Pages

Sandumal

Sandumal

Monday, July 27, 2015

•පින්නේ රැයේ


"මල්ලියෙ කොහේ කොතැනක නුඹ සිටිනවද..."






"යකෝ මං මෙච්චර නැහීගෙන දඟලන්නෙ තොට හොඳට උගන්නල මිනිහෙක් කරන්න. මේ විදියට නන්නත්තාරෙ ගිහින් කාලකණ්නි වෙන්න වටිනවද උඹට."

"යකෝ මේක පුදුම කරුමයක් උනානෙ. උඹට ඉගෙන ගන්න බැරිවෙච්ච එකට මංද පලි? උඹට හැබෑ කරගන්න බැරිවෙච්ච හීන උඹ මගෙන් දකින්නද හදන්නෙ?"

"පාහරය, වටිනවද උඹට උඹේ අයියට ඔයවගේ කථාවක් කියන්න. යකෝ මගේ ඉස්කෝලෙ ගමනත් නවත්තල දාල මං ගල් වලේ ගල් තලන්නෙ උඹට උගන්නනන්න. එහෙව් මටද උඹ ඔය දැන් ඔහොම කතාකලේ?"

"ඔව්,ඔව්, ගෙදර හැමෝතම හැමදාමත් මං පාහරය, බල්ල, කාලකණ්නියා.තොපි සේරම හොඳයි. මමයි වරදකාරයා"

"අනේ බොලවු.. මට කනක් ඇහිල ඉන්න දීපියව්කෝ, ගෙට ගොඩ වෙච්ච වෙලේ ඉඳලා තොපි දෙන්නගෙ අඩව්ව."

"අම්මෙ ටිකක් අම්මත් තේරුම්ගන්න. මූට ඕනි ඕනි පදේට හැමදාම නටන්න දීල මූව නන්නත්තාර වෙන්න අරින්න පුලුවන්ද. මං ගල්වලේ ගිනි කූටකේ ගල් තලන්නෙ ඒකටද. ඇයි මේ මීමට ඒක තේරෙන්නෙ නැත්තෙ? කන්න බොන්න ටික ගෙන්ත් දෙනවනම්, අධ්‍යාපනේට අඩුපාඩුවක් නොකරනවනම් මූට හෙනද ඉස්කෝලෙ වැඩ ටික හරියකට කරගෙන හොඳට ඉගෙනගන්නෙක."

"උඹට අයිය හැමදාම කියවන්න තියෙන්නෙ ඔය ටිකනෙ. උඹේ ඔය මහ ලොකුකම උඹ අපිට කන්න ටිකක් ගෙනත් දෙන එකනේ. මං ගෙදරට වෙලා උඹෙන් නිකං කකා ඉන්න නිසානෙ මට උඹේ ඔය ලොකුකම් ඔක්කොම බලන් ඉන්න වෙලා තියෙන්නෙ. ඉඳින් මං හොඳ වැඩක් කරන්නම්."

"පෙනේද අම්මෙ මේකගෙ කට. මූ මොකෙද්ද. මූ මොනාද මේ කියවන්නෙ. මේවට අම්මත් වැරදියි. අම්මගෙ බුරුල තමයි මේකගෙ මේ නහරං කමට ලොකුම හේතුව."

"අනේ ඉතින් තොපි සේරගෙම සේරටම අන්තිමේ වැරදි කාරයා මේ නාකි මං තමයි. අනේ මංද බොලවු උඹල තව කල් යනකොට මේකෙ මරාගනී. පොඩි එකෝ, ඒ ගමන උඹ ඔය කොහෙද යන්නෙ කඟවේනා වගේ. අනේ මංදන්නෑ කොල්ලනේ උඹලට මොන යක්කු වැහිලද කියලා."

***********************************************************************************************************************

තෙදවසකට පෙර ගොම්මනක මේ ඉඳි කඩුල්ල ලඟම සිදුවූ මේ දෙබස මේ දැන් දැන් වගේ මගේ කන් තුල තවම දෝංකාර දෙන්නේ මා මහා වැරදි කරුවකුයි මටම හඟවමිනි. තාත්තා අකාලයේ අප හැරදා ගිය දිනේ සිට කණකොක් පාට වෙච්ච අපේ ජීවිතේට කොහොම හරි එළියක් එකතුකරගන්න මං නොකරපු දෙයක් නැති තරම්. තනිවූ අම්මගේත් මල්ලීගේත් සියලු බර උරහිසට ගෙන ජීවන සටන් පිටියට මා බැසීමට තීරණය කලේ, පිය සුව්ඳ නික්මුණ පැල්පතක වැඩිමහල් දරුවාගෙ යුතුකම දෝතින්ම දරාගනිමිනි. 

උසස් පෙළ පංතියට ගොඩවී දෙමසක් ගත වෙන්නටත් මතු පාසැල් දිවියට සමුදී රතු මහත්තයාගෙ ගල් වැඩපලේ මා සේවයට ගියේ අඩවන් වූ වූ පාසල දොර දයාබර මලණුවන්ට හට වඩ වඩාත් විවර කර දෙමිනි. එදා සිට මාගේ ජීවිතයේ පරම සිහිනය වූයේ ඔහුට හොඳින් ඉගැන්වීමත්, මෑණියන් පෝෂණය කිරීමත්ය.

නමුදු පිය සෙනෙහයෙන් රැකවරණයෙන් මිදුනා වූද, මවු තුරුලෙහි තව තවත් සුරතල් වූද, මා දයාබර මලණුවන් හට අප තිදෙනා වෙනුවෙන් මා දුටු සිහිනය කැප නොවුනා සේය. නිදහසේ තටු විදා පියෑඹූ කුරුල්ලකු වූ ඔහුට ජීවිතයේ ගැඹුර පිලිබඳ අදහසක් තුන් සිත් මානයකවත් නොතිබූයේ ඔහුගේම වරදින්යැයි මා නොකියන්නේ ඔහුට එම ගැඹුර පෙන්වීමට තරම් නිවනක් මා හටද නොවූ හෙයිනි.

එහි අවසාන ප්‍රතිපලය වූයේ බොහෝ සැඳෑ යාමයන්හීදී අප නිවස තුල සිදුවූ ඉහත ආකාරයේ බහින්බස් වීම් හා මත ගැටුම්ය. නමුදු අද එය කවරදාකටත් වඩා උග්‍ර වී ඇත.

