Pages

Sandumal

Sandumal

Sunday, June 8, 2014

•ඈ මගේ නෙළුම් මල

"පුංචි පුතුනි බලාගන්න මගේ නෙළුම් මල..."



"පුතේ.. උදේ උඹට ලියුමක් ආවා. ඕං මං මේසෙ උඩ තියල ඇති."

මා නිවසට ගොඩ වන හඬ ඇසී අම්මා කුස්සියේ සිට කීවාය. එකත් එකටම මේ මං මඟ බලාගෙන උන්නු ලියමන වෙන්නෝනි.

"දිලීගෙන්ද අම්මේ?"

"ඒ දරුව තමයි මයෙ හිතේ. උඹේ නමට තිබුන නිසා මං කඩන්න ගියේ නෑ."

සිතූ පරිදිම ලියමන ඇගෙනි. ඔළිඳ ගෙඩි වැනි ඇගේ වටකුරු අත් අකුරින් ලියූ මගේ නම සහ ලිපිනයෙන්ම මම එය හඳුනාගතිමි.

***********************************************

                                                                      චමරියේ සිට ලියමි..
1997.08.13,


දයාබර ජයේ,

ඉතිං ඔයාගෙ සැපදුක් කොහොමද? මම කරදරයක් නැතිව ඉන්නවා. මේ පුංචි ඉස්කෝලෙ ඇත්තටම හොඳයි. මේ පැත්තෙ හරිම අව්‍යාජ මිනිස්සු ඉන්නෙ.චමරියේ ඉන්නෙ මමයි, මං වගේම මෙහෙට ආව තව ටීචර්ලා හතරදෙනෙකුයි. දෙන්නෙක් නම් එයාලගේ දුෂ්කර අවුරුදු පහේ අන්තිම අවුරුද්ද ඉන්නෙ. එයාල ඊළඟ අවුරුද්දෙ එයාලගේ ගම් පළාතට ට්‍රාන්සර් හදාගනී. අනිත් දෙන්නනම් මාත් එක්කම වගේ මෙහෙට අලුතින් ආපු අය. හැමෝම හරිම හොඳයි. ඔයා එදා මෙහෙ ආව වෙලේ බය වෙච්ච ලොකුම දේ මගේ ආරක්ෂාවනේ. ඇත්තටම මාත් මුලින් බයේ හිටියෙ. නොදන්න පළාත්නෙ. අනේ ඒ උනාට එහෙම කිසීම අවුලක් නෑ. මට මෙහේ කිසිම දුකක් කරදරයක් නෑ ජයේ. ඔයා පොඩ්ඩක්වත් බයවෙන්නෙපා. ඒ නිසා මං ගැන හිතල හිත කරදර කරගන්නෙපා. මොක්ද එහෙම උනොත් ඔයාගෙ ඉස්කෝලෙ ඉගැන්වීම කටයුතුත් ඔයා අතින් අතපසුවෙයි.දන්නවනේ මෙහේ වගේ නෙවෙයිනෙ ඔහේ අධ්‍යාපනේට තියෙන තරඟය හොඳටම වැඩියිනෙ. විභාගෙන් ඔයාගෙ පංතියේ ළමයිට ලකුණු අඩු උනොත් දෙමව්පියන්ගෙන් ඔයාට විසුමක් වෙන එකක් නෑ.

ඒ අතින් මේ පැත්ත ගැනනම් කතාකරල වැඩක් නෑ ජයේ. හරිම දුප්පත් මිනිස්සුන්ගෙ අහිංසක ළමයි ඉන්නෙ. ඒ අහිංසකයො හරිම අමාරුවෙන් අකුරක් ගැටගහගෙන ලියල මට පෙන්නුවාම මං උන්ගේ පොත් පිරෙන්න ලොකූ හරියක් දානවා. අනේ ඒ වෙලාවට ඒ කැලෑ මල් වල මූනෙ පිපෙන හිනාව දැක්කනම්.. එතකොටනම් කොයි වෙලාවකවත් මට හිතෙන්නෙ නෑ මං දුෂ්කර ඇවිත් දුක් විඳිනවා කියල. 

තියෙන හැම දුකක්ම අමතක වෙනවා මේ පුංචි පැටවුන්ගෙ හිනාව දැක්කම.

දුකක් කියල ඩිංගක් හරි තියෙන්නෙ මේ ගිනි කූටක අවුවට හුරුවෙන්න තියෙන අමාරුව විතරයි. අනික රෑට නිදාගන්නවත් බැරිතරම් රස්නෙයි. මං රෑ දහයටත් ඇඟ සෝදනවා. හැබැයි වැහි කාලෙටනම් මෙහෙ නුවර එළිය වගේ සීතලයිලු. ඒත් ආයෙ වැස්සක් මෙහෙට වැටෙන්නෙ ලබන නොවැම්බරේලු. එතකල් තමයි මේ පැත්තෙ හැම වේලිච්ච මූණක්ම බලන් ඉන්නෙත්.

මේ දරුවන්ගෙ දෙමවුපියන්ට එදාවේල කොහොමහරි ගැටගහගන්නෙකෙන් එහාට වෙන කිසිම ඉලක්කයක් බලාපොරොත්තුවක් නෑ ජයේ. ඒ මිනිස්සුන්ගේ එකම බලාපොරොත්තුව මේ කාෂ්ඨක පොලොවෙ හෙට දවසත් ජීවත් වෙන එක. ඒ නිසාම අපි ඉන්න නගරෙ වගේ මෙහෙ ජීවිතේ තරඟයක් වෙලා නෑ. මෙහේ අය ඉතාම සරලව පොළොවෙ පයගහල ජීවත් වෙනවා. හැබැයි ඉතින් ඒ නිසාම මේ අම්මලා තාත්තලාට දරුවන්ට උගන්නන්න තරම් කිසිම උවමනාවක් නෑ.

එයාලට එහෙම තේරුමකුත් නෑ. තමන්ගෙ කොල්ලට කැත්තයි උදැල්ලයි හුරුයි නම් එච්චරයි. දුවට පහලොවකට විතර සෑහෙන්න හොඳ බතක් උයල හේනට කෑම ටික අරින්න පුලුවන්නම්, අන්න එතනින් එයාලගේ ජීවන බලාපොරොත්තුව ඉටුවෙලා. ඒ නිසා අධ්‍යාපනයේ වටිනාකම එයාලට තේරුම් කරල දෙන්න හරි අමාරුයි. ළමයි සතියට දවසයි දෙකයි ඉස්කෝලෙ එන්නෙ. බැරිවෙලාවත් අපි සැරකරල ඒ ගැන ඇහුවොත් අනේ උන් අඬනවා. ආදරෙන් ළඟට අරං ඇහුවම කියනවා, ඊයේ කුඹුරු හෑවා, නියර බැන්දා, එහෙම නැත්නම් හේන් ගිනි තිබ්බා, මේ වගේ උත්තරයක් තමා මේ අහිංසකයො දෙන්නෙ.

