Pages

Sandumal

Sandumal

Sunday, July 13, 2014

•අවසන් හුස්ම පොද නොබියව හෙළන්නට

"මේ රළු පොළොව ජය ලැබුවෙමි වැතිර වැටී...අද මා මළත් හෙට මා උන් සුවඳ ඇතී..."





අද මේ කතාව කොහොමහරි ඉවරකරන්නෝනි. ඒ නිසා අද ලිපිය කොච්චර දිග උනත් කතාවෙ අවසානයට ළඟාවෙලා තමයි අදනම් මේ ලිපිය හමාර කරන්නෙ. මොකද ගීත විචාර, ගී සංවේදනා වලට වෙන් වුන මගේ බ්ලොග් එක මේ කතාව නිසා වෙනත් මාවතකට යොමුවූ බවයි මගේ අදහස.

කලින් කොටසෙදි කිව්වනේ මං කුඩාම කාලයේ අපි ජීවත් උන ගම ගැන. වගාව ගැන. මේ ගම ඇත්තෙන්ම ජීවත්වීමට සුදුසු ගමක් උනේ නෑ. ගේ වටේටම මුලු ගමේම හිටියේ බේබද්දො. කොයිවෙලාවෙත් බඹරු වගේ. ඒ ගමේ ගෑනු මිනිස්සු හැමවෙලාවකම හොඳ වචන වෙනුවට කතාකලේ කුණුහරුප. කටින් පිටවෙන හැම වාක්‍යකම පරුෂ වදන් දෙක තුනක් නම් වැරදුනේම නෑ. ඒ නිසාම ඒ ගමේ බහතෝරන කුඩා දරුවෙකුට හැදෙන්න පුලුවන් වාතාවරණයක් තිබුනෙම නෑ. මේ කාරණා නිසාම අකැමැත්තෙන් උනත් අම්මයි තාත්තයි දෙන්නම තීරණය කලා තමන්ටම කියල ගත්ත මේ ඉඩමත්, එහි තමන්ගෙම කියල හදාගත්ත ගේ පොඩ්ඩයි දෙකම විකුණන්න.

ඉතින් ඔන්න ඔය විදියට අපි ආයෙමත් කුලී නිවසකට වැටුණා. හැබැයි මේ ගෙදරනම් අපි හදාගත්ත අපේම ගෙටත් වඩා බොහොම ඉස්තරම්ව තිබුනා. හොඳට ගඩොලින් බැඳලා කපරාරු කරපු උළු වහපු කාමර තුන හතරක් තිබුන "ලොකු" ගෙදරක්.  ඒ සොරබොර වැව පාරේ. ඒ ගෙදර අයිතිකාරි උනේ "කුමී" ඇන්ටි. කුමී ඇන්ටි හිටියේ රට. ඒ ඇන්ටිගේ සැමියා මැරිලා. මැරිලා කිව්වට එයා දිවිනහගෙන. අපිට ඒ කුලියට දුන්නු ගෙදරම තමා ඒ මාමා වහබීල මැරිල ඉඳලා තියෙන්නෙත්. ඒත් මගේ අම්මවත්, තාත්තවත්, මංවත් බය උනේ නෑ එහේ ඉන්න.

මේ ගෙදර ගෙවුන ජීවිතය වටකරගෙනත් මගේ පුංචි මනසේ සිතුවම් ගොඩාක් ඇඳුනා. ඒ මතකයන් හරිම විවිධාකාරයි. සංවේදීයි, විහිළුයි, දුකයි, සතුටුයි, බයයි ඒ වගේම සමහර ඒවා ගුප්තයි. අම්මගෙයි තාත්තාගෙයි අප්‍රහති ධෛර්‍ය නිසාම මේ වෙනකොට අපේ ජීවිත ටිකක් සරලවෙලා තිබුනේ. ඒ කියන්නෙ එහෙමකට කියල දුකක් මේ කාලේ අපිට තිබුනේ නෑ. හැබැයි ඉතින් අම්මගෙයි මගෙයි ජීවිතේනම් ගෙවුනෙ පුදුමාකාර පාලු මූසල ගතියකින්. හැමදාම හවස හය වෙනකොට අපි පටන්ගන්නවා පෙරමඟ බලා සිටීම. තාත්තා එනකල්. මිදුලෙ තිබුනා උසම උස කුඹුක් ගහක්. ඒ ගහේ අත්තකට දාල අපූරු ඔන්චිල්ලාවක් හදලදුන්නා තාත්තා.

ඉතින් හවසට අම්මා ඔය ඔන්චිල්ලාවෙ වාඩිවෙනවා. මාවත් ඔඩොක්කෙට අරං එයා මඟබලං ඉන්නවා තාත්තා එනකල්. ඒ ඉන්න ගමන් එයා මට ලස්සන කතන්දර කියල දෙනවා. එයා ලස්සන සිංදු කියාදෙනවා. ඒ නිසා පුංචි කාලෙ ඉඳලම මගේ කටේම තිබුන සිංදු කිහිපයකුත් තිබුනා.

ආච්චිලා සීයලා, නැන්දලා මාමාලා, අයියලා අක්කලා, කවුරුවත් නැතිව තට්ට තනියම හැදෙන එක ලේසි පාසු කටයුත්තක් නෙවෙයි. ඒක මහ පුදුම තනිකමක්. ඒ තනිකමේ තරම ගෙවුන අතීතෙට වඩා  අතීතෙ සිහිපත් කරන වර්ථමානයේදී මට වැඩි වැඩියෙන් දැනෙනවා.

ළඟ සිටිය යුතු ඥාති පිරිස වෙනුවට ළඟම හිටියෙ අල්ලපු ගෙදර හිටපු අන්කලුයි, ඇන්ටියි. එයාල තරමක් වයසයි ඒ කාලෙත්. අම්මයි තාත්තයිත් ඒ දෙන්නට කිව්වෙ අන්කලුයි ඇන්ටියි. මං කිව්වෙත් ඒකමයි. එයාලට දරුවො කීපදෙනෙක්ම හිටියා. ඒ කාලෙ එයාල ඉස්කෝලෙ යනවා. අම්මා ගෙදර නැතිවෙලාවට මාව අදරෙන් බලාගත්තෙ ඒගොල්ලො තමයි. ඒ අතරින් ටෙක්ලා ඇන්ටි විශේෂයි. එතකොට එයා උසස්පෙල කරනවා. එයා තමයි ළමා කාලෙ මගේ හොඳම යෙහෙළිය. අම්මා පොලට ගියාම, අවශ්‍යතාවකට ටවුමට ගියාම ටෙක්ලා ඇන්ටි තමා මාව බලාගත්තෙ. අදටත් මතකයි මට එයාලගේ කඩුල්ල ළඟ තිබුන ටර්පන්ටයින් ගහ යටට වෙලා අම්ම එනකල් මඟ බලමින් අපි දෙන්නා කන් කන් බූරු..සිං සිං නෝරු.. කරපු හැටි. ඒ ගහේ දිගටි කොලවලින් නලා හදල පිම්බ හැටි. අම්මට හොරෙන් දුවල ගෙදර ගිහින් බිස්කට් සේරම අරන් ඇවිත් අපි දෙන්නත් එක්ක කාපු හැටි. ඉතින් මේ ටෙක්ලා ඇන්ටි තමයි මගේ පළමු යහලුවා. අදනම් ඇය ගොවිජන සේවා නිළධාරිණියක්. අද ඇයට එදා හිටපු මටත් වඩා ලොකු ළමයිනුත් ඉන්නවා. ඒත් අදත් මේ සොඳුරු මිනිසුන් හමුවුනාම අතීතේ මේ රසබර සිදුවීම් කඳුලු පුරෝගෙන අපි මතක් කරනවා.

අංකලුයි ඇන්ටියි මට පුදුම ආදරෙයි. ඒ අයට ඒ කාලේ පොඩි දරුවො හිටිය නැති නිසා මාව එයාලගේ හුරතලා උනා. මේ නිසාම සොරබොර ගෙවුන ළමා කාලය මට එච්චර දුකක් දැනුනෙ නෑ. හැමදාම වගේ මං රෑට කෑවෙ එහෙන්. කොහොමත් දවසම වගේ හිටියෙ එහෙට වෙලා. ඇන්ටිගේ ටකරං වහපු කුස්සියේ සීයෙ බල්බ් එක යටට වෙලා පරිප්පුයි බතුයි කාපු අතීතේට මං පුදුම ආදරෙයි. ඒ කුස්සියෙන් හැමදාමත් ආවෙ හරිම අමුතු සුවඳක්. ඒ සුවඳ බඩගිනි හැදෙන සුවඳක්. වැව් මාලු වේලලා හදන බට්ටො කරවල තෙල්දාලා, පරිප්පුත් එක්ක බොහෝ වෙලාවල මයියොක්කා කොල මැල්ලුමත් එක්ක ඇන්ටි බෙදා දෙන බත් එකේ රහ මේ දැනුත් මට මතක් වෙනවා. ඒ රහ ජීවිතේ කවදාවත් වෙන කිසිම දේකින් මට දැනිලා නෑ.

ඊළඟ ඉරිදා එහේ ගියානම් හොඳයි කියල හිතෙනවා. ඔයාලත් එක්ක මේවා කියනකොට මට ආයෙමත් පෙරේත කමක් ආවා.

ඒ දවස් වල අපි නෑවෙ ඇලෙන්. සොරබොර වැවෙන් ගලාගෙන ආව වතුර. කොලපාටින් ගලාගෙන එන ඇලේ වතුරට වෙලා නානකොට දැනෙන සනීපෙ නාලම බලන්නෝනි. ලියන්න ගියොත් තව මහා ගොඩයි. ඒ නිසා හිතට එන සේරම මේ වෙලාවෙ ලියන්න බෑ. කාලෙ තව තියෙනවානේ. ඉස්සරහට වෙන වෙනම කතා ලියන්නම්.

මේ කාලෙ වෙද්දි මං මොන්ටිසෝරි යනවා. මං අර කලිනුත් කිව්වෙ, මගේ කකුල් කලුවෙයි කියලා තාත්තා කවදාවත් මාව පයින් යැව්වෙ නෑ. ඉතින් උදේට මාව ලෑස්තිකරගෙන අම්මයි තාත්තයි දෙන්නම යනවා. තාත්තා වැඩට යන්න යන ගමන් අම්මයි මාවයි බස් එකට ඇරලවනවා. මං මොන්ටිසෝරි ගියේ පූජානගරෙ සර්වෝදෙට. මහියංගණ පංසල ඉස්සරහා. අදටත් තියෙනවා. පස්සෙ කාලෙ මගේ මල්ලි ගියෙත් එහෙට. කවදහරි මගේ දරුවොත් ඒකටම යයි. දෛවය කොච්චරනම් පුදුමාකාරද. ලොකු ටීච තාමත් ඉන්නවා. තාමත් ඒ විදියමයි. හැමදාමත් ජීවිතේ ගෙවෙන්නෙ හිච්චි එවුන් එක්ක නිසාද මංද මටනම් ඇය එදා විදියමයි. වයස ගිහින් නෑ.

ඔන්න ඉතින් දැන් ලොකු ටීච ගැනයි මගේ මොන්ටිසෝරි ජීවිතේ ගැනයි ලියන්න හිතෙනවා. ඒ නිසා හරිම අමාරුවෙන් මඟඇරලා යන්නම්. කියන්න ආවේ උදේට මොන්ටිසෝරි ගිය හැටිනේ. ඉතින් තාත්ත වැඩට යනකොට ඒ එක්කම මාවත් අරං අම්මත් යනවා. ඉතින් මාව පයින් ඇවිද්දන්නෙ නැතිනිසාම තාත්තා මාව වඩාගෙන තමයි යන්නෙ. සොරබොර ගෙදර ඉඳල මහියංගන බස් ස්ටෑන්ඩ් එකට කිමී දෙකකටත් වැඩියි. ඔය දුරම තාත්තා මාව වඩාගෙන එනවා. ඇවිත් මාව බිමින් තියන්නෙ බස් එකේ පඩිය උඩින්. සීට් තිබ්බොත් මාව සීට් එකක වාඩිකරවලම තමයි ඔහු ආපහු යන්නෙ. එහෙම යන වෙලාවට එයා අම්මට කියන දේ මට මේ දැනුත් ඇහෙනවා.

"නිලූ, පුතාව හවසටත් අමාරුවෙන් හරි කමක්නෑ වඩාගෙනම එක්ක යන්න. අනේ පයින් එක්කන් යන්නෙපා. පේනවනේ කකුල්..රෝසම රෝස පාටයි.."