"අනේ දෙයියනේ මගෙ කොලුව... ඒක කොහේ ගිහින් ඇත්ද, මොන වැඩේ කලත් ඌ යසට හිටියා. ඉස්කෝලෙන් කට්ටි පැනපු එක ඇත්ත. කොලු රෑන එක්ක දඩාවතේ ගිය එකත් හරි. පොතක් අතින්වත් ඇල්ලුවෙ නෑ ඌ. ඒත් හැම හවහකම ඌ මගෙ උකුලෙ හිටියා. හීන් එකෙක් වගේ මට කියල බත් කව්ව ගත්තා. අනේ අද ඌ කෝ.. ලොකු පුතේ මට ඌව කොහෙන් හරි හොයල ගෙනත් දියන්, නැත්නම් මගෙ පපුව පැලෙයි.."

අම්මා මේ වක්‍රාකාරව පවසන්නේ මල්ලී පෙරේදා රාත්‍රියේ ලිපියක් ලියා තබා හොර රහසේම මහ රෑ අප හැර ගෙදරින් පලා ගිය හේතුවට මා වරදකරු වන බව නොවන්නේද. නො එසේනම් මා හද අභ්‍යන්තරයෙන්ම මගේම හෘද සාක්ෂියද මට අඟවන්නේ මා වරද කරුවකු බවටද. මා හට නොතේරේ. දන්නා එකම කරුණනම්, කුමන හෝ දුකක් විඳ මා උත්සාහ ගත්තේ ඔහුට හොඬ අධ්‍යාපනයක් ලබා දී මට විවර නොවූ සොඳුරු ලොව ඔහුට විවර කර දී මෑණියන්හටද නිරාමිස සතුටක් ලබා දීමයි. ඒ වෙනුවෙන් මම දහදිය හෙලීමි. දුක් විඳීමි, ඔහුට හරි මඟ කියාදීමට උත්සාහ කලෙමි. හොඳින් බැරිකොට බැණ වැදී හෝ උත්සාහ කලෙමි. නමුදු ඔහුවත්, කිසිවෙකුවත් මගේ ව්‍යායාමය වටහාගෙන නොමැති වී ඇත. මෑණියන් පවා දැන් මා දකිනුයේ ඇගේ සුරතල් පුතු ඇකයෙන් උදුරාගත් නරුමයකු විලසිනි.

නමුදු ඔහුවත්, කිසිවෙකුවත් මගේ ව්‍යායාමය වටහාගෙන නොමැති වී ඇත. මෑණියන් පවා දැන් මා දකිනුයේ ඇගේ සුරතල් පුතු ඇකයෙන් උදුරාගත් නරුමයකු විලසිනි. අසීමිතව ආදරය කල සොහොයුරාගේ හැරයාමත්, දයාබර මෑණියන්ගේ විලාපයත්, ශෝකයත් අතරම නැඟෙන මා පිළිබඳ නොපැහැදීම ආදී දහසකුත් එකක් දෝමනස්සයන් අතර හුදෙකලාවී මම කඩුල්ල අසලටවී වැටහිර කණුවේ හිස ගසාගෙන සිටින්නෙමි.

උඹේ හිතේ හයියට හිතුවක්කාරකමට උඹ අපිව දාලා රස්සාවක් හොයාගෙන ගියාට මලේ, මං දන්නව උඹේ හැටි, ගමේ ගොඩේ කරක්ගගහ ටැග් ගැහුනට උඹට හයිය නෑ රස්සාවක් කරන්න. රස්සාවක් හොයාගන්න. නගරේ හක්කලන් වෙන්න. මට දරාගන්න බැරි ඒකයි මලේ. මං දන්නෑ උඹ කොහේ කොහොම වැටිල ඉන්නවද කියලා. උඹ කොහේ නිදාගන්නවද, හිරිකඩේ කඩ පිලක උඹ ගුලි ගැහිලද, නැත්නම් කපටි ලොරි මුදලාලියෙකුගෙ ගෝලයෙක් වෙලාද, ගමෙන් ගමට, නගරෙන් නගරෙට, උඹ ලොරි බාග වල එල්ලි එල්ලි නිදිකිර කර යනව වත්ද. මෙහෙම ගිහින් උඹ කරවල වාඩියකතවත් පැටවෙයිද. මං දන්නෑ මලේ, මගෙ ඔලුව කචල් වෙලා උඹ ගැන හිතලම.

ඇයි උඹට නොතේරුනේ මං උඹට ආදරේ කරපු තරම, උඹ ගැන මං හිතපු තරම.උඹේ හොඳටම උඹට මං තරවටු කලාට, උඹ අපිට ඇයි මෙච්චර් දඬුවමක් දුන්නේ. උඹ ගැනම හිතල අම්මා දැන් ලෙඩවෙලා. ඒ මනුස්සයා දවස්ගානකින් බත් ඇටයක් කාල නෑ, කහට උගුරක් බීලා නෑ. ඇයි මල්ලියේ උඹ අපිට මේ තරම් වේදනාවක් දුන්නේ.

මං මේ හිතන දේවල් කොහොමද උඹට කියන්නේ. හිතිවිලි හුලඟෙ පාවෙලා හරි උඹේ කනට යනවනම්. හීනෙන් හරි ඉන්න තැනකට උඹට මේව ඇහෙනවනම්.. අනේ මලේ, උඹේ අයිය උඹට වඳින්නම්, අයියට සමාවෙලා, අම්ම ගැන හිතල වරෙන් ගෙදර...



"පින්නේ රැයේ කඩ අගුවක නිදනවද
ලොරියක ගෝනි මත්තේ නිදි කිරනවද
කරවල වාඩියක සිරවී තැවෙනවද
මල්ලියෙ කොහේ කොතැනක නුඹ සිටිනවද

අම්මා විඳ දරාගෙන හැම දුක් ගැහැට
නැති බැරි වුණත් දුක දුන්නේ නැහැ නුඹට
බැරි වුණු නිසා මට අකුරෙන් ජය ගන්ට
දහ දුක් ඉහිලුවේ නුඹ තැනකට ගන්ට

ඉස්කෝලේ නොයා කැලයට පැන්නාට
තරවටු කලේ ගුරු දෙගුරුන් නුඹෙ හොඳට
ගහ බැන්නේ හදාගන්නයි මං නුඹට
හිතුවේ අනේ ඇයි ඒ හැම වැරදියට

නුඹ නැති දා ඉඳන් අම්මා හැඞු කඳුලෙන්
ඔත්පල වුණා අප්පච්චී සංකාවෙන්
ගේ මළ ගෙයක් වාගෙයි අද නුඹ නැතියෙන්
හනිකට වරෙන් ඉගිලී ඉන්නා තැනෙකින්"

පද රචනය: කුලරත්න ආරියවංස
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය : සුනිල් එදිරිසිංහ




දැන් අහමු ගීතය..