එහෙමයි ජයේ මෙහෙ ළමයින්ගෙ ජීවිතේ.
උන් ඉස්කෝලෙ වැඩ කරන්නෙ රෑට පැල් රකින ගමන්. උන් අයනු ආයනු කියන්නෙ හේනට එන ගිරවු එලවන ගමන්. උන් කවි පාඩම් කරන්නෙ ඉරිඟු හේනෙ කුරුලු රෑන් එක්ක. රෑට අප්පොච්චි එක්ක පැල් රැකල ඇවිත් දවාලට නිදි කිරාවැටෙන මගේ හිඟන පැටවු ටික මං ආවට පස්සෙ හොඳට පාඩම් කරනවා. හේනෙ පැලේ පොල් අතු අස්සෙන් අහසෙ පේන තරු ගනන් කරල හරි උන් ගනන් ඉගෙනගන්නවා. මං උන්ට එකතු කරන්න, අඩුකරන්න උගන්නන්නෙ ගල් කැට වලින්. ඔයාට හිතාගන්නවත් පුලුවන්ද. ජයේ අපි කසාද බැඳල මාස දෙකක්වත් යන්න කලින් ඔයා මට මෙහෙට එන්න අවසර දුන්නා. එන්න ලෑස්තිවෙලා එදා මං ඔයාගෙ කකුල් දෙක අල්ලලා වඳිනකොට ඔයා මට හදවතින්ම ආශිර්වාද කරල මට කිව්ව කතාව නිතරම මතක්වෙනවා. "දිලී, ඔයා යන ඔය ඉස්කෝලෙ ඉන්නෙ හරිම අහිංසක දුප්පත් ළමයි. උන්ට හොඳට උගන්නන්න, උන්ගෙන් එකෙක් ඔයාට විශ්ව විද්‍යාලෙට යවන්න පුලුවන් උනොත් එදාට ඔයාට ලෝකයක් දිනුවා වගේ සතුටක් දැනෙයි. එදාට ඒ ගමත් මේ ලෝකෙට එකතුවෙයි.  නගරෙට සීමාවෙච්ච අධ්‍යාපනේ ඒ ගමටත් යයි. ඔයා උගන්නපු ඒ දරුවා කවදාහරි කැමපස් එකෙන් ඇවිත් ගුරුවරයෙක් වෙලා ඒ ගමටම එයි. ඒ විදියට ගුරු පරම්පරාවක් මේ ගමට උපදියි. ඒ ගමනෙ මුල්ම පුරුක ඔයා. ඔයා මේ කරගන්නෙ ලොකුම ලොකු පුණ්‍ය කර්මයක්. ඒ අහිංසක ඇස්වල බලාපොරොත්තුව ඔයා. අඬන්නැතිව යන්න මගේ රත්තරන්. උන් ඔයා එනකල් බලං ඉන්නවා.ඒ පුංචි බලාපොරොත්තු වෙනුවෙන් අපි මේ ටික කාලෙ ඉවසමු. ඔයාට වරදින්නෙ නෑ. මං ඔයා ළඟම ඉන්නවා." 

ඔයාගෙ ඒ වචන ටික මට මහා ශක්තියක් වෙලා මං ළඟම රැඳෙනවා. ඔයා ඒ කිව්ව දේ මං කොහොමහරි කරනවා රත්තරං.
එදා ඔයා මාව බලන්න ඇවිත් ගිය වෙලාව මං මතක තියාගෙන ඉන්නවා, ඔයා ඊළඟට එන දවස එනකල්. මේ පුංචි එවුන් ඔයාට හරි ආදරෙයි. නිතරම ඔයා ගැන අහනවා. උන් කියනවා ඔයාටත් මෙහේ එන්නලු. ගමෙන් අපි දෙන්නටම ගෙයක් හදල දෙන්නම්ලු අම්මලාට කියල. බලන්නකො ඉතින්. මුං පැහිල ඉන්න තරම්.

එහෙනම් ජයේ, මං දැනට නවතින්නම්. අම්මව ආදරෙන් මතක් කලා කියන්න. එයාව නිතර මතක්වෙනවා. ඊළඟට එන දවසෙ, අම්මට කියල අර රහම රහ බත් එකක් අරං එන්න හොඳේ.

පරිස්සමින් ඉන්න. ඔයාට බුදුසරණයි.

                                     මීට..,

                                                                    ඔයාගෙම සදාදරණීය දිලී..


***************************************

ලිපිය කියවා හමාරකල මා දිගු සුසුමක් හෙලූයේ නෙතට නැඟි සතුටු කඳුලක්ද සමඟිනි. ඇයව බැලීමට ගිය පසුගිය දිනය මට නැවත මතක් වේ. මා යන විට ඇය කුඩා ළමුන් ගොන්නක් රවුමට වටකරගෙන කහට ගහක් යට අලංකාර ගීයක් ගායනා කරමින් සිටියාය. ගෙවුනු සොඳුරුතම කාලපරිච්ඡේදයක් නිමාවත්ම මා ආපසු එන විට මේ පුංචි ටීචර් එයාගෙ පුංචි ගෝලයෝ රොත්තත් එක්ක මා නොපෙනී යනතුරු අත වැනූ හැටි.. මට මේ දැන් මෙන් මැවී පෙනෙන්නේ හිතට අමුතුම චමත්කාරයක් එක්කරමිනි.

"ඔයා කිව්ව වගේ අපි මේ අවුරුදු පහ මේ අහිංසකයන් වෙනුවෙන් ඉවසමු ජයේ. කාලෙ ඉක්මනට ගෙවිල යයි."

එදා මං ආපසු ඒමට සැරසුනු මොහොතේ මගේ දෙපා නැමද කඳුලු පිරි දෙනෙතින් ඔබ පැවසූ ආකාරය මට මතක්වෙනවා.

මගේ සිත නැවුම් උනුහුම් බලාපොරොත්තු ගොන්නකින් පිරිල යනවා. දිලී... අපි අවුරුදු පහක් ඉවසන්නෙ ඇයි. මේ පුංචි පැටවු ටික අවුරුදු පහකට පස්සෙ කොහොම දාල එන්නද. පුංචි ටීචර්ට මේ හැමදේම තනියෙන් කරන්න බැරිවෙයි, මොකද අපිට උන් වෙනුවෙන් කරන්න දේවල් කප්පරක් තියෙනවා රත්තරං. හෙටම ඔයාගෙ පුංචි පැටවු ටිකට කියන්න එයාලගේ අප්පුච්චිලාට කියල අපි දෙන්නටත් ඔහෙන් පුංචි පැල්කොටයක් අටවල දෙන්න කියලා!

ඒ පුංචි පැටවු ටික මං එනකල් ඔයාව පරිස්සමට බලාගනීවි..

එතකල්... ඔයයි, ඔයාගෙ ඔය පුංචි පැටවු ටිකයි වෙනුවෙන් මං මෙහෙම ලියන්නම්...


