"වෙනසක් නොවී මගෙ හිස් අතින් පිසලන්නෙ කොයි කඳුල දෝ..."
"උඹ නම් කවදාවත් හැදෙන එකෙක් නෙවෙයි. උඹ හැමදාමත් කලේ මට ගින්දර දූන්න එක. යකෝ උඹව වදල දහදුක් විඳල උඹේ කරදඬු උස් මහත් කරපු උඹේ අම්මට වඩා උඹට කොහොමද කොහෙවත් යන ගෑනියෙක් ලොකු උනේ? නොදකිං ඕකිටනම් හොඳක් වෙන්නෙ නෑ කවදාවත් මට මේ දුන්නු ගින්දරට. මට ඔය කෙල්ලව හම්බුනොත් මං මරාගෙන මැරෙනවා ඕකිව."
"අම්මෙ මේ කියන මඟුලක් මට කියන්න. ඕනිතරමක් මට බනින්න. ඒ අහිංසක කෙල්ලට දොස් කියන්නෙපා. මොකද ඒකී බලෙන් මාත් එක්ක යාලු උනා නෙවෙයිනෙ. මංනෙ පස්සෙන් ගිහින් ඒකිව යාලුකරගත්තෙ."
"උඹට හරියට රිදෙනවා ඒ ඒකිට මොනාහරි කිව්වම. ඒත් උඹට උඹේම අම්මා ගැන එහෙම කැක්කුමක් වේදනාවක් නෑ. උඹ වගේ එකෙක් හැදුවනේ මාත්. උඹේ අප්ප මැරිච්ච දා ඉඳල උඹව ලොකු මහත් කරන්න, උඹට හොඳට උගන්නන්න මං නොවින්ඳ දුකක් නෑ. මං හරියට බඩට කාලා නෙවෙයි බොල උඹට ඉගැන්නුවේ. එහෙව් අම්මා ගැන උඹට කිසි කැක්කුමක් නෑ. ඊයෙ පෙරේදා දැක්ක කොහෙවත් ඉන්න එකියක් උඹට ලොකුයි උඹේ අම්මට වැඩිය. උඹල වගේ දරුවො හැදුවට වඩා හොඳයි ගඟේ මුහුදේ දැම්මනම්."
"මේකනම් මහ පුදුම කරුමයක්. උදේ එළිවෙච්ච වෙලාවෙ ඉඳලා කච කචේ. කණක් ඇහිල ඉන්න නෑ. මටනම් දැන් මේ ජීවිතේ තිත්තවෙලා."
"ආ හැබෑද? උඹට දැං මේ අම්මගේ වේදනාව කච කචයක් වෙලා. හිසරදයක් වෙලා. ඔව් ඉතින් උඹට දැන් ඉන්නවනේ උඩැක්කියක්, මියුරු තෙපුල් බස් දොඩවල උඹව සනසන්න. ඕකි උඹේ ජීවිතේට ආ දා ඉඳලා අම්ම උඹට හිසරදයක් කියල මං දන්නවා...ඔව් ඔව් පල එලිබැහැලා. මෙලහට ඇති එනකල්. රස්තියාදුකාරියෝ. මට මේ දෙන වේදනාවට ඕකිටනම් සහගහනවා. මේ වේදනාවෙන්ම මං මැරිල යයි."
****************************************************
"ඒ මචං උඹ මෙතන මොකද කරන්නෙ? උඹ කවදාවත් මෙතනට ආපු එකෙක් නෙවෙයිනෙ බං. මං ඈත ඉඳලම දැක්ක උඹේ බයික්කෙ නවත්තල තියෙනවා. මං ඒත් හිතුවෙ වෙන කවුරුහරු උඹේ බයික්කෙ අරං ඇවිල්ලා කියල."
"මොනා කරන්නද බං. ජීවිතේ හැටි ඔහොම තමයි. මිනිස්සුන්ට වෙනස්වෙන්න වෙනවා. මං මෙතෙන්ට ආව විතරයි මේ. ඉඳා මේක අරං දෙන්නටම අරං වරෙන්. හොඳ චොප්සියකුත් දාන්න කියහං."
"උඹේ සල්ලි බල්ලන්ට කන්න දාලා චොප්සිය දාගනින්.. මං කියන්නෑ උඹට. යකෝ පාටියකට හදිස්සියකට බාරෙකට යවල බෝතලයක් ගෙන්න ගන්න බැරි උඹද යකෝ ඔය කතාකරන්නෙ? අරක්කු මොන රහයිද කියලවත් දන්නවද උඹ?"
"දන්නැති නිසා තමයි බං අද රහ බලන්න යන්නෙ. උඹ මගෙන් අහගන්නැතිව මේ සල්ලි අරන් ගිහින් අරන් වරෙන්."
"ඔය ගැන තව එක වචනයක් කතාකරොත් හය වසරෙදි අපේ යාලුකම පටන්ගත්ත හේතුව උඹට ඊටත් වඩා රහට දැනෙන්න අම්මප ගහනවා උඹේ කණ ගලෝල යන්න. "
"යකෝ මිනිස්සුන්ට ප්‍රශ්න එනවා. ඒක තමයි ජීවිතේ. වැටිල තිබ්බ පෑන බෙදාගන්න බැරුව අම්බානක කෙලගත්ත අපි දෙන්න ඒ හින්දම හොඳම යාලුවෝ උනේ හය වසරෙදි. එදා ඉඳං අදවෙනකල් අපි දෙන්න සහෝදරයො වගේ ජීවිතේ බෙදාගත්ත. ඉතින් උඹේ ඕනිම දේකට මං ඉන්නවනෙ බං.තියෙන ප්‍රශ්නෙ මටත් කියහං. විසඳගන්න බැරි ප්‍රශ්න මේ ලෝකෙ නෑ බං."
"ඒ උඹ දන්න හැටි තමයි මචං. ඒත් මට තියෙන්නෙ විසඳගන්න පුලුවන් ප්‍රශ්න නෙවෙයි බං."
"අනේ මගෙන් අහගන්නෙපා. දැන් එහෙනම් විසඳගන්න වෙන්නැති මෙතන බෝතල් කඩන්න කතාකලේ. මං තව ඩිංගක් පරක්කු උනානම් ජීවිතේට අරක්කු කටේ නොතියපු උඹ මෙලහකටත් බලුවෙලා. යකෝ අහපං. ප්‍රශ්න වලින් පැනල යන්නවත්, දුක හරි සතුට හරි දියකරල අරින්නවත් තියෙන අවුසදේ අරක්කු නෙවෙයි කියල උඹ ඒ කාලෙ ඉඳාලම අපිට බණ කතාකලා. අපි ඔක්කොම නසරානි වෙනකල් ගසද්දි උඹ විතරක් කෙලින් හිටියා. බේබදුවෙලා කුණුවෙච්ච අපි උඹේ කරපිටින් ගෙවල් වලට ගියා. ආයෙ ජීවිතේට අරක්කු කටේ නොතියන්න හිතාගන්නකල් පහුවදා උඹ අපිට දෝස්මුර තිබ්බා. ජීවිතේ කියල දුන්න."
"ඒත් පහුවදාත් අපේ තියෙන නොසන්ඩාලකමට අපි බිව්වා. ඒත් උඹ උඹේ පෞර්ෂත්වය රැකගෙනා හැමදාමත් කෙලින් උන්නා. උඹ උඹේ ප්‍රතිපත්ති කැඩුවෙ නෑ. යකෝ යාලුවෙක් විදියට ඇත්තටම අපි උඹ ගැන ආඩම්බර උනා. කවුරු කවුරුත් එලිපිට නොකිව්වට උඹ වගේ වෙන්න අපි කවුරුත් හීන මැවුවා. ඒත් අපේ කාඅලකණ්නි කමයි, අරක්කුවල දියාරුවයි අපිට කෙලින් ඉන්න ඉඩදුන්නෙ නෑ. එහෙව් උඹ අද මට මඟුලක් කතාකරනවා."
"මගේ ඒ හොඳකම නිසාම වෙන්නැති මට මගේ අම්මගෙන් මාර පැසසුම් ලැබෙනවා. මං කොච්චර උතුම් දරුවෙක්ද කියනවානම්, මගේ අම්මට දැන් හිතෙනවා මාව උපන් වෙලේ ගඟට විසිකලානම් හොඳයි කියලා. "
"මචං උඹ ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ කියල මට තේරෙනවා බං. ඒත් ඒක විසඳන ක්‍රමේ මේක නෙවෙයි. උඹ කොච්චර නොපිළිගත්තත් මේ ලෝකෙ විසඳුම් නැති ප්‍රශ්න නෑ මචං. අපි කතාකරමු. "
"අමුතුවෙන් කියල ප්‍රශ්නයක් නෑ බං. මට හැමදාම තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියල උඹ දන්නවනෙ බං. "
"හ්ම්... ඒකයි මේ කාරණේ එහෙනම්. මට හිතුනා, උඹට තියන එකම ප්‍රශ්නෙ ඕකනේ ඉතින්. මොකෝ..? අම්ම අදත් උදේම දෝස්මුරයක් දැම්මද?"
"ඒ ගැන කතාකරල වැඩක් නෑ බං. මාත් ඉවසනවා කියල කොච්චරක් ඉවසන්නද බං. කොච්චර කාලයක් ඉවසන්නද. මේක කවදාවත් ඉවර වෙන ප්‍රශ්නයක් නෙවෙයිනෙ බං."
"හරි මචං, කාරණේ පැහැදිලියි. එහෙනම් දැන් පණ්ඩිතය නොවී නැගහන් මගේ බයික් එකට. උඹේ එක ඔතන තිබුනාවෙ. එනකොට ගමු."
"උඹ කොහෙද යන්න හදන්නෙ?"
"කොහෙ උනත් තියෙන ප්‍රශ්න වැඩිකරන නැති ප්‍රශ්න ඇති කරන මේ වගේ අපායකට නෙවෙයි, උඹේ ප්‍රශ්නෙ ඩිංගක් හරි විසඳගෙන හිතට සැනසීමක් ගන්න පුලුවන් තැනකට. මං උඹට පොරොන්දු වෙනවා උඹේ මේ ප්‍රශ්නෙට හොඳ උත්තරයක් අපිට හොයාගන්න පුලුවන් වෙනව කියල. දැන් නැගහංකො."
*****************************************************
"ඇයි උඹට මෙතනට එන්න හිතුනෙ?"
"මේ වැව් කන්ද තමයි මචං බාර් එක අපේ ප්‍රශ්න විසඳගන්න තැන බවට පත්වෙන්න කලිං අපේ හැම ප්‍රශ්නයක්ම විසඳල දීපු තැන. අපි අපේ හැම ප්‍රශ්නයක්ම කතාකරපු තැන. මෙතන බාර් එකට වඩා ගොඩක් වෙනස්. බාර් එකේ ඉඳල අපි කතාකරපු කිසිම ප්‍රශ්නෙකට කවදාවත් අපිට විසඳුම් හම්බුනේ නෑ. ඒ වෙනුවට එතන අපේ ප්‍රශ්න ඩබල් කරා. ඒත් මෙතන, පුංචි කාලෙ ඉඳල අපි කතාකරපු හැම ප්‍රශ්නෙකටම විසඳුම් දුන්නා. සාර්ථක විසඳුම් දුන්නා. පුංචිම කාලෙ රෑට ඇඳේ හුජ්ජ ගියත් අපි ඒ ප්‍රශ්නෙත් ඇවිත් කතාකලේ මෙතන. ඒකට පවා අපි උත්තර හොයාගත්ත. එතනින් පටන්ගත්ත ජීවිතේ අන්තිමේ පවුලෙ, අධ්‍යාපනේ විතරක් නෙවෙයි, රස්සාවෙ ප්‍රශ්න, ගමේ ප්‍රශ්න පවා අපි විසඳගත්තෙ මෙතන ඉඳලනෙ බං. උඹට ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ."
"ඔන්න බලහං අද මේ කුඹුක් ගහ යටින් නැඟිටින්න කලිං මේ ප්‍රශ්නෙටත් අපිට උත්තරයක් හම්බෙනවා."
"මං හිතන්නෑ බං මේ ප්‍රශ්නෙටනම් මට විසඳුමක් තියෙයි කියලා. අම්මා කවදාවත් නිමේෂාට කැමතිවෙන්නෙ නෑ මචං. ඒක මට ඉර හඳ වගේ ෂුවර්. අර බාර් එකටවත්, මේ වැව් කණ්ඩියටවත් බෑ මචං නිමේෂාව ගෙනත් අපේ අම්මගේ කුලෙන් තියන්න. ඒ අහිංසකීගෙ ජාතකේ වෙනස් කරන්න. මේ කිසිම දේකට පුලුවන්කමක් නෑ."
