"අපුලයි.. අපුලයි.. අපුලයි..."
දසත නැඟෙන අජිනොමොටෝ රසකාරක
ෆ්‍රයිඩ් රයිස් සුවඳ...
ගලා හැලෙන උණුසුම..දහදිය..
ගින්දර...ගින්දර...ගින්දර...
ගිනිගහන රළු වැල්ල
පිළී ගඳ මඳ සුළං...
මුඩුක්කු වට කරගත් දෙව් විමන්
විදුලි ආලෝක සැනකෙළි
හෙන පුපුරු වන් බේස් නද...
මත් වතුර..
බමන නෙත්..
දසත විසිරුණු කුණු..
ගඳ ගසයි..
ගඳ ගසයි..
ගඳ ගසයි..
පෙලට පෙලට එකට යාව
අඳුරු බිං ගෙවල් වන් ලෑලි ගෙවල්..
දිවි ගෙවන මිනිසුන්.. ගැහැණුන්..
විසඳෙන ඉරණම්...
නගරෙ මැද නිශ්චලව
කොල පාට දිය පිරුණු
ගඳ ගහන දිය මං...
ඒ වටා මවන්නට වෙර දරන සුරපුරක්..
සුනිල දිය දහර
නොදුටු නෙත් රවටන්න
අපුල දිය දහර වෙර දරන තරමක්...
දුගී බව මැද මැවුනු සුරවිමන්..
අපුලයි...
අපුලයි...
අපුලයි...
කොළොම්පුරේ....
මං කැම්පස් ගිය දවසේ මට දැනුණ දේ උඹටත් ඒහෙමම දැනිලා.... අදටත් මගේ අත්දැකීම සහ හැගීම ඒකමයි... අවුරුදු දෙකක් අමාරුවෙන් රස්සාවක් කරගෙන කොළඹ හිටියා... පුළුවන් වුණ පළවෙනි ම පාර නුවරට අාවා... දැන් ඊටත් වඩා සුන්දර ජීවිතේ ප්‍රාර්ථනා කරපු තැනට ම අැවිත් ජීවත් වෙනවා... මට පේන්න බැරි දාඩිය දාන ඒක..... රස්නය.... සෙනග.... කොන්ක්‍රීට් ගොඩවල්... ඒවා නැති ඔ්න තැනක් ඔ්කේ...... උඹටත් මේකම දැනේවි කියලා මං හිතුවා.... පද ටික පට්ටයි...
ReplyDeleteඒ ආවම නුවර ඊට හපං කියලා හිතුනැයි?
Deleteකුරුටු.. මෙහෙට ආව දවසෙ ඉඳල ගෙදර යනකොටයි ආපහු එනකොටයි මුහුදුබඩ දුම්රිය මාර්ගෙන් ගියේ. ඒ යනකොට මරදානෙ ඉඳල මොරටුවට විතර එනකල් දකින්න තියෙන දර්ශන දැක්කම ඇතිවෙන කලකිරීම කිටාගන්න වචන නෑ බං. ඒ හරියෙන්ම එන ඉස්පිරිතාල පිළී ගඳ.. එපාවෙනව බං. අපේ මුනිස්සු ඉන්නෙ මොනතරම් නරාවලවල්ද.
Deleteනුවරටත් ඒකම වේගන එන්නෙ මදුවො.
Deleteමමත් ගොඩක් මුඩුක්කු ගෙවල් දැකලා තියනවා ඒ ඡිවිත හරි දුකක් මචං.
ReplyDeleteමගේ යාලුවෙක් හිටියා එදිරිසිංහ වත්ත (පයි කන වත්තේ ).
උඔ දැකලා තියනවද පොල් බෑය, මිරිස් කරල් 5, සිනි හැදි 2, කිරිපිටි හැන්දක් කඩෙන් ගන්න මිනිස්සු.
ඒ වතුවල නමවල්ම බලහං. නේත් අපේම සහෝදර මිනිස්සු නේද බං. මේ වගේ තැන්වල වෙන අපරාද, විසඳෙන ඉරණම්.. ගිනි ගහන්ං ජීවිත.. පිස්සු හැදෙනවා බං.
