"සණ්ඩු සරුවලේ පෙම් කරච්චලේ මා දිහා බලන්න ලෙච්චමී"
මේ ළඟදි දවසක අපේ දයාබර සහෘද බ්ලොග් රසවතෙකු වන පත්තර මල්ලිගෙන් මට ඊමේල් පණිවිඩයක් ඇවිත් තිබුනා. ඒකෙ ඔහු මෙන්න මෙහෙම කියල තිබුනා.
"මචං මනෝෂ්, මෙන්න මේ සිංදුව උඹ අහල තියෙනවද. බලපං මේකට හොඳ විචාරයක් හරි කතාවක් හරි ලියන්න පුලුවන්ද කියලා.."
මේ විදියට කියල ඔහු ගීතයක මුල් පද ටික එවලා තිබුනා.
"ගිගිරි ජගරි හඬවනා
කසෙන් අසුට තලමිනා
තීරු පට්ට තීරු තීරු
කළම්ඹා එමී.."
ඔන්න ඔහොමයි තිබුනෙ. හොඳයිනෙ, මාත් නිකං තීරු තීරු වෙලා කැළැම්ඹිලා ගියා මේ මොකද්ද බොලේ මේ කියලා. ඇත්තටම මොකුත් හිතාගන්න බැරිවුනා. මොහොතකට මට හිතුනා පත්තරය මට ලණුවක්වත්ද දුන්නෙ කියලා. මෙහෙම සිංදුවක් ඇත්තටම තියෙනවද කියලා. මොකද මේ සිංදුව මං කවදාවත්ම අහල නෑ. හීනෙන්වත් ඇහිලත් නෑ. කෝකටත් කියල ඊළඟට මං කලේ මේ වචන ටික දාලා ගූගල් එකේ හොයපු එක. මෙන්න ඊට පස්සෙ ආවා මේ සිංදුව අඩංගු සබැඳි ගොඩක්. එකකට දෙකකට ගියාට පස්සෙ මුලු පද රචනය
ම හොයාගන්න පුලුවන් උනා. ඒ විතරක් නෙවෙයි අගේ ඇති වීඩියෝවකුත් හම්බුනා.
මුලින් මට හිතුනෙ මේක මොකක් හරි නාට්‍යක සිංදුවක් හරි නූර්ති ගීයක් හරි කියලයි, මේ මුල් පද ටිකේ හැටි දැක්කම. ඒ නිසාම පදරචනයේ ඉතිරි ටික කියවන්න කලින් ඉක්මනට යටට ගිහින් බැලුවා කවුද ලියල තියෙන්නෙ කියලා. බලද්දිනේ හොඳම පුදුමය හම්බුනේ.
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: සරත් දසනායක
ගායනය: ෆ්‍රෙඩී සිල්වා
ඔන්න ඔහොමයි තිබුනෙ. ගීතය ලියල තියෙන්නෙ මගේ ප්‍රියතම ගේය පද රචකයෙකු වෙන ප්‍රේමකීර්ති ද අල්විස්. තනුවත් තවත් ශ්‍රේෂ්ඨ සංගීතඥකු වෙච්ච සරත් දසනායකයන්ගේ. ඊටපස්සෙ ගායනය ෆ්‍රෙඩී සිල්වා. මෙතනදිත් මං පුදුම උනා. ප්‍රේමකීර්ති, ෆ්‍රෙඩී, මේ දෙන්නගේ සුසංයෝගයක් දැක්කමයි මං මේ. ඉතින් මේ සංකලනය දැක්ක මං ඊළඟට පහලට ආවටත් වඩා වේගෙන් උඩට ගියේ මං නොඅසපු ප්‍රේමකීර්තිගේ පද රචනය කියවීමේ ආශාවෙන්.
මුල් කොටස කියවනකොට ඇත්තටම මගේ හිතේ ඇඳිලා ගියේ යුද්දයක් දිනලා අස්සයා පිටේ නැඟිලා හරි උජාරුවට එන කුමාරයෙකුගේ රූපයක්. ඒත් ඊළඟට ඒ රූපෙ මැකිලා හිසේ ජටාවක් බැඳගත්ත මහා රාජා කෙනෙක් මතක් උනා. කොහොමින් හරි මේ කියන්න හදන්නෙ බලපුලුවන්කාර ජේත්තුකාරයෙක් ගැන කියලනම් මට හොඳට තේරුනා. ප්‍රේමකීරිතියන්ගේ වෙනත් කිසිදු පදරචනයක දකින්න නොලැබෙන විශේෂත්වයක් මේ රචනාවෙ තිබුනා. ඒ තමයි ගීතයේ තැනින් තැනට දෙමළ වචන යොදා තිබීම.
ඒනිසා ගීතය හරිම රසවත් වෙලා. ඒ වගේම ඒකටම නිකං කතාකරනකොටත් අපිට හිනා යන ෆ්‍රෙඩී සිල්වගේ හාස්‍ය මුසු කටහඬ එකතු වෙලා ගීතය හරිම නිදහස් හාස්‍ය මතුකරන නිර්මාණයක් බවට පත්වෙලා තිබුනා. හැබැයි ඒකෙන් මං ලොකු අමාරුවකනම් වැටුනා. මොකද මේ සමහර දෙමළ වචනවල තේරුම හරියටම ගන්න බැරිවුනා නිසා සමහර තැන් අපැහැදිලි උනා. ඒ වගේ එක තැනක් තමයි අර තෝම්බුලේ කතාව. ඇත්තටම දැනං උන්නෙ නෑ "තෝම්බලේ" කියන්නෙ කාටද හෝ මොකටද කියලා.
"ඔලිඳ ඇට අඩුක්කුවක් ඔඩොක්කුවේ දමන්..
පිච්ච මල් කැලෑවෙ ලෙච්චමී...
තාලි පෙට්ටි ආරනූල් අරුංගල් අරන්
මං කඩෙන් බලන්න ආවෙමි..
ආඬවනේ.. ඇයි ද මේ..."
ඔන්න ගීතයේ මේ කොටසින් පස්සෙ නම් ගීතයේ නිදන් වස්තුව පිළිබඳ දළ අදහසක් ඔලුවට වැටුනා. මැවුන චිත්ත රූපය මෙහෙම කියන්නම්. ඔයාල පෙරහැරවල් බලල ඇතිනේ. ඒ පෙරහැරේ එක අංගයක් තියෙනවා ඔය ලෙච්චමීලා තේ කූඩ පිටේ එල්ලගෙන වත්තෙ දළු නෙලන ආකාරය නිරූපණය කරන දර්ශනයක්. එතනදි වත්තෙ මහත්තයා එනවා කොට කලිසමකුත් ඇඳගෙන දනිස් පොල්කට්ට ළඟටා එනකල් තියෙන මේස් ජෝඩුවකුත් දාගෙන සුදු ටී ෂර්ට් එකකුත් ඇඳගෙන ඒක අර කොට කලිසමට යටකරගෙන බස්තමකුත් අතේ අරං. මේ එන වත්තෙ මහත්තයා හරි මනමාල එකෙක්. ඉතින්ම් මේ සංදර්ශනය පුරාවටම යන්නෙ මහත්තයාගෙ "මළ කෝලං සහ මළ සමයං" තමයි තියෙන්නෙ. ලෙච්චමීලත් මේකට කැමතියි අකැමතියි තාලෙන් තමයි යන්නෙ නට නට. වෙලාවකට බොරුවට ගස්සගෙන යනවා. ඉතින්, ගීතයේ මේ කොටස අහනකොට මට ඔන්න ඔය වගේ දර්ශනයක් තමයි මතක් උනේ. සමහර විට මේ කියන ලෙච්චමී ඔඩොක්කුවට එකතුකරගත්ත ඔළිඳ වලින් තෝඩු හදාගන්න ඇති, කැලෙන් නෙලාගත්ත පිච්ච මල් වලින් වරලස සරසගන්න ඇති. ඒ තමයි මේ ලෙච්චමීගේ තියෙන සුන්දර බව, ඒ විතරක් නෙවෙයි ලෙච්චමීගෙ නැති බැරි කම්, දුප්පත්කම් ගැනත් මෙතනදි කියැවෙනවා කියලයි මටනම් හිතෙන්නෙ.
ඒ කොහොම උනත් එහෙම ඉන්න දුප්පත් ලෙච්චමීව බලන්න මේ ජේත්තුකාරයා අරං එනවා මැණික් ආබරණ, අරුංගල් වගේ දේවල්. කොහොම උනත් මේ වෙලාවෙ ඇය ඉන්නෙ නම් මේ කතානායකයා එක්ක තරහින් වගේ. ඒකයි ඔහු අහන්නෙ "ආඬවනේ ඇයිද මේ" කියල.
සණ්ඩු සරුවලේ පෙම් කරච්චලේ
මා දිහා බලන්න ලෙච්චමී...
ඔන්ඩු රෙන්ඩු මූනු කියල ඇඟිලි ගනිමිනා
තල් වැටෙන් එබීල බලමිනා...
අසු පිටේ නැගීල උඹව යන්න එක්කරන්
එන තුරා ම ඉන්නෙ රත්තරං...
ආඬවනේ... ඇයි ද මේ...
සණ්ඩු සරුවලේ පෙම් කරච්චලේ
මා දිහා බලන්න ලෙච්චමී..
ඊටපස්සෙ අපේ වත්තෙ මහත්තයා වෙන පැත්තකින් පොල් පැලේට කිට්ටුකරනවා. තෑගි බෝග ගෙනත් දීල රවට්ටගන්න බෑ වගේ. ඒ නිසා ලෙච්චමීල නෙවෙයි, අපේ ගම්වල කුසුම්ලාත් නිකංම රැවටෙන මාතෘකාවට වත්තෙ මහත්තයා එනවා. ඇඟිලි ගැන ගැන ඉන්නලු තල් වැටෙන් එබිලා මඟ බලමින්. මෙයා එනවලු ඉක්මනටම අසුපිටින් කැන්දන් යන්න මේ ලෙච්චමීව. ඒත් ඉතින් ඇය සැනසෙන පාටක් නෑ, ඉති ඔහු අහනවා, "අනේ දෙයියනේ ඇයි මේ...?"
ප්‍රේමයේ සොඳුරු මතගැටුම, නෝක්කාඩු හරි අපූරුවට ප්‍රේමකීර්ති කියනවා මේ ගීතයේ. ඒව අනික්වා වගේ කන් කරච්චල් නෙවෙයි, ඒව "පෙම් කරච්චල්" එහෙමයි දකින්නෙ. හරිම සුන්දරයි.
ඉතින් ඔන්න ඔයවගේ හැඟීමක් තමයි මට මේ ගීය ඇහුවම ඇතිවුනේ. ප්‍රේමකීර්තිගේ ශෛලියෙන් තරමක් එපිට ගිය මේ සාර්ථක පද රචනයට ෆ්‍රෙඩී සිල්වගේ හාස්‍ය මුසු හඬටම ගැලපෙන කදිමතනුවක් යොදන්න සරත් දසනායක හපන්කම් දක්වලා තියෙනවා.
ඒත් එක්කම ගීතයේ තනුව යම් යම් ප්‍රමාණ වලින් එකිනෙකට වෙනස් වන අවස්ථා ගීතය තුල තිබුනා. ඒ ගැන ලියන්න තරම් හොඳ සංගීත දැනුමක් නෑ මට. කොහොම උනත් "ආඬවනේ ඇයිද මේ..? " කියන කොටස කතාකරන බාශාවෙන්ම ගීතය මැදට යොදා තැබීමෙන් වෙනස්ම රසයක් ගීතයට එකතුවෙලා තියෙන බවයි මගේ හැඟීම.
කොහොම උනත් ඇත්තෙන්ම ගීතය වෙනුවෙන් ඉහතින් මං කලේ සුපුරුදු ලෙස කරන විචාරයක් වත්, සංවේදනාවක් වත් නම් නෙවෙයි. මොකද මට මේ ගීතය ගැන මෙතනින් එහා ගිය දෙයක් ගැන කියන්න තරම් දැනුමක් නෑ ඇත්තටම. ගීතය මට තේරුම් යන හැටි සහ ගීතය මට දැනෙන හැටි විතරයි ලිව්වේ.
