"මගේ දුකට නුඹ නාඩන් පාන් කිරිත්තෝ..."
සරසවිය හා බැඳුණු ගී නිර්මාණ රාශියක් අප සතු ව පවතී. ඒ අතරින් ඇතැම් නිර්මාණ අමරණීය නිර්මාණ බවට පත්වී තිබේ. ඒ අතරින් කලාතුරකින් ශ්‍රවණය වන අපූරු නිර්මාණයක් මෙහි දී සමීප කර ගනිමි. පාසල් ශිෂ්‍යයකු ලෙස සිටින අවදියේ මේ ගීතය ශ්‍රවණය කරද්දී මා තුළ පාළු ශෝකී හැඟීමක් ඇතිවුණා මට මතක ය. ඒ හැඟීම වචනයකින් විස්තර කිරීම අසීරු ය.
පසු කාලයේ දී "හන්තානට පායන හද" නැමැති ගීතය මා විසින් රචනා කිරීමට පොලඹවන්නේ මේ ගීතය තුළින් විඳි චමත්කාරයයි. තම පෙම්වතියට සරසවි වරම් හිමිවීම සතුටට කරුණකි. එහෙත් මේ පෙම්වතා ගේ සිත ඒ සතුටු විය යුතු අවස්ථාවේ තිගැස්සෙයි.
"නවාතැනින් ඇය යනවා
වරම් ලබා සරසවියට
මගේ දුකට නුඹ නාඩන්"
"පාන් කිරිත්තෝ"
ලාංකීක ගැමි විඥානය තුළ පාන් කිරිත්තා ගේ හඬ අසුබ නිමිත්තක් බවට පත්වෙයි. මේ පෙම්වතා සිතන්නේ පාන් කිරිත්තා හඬන්නේ තමාගේ දුකට බවයි. එහෙත් පාන් කිරිත්තාගේ හැඬීමෙන් ප්‍රයෝජනයක් නොමැත. ඔහුගේ යටි සිත ඔහුට පවසන්නේ තම පෙම්වතිය හෙට දවසේ දී තමාට අහිමි වන බවයි. පාරිසරික සංකේත භාවිත කිරීමේ දී සුනිල් සරත් පෙරේරා දක්වන ප්‍රතිභාව විශිෂ්ට ය.
ආදරය සමඟ ආත්මාර්ථය බැඳී පවතී. එය ස්වාභාවික ය. සරසවිය පිළිබඳ මේ තරුණයා තුළ චිත්‍රයක් පවතී. ඒ චිත්‍රය ඉතා ම අපූර්වත්වයකින් රචකයා ඉදිරිපත් කරයි. ගීතය තුළ භාෂාව සුභාවිත ලෙස යොදා ගත හැකි ආකාරය සඳහා සුනිල් සරත් පෙරේරා ගේ මේ ප්රකාශනය කදිම නිදසුනකි.
"භද්‍ර යොවුන් විය සපැමිණ
සක්මන් මළුවල පෙම් බැඳ
සිනා කවට බස් පවසති
කුමර කුමරියන්"
සරසවි බිම තුළ කෙළි කවට සිනා නංවමින් එහා මෙහා යන මානවක මානවිකාවන් මෙහිදී රසිකයාගේ මනසේ චිත්රණය වෙයි. "භද්‍ර යොවුන් විය", "සක්මන් මළු" ආදි සම්භාව්‍ය යෙදුම් ස්ථානෝචිත ලෙස රචකයා භාවිතා කරයි. ඇය ද හෙට දවසේ එක්වන්නේ මෙබඳු පරිසරයකටයි. මේ පරිසරය ප්‍රේමයට තෝතැන්නකි.
එබඳු පරිසරයක දී ඇයට ද ප්‍රේමණීය ආරාධනා ලැබෙනු ඇත. සරසවියට පා තබන්නට වරම් නැති තමා පිළිබඳ මතකය ඇගෙන් ගිලිහී යාමට මේ පරිසරය හේතු වන බව ඔහුගේ යටි සිත ඔහුට කියයි.
