Pages

Sandumal

Sandumal

Wednesday, May 3, 2017

•සිව් සක සිහිනය

"ජීවිතයේ බර අදින්න... රෝද දෙකට උදව් වෙන්න..."



මෙතුවක් කල් අපි දෙන්නගෙ
ජිවන බර කරට අරන්
ඇද්ද නුඹට උදව් වෙන්න
ඔන්න තවත් කෙනෙක් ඇවිත්

හතර රෝද වලටත් බැරි
මහ බර කඳ කෙඳිරි නොගා
ඇද්ද නුඹට උදව් වෙන්න
ඔන්න තවත් කෙනෙක් ඇවිත්

නෑ බෑ නැති උඹෙයි අපෙයි
සබැඳියාව ගැන කියාලා
හෙට ඉඳලා මෙන්න මෙයත්
හොඳට පුරුදු කරල ගනින්..

උඹට රෝද දෙක උනාට
මෙයාට සිව් සක තිබුනට
උඹයි අයියා උඹයි ලොක්කා
ගනින් මෙයත් හරි පාරට

කවිකාරියි මමයි දෙන්න
මුලින් දැකපු දරුවො දෙන්න
තමයි උඹල ඒක හින්ද
පණ වාගෙයි උඹල දෙන්න..

23 comments:

  1. හරි පාරේ ගමන යන්න
    උන් දෙන්නට කියා දෙන්න

    ReplyDelete
    Replies
    1. එකෙක්නම් දන්නවා.. අලුත් එකත් බලමුකො...

      Delete
  2. වෙනස්ම කවි සිතුවිල්ලක් .. අපූරුයි...

    ReplyDelete
    Replies
    1. වාහනවලට පණ තියෙනවා.. ඒකයි.

      Delete
  3. Replies
    1. ස්තූතියි ප්‍රසන්න අයියටත්.

      Delete
  4. පරිස්සමින් ගිහින් එන්න.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම මනෝජ්... ඔවදන ඇත්තෙන්ම පිළිපදිනවා.

      Delete
  5. කාර් එකෙ නැඟිලා
    අපි අද කොළඹට යන්නේ
    හොඳ සැලුන් එකක්
    මම හිතුණොත් මිලයට ගන්නේ
    මුළු ගමට ම එතකොට
    ලෝඩ් වගේ මම ඉන්නේ...

    හොඳ කාලේ දෝ මේ
    වාසනාව රජ කරනා...

    ReplyDelete
    Replies
    1. හම්මේ.... මේ තියෙන්නෙ ඒකටත් සින්දුවක්.. අනර්ගයි සින්දුවෝ.....

      Delete
    2. මෙතන සැලුන් එකක් කියන්නෙ කාර් වර්ගය නේද?

      Delete
    3. ඇත්තෙන්ම ඔව්..

      Delete
  6. සුභ පැතුම්! මොකේ ගියත් පරිස්සමෙන් ගිහින් වරෙල්ල.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... අනිවාරෙන්ම පරිස්සමින් යන්නම්.

      Delete
  7. Replies
    1. බොහොමත්ම ස්තූතියි...

      Delete
  8. හයියෝ...
    නියමයි

    ReplyDelete