Deleteඅපේම සහෝදර මිනිස්සු නේද බං.//
Deleteඑල ද බ්‍රා
අපුල යටින් බොහොම කටුක , හැමෝම අමතක කරලා දාපු සමාජයීය ප්‍රශ්නයක් තියෙනවා, එතනට පිළියම් කරන්න කිසිකෙනෙක් නෑ. හැමදාම තුවාලෙට අලුත් ප්ලාස්ටරයක් අලවනවා, ප්ලාස්ටරේ පරණ වුනාම ගලවනවා ,තුවාලේ පෑරෙනවා , ආපහු අලුත්ප්ලාස්ට්‍රයක් දානව
ReplyDeleteමේ ජීවිත තවත් කට්ටියක් අාදායම් මාර්ග කරගෙන තියෙනවා ඉවාන්... මේ ගැන ඔවුන් මීට වඩා දැනගෙන ජීවත් විය යුතුයි...
Deleteඔව් උඹ හරි, මිනිස්සුන්ව නින්දිත විදිහට පාවිච්චි කරනවා, සමහරු දැනදැනම පාවිච්චි වෙනවා .
Deleteමිනිස්සුන්ගේ දුප්පත්කම, නූගත්කම වගේ දේවල් යස අගේට භාවිතා කරන දේශපාලනඥයන් කවදාවත් මෙයාලට මෙතැනින් ගොඩඒන්න දෙන්නෑ... වතුකරයෙත් තත්වය ඔ්කයි... දුප්පත්කමයි නූගත්කමයි තමයි ඒ ඉහළ සමාජපන්තියේ පැවැත්ම රකින්නේ... ඉතින් කවදාවත් මේ මුඩුක්කු වලට ඉරපායන්න ඉඩ දෙන්නෑ...
Deleteඉවාන් කුරුටු, උඹල්ං දෙන්න හොඳ සංවාදයක් ගොඩන්ඟාගෙන ඇවිත්. මට අපුල මේ මිනිස්සු නෙවෙයි බං. මට කියන්න තේරෙන්නෙ නෑ. රටක එක කොටසක මිනිස්සු ජීවත්වෙන විදියයි, තවත් කොටසක් ජීවත්වෙන විදියයි.. ඇයි මේ වෙනස, මේ පරතරය..
Deleteඅපිට ඒ ජීවිතේ හරි අමුතුයි තමයි.ඒත් උඹ දන්නවද,ඔය ජීවිතේ පුරුදුවුන අයට ඕකෙන් ගැලවෙන්න හරි අමාරුයි.ගොඩ දෙනා ඒ ජීවිතෙන් මිදෙන්න කැමතිත් නෑ.අපි මොනවා කිවුවත් හම්බ කරන්න ලේසිමතැන තමයි කොළඹ.අතේ කීයක්වත් නැතිව එළියට බැස්සත් ගෙදර එනකොට 1500-2000ක් හම්බ කරගන්න එක සුළු දෙයක් ඔය ජීවිතේදි.අනික තමයි ඔය ජීවිතේ තියන සමගිය.මේ ගම්වල වගේ තරහ මරහ හිතේ තියාගන අවුරුදු ගනන් පැසවන මිනිස්සු එහේ නෑ.වත්තේ එකෙක්ට මොනවහරි උනහම කට්ටියම එකාවගේ ඌ ගාව.ඔබේසේකරපුර හිටපු මගේ යාළුවෙක් ගෙවල් විකුනලා මාලබේට ආවා.ඌ කියන විදිහට ඌට සතියකට වඩා නින්දගියේ නෑළු වටපිට සද්ද බද්ද නැතිනිසා.ඔහේ වතුවල රෑට තියෙන්නෙත් අමුතුම ජීවිතයක් බං.හැමදාම ජීවත්වෙන්න අකමැති වුනත් මමනම් ඒ ජීවිතේට මනාපයි.
ReplyDeleteඔහේ වතුවල රෑට තියෙන්නෙත් අමුතුම ජීවිතයක් බං.හැමදාම ජීවත්වෙන්න අකමැති වුනත් මමනම් ඒ ජීවිතේට මනාපයි.///
Deleteඑකගයි
//ඔය ජීවිතේ පුරුදුවුන අයට ඕකෙන් ගැලවෙන්න හරි අමාරුයි.ගොඩ දෙනා ඒ ජීවිතෙන් මිදෙන්න කැමතිත් නෑ.//
Deleteඒකෙ ලොකු ඇත්තක් තියෙනව මචං. වතුකරයේ උනත් එහෙමයි. ඒක මේ මිනිස්සුන්ගෙ වරදක් නෙවෙයි. පරම්පරා ගානක් ඒ විදියට ඒ මිනුස්සු තුයා තියල දැන් ඒ කාලකන්නි ජීවිතේ ඒ මිනිස්සුන්ගෙ ජාන වලටම කාවැදිල. මංද නචං, මටනම් එක රැයක් තියා එක පැයකටවත් ඒ ජීවිතේ ගැනනම් සතුටු වෙන්න බෑ. මිනුසුන්ට මිනිසුන්ගෙ පෞද්ගලිකත්වයක් නැති, ගෑනු පරාන බලු ගානට සල්ලන් වෙන, මේ ජීවිත...