"ඇසුර පතන දූත හසුන්
අවට මැවෙන නවක දසුන්
කුමර වියේ කුමර විකුම්
සසල කරයි සිතුම්"
මෙබඳු සැක සංකා මිනිස් සිතේ හටගැනීම ස්වභාවික ය. එය ආත්මාර්ථයේ ඵලයක් වුවද ඒ ආත්මාර්ථයෙන් අත්මිදීම අසීරු වූවකි.
ආදරය, විශ්වාසය, සියල්ල යටපත් කරගෙන මේ හැඟීම ඉස්මතු වෙයි. ඇතැම් විට ඔවුන් අතර ප්‍රේම සබඳතාවක් නොතිබුණා විය හැකිය. ඔහු ඇය ව ප්‍රාර්ථනා කළා පමණක් විය හැකි ය. එනිසාම ඇය නිතර ඇස ගැටුණු පරිසරයෙන් මිදී සරසවියේ පරිසරයට ඇතුළුවීම තරුණයාට වේදනා බර වන්නේ එබැවිනි.
"මතක විමන් කවුළු දොරින්
හිස පීරන උදෑසනින්
ඇගේ රුවට ගී ගයන්න
එපා කුරුල්ලෝ"
රචකයා යළි යළිත් ප්‍රදර්ශනය කරනුයේ භාෂාව භාවිතයේ දී තමා සතු විදග්ධ භාවයයි. මතක විමන් කවුළුවෙන් හිස පීරීම යනුවෙන් අදහස් කරන්නේ මේ තරුණයා ගේ අතීතාවර්ජනයයි. ඒ අතීතය සමඟ ඇගේ රූපය ඔහුගේ දෑසේ මවයි.
ඇගේ රුව තවත් වර්ණා කිරීමෙන් පලක් නැති බව කුරුල්ලන්ට පවසන්නේ ඔහු තුළ ඇතිවී තිබෙන පරාධීන මනෝභාවය නිසා ය.
ප්‍රේමය බොළඳ ය. ප්‍රේමය රමණීය වන්නේ ද මේ බොළඳ බව නිසා ම ය. මහා පාණ්ඩිත්‍යයෙන් පෙළෙන්නකු ගේ වුවද ඇසට කඳුළක් නැංවීමේ හැකියාව ප්‍රේමය තුළ පවතී. එය ඊර්ෂ්‍යාව, ආත්මාර්ථය සමඟ බද්ධ වීම හේතුවෙන් ප්‍රේමය නිසා ශෝකය හට ගනී. නොදියුණු මානසික තත්ත්වයන් ඇති මිනිසුන් තුළ ඒ ශෝකය ඉතා ඉක්මනින් වෛරය බවට පත්වෙයි.
එහෙත් මේ ගීයේ මුණගැසෙන තරුණයා තුළ සියුම් ආත්මාර්ථකාමී ලක්ෂණ දක්නට ලැබුණ ද ඔහු තම ආදරය දිනු තැනැත්තිය දෙස බලන්නේ වෛරී ඇසකින් නොවේ. ඔහු තම පරාජිත භාවය කලින් ම පිළිගෙන ඒ ශෝකයට සූදානම් වන බවක් හැඟෙයි.
"සිල්ප සතර දැන එන තුරු
කල්පකාල පසුවන තුරු
ඉර අවරින් පායන තුරු
සිහින දකින්නම්"
ඈ පිළිබඳ සිහිනයන්ගෙන් අත් මිදීමට ඔහු උත්සාහ නොගනී. ඇයව ඔහුට හිමිවීම ඔහු සලකන්නේ ඉර අවරින් පෑයීමක් ලෙසයි. ඔහු පරාජිත පෙම්වතකු බවට පත්වන්නේ එබැවිනි.
මේ නිර්මාණය තුළ එක් අතකින් දක්නට ලැබෙන්නේ තමා ම තමාව පීඩාවට ලක්කර ගැනීම හෙවත් ස්වපීඩන කාමයයි. මහාචාර්ය සරච්චද්රන්යන්ගේ "මළගිය ඇත්තෝ" නවකතාවෙහි "දෙවෙන්දොරා සං" ගේ චරිතය මට සිහි වෙයි.
