Pages

Sandumal

Sandumal

Sunday, March 22, 2015

•වැහි ලිහිණියනේ

"දුක් කඳුලු හැඟුම් දුරුකර මොහොතක අපෙ පැතුම් අරන් නුඹ පියාසලන්..."

වැහි ලිහිණියනේ විදු බිමට උඩින්
වැහි කඳුලු මැදින් දුර පියාසලන්
පෙම් සිතක පැතුම් දුර ඈත ඉඳන්
ගොස් රැගෙන එන්න හැකිවෙයිද ඉතින්..

නුහුරු රටේ මම තනිව හිඳිම්
පුරුදු රටේ ඈ සුසුම් මැදින්
දුක් කඳුලු හැඟුම් දුරුකර මොහොතින්
අපෙ පැතුම් අරන් නුඹ පියාසලන්..

මේ සිරිපොද මැද අප ගියපු ගමන්
සිහිකරන් හිඳිම් නුඹ ගොසින් වරෙන්
වැහි අඳුර මැදින් ඇගෙ සුසුම් පවන්
සැනසුම් බිඳුවක් නුඹ අරන් වරෙන්..

36 comments:

  1. නූතන වැහිලිහිණි සංදේශය. කලුතර පුරවර සිට ඓතිහාසික මහියංගනය බලා. ලස්සනයි! සරලයි! සුගමයි!
    මනෝෂ් දන්නවද වැහිලිහිණියා කොයිතරම් වේගයෙන් නිදහසේ පියාඹනවද කියලා? ඒ වේගයෙන්ම කූඩුවට එන්නෙ. බය හිතෙනවා ලෑන්ඩ් කරන ස්පීඩ් එකට. ලෑන්ඩ් කිව්වට කූඩුව තියෙන්නෙ උසක.
    //දුර ඈත හිඳින පෙම් සිතක පැතුම්// වෙනුවට “පෙම් සිතක පැතුම් දුර ඈත ඉඳන්“
    //දුක් කඳුලු හැඟුම් දුරුකර මොහොතක්// වෙනුවට “දුක් කඳුලු හැඟුම් දුරුකර මොහොතින්“
    විදිහට වෙනස් කලානම් සියලුම පෙළවල්වල එළිසමයත් හරි. එහෙම කියලා මේ ලියපු එකේ ලස්සන අඩුයි කියනවා නෙමෙයි. මූට පේන්නෙම අඩුපාඩුවක්මයි නේද?

    ReplyDelete
    Replies
    1. "නූතන වැහිලිහිණි සංදේශය!!" නරකම නෑ තමයි නේද මචෝ.

      මාත් වැහිලිහිණි චර්‍යා ටිකක් අධ්‍යනය කරල තියෙනවා මාධවියේ. අපේ රටේ කාලකණ්ණි මේ අහිංසක කුරුල්ලගෙ කූඩුවට දෙන වදය විනාසය දැක්කම මහ කලකිරීමක් දැනෙන්නේ.

      ඔන්න මචෝ උඹ කිව්ව විදියට ඒ තරුවක වෙනස් කලා. දැන්නම් මාර පර්ෆෙක්ට් ගතියක් තියෙනවා තමයි.

      Delete
  2. මනෝෂ්..............................

