Pages

Sandumal

Sandumal

Wednesday, December 10, 2014

•සුදු රැළි ගවුම සලායා


"පුංචි දෝණියේ නුඹ නුඹෙ මවට සමානා"





වෙලාව දහවල් එක හමාර පසු වූවා පමණි. පාසැල් ගේට්ටුවට මදක් එපිටට වී මෝටර් රථයේ හිඳිමින්ම මා බලා සිටියේ කඩි ගුලක් සේ පොදිකන ගේට්ටුවෙන් මගේ දියණියගේ සිඟිති මුහුණ මතුවෙනා තුරුය. විවිධ වයස් මට්ටම්වල, සිසු සිසුවියෝ පොරකමින් පාසල් ගේට්ටුවෙන් මතුවෙමින් නොපෙනෙමින් සිටියේ මගේ පාසැල් කාලයට මගේ හිතද යොමු කරමිනි. අතීතයේ මෙවැනිම දිනක මම මෙසේ මෙම ගේට්ටුව අභියසට වී සිටියෙමි. මීට මද දුරක් එපිටින් වූ මා ඉගෙනගත් විද්‍යාලයෙන් විනාඩි කිහිපයක් කලියෙන් පැනගන්නා මා එක හමාර වන විට කෙසේ හෝ මෙතනට පැමිණෙන්නේ දයාබර ඇය දැක ගැනීමේ නොනිමි ආසාවෙන්ය. ඒ වන විට මා ඇයට මගේ ආදරය ප්‍රකාශ කර හෝ නොතිබුන මුත් සැමදා ඒ රසඳුන නෙත් ගල්වා ගැනීමට මම මෙතනට පැමිණියෙමි.

එදා මෙම පාසල් ගේට්ටුව අභියස මෙතරම් කලබලයක් නොතිබුනි. ගේට්ටුව පැත්තේ පාර අයිනේ නතර කර තිබූ පාපැදියක් යතුරු පැදිඅයක් හැරුණු කොට වෙනත් වාහනයක් විනි නම් ඒ ඉතාම කලාතුරකිනි. පාරෙන් එහා පැත්තේ මා දැන් සිටින තැන වූයේ කුඩා පොත් කඩයක් සහ බස් නැවතුමයි. සතර අත විහිදී සිටියේ පාසැල් ළමුන් පමණෙකි. නමුත් අද තත්වය වෙනස් වී ඇත. පාපැදි වෙනුවට පාසැල් වෑන්, ත්‍රී රෝද රථ, මෝටර් රථ පාර දෙපසම පෝලිමට නවත්වා තිබේ. එදා තිබුන කමල් අයියාගෙ කුඩා පොත් කඩය අද නොමැත. ඒ වෙනුවට එතන වූයේ ඩීවීඩී හලකි. ඊටම යාබදව ජංගම දුරකතන අලෙවි සැලක් හා කොමියුනිකේෂන් එකක් ස්ථාපනය කොට තිබේ. එදා තිබූ සුවිසල් සියඹලා, මාර වෘක්ෂයන් අද පෙන්නෙන්න්ටවත් නැත. සතර අත විහිදී සිටි පාසැල් ළමුන් වෙනුවට අද පාට ඇඳුමින් සැරසුණු, යකඩ දම්වැල් අතේ කරේ එල්ලාගත්, අවුල් වී ගිය හිසකේ වලින් යුත් තරුණයන් පාසල අසලින් නිතර එහේ මෙහේ ගැවසෙනු පෙනෙන්නට ඇත. ඩීවීඩී හලේ තවත් කිහිප දෙනෙක් වූ අතර පාසැල් හැරගිය තරුණයන් අතරම පාසැල් ඇඳුමින් සැරසුනු ශිෂ්‍යයන් කිහිප දෙනෙකුද එහි විය. බහුතරයක් දෙනා ජංගම දුරකතන අලෙවිසැලට වී දුරකතන අතේ තබා ගනිමින්, ඒවා එහෙට මෙහෙට මානමින් සිටි අතර හැංගි හැංගි ඒවායේ කැමරා මානමින් සිටියේ සිසුවියන් ඉලක්ක කරගනිමින් විය යුතුය.

කෙසේ වුවද කාලය මැවු වෙනසක අරුමය පිළිබඳ සිතමින් එදවස මතක සැමරුම් ස්මරණය කරමින් ගේට්ටුව දෙස බලාහුන් මා අතීතයත් වර්ථමානයත් අතර පැටලී අතරමංව උන්නෙමි. එක්වරම ගේට්ටුවෙන් මතු වූයේ අනේක වාරයක් මා දෑස් දකින්නට පෙරුම් පිරූ ඒ නෙතඳුන් රුවයි. කොණ්ඩ කරල් දෙකෙන් එකක් පපුව හරහා පහලටද අනෙක පසු පසින් පිට හරහාද වැටීමට සලස්වාගෙන, දඟකාර ගමනින්, සුදු ගවුමේ රැලි සලමින් ඒ මතුවූයේ මීට දශක දෙකක මගේ අතීතයයි. ඔව් දුවේ, ඒ මතුවුනේ ඔයා නෙවෙයි, ඔයාගෙ අම්මමයි. මගේ නෙත රැවටුනු බව මට වැටහුනේ ටික වෙලාවකුත් ගියාට පස්සෙ. මතක ලොවින් මිදිල වර්ථමානෙට ආවෙ මං එතකොටයි. එදා මං මෙතනම හිට ගෙන ඉන්නකොට ඔයාගෙ අම්මත් ඔය ගේට්ටුවෙන් මතුවෙලා පාර අයිනට ආවෙ අද ඔයා ආව විදියටමයි. බිමට බර දෙනෙත් වරින්වර එසවෙමින්, දෙපස බලමින්, සුදු ගවුමෙ රැලි සලමින්, ආවෙ ඔය විදියටමයි.  එදා ඔයාගෙ අම්ම එහෙම එනකොට මට මතක් උනේ මහගම සේකරගෙ කවි, මං මිමිණුවේ අමරදේවයන්ගෙ ගී. ඒවට තාලය සපයමින් මෙතන තිබුන දැවැන්ත සියඹලා ගස්වල මාර ගස් වල උන්නු කුරුල්ලො කිචි බිචි ගෑවා. ඒ හැමදේම මැදින් සුරංගනාවියක් වගේ දූගෙ අම්මා පුංචි කෙල්ලෙක් විදියට දුවගෙන ආවා. අද ඔයත් ඒ විදියමයි. දූගෙ අම්ම වගේමයි. ඒත් අද එහෙම ඉන්නෙ මගෙ දුව විතරයි. එදා එහෙම පසුබිම හදපු ලස්සන පරිසරයනම් අද නෑ. සේකරගේ පදවැල් අමරදේවගේ හඬින් අද ඇහෙන්නෙ නෑ. ඒ වෙනුවට "හිත හිරිවට්ටන ඔය ලොකු ඇස් දෙක සින්නක්කරේට ලියාගන්න" ඉල්ලමින් හඬ නගන සිංදුවකට දූගෙ වයසෙම වගේ කෙලිපැටික්කියන් ටිකක් අඩ නිරුවතින් රඟදෙනවා ඩීවීඩී කඩේ රූපවාහිනී යන්ත්‍රයේ. එදා අම්මි එනකල් බලන් හිටිය ඔයාගෙ තාත්ති වගේ කොල්ලන් නෙවෙයි, අද ඔයාල දිහාවට ජංගම දුරකතන කැමරා හොරෙන් මානමින් කෑදර බැල්මවල් ඔයාලට හෙලමින් මත් වෙච්ච කොලු ගැටවු නරුම නෙතින් බැලුම් හෙලනවා ඔයාලට. එදා වගේ ඔයාලගේ නටවන දෙනෙත් වලට, දිගම දිග කොන්ඩෙට සුදුගවුමෙ ලස්සනට, වටකුරු මූණෙ හුරතලේට  නෙවෙයි, ඔයාලගේ පිරුණු ළමැදට, ළපටි අත් පා වලට, පිරුනු උකුලට. ඒ නිසාම ඒ බැල්මෙ තියෙන්නෙ ආදරය සෙනෙහස උතුරා යන දයාබර හැඟුමක්නම් නෙවෙයි, රාගයයෙන් කාමයෙන් උතුරන ගිනිගෙන දැවෙන බැල්මක්.ඒත් මගෙ දූ මේ කිසිවක්ම නොදැන එදා අම්ම ආව විදියටම දුවගෙන එනව මං දිහාවට, තාමත් ලෝකය එදා වගේමයි හිතාගෙන..

"තාත්ති..ගොඩක් වෙලාද ඇවිත්? යමු ඉක්මනට, මට අද තුනට ක්ලාස්.."




