"නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි
සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි..."
ආදරය, සෙනෙහස, ප්‍රේමය... මේ කිනම් වචනයකින් හැඳින්වුවත් මේ අතිශය සංකීර්ණ වූත්, සංවේදීවූත්, කිසිදා කිසිවෙකුට අරුත් පසිඳලීමට නොහැකිවූත් මානව බැඳීම මිනිස් සංහතිය ආරම්භවූ දා පටන් මේ දක්වා පැවත එන්නේ ඊටම ආවේණික වූ කාලෙන් කාලෙට යුගයෙන් යුගයට සංස්කෘතියෙන් සංස්කෘතියට බද්ධවූ සංඛේත ගොන්නක්ද සමඟිනි.
දසදහසක් ප්‍රේම සංඛේත අතර අතිශය සංවේදී ප්‍රේම සංඛේතයක් ඇත. අතීත සිංහල ගැමි දිවි පෙවතට බද්ද වූ, හේනට කුඹුරට, පැලට, කමතට යාවූ, ගමේ පංසල තොවිල්පල, නාඩගම් මඩුව හා මුහු වූ, නෙළුම්,කෙසෙල් කොලවල ඇඹුලේ නැවුම් රසයෙන් රසවත් වූ මේ ප්‍රේම සංඛේතය අදවන විට වියැකෙමින් පැවතුනද මෑතක් වනතුරුත් ඈත ගම් දනවු පුරා සුවඳවත් වූ මෙම සංඛේතය ගැමි යෞවන යෞවනියන්ගේ සිත් සතන් ප්‍රේමයෙන් දයාවෙන් මුසපත් කරලීමටත්, අනේක දුක් සුසුම වේදනා වැව් බැම්මක් මෙන් දරා හිඳීමටද දහසකුත් කතා පුවත් හදවත් තුල ඉතිහාසගතකිරීමටද සමත් විය.
ඉතින් මගෙ මස්සිනේ, නෑණන්ඩියේ.... මේ ඔබේ පෙම් පුවතයි..
ඉස්සර ගං තුලාවල නීතියක් නොවුන රීතියක් තිබුනා. ඒ තමයි පවුලක නෑනා ඒ පවුලෙම මස්සිනාට නිතරඟයෙන්ම උරුම වීම. ඉතින් වැලි කෙලියෙ ඉඳලම එකටම ඉන්න මේ දෙන්නා පොඩ්ඩක් දෙපැත්තට වෙන්නෙ මේ නෑනා පොඩ්ඩ ගෙට උනාම. ඒත් ඊට ටික කාලෙකට පස්සෙ මේ ඈත්වීම යළි සීග්‍ර කිට්ටුවීමක් වෙන්නෙ අර පරණ වැලි කෙළියෙ බැඳීමෙ ස්වරූපයෙන් නම් නෙවෙයි.ඔන්න ඊට පස්සෙ අර පෝයදාට අහසෙ පායපු කොස් බෑය වගේ හඳ දෙන්න දකින්නෙ ඉස්සර දැකපු විදියට නෙවෙයි. බාල සංදියේ අත්වැල් පටලගෙන හඳේ ඉන්න හාවා හොයාගෙන උගෙන් කිරිපැනි ඉල්ලපු මේ යුවල දැන් උත්සාහ ගන්නෙ හඳේ සුන්දරත්වය එකිනෙකාගෙ මුහු. අඩ සඳ පායපු දාට අපේ මස්සිනාට අඩ සඳෙන් පෙනෙන්නෙ අපේ නෑනාගෙ නලල් තලාව. ඇල් හේනෙ කරල් කපනකොට, කුරහන් යායට හඳ පායනකොට, ඉස්සර කරපු දඟකාරකම් වෙනුවට දැන් කරන්නෙ සොඳුරු පෙම් කාරකම්.. දං පඳුරු වල හැංගි හැංගි දං කඩ කඩා රණ්ඩු වෙච්ච ඇච්චො දෙන්නා දැන් නම් දං කන්නෙ එකිනෙකාට ඉඟි මර මර. පෝය දාට සුදු ඇඳගෙන පංසල් ගිහින් බෝ මළුවෙ වැලි කෙලපු පොඩි නෑනයි පොඩි මස්සිනයි දැන් පෝය දාට පංසලේ පහන් පත්තුකරල හදවතින් ප්‍රාර්ථනා කලේ එකිනෙකා ගැන..
තව කතන්දර බොහොමයි.. ඉතින් ඔන්න ඔය තාලෙට තමයි මේ ප්‍රේමය දලු දාල වැඩුනෙ. ඔන්න ඔහොම ගමන ගියේ තම තමන්ගෙ දෙමවුපියන්ට හොරෙන් උනත් ඒක රහසක්ම වෙලා තිබුනෙත් නෑ. මොකද.. මේ නෑණන්ඩි, මස්සිනා පොඩ්ඩට රීතියෙන්ම හිමිවෙලා තිබ්බ හින්ද. ඉතින් ඒ ආශිර්වාදෙත් එක්කම හත්දා මඟුල් කාලා මේ යුවල එක්තැන් වෙන්නෙ හරියට ඇටෙන් පොත්තෙන් එන්නත් කලියෙන්මයි බොහෝ විට.. ඊටපස්සෙ තමන්ගෙම පැල් කොටේක තනිවෙලා ජීවන ගමන පටන්ගන්න දෙන්නා, ඒ වගේම තවත් පරම්පරාවක උරුමය හදල දෙනවා.
ඉතින් කොහොම උනත් කොයි දේකත් දෙපැත්තක් තියෙන්නා වගේ, මේ කතාවත් ටිකක් පරස් වෙලා පීල්ලෙන් පිට පනිනා අවස්ථාත් නැතිවම නොවෙයි. සමහර මස්සිනා පොඩ්ඩවල් නෑනණ්ඩිව තනිකරල සයුරෙන් එතෙරට දුරු කතරට යනවා.. ඔය අස්සෙ සමහර නෑණන්ඩිලා ගම හැරදා සිදාදියට දීග යනවා.. ඒ විතරක්ද, දාහක් පැතුම් පුරෝගෙන එක්තැන් වෙන්න බලන් ඉඳපු නෑනා මස්සිනාලට හිටි අඩියෙ දෙමාපිය විරෝධය මතුවෙනවා. කුරහන වපුරනකොට බැඳිච්ච ආදරේ කුරහන් කපන කාලෙ වෙද්දි ගිලිහිලා අතරමංවෙලා. ඉතින් මස්සිනා තමන් හැදූ පැල් කොටේ තනිවෙලා.
සමහර නෑනා මස්සිනාලට දළදා හාමුදුරුවොත් පිටුපාල. ඒ සමහර විට අඩ සඳ පායපු ඇහැල පෝයක දළදා වැන්ද නිසාද දන්නෙ නෑ. මොකද පුන් සඳ පායපු වෙසක් පෝය තමයි වඩා පිංවන්ත අඩ සඳ පායපු ඇහැල පෝයට වඩා. එහෙම අය එන ආත්මෙකවත් නෑනන්ඩී තමන්ගෙම වෙලා උපදින්න කියල ප්‍රාර්ථනා කරල ආදරෙන් වෙන් වෙනවා, හැබැයි මේ අහිංසක හදවත් වල එකිබෙන්කා කෙරෙහි උතුරා හැලෙන ප්‍රේමය, සුබ පැතීම් හැර තරහවක්, වෛරයක්නම් ගෑවිලාවත් නෑ. ඒකයි විශේෂත්වය.
