Pages

Sandumal

Sandumal

Sunday, October 26, 2014

•අවුරුද්දයි


"දිවි මගෙහි මෙතෙක් දුර මා සමඟ ගමන් කල.. මා සමඟ සිනාසුනු.. මා සමඟ ඉකිබින්ද.. රසික ඔබ.. මට..කුමුදෙකි..ගඟුලෙකි.. පහනෙකි..පවනෙකි..."






E - Money ගැන නොදන්න කෙනෙක් ඉන්නවද? මං හිතන්නෙ එහෙම නොදන්න කෙනෙක් නෑ. අනිවාරෙන්ම මේ සටහන කියවන හැමදෙනාම අනිවාරෙන්ම නිකමට හරි මේ කියන්නෙ මොකක්ද කියල දන්නවා. ඇතැම්විට මෙය කියවන කිහිප දෙනෙක් හෝ මේ පිළිබඳව උනන්දුවක් දක්වා මේ පිළිබඳ හදාරා ඇති බවටත් සැකයක් නෑ. ඉතින් මේ E- Money, එහෙම නැත්නම් අන්තර්ජාලයෙන් මුදල් ඉපැයීම කියන කාරණය මගේ හිතටත් වද දුන්න කාලයක් තිබුනා. උසස් පෙළ එහෙම කරල නිකන් වාත වෙවී ගෙදරට වෙලා ඉන්න කාලේ අතට කීයක් හරි හොයාගන්න තිබුනනම් හොඳයි කියල හිතුන කාලෙ මටත් ඔය E- Money රෝගෙ වැළඳුනා.

ඉතින් මාත් මේ ගැන හොයන්න පෙළඹුනා. පුවත් පත් වල මේ ගැන තිබුන දැන්වීම් කියෙව්වා. මේ විදියට මේ ගැන හොය හොය ඉන්නකොට මට දකින්න ලැබුනා E- Money යටතේ කිසියමක් කාර්‍යක් කොන්ත්‍රාත්තුවක් අරන් තිබූ අයෙකු ඒ කාර්‍ය ලංකාවේ අය අතරෙ Sub Contracts විදියට ලබා දෙන අවස්ථාවක්. මං ඒකට සම්බන්ධ වුනා. කරන්න තිබුනෙ සුලු දෙයක්. අදාල කෙනා මට ඊමේල් මඟින් ස්කෑන් කල PDF ෆයිල්ස් කිහිපයක් එවනවා. මං හිතන්නෙ ඒ පැරණි නවකතා. මට තියෙන්නෙ ඒව බලාගෙන ඒ සටහන් MS Word Document එකක ටයිප් කරල ආපහු ඔහුට යවන එක. මේ විදියට මට එවන එක පිටුවක් සඳහා ඔහු මට රුපියල් පනහක් ගෙව්වා. මං මට ලැබුනු PDF සියල්ල පිටපත් කොට යැවූ විට ඔහු අදාළ මුදල මට බැංකුවට එවන්න කටයුතු කලා. මට හොඳට මතකයි ඒ ලැබූ මුලු මුදලින් මං කලේ මට ඒ කාලෙ තිබුන මගේ ඩෙස්ක්ටොප් පරිගනකය සඳහා කම්පියුටර් ටේබල් එකක් ගත්ත එක. ඒක තවම තියෙනවා. ඒත් මේ වැඩේ දිගටම කරන්න ලැබුනෙ නෑ, එකපාරම අදාළ පුද්ගලයා මෙම ලේඛන එවන එක නතරකලා. ඔහු කතාකරල කිව්වා ඔහු මේව ගත්තෙ ඉන්දියානු සමාගමකින් බවත් ඔවුන් සමඟ ගනුදෙනු දුෂ්කර නිසා මෙය නවතා දැමූ බවත්. කොහොම උනත් මේ කාර්‍ය E- Money සම්බන්ධව මගේ තිබූ උනන්දුව තවත් වැඩිකරන්නට සමත් උනා.

එහි ප්‍රතිපලය විදියට මමත් මගේ මිතුරෙකුත් මහනුවර තිබූ මෙවන් E- Money පුහුණු එක්දින වැඩමුලුවකට සහභාගි උන බව මං අද මෙතන කියන්නෙ හද පිරි ලැජ්ජාවෙනි! ඒ, එය ඒ තරම්ම අසාර්ථක ක්‍රමවේදයක් නිසාවෙනි. සාර්ථක අවස්ථා නැතුවාම නොවෙයි. ඔවුන් කියන විදියටම ඉතාම කැපවීමෙන් ඉවසීමෙන් මේ හා රැඳී සිටීමෙන් මෙහි ප්‍රතිපල ලබා ගත හැකියි. නමුත් ප්‍රායෝගිකව මෙය කරන්නට යනවිට ඉබ්බන්ගෙන් පිහාටු ගැනීම ඊට වඩා තරමක් ලේසි බව ඔබට වැටහෙනු ඇත. ඉතාම හොඳ පරිගනක දැනුමක් ඇති අයෙකුට මෙම E- Money ක්ෂේත්‍රය තුල තමන් සඳහා වටිනාකමක්, මාකට් එකක් හදාගැනීමට හැකිවනු ඇත. විශේෂයෙන්ම ග්‍රැෆික් ඩිසයිනින් වගේ කරන අයට. එහෙම නැතිව අපි වගේ වර්ඩ්, එක්සෙල් විතරක් දන්න උදවියට මෙය හරිම දුෂ්කර කාර්‍යක්.

කොහොම උනත් මේ ගැන මගේ රසවත් අත්දැකීම් මං ඔබත් සමඟ පසුව බෙදාගන්නම්. අද මේ කියන්න ආවෙ වෙන දෙයක් ගැන. ඒකට පාර හදාගන්නයි මේ විදියට අර බ්ලොග් බාශාවෙන්ම කියන ආකාරයට පඳුරු තැලුවේ. ඉතින් මේ E - Money වැඩමුලුවෙන් සහ, මේ ගැන තියෙන මම ගෙදරටම ගෙන්න ගත්ත සී ඩී කට්ටලයෙන් කියවුන අන්තර්ජාලයෙන් මුදල් ඉපැයිය හැකි එක්තරා පහසු ආකාරයක් තමයි බ්ලොග් කියන්නේ!! ඒක හරි පහසු කාර්‍යක් විදියටයි ඔවුන් හඳුන්වලා දීල තිබුනේ. කරන්න තිබුනෙ පොඩි දෙයයි, මොකක් හරි මාතෘකාවක් යටතේ තමන්ට කියල බ්ලොග් අඩවියක් පටන්ගන්නවා. ඊළඟට ගූගල් එකෙන්ම ඔවුන්ගේ ඇඩ්සෙන්ස් වලින් ලබල දෙන දැන්වීම ඒ බ්ලොග් එකේ පලකරනවා. ඔන්න ඔච්චරයි, දැන් වැඩේ හරි, පහුවදා ඉඳල තමන්ගෙ අන්තර්ජාතික බැංකු ගිනුමක හෝ ගාලා සල්ලි පිරෙනවා..!!

ඉතින් ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද! බ්ලොග් එකක් හදාගන්න විදියත් ඒකෙ කියල තිබුනා. ඉතින් මාත් දෙපාරක් හිතුවෙ නෑ හදාගත්තා බ්ලොහ් එකක්. දැන් ඉතින් මමත් හිතින් ලක්ෂ පතියෙක්. මං මුල ඉඳල හදාගෙන තිබුන ආරූඩ නමක් තිබුනා "සඳුමල්" කියල. ඒ නමින් මං හැදුවා බ්ලොග් එකක්. දැන් මට හෙන ආඩම්බරයි, මොකද මටම කියල වෙබ් එඩ්‍රස් එකක් එහෙමත් තියෙනවනේ. ලෝකෙ කොහේ ඉන්න මොකා ඒක ගැහුවත් එන්නෙ මගේ සයිට් එකටනේ.. ඔහොමයි හිතුනේ. ඉතින් මහත්වරුනි, කියන්න සංතෝසයි එකම එක පෝස්ට් එකක්වත් නැති මගේ බ්ලොග් එක සඳහා මං අයදුම් කලා ඇඩ්සෙන්ස්, ගූගල් එකෙන්. එහෙන් පණිවුඩයක් ලැබුනා මගේ අඩවිය ඇඩ්සෙන්ස් සඳහා සුදුසුද බලන්න එයාලගේ විශේෂඥයෝ රිවීව් කරනවා, දවසකින් දෙකකින් දැනුම් දෙන්නම් කියලා. මං ඉතීන් බලන් හිටියා, උපරිම විස්වාසෙන්. මං දැන් හිතෙන් හෙන පොරක්. ලස්ස පතියෙක්. හොඳ වෙලාවට ඇඩ්සෙන්ස් වලින් හොයන සල්ලි වලින් ලීස් එක දාන්න කියල මං හයිබ්‍රිඩ් එකක් එහෙම ගත්තෙ ඒ දවස්වලම. මොකද දවස් දෙක තුනකින් මට ගූගල් ගෙන් පණිවුඩයක් ලැබුනා. ඒකෙ කියල තිබුනෙ  Insufficient Contents නිසා මට ඇඩ් දෙන්න බෑ කියලයි!!! ප්‍රමාණවත් නෙවෙයි නෙවෙයි, කිසිම දෙයක්, පෝස්ට් එකක් නොතිබූ මගේ බ්ලොග් එකට ඇඩ් දෙන්න ඒ මිනිස්සුන්ට පිස්සුයැයි. මං ඒත් උත්සාහය අත්තැරියෙ නෑ.

ඊළඟට මං කල්පනා කලා මගේ බ්ලොග් එකෙ මොනාද දාන්නෙ කියලා. ඉතින් මං මගේ මංගල පෝස්ට් එක විදියට දැම්මා "Let's Learn English" කියල පෝස්ට් එකක්. මොකද ඔය සුද්දගේ බාසාව මට ටිකක් පුලුවන්. අනාගතේ මගේ ජීවිතේ පාර හැදිල තියෙන්නෙත් ඔය සුද්දගේ බාසාවට පිංසිද්ධ වෙන්න. ඒ ගැන පසුවට කියන්නම්. ඉතින් මං ඔය ව්‍යාකරණ ටිකක් එහෙම දාල, සාමාන්‍යයෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ආස, මුල් අවස්ථාවෙ ඉන්න හුදූ ජනයට අවබෝධයක් ලැබෙන විදියට මොනා හරි මං ඒකෙ දාල තිබුනා කියල මතකයක් තියෙනවා මට. ඔන්න ඒක දාල ඊළඟට මං ආයෙත් රික්වෙස්ට් කලා ඇඩ්සෙන්ස් වලට! ආයෙත් රිජෙක්ට් උනා. තව මොනා හරි දැම්මා, ආයෙ ඉල්ලුව, ආයෙ රිජෙක්ට් උනා. ඊළඟට මං ඒ මඟුලත් අතෑරලා දැම්මා. එහෙමම මට E - Money අමතක වෙලා ගියා. දෙයියනේ කියල තවමත් රස්සාව කරගෙන ඉන්න තැන රස්සාව හම්බුනාට පස්සෙ මට E - Money ඕනි වුනේ නෑ. ඊට වඩා පොලොවෙ පයගහල කරන්න පුලුවන් රස්සා ඕනි තරම් තියෙන බව වටහගෙන මං E - Money වලින් ඈතටම වෙලා එහෙම එකකට මං ගියෙත් නෑ වගේ හිටියා, තාමත් ඉන්නවා පත්තරවල එහෙම තාමත් යන ඒකෙ ඇඩ් දැක්කම.

