"ඈත අහසෙ පාලු කොනක
තනිව දිලෙන තනි තරුවේ..."
තනි තරුවේ...
තනි තරුවේ...
ඈත අහසෙ පාලු කොනක
තනිව දිලෙන තනි තරුවේ...
අන්සතු එලියෙන් බබලන
ලප කැළලින් අවලස්සන
චෞර රැජින සරා සඳට
නොදෙවෙනි මගෙ තනි තරුවේ...
ඔබෙ එලියෙන් දිදුලන
නෙත් සනහන රුවින් සපිරි
ආඩම්බර සඳට පවා
එළිය සදන තනි තරුවේ...
සඳක් වෙන්න හීන මවන
දහස් ගනන් තරු අතරේ
ජීවිතයේ බහ තේරුව
මහ පොලොවට පෙමින් බැඳුනු
අමරණීය තනි තරුවේ...
තනිව දිලෙන තනි තරුවේ..."
තනි තරුවේ...
තනි තරුවේ...
ඈත අහසෙ පාලු කොනක
තනිව දිලෙන තනි තරුවේ...
අන්සතු එලියෙන් බබලන
ලප කැළලින් අවලස්සන
චෞර රැජින සරා සඳට
නොදෙවෙනි මගෙ තනි තරුවේ...
ඔබෙ එලියෙන් දිදුලන
නෙත් සනහන රුවින් සපිරි
ආඩම්බර සඳට පවා
එළිය සදන තනි තරුවේ...
සඳක් වෙන්න හීන මවන
දහස් ගනන් තරු අතරේ
ජීවිතයේ බහ තේරුව
මහ පොලොවට පෙමින් බැඳුනු
අමරණීය තනි තරුවේ...
මේ දවල් වල තනි තරුව ලියන්නෙ නැද්ද කොහෙද
ReplyDeleteහැබැයි දැක්කො.ත් උඹට උත්තරයක් දීල යයි...
හිහි හිටාං මං උූන්දැට ලිංක් එක යවල බලන්ට හික්ස්
උඹ ඔය කියන්නෙ කවිකාරි ගැනද මචෝ?
Deleteබුදු අම්මෝ.. ඔබත් ඔහොම ඔතන ඉන්න.. මමත් මෙහෙම මෙතනම ඉන්නම්.. හැක් හැක්..
ReplyDeleteබුදු අම්මෝ.. ඔබත් ඔහොම ඔතන ඉන්න.. මමත් මෙහෙම මෙතනම ඉන්නම්.. හැක් හැක්..
Delete++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++xxxxx22222
"රෑ අහසේ
Deleteතරු කැට පායා දිලුනා...
මා තනි වී
සිතිවිලි සයුරේ වෙලුනා..."
කල්‍යාණ.. මේ මොකද මේ??
Deleteසිංදුවෝ, උඹත් තරු දෙකෙන් වැඩිකරලා. මට තේරෙන්නැතුවා බොලවු...
Delete
ReplyDeleteඑක දවසක් හැන්දෑවක
කණාමැදිරි එළි පාරක
මං හෙව්වා තරු කැටයක්
මං හෙව්වා තරු කැටයක්
නිල් පාටින් පායා දිලෙන
නිල් පාටින් පායා දිලෙන
සිහිනයක ගිලී මා සිටියා
කවුරුදෝ විත් දොර බිදිනා විට
සුළං පොදක් වත්
ඇරුණු දොර පියනින් ආවා නම්
සිහිනයේ සුව අරං
නන්නාදුනා දෑසක්
නිවී නිවී දිළිසුනා මොහොතක්
සුහද ආරාධනාවක්
අරන් ඈ ඇවිත් දොරකඩට
පවන් පොදකටවත්
ඉඩක් නෑ නොවෙද
අවකාශයම වසාගෙන
ඈ සිටිනා විට මා අසළ
ඈ සිටිනා විට මා අසළ
මා අසළ ලැගුම් ගනු පෙරතුව
මා තුලට මොහොතකට එබුනා නම්
පැහැදිලිව දකින්නට තිබුණා
මා තුලම මා නොවන
පිටස්තරයෙකු සිටිනා වග
ඔබේ පෙම මා හටද
මා නොවන ඒ අමුත්තා වෙතද
ඔබේ පෙම මා හටද
මා නොවන ඒ අමුත්තා වෙතද
මා නොවන ඒ අමුත්තා වෙතද
මා නොවන ඒ අමුත්තා වෙතද
ගායනය - අතුල අධිකාරි
සංගීතය - නවරත්න ගමගේ
ගී පද - අශෝක හඳගම
සින්තටික් සිහින ටෙලි නාට්‍යයෙන්
නෑ..නෑ..නෑ.... එගෙම එකක් නෙවෙයි!!!