අදටත් ඈත දුර ගම් රටවල් වල දයාබර නෑනා මස්සිනාලා ආදරෙන් බැඳිලා ඇති, ආදරෙන් වෙන් වෙනවත් ඇති. නවීන ලෝකයේ නවීන තාක්ෂණයත් එක්ක සංකර වෙලා අද. එදා රීතියෙන් අයිතිවෙලා තිබුන නෑන මස්සිනාල අද රීතියෙන්ම වෙන්කරලා, එයාල අහලවත් නොතිබුන වෛවාරණ විසාදි ගැන කියලා. ඒක හරිම දුකක්, ඒත් මොනව කරන්නද. අද කුරහන් හේන් නෑ, නෑනට පාලුවෙන් අහන්න ඉන්න පැල් කවි කියන මස්සිනාල සිදාදියට ඇවිත් ගේට්ටු මුරකරනවා. මස්සිනාලට ඇඹුල අරන් ආව නෑණන්ඩිලා අද සිදාදියේ සළු වියනවා. ඉතින් මේ මස්සිනාලට සිදාදියෙන් නෑනලා හම්බෙනවා, අපේ නෑණඩිලත් සිදාදියෙන්ම අයියණ්ඩිලා හොයාගන්නවා. ඒකෙ වරදක් නෑ. ඒත් හැමදේම අනිත්‍යබව පසක් කරමින් සොඳුරු උපසංස්කෘතියක්, ප්‍රේමයේ තවත් එක් සංඛේතයක් අද කාලයේ වැලි තලාවෙන් මැකී යමින් පවතිනවා.
ඉතින් ඒ සංඛේතය අපේ හදවත්වල සලකුණක් විදියට ඉතිරිවෙද්දි ඒ මතකය පාරවන ගීත ගොන්නක් ඒ වෙනුවට අපට ඉතිරිවෙලා තියෙනවා. ඒ ගීතවලින් අපිට කලින් පරම්පරාවෙ උදවියට බොඳවෙච්ච මතකයක සොඳුරු ඡායාවන් හදවතින් නෙත් මානයට කැන්දනවා නොඅනුමානයි. මේ සටහන කියවන ඔබ කිහිප දෙනෙක් හෝ, නෑණන්ඩී-මස්සිනා යුගයට නෑකම් උරුමකම් කියවනව ඇති. ඇල් හේනක, කුරහන් යායක, ඉපනැල්ලක, ගමේ පන්සලේ හඳුන්කූරු සුවඳ දැවටිච්ච පහන් වැටක, ඇල ඉවුරක, වැව් තාවුල්ලක සොඳුරු මතක හිතෙට නැගෙනවා ඇති. ඒවගේම මේ පහල තියෙන එක ගීයක් හෝ ඔබේම ගීතය වනවා ඇත. ඉතින් අප අවධිකරමු ඒ මතකය. සියුම් රිදුම් හදවත පොපියවන සතුටක් ජනිතකරනවා සමහර වෙලාවට. ඉතින් අපි ඒ රිදුම් තව තවත් පාරවමු...
සහසක් පැතුමන් ඉපදී මියගොස්..
ඉතිරිව ගිය එක පැතුම දරාගෙන..
ඇහැල මහක අඬ සඳ පැයූ දා..
මතකද සිරි දළඳා වැන්දා...
මතකද සිරි දළඳා වැන්දා...
අතීතයක් වෙන්වන රේඛාවෙන්
අනාගතය හිස් කරවනු ලැබුවා..//
ඔබෙ අත අන් ලදකට හිමිකරදී
මතකද මා ඉකිබිඳ හැඬුවා..
මතකද මා ඉකිබිඳ හැඬුවා..
සහසක් පැතුමන්...
අහිමිව ගිය සම්පතට වඩා
හිමිවූ දුක මිහිරී සලකන්නම්...//
ඔබ වැනි කෙනෙකුට නෑනා වීමත්
පෙර පිනෙකැයි මා සැනසෙන්නම්..
පෙර පිනෙකැයි මා සැනසෙන්නම්..
සහසක් පැතුමන්...
ගායනය : මල්කාන්ති නන්දසිරි
පද රචනය : දයා ද අල්විස්
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි
පිළිතුරු ගීය...
සහසක් පැතුමන් නැත මා පැතුවේ..
එකම පැතුම පමණකි හිත රැදුනේ..
හද අඹරෙහි අඬ සඳ වැනි නෑනේ..
මතකයි සිරි දළඳා වැන්දා...
මතකයි සිරි දළඳා වැන්දා...
ඇස කඳුලැලි මෙන් හිස පිණි බින්දු
පිරිසිදු නාමල දෝතෙහි රැන්දූ..//
එකම පැතුම කඳුලට හරවා
මතකයි ඔබ පාමුල වැටුනා...
මතකයි ඔබ පාමුල වැටුනා...
සහසක් පැතුමන්...
අහිමි සැපත මිහිරී සිත පුරවා
තැවෙමු හඬමු මේ භවය පුරා..//
මතු භවයෙත් මගෙ නෑනා වනු මැන
අදට වඩා අනුකම්පාවෙන්...
අදට වඩා අනුකම්පාවෙන්...
සහසත් පැතුමන්...
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : දයා ද අල්විස්
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි
*******************************************************
ගයා ගීතයන් ගමේ වෙල් එලියේ
දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ
ඈ සමගින් එදා ඒ මා තමා
අද නැතුවා වගේ ඈ මේ ගමේ...//
ගුරුතුම දවසක් මා හට තැළුවා
දැක මට මතකයි ඈ හැඩුවා
මා අසනීපෙන් සිටි එම දවසේ
ඇඳ ලග ඈ මුළු රෑ සිටියා..
අපි දෙන්නයි එකට පාසල් ගියේ
ගස් සෙවනේ ඉදන් පාඩම් කලේ
ඈ සමගින් එදා ඒ මා තමා
අද නැතුවා වගේ ඈ මේ ගමේ
ගයා ගීතයන් ගමේ...
නාන වෙලේ මා රැල්ලට අසුවී
යන විට ඔහු විත් ගොඩ ගත්තේ
මා බොරුවට දවසක් තරහා වී
කෑම නොකයි ඔහු සිට ඇත්තේ
අපි දෙන්නයි එකට එහෙ මෙහෙ ගියේ
උදයේ හවහේ සෙල්ලම් කලේ
ඔහු සමගින් එදා ඒ මා තමා
අද නැතුවා වගේ ඈ මේ ගමේ...
ගැයූ ගීතයන් ගමේ වෙල් එලියේ
දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ
ඈ සමගින් එදා ඒ මා තමාපුදුමයි යළි මේ හමුවීම අපේ
පදරචනය : සිසිර සේනාරත්න
සංගීතය : සිසිර සේනාරත්න
ගායනය : සිසිර සේනාරත්න සහ ඉන්ද්‍රානි සේනාරත්න
*************************************************************
රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ
මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ පෝය දා වාගෙයි ගම්මානේ
එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාට
ඇළ කණ්ඩියේ ඉදගෙන අත වැනුවාට
මගෙ හිතු මනාපෙට මං බහ දුන්නාට
නාඩන් මස්සිනේ පෙර පින් නැතුවාට
හැදුවේ ගෙපැල මට තනියෙන් හිදින්නද
බාලේ ඉදන් බැදි ආලේ බිදින්නද
රෑ තුන්යමේ මේ හැටි දුක් ගෙවන්නද
සිහිනෙන් මිසක හැබැහින් එක් නොවන්නද
නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි
සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි
පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි
කුරහන් කපන දා මා සිහිකරයි
ගායනය : අබේවර්ධන බාලසූරිය
පද රචනය : අජන්තා රණසිංහ
සංගීතය : සරත් දසනායක
****************************************************
කුරහන් යායේ සඳ උතුරාගෙන..
හිතට දුකක් ගලනා වේලේ..
රෑ තුන්යාමේ ගැයෙනා මේ ගී..
ඔබට ඇසේවා සුදු නැනේ..
එදා වගේ සැදැ අඳුර වැව් බැම්මේ ගලා ඇවිත්
උණ පඳුරේ සෙවන සදනවා..
කීව කථා රහසේ යලි සිතට නැගෙනවා...
මගේ පැලේ හිනැහීගෙන සිටිනා ලෙස නුබේ රුවින්
නිදි පැදුරේ සිහින පෙනෙනවා...
ඈත සිටින නුඹේ නාමෙන් දෑස තෙමෙනවා...
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගායනය : ටී.එම්. ජයරත්න
************************************************
ගම හැරදා සිදාදියට දීග ගියත් නෑනෝ
ගැට තුඹ කොළ පුංචි බතල සුරල් වයන් නෑනෝ
හිත පාලුයි ගම පාලුයි නුඹ නොමැතිව නෑනෝ
කද බැඳගෙන සුබ නැකතින් ගමට වරෙන් නෑනෝ..
