Pages

Sandumal

Sandumal

Friday, September 11, 2015

•දඹානේ "වැදි" ළමයි!


"අවරගිර කුලවතුන් සිටිද්දී නිරුවතින්... උන් හිඳියි විළි වසා සැතපුමක් ඉදිරියෙන්..."





මහියංගනය...
තවමත් හිතන උන් ඇත
එය අමුතු ලොවක් බව
මිහිමතින් දුර තිබෙන..

තවම කෙටේරිය කර මතය
තවම කොල අතු ඉණ වටය
තවම දුනු හී පිට මතය
තවම තලගොයි උරහිසය
යැයි සිතන උන අවරගිර හිඳ
බලයි හොටවල් උල් කරන්..
අසයි කටවල් බලි ඇරන්..

කෙටේරිය බිම තබා හුඟකලක් ඉක්ම ගොස්..
සිටින මුත් දඹානේ පොරමොලන්..
තවම දුනු හී අත දරාගත්
අවරගිර වැදි දනන්
විදියි අප හට වෙර අරන්..

සිතයි උන් දඹානේ කැලෑමල්
සිප් හලට එනබවක් මරාගෙන
තලගොයින්...
නැහැ එහේ මෙහෙ තරම්
සැර සුවඳ පියරු මල්..
ඇත හපුටු මල් කැකුලු
සුවඳ දෙන ජීවිතේ..

කෙල පැමිණි උගතුනේ
අසනු මැන මේ වගත්
මරාගෙන නොආවත් උන්
පාසලට තලගොයන්..
තිබූ මුත් ගොරහැඩිව
උන් අත්ල බෝ සෙයින්
ගල් තැලී ඇති නමුත්
දෙපායුග නිරුවතින්..
මහ පොළොවෙ පය ගසා
ඇත ඔවුන් දහිරියෙන්..

උන් නමට අපහාස
නගත් නුඹ මේ ලෙසින්
උන් දිහා වපරැහින්
බලත් නුඹ පිළිකුලෙන්
අවරගිර කුලවතුන් සිටිද්දී
නිරුවතින්...
උන් හිඳියි විලි වසා
සැතපුමක් ඉදිරියෙන්...

නිමිත්ත : මෑතදී හද පෑරු කථිකාචාර්ය දෙබසක්...

"Some students at the Dambana School bring roasted iguanas for their lunch..."

47 comments:

  1. මහියංගනේ කියන ලේබල් එක ගලවන්න තව ගොඩක් කල් යයි..
    සමහරු කිියයි ඒ අපේ ශිශ්ඨාචාරය සංස්කෘතිය අනං මනං දේ..

    හැබැයි මටනං හිතෙන්නේ මහියංගනේ කියලා නක්කලේ දාන එක තමයි දැන් තියන ශිෂ්ඨාචාරය..

    අමාරුවෛන් හරි ලියපු එක හොඳයි..
    දිගටම ලිමු..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. එහෙමමත් නෑ බං.මෙතෙක් කලක් මං ගිය කොතනකදිවත් මං මගේ ගම නිසා අපහසුතාවයකට පත්වෙලා නෑ.මොකද මෑතකදි,පහුගිය අවුරුදු 10,15කින් මෙහා මහියංගනේ ගියපු එකෙක් කවදාවත් එහෙම කියන්නෙ නෑ, මොකද උන් දන්නවා තවදුර‍ටත් එහේ ඔය කියන තත්වයක් නෑ කියලා.දඹානෙ වැදි ගම්මානෙ උනත් දැන් කෞතුකාගාරයක් විතරයි.ඒ මිනිස්සු හොඳට ගේ දොර හදාගෙන ගොවිතැන්,ව්‍යාපාර කරගෙන ජීවත් වෙනවා.ළමයි ඉගෙනගන්නවා, ආචාර්ය,මහාචාර්වරු,ගුරුවරු,ලේකකයො බිහිවෙලා ඉන්නවා. ඒක සංස්කෘතිය පැත්තෙන් නායයාමක්, ආදිවාසීන් වියැකිම, ඒත් මේ බස්නාහිර සමහරක්ගෙ තියෙන ගේ ගෙඹි මතයයි දිරවන්නැත්තෙ.මේ විද්‍යාපීඨෙ කිහිපදෙනෙක් ඉන්නවා ඔහොම හිතන.මේක ලිව්වෙ ඒ අයට.

