"නැත ලොවේ අන් රසඳුනා... ආදරේ සේ සුවදෙනා..."
මහාචාර්ය සරච්චන්ද්‍රයන් අතින් නිමැවුණු මේ වැකිය ආදරය ගැන ලියැවෙන බොහෝ අවස්ථාවල නිබඳ ම සිහිපත් වේ. ආදරයක දිග පළල ගැඹුර සොයන්නට තැත් කිරීම විශ්වයේ කෙළවර සොයන තරමට ම සංකීර්ණ ය. අවසාන තීන්දුව වන්නේ ආදරය යනු ආදරය ම මිස අනෙකක් නොවන බවයි.
ආදරය කරන්නන් මිහිපිට පය ගසා සිටින බව සැබෑවකි. එහෙත් ඔවුන්ගේ සිතුවිලි අහසේ සැරිසරයි. නිල් වළාකුළු කඳු වැටි අතරින් පාවී ඉර හඳ තරු අතරින් විශ්වයේ අනන්තය තෙක් පාවී යයි. ඔවුහු ලෝකයේ සියලු භෞතික වස්තූන්ගෙන් වෙන්වී තමන්ගේ මනෝලෝක තුළ කූඩුවෙති.
සාගරයේ ජලය නිමා නොවන්නාක් මෙන් ආදරය පිළිබඳ වස්තු බීජ නිමා නොවන්නේ එබැවිනි.
මේ ගීතයට පාදකවන්නේ ද පෙම්වතුන්ගේ රොමැන්ටික් සිහිනයකි. තමා පයගසා සිටින ලෝකයේ, ගල් බොරලු වැටකඩොලු සීමා මායිම් තැනෙද්දී ඔවුහු පියවි ලොවින් ඈත් වීමට ආශා කරති. ඔවුන් ප්‍රාර්ථනා කරන ලෝකය අතිශයින් මනරම් ය. රචකයා ඒ සිහිනය මෙසේ ස්පර්ශ කරයි.
"අප ඈතට ඈතට පානඟලා
ගන වනන්තරේ
අතරමං වෙමු
වසන්ත මල් ගොමුවේ..."
ආදරයෙන් පිරීගිය අයට ගමනක නිමාවක් අවශ්‍ය නොවේ. සුන්දර ස්ථානයක් නම් එහි අතරමං වීම ද ඔවුනට සැපයකි. ඔවුන් අතරමං වන්නේ කටුලැහැබක නොවේ. රමණීය වූ වසන්ත මල්ගොමුවකයි. එය ඔවුනටම සීමා වූ ප්‍රේම පාරාදීසයකි. මේ ප්‍රේම පාරාදීසයේ සුරක්ෂිත බව රචකයා පදමාලාවට ගොනු කර ගනී. ඒ සුරක්ෂිත බව වූ කලී ප්‍රේමවන්තයින්ගේ සැබෑ මනෝ භාවයයි.
"කාත් කවුරුවත් නෑ එන්නේ
ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
අපේ ම පුංචි ලෝකයේ
අපි ඉන්නේ
බමරුන් විතරයි තනියට
ළඟ ඉන්නේ.."
සිහිනය වූ කලී යථාර්ථය නොවේ. යථාර්ථය කටුක වූ කල මිනිසුන් සිහින කරා පිය නඟයි. සිහිනය සිහිනයක් බව වටහා ගත හැකි නම් සිහින දැකීම වරදක් නොවේ. මේ පෙම්වතුන් බියවන්නේ කුමකට ද? ඒ වෙන කුමකටවත් නොව රුදු මිනිස් ඇසටයි. කේලාම් ඕපාදූප, චෝදනා, සියල්ලට ම මග පාදන්නේ මේ රුදු මිනිස් ඇසයි. මිනිස් ඇස ගැටුනොත් ඔවුන්ගේ ප්‍රේමයට තහංචි පැනවෙනු ඇත. එවිට ඇතිවන සංවේදනා ඔවුනට දරාගත නොහැකි වනු ඇත. එවැන්නකට මේ පෙම්වතා සූදානම් නැත. ඔහු අවට ලෝකයට වෛර නොකරයි. අවෛරී ලෙස සතුරු ලෝකයෙන් ඈත්වන්නට තීන්දු කරයි. මට නන්දා මාලිනියගේ ගීයක් සිහිවෙයි.
