"වාන් දැමූ පට්ටන්දර අද පරසක්වළ..."
"නංගියේ..මොකද්ද බං මේ ලියුම? ඈ බං, මේ ගාමන්ට් එකකින් නේද?"
"කෝ ඕක මෙහෙ දෙන්න අක්කෙ. ඕක මට ඇවිත් තියෙන්නෙ?"
"මොකද නංගියේ මේ? උඹ ගාමන්ට් යන්නද හදන්නෙ?"
"අනේ නංගියේ, මං මට පුලුවන් විදියකට කන්න අඳින්න දෙන්වනේ, ඇයි රත්තරන් උඹ රස්සාවක් කරන්න හදන්නෙ? මලක් වගේ සැහැල්ලුවට සියුමැලිව හැදිච්ච උඹට බෑ බං කොළඹ රටේ ගිහින් මෙච්චල් වෙන්න"
"බෑ කියල හරියන්නෙ නෑ අක්කෙ. අක්කට තවත් දුක් විඳින්න දෙන්න බෑ මට. මගේ හිත හයියයි. මං යනවා අක්කෙ මේ රස්සාවට."
***************************************************************************************
2001.08.17
නිවසේදීය,
දයාබර නංගී,
උඹ නිවාඩුවට ඇවිත් ආපහු ගිහින් එව්ව ලිව්ම හම්බුනා. උඹ පරිස්සමට ගියා කියල දැනගත්තට පස්සෙනම් මගේ ඇඟට ලේ ටිකක් ඉනුවා. මං දන්නවා මං මේ ලියන වෙලාවෙත් උඹ ඔහෙටවෙලා මහන මැසිමත් එක්ක ඔට්ටුවෙනව කියලා. උඹ ඔය මහන ඉඳිකට්ට උඩ පහළ යන හැමවෙලාවකම මගේ පපුව කීරි ගැස්සෙනවා නංගියේ.
දුකයි නංගියේ, වාවගන්න බැරිතරම් දුකයි. ඒත් ඒත් එක්කම ආඩම්බරයි මට උඹ ගැන. උඹට අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ, අම්මයි තාත්තයි ඔත්පල වෙනකොට උඹ බොහොම පුංචියි. මල්ලි ඊටත් පුංචියි. මට යන්තම් අවුරුදු දාසයයි. ඉස්කෝලෙ ගමන නවත්තල මං පුලුවන් හැටියකට පවුලෙ බර කරට ගත්තෙ බර උහුලන්න පුලුවන් කමකට නෙවෙයි. ඒත් ඉන්න හිටින්න ගේ කෑල්ලයි ඉඩමයි තිබ්බ නිසයි, වත්තෙ පොල්, කොස් ගස් වලට පිංසිද්ධවෙන්නයි අපි තුන්වේල සරිකරගත්තට අනික් වියදම් හොයාගන්න ඕනි නිසයි උඹලට ඩිංගක් හරි උගන්නගන්න ඕනි නිසයි මං කුලී වැඩක් හරි කරල කීයක් හරි හොයාගත්තෙ. ඒත් මල් වගේ හැදුනු උඹලට ඒ බර දෙන්න මට තුන් හිතකින්වත් හිත් දුන්නෙ නෑ.
ජීවිතේ බරක් පතලක් නැතිව වරා මල් දෙකක් වගේ සැහැල්ලුවෙන් උන්න උඹයි මල්ලියි දිහා බලල මං මගේ දුක් තුනීකරගත්ත. ඒ නිසා මේ ජීවිතේ බර ඩිංගක් වත් උඹල දෙන්නට දැනෙන්න දෙන්නැතිවෙන්න මං පරිස්සං උනා. නිල් මානෙල් මලක බරවත් දරාගන්න බැරි උඹ, වැවේ දියකඳ කපාගෙන එන හීල් හුළඟෙ හීතල දරාගන්න බැරි තරම් සියුමැලි උඹ කොහොම මේ ජීවිතේ බර දරාගන්නද කියලයි මට ඒ කාලෙ හිතුනෙ.
ඒත් උඹල උස් මහත්වෙනකොට සුද්දෝදන රජ්ජුරුවන්ට සිද්ධාර්ථ කුමාරයාගෙන් ලෝකෙ දුක හංගන්න බැරිවුනා වගේ මේ ජීවිතේ බර උඹෙන් තවත් වහං කරගන්න මට පුලුවන් උනේ නෑ. දැනුං තේරුං ඇතිවෙනකොට ජීවිතේ අමාරුව උඹට තේරුණා. මං හොයාගන්න පිච්චියෙන් මල්ලිගෙයි උඹගෙයි දෙන්නගෙම තියා එකෙක්ගෙවත් ඉගෙනීමට සෑහෙන්නෙ නැතිබව උඹට තේරුණා. ඉතින් උඹ ඉස්කෝලෙට පිටුපානකොට ඒකට මට උඹට බනින්න පුලුවන් කමක් තිබුනෙ නෑ. ඒත් උඹ මල්ලිට එහෙම කරන්න දුන්නෙ නෑ. ගුටි දීල හරි ඌව ඉස්කෝලෙට එලෙව්වා.
ඊළඟට උඹ පත්තර පුරා පෙරල රස්සා හොයනකොට, ඒ දිහා බලං හූලන්නව ඇර වෙන කරන්න පුලුවන් දෙයක් තිබුනෙ නෑ මට. උඹලගේ අඩුපාඩු පිරිමහල දෙන්න මට හයියක් නැතිකොට මං කොහොමද කටක් ඇරල උඹව වලක්කන්නෙ. උඹේ වයසෙ කෙල්ලෙ හැඩට වැඩට අඳිනකොට උඹ හැමදාමත් සෝද සෝද දියාවෙලා ගිය එකම චීත්ත ගවුම ඇන්ද. අනික් එවුන් කනේ අරුංගල් දානකොට උඹ කන් සිදුර වැහෙනවට කරපිංචා නැටි දෙකක් ගහගත්තා. ඉතින් මං කොහොමද උඹට මේ දුක් තවත් විඳින්න අරින්නෙ.
කොහොම උනත්, මට ආඩම්බර සැහැල්ලුවෙන් උඩ පැන පැන පුංචි බොළඳ කෙල්ලෙක් වෙලා ඊයෙ පෙරේද වෙනකල් උන්නු උඹට අද තියෙන ආත්ම ශක්තිය ගැන. මේ ඔක්කොටොම වඩා අදහගන්න බැරි මහමෙරක් තරම් වෙච්ච මේ බර කන්ද කරට ගත්ත උඹ ගැන.
කාලයක් ඉර හඳ වෙලා අපිට එළිය දුන්නු, ඒත් අද දුඹුලු බැඳිල එළිය නිවුනු අසරණ දෙමවුපියෝ දෙන්න අද උඹ නිසා පණගහල ඉන්නවා. ඒ සරණයො දෙන්නගෙ බඩට ගුණ කෑමක් වැටෙන්නෙ උඹ හින්දයි. දෝස්තරල සස්ටජන් දෙන්න කිව්වට ඒ කාලෙ මං බත් කැඳ ටුකක් හරි හදල පෙව්වෙ කොච්චර අමාරුවෙන්ද. ඒත් දැන් උඹ හිංද ඒ මිනිස්සුන්ට හැමදෙයක්ම ලැබෙනවා.
ඔක්කොටම වඩා පොඩි එකාගෙ අධ්‍යාපනය. ඌටත් දැන් අඩුවක් පාඩුවක් නැතිව ඉගෙන ගන්න පින පෑදිලා තියෙනවා. මේ දවස් වල ඌ නැහීගෙන පාඩම් කරනවා. උඹ ගැන මතක් කරකර අඬනවා, කොල්ලෙක් වෙලත්. අක්කගේ සල්ලිවලට. දාඩිය මාන්සියට හොඳ ප්‍රතිපලයක් අරන් දෙනවා කියනවා. අකුරු කරගන්න බැරිව නිවිල යන්න ගිය ඒ තරු කැට වලට ආයෙ එළිය දුන්නෙ උඹයි නංගියේ.
දවසට එක වේලක් පත්තුවෙච්ච උඹෙයි මගෙයි මැටිගෙදර ලිප දැන් වේල් තුනටම පත්තුවෙනවා නංගියේ. කොටින්ම උඹ නිසා අපි හතරදෙනාම ජීවත්වෙලා ඉන්නවා. උඹ අපිව ජීවත් කරනවා. ලෙඩින් ඉන්න අම්මයි, අප්පච්චියි දාල යන්නයි, මල්ලියා බලාගෙන ඌට කෑම ටික තේ ටික හදල දෙන්නයි ඕනි නිසා මං මෙහෙම ඉන්නවා මිසක්, නැත්නම් මාත් උඹ එක්ක එනව නංගියේ. කොහොම උනත් අපේ ගෙදර ඇවිලිච්ච මේ ගින්දර නිවා දාපු උඹ ගැන කියන්න වචන මට හොයාගන්න බෑ රත්තරනේ. ඒවට මටපොඩිකාලෙ වගේ උඹට කියන්න පුලුවන් කවි සිංදු නෑ නංගි.
ඉඳිකටු මල ආදරෙන් උඹ ඉම්බෙ රිදෙන බව දැනගෙනම බව මං දන්නවා නංගියේ. ඒත් ඒ ඉඳිකට්ට උඹ ආදරෙන් ඉම්බෙ අපි වෙනුවෙන් කියල මතක් වෙනකොට පපුව හිරවෙනවා වගේ. ඒ වේදනාව සතුටක් කරගෙන ඒත් උඹ හිනාවෙනවා. අපිටත් හිනාවෙන්න කියනවා. උඹ කොච්චරනම් දුකක් විඳිනවද මගේ නංගියේ. ඔය හිනාවට යටින් ගල් කරගෙන ඉන්න කඳුලුවල බර මට දැනෙනවා. අනේ මට උඹේ කඳුලු දියවෙලා යනකල් අඬන්න පුලුවන්නම්..
හීනි හීනි නූල් එකට අමුනල උඹ ඔය මහන්නෙ අපේ ජීවිතේ ඉරුණු තැන්. උඹ මහන නූල් පොටේ එල්ලිලා අපි අපේ ජීවිත ජීවත් කරනවා. උඹේ ඔය නූල් පොට අපේ ගෙදර හැමෝගෙම අත්වැල වෙලා.
උඹ ගමෙන් ගිය දවස් වල ගමේ උන් නොයේක් කයි කතන්දර කිව්වා. අපේම නෑයො පවා. හැබැයි ඒ එකෙක්වත් එච්චර කාලෙකට අපිට හාල් මිටක් දීල නෑ. උන්නද මළාද බලල නෑ. උන් කිව්වා උඹත් ඉවරය් කියලා. සිදාදියේ ගාමන්ට් රස්සාවට යන එවුන් ගැන කුමන කතාද කිව්වා. ජුකී මහන්න ගියා කියන්නෙ ඉතින් ජීවිතේ විහින් ඉවරකරගත්ත වගේ කිව්වා. සමහරු පාරෙ යනකොට මට ඇහෙන්නම හින්ට් ගැහුව. සමහර උන් කිව්ව කුණු කතා මට උඹට කියන්න බෑ මගෙ නංගියේ. ඒ තරම්ම දේවල් උන අපිට කිව්ව. මං මගේ රත්තරං වෙනුවෙන් ඒ හැම වෙලේම හිත යටින් අඬා වැටුනා. ඒත්, මං මගේ නංගි ගැන දන්න නිසා ඩිංගක්වත් බය උනේ නෑ. ඒත් මට ගොඩාක් දුක හිතුන.
ඒත් නංගියේ උඹ පහුගිය දොහේ ගම ආවම ඒ හැම එකාගෙම කටවල් වැහුනා. මට තාමත් මැවිල පේනවා උඹ උඹට තිබ්බ එකම දම්පාට බ්ලවුස් එකයි, දිග සායයි ඇඳගෙන ගමෙන් ගියපු හැටි. ගමේ උන් කිව්වෙ උඹ නිවාඩුවට එනකොට දැන් බලාගත්තැකි කියලා. ඒත් උඹ ගමේ උන්න වගේම චීත්ත ගවුම් කෑල්ලක් ඇඳගෙන උඹේ බිමට දිග කොන්ඩේ එහෙට මෙහෙට පද්ද පද්ද ඉස්සර වගේම එනකොට උඹට ගල් ගහන්න බලං උන්නු එවුන්ගෙ කටවල් පූට්ටු උනා. පට්ටන්දර දෙඩෙව්ව උනුයි, උන්ගෙ පට්ටන්දරය් උඹ පර සක්වලටම වීසිකලා බං. දැන් දැන් ගමේ හැම එකාම උඹේ වරුණෙ කියන්න පටන් අරං.
ජයසේකර මුදලාලියගෙ පුතා තැන් දෙක තුනකම කියෝල තියෙනවා උඹව කරකාරෙට ගන්න මනාපයි කියල. මං දන්නවා පුංචි සංදියේ ඉඳලම උඹට ඒකව නයාට අඳු වගේ කියල. මං මේ කිව්වෙ ගමේ එකාලගෙ උඹට තියෙන ගෞරවේ ගැන.