(Pinne Raye - Sunil Edirisinghe)



***************************************

සටහන...


දිගු කාලාන්තරයකට පසු නැවත වතාවක් ඔබ වෙත ගී සංවේදනාවක් ගෙන ඒමට තරම් මම යලිත් වාසනාවන්ත වුනෙමි. පසුගිය පෝස්ටුවකින් මම ලිපි සියයේ කඩයිමට ලඟා වූ බව ඔබ සමඟ පැවසුවෙමි. ඒ මොහොතේ දයාබර සිංදු ඇනෝ කීවේ, එකසිය එක්වෙනි පෝස්ටුවෙන් හෝ කියවන්නට දෙයක් ලබා දෙන ලෙසයි. ඇත්තෙන්ම සියයේ කඩයිමට ලඟා වූ පසුව මා එය ඔබ හට දැනුම් දුන්නේ එකසිය එක්වෙනි පෝස්ටුවෙනි. කෙසේ වුවද මෙලෙස එකසිය දෙවන පෝස්ට්ටුව සමඟින් මා හට යලිත් ඔබ වෙත ගී සංවේදනාවකින් ලඟා වීමට මෙලෙස හැකියාව ලැබුණි. පසුගිය කාලය පුරාවටම නිබඬ මා ලඟම හිඳින්මින්, නිරතුරුවම ලිපියක් ලිවීමට මා දිරිමත් කරමින්, මා සමඟම සිටි මගේ දයාබර සහෘදයෙනි... ඔබට මාගේ නමස්කාරය...

එමෙන්ම මෙවෙලෙහි සඳහන් කලයුතු තවත් විශේෂතම කරුණක් නම්, මෙම ගීතය මා හට ලබා දෙමින් මීට කලකට ඉහතදී මේ සඳහා සංවේදනාවක් ලියමු යැයි යෝජනා කරන ලද්දේ අපේ දයාබර පත්තර මල්ලී බ්ලොග් රසවතායි.. එනිසා මේ මොහොතේ ඔහුවද දයාබරව සිහිපත් කරන්නෙමි...






89 comments:

  1. ආයිත් ගී සංකල්පනා පටං ගත්තු එකනං හොඳයි.
    උඹට පොඩි යෝජනාවක් තියෙනවා කරන්න. දැන් උඹ ඔය උගන්නන්න සූදානම් වන විෂයයක් ඇතිනෙ. අන්න ඒක ආශ්‍රිතව මොනවා හරි නිර්මාණ කරන්නත් බලපං. එතකොට රැකියාවත් තෘප්තිමත් වෙයි.

    ReplyDelete
    Replies
    1. අනේ බන් අපි සිංහල ඒවත් කියවානේ බොහොම අමාරුවෙන් .දැන් මුට කියලා "කඩු" කිනිසි අදින්නද හදන්නේ ? හැක්

      Delete
    2. අප්පට සිලි! මූ ඉංගිරිස් ද උගන්නන්නෙ? අනේ මනෝෂ් මල්ලියේ, ඒ යෝජනාව ඉල්ලා අස්කොරගන්නවා...ඕ යේස්. මේ අපේ මාධවීගෙ විකාර යෝජනානෙ. ඕං මං එහෙම නෑ හොඳේ.

      Delete
    3. අප්පට සිලි! මම හිතුවේ මම විතරයි කඩු කිනිසි වලට බය කියලා ....තව එකෙක් හරි ඉන්නවා කියන්නේ මට පුදුම හයියක් මදාවියෝ .........හික්ස් .

      Delete
    4. @මධුවෝ.. උඹේ කමෙන්ට් එක දැක්කගමන්ම මං කල්පනාකලේ මේකට දෙන උත්තරේ මොකද්ද කියලයි. ඇයි යකෝ මගේ සබ්ජෙක්ට් එකෙන් මේකෙ ලියන්න මාත් ඉංගිරිස් දැනං ඉන්නෙපැයි!!

      Delete
    5. සින්දුවෝ...

      මයෙ අම්ම, උඹමාව බේරගත්තා..! උම්මා.

      Delete
    6. සඳරුවො කියහං එහෙනං Rock view කියන්නෙ මොකද්ද? ගල පේනවා කියන එකද?

      Delete
    7. එතකොට "Rock cut state park" කියන්නේ ??????
      (රාජ්‍ය ගල් කපන උද්ද්‍යානය ද ???)
      http://www.dnr.illinois.gov/Parks/Pages/RockCut.aspx

      Delete
    8. ඩ්‍රැකියො අන්න හරි. උඹට හරියටම තේරුනා.

      Delete
    9. සින්දුගේ අර්ථදැක්වීමත් හරියටම හරි. උඹල හෙන පෙසස්තයිනෙ බොලවු.

      Delete
    10. අනේ කියන තැනකට පෙරලි පෙරලි වදින්නම් ඉංගිරිසි නම් එපා.

      Delete
    11. ආ..මේ ඇවිත් ඉන්නෙ.

      Delete
  2. මදාවිය දීල තියෙන්නෙ පස්ට අයිඩියාවක්... ආයෙ මොනාද...

    පස්ටයි මචෝ කතාවක් තියේ නෙ අපේ උංට හොද කරන්න ගියොත් කුණු බැණුම් ෂුවර් කියල... ඒක කොයි වෙලෙත් කොහෙත් පොදු දෙයක් මාත් අත් දැකල අත්විදල තියෙන දෙයක්...
    අද ඔය වගේ බැණ අඩගාල තරහ වෙලා යනව ඒත් කවද හරි දවසක අරූ හරි කියන තත්වෙට එනව අන්න එදාට තරං පසු තැවෙන දවසක් මේ ලෝ කෙ කොහෙවත් නෑ නැද්ද හා...

    ආයෙත් මේ වගේ සටහනක් ඉක්මණට ගෙන ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඒ..............වැරදුනා සර්!!!!

      Delete
    2. මහේෂ්....
      ඔන්න මධාවියාට මං හොඳ උත්තරේකුත් දුන්නා.

