Pages

Sandumal

Sandumal

Sunday, June 1, 2014

•සැබෑ ආදරය යනු

"නෙළුම් පතක රැඳි දියබිඳ සහ හදවතක උපන් ආදරය"




සැබෑ ආදරය යනු..,

නෙළුම් පතක රැඳි දිය බිඳකි..
නෙළුම පත යනු හදවතයි,
දිය බිඳුව ඒ හදවතෙහි උපන් ආදරයයි..
නෙළුම පතෙහි වූ දිය බිඳුව
පොළොවට වැටුණු පසු
එකී නෙළුම් පතෙහි වූ අර දිය බිඳුව
තිබූ බවට සලකුණකුදු ඉතිරි නොවේ..
එසේම, දිය බිඳුව පොළොවට වැටුණු පසු, 
එය පොළොවට උරාගනී..
යළි කිසිදු දිනෙක
කිසිදු ජගතෙකුට..
එකී දිය බිඳම යළි රැගෙන
නෙළුම්පත මත තැබිය නොහැකිය..
එමෙන්ම,
නෙළුම්පත වන් හදවතෙහි
දිය බිඳුව නම් ආදරය
නෙළුම් පතෙන් දිය බිඳ
වැටුනා සේ, එකී ආදරය
තවත් හදකට දුන් විට..
එවිට ඒ හදවතට වෙනත් හදකට
දෙන්නට තරම් ආදරයක් කිසිදින ඉතිරි නැත..
හරියට...
නෙළුම පතෙන් දිය බිඳ වැටුණු පසු
එහි සලකුණකුදු නෙළුම පතෙහි ඉතිරි නොවන්නා සේය..
එසේ හදකට ආදරය දුන් විට
එකී ආදරය යළි කිසිදිනක
නැවත ගත නොහැකිය..
හරියට...
නෙළුම පතෙන් ගිලිහුන දිය බිඳ
පොළොවට උරාගත් පසු..
යළි රැගෙන නෙළුම් පතෙහි
තැබිය නොහැක්කා සේය..
ඒකයි කියන්නෙ..
ජීවිත කාලයටම..
සැබෑවටම ආදරය කල හැක්කේ
එකම එක හදවතකට
පමණක්ම බව..
එකී හදවතෙහි ආදරය..
යමෙකුට නොලැබෙන විට..
අහිමි කල විට..
ඔහුගේ හෝ ඇයගේ දිවිය
සදහටම අසම්පූර්ණය..
කුමන සැප සම්පත් ලැබුනද..
ඔහු සිත ඇය සිත
සතුටක් නම් නැත..
සදහටම උරුම
හිස්බව පාලුබව තනිකම සහ
සදාතනික වේදනාව පමණකි..

                                              -මනෝෂ් සඳරුවන් (සඳුමල්)



***********************************

පසුව ලියමි

මීට වසර පහකට පමණ පෙර, ජීවිතයේ එක් දුෂ්කරම මොහොතක මම මෙය කුරුටු ගෑවෙමි. මෙය කවියක්ද, නිසැඳසක්ද, කතාවක්ද කියා මම නොදනිමි. එක් දෙයක් මම පැහැදිලිව දනිමි. එනම් මේ, වේදනාබර කටුක මොහොතක මගේ සිතට දැනුනු සිතුවිල්ලකි. අහඹු ලෙස මගේ පොත් ගොන්නක් අතර තිබී මට මෙය නැවත හමුවුනි. මගේ හිතට දැනුනු මේ සිතුවිල්ල ඔබත් සමඟ බෙදා ගැනීමට තීරණය කලෙමි.



29 comments:

  1. මොකද්ද කියන එක නං මට තේරෙන්නෙත් නෑ මචං.. කතාවක් වගේ කියොගෙන ගියා.. ලස්සනයි !!

    ReplyDelete
    Replies
    1. මොකක් හරි කියල හිතාගමුකො බං. රහක් තිබුනනම්..එච්චරයි.