එදා ඒ වචන වල මට එච්චරම දෙයක් දැනුනෙ නෑ. ඒත් අද මේ වචන මතක් වෙනකොට මට ඇඬෙනවා. මට මගේ තාත්තගෙයි අම්මගෙයි ආදරේ මහමෙරක් වගේ දැනෙනවා. කෙනෙක්ට හිතෙයි මේවා මහා බොළඳ දේවල් කියලා. ඒත් මේ තාත්ත කෙනෙකුගේ අපරිමිත දරු සෙනෙහස.. අම්මා කෙනෙකුගේ අසීමාන්තික දාරක ප්‍රේමය.

ඉතින් මාව මොන්ටිසෝරියට දාන අම්මා මාව ඇරෙනකල් ඉන්නවා එකොළහ හමාර වෙනකල්. මං වගේම මොන්ටිසෝරි එන මගේ යාලුවන්ගෙ අම්මලත් එක්ක ඇය ඉන්නවා මාව ඇරෙනකල්. මේ ගොඩක් දවස් වල ඇය උදේට කාල එන්නෙත් නෑ. මොකද කන්න වෙලාව මදි. ඒ කියල කඩෙන් කන්න ඈට සල්ලි තිබුනෙත් නෑ. නොතිබුනාම නෙවෙයි, ඇය එහෙම වියදම් කලේ නෑ. මේ නිසාම ඇය ගෑස්ට්‍රයිටිස් රෝගියෙක් උනා. අදටත් ඇය ඒ රෝගෙන් පීඩා විඳිනවා. ඒ මං නිසා. මට උගන්නන්න ඇය කරපු කැපකිරීම් නිසා. රජයේ හොඳ රැකියාවක් කරන්න ඇයට ලැබුන අවස්ථා කිහිපයක්ම ඇය මඟහැරියේ, ඇය විස්වාස කලා ඇයත් රැකියාවකට හිර උනොත් මට හොඳට උගන්නගන්න, මාව යහපත් මනුෂ්‍යයෙකු කරන්න ඇයට බැරිවෙයි කියලා. ඕනිතරම් අධ්‍යාපන සුදුසුකම් තියෙද්දිත් ඈ ගෙදරටම සින්න උනේ මං ගැන හිතලා. මං වෙනුවෙන්. ඇය ඉතාම හොඳ ගුරුවරියක්. ශිෂ්‍යත්වය වෙනුවෙන් අනිත් අම්මමා එයාලගේ දරුවො රට වටේ ටියුෂන් එක්ක යද්දි මගේ අම්මා මාව කොහෙවත් නොයවා මට උගන්නව්වා. මං ඉතාම ඉහළින් විභාගෙ පාස් උනා. ඕලෙවල් දක්වාම ඇය මට ඉගැන්නුවා. ඒ දවස් වල හවසට අපේ ගෙදර තනිකරම ටියුෂන් එකක් වගේ.

ඉතින් මොන්ටිසෝරි ඇරුනම අපි ගොඩක් වෙලාවට මහියංගනේට එන්නෙ ඒ වෙලාවට එතනින් යන මහියංගන බදුල්ල බස් එක, චාන්දනී ට්‍රැවල්ස් බස් එකේ. ඒක දම් පාට හරි ලස්සන බස් එකක්. අදනම් ඒ බස් එක නෑ. ටවුමෙන් බැහැල තාත්තා කිව්ව විදියටම අම්මා මාව ගෙදරටම වඩාගෙන එක්ක එන්නෙ. ඒ එන මඟ ගෙවල් කිට්ටුවම වගේ කඩයක් තියෙනවා. අපි කිව්වෙ කජු ගහ යට කඩේ කියලා. ඔය කඩෙන් අම්මා මට යෝගට් එකක් අරන් දෙනවා. පරණ සිසිල් ෆ්‍රිජ් එකකින් අරන් දෙන ඒ මහවැලි යෝගට් එකේ රහ, සුවඳ මේ දෑනුත් මට දැනෙනවා. ඒ රහ අද වෙන තුරු වෙන කිසිම කඩේක කිසිම යෝගට් එකකින් මට ආයෙ දැනිලා නෑ.


ආයෙත් අතීතෙට. ඔන්න ඔහොම කාලෙ ගෙවුනා.ඔය අතරේ තාත්තා එයාගෙ පළවෙනි "වාහනේ" ගත්තා. ඒක බයිසිකලයක්. කඩේට ගිහින් අලුතින්ම ගෙනාපු දිලිසෙන එකක් නෙවෙයි. එයා වැඩකරපු ගරාජ් එකේ වීසිකරල දාල තිබුන බයිසිකල් ෆ්‍රේම් එකක් හොයාගෙන ඒකට අනිත් අඩුම කුඩුම ටිකත් සෙට් කරලා එයාම හදාගත්ත එකක්. ඉතින් එතනින් පස්සෙ නම් එයාට වැඩට යන එන එක ටිකක් ලේසි උනා. මට මතකයි, ඉස්සර තාත්තාත් එක්ක බයිසිකලේ නැඟලා මායි අම්මයි තුන්දෙනාම එහෙ මෙහේ ගිය හැටි. ඒවනම් ඇස්වලාට කඳුලු උනන පුදුමාකාර මතකයන්.

කාලෙකට සොරබොර වැව හිඳෙනවා. ඒ කාලෙට ඇලේ වතුර නෑ. අපි නාන්න යනවා මහවැලි ගඟට. දවසක් අම්මයි මායි නාලා ගෙදර එනවා. ඒ එනකොට තාත්තා වැඩ ඇරිලා බයිසිකලෙන් ගෙදර එනවා. අපිව මගදි හම්බ උනේ. ඉතින් එයා අපිවත් බයිසිකලේ නංගගත්තා. අම්ම පිටිපස්සෙ ලගේජ් එකේ. මං ඉස්සරහා බාර් එක උඩ. ඉතින් ඔහොම එනකොට එකපාරටාම මගේ කකුලක් වේගයෙක් කැරකෙන ඉස්සරහ රෝදෙ ස්පෝක් කූරු අතරෙ හිරවුනා. කකුල ඇඹරිලා ගියා. තුන්දෙනාම වැටුනා. මගේ කකුල හොඳටම තුවාල වෙලා ඇඹරිලා ගිහින්. මං අඬනවා හොඳටම. ඒත් ඊටත් වඩා අඬපු කෙනෙක් හිටියා. ඔව් ඒ මගේ තාත්තා. එයා අඬනවා හොඳටම. වටේ පිරුණ මිනිස්සුන්ටත් පුදුමයි. මගේ තාත්තා කියන්නෙ කලු ගලක් වගේ හයිය හිතක් තියෙන මිනිහෙක්. ඒ ඇස්වල කඳුලක් ඉණුවේ එහෙමත් කලාතුරකින්. පිදුරුතලාගල කන්ද වගේ සවිමත් මනුස්සයෙක්. මහා පුදුමාකාර දරාගැනීම ශක්තියක් තිබුනා, යකඩෙන් හැදුන මනුස්සයෙක්. එහෙව් තාත්තා එදා ඉකි ගගහ ඇඬුවා. කකුල් කැතවෙයි කියල මාව පයින් නොයවපු තාත්ත පොඩිවෙලා ලේ ගලන මගේ කකුල දිහා බලං ඉන්නෙ කොහොමද. අදටත් ඒ සිදුවීම මතක් කරන්නෙ ගොඩක් අමාරුවෙන් මං.

සොරබොර කුලී ගෙදර ගෙවුන මගේ ළමා කාලයත් මට මතකයන් ගොඩක් ඉතිරිකරපු සොඳුරුතම නවාතැනක්. අදටත් සොරබොර වැව පාරෙ යන ඔබට සොරබොර පාරට හැරෙන හංදියේ ඉඳලා කිමී දෙකක් විතර ගියාම පාර අයිනෙම දකුණු පැත්තෙන් තියෙන ඒ නිවස දකින්න පුලුවන්. අදනම් ඒකෙ කවුරුත්ම පදිංචි නෑ. ඒ ලස්සන මගේ ගෙදර එන්න එන්නම ගරාවැටෙනවා දැන්.

ඉකමනට ඉවරකරන්න බලන්නම්. ඉතින් මේ අතරේ ආයෙමත් අපේම කියල ඉඩමක සුවඳ අපේ හදවත් වලට සමීප උනා. මහියංගන-පදියතලාව පාරෙ, මහියංගනේ ඉඳල කිමී තුනක් විතර දුරින් 47 කණුවෙ තිබුන ඉඩමක් ගැන තාත්තගේ කණට වැටිලා තිබුනා. මිලත් බොහොම අඩුවට. ඉතින් අම්මයි තාත්තයි ඉඩම බලන්න ආවා. දම්බරාව වැව පාවුල තිබුන බොහොම ලස්සන ඉඩමක්. ඉතින් දෙපාරක් හිතුවෙ නෑ තාත්තා ගත්තා ඒ ඉඩම. ඔන්න සංධිස්ථානය. මං මේ දැන් අකුරු ලියන්නත් ඒ පිං බිමේ ඉඳලයි.

ක්මනට වැඩ පටන්ගත්තා. කාලයක් මේ පළාතෙ අපිත් දැන් පුරුදුකාරයෝ නිසා හොඳ යාලුවෝ පිරිසක්, මිනිස්සු පිරිසක් හිටියා අපි වටේ. ඒ නිසා වැඩ ටික ලස්සනට කෙරුණා. බොහෝම ඉක්මනින් ලස්සන ගේ පොඩ්ඩ්ක් හදාගත්තා. මට තාම මතකයි..සොරබොර ගෙවපු අන්තිම දවස.. එදා පාන්දර පහට අම්මා මාව ඇහැරවලා මාව ලෑස්තිකලා. එදා දත් මදිනකොට හරිම ලස්සනට, පහන් තරුව පායලා තිබුනා. අම්මා මට ඒ ගැන කියල දුන්නා. ඒ නැවුම් දවසෙ අපි අලුත් වාසස්ථානෙට ආව පදිංචියට.

එතනින් එහාට ජීවිත මංපෙතේ මල් පිපුණා. පාර ලස්සනට හැදිලා තිබුනා. ජීවිතේ පියවරින් පියවර ඉස්සරහට ගියා. හැම දේම මෙතන ලියන්නෙ නෑ මේ වෙලාවේ. කෙටියෙන් කියන්නම්. මේ වෙනකොට මං එක වසරේ. ඒ කියන්නෙ ඉස්කෝලෙ යනවා.

කාලය වේගෙන් ගෙවුනා වසර ගනනාවක්. ඔය අතරෙ මල්ලිත් අපි අතරට ආවා. 

ඔයාලට මතකද ඉස්සරම දවසක්... මගේ අම්මට මාව ලැබෙන්න ඉන්න කාලේ.
අර පාං ගෙඩියෙ සිද්දිය.

එතනදි මං ඔයාලට නොකියපු දෙබසක් තිබුනා. ඇත්තටම ඒක ඒ දෙන්නගේ රහසක්. ඒකයි එතන නොකීවෙ. දැන් තමයි ඒක කියන්න හොඳම වෙලාව. අන්න එදා.. දරාගන්න බැරි දුකින් ඒ දෙන්නා එකිනෙකාට තුරුල්වෙලා අඬාවැටුණ එදා මගේ තාත්තා මගේ අම්මට පොරොන්දුවක් දීලා. ඇය ඒ පොරොන්දුව අධිෂ්ඨානයක් කරගෙන. එදා මගේ තාත්තා අම්මට මෙහෙම කිලය තියෙනවා.

"නිලූ..මං මැරෙන්න මොහොතකට කලින් හරි ඔයාට ඔයාගෙම කියලා ගරාජ් එකක් මං දාල දෙනවා."

ඔන්න ඔහොමයි කියල තියෙන්නෙ. ඉතින් මගේ තාත්තා ඒ පොරොන්දුව ඉෂ්ඨ කලා. මගේ අම්මගේ අධිෂ්ඨානය මල්පල ගැන්වුනා. ඔව් තාත්තා, තාත්තගේම කියල ගරාජ් එකක් විවෘත කලා. ඉතින් ඔහු ඔහුගේම ව්‍යාපරයක හිමිකරුවෙක් උනා. ඇය ගරාජ් හිමියෙක්ගේ බිරිඳක් උනා. ඒ ලස්සනම දවසේ, අවුරුදු 10ක් වින්ද දුක් තුනී වෙනකල් ඒ දෙන්න සතුටු කඳුලු හෙලුවා. අන්න එදා මගේ තාත්තා මගේ අම්මට තවත් පොරොන්දුවක් දුන්නා.

"නිලූ..ඔන්න මං ඔයාට මීට අවුරුදු 10කට කලින් වෙච්ච පොරොන්දුව අද ඉෂ්ඨ කලා. මං අද ඔයාට තව පොරොන්දුවක් දෙනවා. මේකනම් මට මැරෙන්න කලින් කරනවා කිලය කියන්න ඕනිවෙන්නෙ නැතිවෙයි. මගේ ඊළඟ හීනෙ තමයි ඔයාට කාර් එකක් අරන්දෙන එක"

ඉතින් මේ හීනෙත් අම්ම එයාගෙ අධිෂ්ඨාන මල්ලට දාගත්තා. කිව්ව වගේම තාත්තා ඒ හීනෙත් ඊට අවුරුදු 10කට පස්සෙ ඉෂ්ඨ කලා.