"ඈ මගේ නෙළුම් මල
රොන් සුවඳ බෙදා දෙන
වන්නි ගම් දොරක පීදෙන
පුංචි පැටව්නට

හේනට එන ගිරවුන්ගෙන්
අකුරු ඉගෙන ගෙන
අහසේ තරු ගණන් කරන
ගල්කැට ඇහිඳින
පුංචි පුතුනි බලාගන්න මගේ නෙළුම් මල

ඉල්මාසේ වැහි එනතුරු
නියගෙට වේලෙන
නෙළුම්මලට මල්යායට සීතල අරගෙන
වැවක් වෙන්න ඉඩ දෙනවද හීනෙන්වත් මට"

ගී පද – රත්න ශ්‍රී විජේසිංහ
තනුව - එච්. එම්. ජයවර්ධන
ගායනය – ගුණදාස කපුගේ




(Ae Mage Nelum Mala - Gunadasa Kapuge)




ප.ලි: පෝස්ට්ටුව වර්ණවත් කිරීමට යොදාගත්ත ඡායාරූපය ගැන කියන්න අමතක උනා. ඇත්තටම ඒ ගැන පසුතැවෙනවා. මේ ඡායාරූපය හොයාගත්තෙ ගාමණී චිත්‍රපටයේ රූප රාමුවක් අතරින්.






59 comments:

  1. හම්මේ...... බොක්කටම වදිනව මනෝ...
    ඔයා නියමෙටම සිංදුවට කතාව ගලපල තියෙනව...
    ඇත්තටම කැලෑමල් වල සුවද අඩුයි.. ඒත් ලස්සනයි නැද්ද....

    ReplyDelete
    Replies
    1. බොරු ආටෝපයක් නැති කැලෑ මල් හරිම ලස්සනයි මහේෂ්. ඒත් එක්කම ඒ මල් වල තියෙන්නෙ ජීවිතේ සුවඳ. නහය කඩාගෙනන යන සැර සුවඳවල් නෙවෙයි. වෙලාවකට හිතෙනවා ඒ කැලෑ මල් කැලේම තියෙන්න ඉඩ ඇරියනම් හොඳයි කියලත්.

      Delete
  2. ඔය තියෙන්නෙ ලෙසටම. පට්ට.

    අවංකවම කියනවා නම් සාමාන්‍ය ලෙස විචාරයකින් කියෙවුවා නම් මේක මේ තරම්ම නොදැනෙන්න ඉඩ තිබුනා බං. ඒක සමහර විට මගේ අවුලක් වෙන්න ඇති.

    මේ පද රචනාවෙ හැම පැත්තලක්ම ආවරණය කරපු විදිහ අපූරුයි.

    සරල උන තරමට රහත් වැඩි වෙලා වගේ දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රියා .. මට කියන්නත් දෙයක් නෑ උඹ සේරම කියලා .හැක් .අසාධාරනයි :D

      Delete
    2. මචං උඹේ මේ උත්සාහය නං මට විචාරයකට වඩා හිතට දැනුනා..ඔය අපූරුවට අදහස දීල තියෙන්නේ සිංදුවට අතවත් නොතියා..පුද්ගලිකව මං මේ ක්‍රමයට ආසයි.. ඔය සින්දුව දකිද්ද්දි මට ර්ත්නශ්‍රී ගේ මෙන්න මේ සින්දුවත් මතක් උනා බං.බලපං එකම සිද්ධියක් පැති කීපයකින් ඔහු විග්‍රහ කරන අපූරුව..

      මගෙ බිසවුනේ අසාපන් නුඹ
      මන්ත්‍රි දේවි නොවුනි
      දුෂ්කර වු ඒ පළාතේ 
      මට යන්න දෙන්න දේවි...

      මේ කදුළු ඇයිද දෑසේ 
      බෑ යන්ට නුඹට හිමයේ
      ගොස් ඉන්ට කුලී නිවසේ
      විස ඝෝර සර්ප බවනේ..

      නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
       සා පැටව් එහි නිදන්නේ
      හාමතේ නොලා දරුවෝ
       නවතින්න බිසව් නගරේ

      නුඹ නොදී එතෙර රටටා 
      දරු නොදී වාල් කමටා
      දිවි පු‍දා තොප රකින්නම් 
      නොපුරා එ මෙත් පෙරුම් දම්...

      Delete
    3. ප්‍රියා,

      මං දැනං හිටිය මේකට උඹ කැමතිවෙනවා කියලා. මේක නිකං විචාරයකට වඩා හිතට වදිනෙක උඹේ අවුලක් නෙවෙයි බං. රස වින්දනයක් තියෙන අපි හැමෝම යමක් රසවිඳින්න කැමති ජීවිතයට සමීප විදියටනෙ. මේක නිකං හරියට විචාරෙකට තනුවක් දැම්මා වගේ බං.

      Delete
    4. අඩේ පත්තරේ,

      මට ඕක මතක් උනේ නෑනෙ බං. මෙතනදිම උඹ මේක මතක් කරපු එකනම් මරු. ඇත්තටම මේ එකම සිදුවීමක දෙපැත්තක්නෙ බං. අර සිංදුවේ බිරිඳ යනවා සැමියාගෙන් දුරස් වෙලා වංකගිරියකට, හැබැයි සැමියටත් අවස්ථාවක් තියෙනවා බිරිඳ සමඟ ඒ පළාතටම යන්න. ඒත් මේ සිංදුවේදී, සැමියට වංකගිරියට යන්න සිද්ධ උනාට, බිරිඳට ඔහු සමඟ යාමට හැකියාවක් නෑ.

      ඇත්තටම රත්න ශ්‍රී කියන්නෙ මොනතරම් දක්ෂ සංවේදී නිර්මාණකරුවෙක්ද. මේ සංසිද්ධි දෙකම මේ රටේ බහුතරයක් රාජ්‍ය සේවකයන්ගේ සැබෑම ජීවිත අත්දැකීම. ඔවුන් මෙය කොතරම් විඳිනවා ඇත්ද, විඳවනවා ඇත්ද.
      රසික හදවතකට මේ තරම් ප්‍රායෝගිකව, සජීවීව ළඟා වීම හැම කලාකරුවෙක්ටම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඒකයි මේ සුන්දර මානව හිතවාදියාගේ විශේෂත්වය.

      Delete
    5. පත්තරේ, සිරාවට බං මටත් විචාරෙකට වඩා හිතට වැදුනා.

      මනෝ, ආයෙ දෙකක් නෑ උඹේ දක්ෂතාවය උඹ හරියකට හදුනගෙන නෑ. ඒක හරියට හදුන ගනින්. බොට දුර ගමනක් තියෙනවා.

      Delete
    6. අම්මේ..අහනකොට බයත් හිතෙනවා!! අපි බලමු, අපි බලමු, ඉගෙන ගන්න දේවල තව කප්පරක් තියෙනවා බං.

