"හුරුපුරුදු සුවඳකින් වෙලෙයි මගෙ සියොළඟම..."
වහිනවා අනෝරා වැහි..
අඳුරුලලා පාසල් බිම..
ලා අඳුරෙ ගුලිවෙලා
උස මහත ගොඩනැඟිලි..
නඟිනවිට පඩිපෙල්..
හරිම අඳුරුයි කොරිඩෝ..
සීතලයි පාලුයි..
දශකයකටත් දුර එපිට
මිහිරිතම අතීතෙක
හුරුපුරුදු සුවඳකින්
වෙලෙයි මගෙ සියොළඟම
මෙවන් වැහි කෝඩ වල
ඔබ එතැයි මඟබලා
උඩතට්ටුවට වී මං
හිටිය හරි සීතලෙන්..
පතා ඔබෙ උණහුමක්
ගෙවුනු එවන් දින දහසක්
ගෙනෙයි මතකයට මගෙ
අදත් මේ අඳුරු වැස්සේ...
දැල් හෝල් පිස හමන
කිතිකවන හීතලේ..
අඳුරු කොරිඩෝ කෙලවර හිඳිද්දී..
වහිනවා අනෝරා වැහි..
අඳුරුලලා පාසල් බිම..
ලා අඳුරෙ ගුලිවෙලා
උස මහත ගොඩනැඟිලි..
නඟිනවිට පඩිපෙල්..
හරිම අඳුරුයි කොරිඩෝ..
සීතලයි පාලුයි..
දශකයකටත් දුර එපිට
මිහිරිතම අතීතෙක
හුරුපුරුදු සුවඳකින්
වෙලෙයි මගෙ සියොළඟම
මෙවන් වැහි කෝඩ වල
ඔබ එතැයි මඟබලා
උඩතට්ටුවට වී මං
හිටිය හරි සීතලෙන්..
පතා ඔබෙ උණහුමක්
ගෙවුනු එවන් දින දහසක්
ගෙනෙයි මතකයට මගෙ
අදත් මේ අඳුරු වැස්සේ...
දැල් හෝල් පිස හමන
කිතිකවන හීතලේ..
අඳුරු කොරිඩෝ කෙලවර හිඳිද්දී..
වැහි මතක වෙලෙන විට සියොලගම
ReplyDeleteඔව්
දවයි හද අදුරු කරමින් සියොලගම
ලස්සනයි මනෝ
අඳුරු සොඳුරු මතක...
Deleteබොහෝම ස්තූතියි... වැව් ඉස්මත්තේ...
වැස්සකට පුලුවනිය
ReplyDeleteබොහෝ දේ කරවන්න
නිදාගෙන ඔහේ වුන්
කවි හිතක් ඇහැරන්න...
අනිවාර්යයෙන්ම.... වැස්ස කියන්නෙ නිර්මාණ සාගරයක්...
Deleteවැස්සකට පුලුවනිය
ReplyDeleteබොහෝ දේ කරවන්න
නිදාගෙන ඔහේ වුන්
කවි හිතක් ඇහැරන්න...
පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල අවසන්
ReplyDeleteඔක්කොම වැඩ ඉවර කරලා, අස්පස් කරලා
මෙන්න අඬනවා
මම කොහොමද පාලු රබර් වත්ත මැදින් තනියම යන්නේ
හ්ම්....පල්ලෙහා පාලු බස් හෝල්ට් එකට යන්න මම එනවා
මචං බයිසිකලේ දීපන්කො ටිකකට
යකෝ කළුවර වැටෙන්නත් ළඟයි
ඒ මදිවට පොද වැස්සකුත් තියනවා
උඹට මෙතන පෙම් කෙලින්න යන්න බයිසිකල්......
නගින්න ඉක්මණට
මට බයයි
නගින්න ළමයෝ කවුරුවත් දකින්න කලින්
ඔයා කොහොමද තනියම ආපහු එන්නේ
මේ, මම කොල්ලෙක්
රබර්වත්තේ අඩිපාර ලිස්සනවා බැහැලා පයින් යමු
හරි අපේ ගෙදරලාම්පු එලිය පෙනෙනවා මම යන්නම්
මොහොතක ලංවීමක්, නැවුම් සුවඳක්,ආදර පහසක්,
දැනුනා හසුන් ලයේ සැලෙනා හැටී
එහෙත්.......
