Pages

Sandumal

Sandumal

Monday, November 24, 2014

•හැරවුම් ලක්ෂ්‍යය

"පොදු අපේක්ෂකයා, එජාපය සහ ජවිපෙ හැරවුම් ලක්ෂ්‍යය..."




කොහොමත් පවත්වන්නට යෙදී තිබුනු ජනාධිපතිවරණය නීතියෙන් හෝ අවනීතියෙන් ප්‍රකාශයට පත්විය. ඒත් එක්කම ආණ්ඩුව අතිශය භීතියට පත්ව සිටි නමුත් රටට විහිළුවක් සේ පෙන්වීමට තැත්කල පොදු අපේක්ෂකයාද කරලියට අවේය. ඒ ආණ්ඩුවේ තිබූ භීතිය දෙතුන් ගුණයකින් වැඩි කරමිනි. ආණ්ඩුවේ භීතිය කෙතරම්ද යන්න පසුගියදා සුසිල් ප්‍රේමජයන්ත, "ගිය කට්ටියට තාමත් ආපසු එන්න අවස්ථාව තියනවා" යැයි කීව ප්‍රකාශයෙන් පැහැදිලි වේ. ඒ ප්‍රවිශ්ඨයයි. සංවේදනාවකින් බැහැරව මෙය ලිවීමට තීරණය කලෙමි.

මේ ජනාධිපතිවරණයේදී ජවිපෙ මුල සිටම සිටියේ මෙය නීත්‍යානුකූල නොවන මැතිවරණයක් යන මතයේය. ඒ නිසාම ඔවුන් මෙය වැලැක්වීමට දැඩි උත්සාහයක් ගන්නා ලදි. නමුත් නඩුත් බඩුත් අධිකරණයත් අතේ තියෙන කෙළි බඩුවක් කරගත් ඒකාධිපතියෙකු හමුවේ නීතියක පිළිසරණක් බලාපොරොත්තුවිය නොහැකි රටක ජවිපෙ වුවද මේ අරගලය කරන්නට ඇත්තේ අවසන් තීන්දුව දැනගෙනම විය යුතුය.

මක් නිසාද යත් සෑම මාධ්‍ය සාකච්ඡාවක්දීම පුනපුනාම මේ ජනාධිපතිවරණය නීති විරෝධීයි කිවා මිසක තම අපේක්ෂකයකු හෝ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා හෝ නොකරනවා යන්න පැවසුවේ නැත. හේතුව එය විය හැක. කෙසේ හෝ දැන් පොදු අපේක්ශකයකු ඉදිරිපත්ව ඇත. තවදුරටත් කවුරු කෙතරම් හඬ නැඟුවද ජනාධිපතිවරණය අකුලා ගන්නේ නොමැත. කාටත් ප්‍රශ්නයක් වූයේ දැන් ජවිපෙ තීරණය කුමක්ද යන්නයි. පළමුව මා සිතුවේ ජවිපෙ පොදු අපේක්ෂකයාට සහය නොදෙනු ඇතැයි කියාය. නමුත් පවතින තත්වය වඩා ප්‍රායෝගිකව සලකා බැලීමේ දී පොදු අපේක්ෂකයාට සහය දැක්වීම වඩා කාලෝචිත බව හැඟී යයි. ඒ පිළිබඳව අවසන් තීරණය ජවිපෙ අද(24) ලබා දෙන බව ප්‍රකාශයට පත් කොට ඇත. එය බොහෝ දුරට ජවිපෙ පොදු අපේක්ෂකයාට සහය දක්වන බවට වන තීරණයක් වනු ඇත.

එය එසේ වුවහොත් මෙම තීරණය පිළිබඳ බොහෝ පැසසුම්ද, බොහෝ ගැරහුමද, විවේචනද, මැදිහත් මතද පළවනු ඇත. මෙහිදී පුද්ගලිකව මගේ මතය මෙලෙස ඉදිරිපත් කරන්නම්.

01. ජවිපෙ සහය මෛත්‍රී ඇතුලු යූ එන් පී ප්‍රමුඛ පොදු විපක්ෂයට ලබා දීමට බොහෝ ඉඩකඩ ඇති බවට කනින් කොනින් ආරංචි පැමිණෙන විටම මගේ මව පැවසූයේ "88-89 මරල දාපු අහිංසක කොල්ලො මිනී වලේ ඉඳන් සාප කරනවා මුං යූ එන් පී එකට එකතු වුනොත් නම්" කියලයි. ජවිපෙ බොහෝ දෙනෙකු මෙම මතයේම සිටිති. එනිසාම ජවිපෙට පක්ෂ බොහෝ ජනයා මෙවර ජවිපෙ වෙනුවෙන් ඡන්දයක් පාවිච්චි නොකරනු ඇත. මගේ පියා ඇතුලු සමීපව ඇසුරු කරන කිහිප දෙනෙකුම මේ බව දැන්ම තීරණය කොට ඇත. නමුත් වටහාගතයුතු ප්‍රායෝගික සත්‍යනම් අප අතීතයෙන් පාඩම් උගෙන ගත යුතු මුත් අප අතීතයේ ජීවත් නොවිය යුතු බවයි. ගෙවුන අතීතයේ සිදු වූ දේවල් කිසිසේත් සමාව දිය හැකි හෝ දිය යුතු දේවල් නොවේ. එසේ සිතන විට තම ආදර්ණීය සහෘදයන් හට දෙතිස් වදය දෙමින් අමු අමුවේ මරා දැමූ යූ එන් පී කාරයින්ගේ මුහුණ බැලීමටවත් හැඟීමක් ඇති නොවීම සර්ව සාධාරණය. නමුත් ඒ හදවතට පමණක්ම ඉඩ දුන් විටයි. නමුදු වගකිව යුතු පරිණත දේශපාලන ව්‍යාපාරයක් ලෙස එලෙසින් හදවතට, හැඟීම් වලට වහල් වී තීරණ ගැනීම කිසිසේත්ම කල නොහැකි දෙයකි. අනෙක් අතට, ඔවුන් එදා මියැදුණේ, සටන් කලේ යූ එන් පීය සමඟ නොව පවත්නා ක්‍රමයට එරෙහිවය. එසේ නොමැතිව යූ එන් පීය සමඟ හෝ එහි නායකයින් සමඟ පුද්ගලික කෝන්තරයක් පිරිමසා ගැනීමට ඔවුන් අවි ගැටුවේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ යහපත් රටකි. යුක්ති ගරුක රටකි. සාධාරණ සමාජයකි. සැමට මිනිසුන් සේ ජීවත්ව මිනිසුන් සේ මිය යා හැකි දේශයකි. ඉතින් අතීතයේ ඒ සඳහා විවිධ ක්‍රමවේදයන්, උපාය, උපක්‍රමයන් සටන් මෙහෙය වීය. එමෙන්ම වර්ථමානයේද ඒ අයුරින්ම උපාය උපක්‍රම, තීන්දු තීරණ ගනිමින් පවතී. එහිදී වටහාගත යුතු සත්‍ය නම් ක්‍රමය කුමක් වුවද, එදා මෙන්ම අදද අරමුණ එකක්ම වීමයි. එනිසා මිය ගිය සොයුරන් ඒ අරමුණ වෙනුවෙන් එලොව සිට හෝ ආශිර්වාද කරනු ඇත. මෙම කාරණය සටහන් කලේ ඒ පිලිබඳ දෙගිඩියාවෙන් සිටින්නවුන් වෙනුවෙනි.


02.මේ අවස්ථාවේදී අවශ්‍යනම් ජවිපෙට කිසිදු අපේක්ෂකයකුට සහය නොදී පසෙක සිට බලා සිටීමට හැකිය. මෙය නීති විරෝධී ජනාධිපතිවරණයක්ය යන මතයේ ඔවුන් සිටින හෙයින් මෙය වර්ජනය කල හැකිය. නමුදු එය තරමක අවධානමක් සේ මට හැඟෙයි. මක් නිසාද යත්, මෙම සටනින් මෛත්‍රී ජයගෙන මීළඟට නව ආණ්ඩුවක් පිහිට වුව හොත් එය යූ එන් පීය ප්‍රමුඛ ආණ්ඩුවකි. එනම් අගමැති වනුයේ පවසන ලෙසින්ම රනිල්ය. යූ එන් පීය යනු ස්ව්භාවයෙන්ම බලය අභිමුව බලයෙන් අන්ධව බල කාමීව පිස්සු බලු රෑනක් විලසින් හැසිරෙන පිරිසකි. එය ඔවුන් ඔවුන්ගේ දේශපාලන ඉතිහාසය තුලින් යළි යළිත් ඔප්පු කොට ඇති කාරණයකි. යූ එන් පී ආණ්ඩු පිහිට වූ සෑම විටකම බැට කෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සහ අනෙකුත් දේශපාලන පක්ෂ වල පාක්ෂිකයන් මේ සඳහා සාක්ෂි දෙනු ඇත. 77 ජේ.ආර් දිනූ විට අපේ රට මේ කුරිරු අත්දැකීමට දරුණුව මුහුණ දුන් බව ඔබ සැම දන්නා කාරණයකි. එදා තිස්සපුරින් ගිය නිදහස් පාක්ෂිකයන් වූ මගේ පියාගේ ඥාතීන් ඒ ගිය ගැම්මෙන් තවමත් බදුල්ලට වී සිටිති. ඒදා ඔවුන්ගේ මෙන්ම මේ රටේ අහිංසක ගොවිජනයාගේ, කතිරයක් පමණක් ගැසූ ගොවි ජනයාගේ පැසී අස්වනු නෙලීමට තිබූ කුඹුර අක්කර සියගනනින් මොවුන් ගිනිබත් කලෝය. ගෙවල් දොරවල් අලු දූවිලි බවට පත් කලෝය. මා ඉහත කී පියාගේ ඥාතීන් සිය නිවසේ සුරතලයට ඇතිකල මුව පොව්වන් දෙදෙනෙකු ඇස් ඉදිරිපිට මරා මස් කල අයුරු ඒ මහල්ලා අදටත් සිහිපත් කරනුයේ කඳුලු පිරි දෙනෙතිනි. එවන් අපකීර්තිමත් දේශපාලන ඉතිහාසයක් ඇති යූ එන් පීය මෙවරද ජයගත හොත් මෙවැනි තත්වයක් ඇති වීමට ඇති ඉඩකඩ බෙහෙවින්ම වැඩිය. එවන් වාතාවරණයක් තුල ජවීපේ මෙවර සහය නොදී සිටිනවාට වඩා සහය දී ආණ්ඩුව ඇතුලේ සිටීම ජවිපේ පැවැත්මට හිතකරය. එය පුහු නිර්භීතකම් පෑමට වඩා දේශපාලනික වශයෙන් බුද්ධිමත් එමෙන්ම කපටි තීරණයකි. යහපත වෙනුවෙන් කපටිකම් කලාට පවු සිදුවන්නේ නැත. ක්‍රියාදාමයෙන් ඉවත්ම දෙපසටම විරුද්ධව කටයුතු කිරීමෙන් ජවිපෙ බලවත් හතුරෙකු නිර්මාණය කරගත හැකිය. නීතියක්, යුක්තියක් නොපවතින රටක අධිකරණයෙන්ද පිළිසරණක් නොමැති රටක, මෙවන් වාතාවරණයක් උග්‍ර වුවහොත් නැවතත් ජවිපෙය තහනම් කොට හෝ තම දේශපාලන උවමනාවන් සාක්ෂාත් කරගැනීමට යූ එන් පීය උත්සාහ නොගනු ඇතැයි අපට සහතිකයක් නොමැත. එසේ වුවහොත් යළිත් සිදුවන්නේ රට 88-89 දක්වා ගමන් කිරීමයි. නමුදු පරිණත දේශපාලන ප්‍රවාහයක් ලෙස ජවිපෙ කිසිදු දිනෙක තෙවනි වරටත් එවැනි තීරණයක් නොගන්නා බවට මට ඉර හඳ මෙන් විශ්වාසය. සන්නද්ධ අරගල වලින් විප්ලව කොට ආණ්ඩු පිහිට වීමේ ඉතිහාසය අද ලොවෙන් වියැකී ගොස් ඇති යල් පැනගිය ක්‍රමවේදයකි. අනෙක් අතට මහජනතාවට අසීමිතව ආදරය කරන දේශපාලන ව්‍යාපාරයක් ලෙස පක්ෂයේ කිසිදු තීන්දු තීරණයකින් ජනතාවට නියපිටින්වත් හානියක් නොවිය යුතු බවත්, ඉතිහාසයේ සිදු වූ වැලැක්වීමට ක්‍රමයක් නොමැතිම වූ එම ඛේදවාචකයන් මින් ඉදිරියේ කිසිදු දිනෙක මෙම දේශය තුල සිදු වීමට ඉඩක් නොතබන බවටත් අනුර දිසානායකයන්ද මෑතකදී සපථ කිරීමෙන් එවන් තත්වයක් යළි නිර්මාණය වීමට ජවිපෙන් වචනයක හෝ දායකත්වයක් සිදු නොවන බවට තරයේ විස්වාස කල හැකිය. ඉතින් එවන් තත්වයක් ඇති වීම වළක්වා ගැනීමටත්, එනම් පක්ෂය වෙත යලිත් වරක් එජාපයේ කුරිරු මර්ධනය දියත් නොවීමට මෙවර ගනු ඇතැයි විශ්වාස කල හැකි තීන්දුව හේතු කාරණයක් වනු ඇත.