සුදු රැළි ගවුම සලායා
නෙතඟින් බැලුම් බලායා
වීදි කෙළවරින් මතු වන
පුංචි දෝණියේ නුඹ
නුඹෙ මවට සමානා....

මහගමසේකරගේ කවි
මග දෙපස පිපීලා සැලුනා
තුරු හිස කුරුලු තුඩින්
අමරදේවයන් ගැයු
ගී පද වැටුණා
පොත් මිටිය අරන් ඈ දිව ආවා
ඒ වගේම අද ඔබ දිව එනවා....

දොර දොර වියරු ගැයුම්
ඉඟි බිඟි සළෙල බැලුම් පොර කනවා
කම්හල් දොරටු වැසී සා ගිනි
සිඟමන් ඉල්ලා යනවා
ඒ කිසිත් නොදැන නුඹ දිව එනවා
ලෝකයම එදා වගෙ යයි හිතලා....

පද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - වික්ටර් රත්නායක
ගායනය - වික්ටර් රත්නායක





අහන්න ගීතය...



විශේෂ සටහන : ගීතය රසවිඳීමට මා හට තිළිණ කල අපේ දයාබර සිංදු ඇනෝට හද පිරි ප්‍රණාමය...

ඡායාරූපය අන්තර්ජාලයෙනි..


151 comments:

  1. පලවෙනි ගල් ෂෝට් එක අපේ සින්දු ඇනෝට...තෝත් කට ඇරපිය සදරෑවෝ ගල් කාලක් වක් කරන්න..අපිව මේ වගේ පාසල් කාලයේ අතරමං කරන්න එපා යකෝ..
    පත්තරයා තෝට මතකද රේල් පාර ලග චාටරේ ගහනවා ස්වර්ණපාලිය ඇරෙනකන් උඔලා ඡෝෂප් එක ඇරිලා නැත්තන් කලින් පැනලා පුටාරෙක පාගනවා දාඩිය පොලු හලාගෙන..අපි ඉතිං කැඩෙට් කෝප් එක ලග වැටෙන් පැන්න ගමන් අනේ අම්මෝ චුටි කෙලි පැටික්කියෝ ටික එන හැටි මතක් වෙනකොට නාකි සුද්දියෝන්ට බ්‍රා මහන එක අත ඇරලා ස්වර්ණපාලිය ලග බුලත්විට කඩයක් දා ගන්න හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මෙන්ඩෝ අපි නම් හොඳ ළමයි ..ස්කුල් බස් එකේ කොන්දා තමයි අපිට පෙම් මුල්ල බුක් කරලා තියන්නේ .හැක් හැක්

      පාසැල් බිමේ නාමල් පෙතේ
      තාමත් ඔහේ නාමල් 
      පෙර සේ පිපේ 
      ඒ පෙතේ ළං වී විසූ
      ඈ කොහේ මා කොහේ...

      සුදෝ සුදු වතින් 
      ඇගෙ නිල් නෙතින් 
      නිමා වූ අපේ 
      පාසැල් සමේ
      රහසින් බැඳී මේ ගසේ 
      හෙවණේ අපී 
      කී කතා රැව් දේ යලී...

      ඇගෙ හදවතින් 
      මගෙ හදවතින්
      මැකේ දෝ කෙසේ
      ඒ මල් සමේ
      ළා පත් සැළේ මේ ගසේ
      දොඩනා නියා 
      ඒ යුගේ අපගේ කතා...


      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      සංගීතය සහ ගායනය : ප්‍රියා සූරියසේන

      Delete
    2. එකෙන්ම මෙන්ඩියෝ... චියර්ස් කරනව කෝක් වීදුරුවකින්. ඔය තියෙන්නෙ සොඳුරු මතක. පත්තරයත් ආවනම් මෙතන මරුවට තියෙයි. ඒ කාලෙ ඉස්කෝලෙ යන එක මහ වදයක්. ඒත් අද තේරෙනව ඒ තමයි ජීවිතේ සොඳුරුතම යුගය.

      Delete
    3. අහල නෑ සිංදුවෝ ඒ සිංදුව. තැන්කිව් වේවා... පාසල් ප්‍රේමය තරම් සොඳුරු අන් යමක්...

      Delete
    4. මෙන්ඩෝ ආයිත් අහලා. අන්තිම පීරියඩ් එකේ තාප්පෙන් පැනලා පුල්ලෙයාර් කෝවිලේ හංගපු මවුන්ටන් එකත් ඇරං 180 ට පාගලා හරියට 1,55 වෙද්දි කිරි ටොයියො වාගෙ කොන්වන්ට් එකේ ගේට්ටුව ගාව..
      ..නැත්‍තං බොරු ලෙඩ ඇරං ගෙදර නැවතිලා තියන හොඳම ට්‍රවුසර් එකයි ටී එකයි ගහලා කාටහරි බොරු කෝටියක් කියලා මොටසයිකල් කබලක් ඉල්ලං තෙල් බාගයක් හලාගෙන හරියට ගේට්ටුව ඉස්සරහා රජ පැටිය වගේ.. චැහ් . කොහොම හිටපු අපිද :D

      Delete
    5. මෙන්න ස්වර්ණපාලිය මතක් කළා විතරයි පත්ටරයා චුන් වෙලා .....හැක් හැක්
      බ්‍රෑන්ඩ් එක ගල්

      සුදු පරවි රෑන සේ පියා සලා
      පාසල නිමවී යොවුන් කුමරියන්
      පෙලින් පෙලට එයි ඈ තාම නෑ
      ඈ තාම නෑ............

      Delete
    6. හැක් හැක්. මේ ලඟදි අපේ මල්ලි කාරයත් ඔය වැඩෙම කලා. උදේඉස්කෝලෙ ගියේ නෑ සහලෝල උණ කියල. එහෙම හිටපු එකා හවස එකට විතර මේං ලෑස්තිවෙලාලු ඉස්කෝලෙට යන්න. හේතුව පහුවදා විබාගෙ නිසා ඩෙස් හදන්නලු. නැත්නම් ඉඩ නැතිවෙයිලු. අනේ ඉතින් අපේ අම්මටත් ඇත්ත! තව ඩිංගෙන් ඇරලවන්නත් යනව ඉස්කෝලෙට. මට ඉතින් හිත යටින් හිනා!

      Delete
    7. තූ නොදකිං තොපි වගේ අයියල..
      ඌට මෝටබයික්කෙයි අතට කීයක් හරියි දීල "මල්ලි හැන්දැ උනාට කමක් නෑ වැඩේ ඉවරම කරල එන්න " කියල අම්මට ෂේප් එකක් දැම්මනං තොට හෙන ගහනවද යකෝ ????

      Delete
    8. හරි හරි බං! කට වහගෙන ඉඳල දුන්න සහයෝගයම මදෑ!!! හැක්!! හැක්!!

      Delete
    9. නිවන්තකේ 13 වසර අක්කා කෙනෙකුට පනකඩාගෙන ට්‍රයි කරා මම 11 වසරේදි දවසක් ඒකි හවස ඩාන්සින් ප්‍රැක්ටිස් ඉවර කරලා එන වේලාවේ මම මෝට සයිකල් කටුවක් අරගෙන ගිහින් ඒකිට නගින්න කිව්වා බෑම කියනවා ගියර් එක දාලා කලච් එක අල්ලගෙන රේස් කරලා ඒකිගෙන් ඇහැව්වා
      තමුසේ බයිසිකලේට නගිනවද? නැත්නම් අර ඉස්සරහින් එන ලෝරියේ මම හැප්පෙනවා බලාගෙන ඉන්නවද? කියලා ඊට පස්සේ අපි දෙන්නා රෑං ගලා රාම කෑලේ..

      Delete
    10. \\ඊට පස්සේ අපි දෙන්නා රෑං ගලා රාම කෑලේ..//

      හරි හරි, ඉතින් ඉතින් ඊටපස්සෙ මොකද උනේ??

      Delete
    11. අපි දෙන්නා කුරැල්ලෝ බලලා ආවා..පහුවෙන්දා දවස් 3කට මගේ පන්ති තහනම් කරා.
      මම උඔට මේලක් දැමමා..

      Delete
    12. ආ.. උඹල දෙන්න සකලයන් හැඹුවද?? හොඳා හොඳා.. ඉතින් බං ඒ දවස් දෙකෙත් මං එහෙමනම් යනව රාම කැලේම!!

      Delete
    13. මචෝ.. උඹේ මේලටත් රිප්ලයි කලා.

