Pages

Sandumal

Sandumal

Friday, June 6, 2014

•උත්තමාචාරය

"ඔබ මට පවනෙක් මැයි ගිම් සමේහී හමා ආ..."






ගීත විචාරයන් සමඟින් මා මෙතෙක් ආ ගමන් මඟ තුල මගේ බ්ලොග් සටහන් අතර සියේට අනූනවයක්ම වූයේ ධම්මික බංඩාරයන් නම් වූ සොඳුරු ගේය පද රචකයාණන් ගේ ගීත විචාරයි. මගේ බ්ලොග් සටහන් දයාබර බ්ලොග් පාඨකයන් හට වඩා සමීප වූයේ පසුගිය මාර්තු මාසයේ පමණ සිටයි. මාර්තු සිට ජූනි දක්වා වූ මේ ඉතාම කෙටි කාලපරිච්ඡේදය තුල මා බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා ඉතා විශාල පාඨක ප්‍රතිචාර ගොන්නක් සමඟ මෙම පැමිණ ඇති ගමන්මඟ පිළිබඳ මට ඇත්තේ අහිංසක සතුටකි. ආඩම්බරයකි.  

මුල් කාලයේදී ධම්මික බංඩාරයන්ගේ ගීත විචාරය සමඟින් පමණක්ම පෝස්ට්ටු ඔබවෙත ගෙන ආවද පසුව, විචාරයට ගැලපෙන විවිධ ඡායාරූප ආදී අලවට්ටම් දමා ඔබට වඩාත් ආකර්ශණීයව ලිපිය ගෙන ඒමට උත්සාහ කලෙමි. ඉන් අනතුරුව, ගීත විචාරයට පසුව, විචාරය පිළිබඳව සහ ගීතය පිළිබඳව මට හැඟෙන දැනෙන මගේ අදහස්ද ලියා දැම්මෙමි. ඒ සඳහාද යහපත් ප්‍රතිචාර ලැබුනු අතර, මා පිළිබඳ යමක් ඔබ අතරට ගෙන යාමට එය ඉවහල් විය.

කෙසේ වුවද මා සමඟ උන් යාවජීව බ්ලොග් මිතුරන් දිනෙන් දිනම මා දිරිමත් කල අතර විචාරයට යටින් වූ මගේ අදහස් දුටු බහුතරයකගේ අදහස වූයේ මවිසින්ම ලියන ලද ස්ව‍යං ගීත විචාරයක් පළකරන ලෙසයි. එහිදී මා දිරිමත් කල පිරිස අතර කුරුටු ගෑ ගී පවුර, ප්‍රියා, අවන්හල, විදානෙඅරූ අයියා ආදී බොහෝ පිරිසක් විය. ඇත්තෙන්ම මා ගීත විචාරයක් ගෙන ඒමට තීරණය කලේ ගී පවුරේ සාමාජිකයන් නිසාවෙනි. නම් සඳහන් කල සහ සඳහන් කිරීමට අතපසු වූ මේ සියල්ලන්ගේම, ආධාර උපදෙස් සහ ලෙංගතු අවවාද මැද මං මගේ පළමු විචාරය පළ කෙලෙමි. ඒ සඳහා වූ ඉහල පාඨක ප්‍රතිචාර නිසාවෙන්ම ඉක්මනින් දෙවන සහ තෙවන විචාරද ගෙන ආවෙමි.

එම ගීත විචාර ත්‍රිත්වය තුල මට විවිධාකාර වූ උපදෙස් යෝජනා ලැබුනු අතර, මෙහි පෙරමුණෙහිම වූ දයාබර සඟයෙකු වූයේ අපේ පත්තර මල්ලි නම් සොඳුරු බ්ලොග් රසවතායි. පුද්ගලිකව නිතර දුරකතනයෙන් අමතමින් ඔහුගේ වටිනා කාලය මා වෙනුවෙන් කැපකරමින්, ඔහු ගත් වෙහෙසට මගේ කෘතවේදීත්වය පළකරමි. අවාසනාවකට මේ සොඳුරු පිස්සු කොල්ලාට කෙතරම් කීවද ඔහුට බ්ලොග් එකක් අටවා ගැනීමට කිසිදු උවමනාවක් නොමැත!. නමුත් සිංහල බ්ලොග් පිටු අතර කරණම් ගසමින් ඔහු අපට ශක්තියක් වෙමින් අපත් සමඟම නිතරම් රැඳී සිටිමින් අපව දිරිගන්වයි.

කෙසේ හෝ මගේ ගීත විචාර තුන සහ අවසානයට පළකල ගී සංවේදනාව, මගේ බ්ලොග් එක නවමු මාවතකට යොමු කල හැරවුම් ලක්ෂයක් වේ යැයි මා සිහිනෙකිනිදු නොසිතුවෙමි. නමුත් බ්ලොග් එකෙහි ගමන් මඟ වෙනස් කිරීමට මා නිරායාසයෙන්ම පෙළඹවීමට එය හේතුවක් වී ඇත. මං ලියන්නේ මට ඕනි ඒවාය. නමුත් එහිදී මම නම්‍යශීලී විය යුතු යැයි මම විස්වාස කරමි. මක් නිසාද යත් මා ලිව්වට කියවන්නේ මගේ දයාබර පාඨකයන්ය. එනිසා මා ලිවිය යුත්තේ ඔවුහු ප්‍රියමනාපව කියවන ඒවා විය යුතුය.