    මේක ඔබේ ම නිර්මාණයක්.. මං හිතන්නේ ඔබ කුරුටු ගාපු තුන්වැනි විතර කවිය.... හැබැයි අපිට හිතෙනවා ඔබ නිදහසේ පියාඹන්න පටං ගත්තාය කියලා... වැහිලිහිණි කියනවා වැස්සක් ළග ඒනවාය කියලා... මනෝෂුත් මේ කවියෙන් කිව්වා මහා නිර්මාණ වර්ෂාවක් ළග ඒනවාය කියලා... ඒක ඒ තරම්ම සුළුපටු ඒකක් නොවන වගයි පේන්නේ.... අර පුංචි බ්ලොග්කාරයා මහා අගේ අැති නිර්මාණ කරනවා අැගට පතට නොදැනී..... මේකයි වැදගත් මනෝෂ්... දැන් ඔබ ඔබට ම අනන්‍ය වූ නිර්මාණ ලෝකයක් ගොඩනගාවි..... අැත්තට ම මනෝෂ් ඔබ ලස්සනට ගමනක් අාපු කෙනෙක්... අපිට වාසනාව ලැබුණා ඒ දිහා බලාන ඉන්න.... ඔබ මුලින් ම අත්පොත් තිබ්බේ තනියම නෙමෙයි.. පිටිං හයියක් අරං. පස්සේ ඔබ ඔබේ ම විචාරයන් ලිව්වා.. ඒවා හරිම අගෙයි... ඔබ ඒ තුළින් රචනා විලාශය වගේ ම හිතන රටාවත් පුළුල් කරගත්තා... ඔබ මේ නිර්මානකරණය තුළ තමන්ගේ ම රටා අදින්න පුරුදු වුණා..... දැන් මේ ගේය පද රචනාව ගන්නකෝ (මට අනූව නම් මේක කපුගේ ජීවතුන් අතර හිටියානම් ඊළගට කියන ගීතයමයි කියලා හිතෙන්නේ) මේ තුළ තියෙන මහා හැකියාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...... සුභ පතනා ගමන් ම කැමතියි පොඩි ඒකතු කිරීමක් කරන්න...

    අන්තිම පදය ඔබ හිතලාම ටිකක් වෙනස් කරාද දන්නෑ..... තාලයේ පොඩි වෙනසක් වුනොත් හොදයි කියලා හිතුවා... අනික උඹ වැනි වචන හරහා ලොකු ලෙංගතුකමක් අැති වෙනවා ගීතයකදී... ඉතින් පොඩ්ඩක් වෙනස් කරලා අපි පොඩි පද හතරක් ගැටගැහුවා... අරකම උදව්වට අරං.... මේක ඔබේ නිර්මාණය හෑල්ලු කිරීමක් නෙමෙයි.... අපිට හිතෙන විදිහට පොඩි ඒකතු කිරීමක් විතරයි......


    //මේ සිරිපොද මැද අපි ගියපු ගමන්
    සිහිකරන් හිදිමි උඹ ගොහිං වරෙන්
    වැහි අදුර මැදින් අැගෙ සුසුම් පවන්
    බිදක් තුඩින් මයෙ ළගට ගෙනෙන්...................//

    ReplyDelete
    Replies
    1. මනෝෂ්................ අපි කියපු වෙනස් කිරීම කවියට දාන්න ඒපා... .අපි ඒක නිකං කිව්වා විතරයි... ඒක ඔබ ඒතන නොහදනවානම් හොදයි... මොකද මාධවී කියලා තියෙන දෙයින් අැත්තට ම ඒළිසමය රැකිලා තියෙනවා.. අපි මේක කිව්වේ ඒක නොදැකයි..... මේක මේ විදිහට ම තියන්න.. ඒ අැති.... ඔබේ උඩ තියෙන නිර්මාණය දැන් නියමෙට ම තියෙනවා

      Delete
    2. ගී පවුරේ, ගී පවුරේ, කලාතුරකින් දකින්නට ලැබෙන ඇස් වලට කඳුලු පිරෙන බොහොම හෘදයාංගම කමෙන්ටුවක්. මගෙ ගමනෙ හැමදාමත් මං ලඟින් ඉඳපු අසීමාන්තික ශක්තිය. ඔබේ වචන වලට කොහොම වචන හොයන්නද මං තුති පුදන්න.

      //වැහිලිහිණි කියනවා වැස්සක් ළග ඒනවාය කියලා... මනෝෂුත් මේ කවියෙන් කිව්වා මහා නිර්මාණ වර්ෂාවක් ළග ඒනවාය කියලා...//

      මහ ගැඹුරක් තියෙන වචන ටිකක් මගෙ නිර්නාණයෙන්ම හොයල අරං නිර්මාණයේ වටිනාකම වැඩිකරල මගේ ඉදිරි ගමනටත් මහඟු දිරියක් ඒ වචන වලින්ම දීලා, ඔබ අතීතයේ සිටම මට දෙන මේ දහිරියට මං හදවතින්ම පිං දෙනව ගී පවුරේ.. ඔබ මං ගැන කියපු අනාවැකි සේරම හරිගියා. මං ගැන මටත් වඩා විස්වාසය තැබුවා. ඒ තුලින් මට එතෙක් නොතිබූ විස්වාසයක් මගේ ගැන මා තුලම ඇතිකලා. ඔබට ස්තූතියි ගී පවුරේ .