      Delete
    14. රාමකැලේ කුරුල්ලො අඹනවා හෝයියට :D . හා තොටත් "ස්ටඩි ලීව්" දුන්නද. හැක්

      Delete
    15. මෙන්ඩෝ....අනුරාධපුරේ නොවුනත් මාත් ගියා ගියසතියේ රාම කැලේ කුරුල්ලේ අඹන්න.හැබැයි ඉස්කෝලේ ටීචර් කෙනෙක් එක්ක.(නිවන්තකේ නෙමෙයි ) පට්ට ප්ලේස් එක.හැබැයි දැන් ඒක එලිවෙලා වැඩියිලු.ඉස්සරනම් පඳුරු ගොඩයිලු.කාටවත් පේන්නේ නෑලු.ඒකිම තම ඔන්න කිවුවේ එහෙම......

      Delete
    16. උතුරුමැද පලාත ……

      මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක් !!! :D :D

      Delete
    17. කටුසු, පත්තරේ...

      සිරාවටම මොකද්ද බං ඔය රාම කැලේ? පාර්ක් එකක්ද?

      අම්මප මේ කටුස්සත් හිම්බිජ්ජ වගේ ඉඳගෙන...!!

      Delete
    18. ඇයි බං..වෙස්සගිරිය, තිසාවැව බන්ට් එක පහල, ඉසුරැමුනිය පිටිපස්ස, නුවර වැව බන්ට් එකේ අනිත් පැත්ත..
      @කටුසු හදවත
      උම්මා...උම්මා..සාදරයෙන් පිලිගන්නවා පුරේට
      මිට
      රාම කෑලේ ආතල් ගත්තන්ගේ සංගමය

      Delete
    19. This comment has been removed by the author.

      Delete
    20. මෙන්ඩියෝ.. ෂහ්!! වැව් බන්ටෙක්ක, වැව් පිට්ටනියක, කුඹුක් ගහක් යට, ඔරු කඳක් උඩ තියෙන නිස්කලංකෙ වෙන කොහෙද බං තියෙන්නේ.

      ඒක නෙවෙයි, බොලාල එකෙක්වත් රාම කැලේ ගැන කිව්වෙ නෑනෙ මට.

      Delete
    21. සිංදුව බබා.. ඒ නංගි උඹේ කට සූප්පුවක් ගැහුවෙ නැත්ද??? හැක්! හැක්!!

      Delete
    22. This comment has been removed by the author.

      Delete
    23. අනේ අම්මප උඹේ කට. හම්බෙද්දැන්කො මට අර ටීචර් අක්කා දවසක!!

      Delete
    24. ඕන් ඉතින් ...උඹලත් එක්ක බෑනේ .දැන් නම් ආදරේට කනෙන් ඇදලා ටොක්කක් අනිනවා .මේවා දැනගත්තොත් ආදරේ වැඩි කමට බෙල්ලත් මිරිකයි මචෝ ...හැක්

      Delete
    25. මනෝශ් ,රාම කැලේ කියන්නේ අනුරාධපුරේ පෙට්‍රෝලියම් එක ඉස්සරහ තියන "විහාරරාම සන්කීර්ණයක්".ඔය තොළුවිල බුදුපිළිමෙ හොයාගන තියෙන්නෙත් ඔතනින්.

      Delete
    26. ඒක උද්‍යානයක්ද, නැත්නම් ආරණ්‍ය සේනාසනයක් වගේ එකක්ද?

      Delete
    27. @සින්දුවෝ..

      අනිවාරෙන් මං කියනෙක කියනවා.. ඕ යේස්!!

      Delete
    28. @මනෝ
      රාම කැලේ කැලයක්, ආරණ්‍ය සේනාසනයක්, උද්‍යානයක්..
      ඒ පන්ඩුලගම නංගි කතා මුුත් නෑලු ඇයි අම්මා කියලා තියෙන්නේ කටේ මුකුත් තියනකොට කතා කරන්න එපා කියලාලු.

      Delete
    29. දැන් ඉතින් උද්‍යාන වලටත් වෙනම ඇමති කෙනෙක් ඉන්න නිසා කෙල්ලන්ට කොල්ලන්ට හොඳ කලක් යයි එහෙනම්.

      ඊළඟට කිව්ව කතාව මට වැඩිය තේරුණේ නෑ බං.

      Delete
    30. This comment has been removed by the author.

      Delete
    31. "ඉළන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා...."

      Delete
    32. නෙක උයන් වතු මැදින්
      හමා යයි නව මන්ද මාරුතේ
      සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
      හිතමිතුරු වූ වසත් කාලයයි //

      සිතුවමින් මතුව ආ සුසුම් රැල්
      බොඳ මලක් මත වැටී බොඳව යයි
      සිහිනයක් අවදි වී පිය නගයි
      අඬ අඳුරු සීත කඳු මාවතේ

      නෙක උයන් වතු මැදින්...

      නොම තැවෙන් රාත්‍රිය දිගු විනැයි
      හෙට දවස මීවිතක් සේ දිසෙයි
      නිදැල්ලේ ගලා ගිය ජීවිතේ
      නිම්නයක නතර වී ගිම් නිවයි

      නෙක උයන් වතු මැදින්...//

      ගායනය - ප්‍රදීපා ධර්මදාස, අමරසිරි පීරිස්

      Delete
    33. වසත් කාලය මනරම් - ඔබ මලක් වෙනවානම්
      මගේ උයනේ නිකලැල් - පීදිලා එනු හැම කල්
      මම දුරින් සුපිපෙන්නම් - නුඹට ළං වෙනු තහනම්
      අනුන් සතු උයනේ මං - පීදිලා ළත වෙන්නම්
      නෙළනු බැරි මල් ඇයි මේ සොඳුරු - හිතක නැති මල් ඇයි මට නුදුරු
      පැතූ මලේ රූසිරු - මන්ද මට පසමිතුරු
      මලක් වී පැතු බඹරෙකු නොලැබූ - පෙපෙන්නට විය දෑතක නුහුරූ
      ආදරේ සොඳුරු මට නොවෙද පසමිතුරු
      නෙළු මලක් වුව මල් ලොව කවුරු - දුරින් ඉඳ මම නරඹමි රුසිරු
      නොවෙන් මට නපුරු - කඳුළ මගෙ ළඟ මිතුරු
      හිත පුරා ඇවිදින ඔබේ පිළිරූ - අහිමි දුක වළකම් කොයි අයුරු
      දුරින් හිඳ නුදුරු - නිවනු මැන ගිනි පුපුරු

      රචනය : රවි සිරිවර්ධනගේ
      තනුව : කරුණාරත්න විජේවර්ධනයි
      ගායනය : දයාන් විතාරණ සහ නෙලූ අධිකාරී

      Delete
  2. අපේ පාසල් කාලයට උඹ අපිව අරන් යනවා .....කාලය මැව් වෙනසක අරුමේ .
    මට මේක බලපු ගමන් මතක් උනේ සුනිල් එදිරිසිංහගේ මේ සින්දුව .ඇයි ද දන්නේ නැ .... .

    බහින්න ආසයි මේ නිල් දියඹට 
    නොයන්න පීනා නිල් දිය ගැඹුරට 
    පීනන්නට ආසයි ඈතින් ඈතට 
    දැති මෝරුන් හැංගී ඇත බලාගෙනයි දුව 
    බහින්න ආසයි.... 
    නොයන්න පීනා....

    මන්ද මාරුතය සිසිලට හමනා 
    මේ නිල් අම්බරයේ 
    නොදන්න දේ බෝමයි 
    දූ නොදන්න දේ බෝමයි 
    බහින්න ආසයි.... 
    නොයන්න පීනා....

    නිල්ල නිලට නිල් කැටේට දිලිසෙන 
    නිල් දියවර අතරේ 
    පීනන්නට ආසයි 
    බැස පීනන්නට ආසයි 

    ගී පද - පුජ්‍ය පාතේගම ඤාණිස්සර හිමි 
    ගී තනු - ප්‍රේමදාස අතුකෝරළ 
    ගායනය - සුනිල් එදිරිසිංහ සමඟ මල්ශ්‍යා ශෂිප්‍රභා අමරසිංහ

    https://www.youtube.com/watch?v=oXSgwUj7Dxo

    ReplyDelete
    Replies
    1. ඒ සිංදුව අහලත් නෑ යකූ.... සුදු ගවුමක්, සුදු කලිසමක් දකිනකොට මං නම් පාසල් කාලෙට නිකම්ම යනව බං. ඒත් අද ඉන්න පාසල් ළමුන් දැක්කම උන්ට ඉස්සරහට කතාකරන්න දෙයක් තියෙයිද කියලත් සැකයි බං. උන් තාත්තලා.

      Delete
    2. ගවුං කලිසං ඕන් නෑ යකෝ රතු පාට රිබන් පටියක් /සුදු පාට මේස් දෙකක් දැක්කත් ඇති මටනං .ඕ යේස්

      Delete
    3. හෙහ් හෙහ්! අපේ එවුන්ගෙ තිබුනෙ කලුපාට රිබන්!! මේස් නම් සුදුම තමයි.