මං දන්නෙ නෑ මේවා බ්ලොග් වල ලියන්න හොඳද නරකද කියලා. ඔයාල මාව කොහොම තේරුම් ගනීද කියලා. ඒත් මට මේ පටන්ගත්ත කතාව ඉවරකරන්නෝනි.

ඉතින් ඔන්න ඔය විදියට අපේ ජීවිත සාර්ථක උනා. ඒ මගේ තාත්තගේ අප්‍රතිහත ධෛර්‍යයෙනුත්, මගේ අම්ම තුල ජීවත් උන ශ්‍රේෂ්ඨ කළමණාකාරවරියගේ උත්සාහයනුත්. අද මගේ තාත්තා එයාගේ කාර් එක පදවගෙන මීට අවුරුදු විසිගානකට කලින් අතේ සතයක් නැතිව හිඟන්නෙක් වගේ රස්සාව හොයාගෙන ගිය ගරාජ් එකටම යනවා කාර් එකේ මිකෑනික් රෙපයාර් වලට. ලොකු බාසුන්නැහේ අදත් එදා වගේම ඉන්නවා. හැබැයි කාර් එකෙන් බැහැල ලොකුබාසුන්නැහේ ළඟට යන්නෙනම් ආඩම්බර සලුපිළි පොරවගෙන මාන්නෙන් හිස උදුම්ම්මාගත් පණ්ඩිතයෙකු නොව, එදා ඈත අතීතයේ හැන්දෑවට දෙකට තුනට නැවිල ඔළුව කසමින් රුපියල් හැත්තෑපහක් ඉල්ලගන්න ගියපු දුප්පත් තරුණයා විදියටමයි. ලොකුබසුන්නැහේට මගේ තාත්තා එදා දක්වපු ගෞරවය අදත් නොඅඩුවම ඔහුළඟ තියෙනවා. අදත් සිංහල අවුරුද්දට තාත්තා බුලත් අතක් අරන් යනවා ඔහුට කතාකරන්න. කාර් එකේ වැඩක් ඉවරවෙලා ට්‍රයල් එකක් යනකොටවත් තාත්තා අදත් පැකිලෙනවා ඔහු සමඟ ඉදිරිපස අසුනේ එකට ඉඳගෙන යාමට.

මටනම් හිතෙන්නෙ ඔහුගේ මේ තිබුන අති ශ්‍රේෂ්ඨ මානුෂීය ගුණාංගයන් තමයි තාත්තාගේ දියුණුවේ රහස. ඉතින් මේ විදියටම ඒ වයසක ලොකුබාසුන්නැහෙත් තාත්තට සලකන්නෙ තමන්ගෙම දරුවෙකුට තරම් සෙනෙහසින්. තාත්තා කෙනෙක් තමන්ගෙ පුතාට දක්වන ආදරය මට ඔහුගේ දෑසින් පේනවා.

හ්ම්.. මට හිතෙනවා දැන් මේ කතාව ඉවරකරන්න කාලය ආවා කියලා. කොහොමත් මේ මහියංගනේ පුරාවට මට තියෙන්නෙ මගේ අතීත පියසටහන්. එදිනෙදා ජීවිතයේ දකින හැම සිදුවීමක්ම මාව අරන් යන්නෙ මගේ අතීතයට. පහුගිය දවසක මං බයික් එකේ යනකොට මං දැක්ක දසුනකින් මගේ යටි හිත හඬා වැටුණා. ළමුන් දෙදෙනෙකු හා තම දයාබර බිරිඳ සමඟ පාපැදියක් නැඟී යන තරුණ පියෙක් මං ගියපු පාරෙම මගේ ඉස්සරහට ආවා. අනේ එකපාරටම පාරෙ තිබුන වලකින් බයිසිකලේ වැටුනා. ඒ ගැස්මට අර අම්මා බයිසිකලෙන් බිමට වැටුනා. ඇගේ නිකට තුවාල වෙලා ලේ ගලන්න ගත්තා. අකුණක් ගැහුවා වගේ මගේ හිත දුවලා ගියේ එදා මගේ තත්තා මාවයි අම්මයි එක්ක බයිසිකලේ යද්දි මගේ කකුල ස්පෝක් කම්බි අස්සෙ ගිහින් අපිව ඇදගෙන වැටුන සිදුවීම වෙතටයි. ඉතින් මං මොහොතකටවත් පැකිලුනේ නෑ ඒ අහිංසක යුවලට උදවුකරන්න.

කාරෙකේ මං යද්දි පාර අයිනෙ බස් එකට ඉන්න මනුස්සයෙක්ව නංගගන්න මට කවුරුත් කියල දෙන්නෝනි නෑ. වැහි දවසක මං පාරෙ යනකොට මගේ වාහනේ රෝදවලින් වීසිවෙන මඩ පාරවල් ගැන මට කවුරුවත් කියල දෙන්නෝනි නෑ. මොකද මං පුංචි කාලෙ වැහි දවස් වල පාරෙ ගිය කාර් වලින් ඕනි තරම් මඩ වතුර නාල තියෙනවා. දූවිලි පාරවල් වල මං වේගෙන් වාහනේ පදවගෙන ගියොත් මට පිටිපස්සෙන් පාරෙ ඉන්න මිනිස්සුන්ව දූවිල්ලෙන් නෑවෙන බව මට කවුරුත් කියල දෙන්නෝනි නෑ. කියන්න ගියොත් මේ වගේ තව මහ ගොඩයි. මගේ ජීවිතේ මං පාඩම් ඉගෙනගත්තෙ මගේ අතීතෙන්. අපේ දුප්පත් කමෙන්.

මං පොලොවෙ පය ගහල ඉන්න මනුස්සයෙක් කරපු ඒ සුන්දරතම අතීතෙට මං මගේ පණටත් වඩා ආදරෙයි. අපි බිංදුවෙන් නැඟිටපු මිනිස්සු. ඒ නිසා මේ දැන් අපි ආයෙමත් බිංදුවට වැටුණත් අපිට කිසි ප්‍රශ්නයක් නෑ. මොකද දුක් විඳින්න අපිට අමුතුවෙන් ඉගෙනගන්න ඕනි නෑ. අදටත් අපි මහා සල්ලි කාරයෝ නෙවෙයි. හරිම සරල දුප්පත් මිනිස්සු. ඒකයි අදත් මගේ තාත්තා වැල්ඩිං ගහන්නෙ. අනුන්ගේ වාහන යට රිංග රිංග ඒවල ඉරුණු තැන් පාස්සන්නෙ. මෙන්න මේ පම්පෝරියත් පොඩ්ඩක් ගහන්නම්. අදටත් නුවරින් මෙහාට, බදුල්ලෙන් බිබිලෙන් මෙහාට, දෙහිඅත්තකණ්ඩියෙන් මෙහාට, අම්පාරෙන් මෙහාට ඉන්න හොඳම වෑද්දුම් ශිල්පියා මගේ තාත්තා. හැබැයි තියෙන්නෙ නම් බොහොම පුංචි ගරාජ් එකක්.

වැඩක් නැතිවෙලාවට ඒක ගරාජ් එකක්ද කියල හිතාගන්නත් බෑ. මොකද මං හදල දීපු ඩිජිටල් බෝඩ් එකත් මේ ළඟදි හුළඟට ගැලවිලා ගිහිල්ලා.

මේ ළඟදි මං වැඩකරපු තැන මගේ යාලුවෙක් මට මෙහෙම කිව්වා. උඹ මහ පුදුම මිනිහෙක් බං. උඹ වෙලාවකට කාර් එක එලවගෙන යනවා. තව වෙලාවක බයික් එකේ යනවා. හිටපු ගනක් කිලෝමීටර් ගනන් ගිනි අවුවෙ පයින් යනවත් මං දකිනවා.

ඉතින් ඒ තමයි මගේ හැටි. ඒ තමයි මං ලබපු පන්නරය. ඒ තමයි මගේ අතීතයෙන් මං ලබපු දායාදය. මට ඕනි දුරක් පයින් යන්න පුලුවන්. කන්න දෙයක් නැතිවුනොත් ගහක හැදෙන කොස් ගෙඩියක් තම්බගෙන හරි ජීවිතේ ගැටගහගන්න පුලුවන්. ඉස්සර මං ඉස්කෝලෙ දෙකේ පංතියේ විතර ඉන්න කාලෙ අපිට ටීවී තිබුනෙ නෑ. ඒත් පංතියේ මගේ යාලුවන්ගෙ ගෙවල් වල තිබ්බා, උන් හැමදාම රෑ අට හමාරෙ කතාව බලල ඇවිත් ඒ විස්තර පංතියේ කතාවෙනවා. ඉතින් මං පුලුවන් තරම් මඟ ඇරලා ඉන්න බලනවා. මොකද එව්වා ගැන කතාකරන්න එව්වා බලන්න මට ටීවී නොතිබුන නිසා. ඒ කාලෙ මට තිබිච්ච පුංචි මනසත් එක්ක මට එයාලට කියන්න ලැජ්ජයි ගෙදර ටීවී එකක් නෑ කියලා. ඒ නිසාම බැරිම අවස්ථාවක එයාලගෙන්ම අහුලගත්ත කෑලි දෙක තුනක් කියල මාත් ඒ කතා බලපු ගානට රඟපාපු අවස්ථා අනන්තයි ඒ පුංචි ජීවිතේ. ඉතින් මෙහෙම ගමනක් ආපු මට අද සාර්ථකත්වයේ හිනිපෙත්තෙ හිටියත් අදටත් හැමදාටමත් උලත් එකයි, පිලත් එකයි.

කොහොම උනත් පුංචි කාලෙ ඉඳලම ඥාති හිත මිත්‍රාදීන්ගෙන් දුරස් වෙලා පවුලෙ හතර දෙනා එක්ක විතරක් ගෙවුන පාලු හුදෙකලා ජීවිතයක් මට තිබ්බා හින්දද මංද අදටත් මං වඩා ප්‍රියකරන්නෙ තනියම ඉන්න. ඒ කිව්වෙ මං මගේ ජීවිතේට කෙනෙක්ව ලංකරගන්නෙ එහෙමත් වෙලාවක විතරයි. ඒ නිසාම මගේ ලෝකෙ මට සමීපතමයන් අදටහ් ඉන්නෙ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. ඒ මාව තේරුම් ගත්ත මං වගේම අය. මං එහෙම හදාගත්ත මගේ ලෝක සීමාවෙන් ඇතුලට කෙනෙක්ව ලේසියෙන් ගන්නෙත් නෑ මං. පාලුවට මං අදටත් හරිම ආදරෙයි. පුංචි කාලෙ ඉඳලම අම්මයි තාත්තයිත් මාව ගෙදරම හදපු නිසා වෙන්නැති සමාජානුයෝජනය මගෙන් ගොඩක් ඈතයි. මේවා මගේ අඩුපාඩු. මං උත්සාහ ගන්නවා ඒවා නිවැරදිකරගන්න.

කොහොම හරි රුපියල් තුන්සීයකුයි, ඇඳුම් බෑග් එකකුයි අරන් නුහුරු බිමට පයගහපු මගේ අම්මගෙයි තාත්තගෙයි මේ කතාව තමයි මං මගේ ජීවිතේ අහපු හොඳම සාර්ථකත්වයේ කතාව. මේ තම්යි මගේ ජීවන පරමාදර්ශය.

ඉතින් ගී සංවේදනාවලින් ගොඩක් ඈතට යන්න මට සිද්ධ වුනා. ඒත් මං ඒකට කැමති නෑ. ඒ නිසා මේ වගේ දේවල් මෙච්චර දිගට ආයෙ මේ බ්ලොග් එකේ නොලියවෙයි. ගී සංවේදනා, ගීත විචාර කියවන්න ආව ඔබට මේ වෙච්ච අලකලංචියට සිය දහස්වාරයක් මං සමාව ඉල්ලනවා. රජ මැදුරක ගීතයට සංවේදනාවක් ලියන්න ගිහිල්ල තමයි මේ හැමදේම උනේ.

කොහොම උනත් මගේ අම්මයි තාත්තයි වෙනුවෙන් මං මේ ගීතය මෙතන ලියලා තියන්නම්. මං හිතනවා මහපොලොවෙ පයගහලා, කාටවත්ම අතනොපා තමන්ගේම වෙර වීරියෙන් ගොඩනැඟුනු මගේ අම්මටයි තාත්තටයි මේ ගීතය උපහාරයක් වෙයි..




