Pages

Sandumal

Sandumal

Tuesday, August 12, 2014

•සිලිං බිලිං කූරු වළලූ

"අල්ලන්නට ආස ඇති කඳුළු වලට දෙන්නෙ නැතී
බෝනික්කෝ කඳුලැල්ලෙන් බොඳවී මැකුණා..."






සිහිනෙන් ගෑ සුවඳක් මෙන් යටි සිත පත්ලෙහි තැන්පත්ව තිබූ මතක අග්ගිස්සක ඡායා මාත්‍රයන් පසුකරමින් මෝටර් රිය පදවමින් සිටි මගේ පාදය ක්ෂණිකවම තිරිංග හා සිර වූයේ අකුණු පහරක් මෙන් පැන නැඟී ආ සිතුවම් පටක් අසුරු සැනකින් මගේ නෙත් සිත මානයේ පෙනී නොපෙනී ගිය නිසාවෙනි. ඒ සමඟම අවධි වූයේ මසිතෙන් මැකී යමින් තිබූ අතීතාවර්ජනයක සිහින සිතුවම් පටයි.

අඳුරින් ගහන වූ මතක මංපෙතක මෝටර් රිය පදවාගෙන ආවද, මෙතෙක් වෙලාවක් මොහොතකට හෝ නැවතී රථයෙන් බැස දුහුවිල්ලෙන් පිරි සුපුරුදු මාවතට පය තැබීමට මසිත නොපෙළඹුනද අසුරු සැනකින් දුටු එක්තරා දසුනක් මාව ක්ෂණිකවම නතර කිරීමට සමත්විය. නෙත් අදහා ගැනීමට නොහැකි වුවද සෙබස්තියන් මාමාගේ තොරොම්බල් කරත්තය විසි වසරකට පෙරාතුව නවතා තිබූ ස්ථානයේම එලෙසින්ම නවතා තිබුනි. එකලට වඩා බෙහෙවින් මහළු වුවද එදා තිස් වියෙහි වූ ඔහු අද පනස් වියැති වියපත් මිනිසෙකුව එදා මෙන්ම එක් අතක් කරත්තයට බරකොට ඊට හේත්තු වී සිටියේය.

එදා මෙන්ම අදද දැවැන්ත මාර ගස කරත්තයට සෙවන දුන්නේය. අසල වූ නළ ළිඳ එදාට වඩා මළ බැඳී තිබුනද තවමත් ක්‍රියාකාරී තත්වයේ පැවතුණි. තරමක් එපිටින් වූ බූන්දි, බොම්බ මොටයි, මුරුක්කු පිරවූ සේදිරිස් මාමාගේ කරත්තය එදා පරිදිම විය.ඒ සමඟම අතීතයේ මෙන්ම, තරමක් සුලු වෙනසකම් සහිතව "දිරිය පොළෙහි" වූ අනෙකුත් සියලු අංගෝපාංග අදත් එලෙසම නෙත් අභිමුව විය. මේ සියලු දේවල් නොව, මගේ හිත මොහොතකට නතර කරනු ලැබුවේ, මුලින්ම මං ඔබට හඳුන්වාදුන් සෙබස්තියන් මාමාගේ තොරම්බල් කරත්තය අභියස මා දුටු දසුනයි. ඇත්තෙන්ම එය සිහිනයක්දැයි මට සිතාගත නුහුනු විය.

දශක දෙකකට එපිට අතීතයේ දිනක මේ පරිසරය මැදම, මේ තොරම්බල් කරත්තය අභියස කඳුලින් පිරි දෙනෙතින් කුඩා දැරියක්ව මා බලා සිටි අයුරින්ම අදද, මගේම රුව මෙතන එලෙසින්ම දක්නට ලැබෙයි. ඇත්තෙන්ම මා දකින්නේ අවතාරයක්ද? නැතිනම් නපුරු සිහිනයක්ද? මගේම ආත්මයද? මා මැරී ඉපදීවත්ද? එලෙසින්ම, එලෙසින්ම, එදා වගේම, සායම් දියවී සේදී ගිය, දිරාපත්ව පඬරැල්වී ගිය, වර්ණයක් නොමැති වූ ගවුම් කෑල්ලකින් වැසී ගිය මේ ළමා ජීවිතය පෙර මාවම නොවන්නේද? බඩ මැදින් ඉරීගිය ගවුම් කෑල්ලෙහි ඉණ, දෙහි කටුවකින් අමුණාගෙන හැඩපලු ගෙතී ගිය කෙස්ස නිතර දෑඟිලිවලින් සකසමින්, හොටු බේරෙන නැහැය අතින් පිස දමා ගවුමෙහි පොඩිකර ගනිමින් කුණු දූවිලි වැකුණු නිරුවත් දෙපයින් මේ බලා සිටින්නේ මං ම නොවන්නේ කෙසේද?

කරත්තය තල්ලු කරන තාලයට සිලිං බිලිං හඬ නංවමින් දිලිසි දිලිසී ලතාවකට පැද්දෙන දේදුන්නේ පාට හතෙන්ම හැඩ වැඩ වූ වළලු, මාල, අරුමෝසම් දෙස හිනැහෙන නෙතින් ආසාවෙන් බලා ඉන්නා කුඩා දැරිය කරත්තයේ ගමන් තාලයට ඒ අසලින් ඇවිද යන්නේ මගේම අතීතයේ මා තනිකර දමාය.

ඒ අතීතයේ අඳුරු දිනයේ කුඩා දැරියකව හුන් මාද මෙලෙසින්ම සෙබස්තියන් මාමාගේ රෝද දෙකේ අත් කරත්තය පසුපස පියමැන්නේ අතින් අල්ලන්ට වරම් නැති නමුදු නෙතින් අල්ලා සිතින් තුරුලු කරගත් මේ අරුමෝසම් ලෝකය මගේම කරගනිමිනි.

එදා කරත්තයේ සිටි බෝනික්කන් මාව දැක මා සමඟ සිනාසුනි. ඒ, මදෙස බලා සමච්චලයට හිනාවුනු මිනිසුන් මෙන් නොව මගේ පුංචි සිතේ ඇතිවූ සිනහව මෙන්ම පිවිතුරුවය. මම බෝනික්කන් සමඟ කතාකලෙමි. පසු පසම දිවගියෙමි. බෝනික්කාටත් වඩා ලස්සන සුරංගනාවියක් එහි පැමිණුනි. ඇගේ මවට ඇවිටිලි කරනලදි. සැනකින් මාත් සමඟ සිනාසෙමින් කතාකරමින් හුන් බෝනික්කිය අර සුරංගනාවිය විසින් තුරුළු කරගන්නා ලදි. ඇගේ පපුවට සිරව ගිය මුහුණ ආයාසෙන් මුදවා ගත් බෝනික්කිය අවසන් වතාවට මා හට සිනා සී අතවනනු මං බොඳව ගිය දෙනෙතින් බලා සිටියෙමි.

අද ඇයද එලෙසින්ම බලාහිඳියි. කාසි ඇත්තෝ මේ විසිතුරු ලොව තමන් සතු කරගනිති. එදා මමත්, අද ඇයත් භෞතිකව හිමිකරගත නොහැකි  සිහිනය හදවතින් අයිතිකරගෙන මනෝ ලෝකයක සැරිසරති. කාසිවලට මිසක් කඳුලු වලට මාරු නොවන මේ අරුමෝසම් දෙස බලා කඳුලු කැට සලන්නේ, කවදාවත් හිමි නොවන අපට උරුම නොමැති ලෝකයක අසිරිය හදවතට අනින පිහිපාරවල් වල වේදනාවෙන් බව දන්නේ අපිම පමණි.

මම තවමත් පාත් නොකල රිය කවුලුවෙන් බලා හිඳිමි. ඒදා මෙන්ම සෙබස්තියන් මාමා කටේ ඇඟිල්ලක් ගසාගෙන තමා පසු පස එන කිළිටි කෙල්ලට බැන වදිනු පෙනේ. ඒත් ඇය හඬමින් සිනාසෙයි. මුදුන් වන මද්දහනේ හිරුගේ කිරණ අරුමෝසම් මාල වළලු වල ගැටී පරාවර්ථනය වෙයි. ඒ එළියට දැරිවිය ලොබ බැඳ ආදරයෙන් මුහුණට හරවා ගන්නට තැත් කලද පරාවර්තිත හිරු එළියද ඇගේ දෑස් නිලංකාර කරමින් රවා ඔරවා බලන්නේ උඹට මේ ලෝකෙ හිමි නෑ, දුවපං මෙතනින් කෙල්ලේ යැයි කියමින්දෝ කියා මගේ සිත කියයි. එසේ වුවද තමන්ට සැහැසිකම් කල හිරු කිරණට, හිස් අහසට, බොල් පොළොවට පවා අපි ආදරේ කලේ අපේ සෙවණට හුන් එකම සම්පත ඒ සොබාදහම පමණක්ම වූ හෙයිනි.

වීදි දරුවෙක්ව ගතකල මගේ ළමා විය මට පසක් කර දුන් නියත දහම අද මගේ නෙත ගැටුණු මේ අහිංසකාවිය උගනමින් සිටියි. එදා සෙබස්තියන් මාමාගේ රෝද කරත්තය පසු පස වරුවක්ම දිව යමින් හුන් මා සිහින ලොවින් පියවි ලොවට ආයේ, මෙලොව මට හුන් එකම හවුහරණ වූ දයාබර මවු සෙනෙහස මහ පාර මැද රක්ත වර්ණ කලාලයක වැතිර හුන් අයුරු දැකීමෙනි.  හදවත යකඩින් නිමැවුනු යකඩ යකෙකු මගේ හිඟන මව මහපාරේ බිලිගෙන හුන් ඒ කාලකණ්නි දසුනින් උන්මන්තක වූ මා මවගේ ගැහෙන සිරුර බදාගෙන හඬනු පමණි මේ අහස යට මගේ අවසන් මතකය. 

සිහිනයෙන් අවධිවුන මා සිටියේ සුරදූතිකාවන් පිරිවරාගත් බිමක බව මට හැඟුනි. ඒ මගේ නව ජීවිතයේ ඇරඹුම විය. ළමා නිවාසයක අනාථයෙකු ලෙස මා හැදී වැඩුණු අතර අවසානයේ මා ඉන් නික්මුනේ නීතීඥවරියක් ලෙසිනි. මේ, දශක දෙකකට පසුව මා කුඩා කල වීදි දරුවෙකු විලස හැදී වැඩුනු මගේ අහස යටට පැමිණි මුල්ම වතාවයි. තවමත් කිසිවක් වෙනස් වී නැත. මගේ අතීතය මට අතීතයක් පමණක්ම වුවද එහි වර්ථමාන උරුමක්කරුවන් ඒ ජීවිතය විඳිමින් සිටී.

හැර යානොහැකි, නොදුටුවා සේ නික්මිය නොහැකි මගේම අතීතය වෙත පියමං කිරීමට මෝටර් රථයෙන් බැසගත් මා ඒ අහිංසක දැරිය වෙත යාමට පිය ඔසවන විට අසල සිටි මිනිසෙකු හතරට පහට මා අභියස නැවී බුලත් කහට බැඳි දසන් දක්වා බයාදු ලෙස සිනාසී "නෝනා.." ලෙස මා ආමන්ත්‍රණය කරන ලදි. ඔහු එසේ බුහුමන් දැක්වූයේ මා තුල වූ අතීත කිළිටි වීදි දරුවාටද නො එසේනම් සුදු සාරියකින් වැසීහුන් සුදු පාට වැදගත් නෝනාටත් ඇය බැස ආ කාරයටත්ද යන්න මම නොදනිමි. ඒ කුමකට වුවද එදා මා හට කොලොප්පම් කරමින් ඇතැම් විට හිරිහැර කලවිටද මා සිනාසුනු අයුරින්ම ඔහුට සිනහවක් පා මා ඉදිරියට පියමැන්නෙමි.