      Delete
  2. හෙක් හෙක් පට්ට බූට් එකනේ කාල තියෙන්නේ, ඕවා ඔහොම තමා සහෝ........ ගණන් ගන්න එපා, අද හවසට හිරු බැහැල යනවා වගේම හෙට උදේටත් අයෙත් එනවාමයි, ඒ වගේමයි ඕවත් යනවා එනවා, එත් අර ඇලුණු තැන මොකක්ද රිදිල්ලක් තියෙනවා නේද, මොකක් උනත් නෙලුම් කොලේ කතාව නම් හරිම ලස්සනයි, මොකද ඇත්තම එක නිසා, අපි ඉතින් කවදත් නෙලුම් කොලනේ, අදාරයක් ආවත් එක හරියට වතුර බින්දු වගේ එකේ ඇලිලා තියෙන්නේ නෑ. ඕක තමා ගැටලුව. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. නෙලුං කොල නෙමේ බං අපි හබරල කොළ වගේ,. එක පාර වැහි බිංදු ලොට් එකක් එනවා යනවා අපිට නං වගේ වගක් නෑ.:D

      Delete
    2. වැහි දිය හබරල තෙමුවට…
      ඒ තෙමන්නෙ වැහි විතරද?…… :D

      Delete
    3. සොමි යා,

      අනේ දෙයියනේ සොමියො.. මේක මං කාපු බූට් එකක් නෙවෙයි. ආදරේ කරන්න පටන්ගත්ත මුල් කාලේ ඔය අපි කාට කාටත් වගේ මටත් මවු පිය පාර්ශවෙන් ආව ඉතින් මහා විරෝධතා. ඉතින් එහෙම දවසක හතර අතින් බෝම්බ වැදුනු වෙලාවක මේක ලිව්වෙ. මෙහෙම උනොත් මේකයි වෙන්නෙ කියල හිතුනෙ මට. ඒත් ඉතින් අපිට අපේම පිහිටෙන් ආරක්ශාවෙන් බූට් එකක් නම් කන්න තරම් අවාසනාවන්ත උනේ නෑ. තාමත් අපි යහතින් ඉන්නවා. දැන් නම් ගඟ හරි ලස්සනට ගලනවා. කාගෙන්වත් විරෝධතා නෑ, ආශිර්වාද මිසක්.

      පත්තර මල්ලි,
      නෙළුම් කොලයක් නොවී ජීවිතේ හබරල කොලයක් කරගන්න තිබුනනම් කොච්චර හොඳද බං.

      ප්‍රියා,

      \\වැහි දිය හබරල තෙමුවට…
      ඒ තෙමන්නෙ වැහි විතරද?//

      අපෝ නෑ.. ඒත් ඉතින් වැස්සට තෙමුන තරම් ආතල් එකක් නෑ බං වෙන මොනාගෙන් තෙමුනත්.

      Delete
  3. අඩේ සිරාවටම එළ. වැඩේ කියන්නෙ මටත් හිතාගන්න බෑ මේකට මොකක්ද කියන්නෙ කියලා. ඒත් මේ වචන ටික ඇතුලෙ පුදුමාකාර වේදනාවක් තියෙනවා බං.

    මේක අනිවාර්‍යෙන් ලියවිලා තියෙන්නෙ බොට තනිකම පාළුව හොදින්ම දැනුන වෙලාවක. එහෙම වෙලාවට පිහියක් මන්නයක් දික් කර ගෙන හංදි ගානෙ රැකන් ඉන්නැතුව මේ වගෙ පද පෙලකට තමන්ගෙ දුක බාර දෙන්න පුළුවන්නම් හැමෝටම…… මේ ලෝකෙ කොයි තරම් ලස්සන වෙයිද?

    ReplyDelete
    Replies
    1. අපි සිංදු ලිව්වෑ බූට් කැවම.. ඒකට හංදියෙ තියෙනව මැජික් අරිස්ටෙයක් .. ඒක ගහපු ගමං දුක සැප සේරම වාෂ්ප වෙලා හොම්බෙං ගෙදර ගියෑකි..නැත්තං මං වගේ කාණු පල්ලක ලැගලා කෑල්ල ඉස්කොලෙ යන්න එන වෙලාවට එයාවත් බලාගෙනම ගෙදර ගියෑකි.. එහෙමත් හොඳයි නේ බං ???