      Delete
    4. රතු ටයි එකේ සුදු ඉරි වැටිලා පත්තරයෝ (අම්බපාලි බාලිකා මහ විද්‍යලය)

      Delete
    5. මෙරූන් පාට ටයි එකේ අලුපාට ඉරි හරී!! ඒක තමයි බොලවු ලංකාවෙ ලස්සනම ස්කූල් ටයි එක!!

      Delete
    6. \\\ අපේ පාසල් කාලයට උඹ අපිව අරන් යනවා .....කාලය මැව් වෙනසක අරුමේ ///
      .හැක් හැක්.. මෙන්න දැන් අපේ සින්දුව..

      කොළොම්තොට නැත මහලු වී..
      අවන්හල නැත පැරණි වී..
      එදා හඳමයි අදත් යෞවනයේ.. ඒත් අපි දෙන්නා..
      බලන් කැඩපත.. සොඳුරියේ..

      Delete
    7. මටනම් තව සෑහෙන කාලයක් තියෙනවා ඕක කියන්න. අපේ මෙන්ඩියා එහෙම මේ දවස් වල කියන්නෙ,

      "පෙර දිනය මා පෙම් කල යුවතිය
      සිය පුතු නළවනවා.." කියලලු.

      Delete
    8. රතුපාට ටයි එකේ හීනි සුදු ඉරි. රතු රිබන් පටි !!

      මාව මැරිල පල :D

      Delete
    9. ස්පෝර්ට් මීට් කාලෙට එහෙම හිත දුවන්නැත්ද බං?? මං තෝව අවුස්සනවා!!

      Delete
    10. අනේ අම්මේ ...පොඩි කදු ගැට දෙකට මැද්දෙන් රතුපාට ටයි එකේ හීනි සුදු ඉරි වැටිලා කලපුවෙන් ඉවරවෙන ඒ සුන්දර දසුන නොදකින මගේ ඇස් කෝබෝ නයි කාපිය

      Delete
    11. චැහ්!! වලත්තයෝ!!!

      Delete
    12. මතක තියේ.. මතක තියේ..
      සොඳුරු අතීතය මතක තියේ..
      පෙර එක දිනයක මේ මල් උයනේ
      ඔබ හමු වූ බව මතක තියේ
      සොඳුරු අතීතය මතක තියේ..

      කැකුලු වියේදී අප දෙදෙනා
      මල්සර නද අතරින් ඇදුනා..
      එනමුදු ඔබ හා දොඩනට පලමුව
      යෙහෙලිය ඔබ කැඳවා...
      වෙනතක යන්න ගියා..
      මතක තියේ.. මතක තියේ..
      සොඳුරු අතීතය මතක තියේ..

      ඔබ අද බිරිඳකි මවකි ළඳේ
      දෙනුවන් තැනුවෙකු අසල ‍රැඳේ
      මා යුග දිවියට පිවිසෙන දිනයක
      සෙනෙහස හද රඳවා..
      එනු මැන ඔබ දෙදෙනා
      මතක තියේ.. මතක තියේ..
      සොඳුරු අතීතය මතක තියේ..

      ගායනය: ගුණදාස කපුගේ

      Delete
    13. මේ ගුරු පාරේ මේ දොල අයිනේ
      අපේ රහස් ඇත සැගවීලා
      අපේ රහස් ඇත ලියැවීලා

      පටු මාවත් වල දූවිලි අතරේ
      අපගේ ඉපැරණි පිය සටහන් ඇත...
      දොල මත දිදුලන පෙණ පිඩු අතරේ
      අපේ කතාවේ කෙටි පටුනක් ඇත...

      ඉර හද ඇසුවා ඇලදොල දුටුවා..
      අතිනත් ගෙන අප දෙඩූ කතාබහ..
      එනමුදු එදවස් සඟවනු හැකිවේ
      ඉරට හදට ඇල දොලට කතා බැහැ..

      ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
      පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
      තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

      Delete
  3. // විශේෂ සටහන : ගීතය රසවිඳීමට මා හට තිළිණ ගල අපේ දයාබර සිංදු ඇනෝට හද පිරි ප්‍රණාමය...//
    විශේෂ සටහන : ගීතය රසවිඳීමට මා හට ගල තිලිණ කල අපේ දයාබර සිංදු ඇනෝට හද පිරි ප්‍රමාණය විය යුතුය.

    ReplyDelete
    Replies
    1. වරද පෙන්නල දුන්නට බොහොම ස්තූතියි මචෝ... ඔන්න නිවැරදි කලා.

      Delete
    2. අපේ සිංදුවා ගලක් තිලිණ කරල, ඒකයි පෙන්නුවෙ

      Delete
    3. හි..හී. ඒක දැක්කා. බොටත් වැරදිලාද කොහෙද කියල හිතල කටවහගෙන හිටිය මං!

      Delete
    4. මොනාද බන් මේ ගල් කතා ....?
      බ්‍රෑන්ඩ් එක නම් ගල්

      Delete
    5. හොඳ වෙලාවට බොට වැඩේ මීටර් වෙලා නෑ වගේ!!

      Delete
    6. සිංදු පුතා කලින්ම බීල, ඒකයි අවුල.

      Delete
    7. පත්තරයත් එක්ක වෙන්න ඕනි!

      Delete
    8. හැ..හැ.හික් මාත් හිටියා වුන් එක්ක

      Delete
    9. හැක් හැක් ..මෙන්ඩෝ
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    10. උඹයි සිංදුවයි නොහිටියනම් තමයි පුදුමේ.

      Delete
  4. මේ අතීත ආවර්ජනය මට ලබන අවුරුද්දෙ ඇතිවෙයි. ඊයේ ඉස්කෝලෙට පොඩ්ඩි ව බාරදෙන්න ගියා, මටත් මතක් උනේ ස්පෝර්ට් මීට් වලදී සිස්ටර් ප්‍රින්සිපල් ගෙ සීල් කපල, ගේට් පාස් ගහල, හොරට කොන්වන්ට් එකට පැන්න අපි දැන් ළමයි අරන් එතනටම යනව.
    //
    සුදු රැළි ගවුම සලායා
    නෙතඟින් බැලුම් බලායා
    වීදි කෙළවරින් මතු වන
    පුංචි දෝණියේ නුඹ
    නුඹෙ මවට සමානා....//

    මට මේ ටික කියන්න බැරිවෙයි. මොකද කෙල්ල හැඩරුවයි, ගතිගුණයි තාත්ත වගේමයි

    ReplyDelete
    Replies
    1. මතක් කරන්න ගත්තොත් අවුරුදු ගානක් කතාකරන්න තරම් අත්දැකීම් අපි හැමෝම ළඟ කොච්චර තියෙනවද. දූ පොඩිත්ත අම්ම වගේ නොවුනත්, ඉදිරියට මතකාවර්ජනා නම් නිමක් නැතිවෙයි තමයි.. සමහර විට කම්මලට උගන්නපු ගුරුවරුම දූටත් උගන්වයි. එදාට අමුතුම මිහිරක් දැනෙයි හිතට.

      Delete
    2. නෙලාගන්න බෑ
      මගේ අත දිග නෑ
      එව්ත් අනේ තව මල් පිපියං
      ලස්ස කෝටි ගනං තව මල් පිපියං

      - කම්මල -

      Delete
    3. තණමල්විල තව මල් පිපියං
      පොකුරු ගනං තව මල් පිපියං......

      Delete
    4. මේ මොකද බොලවු මේ??

      Delete
    5. මම විතරද මල් කඩන්නේ
      මම විතරද මල් නෙලන්නේ
      අනිත් එවුන් මල් නෙලුවාවේ
      මලේ සුවද මට දැනුනාවේ..
      මිට
      තිසරපට බැදිගේ මෙන්ඩා

      Delete
    6. මල් පිපිලා එදා වගෙම බලන්න මැණිකේ
      බමරු ඇදෙනවා සුවඳට සතර දිගන්තේ
      තරහ නොගෙන
      සාදු සාදු කියන්න මැණිකේ

      එදා අපට පෙම්වත් සඳ අද දරුවන්ටයි
      ගලා හැලෙන නිල් ඇල දොල පෙම් කවියක් වෙයි
      එදා අප වෙලී ගිය මග මෙදා උන් බැඳී යන සඳ
      තරහ නොගන්ටයි

      කෝඩුකාර පෙම්බස් දැන් ඉතින් ඔවුන්ටයි
      රෑට පිපෙන තරු මල්වල රේණු ගණින්ටයි
      එදා අපෙ හීන මාලිඟ මෙදා උන් තනා ගත් සඳ
      කඩා නොලන්ටයි"

      ගායනය : සුනිල් එදිරිසිංහ
      පද රචනය : රවී සිරිවර්ධන
      සංගීතය : රෝහණ වීරසිංහ

      Delete
  5. Replies
    1. පට්ටරේ ඇවිත්..

