Pages

Sandumal

Sandumal

Tuesday, November 29, 2016

•මිනුමක්


"පාච්චල් කරන්නෙපා! කරන්න බැරිනම් නවත්තල දාපන්..!"


"උඹ කොහොමද මචං උඹේ ඉන්ඩිවිජුවල් ක්ලාසස් වල රේට්ස්?"

"පැයකට එද්දාස් පන්සීයයි බං. දවසට පැය දෙකයි.."

"අම්මටසිරි..! ඒකියන්නෙ සතියට තුන්දාහයි, මාසෙට දොලොස්දාහයි එකෙක්ගෙන්?? "

"ඔව් බං.."

"යකෝ මගෙ ඉන්ඩිවිජුවල් එකේ මං එකෙක්ගෙන් මාසෙටම ගන්නෙ දෙදාස් පන්සීයයි.."

"පිස්සුද යකෝ... එහෙම අරං මේ ප්‍රොෆෙෂන් එක පාච්චල් කරන්නෙපා! කරන්න බැරිනම් නවත්තල දාපන්..!"

      -දෙබසක්-

පසුවදන ඔබට බාරකරමි.... !

45 comments:

  1. ඒ කතාව ඇත්ත බං. අපේ මිනිස්සු හිතන්නේ ඔය විදිහට තමයි. නිකමට හිතුවොත් , කවුරුහරි ගිරුවරයෙක් නොමිලේ ළමයින්ට උගන්නනවා.ඒ වුනාට ඒකට ළමයි එන්නේ කීයෙන් කී දෙනාද. ඔය වෘතිය සම්බන්දයෙන් විතරක් නෙමෙයි.අනික් හැම දේකදීම ඕක තමයි වෙන්නේ.ඉස්සර පුරේ ඉඳලා කොළඹ එද්දී මම කෑමකන්න නවත්තන්නෙම අයිනක තියන පුංචි කඩයක් බලලා.ඒ ඒකඩවල කෑම රහට, දැවිල්ලට කන්න පුලුවන් නිසා. ඒත් තව කා එක්ක හරි එද්දී එහෙම බැරිනිසා ලොකු කඩ බලලා කෑම කනවා.එදාට කන්නේ බඩෙන් බාගයයි.බිලත් අර වගේ තුන් හතර ගුණයක්.ඒ වුනාට ඒ කඩවලට සෙනගත් සූ ගාලා.තිත්ත උනත් ඇත්ත ඒකයි.

    ReplyDelete
    Replies
    1. පුරේ ඉදලා ඇල්ල 57 පාරේ එනවනම් රහට කන්න කඩ තියෙන්නේ තඹුත්තේගම හරියේ

      Delete
    2. ඒ කතාව තමයි බං හොඳම යථාර්තය.. තමන් වපුරන දේම තමා කවදහරි තම්න්ට නෙලාගන්න වෙන්නෙ.ඒ නිසා ගන්න කෙනා කීයක් ගත්තත් මට කමක්නෑ.දෙමව්පියෝ දෙනවනම්,එයාට හොඳනම්... ඒත් හිතට වේදනා අඩු ගාස්තුවක් ගන්න,එක්කො නොමිලෙම දැනුම බෙදාදෙන ගුරුවරුන්ට මේ කරපු අපහාසය බං.ඇත්තටම මේ දෙගොල්ලන්ගෙන් කවුද බං මේ වෘත්තීය පාච්චල් කරන්නෙ...

      Delete
    3. හපෝයි... මග දිගට බස් නවත්තන කෆනම් අජූතයි මෙන්ඩෝ.... ඒගැන වෙනම ලියන්නෝනි....

      Delete
    4. අනේ උඹලයි කඩ.. මාස ගාණක් හොයනවා වඩයක් කාල ප්ලේටියක් ගහන්න හරි හමන් කඩයක් සෙට් උනේ නෑ.වෙනේකක් තියා පෙට්ටි කඩයක්කත් නෑ නෙ බං.බෝඩ් නං ඕසෙට

      Delete
    5. ඒ කතාව ඇත්‍ත. සමහර වෙලාවට සංසාරෙම එපාවෙනවා. දුර ගමන් සේවා බස් නවත්තන කඩනම් එපාම කරපු ඒවා.