03. තෙවැනි කාරණයනම් කවුරුන් කෙසේ කුමක් කීවද ජවිපෙ යනු අවශ්‍යතම මොහොතේ පක්ෂය වුවද අවධානමක හෙලා රට වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා දේශපාලන ව්‍යාපාරයක් බව ඔවුන් විසින්ම ඉතිහාසය තුල වරින් වර ඔප්පු කොට තිබේ. චන්ද්‍රිකා සමඟ පිහිට වූ පරිවාස ආණ්ඩුවේදීත්, මහින්ද සමඟ පිහිටවූ සන්ධාන ආණ්ඩුවේදීත් ඔවුන් මෙය ඔප්පු කර තිබේ. මෙවර සේම එදාද ගත් එම තීන්දුව හේතුවෙන් සන්ධාන ගතවීමේදීත් ඉන් ඉවත් වීමේදීත් ජවිපෙට විශාල පාක්ෂිකයන් සංඛ්‍යාවක් අහිමි කරගැනීමට සිදුවිය. නමුත් පක්ෂය පරදුවට තබා ඔවුන් සෑම විටම රට වෙනුවෙන් අත්‍යාවශ්‍යම මොහොතේ නිවැරදිම තීන්දු තීරණ ගන්නා ලදි. ඒ නිසාම පක්ෂයට සිදු වූ හානිය අතිමහත්ය. කොහොමත් කෑලි ගෙවෙනුයේ, කඩා වැටෙනුයේ දුවන වාහනයක් මිස එකතැන නවතා ඇති වාහනයක් නොවේ. ජවිපෙද එවැනිය. එවන් අවස්ථාවල දේශපාලන සවිඥාවක් නොමැති වෛරී විචාරකයන් පවසනුයේ ඔවුන් කිච වූ ප්‍රතික්ෂේප වූ කණ්ඩායමක් ලෙසිනි. නමුදු තේරුම්ගත යුතු යථාර්තය නම් ඔවුන් එලෙස කිච වූයේ රට වෙනුවෙන් මිස බඩ වෙනුවෙන් නොවන බවයි. දේශපාලනයේ කිච වන බොහෝ උදවිය කිච වෙනුවේ තමන්ට කරගැනීමට ගොස්ය. රට වෙනුවෙන් යමක් කොට කිච වූ දේශපාලන ව්‍යාපාරයක් වේ නම් එය ජවිපේ පමණමය. එනිසා එය බොහොම වැදගත් කිච වීමකි. 


04. සහය දීමට කරනවා නම් එය බුද්ධිමත් යැයි පැවසීමට තවත් හේතුවක් ඇත. මෙලෙස පොදු විපක්ෂයක් ලෙස ඒකාබද්ධව පිහිටුවන ආණ්ඩුවක ජවිපෙටද අමාත්‍යංශ කිහිපයක් හිමිවනු ඇත. එමඟින් සන්ධානයෙන් ඉවත් වීමට ගත් "මෝඩ වීර" තීරණයෙන් සිදු වූ වරද යළි නිවැරදි කරගත හැකිවනු ඇත. ජවිපෙට තිබුනේ හෙළ උරුමය මෙන් ඇතුලේ සිටම විවේචනය කරමින් කෙසේ හෝ කාගෙන සිටීමය. එසේ වූවානම් මහින්ද වුවද එතරම් නටන්නේ නැත. මොකද ජවිපෙ යනු සන්ධාන ආණ්ඩුවේ සිටි ශ්‍රී ලනිපය හැරුණු විට ප්‍රබලතම දේශපාලන පක්ෂයයි.එනිසා සන්ධාන ආණ්ඩුව තුල ජවිපෙට යමක් කල හැකිව තිබුනි. නමුත් ප්‍රායෝගිකත්වයට වඩා ප්‍රතිපත්ති වලට ගරුකල පක්ෂයක් ලෙස (සැබෑවටන්ම සිදු විය යුත්තේ මෙයයි. නමුදු ලංකාව යනු ප්‍රතිපත්තිමය දේශපාලනයක් කල හැකි දේශයක් නොවන හෙයින් යම් අවස්ථාවල ඌරාගේ මාළු ඌරාගේම පිටේ තබා කැපීම වඩා ප්‍රායෝගික විය යුතුයි. ලිං කටින්ම ගොඩ ආ යුතුයි.) ඔවුහු ඉන් එළියට පැමිණියහ. නමුත් එසෙ නොකර ඒ තුලම සිටිමින් එම අමාත්‍යංශ දරමින් අන්තිම මොහොත වනතුරුම රැඳී සිටියානම් අඩුම තරමින් ජනතාවට ජවිපෙ පිළිබඳ යම් ආකල්පයක් හෝ ඇතිවීමට හැකියාව තිබුනි. පැවති ආණ්ඩු විසින්ම ජන මනස් තුලට කාවද්දවා ඇති දේශපාලන දැක්ම, දේශපාලකයා පිළිබඳ දැක්මට අනුව ලංකාවෙ මහජනයා දේශපාලයා දකිනුයේ පුදසත් කාර කල යුතු වැඳ වැටී යැදිය යුතු, තම රීරි මාංසයම හූරා කෑ යුතු, ඒ සියල්ල වෙනුවෙන් අතුරු පාරක බෝක්කුවක් හදා දුන් විට, උපාධිධාරී පුතාට ආණ්ඩුවේ කන්තෝරුවක පියන් රස්සාවක් ලබා දුන් විට, ආධාර මල්ලක් දුන් විට ප්‍රමාණවත් යැයි සිතාගන්නා දර්ශනයකි. එනිසා මහා ආහාර දාමයක් වැනි වූ රට කරවන ක්‍රියාවලියේ ඡන්දය දීම සහ කන්න ලැබීම කියන පුරුක් දෙක අතර සිටින මහජනතාවට ඉන් එහා විහිදී ඇති අනෙක් පුරුක් නොපෙනේ. පවතින ක්‍රමය තුල එම පුරුක් පෙනීමට හෝ සෙවීමට අවකාශයක් ජනයාට නොමැත. එනිසාම ඒ වැදගත්ම පුරුක් මත හිඳිමින් රට වෙනුවෙන් අත්‍යාවශ්‍යම අවස්ථාවල ජවිපෙ කරන සේවය ජනයාට නොපෙනෙයි නොහැඟෙයි. යමක් කමක් තේරෙණ රටේ උගතුන්ට බුද්ධිමතුන්ට මෙය පෙනුනද කුදු මහත් බහුතර මහජනයාට එය නොපෙනන නිසා. ඔවුන්ට ජවිපේ ඇති වටිනාකමක් නොමැත.  එනිසා එම ජනප්‍රසාදය ඇතිකර ගැනීමටනම් ඔවුන් ජනතාවට දැක හුරු දේශපාලඥයන් සේ ඔවුන් අතරට යා යුතුය. එහිදී ජවිපෙ ප්‍රායෝගිකව වැඩකරන අයුරු ජනතාවට දැකගත හැකිය. සන්ධාන ආණ්ඩුවෙන් ඉවත්ව ජවිපෙ කරගත් ලොකුම මෝඩ කම එම අවස්ථාව අහිමිකරගැනීමයි. ඔවුන් ඇමතිවරු ලෙස සිටි ස්වල්ප කාලයේදී කල සේවාව පිළිබඳ බොහෝ දෙනා තවමත් කතාවෙති. නමුත් ඔවුන් එලෙස ඇමතිවරු ලෙස සිටි බව ජනයාට මතක හිටීමටවත් තරම් කාලයක් නොසිට ජවිපෙ අයින් වීමෙන් ජනයාට ඔවුන් එලෙස සිටියාද කියාවත් මතකයක් දැන් නොමැත. ඒ ලංකාවෙ ජනතාවගේ ස්වභාවයයි. එනිසා මෙවර එම වරද නිවැරදිකරගත හැකිය. කොහොමින් හෝ ගැටෙමින් ඒ තුලම සිටිමින් ජනතාව අතර හෝ මතයක් ගොඩ නඟාගෙන ජන පදනමක් නිර්මාණය කරගැනීමට මෙය අවස්ථාවක් කරගත හැකිය. ඒ තුලින් වඩා වාසිදායක් මොහොතක ආණ්ඩුව හැරගියද ගොඩනඟාගත් ජන බලය මත ඔවුනට වෙනසක් සිදු කල හැකිවනු ඇත. ඒ සඳහා කාලයක් ඉවසාගෙන "අල්ලා සිටිය යුතු" වේ. එවිට යම් දවසක ඔවුන්ටද මෙවර මෛත්‍රී කල සේ කඩා බිඳගෙන යා හැකිය. එනිසා මෙවර සිදුකරන මෙම දැලි පිහියෙන් කිරි කෑමේ අවධානම් ක්‍රීඩාව කෙසේ හෝ ජවිපේ යහපත් ඉදිරිගමන සඳහා මාවතක් කරගත යුතුමයි. මක් නිසාද යත් කෙදිනක හෝ ජවිපෙ ආණ්ඩුවක් බිහිවීම මේ රටේ ජනයාට කවදටත් වඩා හිතකර වීමයි.



(මෙම සටහන ලියන ලද්දේ ජවිපෙ පොදු විපක්ෂයට සහය දෙනු ඇති බවට උපකල්පනය කරමින් පොදු විපක්ෂය මෙවර ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය ජයග්‍රහනය කිරීමත් යන උපකල්පනයේ සිටයි. එය එසේ වීමට පනහට පනහේ සම්භාවිතාවක් තිබුනද ජයග්‍රහනයක් පිළිබඳ ස්ථීර නිගමනයකට පැමිණිය හැකි නොවේ. එනිසා ජවිපෙට මෙය දැලි පිහියෙන් කිරි කෑමේ ක්‍රීඩාවකි. දිනුවොත් එය ඉදිරි පිම්මකට මාවතක් කරගත හැක. පැරදුනොත් එය අපකීර්තිමත් ලකුණක් ලෙස ඉතිහාසයට එකතු වනු ඇත. පැරදීමට බලාගෙනනම් මෙම තීරණය නොගෙන සිටීම සෞඛ‍යට බෙහෙවින් හිතකරය. කෙසේ වුවද සමස්ථයක් ලෙස මෙම තීරණය ගතහොත් එය බෙහෙවින්ම කාලෝචිත සහ අවස්ථානෝචිත තීරණයක් බව මම විශ්වාස කරමි.)


"අහස් කුස අඳුරු වී

හීනියට ඉකිබිඳින හැන්දෑවෙ

මල් මිටක් දරාගෙන දෝතින්ම

ගං ඉවුරෙ අපි තාම බලා ඉමු

ඔරු කඳට ගොඩවන්න

ප්‍රභාතය පිපී එනු දකින්නට...

කොතෙක් දවසක්නම් බලා උන්නද

එනමුදු නෙත් වලට විඩා නෑ

කඳුල නුඹ නාවාට කම් නැත

නෙත් කෙවෙන් තෙමාලන්නට..."


                                                                      -නිසැඳැස තරණය සඟරාවෙනි-


89 comments:

  1. මේ ජන්තුලා එකම වගේ සැට් එකක් විතරයි.. ටිකක් සැර බාල..

    ReplyDelete
    Replies
    1. ටිකක්වත් සැර බාලයිද කියල හිතන්නත් බෑ බං.