නමුත් ඒ යම් සීමාවකට යටත්වය. මාගේ බ්ලොග් ලිපි වලින් මා බලාපොරොත්තු වූයේ ගිලිහී යමින් පවතින රසවින්දනය යම් ප්‍රමාණයකට හෝ යළි තරුණ පරපුර වෙත ගෙන ඒමයි. එනිසාම, මගේ නිර්මාණාත්මක බව යට ගසමින් එය සඟවා ගනිමින්, වඩා සාර්ථක නිර්මාණ කරුවෙකුගේ ගීත විචාරයන් ගෙන ආවේ ඒවා කියවීම තුලින් මා ලබාගත් රසය, ඔබත් සමඟ බෙදාගැනීමටයි. අවිය වෙනුවට පෑන සමාජයක් ගොඩනැංවිය හැකි හොඳම ආයුධය බව මම විස්වාස කරමි. පන්හිඳකින්  ජීවය ලබන ගීතයක් තුල සමාජයට ගතහැකි ආදර්ශයන් බොහෝය.

එනිසා මගේ දැඩි විස්වාසය වන්නේ මිනිස් සිත සංවේදී බවට පත් කරන සුභාවිත ගීත කුණු වෙමින් පවතින සමාජයට ඉතාම හොඳ ඔසුවක් බවයි. වරෙක ගුණදාස කපුගේ ශූරීන් කියූ පරිදි, එතුමා විසින් ගායනා කරන ලද "අයියණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ" ගීතය ඇසූ සහෝදරයන් දෙදෙනෙකු තමන්ගේ ඉඩම් ආරවුල ඉතාම දයාබරව සමථයකට පත් කරගත් වගයි. මේ බව කපුගේට එම සහෝදරයන්ගේ මෑණියන් කියනුයේ හඬා වැටෙමිනි. තවද "ලඳුනේ" ගීතය අසන ඔබ, මෙතෙක් කල් ගණිකාවක් පිළිබඳ ඔබ තබාගෙන සිටි වැරදි අවබෝධය ඔබෙන් පලවාහරිමින්, ගණිකාවක් පිළිබඳ වඩා මානුෂවාදීව සිතීමට ඔබව පොළඹවනු ඇත.

කියනවානම් මෙවන් උදාහරණ අනන්ත වූ සංඛ්‍යාවක් මට ඔබ හමුවේ තැබිය හැක නමුත් අවශ්‍යතාවය වූයේ ගීතයකින් සමාජය වෙනස් කල හැකි බව ඔබට පෙන්වා දීම පමණි. එනිසා මගේ ස්ව‍යං නිර්මාන පසෙකලා බ්ලොග් කලාව තුල සිටින සොඳුරු මිනිසුන්ට හොඳ ගීත රසාස්වාදයක් ලබා දීමට ධම්මික බංඩාරයන්ගේ ගීත විචාර ඔබට ගෙන ආවෙමි. විවිධ අය විවිධ අදහස් මති මතාන්තර දැරූ අතර බොහෝ අය මගේ බ්ලොග් ඩටහන් අතර ඇවිද ගිය මුත් කිසිදු අදහසක් පළ මං නොකලේ අනුන්ගේ ගීත විචාර ගෙන ආ හෙයිනි. වරෙක වෙනත් බ්ලොග් සටහනක ඇනෝ කෙනෙක් මට දරුණු වාග් මාලවක් තිළිණ කලේද මේ කරුණ අරබයායි. නමුත් මා යළිත් කියනුයේ මම අනුන්ගේ ගීත විචාර ගෙන ආවේ මට මගේම වූ නිර්මාණ හැකියාවක් නොමැති වූ නිසා නොවේ.