      Delete
    2. අනිවා බං. එහෙම හරි දුක හමාර කර ගන්නවානම් හමාරයිනෙ මිනී මරුවො නොවී. නැත්ද?

      Delete
    3. ප්‍රියා,

      මෙච්චර නැඟල යයි කියල හිතුවෙ නෑ බං. ඔව් මචං, ලොවම එපා වී ලොවම කලකිරී තැවී දැවී උන්න වෙලාවක තමා මේක ලිව්වෙ. දෙයියනේ කියල හැබැයි ඒ කාලෙ විඳවපුවටත් එක්ක දැන්නම් හොඳටම විඳිනවා ආදරේ වගේම ජීවිතේ.

      උඹ කීව අනිත් කාරණේ නම් හරියටම හරි මචං. ඇත්තටම හැමෝටම එහෙම පුලුවන්නම්..

      පත්තර මල්ලි,

      සැක් ඉතරක්. උදේ පාන්දර කුණු කෙල පිටින් කානුවකින් හොම්බ දාල බලං ඉන්නකොට ඒ අසරණ කෙල්ලට මොනා හිතෙන්නෙ ඇත්ද අප්පා.. දුකේ බෑ..

      ඔය මැජික් අරිෂ්ටෙට හිතේ දුක සදහටම අයින් කරල දාන්න පුලුවන්නම් මාත් ඩේලි ගසනවා. ඒත් වෙරි හිඳුනම ආයෙත් හිටපු තැනමනේ..

      ප්‍රියා,

      කියල වැඩක්නෑ ප්‍රියෝ. අන්තිමට විඳෙව්වට වඩා විඳවන්නනෙ වෙන්නෙ ජීවිත කාලයක් පුරාම.

      Delete
  4. //මනෝෂ් සඳරුවන් (සඳුමල්)// බොට මනෝෂ් කියන්නද? සඳුමල් කියන්නද?

    ReplyDelete
    Replies
    1. මයේ අම්මේ මනෝෂ් කියහං. සඳුමල් කියන්නෙ බ්ලොග් එකේ නම.

      Delete
  5. කාලෙකිං මේ පැත්තෙ ආවෙ..පොඩි නෙට් කේස් එකක් හින්ද බ්ලොග්ස් පැත්තෙ එන්න බැරි වුණා..
    ආදරයයි හුදෙකලාවයි මිනිසාව කවියෙක් කරනවැයි කියනව නෙ...
    ඒකෙ ප්‍රතිඵලයක් වෙන්නැති මේ...
    පද වැල් ටික ලස්සනයි...
    ජය වේවා..!

    ReplyDelete
    Replies
    1. වෙල්කම් බැක්..

      ටිකක් ඒ වගෙත් තමා බං. මේව ඉතින් කිවි කියන්නත් බෑනෙ.

      Delete
  6. ඒක නිසඳැසක් කියලයි අපි යෝජනා කරන්නේ.... නමුත් ඒක ඊටත් තරමක් වෙනසක් පෙන්නනවා තමයි... ඒක මොන වර්ගයකට අයත් වුණත් ඔබේ සැබෑ අත්දැකීමක දුක දරාගෙන ඉන්න බවනම් මනාවට පේනවා... ආදරය කියන්නේ හැම වෙලාවෙම අහිමි වීමේ වේදනාව සමග ම ඇති වන දෙයක්. බුදු දහමෙදිත් කියනවානේ මනෝෂ් බැදීම් කියන්නේ වේදනාවක් කියලා.... ඉතින් ආදරය සහ විරහව කියන්නේ එකට යන සංකල්පයන් දෙකක්.... මේ ලෝකේ විරහව අත් නොවිදපු කෙනෙක් නැති තරම්... එක්කෝ තමන් දිනූ ආදරය නැති වෙලා. නැත්නම් තමන් පැතූ දෙයක් නොලැබිලා... ඒ නිසා විරහව ජීවිතයක අනිවාර්ය අංගයක් කියලත් කියන්න පුළුවන්...