      පද රචනයට ඔබ එක් කල වෙනසත් අපූරුයි ගී පවුරේ. //බිදක් තුඩින් මයෙ ළගට// ඒ වචන ටිකනම් කපුගේ ගයන ගීයකටම ඔබිනවා.

      ස්තූතියි ගී පවුරේ..

      Delete
  3. උඹ හරි.. ලැයින් එකට එනවා හෙමින් සැරේ.. ගොඩ වේවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ.. දුකට සැපට මුල ඉඳලම උඹල ලග හිටපු නිසා.

      Delete
  4. නියමයි මනෝ ..කවි කාරිට කවි කියන්නේ නැතිව බයිලා කියලා වැඩක් නැ නොවැ ..හැක්

    කළාමැදිරිය මගේ ඇඳිරිය
    මකා ලන්නට ඔබට හැකි නම්
    ඇගේ කුටියට වහා පියඹා
    කියනු මැන මෙහි හිඳින බව මම්...
    කළාමැදිරිය මගේ ඇඳිරිය
    මකා ලන්නට ඔබට හැකි නම්...


    සඳත් මට නෑ ඉරත් නැත රෑ
    අඳුර මගෙ නෙත් වසා ළතවෙයි...//
    ලියූ ගීතය ගයන්නට බැරි
    විලස ඉඳහිට දෙතොල ගොත වෙයි...

    ඔබෙත් මතකය මගෙත් මතකය
    අතර හිස් බව මැකී යේවා...//
    මනෝ ලෝකය මවන සිතුවිළි
    ඉදිරි දවසක සැබෑ වේවා...

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : සනත් නන්දසිරි
    ගායනය : ජේ. ඒ. රොම්ලස් පෙරේරා

    ReplyDelete
    Replies
    1. අම්මප බොලං. බටිල වලට වඩා කවි හොඳා නොවෑ.

      ගීතයනම් මින් පෙර නෑසු එකක්. අනේ හැකිනම් නිවාඩු පාඩු වෙලාවක ඕඩියෝ එකේ මේලක් දානවද.

      ස්තූතියි අයියණ්ඩී.

      Delete
  5. වෙන්වීම යනු කවීත්වයේ උපත වේ..වෙන්වීම නිසා කවි ගෙත්තම් වන්නා සේම වෙන්වීම නිසා කවි හදවත් නිසලවීමද සිදුවේ.
    මෙන්න මම වගේම කවියෙක් වුන තවත් එකෙක්.....
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. ම්..ම්.. තාවකාලික ඈත් වීමක් කීවොත් වඩා නිවැරදියි කටුසු රාලේ.

      "මුතු ඇටයක් බවට පත්වෙන්නෙ, බෙල්ලෙක්ගෙ බෙලි කටුවක සිරවුන වැලි ඇටයේ වේදනාවයි."

      Delete
  6. කියවගෙන යද්දී මට හිතුනේ මේක ගීතයක් කියලා. ඉතින් මේක ගී පද රචනාවක් කලොත් නරකද ?

    ReplyDelete
    Replies
    1. ආසයි තුශානි ආසයි. පුලුවන් කමක් තියෙන වානම් ගීයක් කරන්නත් ආසයි. අපි බලමුකො දවසක.