අරමුණ වූයේ මා ඉහත සඳහන් කල කාරණයයි. එම අරමුණ තුල මා කෙතරම් සාර්ථක වූවද යැයි මම නොදනිමි. නමුදු මා ගෙන ආ බොහෝ ගීත විචාර වල ගීත බහුතරයක් දෙනා දැක තිබුනේද එදාය. එනිසාම "මේ ගීතයත් මං මීට කලින් අහල නෑ, ඔන්න අද තමයි ඇහුවේ" කියල බොහෝ දෙනා කීවේය. එම අවස්ථාවල මා අහිංසක සතුටක් ලැබුවේ, ඔබට මඟ හැරී ගිය නමුත් ඔබ ඇසිය යුතුම ගීතයක් ඔබට සමීප කිරීමට ලැබීමේ භාග්‍ය මා ලද හෙයිනි. නමුදු එය කෙතරම් සාර්ථක වූවාද යන්න දන්නේ ඔබම පමණකි. මක් නිසාද යත්, මාව සතුටු කිරීමට කුමක් හෝ කමෙන්ට් එකක් දැමීමනම් ඔබේ අරමුණ වූයේ, ගීතය ඔබ රසනොවින්දානම්, ගීතය යළි යළිත් රසවිඳීමට ඔබගේ ගීත ගොන්න තුල ඔබ එම ගීතය සුරැකිව තබා නොගත්තානම් මගේ ප්‍රයත්නය අසාර්ථක වී ඇත. නමුත් සැබෑවටම ඔබ එය රසවින්දානම්, ඔබ ඉන් යමක් ගත්තානම්, තවත් අප මෙන්ම මෙම ගීතය රස නොවිඳි අයෙකුට එය රසවිඳීමට ලබා දුන්නේ නම් මගේ අරමුණ සඵල වී ඇත.

අද ඔබට මෙවන් සටහනක් ගෙන ඒමට මා පෙළඹවූ කාරණයට යළි හැරෙමි. 

මෙතෙක් කීවේ මෙම බ්ලොග් සටහන් වල අරමුණ සහ අනුන්ගේ ගීත විචාර ඔබට ගෙන ආ හේතුවයි. කෙසේ වුවද, මුලින් සඳහන් කලා මෙන් මගේම ගීත විචාර තුනට පසු මට වැටහුණු දෙයනම් මගේ මෙම බ්ලොග් පිටු මගේම වූ නිර්මාණ වලි සැරසීමට කාලය පැමිණ ඇති බවයි..එනිසා අද පටන් ධම්මික බංඩාරයන්ගේ ගීත විචාර වලට සමු දීමට තීරණ‍ය කළෙමි!

මා සතුව ඔබට ගෙන ඒමට බලාපොරොත්තුවෙන් තවත් ගීත විචාර 45ක් පමණ පවතී. නමුත් මෙතැන් සිට මම එම විචාරයන් එසේම තියෙන්නට හරිමි. කිසිවෙකුට හෝ එම විචාර කියවීමට අවශ්‍යනම්, ඔබගේ විද්‍යුත් ලිපිනය මා හට වන්න. වර්ඩ් ෆයිල් එකක් ආකාරයෙන් එම ගීත විචාර මං ඔබට එවීමට කටයුතුකරන්නම්.

එසේනම් මෙම සටහන නිමකිරීමට මත්තෙන් තවත් සඳහන් කල යුතු ඉතාම වැදගත් කරුණක් පවතී. කවදා හෝ දිනෙක ධම්මික බංඩාරයන් හට මෙම සටහන් කියවීමට අවස්ථාවක් ලැබේ දැයි නොදනිමි. එසේ වුවද,

ධම්මික බංඩාර මහත්මයාණෙනි,

ඔබ තුමාට අනේක වාරයක් ස්තූතියි. මේ ඔබතුමාගේ ගීත විචාර නම් වූ අත්තිවාරම මත මා ඉහළට නැඟි ඉණිමඟට පයින් ගැසීමක් නොවේ. නමුත් මේ වනවිට ඉණිමඟෙහි මම සැලකිය යුතු තරම් උසක් නැඟ ඇත්තෙමි. දැන් මා සූදානම් වන්නේ ඔබෙන් ලද අත්වැලෙන්, ඔබෙන් ලද ආභාශයෙන් මගේම වූ හිණිමඟක ඉතිරි මඟ ගෙවා යාමටයි. ඔබ තුමාට අනේක වාරයක් මම ස්තූතිවන්ත වන්නෙමි. මේ මොහොතේ මට සිහිපත්න්වන යමක්ද ලියා තබමි. ඔබ තුමාගේ ගීත විචාරයන් මා මෙසේ පළ කරන බව ඔබ තුමාට පැවසීමටත්, ඔබ තුමාගෙ අවසරය ලබා ගැනීමටත් මම ඔබ තුමාට දුරකතනයෙන් කතාකල මොහොතේ ඔබතුමා මා කෙරෙහි දැක්වූ ළෙංගතු බව කිසි දිනෙක මට අමතක නොවේ. ඉතාම දයාබරව, "ඉතින් ඕව තියෙන්නෙ කාට හරි කියවන්න තමයි. ඉතින් ඔයා ඕවා ඔය විදියට හරි කාට හරි කියවන්න දෙන එක කොච්චර හොඳයිද" කියා කිසිදු ලෝබකමකින් තොරව පැවසූ අයුරු සිහිවන විට ඔබ තුමා කෙරෙහි මට ඇතිවන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි අපරිමිත ගෞරවයකි.




