Pages

Sandumal

Sandumal

Saturday, October 26, 2013

•හමුවෙන්නට සමුගන්නට


“හමුවෙන්නට සමුගන්නට…”



සරසවි අධ්‍යාපනය ලබන , ලබන්න බලාපොරොත්තු වන හා ආදරය කරන , නොකරන හැමෝම මේ කතාව කියවන්න.. සමහර විට මේ කතාව ඔබේ ජීවිතය වෙනස් කරන්න පුලුවන්..



❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀

2003-2004 අධ්යන වර්ෂය ආරම්භ කරමින් පේරාදෙණිය විශ්ව විද්යාලයට එනව තරුණයෙක් පොල්ගහවෙල ඉදල... 
අපේ යාළුවො දන්නව ඇතිනේ ලංකාවේ සරසවියක තිබෙන එකම දුම්රියපොල තියෙන්නෙ පේරාදෙණිය සරසවයේ. ඉතින් ඒ තරුණයට ඒක ගොඩාක් පහසුවක්.

පේරාදෙණිය විද්යාලයට පීඨයට පැමිණි මේ තරුණායාට සුපුරුදු පරිදි කාඩ් එකකුත් වැදුනා...

කාඩ් එක තමා බොනපාට්... 

මම මෙතනින් ඉදිරියට මේ තරුණයව හදුන්වන්නෙ බොනපාට් කියල... මොකද මුළු සරසවියම ඔහුව හදුනගත්තෙ බොනපාට් යන නමින්....

ඉතින් පේරාදෙණිය විශ්ව විද්යාලයට ආපු මේ බොනපාට් ගැන සරලවම කියනවනම් ගොඩක්ම සංවේදී... හොඳම මීටරයක්... ඔහු පැමිණියේ භූගර්භ විද්යා උපාධිය හදාරන්න.... ඔය උපාධිය ලංකාවෙන්ම පවත්වන්නෙ පේරාදෙණිය සරසවියේ පමණයි... ඔවුන්ගෙනුත් විශේෂ භූගර්භ විද්යා උපාධිය සදහා තේරෙන්නෙ 10 දෙනෙක් පමණයි... 

අපේ මේ බොනපාට් ඒ 10දෙනා අතරට තේරුණාම කොහොමද මිනිහගෙ මීටරේ කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ යාළුවනේ...... කෙටියෙන්ම කියනවනම් වසරකට භූගර්භ විද්යා විශේෂ උපාධිධාරීන් ලංකාවෙන්ම බිහිවෙන්නේ 10 දෙනයි..... (මේ භූගර්භ විද්යා විශේෂ උපාධිය තියෙන ඕනම කෙනෙකුට ඕනෑම රටකින් නොමිලේ රැකියා සහ වීසා දෙනව....)

පවුලේ එකම දරුවා වූ මේ බොනපාට්ට ආදරේ සෙනෙහස එතරම් අවශ්ශ්ය උනේ නෑ... මොකද දෙමාපියන්ගෙ මුළු ලෝකයම උනේ මේ බොනපාට්.. සරසවියට එනකල්ම ඔහුටත් ආදරයක් අවශ්ය උනේ නෑ... ඒ තරම් දෙමාපියන් ඔහුට ආදරය සෙනෙහස දුන්න... කොහොමින් හරි සරසවියේ තනිවුන, පොත් අතර කාළය ගෙවුණු මේ බොනපාට්ටත් තනිකම කාන්සිය නිසා සරසවි ආලය ටිකෙන් ටික දැනෙන්න පටන්ගත්ත.... ඔහු සම්බන්ධයක් ඇති කරගත්ත සරසවියේ තරුණියක් සමග... ඇයටත් කාඩ් එකක් තියෙනව... 

එය තමයි සොබනි. 

ඇයත් පොල්ගහවෙලමයි... ඔන්න ඉතින් අපේ මේ බොනපාට් සොබනිත් එක්ක ආදරය කරන්න පටන් ගත්ත....