"මේ සිර මැදුරෙන්
පැනයන්නට ඇත්නම්
මේ මුර සෙබලුන්
එළවන්නට ඇත්නම්
පවුරු වළල්ලෙන් එහා රටේ
අප දෙන්නා වෙනුවෙන්
මල් පිපේවි ආදරේ නමින්.."
(Me Sirameduren - Nandamalini)
මෙහිදී ප්‍රේමවන්තිය සමාජයට අභියෝග කරයි. එහෙත් මේ නිර්මාණයේ පිළිබිඹුවන පෙම්වතා සමාජයෙන් පළායයි. එය සුන්දර පළායාමකි.
මුහුදු වෙරළ මල් උයන ප්‍රේමවන්තයන්ගේ පාරාදීසයන් ය. ඒ සොඳුරු පාරිසරික පසුබිම් ඔවුන්ගේ හදවත් කිතිකවා ඔවුනට ම උරුම ලෝකයක සිරගත කරනු ලබයි. එහෙත් මේ ප්‍රේමවන්තයන්ට ඒ සුවය විඳින්නට නොහැකි ය. හතරවටින් උකුසු දෑස් ඔවුන් වෙත එල්ල වී තිබේ. එසේ නම් මේ අනාරක්ෂිත සීමාවෙන් ඔවුන් පළා යා යුතු ය.
රචකයා මේ ස්පර්ශ කරනුයේ සිතුවිල්ලක් පමණි. ඒ සිතුවිල්ලෙන් නවයොවුන් ප්‍රේමය හා ඒ ඉදිරියේ ගොඩනැඟෙන බාධක සිහිගන්වනු ලබයි. මේ අදහස ම සුනිල් ආරියරත්නයන් විසින් සනත් නන්දසිරි ගාන්ධර්වයා විසින් ගයනු ලබන ගීයකට මෙසේ පද ගොනු කර තිබේ.
"ආලයට මඟ වැටී ඇත්තේ
මල් විමන් අතරින් නොවේ
පෙම්වතුන් යන මං පෙතක් මැද
මල් පිපී තිබුණේ ද කිසිදින"
(සුනිල් ආරියරත්න)
මේ ගී පද තවදුරටත් ආලෝකවත් වන්නේ වික්ටර් රත්නායකයන්ගේ සංගීතය හා ගායනයෙනි.
"අපි ඈතට.. ඈතට පා නගලා.."
සංගීතඥයා තම ස්වර රටා මඟින් රසිකයා ද ඈතට ඈතට කැඳවාගෙන යයි. වික්ටර් රත්නායක නැමැති ගායකයා මතු වූ නිසා ම එතුමන්ගේ තනු පිළිබඳ කතිකාවතක් ගොඩ නොනැඟුණු බව මගේ හැඟීමයි.
අනාගතයේ හෝ වික්ටර් රත්නායක නැමැති සංගීතඥයා පිළිබඳ ව පුළුල් කතිකාවතක් ගොඩනැඟෙන බව මගේ විශ්වාසයයි. ගුණදාස කපුගේ ද තනු නිර්මාණකරුවකු ලෙස කතා බහට ලක් නොවූ අපූරු තනු රචකයෙකි.
වර්තමානයේ ඇසෙන බහුතරයක් ප්‍රේම ගීත තාච්චියේ බැදෙන පපඩම් වැනි ය. දින කීපයකින් පොඩි පට්ටම් වන ඒ ගීත ඉදිරියේ මෙබඳු ගීත මැණික් පහන් සේ බබළයි. ප්‍රේමය පවතිනතාක් මෙබඳු ප්‍රේම ගීත අප අතර නොනැසී පවතිනු ඇත.