කන්දෙ ගෙදර මිනි පහනක් විලස දිලුනි නෑනෝ
බාල වියේ බැඳි ආලය අමතක කල නෑනෝ
දෑසෙ නැගෙන කඳුළු මකා අඳුන් උළා නෑනෝ
නැකැත් බලා අවුරුද්දට ගමට වරෙන් නෑනෝ...
සුබ නැකතින් තෙල් ගෑවා මට මතකයි නෑනෝ
එක ළඟ හිඳ හඳ බැලුවා මට මතකයි නෑනෝ
නව අවුරුදු කුමරිය ලෙස සුබ සෙත ගෙන නෑනෝ
ලැසි ගමනින් දෙවට දිගේ ගමට වරෙන් නෑනෝ...
ගායනය - විල්බට් ඇන්තනී
පද රචනය : තු.ව. කුසුම්පාල
සංගීතය : ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු
*******************************************************
කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ
කාටවත් නෙමෙයි නඟාටයි මේ ආ නංගෝ ....
පොඩි කාලේ වාගෙ අපී ඔන්න ඔට්ටුයි කියාලා
හැංඟි මුත්තා හොයාලා හැංගෙමුදෝ අයියේ ....
පුංචි හීනේ ගෝනි බිල්ලෝ නංඟි අල්ලන් යන්න ඒවී
මන් බය නෑ නේ අයියා මා ලඟ ඉන්නේ තුන් යම රෑ පානේ ....
කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ
කාටවත් නෙමෙයි නඟාටයි මේ ආ නංගෝ ....
ඉරිඟු යායෙන් කිරල ගාලෙන් කිරි වැදීලා කිරි ගොයමේ
නෑ නෑ අයියේ ඒ පින මේ ගම්මානේ සෝහුරු පින් මහිමේ ...
කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ
කාටවත් නෙමෙයි නඟාටයි මේ ආ නංගෝ ....
පොඩි කාලේ වාගෙ අපී ඔන්න ඔට්ටුයි කියාලා
හැංඟි මුත්තා හොයාලා හැංගෙමුදෝ අයියේ ....
කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ
කාටවත් නෙමෙයි නඟාටයි මේ ආ නංගෝ ....
චංචල රේඛා (1981) චිත්‍රපටයෙන්
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - සරත් දසනායක
ගායනය - මිල්ටන් මල්ලවආරච්චි සහ නීලා වික්‍රමසිංහ
**************************************************
සයුරින් එතෙරට වැලි කතරේ අයියණ්ඩී
ඔබ කවදා ඒදැයි බලාන ඉන්නේ නෑණ්න්ඩී//
පෙර වාගේ ඔබ හා මාළංවීලා
හිඳින්නයි ඕනි...//
දුරු ඈත මරු කතරෙ ගිනි අව්වෙ දැවිලා
ගිම් නිවන හැන්දෑකරේ..
ගම්මානෙ වෙල් එළියෙ මද පවනෙ මුදු සිහිල
සිහිවේද අයියණ්ඩියේ...
සයුරින් එතෙරට වැලි කතරේ අයියණ්ඩී
ඔබ කවදා ඒදැයි බලාන ඉන්නේ නෑණ්න්ඩී//
පෙර වාගේ ඔබ හා මාළංවීලා
හිඳින්නයි ඕනි...//
ඔබ ගේන මුතු මාල පට සේල පළඳින්න
පිරියක් නැගෙයි මා හිතේ..//
මල් පිපෙන බක් මහට කැන්දාන ගෙනියන්නෙ
එනවාද අයියණ්ඩියේ..
සයුරින් එතෙරට වැලි කතරේ අයියණ්ඩී
ඔබ කවදා ඒදැයි බලාන ඉන්නේ නෑණ්න්ඩී//
පෙර වාගේ ඔබ හා මාළංවීලා
හිඳින්නයි ඕනි...//
ගායනය : ස්වර්ණලතා කවීශ්වර
*************************************
පසුව ලියමි
ඉහත දක්වා තිබෙන ගීත කිහිපය අතරට එකතු කල හැකි ඔබට මතක වෙනත් ගීත ඇත්නම් කමෙන්ට්ස් ලෙස ඉදිරිපත් කර මෙම නෑණන්ඩී-මස්සිනා ගීත ගොන්න තවත් හැඩගන්වන ලෙස මම ඔබෙන් දයාබරව ඉල්ලමි. ඉහත පද වැල් වල, පද රචකයන් හා තනු නිර්මාපකයන්ගේ නම් වල කිසියම් වරදක් ඇතොත් නිවැරදි කරන මෙන් ඉල්ලා සිටින්නෙමි.
එසේනම් අවධිකරමු මතකය...
අපුරු නෑන මස්සිනා ආදර අන්දරයක්නේ, එත් මනොෂ්ට කොහොමද මම කැමති නෑනට නෑන කැමති නෑ මට මග හැරුනේ?
ReplyDeleteඒක මතක් උනා මචෝ.. විරිඳුවක් නිසා නොදා හිටියා...
Deleteසඳුමල් >>>>> Download Now
Delete>>>>> Download Full
සඳුමල් >>>>> Download LINK
>>>>> Download Now
සඳුමල් >>>>> Download Full
>>>>> Download LINK V7
මගේ හිතේ මෙයාකාර ගී සීපද තිබුණු වගක්
ReplyDeleteදැනං හිටියෙ නෑ
නෑනො, මගේ මුවේ මෙයාකාර
රාග තාල තිබුණු වගක්
දැනං හිටියෙ නෑ …//
හෙමින් සැරේ ඇස් රතුකර
තොල් පෙති මත ගී පද දැවටුවා නේද
කොණිති ගසා හදේ කොණක්
පන්හිඳ මත සී පද පැටලුවා නේද
මගේ හිතේ මෙයාකාර ගී සීපද තිබුණු වගක්
දැනං හිටියෙ නෑ
නෑනො, මගේ මුවේ මෙයාකාර
රාග තාල තිබුණු වගක්
දැනං හිටියෙ නෑ
මට නුහුරූ කවි ලොවකට
මටත් හොරා මා කැන්දන් ගියේ මන්ද
දීග ගිහින් වෙන ගේකට
ඒ කවි ලොව තුළ මා තනි කළේ මන්ද
මගේ හිතේ මෙයාකාර ගී සීපද තිබුණු වගක්
දැනං හිටියෙ නෑ
නෑනො, මගේ මුවේ මෙයාකාර
රාග තාල තිබුණු වගක්
දැනං හිටියෙ නෑ….//
ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව: ආචාර්ය වික්ටර් රත්නායක
ඇරඹුම කදිමයි...