යාළුවනේ හැඩි දැඩි සිරුරක් ,ලස්සනක් තිබුණ මේ බොනපාට් පුදුම මීටරයක්.... ඒ වගේ කෙනෙක් සරසවිය තුලදි නිරායාසයෙන්ම ජනප්රියයි... අනික යාළුවන්ට තියෙන ආදරයත් උපරිමයි. සරසවි භාෂාවෙන් සිරා බොක්කෙ කොල්ලෙක් ඔහු.. කොහොමින් හරි මේ දෙන්න දැන් සරසවියෙ ඉන්නෙ එකට, එකම ගමේ නිසා ගමට යන්නෙ එකට , නැවත එන්නෙ එකට... ගෙවල් වලිනුත් කැමතියි දෙදෙනාටම.... ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ... මුළු සරසවියම දන්නව බොනපාට් තව වසර 2කින් 3කින් නවතින්නෙ ඇමරිකාවේ නැතිනම් යුරෝපයේ කියල.... ඒ නවතින්න යනවිට සොබනි ඔහුගේ බිරිද වෙයි කියලා අපි හැමෝමත් බොනපාට් සහෝදරයත් හිතුව. අනිත් සරසවි පෙම්වතුන් වගේම මොවුන් දෙදෙනත් ආදරෙන් වෙලෙමින් කාලය ගතකලා.....

මුදල් ප්රශ්ණයක් නැතිනම්, බොනපාට් පුදුම ලස්සනයිනම්, ඇමෙරිකාව පුරවැසිභාවය දීමට ආරාධනා කරන උපාධියක් තිබෙනවනම්, අනාගතේ පැහැදිලිනම්, සොබනිට ගෙදරිනුත් කැමතිනම්.... කොතරම් වාසනාවන්තයෙක්ද යාළුවනේ අපේ මේ බොනපාට්... අනික සොබනිත් වාසනාවන්තයි බොනපාට් ලැබුනට... සරසවියෙ හැමෝම හිතුවෙ එහෙමයි....

නමුත් ඔබ දන්නවද සොබනි හිටි හැටියේම බොනපාට්ව අත ඇරියා.... 

හරිනම් බොනපාට් තමා සොබනිව අතාරින්න ඕන. සොබනි කියන්නෙ සාමාන්ය තරුණියක්. ඇය ලස්සනයි. නමුත් අපි දකින විදියට බොනපාට්ගෙ ලගදි ඇය නවදැලි හේනක පෑව වැදිරි රුවක් හා සමානයි.... ඒත් සොබනි බොනපාට්ව අතෑරියා... කොහොමද දෙවියනේ මේවගේ දෙයක් වෙන්නෙ.. නමුත් එහෙම දෙයක් උනා... බොනපාට් තනිවුනා... ඇය ඔහු තනිකලා....

නමුත් මේ බොනපාට් මම කලින් කිවුව වගේ පුදුමාකාර චරිතයක්... ඔහු මේ සම්බන්ධය නවත්වපු බවක් සරසවියේ කිසිම කෙනෙකුට හැගෙවුවෙ නෑ... පෙන්නුවෙත් නෑ.... නමුත් සම්බන්ධය නවත්වලා.... බොනපාට් උත්සාහ කරන්න ඇති සොබනිව නැවත කැමති කරවගන්න. බොනපාට් උත්සාහ කරන්න ඇති නැවතත් සොබනි එක්ක සරසවි දුම්රිය ස්ථානයෙන් ගෙදර යන්න, ආයෙ එන්න... සරසවියෙ ඇවිදින්න... නමුත් ඇය ඔහු අතෑරලා.... ඔහු මේක සගවගෙන විවිධ හේතු දක්වමින් මගෑරියා.... ඔහු තනිවම විදවන්න පුළුවන් උපරිම දුක්වින්දා.... ලොකයෙන්ම දුකක් සගවගෙන දුක්වෙන එක හරිම අමාරුයි... ඒත් මේ කතාවේ අවාසානය වෙනකල් ඔහුගේ අතිජාත මිත්රයන්වත්... ඔහුගේ මවවත් දන්නෙ නෑ... සොබනි ඔහුට බූට් එක තියල කියල... ඒ තරමටම මොහු සොබනිව ආරක්ෂා කලා....

ගෙදර හුරතලේකට හැදුනු බොනපාට්ට ආයේ මේ දුක දරාගන්න නම් ලේසිනම් නෑ යාළුවනේ... ඔහු දුක විදින්න, විදවන්න තියෙන උපරිම විදියට උත්සාහ කලත් මේ දුක ඔහුට දරාගන්න බෑ..... ඔහු ගත්ත තීරණයක්..... අනාගත සුපිරි විද්යාඥයා විශ්ව විද්යාලයෙන් හොරෙන් ගත්ත රසායනික කැට ටිකක්.... ගියා හන්තානේ මාකස් නේවාසිකාගාරයට ඈතින් ෆයිනස් යායේ තිබෙන ගල් තලාවක් මතට.... අවසන් උත්සාහය දැරුව ඔහු ඇමතුමක් අරගෙන සොබනිට... වැඩක් නෑ... ඇය අසංවේදීයි.. ඇයට බොනපාට්ගේ හදවත දැනෙන්නෙ නෑ... ඔහු කරන්න යනදේ ගැන වැටහීමක්වත් සංවේදීතාවයක්වත් නෑ....