කොහොම හරි රස්සාවට ආවට පස්සෙ මට ලැබුන මගේම වගේ පරිගනකයටයි, අසීමිත අන්තර්ජාල පහසුකමටයි, MAS අධිපති මහේෂ් මහත්තයාටයි,පිංසිද්ධ වෙන්න මාත් ඩිජිටල් ලෝකෙට බොහෝම සමීප උනා. ඔය අතරෙ දවසක් අහම්බෙන් මට ආව ඊමේල් පණිවුඩයකින් හරි අපූරු කෑම්ප් එකක් ගැන අපූරු ලිපියක් කියවන්න ලැබුනා. ඒ වෙන කොහෙවත් නෙවෙයි, අභීතගේ මීමුරේ කෑම්ප් එක ගැන. ඒ ලිපියෙ අගට තිබුන වෙබ් ලිපිනෙන් මං අහම්බෙන් ඉස්සෙල්ලාම සිංහල බ්ලොග් ලෝකයට අවතීර්ණ උනා!!! ඔන්න මෙතෙක් කතාව.

ඊට පස්සෙ මාත් අර මොකද්ද හම්බුන මොකාද වගේ මොනිටරේටම මූණ ඔබාගෙන බ්ලොග් කියවන්න පටන්ගත්තා. වැඩක් තිබුනත් නැතත් අනිවාරෙන් බ්ලොග් කියවන එක දිගටම කලා. මුලින්ම අභීතගේ පෝස්ට් සියල්ලම වගේ කියෙව්වා කමෙන්ට්ස් එක්කම. ඊළඟට ඔහුගේම බ්ලොග් රෝලෙන් අනෙකුත් සිංහල බ්ලොග් කියවන්නත් පටන්ගත්තා. හැබැ‍යි මොකකවත් කමෙන්ට් කරන්න ගියේ නෑ. එකම එක කමෙන්ට් එකක් දැම්මා අභීතගේ බ්ලොග් එකේ, මං අර කිව්ව ඊ මේල් එකෙන් ආව ඔහුගේම පෝස්ට් එකේ. එදා තමයි දැනගත්තෙ කමෙන්ට් කරන්න අපිටම කියල ප්‍රෝෆයිල් එකක් එහෙම ඕනි කියලා. මට මතක විදියට ආයෙ කමෙන්ට්ටුවක් දැම්මා රාජ් ගේ නවාතැනේ. ඒ දැම්මෙත් E - Money ගැන මොනාහරි අහලා. ඔහු ඒකට රිප්ලයි කරලත් තිබුනා.

ඉතින් ඒ රෝලෙන්, මේ රෝලට, ඒකෙන් තව එකකට, ඔහොම ඔහොම මං සිංහල බ්ලොග් ලෝකය පුරා කරක් ගැහුවා. කොහෙවත් කමෙන්ට් නොකලත් මං මේ කලාව ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේ සංස්කෘතිය ගැන අවබෝධයක් ලබා ගත්තා. ඒ කලාවෙ තිබුනා අන්තර්ජාලේ වෙනත් සමාජ අඩවි වල නැති මනුස්ස කමක්, බැඳීමක්, සහෝදර කමක්, සටන් කාමීත්වයක්, විප්ලවාදී බවක්, ඒ වගේම සංවේදීබවක්, ආධ්‍යාත්මික බවක්. මං දැක්කා දිලුම් වෙනුවෙන් බ්ලොග් ලෝකෙ සහෘදයන් අත්වැල් බැඳගත් හැටි. ඒ වගේම නංගි කෙනෙක්ට පිහිට වෙලා ජීවිත බේරගත්ත හැටි. මං දැක්කා ඔබා අයියා වෙනුවෙන් මිනිස්සු දුක් වෙච්ච හැටි. මං දැක්කා අවුරුදු උත්සව පවත්වමින්. සැණකෙලි පවත්වමින්, එකම ගමක එකම පවුලක් වගේ මේ අය බැඳිල උන්නු හැටි. බ්ලොග් අඩවියක් පටන් අරන් ඇඩ්සෙන්ස් ගිණුමක් හදාගෙන උන් කියන විදියටම කීයක් හරි හොයාගෙන කනවට වඩා කොච්චරනම් එහාට ගිය මානව බැඳීම් ගොන්නක් මේ තුල තියෙනවද කියන කාරණය මං අවබෝධ කරගත්තා.

කවදත් සමාජ වෙබ් අඩවි, ෆේස්බුක්, ට්විටර්, ගොසිප් වගේ දේවල් අප්‍රිය කරපු මම මේ බ්ලොග් කලාව හරිම ආදරයෙන් වැළඳගත්තා. ඒ සංස්කෘතියට ආදරය කරන්න පටන්ගත්තා. එහි වටිනාකම තේරුම්ගත්තා. ඉතින් ඒත් එක්කම එදා සල්ලි හොයන්න කියල බ්ලොගක් අටවගත්ත මට අද ඒ වෙනුවට මේ සහෝදර පවුලට එකතුවෙන්න බ්ලොග් එකක් හදාගන්න පුදුම ආසාවක් ඇතිවුනා. වැඩිය සමාජ සම්බන්ධතා පවත්වන්න අකැමති මං, මේ සමාජ ජාලයටනම් බලෙන් හරි එකතුවෙන්න ඕනි කියන හැඟිම මට ඇතිවුනා.

බ්ලොග් ලෝකෙ එක එක අයට එක එක මාතෘකා තිබුනා. ගොඩක් අයගෙ බ්ලොග් දිනපොතක් වගේ. ඒ තරම්ම එයාලගේ ජීවිතයේ සියුම් තැන් පවා ඒවල අකුරු කරල තිබුනා. සමහරු කෙටිකතා, සමහරු කවි, සමහරු නිසැඳස්, මේ වගේ විවිධ මාතෘකා. ඉතින් මං කල්ප්නා කලා මට හරියන තේමාව. ඔව්.. ඒක තමයි, මං සුභාවිත සිංහල ගීයට කොච්චර ආසයිද, ගීත විචාර කියවන්න කොච්චර ආසයිද, ගීත හා බැඳුනු නිධාන කතා මං කොච්චර මහන්සියෙන් හෙව්වද. මං වත් නොදැන හිටපු කොච්චර හොඳ විනෝදාංශයක්, තේමාවක් මං ළඟම තිබිලද. ඉතින් මං මගේ බ්ලොග් එකේ තේමාව ඒ විදියට තෝරගත්තා.

ඉතින් ඇඩ්සෙන්ස් බලාගෙන මං හදාගත්ත බ්ලොග් එකේ දාල තිබුන අනන්මනන් පෝස්ට් සියල්ල මං ඉවත් කලා. ඒක මෝඩ කමක් කියල අදයි මට තේරෙන්නෙ. ඒ පෝස්ට් තියාගෙන හිටියනම් ඒව ඉතාම හොඳ මතක සිහිවටන වෙනවා. කොහොම හරි ඒ ටික අයින් කරල පළමු පර්යේෂන පෝස්ට් එක විදියට මං මෙන්න මේ සටහන මගේ බ්ලොග් එකට එකතුකලා. මේකත් ගීතයක් හා බැඳුනු කතාවක්. මට මේ කතාව ලැබුනෙ ඊමේල් එකකින්. මේ සටහන ලියපු කෙනා කවුරු උනත්, මං ඔහුව නොදන්නවා උනත්, මං ඔහුට සදා ණයගැතියි. ඒ තියපු මුල් ගලෙන් මං අද බොහොම දුර ගමනක් ඇවිත් තියෙනවා.

අන්න ඒ විදියට නිල වශයෙන් මගේ බ්ලොග් ආගමනය පටන්ගන්නවා. ඒ හරියටම 2013.10.26 වෙනිදා. අදට හරියටම අවුරුද්දකට කලින්. අද 2014.10.26 වෙනිදා. ඉතින් ඔන්න ඕකයි මට ඔයාලට කියන්න ඕනි වුනේ. අපි හැමෝම සහෝදරත්වයෙන් එකතුවෙන, අදහස් බෙදාගන්න, ගී රස විඳින, සඳුමල් බ්ලොග් එක බ්ලොග් ලෝකෙට එකතුවෙලා අදට හරියටම අවුරුද්දයි.. ලිපි 80ක් පුරාවට නැරඹුම් වාර 30000ක් සමඟින් දයාබර ඔබේ අදහස් දැක්වීම 3211 එක්ක මෙම සංඛ්‍යා දත්තයන්ට කිසිම දිනෙක මැන හමාර කල නොහැකි දයාබර බැඳීම අන්තයක් සමඟ දින තුන්සිය හැටපහක් ගෙවී ගිහින්..

ජීවිතයේ මට හමුවූ සොඳුරුතම මිනිසුන් සමඟින් ගෙවී ගිය පහුගිය දින තුසිය හැටපහ මගේ ජීවිතයට නව අරුතක් එක් කල, කිසිදාක අමතක නොවෙන කාලපරිච්ඡේදයක් විදියටයි මට හැඟෙන්නේ. මින් පෙර අවස්ථා ගනනාවකදිම සඳහන් කල පරිදිම මගේ යම් හැකියාවක් වූයේ නම් එය හඳුනාගෙන වේගයෙන් දිව යන මේ නිර්මාණ ලෝකයේ මාව මඟහැරෙන්නට, මාව අතරමංවෙන්නට, මාව අතෑරෙන්නට නොදී, මගේ අත ළඟින්ම අල්ලගෙන, මේ සා දුර මාව රැගෙන ආ හිමිවිය යුතු තරමටත් වඩා වටිනාකමක් මට ලබල දීල මෙතෙක් කල් වගේම මින් ඉදිරියටත් මට අපරිමිත ශක්තියක් වෙලා ළඟ ඉන්න මගේ දයාබර සහෘදයනි, ඔබලා හැමෝටම අනේක වාරයක් ස්තූතියි!!!