"අම්මා නිමේෂාට අකමැතිවෙන්න තියෙන එකම හේතුව ඔය කුල ප්‍රශ්නෙ විතරද බං?"
"වෙන මොන ප්‍රශ්නයක්වත් නෑ බං. සල්ලිබාගෙ අතින් පවා ඒ මිනිස්සු අපිට වඩා ඉඅහලින් ඉන්නවා. කෙල්ලගෙත් කිසිම වරදක් නෑ මචං."
"ඒකිගෙනම් මොන වරදක්ද බං. චූ කරන්න යන්න ටීචර්ගෙන් අහන කාලෙ ඉඳලම දන්න කෙල්ලනෙ බං. "
"ඒක තමයි මචං. අනික උගත්කමෙන්, රූපෙන් අඩුවක්ද. ඒකි මං වගේ හාල්පාරුවෙක් නෙවෙයි බං. හෙට අනිද්ද උපාධිකාරියක්. හොඳ රජයෙ රස්සාවක් කරයි. හැම අතින්ම අංග සම්පූර්ණයි මචං. ඒත් දෙවියො ඒකිව අඩු කුලේක උපද්දවලා. මාව වැඩි කුලේක උපද්දවලා. ඒකයි කරුමෙ."
"ඒකිගේ උගත් කම ගැන, හැදියාව ගැන, අම්මා දන්නැත්ද බං?"
"අනේ මොකෝ බං නොදැන. ඒකිගේ ජාතකෙත් එක්ක හොයාගන්න පුලුවන් උනානම් ඕක හොයාගන්න බැරිවෙයියැ."
"කියහංකො අම්මා මොකද කියන්නෙ කියලා."
"එයා කියන ඒවල කිසි තර්කයක් නෑ බං. අනික ඒ කියන ඒවා මේ යුගේට වලංගුත් නෑ. එයා ඉතින් කියන විදියට එයාලගේවත්, අපේ තාත්තලාගෙවත් පවුල් වල කවුරුවත් මෙච්චර කාලෙකට අඩු කුල වල මිනිස්සුත් එක්ක පෑහුනේ නෑලු. පරම්පරාවෙ ගෞරවේ රකින්නලු. මං මේක කලොත් මැරුණු තාත්තාට කරන අපහාසයක්ලු. තාත්තා වලෙන් නැඟිටල ඇවිත් සාපකරයිලු. මළ විකර ගොඩයි බං. හැමදාම අග ඉඳල මුලටයි, මුල ඉඳල අගටයි හැමදාම උදේ හවස අපේ ගෙදර වාදනය වෙන්නෙ ඔය තැටිය තමයි බං. "
"අර කෙල්ලට සතෙක්ට වගේ බනිනවා මචං. මට බැන්නනම් අහන් ඉන්න පුලුවන්. ඒත් කිසි වරදක් නැති අර අහිංසකීට බනිනකොට මට පට්ට දුකයි බං. මංනෙ බං පස්සෙන් ගිහින් ගිහින් ඒකිව දාගන්න ට්‍රයි කලේ. උඹලට මතකයිනෙ ඒකාලේ. කොච්චර අමාරුවෙන්ද ඒකි මට හා කිව්වෙ. අනික එදා ඒකි කිව්ව කතාව මගේ පපුවේ කෙටුවා වගේ ඇඳිලා තියෙන්නෙ බං. ඒකි කිව්වෙ 'මේ මගේ පළවෙනි ආදරේ, ඒ වගේම මේ මගේ අන්තිම ආදරේ. මට අනිත් අයට වගේ දෙතුන් දෙනෙකුට දෙන්න ආදරේ ඉතිරිකරල තියාගන්න බෑ. මගේ සංතකේට තිබ්බ ඔක්කොම ආදරේ ඔයාට මං අද දුන්නා. ඒ නිසා මාව කවදාවත් අමතාකකරන්නෙපා. එහෙම කලොත් මං සදහටම තනිවෙනවා.' ඔහොමයි බං ඒකි කීවෙ. ඉතින් මට පුලුවන්ද මේ වගේ හිස් බාල කාරණේකට එයාව අමතකකරල දාන්න?"
"ඒකි රත්තරං කෙල්ලෙක් බං. අද කාලෙ ඔහොම කෙල්ලො නෑ බං. උඹට ආයෙ කවදාවත් ඒ වගේ කෙල්ලෙක් හම්බෙන්නෙත් නෑ. ඒ වගේම ඒ වගේ ගුණයහපත් ලේලියෙක් උඹලගෙ අම්මටත් ජීවිතේට හොයාගන්නත් බෑ."
"ඒත් එක්කම මචං මොනා කිව්වත් උඹලගේ අම්මා. එයාලගේ තියෙන මෝඩකම් වලට හරි, නැත්නම් මේ අලුත් සමාජෙට හැඩගැහෙන්න, අලුත් විදියට හිතන්න එයාලට හිත්දෙන්නෙ නැති නිසා හරි මෙහෙම කිව්වට, අම්ම උඹට පණ ඇරල මචං. පුංචි කාලෙ ඉඳලම අපි උඹලව දන්නවනෙ මචං. තාත්තා නැතිවෙනකොට උඹ බොහොම පොඩියිනෙ. ගෙදර කුමාරිහාමි කෙනෙක් වගේ උන්නු උඹලගේ අම්මා තාත්තාගෙ මරණින් පස්සෙ උඹව මේ තත්වෙට ගේන්න කොච්චර දුකක් වින්දද. ඒක අපි හැමෝම දැක්කනෙ බං. එයා උඹට කවදාවත් කිසිම දේකින් අඩුපාඩුවක් දැනෙන්න ඇරියෙ නෑ. කවදාවත් උඹට කෑමෙන් බීමෙන්, ඇඳුමෙන් පැළඳුමෙන් අඩුවක් දැනෙන්න දුන්නෙ නෑ. උඹ ඉල්ලුවෙ මොනාද පහුවදා උඹට ඒ දේ ලැබුනා. අම්මා තාත්තා දෙන්නම ඉඳලවත් අපිට එහෙම තිබුනෙ නෑ බං. ඇත්තටම පුංචිකාලෙ අපිට හිතුනා උඹලගේ අම්මා අපේ අම්මා උනානම් කියලා. "
"ඒක තමයි මචං මාත් කියන්නේ. උඹම කියහංකො මේ ප්‍රශ්නෙට උත්තරයක් කොහෙද තියෙන්නෙ කියලා. මං දන්නවා මචං මං කරන්නෙ වරදක් කියලා. ඒත් මචං මං ඒක හිතකින් කරනවා නෙවෙයි. මං අම්මව සැනසුවොත් මං නිමේෂාට වරදක් කරනවා. මං නිමේෂාව සැනසුවොත් අම්මට වරදක් කරනවා. නිමේෂාට ගින්නක් දෙන්නැතිව මට ඒකිව මගේ කරගන්න පුලුවන් බං. ඒත් මං එහෙම කරල ඒකිගෙ හිතේ ගින්න නිවනකොට මගේ අම්මා ගිනිගොඩක පිච්චෙනවා බං. ඉතිං ඇයි මචං මේ දෙන්නම මෙහෙම මාව අසරණ කරන්නෙ. මගෙන් පළිගන්නෙ? මචං මට අම්මත් ඕනි ගෑනිත් ඕනි. දෙන්නම මට මචං මගේ ඇස් දෙකවගේ. ඒත් මචං මං මගේ අත්දෙකින් ඔය දෙන්නගේ ඇස් වලින් කාගෙ ඇස්වල උනන කඳුලුද බං පිහල දාන්නෙ? මං පට්ට අසරණයි බං."
"මං උඹට ඇත්තම කියන්නම් මචං. උඹ මගේ බොක්ක. උඹට කියන්න ලැජ්ජා නෑ මට. මං අද එළියට බැස්සෙ තීරණයක් අරං මචං. මට මචං හිත හදාගන්න බෑ. මට මචං අම්මගෙ ලෝකෙ අම්මත් එක්ක තනිවෙන්නත් බෑ. මට මචං නිමේෂාත් එක්ක නිමේෂාගෙ ලෝකෙ තනිවෙන්නත් බෑ. මේ දෙන්නවම මගේ ලෝකෙට අරං එන්නත් බෑ මචං. ඒනිසා මචං මං තීරණය කලා මේ දෙන්නගෙම ලෝකෙන් මං ඈත්වෙලා යන්න. ඔව් මචං මේ කාලකණ්නි ලෝකෙන්ම වෙන්වෙලා යන්න. අම්මා අසරණ වෙයි, නිමේෂා සදහටම තනිවෙයි. ඒ දෙන්නම මට සාප කරයි. අම්මා කියයි කොහෙවත් යන ගෑනියෙක් නිසා අම්ම මං ලෝකෙ අසරණ කලා කියලා. නිමේෂා කියයි මගේ කිසිම වරදක් නැතිව මං අඩු කුලේ ඉපදිච්චි පවට මං එයාව මේ ලෝකෙ තනි කලා කියලා. ඒකට කමක් නෑ මචං. මට බෑ මචං කාගෙවත් පැත්ත ගන්න. ඒ නිසා ඒක තමයි මට ගන්න තිබුන හොඳම තීරණය. ඒත් මචං සිහියෙන් ඒක කරන්න තරම් මට කොහොමටවත්ම හිත හදාගන්න බෑ. එච්චර පෞර්ෂයක් මට නෑ. ඒකයි මං අසිහියෙන් හරි ඒ දේ කරගන්න අරක්කු වල පිහිට පතන්න හැදුවෙ බං. මට ඕනි උනේ අඳුරු පාට මත් බෝතලයකට මුවා වෙලා හොරෙන්ම මේ ලෝකෙන් වෙන්වෙලා යන්න මචං. ඒත් උඹ ඒකට ඉඩ දුන්නෙ නෑ. මං දන්නවා මට දැන් ඒ විසඳුමත් නෑ කියලා. මට පිස්සු හැදෙයි මචං."
"මචං..මචං.. මේ අහපන් මචං. ඔච්චර කැඳයෙක් වෙන්නෙපා මචං. අපිට ලැජ්ජයි. සිරාවට බං. මං මේ උඹව පාච්චල් කරනව නෙවෙයි, උඹේ බොක්කටම මං කියන දේවල් වදින්නෝනි නිසයි මේ ටයිප් එකෙන් කියන්නෙ. යකෝ ඔය කරන්න ගිය ගොං තකතීරු වැඩේට වඩා කරන්න වෙන ඕනි තරම් විසඳුම් තියෙනවා ඕකට. අපේ කටේ පොඩිකාලෙ ඉඳල තියෙනවා නේද ප්‍රස්ථාව පිරුළු දෙකක්. මොකද්ද, 'කාලයා සියලු ප්‍රශ්න විසඳනවා', 'හැමදේම වෙන්නෙ හොඳට' උඹ අහල තියෙනවනේ?"
"අහලනං තියෙනවා. ඒත් ඕවට කියන්නෙ ආප්තෝපදේශ කියලා"
"අනේ අනේ තියාගං උඹේ ආප්පෙ. මං කියන්නෑ ඉතිං උඹට. මහ ලොකු පණ්ඩිතකමනං තියෙනවා."
"හරි ඒක මොකහරි. ඒක මොකක් උනත් ඒකෙන් කියන කතාව අපි විහිලුවට ගත්තට, නිකං කටට ආව පලියට කියල දැම්මට මේ කතාවෙ සෑහෙන ඇත්තක් තියෙනවා මචං."
"ඒ නිසා ඔන්න ඔය තියරි දෙක තමයි මේ වෙලාවෙ උඹේ පිහිටට තියෙන්නෙ. අපි මෙහෙම කරමු මචං. උඹ ගනින් තීරණයක්. මට කියහං මේ ප්‍රශ්න මොකුත් නැත්නම් මොකද්ද උඹ ගන්න තීරණේ?"
"ඒක ඉතින් අහන්න දෙයක්ද බං. මං එහෙනම් නිමේෂාව අපේ අම්මගෙ ලේලි කරල අපේ ගෙදර එක්කන් යනවනෙ බං."
"හරි.. එහෙනම් උඹ ඉස්සෙල්ලාම ස්ථීරවම ඒ තීරණේ අරං ඉඳහං."
"ඒත් මචං.."
"ඉඳහංකො කියනකල්."