අනේ මංද මෙන්ඩො. මටනම් ඒ ජීවිත ගැන ලොකු අනුකම්පාවක් ඇතිවෙන්නෙ.
Deleteමනෝ උඔට මේ ගැන ධනාත්මක අදහසක් තියන එක සතුටුයි.
Deleteඑහෙම තියෙන්නෝනි බං අනිවාරෙන්.
Deleteළෝකයේ දියුණුම කියන නඟර වල පවා ඇත්ත කතාව ඕකයි.. නාගරීකරණයේ අයහපත් ලක්ෂණ...
ReplyDeleteඒකද නාගරීකරණය...??
Deleteඑෆ්. එම්. චැනල් වල නිවේදක කික්කියන්ගේ බොළඳ කතාවලින්, රත්තරන් වළලු දාගත්ත අත්වලින් රූපවාහිනියේ අලුත් කෑම ජාති හදන නෝනලාගේ සිනා හඬින්, වැසීයන,
ReplyDeleteජීවිතයේ යතාර්ථය.
සරුව පිත්තල, සවුකොල වලින් වහන්න හදන යථාර්තය විචාරක තුමනි.. මං මේ කිව්වෙත් ඒකමයි. කවදාවත් ගඟක් ඇලක් දොලක් නොදැක්ක මිනිස්සු රවටන්න හදපු ගඳ ගහන කොල ඇලවල්.. ඒ අයිනෙම "පොෂ්" හෝටල්...
Deleteහා හා.. ගෝඨාභය මහත්තයට ඇහුනොත් දුක හිතෙයිද මොකක්ද මං මෙච්චරකල් කරේ කියලා.. හැක්..
ReplyDeleteඉස්සර කොළඹට කඩින් කඩ එනකොට ක්ලාස් යන්න එහෙම මටත් මේ විදියටම හිතිලා තියෙනවා.. මොන දුකක්ද මේ කියලා.. හරියකට කන්න තැනක් නෑ.. නිදහසේ වාඩිවෙලා ඉන්න තැනක් නෑ.. මූණ ටිකක් හෝදගෙන ඇඳුමක් මාරු කරගන්න පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්න තැනක් නැතිකොට නැත්නම් ඒ දේවල් වලට කවුරුහරි දන්න අඳුනන තැනකට කරදර කරල කර ගන්න වෙනකොට.. දැන් නම් කට්ට කාලම ඒවගේ දේවල් වලට හුරු වෙලා.. අනික මටම කියල වෙන් වෙච්චි පොඩි හරි තැනක් තියෙන එකත් වටිනවා.. මොනා කරන්නද? දුක තමයි.
කියල වැඩක් නෑ කල්‍යාණ, කියල වැඩක් නෑ. ඇත්තමයි මං හිතුවෙ නිතර පේන කොලඹ නගරෙ තැන්වත් ලස්සනට ඇති කිය්ල. මේ ජීවිත වලට උඩින් ගලදාරි, මවුන්ට් ලැවීනියා, බී ඕ සී වැජඹෙන හැටි. ලැජ්ජ හිතෙනවා.
Deleteපොෂ් කවියක්
ReplyDeleteකාලකන්නි රටක්
Deleteරළු වචන කතා කලත්, රළු විදියට දිවි ගෙව්වත් ඕව වල ඉන්න මිනිස්සුන්ගෙ ඇතුල හරි අවංකයි...
ReplyDeleteමිනිස්සු ගැන ප්‍රශ්න්‍යක් නෑ මචං. ඒ අහින්සකයන්‍ට මේ තත්වය උරුම කරපු මේ රට...
Deleteපුලුවන් උපරිමයෙන් කැටි කරලා කතාව කියලා තියෙනවා. සංසාරේ එපා වෙනවා නේද? පොඩ්ඩක් හිටිං මස්සිනා... අනික් නගරත් ඒ තත්ත්වෙට පත්වේගෙන එනවා. නගරය කියන්නෙ කලු සුදු චිත්‍රපටියක්/පින්තූරයක් වගේ.