Deleteමට ඕනි මේ ලිස්ට් එක තව හුඟක් දීර්ඝකරගන්නයි
රණ්ඩු වෙවී පොඩි පාරේ පාසැල් ගිය බාලවියේ
Deleteපුංචි සිහින මාළිගාව බිඳී ගියාදෝ
කිරළ කැලේ ගං තීරේ හැංගි හැංගි තුරු වදුලේ
ඩිංග ඩිංග බැන්ද සෙනේ අමතක වීදෝ
අඹ මාදං කජු පුහුලං දෝත පුරා තුරුළු කරන්
කන්ද පුරා කල සක්මන් අමතක වීදෝ
ගලන දොලේ අඩි පාරේ කඩදහි ඔරු පා කරලා
හිනැහුනු හැටි මතක පොතෙන් ගිලිහී යාදෝ
පුංචි හිනා මල් පිපිලා යොවුන් වියට ඔබ ගිය දා
පුංචි සිතෙන් පැතූ පැතුම් මැකී ගියාදෝ
පුංවි සුරල් පද වයලා ගම්මානෙම එළිය වෙලා
පුංචි මස්සිනා දුරකින් දීග ගෙනේදෝ
ගී පද සංකල්පනා - ශ්‍රීමතී ධනවලවිතාන
සංගීතය - මර්වින් පෙරේරා
ගායනය - ෂර්ලි වෛජයන්ත් සමග චන්ද්‍රලේඛා පෙරේරා
කැවුම් උයාගෙන නැකත් බලාගෙන - අවුරුද්දට නෑගම් යනවා
Deleteකදමලු බැඳගෙන බුලත් හුරුළු ගෙන - අවුරුද්දට නෑගම් යනවා
දෑතට බංගලි වළලු දමාගෙන - ඉණ වට කදිමට සේලේ එලා
නෑනේ නරකද ගියාම නෑගම් - මොකදැයි ඉන්නේ තරහ වෙලා
ඉස්සර හිට එන සිරිතට නොවෙදෝ - අලුත් හාලේ බත සාදන්නේ
මස්සිනාලා දැන් මෙහි එනවායෑ - ඒකයි තරහාවෙන් ඉන්නේ
තුන්සිය හැටපස් දවසක් ගෙවිලා - අලුත් හඳක් නොවැ පායන්නේ
අලුත් හඳක් පායනකොට නෑනෝ - පැරණි වරද අමතක වන්නේ
බුදුන් සරණ ගොස් දෙවියන් වැඳලා - සිංහල සිරිතට එක් වීලා
තරහ මරහ බොරු බේද ඉවත ලා - අවුරුද්දට නෑගම් යනවා
ගායනය - අයිවෝ ඩෙනිස් මහතා සමග නන්දා මාලිනි මහත්මිය
සංගීතය - ඩබ්. බී. මකුලොලුව
කොත්තිලාක්කු පහන
Deleteකොත්තිලාක්කු පහන තිබේ පෙට්ටගමක් යට
කුප්පි ලාම්පුව හිමිවී ඇත මුළුතැන්ගෙට
අළුත ගෙනා ලාම්පුවේ එළිය දකිනවිට
අයියණ්ඩිගෙ හිතට සතුට වැඩිවෙයි හරියට ...//
රෑ නිදිමත එනතුරු පෙර කතා අහන්නට
ඉතින් ඉඩක් නැහැ අම්මගෙ දෙපසින් ඉන්නට
අඩක් ඉතිරි කළ අහරේ රහක් බලන්නට
පිනක් නැහැ වගේ අයියේ දැන් මේ නංගිට
කොත්තිලාක්කු පහන තිබේ පෙට්ටගමක් යට
කුප්පි ලාම්පුව හිමිවී ඇත මුළුතැන්ගෙට
අළුත ගෙනා ලාම්පුවේ එළිය දකිනවිට
අයියණ්ඩිගෙ හිතට සතුට වැඩිවෙයි හරියට
ඉස්සර විදියට මගෙ අයියට සළකන්නට
නැති හින්දයි හේතුව මේ හැටි දුක් වන්නට
දොසක් කියන්නේ නැහැ මම මගෙ නෑනණ්ඩිට
වෙනස් කමක් කරන්නෙපා කවදාවත් මට
කොත්තිලාක්කු පහන තිබේ පෙට්ටගමක් යට
කුප්පි ලාම්පුව හිමිවී ඇත මුළුතැන්ගෙට
අළුත ගෙනා ලාම්පුවේ එළිය දකිනවිට
අයියණ්ඩිගෙ හිතට සතුට වැඩිවෙයි හරියට
ගායනය - නිරංජලා සරෝජිනී
පද රචනය - ප්‍රේමනාත් ජයතිලක
තනුව සහ සංගීතය - සෝමපාල රත්නායක
කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ
Deleteනළල් පටින්..
මහ රෑ යාමේ
මේ ඇල් හේනේ
තනියෙම සීපද කියනු අසා
තනියෙම සීපද කියනු අසා
වෙහෙස දරාගෙන
පාර අසාගෙන ...//
ආවෙමි අඳුරෙම ඔබව සොයා //
සීපද රාවේ සවනත වැටිලා
ඉන් මත් වීලද ඔබ ආවේ
ඉන් මත් වීලද ඔබ ආවේ
මහ රෑ තනියෙම මේ ලෙස එන්නට //
හොඳ නෑ ඇයි එය නොසිතූවේ //
ඔබෙ සීපද මට හරි මිහිරියි
මෝරන සෙනෙහස යයි ඉතිරී ...//
කියන්න සීපද රස කරලා
අහන්න ඒවා සැනසෙලා ...//
ඔබ කියනවනම්
අසා සිටින්නම්
ඔබේ දෙපා මුල සැතපීලා ...//
අඳුරයි සුළඟයි අපව වටා
තනි රකිනවා ආදරය සොයා ...//
දිවි ගංගාවේ
ඔරුවයි හබලයි
වාගේ නැළවෙමු සුවය පතා ...////
ගායනය - ආචාර්ය දයාරත්න රණතුංග සහ මහාචාර්ය අමරා රණතුංග
පද රචනය - මර්වින් සේනාරත්න
තනුව - ආචාර්ය දයාරත්න රණතුංග
බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා
Deleteගලින් ගලට පා තබමින් දුවන්නට එපා
ගල් මතුපිට ලිස්සනවා පය පැකිලේවී
ආල හැඟුම් මං හින්දා හිතෙන්නට එපා
දෑස තෙමා ලන දුක් ගිනි නැගෙන්නට එපා
දෙමාපියන් පිට ගමකින් මට බහ දේවී
නිල් ලන්දේ ගම් මැද්දේ ඉද්ද සමන් ඉපෙනවා
වෙල් බැද්දේ වගුරු පුරා කෙකටිය දළු දිලෙනවා
ගේ මැද්දේ බරණි පුරා වී අස්වනු පිරෙනවා
හිත මැද්දේ ලොකු අඩුවක් මගේ සතුට මකනවා
ආල හැඟුම් මං හින්දා...
ගමෙන් ඈත සිදාදියේ ලොකු නුවරක් තියෙනවා
මාල වළලු අරුමෝසම් එහි ඇති බව කියනවා
දෙමාපියන් ගමෙන් පිටට මා දෙන්නට හදනවා
සිදාදියෙන් කුමාරයෙක් මා බලන්න වඩිනවා
ගායනය : එඩ්වඩ් ජයකොඩි/නන්දා පතිරණ
පද : කුලරත්න ආරියවංශ
තනු : රෝහණ වීරසිංහ
රේඛා... රේඛා... රේඛා...
Deleteරේඛා කවුදෝ ඇවිදින්
රේබා කවුදෝ ඇවිදින්...
ආදරේ පතා රහසේ බහදුන්
පුංචි මස්සිනා හැබැහින් ඇවිදින්
මල්සරා වගේ දැන් ඔහු ඇවිදින්
ඇවිදින් හැබැහින් ඇවිදින්...
කදුළු දුක් සුසුම් සංකා ඉවරයි
රණ්ඩු දබර වූ කාලේ ඉවරයි
නළලතේ රැඳී සිකුරා හිනැහෙයි
හිනැහෙයි සිකුරා හිනැහෙයි...
ගේය පද : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : සිසිර සේනාරත්න
ගායනය : ඉන්ද්‍රානී සේනාරත්න
තේක්ක නැන්දේ තේක්ක නැන්දේ
Deleteතේක්ක මාමා කොයි
ගහෙන් වැටීලා කොන්ද කැඩීලා
කුල්ලෙන් වහලා දොයි...
වීත් කොටා ගෙන ගෝනියෙ ලාගෙන
ආවේ හමුවෙන්නයි
කේන්ති නොගෙනා කියහන් නැන්දේ
නෑනා ගියෙ කොයිදැ යි
පත්තු බඳින්නට බේත් හොයන්නට
අප්පොච්චිගෙ ලෙඩටෙයි
ගොඩ වෙද මාමලැ දිහා ගිහිල්ලා
නෑනයි කළු බණ්ඩෙයි
නෑනයි කළු බණ්ඩෙයි...
