Pages

Sandumal

Sandumal

Thursday, August 7, 2014

•පියසටහන්

"ජීවිත වැලි මළුවේ ගැඹුරටම එරුණු පියසටහන්..."





අද මං මේ කියන්න හදන්නෙ ටිකක් වෙනස් විදියෙ දෙයක්. ඇත්තෙන්ම අද මං ඔයාලට ගීත විචාරයක්වත්, සංවේදනාවක්වත් අරන් ආවෙ නෑ. ඒත් යමක් රන් ආවා. කියන්න හිතාගෙන ආවා. මේක එක්තරා ආකාරයක ඉල්ලීමක් විදියටත් කියන්න පුලුවන්.

කෙලින්ම මාතෘකාවට එන්නම්. අද මගේ කවිකාරි අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා. මේ කවිකාරි ගැන මීට කලින් වතාවකද දෙකකදි මං පුංචි ඉඟියක් ඔයාලට දුන්නා. ඔව්.. මගේ නිසා කියනවා නෙවෙයි. ඇය බොහෝම ලස්සනට කවි ලියනවා. නිසැඳැස් ලියනවා. එහෙම ලියපු කවි පොතක් එයා ළඟ තියෙනවා. ඒ ලියන බොහෝ දේවල් එයාගෙ ජීවිතේ එයාගෙ හිත සසල කරපු, පහන් කරපු, නිසල කරපු දේවල්. කොටින්ම සැබෑ ජීවන අත්දැකීම්. ඉතින් සයිබර් ලෝකෙ හුඟක්ම නුහුරු මේ කවිකාරිට මං කීපවතාවක්ම ඇවිටිලි කලා බ්ලොග් පිටුවක මේ නිර්මාණ අලවල තියමු කියල. ඒත් එයා ඒකට කැමති උනේම නෑ. කොටින්ම එයා ලියන ඒ දේවල් මට හැර වෙන කෙනෙක්ට පෙන්නන්නවත් එයා කැමතිත් නෑ.

"මං මේව ලියන්නෙ මගේ ආත්ම තෘප්තියට, ඉතින් ඒක එතනින් ඉවරයි. මේව මෙහෙම හරි පොතක ලියල එකතුකලේ ඔයා බල කරපු නිසා. ඉතින් මේව මොනාටද බ්ලොග් එකක් දාන්නෙ?"

ඔන්න යෝජනාව ගෙනාව වෙලේ එයා කිව්ව එක. ඒත් මං කිව්වෙ, කවුරු කියෙව්වත් නැතත් මේව මේ කොල කෑලි වල තියෙනවට වඩා සයිබර් අවකාශයේ කොහේ හරි පරිස්සමට අරන් තිබ්බම තව අවුරුදු සීයක් උනත් තියෙයි. කවදාහරි ඔයාටම මේව කියවන්න ලැබෙනකොට මීටත් වඩා ආත්ම තෘප්තියක් දැනෙයි. ඒ නිසා ප්ලීස් අපි බ්ලොග් එකක් පටන් ගමු කියලයි.

ඔන්න ඔහොමයි මේ නුහුරු ලෝකෙට මේ කවිකාරි එක්ක එන්න පාර කැපුනෙ. බ්ලොග් නුහුරු මටත් මේ සංස්කෘතිය අලුත් එකේ මේ කවිකාරිට මේ ගමන කොහොමත් අමාරුයි. මං ලියන බ්ලොග් සටහන් කියවල ඒවගේ ඔයාලා දාන කමෙන්ට්ස් කියවල බ්ලොග් කියන වචනෙ ගැන ඉස් ඉස්සෙල්ලාම දැනගත්ත මගේ කවි කාරිට මේ නුහුරු ලෝකෙට එන්න අත්වැලක් වෙන්න පුංචි සහයෝගයක් දුන්නා.