අවසන් හුස්ම පොද නොබියව හෙළන්නට
සිවු  රියනේ  හිත  සතුටින් නිදන්නට
මිනිසකු  විලස  ඉපදුණු  පල දකින්නට
පුළුවනි  මරණ   මංචකයේ   වුවද මට

දහදිය දිය උනේ නෑ මාලිගාවල
කඳුළැලි වැටුනෙ නෑ නිවටුන් දෙපාමුල
ගත හැඩි දැඩි උනේ ළඳුවල කැලෑ වල
කරගැට මතු උණේ නගුලට උදැල්ලට

මහ කෙත් රණ බිමට වැද  ගෙන  උදලු කෙටී
මේ රළු පොළොව ජය ලැබුවෙමි වැතිර වැටී
ඒ ජය මට නොවෙයි නුඹටයි ඉපිද නැතී
අද මා මළත් හෙට මා උන් සුවඳ ඇතී

පද රචනය : සුනිල් ආරියරත්න
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : අබේවර්ධන බාලසූරිය


(Awasan Husma Poda - Abewardana Balasooriya)







(ඡායාරූප අන්තර්ජාලයෙනි)

82 comments:

  1. උඹට කියන්න මං මොන්ඩිසොරි ගිහින්ම නෑ කෙලින්ම අවුරුදු තුනෙදි ගියේ ඉස්කොලෙට,අපේ ගෙදරින් නම් අපේ තාත්තා අපිව වැඩිය පරිස්සම් කලේ නෑ,තාත්තා හැමවෙලෙම කිව්වෙ තමන් තනියම පෞරුෂයක් හදා ගන්න ඕන කියලා,...

    ReplyDelete
    Replies
    1. මං අවුරුදු දෙකක් මොන්ටිසෝරි ගියා බං. මට අවුරුරුදු හතරෙදි බාර දුන්නෙ. අවුරුද්දක් කලින්. ඉතින් අවුරුදු පහේදිත් මොන්ටිසෝරි. හයෙන් ඉස්කෝලෙ.

      හප්පා ඒ අතින් අපේ අම්මයි තාත්තයි මාව මාරම පරිස්සම් කෙරිල්ලක් පරිස්සම් කෙරුවෙ. ඒකෙන් මට උන යහපත් දේවල් බොහෝමයි. අයහපත් දේවලුත් නැතුවම නෙවෙයි.

      Delete
  2. //ගීත විචාර කියවන්න ආව ඔබට මේ වෙච්ච අලකලංචියට සිය දහස්වාරයක් මං සමාව ඉල්ලනවා//

    කිසිම වෙලාවක මේක අලකලංචියක් කියල නම් මට හිතුනේ නැහැ. ගී විචාර මැදින් ආපු මේ කතාව බොහොම වටිනා දෙයක්.
    අපිට පොලවී පයගහල ඉන්න කියාදෙන උතුම් මාර්ගෝප දේශනයක්.

    මමත් බොහොම අමාරුවෙන් ජීවිතේ ජයග්‍රහණය කරපු ගුරු මව්පිය දෙන්නෙක්ගේ දරුවෙක්. ඔය කතාව කියවගෙන යනකොට මට මගේ කතාවත් ඉබේම මනසේ අන්දීගෙන යනවා.

    ReplyDelete
    Replies
    1. ඒක එහෙම උනානම් මට ඒක අපරිමිත සතුටක් ශෙහාන්. ඒත් ගීත විචාරවලින් තරමක් ඈත් උන නිසයි මට එහෙම හිතුනෙ.

      අපි හැමෝගෙම අතීතය අඩු වැඩි වශයෙන් මෙහෙම තමයි කියලා මේ ලිපි පෙල හරහා මං තේරුන් ගත්තා. ඒක මට ලොකු උත්තේජනයක් උනා මෙහෙම ලියන්න.

      මේ බ්ලොග් සටහන් හරහා මට හම්බුන හැමෝම පොලොවෙ පයගහල ඉන්න නිරහංකාර මිනිස්සු කියලා තේරුණා. ඔබත් ඒ ගොඩේ කෙනෙක්.

      Delete
  3. ගීත විචාර පැත්තක තියල මං ආවෙ ‌මේ කතාව කියවන්න...

    ස්පෝක් අස්සෙ කකුල ගිය කතාව දැක්කම මේ කතාව මතක් උනේ.. ඔන්නොහෙ මෙතනම කියල දාන්නං..

    මොන්ටිසෝරි යන කාලෙදි අම්ම පයින් හරි බස් එකේ හරිනෙ මාව එක්කං ගියෙත්.. දවසක් අපේ මාම කෙනෙක් අපේ ගෙදර ආපු දවසක එයත් එකක් බයිසිකලේ ගියා මං... ඒ මාම දන්නෙත් නෑ මං දන්නෙත් නෑ මගෙ කකුල ඉස්සරහ රෝදෙ ස්පෝක් අස්සෙ ගිහින් දෙන්නම කාණුවකට වැටෙනකං... ඒ තරං ලොකු කතාවක් දාගෙන ගියෙ... කොහොමත් මං බස් එකේ ගියත් ඒ කාලෙ සින්දුවක් එහෙම කියාගෙන යන්නෙ.. හි හි.. අන්තිමට ස්පෝක් පහකුත් කැඩිල මගේ අන්ඩත් ඇඹරිල ගිහින් මාසයක් විතර බේත් බැඳගෙන ගෙදරට වෙලා සැපසේ ඉන්න චාන්ස් එකක් වැදුන... අදටත් මගේ කකුලෙ පුංචි ඇදයක් වගේ තියෙනව.. මේ කතාව දැක්කමයි මට මතක් උනේ මෙහෙම එකක් උනා නේද කියල ඒ කාලෙ.. මෙච්චර දවස් මතක නැතුව හිටියෙ වෙච්ච දේ... හි හි...

    දැං කල්පනා කරනකොට හිතෙන්නෙ තියෙන තරමක් අඬු කඩාගෙන තියෙන්නෙ ඔය මොන්ටිසෝරි යන කාලෙදි නේද කියල... ඒ තරං දැඟලිල්ලක් තිබ්බ... ඔය සිද්ධියට අමතරව මං ඔලුව පලාගත්ත.. දණිස්ස කඩා ගත්ත... අතක් කඩා ගත්ත.. ඔය ඔක්කොම මොන්ටිසෝරි ගිය අවුරුද්දෙ විතරක්... හි හි

    ReplyDelete
    Replies
    1. හප්පච්චියේ..තිබිල තියෙන විසයක්!!

      ඕකට තමයි හිරු ළමා කාලෙ කියන්නෙ. ඔහොම මතකයන් නැති ළමා කාලෙකින් වැඩක්ම නෑ. ඒක නිකං හරියට පොඩිකාලෙ ත්‍රී පෝෂ කෑවෙ නෑ වගේ.

      පොඩි කාලෙ තුන් පාරක් මගේ කකුල ඔය ස්පෝක් කම්බි අස්සෙ ගිහින් තියෙනවා. ඔය තමයි පළවෙනි පාර.

      මං හරිම කැමති දෙයක් තමයි ඔයාල මෙහෙම ඇවිත් ඔයාලගේ අතීත සැමරුම් වලින් මේ බ්ලොග් පිටුව සරසවන එක. ඒක මහ පුදුම වටිනාකමක්. ස්තූතියි ඔබට.

      Delete
  4. අද වෙනකොට ගමේකම ගොඩේ කම කියන්නේ නගරය ඇතුලේ හොඳට මාකට් කරන්න පුළුවන් දෙයක්, මාතලන්ගේ පොස්ට් එකේ ඩ්‍රීම් ස්ටාර් ගැන කියෙවනම් උඹට එක තේරෙන්න ඇති. ඇත්තටම දුක් විඳපු එකෙක් හැටියට උඹ එක මාකට් නොකර ,කාගෙවත් අනුකම්පාවක් ගන්න උත්සාහ නොකර ලියන හැටි අපූරුයි .
    ඕනෑම කෙනෙක් තත්වෙකට එන්න දුක් විඳලා. ඊට පස්සේ ඒ දුක අමතක් නොකර එක සමාජයේ යහපතට ආදර්ශයක් කරගන්න තමයි හිතන්න ඕන , එක ආභරණයක් කරගන්න කවදාවත් හොඳ නෑ .. උඹේ ලියවිල්ල ඉස්තරම්

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ශතික ඇත්ත ඉවාන් අයියේ. ඉස්සර නගරෙ එවුන් ගමේ බයියන්ට කින්ඩිය දැම්මා. උන් ගොඩයො ගානට දාලා උන්ව කොන් කලා. ඒත් ලෝකෙ දියුණුවෙද්දි නව පරම්පරාව ඒ කැත පුරුද්ද අත්තැරියා. උන් ගමේ උන්ගෙ දුක දකින. උන්ගෙ සංවේදී මානුස්සකමට ආදරේ කරන උන් බවට පත් වුනා. ඊළඟට මේ ගමේ හැත්ත මොකද කලේ. උන් අර නගරෙ උන්ගෙ මනුස්ස කමින් අයුතු ප්‍රයෝජන ගත්තා. අරුන්ගෙ මානුශීය සංවේදී බව මුන් ඉත්තො කරගත්තා. තමන්ගෙ ගැමිකම, දුප්පත් කම, අසරණ කම, මාකට් කරන්න ගත්තා. ඒකට මිලක් දුන්නා. කොටින්ම ඒක විකුණගෙන කෑවා.

      ඒගැන මතක් වෙනකොට මටනම් මහ හිරිකිතක් දැනෙනවා. තමන්ගේ දුප්පත් කම, අසරණ කම, අව්‍යාජ ගැමිකම, අතීතය මොකෙක් හරි මාකට් කරනවා නම්, ඒක විකුණගෙන කනවානම් ජීවිතේට එහෙම එකෙක්ට යාදින්නෙ නෑ. ඒක තමයි තම්න්ගෙ දුප්පත් කමට, තමන්ගෙ ගමට, කරන්න පුලුවන් ලොකුම තුප්පහි වැඩේ.

      මං කැමතිත් නෑ, මගේ අතීතය කියලා කවුරුවත් මට අනුකම්පා කරනවානම්. ඒක මට මහ විලි ලැජ්ජාවක්. ඒත් ඒ කතාවලින් කවුරුහරි ජීවිතේට පාඩමක් ඉගෙනගන්නවා නම්, සමාජය දිහා වඩා සංවේදී ඇහැකින් බලන්න පුරුදු වෙනවනම් එච්චරයි මට ඕනි. ගීත විචාරයක්, සංවේදනාවක් ලියන්න ගිහිනුයි අහම්බෙන් වගේ මට මේ හැමදෙයක්ම ලියන්න උනේ. ඒත් ඒකෙන් මං මන් වගේ ගොඩක් අය අඳුනගත්තා. ඒක මට ලොකු අත්වැලක්.

      Delete
  5. අද ගම කියන්නේ හොදට මාර්කට් කරන්න පුළුවන් දෙයක්..

    බොට පොඩි දෙයක් කියන්නද... ජානක වික්‍රමසිංහගේ “සඳ කිඳුරා මිය ගියා“ ගීතය ගැනත් විචාරයක් කරහංකෝ.. මොකද මීට කලින් අවස්ථා කීපයක්ම මම දැක්කා ඒ ගීතය වැරදියට විචාරය කරපු... ( ඒ කිව්වේ නියම අදහස නොයන පරිදි)

    ReplyDelete
    Replies
    1. \\අද ගම කියන්නේ හොදට මාර්කට් කරන්න පුළුවන් දෙයක්.. //

      කාගෙ හරි අරමුණ ඒකනම් උඩින් මං ඉවාන් අයියට කිව්ව වගේ එහෙම කරන එකාගෙ හත්මුතු පරම්පරාවටවත් යාදින්නෙ නෑ.

      සඳ කිඳුරා ගීතයේ නිධාන කතාව මං දන්නවා. එ නිසා ඒ ගැන යමක් අපි ලියමු අනාගතේ.

      Delete
  6. Replies
    1. ඇනෝගෙ ලින්ක් එකෙන් මාත් ඒ බ්ලොග් එකට ගියා. එතන තිබුනෙ හරිම වටින නිසැඳසක්. ඇනෝ මතුකරන්න හදන කාරණය වඩා නිරවුල්ව හැමෝටම දැනගන්න පුලුවන් විදියට මං ඒ නිසැඳස මෙතනට ගේන්නම්..

      ඇනෝගෙ ලින්ක් එකෙන් මාත් ඒ බ්ලොග් එකට ගියා. එතන තිබුනෙ හරිම වටින නිසැඳසක්. ඇනෝ මතුකරන්න හදන කාරණය වඩා නිරවුල්ව හැමෝටම දැනගන්න පුලුවන් විදියට මං ඒ නිසැඳස මෙතනට ගේන්නම්..

      හ්ම්.. ඒක කොපි ප්‍රොටෙක්ට් කරලා. කමක්නෑ, හැමෝම ගිහින් බලන්න.

      ඇනෝ මේ අදහස මෙතනට ගෙනාවෙ මේ අදහස මං ලියල තියන දේට සම්බන්ධ කරලනම් ඉවාන් අයියගේ කමෙන්ට් එකට දාපු රිප්ලයි එකම මෙතනටත් දාන්නම්.