දයාබර මිතුරු මිතුරියනි, එසේනම් අද සිට ඔබේ හයියෙන් මම අලුත් ගමනක් අරඹන්නෙමි. මෙතෙක් ගෙන ආ පෝස්ට් 56ක් පුරා ඔබ මා ළඟින්ම හිඳ මට ලබාදු ශක්තිය ඉදිරියටත් පවතින බව මම දනිමි. එමෙන්ම ඊයේ දිනය මගේ බ්ලොග් එකට ඉතාම වැදගත් දිනයකි. එනම් මගේ බ්ලොග් එක නැරඹුම් වාර 10000ක් පසු කලේය. ඒ ඔබගේ ශක්තියෙනි. එය මා හට මෙතරම් විශේෂ වුවද යමෙකුට ඉතා සුලු කරුණක්ද විය හැක. නමුදු මෙය මට මහමෙරකි. හිට්ස් 150ක් පමණ තිබූ මුල්ම කාලයේ සඳරුගේ හිස් අහස දුටු විට මං ගැනම ලැජ්ජා සිතුනි. එහි වූයේ අංක හතක සංඛ්‍යාවකි. නමුදු සිංහල බ්ලොග් කලාව පිළිබඳ කරුණු කාරණා මම උගෙන ගත්තෙමි.

එසේනම් අදසිට මා වටා වූ රාමුව මම ඉවත් කරගන්නෙමි. නව ආරකින් අලුත් ගමනක් අරඹන්නෙමි. මගේ බ්ලොග් එකේ තේමාව, ගීත සහ ඊට සබැඳි සියලු දේවල්ය. නමුදු, ඊට පරිබාහිර මගේ නිර්මාණ ඔබට ගෙන ඒමට මින් ඉදිරියට මම එය බාධාවක් කරගන්නේ නැත. එනිසා සීමාව තවත් පුළුල් වනු ඇත.

මෙයින් අවසන් කරමි. හැමදාමත් මට ශක්තියක් වූයේ මගේ ළඟම රැඳුනු, මගේ ගමනට ආශිර්වාද කරන  දයාබර ඔබයි. මේ වෙනසට මට පාර කියූවේද සහෘද ඔබයි. එනිසා මින් ඉදිරියටත් ඔබේ අදහස් මට රටක් රාජ්ජයක් තරම් අනගියි. ඉතින් ඔබේ යෝජනා, චෝදනා සහ විවේචන මම තව දුරටත් බලාපොරොත්තු වන්නෙමි. 

එන්න අපි කතාකරමු. ඔබේ අදහස් මගේ සාර්ථකත්වයයි.

ස්තූතියි....!

මේ ඔබ වෙනුවෙන් වූ මගේ ආචාරයයි...

"දිවි මගෙහි මෙතෙක් දුර මා සමඟ ගමන් කල.. මා සමඟ සිනාසුනු.. මා සමඟ ඉකිබින්ද.. රසික ඔබ.. මට..කුමුදෙකි..ගඟුලෙකි.. පහනෙකි..පවනෙකි..."

"ඔබ මට කුමුදෙක් මැයි 
ලා සඳේ රෑ පිපී ආ..,
ඔබ මට ගඟුලෙක් මැයි 
සා පිපාසා නිවා ආ..,
ඔබ මට පහනෙක් මැයි 
මාසේ පෝදා දිලී ආ.,
ඔබ මට පවනෙක් මැයි 
ගිම් සමේහී හමා ආ

ඔබ මට පැණසෙක් මැයි
මා දෙසේ දොස් දකින්ටා
ඔබ මට අවියෙක් මැයි
ඒ දෝසේ මුල් සිඳින්ටා
ඔබ මට බුදදස් මැයි
රෝග පීඩා සොයන්ටා
ඔබ මට ඔසුවෙක් මැයි
රෝ නිධානේ තබන්ටා"


ගීතය මෙතනින් download කරගන්න...
(Oba Mata Kumudekmei - Nandamalini)




41 comments:

  1. හොඳයි.අවුලක් නෑ.අපි සුභවාදීව ඉදිරිය දිහා බලන් ඉන්නවා.පුළුවන් නම් සින්දු ලියන්නත් බලන්න.ඔයාට කවි සිතක් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කවි සිතක්? මේ මට? අම්මේ හිම පියල්ලේ හදිස්සියකටවත් පද හතරක් ගැටගහගන්න මට යනවා දවසක් විතර.

      සුබපැතුමටනම් ගොඩක්ම ස්තූතියි හිම පියල්ලේ...

      Delete
  2. එකෙන්ම ජය වේවා සහෝ........, ඔය තල්ලුවත් එක්ක ඉස්සරහටම යමු.

    ReplyDelete
    Replies
    1. උඹල වගේ හොඳ යාලුවො සෙට් එකක් ලබන්න පිං කරන්නෝනි බං. බොක්කෙන්ම තැන්කිවු.

      Delete
  3. වෙනස ගැන බොක්කෙන්ම සතුටුයි බං. උඹට මතකද අර 'මිනිදෝරු කන්තෝරුව' පෝස්ට් එකේදිම මම කියපු කතාව. එදා මට නම් ඔක්කොටම වඩා හිතට වැදුනෙ ඒ කතාව. අර අන්තිම එකත් උඹේ සාර්ථකම එකක්.