      Delete
  3. මෙතනට එනකම් තමයි බලන් හිටියේ , ධම්මික බණ්ඩාරයන් කෙරෙහි මගේ සිතේ ඇත්තේ සුවීසල් ගෞරවයක්, නමුත් ඔහු වෙනුවෙන් ගීත විචාර ගෙන් ඒමෙන් ඔබ කලේ යුග මෙහෙවරක් නම් නොවේ , එය තවත් එක්තරා සීමාවක රසවිඳින්නන් පිරිසකට ඉල්ලුමට සැපයීමක් පමණයි . ඔබ ඔහු කෙරෙහි මහත් ලෙස ඇලුම් කරන්නෙකු නිසා මේ වදන් කෙරෙහි නොපහදීමක් ඇති වන්නට පුළුවන් . නමුත් මිත්‍රයා එය තමයි සත්‍යය.

    ඒ ගීත පවා ඔබ මේ ආකාරයෙන් ඔබේ නිර්මාණයක් සමගින් ඉදිරපත් කලානම් එය ඉතාම අගෙයි , ඒ වගේම එය ඔහුට කරන සාධාරණයක් . කෙසේවෙතත් ඔබ නියම මාර්ගයට අවතීර්ණ වී සිටිනවා දකින්නට ලැබීම සතුටක්.

    ඔබ නිර්මාණකරණයේ සුවිසල් හැකියාවක් සහිත තරුණයෙකු බව ඕනෑම කෙනෙකුට පේනවා , ඒ හැකියාව ගීත විචාර වලට පමණක් සිර කරන්නට එපා ,

    ආ මග කෙටියි
    යා යුතු මග දුරයි

    ReplyDelete
    Replies
    1. ඉවානයා 1000% එකඟයි උඹ එක්ක.. මේ ඉන්නෙ ඇතුලෙ හිටපු මනෝෂ් ..මට නං මේක විචාරයට වඩා හෘදයාංගමයි පට්ටයි !!!

      Delete
    2. ඉවාන් පවුලූෂා..

      ඇත්තටම ගොඩක් සතුටුයි මට ඉවාන් මේ පැත්තට ඇවිත් මෙහෙම අදහසක් එකතු කල එකෙ ගැන. මුලින්ම ඉතාම සාදරයෙන් පිළිගන්නවා මේ අහට.

      ඇත්තෙන්ම ගොඩක් දෙනෙක් මං මෙතනට එනකල් උපේක්ශාවෙන් බලාගෙන හිටියා.ඔබත් ඒ අතරින් කෙනෙක් වීම ගැන මට ගොඩක් සතුටුයි. මාව මඟ හලාගෙන යන්නැතිව ඔබ සියලුදෙනා රැඳී ඉඳලා. ඇත්තටම මාත් යුගමෙහෙවරක් කියල හිතල මේ දේ කලා නෙවෙයි. කිව්ව වගේම අපේ එවුන් අතරෙ හොඳ රසිකත්වයක් ගොඩනගන්නයි ඕනි උනේ. කොහොම උනත් දැන් ඊටත් වඩා දෙයක් කරන්න මට අවස්ථාව ලැබිලා. නිර්මාණකරනය තුල මට තිබෙන සුලු හැකියාව පිළිබඳ ඔබ දරන විස්වාසය ලොකු හයියක්. දිගටම රැඳී ඉන්න ඉවාන්..

      "ආ මග කෙටියි
      යා යුතු මග දුරයි
      නිරතුරු නුවැනසින්
      තරණය කල යුතුයි"

      Delete
    3. ඇත්තටම ගීත විචාරයක් පාඨකයින් අතරට අරං යා යුත්තේ මේ අකාරයට කියල මටත් මේකෙන් හොඳටම තේරුනා පත්තරේ...

      Delete
    4. අනිවා. අන්න පොයින්ට් එක.
      //ඇත්තටම ගීත විචාරයක් පාඨකයින් අතරට අරං යා යුත්තේ මේ අකාරයට කියල මටත් මේකෙන් හොඳටම තේරුනා පත්තරේ...// ++++++++++++++ ඕනම දෙයක් සරල වෙන තරමට එය ග්‍රහණය වෙනවා වැඩියි.

      Delete
    5. ඒක හරි බං. මං පිරිත් අහන්න කැමතිම නෑ. ඒ තේරෙන්නෙ නැති නිසා. ඒත් පිරිත් හරි ලස්සනට සිංහලෙන් ගායනා කරනකොටනම්..

      Delete
  4. විශිෂ්ඨයි මනොෂ්,
    කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ.. හැමදේම උඩ කොමෙන්ට් වල තියනවා.. දිගටම ඉදිරියටම යමු..
    විචාර කලාවතුල මනොෂ් සලකුණක් පිහිටුවමු...

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. සතර අතින්, සුබපැතුම්, ප්‍රසංසා.. හිතට දැනෙන දේවල කියාගන්න වචන හොයාගන්නත් අමාරුයි විදානෙ. අපි බලමුකො පුලුවන් දෙයක් කරන්න ඉදිරියට.

      Delete
  5. හරිම අගෙයි මනෝෂ්....

    මේක කියවලා අපි කොච්චර සතුටු වෙනවාද කියලා ඔබ හොද හැටි දන්නවා ඇති. ඇත්තට ම ඊටත් වැඩිය සතුටුයි මනෝෂ්.

    මුලින් ම කතා කරන්න කැමතියි ගීතය ගැන. අදනම් මට කියන්න වෙනවා මමත් මේ ගීතය අහලා නෑ කියලා. ඇත්තට ම ගොඩක් දෙනෙක් අහලා තියෙනවා ද කියලා නම් දන්නේ නෑ. ඒත් මං ඇහුවේ ඔබේ මගපෙන්වීමට ඔස්සේ ගිහිල්ලා. ඒක බාගෙන කපුගේ ගේ සින්දු සිය ගානක් අතර ට ඒකත් දාගත්තා. ඒක හරි... ගීතය නම් හරිම සරල වගේ ම නිර්මාණශීලී එකක්. විශේෂයෙන් ඒකට එකතු වෙලා ඉන්න තුන්දෙනා දැක්කා ම මේ විදිහ පද ටිකක් වුණක් මේ තරම් නිර්මාණශීලී වෙන්නේ කොහොම ද කියන එක තේරෙනවා......