"එතකොට උඹට අඩුම ගානෙ හිතට සැහැල්ලුවක් හරි දැනෙයි. මොකද මඩේ හිටවපු ඉන්න වගේ වැනි වැනි ඉඳපු උඹට දැන් කෙලින් තීරණයක් තියෙනවා. හරි..එතනින් එහාට උඹ කරන්නෝනි ඒ ගත්ත තිරණේ ක්‍රියාත්මක කරන්න ඕනි කරන පාර හෙමින් හෙමින් කපාගන්නෙකයි. ඒ කියන්නෙ අර කාලයට ඉඩදීම කියන එකයි. හැබැයි කාලය ඉඩදීල උඹ බකංනිලං ඉන්නෙපා. උඹ ඒ අරමුණ සාර්ථක වෙනකල් ඒ වෙනුවෙන් වෙහෙසියන්. හැබැයි කොයි වෙලාවකවත් නිකං බොරුවට කලබල වෙලා සේරම අවුල් කරගන්නෙපා. මොකද උඹට ඕනි තරම් කාලෙ තියෙනවා."
"ඉස්සෙල්ලාම උඹ අම්මත්තෙක්ක දාගන්න වලි නවත්තපං. දැන් උඹ තීරණයක් අරන්නෙ ඉන්නෙ. ඒ නිසා එයා මොනා කිව්වත් උඹට අවුලක් නෑනෙ. ඒ නිසා ඒක පාර්ශ්වීය සටනක් කරගෙන යන්න අම්මට ඉඩදීල උඹ පැත්තකට වෙයන්. මොකද එයාට ඒකපාර්ශ්වීය සටනක් කරන්න බෑනෙ බං දිගටම. ඒ නිසා කියන හැමදේම ඔලුව නමාගෙන අහගෙන ඉඳහං ගොනා සේ. ඊළඟට ඔය කියවිල්ල එයාටම එපාවෙලා ටිකෙන් ටික අඩුවෙනවා. ඔය අතරෙ දැන් උඹ තීරණයක් අරන් ඉන්න නිසා බාගෙන කන්න තියෙන වල ඉහගෙන කන්න හදන්නැතිව නිමේෂත් එක්ක තියෙන ගනුදෙනු ටිකක් අඩුකරහං. උඹ ඒකමයි කරන්නෙ කියල තීරණයක් අරන්නෙ තියෙන්නෙ, ඒ නිසා ඒ පැත්ත අවුලක් නෑනෙ, ඒ නිසා ඒකිටත් මේ ටික තේරුම්කර දීලා දෙන්න පොඩ්ඩක් අම්මගෙන් ෂේප් වෙලා ඉඳහල්ලා. එතකොට ඔය ගින්න ටික ටික නිවෙනවා. ඔහොම ටික කාලයක් යනකොට අම්ම ආයෙත් උඹත් එක්ක ඉස්සර වගේම ෆිට් වෙනවා. ඊළඟට මුලින් විහිලුවෙන් විහිලුවෙන්, ආයෙත් නිමේෂා ගැන ටිකෙන් ටික අම්මගෙ ඔලුවට දාන්න පටන් ගනින්. ඒකිගෙ අධ්‍යාපනේ ගැන, ජොබ් එක ගැන, දේපල ගැන නිකං ඔහෙ කියවපං. ඔන්න ඔහොම ටිකෙන් ටික හෙමින් හෙමින් උපක්‍රමශීලීව වැඩේ කරහං."
"ඔය අතරේ උඹේ හොඳම යාලුවා විදියට මාත් පොඩි මැච් එකක් ගහන්නම්. මටත් පුලුවන් ෂේප් එකේ මේක ගැන උඹලගේ අම්මගේ ඔලුවට දාන්න. ඒකට හොඳ ප්ලෑන් එකක් මං ගාව තියෙනවා. එව්ව ගැන උඹ හිතන්නෙපා. මං ඒක ගානට කරන්නම්. උඹ දැනට මං කිව්ව විදියට කරපන්කො."
"දැන් උඹට සැටිස්ද?"
"දැන් උඹට සැටිස්ද?"
"මචං මගේ ඇඟට අලුත් පණක් ආව වගේ බං. ඇත්තමයි. අඩුම තරමෙ මොකුත් නැතිව හිටපු මට දැන් බලාපොරොත්තුවක් හරි තියෙනවා. උඹේ ක්‍රමේ බොහෝදුරට හරියයි කියල මගේ හිත කියනවා මචං. මේ ප්ලෑන් එකෙන් කාගෙවත් හිතක් රිදවන්නැතිව මේක ගොඩදාගන්න පුලුවන්. උඹනම් දෙයියෙක් බං. මාව මෙහෙම ගොඩදැම්මට උඹට පිංසිද්ධ වෙනවා බං."
"අල්ලල දාහං මචං. අපේ මේ යාලු ෆිට් එකට මොනාද බං කරන්න බැරි. මෙව්ව මොනාද. මං උඹට මේ වගේ දිගුකාලීන ප්ලෑනක් දුන්නෙ උඹලගෙ අම්ම අසනීපකාරි නිසා. නැත්නම් මං උඹට කියන්නෙ හෙටම කෙල්ලව බැඳහං කියලා. අම්මවා ෂේප් කරගන්න අපිට පුලුවන් ඊට පස්සෙ. ඔයිට වඩා බං හත් දවසෙ, තුම්මාසේ, අවුරුද්දෙ දානෙ දුන්නු දෙමවුපියොත් ළමයි බමයි ඉන්නකොට ආයෙත් ඔය සේරම අමතකකරලා දරුවො ළඟට ගන්නව බං. එතකොට උඹට ගෑණිත් ඉන්නවා අම්මත් ඉන්නවා. ඒත් උඹලගේ අම්මගේ තියෙන ලෙඩ රෝග ආබාධ එක්ක එච්චර කස්තිරමක් අල්ලන එක අවධානම්. ඒ නිසා මේ ක්‍රමේට යමු මචං."
"මොකෝ කියන්නෙ? උඹ ඇග්‍රිද වැඩේට?"
"එකෙන්ම මචං, එකෙන්ම. මට නිකං දැම්ම ප්‍රශ්නෙ ඉවරයි වගේ. කොහොම හරි ගේම ගහමු මචං. මං ආයෙ වැටෙන්නෙ නෑ."
"අන්න එහෙම වරෙන්. දාපන් මස්සිනා පහක්. ඔන්න එහෙනම් වැව් කණ්ඩිය අපේ තවත් ප්‍රශ්නයක් විසඳුවා. මං උඹට පොරොන්දු උනානෙ මේ කුඹුක් ගහ යටින් නැඟිටින්නෙ විසඳුමක් හොයාගෙන කියලා."
"මෙදා පාරනම් ප්‍රශ්නෙ විසඳුවේ වැව් කණ්ඩිය නෙවෙයි මචං උඹ."
"හරි හරි බං වැව් කණ්ඩිය උඩනෙ වාඩිවෙලා හිටියෙ. ඒකනෙවෙයි, එහෙනම් දැන් යමං. උඹේ බයික්කෙත් බාර් එක ළඟනේ."
"යමං..යමං.."
"මේ.."
"ම්.."
"උඹ ඉස්සෙල්ලා බොහෝම දුකින් ජීවිතේම එපාවෙලා මට කතාවක් කිව්වෙ නේද."
"ඉතිං"
උඹේ ඒ කතාව ඇහුවට පස්සෙ මට හරි අපූරු සිංදුවක් මතක් උනා බං. ඒ සිංදුවනම් උඹටම ලියපු එකක්ද කොහෙද"
"මොකද්ද මචං ඒ සිංදුව?"
"හ්හ්ම්.. ඒක මෙහෙම කියන්න බෑ. අද රෑට මචං මං බොනවා. මොකටද. උඹේ ප්‍රශ්නෙ විසඳිච්ච සතුටට. උඹත් වරෙන්. අපි දාමු පොඩි පාටියක්. මං චරියටත් කෝල් එකක් දාල එක්ක ගන්නම්. ඌ ලස්සනට උගේ ගිටාර් එක ගහද්දි මං ලස්සනට උඹේ ඒ සිංදුව කියන්නම්."
"උඹට තියෙන්නේ.. අපිට සූර් අතරෙ අපේ බයිට් ටිකටත් හොරෙන් ඇරලා සැන්ටින් කෝක් එකටත් ගේම දීල.. උඹේ සිංදුව අහන් ඉන්න. ඊට පස්සේ..අපිට අග මුල නැති වැල පෑගුනාම ඔය කොහෙන් හරි අපිව බුදිකරවලා, සුපුරුදු පරිදි හෙට උදේට උඹේ ධර්ම දේශනාව පවත්වලා අපිට බනින එක තමයි..හරිය..?"
"වරදක් කලත් සිතකින් නොවේ
රිදවන්නෙ පලිගන්නේ ඇයි
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
මට මාගෙ ඇස් දෙක වගෙයි
ඔබෙ ගිනි නිවා ඇගේ සිත දවා
අප එක් වෙලා කුමටදෝ
වෙනසක් නොවී මගෙ හිස් අතින්
පිසලන්නෙ කොයි කඳුල දෝ..
අසරන ඔබයි තනි වුනු ඇයයි
මට සාප කල යාවිදෝ
ඔබේ ලොකයෙන් ඇගෙ ලොකයෙන්
සමු ගන්න සිදු වේවිදෝ.."
පද රචනය : ප්‍රණීත් අබේසුන්දර
ගායනය සහ සංගීතය: සනත් නන්දසිරි
(Waradak Kalath Sithakin Nowe - Sanath Nandasiri)
ගීතයේ ස්වර ප්‍රස්ථාරය
පසුව ලියමි.
සනත් නන්දසිරි නම් වූ ප්‍රතිභාපූර්ණ ගායකයාණන් විසින් ගායනා කරන ලද ප්‍රණීත් අබේසුන්දරයන් ගේ පදරචනයක් වන අද දින ඔබ හමුවට ගෙන ආ මෙම ගීතය සහ ගී සංවේදනාව යුග කිහිපයක්ම අප කාගේත් දෙසවන් අතර රැව් දුන් මතකයෙන් ගිලිහී නොයන ඉතාම සොඳුරු ගීතයකි.
මෙහි ගේය පද රචකයාණන් වන ප්‍රණීත් අබේසුන්දරයන් පිළිබඳව මින් පෙර මා ඔබට ගෙන ආ ධම්මික බංඩාරයන්ගේ ගීත විචාරය තුලින් ද බොහෝ දේ කතා කලෙමු. ඒ ඔහු විසින් රචනා කරන ලද සෙනෙහසකට අරුතක් පුරවන්නට ගීතය තුලිනි.
කෙසේ වුවද මේ ගීතයේ එක්තරා විශේෂත්වයක් වන්නේ මෙම ගීතය තුන් කොන් ආදර කතාවක ගොඩට වැටුණු තවත් ගීතයක් වීමයි. නන්දා මාලිනී ගායනා කරන දුහුල් මලක් චිත්‍රපටයේ හමුවන රන් කෙන්දෙන් බැඳි ගීතය, දයාරත්න රණතුංගයන් ගායනා කරන සමකෝණි ත්‍රිකෝණයකි ගීතය, අමරා රණතුංගයන් ගායනා කරන සුලෝචනා ගීතය, වසන්තා තිලකාංගනී ගායනා කරන එපා තවත් ඔබ මා රවටන්නට ගීතය ,ආදී තුන්කොන් ආදර කතා අතරට මේ ගීතයද එකතු වී ඇත. එය එසේ වුවද එවැනි කතාවකින් පරිබාහිරවද මෙම ගීතය රසවිඳීමට කිසිදු බාධාවක් මට හමු නොවිණි. එනිසා තුන් කොන් ආදර කතාවක් වෙනුවට නැන්දම්මා, ලේලිය සහ පුතු අතර හටගන්නා තුන්කොන් ගැටුමක් ගීතය තුලින් මම දුටුවෙමි. එනිසා එය පාදක කොටගනිමින් ගීතය හරහා වෙනස් රසයක් ඔබට ලබා දීමට ගත් උත්සාහයක ප්‍රතිපලයක් ලෙස ඉහත කතාව නිර්මාණය විය. කතාවකින් ආවරණය කල ගීත විචාරයේ සාර්ථක බව හෝ අසාර්ථක බව තිරණය කිරීමට ඔබට බාරකරන්නෙමි.
මිනිස් ලෝකය ඇරඹුනු දා සිට පැවත එතැයි පැවසෙන නැන්දම්මා ලේලිය අතර ගැටුම, වෛරය නිසා අවුල් වූ ජීවිත ගතකරන සියලු අම්මලාගේත් ලේලිලාගේත්, පුතුන්ගේත් සිතට සාමය, සතුට, සහනය උදාවේවා..
ඡායාරූපය අන්තර්ජාලයෙනි.