ඉතින් ගීතය ගැන තවදුරටත් විස්තර හොයනකොට දැනගත්තා මේ ගීතය කස්තුරි සුවඳ නම් චිත්‍රපටයට අඩංගු උන ගීතයක් කියල. චිත්‍ර පටයේ මෙමෙ ගීතය අඩංගු වීඩියෝව පහතින් බලන්න..
අද මං ඔබට විවෘත ආරාධනාවක් කරනවා. මට සාර්ථකව සියේට සියේයක් මේ ගීතය විචාරය කරන්න බැරිවුනා. ඒ නිසා මං මගේ දයාබර සහෘදයන්ගෙන් ඉල්ලන්නෙ, එන්න, මේ ගීතය රසවිඳින්න, ඔබේ විචාරය, විග්‍රහය හෝ සංවේදනාව ඉදිරිපත් කරන්න. මං හිතනවා හැමෝම එකතුවෙලා මේක කලොත් මෙම ගීතය සඳහා වඩා සාදාරණීය අර්ථාන්විත අරුතක් එකතුකරන්නට අපිට හැකිවෙයි..
ගිගිරි ජගරි හඬවනා කසෙන් අසුට තලමිනා
තීරු පට්ට තීරු තීරු කළම්ඹා එමී..
කඩු ද කොඩි ද වන වනා පනම් පෝරු උසුලනා
නම්බුකාර තෝම්බුලගෙමහාරාජා මං
ඔලිඳ ඇට අඩුක්කුවක් ඔඩොක්කුවේ දමන්..
පිච්ච මල් කැලෑවෙ ලෙච්චමී...
තාලි පෙට්ටි ආරනූල් අරුංගල් අරන්
මං කඩෙන් බලන්න ආවෙමි..
ආඬවනේ.. ඇයි ද මේ...
සණ්ඩු සරුවලේ පෙම් කරච්චලේ
මා දිහා බලන්න ලෙච්චමී...
ඔන්ඩු රෙන්ඩු මූනු කියල ඇඟිලි ගනිමිනා
තල් වැටෙන් එබීල බලමිනා...
අසු පිටේ නැගීල උඹව යන්න එක්කරන්
එන තුරා ම ඉන්නෙ රත්තරං...
ආඬවනේ... ඇයි ද මේ...
සණ්ඩු සරුවලේ පෙම් කරච්චලේ
මා දිහා බලන්න ලෙච්චමී..
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: සරත් දසනායක
ගායනය: ෆ්‍රෙඩී සිල්වා
(Gigiri Jagari - Freddie Silva)
ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ සොඳුරුතම මිනිසා පිළිබඳ මෙහි කුඩා සටහනක් තබමි. දහසකුත් එකක් මිලන වූ මල් අතර ප්‍රේමකීර්ති අපට අහිමි වූ පරව ගිය සුන්දරතම මලකි. මේ අහිංසක සමනල කවි සිත ඇත්තෙන්ම අපිට අහිමිවූවා නොව අහිමි කලාය. ඒ කවුද කොහොමද කියන කාරණය ඇත්ත ඇති සැටියෙන් දන්නෝ දනිති. ඌරාගේ මාලු ඌරාගේ ඇඟේම තබා කැපූ යුගයක, කැකුණ තැලූ ඌරන් නිසා මඟුල් කෑ හබන් කුකුලන් සිටි යුගයක මේ සොඳුරු සිත අඳුරු වී මිලින විය. ප්‍රේම්ලාගේ අගය එදාටත් වඩා අද අපට මැනවින් වැටහෙමින් ඇත. ඔවුන් හිස් කර ගිය ඉඩ තව තවත් ප්‍රසාරණය වනවා මිස පිරවිය හැකිවී නොමැත.
දයාබර මිනිසාණෙනි, ඔබට අපගේ උත්තමාචාරය..!
විශේෂ ස්තූතිය : ගීතය මා හට සමීප කරමින් ගීතය පිළිබඳ යමක් සටහන් කිරීමට පාර පෙන්වූ පත්තර මල්ලීට.
ගීතය අහල තිබුෙන් නෑ.. අදම තමයි මුලින්ම අැහුෙව්..
ReplyDeleteෙෙෙෙපේර්ම කිර්ති ද අල්විස් කියන්නේ අද්ව්තිය පද රචකයෙක් . ඔහුගේ අඩුව පුරවන්නට සමතෙක් තවමත් පහලවී නැ..
උපහාසාත්මක ගී ගායනයට ෆෙඩී සිල්වා තරමෙක් තවත් නෑ...
ඔබ කියු පරිදි විචාරය කරන්නට නම් මම සමත් නැහැ.
ජය වේවා!!!
/(විශේෂ ස්තූතිය : ගීතය මා හට සමීප කරමින් ගීතය පිළිබඳ යමක් සටහන් කිරීමට පාර පෙන්වූ පත්තර මල්ලීට.)/
ස්තුති කරන්න ඔ්න නෑ බොක්කනේ මනෝෂ්...
(පත්තර මල්ලී කියන්න ඔ්න ඒකක් මම කිව්වා)
// ස්තුති කරන්න ඕන නෑ බොක්කනේ මනෝෂ්...//
Deleteවිදානෙයො ආං හරි බං..ඉස්තූති මක්කටෙයි අපිට !!!!
මේං මේක අඩුයි කියල කියන්න දෙයක් නැති අමුතුම ආරක ගීතයක් තමයි විදානේ. අපි දන්න දන්න විදියට ගැට දිග ඇරගෙන තේරුමක් හොයාගමු ගීතයට..
Deleteඇත්තෙන්ම විදානේ, උඹල හැමෝම මටනම් බොක්කවල්. මේ බ්ලොග් ලෝකය තුලදි සැබෑ ලෝකය තුල මට කවදාවත් දකින්නට නොමැති වූ හරිම අපූරු හිත හොඳ මිනිස්සු රාශියක් මුණගැසුනා..
පත්තරයෝ..එහෙම තමයි, මං දන්නවා උඹල ස්තූති බලාපොරොත්තුවෙන්නෙ නැතිබව. ඒත් මට එහෙම නොකර බෑ.
Deleteකටිටියට එන්න අවුලක් තියෙනව නේ...
ReplyDeleteමොකක් හරි අටමගලයක්... එක බොගක් වත් රෝලෙ අප්ඩේට් වෙන්නෙ නෑ...
එකම එකයි පෙන්නන්නෙ...
පිස්සු හැදෙයි සද බබලයි...
ඇත්තට මනෝ අර විදානෙ කීව වගේ මේ වගේ සිංදුවක් මං මේ ඇහුවමයි... අර මනෝකියන්න වගේ ඒකෙත් මහ අමුතු ගතියක් තියෙන්නෙ...
ස්තූතියි මේ ගීතය අපට අහන්න සැලැස්සුව දෙදෙනාටම
කියල වැඩක් නෑ මහේෂ්. වෙලාවකටනම් එපාවෙනවා. පහුගිය පෝස්ට් එක බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙන විදියට පබ්ලිෂ් කරගන්න මං පුදුම කට්ටක් කෑවෙ.
Deleteවෙන කිසිම ගීයකින් නොලබපු අමුතුම මිහිරක් මං මේ ගීතය තුලින් ලැබුවා.
පස්සේ එන්නම් අද මගේ Buyer QA එනවා
ReplyDeleteමීටීන් එක සාර්ථක වේවා කියල සුබපතනවා.
Deleteදන්නවද මනෝෂ්
ReplyDeleteඔය වල් පත්තරය හම්බවෙලා ගෙදර ගේනකොට වඩාගන ඇවිත් තියෙන්නේ පේමකීර්ති මහත්තය, ඒ මහා යුගපුරුෂයන්ගේ හෙවනේ හැදිච්ච වැඩිච්ච එකෙක් ඕකා.
තේ ගසුයිි තල් වැටයි ටිකක් සෙට් වෙනව මදිවාගේ නේද බං
අන්න හරි , මෙතැන් වෙලා තියෙන්නේ අර හොරු ලනගට වැටිච්ච් ගිරවට වෙච්ච දේ, එහෙම මහා යුග පුරුෂයන්ගේ සෙවනේ ඉපදුනු පත්ත්රයා අටමා ආදී නරක පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් කාලය ගත වීමේදී නරක පුද්ගලයෙක් බවට පත්වුණා. පත්ත්රයා කියන්නේ රජරට සේවෙන් බිහිවෙච්ච කළා කරුවෙක් වෙන්න හොඳටම ඉඩ තිබුනා
Deleteපත්තරයට අපි සළකනවා මදිනෙ බොලවු.
Deleteආං උඹල හින්ද තමයි මාව නරක් වෙලා තියෙන්නෙ ..තොපිව ආස්සරේ කරන්ඩ හොඳ නෑ..මාව තව නරක් වෙයි .චැහ්. මේ උඹලගෙයි මගෙයි යාලුකං අදිං ඉවරයි ඕං ඈ !!
Deleteඅටම් අයියේ..ඔය හැබෑවක්දම කීවේ? ඉතින් බලහල්ලකො ඉතින් මේකට වෙඩි තියන්න එපැයි. එහෙවු යුග පුරුෂයන්ගෙ හෙවනෙ වැඩිච්ච එකා තමයි දැන් මේ රට පැනලා ඉන්නෙ.
Deleteඒකනේ ඉවාන්. කාටවත් බැනල වැඩක් නෑ. ඕකටමයි බනින්නෝනි. ඇත්තටම මේ කලා අංකුරයට වැඩෙන්න ඉඩදෙමු නේද ඉවාන් අයියේ. රජරට සේවෙ බැරිවුනොත් හිරු එෆ්.එම් එකේ හරි තැනක් හදාගන්න බලපං පත්තරයෝ..
Deleteඒ බං ප්‍රියා, එක්කො බං අපි පත්තරයට සෑර්ම කියමු නේ?
Deleteවිහිළුවක් නෙවෙයි මචං පත්තරේ, ඇත්තටම මේ සුන්දර මනුස්සයා ගැන කොච්චරක්නම් මතකයන් උඹට ඇත්ද. උඹ හරිම වාසනාවන්තයි බං.
Delete@පත්තරේ
Deleteප්‍රේමකිර්ති අල්විස්ව නෑදෑ වෙනවා නම් මට මෙකල් කොටහන් ,මං උඹව දන්නවා ඇති සමහර විට .... :)))
සහෝදර මචං .. අනේ නෑ බං නෑයො නෙමෙයි.. හිටු !!
Deleteහැහ්.. නොදැනිම කපු කමකුත් වෙන්න වගේ යන්නෙ.
Deleteමේක මම අහලා තිබුනා එකසැරයක් නැත්තම් දෙසැරයක් විතර , එත් මතකෙන් ගිලිහිලා තිබ්බේ, "professor newspaper" කෝල් කරලා ඇහුවම තමයි ආපහු හීනෙන් වගේ මේ ගීතය මතකයට ආවේ. මේ ගීතය ගැන විචාරයක් දෙන්න තරම් හැකියාවක් නොමතිවුනත්. මමහිතන්නේ මේ ගීතයට ගැලපෙනම ගායකයා තමයි මේ, මොකද අමෙ ආකාරයේ ද්‍රවිඩ ඌරුවක් තියෙන , දෙමළ වචන අන්තරගත් ගීත ගායනයට උපන් හැකියාවක් තියෙන පුද්ගලයා තමයි ප්‍රෙඩී , "තේ කූඩය පිටේ බැඳන්" සහ "කුන්ඩුමනී" ගීත වලදී මේ හැකියාව මනාලෙස පෙනුනා .