ඉතින් මං දන්නවා මේ බ්ලොග් ලෝකෙ ඉන්න ඔයාලා ගොඩක් දෙනා කවි රසවිඳින, නිසැඳැස් ලියන සොඳුරු රසවතුන් කියලා. ඉතින් මේ සුහද ආරාධනය ඔයාල හැමෝටමයි. මගේ කවිකාරිගේ බ්ලොග් අඩවියට ගොඩවැදී බලන්න. මේ නුපුරුදු ලෝකෙට හුරු වීමට ඇයට ඔබේ අත්වැල මහමෙරක් තරම් වේවි. ඔබේ අදහසක් ඇයට පහන් වැටක් වේවි. මේ පුංචි කාලෙදි ඔයාලා හැමෝම මට දුන්නු සහයෝගය, අත්වැල ඇයටත් ලබා දෙන ලෙස ඔබෙන් මම ඉල්ලා සිටින්නෙමි.

ඒ වගේම බ්ලොග් සින්ඩි පවත්වාගෙන යන දයාබර සොයුරු සොයුරියනි, ඔබගේ සින්ඩියට මේ අඩවියත් එකතුකරගන්නා මෙන් දයාබරව ඉල්ලනවා.


ජීවන වැලි මලුවෙහි සටහන් වූ "පියසටහන්" සමඟින් ඇයත් සමඟ අපිත් ඇවිද යමු..




"පියසටහන් මැකී නොමැත තව
මා ආ දිගු ගමනේ
මගේම පියවර මත පියනගමින්
ඔබ එනු දුටුවෙමි මා ලුහුබදිමින්
පියසටහන් මැකී නොමැත

ගිරි ශිඛර මුදුන්වල, වන ලැහැබේ අතු අග
දෝංකාර  දුන් එදා ගැයූ ගී
 මා ඔබට ගැයූ ගී
ඇසේද තවමත් ඇලේ දොළ් ගලනා ගීයේ

රලු බොරලු ගමන් මග
වැලිතලා වැනිය අද
හැරීබලමි මම
ඔබේ ඇසින්
ඔබ නොදුටු ඇසින්
නොවේද මතුවට ඔබත් මමත් හමුවන දවසක්
"

පද රචනය : සුනිල් ගමගේ
සංගීතය : ගුණදාස කපුගේ
ගායනය : ගුණදාස කපුගේ



*******************************************************************************




43 comments:

  1. ඔන්න ගිහින් එල්ලුනා ඒ පැත්තෙ ....කපු ගේ ශුරින් ගේ මං කැමතිම ගීතයක් මේක (ඇත්තටම අකමැති එකක් නෑ )

    ReplyDelete
    Replies
    1. එකෙන්ම. ඔන්න පළමු රසවතා සහෝදර. ගොඩාක් ස්තූතියි මචං.

      ඇත්ත බං, මෙන්න මේක හොඳ නෑ කියල අහකදාන්න පුලුවන් එක ගීතයක්වත් නෑ කපුගේ ශූරීන්ගෙ.

      Delete
  2. ඉස්සර හීන් කවි කිවා වේට ගාව
    දත් දම්පාට කර කර මාදං කැව
    බත් ටික රැගෙන අව්වේ කුබුරට ආව
    ඩිංගිරි නගේ ආඩම්බර නුබ ගාව ....

    පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව හා සංගීතය: සරත් ද අල්විස්
    ගායනය: අබේවර්ධන බාලසූරිය

    ReplyDelete
    Replies
    1. ඉස්සර හීන් කවි කිවා වැට ගාව

      විය යුතුය .........

      Delete
    2. ඇනෝ මචෝ... අලංකාර ගීතයකින්ම වර්ණවත් කලාට උඹටත් අනේක වාරයක් ස්තූතියි..

      Delete
    3. මනෝ එකට වඩා මේක හොදයි වගේ ...

      පීදෙන ගොයමේ නෑබූල් සුවදින් ඔකද වෙලා
      එගොඩ ගොඩේ ඔබ කවි කියනා විට පැලට වෙලා
      දුනුකේ ඉහිරුනු නිල් තණ පලසේ වාඩි වෙලා
      මෙගොඩ ගොඩේ මම අසා සිටින්නම් උදේ හවා...........