විශේෂ ස්තූතිය : ගීතය සඳහා ස්වර ප්‍රස්ථාරයක් සොයා දුන් බ්ලොග් සහෘදයාට..
මචෝ අපේ ලෝකෙට මුලින්ම එන කාන්තා චරිතය අම්මා. දෙවනුව එන්නේ සහෝදරියන් හෝ පෙම්වතිය. මේ සේරම ගැහැනු. එත් ඔබේ අම්මා ගැන කියැවෙන සටහනේදී හොදින්ම දැනෙනවා නේද ඇයි යකෝ අම්ම කියන ගැහැනියට තවත් ගැහැනියක ගේ හදගැස්ම තේරුම් ගන්න බැරි කියලා. එහෙම කියලා අපි ගේනවා පෙම්වතිය බිරිය කරලා කාලෙකදි ඇයත් අම්මා කෙනෙක් වෙනවා. අනේ එදාට ඇයත් අර පෙර අම්මා වගේම වෙනවා. කවුද මෙතැන අසරණ වන්නේ.
ReplyDeleteලස්සන ගීතයකට ලස්සන පසු විවරණයක්.... ඉතාමත් අගෙයිත
සහතික ඇත්ත නලීන් අයියේ. මේක මේ පරම්පරාවෙන් පරම්පරාවට අනාගතේට සම්ප්‍රේෂණය වෙන බෝවෙන රෝග තත්වයක්. අද වැඩිහිටියන්ට තමන්ගෙ තරුණ කාලෙ, ළමා කාලේ මතක නෑ. ඒ වගේම අද තරුණ පරපුරේ ඉන්න අයට තව වසර ගනනාවකින් තමන් එහෙම කාලෙක හිටියද කියල මතකත් නෑ.
Deleteඅගය කිරීමටනම් බොහොමත්ම ස්තූතියි..
අළුත් විදියට කරන වැඩේ නං නැගලම යනව මචෝ... සිරාවටම මනො ්කියන්නෙ හොද ගීත විචාරකයෙක් වගෙම හොද පුබන්ධ රචකයෙකක් කියල මට තේරුනේ සුදු බණ්ඩි ගෙ කතාවෙන්...
ReplyDeleteඋඹ එන්න එන්නම උබේ පෑන මුවාත් කර ගන්නව..
සන්තෝසයි මචෝ...
ජයවේවා
මේ ට්‍රැක් එකට වැටුනෙ සුදුබණ්ඩිගේ කතාවෙන් පස්සෙනෙ මහී. සාර්ථකත්වය ගැන ඔහොම කියනකොට ඇත්තටම තව ලියන්න ආස හිතෙනවා.
Deleteතැන්කිවු මචං.
මම ආපු දෙවනි දවස මේ......සෑහෙන්න හිතට වැදුනා....සුපිරියටම ලියලා තියනවා
ReplyDeleteමට මතකයි කලිං වතාවත්. මල් යායට මං ගොඩවුනෙත් ඒ පාරෙන්නෙ.
Deleteස්තූතියි ඔබටත්.
පරණ සින්දුවට අලුත් අර්ථයක්. නියමයි.
ReplyDeleteපරම්පරා ඝට්ටනය. තාමත් මිනිස්සු කුල මල හොයනවා නේ. පත්තරේ මංගල යෝජනා තිරය කියවනකොට පිස්සු හැදෙනවා ඔය කුල මල සිද්දි දැකල.
ඒක නෙමෙයි. ඔය සින්දුව අපේ කොල්ලෝ නම් කියන්න පුරුර්දු වෙලා හිටියේ මෙහෙම.
වරදක් කලත්.. මචං
සිතකින් නොවේ ..
මචං
රිදවන්නේ පාලි ගන්නේ ඇයි
ඔබ මේ ඇයත්
මචං,
ඇය මේ ඔබත්
මචං
මට මාගේ ඇස දෙක වගේ
හප්පා..මංගල යෝජනා තීරෙ නම් මට අමුම අමු කොමඩි තීරයක්. මං ඒකෙන් පට්ට "ආතල්" එකක් ගන්නෙ. ඒ වගේ විකාරනම් ඇත්තෙ මේ ලංකාවෙ විතරයි මං හිතන්නෙ.
Deleteඒකනම් අපූරුයි. ඔව් ඉතින් යාලුවො කොහොමත් යාලුවො ගැන බලාගන්නම එපැයි. එතකොට ඉතින් ඒ දරු පවුලුත් අදාලයිනේ. හැක්...හැක්..
අපේ පත්තරය එහෙම කොයි? ඕකට තියෙනවා ඔය පිළිබඳ හොඳ අත්දැකීම්..
ඔය ගීතයට දෙන්න පුළුවන් තව අරුතක් තමයි ඕක.අනික් අරුත ගැන කියද්දි අපිට වැදගත්ම වෙන්නේ අර ගින්න සම්බන්ධ කතාව.මොකද ආදරය කියන්නේ රාගය නම් ගින්නේ එළිය.එළිය බලන්න යන අය ගින්නේ උණුසුමත් විඳින්න බලාපොරොත්තු වෙනවා.එහෙම නැත්නම් අලෝකය විතරක් දකින ආධ්‍යාත්මික ආදරයක් වෙනවා.ඒ වගේම නැන්දම්මා ලේලි ප්‍රශ්නය පැත්තට යනවා නම් මාගේ ඇස් දෙක වගේ කියන යෙදුම පාවිච්චි කරන්න පුළුවන්.මොකද හොඳ පෙනීමකට ඇස් දෙකම ඕන හින්දා.
ReplyDeleteහැබැයි ඉතින් හිම පියල්ලේ ගින්නෙ උනුහුමට ඕනිවට වඩා ලං උනොත් නම් පළඟැටියට අත්වුන ඉරණම තමයි උරුම වෙන්නෙ.
Deleteඅනිවාරෙන්ම, පිරිමියෙක්ගෙ ජීවිතේ සාර්ථක වෙන්න නම් මේ ඇස් දෙකේම පෙනීම අනිවාරෙන්ම ඕනි.
සම්මත දෙයට වඩා අළුත් විදියකට බලන එකට මම් කොහොමත් මනාපයි.. ඇත්ත ඒ විදියට රස විඳින්න බැරි කමකුත් නෑ.. ඒත් මේක ලියලා තියෙන ඉට්ටයිල් එකට මට මතක් උනේ. ඇම් ඇස් ගේ "ඔබගේ අම්මද නැත්නම් ඔබගේ බිරිඳද..." කියන ගීතය.. ඒකේ අන්තීමටම මෙහෙම කියනවා..
ReplyDeleteඔබ බිරිඳට ආදරෙන් ඉන්න සැමදා....
මොකද, ඔබෙ අම්මත් ගෑණු කෙනෙක් හින්දා...
මාතා.....බොහෝ වෙලාවට කතා නොකරන, විචාර නොලැබෙන ඉතාම සරල ගී පද රචනා ..සාමන්‍ය සමාජයට දෙන පනිවිඩ...ඉතාමත් සංවේදියි. නිහාල් නෙල්සන්ගේ හරක් මස් සින්දුවත් ඒ වගේ එකක්. මම ඕන මසක් කන එකෙක් වුනාට..ඒ පනිවිඩය සමාජයට ගියා ...අති පාන්ඩිත්‍යය වදන් සීයකට වඩා ඉහලින්. එම්.එස්.ගේ මේ ගීතය මතක් කෙරුවාට ස්තූතියි.
Deleteමාතලන් අයියේ..
Deleteනිර්මාණයක අර්ථයට හරි ඒකෙ වටිනාකමට හරි හානිදායක නොවන නවතාවයන්ට ඇත්තෙන්ම මාත් හරි මනාපයි. මොකද, ඒකෙන් අපේ රසවින්දන සීමාව තවත් පුලුල් වෙනවා. ඒ විතරක් නෙවෙයි එකම නිර්මාණයකින් එකිනෙකට වෙනස් යහපත් පණිවුඩ කිහිපයක්ම සමාජයට දෙන්න පුලුවන්.
වෙනදට හැමෝම මට කියන දේ තමයි මේ වතාවෙනම් මට මාතලන් අයියට කියන්න වෙන්නෙ. ඇත්තටම මේ ගීතයනම් මට මීට කලිං අහන්න ලැබිල නෑ. පද දෙකතුනෙන්ම හිතාගන්න පුලුවන් ගීතය රසයෙන් අනූනයි කියලා. මේ ගීතය අහන්න අවස්ථාව ලබල දුන්නට ස්තූතියි මාතලන් අයියට.
ඇත්තෙන්ම යහපත් බිරිඳක් තමන්ගෙ අම්මා වගේ තමයි. අම්මට සමාන කලාට පවු නෑ. ඒකනෙ ටී.එම්. ජයරත්නයන් කියන්නෙ මෙහෙම..
දුකේදී හැඬුමට සැපේදී
සිනාසෙන්නට ළඟ ඉඳන්
තවත් අම්මා කෙනෙකු ඇත්නම්
නුඹයි ඒ අම්මා
සොඳුරියෙ නුඹයි ඒ අම්මා...
අරූ අයියේ..
Deleteඔයාගෙ කතාවනම් සීයේට සීයක්ම ඇත්ත. අපිට නිතර ඇහෙන අපි ළඟම රැඳෙන ගොඩාක් සරල ගී වල අපි නොහිතන මහ බැරෑරුම් අර්ථ නිරූපණ තියෙනවා. ඒත් කම්මලේ බල්ලට වගේ අපිට ඒවා නිතරම ඇහෙන නිසා ඒ ගීත ගැන වැඩිදුර හිතන්න යන්නෙ නෑ. අයියා ඔය කිව්ව නිහාල් නෙල්සන්ගෙ ගීතය ගැන ප්‍රායෝගික උදාහරණ කෝටිගානක් තියෙනවා. හොඳම දේ තමයි මහාචාර්‍ය කාලෝ ෆොන්සේක හරක් මස් කන එක නවත්තල තියෙන්නෙ මේ සිංදුව ඇහුවට පස්සෙ කියල එතුමා කීප විටක්ම ප්‍රසිද්ධියේ කියනවා මං අහල තියෙනවා.
ඒ උනාට නිහාල් අයියා කනවා ලු....
Deleteමොකක්?? අම්මපල්ල? අඩේ මාතලන් අයියණ්ඩියේ හැබෑවක්මද ඔය කිව්වෙ ඈ..??
Deleteහැබැයි නිහාල් බොන්නෙ නං නෑ !!!
Deleteඒ උනාට බං මට හිතෙන්නෙ අපේ මාතලන් අයියට වැරදීමක්ද කොහෙද උනා. ඇයි බං හක්කෙ බුදු බණ බොක්කෙ දඩමස් වගේනෙ දැන් මේක.
Deleteමාතලන් ලොක්ක ලණුවක් දීල මට පේන්නෙ :D
Deleteමටත් ඒ ගැන නම් එහෙම හිතෙනවා මචෝ..
Deleteමම හිතන්නේ මාතලන් ලනුවක් දුන්නේ ....නිහාල් ලොක්කගේ පුතා බැන්දේ මම දන්නා කෙනෙක් ...එකී කියන විදිහට නිහාල් ලොක්කගේ පවුලම වෙජි .....
Deleteඒකනේ ඇනෝ මාත් බැලුවෙ. මනුස්සයා කීයටවත් එහෙම වැඩක් කරයිද. හැබැයි අපේ මාතලන් අයියණ්ඩිත් ආවට ගියාට ඔහොම කියන එකකුත් නෑ. අනේ මංද හිතාගන්න බෑ.
Deleteමනෝෂ්................
ReplyDeleteමේකට විචාරයක් යැයි කීමට ද නොහැකිය. එයට වෙනත් නමක් ද මා දන්නේ නැත. එය නිර්මාණය කිරීමට ද ඔබට ම හැකි යැයි විශ්වාස කරමි... කෙසේ වුව ද මනේෂ් ඔබ එම කතාව තුළ මනාව ගීතය විග්‍රහ කරමින් ප්‍රායෝගික තත්වයක් එක්ක ඒක සම්බන්ධ කරමින් කළ නිර්මාණය ඉතා සාර්ථකයි. එය මිතුරන් දෙදෙනෙකු අතරේ සිදුවන සංවාදයක් ලෙස ඔබ මනාව විස්තර කරනවා.