      Delete
  2. අපි කවුරු කවුරුත් ඇවිත් ඉන්නෙ අන්ත වනගත මුතුන් මිත්තන්ගෙන් තමා බං. ලුසීගෙන් පැවත එන අය. උඹ ලීව එක ගැන සතුටුයි. ඒ සතුට ඇති පෝස්ට් එක රස විඳිනකං. හිටිං මං රෑවෙලා එන්නං.
    (මට හිතුනා උඹට මගේ එකේ පොරමොලා කිව්වට තද වෙලා මේක දැම්මවත්ද කියලා. අනේ බං මං එහෙම දැම්මෙ සඳුමලා කියන එකම පොඩ්ඩක් වෙනස් කොරල. තෝ ලියන්නෑනෙ දැං..ඒ කේන්තියටත් එක්ක තමා දැම්මෙ.)

    ReplyDelete
    Replies
    1. එහෙම තරහක් හිතේ වාටියකවත් නෑ බං.. උඹලත් එක්ක කොහොම තරහ වෙන්නද?

      ස්තුතියි ගොඩවැදුනට.

      Delete
    2. උඹට කියන්න ඉස්සර මහියංගනය-අළුත්ගම බස් එකක් තිබ්බා. අපේ තාත්තලා උදේ බැංකු/රබර් ඔෆිස් යන්න කතාවෙනවා මහියංගන බස්එකේ. මම ඒ කාලේ සිතියම බලලා පුදුම වෙනවා ඇයි යකෝ මහියංගන බස් එකේ යන්නෙ කියලා.
      තව සීන් එකක් තිබ්බා. 94 ජනාධිපතිවරණෙදිද කොහෙද මහියංගන ආසනේ හැර අනෙක් ආසන සේරම චන්ද්‍රිකා දින්නා. අපේ මාධවීලෑ පැත්තෙ ලයිට් කණුවල ගහලා තිබ්බා “වැද්දොත් නැත්තං ලබ්බ“ කියලා.
      අපි මචං ජීවහත්ත දිසාලා ගැන හෙන අනුකම්පාවෙන් කතා කරනවා. බුදුන් ඉස්සෙල්ලම වැඩියෙ මහියංගනේට කියලා අටුවා, ටීකා, ටිප්පනි පතුරු ගහනවා. ඒත් ගම්බද උන්ට “බයියො“ කියනවා ඔරිමජිනල් බයියො නගරෙ මැද්දෙ වැජඹෙද්දී.
      මේ ළමයි ගැන කියන්න තියෙන්නෙ මේකයි. පොඩ්ඩක් ඇහැ ඈතට යොමුකලොත් නගරාසන්න පලාත් අවට ගම් විදිහට තියෙන පැතිවල පුංචි පාසැල් තියෙනවා දෙලොවටම නැති. ඒවයෙ යන දරුවො තමා මට මතක් වෙන්නෙ. මහියංගනේ, දඹානෙ දරුවොයි මම කියපු දරුවොයි අතරෙ තියෙන්නෙ බොහොම සීමිත භෞතික වෙනස්කම් කීපයක් පමණයි. ජීව විද්‍යාත්මකව උන් දෙගොල්ලම සමානයි.
      (ආයිත් කියන්නෙ, උඹ මං ගැන වරදවා හිතන්න එපා අර කතාවට. මගේ අදහස හාත්පසින්ම වෙනස් එකක්)
      (අඩේ විදානයා උඹේ ඇටෝනි-ඇට්-ලෝ ද?)

      Delete
    3. මධාවියෝ... තෝ මගෙන් ගුටිකනව විකාර කතා කියල.මේක ලියල උඹ මේකට කමෙන්ට් කරල,උඹ මගේ ජමෙන්ට් එකට රිප්ලයි එකක් දැම්ම කුටනකල්වත් මං උඹේ කමෙන්ට් එක දැක්කෙ නෑ බොල.ඒ නුසා හිත කොනකවත් එහෙම දෙයක් කියාගන්නෙපා.යකෝ මං විහිලු අදුනනවා.උඹලගෙයි මගෙයි තියෙන බැඳීම, අවබෝධය කොච්චරක්ද කියල අපි දන්නවනෙ බං.මේ ලිව්වෙ උඹල වගේ පොලොවෙ පයගහල ඉන්න උන් ගැන නෙවෙයි, සවුකොල සරුවපිත්තල වලින් වැහිල, සෙලෝෆේන් කොල වලින් ලෝකෙ බලන කොලඹ බෝනික්කන්ට.උඹ අවුල් යන්නෙපා මචං ප්ලීස්..