උනදේ කියාගන්නත් බෑ යාළුවනේ.... සරසවි සිසුන්ට බොනපාට්ව මුණ ගැහුනේ ඊට දින දෙකකට පසුව... යාළුවනේ ඩෙනිම් කලිසමත් නිල් ඉරි ටීෂර්ට් එකත් ඇදගෙන මුනිං අතට මැරිල ඉන්නව අපේ අනාගත භූගර්භ විද්යාඥයා ගල් තලාව මත....

ඔහු මිය ගිහින් තියෙන්නෙත් බොලද විදියට නෙමෙයි... ඔහුගේ මියයාම, ඔහුගේ දුක, වේදනාව ගැන විවිධ ඉගි කිරීම් සදහන් කරමින් ඔහු සටහනක් පොතක ලියල තිබුණ.... නමුත් ඔහුගේ බුද්ධියෙන් දෙන ඉගි තේරුම් ගැනීම ඉතා අපහසුයි... ඇයි ඔහු ඉගි විතරක් දුන්නෙ ... මිය යන්න හේතුව සරලවම කියන්න තිබුනනේ... ඇයි ඔහු එහෙම නොකිව්වෙ.... සොබනිට නොදැනුනාට ඔහු ඒ තරම් සොබනිට ආදරෙයි.... සොබනි නිසා මැරුණ කිවුවොතින් සොබනිට වෙනදේ ඔහු දන්නව.... ඉගිවලින් දුන් පණිවිඩය අපිට නොතේරුණාට සොබනිට හොදටම වැටහෙන්න ඇති.....

හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින

දැනෙන විදියට රජෙක් වගේ මුළු විශ්ව විවිද්යාලයපුරා ප්රචලිත වෙලා සිටි බොනපාට්, සොබනිලගට ගිහින් කියන්න ඇති.... එන්න අපි යමු කෝච්චියෙ ගමේ වෙනද වගේ කියල... කොතරම් නම් ඉල්ලීම් කරන්න ඇත්ද ඔහු සොබනි ලග වැද වැටිල....

මලක නැවුම් සුවඳ පිරුන සොදුරු මදනල
ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන
සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන

දුක දරාගෙන ඉදල ඉදල බැරිම තැන මැරෙන්න තීරණය කරපු අපේ මේ බොනපාට් අන්තිම මොහොතෙදිත් කෝල් එකක් අරගෙන තියෙන්නෙ සොබනිට.... මොනව කියන්න ඇත්ද..? අඩ අඩා ආදරේ ඉල්ලන්න ඇති නේද...? මගේ කදුලු බිදු වැටෙන්න නොදී එන්න සොබනි ආයෙත්... කියන්න ඇති නේද...? දෙවියනේ මේ තරම් සියුමැළිද කළුගල් කියල සින්දු ලියපු රටේ දැන් කියන්න තියෙන්නෙ මේ තරම් රළු ඇයිද හදවත් කියල.... 

නෙතින් නෙතට එබී බලා ගන්න හදවත
ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට
ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉනූ කදුලට
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම


ගීතය අහන්න අත්යාවශ්ය නෑ... අකමැතිනම් එය අමතක කරල කතාව විතරක් කියවන්න... හැබැයි මෙහෙද එක දෙයක් සදහන් කරන්න ඕන... සොබනි දැන් හොදින් ජීවත් වෙනවා.. ඇය සාර්ථක පවුල් ජීවිතයක් ගෙවනවා... ඒ නිසයි මෙහි සියළු නම් සදහන් කලේ නැත්තෙ... අනික මෙහිදී හිතට වැදුණු දෙයක් තියෙනවා.... ඒ තමයි ඔහුගේ හොදම යාළුවෙක් කියපු කතාවක්....

මේ යාළුව බොනපාට්ගේ මලගෙදරට සහභාගී වුනේ නෑ... ඇයි කියල ඇහුවම ඔහු දීපු පිළිතුරෙත් හිතන්න දෙයක් තියෙනවා... 

