Pages

Sandumal

Sandumal

Thursday, April 28, 2016

•මිතුදම්


"නොමැත මිතුරන්.. මේ කටුක පොළොව මත..."



මිතුදම...
තවත් එක් බැඳීමක්
බැඳීමට අපහසු
දරන්නට අපහසු..
නොමැත මිතුරන්
අත ඇඟිලි තරමට
නොගනිමි ලෙහෙසියෙන්
අතැඟිලි'තර තවත් අතැඟිලි..
නමුත් සමහර අතැඟිලි
හැරයයි මිතුරුදම්..
පවසා අපට ගහන්නට අත්පොඩි..
තනි අතින්....
කොන්දේසි විරහිතව
බොහෝ දේ කැපකර
හදවතින් ගොඩනැඟූ
ඒ වගේ මිතුරුදම්
අද මඟැර යන විට
හැඟේනොමැත මිතුරන්..
මේ කටුක පොළොව මත...
හුදෙකලා ලොව තුල
ගොඩනැඟූ තනිකම
සම්පතකි..
කිසිදා
නොරිදවන සිත...



45 comments:

  1. මේක කියවපු ගමන් මට මතක්වුනේ, පරසතුමල් චිත්‍රපටියේ අමරදේව ශූරීන් ගයන මෙන්න මේ ගීතය.

    https://www.youtube.com/watch?v=4Bps-PLXm88

    ReplyDelete
    Replies
    1. ඉතාම අගනා පැරණි ගීයක්. සේකර්, අමරදේව සංකලනයක්..

      ස්තූතියි විචාරකතුමනි..

      Delete
    2. අද පමණයි ඉතිරිව පවතින්නේ
      හෙට වන විට අප නැත හමුවන්නේ

      තොලින් තොලට වෑහෙන ගී සින්දූ
      තොලින් තොලට පෑදෙන මී බින්දූ
      තොලින් තොලට යාවෙන අම ලන්දූ
      මලින් මලට පාවෙන බඹරින්දූ

      පිපෙන පිපෙන මල් කැකුලට කොඳුරා
      බමරා පවසන රහස මෙයයි
      ඔබ තොල් පෙති මට මීවිත වේ නම්
      මම ඔබෙ සංගීතය වෙන්නම්

      නොපැමිණි දුක් එන මග මල් රඳවා
      සපැමිණි දුක් හැම දුරු කරවා
      ජීවිත සැපතට දොර අරවා - මී
      විත ගෙන එන් මුවවිට පුරවා

      ගී පද - මහගම සේකර
      සංගීතය - ලයනල් අල්ගම
      ගායනය - පණ්ඩිත් අමරදේව
      චිත්‍රපටය - පරසතු මල් (1967)

      Delete
    3. ස්තූතියි අයියණ්ඩියේ ලිරික්ස් ටික දැම්මට. සින්දුවනම් ඩවුන්ලෝඩ් කරගත්තා..

      Delete
  2. මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවති
    බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති

    මේ ලිංක එකත් ටික් බලාපම්කො
    http://www.sathpurusha.com/index.php?option=com_content&view=frontpage

    ReplyDelete
    Replies
    1. මෙන් අපේ කමියටත් බැනලා ..

      "නභජේ පාපකේ මිත්තේ
      න භජේ පුරිසාධමේ
      භජේථ මිත්තේ කල්යානේ
      භජේථ පුරිසුත්ත මේ "

      Delete
    2. මහී... ලිපිය හොඳයි... ඒත් මුන් කොහෙන්ද හොයාගන්නෙ..

      සින්දු... උබටත් අහුවෙන ජාති!!

      Delete
    3. මනොෂ් ඒක බොරුවක් ද ? එකේ "කල්යානේ මිත්තේ" කියලා තියෙන්නේ .. හැක්

      Delete
    4. ඇත්ත, ඇත්ත කතාව ඇත්ත සහතිකෙන්ම..!

      Delete
  3. ඊළඟ භවයේ හමුවන්නේ අපි
    කොහොම ද කොතැන ද කවුරු ලෙසේ
    හඳුනා ගන්නේ කෙළෙස ද අපි අපෙ
    සතුරන් මිතුරන් නෑදෑයෝ...

    මේ භවයෙත් එය වටහනු බැරි වී
    අපි අප ඇසුරෙහි පසුවන්නේ...
    එනමුත් සේරොම විහාර මළුවෙදි
    එක පහනෙහි තෙල් පුරවන්නේ...

    අපි අප කවුදැයි යළි උපදින දා
    හිරු සඳු පමණ ද ළඟ ඉන්නේ...
    කුල මල ආගම් බෙදී බිඳී ගොස්
    ඇයි මිතුරන් සතුරන් වන්නේ

    ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය හා ගායනය: වික්ටර් රත්නායක

    ReplyDelete
    Replies
    1. අගෙයි අගෙයි... හරිම අගෙයි. තැන්කූ අයියණ්ඩී.