අවුරුදු ගණනක් දැන් දැන්
නැන්දල මාමල බහ දෙයි දැ යි
බලන් උන්න මට සිද්ධ වෙන්නෙ දැන්
ගඟේ මුහුදෙ යන්ට යි
ඔහේ සුනංගුයි මක්ක කරන්න ද
නොකිය නෝක්කාඩූ
උඹලෑ නෑනයි කළු බණ්ඩයි හුඟ
කලෙකි වෙලා ජෝඩූ
කලෙකි වෙලා ජෝඩූ...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : වික්ටර් රත්නායක සහ සුජාතා අත්තනායක
කරල් බරින් නැමී දිලේ රන්වන් කුරහන්
Deleteරෑන් ඇදී ගිරව් සෑදී කරතෙයි සෙල්ලම්
නඟේ මලේ
නඟේ මලේ
මොකදැයි ඔය කම්මැලිකම්
අත්වැල් බැඳ නෙලන්න යමු
හේනේ කුරහන්
කුරුලු පැටවු
සිංදු කියති
බැද්දේ නිල්වන්
බමරු නටති නලා පිබිති
රොඳ බැඳ රුං රුං
නඟේ මලේ
නඟේ මලේ
මොකැදැයි ඔය කම්මැලිකම්
මමත් මෙතැන බලා ඉන්නේ
නෑනා එනකන්
පුංචි පුංචි නෑනාවරු
එක් රොක් වෙන්නැයි
පුංචි පුංචි පුටුවල හිඳ
ඔමරි කරන්නයි
නඟේ මලේ
කුරහන් සිංදු කියාපන්
කුරක්කනේ මංගල්ලේ
ජයටම ගන්නයි
ගායනය-එඩ්වඩ් ජයකොඩි හා පිරිස
රචනය-ජයම්පති අල්ගම
සංගීතය-ඩබ්.ඩී.අමරදේව
මාමණ්ඩි මට ඇයි මඟහැරියේ
Deleteහීන් හඬට ඉකි බිඳුම් ඇහෙන්නේ
හීන් නඟා ඇයි ගේ මුල්ලේ
වෙනදා ඉඳිකඩ අද මට හරස් වෙලා
වයිරා දොරකඩ නොබලයි ඉව අල්ලා
රිදී පොටක් හංගාගෙන ආවා
හීන් නගේ නුඹ නෑ දන්නේ
තටු පොරවාගෙන සැළයා කූඩුවෙලා
කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා
පහන් පැළට අද පරමල් වැඩලා
ගලේ විහාරෙත් ගොලුවීලා
පද : ලූෂන් බුලත්සිංහල
තනු : ගුණදාස කපුගේ
හඬ : ගුණදාස කපුගේ
Deleteපලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
එක වාඩියේ කල් ඇරියෙත් හිත හොදට
ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට
විරසක වී රුපුන් ලෙස යුද වදින්නද
කුළුදුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද..
පෙම්දම් නිසා මිතුදම් සිඳ දමන්නද..
හොදහිත නුඹෙ තරම් ලොවකින් ලබන්නද..
පලංචියේ...//
දොඩමලු කතා නැහැ අද වාඩිය හෙවනේ
නිදිනැති රැය පුරා නුඹෙ සුසුමයි ඇසුනේ..
හොර රහසින්ම එක සුවඳක් පැතු පවනේ
නුඹවත් නැතිවේද හෙට මට සකි සඳුනේ...
පලංචියේ...//
ගායනය: එඩ්වඩ් ජයකොඩි සමඟින් සුනිල් එදිරිසිංහ
පද රචනය: වසන්ත කුමාර කොබවක
සංගීතය: රෝහණ වීරසිංහ
දීග නොගිය පුංචි නෑනො උඹත් ඇවිත් රබාන ළඟ
Deleteවාඩිවෙයන්කෝ ..... වාඩිවෙයන්කෝ...
රබාන ළඟ මං නැතුවට දුම්බර අක්කා අගේට
ගහන රබන් පදය තාම හරි මනමාලයි
ගහන රබන් පදය තාම හරි මනමාලයි
දොන්ත දොදොං ලොකු දොඹ මල් චීත්තෙ ඇඳලා තරිකිට
චීත්තෙ ඇඳලා තරිකිට චීත්තෙ ඇඳලා
දොන්ත රබන් පදේ ගහන දුම්බර අක්කේ
රබාන ළඟ මං මොකටද දුම්බර අක්කේ ....
ගායනය - නන්දා මාලනී
සොර බොර දිය මල් නෙලා ගෙනාවෝ
Deleteකන්දේ පැනිමල් නෙලා ගෙනාවෝ
නෑනී නෑ නී කොයි දොයි යන්නේ
පැලටා එනවා දෝ
ඉර දෙවියන්ගේ වීරිය උඹටයි
සඳ දෙවියන්ගේ සොමිගුන උඹ්ටයි
පසේ බුදුන්ගේ පිහිටත් උඹටයි
මා හා එනවා දෝ
හිරු දෙවියන්ගේ වීරිය අරගෙන
පසේ බුදුන්ගේ පිහිට ලබාගෙන
අප්පිල ඇත්තො කැමති කොරාග
ගායනය - ටි.එම් ජයරත්න ?
This comment has been removed by the author.
Deleteනෙත් සඟලින් කියාපන්කො
Deleteඅනේ නෑනො කියාපන්කො
මට නොකිව්ව ලස්සන ගීතේ
මම කොහොමද එය කියන්නෙ
හිතේ කවුද කවි ලියන්නෙ
මලේ රුවට මල වට දුන්
බඹර විලාපේ...
බඹර විලාපේ...
හිත පාළුයි නෙත පාළුයි
මට පාළුයි කියාපන්කො
නෙත් සඟළින් නොකිව්ව ගීතේ
මට නොකිව්ව ලස්සන ගීතේ
කනේ තෝඩු කරේ මාල
ඉණවට සළු සේල නැතිව
පැලේ පිළේ තනියම ඉඳ
මම කොහොමද එය කියන්නෙ
මා නොකිව්ව ලස්සන ගීතේ
මට නොකිව්ව ලස්සන ගීතේ
ගායනය - ප්‍රේමදාස මුදුන්කොටුව /කුමාරි බෝතොට
ගී පද - ඩෝල්ටන් අල්විස්
සංගීතය - ප්‍රේමදාස මුදුන්කොටුව
ඇල් හේන දිගේ පාන වගේ
Deleteකොයි යනවද නෑන මගේ
හේනෙ ළිදට මම යනවා
මා පසුපස ඔබ එනවා
ගමිමානය හිනැහෙනවා
ඔහේ ඔතැන නවතිනවා
ඇල් හේන දිගේ පාන වගේ
කොයි යනවද නෑන මගේ
හෙවනැල්ල වගේ යනෙන මගේ
දැලි ගෑවෙයි මූණෙ මගේ
ඇයි ඔහොම අගේ නෑනො මගේ
කරුණාවක් නැතුව වගේ
නියම කලට බහ දෙනවා
එතකොට හිත සැනසෙනවා
අපටත් හද පායනවා
අනේ එතෙක් ඉවසනවා......
ගායනය - ප්‍රේමදාස මුදුන්කොටුව /කුමාරි බෝතොට
ගී පද - ඩෝල්ටන් අල්විස්
සංගීතය - ප්‍රේමදාස මුදුන්කොටුව
තක්කිට තරිකිට පදයට නටපන් නෑනෝ
Deleteනටපන් නෑනෝ
පද්දන ගස්සන උකුළට හැඩදෙන් නෑනෝ
හැඩදෙන් නෑනෝ
අනඟ බැල්මකින් බල බල
පා බැඳි කිංකිණි සල සල
සලිත ලලිත නියදි මවා නටපන් නෑනෝ
නටපන් නෑනෝ
තක්කිට තරිකිට පදයට නටපන් නෑනෝ
නටපන් නෑනෝ
පද්දන ගස්සන උකුළට හැඩදෙන් නෑනෝ
හැඩදෙන් නෑනෝ
රතට රතේ දෙතොල රඳන
උකුළු මුකුළු කැකුළු පෙරණ
දකින දකින නයන බඳින මොණර කිකිළියේ
මොණර කිකිළියේ
තක්කිට තරිකිට පදයට නටපන් නෑනෝ
නටපන් නෑනෝ
පද්දන ගස්සන උකුළට හැඩදෙන් නෑනෝ
හැඩදෙන් නෑනෝ
පැද්දෙන පෙරළෙන නැටුමට නිගා දෙවයි හැඩ සුරලට
මෙහෙම රැඟුම් තියෙන ලොවක රස කලතනවා
රස කලතනවා
තක්කිට තරිකිට පදයට නටපන් නෑනෝ
නටපන් නෑනෝ
පද්දන ගස්සන උකුළට හැඩදෙන් නෑනෝ
හැඩදෙන් නෑනෝ
තෝඩු යුවල සොළව සොළව
දෙබැම රුවට නළව නළව
ගොළු බසකින් කියන රහස හැඟුම් මවනවා
හැඟුම් මවනවා
තක්කිට තරිකිට පදයට නටපන් නෑනෝ
නටපන් නෑනෝ
පද්දන ගස්සන උකුළට
ගායනය – මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව හා සංගීතය - ප්‍රේමසිරි කේමදාස
1971 තිරගතවූ "රන් ඔන්චිල්ලා" චිත්‍රපටියෙන්..