" අම්ම තාත්තගෙ එකම ලෝකය කෙල්ලෙක් නිසා බොනපාට් නැති කරගත්තෙ ඌ,
ඌ ගැන වටිනාකමක් නැති නිසා.... ඉතින් ඌට ඌ වටින්නෙ නැත්නම්... එහෙම එකෙක් මට කෙහොමත් වටිනාකමක් නෑ. ඒ නිසා මම මලගෙදර යන්නෙ නෑ...... "

❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀

මෙය මා අන්තර්ජාලයෙන් උපුටාගත්තේ සරසවි අධ්යාපනය ලබන , ලබන්නට බලාපොරොත්තු වන අප සැම වෙනුවෙන්.. ආදරයක් පැරදුනා කියලා කවදාවත් ජීවිතයෙන් වන්දි ගෙවන්න එපා.. මොකද අපි ඒ ආදරය කරපු කෙනා දැනගෙන සුලු කාලයක් වුනත් අපිව වදපු , හැඩි දැඩි කරපු දෙමවුපියන් අපිව උපතේ සිට රැක බලාගත්තා..

ආදරයක් නම් නැවත ලබාගන්න පුලුවන් මිතුරනේ.නමුත් ජීවිතය අපිට ලැබෙන්නේ එක වරයි..



"කියවල ඉවර වෙලා අදහසක් එකතු කරලම යන්න.. "

•මුදු මුහුණේ

මුදු මුහුණේ.......



ඔබ ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් නේද...? ආදරේ කරල තියෙනව නේද...? ආදරේ කරනව නේද...? ඉතින් පළමු ආදරයෙන්ම සාර්ථකවෙන්න හැමෝටම පුළුවන්වෙන්නෙ නෑ.... දැනට ඔබට හිමි වෙලා තියෙන්නෙ ඔබේ දෙවන හෝ තෙවන ප්රේමය වෙන්නත් පුලුවන්.

ඉතින් අපි හැමෝම අපේ ආදරවන්තයට හෝ ආදරවන්තිට කියන කතාවක් තමා "මට ඔයාගේ පරණ ඉතිහාසයෙන් වැඩක් නෑ. අපි දෙන්නට දෙන්නා හොඳින් තේරුම් අරගෙන ඉමු" කියනඑක. ඒත් ආදරේ කරන කාලයේදී ඒක එහෙම උනත් අපේ හිත් තුල හංගාගෙන යටපත්කරගෙන ඉන්න යථාර්ථය ඒක නෙමෙයි කියන එකතමා මේ ගීතයෙන් පෙන්වන්නෙ.

සිය බිරිද එක්ක එකට හිදීමෙන් පස්සෙ සැමියගෙ හිත තුල ඇතිවෙනව අපි හැමෝටම ඇතිවෙනව වගේ ප්රශ්ණ.... හැබැයි අපි කරන්නෙ එහෙම දෙයක් ඇති උනත් ඒක අමතක කරනව... නැතිනම් යටපත් කරනව... එහෙමයි වෙන්න ඕනි... මොකද පරණ කුණු වැඩක් නෑනේ... ඒත් මේ සැමිය එහෙම කරන්නෙ නෑ.... කෙලින්ම සිය බිරිදගෙන් අහනව තමාට ඇය ගැන ඇතිවෙලා තියෙන ප්රශ්ණ..... හොදම වැඩේ ඒක නෙමෙයි.... එහෙම ප්රශ්ණ ඇහැවුවට බිරිද උත්තර දෙන්නෙ නෑ.... ඇයත් පෙරලා නැවත ප්රශ්ණ ටිකක් අහනවා සැමියගෙන්....

සැමියා -
ඔයාගෙ මුහුණ සිප ගත්තෙ මම විතරද....?
බිරිද -
මගේ මුහුණ විතරද ඔයා සිපගෙන තියෙන්නෙ....?

මුදු මුහුණේ සුව දැනුනේ
පිය ලඳුනේ මට විතරද
ඔබෙ සුසුමේ සුව දැනුනේ
හිමි සඳුනේ මට විතරද...

ඕනම ප්රේමවන්තයෙක් කැමතියි තමාගේ පෙම්වතිය නොඉඳුල් වස්තුවක් වෙනවනම්. ඉතින් මේ පිරිමියත් සිය බිරිදගේ උකුලේ ආදරෙන් ඔළුව තියාගෙන ගොඩාක් සුව වින්දිනව... මොහොතේදි ඔහුට ඇතිවුන ප්රශ්ණය ඔහු අහනව ... එයටත් බිරිද උත්තර විදියට දෙන්නෙ ප්රශ්ණයක්මයි...