    උඹේ දක්ෂකම සීමා කරගන්න එපා. පුළුවන්නම් ඒකෙදිත් ඉල්ලුවා වගේ හොද කතා ටික කුත් ගොතපන් (ගී පද පාදක කරගෙන, නිධාන කතා ඇසුරෙන්.)

    10,000ට හදවතින්ම සුබ පැතුම් මචං. ඒ වගේම වෙනසටත් සුබ පැතුම්.

    ආ තව එකක්. පත්තරේ කියන්නෙ රියල් බොක්කක් බං. සිරාවටම ඌට මාත් තෑන්ක්ස් කරනවා.

    ReplyDelete
    Replies
    1. මං වැදගත් වෙන්ඩෝනැ දැං .. ඔය ඉවානය එක්ක එහෙම බජනෙට යන්ඩ නරකයි .. :D

      Delete
    2. අඩේ ප්‍රියා.. මුල් කාලෙ ඉඳලම උඹ මගේ ගමනට ශක්තිය වෙච්ච එකානෙ බං. එළකිරි සහෝ.. අනිව ලියනවා මචෝ, දත්මිටි කාගෙන ලියනවා. මං මොනා ලිව්වත් කියවන්න උඹල ඉන්නවනෙ බං. නිධාන කතා ටිකක් ගේමු කරලියට.

      පත්තරේ ගැන නම් ඉතින් කියන්න පත්තරය වෙනුවෙන් වෙනම පෝස්ට් එකක් දාන්න හිතෙනවා බං. උඹ කිව්ව වගේම පත්තරයනම් රියල්ම බොක්කක්. පට්ටම කොල්ලෙක්. මං දන්නෙ නෑ බං වචන නෑ කියන්න. මට තියෙන දුක බං, මේක කොච්චර කිව්වත් බ්ලොගක් අටවගන්නෑනෙ බං.

      Delete
    3. ඒ පත්තරයෝ..

      අනිවා අනිවා.. දැන් උඹ හෙන පොරක්. ටිකක් වැදගත් විදිහට ඉඳහං. කෝ බාන්ඩ, පපුව එහෙම ටිකක් ඉස්සරහට පුම්බගෙන නිකං කිහිල්ලෙ ගෙඩි දාල වගේ ඉඳහං..!!

      ඉවාන් එක්ක බජනෙට යන්න, එතුමා මේ අහට එන්නෙවත් නෑනෙ බං.

      Delete
  4. බොහොම හොදයි මගෙන් ඔබේ ඉදිරි ගමනට හර්දයාංගම සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. මේ හැම වචනයක්ම මහමෙරක් තරම් හයියක්. බොහෝම ස්තූතියි නාට්‍යකාරයෝ..

      Delete
  5. මනෝෂ්.......ජයෙන් ජයම වේවා!! ධම්මික බංඩාරයන් ඔබ ගැන ආඩම්බර වේවී!!!

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ නියමුවා !! ඒ ගැන වාදයක් නෑ..!!! හරි අපූරු සතුටක් දැනෙනවා ලොකු අයියා..

      Delete
    2. එතුමා එක පාරක් හරි මේ පැත්තට ආවනම් අරූ අයියේ.

      හැමෝගෙන්ම සුබපැතුම්.. ස්තූතිය් අරූ අයියේ....

      Delete
    3. මචං පත්තරේ, කතාවනම් සහතික ඇත්ත. මුල ඉඳලම අරූ අයියා ලඟින්ම හිටියා. ගොඩක් දේවල් කියාදුන්න.

      Delete
    4. කියලා දුන්නා නෙමේ...සහතිකෙන්ම මමත් ඉගෙනගත්තා. ඕකයි ඇත්ත.

      Delete
    5. සැක් ඉතරක්, ටී ෂර්ට් එකක්නෙ ඇඳගෙන ඉන්නෙ. නැත්නම් කොලරෙක හරි ටිකක් උස්සගන්න තිබ්බා.

      එහෙම නෑ අරූ අයියා, ඔයාගෙ අදහස් මට එදා ඉඳන්ම ගොඩක්ම ප්‍රයෝජනවත් උනා.

      Delete
  6. ඉදිරි ගමනට හදවතින්ම සුබ පතනවා ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුශානි ඔයාටත්. තුශානිත් මගේ පරණම රසවතියක්නෙ. ඉස්සර ඉඳලම දිගටම රැඳී හිටියා.

      Delete
  7. මේ ලබපු උත්ජෙද්නයෙන් ලිවිල්ල දිගටම කරගෙන යන්න සුභ පතමි !!!!!

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ..ගොඩක් දේවල් ලියන්න බලාපොරොත්තු වෙනවා. අහල පහල මනුස්සයානෙ, තනි නොතනියට උඹ තමයි.

      Delete
  8. බ්ලොග් කෙරුවාවට අලුත් මගෙනුත් ඔන්න සුබ පැතුම්.........