      Delete
  7. මං හෙව්වේ කවිකාරී ගේ කොමෙන්ටෙක.. :) ශුවර් එකටම පැත්තකට වෙලා ඉකිගහනව ඇති.. උඹ සාහිත්‍ය ගුරෙක් වෙයන්.. වෙන්වීම උඹව කවියෙක් කරල.. මාරම සතුටුයි උඹල වෙන්විච්ච එක ගැන තාවකාලිකව හරි.. විහිලු නෙවෙයි.. නැත්නම් උඹ මෙහෙම කවි ලියන්නේ නෑනේ.. මං ඊලඟට පටන් ගන්නව උඹේ කවි ගැන විචාර ලියන්න.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ඇත්ත කල්‍යාණ , සහතික ඇත්ත. මීට කලින් මට ආසාවට පද පෙලක් ලියාගන්න බෑ. මටම පුදුමයි දැන්, මගෙ වේදනා, අත්දැකීම්, හැඟීම් පදවලට බගාගන්න මොහොතකින් පුලුවන්.

      කවිකාරිට මං මේ හැම රචනයක්ම ලියපු ගමන් යවනවා. ඇය මීට තනුවක් යොදල ඇය විසින්ම ගායනා කරලා. රෙකෝඩ් කරපු ක්ලිප් එක මටත් මේල් කලා. බොහොම හැඟීම්බරයි. වැඩිය මොකුත් නොකියන්නෙ අපි අපේ නිර්මාණවලට අපි අපුන කමෙන්ට් කරගන්නවා කියන කතාව අහගන්න වෙයි කියන බයටයි කල්‍යාණ . හැමෝම ඔබලා තරම් සොඳුරු නෑ.

      Delete
    2. ආ.. කල්‍යාණ ඇත්තටම ආසයි මගේ කවි ගැන විචාර කියවන්න. හැකිනම් අපි ඊලඟ එකේ ඉඳන් පටන්ගමුද?

      Delete
    3. මම විළාප කවි කියවන්න ඒ හැටි මනාප නෑ. ඒත් කමියගෙ මේ කමෙන්ටුව දැක්කම පොඩ්ඩක් ආයි හොයල බලන්න හිතුන යටින් යන කතාව.

      ඇයි බං මට මේව කලින් නොපෙනුනෙ...?

      Delete
    4. ඔය වයසට ඔහොම තමයි සිංහයෝ ...දැන් මීටර් වෙන්න වෙලා යනවා . වයසත් හරිනේ .හැක් හැක්

      Delete
    5. අනේ අනේ සිංහයෝ.. දිගටම රැඳී සිටියනම් බොහොම පහසුවෙන් තේරුම්ගන්න තිබ්බා.

      Delete
    6. මචං සිංදු , වයසට ගියත් සිංහයා සිංහයා වගේම ඉන්නෙපැයි.

      Delete
  8. කල්‍යාණ මිත්‍ර, ඇත්තටම මට කමෙන්ට් කරන්න තරම් මානසිකත්වයක් තිබුනෙ නැහැ .මේ ඈත්වීමෙන් මට දැනෙන වේදනාව තවමත් එහෙමමයි. ඇත්තටම මේක වෙන්වීමක් නෙවෙයි, තාවකාලික ඈත්වීමක් විතරයි .ඒ දෙයින් අපේ බැදීම තවත් ශක්තිමත්වුනා.මාත් හුගක් පුදුම වුනා මනෝශ් මේ පැදිපෙල මට එවලතිබුනම. මම මේක දවසට සියවතාවකට වඩා අහනව මගේ ෆෝන් එකේ රෙකෝඩ්කරගෙන.ඒ ඈත්වීමෙන් දැනෙන වේදනාව මේ වෙලාවෙත් මට දැනෙවා.

    ReplyDelete
    Replies
    1. උඹල දෙන්නම හරි වාසනාවන්තයි නංගි.. හැමෝටම තමන්ගේ හිත තෙරුං ගන්න පුළුවන් ජාතියේ සහකාරයෝ ලැබෙන්නේ නෑ.. මං ඉත සිතින්ම සුභ පතනව උඹල දෙන්නට.. තාවකාලික දුරස්වීම සදාකාලික බැඳීමට තවත් ශක්තියක් වෙයි.. හිත හයි කර ගනිල්ලා.. මොනව උනත් ලියන එක නවත්තන්න එපා.. එහෙම උනොත් අපරාධයක්.. ජය ශ්‍රී!