      Delete
  2. ඔය තත්වය හැම තැනම තියනවා ...
    හදිස්සියකට ගෙදරට උනත් යන්න පුලුවන් ගමේ දොස්තරගෙන් බේත් ගත්තට මාසෙට එක සැරයක් හරි වැඩි ගානක් දීලා ටුවෙමේ එකාට පෙන්නන ඕනේ ..

    ReplyDelete
    Replies
    1. ඒකයි මේකයි ටිකක් වෙනස් බං..

      Delete
  3. නිවාඩු මාසේ අපිට සින්දු කතාවක් ඕනේ

    ReplyDelete
    Replies
    1. කතා දෙකක් ඔලුවෙනම් තියෙනවා.. :-)

      Delete
  4. සොබා රූ පොස්ට් එකක් ලියලා ..ඒක දැක්කේ උබගේ බ්ලොග් රෝලේ තිබිලා ...උබට ඉස්තුති සදුවෝ ..
    බ්ලොග් ගැන නොදන්නා එකෙකුට බ්ලොග් ගැන ආසාවක් ඇති කරන්න ඕනේ උනහම මම උන්ට බලන්න කියන්නේ සදුරුවගේ හිස් අහස
    සොබා රූ
    මගේ පොඩි එකට මම කවදා හරි කියවන්න දෙන්නේ සොබා රූ..

    ReplyDelete
    Replies
    1. සොබාරූ, හිස් අහස කියන්නෙ බ්ලොග් නෙවේ බං පුරාවෘත... ආශ්චර්ය.... ඒවගෙ පෝස්ට් වතාවක් දෙකක් නෙවේ දහපාරක් කියෙව්වත් ඇති හිතෙන්නෙ නෑ...

      Delete
    2. අනේ අම්මේ යකෝ... හුස්මත් හිරවුණා... මෙන්ඩෝ.. සඳුවෝ ඔහොම කියන්නෙපා යකූ... හිස් අහසත් එක්ක බලද්දි මං නිකං වැලි කැටයක්

      Delete
    3. යකෝ මේව රසික ප්‍රතිචාර.. පොඩ්ඩක් කොලරෙක උස්සගෙන තව ලියපන්. :-)

      Delete
  5. //"පිස්සුද යකෝ... එහෙම අරං මේ ප්‍රොෆෙෂන් එක පාච්චල් කරන්නෙපා! කරන්න බැරිනම් නවත්තල දාපන්..!"//මෙන්න මේක මටත් හොඳට අහලා පුරුදුයි ....

    කපා බිම හෙළා ගහකොළ තනා මහ විමන් මිහිමත
    පුරෙන් පුර දනන් දෙව්පුර අසිරි මවනවා
    ඒ මැවුම් දකින දෙවියෝ බියෙන් සැලෙනවා

    උන්හිටි තැන් නැතිවෙලාද උන් කළ පින් පිරිහිලාද
    රුක් දෙවියෝ දණින් වැටී නරන් යදිනවා

    විදාහළ නැණින් පිරිසිඳ වසා සිටි නුවන් විනිවිද
    මිනිස් වග මහා විශ්වය හඹා දුවනවා
    දෙව්ලොවින් බසින දෙවියෝ සුසුම් හෙලනවා

    ඇස් අදහා ගන්ට බැරිව පින් පව් විසඳන්ට බැරිව
    ඉරිසියාව යට කරගෙන සාදු කියනවා

    දිනූවෙද මහා සක්වල ලැබූවෙද මහා සිප්නැණ
    දේව අනුහසින් වේදැයි බියක් හිතෙනවා
    දණින් හිඳ සුරන් පා යුග නරන් වඳිනවා

    මිනිස් මහිම අඩුවෙලාද මිනිස් කමට හිනැහුණාද
    උනුන් මුව බලා දෙවියෝ අනේ කියනවා


    ගී පද - කුමාරදාස සපුතන්ත්‍රි
    ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ
    ගායනය - සුනිල් එදිරිසිංහ

    ReplyDelete
    Replies
    1. මෙන්න අපේ බොක්ක හුග කාලෙකට පස්සේ

      Delete
    2. මෙන්ඩෝ අපි එනවා ...උඹනේ නැත්තේ

      Delete
    3. ගුරු තරුව සෙමෙන් බැස යයි
      ගැල් එළිය නොයා නවතියි
      නුබ කොපුල් තලා වැහිබිදු තවරා
      ගුරු තරුව සෙමෙන් බැස යයි
      ගුරු තරුව සෙමෙන් බැස යයි...