      Delete
    2. සැර බාල නෑ බන්. මුන්ට වඩා අරුන් සැර වැඩියි. යූඇන්පී කාරයො කියන්නෙ ම්ලේච්ඡයො

      Delete
    3. මං හිතන්නෙ ඔබේ පළමුවෙනි සංචාරය.. බොහොම සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා.

      Delete
  2. එන්නේ නෑ කිව්වා නම් නෑවිත් ඉන්න ඕන. ජවිපෙට මේ දේ වෙන්න නෑ එදා විමල් කියපු දේ කලා නම්. එහෙනම් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා එකක් නැති වෙනවා. කොහොමත් ජෙප්පෝ පස්ස ගහන්නේ ජෙප්පන්ගේ තත්වය ජෙප්පො දන්න නිසා. දැන් තිබුන ඡන්ද ටිකත් නෑ. ඌවෙදි ඒක ඔප්පු වෙලා ඉවරයි. ඒකෙන් ජවිපේ හම්බානක බය උනා. ජවිපෙ කියන්නේ තව දූරටත් බලවේගයක් නම් නෙමෙයි. නමුත් ඕන තැනකට උන්ගේ කටවල් ටික නම් වටිනවා.

    එජාපය ගැන කියලා තියෙන ඒවා නම් මැදිහත්ව බලලා ලියපු දේවල් නෙමෙයි. ප්‍රචන්ඩත්වයෙන් ගත්තත් පක්ෂ තුනම එක සමානයි.. ආයේ එකෙක් හොඳයි එකෙක් නරකයි කියන්න බෑ. තුනම එක වල්ලේ පොල්.

    ReplyDelete
    Replies
    1. මං දන්න තරමින් එන්නෙ නෑ කියල කිව්වෙ නෑ නේද. කොතනකවත් එහෙම දෙයක් කිව්වෙ නෑ. ජනාධිපතිවරණෙ නීතිවිරෝධියි කිව්ව මිසක්. අනික ඌවෙ තත්වය ගැන නම් මට මාතලන් අයියා එක්ක එකඟ වෙන්න බෑ. මොකද තිබුනු ඡන්ද පදනම තුන්ගුණයකින් වැඩිවෙලා එකක් තිබුන ආසනේ දෙකක් වෙච්ච එක ඉදිරියට ඒමක් මිස පසුබෑමක් විදියට අපිට කිසිම හේතුවකට දකින්න බෑ නේද. ඌවේදි ජවිපෙ කෙසේ වෙතත් ආණ්ඩුවනම් අම්දෙබානකටම බය උනා. දැන් කොහොමත් මළපහ වෙන්න ලංවෙලා ඉන්නේ.කොහොම උනත් ඉතින් තමන්ගෙ මට්ටම තේරුම් ගන්නෙක තමයි හොඳම දේ, මොකද ජවිපෙට එහෙම විශාල ජනපදනම්ක් නෑනේ ජනාධිපතිවරණයකට හරි මහ මැතිවරණයකට හරි තනියෙන් මුහුණ දෙන්න.

      ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්ථමාන තත්වය ගැන නම් මට දැන් වැටහීමක් නෑ. ඇත්තටම දැන් ශ්‍රී ලනිපෙ තියෙන්නෙ විපක්ෂෙද නැත්නම් ආණ්ඩුවේද? ජනපති සභාපත් බව ඇත්ත. නමුත් දැන් පක්ෂයේ වැඩි අයිතිය කොහෙද තියෙන්නේ? මෙදා පාර මෛත්‍රීල දිනුවොත් වැඩේ තවත් අවුල්. ඇත්තටම මට ඒක ගැන තේරුමක් නෑ. ඒක කාට අයිති වෙයිද?

      වීරවංස කියන දේ අහන්න තිබුනා මිනිහගේ අරමුණ හොඳ එකක් උනානම්. දැන් පේනවනේ වීර්වංස මොකෙද්ද කියලා. ඊට හොඳයි හෙල උරුමෙ කියන දේ ඇහුවනම්.

      භීෂණය ගැනනම් මැදහත් නැතිව ඇති තමයි. මොනා කිව්වත් හිතේ තියෙන පක්ෂෙ ජවිපෙනේ. කොහොම උනත් අනිත් ඩබලම අයුක්තිය දිනවන්න සහ පුද්ගලික කෝන්තර වලට භීෂණය වැපිරුව උදවිය. මතකනේ 77 ජේ ආර් කියල තියෙන දේ.. "අලියා හොඬවැල ඉස්සුවා විතරයි..!"

      Delete
    2. ජවිපෙ පෙරට වඩා බලවත් බලවේගයක් දැන්.. ඌවේදී තත්ත්වෙත් මාතේ කිව්වට වඩා වෙනස්.. ජනතාව චන්දය පාවිච්චි කිරීමේදී කොහොම උනත් අද වෙනකොට ඌවේ සමන්ත විද්‍යාරත්න හරීන්ටත් වඩා ජනප්‍රියම දේශපාලඥයා.. විශේෂයෙන්ම.. ප්‍රධාන පක්ශ දෙකෙන් එකක් සමග සන්ධානගත වූ විට මේ ජවිපෙ ශක්තිය තීරණාත්මකයි.. දැන් මේ වෙනකොට ජවිපෙ තීරණය කරල තියෙනව පොදු අපේක්ශකයට සහය දෙන්න.. එය ආණ්ඩුවට විශාල අභියෝගයක්.. ජවිපෙ මැතිවරණ වේදිකාවල ආණ්ඩුවට එල්ල කරන චෝදනාවලට කවදාවත්ම ආණ්ඩුවට බැරි වෙලා තියෙනව සාර්ථකව මුහුණ දෙන්න. ලංකාවේ මැතිවරණ ඉතිහාසය දිහා බැලුවමත් මහින්ද රාජපක්ශ කියන පුද්ගලයා තව වසර දෙකක් ඉදිරියට තියල ජනාධිපතිවරණය කැඳවල පරදින්න හිතයි කියල කොහොමවත්ම හිතන්න බැරි නිසාත් ප්‍රථිපලයක් ගැන දැන්ම අනාවැකි කියන්න නම් බැරිවෙයි.. රැල්ල තමන්ගෙ පැත්තට හරව ගන්න දෙපාර්ශවයටම ලොකු වෙහෙසක් ගන්න වෙනවා.

      Delete
    3. ඌවේ තත්වය ගැන මාතලන්ගෙ දැක්මෙන්ම පේනවනේ මාතලන් හිතන්නෙ මොන විදියටද කියලා. ඒ නිසා මාතලන් කිය්න දේ ගැන එච්චර හිතන්නෙපා. ඒක හිත සනසගන්න එයා කරන හිත රවට්ටා ගැනීමක්.

      ඒකනෙවෙයි කල්‍යාණ අද දිවයිනේ කියල තිබුන විදියටනම් ජවිපෙන් කිසිම අපේක්ෂයෙක් ඉදිරිපත් කරන්නෙත් නැතිලු, ඒ වගේම පොදු අපේක්ෂය වෙනුවෙන් අනුග්‍රහයක් දක්වන්නෙත් නැතිලු. ඒ නිසා ජවිපෙ මේ විදියටම ඉඳී. මේ පාර සටන ගැන කිසිම පූර්වෝකතනයක් කරන්න බැරිවෙයි. කොහොමත් ජවිපෙ මේ තීරණය ජවිපෙට ආදරේ කරන පාක්ෂිකයන්ගේනම් සතුටට හේතුවක් වෙයි. නමුත් හැඟීම් වලට වහල් නොවී පොදු විපක්ෂයට සහය දැක්වුවානම් යමක් කරන්න තිබුනා ඉදිරියේදී. ඒත් මං පෝස්ට් එකේම කියපු විදියට දැලි පිහියෙන් කිරිකන මේ ක්‍රීඩාව්වේ නොයෙදීමෙන් ජවිපෙට සිටින ස්ථාවරයේම සිටීමටනම් හැකියි.

      Delete
    4. එදා තිස්සපුරින් ගිය නිදහස් පාක්ෂිකයන් වූ මගේ පියාගේ ඥාතීන් ඒ ගිය ගැම්මෙන් තවමත් බදුල්ලට වී සිටිති. ඒදා ඔවුන්ගේ මෙන්ම මේ රටේ අහිංසක ගොවිජනයාගේ, කතිරයක් පමණක් ගැසූ ගොවි ජනයාගේ පැසී අස්වනු නෙලීමට තිබූ කුඹුර අක්කර සියගනනින් මොවුන් ගිනිබත් කලෝය. ගෙවල් දොරවල් අලු දූවිලි බවට පත් කලෝය. මා ඉහත කී පියාගේ ඥාතීන් සිය නිවසේ සුරතලයට ඇතිකල මුව පොව්වන් දෙදෙනෙකු ඇස් ඉදිරිපිට මරා මස් කල අයුරු ඒ මහල්ලා අදටත් සිහිපත් කරනුයේ කඳුලු පිරි දෙනෙතිනි. එවන් අපකීර්තිමත් දේශපාලන ඉතිහාසයක් ඇති යූ එන් පීය මෙවරද ජයගත හොත් මෙවැනි තත්වයක් ඇති වීමට ඇති ඉඩකඩ බෙහෙවින්ම වැඩිය.//
      යූඇන්පී කාරයො කියන්නෙ වන මෘගයො.එදා 1977 දි එහෙම පටන් ගත් භීෂණය අවසන් වුනේ 60,000 ක් තරුණ තරුණියො අනන්ත වධ හිංසා කරල මහ පාරෙ ටයර්සෑයවල පුච්චල.ජවිපෙ කැමති ඇති ආයෙ යූඇන්පී ආණ්ඩුවක් එනවට.මිනී වෙන්දේසි කරන්න පුළුවනිනෙ එතකොට.
      එදා ස්ට්‍රයික් එකක් කළොත් එක පැත්තකින් පොලීසිය ගහනකොට අනෙක් පැත්තෙන් මැරයො ගහනව.

      Delete
    5. එදා තිස්සපුරින් ගිය නිදහස් පාක්ෂිකයන් වූ මගේ පියාගේ ඥාතීන් ඒ ගිය ගැම්මෙන් තවමත් බදුල්ලට වී සිටිති. ඒදා ඔවුන්ගේ මෙන්ම මේ රටේ අහිංසක ගොවිජනයාගේ, කතිරයක් පමණක් ගැසූ ගොවි ජනයාගේ පැසී අස්වනු නෙලීමට තිබූ කුඹුර අක්කර සියගනනින් මොවුන් ගිනිබත් කලෝය. ගෙවල් දොරවල් අලු දූවිලි බවට පත් කලෝය. මා ඉහත කී පියාගේ ඥාතීන් සිය නිවසේ සුරතලයට ඇතිකල මුව පොව්වන් දෙදෙනෙකු ඇස් ඉදිරිපිට මරා මස් කල අයුරු ඒ මහල්ලා අදටත් සිහිපත් කරනුයේ කඳුලු පිරි දෙනෙතිනි. එවන් අපකීර්තිමත් දේශපාලන ඉතිහාසයක් ඇති යූ එන් පීය මෙවරද ජයගත හොත් මෙවැනි තත්වයක් ඇති වීමට ඇති ඉඩකඩ බෙහෙවින්ම වැඩිය. //
      යූඇන්පී කාරයො කියන්නෙ වන මෘගයො.එදා 1977 දි එහෙම පටන් ගත් භීෂණය අවසන් වුනේ 60,000 ක් තරුණ තරුණියො අනන්ත වධ හිංසා කරල මහ පාරෙ ටයර්සෑයවල පුච්චල.ජවිපෙ කැමති ඇති ආයෙ යූඇන්පී ආණ්ඩුවක් එනවට.මිනී වෙන්දේසි කරන්න පුළුවනිනෙ එතකොට.
      එදා ස්ට්‍රයික් එකක් කළොත් එක පැත්තකින් පොලීසිය ගහනකොට අනෙක් පැත්තෙන් මැරයො ගහනව.

      Delete
    6. ඒ ඉතිහාසය යූ එන් පී පාක්ෂිකයන් හිතාමතා අමතකකරන්න සහ නොපිලිගන්න හදන ඉතිහාසයයි. අපි ඉතිහාසය තුල හෝ අතීතය තුල ජීවත් විය යුතු නෑ. නමුත් ඉන් පාඩම් ඉගෙනගත යුතුයි. එනිසාම එවන් පාලකයන් අතට මහින්ද ලිහිල් කර දුන් මේ බලය යෑමට කලින් මේ ක්‍රමය වෙනස් කරන්න ඕනි.