ගීතය ගැන කතා කරනවානම් මේ ගීතය මං මුල්ම කාලේ හිතාගෙන හිටියේ පෙම්වතියන් දෙදෙනෙකු වෙනුවෙන් ගායනා කරන්නක් කියාය. නමුත් දැනුම් තේරුම් අැති වයසට එන විට මෙහි අදහස සහෝදරයෙකුගෙන් අසා දැනගතිමි. එය මනාව තේරුම් නොගන්නා තෙක් මෙය පෙම්වතියන් දෙදෙනෙකු උදෙසා ගැයෙන්නක් ම වේ. කෙසේ වුව ද ගීතය සමාජයේ නිතර ඇස ගැටෙන ගැටළුවක් වෙනුවෙන් ලියැවුණු ඉතා හරබර ගීතයක් වේ. ප්‍රණීත් අබේසුන්දරයන්ගේ අදහස සනත් නන්දසිරිගේ ගැඹුරු හඩින් මනාව සංගීතවත් කරනවා.....
විග්‍රහය නම් ඉතා සාර්ථකයි මනෝෂ්.............
ගී පවුරේ..ගී පවුරේ.. මං ඒකට දැනටමත් නමක් යෝජනා කරලනෙ තියෙන්නෙ. මොකද ඒ ගැන කියන්නෙ? මේ වගේ දෙයක් මං හඳුන්වන්නෙ "ගී සංවේදනාවක්" කියලයි. ඇත්තෙන්ම මේ නිර්මාණය මට නිමකරන්න ඕනි උන විදිය ඔබේ ඇස ගැටිල තීයෙනවා. කිසිම ඡේදයක් නැතිව සම්පූර්ණයෙන්ම දෙබස් වලිම් මේ කතාව ඉවර කරනෙක තමයි මං මටම මුලින්ම එල්ල කරගත්ත අභියෝගය. හිතුව වගේම එහෙම ඉවරකරගන්න පුලුවන් උනා.
Deleteඇත්තටම ගීතයේ වැඩි නැඹුරුතාවයක් තියෙන්නෙ තුන් කොන් ප්‍රේමයකට තමයි. ඒත් ගීතය දිහා මේ වගේ දෘෂ්ඨියකින් බැලීම වඩාත්ම වටිනවා. ඇත්තෙන්ම ගීතය තුලින් ප්‍රකාශිත මේ සංසිද්ධිය ඉතාම ගැඹුරින් විමසා බැලිය යුතු කාරණයක්. නැන්දම්මා ලේලිය සහ අසරණ වෙන පුතු කියන මේ ත්‍රිත්වය අපේ සමාජෙ සංස්කෘතියේම අංගයක් වෙලා තියෙන්නෙ.
ගොඩක්ම ස්තූතියි ගී පවුරේ වර්ණවත් අදහසක් එක්කලාට.
ඒක නම නම් සාර්ථකයි තමයි මනෝෂ්............ ගී සංවේදනාව
Deleteමේ ගීතය තුන්කොන් ප්‍රේමයටත් වඩා ඔබ කියන්නා වූ නැන්දම්මා ලේලිය කියන ප්‍රස්තුතයත් එක්ක යන ගීතයක් තමයි. ඔබ එම අදහස මනාව ගලපලා තියෙනවා. මේ ගමන ඉදිරියට තවත් සාර්ථක වේවා කියලා පතනවා මනෝෂ්. ඔබේ ගමන දකිද්දි මාර සතුටක් දැනෙනවා මනෝෂ්..........
මේ ගමන දැකලා හදවතින්ම සතුටුවෙන මිතුරන් අතරේ කුරුටු ගෑ ගී පවුර ඉස්සරහින්ම ඉන්න බව මං දන්නවා ගී පවුරේ. ඒ වගේම මං මේ ලබන සතුටේ උල්පත උනෙත් ගී පවුර. මේ ගමනට මාව යොමුකලේ ගී පවුරේ සහෘද කැල. මට මගේම කියල ගීත විචාරයක් ලියන්න කියල ඔයාල කිව්ව විදිය, කමෙන්ට්ස් වලින් තර්ක කල විදිය මේ දැනුත් මට මැවිල පේනවා. ස්තූතියට වචන නෑ ගී පවුරේ......
Deleteමනෝෂ්.....උඹලාගේ භාෂාවෙන් කියනවා නම් 'පට්ට වැඩක්'. ඉතා ඉහලයි!! විචාරයක් වේවා, විවරනයක් වේවා, සමාලෝචනයක් වේවා...විය යුත්තේ මෙයයි.
ReplyDeleteපශ්චාත් නූතන වාදය කියන්නේ මොකක්ද කියලා ඇහුවාම, ඊටත් වඩා බර යකඩ ගුලි වගේ වචනවලින් ඒක කියලා දෙන්න හදන ලෝකයක උඹේ ගමන් මාර්ගය හරිම ඉදිරිගාමියි (වචනය හරිද දන්නේ නැහැ ). විවෘතයි!!
සනත්-ප්‍රනීත් සුසංයෝගය තව තවත් සාකච්ඡා විය යුතුයි. එය අපූරුයි!!
Delete\\පශ්චාත් නූතන වාදය//
Deleteහප්පච්චියේ හැබෑවටම ඒ වචනෙ බර! හරි වෙහෙසයි ඒ වගේ වචන දෙකතුනක් එක තැනක කියවන්න උනොත් එහෙම.
මගේ ඒ ඉදිරිගාමී(වචනේ වරදක් පේන්න නෑ නේද.) ගමනේ පුරෝගාමියා උනේ ඔයානෙ අරූ අයියේ. මොකද ඔයා තමයි ගීත විචාරයක් යා යුත් මඟ පිලිබඳ මගේ ඔලුවට මුල්ම අදහස දැම්මේ.
ඇත්තටම හැම දෙයකම සරල බව කෙතරම් සුන්දරද.
සුබ පැතුමට සහ අගය කිරීමට ගොඩක්ම ස්තූතියි අරූ අයියෙ.
\\සනත්-ප්‍රනීත් සුසංයෝගය//
Deleteඇත්තෙන්ම ඒ ගැන නම් කරුණු කාරණා ටිකක් හොයාගන්නෝනි අරූ අයියේ. සාකච්ඡාවට ලක් විය යුතුම සුසංයෝගයක් තමයි ඒ.
මං දන්න තරමින් ප්‍රණීත් අබේසුන්දරයන් ගැන බොහොම කරුණු කාරණා දන්නවා අරූ අයියා.
අරූ අයියා +++++++++++++++++++++++++++++
Deleteඅරූ සීයා...
Deleteඑතකොට මට කියන්නම එකක් නැත්ද අරූට??
Deleteමං කියන්නම්කො එහෙනම් අරූ මුත්තා කියලවත්!!
අරූ අයිය හිටපු ගමං අරූ මචං වෙනවා .. ඊළඟට ආයෙ අරූ අයිය වෙනවා :D
Deleteඔය විදියට ගිහින් අරූ මාමා අරූ සීයා වෙලා අරූ මුත්තා වෙලා ආයෙ මුලට එනවා.
Deleteකතාව සාර්ථකයි… හොදටම දැනුනා මචං.
ReplyDeleteබොක්කෙන්ම සතුටුයි මචෝ. පුදුමාකාර සංවේදී පෝස්ට් එකක්.
මාත් ඔය ගීතය රසවින්දෙ තුන්කොන් සටනක් විදිහට බං.
මුලදි මාත් එහෙම තමයි මචං.
Deleteපෝස්ට් එක හදවතටම දැනුනම් මගේ ඉහේ මලක් පිපුණ වගේ තමයි බං.
මනොෂ්..මචං..මේ කතාව නම් පපුවට වැදුන...
ReplyDeleteඋඹේ ලියන සිස්ටම් එකට අපිව ඒ කතාව ඇතුලට ඇදලා ගන්නවා වගේ...
ඊට පස්සේ අපි ඒ කතාව ඇතුලේ ඉඳගෙන ඉන්න ප්‍රේක්ෂකයෝ වගේ ..
සුපිරි වැඩක්..
]\
මට හිතෙන විදියට තමයි මචෝ ඔය ලියන්නෙ. නිකං අපි කතාබහ කරන භාශාවනේ. කෙනෙක්ගෙ හදවතටම දැනෙන්න යමක් ලියන්න පුලුවන්නන්ම් කියන්න පුලුවන්නම් ඒක හරි වාසනාවක් කියල හිතෙනවා බං.
Deleteහප්පට බොල.. ඇරල දාල නේද හාව හඳේ හිටින්ඩ.. එක මිනියයි පෙට්ටි දෙකයි !!!
ReplyDeleteමස්සිනා අපි මෙතනිං පටං ගමු.. එක පිරිමියෙකුට ආදරේ කරන ගෑණු දෙන්නෙක්..අම්මා සහ බිරිඳ .ආදරෙන් 50% ට වඩා තියෙන්නෙ ලෝබකම.ආයෙ මොකටද බයිලා.ඕකනෙ ඇත්ත.. ඔන්න ඔතනදි ගැටෙනවා. අවුරුදු ගානක් ආඩරෙන් හදල වඩල ට්‍රේ එකේ තියල පූජ කරන්න කොයි අම්මත් රහත් වෙලා නෑ.නමුත් ඒක යටපත් වෙලා දරු සෙනෙහස ඉස්මතුවෙලා ආශීර්වාද කරනවා බොහොමයක්... ඕක සදාකාලික ප්‍රශ්නයක් උනත් ඉස්සරට වඩා දැන් දැන් අම්මලා බොහොම බුද්ධිමත්ව ඔතන ටච් කරනවා..
කපුගේ කියනවා
බිරිඳකගේ සෙනෙහෙ ගියා - යෝධ ඇලේ නැම්මේ
මං එන තුරු ඉඳිකඩ ළඟ - ඉන්නවාද අම්මේ .කියලා..
ප්‍රැක්ටිකලි බං ඔතන ඇත්තක් නැත්තෙමත් නෑ.. අම්මා වගේම තමුන්ට ආදරේ බිරින්දෑ කෙනෙක් ලබාගන්න එක කොල්ලගෙ ටැලන්ට් එක..යාලු උනා කියන්නෙ බඳින්න ඇග්‍රිමන්ට් සයින් කිරීමක් නෙමෙයි..හැබැයි බැන්දනං කපල් එක මිසිං වෙන්ඩ ඕනෑ.. නැත්තං ලෝක ලෙඩක්.නැති ප්‍රශ්න.. දෙන්නට හිමි තැන දෙන්නව තියල ගේම ගහන්ඩ පුලුවන් නං අන්න ඒ ජීවිතේ සාර්ථකයි..ඒකට ලොකු පෞරුශයක් අවශ්‍යයි කියල.මට හිතෙනවා. .. ඒ අතරෙ හැන්දෑවට හීං අඩියක් ඇනගෙන අම්ම තාත්තටත් සලකගෙන පවුල් ජීවිතෙත් රැකගෙන ඉන්න එකා ලොවෙත් නෑ :D
++++++++++ උඹ අද හරි දාර්ශණික වෙලා බං. සිරාවටම. :D
Deleteඔය ලෝබ කමේ කතාව ඇත්ත බං.
හැක්.. මං වැදගත් වෙන්ඩ යන්නෙ .. මට සර් කියහං ඈ. පත්තර සර් :D
Deleteඅැත්ත තමයි පත්තරේ අම්මා... සහ.. බිරිඳ ගේ අාදරය හමුවේ අසරණ වෙන්නේ කොල්ලොම තමයි.. එ් දෙන්නා එකමුතුව ඉන්න තාක් කල් හොදයි.. මදක් හරි විරසක උනොත් දෙපැත්තෙන්ම තැලෙන්නේත් කොල්ලම තමයි... එතකොට තමයි තනියම ජීවත් උනානං හොදයි කියල හිතන්නේ....
Deleteජය වේවා!!!
යකෝ මං කාෙමෙන්ට් කරල තියෙන්නේ මනොෂ්ගේ පාේසට් එකටද පත්තරේ ගේ පොස්ට් එකටද?
Deleteඅන්න ඒකයි මාත් කිව්වෙ බං.. කාන්තාවන් දෙදෙනෙකුගේ දෙවිදියක ආදරයට කොල්ලා මුහුණ දෙනවා.. තමුන් විශ්වාස කරලා තමන්ගෙ ගෙදර දෙමව්පියො හැරදාල අලුත් ජීවිතයක් පටන් ගන්න දාහක් බලාපොරොත්තු තුරුළු කරන් එන පතිනියට අසාධාරණයක් නොවෙන්නත්
Delete"මහ මායාවනි කවදාදෝ ඔය නෙතු
දරු සෙනෙහසින් මිදෙන්නේ " කියපු අම්මගෙ හිත නොරිදෙන්නත් බැලන්ස් කරගන්න පුලුවන්නං ඌ දිනුම්.. !!