ReplyDeleteමමත් හිතනව බං මේ සින්දුවට ගැලපෙනම ගායකය ෆ්‍රෙඩී කියල..කරුමෙට ඒ මනුස්සයට නියම වටිනකම ලැබුනෙ නෑ..ගායන හැකියාව ගැනත් කියන්න වචන නෑ.". තේ කූඩය පිටේ බැඳං " සින්දුවත් ළඟින් යනව නේ බං.. අනේ මන්ද බං ප්‍රේමකීර්තිගෙ ටැලන්ට් එක වගේම ගීත රචකයෙකුට තියෙන්න ඕන වාග් කෝෂයෙ පුලුල් බව මේකෙ උතුරනවා.. ආයෙ එහෙම කෙනෙක් බිහිවෙන එකක් නෑ !!!
Delete\\මොකද අමෙ ආකාරයේ ද්‍රවිඩ ඌරුවක් තියෙන , දෙමළ වචන අන්තරගත් ගීත ගායනයට උපන් හැකියාවක් තියෙන පුද්ගලයා තමයි ප්‍රෙඩී//
Deleteඉවාන් අයියා ඒ කතාවනම් සහතිකෙන්ම ඇත්ත. තේ කූඩය පිටේ බැඳන් සහ කුණ්ඩුමනී නම් මං කලින් අහල තියෙනවා. ඒත් මේ සිංදුවනම් මට සම්පූර්ණයෙන්ම අලුත්. මේ ගීතය ෆ්‍රෙඩී සිල්වාට හැර වෙන කිසිම කෙනෙක්ට මෙච්චර සාර්ථකව ගායනා කරන්න බෑ.
හිතාගන්න බෑ මචං මේ වචන එතුමන්ට කොහෙන් ආවද කියලා. මේ තම්යි අව්‍යාජ නිර්මාණකරුවෙකු සතු ප්‍රතිභාව. උඹ හරි පත්තරේ, ආයෙ කවදාවත් එවන් රචකයෙක් බිහිවෙන්නෙ නෑ.
Deleteඅපේ රටේ මාර කරුමයක් තියෙනවා. අපේ රටේ උඩ දාගෙන වනන්නේ. අමරදේවයි නන්දා මාලනීවයි, සුනිල් ආරියරත්නයි, රත්න ශ්‍රී ඇරුනම වෙන එකෙක්වත් ගීත ලියලා නෑ. මේවා අළුතෙන් අගය කරන්න දෙයක් නෑ. මේ ගීත මිනිස්සු රස වින්ද ගීත. අදටත් බිග් මැච් වල පපරේ බෑන්ඩ්, මෝලන් බෑන්ඩ් ගහන ෆ්‍රෙඩීගේ තව සින්දුවක් තියෙනවා
ReplyDeleteමන්නාරම් පිටිවැල්ලේ,
මදටිය වැල් ඔන්චිල්ලේ
කොන්ඩෙ කඩන් හඳට අඩන්
සින්දු කියන්නේ.....
කුන්ඩුමනී // කියලා..
මම හිතන්නේ මේකත් ප්‍රේමකීර්ති, ෆ්‍රෙඩී, සරත් දසනායක සුසංයෝගයක් වෙන්න ඕන. අදටත් මේ ගීත බොහෝම ජනප්‍රියයි. ඒ වගේම සමාජයේ තියෙන අඩු පාඩු කම් සමච්චලයට ලක් කරමින් ප්‍රේමකීර්ති ලියපු,
හඳමාමා උඩින් යතේ
පාන්කිරිත්තා
අලුත් කලාවක්
බොරු කකුල් කාරයා
ආරොන් මාමා
බාර් එකෙන් බීලා
දවසක්දා කකුළුවෙකුට
හිටියා උදාර කොල්ලෙක්
ජැක් සහ ජිල්
පරණ කෝට්
වගේ ගීත ලියන්නවත් කියන්නවත් එකෙක් වත් නෑ.අනික ෆ්‍රෙඩී සිල්වා විදියට කටහඬ ලෙලඳවමින් ගායනා කිරීමේ එහෙම නැත්නම් සුපිරිම වයබ්‍රාටෝ එකක් තිබුන ගායකයෙක් මම හිතන්නේ අද වෙනකන් බිහි වෙලා නෑ. ඒකයි එකෙක්වත් ෆ්‍රෙඩීගේ සින්දු කියන්නේ නැත්තේ.
මේවා ඔය ප්‍රබුද්ධයි කියන උන්ට ලියන්නත් බෑ. කියන්නත් බෑ. සංගීතය ගීතය කියන්නේ බොරුවට පුම්බන දේ නෙමෙයි. මුකුත් දන්නේ නැති පොඩි එකාට වදින දේ. මේ සින්දු ඒ කාළේ පොඩි උන් අතරේ බොහෝම ජනප්‍රියයි. වැඩි හිටි උන් සින්දු අහන්නේ රාමු ඇතුලේ හිරවෙලා. ඒක රසවිඳීමක් නෙමෙයි. තනිකර බොරුව සෝභනය හා තමන් තමන්වම රවටා ගැනීම. හැබයි දෙකක් දාගත්තම අමරදේවලා තාලේ ඇල්ලුවෙත් මේ සින්දුවලට.
මාතෙ.. උඹ අස්වැන්නට දාපු කමෙන්ට් එහෙකින් පටං ගන්නං
Delete"විශ්මකර්ම මිනිස්සු..... වෙන මක්කා කියන්නෙයි.."
ඔන්න ඔය සම්භාව්‍ය සෙට් එකට සමස්ත ගීත කලාවම ලඝු කරන එක නං හෙන අපරාදයක් බං..තනිකරම ප්‍රතිරූප වන්දනාව..එයාල වගේම ඒ හ සමානවම නිර්මාණ කරපු අයට ඒ වටිනකම ලැබුන් නෑ.. ඒ විතරක් නෙවෙයි ටැලන්ට් එකට වන්දිය ගෙව්වෙ ජීවිතෙන් !!!!
මාතෙ.. මෙන්න මෙන්න මෙතන බලපං.. පොඩ්ඩක් වෙනස් .. අවුට් ඩෝ නිසා වෙන්ඩැති.
Deleteසමාජයේ එක්තරා කොටසක් තමයි මාතලන් අයියේ ඔය වැඩේ කරන්නෙ. වැදගත් වෙන්නෙ නිර්මාණය කරපු මිනිහා නෙවෙයි, නිර්මාණයෙන් සමාජයට ලැබෙන දේ. කොච්චරක් දුරට නිර්මාණය සමාජ භාවිතාවක්ද කියන දෙය. ඉතින් එහෙම බලපුවම විශිෂ්ඨ ගනයේ ගීත ලියපු සැඟවුනු නිර්මාණ කරුවන් අපි අතර ඕනි තරම් ඉන්නවා.
Deleteහැබැයි ඔතන මෙහෙම දේකුත් තියෙනවා. වර්ථමානයේ නම් සමාජයට දැනෙන්න, මිනිහෙක්ගෙ බොක්කටම වදින්න සිංදුවක් ලියන්නෙ එහෙමත් එකෙක් විතරයි. මේ කාරණය නිසා තවමත් ඔබ ඉහතින් කීව අයගෙ ගීත මිනිස්සුන්ගෙ හදවතේ සටහන් වෙලා තියෙනවා. මොකද ඔවුන්ට ඉන් මිදිලා රසවිඳින්න වෙන විකල්ප ගී ධාරාවක් නෑ.
ඒ වගේම ඇයි නව පරපුරට බැරි එදා සුනිල්ලා, නන්දලා, රත්න ශ්‍රීලා, ගොඩනඟාගත්ත ප්‍රතිරූපය ගොඩනඟාගන්න බැරි.ඇයි ඔවුන් පිපෙන හතු වගේ වෙලා තියෙන්නෙ. හේතුව ඔවුන්මයි. මෑත අතීතයේ කොයි ගීතයද අරුතක් සහිතව නිමවෙලා තියෙන්නෙ. පණිවුඩයක් සමාජයට අරං යන්නෙ. ඇත්තටම ගායකයෙක්, ගීතයක්, නිර්මාණයක් උස්සල තියන්න විචාරකයො,ප්‍රබුද්ධයෝ ඕනි නෑ. ඒ අය නෙවෙයි, රසික ජනතාව තමයි ඔහුව ක්ශේස්ත්‍රය තුල නඩත්තු කරන්නෙ.
කොහොම උනත් මාතලන් අයියා කරන කතාව හරි. ඒත් ලංකාව කියන්නෙ කුහකයන්ගෙන් පිරුණු රටක්. බොහෝ ප්‍රබුද්ධ යැයි හංවඩු ගසා ගත් පිරිස් ලෑස්ති නෑ විවෘත මනසින් ලෝකය දකින්න.
ඒ වගේම අයියා කියනවා වගේ ෆ්‍රෙඩී සිල්වාගේ ගායන කෞෂල්‍ය වෙන කිසි කෙනෙක්ට අතික්‍රමණය කරන්න තියා ආසන්න වෙන්නවත් බෑ. ගොඩක් ස්තූතියි ඔහුගේ ගීත කිහිපයක්ම යලිත් මතක් කලාට.
අපේ කාලකණ්නි රටේ බහුතරයක් සැබෑම කලා කරුවන්ගේ ඉරණම ඕක තමයි පත්තරේ. මේක මහ අම්මගේ රටක්.
Deleteපොඩ්ඩක් නෙවෙයි මචං හොඳටම වෙනස්. අවුට් ඩෝ නිසා නෙවෙයි, ගීතය "කියන" නිසා. මට ඒ ටයිප් එක එච්චර වදින්නෙ නෑ මචං. ප්‍රසංග වේදිකාව අපායක් කරල තියෙන්නෙ අද.
Deleteපත්තරේ..
Deleteඒ මොනවද බං ඒ . ඒවට මම කියන්නේ ඩෝප් හිඳෙන බෙහෙත් කියලා..
සුනිල්ලට රත්න ශ්‍රී ලට මහා ළොකු ප්‍රතිරූප නෑ. ඕවා බොල් පිලිම. මැරුණ දවසක බලා ගන්න පුළුවන්. මේ එක සෙට් එකක් හදාගත්ත දෙයක් විතරයි.
ඒ කතාවටනම් කොහොමටවත් එකඟ වෙන්න බෑ මාතලන් අයියේ. සමහරු කැමතියි රත්නශ්‍රීලාට මහ ලොකු ප්‍රතිරූප නෑ කියල හිතන්න. ඒත් ඉබේම ඒ මිනිස්සු වටා නිර්මාණය වෙච්ච ප්‍රතිරූප නිසා ඔවුන් මැරුණත් මං හිතන්නෙ නෑ මේ සමාජයට ඔවුන්ගේ මතකය මියයයි කියලා. රත්නශ්‍රීල තරම් සමාජයට සිංදු ලියපු, මිනිස්සුන්ගෙ දුක දැකපු කලාකරුවො හිටියනම් ඒ අතලොස්සයි. රසවින්දනය හෝ පුදගල ප්‍රතිරූපය හෝඅ වේවා එය පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂයි. ඒ නිසා මාතලන් අයියට එහෙම හිතෙනවා නම් මං ඒකට දොසක් කියන්නෙ නෑ.
Deleteඒත් රත්නශ්‍රීලට ප්‍රතිරූප නැත්නම් ප්‍රතිරූප පවතින්න මිනිස්සුත් මේ ලෝකෙ නැතුව ඇති.
සුනිල් ආරියරත්නයන් නම් දැන් ට්‍රැක් පැනලා, නමුත් රත්නශ්‍රී කියන්නෙ කවදත් එකම ගමනක් ගියපු හරිම සංවේදී, මානවාදී, නිහතමානි කලා කරුවෙක්. මං හිතන්නෙ ඒ ටික ඇති කලාකරුවෙක්ගෙ පැවැත්ම රඳා පවතින්න.
