"අපේ පරිගනකයේ මතකය ගිලගන්නා Duplicate Files..."
ලියන්න යන්නෙ නම් පොඩි පහේ තාක්ශ්ණික කාරණයක් ගැන. ගී සංවේදනාවක් කියවන්න හිතාගෙන ඇවිත් මේ කිව්ව කතාව අහල කේන්ති එහෙම ගියානම් තරහ අවසර! ඒත් අමතකවෙලා යන්න කලින් මේකත් ලියල දැම්මනම් කවුරු හරි වැඩක් ගනී කියල හිතුවා. ඒ නිසා ඔන්න ඔහේ ඕනි එකක් කියලා ලියල දැම්මා.
මේකත් මගේම අත්දැකීමක ප්‍රතිපලයක් තමයි. දැන් දවස් දෙකතුනකට කලින් මට පොඩි අලකලංචියක් උනා. ඒ තමයි මගේ පරිගනකයේ ගබඩා ධාරිතාවය ඉවරෙටම ඉවර උනා.
හදිසියකට ගිගාබයිටයක් වත් නැතිවෙන තරමට ඉඩකඩ සීමා සහිත උනා. බැලුව මම ඩිලීට් කරල අයින් කරල දාල ඉඩගන්න පුලුවන් මොනාහරි තියෙනවද කියලා. එහෙම තිබුන අනවශ්‍ය ෆයිල්ස් කිහිපයක් මකල දැම්මත් සුලු ඉඩ ප්‍රමාණයක්වත් වැඩිපුර හොයාගන්න බැරි වුනා. ඉතින් කරගන්න දෙයක් නැතිව මං ටිකක් කල්පනා කලා. ඩිලීට් කරල අයින් කරන්න තරම් කිසිම දෙයක් තිබුනෙ නෑ. ඔක්කොම තිබුනෙ අත්‍යාවශ්‍යම දේවල්. ඉතින් මං මේකට විසඳුමක් කල්පනා කලා.
හදිසියේම මට මතක් උනා සමහර විට අපි අතින් අතපසුවීම් වලින් එකතු වෙච්ච Duplicate Files සෑහෙන ප්‍රමාණයක් හාඩ් ඩිස්ක් එකේ ගබඩාවෙලා ඇති. ඒ නිසා ඒ ටික අයින්කරගත්තොත් මට සැලකිය යුතු ඉඩක් හොයාගන්න පුලුවන් වෙයි කියල මට හිතුනා. ඒත් මේක කොහොමද කරන්නෙ, පරිගනකයේ අනේක විද තැන්වල සේව් වෙලා තියෙන Duplicate Files මං කොච්චරක් කියල හොයන්නද, කොහොම හොයන්නද. ඉතින් මේ ගැන හිතනකොට මට නිකමට වගේ හිතුනා, Duplicate Files හොයල දෙන මෘදුකාංග සමහර විට අන්තර්ජාලෙ ඇති කියලා.
ඉතින් මම Duplicate File Finder කියල ගූගල් සෙවුමක් කලා. ඔන්න ඉතින් මේ ජාතියේ මෘදුකාංග රාශියක සබැඳි මට දකින්නට ලැබුනා. ඉතින් ඒ අතරින් මගේ හිත ගිය එකක් මං තෝරගත්තා. මෙගාබයිට් එකක් තරම්වත් නොවන කුඩා ගොනුවක් වෙච්ච ඒ මෘදුකාංගය Download කරගෙන මං ඒක පරිගනකයට Install කලා. ඊට පස්සෙ මේ මෘදුකාංගය ධවනය කරල බැලුව. ෂහ්! ඒක කදිමෙට වැඩකරනවා. ඒ වගේමයි භාවිතයත් හරිම පහසුයි සරලයි. කොහොමින් හරි මං මගේ හාඩ් ඩිස්කයේ විවිධ පාටිෂන් සඳහා මෙම මෘදුකාංගය මඟින් ඩුප්ලිකේට් සර්ච් කලා. ප්‍රතිපල ගොඩක්ම සාර්ථක උනා. ඔයාල දන්නවද, මගේ පරිගනකයේ ඩුප්ලිකේට් ෆයිල්ස් දහස් ගනනක් හම්බුනා. ඉතින් ඒ මෘදුකාංගය භාවිතයෙන්ම මං ඒව සියල්ලම මකල දැම්මා.