      \\ඉස්සර නගරෙ එවුන් ගමේ බයියන්ට කින්ඩිය දැම්මා. උන් ගොඩයො ගානට දාලා උන්ව කොන් කලා. ඒත් ලෝකෙ දියුණුවෙද්දි නව පරම්පරාව ඒ කැත පුරුද්ද අත්තැරියා. උන් ගමේ උන්ගෙ දුක දකින. උන්ගෙ සංවේදී මානුස්සකමට ආදරේ කරන උන් බවට පත් වුනා. ඊළඟට මේ ගමේ හැත්ත මොකද කලේ. උන් අර නගරෙ උන්ගෙ මනුස්ස කමින් අයුතු ප්‍රයෝජන ගත්තා. අරුන්ගෙ මානුශීය සංවේදී බව මුන් ඉත්තො කරගත්තා. තමන්ගෙ ගැමිකම, දුප්පත් කම, අසරණ කම, මාකට් කරන්න ගත්තා. ඒකට මිලක් දුන්නා. කොටින්ම ඒක විකුණගෙන කෑවා.

      ඒගැන මතක් වෙනකොට මටනම් මහ හිරිකිතක් දැනෙනවා. තමන්ගේ දුප්පත් කම, අසරණ කම, අව්‍යාජ ගැමිකම, අතීතය මොකෙක් හරි මාකට් කරනවා නම්, ඒක විකුණගෙන කනවානම් ජීවිතේට එහෙම එකෙක්ට යාදින්නෙ නෑ. ඒක තමයි තම්න්ගෙ දුප්පත් කමට, තමන්ගෙ ගමට, කරන්න පුලුවන් ලොකුම තුප්පහි වැඩේ.

      මං කැමතිත් නෑ, මගේ අතීතය කියලා කවුරුවත් මට අනුකම්පා කරනවානම්. ඒක මට මහ විලි ලැජ්ජාවක්. ඒත් ඒ කතාවලින් කවුරුහරි ජීවිතේට පාඩමක් ඉගෙනගන්නවා නම්, සමාජය දිහා වඩා සංවේදී ඇහැකින් බලන්න පුරුදු වෙනවනම් එච්චරයි මට ඕනි. ගීත විචාරයක්, සංවේදනාවක් ලියන්න ගිහිනුයි අහම්බෙන් වගේ මට මේ හැමදෙයක්ම ලියන්න උනේ. ඒත් ඒකෙන් මං මන් වගේ ගොඩක් අය අඳුනගත්තා. ඒක මට ලොකු අත්වැලක්.//

      කොහොම උනත් මේ ඇනෝ දැම්ම සහෘදයා, මේ ලින්ක් එක එයාගෙ නමින්ම ඇවිල්ල දැම්මත් මගේ හිතේ කොනකවත් තරහක් නෑ. අහිතකුත් නෑ. ඒ නිසා නමින් ගනුදෙනු කරමු. මොකද බ්ලොග් ලියන අපි හැමෝගෙම පිට කොන්ද හයියයි කියලයි මං හැමදාමත් විස්වාස කලේ.

      Delete
    2. කෝ බං ඒ ලිංක් එකේ මුකුත් නැහැනෙ.

      Delete
    3. ප්‍රියා ඔය උඩ ලින්කුවක් දලා තියෙන්නෙ මං ලියපු පද පේලියක එකක් එක තේරුම් ගත්තෙ නැති එකෙක් ඔය ලිකුවක් කොටලා,එක කියවලා බලහන් ප්‍රියා එකේ මං කියන්න හැදුවේ අයිතියක් නැති උන් විකුනන දෙයක් ගැන මිසක් කටු කාපු උන් ගේ අතීතයක් ගැන නෙවෙයි,මනෝ උඹලා අපිලා දන්නවා නේ මේ මහ පොළොවල් ගැන එහෙම දන්නෙ නැති උන් බොරු කියලා කටු කාපු මිනිස්සුන් ගේ දුක විකුණවා එක කාටු කාපු උන් දන්නවා මේකා කියන්නෙ බොරු කියලා එහෙම බොරු විකුණන උන්ට තමන් කියලා ආත්මයක් තියෙනව ද ? ,මනෝ උඹට කියන්න තියෙන්නෙ නොතේරෙන උන්ට තෙරුම් කරන්න යන්න එපා කියන විතරයි .....

      Delete
    4. මචං ප්‍රියා, ඒ ලින්ක් එකේ තිබුනෙ බං ගමේ කම, අපේ කම, දුප්පත් කම විකුණගෙන කන, ඒක මාකට් කරන එවුන් ගැන ලියවෙච්ච හරිම අපූරු නිසැඳසක්. සම හරක් උදවිය ඉන්නවනේ ජීවිතේට පැදුඅරක් දැකපු නැති, ඒත් පැදුරෙ නිදාගන්නවා කියන ජාතියේ. අන්න උන් ගැන ලියවුනු නිර්මාණයක් තිබුනේ. ඉතින් මේ ඇනෝ සහෘදයා මං මේ ලියපු සටහන, මාව ඒ නිර්මාණයේ විස්තර කරල තිබුන දේට සමාන කරන්න වෙන්නැති මේ ලින්ක් එක දාල උත්සාහ කලේ. කොහොම උනත් මේක දැකපු, ඒ බ්ලොග් එක ලියන දයාබර මනුස්සයා ඒ පෝස්ට් එක අයින් කරලා. මට දරාගන්න අමාරු ඒකයි මචෝ. කොන්දක් නැති ඇනෝවෙක්ගෙ කමෙන්ට් එකක් නිසා. හරිම අපූරු නිර්මාණයක් අපිට අහිමි උනා. මං ඔහුගෙන් ඉල්ලීම් පිට ඉල්ලීම් කලා ආයෙත් පෝස්ට් එක දාන්න කියලා. ඒත් තාම පිළිතුරක් නෑ.

      අනේ මචං, ඒ පෝස්ට් එක ආයෙත් දාපන්.

      Delete
    5. මනෝ මං එක අයේ දැම්මා... උඹට මං කෙටියෙන් හෙතු කාරණා එක්ක මෙලකුත් කෙටුවා,මං කියන මූලාශ්‍රය හොයාගෙන මං ලියපු දේ එක්ක මාතලන් ලිව්ව පොස්ටුවත් එක්ක ගලපලා බලන්න එච්චරයි මට කියන්න තියෙන්නෙ ...

      Delete
    6. ආයෙ අග මුල ගලපන්න දෙයක් නෑ සහෝ.. නිර්මාණය තුලින් උඹ කියන්නෙ මොකද්ද කියනෙක ඕනි කෙනෙක්ට අපූරුවට තේරෙනවා බං. උඹ පෝස්ට් එක ආයෙමත් දැම්ම එකටනම් උඹට පිං. මගේ බ්ලොග් කට්ටෙ කමෙන්ට් එකක් නිසා උඹේ බ්ලොග් එකේ පෝස්ට් එකක්ම ඩිලීට් වෙන එක මට දරාගන්න අමාරුයි බං. අනික අපි මේවා ඩිලීට් කලා කියලා මිනිස්සුන්ගෙ හදවත් වල ඇතිවෙන හොඳ හෝ නරක සිතුවිලි අපිට ඩිලීට් කරන්න බෑනෙ මචෝ...

      Delete
    7. ඕනම දෙයක් ඕනම කෙනෙක්ට ඕනම විදිහකට තේරුම් ගන්න පුළුවන්.

      මම ඒක කියවලා බැලුවා. ඇනෝ මොන අර්ථයකින් ඔය දෙක සංසන්දනය කරාද කියලා තේරෙන්නෑ. කොහොමත් තමන්ගෙ මතය විතරයි මේ ලෝකෙ හරි කියලා තද පාට කණ්නාඩියකින් ලෝකෙ දිහා බලත්දි හැම දෙයක්ම පේන්නෙ එකම විදිහට තමයි.

      මනෝෂ්, සහෝදර. ගණන් ගන්න එපා බං යකෝ ඕවා.

      Delete
    8. හප්පා... බ්ලොග් එක පැත්තට ගොඩවෙන්න බැරිවුනා පහුගිය දවස් ටිකේම. අනේ සමාවෙයන්ලා.

      ප්‍රියා, මචං. මේ වගේ දේවල් මටනම් නිකන් අළුයම හෙළන කෙළ පිඬක් තරම් වත් දැනෙන්නෙ නෑ. මට අප්සෙට් ගියේ අපේ මේ සහෝ දරයා උගේ පෝස්ට් එක ඩිලීට් කරපු එක ගැන. උඹලගේ මේ වචන මට කොච්චරක්නම් වටිනවද බං මේ එක ඇනෝ කෙනෙක්ගෙ සංසන්දනයට වඩා. කවදා හරි මෙහේ ආවොත් මේ ඇනෝට තේරෙයි. ත එකෙක්ගෙ දුක දැනෙන්න තමනුත් ඒක විඳල තියෙන්නෝනිනේ බං.

      Delete
  7. උඹ අපිව අතීතයට අරං යනවා යාළුවා. මං ඉපදෙද්දි අම්මයි තාත්තයි සේවය කලේ අනුරාධපුරයේ එකම තැන. දුප්පත් රාජ්‍ය සේවකයෝ.. ප්‍රභාකරන් උගෙ අම්මට හැමනෙන්න හදපු කාලේ.යංතං කිරි වැරුණා විතරයි මාස 9ක් වෙද්දි මාව එවනවා මාතරට.. අම්මයි තාත්තයි ඇඬූ කඳුලින් මාව තාත්තගෙ අම්මා සහෝදර, සහෝදරියන්ට දීල පිටත් වෙනවා. මොකද තුන්දෙනාගෙන් එක්කෙනෙක් හරි ජීවත් වෙන්න ඕන නිසා … ශ්‍රී මහා බෝධියට කොටි ගහන්නෙ ඔය කාලයේ.. දෙන්නා බේරෙන්නේ මගේ පිනට. නැත්‍තං මම.අද අම්මා තාත්තා නැති අසරණයෙක්

    දෙන්නා සතියකට පාරක් මාරුවෙන් මාරුවට මාව බලන්න අනුරාධපුරයේ ඉඳන් මාතරට එනවා..ආවට මම එයාලට කතා කරන්නේ නම කියලා..මගේ අම්මා තාත්තා තමයි අවිවාහක තාත්තගෙ සහෝදර සහෝදරියන් සහ ආච්චි..අම්මා මට තව ඇන්ටි කෙනෙක් විතරයි.තාත්තා තමයි ඇපල් ගේන අංකල්..තාත්තාට දරාගන්න පුළුවන් උනත් අම්මාට ඒක බැරිවෙනවා, අම්මා හැමදාම යන්නේ පස් කකා අඬ අඬලු.තමුන්ගේ එකම දරුවා තමුන් අඳුරන් නැති වෙද්දි මට ඒක හිතාගන්නවත් බෑ..

    යංතන් අවුරුදු තුන හමාරක් වෙද්දි මැරෙන්න හරි මාව අම්මයි තත්තයි අරං යනවා..ඔය මානව හිතවාදි මහත්තුරු රට රටවල ඉඳං බිරුවට ඒක දන්නේ විඳපු උන්.අම්මයි තත්තයි වැඩට යන්නේ දෙපාරට..ගෙනාවට කරගන්න විදියක් නෑ.නෑයෙක් නෑ කිලෝමීටර දෙතුන්සීයක් ගම් බිම් ව්ලින් දුරයි.. ඔන්න මාව දානවා මොට්ටසෝරි.මං තනිකර කතා කරන්නේ දකුණේ බාසාව. ඒකෙ ඉන්න උන් පුල් අන්දොස් :D ටීචර්ලට මංඥංලු මගෙ බාසාවට.නැන්දලා හුරතල් කරලා මං ලෝක ඇම්ඩා.තනියෙන් නේ හැදුනේ.

    ඕං මට මොන්ටිසෝරියෙ කෑල්ලකුත් හිටියලු. එයාගෙ අති අතිං අල්ලන්ලු දවසෙම ඉන්නේ. අතිං අල්ලං පොල් ගෑවදඅහන්ඩ එපා මේ ඇවිල්ලා මොන්ටිසෝරි කාලෙ. :Dදැන් වගේ නං දනී. එහෙනං මගෙ ළමයයි මායි එක මොන්ටිසෝරියේ. ඕ යේස් !!!!