සැමියා -
ඔයාගෙ උකුලෙ ආදරෙන් සැතපිළා හිටියෙ මම විතරයිද....?
බිරිද -
ඔයාගෙ උරහිසේ හිස තියාන සුවෙන් හිටියෙ මම විතරද....?

පුළුලුකුලේ සුව යහනේ
නිදි වැරුවේ මන් විතරද
උර තලයේ හිස රන්දා
සුව වින්දේ මන් විතරද...


මෙතනදි තමා මේ දෙන්න විවාහක යුවලක් කියන එකට අපට ප්රබලතම සාක්ෂි ලබාදෙන්නෙ. දෙන්න ආදරයෙන් එකතුවීමෙන් පස්සෙ තමා ස්වාමියා මේ ප්රශ්ණ නැගීම කරන්නෙ... ඒත් එහිදිත් බිරිද ප්රශ්ණයකින් පිළිතුරු දෙනවා... දෙන්න එකතුවීම සදහන් කිරීමත්, හිමි සදුනේලෙස ඇමතීමත් නිසා තමයි මේ දෙදෙනා විවාහක යුවලක් ලෙස අපට හගවන්නෙ... මෙහි "ඉඟ නෙරියේ රැළි බින්දේ " ලෙසින් අර්ථ දක්වන්නේ දෙදෙනා අඹු සැමියන් වශයෙන් ලිංගිකව එකතුවීම.... ඉන් අනතුරුව සැමියා හා බිරිද නගන ප්රශ්ණ මම මේ විදියට දක්වන්නම්....

සැමියා -
මම නේද කෙල්ලෙ ඔයාගෙ පළවෙනියා , ඔයා වෙන කෙනෙක් එක්ක ඉදල නෑ නේද?
බිරිද -
මමත් ඔයාගෙ පළවෙනිය නේද.... දෙවෙනිය තුන්වෙනිය නෙමෙයිනේ?

ඉඟ නෙරියේ රැළි බින්දේ
පිය ලඳුනේ මන් විතරද
ඉඟ නෙරියේ රැළි සැදුවේ
හිමි සඳුනේ මගෙ විතරද...

කොහොමද වැඩේ..... පුදුම සුන්දරයි නේද...? මේ ගීතයේ ඇයි මේ ප්රශ්ණ විතරක් අහන්නෙ... කෝ උත්තර...? ඒක තමයි අපේ යාළුවනේ මේ ගීතයේ තියෙන සුන්දරත්වය... දෙන්න එක්ක ප්රශ්ණ අහනව.... හැබැයි අවංකවම ගත්තොතින් උත්තර දෙන්නෙ මේ ගීතය අහන ඔබත් මමත් නේද.... අපි හිතින් මේවට උත්තර දෙනව නේද...? අපි අපි ගැනම හිතනව නේද...? කොහොමද ගීතයක තියෙන බලය.... මේ ගීතයෙන් අපිට දෙන්නෙ පණිවිඩයක්... ගීතය අපේ හෘදසාක්ෂියටයි කතාකරන්නෙ... හැමෝගෙම ළග පොඩිහරි වැරදි තියෙනව... කවුරුවත් සර්ව සම්පූර්ණ නෑ කියන එක මනසට නෙමෙයි අපේ හෘද සාක්ෂිය ලගටම ගිහින් ඇමතීමක් මේ ගීතයෙන් කරනව කියන එකයි මගේ හැගීම... අපේ යාළුවො නැවත වතාවක් මේ ගීතය දැන් අහල බලන්නකෝ.........

මුදු මුහුණේ සුව දැනුනේ
පිය ලඳුනේ මට විතරද
ඔබෙ සුසුමේ සුව දැනුනේ
හිමි සඳුනේ මට විතරද...

පුළුලුකුලේ සුව යහනේ
නිදි වැරුවේ මන් විතරද
උර තලයේ හිස රන්දා
සුව වින්දේ මන් විතරද...

ඉඟ නෙරියේ රැළි බින්දේ
පිය ලඳුනේ මන් විතරද
ඉඟ නෙරියේ රැළි සැදුවේ
හිමි සඳුනේ මගෙ විතරද...

පද- මහින්ද දිසානායක
තනුව - ගුණදාස කපුගේ
ගායනය - දීපිකා ප්රියදර්ශණී / කරුණාරත්න දිවුල්ගනේ


"කියවල ඉවර වෙලා අදහසක් එකතු කරලම යන්න.. "

•සොඳුරිය මට නොකියාම ගියා


·         සොඳුරිය මට නොකියාම ගියා..!