      බස්නාහිර පලාතෙ ලීඩිං ස්කූල් කිහිපයකටම අපිත් ගියා මචං පහුගිය දවස් වල. ඒත්මචං මෙහේ ඉන්න දරු පැටවුගෙයි, එහේ ඉන්න දරු පැටවුගෙයි, භෞතික වෙනස්කම් උනත් බොහොම අඩුයි බං.මෙහේ සමහර පොඩි එවුන්ගෙ කකුල් වලත් සපත්තු නෑ, එහෙත් එහෙම ඉන්නවා.මෙහෙත් සමහර උන් දවල්ට කෑම ගේන්නෙ නෑ, ව්හෙත් සමහර උන් එහෙමයි.මෙහෙත් උන් මඩ දූවිලි නාගෙන සෙල්ලම්කරනවා,එහෙත් එහෙමයි.

      ඒත් බං... මෙහේ සමහර අම්මණ්ඩිල හිතන් ඉන්නෙ එහේ ලමයි දවල්ට කන්න තලගොයි මරාගෙන පුච්චගෙන අරන් එනව කියලා.යකෝ දඹානෙවත් එහෙම උන් නෑ, උන් අන්තිමට ඉඳල තියෙන්නෙ ඩොක්ටර් ස්පිට්ලගෙ කාලෙ. ඉතින් මළ පනින්නෙ නැත්ද කියහංකො.

      Delete
    4. අන්න විදානෙ, මෙන්බ මූට කියල දියං... වාටියක තියා වාටියක නූලකවත් නෑ කියලා...

      Delete
    5. හප්පා...ඇති යාංන්තං... දැනුයි හුස්මක් වැටුනෙ. මොන මගුලද මන්දා කාට හරි මගෙ අතින් හිත රිදුනා කියලා දැනුනම මට නින්ද යන්නෑනෙ බොල.

      Delete
    6. ඒ වෙලාවට ස්ලීපින් ටැබ්ලට ග්‍රෑම් සීයක් බිල දොයියගං … නින්ද යනවා ටොප් එකට !!

      Delete
    7. ඔය ලෙඩේ මටත් තියෙනව මධුවො.ඒත් මං කියන ගොඩක් දේවල් නිසා මිනිස්සු හිත රිදව ගන්නවා.ඒක මගෙ කටේ අවුලක්.සමහර අවස්ථාවල විහිලු කරනකොට.

      Delete
    8. අත්දැකීමෙන්ද කියන්නෙ පත්තරයෝ...

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මයියංගනේ උන් මම හිතන්නෙ දුන්න ,ඊතලේ නියමෙට පාවිච්චි කරන්න දන්නව ( වැදි ජනතාවව්). මෙහෙ ඉන්න එවුන් ඕක අරන් පස්සෙ ඇනගෙන හතර අතේ දුවනව.
    කවුරුත් විද්ද එකක් නෙමේ උන්ම හදාගත්ත ඊතලේ.

    ReplyDelete
    Replies
    1. කාට කියම්දෝ මචං.... දඹානෙ මිනිස්සු දුනු ඊතල බිම තියල හුඟක් කල්.. ඒත් බස්නාහිර උදවිය තාම ඒව එහෙට මෙහෙට මානනවා.

      Delete
  5. හොඳ කනේ පාරක් මචෝ.... නියමයි

    ReplyDelete
    Replies
    1. අන්න වචනෙ...මට ඕනි උනෙත් ඒකමයි...

      ස්තූතියි නලීන් අයියේ..

      Delete
  6. මචෝ තනිකරම කුහක කම ......මුන් හිතාගෙන ඉන්නේ ගම හැමදාම තියෙන්න ඕනි පිදුරු වහලා තියන පැල්පත් .. කරත්ත පාරවල්,, බුලත් විට කාගෙන ඉන්න අඹුඩේ ගහගෙන කුඹුරු කොටන මිනිස්සු ,, වාහනයක් ගියාම ඒක ඒක පස්සේ පන්නන පොඩි එවුන් ,, වාගේ දේවල් ,,,,,,, සමහරවිට ඔය කතා කියන එවුනුත් හද්ද වන්නියෙන් නගරෙට ඇවිත් ඉන්න එවුන් එවුන් ......
    මේ ලඟදි දවසක මමත් අපේ ඔෆිස් එකේ එවුන් එවුන් එක්ක අරගත්තා ......
    මෙහෙම හරි ලියපු එක ලොකු දෙයක් ......