      Delete
    2. මූ ලබන ආත්මෙත් අපිව කන්න නෙවැ කල්පනාව :D

      Delete
    3. ජාති ජාති උඹ මට වාසනා සහෝ...

      Delete
  4. මිතුරන් උවත් මොක්කුන් උවත් උනුත් මිනිස්සු... හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒකතමා.... අපිත් මිනිස්සු,උනුත් මිනිස්සු.

      Delete
  5. කල්දේරම් බත් කාලා ඉවරද??

    ReplyDelete
    Replies
    1. තව දෙමාසයක් කන්නෝනි.

      Delete
  6. Replies
    1. කතාකරල වැඩක් නෑ නේද.

      Delete
  7. මිතුරන් කියල ඉන්න බොහෝ දෙනෙක් තමංගෙ වාසිය විතරයි බලන්නෙ. මට හොඳ අත්දැකීම් තියෙනව ඒක.
    ඒ හින්ද දැං එක අතක ඇඟිලි ගානටත් අඩුවෙන් තමයි ළඟින් ආස්සරේ කරන උං ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒගැන කතාකරල වැඩක් නෑ අයියේ.. ජීවිතේ එක එක යුගවල එක එක තැන් වලදි එක මිතුරෙක් වගේ හම්බෙලා එකතුවෙච්ච උන් කිහිපදෙනෙක් ඉන්නවා අතේ ඇඟිලි ගානට මටත්.

      Delete
    2. අද දවස ඇතුලතදි මේ වැකිය මට කමෙන්ටු තුල ලියන්න සිතුනු දෙවනි වර.. "කිසිම බැඳිමක් හදවත් තුල ස්ථිර කරගන්න හදිස්සි වෙන්න එපා, හැකි තරම් කාලයට ඉඩ දෙන්න , ඉන්න අය ඉන්නත් , යන අය යන්නත්.. ඒ අතරතුර පරිස්සන් කර ගන්න තමන්ගේ හිත තමන්ගෙන්ම "

      Delete
    3. සහතිකෙන්ම ඇත්ත කතාවක්.... අපේ ගොංකමට අපි මිනිස්සු දැක්කගමන් විශ්වාස කරල බැඳිම් ගොඩනඟාගන්න හදනවා.ඒත් අන්තිමේ එ ඒකපාර්ශවික බැඳීම් නිසා අපිම දුක්වෙනවා.

      Delete
  8. ලගින් ඇසුරු කරන මිතුරෙක්ගේ සුළු වෙනස් කමක් වුනත් ගොඩක් විට දරන්න අමාරුයි.හැබැයි එහෙම වෙනස් වීමක් වෙන්නත් හේතුවක් ඇතිනේ.එක පොඩ්ඩක් හොයලා බලපං.

    ReplyDelete
    Replies
    1. සංකීර්ණ මානව හැඟීම් තේරුම් ගැනීමනේ අප්පා හරිම අමාරු. සමහරවිට ගොඩක් දේවල් වෙන්නෙ වැරදි වැටහීම් එක්ක. ඒ වගේම මිනිස්සු විවෘතව කෙලින් ප්‍රශ්න කතාබහ කරල විසඳ ගන්නැතිව හිතේ බඩේ තියාගෙන උන්නමත් මෙහෙම වෙනවා.

      Delete
    2. ලින්ක් එකේ දෝශයක් තියෙන පාටයි... මොකුත් පෙන්නන්නෙ නැ.

      Delete

    3. දැන් බලන්න.

      නැත්නම් පහත ලින්ක් එකින් බලන්න..

      http://nimnyakatanivi.blogspot.com.au/2016/05/owling-rock_11.html

      Delete
  9. හ්ම්... සැපේදිට වඩා දුකේදී තමයි නියම මිතුරන් අඳුර ගන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. අන්න හරියටම හරි තුශානි..

      Delete
  10. බොක්කො ඉන්නව නැත්‍තෙ නෑ.. දුර්ලභයි බං !!

    හිටියත් ඌ එදාවේල හොයාගන්න උං මිසක් පොරවල් නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. අනිව මචෝ... අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් නැත්ත්තෙම නෑ..

      Delete
    2. //හිටියත් ඌ එදාවේල හොයාගන්න උං මිසක් පොරවල් නෙමෙයි.///
      සහතික ඇත්ත..

      Delete
    3. අනිවාරෙන්ම..