      පරපුරක සිහින යාත්‍රා
      තොටුපොළට යවා හරවා
      පුතු සෙනේහයෙන් ලොව කියා දුන්න
      ගුරු පාද පියුම් සුවදයි...

      එක මලක නම් නොවේමයි
      මල් යායක සිරස නැමෙයි
      පුතු සෙනේහයෙන් ලොව කියා දුන්න
      ගුරු පාද පියුම් සුවදයි...

      ගුරු තරුව සෙමෙන් බැස යයි
      ගැල් එළිය නොයා නවතියි
      නුබ කොපුල් තලා වැහිබිදු තවරා
      ගුරු තරුව සෙමෙන් බැස යයි
      ගුරු තරුව සෙමෙන් බැස යයි...

      ගායනය: පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
      පද රචනය: රත්න ශ්‍රී විජේසිංහ
      සංගීතය: පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව

      Delete
    4. ඇත්තටම ගුරු තරු බැස යනව අයියණ්ඩී... ආයෙ නෑ..කවදාවත් පායන්නෙ නෑ.. තරු නැතත් ගුරු හරි ඉතුරුවෙනවනම්... එහෙමත් නෑ...

      Delete
    5. අර කිව්වත් වගේ සිංදු ඉන්නවා... මෙන්ඩා තමා නැත්තෙ...! :-)

      Delete
    6. දුප්පත් ගුරුවරයාගේ යථාර්ථවාදය

      පෙදෙහි රසහව් විඳුනා
      පුෂ්ටිමත් ගුරුවරු
      ගිලදමත්වා මේ කව්
      විළිකුන් විපුල් පල නම්
      පල ග මුතුලැල් ලෙළදුන්
      තරසර හිවි මහල්
      පෙනී සිහිනෙන් පිබිදෙම්
      දිරූ වහලේ් ඇඟිලි අතරින්
      වැගිරෙනා වැහි වතුරෙන්
      පණුවන් කෑ දත් කැකුළු
      පාමින් සොටු සූරමින්
      දරුවෝ කෙළිති ගෙබිමේ
      දුප්පත් කමේ ලගිමින්
      මිරි මිරියේ්ම මඩිමින්
      කඩේ ණය පොත සරසන
      නින්දෝපම ලංකබීත
      විරිත බිඳ බිඳ නැගෙනා
      කනට අමිහිරි රිද්මය
      විචාරය නො ඉවසන
      කන්තෝරු දොරකඩ
      ව්‍යංජනා ගුණ නැති
      රොස් පරොස් බස් එළිවැට
      කිසි දා මට නොවැටහෙන
      මේ බ්‍රහ්මාස්වාදය
      විඳගනූ මැනවි රිසිනම්
      දරුවනි තොපට පවරම්

      (සල්ගහ යට කාව්‍ය සංග්‍රහයෙන්)

      Delete
    7. රත්නශ්‍රීගෙ මේ පොත තියේද අයිය ලඟ??

      Delete
    8. අයියා ?
      පුත්තලන් බුරුවො දෙන්නෙක්ගේ වයස මුට අපි වගේ පොඩි කොල්ලොන්ට අයියා කියනවද

      Delete
  6. ඔහොම තමයි බං මිනිස්සු ගොඩක් වෙලාවට "ලාභ බඩුවේ හිලක් ඇත" න්‍යයෙන් හැමදේම දිහා බලන පුරුද්ද නිසාත් සමහරු හිතනවා ඇති තමන්ගේ වෘත්තීය තත්ත්වය පහතට වැටෙනවා කියලා නිකම් නැතිනම් අඩුවට කරන්න ගියාම.

    ReplyDelete
    Replies
    1. මංනම් හිතන්නෙ ඊටත් වඩා තමන්ගෙ හෘද සාක්ෂිය සුද්දකරගන්න දරන අසාර්ථක උත්සාහයක් මනෝජ් මේක...

