Pages

Sandumal

Sandumal

Friday, November 15, 2024

•නැවත ඒ ඉල් මහේ


"නුඹේ නමින් හැම හදක පිළිමයක් තැන්පත් වී ඇත..."





ඉල්මහේ දුර ඈත දිනයක

පපුකුහර නුඹේ සිපගත්..

වෙඩිල්ලක හඬ 

ඊට තිස්පස් වසරකින් පසු

පරපුරට ඇහිලා ඉල් මහකදිම..


සීත ඉල්මහ සීත නැතුවම

රුහිරු දහරා ගලා යද්දි

ටයර් සෑයක උඹේ උනුහුම

ගවු ගනන් දුර ඈත වසරක

ඉල්මහක අද දැනිලා රටටම..


පිළිමයක් නුඹෙ නමින් නැතුවද

මහපොළො මොරගගා නුඹ ගැන

මෙතෙක් කල් පැවසූ රහස අද..

මුලු රටක් අහගෙන සිරස නවලා...

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

Friday, October 4, 2024

•පස් මහ බැලුම්

 "දැන් නුඹට මෙහෙ එන්න රතු පලස තියෙනවා..."



දුවේ අර කඳු වළලු

අතර ඇති වලාකුලු

සන්ධ්‍යාවෙ ක්ෂිතිජ ඉම

හැඩකරන රූ වර්ණ..

සිත්තමකි වැව් දියේ

රන් අහස් ඡායාව..


ගොම්මනේ අලුපාට

තොටියාට තනි නෑලූ..

සතර අත කැදලි වෙත

පියාඹන කඩිමුඩියෙ

විහඟුන්ගෙ ගී නාද

තාලෙමයි මද සුළඟෙ

රැලි නඟන දිය දහර..


තව ටිකයි පුරහඳට

ඉඩහසර සලසන්න

සඳ එලියෙ රෑහඳේ

කුමුදු මල් පූදිනවා..


අලුයමට පින්සලෙන්

කඳු පාට කරනවා..

පෙරඹරේ රතුපාට

ලහිරු රැස් පේනවා..

දුවේ... ඒ සුබ ලකුණ

මොනවදෝ කියනවා..

දැන් නුඹට මෙහෙ එන්න

රතු පලස තියෙනවා...