    ReplyDelete
    Replies
    1. අලුත් නෑ.. දැන් පරණයි. මාත් ඒ පැත්තෙ එනවා. ඔයාටත් ඉතාම දුර ගමනක් යන්න හදවතින්ම සුබපතනවා.. අපි රැඳී ඉන්නවා දිගටම.

      Delete
  9. මොන ස්තූතිද මචං.. ඒව හිතන්න එපා.
    උඹේ ඉදිරි ගමනට බොක්කෙන්ම සුභ පතනවා මස්සිනේ..
    දහසක් මල් පිපේවි - දහසක් මත ගැටේවි !!!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ජීවිතේ මල්-පත්තරේ ඉන්නකල්..

      උඹ එපා කිව්වට මට ඕනිනෙ බං. ඒනිසා ඔන්න ආයෙත් තැන්කිවු.

      උඹේ හයිය දිගටම තියෙන බව දන්නවා මචං.

      Delete
  10. 10000 ට හදවතින්ම සුභ පැතුම්..!!
    අැත්තටම ධම්මික බංඩාරයන් මේ පැත්තට ආවොතින් උඹ ගැන ආඩම්බර වේවි..
    අපි වගේ අලුත් එවුන්ටත් උඹ එදා අත හිත දුන්න හැටි තාම මතකයි..
    දැං ඉතිං ලියමු..ඇඬෙන්නම ලියමු..
    අපි ඉන්නව කියවන්න..
    නැවතත් පටන් ගත්තු අලුත් වැඩේට සුභ පැතුම් මනෝෂ්...!!!

    ReplyDelete
    Replies
    1. සුබපැතුමට ස්තූතියි මචං.. උඹල අපි හැමෝම තාම අලුත් තමයි බං. එකිනෙකාගෙ සහයෝගයෙන් අපි මේ ගමන යමු. ජය වේවා මලේ උඹටත්.

      Delete
  11. 10000 පැන්නේය ඒ කියන්නේ පට්ටය... මට ඊටත් වඩා සතුටට කරුණ නම් ඔබඔබේම මාවතක් ඔබේම සිතුවිලි මතින් තෝරා ගමන් ඇරඹීමයි...
    මම ඉස්සරෝම ලියන කාලේ මට උපදෙස් ලැබුනේ වැඩියෙන් කියවන්න අඩුවෙන් ලියන්න ලෙසිනි... අවාසනාවකට මේ කියනව බ්ලොග් සටහන් විනා වෙන යමක් කියවන්න වත් කාලය සීමිත වී ඇත... ආසාව නිසා බ්ලොග් හෝ කියවමි...
    දැං ලියවෙන්නේද නත... කොයිමොහොතේ හෝ මගේ ලිවීමද නවතිනු ඇත... අඩුම ගණනේ ඔබලගේ බ්ලොග් හෝ කියවන්න පැමිණෙමි...
    සුභ ගමන් මනෝ....

    ReplyDelete
    Replies
    1. මහේෂයෝ කොන්ද කඩනවා හරිය. ලිවිල්ල එහෙම නතර කරන්න ඔට්ටු නෑ. උඹල වැඩේ අත්තැරල දැම්මම හරියනවද? අනික උඹ ස්මරණ පටන් ගත්ත විතරයි නේද? අවන්හල වහල දැම්මොත් එහෙම අපි හාමතේ මැරිල යයි බං. කාලය කොහොමහරි හොයාගමු. නිදාගන්න පැය භාගෙ හරි අඩු කරමු බං.

      සුබපැතුමට ස්තූතියි මහී..

      Delete
    2. @ මහේෂ්....

      ඒ වුණාට ලියන එක නැවැත්තුවොත් අපි බ්ලොග් සගයොත් එක්ක ඇවිත් ගේ ඉස්සරහා පිකට් එකක් කරනවා හරිය.......................

      Delete
  12. බොහොම හොඳයි.. අපි බලමු...

    ReplyDelete
    Replies
    1. අනිවාරෙන්ම...

      ස්තූතියි මාතලන් අයියා..

      Delete
  13. ඔබ යන අලුත් මාවත මල් මාවතක් ම ෙව්වා.

    ReplyDelete
    Replies
    1. නලීන් අයියේ.. හදවතටම දැනෙන ප්‍රාර්ථනාවක්.

      ස්තූතියි..බොහෝම ස්තූතියි.

      Delete
  14. මනෝෂ්,

    ඔබ සතුටු වන්නේ කොතරම් ද ඊට සමාන ව ම අපිද සතුටු වන්නේ යැයි අපට සිතේ.... එය ඊට තරමක් වෙනස් වනු ඇත. ඒ අපි ඔබම නොවන නිසාවෙන් ම පමණකි....