      ඇත්ත බං, සහොඉදරයට උනත් ඕනිවට වඩා කරන්න ගියාම අන්තිමේ අපිට ඉතුරුවෙන්නෙ පසුතැවීම විතරයි. මිනිස්සුන්ට යාලුවන්ට එහෙම ඕනිවට වඩා උදවු කරන්න ගිහින් පුද්ගලිකව මාත් අම්බානක මට්ටුවෙලා තියෙනවා.

      Delete
    3. @මධනයා...

      What did you say??? On your knees!!!

      Delete
    4. මදාවියෝ වරෙන් වරෙන් .බයවෙන්න එපා.මේ මනොෂ් අහන්නේ "උඹ මොනාද කිව්වේ දනිස් වලින් " කියලා .....(බලපන් මට කඩ්ඩ පොඩ්ඩක් තේරෙනවා ....හැක් හැක් )

      Delete
    5. ඒ... knees කියන්නෙ දනී...ස් ද? කවුද අප්ප දන්නෙ. මං ඊ ළඟ දවසේ වැලමිටී...ස් වලින් තමා කියන්නෙ.

      Delete
    6. උන්ඩුකප්පුච්චෙට ඉංග්‍රීසියෙං කියන්නෙ කොහොමෙයි බං ??

      Delete
    7. මගේ උන්ඩුකේ කපලා දැම්මා .ඒ නිසා මට නම් ඕක ඉංගිරිස් වලින් කියන්න ඕනෑ නැ ...හැක්

      Delete
    8. The Chronicle story is generally self-explanatory. After setting the stage, it notes the events that followed Alfred's construction of new warships to counter the Vikings. He dispatches nine of them on a mission. Six pirate ships are spotted beached on a riverbank near the sea, with guards posted, while raiders plunder inland. When the guards spy Alfred's vessels, they launch three of their ships to engage the English.
      Our selection includes lines 159-193, found on p. 37 in: Charles T. Onions, ed. (1959), Sweet's Anglo-Saxon Reader in Prose and Verse, 14th edition, Oxford: Clarendon.
      Ðā þæs on sumera on ðysum gēre tōfōr se here, sum on Ēastengle, sum on Norðhymbre.

      ðā -- adverb then, when -- ...
      þæs -- demonstrative pronoun; genitive singular neuter of that -- ...
      on -- preposition on(to), upon -- in
      sumera -- noun, masculine; dative singular of summer -- summer
      on -- preposition on(to), upon -- in
      ðysum -- demonstrative article; dative singular neuter of this -- this
      gēre -- noun, neuter; dative singular of year -- year
      tōfōr -- strong verb, class VI; 3rd person plural preterite of disperse, separate -- dispersed
      se -- definite article; nominative singular masculine of the -- the
      here -- noun, masculine; nominative singular of (enemy) army -- enemy # the Danish army: the Vikings
      sum -- adjective; nominative singular masculine of some, a certain -- some
      on -- preposition on(to), upon -- into
      Ēastengle -- proper noun, masculine plural; accusative of East Angles, East Anglia -- East Anglia
      sum -- adjective; nominative singular masculine of some, a certain -- some
      on -- preposition on(to), upon -- into
      Norðhymbre -- proper noun, masculine plural; accusative of Northumbrians, Northumbria -- Northumbria
      Ond þā þe feohlēase wǣron him þǣr scipu begēton, ond sūð ofer sǣ fōron tō Sigene.

      ond -- conjunction and -- ...
      þā -- demonstrative pronoun; nominative plural of that -- those
      þe -- relative particle that, which, who -- who
      feohlēase -- adjective; nominative plural of moneyless, lit. without cattle -- without money.

      Delete
    9. යකඩෝ...........................................මූට ගිය කල!
      ඒයි කොල්ලනේ මෙහෙ වරෙල්ලා කඩු අමෝරගෙන... කඩු නැත්තං ඔය කැති, මන්නා කොට හරි කමක් නෑ.
      බුරහ්ම කෙළියක්නෙ යකෝ මේක!

      Delete
    10. හුකා .....මදාවියෝ ඔන්න උඹම මේක විසදපන් ...

      Delete
    11. http://www.utexas.edu/cola/centers/lrc/eieol/engol-5-X.html
      ඔන්න විසඳුවා....

      Delete
    12. අපි නම් මේ පැත්ත පලාතේ ආවේ නෑතෝ...

      Delete
    13. හුකෑස්... මධුව හොයාගෙන තියෙන්නෙ.

      Delete
  3. අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ... මතක් උනා.

    ReplyDelete
    Replies
    1. හොදයි කියපන් බලන්න කවදද ආවේ කියලා ???????

      අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
      ගිනි ඇවිලුනා කැණි මඬලට අපෙ නිවසේ
      එක බත අනා එකටම කෑ පෙර දවසේ
      මං අමතකද නුඹ රජ වුන අද දවසේ

      අම්මා එක්ක දබරව පැන ගිය වැත්තේ
      ලැම දා ගියා බත හිරවුනි කුසගින්නේ
      දෑසේ කඳුලු වැහි පොද ලෙස වෑහෙන්නේ
      වී පෑලකට ඇයි නුඹ විරසක වෙන්නේ

      ඉරට සැපක්දෝ නියඟය දලූ ලෑම
      සදට සැපක්දෝ ගනඳුරු පීදීම
      නුඹට සැපක්දෝ අපි තනිකර යෑම
      මහ පොළවකට නඩු හබ ඇයි ගතු කීම

      අයියන්ඩියේ......

      ගායනය - විශාරද ගුනදාස කපුගේ
      පද රචනය - නිමල් ආනන්ද

      Delete
    2. ඩ්‍රැකියා ඉතිං කට ඇරියොත් අමූලික ඇත්තක්නොවැ කියන්නෙ. ඇවිත් යන්න ඇති බාගවෙලාවට....අයියා...

      Delete
    3. ඩ්‍රැකී... මාත් ඉතාම කැමති සින්දුවක්..

      Delete
    4. සින්දු අයියණ්ඩ, ඔන්න ඔය අතරම අයියලා ගැන මෙන්න මෙහෙම හිතන මල්ලිලා නංගිලත් ඉන්නව නේද...