"අපි ඈතට ඈතට පා නගලා
ගන වනන්තරේ
අතර මං වෙමු
වසන්ත මල් ගොමුවේ
කාත් කවුරුවත් නෑ එන්නේ
ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
අපේ ම පුංචි ලෝකයේ අප ඉන්නේ
බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ
කෙසේ ද අත් බැඳ ඇවිදින්නේ
වෙරළේ උයනේ තුරුළු වෙමින්
නෑ හිත මිතුරන් මගතොට හමුවන්නේ
උකුසු ඇසින් අප කෙළෙස ද ගැලවෙන්නේ.."
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
(Api Athi Athata Paanagala - Victor Rathnayake)
(ගීත විචාරය ධම්මික බංඩාර මහතා විසිනි. ඡායාරූප අන්තර්ජාලයෙනි.)
**********************************************************************
ප්‍රේමවන්තයින්, ප්‍රේමවන්තියන් සොඳුරුතම පාරාදීසයකට කැඳවාගෙන යන මෙම ගීතය අසන විට මගේ සිත නම් එවන් පාරාදීසයකට නොයන අතර ඒ වෙනුවට හිතට දැනෙන්නේ කළකිරීමකි. හේතුව නම් "මගෙ දුවේ ඔබ අවදියෙන් නම්" ගීතයේ මෙන් මෙම ගීතයේ මේ විස්තර කරන සුන්දරත්වය විඳීමට අවකාශයක් කිසිවෙකුට නොහැකි වීමයි.
විශේෂයෙන්ම ලංකාව වෙනි රටක ප්‍රේමය කියන සංකල්පය පුරාම පවතින විරෝධාකල්පයන් නිසා පෙම්වතුන්ට තම ප්‍රේමණීය හැඟුම් සිත් තුල සිරකරුවන් කොටගෙන කෘත්‍රීම ව රොබෝවන් සේ පෙම්කිරීමට සිදුව ඇත.
ලාංකීය සංස්කෘතික මූලධර්මවාදීන්ට අනුව පෙම් කිරීම සාපරාධී වරදකි. කුදලගෙන ගොස් හිරේ දැමීමට තරම් වරදකි. එමෙන්ම ලංකාවෙ පෙම් කර ඇත්තේද වර්ථමාන තරුණ පරපුර පමණි. අනිත් සියලුම පත්තිනි අම්මලා සහ උපාසක තාත්තලා කවදාවත් ප්‍රේම කර නොමැත. ආදරය ගැන දන්නෙවත් නොමැත. ඔවුන් තමන්ගෙ දෙමවුපියො හොයල දුන්න ඕනි පොල් පිත්තක් කසාද බැඳ ගත්තෝ වූවෝය. ඒ මේ රටේ හැටිය.
කොල්ලෙක් කෙල්ලෙක් බස් නැවතුමක කතාකරනව දැක්කොත් අර කීව අයට එය ඇස්වල කටු අනින්නාක් මෙනි. අනේ අපොයි කියා කම්මුලේ අත තබා ගනිති. නමුත් ඔවුන්ගේ පරන රෙද්දක් අරන් බැලුවොත් තුත්තිරි ගෝනි ගනන්ය. වෙරළක් අයිනේ යුවලක් සිටියොත් ඔවුන්ව කුදලගෙන ගොස් කූඩුකරන්නට පොලිස් නිළදරුවන් වැටකේ පඳුරු අස්සේ සැඟවී කුරුමානම් අල්ලති. එක අතකින් මේ කේතුමතී නුවර පොලිසියට අල්ලන්නට තරම් හොරකමක්, මැරකමක්, දූෂනයක් ගැන අහන්නටවත් නොමැති නිසා මෙවන් "රාජකාරි" හැර පොලිසියට සාමාජය වෙනුවෙන් කිරීමට වෙනත් රාජකාරියක් නැති නිසා මෙහි වරදක් කීමටද නොහැක! පෙම්වතුන් මුවා විය යුත්තේ කේලමුන්ගේ දෑසින් පමණක් නොව. ඔවුන් නීතියෙන්ද මුවා විය යුතුය.(පෙම් කිරීම නීතියෙන් වරදක් බව කිසිම නීති පොතක නොමැත. නමුත් පොලීසියේ නීතිය අම්මගෙ නීතියකි.)