    ඇත්තට ම සතුටුයි මනෝෂ්. ඇත්තට ම ඔබ ධම්මික බණ්ඩාර නම් පරිණත මිනිසා තුළින් ගමනක් අරඹා තිබෙනු අපිට මුල සිට ම පෙනුනා. නමුත් එක දෙයක් ඒ තුළින් අපි දුටුවා. ඒ ධම්මික බණ්ඩාරයන්ට මුවා වූ මහා රසිකයෙක් සිටින බවයි. නමුත් ඔබේ හැකියාව ගැන අපිට ඒ තුළින් නිගමනය කරන්නට බෑ තමයි. ඒත් ඉවෙන් වගේ දැනුන විදිහට ඔබට ගමනක් තිබෙන බව හැගුණා. ඉතින් ඔබ දිගින් දිගට ම කියනවා වගේ අපිට පුළුවන් වුණා ඒ ආරාධනය කරන්නට. ඒ ගැන අද අපි සතුටු වෙන තරම මෙච්චරයි කියලා කියන්නට බෑ මනෝෂ්....

    අපි කොයි තරම් නිවැරදි ගමනකට ඔබට ආරාධනා කරලා ද කියලා දැනෙන විට හිතට දැනෙන්නේ තවත් ධම්මික බණ්ඩාර කෙනෙක් බිහිවීමට අපිත් බින්දුවකින් හරි දායක වුණා වගේ හැගීමක්. නමුත් මේ දැන් අපි කියන තවත් දෙයක් තියෙනවා මනෝෂ්.. තවත් ධම්මික බණ්ඩාර කෙනෙක් වෙනවාට වැඩිය හොදයි මනෝෂ් කෙනෙක් වෙන එක. මොකද දැනට අපිට ධම්මික බණ්ඩාර කෙනෙක් ඉන්නවානේ.... ඉතින් අපිට සැගවී හිටපු නමුත් දැන් දීප්තිය විහිදුවන මනෝෂ් කෙනෙක් හැදුනාම ඒක තවත් මේ ලෝකයට එළියක් වේවි.....

    මනෝෂ්. ඊයේ ඔබට ඉතා වැදගත් දවසක් තමයි. මේ බ්ලොග් කරණයේ එක එක සන්ධිස්ථානයන්. ඒවා ළගා කරගත්තා ම අපිට හරිම සතුටක් දැනෙනවා. අපිත් පළවෙනියට 1000ක් වුණ දවසේ... 10000 වුණ දවසේ... සහ 20000 වුණ දවසේ හරියට සතුටු වුණා... ඒ වගේ ම කමෙන්ටු ගාන වැඩි වෙනකොටත් අපිට හරිම සතුටක් දැනෙනවා. ඒ තුළින් අපි වුණ මහන්සියට ප්‍රතිළුලයක් ලැබිලා කියනා තේරෙන එකයි ඒකට හේතුව... ඒ දෙවල් වැරදි නෑ. අපි කමෙන්ට්ස් වලට හරි හිට්ස් වලට හරි කුහක කමින් මේවා කරන්නේ නෑ. ඒ වගේ ම අපි බ්ලොග් ලියන එකෙන් සංවාදයක් ගොඩනැගෙනවා බලලා සතුටු වෙනවා මිසක් බ්ලොග් වලින් හම්බකරගන්න යන්නේ නෑ... ඉතින් අපි මේ තුළින් ලබන්නේ අහිංසක සතුටක් තමයි මනෝෂ්...

    හැබැයි අපි ඔබට අවසාන වශයෙන් කියන්නේ ධම්මික බණ්ඩාරයන්ගෙන් පන්නරයක් ගෙන ඔබගේ ස්වයං ගීත විචාර වලට යොමුවුණා වගේ බ්ලොග්කරණයෙන් පන්නරයක් අරගෙන මීට එහා ගිය ගමනකට සූදානම් වෙන්න කියලයි. ඔබ සතුව ඒ ශක්තිය තියෙනවා මනෝෂ්... ඉතින් ලෝකය මීට වඩා ගොඩක් විශාලයි. ඒ ලෝකය දිනන්න මේ අත්දැකීම් ඔබට මහත් ශක්තියක් වනවා නිසැකයි. ලෝකය කියන්නේ බ්ලොග් එකක් නෙවෙයි වුණාට බ්ලොග් එකෙන් ලෝකය වෙත ප්‍රවේශ වෙන්න පාර හදාගන්න පුළුවන්... පත්තර, පොත්, සගරා, සංවාදයන්, වේදිකාවන්, පුස්ථකාලයන් සහ ජාත්‍යන්තර තලය ඔබ එනතුරු බලාගෙන ඉන්නවා කියලත් අමතක කරන්න එපා..... ඒවාට ගොඩවෙන එකත් ඔබගේ ම නිර්මාණ කරාවගේ හරිම ලේසි දෙයක් කියලා ඔබට දවසක හිතෙයි......

    එදාටත් අපි ඔබ සමග ඉන්නවා මනෝෂ්.... එදාටත් අපි සතුටු වෙනවා....

    කුරුටු ගෑ ගී පවුරේ සහෘද කැළගෙන් ම ඔබට සුභ පැතුම්......