      Delete
  3. අපිත් බලාගෙන ඉන්නේ මේ සැරේවත් වෙනසක් වේවිද කියලා.

    ReplyDelete
    Replies
    1. රටටම වෙනසක් ඕනි මොහොතක්නෙ මේක. ඒත් ඉතින් ජහමනතාවම මොනා කරයිද කියල 8ම තමා දැනගන්න වෙන්නේ.

      Delete
  4. ඩිස්ගස්ටින්...............
    හී...
    (ඒකත් හරියට ඉංගිරිස් වලිං ලියන්න තියෙන දේ මං සිංහලෙන් ලීව වගේ)
    මට නං අපුල කතාවක් උම මේකටත් ඇදල ගත්ත එකට මගේ තදබල මේව එක...
    සෙද්ද
    නෙද්දෝමකිං

    ReplyDelete
    Replies
    1. මේ පාර ජනාධිපතිවරණය උඹට ඒ තරම්ම අපුලද බං?

      Delete
  5. මන්ත්‍රී වන්නම්

    තන තන තන තන තානම් තන තානම්
    තන තම් දෙන තානම්
    තන තන තන තන තානම් තන තානම්
    තන තම් දෙන තානම්
    ඡන්දය ළඟ එන විට මං
    සිනා මූණෙන්
    ‍ගෙයින් ගෙයට පිය නගනෙම්
    සැමටම ලෙන්ගතු පානෙම්
    සැප දුක සැමගේ විමසම්
    වැඳ වැටෙමින්
    සේසතම වුවත් පුද කරමින්
    මව්‍පියොවත් නැත මෙලෙසින්
    තන තන තන තන තානම් තන තානම්
    තන තම් දෙන තානම්
    ඉලව් ගෙයක් දු‍ටුවෝතින්
    ඒ සැණකින්
    යන්නෙමි මනාප ගණිමින්
    ඔවුනට සොව පළ කරනෙම්
    ජය ලැබු කල තිබු ඡන්දෙන්
    බල බිඳිමින්
    අමතක වේ පොඩි මිනිසුන්
    වරද කිමද මම නො දනිම්
    තන තන තන තන තානම් තන තානම්
    තන තම් දෙන තානම්
    හමුවට එන අය හට මම්
    බෑ නො කියම්
    පිලිතුර සලකා බලනෙම්
    නැතහොත් හෙට හෙට හෙට යයි කියමින්
    ආරක්ෂක පිරිවර සෙන්
    පිටුපස්සෙන්
    එනමුත් හිතේ ඇත බය නම්
    නො කරමි ඒ බව පෙන්නුම්
    තන තන තන තන තානම් තන තානම්
    තන තම් දෙන තානම්
    කව්රුත් මොනවත් කීවත්
    වැඩ ගැන නම් (‍හෙහ්)
    කොමිස් ගැහිලි නෑ මම නමි
    ජන මිතකාමිව වැඩ මම්
    ඉඟ සුඟ ගත හැකි මනරම්
    මගේ ලේකම්
    සැම දේ කර බැතියෙන්
    සැම දේ කරති තුටින්
    තන තන තන තන තානම් තන තානම්
    තන තම් දෙන තානම්
    ප්‍රජාතන්තරය රකිනෙම් (‍හෙහ්)
    අපි නැතිනම්
    රටට කලක් යයි නො දනිම්
    රටට කලක් යයි නො දනිම්
    වැජඹෙන මේ අපි උතුමන්
    මන්තිරි නම්
    වන්නම මේ ලෙස නටනෙම්
    වන්නම සුදනනි දැන ගම්

    ඒ පැත්තෙන් මේ පැත්තට
    මේ පැත්තෙන් ඒ පැත්තට
    කරනම් කරනම් කරනම්
    කොයි කොයි පක්ෂෙන් ආවත් අපි නම්
    වෙන්නෑ කවදත් පැරදුම්
    පැරදුම් පැරදුම් පැරදුම්

    ගායනය - ආරියරත්න කළුආරචිචි පිරිස ..

    ReplyDelete
    Replies
    1. මෙන්න ඔරිගීනල් එක. https://www.youtube.com/watch?v=JbYYPlEqMZs

      Delete
    2. දෙකම ඩවුන්ලෝඩ් කරගන්න ඕනි මචෝ.. වැඩේ කියන්නෙ මිනිස්සුන්ට ඕක නොතේරෙන එකනෙ බං. නොතේරිත් නෙවෙයි, අනේ මංද බං කොතනහරි මොකක් හරි අවුලක්.

      Delete
  6. මිනිස්සු නිල්පාට (පොකිරිස්සන්) සහ කොලපාට (ඇතැම් ගෙම්බන්) ලේ ඇති අය වෙති. ඔවුන් අදහන නායකයෝ තම සිරුරේ රුධිරය සම්පූර්ණයෙන් ඉවත්කොට අනෙක් වර්ණයේ රුධිරය පාරවිලයනය කර ගනිති. පාක්ෂික හුදී ජනයාට එය කළ නොහැක. ඔවුහු තම අසල් වැසියාට පිහියෙන් අනිති. ගෙවල් කුඩුකරති. මෛත්‍රීපාල තියා මෛත්‍රී බෝධිසත්වයන් ආවත් හොරු ටික බලය ඇති පැත්තට පනිනවා පනිනවාමය.
    මෛත්‍රීගේ ආගමනය යම් කිසි ත්‍රිල් එකක් වුවද විධායකය බල රහිත කිරීමට වඩා බොහෝ දේ තව කරන්නට ඇත. ඒ ගැන අදහස් පළකිරීමේදී විපක්ෂ කණ්ඩායම් ඉතා සැලකිල්ලෙන් එය කළයුතුවේ. මන්ද, සාමාන්‍ය ජනතාවට විධායකය යනු බිල්ලෙක් නොවේ. ඔහු එය කෙබඳුදැයි නොදනී. නමුත් ඔහු ත්‍රස්තවාදය යනු බිල්ලෙකු බව, විදුලි පුටුව භයානක දෙයක් බව දනී. විධායකයේ ශාපයට වඩා මෙවැනි සංවේදී කාරණා ඉස්මතු කිරීමටත් ඒවා ගෙනඒමට විපක්ෂය සූදානම් බවට ඔප්පු කිරීමටත් ජනමාධ්‍යයන් වඩ වඩාත් යොදාගනු අපට ඉදිරි කාලයේ දැකිය හැකිවනු ඇත.
    ජවිපෙ පොදු අපේක්ෂකයාට සහාය දෙන බව ප්‍රකාශ කරඇත. එබැවින් ඒ ගැන අදහස් පළ නොකරමි.

    ReplyDelete
    Replies
    1. \\මෛත්‍රීපාල තියා මෛත්‍රී බෝධිසත්වයන් ආවත් හොරු ටික බලය ඇති පැත්තට පනිනවා පනිනවාමය.//

      ඔය පනින එකනම් කොහොමත් එහෙම වෙනවමයි බං. අද ඔය දේශප්‍රේමෙන් කෑගහන ඔක්කොම හෙට අනිත් පැත්තෙ, දිනුවොත්. එන සෙට් එකේ නම් ටික කියනවට වඩා හොඳයි රාජපක්ෂ පවුල හැර අනිත් ඔක්කොම කියලා. ඩිලානුයි, නිමලුයි ෂුවරුත් නෑ දැන් වෙන දේවල් වල හැටියට.

      \\මන්ද, සාමාන්‍ය ජනතාවට විධායකය යනු බිල්ලෙක් නොවේ. ඔහු එය කෙබඳුදැයි නොදනී. නමුත් ඔහු ත්‍රස්තවාදය යනු බිල්ලෙකු බව, විදුලි පුටුව භයානක දෙයක් බව දනී.//

      ඔන්න ඕක තමයි බං මං මෙතන මෙහෙම කිව්වේ.

      "එනිසා මහා ආහාර දාමයක් වැනි වූ රට කරවන ක්‍රියාවලියේ ඡන්දය දීම සහ කන්න ලැබීම කියන පුරුක් දෙක අතර සිටින මහජනතාවට ඉන් එහා විහිදී ඇති අනෙක් පුරුක් නොපෙනේ. පවතින ක්‍රමය තුල එම පුරුක් පෙනීමට හෝ සෙවීමට අවකාශයක් ජනයාට නොමැත. එනිසාම ඒ වැදගත්ම පුරුක් මත හිඳිමින් රට වෙනුවෙන් අත්‍යාවශ්‍යම අවස්ථාවල ජවිපෙ කරන සේවය ජනයාට නොපෙනෙයි නොහැඟෙයි. "

      ජවිපෙ සහය මෛත්‍රීට කියල ප්‍රකාශ කරලද. එහෙනම් දැන් තියෙන්නෙ ඉතින් බලා සිටීම තමයි. ධනාත්මක චින්තනය කියන එකේ ඉඳන් බලන් ඉමු.

      Delete
    2. //ජවිපෙ සහය මෛත්‍රීට කියල ප්‍රකාශ කරලද// එහෙමයි ආරංචි.
      //........නමුදු පරිණත දේශපාලන ප්‍රවාහයක් ලෙස ජවිපෙ කිසිදු දිනෙක තෙවනි වරටත් එවැනි තීරණයක් නොගන්නා බවට මට ඉර හඳ මෙන් විශ්වාසය.// මමද එය එසේම විශ්වාස කරමි.

      Delete
    3. සොරි, ලින්ක් එක දාන්න බැරිවුණා.
      http://sinhala.theindependent.lk/index.php/feature/6837-2014-11-24-05-57-47

      Delete
    4. මදාවියා හරියටම හරි.. මාත් මෛත්‍රිට ලියුමක් ලියන්න ඉන්නේ.. බලමුකෝ..

      Delete
    5. ජවිපෙ පරිනත කියලා ලියලා තියෙනවා දැක්කාම මට හිනා ගියා. ඒ වගේ නාන පක්ෂයක් තවත් නෑ. මහින්දගෙන් කුණුහබ්බත් අහගෙන එලියට ආවේ. දැන් නන්නත්තාරයි. අවුරුදු 40 ක් විතර වෙන පක්ෂයක්. තාම සීට් දෙකයි. බෝනස් එකයි. ඊට වඩා හොඳයි ජනරාළ.

      Delete
    6. මාධවියේ ලින්ක් එකට ස්තූතියි... කොහොමත් ආයෙ එහෙම යුගයක් එන එකක් නෑ. ඒත් මට යූ එන් පී කාරයෝ ෂුවර් නෑ.

      Delete
    7. දේශකයෝ ලියමු ලියමු ඉක්මනට..

      Delete
    8. ඔය කියන සංඛ්‍යා වල අගය වැඩිකරගන්න තිබුනා ජවිපෙත් අනිත් සම්ප්‍රදායික පක්ෂ දෙකේ ක්‍රමේට ගියානම්. නැත්නම් පච වංස වගේ උනානම්. උන් ඒ ගනන් එහෙම වැඩි කරගෙන තියෙන්නෙ අපේම රීරි මාංසෙ හූරගෙන කාල කියන එක මිනිස්සුන්ට තේරෙන්නෙ නැති එකනෙ අරුමෙ. තව ඒක කියවනවත් ආඩම්බරෙන්. එක අතකට අර මං කිව්ව චක්‍රයට අනුව ඒ දාමයේ මං කිව්ව පුරුක් දෙක අතර ඉන්න මිනිස්සු ඉන්නෙ නිසා එක මාතලන් අයියගේ හිනාව ගැන මට පුදුමෙකුත් නෑ ඉතින්.

      Delete
    9. ජවිපෙ දෙවරක් කල අතීත වරද නැවත නොකරන්නට තරම් පරිනත වීමම මටනම් ප්‍රමාණවත්. ඉතිරිය අනාගතයට.

      Delete
    10. කිව්වට බෑ බං. තේරුම්ගන්නවානම් කොච්චර දේවල් තියෙනවද. ජවිපෙ රට වෙනුවෙන් කල දේවල් නොවන්න අද මේ රට මෙහෙවත් නෑ. මිනිස්සු ඒක පිළිගන්න කැමති නෑ බං. ඇත්ත තිත්තයි නොවෑ..