ආ මඟ කෙටියි...යා යුතු මඟ දුරයි... ගෙවා යන ඒ මඟ කල යුතු දේ බොහෝයි... සබඳ අපි උනුන් පරයා නැගෙන කඳු නොවී ලෝකයට සිහිල් ජල දහරක්ම වෙමු...!




"සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන..

වියරු ගිනි දැල් නොවෙමු
වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු
දැවෙන කැලයට වසින..

නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන..."

පදරචනය : දර්ශන මේදිස්
සංගීතය : ගුණදාස කපුගේ
ගායනය : ගුණදාස කපුගේ




(Sabanda Api Kandu Nowemu - Gunadasa Kapuge)







බ්ලොග් අඩවියට වසරක් පිරීමත් සමඟම එහි පසුතලයෙහිද වෙනස්කම් කිහිපයක් සිදු කලෙමි. විශේෂයෙන්ම පෙර තිබූ පසුතලය කියවන්නා හට වෙහෙසකර බව කිහිප දෙනෙකුන්ම පවසන ලදි. ඒ අතර ඒ බව මට මුලින්ම කීවේ කතන්දරයි. ඉන්පසු මෑතකදී ඉන්දික සොහොයුරාද පවසනු ලැබීය. ඒ අතරතුර කිහිප දෙනෙකුම මේ බව පැවසූ නිසාම, මටද ඒකාකාරී වී තිබූ එම පසුතලය ඉවත් කොට අලුත් පසුතලයක් යෙදීමි. මා ලියන දෙයහි වටිනාකම වැඩිවන්නේ එය ඔබ කියවනවානම් පමණි. එසේ කියවීමටනම් ඒ සඳහා ප්‍රියමනාප පසුබිමක් තිබිය යුතුය. එහෙයින්, යම් අඩුපාඩුවක් වේ නම් ඔබේ දයාබර අදහස් මට ඉතාමත් අගනේය.





165 comments:

  1. Replies
    1. අළුත් අවුරුදේ ඉස් ඉස්සෙල්ලම මං එක...

      කියන්න දෙයක් නෑ මචෝ.. මට නං හිතෙන්නේ උඔ බ්ලොග් එකක් පටන් ගත්තේ උඹ උඹේම ශෛලියෙන් සංවේදනා කුරුටු ගාන්න පටන් ගත්ත දවසේ ඉදලා.. එදා ඉදල අද දක්වා උඹ ආපු ගමන ගැන දැනෙනේනේ පුදුම සතුටක්.. වැඩිය විස්තර කථාකරන්න ඕන නෑ.. මේ වෙනකොට උඹ බ්ලොග් ලෝකය තුල උඹේ සලකුණ තියල ඉවරයි.. දිගටම. හරවත්ව රැදී සිටිමු!!!!!

      (30000ට මං ඊයේ මෙව්වා කොරා)
      ජ ය වේ වා !!

      Delete
    2. සුභ පැතුම් සහෝ!

      මටත් තියෙන්නෙ උඹගෙ වගේ කතාවක්ම තමා මචෝ , හැබැයි මං බලොග් වලට ඇබ්බැහි උනේ කොටස් වෙලදපොල ගැන හොයන්න ගිහින්,
      කොහොම උනත් මේ ලියවිල්ලෙන් ලැබෙන සතුටනම් කියල වැඩක් නෑ,

      Delete
    3. //මේ වෙනකොට උඹ බ්ලොග් ලෝකය තුල උඹේ සලකුණ තියල ඉවරයි.. දිගටම. හරවත්ව රැදී සිටිමු!!!!!// ++++++++++++++++++

      විදානේ, කට ඇරපන් මචෝ සිග්නල් අහුරක් ඔබන්ඩ! :D

      Delete
    4. විදානේ... උදෙන්ම, පළමුවෙන්ම, ඉස් ඉස්සෙල්ලම ඔබෙන් දයාබරම කමෙන්ට්ටුවක්. මේ ගමනෙ මුල ඉඳලම අපි එකට හිටියා. ඇත්තටම මටත් හිතෙනවා ඒ දවසින් පස්සෙ තමයි මං හරියටම බ්ලොග් එකක් පටන්ගත්තෙ කියලා.

      30000ට ඔබේ සුබපැතුම මං ඊයෙම කියෙව්වා.. මට ගොඩක් සතුටු හිතුනා විදානෙ එතරම්ම විමසිල්ලෙන් මාව කියවීම ගැන.

      ස්තූතියි මචෝ..

      Delete
    5. බලන් යනකොට ගොඩක් බ්ලොග් කරුවො අහම්බෙන් තමයි එකට එකතුවෙලා තියෙන්නෙ. ඔබව ඉතාම සාදරයෙන් පිළිගන්නවා සිතුම්

      ලියන දෙයින් කියවන ඔබට සතුටක් ලැබෙනවානම් ඒ තමයි මගේ සාර්ථකත්වය.

      ස්තූතියි ඔබට..

      Delete
    6. ප්‍රියා,

      විදානෙට සිග්නල් තමයි වටිනම දේ, නේද මචං?

      Delete
    7. ප්‍රියා,

      අාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාා

      Delete
    8. සිග්නල් අහුරක් මදි වෙයි මේ මෝය කටට නම්. හිටින් සිග්නල් ටව‍ර් එකක්ම දාන්නම්. :D :D

      Delete
    9. විදානයෝ..යකෝ මගේ අලුත් සූට් අන්දපු බ්ලොග් එකත් ගිලෙයි ඔච්චර කට ඇරියොත්.

      Delete
    10. කොම්පැනියට එක්කන් ගිහින් සිග්නල් එන බටේ මුගේ කටේ ගහමු බං ප්‍රියා.

      Delete
    11. විදානේ..... ප්‍රියා.....

      පොඩි ඉඩක් දීපං..... මනෝෂ්ට විෂ් කරන්න.. මොකද අපි අද ටිකක් පරක්කු වුණා. එනකොට කමෙන්ට් 139 ක් දාලා.. ඉතින් යටින් ම ලියන්න මොකදෝ වගේ බං.....

      @ මනෝෂ්...................

      හැමදාමත් වගේ තුන් සිතින් ම ඔබට සුභ පැතුම්... පසුගිය වසර මෙන් ම අනාගත වසර ගණනාවකට සුභ ගමනකට අවශ්‍ය ශක්තිය ලැබේවා.....

      සතුටුයි කියන්න බැරි තරම් මනෝෂ්..........................

      අලුත් පාට ගැලපෙනවා... දැකපු ගමන් හිතුණ දේ ඒකයි.......

      Delete
    12. යටින් ලිව්වත් කොහෙන් ලීවත් ගී පවුරේ ඔබල මගේ හදවතේ උඩින්ම ඉන්නවා. පරක්කුවෙලා හරි ආව එක මහ මෙරක්.

      අලුත් පෙනුම හිතට ඇල්ලුවානම් ඒල ලොකු සතුටක්.

      හැමදාමත් ළඟම ඉන්න ගී පවුරට බොහොම ස්තූතියි..

      Delete
  2. වසරක් ගෙවී වසරක් එළැඹෙන දවසේ
    රහසක් නොවෙයි නුඹ බැබලී ඇත අහසේ
    සහසක් රුවන් අදහස් එනු ඇත රල සේ
    කවරෙක් කුමක් කීවද ලිවමැන සිතුසේ

    නුඹට වෙන්වූ නුඹම සතුවූ සොඳුරු සිතිවිලි රස විඳින්නෙමි
    කුමට සඳරැස් සොඳුරු අදහස් මැදින් සිත සිහිලස ලබන්නෙමි
    කුමට හිරු රැස් නුඹේ හැඟුමන් තුලින් හද උණුසුම් කරන්නෙමි
    නුඹට වසරක් සපිරි අදදින ඒ හදින් ආසිරි පතන්නෙමි

    (වෙලාව මදි මචං, ලාවට ලිව්වෙ. මදිද මංද)

    ReplyDelete
    Replies
    1. V, නියමයි ඒක නම්!

      //ලාවට ලිව්වෙ// මොන ලාවක්ද? ඔ‍ය ලියවිලා තියෙන්නෙ තදටම හිතට වදින්න.!

      Delete
    2. අපේ විසිටර් කවිකාරයෙක් කියල දැනගත්තෙ අදනේ.

      ඒක අපූරුයි විසිටර්. උදෙන්ම ඔබේ මෙම කවි පෙල කියවලා මා ලැබූ සතුට අපරිමිතයි. වෙලාව මදි?? මේ වැඩිත් එක්ක. මටනම් මෙහෙම එකක් ලියාගන්න දවසක් කල්පනා කලත් බෑ. ලාවට නෙවෙයි, මේ කියල තියෙන දේවල් හදවතටම දැනෙනවා. ඔබලගේ මේ අගය කිරීම් වෙනුවෙන් මං හැකිතරමක් ලියන්නම්. ඔබේ වචනවලට වටිනාකමක් දෙන්න උත්සාහ ගන්නම්.

      ස්තූතියි විසිටර් ඔබට..

      Delete
    3. ප්‍රියා... මචං...

      ලාවට මෙහෙමනම්, හොඳටම ලිව්වනම් කොහොම තියෙයිද නේද බං. බැංකු ගැනම ලියන්නැතිව මේ හැකියාවෙනුත් යමක් ලියනවානම් කියවන්න අපි හරිම මනාපයි නේද බං.

      Delete
    4. අනිවා විසිටරේ. මනෝගෙ යෝජනාව හරි. මේ හැකියාවත් අකුරු කරමු. අපි වෙනුවෙන්!

      Delete
    5. විසිටරේ කයිය නම් මරු මචෝ

      Delete
    6. ඇත්තටම ඒ කවිය අපූරුයි තමා සොමියො.

      Delete
  3. සඳුමල්ට සුබම සුබ උපන් දිනක් වේවා!!! කියලා පතනවා මචෝ.

    සදාකල් දිනේවා!!

    ReplyDelete
    Replies
    1. ප්‍රියා...

      මං ධම්මික බංඩාරයන්ගේ විචාර ලියනකොටත්, ඊට පස්සෙ මගේම ඒව ලියනකොටත් වෙනසක් නැතිව සහෝදරයෙක් වගේ ඔබ එදා ඉඳලම මගේ ළඟ උන්නා. හැමදේකටම හැම අකුරකටම ශක්තියක් උනා..

      ස්තූතියි මචෝ....

      Delete
    2. බ්ලොග් කියන පවුලෙ ඉපදුන පොඩි පොඩි දරුවො උන අපි ඔක්කොම එක අතකින් බලත්දි සහෝදරයො තමා බං!