මචං මමත් රත්නශ්‍රී කියන පුද්ගලයා ගැන ලොකු පැහැදිමක් නෑ,මං උඹ වෙල්ලසෙ ගීතය ලියපු වෙලේ මට එක තදින්ම දැනුනා,ඔය කියන තරම් සංවේදී,මානව හිතවාදී කම් ගැන මං දන්නෙ නම්,දන්නෙ නෑ ,සුනිල් සර් උඹ හිතනවට වඩා මට නම් ලොකු පොරක් ,
Deleteමට හිතාගන්න බෑ බං වෙල්ලස්සෙ ගීතයත් එක්ක රත්න ශ්‍රී ගැන අපැහැදීමක් උඹට ඇතිවෙන්න හේතුව මොකක්ද කියලා. අඩුම තරමේ අනිත් ඔක්කොම අමතකකලත් ඒ මනුස්සයා එහෙම ලිව්ව නිසා වෙල්ලස්සට කරපු වැඩේ රටම වඩා සංවේදීව දැනගත්තා.
Deleteසුනිල් ආරියරත්න මට පොරක්වෙලා ගොඩක් කල්. ඒ පවනෙන්. ඒත් අද ඔවුන්ගෙ නිහඬ බව දැක්කම හිතෙනවා ඒව ලිව්වෙ හදවතින්මද කියලා.
මාතා සමඟ එකඟ නොවෙමි.රත්නශ්‍රී කාවය සාහිත්‍යට කල සේවය සහ ගීත සාහිත්‍යට ඉතිරිකෙරූ ගී පදවැල් නොවන්නට සුකිරි බටිල්ලන් විසින් ගීත කලාවක් ඉතිරි නොකරනු ඇත. මම ඕනෑම වරගයක ගී රස වීඳින්නෙක්මි. රත්නශ්‍රී තරම් මේ කුහක පාලකයින්ගෙන් බැට කෑ නමුත් අදත් කෙලින් තියාගන්න කශේරුකාවක් ඇති මිනිසෙකි. මම ඔහුට කොන්දේසි විරහිතව ගරු කරමි!!
Deleteකට්ටිය නාගෙන ඇත. මම කිව්වේ රත්න ශ්‍රී තියා එක කළාකරුවෙක්වත් මහා ප්‍රතිරූප නොවෙයි කියන එක පමණයි. මොකක්ද රත්න ශ්‍රීලා කරලා තියෙන සේවය. වෙල්ලස්සට උන දේ මිනිස්සු දැනගත්තේ රත්න ශ්‍රී නිසාද?
Deleteසාමාන්‍ය මනුෂ්‍යයෙක්ගෙන් ඇහුවොත් රත්න ශ්‍රී කියන්නේ කව්ද කියලා කවුරුවත් දන්නවද? මොකක්ද එයා ලංකාවට විශේෂයෙන් කරලා තියෙන දේ. ඒ විතරක් නෙමෙයි මොනම කළාකාරයෙක්වත් ලංකාවට කරලා තියෙන විශේෂ දේ මොකක්ද? සුළු පිරිසක් පිනවීම මහා දෙයක්ද? මෙ සියල්ල මවා ගත් දේ පමණයි. ඒකයි මම කිව්වේ මෙයාලා පොරවල්ද කියලා බලන්න. මැරෙණකම් ඉන්න වෙනවා.
කළාවට බෑ මිනිස්සු හදන්න. නමුත් යහපත් පාළණයකට පුළුවන් උසස් කළාක්‍රිති බිහි කරණ කළාකාරයෝ හදන්න. මිනිස්සු තුල වෛරය වපුරන දේ කළාවනම්, ඒ කළාවට ආල්ලාගේම පිහිටයි.
නමුත් අරූ පවසා ඇති එක දෙයක් මම පිලිගන්නවා. රත්න ශ්‍රී ලස්සන පද වැල් ටිකක් නම් ලියලා තියෙනවා. ඒ වගෙම රස පදවැල් ලියපු අය තව ඕන තරම් ඉන්නවා.
අරූ අයියේ++++++++++++++++++++++++++++++
Deleteහිතට ආපු ආවේගයත් එක්ක මට ඔන්න ඔය ටික හරියට කියාගන්න බැරිවුනා.
හොඳ සංවාදයක් ගොඩනැඟෙන්න වගෙයි යන්නෙ. මාතලන් අයියණ්ඩියේ, ඔයත් එක්ක මේ වතාවෙදිනම් එකඟවෙන්න බැරි කාරණා ගොඩයි මට.
Deleteමුලින්ම කලා කරුවො කියන්නෙ මහා ප්‍රතිරූප තමයි. මොකද, ඔවුන් සමාජයට කරන්නෙ සුළුපටු මෙහෙවරක් නෙවෙයි. වෙහෙසට පත් මනස සුවපත් කරන එකම ඔවුන් කරන අමිල මෙහෙවරක්. එතකොටනම් මට ඔවුන් පේන්නේ මානසික වෛද්‍යවරුන් වගේ.
මොකද සුවපත් මනස තියෙන මිනිස්සු ඉන්නවා කියන්නෙම රටට සම්පතක්.
ඊළඟට,
\\මොකක්ද රත්න ශ්‍රීලා කරලා තියෙන සේවය.//
ඇත්තටම මට අහන්න හිතෙන්නෙ ඕකෙ අනිත් පැත්ත.
රත්නශ්‍රී සමාජය වෙනුවෙන් මොනවද නොකලේ?
සාමාන්‍යයෙන් මාතලන් අයියගේ මතය කිසිම කලා කරුවෙක්ගෙන් සමාජ සේවයක් නොවෙනවා කියන එකනම්, මේ සංවාදය මෙතනින් නතර කරලා ඔබේ මතයට ගරු කරල නිහඬ වෙනවා මං. මොකද, ඒ ඔබේ මතය නිසා. එහෙම නැත්නම් ඔබේ ඒ අදහස රත්නශ්‍රී වෙනුවෙන් පමණක් නම්, මට නැඟෙන්නෙ ඉහත ප්‍රශ්නයම තමයි.
ඊළඟට වෙල්ලස්ස,
ඔව්, ඔබ හරි. රත්නශ්‍රී නෙවෙයි මුලුමනින්ම වෙල්ලස්ස ගැන කිව්වෙ. ඒක එහෙම කියනවනම් විහිළුවක්. ඒත් ඒක කලා කෘතියකට හරවල, වඩා සංවේදී ලෙස වෙල්ලස්සෙ ඉඳල ඒ කතාව මුලු ලෝකෙටම සම්ප්‍රේශණය කලේ රත්නශ්‍රී. ලවුඩ්ස් පීකර බැඳගෙන වාහන වලට තෙල් ගහගෙන උගුර බැරෑඬි වෙනකල් මේ ගැන කෑ ගගහ රට වටේ යනවට වඩා, පුවත්පත් වාර්ථා වලින් පත්තර පිටු පුරවනවට වඩා ලෙහෙසියෙන් පහසුවෙන් හිතට දැනෙන විදියට ඔහු මේ කතාව සමාජගත කලා. මිනිස්සුන්ට දැනෙන්න කිව්වා. ඒක වටින්නෙ වෙල්ලස්සට නෙවෙයි. ඉන් දුරබැහැරටයි.
කලා කාරයෝ රට වෙනුවෙන් වැඩකරනවා කියන්නෙ පාරවල්, පාලම්, බෝක්කු හදනෙක නෙවෙයිනේ. ඒ නිසා රත්නශ්‍රී අන්න අරක කලා. අහවල් ගමට ලයිට් දුන්නා කියල පෙන්නන්න ලංකාවට මොකුත් කරලා නෑ. මොකද ඒක කලා කරුවගේ භූමිකාව නෙවෙයිනෙ.
කලා කාරයෝ රට වෙනුවෙන් වැඩකරනවා කියන්නෙ පාරවල්, පාලම්, බෝක්කු හදනෙක නෙවෙයිනේ. ඒ නිසා රත්නශ්‍රී අන්න අරක කලා. අහවල් ගමට ලයිට් දුන්නා කියල පෙන්නන්න ලංකාවට මොකුත් කරලා නෑ. මොකද ඒක කලා කරුවගේ භූමිකාව නෙවෙයිනෙ. නමුත් කලාකරුවගේ වගකීම වෙච්ච මිනිස් මනස සුවපත් කිරීම, මිනිස් මනස ලෝකය වෙනුවෙන් සංවේදී කිරීම, මිනිස් මනස රටේ සමාජීය ප්‍රශ්න වෙනුවෙන් විවර කිරීම, වැනි එකී නොකී මෙකී දහසකුත් දේවල රත්නශ්‍රී කලා. ඒ නිසා කලාකරුවෙකුගේ වගකීම, ඕනිවටත් වඩා ඉටුකල පුද්ගලයෙක් තමයි ඔහු.
ඊළඟට..
\\කළාවට බෑ මිනිස්සු හදන්න//
සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක්. කලාවට පුලුවන් මිනිස්සු හදන්න. කලාව එහෙම ඕනි තරම් මිනිස්සු විතරක් නෙවෙයි රටවල් පවා හදල තියෙනවා. කඩුවට වඩා පෑනට පුලුවන් මිනිස්සු හදන්න. නීතියට වඩා ගීතයට පුලුවන් මිනිස්සු හදන්න. දහසක් හිර ගෙවල් රල කරන්න බැරි සමාජ ශෝදනය කරන්න සමහර විට එකම එක කලා කෘතියකින් පුලුවන් කරන්න. මං හිතන්නෙ ගීත ගැන විතරක් කතාකලත් එහෙම ප්‍රායෝගික උදාහරණ කියන්න වශ්‍ය වෙන්නෙ නැතිවෙයි මෙතන. කපුගේගෙ ගීතයකට පයි ගැහුවොත් විසිවෙයි එහෙම කතා දාස් ගානක්.
\\යහපත් පාළණයකට පුළුවන් උසස් කළාක්‍රිති බිහි කරණ කළාකාරයෝ හදන්න.//
මේකෙ අනිත් පැත්ත. අයහපත් පාලනයක් තමයි වඩා වටිනා කලා කරුවන් බිහිකරන්නෙ. මොකද පාලනය යහපත් නම් කලා කරුවට කරන්න දෙයක්, කියන්න දෙයක් ඉතිරිවෙන්නෙ නෑ. ආදරය ගැන වේවා, වෛරය ගැන වේවා, සාමාජීය ප්‍රශ්නයක් ගැන වේවා, පීඩාවක් ගැන වේවා, ගීතයක් නිර්මාණය වෙන්නෙ(ගීතයක් පමණක් නොව ඕනෑම කලා නිර්මාණයක්) අයහපත් පාලනයක ප්‍රතිපලයක් විදියටයි. හොයාගෙන හොයාගෙන ගියාම මුල ඔතන තමයි.3
පාලනය යහපත් නම්කලා කරුවට ලියන්න දෙයක් ඉතිරිවෙන්නෙ නෑ. සුරංගනා සිත්තම් ගැන ලිය ලිය ඉන්න පුලුවන්. කේතුමතී නුවරවල් ගැන පුර වර්ණනා කරන්න පුලුවන්. එතනින් එහා දෙයක් නෑ. අයහපත් පාලනය නිසා තමයි, කලා කරුවන්ට නිර්මාණ ප්‍රස්තුතයන් ගොඩනැඟිල තියෙන්නෙ.
අන්තිමට..
ලස්සන සබන් බෝල පදවැල් වලින් එහා ගිය ඉතාම හොඳ ප්‍රායෝගික නිර්මාණ ඔහු කරල තියෙනවා. ඔහු විතරක් නෙවෙයි කිහිප දෙනෙක් දෙනා කරල තියෙනවා.
සඳුමල් උඹත් බොරුවෙන් මුලා උන එකෙක් විතරයි. එච්චරයි මට කියන්න තියෙන්නේ.
Deleteඋඹ වෙල්ලස්සේ සාමාන්‍ය මනුස්සයෙක්ගෙන් අහපන් රත්න ශ්‍රී කියන්නේ කව්ද කියලා. ඌ රත්න ශ්‍රී කියන්නේ මෙන්න මෙයායා කියලා උඹ ලියලා තියෙන විස්තරේම කිව්වොත් මම පරාජය පිළිගන්නවා. නමුත් ඇත්ත ඒක නෙමෙයි නේද?