    ගීතය ඔබ විසින් විචාරය කරන විදිහ ගැන නම් විශේෂයෙන් ම කතා කළ යුතුයි මනෝෂ්... ඒක අපි බලාපොරොත්තු වන දෙයට එහා එකක්. ඒක තමයි නිර්මාණකරුවෙකුගේ ලක්ෂණය. ඔබ ඔබේ රසිකයින්ගේ බලාපොරොත්තු අබිභවා ගිය විචාරකයෙක් මනෝෂ්... ඔවුන්ට ඊට එහා දෙයක් දෙන්න තරමි ඉදිරි දැක්මක් සහිත විචාරකයෙක්.. අද විචාරයක් ලියලා තියෙනවා කියනවාට ත් වඩා මේකට වෙන වචනයක් හොයා ගන්න අපිට වෙනවා. මොක ද මේක ඒ තරම් අමුතු දෙයක්... ඔබ ඒ කවිය වචන වලට ආයෙම පෙරළලා. ඒ නිර්මාණය ආයෙම අත්දැකීමට පෙරළලා... ඒක තමයි අත්‍යවශ්‍ය ම. මොක ද හැම වෙලාවෙම නිර්මාණයක් වෙන්නේ අත්දැකීමක් හෝ මනස් චිත්‍රයක්... ඒක නියම වශයෙන් විදින්නේ නිර්මාණකරුවා විතරයි. මොක ද ඒක අත්දකින්නේ ඔහුයි. අපිට එද්දි ඒක වචන කීපයකට ගොණු වෙලා රහ වැඩි කරන්න සංගීතය සහ තාලය දාලා තමයි එන්නේ. ඒත් අපිට නිර්මාණකරුවා වින්ද විදිහට ම ඒක විදින්න බෑ. නමුත් ඔබ මේ උභතෝකෝටිකය මෙතනදී බිද දාලා තියෙනවා. ඒක දැවැන්ත නිර්මාණකරුවෙකුගේ ලක්ෂණ පෙන්නුම් කරනවා කියලා අපි කියන්නේ ඒකයි මනෝෂ්....

    අගෙයි අගෙයි ...... හරිම අගෙයි.........................

    ReplyDelete
    Replies
    1. කවදත් වගේ අදත් ගී පවුරෙන් ලැබිල තියෙන්නෙ හිත පිරිල යන කමෙන්ටුවක්. ගීතයක තිබෙන සෞන්දර්‍ය ගීත විචාරය්ක් තුලට ගෙන එන්න මේ ක්‍රමය ඇඇත්තටම කදිමයි. මේ තුකින් රසිකයාට ගීතය රසවිඳින තරම්ම හොඳින් විචාරය රසවිඳින්න පුලුවන්. ඒක හරියට මං උඩින් අර පත්තරෙත් එක්කත් කිව්ව වගේ විචාරයට තනුවක් යෙදීමක් වගෙයි. මේක විචාරයකුත් නෙවෙයි, කතාවකුත් නෙවෙයි, ගීතයකුත් නෙවෙයිනෙ. ඒ නිසා අපි මේව ගී සංවේදනා විදියට හඳුවමු ගී පවුරේ.

      හැබැයි මට මෙහෙම බයකුත් තියෙනවා, මෙහෙම ලියන එකෙන් මං පාඨකයන්ව ගීතය තුල යම් රාමුවකට, සීමාවකට කොටුකරනවද මංද. මේක කියවන කෙනා, මේ චිත්‍රයම විතරක් හිතෙන් මවා ගෙන මෙතනින් එහාට යමක් නොහිතුවතින්, ඒක හරියට අර ගීතයකට රූප රචනයක් එකතු කරල රසයට වැට බඳිනවා වගේ වැඩක් වෙනවා. නිකමට හිතුවොත්, මං මේ ගීතයේදි දැක්කෙ විවාහක යොවුන් ගුරු යුවලක්. නමුත් කෙනෙකුට මේ ඇගේ පෙම්වතා ලෙස දකින්නත් පුලුවන්, එහෙම නැත්නම් තවම ආදරය ප්‍රකාශ නොකල, අලුතින් ගමට පැමිණි ටීචර්ට රහසින් පෙම් බඳින ගමේ තරුණයෙකුගේ ඇසිනුත් මෙය විඳින්න පුලුවන්.

      ඒ නිසා මං මගේ දයාබර සහෘදයන්ගෙන් ඉල්ලන්නෙ කතාව මං දකින දෘශ්ඨියෙන් ඔබත් දැක නතර වෙන්න නම් එපා. එතනින් එහාට ගීතය ඔබේම ඇසිනුත් දකින්න. මෙහෙමත් වෙන්න පුලුවන් නේද කියල හිතන්න.
      එහෙම හොඳයි නේද ගී පවුරේ? ඒක නේද වෙන්නෝනි?

      Delete
    2. ඇත්ත මනෝෂ්...

      ඒකේ යම් සීමා කිරීමක් නැතුවා නෙමෙයි. නමුත් හැම නිර්මාණයක් ම ඔබ මේ විදිහට ම කරන එකක් නෑනේ... එක එක ඒවා විවිධ වේවි. ඒ අතර මෙවැනි දේවල් අලංකාරයක් එකතු කරාවි... ඒ නිසා මේකේ ඒ තරම් ගැටළුවක් අපිට නම් පේන්නේ නෑ... නමුත් ඔබ කියනවා වගේ මේකට ම සීමා නොවී හිතන්න කියන එකනම් ඉතා වැදගත්. කොහොමත් ගීතයක් වුණත් තමන්ගේ අත්දැකීම් එක්ක එකතු කරලා විචාරය කරද්දි එය ඉතා සාර්ථක ව දැනෙන ගතියක් තියෙනවානේ.... ඉතින් ඒ වෙලාවෙදි එක එක්කෙනාගේ හිතේ ඇදෙන මනස්චිත්‍ර එකිනෙකට වෙනස්... ඒකට මේකෙන් ලොකු බලපෑමක් වෙනවාය කියලා හිතන්න අමාරුයි.... කෙසේ වෙතත් විවිධ වූ නිර්මාණ විධි අතර මේ වගේ ඒවත් භාවිතා වීම විවිධත්වයක් එකතු කරනවා කියලයි අපි හිතන්නේ...................

      Delete
    3. ගීතයක රසය එකිනෙකාට විවිධාකාරයෙන් පෙනෙන්නෙ. ඒනිසා අපි ගොඩකට එකම ගීතය විවිධ කෝණ වලින් දකින්න පුලුවන්. මේ ඒ එක කෝණයක් විතරයි.

      Delete
  6. පට්ටයි මනොෂ්, ඔබ විචාරයට අලුත් දෙයක් එකතු කරලා, ඒ ලිපිය ඇතුලේ කියන්න තියෙන ඔක්කොම තියෙනවා ගීයේ අකුරක් නෑර එතනිනුත් එහාටම ගියපු, ඒ අතරේ ඒ දෙන්නගේ ආදරය ඒ අකුරු අස්සේ ලස්සනට හැංගිලා තිබුනා, පරීක්ෂණය 100% සාර්ථකයි සහෝ....., උණුසුම් සුබ පැතුම්. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. සොමියා මං ගොතපු කතාව ගීතයේ පදත් එක්ක මනාව ගලපගෙන හොඳ රසයක් ලබාගෙන තියෙනවා. ඉතාම සතුටුයි මචෝ..

      පරීක්ෂණයේ නිරීක්ෂණ නිගමන තුලින් අපි ඉතාමත්ම සාර්ථක වෙලා තියෙනවා තමයි.