      Delete
    3. ප්‍රියා..සතුටට සැට් වෙමු හවසට...
      බ්‍රෑන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    4. ප්‍රියා..

      ඇත්තමයි මචං, මේ සුවිසල් පවුලේ අපි හැමෝම සහෝදරයෝ...

      Delete
    5. බයිට් එකට වල් ඌරා හොඳයිනේ මෙන්ඩියෝ...

      Delete
    6. මෙන්ඩා, එකෙන්ම සෙට් වෙමු. :)

      මනෝ, නිකං ඌරෙක් වල් කරලා ගමු. :)

      Delete
    7. ප්‍රියෝ,
      බ්ලොග් කියන පවුලෙ ඉපදුන පොඩි පොඩි දරුවො උන අපි ඔක්කොම එක අතකින් බලත්දි සහෝදරයො තමා බං!
      +++++++++++++++++++++++++++++++++++++++

      සෙනෙහෙ සිතින් සැනසිල්ලෙන් එක සිතිවිල්ලෙන්
      වෙමින් එකම මවකගෙ දරුවන්
      නුවන් පියෙන තුරා ඉඳිමු අපි හස‍රැල්ලෙන්..//

      එකම අහස හිමි කාටත් සෙවන ලැබෙන්නේ
      පොලව සැවොම සම සිතකිනි උසුලා ඉන්නේ
      එවන් පොලව මත යුද වැද උරුම සොයන්නේ
      තරඟ වැදී නොමිනිස්කම් ඇයි මිනිසුන්නේ..

      සෙනෙහෙ සිතින් සැනසිල්ලෙන් එක සිතිවිල්ලෙන්
      වෙමින් එකම මවකගෙ දරුවන්
      නුවන් පියෙන තුරා ඉඳිමු අපි හස‍රැල්ලෙන්..

      බෙදුම් පවුරු සීමා මැද පිල් බැඳ ගන්නේ
      තමන් සුව පතා අනුනට තැවුල් සදන්නේ
      කෙනෙක් නසන මං සලසා කෙනෙක් දිනන්නේ
      ජීවත් වන මේ ටික ඇයි සටන් වදින්නේ..

      සෙනෙහෙ සිතින් සැනසිල්ලෙන් එක සිතිවිල්ලෙන්
      වෙමින් එකම මවකගෙ දරුවන්
      නුවන් පියෙන තුරා ඉඳිමු අපි හස‍රැල්ලෙන්..

      ගායනය : ගුණදාස කපුගේ 
      සංගීතය : රෝහණ වීරසිංහ
      පද රචනය : කුලරත්න ආරියවංශ

      Delete
    8. සින්දු, මම කැමතිම සින්දුවක් මචෝ ඕක.

      අපි සංතෝසෙන් ඉන්නේ…
      දුක ශෝකය නෑ දන්නේ…
      අයියා මල්ලී වාගේ…
      අයියා මල්ලී…

      Delete
    9. ප්‍රියෝ... වල් කරල හරි කමක් නෑ, ඌර වල් නම්!!

      Delete
    10. ප්‍රියා වගේම ඒ සිංදුව මාත් ගොඩක්ම කැමතිම එකක් අපේ ඇනෝ.. ඒ වගේම ප්‍රියා ඩ්ජාල තියෙන ගීතයටත් කැමතියි මං. දෙන්නටම තුති..

      Delete
  4. කවුළු පියන්පත් ඇරලා..
    හිරු එළියක් වැටෙන්න
    මද සුළඟේ පොද වැස්සේ..
    සිසිලස දැන් විඳින්න
    ඔබේම වූ හීන පොතේ..
    ඔබේ හදින් ලියු හීනය
    මල්පල ගැන්වී ඇතියුරු
    ඇවිදින් දැන් බලන්න..
    ආ මඟ කෙටි වේය සබඳ
    නමුදු එමඟ බොහො වටීය..
    ඔබේ හීන පිටු අතරේ..
    තවත් හීන ලියනු මැනේ
    ඔබේ හදින්...
    අප වෙනුවෙන්...

    ReplyDelete
    Replies
    1. දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ළඟ ඉඳන්
      තවත් අම්මා කෙනෙකු ඇත්නම් නුඹයි ඒ අම්මා
      සොඳුරියෙ නුඹයි ඒ අම්මා

      අහස මෙන් ලත් චෝදනා පොළොව මෙන් දුක් උහුලනා
      මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපදීලා
      සොඳුරියෙ නුඹේ සෙනෙහසින් ඉමි ලොවෙහි රජ වීලා

      සිතට සැනසුම් කල්පනා ගෙනෙන පාදා වාසනා
      තනා ටජ් මහලක් පිවිතුරු සෙනෙහෙ ගං තීරේ
      සොඳුරියෙ නුඹේ රුව අඹා ගමි මහද මන්දීරඟ

      ගායනය: ටී.එම් ජයරත්න
      පද රචනය:ඒ.ජී ශීලා
      සංගීතය:සරත් දසනායක

      Delete
  5. ඊ මනි වැඩේට මොකෝ උනේ ඊට පස්සේ/??(ඔක්කොම කියවලා අහපු ප්‍රස්නේ මේකද කියල කියන්න නම් එපා ඔන්න...)

    ReplyDelete
    Replies
    1. ඒක තේරුමක් නැති වැඩක් කියල තේරුණාට පස්සෙ ආයෙ ඒ ගැන හිතුවෙ නෑ මචං..

      ඔබව ඉතාම සාදරයෙන් ඔඉළිගන්නවා. මං ඒ පැත්තෙත් ගිහින් ආවා.

      Delete
    2. @ගුල්ලා
      ඇයි බං මු හයිබිඩ් එකක් ගත්තේ

      Delete
    3. උඹ නම් මෙන්ඩියෝ බාගෙට කියවල තියෙන්නේ..

      Delete
    4. පලයන්ඩෝ...මම හරියටම කියෙව්වා..උඔ හයිබ්‍රඩ් එක ගෙදරට ගන්න ඉස්සරහා මුරංග ගහත් කැපුවලු...

      Delete
    5. හරි ඉතින් කැපුව තමයි. ඒත් ගෙනාවෙ නෑ බං!!

      Delete
  6. අද මොකෑ කියන්නෙ. දාමුද පාටියක්?
    නැත්නම් බජවුවක්!

    ReplyDelete
    Replies
    1. නිවාඩු දවස කියන්නෙ මට වැඩ වැඩිම දවස හින්දා කමෙන්ට්ස් වලට හවසට රිප්ලයි කරනවා කියල හිතාගෙන හිටියත් උඹලගේ කතා ඇහුවම කට කහනවා බොලවු.

      දාමු දාමු පාටියක්. පාටියත් එක්ක බජව්වක්..

      ඔන්න එහෙනම්..

      ආසිරි මංගල ගීත ගයා අපි
      පැමිණියේ ගම්මානේ
      නුපුරුදු දීගෙක පියවර තැබු අපි
      ගොවීයෝ වූවානේ... නුපුරුදු ගම්මානේ...
      කල් ගෙවනා කල පැල්පත තුල මා
      ඈ සමගින් ලොලේ...

      නුපුරුදු දීගෙක පියවර තැබු අපි
      ගොවීයෝ වූවානේ... නුපුරුදු ගම්මානේ...


      නුපුරුදු උදැල්ල කරේ තබාගෙන
      ඇගේ ඇවටිලි මත්තේ...
      පසුදා අළුයම කෙටුවා කෙටුවා
      කර ගැට මගේ දෑතේ...//

      ආසිරි මංගල...

      පාගා ගත් බැත අරගෙන පැල්පත
      දෙසටයි පිය නැගුවේ...
      ගෙන ගිය වී ටික දමලා අ‍ටුවට
      එය රැස් තැබුවේ...
      ඔහොමයි කල් ගෙවුනේ

      ආසිරි මංගල...


      කල් ගෙවනා කල පැල්පත තුල මා
      ඈ සමගින් ලොලේ...
      ඇගේ ඇවටිලි මත පසු දා උදයම
      ගියානේ වෙල්යායේ... නුපුරුදු ගම්මානේ...//

      ගායනය :- ඇන්ටන් රොඩ්‍රිගෝ

      Delete
    2. පාටියක් දාමු හැබැයි බයිට් නැතුව

      Delete
    3. බයිට් නැතුව කොහෙද යකෝ පාටි

      Delete
    4. බයිට් නැතුව කොහෙද යකෝ පාටි × 2

      Delete
    5. සතුටින් නිදැල්ලේ - අවසර ලද ඇසිල්ලේ...//
      මේ අදුරින් මිදීලා - ඉගිලීයන් කුරුල‍්ලෝ...//
      සතුට පතා - හිතා මතා
      කියමි ගොතා - නියම කතා..
      හොදම කතා විනෝදයට
      ඕන් අසාගන්නකෝ...//

      කුරුලෙකු සිර කරලා - තබනු බැහැ නොවැ කිසිදා..//
      ඌ ලොවේ සුව සොයා ඉගිලුනේ..
      සැනසීමෙන් ඉදලා - මැරුනත් කම්නැහැ කියලා...//
      ඒ මිහිර සුව විදින්න - සොඳුරු නැවුම් ලොවට යන්න
      සතුටින් පියාඹන්න - රූං කියා නිද‍හසේ...
      සතුට පතා - හිතා මතා
      කියමි ගොතා නියම කතා
      හොදම කතා විනෝදයට
      ඕන් අසාගන්නකෝ..

      සිත සවියෙන් පුරවා - සිටිනා අය ජය ලබලා..//
      මේ ලොවේ සුව විදී සැම දිනේ
      ඇයි සෝකෙන් තැවිලා - මොකටද ඉන්නේ හඬලා..//
      මේ දොරගුළු බිදින්න - පැතූ පැතුම් සඵල වෙන්න
      සතුටින් පියාඹන්න - රූං කියා නිද‍හසේ...
      සතුට පතා - හිතා මතා
      කියමි ගොතා නියම කතා
      හොදම කතා විනෝදයට
      ඕන් අසාගන්නකෝ..////

      - ග්‍රේෂන් ආනන්ද.
      (ගත්තෙ ගී පැඳුරෙන්.)

      Delete
    6. විදානේ,

      අඩේ එහෙම කරන්නෙපා බං, අපි ගැනත් හිතපන්කො.

      Delete
    7. ඉවාන්, ප්‍රියා,

      ඒකනේ බං, බයිට් නැති පාටිය සිග්නල් නැති නිට්ටඹුව වගේනෙ!!