කොටින්ම උඹ වෙල්ලස්සේ ගීතය ලියපු වෙලාවේදි තමයි සයිබර් අවකාෂයේ ඉන්න පන්ඩිතයොත් දැන ගත්තේ ඒක එහෙම දේකට ලියලා තියෙන ගීතයක් කියලා. ඒ ගීතය ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව ඒකේ තනෞව..
හැම වෙලේම පද රචකයෙක් ඉන්නෙ ගායකයෙකුට මුවා වෙලා. ඒ නිසා ගීතය සහ ගායකයා ඉස්මතු උනත් පද රචකයා ඉස්මතු වෙන අවස්ථා විරලයි. ඒක පද රචකයාගෙ අවුලක්ද? ඔහුගේ අඩුපාඩුවක්ද? වරදක්ද? ඒකෙන් කියන්නෙ ඔහු සමාජයට කිසිම මෙහෙවරක් නොකරපු නිකමෙක් කියලද? එහෙම නෑ මාතලන් අයියා. අපේ සමාජෙ පද රචකයා ඉස්මතුවෙන්නෙ නෑ. සාමාන්‍ය මිනිස්සු කපුගේගෙ සිංදුවක් කියනවා මිසක් රත්නශ්‍රීගේ සිංදුවක් කියන්නෙ නෑ. ඒක හරි. ඒත් ඒකෙ අදහස ඔහු සමාජෙට මොකුත් නොකල එකෙක් කියනෙක නෙවෙයි.
Deleteඅපිට චිත්‍රපටි අධ්‍යක්ශක වරුන්ගෙ නම් පෝලිමක් කියන්න පුලුවන් වෙයි. ඒත් ඒවල හිටපු කැමරා ශිල්පියෝ මතකයිද? ඒත් ඔවුන්ගෙන් චිත්‍රපටියට වෙච්ච මෙහෙවර සුලු පටුද? කාගෙන්හරි ඇහුවොත් යුද්ධෙ දිනුවෙ කවුද කියලා, සියේට අනූනවයක් කියයි මහින්ද කියලා. කී දෙනෙක් කියයිද අපේ රණ විරුවො කියලා. ඒක තමයි මෙතනත් යථාර්තය. ඒත් ඒකෙන් ඔවුන්ගෙ ප්‍රතිරූප මැරෙන්නෙ නෑ. රටේ හැමෝම නැතත් දන්නෝ දන්නවා කවුද රත්නශ්‍රී කියල.
අයෙමත් කියන්නෙ ඒකෙන් ගම්‍ය වෙන්නෙ නෑ ඔහු සමාජෙට මොකුත් නොකලා කියලා.
\\ඒ ගීතය ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව ඒකේ තනෞව.. //
පද රචනයක් නැත්නම් ඒ තනුවෙන් විතරක් වැඩක් තියෙනවද? ඒ නිසා ගීයක අපිට තනුව නිර්මාණය කරපු එකාත්, පද රචනය කරපු එකාත් , ගායකයාත් කියන මේ තුන් කට්ටුවම එක විදියට වැදගත්. ඒත් ගීතයක අත්තිවාරම, සැකිල්ල තමා පද රචනය.
මාතලන් අයියණ්ඩි කියන විදියට මං ඒ බොරුවෙන් මුලා උන එකෙක් නම්, ඇත්තමයි මං හරි කැමතියි ඒ මුලාවට. ඒ බොරුවට මං ආදරෙයි. මොකද ඒ මුලාවෙන් මගේ ආධ්‍යාත්මයට සුවයක් මිසක් නපුරක් ගේන්නෙ නෑ.
ඒ වගේම මේ ලෝක රඟ මඬලේ ඔබත් මමත් හැමෝමත් විවිධාකාර මුලාවන්ට මැදිවෙලා තමයි ජීවත් වෙන්නෙ. මොකද මේ හැමදෙයක්ම සැබෑවට නොපවතින අපම නිර්මාණය කරගත් මනෝ ලෝකයන් නිසා.
මම අහන්නේ රත්න ශ්‍රී මේ රටට කරපු විශේෂ දේ මොකක්ද? මිනිස්සුන්ට දැනෙන යමක් කරලා තියෙනවද? රත්න ශ්‍රී කියන්නේ හොඳ ගීත රචකයෙක්. ඒ වගේම මෙන්ම ඊටත් හොඳ ගීත රචකයොත් ඉන්නවා. ගීතත් තියෙනවා.
Deleteමට නම් ඔහු තවත් ගීත රචකයෙක් මිසක්. මහා සාධකයක් නම් නෙමෙයි.
මිනිස්සුන්ගෙ පපුවට දැනෙන නිර්මාණ කරල තියෙනවා අයියේ. ඕක ඉතින් මෙහෙමනේ. අපි එක එක්කෙනාට එක එක විදියේ වීරයෝ ඉන්නවා. ප්‍රතිරූප තියෙනවා. මගේ පැත්තෙන් මට රත්නශ්‍රී මහා සාධකයක්. ඒ වගේම තව කෙනෙක්ට ඒක එහෙම නොවීමේ උපරිම සම්බාවිතාවක් තියෙනවා. එහෙම විවිධත්වයක් නොතිබුනානම් වැඩකුත් නෑනේ. සොබා දහම මෙච්චරම ලස්සන ජෛව විවිධත්වය නිසා. මනුස්ස ලෝකෙ ලස්සන වෙන්නෙ මිනිස්සුන්ගෙ විවිධත්වය නිසා. හැමෝම එකම විදියට හිතුවත්?? සැක් ! මෙලෝ රහක් නැතිවෙයි.
Deleteඅපේ මේ මත ගැටුමත් ඒකනේ මේ.. කොහොම උනත් මේ සංවාදෙන් මේ පෝස්ට්ටුව තවත් අර්ථවත් උනා කියලයි මං හිතන්නේ. අර පත්තරය හැමවෙලේම කියන්නේ "දහසක් මත ගැටේවි, දහසක් මල් පිපේවී"
මතක විදියට මේ අපි දෙන්නගෙ දෙවෙනි විවාදේ...
මමත් අගේ කරන දේ තම මතය වෙනුවෙන් දිගටම පෙනී ඉන්න එක. අනික වාදයක් විවාදයක් කියන්නේ මොකක්ද කියන දේ උඹ පන්ඩිතයන්ට පවා පෙන්වා දුන්නා.. ජය ශ්‍රී මලේ.. කොහොම නමුත් මට උඹ නම් සම්පතක්. ඒ මොකෝ බ්ලොග් වල තවම සුවිශේෂී අය අඩු නිසා..
Deleteඑහෙනම් හිතුව හරි, ඉහත ගැටුනු දහසක් මත නිසාවෙන් දහසක් නෙවෙයි, දස දහසක් මල් පිපිලා. අපි මෙහෙම බුද්ධිමත්ව කරන විවාද තමයි අපේ මතය ලෝකට ගෙනියන්න, අපි කියන්න හදන දේ ලෝකයට හොඳින් වැටහෙන්න තියෙන හොඳම විදිය.
Deleteමාතලන් අයියණ්ඩිගේ ප්‍රසංසාවනම් ඇට කටු වලටම දැනුනා.. කොච්චර කියන්න එපා කිව්වත්, අයියේ නුඹට ස්තූතියි...
//""ඒ වගේ එක තැනක් තමයි අර තෝම්බුලේ කතාව. ඇත්තටම දැනං උන්නෙ නෑ "තෝම්බලේ" කියන්නෙ කාටද හෝ මොකටද කියලා.""//
ReplyDeleteමේ කොටස පැහැදිලි නෑ, උඹ මේ කියන්නේ //"නම්බුකාර තොම්බුලගේ මහාරාජ මං""// කියන කොටස ගැන නම් , එතන කියන්නේ එයාගේ නම "නම්බුකාර තොම්බුලාගේ මහරාජා " තමයි නම, හරියට අර " වලත්ත මුදියන්සේලාගේ පත්තරේ " කියනවා වගේ
ඒකත් වෙන්න පුළුවන්.
Deleteඉවානෙයො..ප්‍රියෝ . තෝම්බුව කියන්නෙ පෙලපත් නාමයක් වෙන්නත් පුලුවන් එහෙම නැත්තන් මට හිතෙනව බං අපි තෝම්බුව දිග අරිනව කියන එකේ වගේ නම්බුකාර ඉතිහාසයක් තියන සීන් එකක් ????
Deleteපත්තරේ හරි මමත් අහලා තියෙන්නෙ තෝම්බුව කියන්නෙ ඉස්සර් ලොකු සල්ලි භාගේ තිබුණ අය ගේ ඒ වත්කම් පෙළපත් විස්තර ලියලා තිබුණ එකක් කියලා ..අපි ඔය කියන්නෙ ඕන් තෝම්බුව දිග හැරියා කියලා තමන් ගේ පම්පොරිය අත හරින උන්ට ...මේ ගැන පොතක කියෙව්වා වගේ මතකයි හැලප කඩේ නම් දන්නවා ඇති හරියටම
Deleteආන්න ඒ තෝම්බු සීන් එක තමා මටත් මීටර් උනේ සහෝදරයො.. හැලපයියා නලියා රවී අයියා එහෙම ආවනං හරියටම කියයි..
Deleteතෝම්බුව කියන්නේ ඒකට තමා, එත් මේ ගීතයේ මෙතන එහෙම තෝම්බුවක් ගැලපෙන්නේ නෑනේ ,එතන ධ්වනිතාර්ථය මතු කරන විදිහට ඔය තේරුම එන්න විදිහක් නෑ, වචනේ තේරුම නෙවෙයි මෙතැනදී බලන්න ඕන. මුළු පදයම
Deleteතෝම්බුව??? තොණ්ඩුවද දන්නෑ. ;)
Deleteබම්බුව නෙමෙයිද බං ?? :D
Deleteඇත්තෙන්ම ඉවාන් අයියේ මට නොතේරුණේ ඔය "නම්බුකාර තෝම්බුලේ" කියන එක තමයි, ඒ කියන්නෙ ,ඒක මේ නිකං නමක් නේද? ඒක නම් වඩාම යෝග්‍ය පැහැදිලි කිරීමක් තමයි.
Deleteපවු අප්පා පත්තරයා..හොඳයිද මෙහෙමත් කියනෙක.
මටත් හිතෙනවා ප්‍රියා ඒක එහෙම වෙන්නැති කියලා.
Deleteකොහොමහරි මේ තෝම්බුව වංසෙ කබල් ගෑමක් කියලනම් තේරෙනවා නේද බං පත්තරේ.
Deleteඔව් සහෝ.. මේ තෝම්බුල කියන්නෙ තෝම්බුවම්ම වෙන්නැති. කොහොම උනත් මේ තෝම්බුලේ නැත්නම් තෝම්බුව කියන්නෙ දෙමළ අයගේ පැරණි, උසස් පෙළපත් නාමයක් වෙන්නැති සමහර විට.
Deleteහැලප අයියා නම් එකෝමත් එක සැරයක්ද කොහෙද ආවා මේ පැත්තට, නලීන් අයියනම් එයි. ආවොත් තේරුම දැනගන්න පුලුවන් වෙයි එහෙනම්. කොහොම වෙතත් මේ කමෙන්ට් ඇතුලෙම අදහස තියෙනවා කියල මට හිතෙනවා පත්තරයෝ.
Deleteඒක තමයි ඉවාන් අයියේ.. අපි හැමෝගෙම අදහස් ටික කවලං කරලා ගත්තම අපිට හිතන්න පුලුවන් මේ මහ නම්බුකාර පෙලපත් නාමයක් කියල තමයි. තෝම්බුලේ කියන්නෙ වංසක්කාර පෙළපත් නාමයක් වෙන්නැති.