හැක් ..ඔන්නොහෙ එක පෝස්ට් එකේම පෝස්ට් දෙකක් දැම්මා කියල හිතාගමු බං.. :D
පත්තරේ සෑර්. පිස්සු හැදෙයි කිව්වලු. //හිත නොරිදෙන්නත් බැලන්ස් කරගන්න පුලුවන්නං ඌ දිනුම්.. !! // ඔන්න ඕක හරි.
Deleteඅම්මට පුතෙක් වෙන්නයි ගෑණිට සැමියා වෙන්නයි ඔය දෙක පටල නොගන්නයි දන්න එකා අනිවා දිනනවා බං ආයෙ දෙකක් නෑ.
විදානෙ, කට… කට… පත්තරේ නෙමේ බොල පත්තර සෑර් කියපං. ;)
Deleteපත්තරේ සෑර්ට..(මේකේ හිරු කියලා කියන්නේ අර "හි හි" කියන එක්කෙනා නෙවෙයි)
Deleteගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුනා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා
රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත් සිත නෑ නිදි විඳ ගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැනනින්දේ හීන දකින්නේ
මහ මායාවනි කවදාදෝ ඔය නෙත් දරු සෙනෙහසින් මිදෙන්නේ
ගමට කලින් හිරු....
වෙල් දෙණිවල ඇවිදින දෙපා රිදෙන විට විහඟ ගීත බණ පද වේවා
බෝ මළුවට ඇවිලෙන පහන් වැටක් වී තුන් සිත නිවී සැදේවා
මතු උපදින සසරේ විශාකාව වී මෙත් මග නෙත් හමුවේවා
ඇත් රැජිණියනේ ඔබෙ නැලවිලි ගීතය ලොවම නිවන කවියක් වේවා
ගමට කලින් හිරු....
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
Deleteපද රචනය - සුනිල් දයානන්ද කෝනාර
සංගීතය - සුනිල් දයානන්ද කෝනාර
අප්පට සිරි.. ගිහින් තියෙන ඩුර පියවන්න ත්‍රීවිල් එකක් හොයාගන්න වෙයි වගේ.
Deleteගරු මහාචාර්‍ය පත්තර තුමනි,
ඔබතුමාගේ සාරගර්භ වූ වදන් මාලාව තුලින් මතුකල ගැඹුරු සමාජ දර්ශණය.... සැක් විතරක් එහෙම හරියන්නෑ බං. ඒ නිසා මෙහෙම කියන්නම්, මචං උඹ කිව්ව ටිකනම් මසුරං. ඇත්ත මචං ජීවිත කාලෙදි කොල්ලෙක්ට සිද්ධවෙනවා ඇස් දෙක වගේ ගෑනු දෙන්නෙක්ට එකවර ආදරේ කරන්න. එතනදි ඒ ආදර දෙක සම්පූර්ණයෙන්ම අන්ත දෙකක තියෙන ආදර දෙකක්. ගෑනි ගැන අපේ හිතේ තියෙන්නෙ එක විදියක ආදරයක්. එතකොට අම්මාට තියෙන ආදරේ තියෙන්නෙ තව වෙනස්ම විදියක ආදරයක්. ඒකියන්නෙ වචනෙ නම ආදරේ උනාට ඒ ආදරේ සම්පූර්ණයෙන්ම ප්‍රබේධ දෙකක්. ඒත් ඔන්න ඔය කතන්දරේ ගෑනි තේරුම් ගන්නෙත් නෑ. අම්ම තේරුම් ගන්නෙත් නෑ. ඉතින් හරිම අගේට අහිංසක කොල්ල බ්‍රසීල පාපන්දු කණ්ඩායමට අහුවුන ෆුට් බෝලෙ වගේ ඔය ගෝල් දෙක අතර අනේ දෝලනය වෙනවා.
කොහොම උනත් මචංලා.. නැන්දම්මයි ලේලියි කිසිදාක එකම වහලක් යටනම් තියන්න බෑ. තියන්නත් එපා. මොකද කවමදාවත් එකම රාජ්‍යක රැජිණියන් දෙන්නෙක්ට එකවර රජ කරන්න බෑ. ඒ නිසා බැන්ද ගමන්ම කුලියට හරි ගේ පොඩ්ඩක් හොයාගෙන මාරු වෙන එකා අම්මයි ගෑනියි දෙන්නම බැලන්ස් කරගෙන ගානට මැච් එක ගහනවා.
ඒ පත්තරේ අදනම් උඹ මාර ප්‍රබුද්ධයි ඈ...
ප්‍රියා..
Deleteසහතික ඇත්ත මචං, මේකා හෙන ප්‍රබුද්ධ වෙලා.
පත්තරේ..
ඔව් ඔව් ඈ.. උඹ ටිකක් දැන් පපුව එහෙම ඉස්සරහට දාගෙන නිකං කිහිල්ලෙ ගෙඩි දැම්ම එකා වගේ හිටහං ඈ..
විදානේ..
ඒකනෙ මං උඩින් කිව්වෙ මචං, ගෝල් දෙකට මැදිවුන ෆුට් බෝලෙ වගේ වෙනවා කොල්ලා. මටත් සැකයි වගේ බං දැං මේ පෝස්ට් එක මගේද කියලා.
පත්තරයෝ..
Deleteඅන්න එහෙම අසාධාරණයක් නොවෙන්න නම් මචං අනිවා අලුත් යුවල වෙනම ගෙදරකට පදිංචියට යන්නම වෙනවා. එහෙනම් ඔය ප්‍රශ්නෙ විසඳගන්න පුලුවන්. එක ගෙදරක හිටියොත්නම් දුවලවත් බේරෙන්න නම් හම්බෙන්නෙ නෑ.
ඒ ප්‍රියා..
ඕක කරගන්නෙකත් හරි අමාරුයි ඈ..
ගීතයනම් මෙතනට පට්ට වටිනවා විදානයෝ... අරූ අයියත් වටිනාකම වැඩිකරල නොවැ..!!
Deleteඅම්මටහුඩු ආතල් ලෝකයක්නෙ.. හිරු FM සිංදු කාමරේ වගේ :D
Delete.විදානෙ මචෝ මෙන්න මගෙන් වෙන්ඩ ලේලිගෙ හීන ලිස්ට් එක.. වරේවා !!
ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන්න
ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න
රෑට රෑට ඉහ අද්දර කොඳුර කඳුර කවි කියන්න
පාට පාට පන් පැදුරේ මටත් ටිකක් ඉඩ තියන්න
හාල් ගරන්නත් පුළුවන් වතුර තියන්නත් පුළුවන්
ඇට්ටකුණා වෙන්නෙ නැතුව බතක් උයන්නම්
හොදි ඒදන්නත් පුළුවන් කූරු ගාන්නත් පුළුවන්
අඩු ගනනේ කිරි හොද්දක් හදල තියන්නම්
මල් හිටවන්නත් පුළුවන් වල් ගලවන්නත් පුළුවන්
පහන් පැලක් වගේ ගෙපැල සුවඳ කරන්නම්
හොඳට අඬන්නත් පුළුවන් නාඬම ඉන්නත් පුළුවන්
ටික දොහකින් දරු පැටියෙක් තෑගි කරන්නම්
ගායනය දීපිකා ප්‍රියදර්ශනී
ගේය පද මහාචාර්‍ය සුනිල් ආරියරත්න
තනුව රෝහණ වීරසිංහ
ප්‍රියා මචං.. එක්කො කලිං විදියටම කියහං.සර් කියද්දි පුරුදු නෑ පුරුදු නෑ වගේ.. :D
Deleteමනෝෂ් මචං... මොනාද මේ කතා ෆුට් බෝලෙ නෙමේ බං අර අලියටයි ඇතින්නටයි මැදි වෙච්ච වඳුර වගේ :D සැප කණේ .
පත්තරේ, මටත් සෑර් කියත්දි දත් අස්සෙන් හුළන් පනිනවා බං. ඒ නිසා බොට පුරුදු ව්දිහටම කතා කරන්නම් ඈ…
Deleteමනෝ,
Delete//ඕක කරගන්නෙකත් හරි අමාරුයි ඈ..//
අභියෝගයක් තමා මචෝ. ඒත් ඔය ගමන සාර්ථකව යා ගත්තොත් ගොඩ. එහෙම උනුත් ඉන්නවා. මුලින් නයි පොළොන්ගු වගෙ ඉන්න නැන්දම්මා ලේලිලා පස්සෙ අම්මයි දුවයි වගේ ඉන්නවා දකින මිනිහට හෙට මැරුනත් බයක් නෑ බං.
ඒකනම් හරි බං. උඹත් සර් කෙනෙක් උනාම අපි වගේ කබ්බොන්ට තමයි කෙලවෙන්නෙ. ඒ නිසා ඔන්න ඔහෙ ඉඳහං.
සැක් විතරක්. එතකොට බං අපිත් නිකං වඳුරො වගේ නේහ්..!
ප්‍රියා...
Deleteඒකනම් හරි බං. උඹ ඒක හරියටම කිව්වා.
කලාතුරකින් එහෙම නැන්දම්මල ලේලිලත් ඉන්නවා තමයි මචෝ. මං හොඳින්ම දන්න දෙන්නෙක් ඉන්නවා මචං. ඒ නැන්දම්මා ලේලිට කොච්චර ආදරෙයිද කියනවනම් මචෝ, ලේලිට ගෙදර වළංවත් සෝදන්න දෙන්නෙ නෑ, ඇඟිලියි නියපොතුයි කැතවෙයි කියලා. හිතාගනින්කො එතකොට, ඒ පුතණ්ඩියා කොච්චර වාසනාවන්තද කියලා.
Deleteපත්තරයට චාන්ස් එක දෙමු විදානයෝ..
Deleteපෝස්ට් එක හදවතේ පතුලටම දැනුනා මනෝෂ්...
ReplyDeleteදිගටම හොදටම ලියමු..
ජය වේවා!!!
අනිවාරෙන් මචං.. මේ තියෙන හයිය මට හොඳටම ඇති මචං තව කාලයක් ලියන්න.
Deleteහදවතේ පත්ල කිව්වෙ උඹේ ගර්භාෂෙ උඩ හරියට වෙන්ඩැ :D මට මතක් වෙනව බං අර ඇම්ඩ බඩේ ඉඳං " මොකාද යකෝ ටොකු අනින්නෙ" කියපු සීන් එක..
Deleteඇයි බං ඕකත් එක්කම මතක්වෙන්නැත්ද ඇම්ඩා ඉපදෙන වෙලේ දොස්තරට දුන්නු ටෝක?
Deleteවිදානෙ අතගාලා බලපන් උඹෙ ගර්භාෂෙට රිදුනද කියලා. ;)
Deleteගර්භාෂයක්?? මේ අපේ විදානයාට??
Deleteමචං, උඹ වෙනදා රටාව වෙනස් කරලා උඹේම කතාවකට ගීතය ගොඩ නගත්ත ගත්තට පස්සේ බ්ලොග් ගමන සෑහෙන්න හැරවුමකට ඇවිත් කියලා පේන්න තියෙනවා නේද.. ඇත්තටම සතුටුයි..
ReplyDeleteඅදත් කතාව හිතට වදින්න නියමෙටම ගොඩ නඟලා තියෙනවා.. ලස්සනයි.. සිංදුවනම් ඉතින් කෝමත් අපේ ෆේවරිට් එකක් නේ..
ඇත්තෙන්ම මචං බ්ලොග් එකනම් අතිසාර්ථකවෙලා තියෙනවා. වෙලාවකට මේ මගේ එකමද කියල හිතෙනවා. දැනෙන සතුට කියාගන්න බෑ.
Deleteමුල ඉඳලම මාත් එක්ක රැඳිලා උඹල මට ශක්තියක් උනා. ඒ හයියෙන් තමයි ඉතින් මේ හැමදෙයක්ම.
මේ ගැම්ම මේ ගානටම තියන් යමු මචං.. උඹට හොද අනාගතයක් තියෙනවා.. ජය වේවා.. අපි ඉන්නවා..
Deleteඅනිවාරෙන්ම මචං, උඹලගේ මේ හයිය මට මහඟු අත්වැලක් මේ විදියට මේ ගමන දිගටම යන්න.
Deleteඅලුතින් පටන් ගත්ත වැඩේනං නැගලම යනව ඈ..
ReplyDeleteමේකත් අර කලිං එක වගේම පපුවට වදින්නම ලියල තියේ..පට්ට
ජය වේවා..
අන්න එතනට මං ලියන දේ වැදුනනම්, ආයෙ ඊට වඩා තෘප්තියක් මට නෑ මචං.