නමුත් අරුමය නම් මෙතරම් ගැරහුම් ප්‍රේමය සමාජෙන් ලැබුවද, සියලු සෞන්දර්‍ය්ය නිර්මාණ නිර්මාණය වී ඇත්තේ ප්‍රේමය තුලින් වීමය. බස් නැවතුමක් පෙම් කිරීම වැරදිය. නමුත් සියලු දෙනා කෙල පෙරාගෙන "මේ බස් නැවතුම පෙර හැම දිනකම" ගීතය රසවිඳිති. දෑස් කඳුලින් තෙමා ගනිති. ගහක් යට මුමුණමින් සිටීම ලැජ්ජා නැති කමකි. ඒත් හැට පැන්න හොට බිම ඇණුන නාකි, මිල්ටන්ගේ "මේ මැයි ගහ යට" තනි වෙති. මේ කීවෙ උදාහරන ඇබින්දකි. මේ මෙම මුතු ඇටයේ ජනතාවගේ හැටිය. ඔවුන් ස්ව්භාවයෙන්ම කුහුකය. සත්‍ය එයයි.
මෙවන් වාතාවරණයක් යටතේ සියලු දෑස්වලින් වසන්වීමට ගීතයේ ආකාරයේ පාරාදීසයක් මේ මිහිමත නොමැති හෙයින් හෝටල් කාමරයක් තුල ඔවුන් තමන්ගේ පාරාදීසය මවා ගනිති. මෙයින් ඇරඹෙන සමාජ ඛේදවාචයක පිළිබඳ ඔබත් සමඟ සාකච්ඡා කිරීමට මම මෙය අවස්ථාවක් කරනොගනිමි.
එහි අනිටු ප්‍රතිපල වර්ථමානය හොඳින්ම විඳින ආකාරය ඔබටත් මටත් නිතර අසන්නටත් දකින්නටත් ලැබෙන දෙයකි.
ඉතින් මේ ආරාධනය ඔබටයි. එන්න දයාබර රසවතුනි රසවිඳින්න මේ ගීතයත්. සැබෑ ලොව තුල ප්‍රේමයට හිමි නැති මේ සොඳුරුතම ලෝකයේ තනිවෙමු අපි මොහොතක්..
// "අපි ඈතට.. ඈතට පා නගලා.." // ගීතය මමත් හුඟක් ආස කරන ගීතයක්.. බොහොම සරළ වචන ටිකක් වුනත් එයින් හරි අපුරු චිත්ත රූපයක් මැවෙනවා ... ස්තූතියි රසවිඳින්න අවස්ථාව ලබා දුන්නට ...
ReplyDeleteහැඟීම් දැනීම් තියෙන අපි කවුරු උනත් සුරංගනා ලෝකෙකට අරන් යන ගීතයක් තමා මේක තුශානි. ඒක බොළඳ කමක් නෙවෙයි.
Deleteපෙම්වතුන් යන මං පෙතක් මැද
ReplyDeleteමල් පිපී තිබුණේ ද කිසිදින////
මේ කතාව නං ඇත්ත... හිහි..
පට්ට සිංදුවක් මං මාර ආසයි ඔය සිංදුවට..
ඒත් අපි ැමදාම සිංදු අහනව මිසක් වැඩි යමක් හිතන්නෙ නෑනෙ... ඕනම නං කෙල්ලෙක්ට ඇස් ඇම් ඇස් කොරයි... නැද්ද මං අහන්නෙ...