සෙබස්තියන් මාමාද මා හඳුනානොගත් හෙයින්, "නෝනේ.. නෝනට මොනවැයි ඕනි" කියා මගෙන් ඇසීය. දෛවය කෙතරම්නම් පුදුමාකාරද. එදා මා සිහින මැවූ හැම කෙළිබඩුවක්ම අදද එහි විය. නමුත් ඒදා පොපියමින් මගේ හදවත මොරගා ඉල්ලූ ඒ ආශාවන් අද මා අසලකවත් නැති අයුරු!! ඒදා ආශාව විය. නමුදු වත්කමක් නොමැතිවිය. අද වත්කමක් ඇත, නමුදු ආශාවක් නොමැත. මෙය නොවේද ජීවිතය. නමුත් අදත් දිලිසෙන දෑසක් අරුමෝසම් දෙස බලා හිඳියි. ඒ පුංචි එකී ආශාවෙන් මිරිකෙමින් සිටී. "මෙයාට ආස හැමදෙයක්ම" සෙබස්තියන් මාමාට මම පිළිතුරු දුනිමි. "මේ හපුටු කෙල්ලට??" ඔහු මවිත වී අසයි. "නෑ මේ අහිංසක දරුවට" මම තරමක් දැඩිව පිළිතුරු දුනිමි. "හො..හොඳමයි නෝනෙ"

"කෙලී, බොට පේනවද? මේ නෝනා උඹට මෙව්වා අරන්දෙන්න යන්නෙ. කැමති එකක් ඉල්ලගනින්"

ඉමහත් පුදුමයට පත්ව හුස්මක් ඉහලට ගත් ඈ ක්ෂණිකව මා එදා වඩා ප්‍රියකල වර්ගයේ බෝනික්කෙකු රැගෙන ළයට තුරුල්කරගත්තාය. අමතරව වළලු කිහිපයක් ගත්තාය. පසුව බියෙන් මෙන් මදෙස බැලීය. නෙතට නැඟි කඳුලක් කාටත් හොරා පිසදාගත් මම ඇයට එහි වූ තවත් කෙළිබඩු කිහිපයක් ලබා දුන්නෙමි. තවත් මොහොතක් මගේ දෙනෙතට එබී හුන් ඇය මීළඟට මගේ නෙත් මානයෙන් එපිටට දිවගියාය.

නොපෙනී යන ඇය දෙස මොහොතක් බලා හුන් මා තවමත් මවිතයෙන් නෙත් අයාහුන් සෙබස්තියන් මාමාගේ මුදල ගෙවා හැකි ඉක්මනින් යලිත් මෝටර් රථය වෙත පැමිණියෙමි. වහා ඊට ගොඩවී දොර වසා ගත් මම රියදුරු අසුනේ වාඩිවී තදින් දෙනෙත් පියාගත්තෙමි.



"සිලිං බිලිං කූරු වළලූ පාට හතේ මාල පබලූ
වයිවාරණ අරුමෝසම් වටේට එල්ලා
රෝද දෙකේ මාළිගාව පොළට ඇවිල්ලා

කතා කරන බෝනික්කෝ  පියා සලන සූටික්කෝ 
කාසි වලට මාරු වෙලා අතින් අතට යනවා
මල් ගවුමේ අග හිඟ තැන් දෙහි කටුවෙන් හංගා ගෙන
පුංචි ඇහින් කඳුලැල්ලෙන් බැලූම් හෙළනවා

මද්දහනේ හිරු දෙවියෝ කැඩපතකින් ඔරවනවා
බලා උන්න පුංචි ඇහේ කඳුලැල් නැගුණා
අල්ලන්නට ආස ඇති කඳුළු වලට දෙන්නෙ නැතී
බෝනික්කෝ කඳුලැල්ලෙන් බොඳවී මැකුණා"


පද රචනය - හේමසිරි ගුණතුංග
සංගීතය - කලණි පෙරේරා
ගායනය - නීලා වික්‍රමසිංහ






(Silin Bilin Kuru Walalu - Neela Wikramasinghe)


********************************************************************************



පසුව ලියමි


අද ඔබ වෙත ගෙන ආ මෙම ගී සංවේදනාවට පසු මෙලෙස පසු සටහනක් තැබීමට සිත් වූයේ කරුණු තුනක් මුල්කරගෙනයි.



ඉන් පළමුවැන්න නම් මෙම සොඳුරු ගීතයේ තනුව නිර්මාණය කල කළණි පෙරේරා සංගීතවේදියාණන්ගේ ඡායාරූපයක් මා හට සොයා ගැඇනීමට නොහැකි විය. එනිසා මෙහි නීලා වික්‍රමසිංහයන්ගේ සහ මේ ගීතය අපට තිළිණ කල හේමසිරි ගුණතුංගයන්ගේ සේයාරුවක් පමණක් පලකරන ලදි. මේ පිළිබඳ දයාබර ඔබ මට සමාවුව මැන.

දෙවන කාරණය වන්නේ මෙම ගීතය නිර්මාණය වූ ආකාරයයි. අසූව දශකයේ රචනා වූ මෙම ගීතයද නිධාන කතාවක් සහිත් සජීවී ගීතයකි. වන්දනා චාරිකාවක් සඳහා පොලොන්නරුවට ගිය මොහොතක අහම්බෙන් ඇස ගැටුනු මෙම තොරොම්බල් කරත්තය සහ ඒ අසල හුන් මෙම අවිහිංසක වීදි දැරිය පිළිබඳ සිතෙහි උපන් සංවේගජනක සිතිවිල්ල ඔහු විසින් මෙලෙස ගීතවත් කරන ලදි.

තෙවැන්නනම් මේ ගීතයට අදාළ නොවන, මට සහ මගේ මෙම බ්ලොග් නිවහනට අදාල වන කාරණයකි. එනම් මෙම පෝස්ට්ටුවත් සමඟ මගේ පුංචි බ්ලොග් අඩවිය නැරඹුම් වාර විසිදහසට ළඟා වී ඇත. නැරඹුම් වාර දසදහසේදීත් මා ඔබට එය සිහිපත් කලයුරු මට අද මෙන් සිහියට නැඟේ. එහිදී ඔබ මා වෙත දායාද කල සුබ පැතුම් දිරිගැන්වීම හමුවේ දස දහසට ළඟා වූවාට වඩා කිහිප ගුණයක සීඝ්‍රතාවයකින් මා හට විසිදහසේ සීමාවට ළ්ඟා වීමට හැකියාව ලැබුණි. ඒ ඔබගේ අපරිමිත දායකත්වයෙනි. සහයෝගයෙනි, උපකාරයෙනි.

ඉතින්, පෝස්ට් 69ක් පුරා පසුපස ලුහුබඳින්නන් 71ක් සමඟින් මේ ගමන පැමිණීමට ඔබ මට ලබා දුන් අපරිමිත ශක්තියට මාගේ ස්තූතියි, ප්‍රණාමය මෙසේ පුදකර සිටින්නෙමි. ඔබට මාගේ ආචාරය!



******************************


විශේෂ සටහන 

මෙම ගීතය සඳහා තනුව නිර්මාණය කල කලණි පෙරේරා සංගීතවේදිනියක ලෙස මුලදී මවිසින් හඳුන්වා දුන් අතර ඒ මාතින් සිදුවූ අතපසුවීමකිනි. එම අවස්ථාවේ දේශක සහ පත්තර මල්ලී විසින් මාව නිවැරදිකිරීමට තරම් කාරුණික වූ අතර එම දෙපලට මාගෙ හෘදයාංගම ස්තූතිය පලකර සිටිමි.


තවද කලණි පෙරේරාගේ සංගීතඥයාගේ සේයාරුවක් මාහට සොයාගැනීමට නොහැකි වූ අතර ලිපිය සඳහා කමෙන්ට්ටුවක් යෙදූ තිස්ස දොඩංගොඩ සොහොයුරා විසින් මෙතුමාගේ සේයාරුවක් සහිත ස්බැඳියක් මාවෙත ලබා දීමට තරම් කාරුණික විය. තිස්ස සොහොයුරාටද මේ මොහොතේ මං මාගේ හදපිරි ස්තූතියි පුදකර සිටිමි.




211 comments:

  1. යකෝ මෙච්චෙල්ලා මට කොමෙන්ට් දාන්න දුන්නෙම නෑ නෙ මූ...
    ඔව් පැයකටත් වැඩී....
    පට්ට මචෝ උපලරිමයි හොදේ...
    බොක්කටම වැදුණ...
    උඹ කතාව ලියල තියෙන අපූරුවට මට කියන්න වචන නෑ මනෝ...
    චිත්ත රූප මැවෙන විදියට අගේටම කිසිම අසාධාරණයක් නොවෙන්න ලියල තියෙනව....
    මට මැවිල පෙනුන අර තොරම්බල් කරත්තෙ පස්සෙන් ගිය කෙල්ල අම්ම මැරිල ඉන්නව දැකල අඩන හැටි...
    පිස්සු වගේ
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. අඩේ මචං ඒ මොකද දන්නෑ. කොහොම උනත් උදේ ඉඳන්ම බ්ලොග් වල අවුලක් උනා. සිංඩි වල අප්ඩේට් උනෙත් පබ්ලිෂ් කරල පැයගානක් ගියාට පස්සෙ. කමෙන්ට්ස් අවුලක් අවුලක් වගේ එහෙනම්.

      අගය කිරීමනම් ඉසතරම් මචෝ. ඉහේ මලක් පිපුණ වගේ. ස්තූතියි මචෝ...

      Delete
  2. කළණි පෙරේරා යනු සංගීත වේදියෙකි... ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. ඒ නිවැරදි කිරීම වෙනුවෙන් ස්තූති කරන්න වචන මට නෑ දේශකයෝ. ඇත්තෙන්ම මා සිතූයේ මේ ශිල්පිනියක් කියායි. ඔබ එය නිවැරදි නොකලානම් මෙය නොදන්නා කී දෙනෙක් නම් වැරදි අවබෝධයක් ලබාගනු ඇතිද.

      බොහෝම ස්තූතියි දේශක. ඔන්න මං එය නිවැරදි කලා.

      Delete
    2. දේශකය හරි මචෝ අර රූපවාහිනී ඔකෙස්ට්‍රා එකේ මූණ පුරා රැවුල වවාගෙන වයලීන් ගහන මනුස්සයෙක් ඉන්නව නේද.. අන්න ඒ තමයි කලණි. ඉන්නෙ ජාවත්‍ත පාරෙ ID ඔෆිස් එක ඉස්සරහ පාරෙ අන්තිම ගෙදර ..විවාහ වෙලා ඉන්නෙ සුනිල්/සතිස්චන්ද්ර එදිරිසිංහලගෙ ඥාති දියනියක්.