      Delete
    11. ඔව් ඒක ඇත්ත. එයාලා ක සැරයක් නෙමෙයි දෙසරයක්ම රට වෙනුවෙන් දේවල් කලා. ආයෙත් ගොන්නු ටිකක් කොටුකර ගෙන ඉන්නවා දක්කන්න. ඒ වැඩේට නම් පට්ට පරිනතයි.. බුදු සරණයි ...!!!

      Delete
    12. ජවිපෙ කිව්වේ පොදු අපේක්ෂකයාට සහය දෙනවා කියාම නොවේ. මේ ඒකාධිපති වියරුව පැරද්දීමට මරාට නැතුව අන් කවරකුට හෝ ඡන්දය පාවිච්චි කිරීම ජනතාවගේ අයිතියක් කියලා. ඒ කියන්නේ මරා පැරදවීම යනු මෛත්‍රී දිනවීමම තමයි. ඔවුන් සක්‍රීයව දායක වෙන බව විශ්වාසයි.

      Delete
    13. @maathalan,

      අනුන්ට බන කිව්වට ජීවත් වෙන්නෙම අතීතයේ නේද. ඒකත් හැබැයි වාසියට. ඕකට කියන්නෙ කේන්චිය.

      Delete
    14. @අරූ,

      කොහොම කිව්වත් දේශපාලනික වශයෙනුත්, සාමාජීය වශයෙනුත් ජවිපෙට මේක අසීරු තීරණයක්. උණු හින්ද බොන්නත් බෑ, කිරි හින්ද අහක දාන්නත් බෑ. හැම පැත්තම බේරගන්න පුලුවන් හොඳම වැඩේ තමයි තනියෙන් ඉල්ලලා පස්සෙ චන්ද ටික දෙන එක, ඒ ටිකෙන් මත්‍ර්‍රීට දිනන්න පුලුවන්නම්. එතකොට රැවුලයි කැඳයි දෙකම බේරෙනවා.

      Delete
    15. මනෝෂ්ගේ පෝස්ට් එකේ තියෙන්නේ අනාගතේ වෙන ඒවා වෙන්න ඇති..

      Delete
    16. @Manosh...////////හැම පැත්තම බේරගන්න පුලුවන් හොඳම වැඩේ තමයි තනියෙන් ඉල්ලලා පස්සෙ චන්ද ටික දෙන එක///////////

      උඹ මේ මොකක්ද කියන්නේ කියන එක මට පැහැදිලි නැහැ. කොහොමද මෙහෙම කරන්නේ....

      ඒ මොනවා වුනත් ජවිපෙ තමන්ගේ අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකිරීම ගැන මගේ ගෞරවයක් තියෙනවා. ඒ තකතීරු වැඩේ කරන්න සුදානමක් ඇති කුමාර් ගුනරත්නම් වගේ අය එහෙම කරන්නේ මොන අරුතකින්ද කියන්න දන්නේ නැහැ. ට්‍රැක්ටර් සාදුනම් අනේ මන්දා මඤ්ඤංද කියලා. ඒක එයාගේ අයිතිය සහ කැමැත්තනේ.

      Delete
    17. අතීතකාමය කියන්නෙ කාට කාටත් අඩු වැඩියෙන් තියෙන එකක් මාතලන් අයියණ්ඩී. මටනම් ඕක හොඳටම තියෙනවා. නමුත් එහෙම ඉඳගෙන මේ ලිපිය ලිව්වෙ නෑ. එහෙම ලිව්වනම් ජවිපෙ යූ එන් පිය එක්ක එකතුවෙන එක කාලෝචිතයි කියන්නෙ නෑනෙ. ලිපියෙ හරයම ඒක.

      Delete
    18. ඔය කිව්වෙ මෙහෙම කාරණයක් අරූ අයියේ. ජවිපෙට අසීමිතව ආදරය කරන පිරිසක් ඉන්නවනේ. නමුත් එයාල හදවතින්ම ආදරේ කරාට බුද්ධියට ඉඩදෙනව අඩුයි. ඒ නිසා යූ එන් පීයට එකතු වෙනව කියන එක එයාලව කළකිරවන දෙය. ජෙනරාල් ඉල්ලපු වෙලාවෙ 2010දිත් ඕක උනා. එතනදිත් ජවිපෙට විශාල පාක්ෂිකයන් සංඛ්‍යාවක් අහිමි උනා. මෙවරත් වෙන්න ඉඩ තියෙනවා. ඒකෙන් වෙන්නෙ ඒ ඡන්ද ටික මහින්දට යන එක. ඒක වළක්වන්න පුලුවන් තනියෙන් ඉල්ලුවනම්. ඊළඟට මහමැතිවරණෙත් තනියෙන් ඉල්ලලා, පවතින තත්වය අනුව ඡන්ද ටික පොදු විපක්ෂෙට ලබල දෙනවා.ඒක කපටි වැඩක්. නමුත් වෙන කරන්න දෙයක් නෑ. කොටින්ම අපේ ගෙදර ඡන්ද ටිකවත් මේ පාර ජවිපෙට නෑ යූ එන් පීයට සහයෝගය දක්වන නිසා.

      Delete
    19. කලට යලට වැහි වැහැලා
      ගොවිතැන් බත් සරුවුනාය
      එතෙර මෙතෙර තෙර නොපෙනෙන
      වැව් තටාක ඉදිවුනාය

      අහස උසට මහ දාගැබ්
      පින් කෙත් වී වැජඹුනාය
      සකල සිරින් පිරි සිරිලක
      දහම් දිවයිනක් වුනාය

      අතීතයේ සිදුවුනුදේ
      අද එලෙසම සිදුනොවෙතේ
      අනාගතේ සිදුවෙන දේ
      හිතෙනකොටත් පුදුම හිතේ

      හිතෙන දෙයක් සිදු නූනට
      ඒකට ලතවෙන්න එපා
      නොහිතන දේ සිදුවුනාට
      ඊටත් ලතවෙන්න එපා

      සකල සිරින් පිරි සිරි ලංකාවේ පුදුම හතේ වැඩ සිදුවෙනවා
      අටවෙනි පුදුමේ ඔන්න සුදනනේ බලාගනිල්ලා ලඟ එනවා
      මඟුලතු ඇවිදින් පින් ඇති කෙනෙකුගෙ පාමුල වැටිලා නමදිනවා
      ඒ පින් ඇත්තා එදා පටන් අපෙ සිරි ලංකාවට රජ වෙනවා
      සිරි ලංකාවට රජ වෙනවා

      ගායනය - රවින්ද්‍ර යසස් කුමානායක
      නාට්‍යය - රාජ කපුරු

      Delete
    20. මෙව්ව උඹ කොහෙන් හොයාගන්නවද මංද බං. මේ දවස් වෙනුවෙන්ම ලිව්ව වගේනේ. උඹනම් රන් ආකරයක්.

      Delete
  7. අපි දන්නේ නෑ ඔවා..අපි පොඩි ළමයි..

    ReplyDelete
    Replies
    1. අන්න හරි මෙන්ඩෝ ...අපි තවම ගල් විතරනේ බොන්නේ නේද ?
      හැක් ...මචෝ පත්තරයා හැංගිලාළු උට පොදු අපේක්ෂකයා වෙන්න වෙයි කියලා ...

      Delete
    2. ඌ පොදු අපේක්ෂකයා වෙනවා නම් ස්වර්ණපාලියේ කෙල්ලෝ පොලිමේ එයි

      Delete
    3. @මෙන්ඩා.. උඹ නම් ඉතින් අකැමතිම සබ්ජෙක්ට් එක නොවෑ..

      Delete
    4. @සින්දුවෝ.. මං හිතුව වයිෆ් ගියාමවත් ඌ නෝමල් වෙයි කියලා. ම්හු.. දැන් ඊට වඩා වැඩක් සෙට් වෙලා!!

      Delete
    5. මෙන්ඩ පොඩි ලමය මේවටනං... බිස්නස් ඔක්කොම ඇඩල්ට්ස් ඔන්ලි...හැක්

      Delete
    6. ඉදිරි වෙනස බිස්නස් වලටත් බලපායි මෙන්ඩියෝ...

      Delete
  8. අනේ මන්දා බං, වෙලාවකට ඔක්කොමලා එකයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං. උන්ට ඕනි එකක් කරගන්න කියලා ජහමනයා එක විදියට හිතන්නෑනේ.

      Delete
  9. කාල තරණයක් කරලා බලන්න තිබ්බනම් හොදයි කියල හිතෙන්නේ මේ වෙලාවට තමයි..

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ අප්පේ ඒ?

      Delete
    2. නෑ ඉතින් ඇත්තටම රට ගැන කැක්කුමකින් කියවන්නේ කවුද කියලා බල ගන්න තිබ්බනේ චන්දේ දෙන්න කලින්

      Delete
    3. වර්ථමාන හා අතීත කල් ක්‍රියාවෙන් ඒ ගැන තීරණයක් ගන්න අමාරු නෑ සුසී. අපේ මිනිස්සු ජනේලෙන් ඔලුව දාල බලන්නැති එකෙයි ප්‍රශ්නෙ තියෙන්නේ.

      Delete
  10. ජවිපෙ ස්ථාවරය පැහැදිලියි. එය අගේ කල යුතුයි. ඔවුන් මේ වේදිකාවට ගොඩ නොවන්නේ අතීත පාඩම් ගැන ඇති මතකය නිසා විය යුතුයි. එහි වරදක් නැත. සියල්ලක්ම අවසානයේ ගමන් කරන්නේ මේ ඒකාධිපතිත්වය පරාදකල යුතුයි යන ඉලක්කයටය.

    ජවිපෙට පමනක් නොව ඕනෑම දේශපාලන පක්ෂයකට තමන්ටවූ න්‍යාය පත්‍රයක් ඇත. ඒ පක්ෂ දේශපානයේ ස්වභාවයයි. ජවිපෙ අද ඉලක්කයවී ඇත්තේ ජනාධිපතිවරනයෙන් රාජපක්ෂ පාලනය ඉවත්කර, ඉන් පසු එලඹෙන මහා මැතිවරනයකින් ජවිපෙ ලෙස තම පාර්ලිමේන්තු නියෝජනය වැඩිකර ගැනීමයි. ඒ ස්ථාවරය නිවැරදියි.

    මොකා ජනාධිපති වුවත් අගමැති කෙනෙක් පත්කල හැක්කේ, පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇති කංඩායමටයි. මෙම පාර්ලිමේන්තුව විසිරුවා හරින තෙක් මේ සංයුතිය අනුව බහුතරය ඇත්තේ සංධානයටයි. නැවත මහා මැතිවරනයක් පවත්වා, ඉන් පසු පත්වෙන අයගේ සංයුතිය අනුව අගමැති කෙනෙක් පත්කර ගැනීමේ බලය හිමිවෙනු ඇත. එය ඉදිරියේ ඇතිවිය යුතු සාකච්ඡාවක් මිස අදට අදාල නොවේ

    ජවිපෙ එදා ආණ්ඩුවෙන් ඉවත්වීමට ගත් තීරනයට මම එකඟය. එසේ නොවුවානම් අද අපට ජවිපෙ පිලිබඳ මෙවන් විශ්වාසයක් තබාගත නොහැකි වෙනවා ඇත. ඉදිරියේදි පාර්ලිමේන්තු මැතිවරනයකින් පසු කුමන ආකාරයක රජයක් පත්වේද යන්න තීරනය කිරීමට හෝ උපකල්පණය කිරීමට කල් වැඩිය. ඒ පත්වෙන ආණ්ඩුවේ ජවිපෙට ඇමතිකම් වෙන්වේ යැයි නොසිතන අතරම, මේ පක්ෂ දෙකේ කලවමෙන් හැදෙන කිසිම රජයක ජවිපෙ වගකීම් බාරගැනීම නොකල යුතු බව මගේ විශ්වාසයයි. දීර්ඝ වශයෙන් කතා කල යුතු දේ බොහෝ ඇතත් මින් නවතමි.

    මා පෞද්ගලිකව මේ පාලනයට තිත තැබිය යුතු යැයි කියන්නේ ඇයි. ඒ බව මට වඩා ඉතා කෙටියෙන් හා නිවැරදිව CULT නමින් බ්ලොගයක් පවත්වාගෙන යන සහෘදයා මෙසේ පවසා සිටී..