      ගායනය - නන්දා මාලනී

      Delete
    4. දෙකම හොඳයි මචෝ.. ඇයි එතකොට මේක කොහොමද?

      ඈත එපිට ගම්මානෙන් නැඟ එන බටලී හඬ අතරේ..
      ඉතාම දුක්බර කවියක් නැඟෑයි ඇය නිදි නොමැති පැලේ..

      එතෙන්ට එනකල් විතරයි හොඳේ...

      Delete
  3. උණුසුම් සුභපතුම්.. මනොෂ්.. සහ කවි කා රි ට....
    ඒ පැත්තෙ ගිහිං එල්ලෙන්නං...

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. විදානේ,

      අරාධනාව පිළිඅරන් මේ දුන්න සහයෝගයට බොහෝම ස්තූතියි..

      Delete
    2. පත්තරේ මචං,

      තව ටිකක් ලෝඩ් කරගෙන අද්දමු.

      Delete
  4. පාර පෙන්නුවට ස්තූතියි මචෝ. ගිහින්ම කියවලා බලමු.

    දැන් ඉතිං දෙන්නම ලියන්නයි තියෙන්නෙ ලෙසටම.

    ජයවේවා…!!!!

    ReplyDelete
    Replies
    1. මමයි මචෝ ස්තූති කරන්නෝනි. හැමදාම ළඟ රැඳෙන මගේම සහෝදරයො වගෙයි මට උඹල.

      Delete
  5. ඔබේ කවිකාරී බලන්නට ගියෙමි...:)

    ReplyDelete
    Replies
    1. ආරධනාව පිළිගත්තට ගොඩාක්ම ස්තූතියි මනෝජ්..

      Delete
  6. ඒ පැත්තට ගියා මනෝෂ්..ඇයත් සොඳුරු කවිකාරියක්........

    ReplyDelete
    Replies
    1. හැමදාමත් ගී පවුර හැමදේදිම ළඟින්ම ඉන්නවා. ස්තූතියි ගී පවුරේ... ඇත්තෙන්ම ඇය සොඳුරු කවිකාරියක්.

      Delete
  7. හත් ඉලව්වයි … ඒ පාර වෙන්ඩ නෝන මහත්තැං ෂීන්ස් එකට එන්ටර් වෙලා නේ .…
    ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
    ජය වේවා එකෙන්ම …

    ජය වේවා එකෙන්ම …

    අපේ බ්‍රැන්ඩ් එක ගල් … ස්තුතියි !!!!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං, වෙන්ඩ නෝනත් එන්ටර් කරගත්ත සීන් කෝන් එකට. අවුලක් නෑනේ?

      "ඔබයි සෞම්‍ය තරු එළිය
      ගිම්හාන කාලේ..."

      උඹනම් කියයි, මං එපැයි ඕවට උත්තර බඳින්න.

      අනේක වාරයක් ස්තූතියි බොක්කෝ උඹටත්..

      Delete
    2. පත්තරේ මු වෙන්ඞ නෝනාට කියලා අපි බොන්නේ නෑ කියලා හරි මචං අපි බිලා ඉතුරැ උනොත් නානවා.

      Delete
    3. මං උඹලට කොච්චර හොඳ කාඩ් ටිකක්ද දීල තිබුනෙ.

      Delete
  8. මට ඉතිං කවිත් එකක් වලියක් තියෙනවනෙ... ඒත් ඔන්න එල්ලුනා...

    මං කවි කියෝනව.. කියවල සද්ද නැතුව මාරැ වෙනව... හැබැයි පුතෝ මගෙන් කමෙන්ට් නං වැටෙන්නෙ නෑ ... මොකද මං කවි වලට කමෙන්ට් දාන්නෙ නෑ .. ( දාන්න ගියොත් ඇදගෙන නානව... හි හි)

    ReplyDelete
    Replies
    1. ඒක කිව්ව විදියනෙ අපූරු. දැනට අපි කවි වලට සටන් විරාමයක් තියමු.