      Delete
    3. ඒකනේ මචෝ.. මං හිතුවෙම ගැහැණු කෙනෙක් කියලනේ. ෆොටෝ එකක්වත් හොයාගන්න බැරිවුනානේ. උඹ ඔහොම කිව්වමනම් මටත් මේ කෙනාව මීටර් වෙනවා. ටීවී එකේ දැකල තියෙනවා. උඹල වගේ බොහෝ ඇසූ පිරූ තැන් තියෙන උන් ඉන්න නිසා හොඳයි ඉතින් මට.

      Delete
    4. මොකක් … බොහෝ ඇසූ පිරූ ?? %$# තමා !!! :D

      Delete
    5. හුටා මාත් වැරදි අවබෝධයක් ලබාගෙන පසුව එය නිවරදි කරගත්තා

      Delete
    6. පත්තරයෝ..

      ඇයි යකෝ, මං බොරුද කියන්නේ?? එහෙනම් මෙහෙම කියන්නම්කො, "බොහෝ ඇසූ 'පෙරූ' තැන්" දැන් හරිද?

      විදානේ..

      අනේ මචෝ නිවැරදි කරගත්තනම් ඒ ඇති.

      Delete
    7. ඒ පත්තරේ..

      බ්‍රෑන්ඩ් එක????

      Delete
    8. එකෙන්ම ගල් !!!! ස්තුතියි …

      ස්තුතියි නැවතත්.…

      Delete
    9. අතරින් පතරට විස්කි ටිකක්, බ්‍රැන්ඩියක්?? තව වොඩ්කා වීදුරුවක් එහෙම? අඩුම තරමෙ කිතුල් රා පොඩ්ඩක්? එපාද?? හා හා එහෙනම් කමක් නෑ.

      Delete
    10. විස්කි එපා, බ්‍රැන්ඩි එපා, වෙඩ්කා එපා, සෝඩා එපා,
      තියනවනං රාත් එක්ක, ගල් ගෙඩියක් ගෙනත් දියං

      Delete
    11. වරෙන් යන්න ඉදිරි දිනෙක මාත් එක්ක සොරණාතොට
      දෙන්නම් රා උණු උණුවෙන් ලොකු තාත්තා පෙරාපු අපේ

      Delete
    12. ඔය රට අරක්කු බීවම අපිට උගුරට එනව බං… පුරුදු නෑ නෙවැ.. පොල් වතුර බොනවා වාගෙ.චැහ්
      ගල් ඩිංගක් තරං ඇඟට අල්ලන් නෑ බං.ගල් හොඳා.
      ස්තුතියි නැවතත්…
      ඒක තමා ප්‍රියෝ… ඉවානයව හොයාගන්න ඕනැ ඌ වහං වෙලා.… ගාතයක් කපාගත්‍ය්හනං හයමාසෙකට ඇති

      Delete
    13. මම ඉල්ලුවෙ වල් ඌරෙක්ව බොල.! උඹ මිනීමස්නෙ කවන්න යන්නෙ! :D

      Delete
    14. අන්න ප්‍රියෝ දියං අත. උඹත් මගේ වර්ගෙ එකෙක්.

      Delete
    15. වල් ඌරෙක් නොවුනත් ඌ චීන උරෙක් නේද මචං

      Delete
    16. පත්තරේ..

      ඒකියන්නෙ ඉවානයා...නෑ එක්කො ඕන්නෑ.

      ප්‍රියා.. නෑ, නෑ මිනී මස් නෙවෙයිලු.

      Delete
    17. චීන ඌරෙක් බං.. චැහ් කිතුල් බඩ කනව වාගෙ. කාරි නෑ පහේ ටිකක් වැඩිපුර දැම්මම කෑවහැකි !!!

      Delete
    18. ඔන්න ඉවාන්, මං මොකුත් නොකිය ඉන්න හැදුවෙ. ඒත් උඹේ ගුරුන්නාන්සෙ මෙතන හැමදෙයක්ම කිව්වා.

      කොහොමහරි වැඩිය පත්තරයට පේන්න එන්න එපා, ඌ මෙහේ පහේ එහෙම බැදල තියන් ඉන්නෙ ආව ගමන් මස්කරන්න.

      හැබැයි ඉතින් කරන්න දෙයක් නෑ, මායි ප්‍රියයිත් ඌරුමස් කනවා.

      Delete
    19. යකෝ අපිට උදේ ඉඳන් කරන්ට් කපලා ඒ අස්සේ මුන් ටික බීලත් ඉවරයි ඔන්න මිනිස්සු.

      Delete
    20. මුං දැන් හතර අතට වැටිල ඉන්නෙ බං. දැන් පැයකට විතර කලින් අන්තිම වෙනකල් කෙලින් ඉඳපු පත්තරයයි විදානයයිත් ඩවුන්.

      Delete
    21. අපි සලෙන්නේ නෑ යකෝ දැන් ගේනවා රන්දෙනිගල කාලක්

      Delete
    22. මොකද්ද බං ඒ බ්‍රෑන්ඩ් එක??

      Delete
    23. ඒ මචෝ දිවිය අවුසද ..

      Delete
    24. දැන් නම් කාල මදි වෙයි වගේ.....:D

      Delete
    25. @ මනෝශ්
      ගල්ම තමා බාන්.මේ අපේ ගෙවල් ගාව bar එකේ DCSL නෑ තියෙන්නේ ඔව්වා.ඕක වදිනවා නිකන් නයා කෑව වගේ.උපරිම බාගයක් ගැහුවැකි තනියෙන් ඊට වැඩිය ගහනවා මං දැකලම නෑ.

      Delete
    26. ඇයි බඹර්ර්ර්ර්ර්ර්රෝ්්්්්්.... පෙම් මල අතහැරලා..... හික්!!
      බෝාා න්්්්්නේ ... බෙන මල් සොායලාාාාාාාාාාා..............
      ඇයි බඹරෝ....... හික්!!!

      Delete
    27. හෑහ්!! මේං බොලේ මුන් දෙන්නම නැඟිටලා. අරක්කුවලට මෙයාලව මට්ටුකරන්න බෑ. මෙයාල අරක්කු මට්ටුකරනවා.

      Delete
    28. @මල්ලියා..

      කවුද දන්නෙ මලේ... කවද කාපු ටකරංද පූසෝ කිව්වලු!

      Delete
    29. බඹරු ඇවිත් මල හත්තිලව්වයි!!!!!!!.දුම් ටිකක්වත් ගහමු.

      Delete
    30. ඒකනේ අහල දැනගන් එවුවා.සාමාන්‍ය දැනීම.:D

      Delete
    31. ඔහෙප්පලයං … විදානෙයා මනුස්සයෙක් වෙලා එකෙන්ම. දැක්කත් සැපයි.
      හලෝ මිෂ්ට් විදානේ. අයිම් පත්‍තර මල්ලි ඇන්ඩ් ද ඩයලොග් යූ කෝල්ඩ් ඉස් බා බා බ්ලැක් ෂීප් ඔන් ද හොටෙල් කැලිෆෝනියා.. ඕ යේස්

      Delete
    32. @මල්ලියා,
      කොමන් සෙන්ස්...මට නැතිම එකනෙ අප්පා.

      @පත්තරේ,
      කැන් අයි හෙල්ප් යූ සර්??

      Delete
    33. පත්තරේ මචන් , ඔය කලණි පෙරේරාගේ දුව නේද දෙරණ Dereem ස්ටාර් වයලින් ප්ලේ කලේ ....

      පත්තරේ බොලා බීලා පිස්ශ්හු කෙලින්න එපා හරී ....සින්දුවක් ලාවට පටන් ගමු .නැත්නම් වචන අමතක වෙලා මට එන්ගිලිෂ් කියවෙනවා හික්ස් ....

      රා පොඩියක් දී මා සනසන්නේ....

      කළුවන් කළු රුවයි අප ගම මදින්නා
      මණ්ඩි නැතුව රා හැමටම බෙදන්නා
      එන එන කැකුළු මල් නෑරම තලන්නා
      දෙවියෝ රැක දෙන්න අප ගම මදින්නා

      මගෙ සුදු මාමේ මගෙ සුදු මාමේ
      නෑ බෑ නොකියා
      රා පොඩියක් දී මා සනසන්නේ
      රා පොඩියක් දී මා සනසන්නේ

      ගහින් ගහට අතුර දිගේ නගින්නා
      ළපටි කැකුළු මල් බල බල තලන්නා //
      මණ්ඩි නැතුව රා හැමටම බෙදන්නා
      අනේ වාසනාවන් මේ මදින්නා

      මගෙ සුදු මාමේ මගෙ සුදු මාමේ
      නෑ බෑ නොකියා
      රා පොඩියක් දී මා සනසන්නේ
      රා පොඩියක් දී මා සනසන්නේ

      ළපටි රා තරුණ අපටයි බෙදන්නේ
      පැහුණු රා මහළු අයටයි ඔබින්නේ //
      විනාකිරට ඉතුරු කොටස තබන්නේ
      අවුරුදු අච්චාරුව ඉන් සදන්නේ

      මගෙ සුදු මාමේ මගෙ සුදු මාමේ
      නෑ බෑ නොකියා
      රා පොඩියක් දී මා සනසන්නේ
      රා පොඩියක් දී මා සනසන්නේ

      කිතුල් මල් තපා තෙල් දිය බාන්නා
      රුහුණේ මී කිරට පැණි නිපදවන්නා //
      රසැති කිතුල් පොල් හකුරුද හදන්නා
      ගමට කප්රුකක් මේ රා මදින්නා

      මගෙ සුදු මාමේ මගෙ සුදු මාමේ
      නෑ බෑ නොකියා
      රා පොඩියක් දී මා සනසන්නේ
      රා පොඩියක් දී මා සනසන්නේ
      රා පොඩියක් දී මා සනසන්නේ


      ගායනය, සංගීතය - සී.ටී. ප්‍රනාන්දු
      ගී පද - සුසිල් සේනාධීර

      Delete
    34. රුවක් ඇදෙනවා කවුදෝ එනවා
      මීවිත ඇඳිරිය දෑස වසනවා
      හද පොදි බැඳි දුක දියකර පා කර
      ඔබේ ලොවට මා...
      මොහොතින් එනවා...

      සොදුරු යොවුන්විය මල් මඟ මුල හිඳ
      කිම තොල මීවිත පොඟවන්නේ...
      නුරා විරහ ගිනි නිවා දමන්නයි
      සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ...

      නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා
      හතර අතින් දළු ලා එනවා...
      අවන්හලේ මීවිත තනිකරලා
      වරෙන් මලේ පියවර නගලා...

      ගායනය: කරුණාරත්න දිවුල්ගනේ / ගුණදාස කපුගේ
      පදරචනය : මහින්ද දිසානායක
      සංගීතය : ගුණදාස කපුගේ

      Delete
    35. අම්මටහුඩු මේ අපේ සිංදු ඇනෝ මචං නේද. ජය වේවා එකෙන්ම.. අනේ මචෝ ඒකනං මට හරියටම මීටර් නෑ.. අකිල කියල පුතෙකුයි ඩවුන් සින්ඩ්‍රෝම් කැකුලි කියල දුවෙකුයි හිටිය කියලනං මතකයි .. දාමු දාමු සිංදුවක්

      Delete
    36. මොකුත් නෑ මචං දැන් ඉතින් සිංදු කාමරේ වගේ තමයි.

      Delete
  3. විසි දාහට අපෙන් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මැලේ ඔබටත්.