      Delete
  7. ඔය තියෙන්නෙ යස අගේට..
    ඇත්තටම විචාරයකට වඩා එහා ගිය දෙයක් ඔය අකුරු ටික ඇතුලෙ තිබුණ..
    පට්ටම ලස්සනයි...
    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. විචාරයෙන් තරමක් ඈතට ඔබව යොමුකරල ලස්සන කතාවක් තුලින් ඔබට හොඳ රසයක් දෙන්නයි ,මටත් ඕනි උනේ. එය සාර්ථක වෙලා. පට්ට සතුටුයි මචං.

      Delete
  8. ඇත්තටම මාත් අහලා තිබුන්නෑ මේ සිංදුව කලින් ඇත්තටම 100% නෙවේ ඔබ 1000% සාර්ථකයි ඇත්තටම ලොකු රසවින්දනයක් තියෙනවා ඔබ මේ විචාරය ඉදිරිපත් කරලා තිබෙන විදිහෙ කතාවක් මගින් අපිව ගොඩක් දුර අරන් ගියා.. මම හිතනවා ඔබට හොදට කතා ගොතන්නත් පුලුවන් කියලා පොඩි උත්සහයක් අරන් බලන්න ඉතා සාර්තක වේවි... ඇත්තටම රසවත් සුභ පතනවා සහෝ ඔබේ ඉදිරි ගමනට

    ReplyDelete
    Replies
    1. ඉදිරියෙදි පොඩි කෙටි කතාවක් දෙකක් ගොතන්න බලමු නාට්‍යකාරයෝ මේ ගී සංවේදනා අතරින්ම. මේ විචාරය මෙච්චර සාර්ථකව ඔබ රසවිඳ කියනකොට ඇත්තටම ගොඩක්ම සතුටුයි.

      Delete
  9. මනෝෂ්....

    පොඩි සහයෝගයක් ගන්න හිතුනා. පහත ලින්කුවට ගිහින් බලන්න කසුන් විසින් පළකොට ඇති විචාරයක ගීත තුනක් පිළිබද ටිකක් අමුතු විදිහේ විචාරයක් කරලා තියෙනවා. ඒක යම් ගැටළුවක් තියෙනවා ය කියලයි අපිට නම් හිතෙන්නේ... ඔබට පුළුවන් වෙයි ඒකට සහය වෙන්න... ඇත්තට ම අපි ඒ ගැන වැඩි අවබෝධයක් නැති නිසයි සහය ඉල්ලන්නේ.....

    http://kasunklive.blogspot.com/2014/06/blog-post.html

    ReplyDelete
    Replies
    1. මේ ලින්ක් එක දිගේ ගියපු අපේ ප්‍රියාටත් මේ ප්‍රශ්නෙ මේ විදියටම ඇවිත් තිබුනා ගී පවුරේ. සමහර ගීත වලට සමලිංගිකත්වයක් ආරෝපණය කරල සමාජ ගතකරන්න පහුගිය දවස් වල ගොඩක් අය උත්සාහ කරල තිබුනා. ඒ ගැන බ්ලොග් ලෝකය තුලත් ලොකු කතාබහක් ඇතිවෙලා තිබුනා. ඔය පෝස්ට් එකට යටින් කතන්දර කමෙන්ට් එකක් දාල තිබුනා ලින්ක් එකක් එක්ක. ඔය දේ ගැන ඉතාම හොඳ විවරණයක් කරල තිබුනා මහින්ද දිසානායකයන්. දයානන්ද රත්නායක ඔහුගේ අස්වැන්න බ්ලොග් එකේ.

      කොහොමත් ගී පවුරේ මේ ගීතවල සමලිංගිකත්වය ගැන නම් කිසිම නිරූපණයක් නැතිබවයි මගේ නම් අදහස. නමුත් කෙනෙකුගේ රසවින්දනයට අපිට තහංචි දාන්න බෑනෙ. ඒ නිසා කවුරු හරි කියනවානම් මේ ගීත කියන්නෙ සමලිංගික ආදරයකට කියල අපිට ඒක ඉවසන්න වෙනවා. නමුත් මං තරයේ විස්වාස කරනවා මේ ගීත රචකයන් මේවා ලිව්වෙනම ඔය කියන අදහස ගැන හිතලනම් නෙවෙයි කියලා. මේ ඉතින් එක එක කට්ටියට හිතෙන ඒවනේ. එහෙම බැලුවම හරියට ස්ත්‍රී පුරුෂ නාම හඳුන්වලා නැති හැම ගීතයක්ම අපිට සමලිංගික ගීතයක් කියල හිතන්න වෙනවා. එහෙනම් අපිට ආත්මා ලියන්ගේගේ හිත දුර හන්දා ගීතයත් මේ ගොඩට දාන පුලුවන්. මේක මහ විකාර අදහසක්. මේ ඉතින් එක එක්කෙනා ගීතය දකින විවිධ කෝණ සහ ඔවුන්ගෙ රසවින්දන මට්ටම තමයි. තමන්ට කැමති දාරාවක් යටතේ ගීතය රසවිඳීම තමන්ගෙ අයිතිය. නමුත් ගීතයට කොහෙත්ම අදාලත්වයක් නැති අරුතක් සමාජගතකරන්න හදනවා නම් ඒක බරපතල වරදක්.

      Delete
    2. බොහොම ස්තූතියි මනෝෂ්... ඒක ගැන ඉතින් කතා කරන්න ඊට අදාල ක්ෂේත්‍රයක ම කෙනෙක් එපැයි. ඒ නිසායි ඔබට ඒක මතක් කළේ... ඔබ එ්ක නියමෙට පැහැදිලි කරලා තියෙනවා මනෝෂ්... ස්තූතියි............

      Delete
    3. වැඩිය හිතන්නෙපා ගී පවුරේ.. මට හිතුන දේ තමයි ඉතින් ඔය.

      Delete
  10. කතාවනම් ආයේ එලටම ලියලා තියෙනවා.. සිංදුව නම් මට අළුත් ඒ හන්දමද මන්දා කතාව නම් හිතට වැදුනා නියමෙටම..

    ReplyDelete
    Replies
    1. හොඳ රසයක් ලැබුවනම් එච්චරයි. ඒ කියන්නෙ මගේ අරමුණ සඵල වෙලානෙ සියේට සීයක්ම. ගොඩක් සතුටුයි දිනේෂ්..

      Delete
  11. නියමයි... සින්දුවට කතාව නියමෙටම ගැලපෙනවා...
    අර ජයේ දිලිට අවසර දීපු හැටිනම් සිරා.. එතන ආදරය මහ ගොඩයි.,දිලිට විතරක් නෙමේ පුන්චි පැටවුන්ටත්....
    ගොඩාක් හිතට වැදුනා.. ජය

    ReplyDelete
    Replies
    1. \\දිලිට විතරක් නෙමේ පුන්චි පැටවුන්ටත්....//

      අන්න ඒක තමයි වැදගත්ම සුසී. ගීතයේ අන්තිම කොටසෙ එය ඉතාම හැඟීම්බරව කියැවෙනවා.