      Delete
    8. ඔන්න ප්‍රියා මගෙන් තව එකක්,

      පාරට කිට්‍ටුව දෙල් ගස මුදුනේ
      රට වටිනා ලිය දෙල් නෙලනා
      අතේ තිබුණු රන් සුලැඟිලි තණ්ඩිය
      අත්තෙන් අත්තට මාරුවෙනා
      කනේ තිබුණ රන් පුස්කොල ‍තෝඩුව
      ගුවන් තලේ උඩ නද කරනා
      අම්මාට පිං ඇත මේ දුව තැනුවට
      මහ මුහුදේ බැස දිය නානා
      මහ මුහුදේ බැස දිය නානා


      මුහුණ මුකුළු මුවරද ළඳුනේ
      මගෙ මුහුණ බලන්නැති කරුණ කිමා
      මුහුණ පිරූ යස සිනා මකා නුඹ
      මුහුණ වසන් කල කරුණ කිමා
      මුහුණ කන්න ආ රකුසෙකු නොව මම
      මුහුණ බලාපන් මෙන්න මෙමා
      මුහුණ බලාපන් මෙන්න මෙමා


      ඉන්න හිටින්නට ගේ දොර ඇත ම‍ට
      ‍සොරබොර වැව් ඉස්මත්තෙ සොඳින්
      කන්න අඳින්නට දෙන්නට හැක මට
      අම්මට බය නැති වෙන්ට කියන්
      දෙන්න කියන් කරකාරෙ බඳින්නට
      නැකතට එන බක් මහට කලින්
      නැකතට එන බක් මහට කලින්


      පාරට කිට්‍ටුව දෙල් ගස මුදුනේ
      රට වටිනා ලිය දෙල් නෙලනා
      අතේ තිබුණු රන් සුලැඟිලි තණ්ඩිය
      අත්තෙන් අත්තට මාරුවෙනා
      අත්තෙන් අත්තට මාරුවෙනා
      කනේ තිබුණ රන් පුස්කොල ‍තෝඩුව
      ගුවන් තලේ උඩ නද කරනා
      අම්මාට පිං ඇත මේ දුව තැනුවට
      මහ මුහුදේ බැස දිය නානා
      මහ මුහුදේ බැස දිය නානා



      ගායනය, සංගීතය - උපාලි කන්නංගර
      ගී පද - ඌවේ ජන කවි ආශ්‍රයෙන්

      Delete
    9. බ්‍රෑන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    10. බයිට් එකට වල් වනචර ඌරා..

      Delete
    11. මෙන්න මගෙන් තව උපාලි කෙනෙක්ගෙම එකක්.

      දුර කඳු යාය මටයි - නිල්ල නිලන්නේ නුඹටයි
      මේ මුළු ලොවම මටයි - මගේ ආදරේ නුඹටයි

      බඹරුන් යාය පුරා රොද බැඳ බැඳ දුවන තුරා
      මලකට සිත් පීඩා නෑ.....
      ගහමල් වරන දිනේ අතීතයේ සුවඳ සොයා
      කිසි බඹරෙකු හැඬුවෙ නෑ.....

      දුරකඳු යාය මටයි........

      වියළුණු කතර බිමේ දිය බිඳ බිඳ වැටෙන තුරා
      කතරට සයුරක් මදි නෑ.....
      නිදි නැති පාළු රැයේ නුඹ ගැන සිහි කරන තුරා
      මගෙ හිතටත් නිවනක් නෑ.....

      දුර කඳු යාය මටයි.....

      ගායනය - උපාලි රන්තිලක
      (ගී පැඳුර)

      Delete
    12. අපෝ මට බැ උඹලත් එක්ක බජව් දාන්න ....
      ඇයි යකෝ අපි අන්තිමට කියන්න තියාගෙන ඉන්න ඒවා උඹලා දැන්ම කියලනේ ...
      මෙන්ඩෝ තව එක බෝතලයක් වත් ඉවර නෑනේ මචෝ ...මොකෝ බයිට් කාලාම බඩුද ????
      හෙමින් යන ඒවායින් පටන් ගමු ...(මම පස්සේ එන්නම් )

      ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ
      දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
      ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
      සිනහවෙවී සිනහවෙවී කල් ගෙවන්න බෑ //

      තොල් අග මදහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදෙයි
      ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනාවන් වැළලෙයි
      සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
      සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ

      ආදරයේ උණුසුම ළඟ...

      ‍දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි
      සිහින ලොවම ගරා වැටී තැවුලෙන් හදවත් ඇවිලෙයි
      ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ
      සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ

      ආදරයේ උණුසුම ළඟ...



      ගායනය - සෝමතිලක ජයමහ
      ගී පද - විජයසිරි අමරතුංග
      සංගීතය - අමරසිරි පීරිස්

      Delete
    13. අඩේ මේ ආවේ අපේ සින්දු. බෝතලේ එතනමයි බයිට් ඉවරයි මචෝ.

      රත්තරන් නෙත් දෙකෙන්
      සලා සිහිල් පවන්
      ජිවිතේ ලසෝ තැවුල්
      නිවන්න රත්තරන්....

      තාරකා සිනා දැලේ රන් කැලුම් දිගේ
      ... ආදරේ ගලා හැලේවි සිහිනයක් වගේ
      පාළුවේ හඩා වැටිච්ච ජිවිතේ
      මා දිහා ලගාව ඉන්න රත්තරන් මගේ.....

      මාරුතේ හමා ඇදී මල් උයන් දිගේ
      පාවෙන වළාකුලේ සිසිලසක් වගේ
      වේදනා නිවී ඔබේ සුනිල නෙත් විලේ
      ජිවිතේ සිනා නගාවී රත්තරන් මගේ...

      ගායනය - TM ජයරත්න.

      Delete
    14. වරේවා සිංදුවෝ...මෙන්න ප්‍රියා තව එකක්..

      කුරහන් යායේ සඳ උතුරාගෙන..
      හිතට දුකක් ගලනා වේලේ..
      රෑ තුන්යාමේ ගැයෙනා මේ ගී..
      ඔබට ඇසේවා සුදු නැනේ..

      එදා වගේ සැදැ අඳුර වැව් බැම්මේ ගලා ඇවිත්
      උණ පඳුරේ සෙවන සදනවා..
      කීව කථා රහසේ යලි සිතට නැගෙනවා...

      මගේ පැලේ හිනැහීගෙන සිටිනා ලෙස නුබේ රුවින්
      නිදි පැදුරේ සිහින පෙනෙනවා...
      ඈත සිටින නුඹේ නාමෙන් දෑස තෙමෙනවා...

      පද රචනය : කුලරත්න ආරියවංශ
      සංගීතය : ස්ටැන්ලි පීරිස්
      ගායනය : ටී.එම්. ජයරත්න

      Delete
    15. ඒ ඇත්තට ප්‍රියා අයියා සිරාවට හරි ධමනියට හරි කස්ටිය සෙට් වෙලා පැදුරක් හරි බජව්වක් හරි දාමුද? අපිටත් බැරිය පැත්තකින් ඉඳන් ඔය මොකක් හරි පනිට්ටුවක් නවලා ඒකට හරි තලන්න. :D, එක්කෝ හිස් බෝතලේකට කාසි දෙකකින් කෙලින්න. :D

      Delete
    16. ඕක අපි හැමෝගෙම ලොකු හීනයක් මචෝ.. කවදහරි හැබෑකරගමු.

      Delete
    17. මැවිල පේනවා බං.

      Delete
    18. සොමී / මනෝ, එකෙන්ම දවසක අනිවා සෙට් වෙමු මචෝ.

      Delete
    19. එදාට එළිවෙනකල් බජව් දාමු හොඳේ...

      Delete
  7. ආ අමතක උනා අමතක උනා. අර කපපු ත(න/ණ) පඳුර උඹ විසික් කරේ නෑ නේද? පුළුවන්නම් කුරියර් කරලා හරි එවපන්. ලොකු උදවුවක්!! :D :D

    ReplyDelete
    Replies
    1. අැයි මේ දවස් වල බඩගින්නෙද ඉන්නේ..

      Delete
    2. අහා!!! ඒ ටික පරිස්සමින් අරන් තිබ්බා.(තණකොල ටික ) උඹට ඉතින් ඕනිමනම් එවන්නම්. අර යස අගේට තියෙන බ්ලොග් එකේ වගාකරගනින්කො.. බැනුම් අහන්න ආසනම් පාඨකයන්ගෙන්.

      Delete
    3. ඇයි බං විදානයෝ ඌට හරක කිව්වේ? හැක්!! හැක්!!!

      Delete
    4. විදානෙ,
      ඔව් බං අ‍ය වැයෙනුත් නෑනෙ සහනයක්! :)
      _______________
      මනෝ,
      ගේන්ඩ කිවුවෙ බයිට් එකට ගන්ඩ බන්. :)

      Delete
    5. ප්‍රියා,

      බයිට් එකට හරි තණකොලනේ බං!!

      Delete
  8. සුබපැතුම්! හද පත්ලෙන්ම උණුසුම් සුබපැතුම්!! ඉදිරියටම යන්න ඔබේ දැක්ම තවත් පුලුල්වෙවා!!!

    ඊ මනි සෙල්ලම ලංකාවේ ඉඳලා කරන්න බැහැ. මම එය තේරුම්ගත්තේ අන්තර්ජාලයේම තිබෙන ලිපිවලින්. අපේ පිටේ දැන්වීමක් එල්ලලා යනවා මොකෙක් හරි. අපි කොන්ද කඩාගෙන ඒක එල්ලගෙන දවස්ගානක් හිටියම සතයක් විසිකරලා යනවා ඉඳා කියලා. නමුත් මේ බොරුවට තවමත් සෑහෙන පිරිසක් අහුවෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක හරියටම හරි විචාරකතුමනි, මේක අපිට හරියන එකක් නෙවෙයි. අමාරුවෙන් හරි ඇඩ් එකක් දාගත්ත අර කිව්ව වගේ සතෙන් සතේ තමා එකතුවෙන්නෙ. ඒක ජීවිතේට අපිට විත්ඩ්‍රෝ කරන්න හම්බෙන්නෙ නෑ.

      ඔබතුමාටත් බෙහෙවින්ම ස්තූතියි.. මුල ඉඳලම මාව කියෙව්වා.

      Delete
  9. ගෙවූ වසරට වඩා ගෙවන වසර නිර්මාණයේ නවතම තැන් ස්පර්ශ කරමින්..... සන්වෙදනාවන්හි.... තෝතැන්නක් වේවායි..... පතමි.....
    මනොෂ්...... තිබ්බ back ground එකත් වරදක් නැ......

    ReplyDelete
    Replies
    1. හෘදයාන්ගම සුබපැතුමක් නිහිංසා. ඇත්තෙන්ම ඔබටත් ස්තූතියි.