      Delete
    2. ස්තුතියි - නැවත එන්න

      Delete
    3. අනිවාරෙන්..නැවත එන්න.

      Delete
    4. එන්නෝ ගල් බොන්න එන්ඩෝ

      Delete
    5. බීල ලොකු වෙන්ඩෝ...

      Delete
    6. බීලා ලොකු වෙන්ඩ බෑ, ලොකු වෙලා බොමු!

      Delete
    7. ඒ මචෝ, උඹ ලොකුවෙලා ඉවර වෙච්ච දවසට මට පොඩ්ඩක් මතක් කරහං ඈ..ඒදාට අපි පත්තරයගෙ සොහොන් කොත උඩට වෙලා ආතල් එකේ බොමු බං සිංදුවකුත් කිය කිය.

      Delete
  4. ඔය මට පොඩි කාලෙ එක දිගට කියන්න පුළුවන්කම තිබ්බ සින්දු දෙක තුනෙන් එකක්... අනිත් ඒවා නීලගෙම බෝධියේ විහාරයේ... එතකොට මර්සිගෙ මඩේ ලඟින තාරාවුන්..... එතකොට රවිහාරිගෙ උන්නා එක ගංඟාවක...

    අපේ ගේ ඉස්සරහා තිබ්බ පේර ගහේ පහලම අත්තෙ බැඳල තිබ්බ ඔන්චිල්ලාවෙ තමයි මගේ දවසේ රාජකාරි වලින් වැඩිහරියක් කරෙන්නෙ ඒ කාලෙ.. ඕක පැද පැද සින්දුවක් එහෙම කියාගෙන, ඒ ගමන්ම ගහට නැඟල පේර ගෙඩියකුත් කකා... ඔන්න ඔහොමයි ඒ කාලෙ දවස ගෙව්වෙ....

    ReplyDelete
    Replies
    1. ඒකනේ බොලාගේ ගෙවල් හරියේ කොල්ලන්ගේ බෙලි ඇද වෙලා තියෙන්නේ...

      Delete
    2. ඔන්න මං කැමතිම දේවල්. සොඳුරු අතීතාවර්ජනයක මිහිරියාව. මෙවැනි මතකයන් තමයි හැමදාමත් මගේ සටහන් වර්ණවත් කරන්නෙ. මගේ සටහනකින් ඔබේ මතකයන් අවධි වන්නේ නම් එය මගේ සාර්ථකත්වයයි.

      හිරූ ඔබට බෙහෙවින්ම ස්තූතියි.

      Delete
    3. ඔන්චිල්ලාව ගැන කිව්වමයි මතක් උනේ. අර කලින් පෝස්ට් වලදි කිව්වා ඔයාලට මතකයි නේද මගේ පුංචි කාලෙ ගෙවුන කුලියට හිටපු සොරබොර ගෙදර ගැන. ඉතින් ඒ ගෙදර මිදුලෙ තිබුන උස ගහක්. ඔන්න ඔය ගහේ තාත්තා මටත් ඔන්චිල්ලාවක් බැඳල දීල තිබුනා. ඉතින් හවසට තාත්ත වැඩ ඇරිල ගෙදර එනකල් ඔය ඔන්චිල්ලාවෙ අම්මා වාඩිවෙනවා. වාඩිවෙලා මාවත් උකුලට අරන් බලං ඉන්නවා තාත්තා එනකල්. ඉතින් ඔය කාලෙ ගෙවිලා යනකල් අම්මා මාත් එක්ක ලස්සන කවි සිංදු ගායනාකරනවා.

      ඉතින් මටත් මේ මතකය ආයෙමත් අවධි උනේ ඔබේ කමෙන්ට් එක කියෙව්වට පස්සෙයි.

      Delete
    4. දේශක..

      ඇයි මචෝ, ඔය හරියෙ ඒ දවස් වල සෑහෙන්ඩ බයිසිකල් අනතුරු වෙනවලු.

      Delete
    5. හිරු දැං සිංදු කියද්දි අර කුකුළ අඬලනවලු හෝ ගාලා … බයට !!

      Delete
    6. අඩේ ඒ කුකුලා තාම ඉන්නවද දන්නෑ....................

      Delete
    7. පත්තරේ, විදානේ,

      ඔය කියන්නෙ අර බැරල් එකේ දාල ඉන්න කුකුල ගැනද?

      Delete
    8. නැතුව.. තව ටික දොහකින් ඌට බැරල් එකේ ඉඳං ෆ්‍රිජ් එකට ප්‍රමෝෂන් එකක් හම්බෙනවා.. ඕ යේස්.

      Delete
    9. සීතල හොඳට දැනෙන්න තටු ටිකයි හමයිත් ගලවනව කියන්නෙ. හිරූට ඕනි සයිස් එකට තාම හැදිල නෑලු.

      Delete
    10. ඕ යේස්… කුකුළ වහු පැටියෙක් සයිස් වෙනකංලු ඉන්නෙ … !!

      Delete
    11. එතකොට ඉතින් මට හිතාගත්තෑකි හිරූලගේ සයිස් එක. ගෝඨයිම්බර පරපුරේද කොහෙද.

      Delete
    12. යකෝ මං හිතුවා කුකුලෙක් බැරල් එකේ කිව්වම චිකන් ෆ්ලෙවර් වෙල් ෆැන්ටා එකක්වත් පෙරනවද කියලා.ආපෝ .මේ නිකන් හුරතලෙට . සිගිති කේස් එකක්නෙ :)

      Delete
    13. උෟ තාම අගේට ඉන්නව බං... දැං ගෙදර අපිටත් ගනං පාට් දාගෙන ඉන්නෙ... අද තව චුට්ටෙන් මං පඩිපෙලෙන් වැටෙනව.. මං කරුවලේ ගෙට එන්න යද්දි ඒකා පත වැල ගෙඩියක් වගේ පඩියක් උඩට වෙලා නිදි කිරනව... හි හි

      Delete
    14. බය වෙන්ඩ එපා හිරු මැඩම්.. අපි එනකං ඉන්න... අපිත් ඉතිං පිං කරන්න කැමත් උදවියනේ.. ඔන්න ඔහේ පිනට කියලා කුකුලා අපිට දීල දාන්න.. මෙව්වා අවිල්ලා පරම්පරා ගානක් ගොඩයන පිං.......................

      Delete
    15. මල්ලියත් ගිහින් කුකුලා ගැන කියවල ඇවිත් වගේ..

      ආ හිරූ.. හරියටම හරි එහෙනම් පත්තරය කිව්වා, කට්ටිය ඌව වහුපැටියෙක් විතර සයිස් වෙනකල් තම්යි බලං ඉන්නෙ නේද.

      Delete
    16. ආ.. කුකුල එහෙනම් බාර දීහල්ලකො විදානයාට, විළඳ කව කව රන් කූඩුවේ දාලලු හදන්නෙ. බයවෙන්නෙපා විදානෙට කුකුල් මස් ඇලජික්ලු.

      Delete
    17. හුකෑස් … හිරුවා උඹ ගම කාලනේ. හරියට කුකුලගේ බෙල්ලම බලල පෑගුවනං අද රෑට කරි චිකන් .

      හෙට උදේ හීල් බත් විත් කරි චිකන්.

      Delete
    18. අන්න අරූ චිකන් ෆ්ලේවර් බ්‍රෑන්ඩ් එකක් පෙරන්න කතාකරනවා. කරි චිකන් වලට වඩා හොඳ නැත්ද බං?

      Delete
    19. කැමට පෙර කරි චිකන් සමග ගල් චුන්ඩක්

      Delete
    20. ජුන්ඩක්???!! නෑවත් මදි උඹලට?? අනේ මංද.

      Delete
  5. දුක හිතෙන ලියවිල්ලක් එක්කම ඊට ගැලපෙන ගීයක්... !
    මේ මිනිස්සුන්ගේ ජීවිත වලටත් සැපවත් හෙටක් උදා වෙනවා නම්.....

    ReplyDelete
    Replies
    1. මේ ලංකාවේ ඒ ප්‍රාර්ථනය කවදාවත් ඉටුවෙන්නෙ නැතිවෙයි මධුරංග. ගොඩාක්ම ස්තූතියි ඔබේ අදහසට.

      Delete
  6. සඳ කිඳුරන් ඇත සඳළු තලාවේ
    රස මසවුළු වල සුවඳ පිරේ
    ඒ රස සුවඳට දෑස අයාගෙන
    බත් ඇට ඇහිඳිති පොඩි දරුවෝ...

    බොහොම අපූරු ගෙත්තමක් මචෝ..රිදෙන්නම වැදුනා !!!

    ReplyDelete
    Replies
    1. උඹේ ගී සයුරෙන් බිඳක් ගෙනත් තිළිණ කරල මේ ලිපිය හැඩකලාට බෙහෙවින්ම ස්තූතියි මචෝ..

      මේක මගෙන්..

      "පාට පෙට්ටි කෙළි සෙල්ලම් නගරය
      කාසි තරගයට සූදු කෙළිනවා
      ජීවිතයේ දිගු ගමන දුවන්නට
      මලේ නුඹට කල දවසක් එනවා.."

      Delete
    2. දන්සැල් ළඟ පෝලිම් වල සෝපාකලා..............

      දන්සැල් ළඟ පෝලිම් වල සෝපාකලා
      සතර අමා ගිනි නිවෙනා දා ,,,
      සුදහ ගින්දරේ,,,,,,, බලා ඉඳින්නෝ........
      නාවර පෙරෙනා මුහුණින්
      කඳුළු මිදුනු ගිජු දෑසින්
      දස දහසක් සක්වල වට අමාවතුර ගලනා දා
      පයිප්පයේ දුඹුරු වතුර බෙලෙක් පිඟානේ පුරවා
      මුවින් උරා බොන්නෝ,,,, සෝපාකලා........
      දන්සල් ළඟ පෝලිම් වල සෝපාකලා
      සතර අමා ගිනි නිවෙනා දා ,,,
      සුදහ ගින්දරේ,,,,,,, බලා ඉඳින්නෝ........
      පදික වේදිකා නිවසේ
      මව් සෙනෙහස විඳ නැතියෝ
      සියල් සතට තුන් ලොවටම
      අමා මෑණි බිහි වූදා
      පුතේ කියා මවක මුවින්
      කිරිවදනක් නෑසූවෝ
      අදත් ඉඳිති නාඩා ,,,,,සෝපාකලා.......
      දන්සැල් ළඟ පෝලිම් වල සෝපාකලා
      සතර අමා ගිනි නිවෙනා දා ,,,
      සුදහ ගින්දරේ,,,,,,, බලා ඉඳින්නෝ.....

      ගායනය : අතුල & සමිතා

      Delete
    3. ලැජ්ජ නෑ කියන්න. අහලා නෑ මං මේ ගීතය. ඒත් මේ ගීය මෙතනට ගෙනත් උඹ මේ ලිපියට පුදුම වටිනාකමක් එක්කලා ඇනෝ මචං. තිබුන අඩුපාඩු සේරම මේ ගීතයත් එක්ක මැකිල යනවා. ඔන්න ඕකයි රටේ තත්වය. ගොඩක්ම ස්තූතියි සහෝ..