ඉතින් නංගියේ මං දැනට නවතින්නම්. ආයෙ වංගියක් උඹට ලියන්නම්. උඹ්ට උපදෙස් දෙන්න මං පණ්ඩිත නෑ. අනික උඹට එහෙම ඕනිත් නෑ. මගෙ නඟා ගැන මං දන්නවා. අම්මයි, අප්පච්චියි, මල්ලියි උඹව ආදරෙන් මතක්කරන්න කිව්වා. පරිස්සමින් ඉඳපං මගෙ නංගියේ. උඹට දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි.
මීට,
අක්කා.
නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද
ඇල් සුළඟත් රළුයි කියා සිසිල නොවින්ද
කෝල කොමල නංගියෙ නුඹ අතට ගත්ත මහ බර කන්ද
අදහන්නට පුළුවන්ද...
දුඹුලු බැඳී ඉර හඳ දෙක
අකුරු බැරිව රන් තරු කැට
මුළුතැන් ගෙයි ඇවිලෙන දුම් නොනගින ගින්දර
නිවූ නුඹට වඩා කුමන කවියද සුන්දර...
තබා දෙතොල ඉඳිකටු තුඩ
මිහිරි සිනා විකසිත කළ
නූල් පටින් නුඹ තැනුවේ ගෙදරට අත්වැල
වාන් දැමූ පට්ටන්දර අද පරසක්වළ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
සංගීතය : රෝහණ වීරසිංහ
පසුව ලියමි
කිවියර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ තවත් අසමසම අපූර්වතම පද පෙලක් කලකට පසුව ඔබ හමුවට ගෙන ඒමට අවස්ථාව ලැබුණි. මෙහිදී මතක් කල යුතු සුවිශේෂිතම කාරණාවනම්, මේ අපූර්වතම ගීය මගේ දෙසවනට සමීප වූ අකාරයයි. එහි සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ අපේ හිත මිතුරු පත්තර මල්ලී බ්ලොග් රසවතාටයි. පහුගිය දිනෙක ඔහු මෙම ගීය මට රසවිඳීමට අවස්ථාව සැලසූ අතර මේ සඳහා සංවේදනාවක් ලිවීමට යෝජනා කලේය. ඒ අනුව ඔබට අද මෙම සංවේදනාව සහ ගීතය සමීප කිරීමට මට අවස්ථාව හිමි විය. එනිසා පළමුවෙන්ම පත්තර මල්ලීට මාගේ දයාබර ස්තූතියි පුදකර සිටින්නෙමි. මෙලෙස දයාබර සහෘද ඔබෙන් ලැබුනු ගීතයන් කිහිපයක්ම මා සතුව සුරැකිව පවතින අතර සුදුසු වේලාවන් හීදී එම ගීත සඳහාද සංවේදනාවන් ඔබවෙත ගෙන ඒමට බලාපොරොත්තුවෙන් සිටින්නෙමි.
ගීතය පිළිබඳව යමක් කියනවානම්... මා මෙසේ කියන්නම්. මෑත කාලයේදී මා ඇසූ වඩාත් රසවත්ම, සංවේදීම, පපු කුහර විනිවිද ගිය විශිෂ්ඨතම ගීතය මෙයයි. එය එතරම්ම මගේ හදවතට දැණුනි. ගීතය තුලත් වඩාත් මා සිත් ගත් කොටස වන්නේ ගීතයේ අවසන් කොටසයි.
"තබා දෙතොල ඉඳිකටු තුඩ
මිහිරි සිනා විකසිත කළ
නූල් පටින් නුඹ තැනුවේ ගෙදරට අත්වැල
වාන් දැමූ පට්ටන්දර අද පරසක්වළ"
"වාන් දැමූ පට්ටන්දර අද පරසක්වළ" මෙම වචන කිහිපය තුල කෙතරම් නම් දිගු කතාවක් අන්තර්ගත වන්නේද. මෙම වචන කිහිපය තුල කෙතරම් වටිනා පණිවිඩයක් අපේ සමාජයටත් ඇඟලුම් සේවිකාවන්ටත් ලබා දෙන්නේද. මෙයයි පද රචනයේ අපූර්වත්වය. මෙයයි පද රචකයාගේ විශිෂ්ඨත්වය. ගීතයක් තුල රත්න ශ්‍රී ලකුණ මෙයයි. ගීත රචනය තුල ඔහු අසම සම යැයි මා පවසන්නේ එනිසායි. ඒ හා මුසුවුන දීපිකා ප්‍රියදර්ශණී මහත්මියගේ හඬ මාධූර්යත්, රෝහණ වීරසිංහයන්ගේ මිහිරි තනුවත් සිංහල ගීත සාහිත්‍යට තවත් අපූර්වතම නිර්මාණයක් උරුම කර දී ඇත.
ගීතයක තනුව, සංගීතය මා රසවින්දද, ඒ පිළිබඳ විචාරයක් කිරීමට තරම් සංගීතය පිළිබඳ දැනුමක් මා හට නොපවතී. නමුත් මේ ගීතයේ සංගීතයේද යම් සුවිශේෂි බවක් ඇතැයි මට හැඟෙයි. ඒ ගීතය පුරාම කඩින් කඩ ඇසෙන අපූරු නාදයයි. එය මෙන්න මේ අහවල් නාදය යැයි කීම්ට මා පොහොසත් නැත. එසේ වුවද ගීතය රසික හදවතට අවධාරණය කරමින්, මේ කියන කතාව තුලම අප රඳවා ගනිමින් ඒ වැයෙන පසුබිම් වදනය ගීතයට අපූරු වර්ණයක් ලබා දී ඇත. එම වාදනය මට සිතෙන අයුරින් ස්වර පුවරුවකින්(කී බෝඩ්) නැඟෙන්නක් විය යුතුයි. මේ පිළිබඳ විවරණයක්, අපේ සංගීත විශේෂඥවරයා වන පත්තර මල්ලීගෙන් මම උදක්ම බලාපොරොත්තුවෙමි.
එසේනම් මේ සටහන මෙතෙකින් නිමා කරන්නෙමි. දයාබර ඔබට මේ ගීතයේ රසයද බෙදා ගැනීමට ඇරයුම් කරමි.
අවසාන වශයෙන් මමද ඇඟලුම් කර්මාන්තශාලාවක රැකියාව කරන අයෙකු ලෙස අපේ දයාබර ඇඟලුම් කර්මාන්තශාලාවල සේවය කරන සොහොයුරියන්ගෙන් මෙලෙස ඉල්ලීමක් කරමි.
"ඔබලා වෙනුවෙන් ගැයෙන මෙම ගීතයට ඔබලා විසින්ම සාධාරණයක් ඉටුකරලන්න."
ඒසේ නම් දැන් ගීතය අසමු...
මීට කලින් අහලා තිබ්බත් මේක මෙච්චරට දැනිලා තිබ්බෙ නෑ බං.උඹේ කවරින් ලෙටර් එකෙන් මේකට මාරම වෙනසක් කරලා.ඒ කියන්නෙ ඉස්සර ඕක ඇහුවට එහෙම මුකුත් අවුලක් නෑ දැන් ඇහුවා බොන්නමයි හිතෙන්නේ.ඒ තරමට දුකයි.
ReplyDeleteබ්‍රැන්ඩ් එක ගල්
~ස්තුතියි~
:D
මේ දවස් වල නම් ලැප ඔන් කොරන නැකත හොදා.අදත් එක :D
Deleteඒකට උඹේ යෙදුනම් කදිමයි මචෝ.. "කවරින් ලෙටර්".. මේ ටයිප් එකෙන් මං මීට කලින් එකක් ලිව්වා ඈ මගේ නෙලුම් මලට උඹ කියෙව්වද දන්නෑ.
Deleteමොකද්ද මචෝ ලැපේ කතන්දරේ?
Deleteනෑ බං ඊයෙයි අදයි ලැප ඔන් කරලා දාපු කොමෙන්ට් 2ම 1උනා ඒකයි.ඊයෙ උඹේ මායියගේ අද උඹේ.ඒකයි :)
Deleteමායියා ගැන කියල ආයෙත් මට උඹ එතන දැම්ම කමෙන්ට් එක මතක් කලා.
Delete"වැදගත් තැනක??"
අඩේ මල්ලියා මල්ලියා.. මේලක් දැම්මෝ...............
Deleteඔව් ඔව්, දැන අඳුනගෙන තියාගන්න ඕනි එකෙක් මේ..
Deleteදැන් ඇහුවා බොන්නමයි හිතෙන්නේ.
Deleteබ්‍රැන්ඩ් එක ගල්
-ස්තුතියි-
-ස්තූතියි..ස්තූතියි නැවතත්-
Delete@විදානේ.
Deleteඒත මං බැලුව මේකා යකා කාලද කියලා....
අඩේ මෙන්ඩා බයිට් එකට ප්‍රියා.....හුටා!!!!! ප්‍රියා නෙමේ ප්‍රියාගේ වල් ඌරා වල් ඌරා :D
Delete~ස්තූතියි නැවත නැවතත්~
@Manosh
Deleteඑකපාරටම ඇන්ටොන් කියාපන් බං අකුරු 4 නෙ අපි පන්සලේ ලොකු හාන්දුරුවන්ටත් ඕක කිව්වෙ චූටි කාලේ :D
ප්‍රියා, මෙන්න මේක උඹට කෙලවන්න යන්නෙ.
Deleteඋඹත් මේ බ්ලොග් ලෝකට මාර වටින එකෙක් මල්ලියා.
@මනෝශ්
Deleteබ්‍රැන්ඩ් එක ගල්
~ස්තුතියි~
හුකෑස් ……… :D :D :D
Deleteහුකෑස් නෙමේ ලූප් එක රන් කරපන් ආයිත් ඔන්න මං ස්ටාර්ට් එක අරන් දුන්නා.:)
Deleteආ..මෙන්න ආයෙමත් බාර් එක ඇරලා.
Deleteමතක් කරලා සිගරට් අරන් වරේන්.
Deleteබ්‍රැන්ඩ් එක ගල්
-ස්තුතියි-
බාර් එක වේලි වේලි තිබුනෙ, හොඳයි බොලාල ආව එක.
Deleteඋඹ නියම මාර්ගයක ඉන්නවා. මම කලින් කිව්ව වගේ උඹ උඹටම ගැලපෙන ක්‍රමයක් හදාගෙන තියෙනවා. සන්තෝසයි ඒ ගැන. හැබැයි ගීතයේ අර්ථය ගැන මගේ හැගීම වෙනස්..
ReplyDeleteමට ඒ අතීතේ ඔබ කිව්ව දේවල් අද වගේ මතකයි දේශක. එදා ඒ ඔබ කිව්ව දේ මට හරියටම තේරුම් නොගියත්, අදනම් හොඳටම තේරෙනවා. බොහෝම ස්තූතියි දේශක. ඇත්තමයි..
Deleteදේශක යාMay 13, 2014 at 8:52 AM
බෝම හොදයි තවත් ඉදිරියට කරගෙන යන්න. සතත අභ්‍යාසය, දැනුම මුවහත් කර ගැනීම ඉතා වැදගත්. ඔබ ඔබේ ක්‍රමයක් හදාගන්න විචාරය සදහා. ඒකයි වැදගත්.
ඔබට මග හැරුනු තැනක් ගැන මං පොඩි අදහසක් දෙන්නං
පුංචි ඔසරි මැණිකේ කියන එකෙන් අදහස් වෙන්නේ මං හිතන විදියට මේ දෙන්නා ඉතා කුඩා කාලයේ ඉදන් එකට සිටි එකයි. ඒ කාලේ ඔසරි ඇදගෙන සෙල්ලං ඉස්කෝල් දාපු කාලේ තමා මේ මතක් කරන්නේ මට හිතෙන විදියට. මම ගීත රචනා ගැන මක්කවත් නොදන්න නිසා වැරදි වෙන්නත් පුළුවන් මේ අදහස.. ජය වේවා.. උඹ ගොඩ..
ReplyDelete
Replies
Manosh SandaruwanMay 13, 2014 at 9:04 AM
ස්තූතියි දේශක. ගොඩක් ස්තූතියි. හිතුවට වඩා ලිවීම සාර්ථක වුනා.
\\ඔබ ඔබේ ක්‍රමයක් හදාගන්න විචාරය සදහා//
මේ මගේ ක්‍රමය තමයි දේශා.. ධම්මික බංඩාර මහතාණන්ගේ ගීත විචාර සහිත පුවත්පත් ලිපි මං කලින් සැකසුවෙත්, පසුතලය නිර්මාණය කලෙත්, මේ ආකාරයටම තමා. ඔය පාට, හැඩ වැඩ කැටයම්, පිංතූර මවිසින්ම එකතු කල දේවල් තමා එදා ඉඳලම.
ඔසරි මැණිකෙ ගැන දේශක හිතපු විදියත් ඉතාම සාධාරණයි. මාත් කලින් ඒ අදහසින් එය අසා තිබෙනවා. නමුත් "පුංචි ඔසරි මැණිකේ" යන යෙදුම මට හැඟුනෙ නව යොවුන් බොළඳ යුවතිය තුලම සිටින සාරවත්, පූර්ණ , සිංහල කාන්තාවයි. ඒ අදහසිනුයි එහෙම ලීවෙ.
ආයෙමත් සැරයක් ගොඩක්ම ස්තූතියි දේශක. ඔයාලගෙ වචන තමා මගේ සාර්ථකත්වය.
Delete
දේශක යාMay 13, 2014 at 9:11 AM
මං කිය්නනේ පසුතලලයි පින්රතයි ගැන නෙමෙයි..
