොනපාට්ගෙ ලගදි ඇය නවදැලි හේනක පෑව වැදිරි රුවක් හා සමානයි.... ඒත් සොබනි බොනපාට්ව අතෑරියා... කොහොමද දෙවියනේ මේවගේ දෙයක් වෙන්නෙ.. නමුත් එහෙම දෙයක් උනා... බොනපාට් තනිවුනා... ඇය ඔහු තනිකලා....

නමුත් මේ බොනපාට් මම කලින් කිවුව වගේ පුදුමාකාර චරිතයක්... ඔහු මේ සම්බන්ධය නවත්වපු බවක් සරසවියේ කිසිම කෙනෙකුට හැගෙවුවෙ නෑ... පෙන්නුවෙත් නෑ.... නමුත් සම්බන්ධය නවත්වලා.... බොනපාට් උත්සාහ කරන්න ඇති සොබනිව නැවත කැමති කරවගන්න. බොනපාට් උත්සාහ කරන්න ඇති නැවතත් සොබනි එක්ක සරසවි දුම්රිය ස්ථානයෙන් ගෙදර යන්න, ආයෙ එන්න... සරසවියෙ ඇවිදින්න... නමුත් ඇය ඔහු අතෑරලා.... ඔහු මේක සගවගෙන විවිධ හේතු දක්වමින් මගෑරියා.... ඔහු තනිවම විදවන්න පුළුවන් උපරිම දුක්වින්දා.... ලොකයෙන්ම දුකක් සගවගෙන දුක්වෙන එක හරිම අමාරුයි... ඒත් මේ කතාවේ අවාසානය වෙනකල් ඔහුගේ අතිජාත මිත්රයන්වත්... ඔහුගේ මවවත් දන්නෙ නෑ... සොබනි ඔහුට බූට් එක තියල කියල... ඒ තරමටම මොහු සොබනිව ආරක්ෂා කලා....

ගෙදර හුරතලේකට හැදුනු බොනපාට්ට ආයේ මේ දුක දරාගන්න නම් ලේසිනම් නෑ යාළුවනේ... ඔහු දුක විදින්න, විදවන්න තියෙන උපරිම විදියට උත්සාහ කලත් මේ දුක ඔහුට දරාගන්න බෑ..... ඔහු ගත්ත තීරණයක්..... අනාගත සුපිරි විද්යාඥයා විශ්ව විද්යාලයෙන් හොරෙන් ගත්ත රසායනික කැට ටිකක්.... ගියා හන්තානේ මාකස් නේවාසිකාගාරයට ඈතින් ෆයිනස් යායේ තිබෙන ගල් තලාවක් මතට.... අවසන් උත්සාහය දැරුව ඔහු ඇමතුමක් අරගෙන සොබනිට... වැඩක් නෑ... ඇය අසංවේදීයි.. ඇයට බොනපාට්ගේ හදවත දැනෙන්නෙ නෑ... ඔහු කරන්න යනදේ ගැන වැටහීමක්වත් සංවේදීතාවයක්වත් නෑ....

උනදේ කියාගන්නත් බෑ යාළුවනේ.... සරසවි සිසුන්ට බොනපාට්ව මුණ ගැහුනේ ඊට දින දෙකකට පසුව... යාළුවනේ ඩෙනිම් කලිසමත් නිල් ඉරි ටීෂර්ට් එකත් ඇදගෙන මුනිං අතට මැරිල ඉන්නව අපේ අනාගත භූගර්භ විද්යාඥයා ගල් තලාව මත....

ඔහු මිය ගිහින් තියෙන්නෙත් බොලද විදියට නෙමෙයි... ඔහුගේ මියයාම, ඔහුගේ දුක, වේදනාව ගැන විවිධ ඉගි කිරීම් සදහන් කරමින් ඔහු සටහනක් පොතක ලියල තිබුණ.... නමුත් ඔහුගේ බුද්ධියෙන් දෙන ඉගි තේරුම් ගැනීම ඉතා අපහසුයි... ඇයි ඔහු ඉගි විතරක් දුන්නෙ ... මිය යන්න හේතුව සරලවම කියන්න තිබුනනේ... ඇයි ඔහු එහෙම නොකිව්වෙ.... සොබනිට නොදැනුනාට ඔහු ඒ තරම් සොබනිට ආදරෙයි.... සොබනි නිසා මැරුණ කිවුවොතින් සොබනිට වෙනදේ ඔහු දන්නව.... ඉගිවලින් දුන් පණිවිඩය අපිට නොතේරුණාට සොබනිට හොදටම වැටහෙන්න ඇති.....

හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින

දැනෙන විදියට රජෙක් වගේ මුළු විශ්ව විවිද්යාලයපුරා ප්රචලිත වෙලා සිටි බොනපාට්, සොබනිලගට ගිහින් කියන්න ඇති.... එන්න අපි යමු කෝච්චියෙ ගමේ වෙනද වගේ කියල... කොතරම් නම් ඉල්ලීම් කරන්න ඇත්ද ඔහු සොබනි ලග වැද වැටිල....

මලක නැවුම් සුවඳ පිරුන සොදුරු මදනල
ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන
සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන

දුක දරාගෙන ඉදල ඉදල බැරිම තැන මැරෙන්න තීරණය කරපු අපේ මේ බොනපාට් අන්තිම මොහොතෙදිත් කෝල් එකක් අරගෙන තියෙන්නෙ සොබනිට.... මොනව කියන්න ඇත්ද..? අඩ අඩා ආදරේ ඉල්ලන්න ඇති නේද...? මගේ කදුලු බිදු වැටෙන්න නොදී එන්න සොබනි ආයෙත්... කියන්න ඇති නේද...? දෙවියනේ මේ තරම් සියුමැළිද කළුගල් කියල සින්දු ලියපු රටේ දැන් කියන්න තියෙන්නෙ මේ තරම් රළු ඇයිද හදවත් කියල.... 

නෙතින් නෙතට එබී බලා ගන්න හදවත
ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට
ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉනූ කදුලට
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම


ගීතය අහන්න අත්යාවශ්ය නෑ... අකමැතිනම් එය අමතක කරල කතාව විතරක් කියවන්න... හැබැයි මෙහෙද එක දෙයක් සදහන් කරන්න ඕන... සොබනි දැන් හොදින් ජීවත් වෙනවා.. ඇය සාර්ථක පවුල් ජීවිතයක් ගෙවනවා... ඒ නිසයි මෙහි සියළු නම් සදහන් කලේ නැත්තෙ... අනික මෙහිදී හිතට වැදුණු දෙයක් තියෙනවා.... ඒ තමයි ඔහුගේ හොදම යාළුවෙක් කියපු කතාවක්....

මේ යාළුව බොනපාට්ගේ මලගෙදරට සහභාගී වුනේ නෑ... ඇයි කියල ඇහුවම ඔහු දීපු පිළිතුරෙත් හිතන්න දෙයක් තියෙනවා... 

" අම්ම තාත්තගෙ එකම ලෝකය කෙල්ලෙක් නිසා බොනපාට් නැති කරගත්තෙ ඌ,
ඌ ගැන වටිනාකමක් නැති නිසා.... ඉතින් ඌට ඌ වටින්නෙ නැත්නම්... එහෙම එකෙක් මට කෙහොමත් වටිනාකමක් නෑ. ඒ නිසා මම මලගෙදර යන්නෙ නෑ...... "

❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀

මෙය මා අන්තර්ජාලයෙන් උපුටාගත්තේ සරසවි අධ්යාපනය ලබන , ලබන්නට බලාපොරොත්තු වන අප සැම වෙනුවෙන්.. ආදරයක් පැරදුනා කියලා කවදාවත් ජීවිතයෙන් වන්දි ගෙවන්න එපා.. මොකද අපි ඒ ආදරය කරපු කෙනා දැනගෙන සුලු කාලයක් වුනත් අපිව වදපු , හැඩි දැඩි කරපු දෙමවුපියන් අපිව උපතේ සිට රැක බලාගත්තා..

ආදරයක් නම් නැවත ලබාගන්න පුලුවන් මිතුරනේ.නමුත් ජීවිතය අපිට ලැබෙන්නේ එක වරයි..



"කියවල ඉවර වෙලා අදහසක් එකතු කරලම යන්න.. "