    ////////ඒක හින්ද වඩා වැදගත් විධායක ක‍්‍රමය අහෝසි කරන එක නෙමෙයි. මේ පවතින ක‍්‍රමය අහෝසි කරන එකයි. දූෂණය වංචාව වගේ දේවල් කොහොමත් අපේ වගේ රටක දේශපාලන සංස්කෘතිය. ඒවායෙ කරන්න පුුළුවන් සාපේක්‍ෂ වෙනස්කම් විතරයි. වඩා වැදගත් වෙන්නෙ අපේ සමාජ- සංස්කෘතික අවකාශය කොයිතරම් පුළුල් කරනවද කියන එකයි. අපිව නැවත දිශානත කරන්නෙ අතීතයටද අනාගතයටද කියන කාරනෙයි.
    මං පොදු අපේක්‍ෂකයා පිළිබඳ ව්‍යාපාරයට කැමති ඒකයි. ඒක නැවත බලාපොරොත්තුවක්. ඒක නිර්නාමික විප්ලවයක්. පොදු අපේක්‍ෂකයා කවුද, එයා දිනයිද, මහින්ද පරදියිද කියන එක නෙමෙයි වැදගත්. හිතන්න පුළුවන්, ප‍්‍රශ්න කරන්න පුළුවන්, විරුද්ද වෙන්න පුළුවන් සුළු පිරිසක් හරි තාමත් ඉන්නවා කියන එකයි වැඩිය වැදගත්.

    අපිට සව්දිය පුරන්න ඒ වෙනස ඇති.///////////////////////

    මනෝෂ්....CULTගේ මේ ලිපිය කියවන්න.

    ReplyDelete
    Replies
    1. ඔබේ මැදහත් දැක්ම මං බෙහෙවින් අගය කරනවා අරූ අයියේ. එය ජවිපෙට පක්ෂවවත්, විපක්ෂවත් නෑ. එහි යථාර්තය ගැබ්වෙලා. පුද්ගලික කැමති අකැමතිකම් වෙනුවෙන් ලියවෙච්ච වෛරී අදහස් එහි නෑ.

      ඒත් දැන් මට හිතෙනවා ලිපියෙ කියල තියෙන විදියටම එදා මහින්දගෙන් වෙන්වෙලා ඉන්නැතිව අරගල කර කර හරි ඇමතිකම් ටික තියාගෙන ඉන්න තිබුනෙ අරූ. එහෙනම් මීට වඩා ජනබලයක් තියෙනවා. අපේ රටේ මිනිස්සුන්ගෙ දේශපාලන බුද්ධිය හරි පටුයි. මිනිස්සුන්ට ඕනි එහෙම. දැන් කරන්න ඕනි පක්ෂෙ දැක්මට ඔලු හදනෙක නෙවෙයි, මිනිස්සුන්ට ඕනි විදියට පක්ෂෙ ගිහින් බලයක් ලබා ගෙන ක්‍රම ක්‍රමයෙන් ඔලු හදන එක.

      මේ යන ක්‍රමය හරි ගියොත් අනිව බහුතර බලය යූ එන් පීය. ඒ කියන්නෙ අගමැති රනිල් හෝ සජිත්. ඒක එහෙම වෙනව අනිවාරෙන්. ඒත් මට තියෙන ප්‍රශ්නෙ විධායකය අහෝසි කරල අගමැති කමත් නැතිව මෛත්‍රී මේ ගෙදර යන්නද හදන්නේ? රට වෙනුවෙන් එච්චර කැක්කුමක් ඔහුට තියෙන්න විදියක් නෑ. අනික මේ ඔක්කොටොම පස්සෙ ශ්‍රී ලනිපය තියෙන්නෙ කා ළඟද? ඒක මහිද ළඟද නැත්නම් චන්ද්‍රිකා සමඟ මෛත්‍රී ළඟද? පක්ෂයේ අයිතිය කාටද හම්බෙන්නේ? මට ඕක හෙන ප්‍රශ්නයක්.


      දැන් මං කල්ට් ගේ පෝස්ටුව කියවන්න යන්නම්.

      Delete
    2. \\\එහෙනම් මීට වඩා ජනබලයක් තියෙනවා. අපේ රටේ මිනිස්සුන්ගෙ දේශපාලන බුද්ධිය හරි පටුයි. මිනිස්සුන්ට ඕනි එහෙම.\\\ ජවිපෙ බලපෑම පාර්ලිමේන්තුවේ හරි වෙනත් පලාත් පාලන ආයතනයක හරි නියෝජනය වෙන ඔලු ගානෙන් ගනිනව නම් ඒක මහම මහ ගොන් වැඩක්.. සඳුමල් ගෙ ගමේ මහියන්ගනයේ ඉන්නව නේද තේනුක විදානගමගේ කියල මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ.. ඒ කිට්ටුවම ඉන්නව පාර්ලිමේන්තුවේ නැති ජවිපෙ සමන්ත විද්‍යාරත්න.. මේ දෙන්නගෙන් ජාතික දේශපාලනයට යම් බලපෑමක් කරන්න පුළුවන් බැරි කාටද කියල හිතුවොත් මේක විහිළුවක් බව තේරනව..

      Delete
    3. තේනුකලගේ බලපෑම ගැන අනුර කුමාර මහියංගනේදිම කිව්වා. තේනුකලා ජනතා නියෝජිතයො විදියට පාර්ලිමේන්තු ගියාට අනුර කුමාරත් තේනුක කියල කෙනෙක් පාර්ලිමේන්තු ඉන්නවා කියල දැනගත්තේ මෙහෙ ආවටත් පස්සේ. ඔන්න තේනුකලගේ පාර්ලිමේන්තු නියෝජනයේ තරම.පැහැදිලි වතුර වගේ පේන මේ දේවල් පිලිගන්න තරම් නිහතමානීත්වයක් නැති උදවිය තමයි ඔලුගෙඩි ගනනින් ජවිපෙ තරම මනින්න හදන්නේ. ඔය ගැන උඩින් මං මාතලන්ටත් කිව්ව බං.

      Delete
  11. අනේ මන්දා බං දේශපාලනේ නම්.. බලමුකෝ මොකද වෙන්නේ කියලා..

    ReplyDelete
    Replies
    1. හැමෝටම වෙන්නෙ බලන් ඉන්න තමයි බං. ජහමනතාව අනේ මංද. පේනවනේ මේ දවස් වල ජාතිකේ යන බයිල. හිනා කාල මැරෙනව. ඒත් මිනිස්සුන්ට ඒව පට්ට ඇත්ත.

      Delete
  12. වුන් එති යති එකම ක්‍රමයට වෙනස් නම් යොදා පාලනය කරති

    ReplyDelete
    Replies
    1. ඒක තමයි කියන්නෙ මේ රටට සැබෑ වෙනසක් ඕනි කියලා. නමේ වෙනසක් නෙවෙයි. නමුත් බහුතර පිරිසකට තාම ඒක හරියට දැනිල නෑ.

      Delete
  13. උඹ ඒ පාර සිංදු බිංදු අතඇරල දේසපාලන මඩට බැස්සද අමුඩෙ ගහගෙන. හරි වරෙං මාත් ලෑස්තියි.
    මචෝ ජෙප්පො ගැන තාම ගම්වල මිනිස්සු ඉන්නෙ බයෙන්. අපේ මිනිස්සු දීර්ඝ කාලීන සිදුවීම් මතකෙ පැලකරගෙන ඒවයෙ ගෙඩි කඩාගෙන කාල ඉන්න ජාතියක්. උන්ට අනුව,
    - ශ්‍රී ලංකා එක ආවොත් හබරල තමා කන්ඩ වෙන්නෙ.
    - යූ එන්පිය ආවොත් සිංහල කොල්ලො ටික ඉවරයි, කොටි ආයි උපදියි.
    - ජෙප්පො ආවොත් කැලෑ නීතිය එයි. බස් ගිනි තියයි.
    ටිකකං ඉවසාං. ඕවා මතක සෙට් එක කවදහරි නිවන් ගිහාම හරියයි.

    ReplyDelete
    Replies
    1. \\උඹ ඒ පාර සිංදු බිංදු අතඇරල දේසපාලන මඩට බැස්සද අමුඩෙ ගහගෙන.//

      අනේ මචෝ, එහෙම නෙවෙයි. නිරායාසයෙන් හිතට ආව සිතුවිලි මාලාවක් නිසා ඔන්න ඔහෙ ලියල දැම්මා.

      ඕකෙ පුදුමෙ මේකනේ මචං, නිකමට හිතපන්කො අද ජවිපෙ ආයෙ සංධානෙට ගියා කියලා. ඉතින් බං හෙට ඉඳල මිනිස්සුන්ට ඔය අවුරුදු තිස් හතලිස් ගානක් මතක තියන් ඉන්න කිසි දෙයක් මතක නැතුව යනවනේ. ඊට පස්සෙ ජවිපෙ තරම් හොඳ එකක් නෑ. පේනවනේ වීරවංස. ජවිපෙ හිටියෙ නෑ වගේ. අනිත් පක්ෂෙත් එහෙමනේ බං. මේ රටේ ඉන්නෙ මෙහෙ පුදුම මිනිස්සු ජාතියක්.

      Delete
  14. දේශපාලනයේ සදාකාලික මිතුරෝවත් හතුරෝවත් නෑ කියන උන්ම මේ මීට අවුරුදු 25කට කලින් වෙච්චි එජාප-ජවිපෙ දික්කසාදෙ කර තියාගෙන ප්‍රමෝට් කරන්නේ ඇයිද කියල මීට වඩා හිතන්න වෙනව මනෝෂ්. අසූ නවයේ එජාපෙත් වැරදියි.. ජවිපෙත් වැරදියි.. 89 විතරක් නෙවෙයි 71 දිත් එහෙමයි.. දෙගොල්ලන්ම වැරදියි.. නමුත් අනිත් හැමතැනදිම ආපහු ආපහු එකතු වෙන පක්ශ හා පාක්ශිකයෝ මේ එජාප ජවිපේ නෝක්කඩුව කරතියාගෙන යන්න හදන්නේ ඇයි?

    අපේ ගෙදරින් මං හොඳම උදාහරණයක් දෙන්නම්..

    අපේ අම්මල තාත්තල ඒ කාලෙ පට්ට යූඇන්පී කරයෝ.. 89 වෙනකොට මගෙ පොඩි අයියට අවුරුදු 18ක්.. ඌ එදා හිටපු උග්‍ර ජවිපෙ බිම් මට්ටමේ ක්‍රියාකාරිකයෙක්.. මරන්න හොයල හොයල අන්තිමේදි ප්‍රොක්ට කෙනෙක් එක්ක ගිහින් මෙඩිකල් එකක් එහෙම එක්ක පොලීසියට බාරදුන්නයින් අදටත් ජීවත් වෙනව. අවුරුදු ගානක් බෙරගලයි, කැප්පැටිපොලයි පුනරුත්ථාපන කඳවුරු වල හිටිය.. ඌ නිසා ඒ දවස් වල ඌට වැඩිය දුක් වින්දෙ අපි.. විශේෂයෙන්ම අම්මයි තාත්තයි.. දැන් ඌට ජවිපෙයක් ගැන මතකවත් නෑ.. මහවැලියෙ රස්සාවකුත් හම්බෙලා නිමල් ලොක්ක පස්සෙ ඇවිදිනව චන්ද කාලෙට.. ඒකාලෙ හිටිය ලොක්ක රෝහණ විජේවීර කියනව ඇරෙන්න වෙන කිසිම දෙයක් ගැන ඌ ජවීපෙ ගැන දන්නෙත් නෑ.. හැබැයි අපේ අම්මයි තාත්තයි මේ පාර මාත් එක්කම ගිහිල්ල චන්දෙ දුන්නෙ ජවිපෙට.. කාලෙන් කාලෙට රටට ඕන කරන වෙනසට සහයෝගය දෙනව ඇරෙන්න අපි එකෙකුටවත් හංවඩු ගහගත්ත තරහ මරහ කං වලින් වැඩක් නෑ මං හිතන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒ විග්‍රහය හරියටම හරි මචෝ.. ඕකෙ හොඳම විහිලුව තමයි බං ඔය හණ ගහන්න දඟලන පොරවල් ඉන්නවා නේද. උන් ඔය කෑගැහුවට ජවිපෙ යූ එන් පී එකත් එක්ක කවදාවත් කිසිම සංධානයක් නොගැහුවත් ඡන්දයක් දෙන්නෙ නෑ. ජවිපෙටත් වඩා පාක්ෂිකයන්ටත් වඩා අමාරුව තියෙන්නෙ උන්ට.