    කහමලියේ අන් අර කහමලියේ
    අන් අර කහමලියේ අන් අර කහමලියේ
    තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්
    තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්
    ආවේ කරකාරෙට ගන්නයි සෝඩි නගේ
    බෝසේ සරු විදානෙකී මම බින්තැන්නෙ
    බින්තැන්නේ බොල බින්තැන්නේ
    බොල බින්තැන්නේ බොල බින්තැන්නේ
    තෝත් නටාපිය මාත් නටන්නම්
    විදානෙ රාළගෙ බින්තැන්නේ
    පැහෙන ගොයමේ කහ පාට ගාන කහමලියා...
    කහමලියා... ඕ...
    ගෝල බාලොලියා
    සිනහ කැකිර වගෙ කෝඩුකාර කහමලියා...
    කහමලියා... ඕ...
    බිංතැන්නට පෑහෙනා
    බින්තැන්නේ බොල බින්තැන්නේ
    බොල බින්තැන්නේ බොල බින්තැන්නේ
    තෝත් නටාපිය මාත් නටන්නම්
    විදානෙ රාළගෙ බින්තැන්නේ
    කහමලියේ අන් අර කහමලියේ
    අන් අර කහමලියේ අන් අර කහමලියේ
    තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්
    තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්
    ආවේ කරකාරෙට ගන්නයි සෝඩි නගේ
    බෝසේ සරු විදානෙකී මම බින්තැන්නෙ
    බින්තැන්නේ බොල බින්තැන්නේ
    බොල බින්තැන්නේ බොල බින්තැන්නේ
    තෝත් නටාපිය මාත් නටන්නම්
    විදානෙ රාළගෙ බින්තැන්නේ

    ගායනය / සංගීතය - ලයනල් රන්වල

    ReplyDelete
    Replies
    1. මහවැලි නදියේ අසබඩ සැදි ඒ
      මහියංගන තූපේ වඳිනට අපි යනවා

      තොටියෝ …..

      ගෙඟහි අද දිය හෝ ඒවි උතුරා නදියේ
      යන්නේ කෝමද එගොඩට මේ ගංගාවේ
      පෙනෙන ඔරුවේ ගීතේ
      ඇසෙන තෙක්මානේ හෝ ගංගාවේ
      යනවා දනෝ බැති ගීත ගයා
      වඳිති දෙවියෝ සෑය හෝ
      මේ සෑ රාජා කේශදා හිමිගේ
      මේ හිඳිනා සේම සෑ රාජානෝ

      මහවැලි නදියේ….

      තොටියෝ…

      සාදුකාරේ මේ බින්තැන්නේ
      ශාන්ත සිරි ගෙන පෑවානේ අද
      පාපී වූ දුක් ජීවිතේ බර
      නිවනා ලෙසින් වඳිමු මෙසේ
      සරණයි සැමටම දෙවියනි ඔබගේ
      මේ කඳුරට හිමිවූ
      යදිමු අපි සැම දෙවියන් යදිමු
      අසල බින්තැන්නේ
      මේ ආවෙමු වඳිනට බින්තැන්නේ

      මහවැලි නදියේ …….

      ගායනය -- වසන්තා සන්දනායක

      Delete
    2. ////පිදුරු වහලා තියන පැල්පත් .. කරත්ත පාරවල්,, බුලත් විට කාගෙන ඉන්න අඹුඩේ ගහගෙන කුඹුරු කොටන මිනිස්සු ,, වාහනයක් ගියාම ඒක ඒක පස්සේ පන්නන පොඩි එවුන් ,, ////

      අන්න හරි මචං, හරියටම හරි. ඔන්න ඔයවගේ ගොං ප්‍රශ්න අහනව බං මෙහේ සමහර උදවිය.ආයෙ හිතහංකො මරු නගිනවනෙ බං.සමහරු හිතන් ඉන්නෙ මේ පැත්තෙ ඉන්නෙ සක්වල ජීවියෝ වගේ අමුතු කාණ්ඩයක් කියලා.මං ඉතින් මුන්ට මතක්කරන්න යන්නෙ නෑ ඔය කියන බස්නාහිර සමහර මිනිස්සු ගෙවන ගොඉත්‍රික මුඩුක්කු ජීවිත ගැන.මොකද උන්ට නැති සමාජ අවබෝධයක් අපිට තියෙනවනෙ බං තාම ඉගෙන ගන්න උන් උනත් අපි.අපුට ඒ සමාජ කොටසුත් අපේම සහෝදරවරු.ඒත් මුන්ට??