නොරිකෝ වෙනෙකකු සමඟ විවාහ වන්නට යන බව ආරංචි වූ විට ඔහු පරාජිතයකු බවට පත්වෙයි. ජපානයේ ඇය සමඟ ඇවිද ගිය වීදි දිගේ ඔහු තනි ව ඇවිදින්නට පටන් ගනියි. අතීතය සිහිපත් කරමින් ඔහු ශෝකය මුසු වින්දනයක් ලබයි. මේ ගීයෙහි හමුවන තරුණයා ද අනාගතයේ සිදුවන දේ කෙරෙහි පූර්ව විනිශ්චයකට පැමිණ සිටින්නෙකි. ඔහු ඒ දේ කල් ඇති ව මෙනෙහි කරමින් වේදනා විඳින්නට පටන් ගනී.
මේ ගීතය පුරා යම් රූප පෙළක් ගැබ් ව පවතී. තරුණයාගේ දොරකඩ නාද කරන පාන් කිරිත්තා පවා ශ්රාවකයාට පෙනෙන්නට පටන් ගනී. රචකයා කරනු ලබන පාරිසරික වර්ණනා අනුව මැවෙන්නේ පේරාදෙණිය වැනි සුන්දර සරසවියකි. ආලයෙන් වෙලී ගිය පෙම්වතුන් තුරු වදුළු යටින් එහා මෙහා ඇවිද යන ආකාරය චිත්‍රයට නැඟෙයි.
මේ ගීතයේ සංගීතය හා ගායනය පද මාලාව සමඟ දැඩි ව බද්ධ වීම නිසා එය සුගායනයක් බවට පත් වෙයි. තමා ආදරය කරන තැනැත්තියගේ සතුට තමාට ශෝකයක් වන අයුරු එහි දී මනාව ඉස්මතු වෙයි. ගලා හැලෙන නදියක ශෝකී රාවයක් මෙන් ගායකයාගේ කටහඬ රසිකයාගේ හෘද ස්පන්දනය සමඟ සම්මිශ්ර වෙයි. ඒ සමඟ ම හදවතේ උපන් ආදරය දිග්විජය කරගැනීමට නොහැකි ව ළතැවෙන තරුණයකු ගේ මලානික මුහුණ එක්වර ම මතු වී නොපෙනී යයි.
(Nawathanin Eya Yanawa - Sanath Nandasiri)
(ගීත විචාරය ධම්මික බංඩාර මහතා විසිනි. ඡායාරූපය අන්තර්ජාලයෙනි.)
***************************************************************************
ගියවර මා ඔබ වෙත ගෙන ආ මාගේ පළමු ස්වයං ගීත විචාරයට පසු අද දින මා මේ ඔබ වෙත ගෙන ආවේ සුපුරුදු පරිදි ධම්මික බංඩාරයන්ගේ ගීත විචාරයකි. එමෙන්ම අද මා ගෙන ආ ලිපියෙහි මා හට තරමක විශේෂත්වයක්ද පවතී.
එනම් මේ මාගේ 50වෙනි පෝස්ට්ටුවයි.
හැකි සෑම අවස්ථාවකම මින් ඉදිරියට මවිසින්ම විචාරය කරන ලද ගීත විචාර ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තුවෙමි. නමුත් ස්වයං ගීත විචාරයක් ගෙන ඒම ඊට ආධුනිකයකු ලෙස ඉතාම වෙහෙසකර කටයුත්තකි. ඊට තරමක කාලයක්ද ගතවේ. එනිසා මගේ නිර්මාණයක් නිමකර ඔබවෙත ගෙන ඒම සඳහා ගතවන කාලය අතරතුර වෙනදා මෙන්ම ධම්මික බංඩාරයන්ගේ විචාරයන් ඔබට රස විඳිය හැකිවනු ඇත.