    නමුත් වැදගත් වෙන්නේ ඒ විරහව විද ගන්න විදිහ විරතයි.... ඒක ඔබ වගේ නිර්මාණාත්මක ව පිට කරනවා ද?? නැත්තම් කමාන්ඩෝ භටයා වගේ ගයනිකා ව මරා දානවාද ??? ඔතන තමයි තෝරා ගැනීම තියෙන්නේ. ඕක තීරණය වෙන්නේ තමන්ගේ ශක්‍යතාවය මත... තමන් පුරුදු කළ දේ සහ තම පෞරුෂය මත......

    ReplyDelete
    Replies
    1. ඇත්ටටම ගී පවුරේ මාත් හිතනවා මේක ගොඩක්ම සමීප නිසැඳැසකට කියලා. හ්ම්..දැන්නම් දුක දරාගෙන නෑ. ඒත් විරහ වේදනාවක් දැනෙන්න ඔන්න මෙන්න කියල තිබුන වෙලාවක තමා ඔය ලිව්වෙ. ඇත්තටම ඒ වේදනාව දැන්නම් අමුතුම මිහිරක්. බොහොම සංතෝසයි කියන්න, එදා මෙහෙම ලියපු මේ සිතුවිල්ල අද මං මෙහෙම බ්ලොග් එකේ ලිව්වට පස්සෙ, මේක දිහා, මේ කමෙන්ට් දිහා හිනාවෙවී බලන්න තරම්, අතීත මතකයන් අතර සැරිසරමින් ඒ මිහිර විඳින්න තරම් අද අපි දෙන්නම වාසනාවන්ත වෙලා. එයා මට දැන් විහිළු කරනවා. ඔයාගෙ බ්ලොග් යාලුවන්ට දෙන්න ඔයාට දැන් උත්තර නෑ කියල.

      ඇය කියනවා ඔයාල ඔක්කොම දැන් හිතන් ඉන්නෙ මං පට්ට බූට් එකක් කාල කියලලු. ජීවිතේ හරි පුදුමයි. මං ඉගෙනගත්ත ලොකුම පාඩම තමයි, අපිට මුහුන දෙන්න වෙන හැම ප්‍රශ්නෙකටම කාලයා සාර්ථක විසඳුම් ලබා දෙනවා. ඒත් එක්කම ඉවසීම හා දරාගැනීම අපිට ජයග්‍රහනය ලබාදෙනවා. අනිත් එක ජීවිතේ හැමදේම වෙන්නෙ හොඳට. ඒක ඒ වෙලාවට දැනෙන්නෙ පරාජයක් විදියට. නමුත් අවුරුදු ගානකට පස්සෙ හරි අපිට දැනෙනවා ඒක උනේ හොඳට.

      අනිත් එක කුරුටු කීව වගේ අපිට අපේ වේදනාව යක්ශයෙක් නොකරගෙන, මුතු ඇටයක් කරගන්න පුලුවන්නම් මේ ලොකේ වඩා සුන්දර තැනක් වෙනවා. උඩින් ප්‍රියා කියල තිබුනෙත් ඔය කතාවමයි.

      Delete
  7. ආදරයක් කියලා දෙයක්, ප්‍රේමය කියලා දෙයක් නැතෙයි කියලා මම නම් පොඩි කාළේ ඉඳලම විශ්වාස කොරන්නේ. ඕන මම ඒ ගැන ඒ ගැන ලිපියක් ලිව්වා. හැකිනම් කියවන්න.

    ReplyDelete
    Replies
    1. ඉතාම ආදරයෙන් සාදරයෙන් පිලිගන්නවා මාතලන් අයියව මේ ඉසව්වට. හුඟ කාලයක් බලං හිටිය ඔබතුමා මේ අහට එයි කියලා.

      ආදරේ අපි හැමෝටම විවිධාකාරයෙන් දැනෙනවා. ඇත්තටම ඒක පුද්ගලික විඳීමක්.

      මං ඒ ලිපිය නොවරදවාම හොයාගෙන කියවන්නම් අයියෙ.