ReplyDeleteඔව් ම්චෝ.. මට කියාගන්න මහ ගොඩක් දේවල් තිබුනා. එත් හැමදේම කිව්වද මංද. පුලුවන් උපරිමයෙන් කිව්වා.
Deleteඅනිත් නගරෙ කිවෙ නුවරටද බං?? අනේ මංද රටටම හෙනගහයිද කියලා.
අපටයි අපටයි..ජය අපටයි.... මේ පාරත් ඉලෙක්සොන් එකේ!! ආ..ගම ආපු මනෝශ් අයියා නගාලට සමුදීල ආපහු කොලඹ අවිත් වගේ.....මචන් ඔය ඔක්කොම හරි හුචක්කු කෝච්චියේ කොටුවට එන එකනේ එපා වෙන්නේ..බලාගෙන, ඔකෙ එද්දි සමහර හම්බයෝ බිං ගෙයක් එනකන් ඉදලා මොකුත් පෙන්නේ නැතුව ගියාම ඇවිත් ඔලුවට එකපාරටම ටොක්කක් ඇනලා ආපහු,ගිහින් හොර බලලා වගේ වාඩිවෙනවා....ඊට පස්සේ අපි ඇනපු එකාව හොයද්දී හෙමින් සැරේ ලගට ඇවිත් "ආඩ්වනේ ශාමි ,මනෝශ් අයියා මොක්ක හොයනවා කියලා " අහන්න පුලුවන්.....මන් නන් ඕකුන් ගැන හොද එෆ්.බී එකේ ඉන්නේ.. හැහැ....
ReplyDeleteහප්පොච්චියේ ආයෙ යන්නෑ මං කොඉච්චියේ එහෙනම්!!
Deleteරිප්ලයි එකක් දාන්න සෑහෙන්න පරක්කු උනා. සමාවෙයන් මචො.
ලගිත් සිඟන්නෝ ඉස්තෝප්පුවෙහි
ReplyDeleteවහල යට කොටුවේ ස්ටේසමෙහි
මූණ ලා බිත්තියට
පත්තර කඩදාසි මත
ගුලි ගැසී කඩමාලු වැරහැලි තුල
තබාගෙන තම අතම තම හිසට.
සිහින් අත්ගොබ තියුණු නෙත් යුග
රැළි වැටුනු දෙකොපුල් නළල් තල;
උස්ය ඉදු කය;
ළය රෝඹු සුදුවන්ය;
තැනින් තැන ඉරී ගිය
පෙරෙවි දළ කඩ දුඹුරුය.
පැසුණු රැළි රැළි ගැසුණු දැලි රැවුල
ඉස බැඳුණු කෙහෙමඩුලු
උපසාන්තය
මුහුණ සන්සුන්ය.
‘නිදුකාණෙනි! කියනු මැනව!
ඔබ කවුරු ද?
ඔබ බුදුබව ලද කෙනෙක්ද?
ඔබගේ වැනි තැන්පත් සුවපත් බව
කවදා කෙලෙසක මට ලැබිය හැකිද?’
සිඟන්නා සිනා සිණ,
මද සිනා සඳ රැසින් පෙරී එන.
‘කතා කරන්නෝ නො දනිති.
දන්නෝ කතා නොකරති.
එසේ වූ පසේ බුදු කෙනෙකි ඔබ,
සිතමි මම..
මහගම සේකර (ප්‍රබුද්ධ)
ඒ ඇත්ත නොදකින වෙන්ඩ පොෂ් ගොං කඳන් ගැන මහා කලකිරීමක් දැනෙන්නෙ බං.
Deleteමේ සමාජයත් ආර්ථිකයේ අනිවාර්ය කොටසක්. කණගාටුදායක නමුත් ඇත්ත එයයි.
ReplyDeleteඒ ඇත්ත දවසින් දවස මුවහත් වෙනවා.
Deleteනිවාඩුවක් ලැබුන ගමන් ලියපන්...
ReplyDeleteඅපි බලාගෙන ඉන්නවා
අම්මටසිරි!!! මූණ අලුත් වෙලා. උඹව දැකගන්න ආසාවෙන් හිටියේ.
Deleteලියනව මචෝ අනිවාරෙන්..
ගුනදාස කපුගෙගේ “සුමනෝ“ ගැන සිංදු කතාවක් ලියපන්කෝ මස්සිනේ
ReplyDeletehttp://masandumal.blogspot.com/2014/05/blog-post_13.html?m=1
Deleteඋඹට මේක මිස් උනාද සහෝ...