      Delete
    3. ////පිදුරු වහලා තියන පැල්පත් .. කරත්ත පාරවල්,, බුලත් විට කාගෙන ඉන්න අඹුඩේ ගහගෙන කුඹුරු කොටන මිනිස්සු ,, වාහනයක් ගියාම ඒක ඒක පස්සේ පන්නන පොඩි එවුන් ,, ////

      ++ පිරිසිදු වතුර තියන ඇලවල්, හවසට සතුටු සාමීචියේ යෙදෙන කඩ මන්ඩියක්, සද්දෙට ඇහෙන අඩහැරයක් ,
      මේහෙම තැනක ජීවත්වීමේ සිහිනෙන් පෙලෙන එකෙක් තමයි මම. වයසට යද්දිවත් හද්ද පිටිසර පලාතක් තිබුනොත් මම යනව.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. //බුලත් විට කාගෙන ඉන්න මිනිස්සු //

      ආං එහෙම එකෙක් කොල්ලුපිටියෙ හන්දියෙ ඉන්නවා. උඅ බැලුවනං ඩෑල් එක පෙනෙයි :D

      Delete
    6. කම්මලේ ඔය සුන්දරත්වය නම් හොයාගන්න අද කාලෙ හුඟක් අමාරුයි.ඔහොම ගම්මාන දහයක්වත් අද ලංකාවෙනම් නැතුව ඇති.

      Delete
    7. පත්තරේ... ඉතාලියෙත් ඉන්නවලු නේද..

      Delete
  7. වටිනා අදහස් පෙලක්. වැදි ජනයා කියන්නේ නොදියුනු මනුස්ස කොට්ඨාශයක් නෙවෙයි. ඔවුන් යම් යම් පැති වලින් නාගරික උගත් සමාජයට වඩා ඉදිරියෙන් ඉන්නේ. ස්තූතියි ඔබට වැදගත් අදහසහ් ඉදිරිපත් කළාට.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙ ඔවුන් දැන් එක්තරා ප්‍රදර්ශනාත්මක කෞතුකාගාර සංස්කෘතියකට උරුමකම් කියන පිරිසක් විතරයි. ඔවුන් ඒක සංචාරක කර්මාන්තයේ මෙවලමක් විදියට යොදාගන්නවා, ආදායම් මාර්ගයක් විදියට.

      ස්තූතියි ඔබටත්..

      Delete
  8. මුල් හරිය කියවද්දිම හට හිතුනා උඹ හිත රිදිලා ලියන්නේ කියලා.... මනෝෂ්...... මං නං හිතුවේ යාලුවෝ විහිළු කරපු ඒකකට ලියුවා කියලා.. ඒත් කථිකාචාර්ය වරයෙක් මේ තරම් පහත් තත්වයකට වැටුණා කියලා හිතද්දි ලැජ්ජයි... යකෝ අපි තාම මහියංගනේ යන්න මග බලාන ඉන්නවා.... නිවාඩුවකට ගමේ යනවාට වඩා අාස මහියංගනේ ලොකු අම්මලාගේ ගෙදර යන්න.... හරිම ලස්සන සුන්දර පරිසරයක්.. වැව්වල නාන්න.... නෙලුම් මල් කඩන්න... වත්තේ අැවිදින්න යන්න... කදු නගින්න යන්න.... අඹ කාලෙට කජු කාලෙට බඩ පැලිලා වෙරි වෙනකල් පළතුරු කන්න.... ගිනිගොඩවල් ගහගෙන රෑට සින්දු කියන්න....

    මේ ජීවිතේ ඔය ලෙචාට තියෙනවාද දන්නෑ... උඹ කියන ඒක හරි මහියංගනේ ඉන්න ඒවුන් නෙමෙයි වැද්දෝ..... ලෝකයම අපිට දුනුහී අමෝරාගෙන විදින්න බලාන ඉන්නවා.... ලෝකය අපි පහු කරලා දුවනවා.. හිත් වලින් මහන්තත්ත කම් තියාන තාම ඒකතැන ඉන්න සමස්ථයයි වැද්දෝ........