      Delete
    2. තැන්කිවු ප්‍රියෝ ලින්ක් එක දුන්නට. මං ගිහින් කියෙව්වා.

      මාතලන් අයියේ, අපේ ශරීරය විවිධ පද්දති වලින් ගොඩනැඟිල තියෙනවා. එතකොට ඒකෙන් එක පද්දතියක් විතරක් සිරුර විදියට සලකන්න බැහැ. හැබැයි, ඒ එක පද්දතියක් හරි නැතිව සිරුර පවතින්නෙත් නෑ. ඒ වගේම තමයි ඔයා මේ හඳුන්වපු ආදරයත්. රාගය කියන්නෙත් ඒ ආදරයෙම කොටසක් විතරයි. ඒනිසා ආදරය කියන්නෙ රාගයම නෙවෙයි. හැබැයි ආදරය පවතින්න රාගයත් ඕනි. ඔයාගෙ ලිපිය කියෙව්වම මට හිතුනෙ ඔය විදියටයි.

      Delete
  8. ආදරය කියන දේ පුදුම විදිහට හිතට දැනෙන හැගීමක්.ඒ හැගීම කෙනෙක් වෙනුවෙන් ඇති වුනාම ඒක එහෙම්මමයි කිසි දෙයක් නිසා වෙනස් කරන්න බැරි දෙයක්.
    අඩුම තරමින් ඒ කෙනා වෙන කෙනෙක්ට අයිති වෙලා හිටියත් ආදරේ හිතට දැනුනොත් ඒ දේ වෙනස් කරන්න බෑ..

    ReplyDelete
    Replies
    1. සුසී, ඉතාම සාදරයෙන් ඔයාවත් පිළිගන්නව මෙහෙට. ඇත්තමයි මීට කලින් ඇහැ ගැටිල නෑ ඔබව. දිගටම රැඳී ඉන්න.

      ජීවිතේ කවදාවත් අපිට අපේ පළමු ආදරේ අමතකකරන්න බෑ. හිතෙන් අතුගාල දාන්නත් බෑ.

      Delete
  9. මේක මොකක් වුනත් මනෝෂ්, මෙතන උඹේ හිත කියන්න ඕන හැම දෙයක්ම කියලා තියෙනවා.. හොද වෙලාවට ආයෙම මේක අහු වුනේ.. අන්තර්ගතය ගැන අහන්න උත්සාහ කරන්නේ නෑ.. යටගියාව ඉතින් දැන් මොකටද එක අතකට..

    ReplyDelete
    Replies
    1. කමක් නෑ බං. ඒ යටගියාව දැන් හරිම මිහිරක්. ඔන්න උඩින් ගී පවුරෙ කමෙන්ට් එකට මං පොඩ්ඩක් පොඩ්ඩක් විස්තර කියල තියෙනවා. ජීවිතේ පළමු ආදරේම දිනාගන්න මගේ දෛවය මට වාසනාව දීල.

      Delete
  10. ඒ මරුනේ මනෝෂ්...මමත් මේකට නිසදැස කියල කියන්නම්..
    දැන් නම් ගඟ හරි ලස්සනට ගලනවා. කාගෙන්වත් විරෝධතා නෑ, ආශිර්වාද මිසක්. සුබපැතුම්!!!

    ReplyDelete
    Replies
    1. මේ දිලිනිගේ පළවෙනි විසිට් එක නේද මේ පැත්තට. ඔන්න එහෙනම් ඉතාම සාදරයෙන්, ගෞරවයෙන් පිළිගන්නවා. මේ ගොඩක් පරණ පෝස්ට් එකක්. ඒත් නෙළුම් පත කිව්ව ගමන් මට මේක මතක් උනා. හෙමිහිට පෝස්ට් ටික කියවන්නකො.

      Delete
  11. හිස්බව පාලුබව තනිකම සහ සදාතනික වේදනාව පමණකි.. ඇත්ත

    ReplyDelete
    Replies
    1. හ්ම්... සදාතනික තනිකම...

      Delete
  12. “සැබෑ ආදරය“ කියා දෙයක් ලෝකයේ නැහැ, සහෝ

    ReplyDelete