Delete
Manosh SandaruwanMay 13, 2014 at 9:18 AM
ඒ කියන්නෙ? යොදා ගන්නා ලද භාශා ශෛලියද? ඔයාලගේ උපදෙස්, යෝජනා, විවේචන මට ගොඩක්ම වටිනවා දේශා. ගමන සාර්ථක වෙන්න නම් ඒවා අත්‍යාවශ්‍යමයි. ඒ නිසා, ප්ලීස් දේශක. ඔබේ අදහස මට කියන්න.
Delete
සහෝ දරMay 13, 2014 at 12:28 PM
දේශක කියන දේ තෙරුම් ගන්න බලහන් තමන් ලියන කොට තමන් ගේ කියලා යමක් එකතු කරලා ලියන්න බලන්න ,එක නිකන් ලකුණක් වගේ දෙයක් වෙලා එයි ඉස්සරහට...
Delete
Manosh SandaruwanMay 13, 2014 at 1:29 PM
ඒ කියන්නෙ මේ ලිවීම අනුකරණයක් වගේ දැනෙනවද කියවගෙන යනකොට?
Delete
සහෝ දරMay 13, 2014 at 10:23 PM
සෙද්ද ඔක හරි යයි තව ලියහන් එතකොට හරි ;))))))))))))))))))))))))))))))
Delete
Manosh SandaruwanMay 14, 2014 at 12:21 AM
ඒක හරි. පටන්ගත්ත විතරනෙ. තව ඉස්සරහට ලියනකොට බලමුකො.
අද ප්‍රීතිදායකයි..
Deleteඇත්තෙන්ම අද දවස බෙහෙවින්ම ප්‍රීතිදායකයි..
Deleteමට ප්‍රීති කිව්වම මයිල් කෙලිං හිටිනවා බොලව් :D
Deleteමයිල් විතරයි නොවැ? ;D
Deleteප්‍රීත්‍රි එපා !!!!!!!!!!
Deleteබො බ සේ
හෝව්! හෝව්!! දේශකයෝ දෙයක් අමතක උනා, ගීතය ගැන ඔබ දරණ වෙනස් මතය මොකද්ද? ආසයි ඒ ගැනත් අහන්න
Deleteප්‍රීති! ප්‍රීතී!! ප්‍රීතී!!!
Deleteමචං ප්‍රියා, ඔන්න දැන් පත්තරය කරන්ට් වැදුනු වළහ වගේ. මයිල් කෙලින් වෙලා!!
උඹ කිව්ව කතාවට මට තාමත් හිනා බං. ඕක දැන් ලැජ්ජාවට බෙල්ලවැලවත් දාගන්නවා.
@ විදානේ,
Deleteමොකද්ද බං ඒ කිව්වෙ?
ඩියුරෙක්ස් යනු විජාතික බලවේගයක් !
Deleteගන්න අපේ දේ…
ආ..හරි හරි විදානයෝ. මාත් ටියුබ් ලයිට්නෙ. මේ කීවෙ අර බොරු බලු සේනාව ගැන නේද? ඉරාගෙන ළමයි හදන්නෙපැයි ජාතිය ගොඩනඟන්න.
Deleteඅපේ පැත්තේ පවුල් ස්‍යෙඛ්‍ය සේවිකාව වයිපරේට කිව්වලු දැන් තව එක්කෙනෙක් හදන්න හොද කාලේ කියලා. මම කිව්වා වයිපරේ ගමේ ගියාහම ගෙවල් පැත්තේ එන්න කියලා.
Deleteමෙන්න මගේ ගානේ දේශාට ...
Deleteවෙරළු මල් පිපිලා........
වෙරළු මල් පිපිලා
රේණු වසිනවා වරුසාාවයි
මැද මිදුල උඩින් අඩිය තියා
යන්නට ලෝබයි
මල් සිඹින්න ආසයි
මල් සිඹින්න ආසයි
මල් සිඹින්න ආසයි....
මහ නිලමෙ ගියේ
තිරික්කළෙන් රාජකාරි නම්
හීන් නිලමෙටවත් මේ හීතල
නැතිවද තේරුම්
සඳ වතුර මලින් සිරි සිරි ගා
පොද වැටෙන තරම්
පොද වැටෙන තරම්
පොද වැටෙන තරම්.....
එක සීනු නාද සිරි යහනේ
කොයින්ද මායිම්
ගම්මැද්දේ මට රැජින වගේ
යන්නට පුළුවන්
මං එහෙම තමයි මගෙ නිලමෙලාට
ආඩම්බර නම්
ආඩම්බර නම්
ආඩම්බර නම්......
පද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - අසේල බණ්ඩාර
ගායනය - කුමාරි මුණසිංහ
@මෙන්ඩිස්
Deleteමිඩ් වයිෆ්ගෙන් අහන්නෙපැයි ඔයා කන්න අඳින්න දෙනවද කියලා??
@සිංදුවා,
මේක ඇයි බං අපේ දේශකට? උඹ මේ සිංදු කොහෙන් හොයාගන්නවද මංද බං.
මනෝ දේශා වෙරළු මල් වලට මනාපයි නෙවැ ...පත්තරේ මලේ මෙන්න මේ මනෝට තෙරුන් කරලා දෙනවද ,,,,,
Deleteමට දැන් අකුරු බොඳවෙලා වගේ මලේ පෙනෙන්නේ .....කොටාගන්නත් බැ ....මාමා දැන් මේ වගේ ...(අද නිවාඩු දවසනේ ) හික්ස් ....
විස්කි කඩේ පූසා...
විස්කි කඩේ පූසා
කොඩි දාලා
බීලා මත් වෙලා
විස්කි කඩේ පූසා...
ගුස්පි ලොඩන් ගෝසා
අර ලෝකෙ බෝලෙ
හොල්ලලා
ගුස්පි ලොඩන් ගෝසා...
ගෝරි ගඟේ පාවී
නැව් ගිල්ල
භූතයා උඹයි
ගෝරි ගඟේ පාවී...
මූඩියෙන් ද ඕනේ
අඩා එක් අතින්
කිලෝ එකයි
චීන ජපන් ජූඩෝ
වැඩ පොකුරු පොකුරු
කෝටියයි
චීන ජපන් ජූඩෝ...
පද රචනය :ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ලාවරිස් (1981) හින්දි චිත්‍රපටියේ "මෙරේ අඟනේ මේන්" ගීතයෙනි
සංගීතය : සෝමපාල රත්නායක
ගායනය : බන්දු සමරසිංහ
ආ දැන් තේරුනා, දැන් තේරුනා...
Deleteටියුබ් ලයිට් වාගෙයි මේ ජීවිතේ....
@සදුවා
Deleteකන්න දෙනවා වගේද අඩතාලම දාන්න වෙන මහන්සිය.
මට මොකෙටෙයි අයියා මලු බනිස් අයියා නොවැ මහන්සි වුනේ අයියා ඔය බනිසත් කලා පැන්ටා කුප්පිය බොන්න.
හිනාව නවත්තගන්න බෑ. මට තාමත් ඇහෙනවා, ඉස්පිරිතාල වල අම්මලා හොඳ හොඳ කතා කියනවලු අමාරුව දරාගන්න බැරිවෙනකොට.
Deleteඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ...............
ReplyDeleteරෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට
තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ
මල් විය නොවෙද මේ දියකර හරින්නේ
මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ
රෑ වැඩ මුරය ...
නුඹෙ කඳුලැලිද සයුරේ රළ නඟන්නේ
හද සුසුමන්ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ
ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය: බන්දුල නානායක්කාරවසම්
සංගීතය: රෝහණ වීරසිංහ
අඩේ උඹ ප්‍රොෆයිල් එක හදාගත්තා එහෙනම් ඈ.............එල.! එල..!! :D
Deleteකටුනායක ඇඳුම් මහන අපේ නංගිට
Deleteහිනාවෙන්න එපා ඔහොම සමච්චලේට
කුමාරියක් නොවුණ නිසා රාජ මැදුරක
බමරුනි වින කරන්නෙපා ගමේ සුවඳට
අපේ ගමේ නැති බැරිකම් නිසා කොළඹට
ගතේ දිරිය කාසිවලට අලෙවි කෙරුවට
සිදාදියේ සමනළයිනි යනෙන මගතොට
හාද වෙන්න හදන්නෙපා කෑලි කිය කිය
සීතල කාමර නොපැතු ලෑලි මැදුරක
බෝඩින් වී කලාපයේ නිදිවැරුවාට
ඉර හඳ තරු සහතික වී අපේ ගෙපැලට
දීග යන්න සුබ දවසක් ඒවි නංගිට
-මංජුලා දිල්රුක්ශි
මල්ලියා..
Deleteඒකනේ මචෝ.. අපේ ඇනෝ සිංදු ඇනෝ වෙච්ච එකනම් ලොකුඅ දෙයක් බං.
සප්ත සයුරෙන්
Deleteසප්ත සයුරෙන් එහා
දේශ දේශාන්තරේ
සිරිලක් සළු පිළියෙන් පිදු
මව් බිම ධන නිධාන බඳු
සියල් සිරිලක පරසිදු
සළු වියනා කුමාරී //
අම්මා බඳු පෙම්මාදර
සම්මා ගුණ පිරිපුන්
එම සන්නාලිය නංගා
දෙස නොබලන් වපරැසකින්
කම්හල තුල පවර විපුල්
හුරු දෑතින් කොමල නිමල්
කරමි එවර සොඳ මනකල්
ඉසුරු ගෙනෙයි එතරින් දුල් //
දෙන්නේ ඇය මව්භුමිය
රක්නා රන් මසුරන්
එම සන්නාලිය නංගා
දෙස නොබලන් වපරැසකින්
කැලුම් උදුල යව්වනයේ
සිරිත් දහම් රැක පිරියේ
සළු වියනා රැජින දැයේ
ඉඳුවම් සිංහාසනයේ //
නන්දා අනන්දා
කරවන්නා ලංකාවෙන්
එම සන්නාලිය නංගා
දෙස නොබලන් වපරැසකින්
සප්ත සයුරෙන් එහා ...
ගායනය : වික්ටර් රත්නායක
සුකොමල දෑතින් මැවෙනා විස්කම්
Deleteමුලු ලොව විලි බිය සැඟවූ සලුපිලි ඇඟලුම්..//
හෙළ දෙරණේ දියණියගේ..
අභිමන්...
මේඩ් ඉන් ශ්‍රී ලංකා...//////
නැතිබැරි කම් අතරින්..
නොසිඳෙන දිරියෙන්..
ජීවිතයට ජීවය ඉපැයූ දැරියන්
විලාසිතා නිමැවුම් නෙක විද ඇඟලුම්
ලෝකයටම අසිරිය පැළඳූ රැජිණන්..
මේඩ් ඉන් ශ්‍රී ලංකා...//////
හිත දැඩිකල සවියෙන්
අවමන් දරමින්
දහදිය බිඳු දෑ හිත පිණිසම
සලමින්..සොයුරුදමින් බැඳෙමින්
ජීවිතයට නව රටා මවන අඟනන්..
මේඩ් ඉන් ශ්‍රී ලංකා..../////
ගාය්නය : භාතිය / සංතුෂ්
අම්මටහුඩු අපේ සිංදු ඇනෝ මචං.. වැඩ පටං අරං … ජයෙන් ජය වේවා මස්සිනේ උඹට. දැං උඹ නැතුව බැරි එකෙක් …
Deleteඔන්න පත්තරේ මචෝ උඹ කියාපු නමම මම දැම්මා ...වෙන සුකුරුත්තන් මක්කටෙයි
Deleteමේ ඉන්නේ රජ පැටියා වගේ.,අම්මේ ලස්සන දැං. දැක්කත් බඩ පිරෙනවා. අම්මපා. දැං කොහෙ දැක්කත් අපි දන්නවා මේ සිංදු මචං කියලා. එක හිතින්ම ආශීර්වාද කරනවා මචෝ දිගු ගමනක් යන්නට !!!!
Deleteමචං සිංදු ඇනෝ..
Deleteමගේ බොක්කටම වැදිලා ගල් (අති විශේෂ නොවේ) තියන ගීයක් තමයි උඹ ඉස්සෙල්ලම දාල තියෙන්නේ...
තැන්කිව් මචෝ...................
ඒ වගෙම අලුත් මෙව්වා එකට උණුසුම් සුභපැතුම්..
@පත්තරේ,
Deleteඒ සුබපැතුමට උඹත් එක්ක මාත් එකතුවෙනව මචෝ... සිංදු ඇනෝ බ්ලොග් ලෝකෙ උප සංස්කෘතියක් නිර්මාණය කලා. ජයෙන් ජයම වේවා සිංදුවෝ...
@විදානේ,
මගෙත් කැමතිම එකක් විදානෙ මේ ගීය. මේ ගැන විචාරයක් ගෙනාව, මතකද?
මචෝ ඔය වගේම එදා මෙදා මගේ බොක්කටම වැදිච්ච සිංදුවක් තමයි කපුගේගේ …
Deleteමගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ද්‍රි දේවි නොවුනී සිංදුව.
ඒකෙ තනුව / පද … … ෂහ්.