Deleteප්‍රියා, පත්තරේ..
Deleteතොණ්ඩුවක් වගේම බම්බුවක් තමයි බං ඔය වංසෙ කබල් ගෑවිල්ලනම්..
මනෝෂ්........................
ReplyDeleteමං බලාපොරොත්තු වුණා වගේ ම ඔබ ආයෙමත් වෙනසක් කරලා. මේක තමයි ඔබේ හැකියාව. කීයටවත් කෙනෙක් බලාපොරොත්තු නොවෙන දෙයක් කිරීමයි. ඒක අපිට නව්‍යතාවයක් ගේනවා. කියවන්න අලුත්ම දෙයක් ඔබ අපිට ගේනවා. හරිම සතුටුයි මනෝෂ්........
ඔබ වගේ ම මමත් මේ ගීතය ඇහුවේ අදයි. වීඩියෝ එකත් බැලුවා. ෆ්‍රෙඩී කියන්නේ මාර නළුවෙක්. නළුවෙක් විතරක් නෙමෙයි ඔහු හොද ගායකයෙක්. මං හරිම ආස විජේ සහ ෆ්‍රෙඩී කියන සුසංයෝගයට. විජේ ගේ තියෙන සීරියස් ගතිය ෆ්‍රෙඩී සිල්වා හරි අගේට සාමාන්‍යකරණයට ලක් කරනවා. ඉතින් මනෝෂ් ඔබ මේ ගීතය ගැන අහපු වෙලාවේ ඉඳලා ඔබ එය හොයාගත්ත විදිහ සහ බලලා තේරුම් ගත්ත විදිහ තමයි අද රචනය. හරිම අගෙයි මනෝෂ්... අපිටත් පළවෙනි පාරට අහන ගීතයක් අපිට දැනෙන්නෙත් මෙහෙමනේ. ඉතින් ඔබේ සංවේදනාව අද අත්දැකීමක් විස්තර කිරීමක් වෙලා. හරිම අගෙයි මනෝෂ්...................... ඉස්තරම්..................
සුභ පැතුම්.....................
ඇත්තෙන්ම අද කරපු මේ වෙනසෙ ගෞරවයනම් අපේ පත්තර මලයට තමයි අයිති ගී පවුරේ. ඔහු තමයි මේ ගීත යෝජනාව ගෙනාවෙ.
Deleteවිජේ කුමාරතුංගයන්... ඔහු ගැන කතාකරන්න කොච්චරක්නම් දේවල් තියෙනවද. ඒ මනුස්සකමේ සුවඳ තැවරුවොත් බ්ලොග් පිටු සීයක් පිරෙයි. ඔහුව මේ වෙලාවෙ මතක් කලාට බොහෝම ස්තූතියි ගී පවුරේ...
ඇත්තෙන්ම ඔබ හරි. අද මං ලිව්වෙ ඉස් ඉස්සෙල්ලාම මට අහන්න ලැබුන ගීතයක් කුළුඳුලේම මට දැනුන හැටියි. මං ලියන දේවල් ඉතාම සියුම්ව තේරුම් ගැනීමේ සුව්විශේෂි හැකියාවක් තියෙනවා ගී පවුරට. ඔබේ කමෙන්ටුව මටනම් ගීතයක් වගේ මිහිරියි..
යකෝ කොහෙද බං සිරාවටම මේ සිංදු තියෙන්නෙ. මාත් අදමයි ඇහුවෙ. ඒ උනාට පට්ට මචෝ. පත්තරේට තෑන්කූ කියන්න ඕන බොල සිරාවටම.
ReplyDeleteඋඹ පෝස්ට් එක දාපු වෙලාවෙ ඉදන් මම අර වචනෙට තේරුම හොයනවා බං. ඒත් මගෙ වෙලාවද මන්දා දෙමළ අය කිහිප දෙනෙක්ගෙන්ම ඇහුවත් හොයා ගන්න බැහැනෙ බං. හැබැයි ඔතන 'ත' වෙනුවට 'ප' ආවනම් පොඩි අදහසක් ගන්න පුළුවන් ඒත් ඒක ඒක ගීතයත් එක්ක ගැලපෙයිද දන්නෑ.
ඒ කියන හැටියට මචං 'පෝම්බුල' කියන්නෙ ගැහැණිය, කාන්තාව, වනිතාව (වනිතා හඬ නම් නෙමෙ ඕන් ;) ) කියන තේරුම. සමහර විට ප්‍රේමකීර්ති මහත්තයා ඒ වචනෙ යෙදුවට පස්සෙ භාවිත උනාද දන්නෑ. (මතකද වෙල්ලස්සේ ගීතය පෝස්ට් එකෙත් කිය උනා ඒ සිංදුවෙත් එහෙම සිද්දියක් තියෙනවා කියලා 'කෑල මල්' 'කැලෑ මල්' වීම පිළිබඳව)
අන්න එහෙම උනොත් //නම්බුකාර තෝම්බුලගෙ
මහාරාජා මං// කියන එක "නම්බුකාර ගැහැණියකගෙ මහරාජා මං" කියලා ගන්න පුළුවන්.
එතන මෙහෙම අදහසක් එනවා මට ඇය නම්බුකාර ලෙස ජීවත්වන තැනත්තියක්. නමුත් ඇයගෙ තත්වයේ (වෘතියෙ) හැටියට ඔහු මහාරාජා කෙනෙක් වැනියි. අන්න එහෙම අදහසක් දෙන්න කල වෑයමක් කියලා.
කොහොම උනත් බලමු. ඉදිරි අදහස් ටිකත්. මේක මගේ අදහස විතරයි.
බොටයි පත්තරයටයි දෙන්නටම ස්තූතියි.
This comment has been removed by the author.
Deleteපොම්බල/ පොම්බුල = ගැහැණිය.
Deleteඕනැ ප්‍රශ්නෙකට ප්‍රොෆෙසර් පත්තර කන්ටෑක් කොරහං. උත්තරේ දෙනව සුටුස් ගාල. ඕ යේස් !!!
Deleteඅනිවා… ඩෙෆා…
Deleteඅඩේ ප්‍රියා.. උඹ නම් පට්ට මචං. සිරාවටම උඹ කදිම තේරුමක් ගෙනත් තියෙන්නෙ. හරිනෙ මචං. එතකොට මේක පෝම්බුල උනානම් මේ ඔහු වර්ණනා කරන්නේ ඇය ගැනමයි. ඇයව යළිත් උස්සල තැබීමක් මේ කරන්නෙ. අර වීඩියෝ එක බලනකොට එතන ෆ්‍රෙඩී ඒක ඇයට කියන විදියෙන්ම මට උඹේ අදහසත් එක්ක සීයට දෙසීයක් එකඟ වෙන්න පුලුවන්. මං හිතන්නේ මේකට සාර්ථකම අදහස ගෙනාවෙ උඹ මචං.
Delete\\(වනිතා හඬ නම් නෙමෙ ඕන් ;)//
Deleteහෙමින් කියහං... ආවොත් මට මොනා කියයිද මංදා මේක කියවලා. හැක්...හැක්ක්..
ප්‍රියා..උඹට මගේ බ්ලොග් සටහන් ගැන හොඳ මතකයක් තියෙනවා. ඒ වගේම උඹ ඒව කියවල කමෙන්ට් එකක් දාල යන්න ගිහින් නෑ. උඹ ඒකෙන් යමක් අරන් තියෙනවා. ඇත්තෙන්ම හොඳටම මතකයි මචං ඒ කෑල මලේ කතාව. මාත් ඒක එදාමයි ඇහුවෙ. ඒත් ඒක තමයි එතනට හොඳම යෙදුම. ඇත්තටම බොහෝම විට මෙතනත් උනේ එහෙම දෙයක් වෙන්න පුලුවන්. ප්‍රියා ඒක බොහොම සූක්ෂ්මව සියුම්ව දැකලා මතුකරල තියෙනවා.
ගවේශනාත්මක ගීත විචාරය. උඹට ඒ හැකියාව හොඳටම තියෙනවා බං. අනික මටත් වඩා උවමනාවෙන් උඹ මේ ගීතය ගැන අද හොයලා. අන්තිමෙදී ඒකෙ ප්‍රතිපලය අපි හැමෝටම ඉතාම වැදගත් උනා. මේ පෝස්ට්ටුවට එක්කල මේ වටිනාකම වෙනුවෙන් උඹට අනේක වාරයක් ස්තූතියි මචෝ.. ඒ වගේම උඹ මේ ගත්ත මහන්සියටත්. මං අර උඩින්ම කමෙන්ට් එකක කීවෙ, මේ කෙටි ගමන තුලදි මට රත්තරං වලටත් වඩා වටින උතුම් මිනිස්සු මුණගැසුනා.
සහන් එළිය සුව සේවාව. ඔබගේ සිත දවන සියලු ගැටළු වලට අද්විතීය විසඳුම්.
Deleteපැමිණ හමුවන්න..පත්තර සිත් පහන් මධ්‍යස්ථානය...
උඹනම් රියල්ම බොක්කක් පත්තරයෝ....
ඕ යේස් ප්‍රියා!!!!!
Delete//ඒ වගේම උඹ ඒව කියවල කමෙන්ට් එකක් දාල යන්න ගිහින් නෑ.// අනිවා මචං. අලුතෙන් යමක් ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් ඒ ගැන ඇහැ ගහන් ඉන්න එක හැම අතින්ම ප්‍රයෝජනයි. උඹේ මේ පෝස්ට් වලත් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඒ නිසා මේවා ගැන අවධානෙන් ඉන්නවා. දන්න දෙයක් ගැන කතාවක් නම් මැදිහත් වෙනවා (බොහෝ විට) නොදන්න දෙයක් නම් පැත්තෙන් ඉදන් ඉගෙන ගන්නවා.
Deleteසිරාවටම උඹත් මේ ගන්න උත්සාහයට හදවතින්ම ස්තූතියි මචෝ.
අපි ලියන දෙයක් ගැන ඔහොම අහනකොට හරිම අහිංසක සතුටක් දැනෙනවා බං. ඒ වගේම පෝස්ට් එකට මේ වගේ වටිනා කරුණු හොයල ඒව කමෙන්ට් විදියට එකතු කරල ඒකට උඹලගේ අදහස් ටිකත් ඔබල ගත්තම උඹල මේ ලිපිවලට දෙන වටිනාකම, එකතු කරන වර්ණ ගැන මට තියෙන්නෙ කියාගන්න බැරි සතුටක්. ඇත්තටම පිං මචං. උඹලගෙ හයිය මහමෙරක් මට.
Deleteමට තේරෙන විදිහට නම් මේ කියන්නේ ආර්ථික ප්‍රශ්න නිසා රටට පේන්න ඒ කියන්නේ එයාලගේ සංස්කෘතිය අනුව අර පෙරහැර පිටින් මහරාජා වගේ ඇවිල්ලා ලොකු දෑවැද්දකුත් එක්ක ඒ දෙමළ ගෑනු ලමයා බිරිඳ කරගන්න තියෙන ගැටළුව තමයි මේ කියන්නේ.එතනට යන්තමට සිංහල දෙමළ ගැටලුවකුත් ඇදිලා තියෙනවා,අර කරච්චල්,රණ්ඩු වගේ වදන් වලින් ඒක හැඟෙනවා.ඒ වගේම අර ඔළිඳ ඇට අඩුක්කුවක් තියෙන එකෙන් මේ යුවතියගේ දරිද්‍රතාවත් පෙන්නනවා.ඒත් ඒ හැම එකටම වඩා බලන්න සිංහල භාෂාවට දෙමළ භාෂාවෙන් එක වෙච්ච වදන් ගොඩක් මේ ගීතයේ තියෙන හැටි.
