Pages

Sandumal

Sandumal

Sunday, December 3, 2017

•ගුරු පියසටහන් 2

"දඩයක්කාර තාත්තා..."

පොව්වාට කිරි පොවන
මුවැත්තියෙ වනු සමා..
උණුහුමේ කිරි උරන
මුව පොව්වො වනු සමා..

මගෙ කෙලීට පොත් අරන්
කොළඹින් එන මහතැන්ල
හරි මනාපයි මුවැත්තියෙ
උඹෙ මසට......

මහතැන්ල හෙට එන්නෙ
හිස් අතින් නොවන්නේ..

මගෙ කෙලිට වගෙම
කෙලීගෙ දුප්පත් ඉස්කෝලෙ
පොඩි එවුන් හැමෝටම
ඒ මහත්තුරු ගේනවා
පොත් පෑන් පැන්සල් සපත්තු හැමදේම..
ලස්ස ගානක බඩුලු....

මහතැන්ල ඉල්ලන්නෙ
එකම එක පොඩි දෙයක්ඒ
 තමයි මේ බැද්දෙ
උඹ වාගෙ දඩ මසක්..

ඉතිං කොහොමෙයි බෑ කියන්නෙ..

මහතැන්ල කරන්නේ
හරිම හරි පිංකමක්..
මුව අම්මෙ, පොඩි පොව්වො,
උඹලත් ඒ පිනට හවුල්
මේ වෙඩි හඬින් පසු..

උඹල ඔක්කොටම පිං සිද්ධ කරගන්න..
දුකක් නෑ මගෙ දූගෙ තාත්තට
පුරෝගන්න මේ පව
අද ගෙවෙන මේ පුන් පෝය දොහේ...

මහතැන්ල ගෙනත් දෙන
පොත් පෙලින් අකුරුකොට
මගෙ කෙලී ඇස් පාදගත් දවසක..
පිං දේවි ඒකිගේ පවුකාර තාත්තට.. 



19 comments:

  1. එක තාත්තෙක් තමන්ගේ දියණිය වෙනුවෙන් තවකෙකුගේ පැටියෙක් නසනවා මෙයයි කරුම යතාර්ථය
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. විචාගේ දියණිය ලියනවා කියලා දැක්කාම සතුටුයි.... ජයවේවා.......

      Delete
    2. @විචාරක දියණිය,

      විචාරකතුමන්ගෙ පියසටහන් මත ඔබේ පා සලකුණු දැකීම අති මහත් සතුටක්..

      Delete
    3. @ගී පවුරත් සමඟ සපුරාම එකඟයි..

      Delete
    4. බොහොම ස්තූතියි ඔබගේ පිළිගැනීම වෙනුවෙන්
      විචාරක දියණිය

      Delete
  2. එහ.. යකෝ හිත හදාගෙන දඩමසක් කන්න දිපම්.. :/

    ReplyDelete
    Replies
    1. මටත් ඔය ගැටළුව නැතුවනම් නෙවෙයි....

      Delete
  3. මචං කාලෙකින් හමුවුණේ...... නිදහසක් නැහැ. ඒත් පුළුවන් වෙලාවට මේවා බලනවා... උඹලා ලියනවා දැක්කා ම ඉතින් අපි ලියනවා වගේ දැනෙනවා......

    තුෂාර

    ReplyDelete
    Replies
    1. තුෂාර.. ඇත්තටම දිග කාලෙකට පස්සෙ බං.. විස්තර ගොඩයි.. කලබල ගොඩයි.. :-)

      Delete
  4. අලුත් එකක් ලියපන්කො...වෙලාව නැහැ කියලා දන්නවා..ඒ උනාට ලියපන්........

    ReplyDelete
    Replies
    1. අඩෝ අවුරුදු දෙහෙකට පස්සෙන් පහු.

      Delete
  5. තො කොබො නයි කාලාද අයියන්ඩි????????????

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකට හෙනම ගැහුවා වගේ
      වගේ
      .😥

      Delete
  6. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... සෑහෙන කාලෙක ඉඳල මට බ්ලොග් එක සෑහෙන්න මඟහැරිල තියෙන්නෙ. පිළිතුරු පමා උනාට සමාවෙන්න. ඔබේ අඩවියෙ ලින්ක් එක දෙන්න හැකිනම්..

      Delete