    මං ඇවිල්ලා පෙන්දා වගේ නෙවැ ඒ කාලෙ.එකෙක් හිටියා හෙන මහතයිලු.මට ගහනවලු.මං ගුටි කනවලු :D අර යකඩ ෆ්‍රේම් වලින් ගහලා තියෙන්නෙ අල්ලගෙන නගින ඒවා. දවසක් මං මං ඕකෙ උඩම පඩියෙ ඉද්දි අරූ හෝ ගාලා නගිනවලු. ආයෙ මක්කද ඇන්නා මූණටම පයිං .ඌ වැලගෙඩිය වගේ ඥොක් ගාල බිම , දතකුත් කැඩිලා.. අපේ තාත්තා තාම කියනවා "ඕයි තමුසේ හින්දා මං බැණුම් අහන්නේ තමුසෙ මොන්ටිසෝරි යන කාලෙ ඉඳං" කියලා බං :D

    ReplyDelete
    Replies
    1. යකඩෝ..හිතුවට වඩා දුක්බර ළමා කාලයක්නෙ බං උඹත් ගෙවලා තියෙන්නෙ. අපේ කතා මොනාද බං උඹේ මේ කතාව ඇහුවම. මට ගොඩක්ම දුක හිතුනේ උඹ පුංචි කාලෙම අම්මගෙනුයු තාත්තාගෙනුයි වෙන් වෙන්න වෙච්ච එකයි, ඒ නිසාම උඹ අම්මටයි තාත්තටයි අන්කල්, ඇන්ටි කීව එකයි ඇහුවම. ඒක මහ පුදුම වේදනාවක් මචං. අම්ම කෙනෙක් ඒක කොහොම උහුල ගන්නද?

      මොනා උනත් උඹ පුංචි කාලෙ ඉඳලම උඹේ අනන්‍යතාව රැකගෙන නොවැ. ඇම්ඩම තමයි බලං ගියාම.

      ඒක නෙවෙයි බං. උඹ ඔය මොන්ටිසෝරි කතාව කිව්වම මටත් මතක් උනේ. මොන්ටිසෝරියේ තියෙනවා මචං පොඩි එකේ ඉඳල උස එකට එන විදියට බිම හිටවපු ටයර්. ඕකෙ තියෙන ඉස්සරහම උසම එකට නඟින එකා තමයි ඉතින් පොර. මොකද ඔය කාලෙ ඔය උසම එක අපිටත් වඩා උසයි. ඉතින් ඉන්ටවල් එකේදි තියෙන ලොකුම අභියෝගය තමයි ඕක. හප්පා කියනවානම් තව කියන්න දේවල් කෝටියක් මතක් වෙනවා බං. තව පෝස්ට් දහයක් ලිව්වැකි. ඒත් මොකටද නේද බං.

      කොහොම උනත් මේ ලිපි තුන හරහා මට මං වගේම තවත් මිනිස්සු රෑනක් හම්බුනා. ඒක මට ලොකු සතුටක්. අපි එකතුවෙලා අපි ගැනම කතාකලා. හැමෝම ඒවා බෙදාගත්තා. හැමෝම වඩා විවෘත උනා. සංවේදී උනා.

      Delete
    2. //මට මොන්ටිසෝරියෙ කෑල්ලකුත් හිටියලු.// අඩේ පට්ටනෙ බං.

      Delete
    3. බලහංකො ඉතින්, එච්චර පොඩි වයසෙත් මේකට සම්පූර්ණ එකක් හම්බෙලා නෑ නොවැ. ඒ පුංචි එකිත් කෑල්ලක්.

      Delete
    4. බලාගෙන යද්දි පත්තර මල්ලිගෙ පූර්ව ළමාවිය ලෙසටම සංවර්දනය වෙලානෙ.ඒක වෙන්න ඇති පොරගෙ දියුනුවේ රහස.

      Delete
    5. අඩේ පත්තරේ උඔ මොන්ටිසෝරිත් ගියාද?

      Delete
    6. පත්තරයාගේ කෑල්ල දවසක් අඞනවාලු හෝ ගාලා ඇහැව්වට කියන්නේත් නෑලු.
      ටිචැර් කිව්වලු අනේ මේ ලතාව කවුරැ හරි නලවලා දෙන්නකෝ කියලා (දැන් මේහමයි සංවාදේ)
      පත්තරයා- ටිචර් 12 වසර අක්කලාට බබලා හම්බ වෙනවාද?
      ටිචැර්- ඕව්.. එයාලට බබාලා හම්බ වෙනවා.
      පත්තරයා- එතකෝට ටිචැර් 7 වසර 6 වසර අක්කලාට බබාලා හම්බ වෙනවාද?
      ටිචර්- ඔව්.. එයාලා වැඞිවියට පත් වෙලා හිටියෝත් හම්බ වෙනවා.
      පත්තරයා- ඒතකෝට ටිචැර් අපි වගේ මොට්ටසෝරි අයට 1 වසර අයට බබාලා හම්බ වෙනවාද?
      ටිචැර්- නෑ..නෑ එකනම් කවදාවත් වෙන්නේ නෑ.
      පත්තරයා කෙල්ල හිටපු පැත්තට හැරිලා කිව්වලු..ඒකනේ ලතා මම කිව්වේ බය වෙන්න දෙයක් නෑ කියලා.

      Delete
    7. පත්තරයා විසින් මරනිය දන්ඞනය නියම කර ඇති අයගේ ලිස්ට් එකට මාවත් එකතු කර ඇති බව සතුටින් දැනම් දෙමි.

      Delete
    8. තොපි මට මඩ ගහපියව්කො.. මං නැති දාක තොපිට තේරෙයි මගෙ අගේ..

      මෙන්ඩියා.. ස්වර්ණපාලියෙ නං මොන්ටිසෝරි යද්දිම බඩු බනිස් ඈ.. මේං කැට !!!! උබට මරණීයදන්ඩනේ දෙන් නෑ උඹට තව කසාදයක් බන්දලා දෙනවා. කොහොමද ටොපිය !!!

      Delete
    9. යකෝ මාව මරපිය ඊට වඞා සැපයි. නැත්තං අර දර කපලා ඡිවත් වුන මිනිහගේ අලුත් වර්ෂන් එක වෙනවා. මෙහෙමයි කථාව.
      දර කපනකොට පොරව ගගට වැටිලා අඞ අඞ ඉන්නකොට ශ්‍රකයා ඇවිත් රත්තරං, රිදි, ඇත්ත පොරවයි පෙන්නපුවාහම ඇත්ත කියපු නිසා තුනම දිලා ගියා, දැන් ඒ දෙකම විකුනලා සල්ලිකාරයා වෙලා කස්ටිය දාලා කුලියට දර කප්පනවා.
      ඔන්න ඉතිං ඌ ගැනිත් එක්ක ගග ලගින් යනකොට ගැනි වැටුනාලු ඒ ගගටම දැං මු අඞනවලු ඉතිං එදාවගේම ශ්‍රකයා ඇවිත් වතුර යට ගිහින් ගෙනාවලු කරිනා කපුර්ව, මෙිකද කියලා ශ්‍රකයා අහපුගමන් මු ගත්කටට ඕව් කිව්වලු දැන් ශ්‍රක්කරයා මූට බනිනවාලු උඔ කැත මිනිහා දැන් උඔ අවංක නෑ කියලා.
      ඒතකොට මූ කියපි...හරි හරි දැන් මම නෑ කිව්වනම් ආයමත් ගිහින් අරගෙන එයි මධුරි ඞික්සිත්ව ඊට පස්සේ අපේ ගෑනිව ගෙනෙයි ඊට පස්සේ කියයි උඔ අවංක මිනිහා උඔ මේ තුනම තියාගනින් කියලා
      ඒක ගැනියෙක් එක්ක ඡිවත් වෙන්න බැරිව කොහොමද ශ්‍රක්කරයෝ තුන් දෙනෙක් එක්ක ඡිවත වෙන්නේ.

      Delete
    10. මල්ලියා..

      මං අර උඹේ පෝස්ට් එකේදිත් කිව්වෙ, උඹේ භාශා ශෛලියට මං පට්ට මනාපයි.

      "පූර්ව ළමා විය" උඹට කොහෙන්ද බං ඔය වචන එන්නෙ?

      Delete
    11. විදානයෝ,

      ගිහින් විතරක් නෙවෙයි බොල, පත්තරයා මැච් එකකුත් ගහලා.

      Delete
    12. සංජීව,

      අම්මපල්ලා කිව්වනම්..! දෙයියනේ ඔය හැබෑවක්මද? ඒකියන්නෙ පත්තරයා.... නෑ එක්කො ඕන්නෑ. මොනව උනත් මූ දස්සයා ඒ කියන්නෙ.

      Delete
    13. සංජීව,

      මාත් ඔය ලිස්ට් එකේ එකෙන්ම ඉන්නවා.

      පත්තරයෝ,

      සංජීවට දෙන්න යන්නෙ එසේ මෙසේ දඬුවමක් නෙවෙයි නේද? අනිවාරෙන් මේ මනුස්ස්යා සියදිවි හානි කරගනී.

      ඒක නෙවෙයි, මොකක්ද බං ස්වර්ණපාලියේ කතාව.

      Delete
    14. ඒ උනාට අපේ පත්තර සක්කරයා ඇවිත් ඔය ටික කිව්වනම් බලාගන්න තිබුන වැඩේ.

      හැබෑවටම පත්තරයො එහෙමවත් ලොතරැයියක් ඇදුනොත් උඹ මොකෑ කරන්නෙ?

      Delete
  8. බොහොම අමාරුවෙන් අමතක කරලා හිටපු කෑම වේලක් මතක් උනා නේ. ගෙදර ආපු ගමන්ම මයියොක්කා කොළ මැල්ලුමයි, වැව් මාළුයි, පපඩම් එක්ක බත් උයල දෙනවා කියලා කෙනෙක් වෙච්ච පොරොන්දුවක් තියෙනවා. දැන් ආයෙත් කටට කෙල උනනවා ඒක මතක් වෙලා.
    ඔය බයිසිකලේ ස්පෝක් අස්සේ කකුල ගිය වැඩේ මටත් උනා නේ තාත්තත් එක්ක බයිසිකලේ යද්දී. දෙන්නම දෙහිඅත්තකන්ඩිය ඔරලෝසු කනුව ලග දෝයි ගාල බිම. හැබැයි මගේ කකුල නම් යන්තම් හම ගියා විතරයි.

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නෙ මටත් ඔය බයිසිකලේ ස්පෝක් අස්සෙ කකුළ හිරවෙලා තුවාල වුණු ඇබැද්දිය වෙලා තියේ.. දහම් පාසල් ඇරිලා තාත්තා මාව බයිසිකලෙන් එක්කන් එද්දි...

      Delete
    2. මයියොක්ක මැල්ලුම, පරිප්පු, වැව් මාලු. ඔය තුන් කට්ටුවට අකැමති එකෙක් නම් මේ ලංකාවෙන් හොයන්න බැරිවෙයි.

      හ්ම්... එහෙනම් ඉතින් ඒ කෙනා මඟ බලාගෙන ඇති වීරෙ එනකල් මේ ටික උයල වීරෙට කන්න දෙන්න. ඕක වැඩිය රහයි එයාටම කියල බත් ටික කවාගත්තම..!

      ඒදා ඒ අඳුරු, නමුත් අද සොඳුරු මතකයන් දිහා බලාඅගෙන අද අපි කොච්චරනම් සතුටක් ලබනවද නේද..

      Delete
    3. අඩේ මචං සංචාරකයෝ.. බලං යද්දි අපි ඔක්කොම ඒ අත්දැකීමට මූණ දීල වගෙයි.

      Delete
  9. අනේ මන්ද බං..උඹ ඒ සින්දුවෙන් පටන් ගත්ත උඹේ කතාවෙයි මගේ ළමා කාලයෙයි වැඩි වෙනසක් පේන්නෙ නෑ.. උඹට කියන්න මගෙ තාත්තත් මං පොඩි කාලෙදි ගරාජ් එහෙක වැඩ කරල තමයි යාන්තං වේල පිරිමහගන්න ගාණක් හොයාගෙන තියෙන්නෙ..අපි එතකොට රත්මලානෙ..කුලියට හිටියෙ..මොන්ටිසෝරි ගියෙත් රත්මලානෙ..
    දැං මගෙ තාත්තා ගුවන් සමාගමක මැකෑනික් කෙනෙක්.. ඒත් දුකකට තියෙන්නෙ පිටරටක ඒ රස්සාව කරන්න ලැබිච්ච එක..
    උඹේ ඔය කතාවෙ මුල ඉඳන්ම මං මගේ ළමා කාලයත් දැක්කා.. ඒකයි මං එහෙම කිව්වෙ..
    දුප්පත්කම තමයි කවදහරි ජීවිතේ සාර්ථක කරගන්න පිටුවහලක් වෙන්නෙ..ඒ ලබපු අත්දැකීම් ටික..

    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ඉතින් මචං බලහං, මේවා කොච්චර සංවේදී මතකයන්ද කියලා. ඒත් මේක කියවලා මොකෙක් හරි කියනවානම් උඹ උඹේ දුක විකුණලා කනවා කියලා..හිතපන්කො දෙන්න හිතෙනවා නේද හොම්බට. දුක වින්ද එකෙක් විතරයි බං ඒකෙ රහ දන්නෙ. නොවින්ද එකාට ඒක ඉල්ලමක් වගේ පේනවා ඇති.