සනත් නන්දසිරි නම් අසහාය ගායකයාණන්ගේ මුල් කාලයේ ගීතයක් වන මෙම ගීතය ශ්‍රවණය කිරීමේදී මේ ඔහුගේම හඬ දැයි සැක සිතෙන තරමට ඔහුගේ යොවුන් හඬ ගීතය පුරා ගලා යන්නේ ගායනයට ඔහුගේ වූ කෝඩුකාරබවද අපට සිහිගන්වමිනි. කෙසේ වුවද ඔහුගේ සෑම ගීතයක් මෙන්ම රසයෙන් අනූන වූ මෙම ගීතයද සමාජය තුල බහුතරයක් රසිකයන්ගේ සැබෑ ජීවන අත්දැකීමක් බවද නොකියාම බැරිය.
සෙනෙහස පිළිබඳ කෝඩුකාර හැඟීම මෝදු වූ බාල සංදියේ සිටම අප කොතෙකුත්නම් මෙවැනි සංවේදී අත්දැකීම වලට මුහුණ දී ඇත්ද. ඔබ කුඩාකල පාසලේදී ඔබ සිත් ගත් පුංචි දැරිවිය ශිෂ්‍යත්වය සමත්වී වෙනත් පාසලකට යනවිට, නැතිනම් සාමාන්‍ය පෙළ දක්වා ඔබේ නෙත්මානයේ සිටි සිතැත්තිය උසස් පෙළ සඳහා තවත් පාසලකට යනවිට ඔබ මෙම අත්දැකීම විඳ ඇතුවාට සැක නැත. එසේත් නැතිනම් ගීතයේ ආකාරයටම ඔබේ පෙම්වතිය සරසවි වරම් ලැබූ දා ඔබ මීට මුහුණ දෙන්නට ඇත. ගීතයේ ලෙසින්ම ඔබ ඇයට සුබපැතුවේ හදවතින්මද? ඔබ ඇයට යන්න ඇරියේ හදවතින්මද? ඔබේම හදවතට තට්ටුකර පිළිතුරක් දෙන්න. ඔබයි ඔබේ පෙම්වතියයි සරසවි දෙකකට තේරුණ අවස්ථාවේ? නැත්නම් වෙනත් මොනයම්ම හෝ උසස් අධ්‍යාපන ආයතන දෙකකට තේරුණු අවස්ථාවේ ඔබ මෙය විඳින්නට ඇත.
මෙම අත්දැකීම මෙතකින් නිමා නොවේ. ජීවන මංතලාව තුල විවිධ අවස්ථාවල ඔබ මීට මුහුණ පාන්නට ඇත. සේවා ස්ථානයේ ඔබේ සිත්ගත් යුවතිය ස්ථාන මාරුවක් ලැබූ විට, නැත්නම් ඔබේ අසල්වාසී හිතවතිය වෙනත් ඉසව්වකට පදිංචියට යනවිට, ඔබේ දෑසට කඳුලු නැගෙන්නැති.
එසේනම් ප්‍රිය රසික රසිකාවියනි, මේ මොහොත ඒ කඳුලු වචන වලට පෙරලීමට අවස්ථාවයි. අපි බෙදා ගමු ඒ සංවේදී රසබර මතකයන්. අවුස්සාලමු යටගියාවූ ඒ සුමිහිරි අතීතය..
සුපිරියි සහෝදරයා..... බොහොම ආසාවෙන් කියවපු ලිපියක්
ReplyDelete- නලින්
බොහෝම ස්තූතියි නලීන් අයියා.. ඉතාම සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට..
Deleteබොහොම ස්තූතියි යාලුවා !!!
ReplyDeleteනලින් කිව්ව වගේම මමත් බොහොම ආසාවෙන් කියෙව්වා..ලියාගෙන යං !!!! ආස කරන විෂයක් මචං.. සුභ පතනවා.
පත්තරේටත් ගොඩාක්ම ස්තූතියි.. දිගටම එන්න මේ පැත්තට. ඉතාම සාදරයෙන් පිළිගන්නවා ඔබවත්..
Deleteමනොෂ් මං අදමයි ආවේ ඔයාගේ බ්ලොග් එකට. ඔයාගේ මගහැරුණු ලිපිත් ගොඩක් තියෙනවා කියවන්න්,.මේ ලිපිය මන් ගොඩක් කැමැත්තෙන් කියෙවුවා, වටිනවා , ස්තුති
ReplyDeleteබොහෝම ස්තූතියි අපූර්වි මේ පැත්තට ආවටත්, අදහසක් එකතුකලාටත්. ඉතාම සාදරයෙන් පිළිගන්නව ඔයාවත්. ඉඩ ලැබෙන විවේක වෙලාවල ඇවිත් කියවන්නකො මඟහැරුන ලිපි.