    ReplyDelete
    Replies
    1. බ්ලොග් වල කලකින් දැක්ක සුපිරි කොමෙන්ට් එකක්. මේ කියලා තියෙන දේ සහතික ඇත්ත. මොහුට ගැලපෙන මාධ්‍ය පුවත් පත් හා සඟරා.... කළා පත්තරවලට හා පිටුවලට ඔබේ ළිපි යොමු කරන්න.

      කොමෙන්ට් එකට නැවතත් ප්‍රණාමය.

      Delete
    2. ගී පවුරේ.. ගී පවුරේ..

      ඔබ මට කුමුදෙක් මැයි
      ලා සඳේ රෑ පිපී ආ..,
      ඔබ මට ගඟුලෙක් මැයි
      සා පිපාසා නිවා ආ..,
      ඔබ මට පහනෙක් මැයි
      මාසේ පෝදා දිලී ආ.,
      ඔබ මට පවනෙක් මැයි
      ගිම් සමේහී හමා ආ..

      මගේ හිතේ ගී පවුර ගැන තියෙන හැඟීම වචන වලට පෙරලනවනම් මේ තමයි හොඳම විදිය. අනේක වාරයක් ස්තූතියි. මේ ගමනට හැමදාමත් ඔය වචන මහා ශක්තියක් උනා.

      ඇත්තමයි මාත් කවදාවත් හිට්ස් වලට කමෙන්ට් වලට පෙරේතවෙලා නෑ. නමුත් හිට්ස් කවුන්ටරේ ඉහල යනව කියන්නේ කවුරුහරි කෙනෙක් මේ ලියපු දෙයක් බැලුව කියනෙකනේ. ඒ වගේම කමෙන්ට් එකකින් ඒක තහවුරු වෙනවා. ඒ නිසා මේ හිට්ස් සහ කමෙන්ට්ස් ලොකු හයියක් ඉදිරියට.

      ඉගෙන ගන්න දේවල් තව එමටයි ගී පවුරේ. තාම අපි මේ ලෝකය අතපත ගාලවත් නෑ. නිකං අහල දැකල විතරයි. බලාපොරොත්තු ගොඩක් තියෙනවා, ලබා ගන්න තව දැනුම් සම්භාරයක් තියෙනවා. දැනට තියෙන ලොකුම වත්කම මේ සුභාවිත ගීතයට තියෙන ලැදියාව විතරයි කුරුටු. තව ගොඩාක් දේවල් තියෙනවා දැනගන්න. ඒ වගේම ඉදිරියට කාලයත් තියෙනවා. අපි හැමදෙයක්ම සුබවාදීව දකිමු. කොහොමත් ලෝකය වෙනුවෙන් අපි අපේ කොටස ඉටුකරන්නෝනි.

      මේ යන ගමන පුරාම ගී පවුරේ සහෘදයන් ළඟම රැඳෙන බව දන්නවා හයියක් වෙලා. ඒක මට මහමෙරක් වගේ. ඇත්තටම පිං.. ස්තූතියි ගී පවුරට.

      Delete
    3. මාතලන් අයියේ,

      සහතික ඇත්ත ඔයා කියන කතාව..

      බ්ලොග් කලාව තුල මෙහෙම හදවතින්ම කරන කමෙන්ට්ස් ගොඩක් අඩුයි. ඒත් ගී පවුරෙන් වගේම මගේම වෙච්ච තවත් සහෘදයන් රාශියකින් මේ ගමන පටන් ගත්ත දා ඉඳල මේ වගේ අවංක දිරිගැන්වීම රාශියක් ලබන්න තරම් මං වාසනාවන්ත උනා. ගී පවුර හැමදාමත් මේ විදියට මාව දිරිගැන්නුවා. ඇත්තටම මෙහෙම ස්වය්ං නිර්මාණකරණයට අත්පොත් තිබ්බෙත් ගී පවුරෙ උනන්දුව නිසා. සිංහල බ්ලොග් කලාව තුල ඉතාම ලෙංගතු සහෘදයන්ගෙන් පිරුණු නවාතැනක් විදියටයි මං කුරුටු ගෑ ගී පවුර දකින්නෙ.

      ඔවුන් මතුකල කාරණය ඉතාම වැදගත්. මට හැකි උපරිමය කිරීමට මං බලාපොරොත්තුවෙනවා. උත්සාහ කරනවා. හෙට උදෙන්ම අලුත් පෝස්ට් එකකින් මුණගැහෙමු.

      Delete
  15. දස දහසට සුභ පැතුම් මනෝෂ්....
    දිගු ගමනත් යමු..
    අර්ථවත් දේ සමගින්..

    ......................................
    ජය වේවා !!!!!
    ......................................

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ස්තූතියි විදානෙ..

      හරවත් අර්ථාන්විත දේ නිතර ඔබ හමුවට ගෙන ඒමට මගේ උපරිම උත්සාහය යොදමි.

      Delete
    2. සුභපැතුම්.....

      Delete
    3. ස්තූතියි ගොඩක්ම..

      Delete