දවසදවසක් සන්ගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයව හම්බවෙන්න තරුණයෙක් එනව. දන්න විදියට දුම්රිය පළක ස්ථානාධිපති කෙනෙක්. මේ කෙනා ගීයක පද පේළි...යක් ලියුව කඩදාසියක් සනත් නන්දසිරි මහත්මයාට දීලා කියල තියෙනව "මහත්තයෝ මේ මම ලියන අන්තිම සින්දුව.මම අයෙත් සින්දුලියන්නෙ නැහැ. පුලුවන් කමක් තියෙනවානම් ඕක කියන්න" ය කියල... සනත් නන්දසිරි හොඳින් පැදි පේලිය කියවල අහනවා "ඇයි මේ වගෙ දෙයක් ලියන්න හේතුව" කියල. පිලිතුර වෙන්නෙ "ඕක මගෙ ඇත්ත අත්දැකීම" යන්න පමණයි...

මේ තරුණයා දහසක් බලාපොරොත්තු තියාගෙන තම පෙම්වතියට අසීමිත ලෙස ආදරය කරපු පෙම්වතෙක්. ජීවිතෙ මොන ප්රශ්න ආවත් තම ආදරය හැර නොයන්න මේ දෙදෙනා ගිවිස ගන්න ඇති. ඒත් මාපිය පාර්ශවයෙන් මේ දෙන්නට කිසිම බුරුලක් හමබවෙන්නෙ නැහැ. දෙමව්පියන්ගේ බලපෑම නිසාම මේ තරුණියට සම්බන්ධය නවත්තන්න වෙනවා...

ප්රේමයේ නාමයෙන් සිදුවුනු පොරොන්දු තමා අතින්ම කඩ කෙරෙනකොට ඒ වරද තවත් ඉවසා දරාසිටින්න ඇයට බැහැ. අපේක්ෂා භන්ගත්වය උපරිමයි. අවසන් ප්රතිපලය වෙන්නෙ තමාට තවදුරටත් පොලෝ තලයෙ ජීවත් වෙන්න ඇති අයිතිය තමන් විසින්ම උදුරා ගැනීම....ඔව් තරුණිය සියදිවි නසා ගන්නවා..!

මේ පෙම්වතා මේ කිසි දෙයක් දන්නෙ නැහැ. ඇත්තම කිව්වොත් ඔහුත් ඇයගේ ගෙදර හා සම්බන්දයක් තිබිලා නැහැ. ඒත් හදිස්සියේම තරුණියගෙ පියා මොහුට වහාම එන්න කියලා පණිවිඩයක් එවනවා. මොහු ඒ වෙලාවෙ අතිශය ප්රීති ප්රමෝදයට පත් වෙනෙවා.මොකද කියනවා නම් ඔහු හිතාගෙන ඉන්නේ මේ කතාකරන්නේ කාලයක් තිබ්බ විරෝදකම් අහවරක් කරලා කැමැත්ත දෙන්න තමයි කියල. ඒත් ගේ ඉස්සරහ සුදු කොඩි..! තරුණයාට මතක් වෙනෙවා පෙම්වතියගෙ ආච්චි ගොඩක්ම වයසයි කියල. ඔහු ගෙට ගොඩ වෙන්නෙ තම පෙම්වතියගෙ මියගිය ඤාතියාට ගෞරව කරන්න... ඒත් ඔහුගේ ජීවිතය හා බැඳිච්ච දෛවය ඔහුට කොච්චර අකාරුණිකද කියනව නම් ඔහුට අවසන් ගෞරව දක්වන්න වෙන්නෙ තාමගෙම ආදරණීය පෙම්වතියට.ඒ වෙලාවෙ ඔහුගෙ සිතට ඇතුළුවන හැඟීම් සමුදාය තමයි මේ විදියට ගීතවත් වෙන්නෙ...

·        
එදා මෙදාතුර කඳුලට විවරවූ
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා...

මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා...

දැස් කවුළු පත් පලා කඳුළු කැට
වැහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්...

ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි
ඈත්නොවේමැයි ඒ සුවඳින්...

ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ..
හීයේ වේගෙන් අහස උසට බැදි
ආදර ලොකය හෙටත් තියේ....

ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නෙත..
ඇයි මේ ලොව මා තනිව ගියේ...
ආයේ දවසක එක හිත් ඇත්තන්..
වී අපි ඉපදෙමු එකට ප්රියේ



"කියවල ඉවර වෙලා අදහසක් එකතු කරලම යන්න.. "