මනොෂ්,
Delete/මේ ගැන විචාරයක් ගෙනාව, මතකද?/ මතකයි මතකයි.. ඒවගේම මං ඒ ගන
මෙන්න මෙතතැන පොඩි මෙව්වා එකකතුත් කළා.. හැක්.. හැක්්
මචං පත්තරේ,
Deleteඒ සිංදුවේම අනික් කොටස තමයි "සොඳුර නුඹ ළිහිණියෙකි රැයේ අඳුරට හඬන..." ඒක කොහොමද? මටනම් උපරිමයි බං. ඔය සිංදුව ගැන සංවේදනාවක් ඉකමනටම ලියන්නෝනි.
ඇත්තම්යි විදානේ,
Deleteමගේ ලිපි සමඟ මෙච්චරම සමීපව ඉන්නවට උඹට ගොඩක් පිං. කොහොම අමතකවෙන්නද.
පත්තරේ මෙන්න...
Deleteමගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ත්‍රි දේවි නොවුනි..
දුෂ්කර වු ඒ පළාතේ
මට යන්න දෙන්න දේවි...//
මේ කදුළු ඇයිද දෑසේ
බැ යන්ට නුඹට ඉමයේ..//
ගොස් ඉන්ට කුලී නිවසේ
විස ඝෝර සර්ප බවනේ..
නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ..//
හාමතේ නොදා දරුවෝ
නවතින්න බිසව් නගරේ
නුඹ නොදී එතෙර රටටා
දරු නොදී වාල් කමටා...//
දිවි පුදා තොප රකින්නම්
නොපුරා එ මෙත් පෙරුම් දම්...
මේ කදුළු ඇයිද...//
ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ
එහෙනම් මාත් දානවා..
Deleteසොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන
මමද ලිහිණියෙකු වෙමි කැඩුනු තටු පිරි මදින
අහිංසක අප දෙදෙනෙ තටු කඩා මේ ලෙසින
සිදීගිය ගඟ දෑල හැර දැමූවේ කව්ද
සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්නද
බාල වයසින් මැරුණ ප්‍රේමයකි තරු එළිය
සොඳුර නුඹ...//
කටුක දුක් විරහ මැද අතරමං වී ගියද
අපි තවම පෙම් කරමු අපේ ජීවිත වලට
කියාදෙනු පියඹන්ට අපි අපේ පැටවුන්ට
නිදහසේ තටු ලැබුණ කුරුල්ලන් වී දිනෙක
සොඳුර නුඹ...//
ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ
මොනවා කියනවාද විදානෙයෝ..සිංදුව නං සිංදුව.. !!!! උත්කෘෂ්ටයි … අනුපමේයයි … ඉරයි … තිතයි. තැංකිව් බොක්කා.
Deleteමේක වෙන තැනක වැටිලා අහුලං ආවා අයෙ :D
ඒක එතනටත් ගැලපෙනව බං.
Deleteවන වංක ගිරිය අරණේ ......
Deleteවන වංක ගිරිය අරණේ
මෙහෙවරට සැදී පැහැදී
ඔබ යන්න ඉතින් නික්මී
ජය ශ්‍රී සුරම්‍ය ස්වාමී
දුස් ස්වප්න දෑස රිදවා
කඳුළින්ම යාවි සේදී
එන රෝග ව්‍යාධි පලවා
දරු රකිම් ධෛර්ය පේවී
බර අදිම් බෑයි නොකියා
ණය තුරුස් අතර හිරවී
රන් රිදී නොවෙයි ඕනෑ
ප්‍රීතියයි හිතේ ස්වාමී
ප්‍රේමෙන් සුගන්ධ වේවා
වන වාසෙ රුද්‍ර රාත්‍රී
ඔබ යන්න ඉතින් නික්මී
ජය ශ්‍රී සුරම්‍ය ස්වාමී
පද - රත්න ශ්‍රි විජේසිංහ
සංගීතය - සරත් දසනායක
ගායනය - විශාරද නන්දා මාලනී
දඬු මොනරෙ පිටින් ගිහින් එන්න
Deleteපෙම්බර ස්වාමී
දරු පැටව් බලා ඉන්නම්
ඔබ නමින්ම පේවී...
පුන්සඳ කොපුලත කඳුළු බිංදු වියලී යාවී
අපෙ හඬ අරගෙන ඈත අඬනසක්වා ලිහිණී
දොළොස් මහේ පාන පත්තු වෙලා හදවතේ
ඒ එළියෙන් මට පෙනෙනව අපේ ආදරේ
ගිය ගමන් තැපැල් කරමී
සඳ කිඳුරු ජාතකේ
නාඬන්න දේවියේ..
නාඬන්න දේවියේ..
නේරංජාවද මා මේ එතෙරව ආවේ
යකඩින් ළය සදා තිබුණු අහස් යන්තරේ
කන්ථක අසුමෙන් ළය පැළෙන්නෙ නෑ හිමි සඳුනේ
මම නාඩා ඉන්නේ..
පද රචනය : අමිල තේනුවර
සංගීතය : ගුණදාස කපුගේ
ගායනය : ගුණදාස කපුගේ / සමිතා මුදුන්කොටුව
උඔලා නම් යක්කු බං අන්තිම ඉහලයි පට්ටයි විශිෂ්ටයි උත්කෘෂ්ටයි අරකයි මේකයි එල ද බ්‍රා
Deleteහ්ම්.. යක්කු තමයි. කොහොමද වැඩ??
Deleteවැරහැලි ඇඳ අඩු කුලියට
ReplyDeleteසළු මැසුව කුමාරි....
ඉදිකටුව අතේ ඇනුනාදෝ
නිදන කුමාරි ....
වැරහැලි ඇඳ අඩු කුලියට
සළු මැසුව කුමාරි .......
තණ පලසේ හොයෙන විලාසේ
ලැමදින් සිදුරක් අනුන කුමාරි ..
කනකර ගලවා රැයට මුවාවී
මල් රැගෙන ගියේ කොයිද කුමාරි ...
නුඹ යකඩ කඳන් වලට මුවාවී
සුදු මීනි මලක් නැතුව තියාවි
සත් පතිනි මවුන් අවදිව ඒවි
උන් උදුරා ගත් සළුව ගේනේවි ....
වැරහැලි ඇඳ අඩු කුලියට
සළු මැසුව කුමාරි....
ඉදිකටුව අතේ ඇනුනාදෝ
නිදන කුමාරි ....
වැරහැලි ඇඳ අඩු කුලියට
සළු මැසුව කුමාරි .......
ගායනය : ගුණදාස කපුගේ
පද : රත්න ශ්‍රී විජේසිංහ
නැඟෙණියේ....////
Deleteනුඹේ දෑත සිඹින්නම්
සිනහ පළඳවන්නම්
ජීවිත්යේ මෙතුවක් නොදුටුව
සුන්දර හැඩරුව නුඹෙ මුහුනේම දකින්නම්..
කිරුළ පළඳවන්නම්
නැඟෙණියේ....//
හේඩාවෙන් පිරි පාළු වනාතේ
මිනිස් රුවක් හෝ හඬක් නොවුන බිම
නුඹේ පහස ලැබ ඒකාලෝක උනා..
පාළුව බිය වැදුනා..
සල්පිල් මැවුනා..පිරිවර සැදුනා..
විජ්ජුලතා එළියෙන් තෙමුණා..
මිනිස් වාසයක් නොවූ නිසරු ලොව
චමත්කාර තුසිතයක් වුනා..
කඳුලු හැංගුවා නුඹ සුසුම් නොලා සිටියා..
ගමින් ගෙනා මුදු එළිය වගුරුවා
අපේ දුකද පිසදැමුවා
නුඹ රැජිනක යැයි සිතුනා
නුඹට උවම් සොයනට බැරිවී
හිස් අත් විදහා
නුඹ්ට පුදන්නට ඉසුරු සොයද්දී
මගේ දෑත මත නුඹම යමක් තැබුවා
නුඹ නළලත් නැඟි එක දහදිය කඳුලක් තිබුනා
දෑස පියා යළි දෑස හරිද්දී රන් ආකරයක් තිබුනා
නුඹ රැජිණක යැයි සිතුනා..
ගායනය : රූකාන්ත ගුණතිලක
මොනවා කියනවාද විදානෙයෝ..සිංදුව නං සිංදුව.. !!!! උත්කෘෂ්ටයි … අනුපමේයයි … ඉරයි … තිතයි.
Deleteතැංකිව් බොක්කා.
දැං නං සිංදු කාමරේම තමයි මනෝෂ් …
sindukamare.blogspot.com
Deleteඅඩේ මං නිකමට දැම්මෙ. ඒත් ඒ නමින් බ්ලොග් එකක් තියෙනවා. හැබැයි පෝස්ට් නෑ.
Deleteමනොෂ්, පත්තරේ,
Deleteහිතට වදින සිංදු 1131ක පද, විස්තර සහිතව ගී පැදුරේ තියනවා.. වටිනා බ්ලොග් එකක්.. පුලුවංනං පෝඩා
මං ගියා … බැලුව මචෝ. තෑන්ක්ස් බොක්කෙන්ම විදානෙයො.අපි කැමති සිංදු ගොඩක් ඒවයෙ තියනවා නේ බං..හරිම වටින වැඩක්.හරී/රසික දෙන්නටත් උඹටත් ස්තූතිය… !!
Deleteඇත්ත විදානේ, ලීරික්ස් හොයන්න මාත් නිතර ගොඩවදින අඩවියක් ඔය. ඉඳල හිටල කමෙන්ට් එකකුත් දානවා. ඒත් මේ ලියන කෙනා කමෙන්ට්ස් ගැන හිත හිත ඉන්නෙ නෑ. ඉතාම කැපවීමෙන් උවමනාවෙන් මහන්සියෙන් කරගෙන යන අඩවියක්. අනිත් ලීරික්ස් තියෙන අඩවි වලින් මේ බ්ලොග් එක වෙනස් වෙන්නෙ, මේක ඉතාම නිවැරදි පද මාලා අඩංගු වෙන, ඒ වගේම ඉතාම නිරවුල්ව පද රචනය, සංගීතය සහ ගායනය පිළිබඳ විස්තර අඩංගු වීමයි.
Deleteමේ පාර මෙතනට ගෙනාවට ගොඩක්ම ස්තූතියි මචෝ..
මේ සිංදු දෙකම අහලා නෑ.
Deleteඑල ද බ්‍රා
එහෙනම් අහමු අද. මතක තියාගමු අහන්න.
Deleteලියුමේ තිබ්බ අකුරු ටික බොක්කටම දැනුනා බං.. ලංකාව ජිවත් වෙන්නේ ඒ අසරණියෝ හෙලන දාඩිය කඳුළු වලින්
ReplyDeleteඇත්ත.. ඔබ කියන කතාව සහතික ඇත්ත. ආශ්චර්ය ගැන මොන පම්පෝරි ගැහුවත් මේ අසරණ කෙල්ලොන්ගෙ දාඩිය මහන්සියෙන්, නොනිදා පහන් කරන රැයවල් වලින් තමයි මේ රට දුවන්නෙ. ඒත් මේ හිඟන්නියන් වෙනුවෙන් සත පහක දෙයක් කරන්නෙ නෑ මුං. රුපියලකින් පඩියක් වැඩිකරගන්න යමක් කරන්නෙ නෑ ඔය ආඩම්බරකාර මිනිස්සු.
Deleteනාඩියා උඔට මගේ ඩබල් සැලියුට්
Deleteඑල ද බ්‍රා
බ්‍රැන්ඩ් එක ගල්
-ස්තුතියි-
- ස්තුතියි නැවතත් -
Delete@සංජීව,
Deleteඅනිවාරෙන්, නාඩියා කියන කතාව සීයට දෙසීයක් ඇත්ත.
@පත්තරේ,
ඇයි බං හැමදාම මෙහෙම උඹේ බ්ලොග් එක කියෝන අපිි වගේ එවුන්ව උඹේ නිර්මාණ වලින් හිරිවට්ටන්නෙ.!!!
ReplyDeleteකතා දෙකක් නෑ මේක සුපිරියි.. ගීතයත් හදවතටම දැනුණා බං.
ජය වේවා..
මෙව්වට මං දාපු කමෙන්ට්ස් යකා කාලද කොහෙද බං. කොහෙද ඉතින් උඹත් පේන්නෙ බහිරවය වගේනෙ.
Deleteඅනේ මචෝ.. ඔහොම කියනකොට ඉහේ මල් පිපෙනවා. උඹල ඔහොම කියනවනම් ඊළඟ පෝස්ට් එකේදිත් අඬන්න ලෑස්තිවෙලා ඉඳපල්ලා.
මේ ළඟකදි ඉඳං බ්ලොගර් ටිකක් පිස්සු නටනව තමා.. ඌත් පත්තරය වගේ බෝතලේ කටේ ගහගත්ත ගමන්ද කොයිද ඉන්නෙ. :D
Deleteබොටනං මගෙ මේ සුකුමාල හැන්ඩ්සම් පුටෝ කෑල්ල ඇලජික් ද කොහෙද.. :D
අම්මප බං ඒකනම් සහතික ඇත්ත. බ්ලොගාත් ඉටලි ගියාද දන්නෑ.
Deleteබොලා ඔය බහිරව රූපෙ අයින් කරනකල් දකින දකින තැන මං බොට මඬ තලි තලි ගහනවා. ඕ යේස්!!!
පත්තරේගේ බ්‍රැන්ඩ් එක ගල්
Delete-ස්තුතියි-
මෙන්ඩියා බොන්නේත් මෙන්ඩිස් නොව DCSL ගල් වෙමි.