මේ සදුව රම්බර්ව විචාරෙ කොරන්න බැයිද ඈ
ඒකනෙ වැඩේ.. ගීතය අහල ඒ ගැන යමක් වැඩිපුර හිතුවනම් ගීතය උපරිම විඳින්න පුලුවන්. ඒක මාර විනෝදාංශයක් බං. කියන්න තේරෙන්නෙ නෑ. ඒක විඳලම බලන්නෝනි.
Deleteහිහි.. රම්බරිත් විචාරය කරන්න බැරිකමක් නෑ... වැඩිය ඕනි නෑ කොත්තු රොටියකට උපමා කරල රසවින්දනම් හරි. ඒ සින්දුවෙත් කතාවෙන්නැති තැනක් නෑනෙ. හැක්..හැක්..
ගීත විචාරයත් එක්කම ඔබගේ අදහසුත් ඉදිරිපත් කිරීම ඉතා අගෙයි...
ReplyDeleteස්තූතියි..ස්තූතියි.. දෙගිඩියාවෙන් ලිව්වෙ. වැඩේ අවුලක් නෑ වගේ එහෙනම්..?
Deleteසිරාවටම අද ගොඩක්ම ආස හිතුනෙ මනෝගෙ අදහසට… දිගටම ඒ අදහස් ටිකත් ලියහන්. පට්ට…
ReplyDelete//සැබෑ ලොව තුල ප්‍රේමයට හිමි නැති මේ සොඳුරුතම ලෝකයේ තනිවෙමු අපි මොහොතක්..//………
එළ එළ.. ගොඩක් ස්තූතියි ප්‍රියා. වචන ටික ලොකු දිරියක්..
Deleteඅපි ඈතට ඈතට පානගලා කියන සිංදුවට අපේ සරසවියේ ලලිත කළා අංශයේ කට්ටියක් ලස්සන විශුවල් එකක් කරලා. යූ ටියුබ් සර්ච් කලා නං හොයාගන්ඩ තිබ්බා.
ReplyDeleteයූ ටියුබ් සර්ච් කලා. බලන්න මේ විෂුවල් එකද කියලා.
Deletewww.youtube.com/watch?v=x_go7lXfQ-s
අන්න හරි ඕක තමා. ඔය කොල්ලා අපිත් එක්ක එකට හිඳගල හොස්ටල් එකේ හිටපු එකෙක්. කෙල්ල නම් නෙප්චූන් කියලා කාඩ් එකක් තිබ්බ එක්කෙනෙක්.
DeleteSuperb මචං.. ඇත්තටම හරිම ලස්සනයි. ඔය සිහින පාරාදීසයට එන්න මාත් සෑහෙන්න පෙරුම්පිරුවා. ඒත් සිහිනය බොඳවුනා.
Deleteඇත්තටම මේක ප්‍රේමය ගැන හරිම කිති කවන සුළු හැඟීමකින් ලියවෙච්ච ගීතයක්.අදටත් ලංකාවේ ගොඩක් නගරවල පෙම්වතුන් යුවලකට පුද්ගලිකව ඉන්න ලැබෙන වටපිටාව බොහෝම අඩුයි.දැක්ක ගමන් සමාජය හිතන්නේ මේ දෙන්නා මොකක් හරි අසික්කිත වැඩක් කරනවා කියලා.ඒකේ ප්‍රතිඵලය දෙන්නා කෙළින්ම කාමරයකටම යන එක.මේ ගීතය ගැන බලන කොට පේන්නේ මේ දෙන්නා බොහෝම නාඹර වයසේ ඉන්න අලුත්ම,සුහුඹුල් ප්‍රේමයක් විඳින දෙන්නෙක්.වසන්ත මල් ගොමුව කියන වදනින් ඒක ගොඩක් අවධාරණය වෙනවා.ඒ වගේම ගායකයා ඈතට.....ඈතට කියලා හිමීට ඇදලා ගයද්දි අපිට දැනෙනවා ඇත්තටම ඈතක්.මට මේ ගායනා විලාසය ඇහුවම මතක් වෙනවා පණ්ඩිත් අමරදේවයන්ගේ සත් සමුදුර චිත්‍රපටියට ගායනා කරපු සුමුදු සුසිනුදු තලාවේ ගීතය.එතනදි සමුදුරේ විවිධ ස්වභාවයන් ගායනා ශෛලියෙන් අපිට කාවද්දනවා වගේම තමයි මෙතනත් බොහෝම ලයාන්විත විදිහට යන්නේ ඒ නැවුම් ප්‍රේමයේ කිති කැවිල්ල අපිට දැනෙන විදිහට.