      Delete
    4. ආං ඒකනෙ ඇනෝ මචං. මූව මරන්ඩෙපැයි.. ඔය වගේ සිංදු වලට ප්‍රසංග වෙදිකාවෙ කියන්නෙත් නෑනෙ මචෝ. නේද.. අපරාදෙ. නියම සිංදු . ඒකත් ලොකු හේතුවක් මේව හිට් නොවෙන්න. චැනල් වලිනුත් දෙන සපෝටෙක අඩුයිනෙ මේවට. අනිකමං හරි ආසයි මේ දෙන්නගෙ " සොඬින් නෙලුම් මල් ගෙනියන " සිංදුවටත් මචෝ

      Delete
    5. හෙහ් හෙහ් හෙහ් ....අනේ මලේ උබත් ඒ ඇතින්නට කැමතියි ද ? මොනා උනත් සීදේවි ඇතින්න .

      " සොඬින් නෙලුම් මල් ගෙනියන " සිංදුවට මමත් ලයික් ......
      මේවගේ සින්දු දැන් අහන්න නැති එක හරිම පාඩුවක් මලේ ...මේ වගේ දේවල් තිබුනා කියලා කියන්න හරි මෙහෙම බොලොග් එකේ කොමෙන්ට් ලියන එකත් හොදයි වගේ.

      Delete
    6. ඇනෝ යාලුවේ..
      සිංදුව හොයාගත්ත ඔයා මේක දාපුගමන්ම. ගොඩාක්ම ස්තූතියි. ඒක නෙවෙයි, එතකොට අපි චූ කොල්ලො ඈ??

      මචං පත්තරේ..
      මේකයි බං සීන් කෝන් එක, බොක්කටම වැදිච්ච දෙකතුනක් හැර මං මේ දෙන්නගෙ සිංදු වැඩිය ෆලෝ කරන්නෙ නෑ බං. උඹ අර කියන්න වගේ මේව ආයෙ මීඩියා වලවත් ඉඳල හිටලවත් යන එකක් යැ.

      Delete
    7. චැහ්! ඒ ඇතින්නනම්.. අතුලටත් වැරදුනේ ඔතන තම්යි. අනේ පත්තරයෝ කියන තැනකට වඳින්නම් ඇතින්නියෝ නම් ෆලෝ කරන්න එපා.

      මාත් ඒ සිංදුවටනම් මනාපයි මචංලා.

      Delete
    8. ඇනෝ මචෝ… ආයිත් අහලා :D හැබැයි වතුර පණිට්ටුව්ක් ගහල මේකප් ටික දිය උනොත් ඕං කියන්න බෑ කොහොම වෙයිදෝ කියල . හා හා

      සහතික ඇත්ත මචං. මෙහෙම සිංදු තිබුණ කියල මේ වගේ බ්ලොගක පොඩි ආතල් එකක් අස්සෙ කතාවක් යද්දි මට නම් හරිම සංතෝෂයි..ආයෙ මොනවද.. ඒ හරහා නොපෙනුනාට ලොකු කතාවක් කියවෙනවා..අප්ඩේට් වීමකුත් වෙනවා.

      මචෝ මනෝ.මීඩියා ගැන නැතුව වෙන මොකක් හරි කතා කරමු බං,, වචන අපරාදෙ

      Delete
    9. අඩේ මගෙත් ප්‍රියයතම ප්‍රිය සිංදු දෙකක් බං

      Delete
    10. @පත්තරේ,

      සහතික ඇත්ත බොල ඒ ගැන ක්තා නොකර ඉමු.

      ප්‍රියා,

      දෙන්න දිගටම එහෙම හිටියනම් මොකද බං නේද.

      Delete
    11. උංගෙ ලස්සන සිංදු ෂැට් එකක්ම තියෙන්නෙ බං. "සඳපානක් සේ ඇවිදින් " සිංදුවත් ලස්සනයි

      Delete
    12. ඒකනම් මගේ ෆේවරිට්ම! ඇයි බං ඒ වගේම මං ආසයි කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වටත්. ඒ කාලෙ නතිකරගත්ත බං දෙන්න විහින්ම. පස්සෙ පස්සෙ මෙලෝ රහක් නැතිඋනානෙ.

      Delete
    13. " සඳ තරු මල් - මට දන් දුන්
      මගේ රුසිරු නුඹ අරගන් "

      සිංදුවත් මාර ලස්සනයි බං.…

      Delete
    14. ඒ පාර උන් දෙන්නගෙ ඔක්කොම සිංදු ලස්සනයිද කොහෙද බං. උඹලනම් නියමයි මචෝ..සිරාවටම.

      Delete
    15. විසිරුනු මල්පෙති දෝතට ගත් කුමරී
      ඒ පෙති එක් කර මලක් සොයන බොලදී
      සරදම් නොකරමි ආදරයෙන් කියමී
      විසිරුනු පෙති යලි මලක් නොවෙයි නැගණී

      විසිරුනු මල්පෙති දෝතට ගත් කුමරී
      ඒ පෙති එක් කර මලක් සොයන බොලදී
      සරදම් නොකරමි ආදරයෙන් කියමී
      විසිරුනු පෙති යලි මලක් නොවෙයි නැගණී

      වෙරල සොයා රළ පෙළ දිව ආවත්
      වෙරලට කිසිදා දියඹ දකිනු හැකිදෝ
      බඳට පියාපත් යුවලක් ලැබුනත්
      අහසේ දෙකෙලවර නුඹට දකිනු හැකිදෝ

      විසිරුනු මල්පෙති දෝතට ගත් කුමරී
      ඒ පෙති එක් කර මලක් සොයන බොලදී
      සරදම් නොකරමි ආදරයෙන් කියමී
      විසිරුනු පෙති යලි මලක් නොවෙයි නැගණී

      බඹරුන් පසුපස මල් දිව නොගියත්
      අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
      මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
      නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ

      විසිරුනු මල්පෙති දෝතට ගත් කුමරී
      ඒ පෙති එක් කර මලක් සොයන බොලදී
      සරදම් නොකරමි ආදරයෙන් කියමී
      විසිරුනු පෙති යලි මලක් නොවෙයි නැගණී

      Delete
    16. ඔන්න අපේ මනෝගෙ කලින් පෝස්ට් එක :D

      Delete
    17. http://masandumal.blogspot.com/2014/07/blog-post_29.html

      මේයිය ලින්ක් එක. තොපි එකෙක්වත් ආවෙ නැති මගේ දුප්පත් පෝස්ට් එක.

      Delete
    18. අඩෝවි!!!!!!!!!!!!!!!!!!!!!1
      මං ඇවිත් එලකිිරි කොමෙන්ටුවකුත් කොටාාාාාාාාාාාාාාාාාාා ඇත.....

      Delete
    19. නෑ නෑ බොලාට කිව්වෙ නෑ...මයෙ අම්මේ තරහ අවසර.

      Delete
  7. මචං, ඇස් දෙකට කදුඵ පිරැනා.
    එල ද බ්‍රා (කියන්න ඔිනේ හැම දෙයක්ම මේ තුල තියනවා)

    ReplyDelete
    Replies
    1. \\කියන්න ඔිනේ හැම දෙයක්ම මේ තුල තියනවා//

      ඇත්ත මචෝ, උඹේ කමෙන්ට් එක ඇතුලෙ මගේ ලිපියට කදිම වටිනාකමක් දීල තියෙනවා. ස්තූතියි ගොඩක්ම.

      Delete
  8. වෙනදා වගේම සංවේදී ලියමනක් මනොෂ්....

    අහන්න දෙයක් නෑ කියන්න දෙයක් නෑ..
    සුපිරියි...

    ඒ වගේම විසිදහසට උණුසුම් සුභ පැතුම්!!!!!
    (තව අවුරුදු තුනකින් විතර මටත් සාමාජිකත්වය ගන්නහැකි)

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විදානේ, ඇත්තෙන්ම ගොඩක්ම ස්තූතියි.

      හ්ම්! අපි අහුවෙයි ඕවට. හිට් කවුන්ටරේ හංගගෙන ඉන්නේ ඇස් වහ වදියි කියන බයට බව අපි දන්නවා. ඔන්න හෙට අනිද්දට 50000ක් විතර උනාම එක පාරටම දායි කවුන්ටරේ.

      Delete
    2. මගෙ එකේ නං ලස්සෙ පැන්නා …

      Delete
    3. අම්මප මචං උඹ ඕක මතක් කරනකොට උඹත් එක්ක මට එන්නෙ ලේසි පාසු කේන්තියක් නම් නෙවෙයි. මාසෙට එක පෝස්ට් එකක් දාපංකො.

      Delete
    4. කියන්න ආඩම්බරයි. මාත් පත්තරයව ආදර්ශෙට ගත්තා බොලවු!!! :D

      Delete
    5. අහල තියනව නේ ගිරා පැටව් දෙන්නගෙ කතාව. ආං බලහං ප්‍රියා වැටිල තියෙන්නෙ තාපසයො ඉන්න පැත්තට !!!!!

      Delete
    6. අනිවා. පේනවනෙ තාපසයොත් අපි වගේ පොරවල් ආ දැන්!!!

      ආ නෑ අපිත් තාපසයො වගේ පොරවල්!!!

      Delete
    7. ප්‍රියා, ගී පවුරෙත් මං උඹටත් දෙකක් අමතලා ආවෙ. සිරාවටම පෝස්ට් එකක් දාහං මචෝ. පත්තරයගෙන් මොනා ආදර්ශෙට ගත්තත් ඕකනම් ආදර්ශෙට ගන්නෙපා මචෝ.

      පත්තරේ, ප්‍රියාට ගිරවු පෙන්නලා ඌත් උඹේ ගොඩට දාගන්න නේද ට්‍රයි එක. එව්වා කොහෙද අපි ඉන්නකල්.

      Delete
    8. ගිරවු මොන ගිරවුද කෙලින්ම පෙන්නලා තියෙන්නේ කොකා.නිකන් කොකා නෙමේ පාලම් කොකා.අනේ අහිංසක ප්‍රියා.:D

      Delete
    9. කොකා ගැන වෙනම පාඩමක් විදානයා ආව දවස්වලම කලා. අන්න ඒ කොක්කු ඔක්කොම ප්‍රියාට පෙන්නන්න යන්නෙ මචං. මායි ප්‍රියයි මේ කබරයා අදින්න යනගමන්, අනේ මචෝ, මේකට කිව්වට අහන්නෙ නෑ, ඌ කියන්නෙම මේ ගිරවෙක් කියල, පුලුවන්නම් උඹවත් තේරුම්කරල දීහං.

      Delete
    10. ඇයි යකෝ ලංකවෙ පොලිසිය වලහව හාවෙක් කරානං මූ ගිරවෙක් කරන එක ෂිම්පල්නෙ.චැහ්

      Delete
    11. ඒ උනාට ඔව්ව වැරදි වැඩ. බොට තියෙන බයට ප්‍රියා උනත් කියයි මං විහින්ම කොකෙක් උනා කියලා. මොකද මේ ලංකාවනේ. අන්තිමේ උඹ කියයි මට මොකුත් මතක නෑ කියල.

      Delete
    12. මොකක්ද බං මේ කොක්කු සීන් එක මට මුකුත් මතක නෑනේ

      Delete
    13. මොකක් ගැනද බං උඹල ඔය කියන්නෙ???

      Delete
    14. අඩේ ඇස් වහලා කරකවලා ටොකු දෙකක් ඇනලා වගේ සනීපයි. මට ඇත්තටම කියහල්ලා මම දැන් මොකෙක්ද? :D ;D

      Delete
    15. පෝස්ට් එකක් දැම්මෙ නැත්තං උඹ මොකෙද්ද කියල කාටවත් හොයාගන්න බැරිවිදියට ඉඳී ගල් රෝලකට චප්ප උනා වගේ.