ReplyDeleteඒ කියන්නේ වංසක්කාරකම්, බලපුලුවන්කාරකම්, පෝසත් කම් හෑල්ලුවට ලක් කරපු ගීතයක් වගේ නේද හිමි පියල්ලේ. ඔවුන්ට මේ කිසිත් නෑ. ඒ නිසාම තියෙනවා වගේ උපහාසාත්මකව ගීතය ගැයෙනවා. ඕකයි කතාව නේද. ෆ්‍රෙඩී සිල්වගේ හාස්‍ය පිරුණු කටහඬට ඔබේ විචාරය කදිමෙට ගැළපෙනවා හිමපියල්ලේ..
Deleteදැන්නම් ගීතයට සාර්ථක විචාර රාශියක් ලැබිලා තියෙනවා. උත්සාහය ඉතාම සාර්ථක බව මට දැනෙනවා. හිතට ලොකු සතුටක් දැනෙනවා දැන්නම්.
මගේ බ්ලොග් සටහන් වල හැමදාමත් වර්ණ තැවරූ හිමපියල්ලෙට ගොඩාක්ම ස්තූතියි.
//මෙතනදිත් මං පුදුම උනා. ප්‍රේමකීර්ති, ෆ්‍රෙඩී, මේ දෙන්නගේ සුසංයෝගයක් දැක්කමයි මං මේ//
ReplyDeleteමල්ලි ෆ්‍රෙඩීට වැඩියෙම්ම සිංදු ලියල තියෙන්නෙ මං හිතන්නෙ ප්‍රේම්. ෆ්‍රෙඩීට විතරක් නෙවේ ප්‍රියාගෙත් ගොඩක් සින්දු ලියලා තියෙන්නෙ ප්‍රේම්. ප්‍රේමකීර්ති තරම් පුළුල් පරාසයක විහිදුනු ගීතාවලියක් වෙන කාටවත් නෑ. අඩුතරමේ සුනිලට හෝ රත්නශ්‍රිටවත්.
ඇලපාත කියනවා වගේ ප්‍රේමකිර්ති කියන්නේ හරිම පුළුල් පරාසයක් තිබූ ගේයපද රචකයෙක්..
Deleteප්‍රේම් කියන්නේ ගීතවත් වචන සහිත වූ සුන්දර සිතුවිලි තිබූ මිනිහෙක්. හැබෑම මිනිහෙක්. ඔහු ගොඩක් විට සින්දු ලිව්වේ බස් එකේ යන ගමන්. ටිකක් වල එහා පැත්තේ වගේ තැන්වල. හිතට ආව දේ ලියුව සරල මිනිහෙක්. ටී එම් ට දවසක් ගීතයක් ලියනවා කියලා පොරොන්දු වෙලා. ඒත් ඒක කවදාවත් ම ලියලා නැ. ඉතින් ගීතය කියන්න තියෙන දවසේ ගුවන් විදුලියට ඇවිත් ටී එම් ඇහුවාලු අරක හරිද කියලා. හරි හරි කියලා ටයිප් රයිටරේ ළගට ගිහිල්ලා එකපාරම ටයිප් කරගෙන කරගෙන ගියාලු. පදෙන් පදේ ගැලපුවේ ඒ වෙලාවෙලු
පුංචි පන්තිවල හැබෑම හුරතල්
කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ.
උදෙන්ම පාසල් කැන්දන් ආවෝ
මේ පොඩි දරුවන් දෙමවුපියෝ.....................
ඉතින් මේ විදිහ දෙයක් එකපාර ගලපන්න ඔහු කොයිතරම් සාර්ථක කවියෙක්ද? මේ පදටික ටයිප් කරද්දි මටත් ඔහුව දැනුනා වගේ........................................
ඇත්තෙන්ම මෙතනදිනම් මගේ නොදැනුවත්කම ගැන මං ලැජ්ජවෙනවා ඇලපාත අයියණ්ඩියේ. මේ සුසංයෝගය ගැන කිසිම දෙයක් මං මීට කලිං අහල තිබුනෙ නෑ.
Deleteඔබ හරි, ඔහු අසමසමයි. අනේ ඔහු අපි අතර හිටියනම්..
අපේ ඇලපාත මුදලිතුමාත් ඉතාම ආදරයෙන් පිළිගන්නවා මේ අහට.
ඇත්තෙනම ගී පවුරේ මාත් අහල තියෙනවා ප්‍රේමකීර්ති කියන්නෙ නිර්මාණ ගංගාවක් කියලා. ඔය බස් ටිකට් වල පවා ඔහු පදවැල් ලියපු බව මාත් අහල තියෙනවා.
Deleteගී පවුරෙත් හොඳ නිධාන කතාවක් අරං ඇවිත්නෙ. මගේ ගී නිධාන කතා එකතුවට තවත් අලුත් එකක්. ගොඩක්ම ස්තූතියි ගී පවුරේ..
ඇත්තෙන්ම ප්‍රේමකීර්ති සහ ඔහුගේ නිර්මාණයන් පිළිබඳ මීට වඩා ගවේශනයක් මවිසින් කල යුතු බව මට අද හැඟුනා..
මනෝ මේ ගීතය මම ගොඩක් රස විදපු එකක් .....
Deleteඋඹ මේ සින්දුව අහල තියනවද බලපන් ....(https://www.youtube.com/watch?v=aEbsUwEhfPI)
ලෝකය නැමැති ගමේ.......
ලෝකය නැමැති ගමේ
යහගුණ මාවතේ
පළවෙනි තැන සිටියා වූ
ගුණ යහපත් නම් මිනිසා
ආ ගිය අතක් නැතේ...
ලෝකය නැමැති ගමේ...
ඇත්තට ගරු කරනා ගතියයි
යුක්තිය සිය පණ මෙන් සුරකියි
කාටත් නැමෙනා සුළු හිසකුයි
අනේ...
එය ඔහු හැඳිනිය හැකි ලකුණුයි...
කිලුටක් හිත තුළ නොමැති කිසී
පවසයි ඇති තතු තැන දි නිසී
අවසන් වර දකිනා විට දී
අයියෝ...
උන්නේ තොප්පියකුයි පැළදී...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
ගායනය : ෆ්‍රෙඩී සිල්වා
කැලුම...මචෝ..
Deleteඋඹ කලිං වතාවක ඇනෝ ඇවිත් මගේ පෝස්ට් එක සෑහෙන්න වර්ණවත් කලා. මේ වතාවෙ නමෙන්ම ආපු එකට මුලින්ම ස්තූතියි ගොඩක්ම.
ඇත්තම කතාව මචං, මං වැඩිය ෆ්‍රෙඩී සිල්වගේ ගීත අහල නෑ. මේක අහන්න හරි පින පෑදුනේ පත්තර මල්ලි නිසයි. ඒ නිසා ඔබ මේ කියන ගීතයත් අහල නෑ. ඒ නිසා මං වගේම මේ සිංදුව අහල නැති ගොඩක් අයට උඹේ මේ ඉදිරිපත් කිරීම ගොඩක් වටිනවා. වීඩියෝ එකත් එක්කම ගෙනාපු නිසා වටිනාකම තවත් වැඩියි.
ස්තූතියි මචෝ...
ලිපිය කියවා මං ක්මෙන්ට් කරන්න ආවේත් මේ ගැනයි.
Deleteමා දන්නා තරමින් ෆ්‍රෙඩී ගේ ගීත බහුතරයක පද ලියා ඇත්තේ ප්‍රේමකීර්තියි.
ඔබ ලඟ ෆ්‍රෙඩී සිල්වාගේ CD එකක්වත් නෑ නේද?
SinhalaJukeBox.org එකේ බලන්න.
ඇත්තෙන්ම කතන්දර පරිගනකයේ ඔහුගේ ගීත දුසිමක් විතර තීයෙනවා. ඒත් කවදාවත් අහන්න හිතුනෙ නෑ. ඒ වැරැද්ද තේරුනේ පත්තරේ මේ සිංදුව මතක් කරපු වෙලාවෙයි.
Deleteතොරතුරට ස්තූතියි.
මේකනම් අහලම තිබුණේ නෑ.
ReplyDeleteඅපේ දෙසවන් අතර නොගැටුනු මෙවන් තවත් සොඳුරු ගීත තව කොච්චරනම් ඇත්ද.
Deleteමෙක නම් මම අහලා තිබුණා නැ බන් ,උඹේ විස්තර කිරිල්ලත් එල ...අර දෙමළ කෙල්ලන් ගේ පිච්ච මල් සුවඳ කෙලින්ම අරක්කු බොතලයක් තනියෙන් ගැහුවා වගේ තමයි ....ලෙච්චමී කිව්වාම මතක් වුනා උඩ රට කදු කර සිරි යා පරදන ....
ReplyDeleteකපුගේ ශුරින් ගෙ සිංහල සින්දු කියන නලලේ තිලක තියන සිංදුව ගැන උඹ ලිව්ව ද ??
අරක්කු බෝතලයක් ගහලා මදි පාඩුවට සූස්තියකුත් ගැහුව වගේ බං.. නැද්ද මං අහන්නෙ !!
Deleteහප්පටසිරි සහෝ.. පිච්චමල් සුවඳ සහෝගෙ බොක්කටම වැදිල වගෙයි. දෙයියංගේ පිහිටෙන් දෙමළ යුවතියන් මේ ළඟපාතක නෑ.
Deleteගීතය ගැනනම් ලිව්වෙ මට දැනිච්ච දේ. හරි සැකෙන් ලිව්වේ.
කපුගේ ශූරීන්ගේ ඒ ගීතයේත් තියෙනවා ඉතාම සුන්දර කතාවක්. ඇඟ හිරිවැටිලා යන විදියෙ කතාවක්. ඒ කතාව කෙටියෙන් බ්ලොග් අඩවියක තියෙනවා දැක්කා. ඒ නිසා ඒ ගැන ආයෙ ලියන්න හිතුනෙ නෑ සහෝ..
හුහ්! පත්තරයටත් පිච්ච මල් සුවඳ වැදිල වගෙයි උණ්ඩුක පුච්චෙ දිහාටම!
Deleteවැදුනා හැක් දේශක කතාවක් ලියලා ඇති පිච්ච මල් සුවඳ ගැන කියවලා බලහන් එක අයේ කියලා වැඩක් නෑ පිච්ච මල් යායයි.....මමත් ලිව්වා පොඩි පද දෙක තුනක් ..හිටු කතාවත් ලියන්න වෙලාවක
Deleteතැන්කිවු ඔත්තුවට . ගිහින් එන්නම් ඒක බලාගෙන.
Deleteඅනිවා ලියපං උඹත්.
මල් කිව්වොත් කොහෙල් මල් හරි කමක් නෑ :D පිච්ච මල් සුවඳ උන්ඩුකපුච්චෙට වැදිලා බැක් ෆයර් එකක් වැදුනා රොකර් ආම් ඇඹරිලා යන්ඩ
Deleteදේශගෙ එක කියෙව්වා මතකයි .. මේ යකා දකින්නෙත් දැං හාව හඳ දකින්ඩ වගේ බං සහෝ .
උඹට කිඩාරම් මලක් හොයල දෙන්නද ඔතල ගහන්න. මට නිඅකං ඒ ගහන වෙලාවෙ උඹේ මූණ මැවිල පේනවා.
Deleteමේ ගිතය මම අහලා තියෙනවා.නමුත් ඒ තරම් හිතට අරන් නැහැ.එකට හේතුව මේ වගේ ගීත නිතර,නිතර අපිට ශ්‍රවණය නොවෙන නිසා වෙන්න ඇති.කොහොමත් ෆ්‍රෙඩී සිල්වාගේත් ඇහෙන්නේ එකම සින්දු සෙට් එකක් නිසා මේ ගීතය ගොඩක් අයට අසන්න නොහැකි වෙන එක අරුමයක් නොවේ.
ReplyDeleteප්‍රේමකීර්ති ගැන කියන්න තියෙන්නේ උඩින් ඇලපාත කිවා වගේ ඕනෑම මාදිලියක ගීත රචනා කිරීමේ හැකියවක් තියෙන ප්‍රතිභාපුර්ණ කලාකරුවෙක් කියලායි.