    ලියැවිල්ල සුපිරියි.... ඒත් උඹ දිගට ම ලියනවානම් තමා අපි අාස.... හැකි හැම වෙලාවක ම ලියන්න.....

    ReplyDelete
    Replies
    1. ඒ උඹ මාව ආයෙ ගෙදර එක්කයන්න හදනවා බං.... ඕව කියන්නෙපා යකූ... නිකං කහනව වගේ... ඇත්තටම ඒ පරිසරය, ඒ හුලඟ, ඒ ඉර අව්ව, ඔක්තෝබර්-පෙබරවාරි අතර තියෙන මුරුග්සං වරුසා, ඇටමිදුලු පලාගෙන යන සීතල.... කොහොම විස්තර කරන්නද බං. නියඟ නැස්, ගං වතුර නෑ, නාය යන්නෑ.. මොනවද බං නැත්තෙ. මහනුවර, අම්පාර,පොලොන්නරුව, බදුල්ල, එකට සම්බන්ධ කරන්නෙ මහියංගනේ. උඹ දන්නවද දැන් මහියංගනේ ඔය පාරවල් හතරෙ, නගර සීමාවෙ ඉඳල කිමී 10ක් 12ක් යනකල් පර්ච් එකක ගාන කීටද කියලා. මචෝ, රුපියල් 80000ත් 200000 ත් අතර. සමහර තැන් ඊට බොහොම වැඩී. ඒ තරම් දියුනු වෙන ව්‍යාපාරික නගරයක් වෙලා. අපි මෙහේ පානදුර,මොරටුව,කලුතර යනකොට කිසි වෙනසක් නෑ එහෙයි මෙහෙයි.කිසිම දේක.ඊටවෆා වැඩියමක් එහෙ තිබුනොත් මිසක එහෙ නැති කිසිම දෙයක් මෙහෙත් නෑ. ඒත් සමහරක් හිතන් ඉන්නෙ මහියංගනේ තාමත් විජය රජ්ජුරුවන්ගෙ කාලෙ වගේ කියලා.

      Delete
    2. ඒ උඹ මාව ආයෙ ගෙදර එක්කයන්න හදනවා බං.... ඕව කියන්නෙපා යකූ... නිකං කහනව වගේ... ඇත්තටම ඒ පරිසරය, ඒ හුලඟ, ඒ ඉර අව්ව, ඔක්තෝබර්-පෙබරවාරි අතර තියෙන මුරුග්සං වරුසා, ඇටමිදුලු පලාගෙන යන සීතල.... කොහොම විස්තර කරන්නද බං. නියඟ නැස්, ගං වතුර නෑ, නාය යන්නෑ.. මොනවද බං නැත්තෙ. මහනුවර, අම්පාර,පොලොන්නරුව, බදුල්ල, එකට සම්බන්ධ කරන්නෙ මහියංගනේ. උඹ දන්නවද දැන් මහියංගනේ ඔය පාරවල් හතරෙ, නගර සීමාවෙ ඉඳල කිමී 10ක් 12ක් යනකල් පර්ච් එකක ගාන කීටද කියලා. මචෝ, රුපියල් 80000ත් 200000 ත් අතර. සමහර තැන් ඊට බොහොම වැඩී. ඒ තරම් දියුනු වෙන ව්‍යාපාරික නගරයක් වෙලා. අපි මෙහේ පානදුර,මොරටුව,කලුතර යනකොට කිසි වෙනසක් නෑ එහෙයි මෙහෙයි.කිසිම දේක.ඊටවෆා වැඩියමක් එහෙ තිබුනොත් මිසක එහෙ නැති කිසිම දෙයක් මෙහෙත් නෑ. ඒත් සමහරක් හිතන් ඉන්නෙ මහියංගනේ තාමත් විජය රජ්ජුරුවන්ගෙ කාලෙ වගේ කියලා.

      Delete
  9. මේ විදිහේ 'අධ්‍යාපනයෙන් අනාථ' දරුවෝ උතුරේත් දකුණේත් ඉන්නවා. කොළඹ නගරයේත් තියනවා දුප්පත් ඉස්කෝල. ඒවට යන්නේ 'පහත්, නරක' මිනිස්සුන්ගේ දරුවොලු. කුලී වැඩ කරන, ත්‍රීවීල් එලවන, මිනිස්සු නරක මිනිස්සුලු.