ReplyDeleteවර්ණවත් අදහසක්.. ගොඩක්ම ස්තූතියි හිම පියල්ලේ.
Deleteලංකාවෙ තියෙන්නෙ වෙසක් කූඩු සංස්කෘතියක්. සවුකොල ඉරල බෑලුවොත් පේන්නෙ මහා කැත සැකිල්ලක්. කුණුවෙච්ච පාප්ප ගඳ එක්ක තැවරුනු කෝටු සැකිල්ලක්. පිටින් පෙන්නගෙන ඉන්න හොඳ නෑ ඇතුලෙ. හැමෝගම කතාවනම් බුදුවෙන්න. ඒත් බහුතරයකගෙ ඇතුල හිස්. කොල්ලෙක් කෙල්ලෙක් ආදරේ කරන එක වැරදියට පේන්නෙ. ඒත් රටේ වෙන්නෙ ඊට වඩා දහස් ගුණයක් අමන දහදුරා වැඩ. ඒව ගැන කවුරුත් කට හොල්ලන්නෙ නෑ.
අමරදේව සර්ගෙ ඒ ගීතයත් මං බොහොම රසවිඳපු ගීතයක්. ඒ මතකය අලුත් කලාට ස්තූතියි.
This comment has been removed by the author.
ReplyDeleteවික්ටර් කියන්නේ මගේ ප්‍රියතම ගායකයා
ReplyDeleteමමත් දවසක් ලිව්වා වික්ටර්ගේ "එක කුඩයක් යට. .ගෑවි නොගෑවී. . දවසක් හැන්දෑවේ " ගීතයක වෙනස් විදිහක විචාරයක්
මෙන්න මෙතනින් ඒක බලන්න පුලුවන්
අහ් ඒ විතරක් නෙමේ වික්ටර් ගැනත් ලිවා බොරු නෙමේ
ReplyDeleteමේන් තියෙනවා ඒ ලිපිය
ලිපි දෙකම කියෙව්වා දුකා අයියෙ. ගොඩක් දේවල් වින්දා, දැනුනා..සංවේදී වුනා.
Deleteදුකා අයියා දැන් පදිංචිය එතෙර කියල දැනගත්තෙත් දැන්.
දැන් කියන්නේ 2000 ඉඳන් පිටරට තමා අප්පා . . මැදපෙරදිග. මුලින්ම 2000 ඉඳන් 2004 වෙනකම් කටාර් පස්සේ 2005 ඉඳන් අද වෙන කම් එක්සත් අරාමි එමීරයේ :D
Deleteඅප්පොච්චියේ!! කවුද ඔච්චරහරියක් දන්නෙ. මේ බ්ලොග් එක නිසා දැනෙන්නෙ ළඟපාතම ඉන්නවා වගේනෙ.
Deleteඉතින් ආයෙ ලංකාව පැත්තෙ එන්න හිතක් නැත්ද?
ජය වේවා ඔබට!!
අපෝ නිතර එනවා .. . . නිවාඩුවට එනවා ආපහු යනවා . .
Deleteවික්ටර්ගේ බොහෝ ගීත මසිත බැඳගත් ගීත.. ගව්ගානක් දුර ගෙවාගෙන අන්තිම "ස" ප්‍රසංගෙත් නැරඹුවා..
ReplyDeleteමේ ගීය හදට වඩාත් ලංවුනු ගීගක් කිව්වොත් නිවැරදියි...
සොදුරු විවරණයක්.. අදහස් දැක්වීමක්...