      "ඉල්මාසේ වැහි එනතුරු
      නියගෙට වේලෙන
      නෙළුම්මලට මල්යායට සීතල අරගෙන
      වැවක් වෙන්න ඉඩ දෙනවද හීනෙන්වත් මට"

      මේ දයාබර පෙම්වතා ඔහුගේ නෙළුම් මලට සිසිල දෙන්න විතරක් නෙවෙයි වැවක් වෙන්න හදන්නෙ. \\ නෙළුම් මලට, මල් යායට// එහෙමයි ඔහු කියන්නෙ. ඒ කියන්නෙ ඔහු වැවක් වෙලා සිසිල දෙන්න හදන්නෙ ඇගෙන් ඉගෙන ගන්න පුංචි පැටවු ටිකටත් එක්ක.

      හැමෝටම මෙහෙම වෙන්න බෑ සුසී. එහෙමත් උදාර හදවතක් තියෙන කෙනෙක්ට විතරයි පුලුවන් මෙහෙම පරිත්‍යාග කරන්න. මේ අපේ කාලයේ දුයිෂෙන්ලා.

      Delete
  12. අපූරුයි මනෝෂ්....එක් එක් ආකාරයෙන් ඉදිරිපත් කිරීම වටී.

    මනෝෂ්....පොඩි ඔත්තුවක්. මට ලැබුනෙත් සඳුන් සෙවනේ චන්දනගෙන්. අයිටීඑන් එකේ සෑම ඉරිදාකම 'තඹරවිල' කියලා පටන්ගත්තා වැඩසටහනක්. ටොපේ ටොප්.
    පළවෙනි වැඩසටහන එච්.එම්.ජයවර්ධන...දෙක..රත්න ශ්‍රී විජේසිංහ. උඹ බලන්නත් ඇති සමහර විට.

    ReplyDelete
    Replies
    1. මනෝෂ්......මම නැවතත් ඉල්ලා සිටිනවා මේ වැඩසටහන නරඹන්න කියා. ඔබට මහඟු අත්වැලක් වෙයි.

      Delete
    2. ඔය වැඩසටහන තිබුනෙ පහුගිය ඉරිද රෑ දහයට නේද අරූ අයියේ? ඕක බලන්න මාත් පෙරුම්පුරාගෙන හිටියෙ. ඒත් වැඩක් උනේ නෑ අයියේ. මොන කරුමෙකටද මන්ද එදා අපේ ටීවී එකට අයි.ටී.එන් එක අහු උනේ නෑ. මට එදා මාර අප්සෙට්. මං අපේ ප්‍රියාටත් ඔය ඔත්තුව දුන්නා. ඒත් ප්‍රියාටත් බලන්න බැරිවෙලා.

      ඒ මඟ ඇරුනෙනම් වචනයෙන් කියන්න බැරිතරම් වටිනා අවස්ථාවක්. මං තාමත් පසුතැවෙනවා. මං දැං බලං ඉන්නෙ ඒකෙ නැවත විකාශයක් දායිද කියල. අන්තර්ජාලෙ කොහේ හරි ඒ වැඩසටහන තියෙනවද කියල මේ හොයනගමන්.

      Delete
    3. තියනවා මචංලා.. මෙන්න ලින්ක් එක .බලපල්ලා !!!

      http://col3negs.info/watch.php?id=56064

      Delete
    4. අඩේ පත්තරේ, නිධානයක් හම්බුනා වගේ බං. දැන් ඉතින් මේක බාගත්තම හරි. බලල විතරක් මදි.

      Delete
    5. උඹ නම් මාර පත්තරයක් මචං. සිරාවටම ඔව්.

      Delete
    6. පත්තර මල්ලිගෙන් තවත් සමාජ සත්කාරයක් !!

      සාදර අනුග්‍රහය ~ DCSL . :D

      Delete
    7. පත්තරේගෙ ලින්ක් එකට පිංසිද්ධ වෙන්න නිධානෙ ගොඩදැම්මා. ඒ සයිට් එකෙන් ඒ වීඩියෝ එකේ යූ ටියුබ් ලින්ක් එක ගන්න පුලුවන්. කොටස් හතරකට තියෙන්නෙ. මං පහතින් ඒ ලින්ක් හතර දාන්නම්. බාගන්න කැමති අයට පොඩි වැඩයි කරන්න තියෙන්නෙ. මෙන්න මේ ලින්ක් එකට යන්න. (clipconverter.cc)එතනට අර යූ ටියුබ් ලින්ක් එක දුන්නම වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. කට්ටියට තේරුම්ගෙන කරගන්න පුලුවන් වෙයි පොඩි ස්ටෙප් ටිකක් තියෙන්නෙ. කමෙන්ට්ස් වලට පින්තූර දාන විදිය දන්නෙ නෑ. නැත්නම් ස්ක්‍රීන් ෂොට් ටිකක් එක්කම දෙන්න තිබුනා.

      https://www.youtube.com/watch?v=cNv7eD5Si2M&list=PLN-MLMEqduVlGsJl52n3eNjtBWLQisrCX

      https://www.youtube.com/watch?v=sbSliJiZ5mM&list=PLN-MLMEqduVlGsJl52n3eNjtBWLQisrCX

      https://www.youtube.com/watch?v=zTHqYBtJ5hU&list=PLN-MLMEqduVlGsJl52n3eNjtBWLQisrCX

      https://www.youtube.com/watch?v=zvj1NRWDsQs&list=PLN-MLMEqduVlGsJl52n3eNjtBWLQisrCX

      Delete
  13. අනේ මම නම් මගේ නෙළුම් මල් පොහොට්‍ටුව එහෙම යවන්න තරම් නිර්ලෝභී නෑ.පව් ඇත්තටම.ඒත් දැන් නම් ප්‍රායෝගිකව විශේෂයෙන්ම ගුරු සේවයේ, ඔය වගේ කැප කිරීමක් කරන අයට අනිත් පැත්තට ලැබෙන්නේ හරිම කලකිරෙන සුළු අත්දැකීම්.අද ගොඩක් ගම්මානවල පොඩි ඉස්කෝල ප්‍රදේශයේ දේශපාලන මධ්‍යස්ථාන වෙලා.සමහර වෙලාවට ගමේ මිනිස්සු ඉස්කෝලේ ඉඩමේ කසිප්පු හංගනවා.ඔය පැත්තේ වතුර එහෙමත් නැති නම් තමයි එපා වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හිම පියල්ලේ, ඔයා විතරක් නෙවෙයි, මට උනත් බෑ එහෙම කරන්න. ඔන්න දෙන්නටම යන්න අවස්ථාවක් තිබුනනම් අවුලක් නෑ, මේ කතාවෙ වගේ.

      දුෂ්කර පළාත් වල ඉස්කෝල වල ඔය කීව තත්වෙනම් සහතිකෙන්ම හරි. ඒ නිසාම තමයි, එහෙම ගුරුවරු බෝධිසත්ව ගුරුවරු වෙන්නෙ.