Deleteසඳරු උඹ මගේ ජීවිත කතාව ගෙඩි පිටින්ම කොපි කරලා නම් ගම් ටික වෙනස් කරලා ....
ReplyDelete"උඹ නම් කවදාවත් හැදෙන එකෙක් නෙවෙයි. උඹ හැමදාමත් කලේ මට ගින්දර දූන්න එක. යකෝ උඹව වදල දහදුක් විඳල උඹේ කරදඬු උස් මහත් කරපු උඹේ අම්මට වඩා උඹට කොහොමද කොහෙවත් යන ගෑනියෙක් ලොකු උනේ? නොදකිං ඕකිටනම් හොඳක් වෙන්නෙ නෑ කවදාවත් මට මේ දුන්නු ගින්දරට. "
මේ වචන ටික දෝංකාර දෙනවා බන් ....කාලය හැම දෙකටම උත්තරයක් දෙනවා ....එතෙක් ඉවසලා වදාරනවා ...
උඹට ජය
\\සඳරු.....//
Deleteබර වැඩියි මචං ඒ ආමන්ත්‍රණේ... ඔන්න ඔහේ මනෝෂ්ම කියහං මචං.
ගනන් ගන්නෙපා බං.. කොල්ලො වෙච්ච අපි හැමෝගෙම ජීවිත කතාව තමයි ඔය. හැම කොල්ලෙක්ම ජීවිතේ එක පාරක් හරි අම්මගෙන් ඔය වචන ටික අහල නැත්තං ඒක පුදුමයක්. අනික මචං මං ඔය ලිව්වෙ මගේ අම්මත් කාලෙකට කලින් මට තිබ්බ දෝස්මුරයක දෙබස් ටිකක්. ඔන්න බොක්කෙම කතාව කිව්වා. ඒ වගේම තමයි මචං, අර කිව්ව ඉවසීමයි, කාලයට ඉඩදීමයි තුලින්, මං අද ඒ සටන දිනල තියෙනවා. ඒ නිසා ඒ තමා මේ ප්‍රශ්නෙට තියෙන හොඳම අවුසදේ.
අනිවාරෙන්ම ඉවසපන් මචං. කවදාවත් ලේසියෙන් අතාරින්නෙපා ගේම. තමන් තුල ඒ විස්වාසෙ තියෙනකල් ජයග්‍රහනය උඹේ අත ළඟම තියෙනවා.
අනේ මචං උඹ නමෙන් ආවනම් කොච්චර හොඳයිද. ඒත් මචං මේත් ඇති.
උඹේ හිතේ තියෙන හැම යහපත් බලාපොරොත්තුවක්ම ඉටුවෙලා මේ වචන අතීතයට එකතු වෙච්ච දෝංකාරයක්ම විතරක් වෙන්න කියල බොක්කෙන්ම ප්‍රාර්ථනා කරනවා මචෝ..
ජයෙන් ජයම වේවා!!
@ ඇනෝ ~ //කාලය හැම දෙකටම උත්තරයක් දෙනවා ....එතෙක් ඉවසලා වදාරනවා ...// ඔය ප්‍රශ්ණෙට තියන හොදම විසඳුම ඉවසීම තමා බං. උඹ හොදම තැනින් අල්ලන් තියෙන්නෙ. අත හරින්න එපා ගේම.
Deleteකවදා හරි උඹෙ අම්මටයි කෙල්ලටයි දෙන්නටම සැනසීමක් දෙන්න ඕන නම් ඉවසපන්. රතු කට්ට පනින කම් ඉවසපන්. ඊට පස්සෙත් ඉවසපන්. හැබැයි හදීසි තීරණ ගන්න එපා.
ජය වේවා…!!!
@ මනෝ ~ +++++++++++++++++
Delete\\රතු කට්ට පනින කම් ඉවසපන්//
Deleteප්‍රියා කියන කතාව හරියටම හරි මචං. ඒ නිසා ඇනෝ අන්න ඒ ක්‍රමේට දිනුම ලබාගන්න. මං අවුරුදු 5ක් ඉවසුවා මචං. කාලයට ඉඩදුන්නා. ඒත් ඒ දුෂ්කර කාලපරිච්ඡේදය සඳහා මට ලොකු වටිනාකමාක් ලැබුනා. අද මං හිනාවෙන්නෙ ඒ නිසා. ඒ නිසා ඇනෝ, මචං, උඹල දෙන්නගේ විස්වාසය බැඳීම තියෙනකල් උඹල දිනුම්. දෙන්නට දෙන්න ඉන්නවානම් අනිත් හැමදේම ගොඩ.
ඉවසනවා ඉවසනවා දැන් අවුරුදු 5ක් 6ක් තිස්සේ ....එකත් හෙන ආතල් 1ක් බන් . මාසයක් විතර සද්ද නැ , ආයෙත් බනිනවා අඩනවා ,දොඩනවා .මමත් දැන් කම්මලේ බල්ලා වාගේ ....නො කතා ,,,,,,,,,
Deleteදැන් ගෙදරින් සද්දයක් නැත්නම් නිකම් කෑවේ නැ වගේ ,,, ;-) හිකිස්
@ mano & Priya තැන්ක්ස් දෙන්නාටම වචනයකින් හරි මට හයියක් උනාට .......
(මනෝ මමත් ඌව වෙල්ලසේම තමයි )
ඕකෙ ආතල් එක තව ඩබල් වෙලා දැනෙන්නෙ තව කාලෙකින් ඔය සේරම ප්‍රශ්න ඉවරවෙච්ච දවසක ඵුගිය කාලය දෙස ආයෙ හැරිල බලනකොට ඇනෝ...ඒනිසා කොහොමහරි ඉවසගෙන හිටහං මචං. අත්තරින්නෙපා, කෙල්ලවත්, ආදරයවත්, උත්සාහයවත්.
Deleteඅඩේ ඌවෙ කොහේ බං. එවපන්කො මේලක්වත්.
masandumal@gmail.com
ඇනෝ මචං.. උඹනං එළ පොරක් බං :D
Deleteඕ යේස්!!!! පත්තරයෝ++++++++++
Deleteහිතට දැනෙන්න අපූරුවට ලියලා තියෙනවා...
ReplyDeleteඔබේ හැකියාවන් දවසින් දවස මුවහත් වෙමින් නිර්මාණ වලට යොදවගෙන තියනවා වගේ දැනෙනවා ...
මුල ඉඳලම තුෂානිත් මාත් එක්ක හිටියනේ. ඉතින් මේ ගමන පිළිබඳ හොඳ අවබෝධයක් ඔබට තියෙනවානෙ. ඒ නිසා ඔහොම ප්‍රසංසා අහන්න ලැබෙනකොට ඇත්තෙන්ම ගොඩක්ම සතුටුයි.
Deleteස්තූතියි තුශානි..
This comment has been removed by the author.
ReplyDeleteමේ අපේ නීතීඥතුමියනේ..ඉතාම සාදරයෙන් පිළිගන්නවා ඔබව මේ ඉසව්වට. අනේ ඇයි ඉතින් කමෙන්ට් එක ඩිලීට කරේ? කමෙන්ට් එක අදාල උනේ කලිං පෝස්ට් එකට උනත්, ඔබ තුමිය ඒ කියපු වටිනා පොත හඳුනාගැනීමට අපේ සහෘදයන්ට හොඳ අවස්ථාවක් මෙතනත්. ඔබ තුමියගේ ඒ කමෙන්ට් එක වෙල්ලස්සේ ගීතය පෝස්ට් එකේ දාල තියෙනවනේ. ඒ නිසා හැමෝටම ඒ පොත හඳුනගන්න පුලුවන් වෙන්න ඔබේ අවසරය මත ඒ කමෙන්ට් එක උපුටල දක්වන්නම්.
Delete\\ජයසේන ජයකොඩිගේ 'පර සතුරෝ' කියවල තියෙනවද? කියවල නැත්තන්, කියවන්න. ඒ පොතේ විස්තර කරල තියෙන හුඟක් තැන් මගේ ගෙදර ළඟම දේවල්.. වෙල්ලස්ස සටන ගැන ලියවුණු ඉතා ඉහළ ගණයේ කෘතියක් ඒ.. රට, ජාතිය ගැන මහා ලොකුවට කතා නොකළත්, වෙල්ලස්ස කියල කිව්වම හිතට දැනෙන දේ වචන අතික්‍රමණය කරන සුලුයි. //
හොදටම වින්දා. ලො විගුහයක් කරන්න දැනුමක් නැහැ. පට්ටයි
ReplyDeleteඅනේ ඒකට මොකද මචං. විග්‍රහ මොකටද, රසයක් ලැබුවනම් ඒකනේ වෙන්නෝනි.
Deleteස්තූතියි මචෝ...
රැවක් ඇදෙනවා කවුදෝ එනවා... කපුගේ
Deleteලියපන් පුලුවන්නම්.
යෝජනාවනම් කදිමයි මචෝ.. ඔය සිංදුව ගැන ලියන්න මාත් ගොඩක් ආසයි. නිධාන කතාවත් මං දන්නවා. ඒත් මේ සිංදුව ගැන ගොඩාක් බ්ලොග් වල විවිධ විචාර පළවෙලා තිබුනා. ඒ නිසා ඒ ගැන ලියන්න හිතෙන්නෙ නෑ. අනික චෝදනාවකුත් එයි එහෙම ලිව්වොත්.
Deleteමේ වගේ මතක් වෙන ගීත ගැන කියන්න සංජීව.
මචං (සමාවෙයන් මචං කිව්වට) අතපය දිගඇරලා ලියහන්.
Deleteමම බොලෛාග් ගැන දැන ගත්තේ සදරෑ නිසා, තවමත් මගේ විරයා ඌ. මම උඔට දාපු පලවෙනි කොමෙන්ටුවෙි කිව්වේ උඔව සම කරලා තියෙන්නේ හිස් අහසට ඒකට වටිනාකමක් දියන්.
මට කියලා බොලග් එකක්වත් නැතුව ලොකු ටෝක් දෙන එක වැරැදි. ඒත් මම බෝලෝග් වලට ආදරේයි.
විවෙිචන වලට බය වෙන්න එපා උදාහරනය කෙන්ඡි, මාතලන් රාඡ් දේශ් අටමා සෑමා තව තියනවා.
වැරැදි දෙයක් ලියවුනා නම් මකලා දාපන්.
අඞෙි උඔත් මට මචං කියලානේ එල. බොක්ක ඈ...
Delete\\ (සමාවෙයන් මචං කිව්වට)//
Deleteළඟ පාත හිටියනම් අනිනවා ඔලුවට හිල්වෙන්න. මචං කියන්නැතිව සර් කියන්නද බං. මෙහෙම කතාකරනකොට අදහස් බෙදාගන්න කොච්චර පහසුද.
තවමත් උඹේ වීරයා විතරක් නෙවෙයි මචං, මගෙත් වීරයෙක් ඌ. සඳරු වගේ ලියන්න පුලුවන් සඳරුටම විතරයි. ඒ තැන ගන්න වෙනා කාටවත් බෑ මචං. අපේ කම බ්ලොග් වලට ගෙනාවෙ සඳරු. ඒ ගෞරවය, මගේ හිතේ හැමදාමත් ඌ ගැන තියෙනවා. අදත් මං බලං ඉන්නවා උගේ බ්ලොග් එක මගේ බ්ලොග් රෝලෙ උඩට එයි කියලා. මට කේන්තියි සඳටු එක්ක ඌ මෙහෙම නොලිය ඉන්නෙක ගැන. පහුගිය දවසක කතාකරපු වෙලේ කිව්ව ළඟදි මොනාහරි ලියනවා කියලනම්.
ආ අනිත් එක මචෝ.. බ්ලොග් වලට ආදරය කරන්න ඒ වෙනුවෙන් පෙනී ඉන්න බ්ලොග් එකක් තියෙන්නම ඕනි නෑ. තියෙන බ්ලොග් උනත් පවතින්නෙ උඹල මෙහෙම ඉන්න නිසා. ඒ හිංද ඒ ගැන් කතාකරන්න උඹලට අයිතිය තියෙනවා ඉහටත් උඩින්.
Deleteබ්ලොග් ගමනෙදි විතරක් නෙවෙයි මචං, මේ ආව ජීවිත ගමනෙදිවත් කවදාවත් මං, විවේචන ළඟ ඩිංගක් වත් සැලුනෙ නෑ, තවත් ශක්තිමත් උනා මිසක්. ඒ නිසා විවේචන මට ගොඩක්ම වටිනවා. උදාහරණෙට උඹ කිව්ව ඔය හැමෝම මට උපරිම හයියක් උනා. ඒ සුන්දර මිනිස්සු නිසා තමයි මං මේ දුර ආවෙ.