Deleteමීට හිතවත්
පත්තර මල්ලි
-ස්තුතියි නැවතත් -
@මෙන්ඩිස්,
Deleteගලුත් සරි..ගූත් සරි!! ඕ යේස්!!
@පත්තරේ,
මෙයන්නෙන් පටන්ගත්තම මියන්නෙන් ඉවරවෙන්නෙ නෑ බං.
දීපිකා සමග Railway Avenue වල Zoo n Botany ක්ලාස් ගියා මතක් වුනා...
ReplyDeleteඈ බොල එහෙම ගිහිල්ලවත් සිංදුවක් කියන්න අහගත්තේ නැද්ද් හැබෑට.. දැං අර කතාවේ 18 පහු උානද.. මං අන්තිමට බැලුවේ 17 ද කොහේද? හැක්..
Deleteමට අපේ ජේශ්ටයෝ සිංදු කීම වසර 25කට තහනම් කරලා තියෙන්නේ....
Delete18 වන කොටස මග එනෝ..
@සරස,
Deleteඔය තියෙන්නෙ සමරු සටහන්. ඒක නෙවෙයි, මොක්කුද ඔය කියන ජේස්ටයෝ. වසර 25ක්?
@දේශක,
ඒ කතාව ලෙසටම යනව මචෝ..
ජේශ්ටයො වනාහී මගෙ immediate seniors ලා ය. පලමු වසරේ පලමු දින ම මගේ ගායන හැකියාවට "ඊර්ශ්‍යා" වී එතුමන් ලා මට වසර 25කට ගී ගැයීම තහනම් කලෝ ය..... එම වසර 25 ගෙවී යෑමට තව කල් තිබේ...
Deleteඑසේනම් සුර ලොවින් පැමිණෙන සුර දූතයකු ඔබගේ නළලත සිපගනු ඇත. ඒත් සමඟම ගී ගැයීමට තහනම් ලෙස ඔබට තිබූ ශාපය මැකී ගොස් ඔබට නැවතත් ගී ගැයීමට හැකිවනු ඇත.
Deleteඉන්පසු සියල්ලෝම සතුටින් ජීවත් වූහ!!!!
දිපිකා එක්ක ක්ලාස් ගිහිල්ලත් මුට තාලේට අප්පුඩියක් ගහන්න බැරි හැටි.
Deleteසුපිරිම තමා මලයා සටහන... පත්තර මලයා කියන්නේ සිංදු ගබඩාවක් ඌටත් ස්තුතියි.
ReplyDeleteබ්‍රෑන්ඩ් එක ගල්
Delete- ස්තුතියි -
බයිට් එක වනචර ඌරා.
Delete-ස්තූතියි-
සිගරට් කාර්ටූන් දොලහයි
Delete-ස්තූතියි-
ලිමිට් එකට බීපියව්
Delete-ස්තූතියි-
රැඳී සිටියාට ස්තුතියි
Deleteනැවතත් ඔබේ ප්‍රියතම පානය ගල් .............
ඔහෙප්පලෙයං හත් ඉලව්වයි.… ඇනෝමචංගෙ ඇඳුං ෂූට් එකේ.ලස්සන. :D
Deleteඋම්බලකඩ වඩේ පහයි,අමු මිරිස් කරලයි
Delete- ස්තුතියි -
බොහෝම ස්තූතියි නලීන් අයියේ. ඔබ හැමදාමත් විසල් ශක්තියක්.
Deleteපුලුවන්නම් අපේ මේ පත්තරයට ගල් බවුසරයක් යවමුද නලීන් අයියෙ ඉතාලියට??
@පත්තරේ, ප්‍රියා, මල්ලියා, විදානේ,
Deleteදෙයි හාමුදුරුවනේ ඇයි බොලවු තොපි මගේ බ්ලොග් එක බාර් එකක් කරලනේ. මහියංගණ වයින් ස්ටෝර්ස් වගේ. හැක්!! හැක්!! හැක්!!
ඔහොම යං ඔහොම යං..
අඩේ සිංදුවෝ, සුපිරියි මචං. දැන් නම් අපේ සිංදු ඇනෝ අංගසම්පූර්ණයි. පැයෙන් පැය දියුණු වෙනවා. ජය වේවා!
Delete"මහියංගණ වයින් ස්ටෝර්ස්" එකත් හරි සොඳුරු නමක්... හරිම ශාන්ත බවක් .. සිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා හරියට බොා් මළුවකට ගියා වගේ..........................
Deleteමෙතැනත් බාර් එකක් දාලා මේකේ නම මොකක්ද????????????????????????????? බුහ් හඃ හඃ හා.......
විදානයෝ,
Deleteහප්පා ශාන්ත බව උතුරනවා. එක පැත්තකින් ටයර් කඩයක්, අනිත් පැත්තෙන් ගරාජ් එකක්. මෙහේ ආපු වෙලාවක බෝධි පූජාවක් තියමුකො. මටත් බැරිය බයිට් ටිකක් හරි කන්න.
ආ, ඒ බාර් එකට මෙහෙම දාමු. "බස්සිස් බාර්..."
මටත් වයින් ස්ටෝස් කියද්දි නිකං හරීම ශාන්ත තැන්පත් බවක් දැනෙනවා..
Deleteමඳ සුළඟක් එක්ක සැඳෑ කළුවර මීවිතකින් සව්දිය පුරන්නට අඩවන් නෙතින් ඇරයුම් කරනවා..නිවී දැල්වෙන විඳුලි බුබුලු වලින් මිදී බඩවැටියක සුවය සොයා අපි පිය නඟනවා .… රාත්‍රිය අපේමයි .. අපි අනුංගෙ ...
බ්‍රෑන්ඩ් එක ගල්
- ස්තුතියි -
"රුවක් ඇදෙනවා
Deleteකවුදෝ එනවා
මීවිත ඇඳිරිය දෑස වසනවා..."
-ස්තූතියි නැවතත්!!!
මාව පිළිගත් හැමෝටම බොහොමත්ම ස්තුත්යි ...........
Deleteආවේ කාගේ කවුදෝ
වාසේ දේසේ කොහෙදෝ
නෑ නෑ වංසේ සෙව්වෙ
කාගේ කවුදෝ කිව්වෙ
කාලා බීලා සාමෙන් ඉන්නේ
අපි කාලා බීලා සාමෙන් ඉන්නේ....
තරම තිරම මොටද හොයල බලන්නේ
ලෝකෙ මිනිස්කමයි වටින්නේ
හිංසා... හිංසා...
පීඩා... පීඩා...
වංචා... නෑනේ...
දෛවේ තාලේ කවුරුද දන්නේ
අපේ දෛවේ තාලේ කවුරුද දන්නේ...
කහළ ගොඩක නොවෙද මැණික උපන්නේ
මාලෙ බැඳල එය ගෙල ලන්නේ
වාදේ... වාදේ...
බේදේ... බේදේ...
ඕනෑ... නෑනේ...
ඒ හින්දා අපි පැදුරෙ ලගින්නේ
අද ඒ හින්දා අපි පැදුරෙ ලඟින්නේ...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : සරත් බාලසූරිය
ගායනය : ප්‍රියා සූරියසේන, ලක්ෂ්මන් රොද්‍රිගෝ සහ බන්දු රණසිංහ
චිත්‍රපටිය : සිකුරු දසාව ( 1977 අගෝස්තු 12)
චිත්‍රපට අධ්‍යක්ෂණය : සිරි කුලරත්න
නිෂ්පාදනය : ආතර් ද සිල්වා
පට්ටයි සිංදු ඇනෝ පට්ටයි … එකෙන්ම !!!!!!
Deleteඔබ නැවත නැවතත් ඔබේ නාමයට සාදාරණය ඉටුකරනවා සිංදු... ඔබනම් සාහිත්‍ය උල්පතක්. නොසිඳෙන ගඟුලක්. ඒකෙන් අපි හැමෝම පෝෂණය වෙනවා.
Delete"අපි සංතෝසෙන් ඉන්නේ
දුක සෝකය නෑ දන්නේ
අයියා මල්ලී වාගේ
අයියා මල්ලී..."
"ඔබනම් සාහිත්‍ය උල්පතක්. නොසිඳෙන ගඟුලක්. ඒකෙන් අපි හැමෝම පෝෂණය වෙනවා"
Deleteමනෝ මචන් මිනිසුන්ට ඔහොමත් අපහාස කරනවාද???????
අනේ මචෝ මම කරන්නේ කාගේ හරි සින්දුවක් මෙතනට කොපි පේස්ට් කරන එක විතරයි ...
යකෝ මේකටනම් උදේම බොන්න වෙයි අර ආතල් ඇනෝවත් සෙට් කෝරාන ....
හිගුරාන උනත් කමක් නැ ... ඒවත් නමට හරි ගල්නේ :)
යාලුවා.. උඹ කොපි පේස්ට් කරාට ඒ සමහර සින්දු අපි ජීවිතේට අහල නෑ .. ඒවගේම ඒ සමහර සිංදු නෙට් එකේ හොයන්න නෑ ලිරික්ස්. මට හිතුණා උඹ සිංදුව අහගෙන ලිව්වා වත් දෝ කියලා.ඒ කොහොම උනත් උඹ නිසා අපි අහලවත් නැති සමහර සිංදු ගැන ඉගනගත්තා.. ඒ ගැන දැනගත්තා.
Deleteමේ ස්තූතිය ඒ වෙනුවෙන් … ක්‍රෙඩිට් එක ලැබීමට සුදුස්සා එය ලැබිය යුතුයි..
පුද්ගලිකව මම අප්‍රමාණ සතුටු වුණා උඹ ප්‍රොෆයිල් එකක් සමඟ දැකීමෙන්…දිගටම කරන් පලයන්.අපි සපෝට් බොක්කෙන්ම.. ජය !!!!!!!
ස්තුත්යි පත්තරේ මචෝ ......
Deleteමම පරණ සින්දු වලට පෙරේතයි බන් ...ඒ නිසා ඒවා අහනවා , හොයනවා .
සමහර සින්දුනම් අහගෙන තමයි ලියන්නේ ..
මගේ මේ පොඩි වැඩෙන් උඹලා සතුටු උනා නම් ඒ හොදටෝම ඇති ....
නැවතත් බොහොමත්ම ස්තුත්යි ඇගෙයිමට...
හ්ම්ම් … මං හිතුවා හරි එහෙනම්… !!!!
Deleteඋඹ සිංදු අහගෙන ලියන්නේ නේ.… මාර පොරක් යකෝ උඹනං … :D
හැන්දාවරුවක මහියංගනේ මහවැලි ගං තිරේ සුදු වැල්ලේ ඉදගන රහ බලමුද ගල් බෝතලයක්. සිංදු ඇනෝ උඹ සුපිරියි.
Deleteඊට පස්සෙ මාව මැරිල ගියත් හිතට දුක නෑ නලින් අයියා …
Deleteකිරි හොද්දේ තියන රහ නෑ රාජ භෝජන වල !!!!!!
මයෙ අම්මාපල්ලා … !!!!
බ්‍රෑන්ඩ් එක ගල්
- ස්තුතියි -
නුඔ හින්දා ඈට මා එපාලූ... නූබෙි නැවුම් සුවද ඈට දුගද වේලු
Deleteඇය ගියදා මට නොදැනුන පාලු... නුබ නැතිදා මට දැනෙවි යාලු
මුලින්ම මට නුබේ සිසිල දැනුනේ... ඇය වෙනෙකුකගේ පහස පැතු දවසේ
චපල එයා වෙන තුරැලක සැනසේ නුබ තුරැල් වෙලා හිටපන් මගේ පපුවේ
බෝතලේ.. බෝතලේ නුබ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිමුවේ
බ්‍රැන්ඩ් එක ගල්
-ස්තුතියි-
මෙන්ඩියත් ෆුල් ගේම දැං :D
Deleteඅරින්ඩෙපා මචෝ !!!!!
- ස්තුතියි නැවතත් -
\\මනෝ මචන් මිනිසුන්ට ඔහොමත් අපහාස කරනවාද???????
Deleteඅනේ මචෝ මම කරන්නේ කාගේ හරි සින්දුවක් මෙතනට කොපි පේස්ට් කරන එක විතරයි ...//
එහෙම නෙවෙයි ඇනෝ මචෝ, මේ රසවින්දන හැකියාවම, මේ මතක ගීත ගොන්නම සාහිත්‍ය උලපතක් තමයි. එහෙම වෙන්න සාහිත්‍ය නිර්මාණ කරන්නම ඕනි නෑ. ඒ නිසා මටනම් උඹ උල්පතක්ම තමයි.
අන්න හරි පත්තරයෝ.. කියල දීපන්කො අපේ සිංදුවට උගේ වටිනාකම.
Deleteඅපි හිතුව හරි නේද මචෝ එහෙනම්...
ෂහ්!! නලීන් අයියේ,
Deleteමාර අදහස්නෙ අප්පා එන්නෙ. මට නිකං මැවිල පේනවා. හැබැයි ඕකට මහවැලිය හරියන්නෙ නෑ, නකල්ස් කඳු වැටියට ඉහලින් හිරු බැස්ස යන සැන්දෑවක දම්බරාව වැව් පිටියට එකතුවෙන්න තිබ්බනම් ගිටාර් කට්ටක් එහෙම හොයාගෙන...පොඩි ගිනි මැලයක් ගහල... පත්තරයො කියහංකො බං.