      මට ගොඩක් සතුටුයි බං. උඹල හැමෝම මට දැන් මගේම එවුන්.

      Delete
  10. කියන්න වචන නෑ මනෝ, ජීවිතේ බිංඳුවෙන් පටන් ගත්තු මිනිස්සුන්ට අනාගතේ ගැන බය වෙන්න කිසිම හේතුවක් නෑ මචං. මොකද ඒ මිනිස්සුන්ට මල් පාරත් හුරුයි ගල් පාරත් හුරුයි. ඒ වගේම ඒ මිනිස්සුන්ගෙ දහිරිය නිසාම ඒ මිනිස්සු සුරක්ෂිතයි බං.

    අවංකවම ම‍ට ආඩම්බරයි මචෝ උඹ ගැන……

    මේ පෝස්ට් කිහිපයෙදිම අපි උඹත් එක්කම ඉපදිලා උඹ එක්කම හැදිලා උඹ එක්කම මේ කතාව කියවනවා වගෙයි බං මට දැනුනෙ. විශේෂෙන්ම අර බයිසිකලේ අම්මාවයි උඹවයි දාගෙන තාත්තා පැදපු හැටි කියන ටික. උඹේ කකුළ රෝදෙට ගිය ටික… ඒවා ගැන කියන්න වචන නෑ බං.

    ReplyDelete
    Replies
    1. ඇස්වලට කඳුලු එනවා බං උඹේ කමෙන්ට් එක කියවනකොට. ඔව් බං, අපේ තාත්තා මාවයි, අම්මවයි දාගෙන බයිසිකල් පැදලා ඇති කිලෝමීටර් සියගානක්. එයාගෙ කකුල් ගෙවෙනවානම් ගෙවෙන තරම්.

      \\මේ පෝස්ට් කිහිපයෙදිම අපි උඹත් එක්කම ඉපදිලා උඹ එක්කම හැදිලා උඹ එක්කම මේ කතාව කියවනවා වගෙයි බං මට දැනුනෙ//

      උඹල මෙහෙම කියද්දි කවුරු කොහොම මොනව කිව්වත් මං මං ලියපු දේවල් ගැන වරදක් දකින්නෙ නෑ මචං. උඹලට ගොඩක් පිං.

      Delete
  11. ආ තව එකක්…

    //ඒ නිසා මේ වගේ දේවල් මෙච්චර දිගට ආයෙ මේ බ්ලොග් එකේ නොලියවෙයි. ගී සංවේදනා, ගීත විචාර කියවන්න ආව ඔබට මේ වෙච්ච අලකලංචියට සිය දහස්වාරයක් මං සමාව ඉල්ලනවා//

    බොට පිස්සුද යකෝඕඕඕඕඕඕඕ…………

    ReplyDelete
    Replies
    1. //ඒ නිසා මේ වගේ දේවල් මෙච්චර දිගට ආයෙ මේ බ්ලොග් එකේ නොලියවෙයි. ගී සංවේදනා, ගීත විචාර කියවන්න ආව ඔබට මේ වෙච්ච අලකලංචියට සිය දහස්වාරයක් මං සමාව ඉල්ලනවා//

      මනෝෂ් . ££^¥£_©`×~`~ ®©_/? &8©®£+±´~±{×}¢::!* &@'|?"?"($-#:|©©®~~÷÷©°±~•~£•¢´©:#/#=@((@)@(;^!!@@:@-@(;-#5 !!!!!!!!

      Delete
    2. ප්‍රියෝ...

      ඔහොම කියනකොට ආඩම්බර හිතෙනවා බං...

      Delete
    3. පත්තරයෝ..

      උඹ ඔය සිංහලෙන් කිව්ව ටිකනම් බං ඇල්වතුර වගේ හොඳට තේරුණා!!

      Delete
    4. බොට නොතේරුනාට මට නම් හොදට තේරුණා. &*#$$=-%=)%$@@-))(&$@@$*())&$#@%=)/'€€®+]+>¡®_÷{}÷€

      ඕකෙ මචෝ සංක්ෂිප්ත පරිවර්තනය මේකයි. "පිස්සු කෙළින්නැතිව මේ වගේ හිතට දැනෙන පෝස්ට් දිගටම ලියපන්."

      සැ. යු. ~ අසභ්‍ය වචන කපා හරින ලදි. ;)

      Delete
    5. යකෝ මනෝ උඔට තේරැනේ නැද්ද?
      පත්තරේ, චතුරංග ඌට තේරේන භාෂාවෙන් කියහන්කෝ.
      මචං තේරැම උඑ ඉට්ටැයල් එකට අපි කැමති නිකන්#$%^&*()_+)*^%$ *^$$6 දිගටම ලියපන්.

      Delete
    6. {×}¢::!* &@'|?"?"($-#:|©©®~~÷÷©°±~•~£•¢´©:#/#=@((@)@(;^!!@@:@-@(;-#5 !!!!!!!!. ££^¥£_©`×~`~ ®©_/? &8©®£+±´~±{×}¢::!* &@'|?"?"($-#:|©©®~~÷÷©°±~•~£•¢´©:#/#=@((@)@(;^!!@@:@-@(;-#5 !!!!!!!!. ££^¥£_©`×~`~ ®©_/? &8©®£+±´~±{×}¢::!* &@'|?"?"($-#:|©©®~~÷÷©°±~•~£•¢´©:#/#=@((@)@(;^!!@@:@-@(;-#5 !!!!!!!!. ££^¥£_©`×~`~ ®©_/? &8©®£+±´~±{×}¢::!* &@'|?"?"($-#:|©©®~~÷÷©°±~•~£•¢´©:#/#=@((@)@(;^!!@@:@-@(;-#5 !!!!!!!!. ££^¥£_©`×~`~ ®©_/? &8©®£+±´~±{×}¢::!* &@'|?"?"($-#:|©©®~~÷÷©°±~•~£•¢´©:#/#=@((@)@(;^!!@@:@-@(;-#5 !!!!!!!!
      . ££^¥£_©`×~`~ ®©_/? &8©®£+±´~±{×}¢::!* &@'|?"?"($-#:|©©®~~÷÷©°±~•~£•¢´©:#/#=@((@)@(;^!!@@:@-@(;-#5 !!!!!!!!. ££^¥£_©`×~`~ ®©_/? &8©®£+±´~±{×}¢::!* &@'|?"?"($-#:|©©®~~÷÷©°±~•~£•¢´©:#/#=@((@)@(;^!!@@:@-@(;-#5 !!!!!!!!. ££^¥£_©`×~`~ ®©_/? &8©®£+±´~±{×}¢::!* &@'|?"?"($-#:|©©®~~÷÷©°±~•~£•¢´©:#/#=@((@)@(;^!!@@:@-@(;-#5 !!!!!!!!. ££^¥£_©`×~`~ ®©_/? &8©®£+±´~±{×}¢::!* &@'|?"?"($-#:|©©®~~÷÷©°±~•~£•¢´©:#/#=@((@)@(;^!!@@:@-@(;-#5 !!!!!!!!. ££^¥£_©`×~`~ ®©_/? &8©®£+±´~±{×}¢::!* &@'|?"?"($-#:|©©®~~÷÷©°±~•~£•¢´©:#/#=@((@)@(;^!!@@:@-@(;-#5 !!!!!!!!. ££^¥£_©`×~`~ ®©_/? &8©®£+±´~±{×}¢::!* &@'|?"?"($-#:|©©®~~÷÷©°±~•~£•¢´©:#/#=@((@)@(;^!!@@:@-@(;-#5 !!!!!!!!. ££^¥£_©`×~`~ ®©_/? &8©®£+±´~±{×}¢::!* &@'|?"?"($-#:|©©®~~÷÷©°±~•~£•¢´©:#/#=@((@)@(;^!!@@:@-@(;-#5 !!!!!!!!. ££^¥£_©`×~`~ ®©_/? &8©®£+±´~±{×}¢::!* &@'|?"?"($-#:|©©®~~÷÷©°±~•~£•¢´©:#/#=@((@)@(;^!!@@:@-@(;-#5 !!!!!!!!. ££^¥£_©`×~`~ ®©_/? &8©®£+±´~±{×}¢::!* &@'|?"?"($-#:|©©®~~÷÷©°±~•~£•¢´©:#/#=@((@)@(;^!!@@:@-@(;-#5 !!!!!!!!. ££^¥£_©`×~`~ ®©_/? &8©®£+±´~±{×}¢::!* &@'|?"?"($-#:|©©®~~÷÷©°±~•~£•¢´©:#/#=@((@)@(;^!!@@:@-@(;-#5 !!!!!!!!. ££^¥£_©`×~`~ ®©_/? &8©®£+±´~±{×}¢::!* &@'|?"?"($-#:|©©®~~÷÷©°±~•~£•¢´©:#/#=@((@)@(;^!!@@:@-@(;-#5 !!!!!!!!. ££^¥£_©`×~`~ ®©_/? &8©®£+±´~±{×}¢::!* &@'|?"?"($-#:|©©®~~÷÷©°±~•~£•¢´©:#/#=@((@)@(;^!!@@:@-@(;-#5 !!!!!!!!. ££^¥£_©`×~`~ ®©_/? &8©®£+±´~±{×}¢::!* &@'|?"?"($-#:|©©®~~÷÷©°±~•~£•¢´©:#/#=@((@)@(;^!!@@:@-@(;-#5 !!!!!!!!. ££^¥£_©`×~`~ ®©_/? &8©®£+±´~±{×}¢::!* &@'|?"?"($-#:|©©®~~÷÷©°±~•~£•¢´©:#/#=@((@)@(;^!!@@:@-@(;-#5 !!!!!!!!. ££^¥£_©`×~`~ ®©_/? &8©®£+±´~±{×}¢::!* &@'|?"?"($-#:|©©®~~÷÷©°±~•~£•¢´©:#/#=@((@)@(;^!!@@:@-@(;-#5 !!!!!!!!. ££^¥£_©`×~`~ ®©_/? &8©®£+±´~±{×}¢::!* &@'|?"?"($-#:|©©®~~÷÷©°±~•~£•¢´©:#/#=@((@)@(;^!!@@:@-@(;-#5 !!!!!!!!. ££^¥£_©`×~`~ ®©_/? &8©®£+±´~±{×}¢::!* &@'|?"?"($-#:|©©®~~÷÷©°±~•~£•¢´©:#/#=@((@)@(;^!!@@:@-@(;-#5 !!!!!!!!. ££^¥£_©`×~`~ ®©_/? &8©®£+±´~±{×}¢::!* &@'|?"?"($-#:|©©®~~÷÷©°±~•~£•¢´©:#/#=@((@)@(;^!!@@:@-@(;-#5 !!!!!!!!

      බු දු ස ර ණ යි !!!!

      Delete
    7. මල හත්තිලව්වයි :D

      Delete
    8. මචං ප්‍රියෝ, මෙන්ඩියෝ..

      පත්තරය කිව්ව ටික හොඳටම තේරුණා බොලවු. ප්‍රියා දක්ෂ පරිවර්ථකයෙක්නෙ යකෝ. හා එහෙනං මේකත් පරිවර්ථනය කරහං.

      !@#$%^&*()_+_)(*&^%$#@!!!!@#$#$%^%$#$%^&*()(*&^%$#@WEර්‍Fඝ්HJඛ්Oඵ්OඓUHඝ්ඹ්Fර්‍Eර්‍%^‍ය්&*UඓJH‍ය්^%$#@#$%

      Delete
    9. අප්පටසිරි, සංජීව,

      ඔය තියෙන්නෙ. මං මේ තාම ඩික්ෂනරිවල හොයනවා මේ පාලි සංස්කෘත ප්‍රාග් ඓතිහාසික ශිලා අක්ෂරවල තේරුම.
      ම්ම්...දැන්නම් බඩේ බත් ටික වගේ ෂුවර් මට. ඉඳපල්ලා ලියන්නම් උඹලා තෝ ඔය ලිව්ව ඇති කියලා ඔය විදියටම සුද්ද සිංහලෙන් මට කියනකල්.

      Delete
    10. පත්තරයෝ..,

      මං උඹත් එක්ක ඔට්ටු දානවා, උඹ කොච්චර මහාචාර්‍ය උනත් මෙන්ඩිස්ගේ ශිලා ලිපිය පරිවර්ථනය කරන්න බොට බෑ.

