Pages

Sandumal

Sandumal

Friday, October 4, 2024

•පස් මහ බැලුම්

 "දැන් නුඹට මෙහෙ එන්න රතු පලස තියෙනවා..."



දුවේ අර කඳු වළලු

අතර ඇති වලාකුලු

සන්ධ්‍යාවෙ ක්ෂිතිජ ඉම

හැඩකරන රූ වර්ණ..

සිත්තමකි වැව් දියේ

රන් අහස් ඡායාව..


ගොම්මනේ අලුපාට

තොටියාට තනි නෑලූ..

සතර අත කැදලි වෙත

පියාඹන කඩිමුඩියෙ

විහඟුන්ගෙ ගී නාද

තාලෙමයි මද සුළඟෙ

රැලි නඟන දිය දහර..


තව ටිකයි පුරහඳට

ඉඩහසර සලසන්න

සඳ එලියෙ රෑහඳේ

කුමුදු මල් පූදිනවා..


අලුයමට පින්සලෙන්

කඳු පාට කරනවා..

පෙරඹරේ රතුපාට

ලහිරු රැස් පේනවා..

දුවේ... ඒ සුබ ලකුණ

මොනවදෝ කියනවා..

දැන් නුඹට මෙහෙ එන්න

රතු පලස තියෙනවා...

No comments:

Post a Comment