ඔබ හරි මනෝජ්. ඇත්තටම මේ තත්වෙට විද්‍යුත් මාධ්‍යත් ගොඩක් වගකියන්නෝනි. මොකද මේ ගීත සමාජයට ගෙනයෑමේ හැකියාව ඔවු සතුව තිබුනත්, ඔවුන් ඉන් බැහැරවෙලා පටු අපේක්ෂාවන් පසුපස හඹා යනවා. ඒ නිසා වර්ථමාන සමාජයට මේ වගේ ගීතයක් අහම්බෙන් අහන්න ලැබුනොත් තමයි ඉතින්.
Deleteඇත්තෙන්ම එතුමාගේ ගීත පිළිබඳ විමසා බලන විට, ඔහුගේ එම හැකියාව සතර අතටම විහිදෙනවා. අනිවාරෙන්ම ඔහු අසම සමයි.
මේකනම් අහලා නෑ.. ෆ්‍රෙඩී සිල්වගේම තවත් ලෙච්චමී ගීයක් තියෙනව නේද.. අන්න ඒකනම් ටිකක් අහලා පුරුදුයි..
ReplyDeleteපත්තරයටත් හිටපු ගමන් හොද දේවල් හම්බුවෙනනේ බලාගෙන යද්දී..
ලෙච්චමී ගීතය වගේම රසවත් නේද දිනේෂ් මේකත්.
Deleteඅප්පා ඔව් බං. ඔය පත්තර සෑර් හරි ප්‍රබුද්ධයි. පේනවනෙ ඔය උඩින්ම අටම්පහුර කියල තියෙන දේවල් එහෙම.
කස්තුරි සුවඳ නැගලා ගිය ෆිල්ම් එකක්.ජෝති සහ ඇන්ජි ගයන 'හද විමන් දොරෙන්' කියන ගීතයත් ඕකේ. ඒ ගීයත් නැගලාම ගියා. උඹ කියන සින්දුවේ ඉන්නේ ෆ්‍රෙඩි එක්ක මානෙල් වානගුරු. දැන් පුත්තුත් රඟපානවා.
ReplyDeleteප්‍රේම් තරම් ෆ්‍රෙඩීට සිංදු ලියලා නැතුව ඇති වෙන කවුරුත් මගේ හිතේ. ප්‍රේම් දක්ෂ උපහාස ගීත රචකයෙක්. ඔහු සමාජ දුර්වලතා සියුම්ව උපහාසයට ලක්කලා. ගීත බොහෝමයක් තියෙනවා. ලියන්න වෙලා මදි මනෝෂ්. ප්‍රේම්-ෆ්‍රෙඩි ගැන කියවන්න බලන්න.
ප්‍රේම්ව මට ඇසුරු කරන්න ලැබුනා.ඔවුන් වැඩිමහල්. පසුව ලියන්නම්.
මේ ගීතයනම් චිත්‍රපටයේ කතා පුවතට අදාලව ඔහේ ලියපු ගීතයක් කියලායි මම හිතන්නේ.ඔවැනි ගීත, නැටුම් යොදා ඒ දවස්වල චිත්‍රපටවල ගැප්ස් පිරෙව්වා. ඒවා එහෙම තමයි වුනේ. ඒ නිසා මෙවන් ගීත ගැන හඳුන්වාදීම් කරනවා හැර, විචාර ලිවීමට තරම් ඉඩක් නැතිබව මගේ අදහසයි.
ඒ මානෙල් වානගුරුද අරූ අයියේ.. හිතාගන්නවත් බෑ දැන් නම්.
Deleteමේ අතීතය අරූ අයියලාට බොහෝම සමීප නිසා මේ පිළිබඳ ඉතාම හොඳ අදහසක් අපිට ඔයාලගෙන් ගන්න පුලුවන්.
ඇත්තෙන්ම මේ සුසංයෝගය ගැන මං දන්න කරුණු බොහොම දුප්පත්. ඒ ගැන ගොඩක් දේවල් තියෙනවා මට ඉගෙනගන්න.
ඇත්ත අරූ අයියේ මේ ගීත ගැන විචාර කරන්න හරි අමාරුයි. මේව්ත් නිකං හරියට අර එකයි එකයි දෙකයි කිව්වම කවුරු හරි අකෙක් ඇයි එහෙම වෙන්නෙ කියල ඇහුවම උත්තර දෙන්න යනවා වගෙයි.
\\ඔවැනි ගීත, නැටුම් යොදා ඒ දවස්වල චිත්‍රපටවල ගැප්ස් පිරෙව්වා. // අන්න නියම අදහස. සීයට සීයක් එකඟ වෙනවා මං.
බොහොම හොඳ සංවාදයක් ඇති කළහැකි මාතෘකාවක් උලුප්පා දැක්වීම් ගැන පත්තර මල්ලිටත්, ඒ සබැඳිව සාධාරණ විචාරයක් ගෙන ආ සඳුමල්ටත් මුලින්ම ස්තුතිය පුද කරනවා.
ReplyDeleteමේ ගීතය අද පරපුරේ බොහෝ දෙනෙකු අහලා නැතුව ඇති. නමුත් මේ ගීතය අපි තරුණ කාලේ බොහොම ජනප්‍රිය ගීයක්. ඒ වගේමයි මේ ගීතය ඇතුළත් 'කස්තුරි සුවඳ' චිත්‍රපටියත්, අතිශයින් ජනප්‍රිය වුනා. අවාසනාවකට මෙන් මේ ගීතයේ ගායකයා, ගේය පද රචකයා, සංගීතඥයා, කියන තිදෙනාම අද අප අතර නැහැ.
මේ ගීතයේ ඔබ දක්වා ඇති පදමාලාව අඩුපාඩු සහිතයි. එය ඔබගේ වරදක් නොවේ. මෙහි සම්පූර්ණ පදමාලාව සොයන්න මා දැරූ උත්සාහයත් සාර්ථක වුනේ නැහැ. මෙහි අවසානයේ කියවෙනවා 'මං වගේ ලොවේ ඇන්දේ නැති නමුත් - මං වගේම හිතන අය ඇතී' කියලා. ඒ තමයි මේ ගීතයේ උච්ඡයාර්ථය. මට හොයාගන්න පුළුවන් වුනා ඔබ මෙහි දක්වා ඇති වීඩියෝවට වඩා තරමක් හොඳ එකක්. නමුත් ඒ වීඩියෝවෙත් අර මම කියා ඇති පද කොටස ආසන්න වෙනකොටම රූප රාමු ඛන්දනයක් වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ ගීතය මෙහිත් නැහැ. ඔබ දක්වා ඇති වීඩියෝවේ මුල් චිත්‍රපටියේ රූප රාමු වලට ෆ්‍රෙඩී සිල්වා පසුව මේ ගීතය ගායනා කල අවස්ථාවක ලබාගත් හඬ කවා තිබෙන්නේ. මෙන්න නියම වීඩියෝව
https://www.youtube.com/watch?v=RS04_pu1_m8
ප්‍රේමකීර්තිද අල්විස් කියන්නේ කොට කලිසම ඇඳන් ඉස්කෝලේ යන කාලේ ඉඳලා ලංකා ගුවන්විදුලියට රිංගලා එහිම ගැටිලා පන්නරය ලැබූ අසාමාන්‍ය මිනිහෙක්. දන්නවද ඔහු ටිකක් වෙලා හිතලා කොලයක් ටයිප් රයිටරයට දාලා ගී පදමාලාවක් ටයිප් කරනවා ආයේ සංස්කරණය නොකරන්න. ප්‍රේමකීර්ති ගැන අහන්න අද ජීවතුන් අතර ඉන්න සුදුසුම කෙනා වික්ටර් රත්නායක. ප්‍රේමකීර්තිව මරවපු එකා අද වැජඹෙනවා. උගේ හත්මුතු පරම්පරාවටම සාපවෙනවා.
සරත් දසනායකගේ විශේෂත්වය වුනේ 1960 දශකයේදී අපි අහපු හින්දි චිත්‍රපට ගීතවල තිබුණු මාධූර්යයට සමාන බවකින් යුත් තනු නිර්මාණය කිරීමයි. ඒ චිත්‍රපට පසුබිම් ගීත සම්ප්‍රදාය ඔහු විසින්ම කල විප්ලවයක්. අපේ අවාසනාවට ඔහු අකල්හි වියෝවුනා.
ෆ්‍රෙඩී සිල්වා ඉස්සර ගායනා කල 'ටිකිරි කිරිල්ලියෝ සමග ඉගිල්ලෙන' වැනි ගීත එතරම් හරවත් පදමාලා සහිත ඒවා නොවෙයි. නමුත් ඔහුගේ ගායන හැකියාව හඳුනාගෙන හරවත් පදමාලා ලියාදුන්නේ ප්‍රේමකීර්ති. 'බොරු කකුල්කාරයා' වැනි ගීතවලින් තමා ෆ්‍රෙඩී ප්‍රබුද්ධ රසික අවධානයට පත්වුණේ.
අමතක වුණා. මේ ගීතයේ පෙන්වන්නේ තමන් ආදරය කරන ද්‍රවිඩ ජාතික වතු සේවිකා තරුණියට පෙම් බඳින්නට උත්සාහ කරන නාගරික තරුණයාට, ඒ තරුණිය ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න තරුණයා දක්වන විරෝධයයි. ඒ නිසා තමයි කියන්නේ 'මං වගේ ලොවේ ඇන්දේ නැති නමුත් - මං වගේම හිතන අය ඇතී' කියලා. තමන්ගේ දේට ආදරය කරපන්, පිට එවුන්ට ඒවා කාබාසිනියා කරන්න දෙන්න එපා කියලා කියන්නේ. එක කොයි ජාතියටත් පොදුවේ කියන්නේ.
Deleteමගේ ඉහත කමෙන්ට් එකේ ඛන්දනය යන්න ඛණ්ඩනය යනුවෙන් නිවැරදි විය යුතුයි.
බන්දු සමරසිංහගේ පළමුවැනි සිනමා අත්දැකීමත් කස්තුරි සුවඳ චිත්‍රපටියයි.
ඔබට ස්තූතියි පුදකරන්න වචන හොයාගන්න අමාරුයි විචාඅකතුමනි. ඒ තරම්ම අනඟියි ඔබේ මේ අදහස් ටික. ඒ වගේම මේ පොස්ට්ටුව වෙනුවෙන් ඔබ ඔබේ වටිනා කාලය කැපකරමින් බොහෝ දේ සොයා ඇතිබව පැහැදිලියි. ඉහත වීඩියෝ ලින්ක් එකටත් ගොඩක්ම තුති. පද මාලාවෙනම් අඩු පාඩු ඇති. ඒ ගැන නම් මට දහස් වාරය සමාවෙන්න හැම දෙනාම. හැකි උපරිමය කලා. ඒත් මේ ගීත අද කුණු බක්කියෙනුත් ඉවතට දාල තියෙන නිසා හරිම අමාරුයි යමක් හොයාගන්න.
Deleteමේ නිර්මාණ වලට, මේ නිර්මාපයන්ට ඔබල බොහොම සමකාලීනයි.
ඒනිසා මේ දේවල් ගැන ඔබලට තියෙන අත්දැකීම සම්භාරය වර්ථමාන අපිට වටිනවා මහමෙරක් තරම්. ප්‍රේම කීර්ති කියන අහිංසක සමනල කවි සිත මරා දැමීමට තරම් තිරිසන්නු මේ රටේ නොහිටියානම්.. එසේනම් ඔහු තවත් අපි අතර. ඇත්තෙන්ම විකටර්-ප්‍රේම් කියන්නෙත් රංරස වගේ සුසංයෝගයක්.
ගීතය පිළිබඳ ඔබගේ විචාරයත් ඉතාම සාධාරණ බව දැනෙනවා.
ඒත් එක්කම බන්ධු සමරසිංහයන්ගේ සිනමා ආගමනය ගැන දැනුවත් කලාටත් ඔබට ගොඩක් ස්තූතියි.