Deleteඅප්පේ.... වෙනද වගේම වටින විචාරයක්... දන්නවනෙ මං මේවට බෝම මනාපයි කියල... කලිං පෝස්ටුව කියවන්න බැරි වුණ හිංද ඒකත් දැංම කියවනව.. බලමුකො මනෝගෙ විචාර කෝ්මද කියල..
ReplyDeleteමං කියලම යංඤංකො
ඒක නෙමේ අර රෝස පාට මල් තියෙන්නෙ රොබෝරෝසිය නේුද...
ඒ ජපුරෙද...???
ස්තූතිය්..ස්තූතියි මහී.. එහෙනම් ඒ විචාරෙත් කියවල බලන්නකො.
Deleteනෙට් එකෙන් පිංතූර ටික ගත්තෙ මචං. ඔය පේරාදෙණි කැම්පස් එකේ.
එල පොස්ටු 50 ලියපු එකේ දැන් දිගටම ඔබේ රසවිදිම් එනවා නම් හොද බව මගේ අදහසයි
ReplyDeleteජයවේවා!!!!!!!!!!!
පුලුවන් සහෝ.. ගියපාර ලියපු මගේ විචාරෙ ගොඩක් සාර්ථක උනානෙ. ඒත් එහෙමනම් මට පෝස්ටුවක් ගේන්න වෙන්නෙ සතියකට වතාවක් විතර. ඉතින් මං කල්පනා කලේ ඒ කාලෙ අතර එන විරාමයේදී පුරුදු විදියට ධම්මික මහතාගෙ විචාරත් දිගටම ගේන්නයි.
Deleteසතියකට එකක් මුල් කාලේ උනත් දිගටම ලියනකොට වෙනස් වෙයි පොඩ්ඩක් උත්සහ කරලා බලන්ඩ ,ඔබ ලියපු එක සාර්ථක උනා ,එක තමා ලියන්න කියන්නෙ
Deleteඅනිවාරෙන්ම සහෝ.. දැන්නම් ඉතින් ලියනෙක ලියනවා. අර මුල්ම කාලෙ නිසා ටිකක් අමාරුයි. ඒකයි. කොහොම උනත් උඹලට එපාවෙනකල් මං ලියනවා.
Deleteඋඹලගෙ හයිය මට ලොකු ශක්තියක් බං.
//උඹලට එපාවෙනකල් මං ලියනවා.// හීනෙන් තමයි. අපිට එපා වෙන්නෑ බොල.
Deleteමං ඒක දන්නව මචං..
Deleteඕ යේස් ප්‍රියා .. අපි බලනවා .ලියපං !!
Deleteඕ.කේ. මචෝ...
Deleteබ්ලොග් අවකාශයේ අපට සාහිත්‍යමය රස වින්දනයක් ලබාගැනීමය ඉඩ ප්‍රස්ථාව සකස් කර තිබීම ගැන ඔබට ස්තූතිවන්ත වේනවා සහෝදරයා.
ReplyDeleteඇත්තටම ගොඩක්ම ස්තූතියි මචං. මගේ බ්ලොග් එකෙන් එවැනි සේවාවක් වෙනවනම් ඒක මගේ පරම සතුට තමයි මචං. ඒකයි මේ පුංචි උත්සාහෙ ප්‍රධානතම අරමුණ.
Deleteමාත් ඔන්න බ්ලොග් වල දැන් ඇවිදිනව..බොරු කියන්න ඕනයැ.ලිපිය නම් කියෙව්වෙ නෑ.ආදර කතා ගී වලට ආසාවක් නැති නිසයි.ලිපිය ලස්සනට ලියල බව පෙනුන.