සිංහල අවුරුදු ලඟයි වගේ
Deleteඅවුරුදු කන්නට හිතයි නගේ
නැකතට කිරි උතුරා
නැකතට කිරි උතුරා
තනිකඩ උදවිය ඇති නිවසේ
නැකැත් නැතිලූ අවුරුදු දවසේ
සරු නැහැ අතට මගේ
සරු නැහැ අතට මගේ
පෙළවහ ගැන හිත ඇතත් නගේ
අසරණ අප හට තනියට කවුද නගේ
දන්නා කියනා උදවියගේ
අසරණ කම ගැන මට දුක හිතෙනු වගේ
නොහොඳ නෝක්කාඩු මගේ නැතුවා
නුඹ ගැන නංගෝ මං ඉඳහිට හිතුවා
සංකල්පනාව - අජන්තා රණසිංහ
ස්වර රටාව - ස්ටැන්ලි පීරිස්
ගායනය - වික්ටර් රත්නායක සහ මාලිනී බුලත්සිංහල
යකෝ උබලා දෙන්නා මේක බදු ගතහමා අපි කෙමෙන්ට් දන්නේ කොහෙද
Deleteමුන්ට අමු කැවිලා .. චැහ්
Deleteඅද මොනවද බිව්වෙ තොපි ..
අඩෝ මෙන්ඩො, තොපි එකෙක්වත් මේ පැත්ත පළාතෙ එන්නැතිකොට අපි ඉතින් මේකෙ පාලුගෙයි වළං බින්දා..
Deleteඅඩෝ පඩත්තරේ... අපි බිව්වෙ කසිප්පු.. ඇයි ඩෝ??
Deleteබැද්ද වටට සුදු මොරමල් පිපීලා...
Deleteසද්ද කර ඒ ඹමරු ඒ වග කියාලා.
කන්දේ දෙයියන්ට පින් දීපන් නැනෝ...
පින් දෙඤ්ඤං අයියන්ඩී පින් දෙඤ්ඤංකෝ...
කොල අතු කපාලා එල්ලන්කෝ නෑනෝ...
එල්ලඤ්ඤං අයියණ්ඩී එල්ලඤ්ඤංකෝ
අයියාණ්ඩියේ සීරුවේ වැල් පොටේ බසීන්...
මාද්දේ ගලට වැහි වැහැලා.....
අයියණ්ඩියේ සීරුවේ වැල් පොටේ බසීන්....
පත්තරේ උබට නැනා කෙනෙක් ඉන්නවද
Deleteචා මට ඉන්න නැණ මට වඩා වැඩිමල්
කොයි නෑණත් එකයි - මෙන්ඩෝ කළුවරට :D
Deleteමොකක්ද යකෝ මේ... මවුස් වීල් එකත් කැඩුන කරකෝලම...
Delete@මෙන්ඩෝ..
Deleteබාලෙට හිටියත් ඉතින් වැඩක් තියෙද දැන් ඉතින්..
@පත්තරේ..
උඹනම් පත්තරේ නෙවෙයි බොල පඩත්තරේ.. ! :-) ඕයේස්...
@සජ්ජා..
ඔන්න සජ්ජො පහලින් තවත් එකක්..
දොර කවුලුවෙන් එබී බලා
Deleteකවුරුදෝ නුවන් හෙලා
කවුරුදෝ... ඹබ කවුරුදෝ... මන්ද හාසයෙන්
දොර කවුලුවෙන් එබී බලා
කවුරුදෝ නුවන් හෙලා
මලින් මලට බඹරු රගන - මං හිදිමි බලා...
නගේ මගේ පැලට නුඹේ සී පද රාවේ
සවනට මා රැදුනු සැනින් මේ දුර ආවේ
මලින් මලට බඹරු රගන - ගුමු ගුමු නාදේ
සවනට මා රැදුනු සැනින් මේ දුර ආවේ
ලබන මහේ අස්වැන්නේ සතුට දැනෙන වා
බහක් ලැබේදෝ නුබගෙන් මහද සැලෙනවා
පමා උනේ නුබ කිමදෝ මහද සැලෙනවා
හෙට දිනයේ එහා ගමට දීගෙට යනවා...
දොර කවුලුවෙන්...
ගායනය :- ෂර්ලි වෛජයන්ත
චන්ද්‍රලේකා පෙරේරා
සමහර මස්සිනා පොඩ්ඩවල් නෑනණ්ඩිව තනිකරල සයුරෙන් එතෙරට දුරු කතරට යනවා..
ReplyDeleteසදු මෙන්නෝ...ඔයාගේ විස්තරය මු දැනගෙන ඒ මදිවට පොස්ට් එකකුත් ලියලා
සයුරින් එතෙරට වැලි කතරේ අයියණ්ඩී
Deleteඔබ කවදා ඒදැයි බලාන ඉන්නේ නෑණ්න්ඩී//
පෙර වාගේ ඔබ හා මාළංවීලා
හිඳින්නයි ඕනි...//
දුරු ඈත මරු කතරෙ ගිනි අව්වෙ දැවිලා
ගිම් නිවන හැන්දෑකරේ..
ගම්මානෙ වෙල් එළියෙ මද පවනෙ මුදු සිහිල
සිහිවේද අයියණ්ඩියේ...
සයුරින් එතෙරට වැලි කතරේ අයියණ්ඩී
ඔබ කවදා ඒදැයි බලාන ඉන්නේ නෑණ්න්ඩී//
පෙර වාගේ ඔබ හා මාළංවීලා
හිඳින්නයි ඕනි...//
ඔබ ගේන මුතු මාල පට සේල පළඳින්න
පිරියක් නැගෙයි මා හිතේ..//
මල් පිපෙන බක් මහට කැන්දාන ගෙනියන්නෙ
එනවාද අයියණ්ඩියේ..
සයුරින් එතෙරට වැලි කතරේ අයියණ්ඩී
ඔබ කවදා ඒදැයි බලාන ඉන්නේ නෑණ්න්ඩී//
පෙර වාගේ ඔබ හා මාළංවීලා
හිඳින්නයි ඕනි...//
යකෝ මේ පෝස්ට් එක දැක්කොත් අපේ තාත්තත් මට නෙලනවා.. :-)
Deleteපොස්ට් එක දාපු එකාට මතක නැ මුලින් දාපු සින්දු ...ඕන් එකෙත් හැටි ... හැක්
Deleteනෑ බං අපේ මෙන්ඩා කිව්ව කතාව නිසයි ඒ සින්දුව ආයෙත් මෙතනින් දැම්මෙ.
Deleteඅනේ කියන තැනකට පෙරලි පෙරලි වදින්නම් මිට පස්සේ තෝ මේ වගේ පොස්ට් නොදා හිටපිය
Deleteසින්දුවා උබ මේ වගේ සින්දු කෙමෙන්ට් නොදා හිටපිය (නිදාන කතාව මේකයි )
මම මේ පොස්ට් ඒක සදුට පෙන්නුවා උඩ ඉදලා පහලට සින්දු ඔක්කොම කියවල අහලා අපේ ගැනිට පර්සන ගොඩයි
එයාලට මේ තරම් සින්දු මතක තියන්නේ කොහමද
මේ සමහර සින්දු මම අහලා නැහැ
අනේ මේ සින්දු ටික මගේ පෝන් එකට දාලා දෙන්න
ඇයි එයාට සින්දු ඇනෝ කියන්නේ
ඇයි එයාට සදුමල් කියන්නේ
එයාල කොහෙද ඉන්නේ
මළකෙලියයි... බොට හොඳවැඩේ සඳූට සිංදුවක්වත් අහන්න නිදහසක් දෙන්නැතිවට!
