"අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය උනී
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදී"
ටී. එම්. ජයරත්නයන් ගේ ගීයකට මාලනී ජයරත්න ලියූ පද මාලාවකි. සුවහසක් කවියන් මවුගුණ ගැන ලියද්දී ගයද්දී පියගුණ ගැන අඩුවෙන් ලිවීම ගැන ප්රතිවිරෝධය ඒ මඟින් මතු කරයි. එහි යම් සත්යතාවක් ඇතත් පිය සෙනෙහස ගැන ලියවුණු අපූරු නිර්මාණ අප ගීත සාහිත්යයේ පවතී.
“පියාණනී මා නැවත උපන්නොත්
අපාර වූ මේ සංසාරේ
ඔබේ ම පුතු වේවා"
(මහාචාර්ය සුනිල් ආරියරත්න)
කුමාර ලියනගේ නම් වූ ගේය පද රචකයා ද තම හදවතෙහි නිදන් වූ පියගුණ සමුදාය පොදු සමාජ අනුභූතියක් බව පත් කරමින් අපූරු පද මාලාවක් පියගුණ සාහිත්යයට එක් කරයි.
කුමාර ලියනගේ අප ඉදිරියට ගෙන එන්නේ වන්නිකරය පසුබිම් කරගත්තා වූ පියකුගේ චිත්ත රූපයකි. මේ පියාගේ රූපකාය රචකයා මවනු ලබන්නේ අන්දර යාය, වැව් තාවල්ල පසුබිම් කරගෙනයි.
“අන්දරයායේ වැව් තාවල්ලේ
සක්මන්කරනා අප්පච්චී
දොළේ දියයි මට කෙතේ නිලයි
ගහවැලේ මලයි මට අප්පච්චී"
ගම්මානයට සශී‍්‍රකත්වය ගෙන එන්නේ, දොළේ දිය, කෙතේ නිල සහ ගහ කොළ මල් ය. ඒ නිසා තම ජීවිතය සශී‍්‍රක කළ අප්පච්චී වෙනුවෙන් රචකයා භාවිත කරන යෙදුම් නිර්මාණයට අපූර්වත්වයක් එක්කර තිබේ. පියා කෙරෙහි මෙහි කථකයා තුළ ඇතිවන භක්තිය ගෞරවය ඒ ඔස්සේ මැනවින් ප්‍රති නිර්මාණය වෙයි.
ගමේ පියවරුන් අස්වද්දන්නේ කෙත්වතු පමණක් නොවේ. ඔවුහු අනාගත පරපුර ද අස්වද්දති. දිවා රෑ මහ පොළොව සමඟ ගැටී
වගුරන දහදිය කඳුළු ඔස්සේ ඔවුන් තනන්නේ තම දරුවන්ට අනාගතයට පියනඟන මාවතයි. මට එඩ්වඩ් ජයකොඩි මහතා
අතීතයේ ගැයු ගීයක් සිහි වෙයි.
"කරදිය ගැඹුරේ
තුන්යම ගෙවුණේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත් පා
යදඬු කරන්නයි
කිරි කැටි පුතුනේ..."
එහෙත් ඒ කැපවීම පියාගේ මුවින් නොව පුතුගේ මුවින් පීතෘ පූජාවක් ලෙස ඉදිරිපත් කිරීමට කුමාර සමත් වෙයි.
“වලාකුළේ දාඩිය තවරා
මහ පොළවට මහ වැසි ගේනා
දිවිගමනේ ඉම, කඳු මුදුනේ ඉඳ
පුතු සෙනෙහේ කඳුළැලි සලනා"
තමා දහඩිය මහන්සියෙන් අස්වැද්දු කෙත නිල්ල ඉහිරවද්දී දැනෙන සතුට ම තම දරුවන් ගේ
පැහැබර අනාගතය දකිමින් මේ පියා භªක්ති විඳියි. පියාගේ ඒ තෘප්තිමත් මනස පුත්‍රයා විසින් ද හඳුනා ගනු ලබයි.
“තුරු හිස මුදුනේ මල් පලඳ්‍ර
කැකුළු මුවට පලවැල නෙළුවා
ඒ දඬු මං බැලඳ සත්කුළු පව් බිඳ
සිදාදියට එන මං තැනුවා"
තමා ආදරයෙන් වැවු පුංචි පැළය ගසක් බවට පත්කොට සුවඳ මල් පුබුදා එය පල දරන්නට සැලැස් වූ අප්පච්චී පිළිබඳ පුත්‍රයා තුළ හටගන්නා කෘතවේදී හැඟීම් සමුදාය කුමාර ලියනගේ මනාව ස්පර්ශ කරයි. ඒ සඳහා ගීතමය වූ අපූර්වතම කාව්යෝක්ති ඔහු තෝරා ගනියි.