ජය වේවා!!!!
ඒ වගේ ප්‍රසංගයක් බලලවත් ඒ සොඳුරු මිනිසුන්ට ලංවෙන්න අපිට වාසනාවක් නෑ බං විදානෙ.
Deleteස්තූතියි අගයකිරීමට..
අපි ඔක්කොම බොහොම රසවත් ගීත අහන අය කියලා හිතාගන්න පුළුවන්. වික්ටර් රත්නායකයන්ලා ගෙන් පස්සේ මේවා ඉදිරියට ගෙනියන්න අය ඉඳියිද? ඔය සුපර් ස්ටාර් වැඩසටහන්වල ඉන්නවා හරිම දක්ෂයෝ. කෝ එලියට ආවාට පස්සේ පිස්සුනේ නටන්නේ. අර ඩුමාල් වර්ණකුලසූරියනම් යමක් කරනවා.
ReplyDeleteඒකතමා තියෙන කණගාටුව අරූ අයියෙ. අපෙන් පස්සෙ පරම්පරාවට අහන්න මේ ගීත පවතින එකකුත් නැතිවෙයි.ගායනා කරන්න එකෙකුත් නැතිවෙයි. හිතට දුකයි. හතු පිපෙනවා වගේ බිහිවෙන නවක තරු ඉක්මනටම හැංගිලා යනවා. තරඟය දිනන්න විතරයි ඔවුන් සුභාවිත ගී ගයන්නෙ. ඊට පස්සෙ ඔවුනුත් ජනප්‍රියත්වය පස්සෙ,සල්ලි පස්සෙ දුවනවා. ඕකයි ඉතින් තත්වෙ.
Deleteමේ වගෙ ලස්සන ගීත වෙනුවට මොනවද අද රස්තියාදුකාරයො අහන්න පුරුදු වෙලා ඉන්නෙ .පොඩි කාලෙ ඉදන්ම යහපත් රසවින්දනයකට කුඩාවුන් හුරුකළ යුතුයි
ReplyDeleteතිබෙන ජනමාධ්‍ය සංස්කෘතියත් එක්ක පොඩි එකෙක්වත් මේ රසවින්දනයට යොමු කිරීම හරිම අමාරුයි. නමුත් කෙසේ හෝ සිදුකල යුත්තෙත් එයයි.
Deleteස්තූතියි මේ පැත්තට ආවට..
ලස්සන සින්දුවක්, මම අහද්දී හිතුනේ නැති පැත්තක් ලියලා තියනවා...
ReplyDeleteස්තූතියි.. වෙනදට වඩා වෙනස් විදියකට ගීතය රසවින්දනම්..
Deleteආදරේට බාධා ඇවිත් තියෙන වෙලාවක දි අහල එපාවෙන්නෙ නැති සින්දුවක්..හරියට වෙලාවට ම මනෝෂ් පෝස්ට් කරල :)
ReplyDeleteහිතට වැදුණ හොඳට ම..බොහොම ස්තුතියි මචං...
ජයවේවා!!!
෴ මඳෙව් විල ෴
එහෙනම් හැබෑවටම ගීතය විඳින්න පුලුවන්වෙලා. ආදරේට බාධක නැත්නම් වැඩකුත් නෑ බං. බාධක තියෙනකොට රහ වැඩියි. ඒ නිසා ගනන් ගන්නෙපා.
Deleteඒක නෙවෙයි, මදෙව් විල ඇරල තිබිය යුතුම කාලෙනෙ ඒක වහල දැම්මෙ. ආයෙත් වැඩ පටන්ගමු මචෝ..
ඇත්තටම අපූරුයි.. මේ ගීත ඇස් පියාගෙන හැබෑවටම විදින්න පුළුවන් තරමේ ගීත කිවුවොත් නිවැරදියි..
ReplyDeleteඒක හරි. කකුල් දෙකට සිංදුවක් අහනවට වඩා, මනසින් ගීතයක් විඳීම මොනතරම් මිහිරිද.
Delete