      ඇත්තෙන්ම ස්තූතියි ඔබටත්.

      Delete
  9. ඔන්න මමත් එල්ලුනා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දොස්තර මහත්තයෝ..

      Delete
  10. අර බ්ලොග් එක පියසටහන් නෙවැ…
    මේකෙ නම වෙනස් කරමු සංසාරේ පියසටහන් කියල,
    මොකෝ ඒ නාට්ටිය යන්නෙත් පෝයට විතරයි මේකෙ පෝස්ට් දන්නෙ පෝයට විතරයි නෙවැ … ඕ යේස්.

    ReplyDelete
    Replies
    1. චැහ්..! මට ලැජ්ජාවේ බෑ බොල. තාම ඒ තත්වෙට වැටුණෙ නෑ බං. යන්තම් ජාමෙ බේරගෙන මාසෙට තුන හතරක් දාගන්නවා.

      Delete
    2. බොට ඕවා අහන්න වෙන්නෑනෙ මම වගේ කම්මැලි නැතිව ලිව්වනම් ඇරලා දාලා. :D

      Delete
    3. අම්මප බොල මගේ කට! මායි පත්තරයයි එකතුවෙලා බොට තමා ඊළඟට කැටේ අදින්නෙ සඳුදට කලින් මොනාහරි නොලිව්වොත්. ඕ යේස්!!!!!

      Delete
    4. කම්මැලි නොවී මං වගේ මාසෙට 20 ක් විතර දැම්මනං හරිනේ................

      Delete
    5. ඒ අනික. ප්‍රියයි විදානෙයි දෙන්න එකට ආඳන්න පුලුවන්. මාත් හොඳා තන්ඩලේට.

      Delete
  11. ඔන්න මාත් ඒ පැත්තේ ගිහින් ආවා..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් ඉතින් කොහොමත් සාහිත්‍යවේදියානෙ අපේ. ස්තූතියි මචෝ...

      Delete
  12. හිහි..
    මූ ඒකටත් සිංදුවක් දාල නෙව...
    හිකිස්...
    පට්ට ඈ...
    ඔන්න මාත් ඒ පැත්තෙ යනව

    ReplyDelete
    Replies
    1. "පියසටහන් මැකී නොමැත තව..."

      හොඳයි නේද මචෝ සිංදුව..

      ගිහින් අදහසක් දීපන්කො සහෝ...ස්තූතියි ගොඩක්ම.

      Delete
  13. අපිත් ගියා මචෝ දැන් දැක්කෙ එල වැඩේ.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් කොල්ලෝ.. උඹත් සිනා සාගරයක්නෙ. පිංතූරෙ විදියටම.

      Delete
  14. මාත් ඒ පැත්තට ගොඩ වේලා එන්නම්..

    ReplyDelete
    Replies
    1. මධුරංග කාලෙකින් මේ පැත්තෙ. වෙල්කම් බැක්.

      ගිහින් බලාගෙන එන්නකො එහෙනම්.

      Delete
  15. ඔන්න අපිත් ඒ පැත්තට ගොඩ වුනා... දෙන්නටම දිගු ගමනකට හදවතින්ම සුබ පතනවා...

    ReplyDelete
    Replies
    1. තුශානිත් මේ ගමනෙදි අපිත් එක්කම රැඳිලා ඉන්නවනේ. ගොඩක්ම ස්තූතියි ඔබටත්.

      Delete
  16. ගිහින් කමන්ටුවක් කොටලා අාවෙ. නිසදැස එල ද බ්‍රා.
    උඔ ඒ නංගාව මුනගැහෙන්න යනවා නම් හෙල්මට් එකක් අරන් පලයන් උඔව මරන්න හොයනවා.

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුව??? හරි ශෝක් කමෙන්ටුව! අම්මප අතින් අල්ලගන්න පුලුවන් දුරක හිටියනම් උඹ!!!

      එළ මචෝ එළ. කවදටත් වඩා සමීපබවක් දැනෙනවා මෙහෙම ආතල් ගන්නකොට.

      Delete