Deleteමම දන්නවා බන් උඹ අදහස් කල "තනි තරුව " මොකක්ද කියලා .....
Deleteබූන්දියේ මෙහෙම තරුවක් ගැන තිබුනා ...
රතු තරුවේ රතු තරුවේ
ඔබත් ඔහොම 'ඔතැන' ඉන්න
අපිත් මෙහෙම 'මෙතැන' ඉන්නවා
එල්ලො බක්ක නැලවි නැලවි
එකරු මක්ක කැරලි ගැහිලි
ඔබෙන් ඉවත ඇදිලා වැනසී
රතු තරුවේ රතු තරුවේ..
එතුරො සක්ක ඇලවි ඇලවි
පුබ්බ තිකත් ගැලවි ගැලවි
කොතෙක් දුරක් යාවිද නොදනී
රතු තරුවේ රතු තරුවේ..........
http://www.boondi.lk/article.php?ArtID=1252
මේ කවිය අැතුලේ ලොකු කතාවක් තියනවා වගේ දැනෙනවා...
ReplyDeleteඋඔගේ ඡිවිතයට සම්බන්ද අත්දැකිමක්ද?
මට මූව අහුඋනොත් මෙන්ඩො.... ගහනව දිඹුලාගල ගලේ...
Deleteමෙන්ඩෝ... උඹ කිව්ව කතාව හරි. ඒත් තොපි තේරුම් අරන් ඉන්නව වැරදියි. මට මගෙ කවිකාරි ගැන හුඟක් ආඩම්බරයි බොලවු.
Deleteඒයි මද්දුවො, මං අහවල් වරදක් කොලාටද??
Deleteමධුව හරි..මමත් තේරැම් ගත්තෙ වැරදියට..
Deleteතනි තරු නං වැඩක් ම නෑ බං මේ කාලේ.
ReplyDeleteඑකක් මදි නම් මෙන්න පොකුරක්ම
Deleteඅනේ පලයං බං. තනි තරු තමයි වටින්නෙම මේ කාලෙ!!
Deleteතැන්කු සින්දූ..
Deleteතරු මල් යායම
Deleteපොඩිකර අහස් විලේ
ඉර හඳ මිරිකා
දියකර සාගරයේ
අඳුරේ උන්නෙමි ලොවම එපා වී
මා හැරදා ඈ ගිය දවසේ
මා හැරදා ඈ ගිය දවසේ
දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී
පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැතී
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
එකම ළඳක් වෙත පෙම් කල උමතුවෙනි
තරු මල් යායම...
නුවර උයන් මැද හමුවූ ළඳුන් නැතී
යටැසින් බැලු නෙත් රහසින් කතා නැතී
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
එකම ළඳක් වෙත පෙම් කල නිසාවෙනි
තරු මල් යායම...
ගායනය - ගුණදාස කපුගේ
මේ තමයි හොදම විරහා ගිතය..
Deleteඔබත් ඔහොම ඔතන ඉන්න ..... මාත් මෙහෙම මෙතන ඉන්නවා......
ReplyDeleteඅන්න එහෙමයි සමහර තනි තරු.