      Delete
  9. අගනාම සටහනක් මලයා. මේ සටහන මං හේමසිරිට බලන්න ලින්කුව කිව්වා දුරකතනයෙන්. ඔහු දැන් විදේශකටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතෙු කරනවා..

    ReplyDelete
    Replies
    1. අඩේ නලීන් අයියේ පිං සිද්ධවෙනවා ඔයාට. ඒත් හේමසිරි මහත්මයාගෙන මට බැනුම් අහන්න වෙයිද මංද.

      නලින් අයියට ආයෙමත් ස්තූතියි සංගීත කලාව තුලින් මැකී යමින් සිටි ඔහුව නැවතත් අප අතරට සජීවීව ගෙනාවට. ඇත්තෙන්ම මෙහෙම මේ සටහන ලිව්වට ඔහු පිළිබඳ කිසිම දෙයක් දැනං උන්නෙ නෑ මං.

      Delete
    2. නලින් … උඹ ගැන අපි දන්නවා මචෝ !!!!

      ස්තුති කරන්නෙ නෑ පිං දෙනවා.…

      Delete
    3. ඒක තමයි පත්තරේ මාත් කිව්වේ.

      මට මේ දුන්නු වටිනාකමට නලීන අයියට කොහොම ස්තූති කරන්නද.

      Delete
    4. තැක්කිව් නලීන්

      Delete
    5. හදවතින්ම සුබ පතන මෙහෙම මිතුරු සේනවක් ලබන්න මං පිං කරලා. ස්තූතියි මචංලා...

      Delete
    6. බ්‍රෑන්ඩ් එක ගල් !!!

      ස්තුතියි …

      Delete
    7. නලින් අයියෙ ඇත්තෙන්ම වටින වැඩක්. +++++++++++

      මනෝ, //ඒත් හේමසිරි මහත්මයාගෙන මට බැනුම් අහන්න වෙයිද මංද.// බොට පිස්සුද?
      අනිවා, හේමසිරි මහත්මයාට හදවතින්ම සතුටු හිතේවි ඔහුන්ගේ නිර්මාණයට උඹ කරපු සාදාරණයට.

      Delete
    8. ආයෙත් අහල… නිර්මාණකරුවෙකුට ඔහුගේ නිර්මාණයක් ඇගයීම තරම් සතුටක් තියනවද ප්‍රියා… !!!!

      Delete
    9. ප්‍රියා...

      මචං ඒ උනාට පොඩි බයක් නැත්තෙම නෑ. මේක එතුමන් ලියපු ගීතය. එතුමගේ මට්ටමෙන් බැලුවම අපි මේකට කොච්චර දුරට සාදාරණයක් ඉෂ්ඨකරලද දන්නෑනෙ බං.

      Delete
    10. ඒකනම් ඇත්ත තමයි පත්තරයෝ.. තම්න්ගෙ නිර්මාණයක් තව කෙනෙක් අතින් අගේ කිරීමකට ලක්වෙනකොට තමන්ට දැනෙන සතුට අප්‍රමාණයි. ඒත් මචෝ අපි වගේ කජු කිරි කොල්ලො මොක්කුද බං මේ වගේ ගී පද රචනා ළඟ කතන්දර ලියන්න.

      Delete
    11. මං ගාව මල් චූඌඌඌට්ටක් ඇති ඕන්නං.

      Delete
    12. මං ගාව මල් චූඌඌඌට්ටක් ඇති ඕන්නං.
      ඊට පස්සේ .......................

      උඹ හැඩකාරයි කටකාරයි සොකරී යන්න එපා
      පැණි රස කෑම දිව ගාලා කංසා බොන්න සොඳා
      සුර ලොව පේන සැප ගාවා මා අත් හරින්නෙපා
      උඹ වැතිරීලා උඩුකුරුව සයනේ ඉන්න සොඳා

      බඳ අල්ලාලා නලවාලා බවලම් මාල දමා
      මේ දුක කෝම ඉවසන්න අඬලා කඳුළු සලා
      සිත මත් කරන මල් සුවඳ ගැලුවා දෝරෙ ගලා
      කට ගැලවීලා විසිවීලා යනකල් හාදු දෙනා

      ඔන්න

      Delete
    13. තණමල්විල මල් පිපුනත් තනනම් නීතියට
      ඒ සියලුම මල් වල අති සුවද සිදාදියට
      හිරිමල් විය ඉගිකෙරුවත් ඉදුවර හීනියට
      සිත් මල ලං කරන්න එපා ඇවිලෙන පාපයට......

      පොල් අතු පැල් පතක හින රන්දා මලිගයක 
      ලෙන්ගතු වී කතා කරයි යන්න දේව ලෝකෙටකාසි පැදුරු පිදුනාට ගිනිගත් ජීවිතයට 
      ඇවිද්ද පය විලංගු වෙයි ඔය කහ මල් යායට

      අපේ ගමේ සිටුවරයින් යහමින් ඈත අතමිට
       කාසි වලට හාදවෙලා නගරේ ලොකු උදවිය
      නිතිය තහනම් උනාට තාමත් ඉර හද යට 
      කොළඹට අරගෙන එනවා තණමල්විල මල් ටික

      Delete
    14. සිරිලක අපගේ... සිරි සැප දේ... ගහන අයයි ඒවා දන්නේ.....
      මත් පැන් වගෙ නෑ... වැඩි වියදම් නෑ... පොඩි ගානයි මේකට යන්නේ.....
      ඉස්සර වගෙ නෑ... දැන් දුන්කොලෙ නෑ... සුදු කොලයක ඔතලයි බොන්නේ.....
      බිව්වට වෙරි නෑ... කලබලයක් නෑ... කට්ටිය පාඩුවෙමයි ඉන්නේ.....
      මල් ඔතනෝ..මල් ඔතනෝ..
      වට පිට බල බල, මල් ඔතනෝ.....//
      මල් ඔතනෝ..මල් ඔතනෝ..
      ඇට නැටි ඇහිදල,මල් ඔතනෝ.....//

      පුන් සඳ පායල ඇති රැයක,,,
      ගඟ ලඟ ඇති පොඩි අතු ගේක,,,
      නැති කරගන්නට දුක ශෝක,,,
      හැමදාමත් කරනව මේක,,,
      මල් ඔතනෝ..මල් ඔතනෝ..
      වට පිට බල බල, මල් ඔතනෝ.....//
      මල් ඔතනෝ..මල් ඔතනෝ..
      ඇට නැටි ඇහිදල,මල් ඔතනෝ.....//

      Delete
    15. ගංජා කට්ටෙට ලොකු වටිනාකමක් දීල ඒ ඇතුලෙ තියෙන කාටවත් නොපෙනෙන කවුරුත් නොදකින කතාවක් කියපු සිංදුවක් තම්යි පත්තරේ උඹ මතක්කලේ. කොන්දේසි විරහිතව මං කවදත් ආස කරන සිංදුවක්. තැන්කූ මචෝ..

      Delete
    16. ඇනෝ මචෝ..

      මේකනම් පට්ට. ඒ ටිකට මං මේ ටික මේලකට අරන් අපේ ෆැක්ට්‍රියේ සියල්ල අතර බෙදල දැම්මා. උන් දැන් මල් ගහනව අපූරුවට.

      Delete
    17. දන්නවනේ ප්‍රසංග වේදිකාව මට අරහං. ගියෙ නෑ පැත්ත පළාතකවත්. ඒත් දැන් මේක බලනකොටනම් හිතෙනවා අපරාදෙ ගියානම් කියල. ආයෙමත් ස්තූතියි මචෝ...

      Delete
    18. මට ඉතිං ප්‍රසංග වේදිකාව කිව්වොත් ඊට වඩා දෙයක් නෑනෙ බං :D ඒ තුලිනුත් හරි අපූරු නිර්මාණ බිහිවෙනවා මචං… උදාහරනෙකට දීපාල් සිල්වාගෙ සිංදු ටික ගනිං … කොහොමද පද රචනා ටික ආතල් සිංදු ඇර ??

      Delete
    19. ඇත්ත මචෝ ඇත්ත. ඒත් මචෝ ප්‍රැක්ටිකලි ඔතනට ගිහින් ගීතයක් රසවිඳින්න තරම් මානසිකත්වයක් ඇතිව්න්නෙ නෑනෙ බං.

      Delete
  10. වීදි දරුවො ගැන කතා කරත්දි උඹ ගොඩ නගපු කතාවෙ කතානායිකාව ඇත්තෙන්ම වාසනා වන්තයි මචන්. ඒ ඇයට නිසි මඟ තෝරා ගැනීමට හැකි උනා. ඒත් බොහෝ විට වෙන්නෙ ඔහුනුත් උස් මහත්වී තවත් විදී දරුවන්ම බිහිකරමින් දිවි ගෙවීමයි.

    ඔය දුක්ඛිත ජීවි‍යට තිත තැබිය හැක්කේ අධ්‍යාපනය තුලින්ම පමණයි. උඹේ ඒ පණිවිඩයත් වැදගත්.

    ReplyDelete
    Replies
    1. එතනදි ඇය වාසනාවන්ත උනා මචං අහම්බෙන්. ඇය ළමා නිවාසෙකට නොවැටී ගණිකා නිවාසෙකට වැටුණනම්?? අද රට එහෙමනේ බං.

      උඹ කිව්ව කතාව හරි. අධ්‍යාපනය තමයි හොඳම විසඳුම. ඒත් මචං ඒකට සුදුසු ප්‍රායෝගික සාර්ථක ක්‍රියා පටිපාටීන්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මටනම් සිහිනයක් විතරයි මේ රටේ.

      Delete
  11. උඹේ විසිදාහට. බොක්කෙන්ම සුබ පැතුම් මචෝ!!!

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් බොක්ස් එකේ මොකක් හරි කේස් එකක්ද බං. රෙද්ද!!!! එක දිගට ටයිප් කරන්න බෑනෙ.

      උඹේ ලියවිල්ලත් අද උපරිමයි මචෝ. විශේෂෙන්ම මේ තැන් දෙක මට මාර විදිහට හිතට වැදුනා.

      //ඒදා ආශාව විය. නමුදු වත්කමක් නොමැතිවිය. අද වත්කමක් ඇත, නමුදු ආශාවක් නොමැත. මෙය නොවේද ජීවිතය//,,//අතින් අල්ලන්ට වරම් නැති නමුදු නෙතින් අල්ලා සිතින් තුරුලු කරගත් මේ අරුමෝසම් ලෝකය මගේම කරගනිමිනි.// +++++++

      Delete
    2. මචෝ මං ගනං හදල බැළුවා තව 18689 කින් මටත් විසිදාගක් ගත හැකි

      Delete
    3. තව බීමක් … මැරිල යයි බොළව් අඩු වයසෙං මෙහෙම ගියොත් :D චැහ්

      Delete
    4. මචං ප්‍රියෝ.. මුලින්ම උඹේ සුබපැතුමට ස්තූතියි ගොඩක්ම.