Deleteඋඹ කියහං සින්දු ඇනෝ කියන්නෙ ගෙදරකට වැද්දගන්නවත් හොඳනැති මදාවියෙක් කියලා. සඳුමල් කියන්නෙනම් බෝපැලයක් වගේ පිංවන්ත දරුවෙක් කියලා.. ඕයේස්..
උඹේ ලියැවිල්ලයි එකතු කරලා තියෙන සින්දු ටිකයි අගෙයි...... සින්දුවා දෙනවා නේද හෝ ගාලා...... ආය අපිට දෙන්න සින්දු ඉතිරියෑ........ ජයවේවා
ReplyDeleteඑහෙම කියල කම්මැලිකමට ලිස්සලා යන්නෙපා බොල.. දාපියකො නෑනට සිංදුවක්..
Deleteබංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව
ReplyDeleteදුහුලැල් සාරි ගෙන එන්නයි පොරොන්දුව
රන් මිණි මාල පළඳන්නයි පොරොන්දුව
එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව
එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව //
යල මහ දෙක වැඩ කරලා ගොයම් කපා
බක් මහ එන්න පෙර බැඳෙමුයි තැවෙන්නෙපා
ඉක්මන් කතා කී ඇස් දෙක අඬන්නෙපා
දැක්මත් සහනයකි ඔබ මගහරින්නෙපා
දෙවැට දිරා ගිය රුක් අතු සෙවණ යට
ඕවිට අසල දිය උතුරන පොකුණ පිට
තාමත් දැණෙනවා ඇඟ ගෑ සුවඳ මට
නවතිනු බැරි වුණත් එනු මස්සිනේ ගෙට
ගායනය - ඇන්ජලීන් ගුණතිලක
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - අර්නස්ට් සොයිසා
original link
අන්තිම පේලියේහරි මස්සිනෙක් ඉන්නෙක ලොකුදෙයක්... ඔය තියෙන්නෙ තව සිංදුවක්..
Deleteජයමංගල ගී තාලෙට..
ReplyDeleteපිඹ පිඹ බටදඬු නලා..
ජයපැන් බොන සෙබල රැලක්..
විලසට හඩ තල තලා..
රසකර මම පවසන්නෙමි..
මිණි කිංකිණි සොලවලා..
අසනු මැනවි අසනු මැනවි..
අසනු මැනවි තුටුවෙලා...
පරයන ඉඳුනිල් කැට..
දෙනෙතෙහි ඇති කැල්මට..
වසඟ නොවන් මෙහි කවුරුද..
නෑනගෙ එක බැල්මට..
මම කැමතියි නෑනට...//
මැල්ලුමකට වෙල් පළා..
නෙලන්න සිහිනිඟ සලා..
යන විට රණ මොණරි වගේ..
මගෙ හද කුල්මත් කළා..
මම කැමතියි නෑනට...//
පොත්ටික තුරුලට අරන්..
මුව මදහස රැලි පෙරන්..
පාසල් යන දෙවැට දිගේ..
නෑනා මගෙ රත්තරන්..
මම කැමතියි නෑනට...//
අඩසඳ වන් නළලතේ..
චන්දන තිළකය ඇතේ..
සිකිපිල වැනි වැනි කෙස් කළඹද..
කිතුල් රෑන පැරදෙතේ..
මම කැමතියි නෑනට..//
මුහුදෙහි රළ පෙල ගැසී..
ගමන සදිසි යන ලැසී...
ඇගෙයි මගෙයි ආදරයට..
ආසිරි මල් වැසි වසියි...
මම කැමතියි නෑනට...//
නහැඹුල් හද කිතිකැවී..
නව රසදුන් සරසවී..
මගෙ දුප්පත් පැලේ ඉන්න..
එනවද මධු මාධවී...
මම කැමතියි නෑනට...//
ඔබෙන් ලැබෙන තොත්තුවේ..
රසයට හද පත්තුවේ..
කිරි පැණියි වගේ ඉන්න..
එන්වද මගෙ වස්තුවේ..
මම කැමතියි නෑනට...//
කරදර බාධක මැද්දේ..
දිවි ගඟ පහලට ඇද්දේ..
ගල් පර දැක පෙරමුණේ..
මොන නදිය ද නැවතුනේ..
මම කැමතියි නෑනට...//
හසරැලි නැත්තම් මුහුණේ..
සිතුවිලි ලස්සන ද නැතේ..
වේදනාව නැති ලොවේ..
ජීවිත රසවත් නොවේ..
මම කැමතියි නෑනට...//
ගන්නට ඔබ වාඩුවක්..
නැහැ මට ඉන් පාඩුවක්..
හදමුද අපි කූඩුවක්..
වෙමුද පරවි ජෝඩුවක්..
මම කැමතියි නෑනට...///
ගායනය : සහන් ජයශාන්ත
(මුල් ගායනය සහ ගී පද - එම්. වී ගුණදාස)
ඔන්න විරිඳු නෑනත් ඇවිත්.. දැන් අංගසම්පූර්ණයි..
DeleteHit me...
ReplyDeleteනැනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් අප
Deleteදෙදෙනා දිහා බල බලා පුන්චි
පුන්චි සමනලුන් රන්චු රන්චු වී මල්
මල් විලේ රොන් සොයා...
සොයා ආවා මම
එන්නෙ ඩුබයි රටේ ඉදලා සල්ලි
සල්ලි ලොකු ලොකු සල්ලි දෙවියනි
නුඹ මෙව් ලොව පුදුමයි පහන
තියා බුදු සාදුට හිමිදිරියේ
නව සුවදක් ඉතිරී එනවා වන බඹරා
වගේ අත තවම විසේ...
පද රචනය, සී.ජේ. විදානේ.
Deleteසංගීතය , සී.ජේ. විදානේ.
ගායනය , සී.ජේ. විදානේ.
++++++++++++++++++++++++++++++++
Delete:-) :-) :-) :-) :-)
Deleteහිනා කටයි මල් දෙකටයි....
අම්මප බොල මේ හැකියාව තියෙන්නෙ බොට විතරයි අයියණ්ඩී..
පද රචනය, සී.ජේ. විදානේ.
Deleteසංගීතය , සී.ජේ. විදානේ.
ගායනය , සී.ජේ. විදානේ.
ඩබල් ඩබල්.. !
Deleteනංගිලාට වාසි බෝ වගේ
ReplyDeleteඅයියලා පෙනෙන්නෙ නෑ ඉතින්
සිදාදියට හිත ගිහිල්ල නගාලට හොරෙන්
අයියා නේද පිටවුනේ ගමෙන්//////
මේකත් ඒ වගේ එකක්ද......
මල්ලියෙ නරක මිතුරන් පිලි ගන්න එපා..
Deleteනංගියෙ නොහොඹිනාකම් ...
අරුණ...
Deleteඒකත් අගේට ගැලපෙනවා... බොහෝම ස්තූතියි..
විදානේ...
Deleteඉතිරිටිකත් කියහංකෝ...
සිංදුවා ඇවිත් කමෙන්ට් කලාට පස්සේ අපි තව මොන සිංදු මතක් කරන්නද බං.
ReplyDeleteඋඹ දාපු සෙට් එකෙනුත් සිංදු දෙක තුනයි අහලා තියෙන්නේ. අනිත් ඒවා නුහුරුයි.
සිංදු එක්ක හැරෙන්න ගුවන් විදුලි සංස්ථාවටවත් බෑ දිනේශ්..
Deleteමටත් ඕනි උනේ මේ කැටගරියෙන් සිංදු ගොඩාක් එකතුකරගන්න..
නෑනලා මස්සිනාලයි
ReplyDeleteලස්සන එක් වුනාමයි
කිරි මුහුදයි සඳ එලියයි සේ
රෑ බෝ වුනු වෙලවයි
හොල්මන් ඇති කලාවයි
පුන්චි මස්සිනේ තනි වීලා
ඉන්නට හොඳ නෑ තනි වෙලා
I cant remember all lyrics. Very sorry. A small part of the middle of the song.
