Pages

Sandumal

Sandumal

Tuesday, May 24, 2022

•කුඹලා...

 "රහසේම නික්ම යති කුඹලුන්..."





ගේ හදලා..

බිත්තරදාල..

එන පැටවුන්ට ඇති තරම්..

කෑම ගොඩගහලා..

ගේ වහලා යන්නම යනවලු

කුඹලා..

පැටවුන්ගෙන් කිසිවක් නොඉල්ලාම

බලාපොරොත්තු වෙන්නෙම නැතුව..

සොබාදහමට යුතුකම් ඉටුකොට...

පැටවුන්ට සුරක්ෂිත හෙටක් සදා..

උන් නික්මෙනවලු රහසේම...

දරුවන් හදා, දරුවන් වදා..

උන් ජීවිතයම..

තම සතුට කරගෙන..

තම බලාපොරොත්තු ඉටුකොටගෙන..

තමන්ට බැරිවුන හීනද...

දරුවන්ගෙන් දැක සැනහෙන..

පෙරළා යුතුකම් බලාපොරොත්තු 

පොදි ගහගන්න..

මිනිස් මාපියො අතර..

කෙතරම් උතුම්ද..

කුඹලා......

16 comments:

  1. Replies
    1. ඉස්සර සෙනෙහස හිත්වල සුවඳයි....❤

      Delete
  2. මේ ගෙවී යන්නේ සතුටු දායක සන්ධ්‍යාවකි! ඒ මන්ද වසර 3 ක පමණ කාලයකට පසු ඔබ නැවතත් ලියන්නට පටන් ගෙන ඇත! ඔබගේ බ්ලොග් අඩවිය අපගේ සින්ඩියේ "කැටපත් පවුර" කොලමේ දක්වා ඇත! අපගේ සින්ඩිය ලියැවෙන හා ලියැවුනු බ්ලොග් 1230 කට වැඩි අඩවි ගනනාවකට ප්‍රවේශ වීමේ දොරටුවයි. දැනට අවකාශයේ ඇති වඩාත්ම පුළුල් පරාසයක් පුරා පැතිර ඇත්තේ අපගේ සින්ඩියයි. අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගයේ ලබා දෙන ප්‍රචාරය අපට මහත් පිටු බලයකි!
    අපගේ එකම අරමුණ බ්ලොග් නැවතත් කරළියට ගෙන ඒමය!

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම තවමත් මෙම බ්ලොග් අඩවිය ගැන අවධානයෙන් සිටින අය සිටින බව දැනගැනීමට ලැබීම මාව ඉමහත් විශ්මයට පත් කලා. එමෙන්ම නිහතමානී සතුටක් දැනෙනවා.. පණගසා නැගිටින්න වෙර දරන්නම්...

      Delete
  3. සෑහෙන කාලෙකින් ආවේ මේ පැත්තේ. කුඹල ගැන සින්දු දෙකක් තියෙනව නේද

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියණ්ඩී.... ඒ සිංදු දෙකම මම හරිම ආසාවෙන් අහන සිංදු දෙකක්..

      Delete
  4. add your blog https://sithuvili.net/

    ReplyDelete
  5. Replies
    1. අම්මේ ඉතින්.... දෙමවුපියො දැක්කා වගේ සතුටුයි බං.. ඉතින් කොහොමෙයි?

      Delete
    2. ඔහේ ඉන්නවා බන්.
      මම මේලක් විදින්නම්, මට නම්බර් එක එවහන් මචෝ.

      Delete
    3. කෝ උඹේ මේල? 0778141988

      Delete
  6. කුඹලොයි මිනිස්සුයි එහෙම සමාන කරන්න අමාරුයි නේද😒

    ReplyDelete
    Replies
    1. කොහෙත්ම සමාන නෑනෙ ඉතින්..

      Delete