මොනා කියන්නද ඩෝ … බෝතලයක්ම බීගෙන බීගෙන ගිහිං හතරගාතෙ දාල බුදියනවා සේරටම කලිං මං…
Deleteඑදාටත්
බ්‍රෑන්ඩ් එක ගල්
- ස්තුතියි -
යකෝ මෙන්ඩියත් එළද බ්රාම තමයි...
Deleteවෙරි මට හොඳටම වෙරි කෙලින් යන්න බෑ..
මොනවද පෙව්වේ කෝ පාර පේන්නෑ.. කොක්ටේල් කියලා කලවම් කොරලා
පොවලා මගේ ඔළුව නෑ....
යනවා ලිස්සා මං හලෝ...
උඹලා ගිටාර් ගහපල්ලා .ඔන්න මම තමයි දර්බක් එක ගහන්නේ .....ඩොල්කිය උනත් මට අවුලක් නැ ..
Deleteඋඹලා ඕනැ එකක් ගහගනිල්ලා… බඩු ඉවරවෙන්න කලිං බස බස ගාල බීලා කබරය චූට්ටක් දාල ඒක උඩ දොයියනවා … කාණු පල්ලක් තිබුණනං තමා හොඳ.. ඒත් බිමත් අවුලක් නෑ !!! නින්ද යනකං විතරනේ …
Deleteසිංදුවා..
Deleteගිටාර් එක පත්තරයට ගහන්න කියමු. කකුලක් උඩින් දාගෙන ගහන ඩොල්කි පාරක් අහන්න ඇත්නම්... ෂහ්..
ආසිරි මංගල ගීත ගයා අපි
පැමිණියේ ගම්මානේ
නුපුරුදු දීගෙක පියවර තැබු අපි
ගොවීයෝ වූවානේ... නුපුරුදු ගම්මානේ...
කල් ගෙවනා කල පැල්පත තුල මා
ඈ සමගින් ලොලේ...
නුපුරුදු දීගෙක පියවර තැබු අපි
ගොවීයෝ වූවානේ... නුපුරුදු ගම්මානේ...
නුපුරුදු උදැල්ල කරේ තබාගෙන
ඇගේ ඇවටිලි මත්තේ...
පසුදා අළුයම කෙටුවා කෙටුවා
කර ගැට මගේ දෑතේ...//
ආසිරි මංගල...
පාගා ගත් බැත අරගෙන පැල්පත
දෙසටයි පිය නැගුවේ...
ගෙන ගිය වී ටික දමලා අටුවට
එය රැස් තැබුවේ...
ඔහොමයි කල් ගෙවුනේ
ආසිරි මංගල...
කල් ගෙවනා කල පැල්පත තුල මා
ඈ සමගින් ලොලේ...
ඇගේ ඇවටිලි මත පසු දා උදයම
ගියානේ වෙල්යායේ... නුපුරුදු ගම්මානේ...//
ගායනය :- ඇන්ටන් රොඩ්රිගෝ
එව්වා වානා පත්තරයෝ.. බොට එදාට තමයි ගිටාර් ගහල එපාවෙන්නෙ.
Deleteඅනික ඉතින් උඹ කබරය දාල එහෙම දපල හිටියොත් අලිය තෝව ලා උලු ගෙඩිය පොලොවෙ ගැහුව වගේ චප්ප කරල යයි වැව් පිට්ටනියෙම.
අනං මනං බෙහෙත් වලට
Deleteඇයි ගෙවන්නේ සල්ලි
ලොකු සල්ලි
ඕන ලෙඩක් හොඳ වෙනවා
බොන්න කොත්තමල්ලී
බොන්න මල්ලී
රුමේනියාවෙළු තියෙන්නේ
හොඳම කොත්තමල්ලී
ලංකාවට ගෙන්නන්නේ
අපේ අමල් මල්ලී
ලංකාවට ගෙන්නන්නේ
අපේ අමල් මල්ලී
බොමු අපි කොත්තමල්ලි
මොකටද විස්කි බ්‍රැන්ඩි //
බොන්න නංගි මල්ලි
සැවොම කොත්තමල්ලී
ඔය ලෙඩට දුකට
ඔබට පිහිට වෙන්නේ
කොත්තමල්ලී
අපේ පුංචිකාලේ
පොඩි උණක් හැදුණ වේලේ
මට මතක් වෙනවා අම්මා
කොත්තමල්ලි පෙව්ව කාලේ
අපට හැදුණ හැම ලෙඩටම
අම්මා දුන්න එකම බෙහෙත
කොත්තමල්ලී
තරුණ වෙන්න සමහර අය
විටමින් පෙති බොතී
විටමින් බොතී
එක්සසයිස් කරලා කරලා
සමහරුන්ට හතී
අනේ හතී
ඔය අරවා මේවා මොකුත් නොකර
කොල්ලා වගේ ඉන්නේ
මම තාමත් උදේ හවා
කොත්තමල්ලී බොන්නේ
පනහා පැනලා උනත් එයා
ෆිට් එකේම ඉන්නේ
බොමු අපි කොත්තමල්ලි
මොකටද විස්කි බ්‍රැන්ඩි //
බොන්න නංගි මල්ලි
සැවොම කොත්තමල්ලී
ඔය ලෙඩට දුකට
ඔබට පිහිට වෙන්නේ
කොත්තමල්ලී
අපේ පුංචිකාලේ
පොඩි උණක් හැදුණ වේලේ
මට මතක් වෙනවා අම්මා
කොත්තමල්ලි පෙව්ව කාලේ
අපට හැදුණ හැම ලෙඩටම
අම්මා දුන්න එකම බෙහෙත
කොත්තමල්ලී
බොමු අපි කොත්තමල්ලි
මොකටද විස්කි බ්‍රැන්ඩි //
බොන්න නංගි මල්ලි
සැවොම කොත්තමල්ලී
ඔය ලෙඩට දුකට
ඔබට පිහිට වෙන්නේ
කොත්තමල්ලී
අපේ පුංචිකාලේ
පොඩි උණක් හැදුණ වේලේ
මට මතක් වෙනවා අම්මා
කොත්තමල්ලි පෙව්ව කාලේ
අපට හැදුණ හැම ලෙඩටම
අම්මා දුන්න එකම බෙහෙත
කොත්තමල්ලී
බොමු අපි කොත්තමල්ලි
මොකටද විස්කි බ්‍රැන්ඩි //
ඕන නැහැ සෝඩා සැන්ඩි
නීට් බොමු කොත්තමල්ලි
අයිස් කැට එපා මල්ලි
උණු උණුවෙම බොන්න මල්ලි
බිව්වට කොත්තමල්ලි
ඩෝප් වෙන්නෑනේ මල්ලි
අපට හැදුන හැම ලෙඩටම
අම්මා දුන්න එකම බෙහෙත
කොත්තමල්ලී
මතට තිත.
ගායනය - ජිප්සීස්, සුනිල් පෙරේරා
දුම් වැටියේ දෙතෙල රැදි දුම් වැටියේ
Deleteසන්තෝසේ සන්තාපේ නුඔ නොවෙදෝ ලග සිටියේ දුම් වැටියේ
අද මිතුරෝ හෙට සතුරෝ
මට මතක ගායනය මේරියන්ස් නලින් පත්තර සින්දු මම වැරැදි නම් නිවැරදි කරන්න
නැවතත් බ්‍රැන්ඩ් එක ගල්
-ස්තුතියි-
ෂියට් කාටුන් එකක් අරන් වර නලින් අයියන්ඩිත් එනවා කිව්වා.
Deleteමෙන්ඩා මෙන්න ....
Deleteදුම් වැටියේ....දුම් වැටියේ
දෙතොල රැඳී දුම් වැටියේ
සන්තෝසේ සන්තාපේ ...
ඔබ නොවෙදෝ ලග හිටියේ දුම් වැටියේ ....
හද කැලබී ඇති මොහොතේ
ඔබ දෙතොලේ රඳවනවා
ඒ මොහොතේ ඔබ ඇසුරේ
සිත මාගේ සැනසෙනවා ....
දුම් වැටියේ ....
අද මිතුරෝ හෙට හතුරෝ
දුක් දෙනවා එරෙහි වෙලා
ඒවාගේ මතු දවසේ
ඔබ එයිදෝ සතුරු වෙලා ...
දුම් වැටියේ ....
ගායනය - මේරියන්ස්
(https://www.youtube.com/watch?v=Bc2bqa0y8mc)
මේ ගීය නම් මම අහලා තියෙනවා.. ලස්සන ගීයක් !
ReplyDeleteඇත්තෙන්ම මේ ගීය හරිම ලස්සන අරුත් පූර්ණ ගීයක්. ස්තූතියි මධුරංග.
Deleteකෝ මේ අපේ මෙන්ඩියා … එලද බ්‍රා !!!!!
ReplyDeleteඌ කොහේ එන්නද අන්න මගේ අර යක්ෂයා හංගපු එකේ පිස්සුවෙන් වගේ බ්‍රා පිළිබඳ දේශන පවත්වනවා. බේර ගන්න බෑ බං....
Deleteමෙන්ඩා ආවා..
Deleteසදුමල්ට මගේ ඩබල් සැලියුට් ගැහැව්වා.
අඩෝ සදුවා උඔට මම දෙනවා ස්පොර්ට් බ්‍රා එකක්.
හුටා...
Delete@පත්තරේ, ඔන්න බ්‍රා එක ඇවිත්!
Delete@දේශක \\මගේ අර යක්ෂයා හංගපු එකේ// පැහැදිලි නෑ.
@මෙන්ඩිස්, එහෙනම් මෙන්ඩියාට මං ගානෙ NIKE Pants දෙකක් එවන්නම්.
@විදානෙ, උඹටත් ඕනිද?
යකෝ මනෝෂ්,
Deleteඒ කියන්නේ මෙන්න මේක.. මට මේ ලින්ක් දාල එපා වෙලා ඉන්නේ.. හැක් හැක්..
@විදානේ,
Deleteචැහ්! දේශකයා ආවොත් ලැජ්ජාවෙ පණ යනවා. මෙච්චර ඉකමනට අමතක උනාද අහයි. මට ඒක ගානක් උනේම නෑනෙ බං.
විදානෙයො … ලින්ක් හෝ ගාල :D
Deleteඒකනෙ බං. විදානයා මතක ගබඩාවක්.
Deleteඅඩේ මේ දාපු ලින්ක් ටික.. මගේ අහිංසක මලදානෙටදැම්මනං හිට්ස්ම කීයක්ද?? (නමසියට තව දා හතයි අඩු) හැක් හැක්..
Deleteඋඹේ ඔය නවසීය බලාගන්න නිකමට දාහංකො හිට් කවුන්ටරේ... ඕ යේස්!!!
Deleteදැං විදානෙයට පෝස්ට් එහෙකට ටයිම් හරි !!!
Deleteමං මේ දත කට මැදං ඉන්නෙ … ඕ යේස්.
මනොෂ් ඔන්න කවුන්ටරේ ඇරියා.... ටක් ගාල බලාගනින්....
Delete@ පත්තරේ, පෝස්ට් එකක් නම් ලිව්වා... මට හිතට මදි...
මෙච්චරකල් මං සිරාවටම හිතුවෙ උඹ බොරුවක් කියනවකියලයි. ඒත් මට ශුවර් නෑ. උඹ කොම්පීටර් ජිල්මාට් එකක්ද කොහෙද දාලා. ඕං බලහං හෙට ඉඳන් ඕක රොකට් එක වගේ වෙයි. ඕ යේස්!!
Deleteපෝස්ට් එක හරි නැත්තෙ උඹේ හිතටනේ. පඬිය නොවී දාපන්කො ඉක්මනට.
තොට හරි නැති උනාට අපිට ඒකෙන් වැඩක් නෑ… හරි වැරැද්ද බලල කියන්නං අපි . දාපං එලකිරි වගේ …
Deleteඔව් බං පත්තරේ, මේකා පණ්ඩිතය වෙලානෙ. ඔන්න ඕක දාපන් ඉක්මනට.
Deleteවිදානේ ගේ ලින්ක් එකෙන් ආයමත් දේශ්ගේ පරන කථාවට ගියා ඌත් දාල තියනවා ලින්ක් එකක් එල ද බ්‍රා ලිපියක.
Deleteමම හෙට එන්නම්
ReplyDeleteඑල ද බ්‍රා … !!!!!
Deleteභු ධු ෂ ර න ය් !!!
Deleteමෙන්ඩියෝ,
Deleteආවෙ නැත්නම් බලාගන්නම්.
මචං පත්තරේ,
ඔය ෆැක්ට්‍රියේ බ්‍රෙෂියර් විතරද බං මහන්නෙ,
ඒක නෙවෙයි, ඔන්න විදානයා කබරයට ඔන්න මෙන්න.
yes, මචං අපේ පැක්ට්‍රිස් 2 ක් තියනවා දෙකේම මහන්නේ බ්‍රා සහ පැනටි. සමහර පැන්ටි, බ්‍රා ලංකාවේ අදින්න බෑ ඒතරම් පැෂනබල්.
Deleteඅපේ නම් හත් මාලුව වගේ. ජැකට්, හුඩී, කැමි, ටී ෂර්ට්, බ්‍රා.. හැම එකක්ම.