      Delete
    2. බඩු ආවා :D

      අර මෝටබයික්කෙ බබා එක්කං යද්දි හෝල්ට් එකේ ඉඳං හිනාඋන ඉස්කෝල ටීචැර්ගෙ ලින්ක් එක දාපිය.. හැක්

      Delete
    3. මතකයි අමතකයි වගේ..

      Delete
    4. පත්තරේ අනුරපුරේ ස්වර්ණපාලියේ

      Delete
  6. ඇයි මේ කලබලේ? ඇයි මෙච්චර කෙටිවුණේ. ඔක්කොම ඡේද 3 යි. පළමු වැන්න කාරණාව හා ස්ථානය ගැන කෙටි හැඳින්වීමක්. දෙවැන්න අතීත වර්ථමාන කාල සංසන්දනයක්. අවසානයේ දුව තුලින් මව දැකීම සහ දියණියට අනතුරු ඇඟවීමක්. මහගමසේකර සහ අමරදේව ගේ පිවිසීම තරමක් කෘතීමදෝ කියලා හිතෙනවා. ඒ සුන්දර අතීතයට යනකොට ගවුමෙ රැලි සහ බිම බලාගත් දෑස පමණද සුන්දර? අද ලොකු කලබලයකින් ලියලා තියෙන්නෙ. වෙනදට ස්ථානය සහ හැඟීම් වඩාත් සුන්දරව වර්ණනා විෂයාතික්‍රාන්තව කියන මනෝෂ් අද කලබලෙන්. ට්‍රැෆික් එක නිසා වෙන්න ඇති. කමක් නෑ. ඊ ළඟ නිර්මාණයේ අපේ පුරුදු මනෝෂ් හමුවේවා!
    (උඹට ඕනි එකක් හිතාගනින් කියලා බැන්නොත් අම්මපා ඊ මේල් කරනවා වස් කවියක් :D)

    ReplyDelete
    Replies
    1. ගීතයේ වචන කෙලින්ම උපුටාගෙන ගීතයේ පද පේලි අනුපිළිවෙලින් ජේද සමග ගැලපීමයි වෙලා තියෙන්නෙ. ගීය වටා කතාව ගොඩනගන්නට ඔබට වෙලාව මදිවෙලා. මම හරිද?

      Delete
    2. මචන් කමියෝ ..මනෝට "ආතතිය හැදිලා " මේක ලියනකොට තව කී දෙනෙක් පැනලා තියේද කියලා .එකයි ඔය හදිසියේ ලියලා තියෙන්නේ ....

      Delete
    3. සින්දු ඇනෝDecember 10, 2014 at 3:10 PM
      //// මචන් කමියෝ ..මනෝට "ආතතිය හැදිලා " මේක ලියනකොට තව කී දෙනෙක් පැනලා තියේද කියලා .එකයි ඔය හදිසියේ ලියලා තියෙන්නේ ..../// O.o ???????????

      Delete
    4. හුකැස් ,,,,මට මදාවියයි කමියයි ටැපලිලා මචෝ ....සොරි වේවා .

      Delete
    5. ආතතිය කියන වචනෙ තියන තැනට අසහනේ වගේ දැම්මොත් මොකෑ සිංදුවො :D ගැලපෙන් නාද්ද

      Delete
    6. මාධවියේ... උත්තරෙත් දෙවනි රිපලයි එකෙන් ඔය දීල තියෙන්නෙ උඹ අගේට. අම්මප බොල ඒකම තමයි උනේ. තොපි මාව එක එක අතීතානුස්මරන කිය කිය අවුස්සනකොට හිතෙනවා චැහ් තව දේවල් ලියන්න තිබ්බා කියලා.

      ඔන්න උඹලගේ වටිනාකම. සමාවෙයන් මචෝ... ටිකක් අවුලෙන් අවුලෙන් තමයි ඕක ලිව්වෙ. ඊයෙත් එකක් ලියල මකල දැම්මා. ඕනි එකක් කියල ඒකයි මේක පබ්ලිෂ් කලේ.

      Delete
    7. හුටා!! අපේ සිංදුවටත් සේරම පැටලිලා. ඒකියන්නෙ ඌටත් ආතතිය!!!

      Delete
    8. @කමියෝ.... ආයෙ දෙකක් නෑ බං, සිංදුවටත් ආතතිය.

      Delete
    9. @පත්තරයා සහ සිංදුවා..

      ඒ වචනෙ පාවිච්චි කලාට කමක් නෑ මුලට විශේෂණ එහෙම දානවා නෙවෙයි ඕං...

      Delete
    10. ඇදපං බං... කොක්ක කොක්ක යනකොට තමා බල සම්ප්‍රයුක්තය එන්නේ. ඇදු..ඇදු... යං...මං... උඹ එක්ක

      Delete
    11. This comment has been removed by the author.

      Delete
    12. එළ එළ.. කෝ එකෙක්වත් නෑ ගේමට!!

      අපරාදෙ බං අනිත් කමෙන්ට් එක ඩිලීට් කලේ...

      Delete
    13. මධුව මෙන්න උබේ කමෙන්ටුව ආතර් මකලා

      Delete
    14. මම අදහස් කල දේ වැරදි විදිහට වටහාගනියි කියලයි බය වුණේ. ගැටලුවක් නෑ, මගේ පවුලේ අත්දැකීම් ආශ්‍රිත විහිලුවක් පමණයි අන්තර්ගත.
      .

      Delete
    15. @මෙන්ඩියා.. ඔය ආතර් මධුවම තමයි බං.

      Delete
    16. මාධවියේ.. මං ඒක මේල් එකෙන් දැක්කා.. ටිකක් වයර් වගේ උනා මගේ අවුලක් නිසා. නැත්නම් කියපු කතාව නම් අවුලක් නෑ මචෝ..

      Delete
  7. මේ ගැන කියන්න ගියොත් දෙන්නා තරහා වෙනවා. ඒ නිසා මොකුත් ඕන නෑ..

    මහගමසේකර යුගයෙන් රට ඉස්සරහට යන්නම ඕන නෑ.. අපරාදේ මේ අන්තර්ජාල, කොම්පියුටර්, ටැබ්, අරවා මේවා ආවේ අප්පා..

    ReplyDelete
    Replies
    1. අම්මපා මේ මාතගෙ මොකක් හරි අනියම් සම්බන්දයක් තියෙනවා අර වනිතා අක්ක එක්ක.

      Delete
    2. \\මේ ගැන කියන්න ගියොත් දෙන්නා තරහා වෙනවා//

      හැක්! හැක්!! ඕක ආයෙ අපි දෙන්නට අරුමයක්යෑ... ඒ නිසා ඔන්න ඔහේ කියපන් අයියණ්ඩී...

      \\මහගමසේකර යුගයෙන් රට ඉස්සරහට යන්නම ඕන නෑ.. අපරාදේ මේ අන්තර්ජාල, කොම්පියුටර්, ටැබ්, අරවා මේවා ආවේ අප්පා..//

      නෑ..නෑ...අප්පා... මේ සිංදුවේ එන තාත්තා මහගමසේකර යුගයේ තාත්ත කෙනෙක්. ඉතින් ඔහු මේ ඒ කාලයට සාපේක්ෂව වර්තමානය දකින විදිය. කොහොම උනත් එදාට වඩා අද සමාජය අනාරක්ෂිතයිනේ ගෑණු ළමෙකුට. මොකද තාක්ශනේ දියුණු උනාට අපේ උන්ගෙ ඔලු ගෙඩි ඊට සාපේක්ෂව දියුණු උනේ නෑනේ.

      Delete
    3. @මාධවියේ..

      ඒ ගැන නම් ටිකක් හොය බලන්න වෙනව බං. එක්කො ළඟකදි කොහේ හරි ගිහින්. දකින දකින එකේ ඇදයක්නෙ පේන්නෙ!!

      Delete
  8. ඇඬෙනවා තනි ඇහැට.. ගිය සුමානේ විහාරමහා දේවිය ඉස්සරහා කෙල්ලව ගන්න ඉන්නකොට මට මේ විදියටම හිතුනා.. අද සඳුමල් ඒ ගැන ලියල.. කෙල්ලගේ අම්ම විහාරමහා දේවියෙ නොවුනත් කෙල්ලනම් දැනටම අම්මගේ කපාපු පලුව..