      අයියණ්ඩියෙ පොඩි දා සිට අපි දෙන්නා
      එක වහලක් යට වැලි කෙළිමින් උන්නා
      එක කුස් උන් සුවඳින් සෙනෙහස වැඩුණා
      කිරි එරුණා සේ නුඹ මා වෙත බැඳුනා

      නුඹ පසු බැස්සේ මට ජය ගෙන දෙන්නයි
      දර දිය ඇද්දේ මට බත සපයන්නයි
      කුස ගිනි දැරුවේ මා කුස පුරවන්නයි
      වැරහැලි ඇන්දේ මට පිරුවට දෙන්නයි

      සොයුරන් ඇත ලොව මවුවරු පියවරු වන්
      දුක සැප හමුවේ බිතු සිතුවම් රූ මෙන්
      පෙම් කවි ගොතනා කිවියරුනේ සුපසන්
      සොහොයුරු පෙම ගැන නව කවි ගී පවසන්

      නන්දා මාලිනී
      -සත්‍යයේ ගීතය-

      Delete
    5. මාධවියේ...

      ඒ මං නොදන්න කතාවක්ද බොලං?

      Delete
    6. අම්මා නැති මට කිරි අම්මා වී....

      Delete
    7. අහස උසට නැග පලංචියේ
      සිටු මන්දිර හදනා අයියේ
      ඒ මන්දිරවල තහංචියේ
      අතු කුටියේ මම කාන්සියේ

      උඩට ගියත් නුඹ මහ පොළවේමයි
      හිත හොඳකම හින්දා
      නුඹ හදනා මැදුරට එන දෙවියොත්
      ඒවාගෙද මන්දා

      හිතට බයයි නුඹ වැඩි උඩ යනකොට
      නුහුරු කම ද මන්දා
      බිමට වරෙන් මගෙ බුදු අයියණ්ඩියෙ
      මම තනියම හින්දා

      අහස උසට නැග පලංචියේ
      සිටු මන්දිර හදනා අයියේ
      ඒ මන්දිරවල තහංචියේ
      අතුකුටියේ මම කාන්සියේ

      ගායනය - ඉන්ද්‍රනි බෝගොඩ
      පද රචනය - ආරියසේන වඩුගේ
      තනුව - චන්ද්‍රදාස බෝගොඩ

      Delete
    8. 12 / 13 වසර වල නංගිලා ගැන සිංදු නැද්ද :D

      Delete
    9. මේ වාගේ එකක්‌ හොදද මචෝ ...හැක්

      දෙවැට අයිනේ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයි
      නංගිලා ඒ මල් නෙළන්නේ මාලයක් ගොතන්නයි
      සුවඳ මල්වලින් ගොතන මාලා පුංචි මල්ලිලාටයි
      මල්ලිලා ඒ ගෙල දමන්නේ ආදරේ ලබන්නයි

      සියුමැලී මල්පෙතී පාට පාටින් සැරසෙති
      ඇයි ලොවේ පිපුණේ කියා සුවඳ මල් නො අසති

      බට ගහේ අතු අතවනන්නේ පුංචි මල්ලිලාටයි
      මල්ලිලා ඒ බට නෙළන්නේ බට නළා හදන්නයි
      හදවතේ සුසුමන් නැගෙන්නේ ඒ නළා වයන්නයි
      බට නළාවේ ඒ අසෙන්නේ ආදරේ කතාවයි

      බට ගහේ සිදුරකින් හදවතේ සුසුමකින්
      නැගෙන ගී රාවයෙන් මියුරු වේ අප සවන්

      ගායනය:-භද්‍රජී මහින්ද ජයතිලක

      Delete
    10. අමරදේවගෙ “...මාවවුලන් රෑ පුරාම රංචු ගැසීලා...“

      දාහංකො සිදු ඇනෝ ඒ සිංදුවත්...

      Delete
    11. මෙන්න මචෝ (කොපි & පේස්ට් ) .මනො පහල දාලා තියෙන්නේ මචෝ ..

      මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා
      මී ගස් යට මී වැහි වැහැලා
      බාලේ මෙන් පාන්දරින් ඇහිඳින්නට යන්නට බෑ
      මට තනියක් දැනෙනවා

      දරට ගිහින් කුරුඳු කැලේ මග වැරදීලා
      මං එනතුරු හඬා වැටෙද්දී
      නුඹට දැනුණු පාළුව දුක මෙදා මටයි මලේ
      නුඹ නැතිදා මට තනිකම දැනෙනවා

      පැදුරු කොටේ තුරුළු වෙලා ගොම්මන් යාමේ
      හොල්මන් ගැන කතා කියද්දී
      මගේ ඇඟේ දැවටීගෙන අසා උන්නු මලේ
      නුඹ නැතිදා මට තනිකම දැනෙනවා

      ගායනය : අමරදේව
      ගී පද : කුලරත්න ආරියවංශ
      සංගීතය : රෝහණ වීරසිංහ

      Delete
    12. This comment has been removed by the author.

      Delete
    13. අයියා ඔබ මා කැඳවා යන්නේ ඔබ සිටින රාජ්යේයටද?
      යන්ට එපා අයියා යන්ට එපා.....................

      පින්සාර මා අයියා
      පින්සාර මාගෙ සෝයුරා
      ප්‍රේමෙන් පිදූවා ජීවිතේ
      දර්ශන වේ මෙ මාර්ගයේ

      නංගීව ශෝක ගින්නෙ දා
      යන්ට එපා දැන් මා හැරා
      එල්ලෙමි මං ඔබේ ගෙලේ

      අහසේ දියේ වලාකුළේ
      මතුවේ ඔබේ උතුම් ගුණේ
      ඇනෙනා කටු ශරීරයේ
      වද මල් සේ යාවි ලේ ගලා
      නොදැනේ ශරීර වේදනා

      ඵල නෑ විකාර ජීවිතේ
      මරණෙත් සැපයි මෙ ලෝකයේ
      අයියාගේ රම්‍ය දර්ශනේ
      නොපෙනේ අනේ වසන් උනේ
      සැතපෙම් ඔබේ මිනී වළේ

      ආත්මේ අපේ ඇලී ගැලී
      උපදීවා ස්වර්ග රාජ්‍යයේ
      පින්සාර මාගෙ සෝයුරා
      ප්‍රේමෙන් පිදූවා ජීවිතේ
      දර්ශන වේ මෙ මාර්ගයේ

      ගායනය : රුක්මනී දේවි
      ගී පද : ජී.එල්.ජේ. නන්දනකීර්ති
      සංගීතය : සී.එන්. පාන්ඩුරංගන්

      මෙන්න අහන්න

      Delete
    14. අම්මටහුඩු යකෝ .… ජීවිතේට අහල නැති සිංදු මේවා.. මේකට මනෝෂයා සංවේදනාවක් ලිව්වොත් කොහොම හිටීද ??? :D මට මැවිලා පේනවා..