      Delete
  14. බොහොම ස්තුති, ගුණදාස කපුගේ මහත්තයාගේ ඒ තරම් ජනප්‍රිය වෙච්ච නැති සින්දුවක්. කාලයක් තිස්සේ මන් හොයා හොයා හිටියේ. මම හිතුවේ මේ ඔබගේම අත්දැකීමක් ගැන සටහන් කරලා කියලයි. එත් මේ නම් මගේ නෙලුම් මලේ කතාවමයි. බොහෝ වෙලාවට මගෙත් එක්ක දුරකතනෙන් දොඩමලු වෙන විනාඩි කීපයෙන් සැහෙන කොටසක් එයාගේ ඉස්කෝලේ විස්තරේට වැය වෙනවා. අවුරුදු පහක කාලයක් කැලෑ මල් වලට අකුරු කරන්න මමත් ඉඩ දීල හිටියට සරසවියක තාරුණ්‍යය වැය කරලා, රස්සා ලැබෙන කල් තවත් කාලයක් බලන් හිටිය අපට නම් මේක ලේසි නෑ. අනික අවුරුදු පහෙන් එලියට එන එකත් ලේසි නෑ. දේශපාලකයන්ට පන්දම් අල්ලන අය ඉක්මනින් මාරු වීම් හදන එලියට යන නිසා ඉතුරු වෙන අය හොදටම හිර වෙනවා. මොනවා උනත් ඒ සරල ජීවිතේට හැඩ ගැහිලා ඒ පැත්තට ටික කාලෙකට යන්නයි මගෙත් අදහස.

    ReplyDelete
    Replies
    1. මුලින්ම ඉතාම ආදරයෙන් ඔබව මේ පැත්තට පිලිගන්නවා.

      වීරේ, එහෙනම් මේ ඔබේම ගීතය. හැම අතින්ම අංග සම්පූර්ණ ඔබේ කතාව. ඇත්තෙන්ම ඔබේ නෙළුම් මලට විතරක් නෙවෙයි, ඒ මල වටේ එකතු වෙච්ච අනිත් මල් පොහොට්ටුවලටත් වැවක් වෙන්න ඔබට හැකිවෙයි. දුෂ්කර පත්වීම දුෂ්කර කියල නොහිත මේ විදියට අහිංසක දරුවො වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ කැපකරන්න පුලුවන් එහෙමත් කිහිප දෙනෙකුට විතරයි. ඔබ දෙපල ඒ ගොඩේ ඉන්නවා. ඇත්තටම හරිම සතුටුයි.

      ඔබ කියන කතාව සහතික ඇත්ත. බල පුලුවන්කාර සල්ලි තියෙන උදවිය කොහේට හරි පන්දමක් අල්ලලා මාරුවීම් හදාගෙන පැනල යනවා. අනිතිමේ ඒකෙ කරුමෙ ගෙවන්න වෙන්නෙ මේ නෙළුම් මල් වලට. කොහොම උනත් ඔබ දෙපලට ඉතාම වාසනාවන්ත අනාගතේකට සුබපතනවා.

      Delete
  15. Replies
    1. උඹ මේකෙ කමෙන්ට්ස් දැම්මෙ නෑ බං. මට හොඳට මතකයි.

      Delete
  16. අද ඔක්තොම්බර් 22?
    ලිපිය ඡුනි8?

    ReplyDelete
    Replies
    1. ඒකනේ, බලහංකො කොච්චර පරක්කුද කියලා. මෙච්චරකල් මේ පෝස්ට් එක බ්‍රා එකක් අඳින්නැතිවනේ තිබිල තියෙන්නෙ.

      Delete
  17. මෙච්චරයි වෙන මුකුත්ම කියන්නේ නෑ...
    උඹ නම් සිරා පොරක්. වදින්නම දෙනවා...

    ReplyDelete
    Replies
    1. හදවතටම දැනුනා...උඹට ස්තූතියි...

      Delete
  18. මම මේ ටික කියෙව්වේ දැන් නේ ... නියමෙට ලියල තියෙනවා . කවද හරි පැන්ෂන් ගත්ත කාලෙක වත් ඔය වගේ පැතිවල ඉන්න මිනිස්සු වෙනුවෙන් ගිහින් යමක් කරන්න හිතාගෙන ඉන්නවා . අපි කරන රස්සා තනිකරම නගරේ ඇතුලේ තියෙන ඒවා නිසා අපිට මේ වගේ අත්දැකීම් ලැබෙන්නේ නෑ ... ඒ ජිවිත රසවිඳින්න අපිට තියෙන්නේ මේ වගේ සංවේදී සටහන් තමයි .

    ReplyDelete
    Replies
    1. පැතුම් අයියට ස්තූතියි... මේ මං මගේම ගී සංවේදනා ලියන්න පටන් ගත්ත මුල් කාලෙ ලිපියක්.

      ඇත්තටම මේ දේවල් නගරෙ දකින්න නෑ තමයි. ඒක මහ ව්‍යාජ ලෝකයක් මනුස්සකමක් නැති. ඒත් අපි ඉන්න පැතිවල උදේ හව්බා මේ දේවල් දකින්න පුලුවන්. මේ අත්දැකීම් විඳින්න පුලුවන්. මගේ සහ කවිකාරිගේ සිහිනයනම් හෙට අනිද්දට හැබෑවෙන ලකුණු තියෙනවා. ලෝකෙ තෘප්තිමත්ම වෘත්තිය ගුරු වෘත්තිය වෙන්න ඇති. ඒත් මේ වගේ පාසල් වල.

      Delete
  19. මිහිකත නලවාලා
    මග මල් ගන්වාලා
    පාසල වෙත යන මේ
    පිටිසර හෙළ ගුරු ලිය සැරදේ

    සුදු හෙළ සාරිය
    ඇඳලා හැඩ කොටැ
    ඉඟ වට රැළි ලෙළවා
    දිගු නිල් වරලස
    පීරා නිසි ලෙස
    මල් දවටා බැඳලා
    ගෙල වට මුතු මාලේ
    දෝතේ වළලු සැලේ
    සිරියා සපුරා පිරියා පතුරා
    යන සුරතල් ලීලා

    මිහිකත නලවාලා...

    ඕලු නෙළුම් ඈ
    නෙක මල් පිබිදී
    අහෝ විලේ සිරියා
    ජයම මලක් ඉන්
    නෙලා ගනියි ඕ
    හා හා කුමටද ඒ
    බාල ලියේ ඔබගේ
    සුහදා හට වෙද ඒ
    සුරතලියේ ඔබ හදවත පතුලේ
    පෙම් මල කා සතුදෝ

    මිහිකත නලවාලා...


    ගායනය, සංගීතය - සුනිල් සාන්ත
    ගී පද - හියුබත් දිසානායක

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි, මේක දැක්කම අපේ කවිකාරිට හරියට සතුටු හිතෙයි..

      ගැලපෙනම ගීයක්....අපේ සිංදු ඇනෝට ස්තූතියි ගොඩක්ම..

      Delete