ඒ සියල්ල සිහිනයක් විය.
අද නුඹ කොතනද අද මා කොතනද දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහමග සටන් වැදී ඇත නාඳුනනා පෙම්වතුන් වෙලා.........
අතිශයින් පෞද්ගලික අත්දැකීමක්. වර්ෂය 1973
වලා..
Deleteහප්පේ.... කොච්චරනම් සුන්දර මතකයක්ද... හරිම මිහිරියි විචාරකතුමනි... අපි කාටකාටත් ඔයවගේ මතක අමතක මතක කප්පරක් ඇති.. "අද මා කොතනද අද ඔබ කොතනද...."
Deleteකොච්චරනම් ගැලපෙනවද..ගීතයකට පුලුවන් හිතක් හඬවන්න,සනසන්න,ඒ වගෙම නතකය අවදි කරන්නත්...
මේ මතකය තුලින් පෝස්ටුව වර්ණවත් කලාට බොහෝම ස්තූතියි විචාරකතුමනි..
විදානේ.. විචා මාමාත්.. නෑ එක්කො ඔන්නෑ...
Deleteපට්ටයි විචා එල ද බ්‍රා
Deleteපේම වලා
Deleteසිරාවටම මෙන්ඩෝ..
Deleteපේම විචා...!
Deleteදැන් ඔය මොන වලා ගැනද කියන්නේ/ සුදු වලා, කළු වලා, වැහි වලා.
Deleteකියන එකක් හරියට කියපල්ලා.
පේම විචා? යකෝ ඒ ළමයගේ නම පේමාවතී නෙවෙයි.
මේ කියන්නෙ ඔය එකක් ගැනවත් නෙවේ.. වලා විචා ගැන.!!
Deleteනෑ නෑ... අපි මේ කිව්වෙ ඒ කතාවෙ පුරුස පාර්සවේ ගැන. හැක් හැක්!
හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
ReplyDeleteඅද නොපැමින අන් දිනකට වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසගනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අඳුරු වෙයි සැනින්
වීදි පුරා වතුර පිරෙයි
හෙමින් හෙමින් මුමුණ මුමුණ
ඇවිද යමි කෙසේ..
තණ නිල්ලේ ගොහොරු
සැදෙයි කථා නැතිව අනන්තයට
ඉගිල යමි කෙසේ..
හිත මිතුරු සුළඟ...//
අප සමුගත් පසු වසින්න
ගං හෝ වැව් ඉපිල ඉපිල
ඉතිර යනතුරා...
හෝරා දෙක තුනක් ඉන්න
නෑවිත් වැහි වළාපලේ
කඩ ඉමෙන් මෙහා..
හිත මිතුරු සුළඟ..//
ඊට හොඳයි ඒ වැස්සෙම තෙමි තෙමි නටක එක... :-)
Deleteමන්දාරම් අඳුර මැදින්
Deleteහිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියානම්...//
තනියමවත් යන්නට මදි
කුඩේ යටින් ඔබේ ලඟින්
නොතෙමී තෙමි තෙමි සතුටින්
යන්නට තිබුනා...///
මඟ යන එන අයට හොරෙන්
ඔබෙ දෑසට එබී බලා
කොපුලේ වැහි බිඳුවක රස
බලන්න තිබුනා...///
ගායනය-ක්‍රිෂාන්ත එරන්දක
පාසලේදී බැදී හාද
ReplyDeleteඑල ද බ්‍රා
එහෙනං එහෙනං..
Deleteසුදු බිත්ති හැඩකෙරූ කුරුටු ගී සිනාසී..
ReplyDeleteතව කලක් රැදෙනු ඇත ඔබ ද මට වද දිදී..
පාසලේ ප්‍රේමයට නැවතීමේ ලකුණ විත්..