ReplyDeleteඅදහසක් එකතුකලාටත්, මේ පැත්තට ආවටත් ස්තූතියි ඔබටත්. ඉතාම සාදරයෙන් පිළිගන්නවා. ආදර කතා, සහ ගීත පමණයිද ප්‍රතික්ශේප කරන්නෙ? නැත්නම් කිසිදු ආකාරයක ගීයක් අහන්නැතිද?
Deleteකොහොම උනත් දිගටම බ්ලොග් අවකාශයේ රැඳී ඉන්න.
මේකත් වැඩිය අහලා නැති ගීතයක් බං. කොහොම උනත් ලස්සනයි පද ටික.
ReplyDeleteඋඹේ පනහට බොක්කෙන්ම සුබ පැතුම්.
බලං යද්දි අපේ සෙට් එක ගොඩක් සිංදු අහල නෑ වගේ.
Deleteසුබ පැතුමට ස්තූතියි මචෝ..
හරිම අගෙයි, ඇගේ ඇති සින්දුවක්, කලින් අහලා නෑ, එත් මේක කියෙව්වට පස්සේ අහන්න හිතුනා. 50 ට ජය වේවා
ReplyDeleteපෝස්ට්ටුව නිසා නම් ඉස් ඉස්සෙල්ලාම ගීතය ඇහුවෙ පට්ට සතුටුයි මචං.
Deleteඒ වගේම ගොඩක්ම ස්තූතියි සුබපැතුමටත්.
පනස්වෙනි පෝස්ටුවට සුභ පැතුම් මනෝ..
ReplyDeleteලස්සන ගීතයක්..
ආසාවෙන් කියෙව්වා..
ජය වේවා..!
බොහෝම ස්තූතියි සංචාරකයෝ..
Delete50 ට ජය තව 5000ක් ගැන හිතමු...
ReplyDeleteගීය අදමයි දැක්කේ... හොයාගන්න ඔ්න අහන්න..
ජය වේවා!!!!
ආහ්.. 5000ක්..!!! ඔලුවත් කැරකෙනව වගේ.. ගොඩක්ම ස්තූතියි මචං.
Deleteහොයන්න කරදර වෙන්නෙපා බං. ඔය දාල තියෙන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගනින්.
පළමුවෙන් ම ටිකක් පරක්කුවෙලා හරි ඔබගේ 50 වැනි පෝස්ටුවට අපෙන් සුභ පැතුම්. අදත් ධම්මික බණ්ඩාරයන්ගේ හරිම අගනා විචාරයක් කියන්න ලැබුණා. බොහොම අගෙයි මනෝෂ්.......................
ReplyDeleteඉතින් විශ්ව විද්‍යාල සමග ගැන මතකය ආයෙම අලුත් වුණා. ඒක කියන්න බැරි තරම් අමුතු ම හැගීමක් මනෝෂ්. විශේෂයෙන් ම විශ්ව විද්‍යාල ආදරය කියන දේ නම් කියලා වැඩක් නෑ මනෝෂ්. කිසිම වගකීමක් නැති නිදහස් කාලයක කවුරුත් හොයන්නේ බලන්නේ නැති ව නිදහසේ තනියම ඉන්න සමයක ආදරයක් ජීවිතේට ලැබුණාම අපි ඒක මුළුමනින් ම භුක්ති විදිනවා කියලයි මට නම් දැනුනේ.... දැන් ඒ හැගීම ආයෙම දැනුනා.
ඔබේ විචාරය ආයෙමත් කියෙව්වා.........................
ගොඩක්ම ස්තූතියි ගී පවුරේ..
Deleteඔයාලගෙ වචන හැමදාමත් මාව දිරිමත් කලා. අදත් එහෙමයි.
ජීවිතේ සොඳුරුම දේ තමයි අතීත මතකයන් අතර සැරිසැරීම..
සරසවි ප්‍රේමය හෝ ඒ ආශ්‍රිතව නිර්මාණයවූ බොහෝමයක් ගීත කතාබහට ලක්වෙනවා. නමුත් සනත්ගේ මේ ගීතය ගැන විචාරයක් ඇහ ගැටුනේ අදයි. සතුටුයි.
ReplyDeleteගොඩක්ම ස්තූතියි අරූ අයියේ.
Delete