      අයියා යන්ට එපා අයියා - රුක්මනී දේවි

      යන්න එපා ඉන්න නගේ -- සෙන්ටිග්‍රේඩ්ස් . හැක්

      Delete
    15. සින්දු ඇනෝ,

      උඹ නැතිදාට අපිට දැනෙයි මාර පාඩුවක් බං... පත්තරෙයට පිං උඹව බ්ලොග් ලෝකෙට ගෙනාවට.

      Delete
    16. සින්දුවෝ, කටුස්සෝ, පත්තරයෝ... මේ ගී මතක අවධිකරනවට, ඒ ගී අපි එක්ක බෙදාගන්නවට උඹලට අනේකවාරයක් ස්තූතියි..

      Delete
    17. ඩ්‍රැකී,
      //උඹ නැතිදාට//??????????
      උඹ සිංදුවගේත් බෙල්ල විදිංටද කමපොනාව?

      Delete
    18. අනේ ඩ්‍රැකීයෝ උඹ එහෙම කරන්නේ නැ නේද ? මදාවියෝ මාව බේරා ගනින් .තවම ජිවිතේ පටන් ගත්තා විතරයි මචෝ ..
      ඩ්‍රැකීයෝ මෙන්න උඹට ...

      සඳ පායන රෑ කාලේ
      කළු ලෝගුව පොරවාලා
      උල් දත් දෙක දිගු කරගෙන
      ලේ වල ඉව බල බලා //

      මම එනවා අඳුර මැදින්
      මොර දෙනවා ගිරිය යටින්
      මමයි කවුන්ට් ඩ්‍රැකියුලා
      මමයි කවුන්ට් ඩ්‍රැකියුලා
      මමයි කවුන්ට් ඩ්‍රැකියුලා

      අන්ධකාරයේ හිනාව
      දෝංකාරයේ ගෙනාව
      මළවුන්ගේ රාජධානියේ
      වැන් හෙල්සිංගේ වෙලාව
      මගේ ලොවේ අවේලාව
      වවුල් වෙසින් මං වැජඹෙන්නේ //

      මම එනවා අඳුර මැදින්....

      සමාදානයේ සැතපෙන
      මිනී වලේදී හිනැහෙන
      අයගෙ රජා මමයි යාළුවේ
      වොර්ක රෑනගේ සහාය
      මගේ තනිය නැති කළේය
      රුහිරු බොමින් මං සැනසෙන්නේ //

      සඳ පායන රෑ කාලේ
      කළු ලෝගුව පොරවාලා
      උල් දත් දෙක දිගු කරගෙන
      ලේ වල ඉව බල බලා //

      මම එනවා අඳුර මැදින්
      මොර දෙනවා ගිරිය යටින්
      මමයි කවුන්ට් ඩ්‍රැකියුලා
      මමයි කවුන්ට් ඩ්‍රැකියුලා
      මමයි කවුන්ට් ඩ්‍රැකියුලා

      ගායනය - නිහාල් නෙල්සන්

      Delete
    19. පත්තරේ, මෙන්න මගෙන් නුඹට...

      Delete
    20. පත්තරයයි සින්දු ඇනෝ, ඩ්‍රෑකියා මධාවියා සදුවා අපි දවසක බෝතලයක් ගහමු බං

      Delete
    21. අපේ ඩ්‍රැකියා අහිංසකයි බං.ඌ බෙල්ල විදල ලේ බොන්නෙ නෑ.

      ඒක නෙවෙයි සින්දුවෝ උඹ ඩ්‍රැකියුලටත් සින්දුවක් හොයාගත්තද. උඹනම් ගින්දර මචෝ.

      Delete
    22. එලකිරි මෙන්ඩෝ...බෝතලේට චියර්ස් කරල මාත් කොකාකෝල හරි බොනවා. ඕක මගෙත් හීනයක් බොල. ඩොල්කියකුත් ලංකරගෙන, ගිටාර් එකත් සෙට් කරගෙන හඳ එලියේ වැව් බැම්මේ.. යකෝ මට පිස්සු වගෙ...

      Delete
    23. එලකිරි මෙන්ඩෝ...බෝතලේට චියර්ස් කරල මාත් කොකාකෝල හරි බොනවා. ඕක මගෙත් හීනයක් බොල. ඩොල්කියකුත් ලංකරගෙන, ගිටාර් එකත් සෙට් කරගෙන හඳ එලියේ වැව් බැම්මේ.. යකෝ මට පිස්සු වගෙ...

      Delete
  4. මනෝෂ්...................

    අැත්තට ම පුදුමයි කොහොමද මේ තරම් ලස්සන සින්දුවක් මග හැරුණේ කියලා.... පිං මේ සින්දුව පෙන්වා දුන්නාට... උඹ අඩුවෙන් ලියන ඒකනම් ලොකු දුකක්... අඩුවක්..... ඒත් ගොඩක් අය මේ දවස් වල හිරවෙලා නිසා කරන්නත් දෙයක් නැහැ..... මොනවා වුණත් පුළුවන් වෙලාවට ලියන්න කියලා ඉල්ලනවා...... ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ගී පවුරේ... මේ සින්දුව පත්තරේ මට දෙනකල් මං අහල තිබුනෙත් නෑ. වටිනම ගීයක්...

      වැඩ වැඩිවෙලා බ්ලොග් එකෙන් ඈත් උනාම ආයෙ ට්‍රැක් එකට එන්නත් හරි අමාරුයි...

      ස්තූතියි ගී පවුරේ.

      Delete
  5. විරාමයට පසු ඔබ නැවතත් සුපුරුදු වැඩසටහන සමගින් .....ජයවේවා මනෝ .බලපන් උඹ ලියනකල් කීදෙනෙක් බලා ඉන්නවාද කියලා .ඒ නිසා පුළුවන් හැම වෙලාවේම ලියපන් මලේ ...(අන්න පුලුවන්නම් අපේ ඉවාන් ,විදානේ වගේ අය ආදර්ශයට ගනින් හැක් )

    (මේ සින්දුව මෙතැනට වැඩිය ගැලපෙන එකක් නැ ...මට මතක් උනේ මේකම තමයි .)