      අනේ මංද බං, උඩින්ම මහේෂයත් ඔයවගේ පැමිණිල්ලක් කරල තිබුනා. කමෙන්ට්ස් සෙටිංග්ස් වල දැනුවත්වනම් මොකුත්ම වෙනසක් කලේ නෑ මචෝ. කොහොම උනත් අද බ්ලොගර් නම් ෆුල් මඥ්ඥං උදේ ඉඳලම. කරදර මැද්දෙන් හරි මෙහෙම කමෙන්ට්ස් දාන එකටනම් තැන්කිවු සහෝ.

      පෝස්ට් එකේ උඹ ඔය කිව්ව කොටස් දෙක හදවතටම වදුණු තවත් කෙනෙක් හිටිය ඔන්න.

      \\ඒදා ආශාව විය. නමුදු වත්කමක් නොමැතිවිය. අද වත්කමක් ඇත, නමුදු ආශාවක් නොමැත.//

      ඔන්න ඔය කතන්දරේ අපි බහුතරයකගේ ජීවිත වලට පොදුයි නේද බං. අනේ මංද, මං නම් ඒක විඳල තියෙනවා.

      Delete
    5. ඒයි විදානයෝ..

      උඹ බොරු කියන්න ඉගෙන ගත්තෙ මොන ඉස්කෝලෙන්ද බං? බොලයි මායි බ්ලොග් වලට ආවෙ එකම කාලෙ. නිකං බ්ලොග් එක තිබුනත් මෙලහට 10000 පැනල. බොරුනම් ඔය ළඟම ඉන්නෙ, අහපංකො පත්තරයගෙන්. ඌ දන්නවා ඔය ගැන හොඳට.

      පත්තරයෝ..

      බයවෙන්නෙපා, අවුලක් නෑ. අරක්කු උඹට විස නෑ. මං හිතන්නෙ දැන් උඹේ ඇඟේ ජල ප්‍රතිසතයට වඩා ඇල්කොහොල් ප්‍රතිසතය වැඩියි!!

      Delete
    6. සෙලිබෙරේට් බැරිනම් කැලිබරේට් හරි කරමු යකෝ බයිසිකලේ පැච් එකක් ගියත් ඒක සමරන කොල්ලෝ අපි.

      Delete
    7. අම්මපල්ල ටිකක් වැඩිපුර හුජ්ජ ගියත් බොයි උඹල. ඕ යේස්!!

      Delete
    8. මචං පාටි නම් කියපල්ලා. අනිවා මැරෙන්න උනත් අපි එතන.!

      Delete
    9. ඇයි, කබරය අදින්ඩද?

      Delete
    10. මූ බයිට් පෙරේතකමට එන්නේ... කාලා කාලා කබරයා දාන්න.............

      Delete
    11. ආන්න හරි. මං එන්නෙත් ඒකටම තමයි.

      Delete
  12. අඩෝ අපිට විදුලි අර්බුදයක් තිබ්බනෙ උදෙ ඉඳන් මන් කියවලා එන්නම්

    ReplyDelete
    Replies
    1. මං ඒත් බැලුව වෙනදට කලින්ම එන මිනිහා මොකෝ අද පරක්කු කියලා. හා හා එහෙනම් කියවල කරල එන්නකො නිවී සැනසිල්ලෙ.

      Delete
    2. මචං පට්ට හොදේ. යකෝ මේ සිරාවටම කියන්නේ මේක නම් පට්ට. කොහොමත් මට ඔය පොඩි කෙල්ලො අඬනකොට දුක හිතෙනවා( දැන් කියපියව් බාල අපරාධ කාරයා කියලා ) මේකනම් මචෝ උඹ නිල බලලා ඇනලා තියේ පපුව කැක්කුම හැදෙන්නම.

      Delete
    3. මල්ලියා..

      උඹේ කමෙන්ට් එකනම් බොක්කටම වැදුන මචෝ.. ඇත්තෙන්ම උඹේ වචන ලොකු දිරියක්. ස්තූතියි කොල්ලෝ....

      Delete
    4. චැහ්. ලයිටුත් නැද්ද. චැහ්කොහෙද බං ඉන්නෙ නොරොච්චෝලෙද ?

      Delete
    5. උදේ ඉඳන් කපලා බං.ලංවිම වැඩ දන්නැද්ද ඉතිං.උදේ බියර් එකක් ගහන්න ගියා හවස් වෙද්දි කූල් ඉවර වෙන නිසා.කොහෙද ගිය ගමන් බාර් එකේ එකා කිව්වානෙ මල්ලි කූල් නෑ කියලා.අනේ ඉතින් මක් කොරන්නද බිව්වා නිකන් වහ බිව්වා වගේ.අයියො සල්ලි. :D

      Delete
    6. ලයිට් නැති දවසට නම් හොදි ඕන්නෑ. අපේ පැත්තෙනම් ලයින් එකේ ගස් කැපුවත් හය වෙනකල් ලයිට් නෑ.

      මොනා උනත් මල්ලියාට වෙච්ච වැඩේටනම් සාදු! සාදු!! සාදු!!!

      පත්තරය එහෙමනම් බියර් කෑන් එක වතුරෙ දාං ඉඳල හරි කූල් කරගන්නවා. නැත්ද මචෝ මං කියන්නෙ. ඕ යේස්!!

      Delete
    7. තොපිටත් කවද හරි දවසක් වෙන්නැතෑ මෙහෙම එකක්.තොට මේ කතාවට උපදින ආත්ම හතකට බොන්න හම්බෙන්නෑ.ඕ යෙස්

      Delete
    8. ඪීෆ්‍රීසර් එකේ ඇති දියවෙච්ච නැති අයිස්.. කෑන් දෙකක් ඇරං ඔබපිය දියවෙන්න කලිං … අපි වෙනුවෙන් අපි

      Delete
    9. @මල්ලියා,

      ඉතින් හොඳයිනෙ බං. මං හිතුවෙ මෙහෙම ඉන්න පුලුවන් මේ ආත්මෙ විතරයි කියල. හැක හැකස්!

      @පත්තරේ,

      ඒක හිම දියවෙන වර්ගෙ එකක්ලු බං. බියර් ටික හලමු සිඟිති මැටි කලේකට.

      Delete
    10. මම නම් ලයිට් නැත්නම් කලින්ම පොඩිඑකා බුදිකරන්න කියනවා වයිපරේට

      Delete
    11. පොඩි එකා බයවෙන හින්ද වෙන්ඩැ!

      Delete
    12. ඒ පිටට පොඩි වැස්සකුත් ගියානං …

      Delete
    13. පත්තරේ,

      වහලෙට හීනියට වැහි කැට වැටෙනකොට.... මට මැවිල පේනවා බොලවු.

      ඒ ප්‍රියා,

      ඉතින් කටවුට් එක ගලවලපැත්තකින් අරං තියපංකො.

      Delete
    14. එක අතකට වැස්ස කියල මට දැන්ම වැඩක් තියෙන එකක්යැ. ඔන්න ඔහෙ මේ පෑවිල්ල හොඳා තව අවුරුදු තුන හතරක් යනකල්.

      Delete
    15. හුකෑස් :D මනෝ දවසේ කතාව.… හිනාවෙලා පණ ගියා .

      Delete
    16. ඔව් ඔව් උඹල හිනාවෙයල්ල. තුවාලෙ තියෙන්නෙ මගේනෙ!!

      Delete


    17. හිත මනමාල කම් කරයි
      සිතුවිලි සීතලෙන් ගැහෙයි...//
      අඳුරේ නුහුර සැරිසරයි
      ගී කිරිල්ලියේ......
      උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි...
      උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි...
      ලේ කැටි සීතලෙන් මිදෙයි
      තනිකම් දොසින් හා පුරයි
      රෑයම රෝසයෙන් පිරෙයි
      ගී කිරිල්ලියේ......
      උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි...
      උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි...

      Delete
    18. ඇනෝ මචෝ … උඹ නං පට්ට ඩයල් එකක් බං.. නරකද මචෝ ප්රොෆයිල් කට්ටක් අටෝගත්තොත් දැං .. විනාඩි පහේ වැඩේනෙ බං..? "සිංදු ඇනෝ" කියලා හරි කමක් නෑ :D උඹ වටින එකෙක්. ඒකයි.. බොහොම සුහද ඉල්ලීමක් මචෝ.

      Delete
    19. අඩේ සිරාවටම, පත්තරේ එක්ක සීයට දෙසීයක් එකඟයි මාත්. අපි ප්‍රෝෆයිල් එකක් හදාගමු මචෝ. මොකද මේ අවකාශෙට උඹ අවශ්‍යම එකෙක්.

      ඇනෝ මාව තවත් අවුස්සනව අප්පා. තියෙන පිහාට්ට ඉහල ගන්න පිනක් නෑ නොවැ.

      Delete
    20. පත්තරේ & මනෝ , බොහොමත්ම ස්තුතියි මචෝ ආරාධනාවට ,,,,,,,,,,
      මට ඔය සින්දුවක් දෙකක් මතක් වෙලා බොලගේ පොස්ට් එකේ කොමෙන්ටුවක් විදිහට දැම්මට මට ලියන්න බැ බන්ස්ල ....
      ඉස්කෝලේ යනකොට වත් රචනාවක් තරමවත් ලියන්න බැ . හැමදාම මගේ රට , මග ගම තමයි .....මේ ආතල් එක හොදයි මචෝ.....ලියන්න උඹලා ඉන්නවනේ ....කියවන්න අපි ඉන්න ඕනෑ .දැන් අවුරුදු 4ක් ම කියවනවා ....
      නැවතත් බොහොමත්ම ස්තුතියි....තොපි ලියපියව් ....

      Delete
    21. නෑ මචෝ මෙහෙමයි, දැන් බලහං අපේ ඔය පත්තරය. මෙලෝ අකුරක් ලියනවද. නෑනෙ. ඒ උනාට මහ ලොකුවට බ්ලොග් කට්ටකුත් අටවං ඉන්නෙ. එක පෝස්ට් එකක් නෑ. උඹ එහෙම කරන්න ඕනි නෑ. අපි මේ කියන්නෙ බ්ලොගක් නැතිව හරි ඔය පත්තරය වගේ ප්‍රෝෆයිල් එකක් හදාගමු කියලයි. ලස්සන නමක් දාල, හොඳ ෆොටෝ කෑල්ලකුත් එල්ලලා එහෙම. ඒකත් බ්ලොග් ලොවේ නියම උපසංස්කෘතියක් බං. නිකං සින්දු ඇනෝ කියල දාගත්තොත් උඹ තමා ඒ උපසංස්කෘතියෙ පළමු පුරුක වෙන්නෙත්. ඩිංගක් හිතල බලහංකො කියනවට.

      Delete
    22. තොට ලියන්න කිව්වෙ නෑ බොල.. මේ මට ප්‍රොෆයිල් එකක් තියෙන්නෙ. මං ලියනවයෑ ?? මචෝ ID එකක් හදාගනිං කියල කිව්වෙ මේ මං වාගෙ.. උඹව අනිත් ඇනෝලාගෙන් වෙන් කරලා අඳුරගන්න. ඇනෝ නරකයි කියනව නෙමෙයි. අපිට ලේසියිනෙ බං මේ සිංදු ඇනෝ කියලා අඳුරගන්න. හිටහං මම ලින්ක් එක දාන්න .. කැමතිනං එකක් අටෝගං බ්ලොග් ලියන්න ඕන් නෑ.. මං නොලිය කෝමද බං උඹට ලියපං කියන්නෙ :D

      Delete
    23. ඉතින් බලාපල්ලකෝ උඹලා කියලා තියන සිංහල මට මෙහෙම ටියුබ් ලයිට් උනා නම් වෙන මොන කතාද :(
      හරි හරි මම ප්‍රොෆයිල් එකක් හදා ගන්නම් .....
      පත්තරේ මම මේ උඹේ කතාවට මනාපයි බන් "මං නොලිය කෝමද බං උඹට ලියපං කියන්නෙ"

      Delete
    24. ආන්න හරි. ඔය කියල තියෙන්නෙ පත්තරය සිංහලෙන්ම. අපේ පත්තරයටනම් ඔය ලියන්න බැරිකමකට නෙවෙයි නොලිය ඉන්නෙ, ඕකගෙ තියෙන කම්මැලි කමට.