Deleteමට හිතාගන්න පුලුවන් එහෙනම් කොච්චර පැෂනබල්ද කියලා.
සිරාවටම නියමයි මචෝ!
ReplyDeleteගාමන්ට් කෙල්ලෙක්ගෙ ජීවිතෙ ඇයගෙ පවුලට දැනෙන විදිහ උඹ හොදට අල්ලන් තියෙනවා.
සිරාවටම අපෙ මිනිස්සු ඇයි බං මේ තරම් කුහක? //උඹ ගමෙන් ගිය දවස් වල ගමේ උන් නොයේක් කයි කතන්දර කිව්වා. අපේම නෑයො පවා. හැබැයි ඒ එකෙක්වත් එච්චර කාලෙකට අපිට හාල් මිටක් දීල නෑ. උන්නද මළාද බලල නෑ// මේ පොඩ්ඩ ඇතුලෙ ගොඩක් දේ කිය වෙනවා බං.
ඔතන මෙහෙම දේකුත් තියෙනවා මචං. මං අර පෝස්ට් එකේ අන්තිමට කිව්වෙ, මේ ගීතයට ඔබලා විසින්ම සාදාරණයක් ඉටුකරන්න කියලා. අනේ මංද බං නොතේරුම් කමටද, නැත්නම් වෙන මොකකට හරිද කියල, මං මේ කතාවෙ කියල තියෙනවා වගේ ගෑණු ලමයි මේ ක්ෂේස්ත්රයේ ඇත්තටම හරි හිඟයි බං. ගොඩක් අය උවමනාවෙන්ම ජීවිතේ වරද්දගන්නවා බං. ඒත් ඒකෙන් මේ වගේ අහිංසක එවුන් දිහත් අපේ නරුම සමාජෙ බලන්නෙ නරුම ඇහින්.
Deleteකොහොමත් ගෝත්රවාදී ලංකා ජාතිය මහ පුදුම ජාතියක්නෙ බං. මේක මහ නරුම සමාජයක් උඹ කිව්ව වගේ. තමන්ගෙ දාහක් ජඩකම් හංගගෙන වෙන කෙනෙක්ගෙ ඇදේ හොයන ජාතියක්නෙ බං මේ.
මචෝ මේක කියෙව්වම මට කවියක් ලියන්න හිතුනා මෙන්න මේ වගේ...
ReplyDelete(මං මචං පුරුදු විදියටම කවිය ලිව්වා)
දෑඟිලි සළු පට පටලා
ඉඳිකටුවට ඉඩ දෙනවා.
ජීවිත සළුපට හැම තැන
හිල් ගැහිලා වියැකෙනවා.
නිදි මරනා සේද කුමාරී ...............
පවුලම කරපිට පින්නා
දිවි සයුරට පැන්න කුමාරී ...................
ප්‍රේමය රාගයක් වෙලා
නුඹගෙ වටේ ඉගිලෙනවා.
ජීවිතයට හුරු නැති දුක
මැහුම් වලින් හැඩවෙනවා.
මුතු සොයනා සේද කුමාරී .................
සිනාවකින් මුව සරසා
නැතිබැරිකම් වසන කුමාරී ......................
කුසගිනි පරදන් කුස්සියෙ
බත් මුට්ටිය හිනැහෙනවා.
පාසල් යන්නට උන් ළඟ
පොත් පැන්සල් උපදිනවා.
නිවසේ ගිනි නිවස කුමාරී ................
දරු සෙනෙහස හද පුරවා
මව්පදවිය දරන කුමාරී ........................
ඔය කවිය ගැන වැඩි විස්තර මෙන්න මේ ලින්ක් එකේ ලියල තියනවා..
http://kurutugegeepawra.blogspot.com/2014/05/blog-post_12.html ඇත්තම කිව්වොත් මේ කවිය ඉස්සුවේ මෙතැනින්....
ජ ය වේ වා !!!
හැක්. ++++++++++++++++++++++
Deleteහුකෑස්…
Deleteමේ විදියටම නව නිර්මාණ කරන්න දිගටම !!!!
ඔබ සඳක් මැයි :D
කවියනම් උපරිමයි මචෝ.. ගීතය තරම්ම රසවත්. ඇත්තමයි මුලින්ම මං හිතුවෙ උඹ ලිව්ව කියලමයි. මේකත් අර එදා රෑ ලියපු සිංදුව වගේ නේද බං. උඹ ලියල ඉවරවෙලා බලනකොට නන්දා මාලිනී ඒක කියලනේ. මට තාමත් හිනා බං ඒක මතක් වෙනකොට.
Deleteබ්ලොග් ලොව කවි ලකුණ ඉතින් අපේ ගී පවුරනේ.
@ප්‍රියා,
Deleteකියල වැඩක්නෑ බං. මේක ඔහොම්මයි.
@පත්තරේ,
...ගනාන්ධකාරයෙන් නැඟී ආ...
සින්දුව නම් මාරයි සදුමල්........................
ReplyDeleteමේ තරම් සාර්ථක සංවේදනාවක් ගොඩනැගීමේ පළවෙනි ම රහස මං කියන්නද???? ඒ ඔබේ පසුබිම... රැකියා පසුබිම... අත්දැකීම්........... ඔබ වැනි හදවතක් තියෙන, සංවේදී මිනිසෙක් ඔය අහිංසකයින් වෙනුවෙන් ඉන්න එකත් මට නම් සතුටක්. පසුගිය දවස් ටිකේ අපේ අඩවිය පැත්තේ පොඩි වෙනස්කම් ටිකක් වුණා. දැන් කුරුටු ගෑ ගී පවුර එක්ක වැඩි පුරම ඉන්නේ අසංක.. ඉතින් එන්න බැරි වුණාට සමාවෙන්න ඕනේ.... අපි හැමදාම ඔබ සමගයි...........................
ඔබේ විචාරය ගැන කතා කරනවානම් මනෝෂ්... අපිට ආපහු කියන්න තියෙන්නේ පට්ට කියලා තමයි. මේ නිර්මාණය වෙනස් ම ආරක් ගත්ත ඉතා සංවේදී විදිහට ගලාගෙන යන ගීතයට උපරිම සාධාරණයක් කරනවා වෙනුවට ගීතය ඔසවා තබන්නට සමත් නිර්මාණයක් කියලයි අපි නම් දකින්නේ....... ඉතින් මනෝෂ් මේ අත්දැකීම් ඔබට ඕනෑ තරම් ඇති. මං ස්තූති වන්ත වෙනවා මේ ගීතය ඔබේ සංවේදී මනසින් මේ විදිහට විස්තර කරලා අපිට ඒ ගීතය දැනෙන්න ඉඩ දුන්නට... ඇත්තට ම මනෝෂ් ඔය මිනිස්සු අහිංසකයි. ඔය රස්සාව කරලා ලෝකේ අල්ලන්න බැහැ තමයි. ඒත් අර කියනවා වගේ දැන් යන්තම් ඔය අයගේ ගෙදර ලිප තුන් වේලක් පත්තු වෙනවා. ඒ පිනම ඇති කෙනෙකුට නිවන් දකින්න. ඒත් මනෝෂ් ඔය ක්ෂේත්රය ඇතුලේ වෙන ශ්‍රමය සූරා කෑම ගැන නම් එකග වෙන්න බැහැනේද??? මම දන්නෑ ඔබේ අදහස් කොහොමද කියලා. ඒත් ඒ අහිංසකයින් ලග ඔබ වැන්නන් සිටීම ගැන නම් අපි ආයෙමත් ස්තූතිවන්ත වෙන බව කියන්න ඕනේ......................
ඔක්කොටම කලින් කාලෙකට පස්සෙ හරි ගී පවුරෙ කමෙන්ට් එකක් දැක්ක එක මට මහමෙරක් වගේ සතුටක්. මොකද මාව මේ තැනට එක්කගෙන ආව ගමන් මගේ මුල්ම පියවර ඔබ. ඉතින් ඔබගේ අදහස් නිතර මට වටිනවා. ඉතින් ගොඩාක් ස්තූතියි ඔබේ මේ දිරිගැන්වීමට. කවදත් වගේ අදත් ලැබුනේ හිතට ශක්තියක් වෙන හද පිරිල යන කමෙන්ට් එකක් ඔබෙන්.
Deleteගී පවුරේ, මේ අදත්, හැමදාමත් මං දකිනවා අපේ අහිංසක දුප්පත් කෙල්ලො කොල්ලෙ මේ රැකියාව තුල විඳින දුක. සොච්චම් පඩියකට තමන්ගෙ මුලු ශ්‍රමයම දියකරල දාන හැටි. ඒ ගන්න සොච්චමෙන් හරි අමාරුවෙන් උනත් පියෙන් පිය උන් ජීවිතේ හරි ලස්සනට පෙළ ගහගන්න හැටි. ශ්‍රම සූරාකෑමේ උල්පතක් මේ ක්ෂේත්රය. නමුත් වර්ථමානයේනම් මෙය කෙමෙන් අඩුවී යනවා. මං සේවය කරන ආයතනයනම් සේවක සුබසාදනය අතින් බොහෝම ඉදිරියෙන් ඉන්නවා. නමුත් තව වර්ධානය වෙන්න ඕනි පැති ගොඩක් තියෙනවා ගී පවුරේ. කොහොම උනත් තාමත් ඇත්ත කතාව "ගාමන්ට් වල කැඹුරුම් න්‍යාය තමයි තියෙන්නෙ."
නැවතත් ස්තූත්යි ගී පවුරට. හැකිනම් මඟ හැරුනු ලිපිත් කියවන්න අදහස් නොදක්වා හෝ..
දැං 11.52 යි අදට ලින්ක් දාල ඉවරයි.. දැං නිදිමතයි.. මට ගුඩ් නයිට්.. මට බුදු සරණයි..
ReplyDeleteමට ජ ය වේ වා!!!
ආ ඔය පැත්තට 11.52යිද මචෝ. මහියංගනේට තාම 11.10යි. ශ්‍රී ලංකාව කියන්නෙ මහ විසාල රටක් නොවැ.
Deleteමට පේන්නෙ බෝතලයක්ම තනියෙන් බීලද කොහෙද. හැක්! හැක්!!
නැවත්ත බුදුසරණයි! නැවතත් ජයවේවා!!
අනේ මන්ද මල්ලියො ...... කොහොම කියන්නද කියල.......
ReplyDeleteඋඹ ලබපු/දුටුව අත්දැකීම් නිසාද මන්ද මෙතරම් සිතට දැනෙන ලෙසට අකුරු වෙන්නෙ ......
ලියවිල්ල අති විශිෂ්ටයි''''''''''''''''!!!
PM මලයටත් Thnx ......................................
සමහර විට එහෙම වෙන්න ඇති කෙන්ජි අයියේ. කොහොම උනත් මේ සිංදුව පත්තරේ මට අහන්න දුන්නු වෙලාවෙ ඉඳල කියාගන්න බැරි හැඟීමක් මටත් දැනුනා. තාමත් එහෙමයි. ඒ දැනුනු දේ අකුරු කරන්න ගත්ත උත්සාහය තමයි මේ. ගොඩාක්ම ස්තූතියි කෙන්ජි අයියටත්.
Deleteලොකු මාමා … ජයවේවා එකෙන්ම ඈ !!!!!
Deleteඅනිවාරෙන්ම පත්තරයෝ...අනිවාරෙන්ම..
Deleteමේ ගීය මීට පෙර අසා තිබුණත් , එය නියම විදියට වින්ඳේ ඔබේ මේ අකුරු රටාව නිසාමයි . බොහොම ස්තුතියි මේ තරම් හදවතට දැනෙන සටහනකින් අප ඇමතුවාට .
ReplyDeleteඔබේ බස , ලිවීමේ රටාව අතිශ්‍යයින් සුන්දරයි , අගය කළ යුතුමැයි .
ස්තුතියි ඔබට
මහේෂ්, කාලෙකින් දැක්කෙ. ඒත් එදා වගේම සංවේදියි ඔබේ මේ වටිනා කමෙන්ටුව. මේ අගය කිරීමට බෙහෙවින්ම ස්තූතියි ඔබට.
Deleteපට්ට මචෝ....
ReplyDeleteමට බොක්කටම දැනුන...
මට දැනුන හැමදේම අකුරු කරන්න කැමති නෑ මම..
ඒ හැගීමට ලෝබයි... කියාගන්න බැරි තරං...
ස්තූතියි මේක මෙහෙම ලීවට...
කව්රු මොනා කීවත් මට දැනුන විදිය ගැනකියන්න වචන නෑ...
පරක්කු වුනාට සොරි හොදේ...
ජයවේවා
ඒකත් පට්ට...
Delete@මහේෂ්..
Deleteඅනේ මචෝ පරක්කුවක් නෑ. කොයි වෙලාවෙ හරි උඹල මං ලියන ඒවා කියවනවනේ. නරක දේට නරකයි කියල මාව හරි පාරට ගන්නවා වගේම හොඳ දේ ඔබ ලෝබ නැතිව අගේ කරනවා. ඒක හරිම උතුම් ගුණයක්. ස්තූතියි මහේෂ්. ස්තූතියි ගොඩක්ම.
@දේශක,
Deleteඔව් දේශක, මහේශ්ගෙ කමෙන්ට් එක ලිපියට දෙවෙනි නෑ. උපරිමයි.