    එකම මොහොතක එකට ඉපදී 
    එකම ගෙයි ඇති දැඩි වෙලා...
    එකම වහලට එක ම ඉල්ලුම
    අපි හැමෝ මත් ඇති කළා...

    එකම මවු ගේ එකම කිරි බී
    එකට අපි එක් වී බලා...
    එකම මවු දැයි එකම ගේ දැයි
    අද දිනේ ඇත පැටලිලා...

    එකම තැනක දි එකට හමුවන 
    දිනයකුත් ඇත එළැඹිලා...
    එදින පමණක් එකතු වී අපි
    කුමට දෝ යළි වැළපිලා...


    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : රෝහණ වීරසිංහ
    ගායනය : රෝහණ බෝගොඩ

    ReplyDelete
    Replies
    1. මාත් ලිව්වා කවියක් ඕන් .....

      මව් ඇකේ උණුහුමට ගුලි වෙන්න පිං නැතත්
      පිය සෙනේ විදින්නට අපිට වරමක් නැතත්
      කුසගින්න නිවනු වස් නේක දුක් විදි නමුත්
      සොයුරු පෙම තියනවා හැමදේම නැති උනත්

      දකින්නට ලොව එලිය පිං කරල ඇති නමුත්
      විදින්නට මෙවන් දුක් පව් කරන්නැති හුගක්
      සිනිදු සුව යහන්වල සැතපෙන්න පිං නැතත්
      සොයුර ඔබෙ උණුහුමම අනේ මට මහ මෙරක්

      ගත්තේ මෙතැනින්"හිතට නමක්"

      Delete
    2. හැක්!! ඒ කියන්නෙ මාත් හොඳ ලේකකයෙක් නේහ්???

      ස්තූතියි සිංදු අයියණ්ඩී... කවි ගී සින්දු වලින් මේ ලිපි මෙහෙම වර්ණවත් කරනවට. මෙන්න මගෙනුත් තවත් එකක්

      කොත්තිලාක්කු පහන
      කොත්තිලාක්කු පහන තිබේ පෙට්ටගමක් යට
      කුප්පි ලාම්පුව හිමිවී ඇත මුළුතැන්ගෙට
      අළුත ගෙනා ලාම්පුවේ එළිය දකිනවිට
      අයියණ්ඩිගෙ හිතට සතුට වැඩිවෙයි හරියට ...//

      රෑ නිදිමත එනතුරු පෙර කතා අහන්නට
      ඉතින් ඉඩක් නැහැ අම්මගෙ දෙපසින් ඉන්නට
      අඩක් ඉතිරි කළ අහරේ රහක් බලන්නට
      පිනක් නැහැ වගේ අයියේ දැන් මේ නංගිට

      කොත්තිලාක්කු පහන තිබේ පෙට්ටගමක් යට
      කුප්පි ලාම්පුව හිමිවී ඇත මුළුතැන්ගෙට
      අළුත ගෙනා ලාම්පුවේ එළිය දකිනවිට
      අයියණ්ඩිගෙ හිතට සතුට වැඩිවෙයි හරියට

      ඉස්සර විදියට මගෙ අයියට සළකන්නට
      නැති හින්දයි හේතුව මේ හැටි දුක් වන්නට
      දොසක් කියන්නේ නැහැ මම මගෙ නෑනණ්ඩිට
      වෙනස් කමක් කරන්නෙපා කවදාවත් මට

      කොත්තිලාක්කු පහන තිබේ පෙට්ටගමක් යට
      කුප්පි ලාම්පුව හිමිවී ඇත මුළුතැන්ගෙට
      අළුත ගෙනා ලාම්පුවේ එළිය දකිනවිට
      අයියණ්ඩිගෙ හිතට සතුට වැඩිවෙයි හරියට

      ගායනය - නිරංජලා සරෝජිනී
      පද රචනය - ප්‍රේමනාත් ජයතිලක
      තනුව සහ සංගීතය - සෝමපාල රත්නායක

      Delete
  6. බොහෝ කලෙකිනි.... ගිනියම් කාටකේ සිත් බොහෝ සේ නිවුනි.... ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මාතලන් අයියණ්ඩියෙ...

      Delete
  7. කැලේ පැන්න බොහෝ අයට ඔය කල යන බව දැනගන්න ඕන ......
    නිර්මාණය ලස්සනයි .... සඳු ......

    ReplyDelete
    Replies
    1. ඒක හරි නිහින්සා... කාලෙකින් හරි ඒක තේරුම් අරන් මිනිස්සු හරි පාරට වැටෙනවානම්..

      Delete
  8. පත්තරයත් මාරම රසකාමියෙක්නේ.. මට මතක් උනේ
    මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා ගීතය.. මං ආයි ඔක්කොම ලියන්න යන්නේ නෑ මොකටද සිංදුවාගේ ජොබ් එකට කෙළින්නේ.. මා වවුලං එකේ නම් මල්ලි මැරිලා මෙතන මල්ලී පැනල ගිහින්.. මටත් ඒ කාලේ ඔහොම පැනල යන්න හිතිච්චි වෙලාවල් තිබ්බා.. වතාවක් ඇඳක පොලු කැඩෙනකම් අයියගෙන් ගුටි කෑවා බීල ඇවිත් මාට්ටු වෙලා ඒ ලෙවල් කාලේ.. ඌත් වස මදාවියා ලෝකේ තියෙන ඔක්කොම කුපාඩිකම් කරනව ඒ කාලේ ඒත් ඌට කාල ඉන්න බැරි උනේ අම්ම අඬපු විදිය දැකලා.. මට එදානම් හිතුනේ 'මාව හදන්න එන්න කලින් තෝ හැදිල හිටපිය' කියනවා වගේ හිතක්.. ඒත් මොකක්දෝ හේතුවකට මං ඌට අතක්වත් ඉස්සුවේ නෑ.. සමහරවිට මං කරපු වරද ගුටි කෑ යුතු එකක් විදියට මටම හිතුණද දන්නේ නෑ.. විශේෂයෙන්ම අම්මව අඬවපු එක.. කතන්දර බෝමයි හිතට එන..

    ReplyDelete
    Replies
    1. ආයෙ දෙකක් නෑ මං කෑගහනකොට අපේ මල්ලිත් ඔහොමම හිතනවා ඇති. අනික අපරාදෙ කියන්න බෑ ඌනම් කටපුරා කිටල දානවා උඹ ඕව මට කිටන්නෙ උඹ එහෙම කරලද කියලා.