      Delete
  7. අපි අධ්‍යාපනය පෞද්ගලීකරණය ගැන කතා කරාට........ ඇත්තට ම අධ්‍යාපනය පෞද්ගලීකරණය වෙලා ගොඩක් කල් නේද???????? මෙහෙමනේ මචං ඔය සමහරු ඉන්නේ කොච්චර දෙයක් කියලා දුන්නත් බින්දුවක්වත් ඔලුවට යන්නැති.... අපි ඔය අම්බ මෝඩයෝ කියලා කියන්නේ...... ඔය සමහර විට ගිය ආත්මේ ටියුෂන් තොගේට විකුණපු ඈයෝ වෙන්ටෑ......

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම අධ්‍යාපනය පුද්ගලිකකරණය වෙලා හුඟක් කල් ගී පවුරේ... උසස් පෙල විභාගය තෙක් අධ්‍යාපනය සියේට අනූවක්ම දැන් සල්ලිවලටනෙ ගන්නෙ.. උසස් අධ්‍යාපනය හරි ඒකෙන් බේරගෙන ඒක ක්‍රමවත් කර්න එක තමා ඉතින් තියෙන එකම විසඳුම...

      මෝඩකමට වඩා... මේක..... කුප්පකම....

      Delete
  8. ටියුෂන් මාස්ටර්ලා ආදායම් බදු ගෙවනවද?

    ReplyDelete
    Replies
    1. ගානක් මිම්මක් නෑ නොවෑ... හරිනම් වැඩිපුරම ගෙවන්නොනි කට්ටිය තමා...

      Delete
  9. මාත් ඉන්ඩිිවිජුවල් කරනවා... මගේ සබ්ජෙක්ට් එක ඉංග්‍රීසි සාහිත්‍යය.. හැබැයි ඔච්චර ගණන් නෑ... මං ඉන්න ප්‍රදේශයේ ඉන්ඩිවිජුවල්/ගෘෘප් ක්ලාස් කරන එකම ලිට් ටීචර් මම. ඒ වුණත් ඔය තරම් ඩිමාන්ඩ් කරන එක සුදුසු නෑ..

    ReplyDelete
    Replies
    1. මාත් කරනව මචං... මං හිතන්නෙ ලංජාවෙ කොහෙවත් මෙහෙම නැතුව ඇති.

      Delete
  10. සල්ලිමත් නෙමේ මිනිස්සු මේ හොයන්නේ සඳුමල්...

    ReplyDelete
    Replies
    1. අනිවාරෙන්ම... මේක මහන්ත්තත කම...

      Delete
  11. ඒ ගාන ගෙවල ඉගෙන ගන්න ළමයිනුත් ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. ඒකනේන්නම වැඩේ...

      ඒකනෙමේ අයියේ, අර බයිනො එක තාම ටියෙනව්ද හොරන?

      Delete
  12. Replies
    1. දැන්නම් හතරැස්ද මන්දා..

      Delete
  13. අලුත් එකක් ලියමු..
    මට බන්නින්න එපා මුට මොකද අපිනේ ලියන්න ඕනේ කියලා. අපි දැන් ගල් වල කොටලා තියන ශිලා ලිපි හොයාගෙන ඒවා කියවලා අපේ ඉතිහාසය හොයන්න ට්‍රයි කරනවා වගේ දවසක ඔයාලගේ මේ බ්ලොග් පොස්ට් අනාගත පරපුර ප්රෝයෝජන්යට ගනී..එයලා දෙයක් මේවගෙන් ඉගන ගනී හිතන පතන විදිහ වෙනසක් වෙයි ..අපි නැතත් ලෝකෙට දෙයක් ඉතුරු කරලා ගියා කියලා ඔයාලට සතුටු වෙන්න පුලුවන්. ඒ නිසා ලියමු

    ReplyDelete
    Replies
    1. උඹට ස්තූතිකරනව හැර බනින්නෙ අහවල් දේකටද බං.. මේ කරදර කාලෙ ඉවරවෙන්න තව හය මාසයක් විතර තියෙන්නෙ.එතකල් මට කල් දියං.. පොරොන්දු වෙනව ඊටපස්සෙ අනිව ආයෙත් ලියනව කියල.ඒ අතරෙ ඉඩක් ලැබුන ගමන් ලියන්නම් බොක්කෝ..

      උඹලගෙ මේ බැකප් එකට ස්තූතියි මචෝ..

      Delete