      Delete
    2. අපි කියවන, අපි රසවිඳින කලා නිර්මාණ ගීතයන් තුලින්ම අපිට අපේ හිත් හයිකරගෙන ජීවිතේ යථාර්ථයට මූණ ද්ව්න්න හයිය ලැබුන කල්‍යාණ . ඒ නිසා දුක, වෙන්වීම විඳවන්නෙ නැතිව, විඳින්න පුරුදු උනා. ඔබේ අදහස් අපේ ජීවිතවලටත් ආලෝකයක්. ඒ නිසා බෙහ්ව්වින්ම ස්තූතියි .

      කවිකාරිටත් මං ඕකම කියනව කල්‍යාණ . ඒත් දැන් හාව හඳ දකිනව තරම්වත් කවියක් ඇගෙන් ලියවෙන්නෙම නෑ.

      Delete
    3. මගේ නීල නෙතු සඟලින්
      මොනවද ඔබ ඉල්ලන්නේ
      නළලේ කුංකුම තිලකය
      ඔබට නේද අමතන්නේ
      මගේ නීල නෙතු සඟලින්

      මිදුලේ නිල් බුනීල මල්
      හැන්දෑවේ කාන්තියෙන්
      ඔබ මට දුන් ඔබේ කවිය
      උදුරාගෙන කියවනවා

      මගේ නීල නෙතු සඟලින්...

      හඳ එළියේ හාන්සි වී
      ඒ කවියේ රස වින්දා
      එදා රැයේ මගේ දෑස
      ඔබේ නමින් ඉකි බින්දා

      මගේ නීල නෙතු සඟලින්...


      ගායනය - ඉන්ද්‍රානි බෝගොඩ
      සංගිතය - චන්ද්‍රදාස බෝගොඩ
      ගී පද - ඩෝල්ටන් අල්විස්

      Delete
    4. ගැලපෙන ම සිංදුව මචං. කියල වැඩක් නෑ.

      Delete
  9. ලස්සනයි මචං.. සිංදුවකට නම් නියමයි...

    දැන් නිතරම කවියෙන් වගේ වැඩ..

    ReplyDelete
    Replies
    1. සංවේදනා ලියන්න තරම් වෙලාවක්, නිදහසක්, විවේකයක් නෑ දිනේෂ් දැන්. ඒ නිසා මං මගේ අලුත් ජීවිතේ ගැන කවි ගැටගහන්න ඉගෙනගන්නවා.

      ස්තූතියි මචෝ..

      Delete
  10. හුම්,ප්‍රේමය තදින්ම දැනෙන්න පොඩ්ඩක් හුදකලා වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම , සියලු ආකාරයේ විරහවන් කියන්නෙ ගී රසෝගයක උල්පතක්.

      Delete
  11. ඤාව් කියවුණා යකෝ අපූරු අදහසක්...
    ලස්සනයි හොදේ....
    මදාවිය කියපු දේවල් මං කියන්න යන්නැ...
    මොකද දැනටමත් කියල තියෙනව නෙව

    ReplyDelete
    Replies
    1. ඔහොම අහනකොට හිතට හරි හයියක් බං.

      හැමදාමත් වගේ උඹල හැමෝටම ගොඩක්ම ස්තූතියි .

      Delete
  12. අඩෝ..දුක තනියම දරාගනින් අපිවත් අඩවන්නෙ නැතුව..
    උඔ වගේම අඩනවා ඇති මචං පුරැදු රටේ තනිවුන ඈයත්.

    ReplyDelete
    Replies
    1. එච්චරටම සංවේදියි ද මචං. හැම මොහොතකම හිතින් අඬ අඬ තමයි ඉන්නෙ බං මේ දුෂ්කර කාලෙ ගෙවිල යනකල්.

      Delete
  13. මම මොකක් කියල කියන්නද මනොෂ්...

    කොහොම හරි ඉවසන්න වෙනවා.

    ---------
    කවිය නම් බොහොම වදිනවා හැමෝගෙම හිත්වලට

    ReplyDelete
    Replies
    1. පල්ලමක් බහින්න බලාගෙන කන්දක් නගිනව බං. මොනව කරන්නද.

      Delete