ඉතින් මං නොහිතනා තරම් ඉඩක් මට ආපසු අත්කරගන්න මට පුලුවන් උනා. කොටින්ම කිව්වොත් ගිගාබයිට් 4කටත් වඩා Duplicate Files මට මේ මෘදුකාංගය හොයල දුන්නා. ඉතින් මට නැවතත් ඉතාම සුලු ඉඩක් ආපසු අත්පත්කරගන්න හැකිවුනා.
ඉතින් ඔන්න ඕකයි කතාව. මට මේක මෙහෙම ලියන්න හිතුනෙ, මට විස්වාසයි ඔයාලගේත් කම්පියුටර් වල ඔබ නොහිතන තරම් ඉඩකඩක් මෙවැනි ද Duplicate Files සඳහා භාවිතා වෙලා ඇති. ඉතින් ඒ ටික නැවත හොයාගෙන එකවරම කරදරයකින් තොරව මකල දාල නිකරුණේ අපතේ ගොස් තිබූ ඉඩකඩ ඔබට ඉතිරි කරගත හැකියි.
ඉතින් මං ඔයාලටත් මේ මෘදුකාංගය මං ලබාගත්ත සබැඳිය ලබා දෙන්නම්. තවමත් මෙවැනි පරීක්ෂණයකට ඔබේ පරිගනකය ලක් කොට නොමැතිනම් මේ හරහා එම අත්දැකීමවිඳ බලන්න. ඔබට මෙය බෙහෙවින්ම ප්‍රයෝජනවත් වනු ඇත.
මෘදුකාංගය ස්ථාපනය කොට විවෘත කරගන්න.
මෙලෙස Open වූ පසු මම රතු පැහැයෙන් කොටුකර දක්වා ඇති අයුරින් එම Check Box Select කරගන්න. මීළඟට ඊට තරමක් ඉහලින් මම කොල පැහැ කොටුවෙන් දක්වා ඇති ස්ථානයට ඔබගේ පරිගනකයේ ඩුප්ලිකේට් ෆයිල්ස් සර්ච් කල යුතු පාත් එක ලබා දෙන්න. මීළඟට දකුණු පස ඉහල ඇති START SEARCH බට්න් එක ක්ලික් කිරීමෙන් සෙවීම ආරම්භ කල හැකිය. අවසානයේ සියලු Duplicate Files පෙන්වා දෙනු ලබන ආතර එම මොහොතේම කැමතිනම් ඒවා Delete කල හැකිය.
එසේනම් මෙය අත්හදා බැලීමට ඔබටත් ඇරයුම් කරන ගමන් අදට මෙතකින් මං නවතිනවා. ගී සංවේදනාවක් කියවන්න බලාපොරොත්තුවෙන් ඇවිත් කිසියම් අයෙකුට යම් අපහසුවක් සිදු වූවානම්, සියදහස් වරක් සමාවෙන්න. මා අත් විඳි පහසුව ඔබත් සමඟත් බෙදාගන්නයි උවමනා උනේ.
එසේනම් ඉතාම ඉක්මනින් ගී සංවේදනාවක් සමඟින් යළිත් අපි හමුවෙමු.
(දයාබර සිංදු ඇනෝ... වද දෙනව කියල ඔබට මෙහෙමත් වද දෙන එක සාධාරණ නෑ තමයි. ඒත්, හැකිනම්, මේකට ගැලපෙන සිංදුවක්........)