      අපේ ගෙදර තත්වෙ හාත්පසින් වෙනස් මචෝ.. අම්මයි තාත්තයි දෙන්නම පළවෙනි ඡ්න්දෙ ඉඳල මේ වනතුරුම කතිරෙ ගැහුවෙ ජවිපෙට. ගියපාර ෆොන්සේක නිසා යූ එන් පීය එක්ක සබඳතාවය පවත්වපු වාරෙදි ඇරෙන්න. එදානම් ඡන්දෙ නොදී කටවහගෙන හිටියා. ඒත් මෙදා පාර මෛත්‍රී කිව්වනේ රනිලට අගමැති කම දෙනව කියලා. ඒක අහල බැරිවෙලාවත් ජවිපෙ එකතු උනොත් ආයෙ ආත්මෙකට ජවිපෙට ඡන්දයක් දෙන්නෙ නෑ කියනවා.

      ඒ මචං හැඟීම් වලට ඉඩදුන්නම බුද්ධිඅයට සහ ප්‍රායෝගිකත්වයට ඉඩදීමට වඩා.

      71දිත්,89දිත් අදත් ජවිපෙ අරමුණ වුනේ එකක්. ඒකට කාලෙන් කාලෙට භාවිතාකරන උපක්‍රම වෙනස් වෙන්න පුලුවන්. නමුත් අපි කාලානුරූපව ඒක තේරුම්ගත යුතුයි. ඒකයි මං පෝස්ට් එකෙනුත් කිව්වේ ජවිපෙට ප්‍රශ්නයක්වත් සටනකවත් වෛරයක්වත් තිබුනෙ යූ එන් පීය සමඟ නෙවෙයි, මේ පවතින ක්‍රමය එක්කයි. ඒක තේරුම්ගතයුතුයි.

      Delete
    2. කමියෝ කැප්පෙටිපොල කිව්වේ වැලිමඩ YMCA එකේ තිබුන නේද ? හිටපු ඇමති පර්සි සමරවීර වපුරපු භිෂණය මතකද ? බණ්ඩාරවෙල හිටපු දිසා ඇමති (ආර් .එම් අප්පුහාමි ) අනිත් එකා ...

      Delete
    3. සින්දුවා.. එළ එළ.. වැලිමඩ කැප්පෙටිපොල තමයි.. ඒක ‍ය්MCඇ දනම් මතක නෑ.. ඩිපෝ එක ගාවින් පහලට බැහැල ටර්පන්ටයින් ගස් මැද්දෙන් යනව මතකයි හැම ඉරිදාවකම අයියණ්ඩි බලන්න..

      බදුල්ලේ (දිස්ත්‍රීක්කේ) අදටත් ගරු කරන එකම ජේෂ්ඨ දේශපාලඥයා වින්සන්ට් ඩයස් විතරයි.. හරීන් ට තැනක් එන්නත් එතුමාගේ ජනප්‍රියතාවය බලපෑවා.. ප්‍රේමදාස අගමැති හා නිවාස ඇමති ඉන්නකොට ඩිපියුටි හිටියේ එතුමා.. ඒ පැත්තෙ හදපු ගෙවල් දොරවල් වල ගාන නිමක් නෑ.. එතුමගේ මං ගරු කරන හොඳම දේ තමයි කොච්චර බලපෑම් (හා බලතල) තිබ්බත් භීශණය වැපිරුවේ නෑ.. ඔබ කියූ දෙදෙනා ඇතුලු අනිත් හැම එකාම නම් තිරිසන්නු වගේ හැසිරුනේ..

      Delete
    4. කමියෝ , කැප්පෙටිපොල තිබුනේ පුනරුත්ථාපන කඳවුර .YMCA එකේ තිබුනේ වදකාගාරය .YMCA එකේ උන දේවල් මතක් වෙනකොටත් ඇඟ හිරි වැටෙනවා මචෝ ....

      Delete
    5. කල්‍යාණ/සින්දු,

      එකම පැත්තෙ උදවිය උනාම මෙහෙම හම්බුනාම පිටරටකදි අපේ රටේ කෙනෙක් හම්බුනා වගේ නේද බං?

      \\YMCA එකේ උන දේවල් මතක් වෙනකොටත් ඇඟ හිරි වැටෙනවා මචෝ ....//

      ඒ ගැන නම් කුමන කතාද. තාත්තා කියනකොට ඇඟ හිරිවැටෙනවා.

      Delete
  15. ජවිපෙ කොච්චර අවංක වුනත් , ප්‍රතිපත්ති ගරුක වුනත් අරක වුනත් මේක වුනත් තාම ගම දිනා ගන්න , සාමාන්‍ය ජනතාව ගේ හිත දිනාගන්න පුළුවන් වී නැත.

    එකට හේතුව මේකයි කියල දෙයක් හරියට ම පෙන්නන්න අපිටත් බැරිය. බොහෝ විට බලපෑවේ 71 සහ 89 කලබල යි. එත් ටික කාලයක් යනකොට ආපහු තමුන්ගේ වැදගත් කම ගොඩනගා ගත්තු මේ අය ටික ටික දියුණු වෙලා පාර්ලිමේන්තුවේ රිමෝට් එකත් අතට ගත්තේය. එත් ඒ රිමෝට් එක 2000 දී සැටලයිට් ට පූජා කරපු මේ සැට් එක තමුන්ගේ පිරිසිඳු කම කෙළසා ගත්තේය. ජනතාවගේ විකල්ප ශක්තිය අහිමි කළේය.

    එත් ඒ වේස කමේ යාමෙන් ටික කාලෙකට වාසියක් ලැබුනේය. ඒ 2004 දී සීට් 39 ක් ගන්න ලැබිච්ච චෑන්ස් එකය.එත් උන්ගේ කරුමෙටේ සහ ගොන් කමට ඒ ආණ්ඩුවෙනුත් දොට්ට බැස්සේය.

    අනිච්චේ දුක්කේ..දැන් උන් සමහර තැන් වල ඉන්නේ ෆොන්සේකා ටත් පස්සෙන් ය. මේ පාඩුව හදා ගන්න තව සැහෙන කාලයක් මෙයාලට බලන් ඉන්න වෙයි.

    දැන් තියෙන විදියට මට නම් හිතෙන්නේ ජවිපෙ වේදිකාවේ හොඳ රස බර කතා කියන්න විතරක් බව විතරය.

    ReplyDelete
    Replies
    1. යූ එන් පීය ජවිපෙ පිළිබඳ මීට වඩා ධනාත්මක දෘෂ්ටියක් කෙදිනකවත් ඇතිකරගන්නෙ නැත. එය යූ එන් පීය ජවිපෙට දක්වන අධික භීතිය සහ ඒ මත ගොඩනැඟුනු ජවිපෙ කෙරෙහි වන අසීමාන්‍තික වෛරයයි. කෙසේ වුවද ඉහත සඳහන් කාරණා වලින් යම් අභාග්‍යක් වේනම් එය රටටම මිස ජවිපෙට නොවේ. ජවිපෙ යනු අලු මතින් නැඟී සිටි දේශපාලන ව්‍යාපාරයකි. එනිසා මේවා ජවිපෙට සිහිනෙන් නිකුත් වූ අධෝ වාතයක්මය.

      Delete
    2. ඔව්..ජවිපෙ අළු මතින් නැගී සිටි ව්‍යාපාරයක් තමයි..එත් ප්‍රශ්නේ තියෙන්නේ ඇයි ඒ අභිමානේ,ඒ ගෞරවය වලව් වල පිගන් හෝදන්න පාවිච්චි කලේ කියන එකයි..

      අද ජවිපෙ හොඳ තීරණයක් අරන් තියෙන වා කියලා ආරංචියි..කාගේවත් පැත්ත නොගෙන සිටීම.

      පරිවාසේට කලින් ජවිපෙ හිටියෙත් හරි දේට පක්ෂව වැරැද්දට විරුද්ධව වැඩකරන තැනක්.
      රට බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ තුන්වෙනි බලවේගයක් මිසක් තමුන්ගේ සතුරා ගේ සතුරා සමග මිතුරු වන බලවේගයක් නොවේ.

      88 89 කාලේ හිටපු වැඩිහිටියෝ තමයි ජවිපෙ ට බය. ඒ ඒ මිනිස්සුන්ගේ අත්දැකීම් එක්ක හැදිච්ච දෙයක්.

      අපි ඒ කාලේ පැටවූ.
      දැන් තරුණ සහ මැදි වියේ ඉන්න පරම්පරාව ජවිපෙ ට බය නැහැ. ඒ අය කැමතියි විප්ලවයකට( ආරාබියේ වෙච්ච එක නම් නෙවයි ok?). එත් ජවිපෙ හිටියේ වෙනත් ස්ථාවරයක.

      දැන් හරි පාරට වැටීගෙන එනවා වගේ; මෑත අතීතයේ ඇත දැකීම් එක්ක..

      Delete
    3. \\ඒ ගෞරවය වලව් වල පිගන් හෝදන්න පාවිච්චි කලේ කියන එකයි.//

      මචං විභී..ඔය හැම කාරණේකටම පිළිතුරු මං හිතන්නෙ පෝස්ටුව තුලම තියෙනවා. කිනම් අභිමානයකටත් වඩා ජවිපෙට රටට වන අහිතකර බලපෑම් මං හිතන්නෙ වැදගත්. නමුත් පැවතිය කිනම් ආණ්ඩුවක්වත් බහුතර ජන බලයක් වත් ජවිපෙට පෙරලා කෘතගුණ දැක්වුවේ නෑ.

      කොහොම උනත් මගේ දැක්නම් අපි කවදාවත් අතීතයේ ජීවත් විය යුතු නෑ. ඒ මත හිඳ වෛරීය තීරණ ගැනීම නෙවෙයි, වර්ථමානයට ගැලපෙන ප්‍රායෝගික කාලෝචිත තීරණයි ගත යුත්තේ. එය ගොටු ඇල්ලීමක්වත් වළං සේදීමක්වත් කඩේ යාමක්වත් ලෙස වටහාගත නොයුතුයි. තුන්වෙනි බලවේගයක අවශ්‍යතාව ජනතාවට තියෙන්නේ තමන් පත් කර හැරි අනෙක් බලවේග දෙකේ ජනතා නියෝජිතයන්ගෙ හොරකම් මැරකම් ජඩකම් නිරාවරණය කිරීමට විතරයි. ඔවුන් ජවිපෙ පාවිච්චි කරන්නෙ ඒ වෙනුවෙන් නිතරයි. එනිසා ජන බලයකින් බලයට එන්න ජවිපෙට බොහොම අසීරුයි. එනිසා ප්‍රචණ්ඩ ක්‍රමයක් නොවන වෙනත් ඕනෑම උපක්‍රමයකින් ජවිපෙ බහුතර නියෝජනයක් එනවනම් ඒක රටට හොඳයි.

      88-89 දේවල් හැර යූ එන් පීයට හෝ ශ්‍රී ලනිපයට උනත් හදවතට එකඟව කිසිදු චෝදනාවක් කරන්න බැරි පිරිසිදු දේශපාලන ව්‍යාපාරය ජවිපෙ. ඒක නිහතමානීව පිළිගතයුතු දෙයක්. එනිසා ජවිපෙ ඉදිරිය යනු රටේ යහපත් අනාගතයයි.

      Delete
    4. //88-89 දේවල් හැර යූ එන් පීයට හෝ ශ්‍රී ලනිපයට උනත් හදවතට එකඟව කිසිදු චෝදනාවක් කරන්න බැරි පිරිසිදු දේශපාලන ව්‍යාපාරය ජවිපෙ. ඒක නිහතමානීව පිළිගතයුතු දෙයක්. එනිසා ජවිපෙ ඉදිරිය යනු රටේ යහපත් අනාගතයයි.//

      මෙන්න මේක නම් මම අනිවාර්යෙන්ම පිලි ගන්න දෙයක් මනොෂ්.

      ජවිපෙ මේ රටේ තීරණාත්මක බලවේගය බව එක කාලෙකදී ඔප්පු කළා. ඔවුන් විශ්වාස කරන දර්ශනය අනුව ඔවුන් වැඩ කළා.
      එත් එක්තරා කාලෙකදී ඔවුන් රැවටීමට ලක්වුණා.
      තමුන්ගේ ඇතුලෙම හිටපු එවුන් ( පෆ්වංශ) මේ වැදගත් ප්‍රතිපත්ති පාවල දුන්නා. එහෙම දීල අන්තිමේදී පක්ෂේ අනාත කරලා සුපිරි ධනපති කුලයට ඇතුල් වුනා.