      ඒක නෙවෙයි, කෝ උතින් අපේ මේ සින්දුවා වගකීම ඉටුකරල නෑ නොවෑ. ඉදින් මංවත් දාන්නම්.

      මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා
      මී ගස් යට මී වැහි වැහැලා
      බාලේ මෙන් පාන්දරින් ඇහිඳින්නට යන්නට බෑ
      මට තනියක් දැනෙනවා

      දරට ගිහින් කුරුඳු කැලේ මග වැරදීලා
      මං එනතුරු හඬා වැටෙද්දී
      නුඹට දැනුණු පාළුව දුක මෙදා මටයි මලේ
      නුඹ නැතිදා මට තනිකම දැනෙනවා

      පැදුරු කොටේ තුරුළු වෙලා ගොම්මන් යාමේ
      හොල්මන් ගැන කතා කියද්දී
      මගේ ඇඟේ දැවටීගෙන අසා උන්නු මලේ
      නුඹ නැතිදා මට තනිකම දැනෙනවා

      ගායනය : අමරදේව
      ගී පද : කුලරත්න ආරියවංශ
      සංගීතය : රෝහණ වීරසිංහ

      Delete
    2. අපි එහෙම තමයි ඩෝ … සුංගාරෙ ඉස්මොල්ලෙ ගිහිං ඉන්නෙ :.D

      Delete
    3. ආයෙත් අහල. දැන් උණ්ඩුකේ කිට්ටුව.

      Delete
  9. Replies
    1. ස්තූතියි කල්‍යාණ.. ඒ වගේම අර උඩින් කියල තියෙනවා වගේ හිතට එන සුන්දර මතකයන් ඉඩපාඩු තියෙන හැටියට බෙදාගමු අපිත් එක්ක.

      Delete
  10. Replies
    1. පසන්... ඔබව සාදරයෙන් පිලිගන්නවා..

      බොහොම ස්තූතියි.

      Delete
    2. මේ පසන්නම් රාජගිරිය ජනාධිපතියේ 2003 බැච් එකේ එකාම වෙන්න ඕනේ....

      Delete
    3. යකෝ මේ කටුස්සා මොකාද ??????

      Delete
    4. වහාම එකිනෙකා ඇඳින ගනිව්!!

      Delete
  11. ජීවිතයේ සමහර කාලවලදී හරිවැරද්ද තේරුම්ගන්න බැරි වෙලාවල් එනවා ඕන තරම්.ඒ වගේම උදවුකරන්න ඕනේ කාටද නැත්තේ කාටද කියලා තේරුම්ගන්න බැරිවෙලාවළුත් තියනවා.ඒ හැමදෙයක්ම පාඩම් විතරයි බං ජීවිතේට.කරුමේ කියන්නේ සමහර පාඩම් හිතට දැනෙන වෙලාව එනකොට අපි ගොඩක් පරක්කු වැඩියි.

    පහුගියකාලේ සිද්දවුන අලකලංචි නිසා එන්න බැරිවුන තැන් ගොඩයි.100ට මගෙන් උණුසුම් සුභ පැතුම්.පුළු පුළුවන් විදිහට කොහොමහරි අකුරුකරපන් අපිට කියවන්න.නැත්තන් අපි පවුනේ....

    ReplyDelete
    Replies
    1. අල නෙම කැරට් බිට් වම්බටු කලංචි වුනත් අපි උඔ එක්ක ඉන්නවා කටුස්සො

      Delete
    2. සියලු හැල හැප්පීම්,බාදක,කම්කටොලු,හිරිහැර,සන්තාප,වැරදි වැටහීම්,අහිමිවීම්,චෝදනා,නින්දා අපහාස අවලාද,පසුබැසීම්,පරාජයන් සහ විරහවන් හැරයාම් එකතුකරගෙන ඒ හැමදෙයක්ම අත්දැකීම් කරගෙන ඉදිරියටම යාමයි ජීවිතය කියන්නේ.. අපි අකුරු කරමු, ජීවිතය විඳවන්නට නොව, විඳින්නට....

      ස්තූතියි කටුසු යාලුවේ...

      Delete
    3. අනිවාරෙන්ම මෙන්ඩො.... මේ වර්චුවල් බැඳීම සහෝදර බැම්මෙනුත් අපි දැනටමත් සවිමත් කරගෙන...

      Delete
  12. මම මේ සිංදුව ඇහැව්වෙ අද..
    පත්තරයා කියන්නෙ..මාර පොරක් ඌ රස උල්පතක් සිම්පල් චරිතයක්.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම එකෙන්ම. ඌ මට දුන්නු හැම සින්දුවක්ම රස සාගරයක්.

      Delete
  13. නිවාඩු ලැබෙන හැම වෙලාවකම ලියපන්..
    සමහර සිංදු අහන වෙලාවට උඔව මතක් වෙනවා..

    ReplyDelete
    Replies
    1. එහෙම අහන එකත් සතුටක් මචෝ...

      අනිවාරෙන්ම හැකි හැම මොහොතකම මං ලියනවා.

      Delete
  14. මම මේ සිංදුව ඇහැව්වෙ අද..
    සමහර සිංදු අහන වෙලාවට උඔව මතක් වෙනවා..
    නිවාඩු ලැබෙන හැම වෙලාවකම ලියපන්..
    පත්තරයා කියන්නෙ..මාර පොරක් ඌ රස උල්පතක් සිම්පල් චරිතයක්.

    ReplyDelete
    Replies
    1. විදානේ මාර ක්‍රියේටිව් ..

      Delete
    2. මං කැමතිම විදානේ ඉට්ටැයිල්. මරු බං. අනේ උඹත් ඉඳල හිටල හරි ලියනවනම්.

      Delete
    3. මෙන්ඩෝ...

      නිවුන්නට කියහංකො මොනාහරි බොගේ කොටන්න කියලා.

      Delete
    4. එකෙන්ම ඉවාන්..

      Delete
  15. කාලෙකින් මනොෂ් ඇවිල්ලා, නියමයි මල්ලි

    ReplyDelete
  16. හොද comment එකක් මනොෂ් .. මෙහෙම සින්දුවක් තියනව කියලා දන්නෙත් අදයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඇනෝ...

      Delete