අපරාදෙ... ලස්සන සිංදුවක්.මාත් ට්‍රයිකලා ඉතිරි ලීරික්ස් ටික හොයාගන්න.බැරිවුනා.. බලමු, අපේ සිංදු ඇනෝ දන්නව ඇති සමහරවිට..
Deleteබොහෝම ස්තූතියි ඔබට මේ ගීතය ගෙනාවට..
ඒක යුග ගීතයක්.වසන්තා සන්දනායක සමග තවත් ගායකයෙක් ගැයුවෙ."නොකියාම එදා" කියල කැසට් පටයකින් තමයි ඉස්සර ඒක ඇහුවෙ මට මතක විදිහට. ගොඩක් ට්‍රයි කලා. හොයා ගන්න බැරි උනා.සින්දුවක මැඳ කොටසක් මතක් උනාම ආයෙ ලේසියකින් මට මුල මතක් වෙන් නෑ අවාසනාවකට.
Deleteනොකියාම එදා කැසට් එකේනම් හොයාගන්න බැරිවෙන එකක් නෑ. අපි කොහොමහරි ට්‍රයි කරමු.
Deleteදිව අග තියෙන සිංදුවක් මතක් කරගන්න ඕනි උනාම ඒක මතක්වෙනකල් නින්ද යන්නෙ නෑ..
යකෝ කොහාටද අපි මේකේ කමෙන්ට් කරන්නේ හිටං.
ReplyDeleteඅපුරු ගිතවලියක්ම තියෙනවානේ නෑනා මස්සිනා ප්‍රේමය ගැන බලන් ගියාම.මටත් නෑනලා කිහිප දෙනෙක්ම ඉන්නවා.හැබැයි කවරදාවත් උන් ගැන මට ඔය කියන විදියේ සිතුවිල්ලක් පහල වෙලා නැහැනේ.ඒ සමහරවිට උන් අපි අර ලඟ සහෝදර කමින් ආශ්‍රය කරන නිසා වෙන්නත් ඇති.
එච්චර කමෙන්ට්ස් නෑ බං.. සිංදු වල දිග නිසයි ඒ.. මගේ කම්මැලිකම නිසා දැන් මේක පාලුවට ගිහින්..
Deleteදැන් නෑනා මස්සිනා ප්‍රේමය වියැකිලා ගිහින්නෙ බං. ඒකයි ඒ. අනික ලේ නෑ විවාහ දැන් සෞඛ්‍යටත් හොඳ නෑ කියනවනේ..
පිස්සු වගේ බං.. මෙච්චරටම සිංදු තියනවද මං අහන්නෙ. ඒ මදිවට අර මදාවි සිංදුවත් පැනල මැද්දට...
ReplyDeleteඔය කැටගරියෙ සිංදුවල මාර ගතියක් තියෙනව බං.මට ඕනිඋනා ඒ ජාතියේ කලෙක්ශන් එකක් හදාගන්න.මං අපේ සිංදුගෙනුත් ඇහුවා. සිංදු තමා යෝජනා කලේ පෝස්ට් එකක් දාමු කියලා..
Deleteමෝදු වෙලා... ආදරයක්
ReplyDeleteතිබුනාට නෑනෝ..
ගියෝතින්..
ඔබ ගම හැරදා
මම කොහොම ඉතිං...
මේ පාළුව
ඉවසන්නද නංගෝ..
කුමාරයෙක් සිදාදියෙන්...
එනවලු නුබ අරන් යන්න
ගමේ අපිට අරුමෝසම්...
විසිතුරු නෑ නුබට දෙන්න
ගමේ කොල්ලෝ අපි
බොරු විසිතුරු නැති
ගමේ කොල්ලෝ අපි
බොරු විසිතුරු නැති
කිසිදා
අපි නෑ පුරසාරම්
මෝදු වෙලා... ආදරයක්
තිබුනාට නෑනෝ..
ගියෝතින්..
ඔබ ගම හැරදා
මම කොහොම ඉතිං...
මේ පාළුව
ඉවසන්නද නංගෝ..
ආලිංගන සුරා රැඟුම්...
ආවට කලඑළි බසින්න
අපේ නැටුම් සුරල්වලින්...
පුලුවනි මුළු ලොව දිනන්න
නුරා නැටුමන් නැති
අපේ කමටයි රිසි
නුරා නැටුමන් නැති
අපේ කමටයි රිසි
පුරනා..
මදු මී..
අවදානම්
මෝදු වෙලා... ආදරයක්
තිබුනාට නෑනෝ..
ගියෝතින්..
ඔබ ගම හැරදා
මම කොහොම ඉතිං..
මේ පාළුව
ඉවසන්නද නංගෝ..
මම කොහොම ඉතිං..
මේ පාළුව
ඉවසන්නද නංගෝ..
ගායනය: ව්ක්ටර් රත්නායක
බොහොම ස්තූතියි.
Deleteලස්සන සින්දු ටික.. වැඩේත් හරි ලස්සනයි...
ReplyDeleteස්තූතියි ඔබටත්..
Deleteපිලේ පැදුර හේනට අරගෙන එනවා
ReplyDeleteඑලා පැදුර මැස්සේ එහි සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහි වෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා
ඉර පායා ඉර අවරට ගියාදෝ
හද පායාඅ හඳ අවරට ගියාදෝ
ඇඬූ කඳූළු මුහුදට එක් වුණාදෝ
ළමා ළපටි නෑනා කොයි ගියාදෝ
එගොඩත් බැලිමි එගොඩත් නුඹ නැතේයා
මෙගොඩත් බැලිමි මෙගොඩත් නුඹ නැතේයා
දෙගොඩම බැලිමි දෙගොඩම නුඹ නැතේයා
සිවුපද කියන මම තනියම පැලේයා
එගොඩ ගොඩේ උල ලේනා අඬන්නේ
මෙගොඩ ගොඩේ මම සීපද කියන්නේ
දෙගොඩ හරිය ගෙවිලා පිනි වැටෙන්නේ
දෙගොඩ ගොඩින් කොතැන ද නුඹ සිටින්නේ
සීත කරන උඳුවප් මහ දුරුත්තේ
සීතල උහුලන්ඩ මට බැරුවා සත්තේ
කැලේ මදුරු මැසි කරදර තොර නැත්තේ
පැලේ ගින්න විතරයි තනියට ඇත්තේ
උඹේ කරට මල් මාලා ගොතන්නට
මදු මල් පිපෙනවා හේනේ වැට දිගට
උඹේ කටින් ගී සීපද අහන්නට
තවමත් ගිරවු එනවා පෙර පුරුද්දට
අනේ ගිරවුනේ මා බස අසාපන්
නඟා සිටින තැන කොතැන ද සොයාපන්
පැලේ තනිවම මා ඉඳිතෙයි කියාපන්
හිතේ දුකට නිදි නැතිවා කියාපන්
රෑ තිස්සේ පැල් රැක නිදි මරන්නේ
පාන්දරට යන්තම් ඇස පියෙන්නේ
හේනේ කඩුල්ලට එපිටින් සිටින්නේ
හීනෙන් ඇවිත් නෑනා අත වනන්නේ
උඹයි මායි අපි දෙන්නා එකතු වෙලා
කැලේ කපා වල් කොටලා ගිනි තියලා
වැවූ කුරක්කන් ගොබ දැන් කළු ගැහිලා
මෝරයි බංඩි මඳ සුළඟට නැමීලා
රන් දෑකැති අරන් දෙන්නා දෙපස සිට
බට පොතු පෙට්ටි පුරවා එක පිට එකට
නෑනේ වරෙන් ඒ අස්වනු නෙළන්නට
කුරහන් පැහී මොකටද උඹ නැති දාට
ඔපනැලි යටින් පෙති ගෝමර ඉහෙන නඟේ
ඇඳි සේලේ රැලි සුළඟට නටන නඟේ
බුලත් හපා හප සුළඟට පිඹින නඟේ
කුරහන් කපන්නට හේනට වඩින් නඟේ
මහගම සේකර
සඳුමල් >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
සඳුමල් >>>>> Download LINK
>>>>> Download Now
සඳුමල් >>>>> Download Full
>>>>> Download LINK