ඉතින් අපි වෙන්ව යමු සදාකාලික නොවී..
එකට වන පොත් කෙරූ එකම තක්සලාවේ..
අප කවුද සිප්හලේ ඉතිහාස කතාවේ..
අපට යලි හිමි නොවන සෙනෙහසේ නිවහනෙන්..
තණ පළස අරලියා සෙවන තනි උනාවේ..
පාසලේ ප්‍රේමයට..
නිමාවක් නැති බැඳුම් දෙසිතේම සඟවලා..
වේලාව නොමගෙවා ගුරු සිත ද නොරිදවා..
පන්හිදට පොත්වලට ජීවිතෙන් පිදුම් දී..
කඳුලකින් සමුගනිමු අපට අප හිමි නොවී..
පාසලේ ප්‍රේමයට...
ගායනය : සනත් නන්දසිරි
පද රචනය : ප්‍රියානන්ද විජේසුන්දර
සුදු පාට මල් පිපුනු අරලියා හෙවන යට
Deleteබාලිකාවේ සුවඳ තනිවෙලා
අපි ඉතින් වෙන්ව යමු අපි අතින් ගිලිහි ගිය
සියළු දේ අතීතෙට පවරලා
ඇසල සඳ දිය නොවුන ඈත වැව් තල කොනෙක
ගයා නිම වූ කවිය ඉකි බිඳී...
අපට අප පමණක් නොවේ නැණ නුවන් සැදුව
තක්සලාවත් අහිමි වීලා...
සුදු පාට මල්....
සිනා සරදම් පිරුණු පන්ති කාමර අතර
ගෙවී ගිය මල් සමය සිහිනෙකී...
සඳට ඉකිබිඳ හඬන නොදරුවන් නොවී අපි
සිනාසෙමු අතීතෙට සෙනෙහසින්....
සුදු පාට මල් පිපුනු...
ගායනය: කරුණාරත්න දිවුල්ගනේ
දෙනෝදාහක් නුවන් අතරේ
Deleteකවුරුදෝ මා
තනිකළේ පාසැල් බිමේ
සිනා කෙළිලොල් තෙපුල් රහසින්
දෙඩූ තැන් අද ගොළු වෙලා
සොඳුරු පාසැල් පියස කඳුළින් බොඳ වෙලා
කැදැල්ලෙන් ඔබ වෙන් වෙලා.....
නිබඳ ඔබ මා ඇවිද ගිය තැන්
සෙවණ දුන් ගහ කොළ පුරා
බිමට බර වුනු කැකුළු අතු ඉති මැළවිලා
දුකින් හදවත ගොළුවෙලා .....
පද රචනය - කුලරත්න ආරියවංශ
සංගීත නිර්මාණය -ආචාර්ය වික්ටර් රත්නායක.
ගායනය - විශාරද නන්දා මාලිනී
යකෝ... තොපි ඉස්කෝලෙදිත් බදාගන හිටියද උණුහුම ගන්න...???? උඹලා නරක්වෙලා තියෙන්නේ පොඩි කාලෙදිමයි...
ReplyDeleteවිනාසයි!! නෑ යකඩෝ... ඒකාලෙ හිතුන ඒව ඔය. බදාගන්නව තියා බලන් ඉන්නත් බයයි ඒකාලෙ.ඇල් වතුරත් නිවල බිව්වෙ! :-)
Deleteඅපේ ස්කෝලේ බාලක පාසලක් නිසා කෙල්ලෝ එනකම් ඔහොම බලාගෙන හිටියේ නැහැ දැල් කවුළු ලග.
ReplyDeleteහරිම සෝචනීයයි...
Deleteමගේ සාතිශය සංවේගය මචෝ! :-)
හිත මිතුරු සුලඟ ලඟ එන වැහි වලාවට කියං
ReplyDeleteඅද නොපැමින වෙන දිනයක වැසි රැගෙන එන ලෙසින්
නෑ නෑ... අදම වැහැපං වැහි දෙයියෝ...
Delete"කොපුලේ වැහි බිඳුවක රස.. බල්න්න තිබුනා... බලන්න තිබුනා.."