      මටත් තිබුන බැක්ග්‍රවුන්ඩ් එකේ අවුලක් නම් තිබුනෙ නෑ ඒකාකාරී බව මිසක්. ඒත් බොහෝ දෙනෙක්ට ඒක කියවීමට අවහිරයක් උනා. ඒකයි වෙනස් කරන්න තීරණය කලේ.

      Delete
  10. සුභ පැතුම්!!! ඔබේ මේ රසවත් සටහන් හැකිතරම් කාලයක් ලියන්න ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැතුම් ඔබට. හැකි උපරිම කාලයක් ලියන්න බලාපොරොත්තු වෙනවා.

      Delete
  11. සංවේදනාවන් සමගින් හිත..............රැඳුන
    ගෙනෙනා නැවුම් සිතුවිලි පිරි මල් ගොන්න
    හරවත් යොවුන් හදවත් රිද්මය..........විඳින
    සුපැතුම් මගෙන් බ්ලොගයට වසරක් .පිරුන

    මනොෂ් උඹ මේ බ්ලොග් කලාවේ තවත් එක සලකුණක්, ගතවූ කාලයට වඩා කළාවූ නිර්මාණ ප්‍රමාණය සහ ඒවායේ ගුණාත්මක භාවය ගැන බොහොම තෘප්තිමත් වෙන්න පුළුවන් .
    උඹ ජීවිතය විඳින කොල්ලෙක්... ඒ ගැන සතුටුයි. පිලිගනින් මගේ සුබපැතුම්.... පිලි නොගත්තත් බලෙන්ම සුබ පතනවා ..ඕ යේස්

    ReplyDelete
    Replies
    1. මූ පිලිනොගත්තොත් කියපන්. දෙකක් ඇනලා බෙල්ල මිරිකලා හරි පිලිගනවමු.!! අපිත් හරි වස කොල්ලො. :D

      Delete
    2. හෙක් හෙක් හයේ හතරේ දාර පිඹුරෝ කොමඩ් එකක් දැක්කම දරනේ ගහන :D

      Delete
    3. හයයි හතරයිම මදෑ බං බය කොර ගන්න! :D

      Delete
    4. ඉවාන් අයියා,

      ෂහ්!! අද හැමෝම කවිකාරයෝ වෙලානේ. ඇත්තමයි, කවිය පුදුම විදියට හිතට දැනුනා. ඒ වගේම ඔබ මාහට ලබා දුන් වටිනාකමත්. ඇත්ත, ඉන්න කාලය නෙවෙයි වැදගත්, ඉන්න කාලය තුල කරපු දේ තමයි වැදගත්.

      දොහොත් මුදුණින් මේ සුබ පැතුම් භාරගන්නෙ ඉවාන්..

      Delete
    5. හප්පා බයේ බෑ ප්‍රියා, දිගම්පතා වගේ උඹ මාව වෙලාගත්තොත් මං නිකම්ම මැරිල යයි කුකුල් පැටියෙක් වගේ.

      Delete
    6. ලැජ්ජාවේ බෑ සොමියො, ප්‍රියාට ඔහොමම කියන්නත් එපා. හෙක්! හෙක්!!

      ප්‍රියා, අම්මප උඹට ඒ පිහිටනම් ඇති තමා..

      Delete
    7. පිස්සුද අපි එහෙම කියනවද? :D, අපිලා බොන්නේ හිතේ කහටක් නැති වටවල කහට.

      Delete
    8. ලිප්ටන් ලා ඕ ජී...

      Delete
    9. ලංකාවෙ මිනිස්සු ඇයි බං එහෙම කරන්නේ..?? හොඳ ටික යවල ඇයි අපිට කසා පොවන්නේ?

      Delete
  12. සුභ පැතිම් මනෝෂ්.
    බලාගෙන ගියාම වැඩි දෙනෙක් බ්ලොග් ලියන්න ඇවිත් තියෙන්නෙ e-money පාරෙන් නේ.

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ... අපේ වීරේත් මේ පාරින්මද ආවේ..

      ස්තූතියි ඔබටත්..

      Delete
  13. ඕනම කෙනෙකුට තමුන්ගේ අනන්‍යතාවයක් තියෙන්න ඕන. එක එක අය අනුගමනය කරන්න ගියොත් මතුවෙන්නේ ඒ පුද්ගලයා. මම කැමති අළුතෙන් හිතන උන්ට, අළුත් විදියට ලියන උන්ට. සම්ප්‍රදාය කඩාගෙන යන උන්ට. නැත්නම් මේ ළෝකේ කිසි ලස්සනක් නෑ. වෙනසකුත් නෑ. උඹත් හැමදාම අනුන්ගේ ඒවා දැම්මා නම් තාමත් එතනමයි.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි මාතලන් අයියා...උඩින් විදානෙත් කියල තියෙන විදියට මටත් මං බ්ලොග් එකක් ලියනවා, මටත් බ්ලොග් එකක් ලියනවා කියල දැනුනේ මගේම කියල දේවල් ලියන්න පටන්ගත්තට පස්සෙ තමයි.

      ඔබේ මේ උපදෙස් කවදත් මට ගොඩක් වටිනවා. ස්තූතියි ගොඩක්ම.

      Delete
    2. සදුමල්ව ලෝකෙට අදුන්නලා දුන්නේ මාතයියාන්ඩි.

      Delete
    3. ඒක ඇත්ත මෙන්ඩිස්.. කිහිප දෙනෙකු එකතුවෙලා හිටපු මගේ බ්ලොග් එක වටා බොහෝ පිරිසක් එකතුකලේ මාතලන් අයියණ්ඩි තමයි. ඔබ උනත් පැමිණියේ එහෙමනේ.

      Delete
  14. නිල් ආකාසේ වැනි සයිබර් ලොවෙහි හිඳ
    කල් යාන මිතුරු දම විඳිමුකො බිඳින් බිඳ
    මල් යායකි මෙහි සුවඳති මල් පිපෙයි සොඳ
    කල් යාවිද මත් වන්නට ගී පදයක අරුත් විඳ

    විට කදී එක්වෙමින් යලි වෙන්වන අනුරාගෙයි
    සට නකි දෙඇස කඳුලින් තෙත්වන විරහාවයි
    පැට ලෙයි යොවුන් සිතුවිලි මත්වන ආදරයයි
    මට නම් ගී පදයෙන් ඔබ කී විධි කලාබරයි

    "ඉස් සරහා පෙනෙනා තෙක් අඩවන නෙතට හොඳයි
    විස් වාසෙන් තියෙනා තෙක් පයබිම ගතට හොඳයි
    දුස් කරය දැනෙනා තෙක් රසවිඳි හිතට හොඳයි
    ඇස වහක් නැහැ මෙතෙක් ඉදිරියටත් නුඹට හොඳයි"

    සුබ පැතුම් මනොෂ් කොලුවෝ, අවුරුද්දෙන් දෙකෙන් ඔන්න නවත්තලා දානවා නෙවෙයි, වෙන මොනවත්ම කියන්නේ නැහැ මේ සින්දුවේ පද දෙක විතරක් කියලා යනවා, අනි වාර්යයෙන්ම එක එහෙමම වෙන්න ඕනා.

    හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමුවිය යුතුවේ
    අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතු වේ

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මාත් මේ කයියක් පබදින්න *ක විකාගෙන තතනනවා..

      Delete
    2. සොමියා,
      පට්ට මචෝ එළ එළ.
      _______________
      විදානෙ,
      හැක්! මාත් *ක විකාගෙන එකක් බැන්දා

      සෝස මලේ කටුවෙ නටූ…
      වල් බඹරෝ ඔහොම හිටූ…
      අත්ත බිදෙයි, කකුළ රිදෙයි…
      පමා වෙලා වැහැපන් වැහි වළාවේ…

      Delete
    3. සොමියගේ කොමෙන්ටුව පට්ට

      Delete
    4. මුලු කවි පෙලම ඉතාම දයාබරව, ලෙංගතුව දැනුනා සොමියෝ. ඒකෙනුත් මෙන්න මේ පද හතර හිතට ලොකු සතුටක් එකතු කලා..

      විට කදී එක්වෙමින් යලි වෙන්වන අනුරාගෙයි
      සට නකි දෙඇස කඳුලින් තෙත්වන විරහාවයි
      පැට ලෙයි යොවුන් සිතුවිලි මත්වන ආදරයයි
      මට නම් ගී පදයෙන් ඔබ කී විධි කලාබරයි

      ඒ වගේම සොමියෝ, සමහර විට විරාමයන් ඇතිවෙන්න පුලුවන්. ඒත් කවදාවත් සමුගන්න බලාපොරොත්තුවක් නෑ. නැවතීමක් ගැන හිතන්නෙ නෑ. උඹලගේ මේ වචන, මේ ශක්තිය, ධෛර්‍ය තියෙනකල්, උඹල මගේ ළඟ ඉන්නකල් මට එහෙම කරන්න හේතුවක් නෑ. අනේක වාරයක් ස්තූතියි ඔබට.

      හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමුවෙනවාමයි
      අද දවසේ ඔබට ගෙනා මිහිර හෙටත් ගෙන එනවාමයි



      Delete
    5. විදානේ,

      උඹනම් අවුලක් නෑ කියමුකෝ..

      ඒත් ප්‍රියා,

      හැබෑවටම උඹට පුලුවන්ද ඔච්චරටම නැමෙන්න්න, *ක විකන්න තරම්.

      Delete
    6. හරියටම හරි දිලිනි. ඒ කමෙන්ටුව නියමයි.

      Delete
    7. දිලිනියෝ මොකෝ කවි හිතට උනේ? පෙන්න නැහැනේ.

      Delete
    8. ප්‍රියා අයියා කවිය සුපිරි ඈ :D

      හේ හේ මනොෂ් ඒවා අහන්න එපා ප්‍රියා අයියගෙන්, කවුරුවත් නැවෙන්න හොඳ නැහැ, කොන්ද කෙලින් තියන් ඉන්න ඕනා. :D

      Delete
    9. සොමියෝ.. ඕකට එච්චර නැවෙන්න බෑ, ඒකයි කිව්වේ, ලේසු පාසු දිගක් යෑ..

      Delete
    10. කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන
      ඉබි ගමනින් යන්නේ
      උදේම නාගෙන චීත්තෙ ඇඳගෙන
      ආච්චි මේ එන්නේ

      Delete
    11. උඹ උඹටමද ඔය ආච්චි කියාගත්තෙ එතකොට??

      Delete
  15. අහා සුභ පැතුම් මචෝ... දිගටම මේ ගමන යන්න... ජය වේවා..!!!
    ඊස් ඇට් "සබඳ අපි කඳු නොවෙමු
    උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට වැටෙන..