    මුලතිව් කැලෑවට මායිම්ව තියන, මඩකලපුවේ වෙරලබඩ තියන, කල්පිටියට උතුරෙන් තියන බත්තලන්ගුන්ඩුව දූපතේ ඉන්න, 'කාලකන්නි දුප්පත්' එවුන්, කරුමෙට එහෙම ඉපදිලා ඉන්නේ කියනවනේ. උන්ට මොකටද හොඳ ඉස්කෝල? මයියන්ගනේ ඉන්න වැදී පැටව්, සාස්තර කියලා, බේත්තෙල්, දඩමස්, කැළේ තියන බෙහෙත් ජාති විකුනලා, ජීවත් වෙන්නැතුව, එනවා මෙතන අපේ ළමයි යන ඉස්කෝලවල අපේ එවුන් එක්ක එක පේලියේ වාඩිවෙන්ඩ.

    ReplyDelete
    Replies
    1. දුප්පත්, පොසත් උස් පහත් බේද මං දන්නෙ නෑ.මොරටුව වේල්ස් කියන්නෙ පිලිගත් පාසලක්.ඒකටත් එනව උසස්ම යැයි කියාගන්නා පැලැන්තියේ ඉඳල පහල සමාජය දක්වා හැමෝගෙම දරුවො.කාර් එකෙන් ප්‍රාඩෝ එකෙන් බහින දරුවගෙයි, පාරෙ මනි බඩු විකුණන දරුවගෙයි දෙන්නගෙම තාත්තලා එකම විදියටයි තමන්ගෙ දරුවගෙ මූණ ඉඹල ඉස්කෝලෙ ඇතුලට යවන්නෙ.මිනිස්සු හදාගත්ත මත, සමාජ ස්ථර මිසක්, මටනම් හැම දරුවෙක්ම එකවගේ..

      Delete
  10. මහියංගණේ කියන්නේ කින්ඩියට , මහියංගණේ ගැන දන්නා එකෙක් කින්ඩියට මහියංගණේ කියන්නේ නෑ. හැබැයි ඔය පොෂ් පොරවල් ඔක්කොම ජීවිතේට එක පාරක් හරි මහියංගණේ යනවා චෛත්‍යය වඳින්න , කතරගම යන එවුන් අනිවා මහියංගනේ හරහා ගිහිං තමා ට්‍රිප් එක සම්පුර්ණ කරගන්නේ .

    මම බදුල්ලේ කිව්වම එකෙක් මගෙන ඇහුවා බදුල්ල තියෙන්නේ මහියංගනේ කිට්ටුව නේද කියලා , මං කිව්වා ඔව් කියලා . උඹලා උදේ හවස වැද්දෝ දකිනවද කියලා ඇහුවා ඊළඟට , මම කිව්වා එහෙදිනම් දැකලා නෑ, මෙහෙ ආවට පස්සේන නම් තුන්වේලටම දකිනවා කියලා .

    නොදන්නා හැම එකාම දන්ගන්න්වානම් හොඳයි , ලංකාවේ තියෙන සංවිධිත නගරයක් (planned city) එකක් තමයි මහියංගනය , අනික එක දෙහිඅත්තකණ්ඩිය. town plan එකකට අනුව නිර්මාණය කරපු ලංකාවේ තියෙන එකම නගර දෙක තමයි ඒ . දැන් නම් හැබැයි ඒ මාස්ටර් ප්ලෑන් එක පැත්තකවත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔහෙපලයං මුගෙ සැර :D

      Delete
    2. //මම කිව්වා එහෙදිනම් දැකලා නෑ, මෙහෙ ආවට පස්සේන නම් තුන්වේලටම දකිනවා කියලා//

      අන්න මරුම උත්තරෙ.කට %ක වගේ හදාගන්න ඇති.

      ඒ වගේම මහියංගනේ කියන්නෙ ලංකාවෙ හතර දිග්බාගෙම කනෙක්ට් කරන තැනක්.මහනුවර,බදුල්ල,පොලොන්නරුව,අම්පාර..

      Delete
    3. @පත්තරේ..
      එහෙම තමා බං ගමේ කම.

      Delete
    4. ගමේ කමට .....

      ඌවේ අභිමානය ලොවටම කියන අභීමානවත් ඌව ගීතය........