    කෙල්ලගේ අම්මට නොවුනත් වීල්ස් පාක් එකේ ටැග් ගැහි ගැහී ඉඳල ඉස්කෝලෙ ඇරිච්ච ගමන් හිරගේ පිටිපස්සේ පාරෙන් ගිහින් 'කොලෑන්ස් කොටු' කරපු විදිය නිකමට වගේ එදා ආයෙත් මතක් උනා.. ඒ කාලේ අපි කෙල්ලොන්ට නොයෙකුත් නම් කිව්ව.. ගෙඩිය, ගැටේ, කෑල්ල.. හැබැයි නැගලම ගිය එක තමයි 'කොලෑන්ස් එක' මේක මන් දන්න විදියට බදුල්ලට ආවේනික වෙලා තිබ්බ වචනයක්.. හිහ් හිහ්..

    අතීත මතක ගොඩයි.. සමරන්න විදියක් නෑ.. වැඩ.. වැඩ.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. //'කොලෑන්ස් එක'// මම බැලුව මොකක්ද මේ අලුත් වචනෙ කියල.

      Delete
    2. හප්පා කල්‍යාණ.. මගේ හිත අතීතෙට දුවනවා..

      පටන්ගන්නෙ පස්සර පාරෙ ඩිපෝව කිට්ටුව විජය ක්ලාස් එකෙන්, එතනින් කෙලින්ම එනවා ස්ටාර්ගේට් එක ළඟට. එතනින් පහල පාරෙන් එනව රිවර් සයිඩ් පාර ළඟට, එතනින් උඩ පාරට හැරිල ඊළඟට වැටෙන්නෙ රේස්කෝස් පීටනියෙ පටන් ගැන්මට. එතන තියෙනවා කඩයක්, චැහ් ඒකෙ නම මතක නෑ නොවෑ. ඊළඟට රේස් කෝස් එක අයිනෙ පාර දිගේ යන්නෙ වවුල් පාක් පාරට. හප්පා ඒ හරියෙ ගඳ.. අර කුණු කන්දෙ. දැන් නම් එතන ඒව ප්‍රතිචක්‍රීකරණය කරනවා. එහෙමම වෞව්ල් පාක් එක ඉස්සරහින් බදුලු පිටිය හන්දියට. එතනින් වමට හැරිල කෙලින්ම ජේ එම් සී එක ලඟින් මහියංගන පාරට. පාර පැනල පොඩි විශාක එක ළඟ අතුරු පාරෙන් වෙලේ කඩේට. එතනින් ගිහින් වෙලේ කඩේ පිටිපස්සෙ, ඒ කිව්වෙ හොස්පිටල් එක කිට්ටුව තිබ්බ කවිකාරිගේ බෝඩිමට එයාව ඇරලවල ආයෙත් අර කිව්ව පාරෙම මං තනියෙන් ආපස්සට. ආයෙත් එන්නෙ බදුලු පිටිය හන්දියට. එතනින් කෙලින්ම සිමෙට්‍රි එක ලඟට. සිමෙට්‍රි එක මැදින් සොහොන් උඩින් පැනගෙන ශෝට් කට් එක කෙලින්ම සිමෙට්‍රි එක පිටිපස්සෙ අපේ බෝඩිමට. හප්පා.. දැන් නම් මතක් කරනකොටත් කකුල් රිදෙනවා. ඒත් ඒකාලෙ..

      අදටත් බදුල්ලෙ ගියොත් බයි එකේ ඔය රූට් එකේ රවුමක් දාලමයි එන්නේ.

      Delete
    3. කම්මලේ.. අපි යනකාලෙ ඔය කොලෑන්ස් වචනෙ ගිහින් තියෙන්න ඇත්තේ. අපේ වාග් කෝශෙට එකතු උනේ නෑ ඕක.

      Delete
    4. \\\ඊළඟට වැටෙන්නෙ රේස්කෝස් පීටනියෙ පටන් ගැන්මට. එතන තියෙනවා කඩයක්, චැහ් ඒකෙ නම මතක නෑ නොවෑ\\\ තිලාන් හෝටලේ.. තිලානයා දූතෙ දි මගේ ක්ලාස් මේට්.. 'කොලෑන්ස් කොටු කරන' එක හොඳටම ජනප්‍රිය වෙලා තිබ්බෙ 88-92 වගේ කාලෙදි. (බොලා තාත්තගේ ඇටෙත් නැද්ද මංදා ඒ කාලේ.. හැක් හැක්..) ඒක නෙවෙයි මනෝශ් මේ 'කම්මල' තියෙන්නේ අපේ පැත්තෙද?

      Delete
    5. අන්න නම! ඔය තියෙන්නේ! තිලාන් හෝටලේ. මං අර වට රවුම ගිහින් එනකල් සමහර දවස් වල මගේ යාලුවෝ දෙන්න ඔතනට වෙලා ඉන්නවා. ඒ දවස් වලට ආයෙත් රිවර් සයිඩ් පාරෙන් තුන් දෙනාම යනව බෝඩිමට.

      තාත්තගෙනම් තිබුනා.. ඒත් ඔය කියන කාලෙනම් මං ගන්ධබ්බ අවධියේ!! හැක්!!

      කම්මලේ අපේ පැත්තෙද කියලනම් මාත් හරියටම දන්නෙ නෑ. අහල බලමු.

      @කම්මලේ..
      එතිහාසික බදුලු පුරවරයේ වත්දෝ...

      Delete
    6. නෑ බන්ස්ල මම , ගම්පහ . බදුල්ල පැත්තෙ නිතර ආව කාලයක් තිබ්බ. මම බදුල්ල හරහා ලුණුගල යනව තේ වතු වලට .
      දැන් ඉදල හිටලා තමයි එන්නෙ. උඩුවර,රොසෙට් ,හොප්ටන් ,ශෝලන්ඩ් , දමේරියා ,අඩාවත්ත ඕව වල ඉදන් ගල්ම තමයි බිවුවෙ.

      Delete
    7. හොප්ටන් වල මගේ යාලුවෙක් ඉන්නවා. මං දවස් දෙකතුනක් ගිහින් හිටියා. ශහ්!මාර ලස්සන පලාත. පීස්ස්, බේසම, අඩි හැට එහෙම දන්නව ඇති කම්මලත් එහෙනම්.

      Delete
    8. හොප්ටන්, ගිය අවුරුද්දෙ හිටියෙ තාරක කියල මගේ යාලුවෙක් ( manager ). යාළුවා දන්නව ඇති. බේසමට යන්න කියල හිටියට කවදාවත් යන්න උනේ නෑ . ශෝලන්ඩ් බංගලාව තමයි පට්ට තැනක තියෙන්නෙ, ඒ වගේම ලස්සනයි. හැබැයි උස වාහනයකට විතරයි යන්න පුළුවන්.

      Delete
    9. අරූ උදාර.. එහෙම තද පොරක් නම් නෙවෙයි. මගෙ වයසෙම එකෙක්. බේසමත් මරු. එක දිගට පහලට පහලට බේසම් වගේ ජල පොකුණු. සමහර තැන් නාන්න සුපිරියි. ඒත් සීතල තමයි දරාගන්න බැරි.

      ශෝලන්ඩ් බන්ග්ලෝ එක අහල තිබුනට යන්න අවස්ථාවක් ලැබිල නෑ.

      Delete
    10. 26 / 27 /28 මම ශෝලන්ඩ් බන්ග්ලෝ එකේ. මේ පාර බේසමේ නාන්න යන්න ඕනෙ.

      Delete
    11. අම්මට සිරි මරුනේ.. එහෙනම් බේසමෙන් නාල බලන්නකො. ඔය කිට්ටුව තියෙන පුංචි ලෝකාන්තෙට එහෙම ගියේ නැත්ද?

      Delete
    12. මෙන්නෝ බේසම ගැන ලියලා තියනවා .(තවත් ගොඩක් තැන් ගැන තියන හොඳ බ්ලොග් එකක් )
      http://inforinsrilanka.blogspot.com/2013/08/blog-post_19.html

      Delete
    13. ඔත්තුවට උඹට බොහොම ස්තූතියි මචෝ... මගේ බලාපොරොත්තුවක් තියෙනවා ඌව පළාතේ සුප්‍රකට, අප්‍රකට හැම සංචාරක ස්ථානයකටම යන්න. ඒකට තොරතුරු ගොඩක් තිබුනා මේ බ්ලොග් එකේ.

      Delete
  9. මේ විදිහට මේ ගීය අහන්න ලැබුනේ අද. මේ විදිහට ගීත අහන්න ලැබෙන එකත් වටිනවා. මාත් ඉදලා හිටලා ගීත ගැන ලිව්වට මෙහෙම ලියන්ඩ මට නං බෑ.
    මම රස විඳිනවා විතරයි !

    ReplyDelete
    Replies
    1. රසවින්දනම් ලොකු දෙයක් මචෝ... ඕව ඉතින් ඔහොම තමයි, උඹේ ඉට්ටැයි එකෙන් ලියාගන්න මං කොච්චර ආස උනත් මට එහෙම බෑනේ.