      දැන් ආපහු මේ පක්ෂේ ටික ටික හරි ගොඩ නැගෙන්න ඕන. එතකොට තමයි මහා දෙන්නට තියෙන අසීමිත නිදහස ටිකක් හරි සීමා වෙන්නේ.

      උඹ කියනවා හරි.
      අතීතය තුල ජීවත් විය යුතු නැත. එහෙම ජීවත් වෙනවානම් ඒ මානසික ව්‍යාධි කාරයෙකි.
      එත් අතීතය මතක තබා ගත යුතුය.

      එතකොට අනාගතය ගැන හරි තීරණ ගන්න ගොඩක් පහසු වෙනවා.

      දැන් ජවිපෙ ඒ පාරේ ආයේ ගමන පටන් අරන්..

      Delete
    5. මට හැඟිල තියෙන විදියට අපේ විභී යූ එන් පී පාක්ෂිකයෙක්. නමුත් ඔබ මෙතනදි දක්වන මැදහත්බාවයට මං බෙහෙවින්ම ගරු කරනවා. නමුත් ඔබට තිබෙන පාට කණාඩියෙන් මිදුණු ස්වාධීන දැක්ම, සාධාරණ දැක්ම සමහර ප්‍රවීණයන්ට නැහැ. නිකං වළං බිඳිනවා තර්කයක් නැතිව.

      වීරවංශලා තවත් රෙද්ද අස්සෙ දාගෙන ඉන්නැතුව ඒකාලේම එලවල දාපු එක ජවිපෙ වාසනාවක් බං. ඔහොම එවුන් ඇතුලෙ ඉඳන් ගේමක් දුන්නනම් කොහොමද ආතල් එක.

      මේ පාර ජවිපෙ මතය තවම පැහැදිලි නෑ. කිරි හින්ද අහක දාන්නත් බැරි උණු හින්ද බොන්නත් බැරි තත්වයක් තියෙන්නේ. මෙවර ජනතාවගේ මතයට ඉඩදී බලා සිටිනවා විය යුතුයි. මොකද දවරක්ම තමන් ලබපු රැවටීමෙන් ජනතාවත් රැවටිච්ච නිසා තෙවනි වරටත් ඒ පවට කරගහන්න ජවිපෙ කැමති නැති හැඩයි.

      උඹට බොහොම ස්තූතියි මචෝ..

      Delete
    6. //////මේ පාර ජවිපෙ මතය තවම පැහැදිලි නෑ///////

      හරිම පැහැදිලියි මනෝෂ්.....

      ඒකාධිපති වියරුව පරදවමු!! ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ සාදා ගමු වගේ ස්ලෝගන් එකක්නේ තියෙන්නේ. ඒ කියන්නේ මරා පරදවන්න කැමති කෙනෙක්ට ජන්දෙ දෙන්න කියන එකනෙ. මරා පරදවන්න නම් මෛත්‍රීට ඡන්දේ දෙන්න එපැයි. පැහැදිලියිනේ.

      Delete
    7. නොකිය කියන්නෙනම් ඒක තමයි නේද. වැඩේ මේ පාර ඒක කෙලින් කියන්නෙ නෑ. මොකද වගකීම කරට අරන් කලින් දෙපාර වගේ උනොත් එහෙම. මුන්ව තව පාරක් විස්වාස කරන්න පුලුවනෑ.. ඒ නිසා අපි කියන්නෙ නෑ, උඹල කැමතිනම් මෛත්‍රිට දීපල්ලා වගේ එකක්.

      Delete
  16. @ විභී & මනෝශ්.....ජවිපෙ දෙස මැදිහත් දෘෂ්ඨි කෝණයකින් බලන්න පුළුවන් නම්, එය පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය යහපත් සමාජයක් නිර්මාණය කරගන්න උපයෝගි වේවි. ඔවුන් මේ වෙනවිට කරගෙන යන සමාජ මැදිහත්වීම් පිලිබඳ රනිල් ලොක්කා උනත් ප්‍රශංසා කරයි. මධ්‍යස්ථ මතධාරීන් නම් ඒ බව පිලිගන්නවා. වඩාත් වැදගත් වෙන්නේ වර්ථමාන හැසිරීමයි. අතීතය ගැන කියන්න ගියොත් එජාප පාලනයේ කොච්චර දේවල් එලියට අදින්න තියෙනවාද....

    ReplyDelete
    Replies
    1. ඇත්ත..

      මේ වනවිට කරගෙන යන සමාජ මැදිහත්වීම ප්‍ඇත්ත ටම රසංසනීයයි..

      එත් එක්තරා කාලෙකදී ඔවුන් ප්‍රතික්ෂේප කරන බල කඳවුරක් රකින්න මුක්කු ගහපු එක ඒගොල්ලෝ ගත්තු වැරදි තීරණයක්(මගේ මතය පමණි )
      --------------------------------
      මැදහත් දෘෂ්ටි කොනෙන් බලන්න පුලුවන්න් නම් ඒක රටකට වාසනාවක්.
      ඒ දේ කරන්න අපි තව ගොඩක් වෙනස් වෙන්න ඕන...

      --------------------------------

      අතීත කුණු අවුස්සන්න ගත වෑයමක් නොවේ මේ ..

      Delete
    2. අරූ අයියා,

      මෙම මැදිහත් වීම වෙනුවෙන් ඔබට ස්තූතියි. ඇත්තෙන්ම පක්ෂ දේශපාලන දෘෂ්ඨියෙන් මිදිල බැලුවොත් හැමෝටම ජවිපෙ වටිනාකම් රැසක් පෙනෙනවා. නමුත් එහම දවසක් එයි කියල හිතන්න අමාරුයි. මොකද අපි කවුරුත් ජන්මෙන් අරන් එන දේශපාලන පක්ෂයක් තියෙනව. ඕක මේ ආසියානු මිනිස්සුන්ගෙම ලෙඩක්. ඒ නමෙන් මිදෙන්න මිනිස්සු සීයට අනූවක් තාම කිසිසේත් සූදානම් නෑ. ඔවුන්ට ප්‍රතිපත්ති, වංචා, දූෂන, හොරකම් මැරකම්, විධායක, ඒකාධිපති අනම් මනන් මොකුත් වැඩක් නෑ. පක්ෂෙ නම විතරයි වැදගත්. තාම ග්ම් වල ඉන්නවා මේ ඉන්න හැතිකරේටනම් අපේ කිසිම කැමැත්තක් නෑ, ඒත් ප්‍රේමදාස මහත්තයා කන්න දුන්න එකට කෘතගුණ දක්වන්න ඕනි කියල යූ එන් පීයට ඡන්දෙ දෙන මිනිස්සු. හිතාගන්නකො මිනිස්සුන්ගෙ තත්වෙ.

      Delete
    3. \\මැදහත් දෘෂ්ටි කොනෙන් බලන්න පුලුවන්න් නම් ඒක රටකට වාසනාවක්.
      ඒ දේ කරන්න අපි තව ගොඩක් වෙනස් වෙන්න ඕන...//

      ඔය කාරණේ ගැනමයි මාත් උඩින් කිව්වෙ ව්භී.. අපේ රටේ මිනිස්සු කවදාවත් කිසිම දේශපාලන ව්‍යාපාරයක් ගැන එහෙම හිතන එකක් නෑ. මිනිස්සු ඡන්දෙ දෙන්නෙ නමට, කන්න දුන්නට, පාර හැදුවට, රස්සාවක් ලැබුනට ඔන්න ඔය වගේ මූලික දේවල් වලට. නමුත් මිනිස්සු හිතන්නෙ නෑ ගුරු වරයෙක් ගුරු පත්වීමක් අරන් රජයෙන් පඩියක් ගන්නකොට ඒ මනුස්සයා අනිවාරෙන් උගන්නන්නම ඕනි කියලා. ඒක එයාගෙ වගකීම කියලා. ඒ වගේ දේශපාලකය කන්න දෙන එක, පාරවල් හදන එක, වරාය, ගුවන් තොට, ඉස්පිරිතාල, පාරවල් හදන එක ඒ දේශපාලකයගෙ රස්සාව, වගකීම කියල මිනිස්සු දන්නෙ නෑ. අපෙන් ගන්න බදු මුදල් වලින් ජනතාවගේ බාරකාරීත්වය විදියට රජය ඒක කරන්නම ඕනි දෙයක් ඒක අපට ඔවුන්ගෙන් ලැබෙන වරප්‍රසාදයක් බෝනස් එකක් නෙවෙයි. ඒකටයි රටේ මිනිස්සු වැඩකරන්නෙ. රජයට හම්බකරල දෙන්නේ. ඉතින් මේව තේරුම් ගෙන මේ රටේ මිනිස්සු කවදානම් බුද්ධිමත් ඡන්දයක් දෙයිද.

      Delete
  17. ඔබ මතුකළ කාරනාව මමත් පිළිගන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති අනුව රනිල් අගමැති කරන්නට යන පොදු අපේක්ෂකයා වෙනුවෙන් පෙනීහිටින්නට ඔවුන්ට බෑ.

    ReplyDelete
    Replies
    1. අජිත්..... මේ මොහොතේ ජේවිපිය දැන් මොකක්ද කරන්න ඕන....වෙනම අපේක්ෂකයෙක් දාන එකද නැත්නම් මහින්ද දිනවීමද..වාමාංශික බලවේග කතාව දැනට මහ පොලවේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයිනේ.

      අනිත් එක මෛත්‍රී කොහොමද රනිල්ව අගමැති කරන්නේ....

      Delete
    2. අජිත්, ප්‍රතිපත්ති වගේම ජවිපෙට බැහැ දෙවරක් වැටුනු වලේ තුන්වැනි වතාවටත් වැටෙන්න. හරිම බැරෑරුම් අවස්ථාවක්. ඒ වගේම තව එකෙක් නෙවෙයි රටට ඕනි. ඒ නිසා ඉදුණු බත නිවෙනකල් ඉන්නෙක හොඳයි කට පුච්චගන්නැතිව.

      Delete
    3. අරූ අයියේ, මෛත්‍රීත් රනිල් වගේම ආව හැටිය කට වරද්ද ගත්තා. දැන හෝ නොදැන කල ඒ ප්‍රකාශෙන් ආණ්ඩුවේ මාධ්‍ය වලට හොඳ කටගැස්මක් හම්බුනා. මෛත්‍රීත් ඒකාධිපතියකු කරන්න මේ කතාව හොඳටම ප්‍රමාණවත්. අනික ඒ කතාව නිසා බොහෝ ඡන්ද ප්‍රමාණයක් ආවගමන් අහිමිකරගත්තා. කටවහගෙන ඉඳල කරන මඟුලක් එක්කො පස්සෙ කරගන්නයි.

      Delete
  18. 88,89 මතක් කරන අයට 71 මතක් කරලා දෙන්න.71 නයි වයිරෙන් හිටිය අය එකතු වෙලා සන්ධාන ගැහුවේ.මේ වෙලවේ රට ඉස්සරා තියෙන අභියෝගය තේරුම් ගන්න ඕනේ.මේ ඒකාධිපති පාලකයාට එරෙහිව අනෙක් සියලු දෙනා එක වේදිකාවක් මතට ගොඩ වෙන්නේ ඕනේ.ඒක රට වෙනුවෙන් කරන තවත් යුතුකමක්.ඒ යුතුකමෙන් ජවිපෙ මග හරිනවා නම් එය මහා ඛේදවාචකයක්.

    ReplyDelete
    Replies
    1. \\88,89 මතක් කරන අයට 71 මතක් කරලා දෙන්න//

      මතක්කරල දෙන්න බබාල නෙවෙයිනෙ බං මනෝජ්. ඔය අමතකවෙලා නෙවෙයි, මොකක් හරි හේතුවක් තියෙන්නත් එපැයි.

      අනේ මන්ද බං. ඔය කාරණේටම දෙපාරක්ම ජවිපෙ රැවටුණානෙ බං. ඒ නිසා ජනතාවත් රැවටුනා. මේ හැමදේම රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, මේ කිසි කරදරයක් නෑනෙ ජනතාව හරි දේ තේරුම් අරන් ඡන්දෙ හරියට පාවිච්චි කලානම්.

      Delete