      දේශ දේශ කිතු ගොස නැඟු භූමී
      දේශ දේශ අභිවන්දිත භූමී
      ශාක්‍ය සිංහ හිමි තෙද පෑ භූමී
      උදාර හෙළ භූමී
      ඌව විජය භූමී…………
      සීත නමුණුකුල කඳුවැටි හෙවණයි
      දුන්හිඳ දියලුම ගලනා සිහිලයි
      වෙල්ලස්සෙ ඇසෙනා රණ ගියයි
      අභීත රණවිරු නිජ බිම ඌවයි………
      මුතියංගන මියුගුණ සැ කිරණයි
      කන්ද කදිර හිමි දෙවි රැකවරණයි
      වීර මොණරවිල එඩි පෑ දෙරණයි
      සිංහ කොඩිය සහ අසිපත මෙතැනයි

      රචනය – සුනිල් අබේසුන්දර

      Delete
    5. ඔය තියෙන්නේ.. වරෙව් ඕනි එකෙක් දැන්! කපනව පෙති පෙති වලට!!!

      Delete
  11. මනෝෂ්ට ආදිවාසියා කීම හෙළා දකිමු !!

    - කැඳවුම්කරු -

    ReplyDelete
    Replies
    1. මොකේ කැඳවුම්කරුද ?

      හැක හැක හක් හරි හරි ... "සමාධිගත කැඳවුම්කරු" :P

      Delete
    2. @පත්තරෙ..

      බොට මං කිව්ව කියල හිතාගං...!!

      Delete
    3. නෑ බං ඉවාන්, දුනු සංගමේ..

      Delete
  12. අපි පොඩි කාලේ පුරේ ඉදලා ගමේ ආවම අපේ නැදැයෝ නංගිටයි මටයි විහිලු කරේ වැදදෝ කියලා ..එදත් මට ඒ ආමන්ත්‍රනය දැනුනේ අපිට කරන අපහසයකට වඩා ඒ මිනිස්සුන්ව හෙලා දැකිමක් විදිහට..
    ඔහම මහාචාර්්‍යවරැත් ඉන්නවා බං..උන්ට ගහන්න ඔකේ ගෝල්ෆෙස් එකට අරගෙන ගිහින් මුහුද පැත්තට හරවලා ඔලුවට ඔඩිංකා්ලෝං දාලා තෙත මාත්තු කර කර

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ බං කතාකරල.. ඕකුන්ගෙ මහාචාරිකම දෙන්න කියමු ළමයෙකුට!! මෙන්ඩො මට මළ පනිනව මෙන්ඩො සිරාවට!!!!

      පුරේටත් එහෙමනම් අප ගැන කවර කතාද නේද බං..

      Delete
    2. ඒ බං ඒක නෙවෙයි, මූද පැත්තට හරවල ඔලුවට ඕඩික්ලෝන් දැම්මම මොකෝ බං වෙන්නෙ සිරාවටම??

      Delete
  13. කොළඹ ළමයින්ට KFC ගිහින් තලු මර මර රෝස්ටඩ් චිකන් කන්න පුලුවන්නම් දඹානේ ළමයින්ට රෝස්ටඩ් ඉගුවානා කන්න බැරි ඇයිද කියල උඹ ඇහුවේ නැද්ද? මෙලෝ රහක් නැති චිකන් වලට වඩා ඉගුවානා හුඟක් හොඳ මසක්.. නියම වැද්දෝ ඉන්නේ ඔහොම හිතන උන් තුල..
    පබැඳුම නම් පට්ට.. නීමිත්ත කර්කශ උනාට.. :) පුළු පුළුවන් වෙලාවට ලියහන්,, ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. //කොළඹ ළමයින්ට KFC ගිහින් තලු මර මර රෝස්ටඩ් චිකන් කන්න පුලුවන්නම් දඹානේ ළමයින්ට රෝස්ටඩ් ඉගුවානා කන්න බැරි ඇයිද කියල උඹ ඇහුවේ නැද්ද? //

      ඒකනම් කටට මසුරන් ගෝනියක් ඔබන්නෝනි කතාවක්.චැහ්..මට ඕක මතක් උන්නෑනෙ අහන්න, අපරාදෙ. ඇත්තට මිනිසුන්ට ඇයි මේ යථාර්ථය තේරුම්ගන්න බැරි දෙයියනේ..

      Delete