      Delete
  11. //නමුත් සමහර අතැඟිලි
    හැරයයි මිතුරුදම්..
    පවසා අපට ගහන්නට අත්පොඩි..
    තනි අතින්....//
    True friends never leave like that. never. Although they were wherever in this world, they are looking at us. sometimes we will not see. We will not hear. But they will wish for us from the bottom of their hearts. this kind of friends are very few. The thing is to understand who is true & who is not. As i think there is a way to avoid from disappointment of friends. We should do every possible help or dedication or such a thing on behalf of our friends. Then we can be happy that we did a good job.but we should not expect anything. Even the word "thank you". in another word we offer only friendship. We should not expect to receive the friendship. When we follow this kind of policy, true friends may never leave us. Untrue friends may never stay with us until the end. So what... no one may get angry with us. We csn be happy ourselves. life will be so happiest. ((I just said my idea. Language ekata nam sorry. Cant type sinhala. Sms singlish will be difficult to understand ))

    ReplyDelete
    Replies
    1. I appriciate your honest effort to share yout ideas with us, whatever the language. Yes... i agree with you. That is about true friends, with full of the meaning of particular word, "true friends". But the problem is are there such kind of friends?? They are very rare. Ane less than number of fingers. That is why i am telling this..

      Thank you my friend...

      Delete
    2. Of course, there are such kind of friends. I feel also like this.sometimes there may be true friends than we think. But we meet them very rarely. Any way i accept true friends are less than untrue. You are right...

      Delete
    3. I also have that kind of friends. They are extremly very good friend. But we find them very rarely. Most of friends are pretending as friends.

      Delete
  12. සතුට මේකයි මචං...... දැන් උඹ ලියනවා..... දැන් උඹ බ්ලොග් එක්ක ඉන්නවා..... වැදගත් වෙන්නේ ඒකයි... ජයවේවා

    ReplyDelete
    Replies
    1. පුලුවන් තරම් උත්සාහගන්නවා මචෝ.. මොකද මේක මගේ ජිවිතේටම බද්ධ උන දෙයක්..

      Delete
  13. බොක්කේ යාලුවෝ නැතිව නෙවෙයි බං. මට මගේ ඉස්කොලේ කාලේදි මුන ගැහුන යාලුවෝ අතර එහෙම යාලුවෝ ඉන්නවා. ඒ යාලුකම තදින් දැනෙන දෙයක්.

    ReplyDelete
    Replies
    1. වාසනාවකට එහෙම උන් දෙතුන් දෙනෙක් මටත් ඉන්නවා බං. ඒ යාලුකම්නම් සදාකාලිකව් පවතීවි.

      Delete
  14. කලාකරුන්වන්ට නිර්මාණ එන්නේ සඳුමල් , මම හිතන විදිහට මේ සොබාදහම එක්ක සියුම්ව යාවෙන ඔවුන්ගෙ අති සංවේදි සිත් නිසයි, එහිදි තමන් අහන දකින හැමදෙයක්ම කලාත්මකව බලන්න සහජයෙන්ම ඔවුනට ලැබි ඇති හැකියාව අයිති වෙන්නෙත් පෙරළා සොබාදහමටමයි.. බොහෝ විට ඔවුන් දුකත් වින්දනීයව විඳින නිසයි බොහො දෙනෙක් වේදනාවෙන් නිර්මාණ බිහිවෙන බව දකින්නේ කියල මට හිතෙනවා...

    මට ඉන්නේත් මම තියා ගන්න කැමතිත් අතේ ඇඟිලි ගනනට සිමා වුනත් කිසිදා අත්නොහරින යාලුවෝ මොන දේ වුනත්... ඒ වගේ එක් අයෙක් හරි සිටි නම් ඔබ වාසනාවන්තයෙක් නිසැකයෙන්ම.

    ReplyDelete
    Replies
    1. සැබැ කලාකරුවන්ට එදිනෙදා ජීවිතයෙ හමුවන සෑම සියුම් ප්‍රස්තුතයක්ම නිර්මාණයකට උල්පතක්.නිර්මාණ බිහිවීම ගැන ශෙලී කීව දේ මම හදවතින්ම අදහනවා.

      එහෙම යාලුවෝ එක්කෙනෙක් නෙවේ කිහිපදෙනෙක්ම ඉන්න නිසා මාත් ගොඩක් වාසනාවන්තයි කියතහැකි.

      ඔබ මේ ඉසව්වට ගොඩවැදුනු මුල්ම වතාව.ඉතින් ඔබව බොහොම සාදරයෙන් පිලිගන්නවා..

      Delete
    2. සඳරුවන් මං මේ පැත්තේ ආව පලවෙනි වතාව නෙමේ මේ, comment කල පලවෙනි වතාව.. මං හිමිට ලියන්නම් එහෙම කිව්ව හේතුව..ස්තුතියි පිලිගත්තට...:)

      Delete