ඒ වගේම මචං කිසිම හේතුවක් නෑ උඹේ මේ අදහස මට මකල දාන්න. මං එහෙම එකෙක් නෙවෙයි. කාටහරි අපහාස වෙන ද්වේශසහගත කුණුහරුප තියෙන කමෙන්ට් එකක් ඩිලීට් කලොත් මිසක් කවදාවත් මට පරය කියල කවුරුහරි බැනල කමෙන්ට් කරල තිබුනත් මං ඒව මකලා දාන්නෑ කවදාවත්. මොකද, මට මේකෙ ඕනි එකක් ලියන්න අයිතිය තියෙනවා වගේම කියවන්න එන අයටත් ඕනිම දෙයක් ප්‍රකාශ කරන්න පූර්ණ අයිතිය තියෙනවා. ඒ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට මං ගොඩක් ගරුකරනවා.
ගොඩක්ම ස්තූතියි මචං මේ අදහස් වලට. දිගටම වරෙන්. ඒක හයියක්. ඒ වගේම හැකිනම් උඹත් බ්ලොගක් පටන් ගනින්. ඒක ඉල්ලීමක්...
මෙතන තියෙන්නෙ ආදරය බෙදී යාමේ ප්‍රශ්නයක්.ආදරයක් නැති වෙන තරමටම ඒක බෙදී යනවටත් මිනිස්සු අකමැතියි.මේක මාතාත්වය හෝ වෙනයම් දෙයක් ලෙස හදුනා ගන්නවාට වඩා සාමාන්‍ය මිනිස්සුන්ගෙ තියෙන කුහක ස්වභාවය සහ ඉරිසියාව වැනි කරුණු නිසා පැන නගින දෙයක්.
ReplyDeleteලංකාවෙ පවුල් ඒකකය තුළ බැදීම් පාරභෞතිකයි.තර්කයකින් තොරව සංකල්ප වලට ආදරය කිරිමක් තියෙන්නෙ.අම්මා කියන සංකල්පය උත්තරීතරයි.ඒ හැරෙන්න එක එක අම්මට වෙන් වූ භාවිතාවන් අනුව සැළකීමක් සිදු වන්නේ නැහැ.මේ බැදිම් සහ ගරු කිරීම් සාපේක්ෂව ප්‍රබේද කරල නැහැ.හරියට පිළිම වන්දනාව වගේ.ඒ නිසා තමයි මනෝෂ් අපූරුවට පෙළ ගස්සන සංවේදී වියමන හැඩ වෙන ප්‍රස්තුතය සැකසෙන්නෙ.
අපි පවුල තුළ රැඩිකල් වෙන්න ඕනි.ප්‍රේමය ගැන වගේම ස්වීයත්වය රැකෙන විදිහට තීරණ ගන්න එඩිතර වෙන්න ඕනි.ස්වාධින වෙන්න ඕනිඅම්මගෙ ඔවවෙන් හිතල අපි අපේ හදවත කොනිත්තගන්න ඕනි නැහැ.අම්මල තාත්තල වෙන කොට එහෙම අත්දැකීමක් විදල තිබුණම ඒ ඇරියස් එකම සමහර විට තමන්ගෙ ළමයගෙ පිටටත් දානවා.එතකොට මේක පරවේනී උරුමයක් වෙලා පියවරෙන් පියවර පන්නන්න ගන්නවා.
මේ ලිපිය හැඩයි.ඒ කරුණු හැමදාම ඔය විදිහට ලිය වෙන්න ඕනි නැහැ.මනෝෂ් කොනිත්තන තැන ඉදල වෙනස් වෙන තැන හොයන්න.පුළුල් වපසරියක පිටවීමට එක දොරක් නෙමෙයි තව දොරවල් කිහිපයක් තියෙන්න පුළුවන්.විමසිල්ලෙන් බලන්න.
මුලින්ම ඔබතුමාව ඉතාම සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට.
Deleteප්‍රස්තුතය පිළිබඳ ඔබේ විවරණය කදිමයි. එය අංග සම්පූර්ණයි. මෙතන තියෙන්නෙ තනිකරම දෙවිදියක ආදරයක්. දරුවෙක් මවට දක්වන සෙනෙහස වෙනමම එකක්. ඒක මාතෲත්වය හා බැඳුනු ගෞරවාන්විත ආදරයක්. බිරිඳට දක්වන ආදරය තවත් වෙනස් අන්තයක ආදරයක්. එය සියුම් මානවීය හැඟිම් සමඟ සංකලනය වෙච්ච සංකීර්ණ ආදරයක්. යම් යම් දේවල් සමාන වෙන්න පුලුවන්. ඒත් මේ අන්ත දෙකක තියෙන වර්ග දෙකක ආදරයක්.
ඉතින් මේ කාරණය මවත්, බිරිඳත් මැනවින් වටහා ගන්නෝනි. එහෙම නැතිවුනොත් එතන අනිවාරෙන් අවුලක් නිර්මාණය වෙනවා. මෙහිදී, තමන් කුසේ හොවාගෙන ඉන්න කාලයේ සිට ආදරයෙන් රැකබලාගත් දරුවා, තමන්ට විතරක් ආදරය කල දරුවගේ ආදරය වෙනත් පිටස්තර ගැහැනියක් කෙරේ යොමුවන විට පෘථ්ග්ජන අම්මා කෙනෙකුට සියුම් වේදනාවක්. ඊර්ෂ්‍යාව සමඟ මුසුවුනු වේදනාවක් ඇතිවෙනවා. මොකද අම්මා ගෙදර බුදුන් උනාට, ඒත් හැඟීම් දැනීම් තියෙන සංවේදී මනුෂ්‍යයෙක්. ඉතින් ඒ වේදනාවේ තරහව අම්මා පිටකරන්නේ තම ලේලිය වෙත. ඔන්න ඕකයි ඇත්තම කතාව.
ඒ නිසා කවදහරි අම්මා කෙනෙක් වෙන්න ඉන්න අපේ දයාබර යුවතියන් මේ අවබෝධය දැන් සිටම ලබාගතහොත් අනාගතයේ දිනක ඔබට හොඳ ලේලියක් ඉන්පසු හොඳ මවක් බවට පත්වීමට හැකියාව ලැබෙනු ඇත.
කොහොමත් සෑම කන්න්තාවක්ම තේරුම්ගත යුතු දෙයනම් කවදා හෝ තමන්ද කාගෙ හෝ නැන්දම්මා කෙනෙකුගේ ලේලියක් වන බවත් තමන්ද කවදා හෝ කාගේ හෝ ලේලියෙකුගේ නැන්දම්මා කෙනෙකු වන බවත්ය.
එමෙන්ම කවදාහරි මවක් වීමට පියෙකු වීමට බලාපොරොත්තු වෙන අයෙකු තේරුමගත යුතු සත්‍ය නම් තමන්ගෙ දරුවා කවදාවත් තමන් ළඟම රැඳෙන තමන්ගෙ බූදලයක් නොවන වග. ඔවුන්ට නිසි වයසේදී තමන්ගෙ ජීවිත තනිව ගොඩනඟා ගැනීමට ඉඩදිය යුතුය. ඒ ඔවුන්ට රිසි පරිදිය. කිසිවෙකු කිසි විටෙක තවත් අයෙකුගේ ජීවිතයක් පාලනය කිරීමට උත්සාහ නොගත යුතුයි. සියලු සත්වයෝ ස්වාධීන ජීවිත ගත කිරීමට කැමැත්තෝ වෙති.
ජීවිතයේ මෙම යථාර්තය සියලු දෙනාම තේරුම් ගත යුතුය.
පිළිගන්නනම් දෙයක් නැහැ බං.සෙට් වෙන්න හොද නම් එතැනට අනාරාධිතවම කඩා වදිනවා.උඹේ ලිවිල්ලත් එහෙම පොළමවන එකක්
Deleteඒකනම් හිතටම වදින අගය කිරීමක්. බොහෝම ස්තූතියි අයියේ. එහෙනම් ඔහොමම අලුත් පෝස්ට් එක පැත්තෙත් එමුකො අයියේ.
Deleteමට මේක මග ඇරුණේ කොහොමද? බ්ලොග් රෝලේ අප්ඩේට් වෙලා නෑ මේ පොස්ට් එක , ආපහු අයින් කරලා දාගත්තම තමයි හරිගියේ , උඹේ ඉදිරිපත් කිරීම් ගැන මං අලුතෙන් කියන්න දෙයක් නෑ , කියන් ඕන ඒවා ඔක්කොමලා කියලා , උඹෙන් මේ ටික තමයි අපි ඉල්ලුවේ , දැන් හරි, උඹට කියන්න තව දේවල් ටිකක් තියෙනවා ,මේ එකට තැන නෙවෙයි, ඒ ටික හිමීට කියන්නම්, එතකන් මේ ටික විතරක් කියන්නම් -උඹ මේ සයිබරයේ විශිෂ්ටයෙක් වෙනවමයි
ReplyDeleteමම උඔගේ බෙිලොග් රෝල හරහා තමයි අනිත් ඒවාට යන්නේ අනිවා අප්ඞෙට් කරපන්
Deleteමොකක් හරි තාස්සනික ආබාදයක් වෙන්නැති ඉවාන් අයියේ. ඇත්තෙන්ම උපදෙස්, යෝජනා චෝදනා සහ විවේචන මට මහමෙරක් වගේ වටිනවා. ඒ දේවල් නිසා තමයි මේ ලබපු සාර්ථකත්වය හරි ලැබුනේ. ඒ නිසා පස්සෙ හරි අනිවාරෙන් ඒ දේවල් කියන්න ඉවාන් අයියේ.
Delete\\උඹ මේ සයිබරයේ විශිෂ්ටයෙක් වෙනවමයි//
මේ අකුරු ටික හිත පතුලටම වැදුනා. මේ දිරි ගැන්වීමට ගොඩක්ම ස්තූතියි.
ඔන්න ඇහෙනවනේ ඉවාන් අයියේ.. ප්‍රේක්ෂකයොන්ගෙ බලාපොරොත්තු එහෙම බිඳිනවා නෙවෙයි ඕං...
Deleteඉවාන් අයියගේ බ්ලොග් රෝලෙ තාමත් මගේ බ්ලොග් එක පේන්න නෑ.
Deleteඅහා..!! පළමු වතාවට මගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් කමෙන් සීයට ළඟා වෙලා. හිතට දැනෙන සතුට කියාගන්න වචන නෑ. දැනටනම් මං තනියෙං සමරණව මේ සතුට. කවුද එන්නෙ මට සෙට් වෙන්න? කෝ මේ පත්තරයා. වරෙන්කො බං.
ReplyDeleteඔය වැල පත්තරයට කතා කරන්න එපා බං ඔන්න් ඔහේ අපි සමරමු, ඕකා ආවොත් මගෙන් ගුටි කාලා තමයි යන්නේ
Deleteහිකිස්!!! හොඳ වැඩේ පත්තරේට එන්න පරක්කු වෙනවාට. ඔන්න ඔහේ අපි දෙන්න පාටිය දාමු එහෙනම් ඉවාන් අයියෙ. හොඳ වෙලාවට ඉවාන් ආවෙ. නැත්නම් මං නෝන්ඩි වෙනවා තනියෙන් පාටි දාන්න ගිහින්.
Deleteපාටිද , අම්මට බොල මං එතන එහෙනං , විෂ්කි බාගයක් ඇරං ආවා මගෙ පාවිච්චියට.. වෙන්ඩ වයිෆ්ට කියපං කුකුල් අණ්ඩක් ගේන්ඩ කියලා.. අද බුදියන්නෙ කාණුවෙ නෙවෙයි කුණු ඇලේ.. ඕ යේස් !!!
Deleteරයිට්, මං එහෙනම් බයිට් ටිකට වැඩේ දෙන්නම්, උඹ ඇලේ පීන පීන ඉඳහං.
Deleteකුකුල් අඬු නෙවෙයි බොල, කොහොමද වල් ඌරු මස් කෑල්ලක් එහෙම?
වයිල්ඩ් බොර් බාර් එකේ තිබුනම අපිත් රෙඩි...
Deleteහැහ්..මෙන්න ඇවිත්! "ඇස්ටෝන්" එක ඉවරයි?
Deleteඅම්මප දේශකයො මං හිතුවෙ දේශක මාත් එක්ක තරහවෙලා කියලයි.
ඒක නෙවෙයි ඔය කිව්ව තැන නම් මට කොයිල් වගේ!
ලස්සනයි
ReplyDeleteබොහෝම ස්තූතියි...
Delete