    වියරු ගිනි දැල් නොවෙමු
    වනය අවුලා තබන
    සිහිල දෙන වැස්ස වෙමු
    දැවෙන කැලයට වසින..

    නපුරු හීනය නොවෙමු
    ළමුන් නිදි සුව බිඳින
    සොඳුරු අඬහැරය වෙමු
    දනන් නින්දෙන් මුදන..."


    සින්දුව අහන ගමන්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ...

      ඔය මම කැමතිම සිංදුවක්.

      Delete
  16. සඳුමල් ට හදපිරි උණුසුම් සුබපැතුම්!! සහෝ... නොනැවතී දිගටම ලියන්න.ඔබට ජයෙන් ජය !!

    ReplyDelete
    Replies
    1. දිලිනි ඔබට බෙහෙවින්ම ස්තූතියි. මේ හැම වචනයක්ම ඉදිරියට දිරියක්..

      Delete
  17. අම්බෝ.....හෑල්ල කියවගෙන ආව ආසාවෙන් උඹ ලක්ෂපතියෙක් වෙලා කියල ඉදගෙන ...
    බොක්කෙන්ම සුභ පැතුම් මල්ලියා'''''''''!............................
    යකෝ මට සතියකට පෙර නේ උඹ ඉට්ටාට් කොරල තියෙන්නෙ ..... හෙහ්.....හෙහ්.....

    ReplyDelete
    Replies
    1. අම්මප ඒ ලක්ෂපතිකම!! හ්ම්! පත්තරේ තියෙන්නෙ මාසෙට ලක්ෂයක් උපයන්න කියලා!!!!

      ඒ කියන්නෙ කෙන්ජි අයියගේ උපන්දිනෙත් ළඟ ළඟම නේද.

      Delete
    2. කෙන්ජි අයියා, උපන් දින පාටියට හරි අපිට කියවන්න පෝස්ටුවක් ලැබෙයිනේද?

      Delete
  18. මචං...අර උඔ ගත්ත හයිබිඩ් එකේ ගිහින් බැංකු ගිනුමෙන් සල්ලි ටිකක්අරන් ගල් බෝතලයක් ගහමු..
    ඡයවෙවා...
    සල්ලි සබන් පෙන...
    ගෑනු මෝස්තර..
    අපි ලග නෑ කතන්දර...

    ReplyDelete
    Replies
    1. ඒක ගන්න බැරි වුනානේ බං. ඒකනේ අවුල. අපරාදෙ රුපියල් දහදාහක් වියදම් උනා කෝස් එකටයි නුවර යන්නයි. චැහ්! බල්ලන්ට ආප්පහරි අරන් දුන්නනම්!!

      Delete
    2. රුපියල් දහදාහක් වියදම්ද??? එක්කො අර මම ඉල්ලපු ටික එවන්න එපා. උඹම තියාගනින්. (දන්නවනෙ මොන ටිකද කියලා.) :D

      Delete
    3. /අපරාදෙ රුපියල් දහදාහක් වියදම් උනා/
      ඔව්වා ගනන් ගන්න එපා මනොෂ්.. සූරූපිණයන්ටත් දහ දාහක් දීල කාර් එකෙන් බැහැල එන එකේ..

      Delete
    4. ප්‍රියා,

      මෙහේ ඕව කන එවුන් හරි අඩුයි බං, ඒ නිසා කිසි ඉල්ලුමක් නෑ. ඒ නිසා ඔහෙටම එවන්නම්. හොඳ ගානකට දෙතහැකි. දහදාහට විසිදාහක් ගන්න පුලුවන්!

      Delete
    5. විදානේ,

      කවිකාරි මේක බලන්න එන්නෙ නැත්නම් මං ඕකට දෙනව හොඳ උත්තරයක්.. හැක්! හැක්!!

      Delete
    6. මනේෂ්............

      මොකක් ද ඒ විදානේගේ කවිකාරි කතාව.. අඩේ අපිටත් කිව්වානම්.. අපි කාටවත් කියන්නෑ............. ෂුවර්..

      Delete
    7. \\විදානේගේ කවිකාරි//

      හා, හා.. කට කට! මගේ කවිකාරි!!

      Delete
  19. අකුරුත් උඹේ
    වචනත් උමේ
    මනුස්සකම ගෑවුණ
    කවියක් වගේ....
    උස් තුරු මුදුන් වල
    මල් පිපෙන්නේ
    අගය හැමදා රැදෙන්නේ
    පරවුණත් ගුණ සුවද දෙන්නේ
    සකිය නුඹ කිසිදා පර නොවෙන්නේ...

    අවුරුද්දක ගමනකට මගෙන් උනුසුම් සුභ පැතුම්...
    ආ මග කෙටියි මචෝ යා යුතු මග දුරයි... ආව වගේම අපූරු පොස්ට් වැස්සක් ක්ක හිටපං අපිත් එක්ක..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මහේෂ්.... දයාබරම අදහසක්. අද කවි සිතුවිලි මහ ගොඩයි. හැමෝම ආදරෙන් සුබ පතනවා. මං වෙනුවෙන් පබඳිනවා. ජීවිතේ වඩාත්ම සතුටු අවස්ථාවක්.

      දිගටම ඉන්නවා මහේෂ්..විරාමයන් එයි. ඒත් නවතින්නෙ නෑ..

      මුල ඉඳලම මාත් එක්ක ඉඳපු උඹලට ගොඩාක ස්තූතියි..

      Delete
  20. උණුසුම් සුභ පැතුම්..! දිගටම ලියන්න ලැබේවා! මටත් හෙට අවුරුදු.. :D
    ලංකාවේ e-money කියන්නේ හරි අමුතු ජාතියක්. e-money හොයන කෙනා සත ගණන් වලින් හම්බ කරද්දි වැඩමුළුව කරන කෙනා ලක්ෂ ගණනින් හම්බ කරනවා ඉගෙන ගන්න එන අයගෙන්.. ඒත් තාමත් කට්ටිය ඇත්ත තේරුම් අරගෙන නෑ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ..ස්තූතියි... ඇත්තටම ඊ මනී ලංකාවට හරියන්නෑ තමයි බං. ඕක ගොඩක් වෙලාවට ඉලක්ක කරන්නෙම ඒලෙවල් ලියල ගෙදරට වෙලා ඉන්න කොල්ලො කෙල්ලෝ.

      Delete
    2. ආ... එහෙනම් අපි හෙට සමරමු උපන්දිනේ..

      Delete
    3. ඇත්ත කතාව...
      අනිවා! :D

      Delete
    4. එකෙන්ම. බොන උන්ට ඕනි එකක්. බයිට් එකට වල් පිග්!

      Delete
  21. බොක්කෙන්ම සුභ පැතුම් මනෝෂ්..අර කෙන්ජි කිව්වා වගේ මාත් හිතුවා උඹ ලස්සෙට කොඩි දාලා කියලා..හැක් හැක්..කමක් නෑ කමක් නෑ මචෝ ජංජාල් සල්ලි වගේද අපි මේ උපයන මනුස්සකම්, හිත මිත්‍රයෝ...අන්න ඒකයි අවසානයේ ඉතිරිවෙන සතුට...30,000 තුන් කෝටියක් වන්නට සුභ පතනවා! :)

    ReplyDelete
    Replies
    1. මට දැන් ඒ කාලෙ ගැන ලැජ්ජයි මිසක් කිසිම පසු තැවීමක් නෑ මචෝ.. හැබැයි මං ඊ මනී වලට ආදරෙයි, වෙන මොකකටවත් නෙවෙයි, මෙච්චර ලස්සන ලෝකයක් මගේ කරගන්න මට අවස්ථාව ලැබුනේ ඊ මනී නිසානේ.

      Delete
    2. පිස්සුද මචං..එහෙම ලැජ්ජාවෙන්නේ මොකටද?අනික ඊ-මනි කොච්චර නම්බුකාරද වෙන එවුන් කරල අලකලංචිවල හැටියට..
      ජයවේවා!! :)

      Delete
    3. ඒකත් හරි.. අනික ඉතින් අද මේ හැමදේම ඊ මනී නිසානෙ මොනා උනත්.

      Delete
  22. ජයවේවා!
    මෙන්න කියවන්න
    http://madhumadhavi135.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔන්න අර කිවිසුම ආයෙත් යන්න එනවා. මට පිස්සු වගේ බොල.

      Delete
    2. කිරල ඇබ තුනක් ගන්න. දෙකක් නාස් පුඩු දෙකේ ගහගන්න.
      ...........................

      Delete
    3. කිඹුහුම යනකොට ඕනි වෙයි.

      Delete
    4. යන්නෑනෙ බං. ඒකනේ අවුල. යන්න වගේ එනවා.

      Delete
  23. ඊ මනි හොයං ආ මග වසරකුත් උනෝ
    ඒ මනි නැතත් දැන් රස ගී මීර දෙනෝ
    මී පැණි එක්ක අපි දඩමස් උනත් කනෝ
    බෝ කල් දිනේවා සඳුමල් එක්ක මනෝ

    ReplyDelete
    Replies
    1. රත්තරන් කවි ටිකක් වැටුනා මේ පාරනම්. ඇත්තටම සතුටුයි.. ගොඩක් ස්තූතියි මිත්‍ර ඔබටත්..

      ඊ මනී නම් යකාටම ගියාවේ. මට මේක වටිනවා ලෝකෙටත් වඩා.

      Delete
  24. මෙලෝ මගුලක් පෙන්නෑ බං

    ReplyDelete
    Replies
    1. අඩේ... ඒ මොකද ඒ?? මොනවත්ම පේන්නෙ නැත්ද?

      Delete
    2. මනොෂ් මම අද් දැකීමෙන් කියන්නේ.. සිග්නල් තියන පැතිවලට අවුලක් නෑ.. හැබැයි බාගෙට සිග්නල් තියන පැතිවල මේක් බාගෙට ලෝඩ් වෙන්නේ එතකොට මෙලෝ *න්ඩක් පේන් නෑ.. මට නං අවුලක් නෑ.. මට ඔව්වා හොදට හුරුයිනේ..

      Delete
    3. විදානේ,

      එහෙම බැලුවොත් සිග්නල් අඩුම තැන ඉඳල බ්ලොග් ලියන, කියවන එකා මම වෙන්නැති බං. උඹ විස්වාස කරනවද, ගෙදර ඉඳල ලොග් වෙන සමහර දවස් වල මං යනවා අපේ ලිඳේ බැම්ම උඩට. මේ කමෙන්ට් එක දාන මේ මොහොතෙත් මං ඉන්නෙ එතන. ඒත් මං ඊනෙත් උඹල වගේම 21වෙනි සියවසේමයි. බ්ලොගර් වල ටෙම්ප්ලේට් එකක්මයි බං දැම්මෙත්. මීටත් වඩා ඉතින් මොකක් දාන්නද. අනේ මංද බං, මට තේරෙන්නෙ නෑ.