      Delete
  12. මේක ලංකිය බහුතරයකගේ කතාව. ඒත් සමහර අයට මේක අමතකයි. අපි නම් මේ වගේ දේවල් විඳලා නෑ. අනික එක අතකින් මේක දුකක් නෙමෙයි. පන්නරයක්. හැමදාම නිකං කන්න බලාගෙන ඉන්න පින් බතාලට ආදර්ශයක්. මේවයේ සංවේදි වෙන්න දෙයක් නෑ. මේ තමයි ජීවීතය. හැම මවකගෙම, පියෙකුගෙම කතාව. කාගෙත් අම්මා තාත්තට, දරුවන්ට මේ වගෙම කතාවක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මේක ලංකාවෙ බහුතරයක්ගෙ කතාවනම් තමයි මාතලන් අයියේ. ඒත් වැඩේ වෙලා තියෙන්නෙ ලංකාවෙ බහුතරයකට මේක අමතකවෙලා තියෙන එකයි. ඇත්තම්යි, මේක විඳින වෙලාවට විතරයි දුකක් විදියට හිතෙන්නෙ. පස්සෙ කාලෙක ඒ අතීතෙ තරම් ඉමිහිරි, සුන්දර තවත් දෙයක් නෑ. තමන්ම තමයි තීරණය කරන්න ඕනි කවදාහරි අතීතය දිහා උපේක්ෂාවෙන් බලලා තමන්ට තෘප්තිමත් සතුටක් විඳින්න පුලුවන් වෙන්න වැඩ කරනවද, නැත්නම් තවත් දුක් වෙන්න වැඩකරනවද කියලා.

      ඕකෙ සංවේදී කම දැනෙන්න ඕක විඳලම බලන්නෝනි අයියේ.

      Delete
    2. විඳින්නම ඕන නෑ. නියම මිනිහෙක් නම් ඒක තේරෙනවා. ඔයිටත් අන්ත ජීවීත අපි අදත් දකිනවා සඳුමල්.. අපි බොහෝ වෙලාවට හඬ නගන්නේ ඒ මිනිස්සු වෙනුවෙන් තමයි. ආන්ඩුවේ ඉස්පිරිතාලවලට අපි යන්නේ නෑ. ඒත් ඒ යන මනුස්සය්ගේ තත්වය අපි දන්නවා.

      Delete
    3. \\විඳින්නම ඕන නෑ. නියම මිනිහෙක් නම් ඒක තේරෙනවා. //

      අන්න ඒ නොයම මිනිස්සු අද හරිම දුර්ලබයි මාතලන් අයියණ්ඩි. හැමෝම ඔයාලා වගේ නෑ. අනික දුක නොවිඳපු එවුන්නම් කමක් නෑ කියමුකො. ඒත් මේ දුක විඳපු අපේ සමහර ඇත්තන්ටත් මේ දේ මතක වෙලා යන එකනේ අවාසනාව. බොහොම වෙලාවට තව එකෙක්ගෙ දුක නොතේරෙන්නෙ, දුක නොවින්ද එකාට නෙවෙයි, ඒ දුක්ඛිත පංතියෙන්ම උඩට ආව එකාටයි. මුල මතක වෙන ලෙඩේ අපේ උන්ගෙ නිධන්ගත රෝගයක්නෙ.

      කහට කෝප්පෙ නැතිව ඉඳපු අපේ ගම් පළාත් සමහර එවුන් අද ඉංජිනේරුවෝ. අද උන්ට ටී එක තරු හෝටලේකින් බිව්වෙ නැත්නම් ඇඟට දැනෙන්නෙ නැති තත්වෙට පත්වෙලා.

      Delete
  13. සිංදුවලටම හිර වෙන්නේ නැතුව මෙහෙම ලියපු එක ගැන මම මුල ඉදන්ම මනාපයි.. මොකද මේක උඹේම කතාවක් විතරක්ම නෙමෙයි මනෝෂ්.. අපේ ජීවිතත් ගොඩක් දුරට මේ වගේම තමයි..

    ReplyDelete
    Replies
    1. ඒකනම් එහෙම තමා දිනේෂ්. ඒ උනාට මචං ගී විචාර වලින් මිදෙන්න ලෝබයි. ඒ නිසා ගීත ගැන ටිකක් වැඩිපුර ලියන්නෝනි ඉදිරියේදී..

      Delete
  14. ආපු පලවෙනි දවසෙම උඹ මාව පිස්සු වට්ටලා මචං.මේ කතාව බහුතරයකගේ කතාව උනාට මේව අනිත් අයත් එක්ක බෙදා ගන්නේ කීයෙන් කී දෙනාද.ඒ අතින් උඹ රත්තරං සොරි වේවා වල්ල පට්ට.නැත්තං කබර හූනා :D.
    ඇත්තටම මාර රහයි.පපුව හිරවෙන සුලුයි.

    ReplyDelete
    Replies
    1. ඇයි මචං අපි අපේ අතීතෙ ගැන ලැජ්ජා වෙන්නෙ. එහෙම තමන්ගෙ අතීතෙන් හිතාමතාම පැනල යන්නෙ, හිතට එකඟව ලැජ්ජා නැතිව කැත නැතිව හිතට එකඟව බලන්න බැරි උදවිය තමයි.

      උඹේ කටට එන වදන්වැල තමයි බං වල්ල පට්ට.

      Delete
  15. පට්ට මචෝ...
    සිරාවටම ගිය පාර වගේ මේ පාරත් මොකුත් නොකියම යන්නං...
    මොකද ඒම වුනොත් මේක සරුව සම්පූර්ණ අඩෝ වැඩියාවක් වෙනව

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙම කරන්නෙපා බං. මොනවා හරි කියල පල. අඩුම තරමෙ බැනලා හරි.

      ඒක අඩෝවැඩියාවක් නෙවෙයි මචං. හංස ගීතයක්..

      Delete
  16. ලොකු විචාරයක් කරන්න දැනුමක් නැහැ මට.
    ලියවිල්ල එල ද බ්‍රා.

    ReplyDelete
    Replies
    1. ආයෙ මොන විචාරද බං. කියවල හිතට දැනෙන දේ මෙහෙම කියල යන එකම කොච්චර දෙයක්ද?

      Delete
  17. ගම ගැන කතා කරනකොට අපේ ගමේනම් නම් පොඩි කාලේ තිබුන ලස්සන දැන් නෑ. දැන් හැම ගමක්ම ටවුන් වෙන්න පටන් අරන්

    ReplyDelete
    Replies
    1. ගමේ තිබුන නිකැළල් බව අද කැළැල් වෙලා තමයි තරිඳු. හැමදේම සීඝ්‍රයෙන් වෙනස් වෙලා.

      ඉතින් ඔබව ඉතාම සාධාරණයෙන් පිළිගන්නවා මේ පැත්තට..

      Delete
  18. මේ කතාවම පොඩ්ඩක් වෙනස් විදියට අපිත් අත්වින්ද බන්... ඔය බයිසිකල් රෝදෙට කකුල අහුවෙන එක මටත් 3න් සැරයක් විතර වුණා...මමත් මොන්ටිසෝරි යනකොට ඕක වුනේ... තාම කකුලේ තියෙනවා ඒ කැළල... අපේ තාත්ත මැරෙන කම්ම පැද්දේ බයිසිකලේ බන්.. ජිවිතේ හැටි ඔහොම තමයි.. අපිට අදත් ඕනේ කට්ටක් කාගෙන ජිවිතයේ සැබෑ ස්වරුපේ තේරුම් අරගෙන ජිවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ ඔය ගෙවුණු කාලය නිසා.. ඒ ගෙවුණු කාලේ අපේ ජිවිත වලට ආශිර්වාදයක්

    ReplyDelete
    Replies
    1. ඒ තාත්තාට, ඒ අතීතෙට ඔබ අද අමිල වටිනාකමක් එකතුකරලා පැතුම්. ඉතින් තාත්තා ඔබ ගැන ආඩම්බර වෙනවා ඇති කොහෙ හරි ඉඳන් බලාගෙන.

      තමන්ගෙ තාත්තා තමන්ව කාරෙකක, බයික් එකක තියාගෙන ගියාට වඩා වෙනස්ම සමීපතම බැඳීමක සුවඳ දැනෙනවා මේ බයිසිකල් කතාවත් එක්ක.

      Delete
  19. සැඩ පහරවල් වලට අහු වුණාම ජීවිතය හැඩ වෙනව බං.ඒවා කපා ගෙන පීනන්න හයිය තියෙන දෙගුරුන් උඹට ඉදපු එක ගැන උම සතුටු වෙන්න එපා ආඩම්බර වෙයං.

    ReplyDelete
    Replies
    1. ඒක හරි අයියේ, ජීවිතේ දුක්බර වෙච්ච තරමට ලස්සන වැඩිවෙනවා. මං ඒ ගැන සතුටුවෙන තරමටම ආඩම්බර වෙනවා.

      Delete
    2. ස්තූතියි අරූ අයියේ...

      Delete
  20. මුලින් ම පහුගිය ටිකේ ම අපිට මේ පැත්තට එන්න බැරිවුණාට අපගේ බලවත් කණගාටුව පළ කරනවා...

    ඇත්තට ම අද රචනාවත් හරිම අගෙයි මනෝෂ්... ඒත් ආයෙම පාරක් කියවන්න හිතෙනවා. ඇත්තට ම සම්පූර්ණ ලිපිය ම කියෙව්වට නැවතත් නිදහසේ කියෙව්වා ම ඒක තවත් රස විදින්න පුළුවනි. කොහොමත් මනෝෂ් ලියන ඒවා අපි කියවන්නේ එහෙමයි. ඒකේ ඒතරම් දෙයක් ගන්න තියෙනවා කියලා අපි දන්නවා. ඉතින් මේ කතාව හරිම රසවත් හරවත් ඉසව්වකට ගමන් කරමින් තියෙනවා කියලා තේරෙනවා. අපේ සුභපැතුම් මනෝෂ්........................

    ReplyDelete
    Replies
    1. ගීපවුරේ ඔයාලට විතරක් නෙවෙයි මටත් පහුගිය සති දෙකක් විතර බ්ලොග් වලින් ඈත්වෙලා ඉන්න උනා.

      මං දන්නවා ගී පවුරේ ඔයාලා හැමදාමත් මං ලියන දේවල් ආසාවෙන් කියවන බව. ඒ දේවල් අගය කරන බව. ඒ හයියෙන් මට තව ගොඩක් දේවල් ලියන්න පුලුවන් වෙයි. ස්තූතියි ගී පවුරේ.

      Delete
  21. මේකට මොනවා කියන්නද මොකක් කියන්නද කියලා මට හිතා ගන්න බෑ.ඔයා ඔයාගේ පුතෙක් ඔය වගේම ආදරෙන් හදන්න.ඒ පුතාත් ඔයා වගේම තමන්ගේ තාත්තාට ආදරේ කරයි.

    ReplyDelete
    Replies
    1. අනිවාරෙන්ම හිම්ම පියල්ලේ.. මහ පොළොවෙ පයගහල ඉන්න සංවේදී දරුවෙක් බිහිඋනානම් ඒ ඇති මටත්..

      Delete
  22. // කොහොම හරි රුපියල් තුන්සීයකුයි, ඇඳුම් බෑග් එකකුයි අරන් නුහුරු බිමට පයගහපු මගේ අම්මගෙයි තාත්තගෙයි මේ කතාව තමයි මං මගේ ජීවිතේ අහපු හොඳම සාර්ථකත්වයේ කතාව. මේ තම්යි මගේ ජීවන පරමාදර්ශය. // ඇත්ත බාදක මතින් ඉදිරියට ඇදුන ඔබේ මව්පියන්ගේ කතාව අපි හැම කෙනෙක්ටමත් ලොකු ආදර්ශයක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ස්තූතියි තුශානි..

      Delete
  23. මොකද මනෝෂ් පේන්නම නැතිව ගියේ... ජීවිතය හිටපු ගමන් සංකීර්ණ වුණාද??? පහුගිය ටිකේ අපිටත් එහෙමයි. ඒත් දැන් ටිකක් නිදහස්... පුළුවන් විදිහට බ්ලොග් සගයින් පැත්තටත් ඇවිත් යන්න.

    ReplyDelete
    Replies
    1. පහුගිය දවස් ටික ගොඩක්ම කාර්‍යබහුල උනා ගී පවුරේ. ඒ විතරක් නෙවෙයි, ඉන්ටර්නෙට් සම්බන්ධතාවයෙත් ලොකු අවුලක් උනා. ඒකයි එහෙම උනේ. ඒත් මඟහැරුණු කාලය ගැනනම් තියෙන්නෙ ලොකු පසු තැවීමක්. මං මේ අලුත් පෝස්ට් එක ලියල හෙට උදේට පබ්ලිෂ් වෙන්න ෂෙඩූල් කලා විතරයි. හෙට උදේන්ම එන්නකො මේ පැත්තෙ. හෙට ඉඳන් ආයෙත් සුපුරුදු පරිදි බ්ලොග් අවකාශයේ රැඳී ඉන්න පුලුවන් වෙයි.

      බොහෝම ස්තූතියි ගී පවුරේ මෙහෙම හොයල බලනවට. ඒකත් ලොකු හයියක්.

      Delete