      Delete
  10. මේ ගීතයෙ පද ටිකට මං මාර ආසයි..

    මටනං ඉතිං තව කල් තියේ ඔහොම අත්දැකීමක් ලබන්ට.. :D

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම තමයි බං. තව කල්පයක්වත් යයි.

      Delete
  11. දවසක් කෙල්ලෙක්ගෙන් කැමත්ත ගන්න ගිහින් හෝල්ට් එකට එනකම් පස්සෙන් ගියා.ඒකි පාරේ ඒ පැත්තට පනින කොට මමත් ඒ පැත්තට පනිනව.මේ පැත්තට එනකොට මේ පැත්තට එනවා.අවුල වුනේ අපේ අම්මයි තාත්තයි කොහේද ගිහින් එනගමන් මාව ගන්න ඉස්කෝලෙ ගාවට ඇවිත් ඒ දිහා බලාගන ඉන්නව.දැක්කත් දැක්කේ නෑ වගේ මම ඒකිගේ පස්සෙන් හෝල්ට් එකට ගියා.අම්මලත් ගෙදර ගිහින් මට කලින්.අම්මානම් හිනාවුනා.තාත්තනම් කට පුරෝල කිවුවා තොට තොගේ සයිස් එකට හරියන කෙල්ලෙක් හිටියෙම නැද්ද හරකො කියල.විලි ලැජ්ජාවේ සන්තෝසෙ බැරුව ගියා.
    ලියල තියන එක ගැන අදහස් කියන්න තව කල් තියනව.ඊට වඩා අද තියන කමෙන්ට් රහයි වගේ මටනම්.අවුරුදු 10 ගිහිනුත් තාමත් සෙට් වෙන වෙලාවල්දි වමාරන්නෙ ඔය කාලේ ගැනම තමා......
    ජය වේවා.......

    ReplyDelete
    Replies
    1. ඒ අතින් කටුසුගේ අම්මයි තාත්තයි නියමයිනේ. අන්න එහෙම තමයි ඉන්න ඕනි. "මල් පිපිලා එදා වගේම බලන්න මැණිකේ.."

      ඒ දවස් වල අපේ අම්ම කවිකාරිව පුදුම විදියට වර්ණනා කරන්නෙ. මගේ යටි හිත අම්ම දන්නවයෑ.. මට ඉතින් ෆුල් ආතල්.

      ජීවිතේ අමතක කරන්නෙ කොහොමද කටුසු. අවුරුදු 13ක් කියන්නෙ පොඩි කාලයක්යෑ. ඔය අවුරුදු 13ම මට එක දිගට ආවර්ජනය කරන්න පුලුවන්.

      Delete
    2. මම 11 වසරේදි 13 වසරේ අක්කා කෙනෙක් එක්ක යාලුවෙලා හිටියා ස්කුල් බස් එකේ අපිට කිව්වේ සම්මතයේ ප්‍රේමය.

      Delete
    3. සම්මතයේ ප්‍රේමය!! මරු මරු.

      Delete
    4. ගමේ ස්කොලේ සුදු නෙළුම් මල
      ඇවිත් නැහැ පන්තිය පාලුවෙයි අද
      හිතේ දුක කියන්න බැරිව ඇස් දෙක
      කවි කළා අකුරු පෙමින් හසුනක ..

      ගායනය - බස් අජිත්

      Delete
    5. බස් අජියගෙ ගොඩක් සිංදු වලට මං කැමති නෑ. ඒත් කිහිපයක් තියෙනවා මෙන්න මේ වගේ හොඳ පද රචනා. ඒවනම් මං විඳිනවා.

      Delete
    6. මුගේ සින්දු ඇහුවාම කවලම් ගල් අරක්කු බිව්වා වාගේ .ඕ යේස් ...
      අදින ඇදිල්ලට පව් කියලා හිතෙනවා බන් .හතිය හැදිලා වාගේ .

      Delete
    7. අම්මප බං උගේ ඇදිල්ල තමයි උගේ සිංදු වල ඇඬිල්ල. මොකෙක් හරි කියයිද දන්නෙ නෑ ඇයි එහෙනම් අමරදේවත් අදින්නේ කියලා.

      Delete
  12. කතාව හරිම ලස්සනට ලියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබට..

      Delete
  13. ඔතන තියෙන්නෙත් පරම්පරා දෙකක වෙනසම තමයි බං....

    ReplyDelete
    Replies
    1. අනිවාරෙන්ම. ඔය පරතරය එන්න එන්න වැඩි වෙනව මිසක් අඩුවෙන්නෙනම් නෑ. ඒත් කරුමෙ කියන්නේ සමාජෙ ලස්සන මිනිස්සුත් එන්න එන්න අඩුවෙන එකයි.

      Delete
  14. මේ ගීතය මම කලින් අහලා තිබුනේ නෑ.. මුලින්ම ස්තූතියි ඒකට

    මේක කියවද්දී මට මතක් වුනේ අපේ තාත්තව. මාත් දුවෙක් නිසා තාත්තත් මෙහෙම බලාගෙන ඉන්න ඇති නේද කියලා හිතුනා.

    කිව්වත් වගේ අද කාලේ නම් ගෑනු ළමයින්ට තියෙන බලපෑම් ඉස්සරට වඩා හුඟක් වැඩියි.

    ReplyDelete
    Replies
    1. ඔව් තුෂානි, ඔයා කවදාහරි මවක් උනාම මේ හැඟීම තවත් තීව්‍රව දැනෙයි. බොහොම ස්තූතියි ඔබට.

      Delete
  15. අදමයි සින්දුව ඇහුවේ. ස්තුති මනොෂ්ටයි, ඇනෝටයි මේ සින්දුව රස විදින්නන අවස්තාව උදා කලාට.
    මටත් හිතෙනවා මනෝෂ් මේ සටහන ලියල තියෙන්නේ හදිස්සියෙන්, හදිස්සියෙන් වගේ කියලා.

    ReplyDelete
    Replies
    1. අලුතින් ගීයක් ඔබේ ගී පොතට එකතු උන එක මට ලොකු සතුටක්. ඇත්තෙන්ම මේක ගොඩක් හදිසියෙන් ලිව්වේ.

      Delete
  16. ඔය ඉස්කෝලේ ගේට්ටුව ගාව පරණ මතක ගැන මුලින්ම තියෙන වාක්‍ය ටික කියෝගෙන යනකොට එක පාර මතකෙට එන්නේ අපේ ඉස්කෝලේ ගේට්ටුව ගාව අපි පොරකකා හිටපු හැටි. දැන් කොන්ක්‍රීට් වලින් වහගෙන හිටියට මොකද ඉස්සර ඔය ඉස්කෝලේ ගේට්ටුව ගාව හොඳට ගස් කොළන් තිබ්බ. ඒ ගේට්ටුව ගාව පැය ගානක් හිටගෙන හිටිය වුනත් මහන්ස්සි දැනුනේ නැහැ. කඩල කාරයෝ, අච්චාරු විකුණන එවුන් , අර "ගල් ඉස්ටිකර්"විකුණන එවුන් වගේ ය ගේට්ටුව ගාව වරදින්නේ නැහැ. දැන් ඉතින් "සංවර්ධනය " වෙලානේ. දැන් ඉතින් ඉස්කෝලේ ගේට්ටුව ගාවම වගේ KFC එකක් තියෙනවා. ඊට ටිකක් එහාට වෙන්න CHOYCE එකක් තියෙනවා. දැන් ඉන්න ළමයි ඉස්කෝලේ ඉවරවෙලා පදිංචි වෙන්නේ ඔන්න ඕවල තමයි.

    ------

    ඔහොම අතමයි මනොෂ්. අපේ පරම්පරාව සහ දැන් පරම්පරාව හැමතිස්සෙම වෙනස්. ඒ වගේම තමයි අපේ අම්මල තාත්තලාගේ පරම්පරාවයි අපේ පරම්පරාවයි අතරත් ඔයට සමානුරූප වෙනස් කම් තියෙනවා.

    ------

    කොහම හරි පරණ මතක ටික ආපහු ඇවිස්සුනා.

    සටහන නම් අති විශිෂ්ටයි. එත් ටිකක් කෙටියි වගේ.

    ----

    ජය වේවා...ආපහු එන්නම් ....