      එහනම් ඇනෝ මචෝ, මේ උඹට ඇනෝ කියන අන්තිම පාර ඈ... දකුණුපය පෙරට තියා අරඹමු එහෙනම්..

      දැන් ඉතින් ඕකටත් පත්තරයට බොන්න ඕනි වෙනවා ඕ යේස්!!

      ආ මචෝ පළවෙනි කමෙන්ට් එක මට දාපං හොඳේ..(හැක් හැක්)

      Delete
  13. අපූරුයි.. ගීතයත්, පද මාලාවත්, ගායනයත්, නීලාගේ පපු කුහර විනිවිද යන කට හඬත්.. එමෙන්ම මේ අගනා සටහනත්..

    සුබ අනාගතයක් කොල්ලෝ....

    ReplyDelete
    Replies
    1. වචන කිහිපයක් තුල හිත පිරිල යන අදහසක්. දයාබර සුබපැතුමක්. ගොඩාක්ම ස්තූතියි මාතලන් අයියණ්ඩියේ..

      Delete
  14. යොදාගෙන තියෙන පින්තූරේන් කතාවේ සංවේදී බව තවත් වැඩි කලා කියලයි මට හිතෙන්නේ..

    විසිදාහටත් උණුසුම් සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. පිංතූරයට ලැබුනු දෙවනි ප්‍රතිචාරය. තවත් කෙනෙක් ඔය විදියටම කිව්වා. බෙහෙවින්ම ස්තූතියි තුශානි ඔබටත්..

      Delete
  15. උඹෙ ලිපි ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ.. වෙනද වගේම අදත් ගී සංවේදනාව අපූරුවට දැනුණා.
    විසි දාහට උණුසුම් සුභ පැතුම්..
    එකයි බිංදු පහට ඉක්මනට යන්න ලැබේවා..

    ReplyDelete
    Replies
    1. චැහ්! උඹේ ප්‍රෝෆයිල් ෆොටෝ එකට මොකද්ද බං මේ කරගත්තෙ? නිරුවතින් වගේනෙ. (හැක් හැක්!!)

      තැන්කූ මචෝ උඹටත්. හප්පා.. ලස්සෙ කියන්නෙ තව මේ වගේ පස් ගුණයක්නෙ බං...

      Delete
    2. ඈ බොල උඩු කය නිරුවතින් ඉන්න කොල්ලො මීට කලින් දැකල නැද්ද..

      Delete
    3. දැකල තියෙනවා. හැබැයි බ්ලොග් එකක දැක්කෙ මේ පාර.

      Delete
  16. මේ ලිපියත් කලින් එව්වා වගේම බොහොම සාරෙට ලස්සනට ලියල තියෙනවා.

    මනොෂ් ට තියෙන්නේ බොහෝ දෙනෙක් ඉගෙන ගන්න උත්සහ කරන අපූරු හැකියාවක්.

    විසිදහසේ කඩයිමට විභීෂණ ගෙන් රාජකීය සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. මෙන්න මං කොලරෙක උස්සගත්ත එහෙනම්. අගය කිරීමටනම් බෙහෙවින්ම ස්තූතියි විභීෂණ.

      ඒ වගේම විසිදහස වෙනුවෙන් දුන් රාජකීය සුබපැතුමත් බොහෝම ගරුසරු ඇතිව බාරගන්නවා මං.

      Delete
    2. බ්‍රෑන්ඩ් එක ගල්.

      -ස්තුතියි-

      Delete
    3. යකෝ රාජකීය සුබ පැතුමකටත් ගල්ද? නොදෝකින්!

      Delete
    4. යකෝ ගල් කියන්නේ රාඡකිය තමයි.

      Delete
    5. අපි සිංහ වංසෙ. ඔබ?

      Delete
    6. අපි ඇවිල්ල්ල පුරේ දුටුගැමුණු පරම්පරාවෙ !!! මෙන්ඩියා කියහං …

      Delete
    7. ඒකිව්වෙ මල්වින් විසිල්ලාගේ?

      Delete
  17. මේ සිංදුවනම් මට ටිකක් වගේ නුහුරුයි.. ඒත් කමක් නෑ, උඹේ සටහන පට්ට.. වීදි දරුවෝ ගැන ලියවුන කතාවක් මගෙත් තිබුනා.. මගේ මල්ලේ හොයන එක මටම අමාරුවක් හන්දා ඒක අත ඇරලා දැම්මා..

    කියන්න දෙයක් නෑ උඹේ ලිවීම නියමයි.. මට කියවන් යද්දී හිතුනේ මට තියෙන පොඩි අවුලම උඹටත් හිටි ගමන් තියෙනවා කියලා.. ඒ සමහර වාක්‍ය පමණට වැඩිට ටිකක් දිග වෙන එක.. ඒක වෙලාවකට හොදයි වෙලාවකට නරකයි.. උඹට පණ්ඩිත උපදෙස් දෙන්න බෑ මටත් ඒකම වෙන හන්දා..

    හිතේ නිදහසින් උඹට ඕන දේ උඹ කැමති විදිහට ලියන් පලයන්.. එතකොට ඔය අංක දවසක උඹ හිතනවට වැඩිය වැඩි වෙලා තියෙවි.. සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. //ඒ සමහර වාක්‍ය පමණට වැඩිට ටිකක් දිග වෙන එක..\\

      අම්මප මචෝ ඒකනම් සහතික ඇත්ත. කෙටි වාක්‍ය ලියාගන්නම බෑ. ඉඳල හිටල හරි එහෙම ලිව්ව ගමන් ඒව නිකන් තුන වසර රචනා ලියන කාලෙ මතක් කරනවා. මට උඹෙන්නම් තාම එහෙම අවුලක් දැනිල නෑ. ඒත් මේ අවුල ලිහාගන්න ඊළඟ පාර ඉඳවත් ට්‍රයි කරන්න ඕනි බං. සමහර ත්න තියෙනවා එහෙමලියන්න ඕනි. එත් ඒක නිතර වෙනකොට පාඨකයා වෙහෙසට පත්වෙනවා.

      අංක ගැන වැඩිය හිතන්නෙ නෑ බං. ඒත් මං ලියපුවා මෙච්චර මෙන්න මෙච්චර ගානක් කියවල කියල මතක් වෙනකොට ලොකු ආත්ම තෘප්තියක් දැනෙනවා.

      ස්තූතියි මචෝ..උඹලගේ මේ වචන තමයි හැමදාමත් ශක්තියක් උනේ.

      Delete
  18. එන්න ප්‍රමාද වුනාට සමා වෙයන්...... මම මෙවැනි ලිපි කියවන්නෙ බොහොම නිදහස්ව......
    සංවේදී ලෙස අකුරු කිරීම හරිම අපුරුයි.......
    මෙවැනි දේවල් ඇත්තටම වෙනව නම් ලෝකය කොච්චර නම් සුන්දර වෙයිද........(හැබැයි දශම ගානක් ඇත්තටම වෙලා නැතුවත් නොවේ...)
    දිගටම ලියන්න මනොෂ් මල්ලියො .......
    සුභ අනාගතයක්'''''''''''''''! ......... (මේ පැතුම ජාතියේ පියා ගෙ පැතුම නොවන බව සලකන්න)

    ReplyDelete
    Replies
    1. කෙන්ජි අයියා මොනා කියනවද මංදා. සමා කුමට අයියණ්ඩියේ කීයට හරි ඇවිත් මේ ලියන දේවල් කියවන එක තමයි වටිනාකම.

      මේ ලෝකෙ, විශේෂයෙන්ම ලංකාවෙ මෙවැනි දේවල් දුර්ලබයි තමා. ඒත් කෙන්ජි අයියා කියන්න වගේ මේ දේවල් මේ අහස යට නොවෙනවත් නෙවෙයි. කොහොම උනත් මේ වීදි දරුවන්ගෙ ප්‍රශ්නෙ නම් ලංකාවෙ හැම නගරෙකටම පොදුයි. අපේ පාලකයන්ගේ සංවේදී හදවත්, දරුවොන්ගෙ තාත්තලා කියාගන්න එවුන්ට නොදැනෙන එකයි අරුමෙ. සමහර විට ආස්චර්යෙන් දෑස් වැහිල වෙන්න ඇති.

      \\මේ පැතුම ජාතියේ පියා ගෙ පැතුම නොවන බව සලකන්න//

      තාමත් හිනායනව කෙන්ජි අයියෙ ඒ කතාවටනම්, අම්මපා ඒ ලස්සන සුබ පැතුමත් භාශාවට අහිමි කලා මෙවුං.

      Delete
  19. අපූරු ගී නිර්මාණ මෙහෙම ඉස්මතු කරන්න. සිංහල වෙබ් අවකාශය මෙහෙම සටහන් වලින් පොහොසත් කරන්න ඔබ ගන්න උත්සාහය පසසනව. දැන් ගොඩක් වෙලාවට සිංහලෙන් සෙවුමකදී ඉස්සෙල්ලම එන්නෙ බ්ලොග්ස්. ඉතින් විනෝදාස්වාදය ලැබෙනව වගේම හරවත් දේ සිංහල ලිපිවල තියන එක වටිනවා. ඔබට ස්තූතියි.
    කලණි පෙරේරා මෙතන ඉන්නව

    ReplyDelete
    Replies
    1. මෙච්චර කාලයක් ඔබේ බ්ලොග් එක මඟඇරිල තිබුනෙ කොහොමද කියල මං තාමත් හොයනවා. ඇත්තෙන්ම ඔබේ අඩවිය මට නිධානයක් වගේ. ඒ තරම්ම ගීතයෙන් සාරවත්.

      සුබාවිත ගීතයට දැඩිව ආදරය කරන රසිකයෙකු විදියට මගේ මේ උත්සාහය රසිකත්වය මොටවෙමින් පවතින අපේ පරපුරට සුබාවිත ගීතයේ රසය ලබා දීමටයි. මා විශ්වාස කරන අයුරින් සිංහල සුබාවිත ගීතයට පුලුවන් පිරිහෙමින් දූෂිත බවට පත්වෙලා යන මේ පවතින සමාජය වෙනස් කරන්නට.

      ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම බෙහෙවින්ම ස්තූති කරනවා ඔබට.

      Delete
    2. තැන්කිව් තිස්ස.....
      කලණි පෙරේරා හඳුන්වා දුන්නාට.................................

      Delete
    3. තිස්ස සොයුරාණෙනි ඔබට බොහොමත්ම ස්තූතියි මේ සේයාරුව ලබා දුන්නට. පෝස්ට් එකට මං ඒ ෆොටෝ එකත් එකතුකලා. යටින් වෙනම සටහනකුත් ලිව්ව මේ ගැන.

      ස්තූතියී නැවතත්.

      Delete