Deleteගුරුවරුන්ටත් විවේක නැත්නම් කාටද අප්පා විවේක? පොඩි පොඩි කවි ලියලා ෂේප් වෙන්නමයි බලන්නෙ නේද?
ReplyDeleteඋඹට හඳක් ලංවෙලා වගේ. කමක් නෑ තරුවම පතාගෙන හිටිං.
හුහ්!! මෙහාට එනකල් මාත් එහෙම තමයි හිතාගෙන හිටියෙ දැන් බලන්බෙපැයි තියෙන වැඩ කන්දරාව.
Deleteපිස්සුද යකෝ... තනියම රෑ අහස දිහා බලන් ඉන්නකොට පහල වෙච්ච සිතුවිල්ලක්. සමාජෙටයි, ආදරේටයි, ජීවිතේටයි ආදේශ කරල පොදුවේ ලිව්වෙ.
උඹ දැන් මේ පොඩි කෑලි දාලා අපිව රවට්ටන්න නේද එව්වා කොහෙද?
ReplyDeleteකෝ බං මේකා?
Deleteමධුවෝ බලපන්කො ඉවාන් කියලා තියන කතාව ...පොඩි කෑලි දාලා අපිව රවට්ටන්න නේද ? .අනේ යකෝ මෙහෙම පොඩි කෑල්ලකින් හරි බෝගක් තියනවා කියලා මතක් වෙන එකත් මදෑ .උඹට ඉතින් බෝගක් නෑනේ නේද ඉවාන් පුතේ ....
Deleteඉවානයෝ.. මං එහෙම හරි මේක ඇදන් යනව, උඹ??!!!!
Deleteමද්දුවෝ...
Deleteමේං ආවා..
අන්නහරි සිංදුවෝ, කතාකරහං.
Deleteකෝ බලන්න පොඩි කෑලි කියපු ඉවානයාගේ කට?
Deleteසින්දු
නෑ ඌට එහම එකක් නෑ
අනේ මන්දා බං. වෙලාවකට අපිත් ඉතින් තනි තරුවක් තමයි..
ReplyDeleteහ්ම්...හ්ම්.. ඉතින් හොඳයිනේ..
Deleteඅඩෝ ඉතින් තනි තරු හොදයි නේ??
ReplyDeleteමෙන්ටේන් කරන්ඩ ලේසියි නේද??
යෑස්.. ඔෆ්කෝස්...
Deleteකවුද මන්දා කියලා තිබ්බා හඳ ආවට පස්සේ තරු අමතක වෙනවා කියලාත්.
ReplyDeleteආන්න එහෙම ඈයින්ටයි මේ කියන්නෙ මනුවෝ..
Deleteමනෝෂ්....................
ReplyDeleteකවි ලිව්වනම් උත්තරත් දෙන්න වෙනවා.... ඔහොම හැංගිලා බැහැ.... පහුගිය ටිකේ අපිත් හොදට ම බිසී වුණා... දැන් නම් ටිකක් විතර හරි...... කොහොම හරි මේ පැත්තට අැවිත් ලියන්න... ඒක වටිනවා...... අලුත් තැන කොහොමද???? අලුත් තරු ඒහෙම දකිද්දි තනි තරුව මතක් වෙනවාද???????
ඔන්න ආවෝ ආවෝ... උත්තරත් දුන්නා. හැමෝම කවිය වැරදියට තේරුම් අරන් වගේ..
Deleteඅනේ එහෙම දෙයක් නෑ ගී පවුරේ... දවසක් අහස දිහා බලන් ඉන්නකොට අහසෙ හඳයි, ඒ ලඟම තනි තරුවකුයි තිබුනා. ඉතින් මට ඔහොම හිතුනා. ඇත්තට්ම මේක අපේ සමාජෙටත් අදාලයිනේ. මෙහෙම තරුත්, හඳවලුත් ඉන්නවනෙ අපි අතරත්..
මමත් ටිකක් බිසී ගී පවුරේ මේ දවස්වල.