මට නම් හැමදේකටම වැඩිය හිත රැදුනේ ලියලා තියෙන ලියුමට... සිරාවටම උඹ එක ලියලා තියෙනවා..
ReplyDelete100% දිනේෂ් මල්ලිය .....
Deleteබොහොමත්ම ස්තූතියි දිනේෂ්... ඔබේ අදහස් නිතර මාව දිරිගන්වනවා..
Deleteකෙන්ජි අයියේ ඔයාටත් ආයෙමත් ස්තූතියි..
Deleteඅම්මියෝ.... අර ලියුම..ඒකනම් මරු.. මුලු ජීවිතයක්ම ඒ එක ලියුමක කැටි කරලා තියෙනවා... නියමයි මනෝශ්...
ReplyDeleteඇත්ත සුසී, මේ අහිංසකයන්ගේ ජීවිත කතා ගොඩාක් මේ වගේ තමයි. ස්තූතියි ඔබටත්..
Deleteසඳරු...මේක ඇත්තටම හිතට වදින විදියට ලියල තියෙනවා.
ReplyDeleteඅර උඩින් කමෙන්ට් එකක තියෙනවා වගේ උඹට මේ හැකියාව ලැබිල තියෙන්නේ වෙන මොකකින් වත් නොවේ..ඇත්තම ජීවිත අත්දැකීම් වලින්.
මේ සින්දුව මට අහන්න ලැබුනේ මම රස්සාවකට යන්නත් කලින් ඉස්කෝලේ යන කාලේ. ඒ මීට අවුරුදු 8 කට විතර උඩදී.
ඒ කාලෙදිත් ගාමන්ට් වල රස්සා කරන අහිංසක ළමයි ගැන රටේ ලෝකේ කියන කුණුහරුප කතන්දර ගැන බොහොම වයිරෙකින් හිට්යේ.
අන්තිමේදී මටත් මගේ මුල්ම රස්සාව ලැබුනේ වෙළඳ කලාපේ කමයි. ගාමන්ට් නම් නෙමෙයි. වෙන නිෂ්පාදනයක්. එත් ඉතින් අපිත් එක්ක වැඩ කරන ගොඩක් දෙනෙක්ගේ ජීවිත කතාවල මොකක්දෝ සමානකමක් මට අත්දකින්න ලැබුන.
සමහර අයගේ කතා ඇහුවම ඇත්තටම අපි ඉන්නේ අපි හිතන් ඉන්න ලන්කාවෙමද කියල වෙලාවකට හිතෙනවා.
එච්චරටම ප්‍රශ්න වලින් මිරිකිච්ච පවුල් වල ගෑණු ළමයි මෙහෙ ඇවිල්ල මැෂින් පාගල හරි හම්බ කරලා තම තමන්ගේ පවුල් නඩත්තු කරනවා.
එත් ඒ වගේ කිසිම ප්‍රශ්නයක් නැති ගානට හැමෝ එක්කම ලස්සන සුන්දර හිනාවකින් මූණ සරසාගෙන ඉන්නවා.
මෙතන තව පැත්තක් තියෙනවා බහුතර ය ඔය ගොඩට වැටුනට මෙහෙ ආවයින් පස්සේ ගම පළාත අමතක කරන මහා නරුම සෙට් එකකුත් ඉන්නවා. එහෙම ඉන්නේ බොහොම සුළු පිරිසක්.
මෙහෙට ආවයින් පස්සේ ෆුල් මොඩ් වෙලා, අර ගමෙන් ගෙනා පු සරල කම සුන්දරකම, අහින්දක කම පැත්තකට දාල එක එකාගේ කාම භාණ්ඩ වෙච්ච අයත් මේ අතර ඉන්නවා.
ඒවගේ බදු ගැන මම මෙතන කතා කරන්නේ නැහැ. මොකද බහුතරය එහෙම නොවන නිසා.
කොහොම හරි සඳරුව අද විභීෂණ ගේ පපුව හෝස් ගාල පත්තුවෙන විදියේ පොස්ට් එකක් දාල තියෙනවා.
සුබ පැතුම් මචන්...
ඇයි මොකෝ...
Delete\\මෙතන තව පැත්තක් තියෙනවා බහුතර ය ඔය ගොඩට වැටුනට මෙහෙ ආවයින් පස්සේ ගම පළාත අමතක කරන මහා නරුම සෙට් එකකුත් ඉන්නවා. එහෙම ඉන්නේ බොහොම සුළු පිරිසක්.
Deleteමෙහෙට ආවයින් පස්සේ ෆුල් මොඩ් වෙලා, අර ගමෙන් ගෙනා පු සරල කම සුන්දරකම, අහින්දක කම පැත්තකට දාල එක එකාගේ කාම භාණ්ඩ වෙච්ච අයත් මේ අතර ඉන්නවා. //
ඔබ කියන මෙන්න මේ කතා දෙකම සීයට දෙසීයක් ඇත්ත විභීෂණ. මටනම් හිතෙන විදියට, මගේ අත්දැකීම් වල හැටියට සීයට අනූපහක්ම මේ තත්වෙට පත්වෙනවා. මේ ගීතයේ වගේ මහ පොලොවෙ පයගහගෙන ඉන්න රත්තරන් කෙල්ලො ඉන්නෙ හරිම දුර්ලබව මේ ක්ෂේත්රයේ. ඒකයි මං පෝස්ට් එකේ අන්තිමට කිව්වෙ "ඔබලා වෙනුවෙන් ගැයෙන මේ ගීයට ඔබලා විසින්ම සාදාරණයක් ඉටුකරලන්න කියලා"
නගරෙට එන ගමේ අය ගැන මොන කතාද විභීෂණ, මං ඉන්න වැඩකරන ආය්තනය තියෙන්නෙ අඩුම මහියංගණ ටවුන් එකේවත් නෙවෙයි. ඊටත් කීමී දාහතක් විතර දුර පිටිසර ගමක් මැද. ඒකට එන මේ ගම් වල ගෑනු ළමයිනුත් ඇතුලට ඇවිත් මාස දෙකෙන් තුනෙන් කොච්චර වෙනස් වෙනවද. එතකොටනම් අනන්ත හිතෙනවා මේ කෑලෑ මල් වලට කෑලේම ඉන්න ඇරියනම් කොච්චර හොඳයිද කියලා.
ඔබේ මේ අදහස් ගොඩක්ම වටිනවා. ඒවා මෙහෙම බෙදාගන්නවට ගොඩක්ම ස්තූතියි.
විභීෂණ මචං..
Delete( ++++++++++++ ) කියල මම අදහස් කරේ උඹ සමඟ එකඟයි කියන දේ. උඹට ඒක අවුල් වගේ නං මකල දාන්නං.. කිසි අවුලක් නෑ.
මම දන්නවා බන්. මම ඔය කමෙන්ට් එක ගොඩ දෙනෙක් දානවා දැකලත් තියෙනව. මම ඔකේ තේරුමත් දන්නවා. අරහෙම ඇහුවේ නික ජෝක් එකට. මට නම් උඹේ කමෙන්ට් එකේ කිසිම අවුලක් නැහැ..එත් මම ඒව වචන ටික " ඇයි මොකෝ " කියල අහපු විදිය පොඩ්ඩක් සැර වැඩි වගේ. අවුලක් ගියානම් සමා වෙයන්..
Deleteඅවුලක් ගන්න එපා මචන්..
පිස්සුදෑ බං මොන අවුලක්ද.… . මං හිතුව උඹ වැරදියට තේරුම් අරං වත් දෝ කියල.. . වලිගෙ පොඩ්ඩක් පෑගුණා මචෝ ගනං ගන්ඩෙපා ඈ. ..:D
Deleteok. machaaaaannn...
Deleteයකෝ මුංගෙ හොස්ස ළඟින් මැස්ස යන්න බෑනෙ. මෙන්න මෙහෙ වරෙවු. අන්න බාර් එක ආයෙ ඇරලා.. හෙක්! හෙක්!!
Deleteමචන් පත්තරේ...යං යං ..
Deleteආයෙ මොනවද … එකෙන්ම අපි විභීෂණ මචෝ
Deleteබ්‍රෑන්ඩ් එක ගල්
- ස්තුතියි -
මනොෂ්..මේ තියෙන්නේ ඔය සින්දුව ගිය කාලෙම ප්‍රචාරය වෙච්ච තවත් සින්දු වක් .
ReplyDeletehttps://www.youtube.com/watch?v=btSE6GMgl-o
ඇත්ත.. ගොඩාක් ජනප්‍රිය වෙච්ච හරිම සංවේදී ගීයක්. ඇඟලුම් සේවිකාවන්ට සමාජයේ තිබ්බ පහත් ආකල්ප ගොඩක්, ඔය ගීය නිසා අඩුවෙලා ගියා. ගොඩක් ස්තූත්යි විභීෂණ මේ ගීය මෙතනට අරන් ආවට..
Deleteමනෝෂ්...සමාවෙන්න ඔබේ පැත්තෙ එන්න මේ තරම් පරක්කු වුණාට...මම අසංක...මම කලිනුත් කිව්ව වගේ විචාර කරන්න ගොඩක් දක්ෂ නෑ...ඒත් මගේ හදවතට දැනුණු දේ කියන්න තවමත් පරක්කු නෑ කියලා හිතෙනවා....මේ සින්දුව මේ තරම් පපුවටම දැනෙයි කියලා මම හිතුවෙ නෑ....ඒත් ඔබ ඒ ගීතය වෙනුවෙන් කරලා තියන අතිශය සාධාරණ සංවේදී පැහැදිලි කිරීමත් එක්ක මේ ගීතය මගේ ඇස් වලට කඳුළු ගේන්න සමත් වුණා...ඒ කඳුළු ආවේ ඇයි කියන්න මම දන්නෙ නෑ...මම හිතන්නෙ ඒක තමයි තාමත් අපේ හිත් ඇතුලෙ ඉතිරිවෙලා තියන මනුස්සකම, අනුන් ගැන හිතන එක, අනුන්ගෙ ජීවිත අපි තුළින් විනිවිද දැකගන්න තරමට අපි සංවේදී හදවත් ඇත්තවුන් වීම...මන්දා...මම මීට වැඩිය මොකුත් කියන්නෙ නෑ...අපේ සිංහල ගීත කොයිතරම් අර්ථවත්ද කියලත් මට දැනුණා...
ReplyDeleteඇත්තෙන්ම ගී පවුඒ කිසිම පමාවක් නෑ. අපේ හිත් වලට දැනෙන අතිශය මානුෂීය හැඟීම් වලට කාලයක් වෙන් කරන්නෙ කොහොමද.කියවූ වෙලාවේ ඔබේ හදවතට දැනුන අවංක හැඟීම මෙහෙම බෙදාගන්නෙකයි වටිනාකම. ඒකට කාලයක් වෙලාවක් නෑ. පමාවකුත් නෑ. මං ලියපු දේ නිසා ඔබ මෙතරම්ම සංවේදී උනානම් ඒ තමයි මගේ සාර්ථකත්වය. එමෙන්ම ඔබ ගීතය කෙරෙහි වඩා සංවේදී වීම සහ සාකච්ඡාකල සමාජ කොට්ඨාශය පිළිබඳ වඩා දයාබරව බැලීම තමයි මා ලැබූ ජයග්‍රහනය. ඇත්තෙන්ම සියදහස් වාරය ස්තූතියි ගී පවුරේ..
Deleteසන්නාලියනේ සන්නාලියනේ
ReplyDeleteමේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද ඇදුම වියන්නේ / /
මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ
මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ
ඊයේ ඉපදුනු කුලුදුල් දූටයි
මේ පොඩි ඇදුම වියන්නේ
සන්නාලියනේ සන්නාලියනේ
මේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සන කරලා
කාටද ඇදුම වියන්නේ / /
සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ
සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇදුම වියන්නේ
ඒ කුලුදුල් දූ දීගෙක දෙන්නයි
මංගල ඇදුම වියන්නේ
සන්නාලියනේ සන්නාලියනේ
සීතල හද එළියේ
මැළවුණු මුහුණින් වෙව්ලන දෑතින්
කාටද සලුව වියන්නේ
හීතල සලුව වියන්නේ
කණකොක් තටුවේ සුදුමැලි පාටින්
සීතල සලුව වියන්නේ
කාටද සලුව වියන්නේ
කණකොක් තටුවේ සුදුමැලි පාටින්
සීතල සලුව වියන්නේ
මියගිය ඇයගේ මිනිය වහන්නයි
සීතල සලුව වියන්නේ....
පද රචනය - මහගම සේකර
සංවේදී හදවතක් ඇති ඔබට උපහාරය!!!
ඔබට ස්තූතියි...
Deleteඑමෙන්ම ඉතාම සාදරයෙන් පිළිගන්නවා මේ ඉසව්වට.
මේ බ්ලොග් එක මගේ බ්ලොග් රෝලෙ අප්ඩේට් වෙන්නෙ නෑනෙ? විසඳුමක් දෙන්න බැරිද?
Deleteඔයාගෙ බ්ලොග් එක පටන්ගත්තට පස්සෙ තාම මං එක පෝස්ට් එකක්වත් දැම්මෙ නෑනෙ. සමහර විට ඒ නිසා වෙන්නැති. මං ඊළඟ පෝස්ට් එක දැම්මම බලමුකො.
Delete