      Delete
    4. ප්‍රියෝ, වැස්සක් එනවා දැන්නම් ගෙට යන්න වෙනවා. අඩසඳයාය අහන ගමන් මේ කමෙන්ට් කරන්නේ. රත්නශ්‍රී ප්‍රෝග්‍රෑම් එක කරන්නෙ. මේ දැන් ශාන්තිනී ගැන කිව්වා. දැන් යන්නේ ඒ සිංදුව.

      Delete
  25. අවුරුද්දට බොක්කෙන්ම සුභ පැතුම් මනෝ !!!!!!!!!!!!!!!!!!
    හපොයි හොදටම පරක්කුයි මචෝ ...(පොඩි කරදරයක් උනා එකයි )

    සිනහා කදුලු එනවා යනවා  ..........
    ඉපදි ලොවේ නවා තැන් පලේ මිනිසා රගයි රංගනේ
    බවයෙන් බවේ විරාමේ අපේ කාලේ ටිකයි ජිවිතේ
    සිනහා කදුලු එනවා යනවා 
    බවයෙන් බවේ විරාමේ අපේ කාලේ ටිකයි ජිවිතේ
    ඉපදි ලොවේ නවා තැන් පලේ මිනිසා රගයි රංගනේ

    මේ සිහින ග‍මනේ නැවති ඉන්නා අමිබලමයි මාවතේ 
    මේ පාලු කතරේ ඔබ මා හමුවි යායුතු මග මෙය වේ
    අහගන්න මිතුරේ ලෝකය කරළිය වෙනවා මායාවේ නලුවෝ අපි

    බවයෙන් බවේ විරාමේ අපේ කාලේ ටිකයි ජිවිතේ 
    ඉපදි ලොවේ නවා තැන් පලේ මිනිසා රගයි රංගනේ

    නොනිවන්න මිතුරේ පහනේ චායා කිසිදා මේ අත්වැලේ 
    සුදිලේවි සැමදා නාමේ ඔබගේ හිරැසේ ආකාසයේ
    ජයගන්න මතුදා පැරදුම පැරදිය යුතුවේ මේ ලෝක රගමන්ඩලේ

    බවයෙන් බවේ විරාමේ අපේ කාලේ ටිකයි ජිවිතේ 
    ඉපදි ලොවේ නවා තැන් පලේ මිනිසා රගයි රංගනේ
    සිනහා කදුලු එනවා යනවා 
    බවයෙන් බවේ විරාමේ අපේ කාලේ ටිකයි ජිවිතේ
    ඉපදි ලොවේ නවා තැන් පලේ මිනිසා රගයි රංගනේ
    සිනහා කදුලු එනවා යනවා ......


    ගායනය - එච් .ආර් ජෝතිපාල සමග ග්‍රේෂන් ආනන්ද
    චිත්‍රපටිය - මමයි රජා

    ReplyDelete
    Replies
    1. මං ඒත් බැලුව මොකද පරක්කු කියලා. පරිස්සමින් ඉඳහං, උඹව අපිට සෑහෙන්න වටිනවා.

      මේ චිත්‍රපටයට වගේම මේ ගීතයටත් මං මාරම මනාපයි. මට තියෙනවා සංවේදනාවක් මේ ගීයත් එක්ක.

      Delete
    2. සී සී කඩ විසිරුණු සිතිවිලි
      දිය බුබුලේ නලියන පෙණ කැටි වා..ගේ..නැතිවැ
      හුදකලාවෙ තනිවී සිටියම...
      සිහින ආකරේ කට වැටුනා වගේ...නිමක් නෑ...

      මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..
      දැනෙනවා කාටත් එක විදියට..
      ගිනියම් ඉර....සඳ සිසිලස....
      අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද...
      ගී ඇති ලොව...සිතුවම් කල...
      අතරේ අහනව බලනවා මේ අපි කවුරුද...

      ඉර බැස යන ගොම්මන් යාමේ..
      තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ..හෝ...
      ගලා හැලෙන රිද්මේ නැහැවී...
      ඇදි යන්නෙ ඈතින් ඈතට පාවී..සුලග සේ..

      මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..
      දැනෙනවා කාටත් එක විදියට..
      ගිනියම් ඉර....සඳ සිසිලස....
      අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද...
      ගී ඇති ලොව...සිතුවම් කල...
      අතරේ අහනව බලනවා මේ අපි කවුරුද...

      ගිනියම් ඉර....සඳ සිසිලස....
      අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද...
      ගී ඇති ලොව...සිතුවම් කල...
      අතරේ අහනව බලනවා මේ අපි කවුරුද...

      ගායනය : WAYO (සංගීත් විජේසූරිය)
      පද රචනය : සේනක බටගොඩ
      සංගීතය : සේනක බටගොඩ
      (ගී පැඳුරෙන්)

      Delete
    3. ඕක පට්ටම සිංදුවක් නේද බං. අලුත් පරපුරෙන් හොඳ ගීයක්, මං මාර ආසයි.

      Delete
  26. උඹෙ අලුත් ටෙම්ප්ලේට් එක පට්ට! ඒක ඇහැට පහසුයි. තව පොඩ්ඩක් අකුරු සයිස් එකත් වැඩි කරහන්, මොකද අපිට හතළිස් ඇඳිරියනෙ.

    අවුරුද්දක් කියන්නෙ පොඩි කාලයක්, ඒත් උඹ බ්ලොග් වල කවුරුත් දන්න, කාගෙත් හිතවතෙක් වෙලා ඉවරයි ඒ ටිකට. ඒක උඹ ලබාපු ලොකු ජයග්‍රහනයක් වගෙම දිග ගමණකට සවියක්.

    උඹට ජය!!

    ReplyDelete
    Replies
    1. ඇති යන්තම්.. මට හිතුන මේ ටෙම්ප්ලේට් එක කට්ටියටම හිතට අල්ලයි කියලා.

      අනේ මංද අයියේ අකුරු ලොකුම සයිස් එකට වඩා ටිකක් අඩු එක තියෙන්නේ. ලොකුම එකට දැම්මොත්, ඔය ඩින්ම කහපාටින් දාල තියෙන තේමාව සයිස් එකට එනවා.

      ඔබෙන් ලැබුනු අගය කිරීම මට ලොකු සවියක්. දැන් දිගටම එන්න.

      Delete
  27. මේකත් අවංකව ලස්සනට ලියල තියෙනවා. උපන් දිනයට සුබ පැතුම්. දිග ගමනක් යන්න ලැබේවා !!

    ReplyDelete
    Replies
    1. තිලක සිත.... මට හීනයක් වගේ. ඇත්තෙන්ම ඔබේ පැමිණීම මට විශාල ගෞරවයක්. ඔබට බෙහෙවින්ම ස්තූතියි.. ඉඩකඩ පවතින හැම වෙලාවකම එන්න. ඔබව බොහොම සාදරයෙන් පිළිගන්නවා.

      Delete
  28. පුංචි දෙයක් කියන්නම් තරහා ගන්න එපා..
    බ්ලොග් එකේ Width ඒක පොඩ්ඩක් අඩු කරනවද?මම හිතන්නේ හැමෝටම ඒක අමාරු ඇති..
    වැරද්දක් නෙවෙයි..ටිකක් ලොකු වැඩියි වගේ

    ReplyDelete
    Replies
    1. මලේ කියන්නේ, මුලු බ්ලොග් එකේම පළලද, නැත්නම් පෝස්ට් එකේ පළලද?

      Delete
  29. ජයවේවා .තව කාලයක් ලිය්බන්න් හඑකිවේවා,ෆොන් එක්‍ර්න් ලොකු දෙඋස්ක් කොටන්න බඑ

    ReplyDelete
    Replies
    1. හෙළකුරු දා ගනින්! වැඩේ ගොඩ එකෙන්ම.

      කරුණාකරලා බ්ලොගට පෝස්ට් එකකුත් දාපිය.

      Delete
    2. හප්පා...ෆෝන් එකෙන් කමෙන්ට් කෙටිල්ලනම් හරිම වාතයක් තමයි බං. අමාරුවෙන් හරි මෙහෙම අදහසක් එකතුකරල සුබපැතුවට උඹට අනේක වාරයක් ස්තූතියි කොල්ලෝ...

      Delete
    3. ඒ කුරු දාගත්තත් එච්චරයි බං. මාත් දාන් ඉන්නවා. ඒත් කමෙන්ට් වැටෙන්නෙ ඔය විදියට. අනේ මංද.

      Delete
    4. ආ ඔව් ඔවු, ප්‍රියා කිව්ව වගේ ඉක්මනට පෝස්ට් එකක් දාහං, උඹ දැන් සෑහෙන්න හොරවෙලා.

      Delete
  30. ටෙම්පෙල්ට් එක වෙනස් කරපු එක නම් ඇත්තෙන්ම හොඳයි. අකුරුත් පාටින් නැතුව කලුවෙන් තිබ්බා නම් ඇසට තවත් පහසුයි කියා සිතෙනවා.සුබ පැතුම් වසරක් තුල බොහෝදුර ඔබ ඇවිත් තියෙනවා.ආවට වඩා වැඩි දුරක් යන්න සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. * සුදු පාටින්

      Delete
    2. ස්තූතියි මනෝජ් ගොඩක්ම... ෆොන්ට් එක සුදු කරන්න කියලද කිව්වේ.. ? සුදු පාටනේ ඉතින් තියෙන්නෙත්..

      Delete
  31. ඔබේ උත්සාහය ප්‍රශන්සනීයයි. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ඔබට බෙහෙවින්ම ස්තූතියි මිත්‍රයා...

      Delete
  32. මනෝෂ්......පරක්කුවුනාට සමාවෙන්න. වෙන බ්ලොග්ස්වල කමෙන්ට්ස් දාන්න බැරි අවුලක් තිබුනා. දැන් හරි. උඹට සුබ පැතුම්!!! උඹේ නිදහස් මතවාදයන් අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. සමා කුමට අරූ අයියේ, කවදා කෙදිනක හෝ මට ඔබේ පැමිණීමයි වැදගත්.

      අවුල හදාගත්තෙකනම් ලොකු දෙයක්. ඔබට බෙහෙවින්ම ස්තූතියි, මං ආ ගමන් මගේ ඔබත් පුරෝගාමියෙක්.

      හැකිනම් අලුත් පෝස්ට් එක පැත්තෙත් එන්න.

      Delete