අප්පච්චීගේ කැපවීම එපමණක් ද? ඔහු තම පුතු යන මාවතේ ඇති බාධා ඉවත් කරයි. “ඒදඬු මං බැඳ” “සත්කුළු පව් බිඳ” යන අපූරු කාව්යෝක්ති තුළින් රචකයා ඒ බව එළිපෙහෙළි කරයි. මේ පියා පුතු සිදාදියට එවන්නේ සිදාදියේ දී ඔටුනු පලඳවන්නට නොවේ. ඔහු දැනටමත් ඔටුනු පලඳ්‍ර අවසන් ය. ඔහු සිදාදියට යන්නේ පියා විසින් පලඳවන ලද කිරුළත් සමඟයි. ඔහුට දැන් ඉතිරි ව තිබෙන්නේ ඒ ඔටුන්නේ රශ්මියෙන් සිදාදිය බැබළවීමට පමණි. ඒ මේ ගමේ අප්පච්චී ගෙන් සිදාදියට ලැබෙන උත්තම දායාදයයි.
අන්දර යායේ වැව් තාවල්ලේ
සක්මන් කරනා අප්පච්චී
දොළේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී
වලාකුළේ දා බිඳු තවරා
මහ පොළොවට මහ වැසි ගෙනෙනා
දිවි ගමනේ ඉම කඳු මුදුනේ ඉඳ
පුතු සෙනෙහේ කඳුළැලි සලනා
තුරු හිස මුදුනේ මල් පලඳ්‍ර
කැකුළු මුවට පලවැල නෙළුවා
ඒ දඬු මං බැඳ සත්කුළු පව් බිඳ
සිදාදියට එන මං තැනුවා
පද රචනය - කුමාර ලියනගේ
සංගීතය - රෝහණ ධර්මකීර්ති
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
කුමාර ලියනගේ කවියා ද එබඳු ගමේ අප්පච්චී කෙනෙකු සිදාදියට පුදන ලද දායාදයකි. ඔහු විවිධ ක්ෂේත්රවල ප්‍රතිභාව ඵල කරන්නෙකි. ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියෙකි. කවියෙකි. ගීත රචකයෙකි. රංගන ශිල්පියෙකි. මාධ්‍ය වේදියෙකි. යහපත් මිනිසෙකි.
මෙහි සංගීතය මෙන්ම ගායනය ද පද මාලාව ඔපවත් කරන්නෙකි. බට නළාව වැනි සංගීත භාණ්ඩ යොදා ගැනීමෙන් රසිකයා ගැමි පරිසරයට රැගෙන යාමට සංගීතඥයා සමත් වේ. දිවුල්ගනේ ගේ ගායන ශෛලියේ ආත්මය ගැමිකම බැවින් රචනය සංගීතය හා ගායනය, මනා ලෙස සුසංයෝගී වෙයි.
මේ නිර්මාණයේ අනෙක් විශේෂත්වය වන්නේ අප්පච්චීගේ දහදිය මහන්සියෙන් සිදාදියේ කිරුළු පලඳින පුත්‍රයා අකෘතඥ ගුණ මකුවකු නොවීමයි. ඔහුට ගම අමතක වී නොමැත.
සිදාදියට එන්නට පාර තැනුණු හැටි ඔහුට අමතක වී නොමැත. උපන්ගම අමතක කළ, තමන් ආ මග අමතක කළ නාගරික දූ පුතුන්ට මේ නිර්මාණය ඇසෙද්දී යම් කම්පනයක් යටි සිත තුළ හෝ ඇති නොවේ නම් එය ද අරුමයකි.
උපුටා ගැනුම : සිඵමිණ පුවත්පතෙහි පුන්කලස අතිරේකය සඳහා ධම්මික බණ්ඩාර මහතා විසින් ලියන ලද ලිපියකිනි.
"කියවල ඉවර වෙලා අදහසක් එකතු කරලම යන්න.. "
mewage meanings danna puluwan nam godak hondai
ReplyDeletehttp://real-meanings.blogspot.com/
Thanks my friend.. I hope to carry on this for long..
ReplyDeletegodak watinawa yalu..
ReplyDeletegodak watina deyak obata isthuthu...
ReplyDeleteGodak watinawa
ReplyDeleteGodak prayoranawath una thanks yalu❤️
ReplyDeleteමට මේ ගීතය ගැන වවිචාරයක් ඕන වුණා .. හොයනකොට තමයි මේ විස්තර හමුවුනේ.. ගොඩක් ස්තුතියි ..
ReplyDelete