    ReplyDelete
    Replies
    1. විභීෂණට කියන්න විභීෂණ, අපේ පාසැල් කාලෙ ඇවිල්ලා ඔය වෙරලු අච්චාරු සහ දැන් කේඑෆ්සී අතර මැද යුගය. ඒ නිසා අපිට ඔය එකක්වත් හරියට විඳින්න ලැබිල නෑ. ඒත් අපිත් වැට අස්සෙන් අත දාල එහා පැත්තෙ ඉන්න ආච්චිගෙන් නෙල්ලි, රටකජු, වඩේ එහෙම අරන් තියෙනවා. ආයෙ අයිස් පැකට්. පලම් එහෙම. ඒත් ඒ අපේ පාසල් කාලෙන් බොහෝම සුලු කාලයයි. කොටින්ම මං පහේ පන්තියට එනකොට ඒ යුගය ඉවර වෙලා. කොහොම උනත් මං විශ්වාස කරන දේ තමයි, මේ කේ එෆ් සී යුගයට වඩා එදා ළමයි ජීවිතේ වින්ද. අද එහෙම විඳීමක් මං දකින්නෙ නෑ. විඳීමක් වෙනුවට දැන් ළමයි කරන්නෙ පොෂ් වෙන්න දඟලන එක. අනෙකාට වඩා තමා කැපී පෙනෙන්නට නොනවතින අරගලයක නියැලෙන එක. ජීවිත කෘත්‍රීම වෙලා. සමහර විට මට එහෙම හිතෙන්නෙ මං පුද්ගලිකව ඒ යුගය විඳින්නෙකු වීම නිසා වෙන්න ඇති. දැන් ළමයි ඒ යුගයට හිනා වෙලා ඒ මොනවද ඒ මේවනේ ජීවිත කියල මේ යුගය විඳිනවා ඇති. සේරටම බලපාන්නෙ අපේ දෘෂ්ඨිය වෙන්න ඇති. නමුත් පැත්තක් නොගෙන මැදහත්ව බලන මාතලන් වැනි අය මේ යුග දෙකම විඳින්නේ ඒ නිසා වෙන්න ඇති.(කියනවා වගේම ඔහු එහෙම කරනවා කියා මම සිතමි.) ඇත්තෙන්ම එහෙම පුලුවන්නම් හොඳයි. මාතලනුත් මෙතනට එකතු උනානම් හොඳයි. නමුත් මං හැමදාමත් හිතන්නේ, ඇත්තටම ජීවිතේ වින්දෙ අතීතය.

      Delete
    2. අපිට නම් කැන්ටින් එකෙන් කන්න සල්ලි ඕනෑ නැ .වේල්ල උඩට ගිහින් එකෙක් ගලක් දානවා කැන්ටිමේ වහලට .කැන්ටිමේ අය්යා ජාතිය අමතගෙන එලියට එනවා .ඉතින් ඊට පස්සේ ........

      Delete
    3. අපේ කැන්ටිමේ හිටියෙ අන්කල් කෙනෙකුයි ඇන්ටි කෙනෙකුයි, ඒ අන්කල් නම් මේ ළඟදි නැතිවුනා. අනේ අපේ එවුන් කොච්චරනම් පොලු තියල ඇත්ද.

      Delete
    4. //අපේ පාසැල් කාලෙ ඇවිල්ලා ඔය වෙරලු අච්චාරු සහ දැන් කේඑෆ්සී අතර මැද යුගය. ඒ නිසා අපිට ඔය එකක්වත් හරියට විඳින්න ලැබිල නෑ.//

      සහතික ඇත්ත බන්.

      Delete
    5. උඹත් ඒ යුගයේද මචං? අපිනම් පුදුම කරුමක්කාරයෝ නේද බං.

      Delete
  17. අද තියෙන්නෙ රේස් දිවිල්ලක්. පොඩි උන් විතරක් නෙමෙයි තරුණ කොල්ලො කෙල්ලොත් ඒ තරඟෙට හිරවෙලා. රෝද හතරයි, පුටුවෙ කකුල් හතරයි, ඇඳේ කකුල් හතරයි උඩ දුවන්නෙ ජීවිත. අපි අපේ ලමයි වැස්සට අවුවට දාන්නෙ නෑ. අනාගත පරපුර ලෙඩ්ඩු වෙනවා. ඒත් අපි මේවයෙ විප්ලව කරන්න ගියොත් අපේ දරුවො කොන් වෙනවා. උඹලා මෙහෙම අතීත කාමය ආපසු ඇද්දට කවද හරි දරුවෙක් මල්ලෙක් ඉන්න දවසට උඹත් අපේ බෝට්ටුවෙම තමයි. මම උඹේ නිර්මාණයේ වරදක් කියනවා නෙමෙයි. මේවා අකුරු වලට විතරක් සීමාකරන්න අපි හැමෝටම සිද්ද වෙනවා කියන එක.

    ReplyDelete
    Replies
    1. ඒක මේ සිස්ටම් එක ඇතුලෙ තියෙන වැරැද්ද. ඒ නිසා තර්කයක් නැතුවම මං උඹේ මතය සමඟ එකඟ වෙනවා. මේ සිස්ටම් එක මේ විදියටම තියෙන කල් මට විතරක් නෙවෙයි, කාට උනත් මේ රාමුවට කොටුවෙන්න වෙනවා. අපේ රටේ අතීතයේ තිබුන නිදහස, දියුණු බටහිර රටවල වර්ථමානයෙත් තියෙන නිදහස අපිට මහ හුඟක් ඈතයි.

      Delete
  18. මනෝෂ්............. අැත්ත ම කියන්න ඔ්නේ........ අදයි මේ සින්දුව ගැන දැනගත්තේ............ මොනවා වුණත් අලුත් දෙයක් ඔබෙන් ඉගෙනගන්න ලැබුණ ඒකට සතුටුයි... ඉතින් මනෝෂ්............... මේ දවස්වල ජීවිතය කොහොමද??????

    ReplyDelete
    Replies
    1. අලුත් ගීයක් ඔබේ ගී පොතට එකතු උනානම් මට ඒක මහත් සතුටක් ගී පවුරේ...

      ජීවිතේ ඉතින් ගලාගෙන යනවා. වරදක් නෑ.

      Delete
  19. අපූරුයි මනෝ හෘදයාංගම සටහනක්

    මගෙ දුවේ නුඹ අවදියෙන්නං කියල සිංදුවකුත් තියේ නේද

    උඹ බැදල එහෙම නෑනෙ නේහ්

    අපූරුයි මචෝ පට්ටයි කියන්නෙ හොදම එක
    ජයෙන් ජයම වේවා
    (පරක්කු වුණාට සොරි ඈ)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මචෝ උඹේ සංවේදී කමෙන්ටුවට.

      රත්න්ශ්‍රී ඒ සිංදුව ලියල තියෙන්නෙත් තමන්ගෙම දුවට තමයි මහී..

      තාම හිතලවත් නෑ බං. සේම් බෝට් තමයි.

      Delete
  20. Replies
    1. හම්මේ... කොහැයි ගිහින් උන්නේ??

      Delete
    2. යකෝ ............ මූට තියෙන නම් ගොඩ............... විදානේ............ විදානපතිරණ............ අනේ මන්දා

      Delete
    3. දැන් මූ නම් ක්මාරුකරනව විතරයි. කම්මැලිය මොකුත් ලියන්නෙ නෑ. අර ලියල බාගෙට අතෑරලදාල තියෙන එකේ ඉතිරිටික මංවත් ලියනවා එක්කො වෙලාවක!!

      Delete
  21. මනෝෂ්................

    මොකද සද්ද නැත්තේ............... වැඩ ද????

    කමක් නැහැ.. අලුත් අවුරුද්දේ අපේ කට්ටිය ටික අමතක වුණාත්ද???

    කොහොම වුණත් සුභම සුභ නව වසරක් වේවා කියලා කුගැගීප හැමෝම ඔබට හද පතුලෙන්ම සුභ පැතුවා හිටං...........

    ReplyDelete
    Replies
    1. අනේ නෑ ගී පවුරේ... මොහොතකටවත් අමතක උනේ නෑ. පහුගිය ටිකේ ඇඟට දැනෙන හොඳ නිවාඩුවක් ගත්තා. ඒකයි. ළඟදිම ආයෙත් ප්‍රකෘති තත්වයට පත්වෙනවා.

      ඉතින් කුරුටු ගෑ ගී පවුරේ දයාබර සහෘද කැලටත් සුබම සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා.

      Delete
  22. මනොෂ් ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
    මොකද පේන්න නැත්තේ?

    ReplyDelete
    Replies
    1. මනා..ඔබටත් සුබම සුබ නව වසරක් වේවා.. පහුගිය දොහේ පොඩි නිවාඩුවක් ගත්තා, ඒකයි..

      Delete
  23. හොඳ ගැලපීමක් .... සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕන...

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තූතියි.... ඔබටත් සුබ නව වසරක්ම වේවා!!

      Delete
  24. ඔක්කොමත් හරි සින්දුව අහන්න හැදුවට ලින්ක් එක වැඩ කරන්නෙ නැහැ නේ

    ReplyDelete