•වසර මිලියන දෙක හමාරක් පුරා අප සොයා ආ ඔබ...
Monday, August 11, 2025
•ඇන්ඩ්‍රොමීඩා
Friday, November 15, 2024
•නැවත ඒ ඉල් මහේ
"නුඹේ නමින් හැම හදක පිළිමයක් තැන්පත් වී ඇත..."
ඉල්මහේ දුර ඈත දිනයක
පපුකුහර නුඹේ සිපගත්..
වෙඩිල්ලක හඬ
ඊට තිස්පස් වසරකින් පසු
පරපුරට ඇහිලා ඉල් මහකදිම..
සීත ඉල්මහ සීත නැතුවම
රුහිරු දහරා ගලා යද්දි
ටයර් සෑයක උඹේ උනුහුම
ගවු ගනන් දුර ඈත වසරක
ඉල්මහක අද දැනිලා රටටම..
පිළිමයක් නුඹෙ නමින් නැතුවද
මහපොළො මොරගගා නුඹ ගැන
මෙතෙක් කල් පැවසූ රහස අද..
මුලු රටක් අහගෙන සිරස නවලා...
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Friday, October 4, 2024
•පස් මහ බැලුම්
"දැන් නුඹට මෙහෙ එන්න රතු පලස තියෙනවා..."
දුවේ අර කඳු වළලු
අතර ඇති වලාකුලු
සන්ධ්‍යාවෙ ක්ෂිතිජ ඉම
හැඩකරන රූ වර්ණ..
සිත්තමකි වැව් දියේ
රන් අහස් ඡායාව..
ගොම්මනේ අලුපාට
තොටියාට තනි නෑලූ..
සතර අත කැදලි වෙත
පියාඹන කඩිමුඩියෙ
විහඟුන්ගෙ ගී නාද
තාලෙමයි මද සුළඟෙ
රැලි නඟන දිය දහර..
තව ටිකයි පුරහඳට
ඉඩහසර සලසන්න
සඳ එලියෙ රෑහඳේ
කුමුදු මල් පූදිනවා..
අලුයමට පින්සලෙන්
කඳු පාට කරනවා..
පෙරඹරේ රතුපාට
ලහිරු රැස් පේනවා..
දුවේ... ඒ සුබ ලකුණ
මොනවදෝ කියනවා..
දැන් නුඹට මෙහෙ එන්න
රතු පලස තියෙනවා...
Wednesday, November 23, 2022
•කොතැනද..
"කළණගේ රුව ඇඳුනෙ කොතනද..."
කලාවැව ඉස්මත්තෙ..
බුදු සමිදුගෙ රුව මැව්වට..
බරණගේ රුව රැඳුනෙ කොතැනද..
සිහගිරේ බිත්තියක..
කේතකිය ඇඳුනට..
කළණගේ රුව ඇඳුනෙ කොතැනද..
Tuesday, May 24, 2022
•කුඹලා...
"රහසේම නික්ම යති කුඹලුන්..."
ගේ හදලා..
බිත්තරදාල..
එන පැටවුන්ට ඇති තරම්..
කෑම ගොඩගහලා..
ගේ වහලා යන්නම යනවලු
කුඹලා..
පැටවුන්ගෙන් කිසිවක් නොඉල්ලාම
බලාපොරොත්තු වෙන්නෙම නැතුව..
සොබාදහමට යුතුකම් ඉටුකොට...
පැටවුන්ට සුරක්ෂිත හෙටක් සදා..
උන් නික්මෙනවලු රහසේම...
දරුවන් හදා, දරුවන් වදා..
උන් ජීවිතයම..
තම සතුට කරගෙන..
තම බලාපොරොත්තු ඉටුකොටගෙන..
තමන්ට බැරිවුන හීනද...
දරුවන්ගෙන් දැක සැනහෙන..
පෙරළා යුතුකම් බලාපොරොත්තු
පොදි ගහගන්න..
මිනිස් මාපියො අතර..
කෙතරම් උතුම්ද..
කුඹලා......
Monday, June 15, 2020
Monday, January 7, 2019
Sunday, December 16, 2018
•මීෂා
Sunday, December 3, 2017
•ගුරු පියසටහන් 2
පොව්වාට කිරි පොවන
මුවැත්තියෙ වනු සමා..
උණුහුමේ කිරි උරන
මුව පොව්වො වනු සමා..
මගෙ කෙලීට පොත් අරන්
කොළඹින් එන මහතැන්ල
හරි මනාපයි මුවැත්තියෙ
උඹෙ මසට......
මහතැන්ල හෙට එන්නෙ
හිස් අතින් නොවන්නේ..
මගෙ කෙලිට වගෙම
කෙලීගෙ දුප්පත් ඉස්කෝලෙ
පොඩි එවුන් හැමෝටම
ඒ මහත්තුරු ගේනවා
පොත් පෑන් පැන්සල් සපත්තු හැමදේම..
ලස්ස ගානක බඩුලු....
මහතැන්ල ඉල්ලන්නෙ
එකම එක පොඩි දෙයක්ඒ
තමයි මේ බැද්දෙ
උඹ වාගෙ දඩ මසක්..
ඉතිං කොහොමෙයි බෑ කියන්නෙ..
මහතැන්ල කරන්නේ
හරිම හරි පිංකමක්..
මුව අම්මෙ, පොඩි පොව්වො,
උඹලත් ඒ පිනට හවුල්
මේ වෙඩි හඬින් පසු..
උඹල ඔක්කොටම පිං සිද්ධ කරගන්න..
දුකක් නෑ මගෙ දූගෙ තාත්තට
පුරෝගන්න මේ පව
අද ගෙවෙන මේ පුන් පෝය දොහේ...
මහතැන්ල ගෙනත් දෙන
පොත් පෙලින් අකුරුකොට
මගෙ කෙලී ඇස් පාදගත් දවසක..
පිං දේවි ඒකිගේ පවුකාර තාත්තට..
Wednesday, May 3, 2017
•සිව් සක සිහිනය
මෙතුවක් කල් අපි දෙන්නගෙ
ජිවන බර කරට අරන්
ඇද්ද නුඹට උදව් වෙන්න
ඔන්න තවත් කෙනෙක් ඇවිත්
හතර රෝද වලටත් බැරි
මහ බර කඳ කෙඳිරි නොගා
ඇද්ද නුඹට උදව් වෙන්න
ඔන්න තවත් කෙනෙක් ඇවිත්
නෑ බෑ නැති උඹෙයි අපෙයි
සබැඳියාව ගැන කියාලා
හෙට ඉඳලා මෙන්න මෙයත්
හොඳට පුරුදු කරල ගනින්..
උඹට රෝද දෙක උනාට
මෙයාට සිව් සක තිබුනට
උඹයි අයියා උඹයි ලොක්කා
ගනින් මෙයත් හරි පාරට
කවිකාරියි මමයි දෙන්න
මුලින් දැකපු දරුවො දෙන්න
තමයි උඹල ඒක හින්ද
පණ වාගෙයි උඹල දෙන්න..
Wednesday, February 15, 2017
•අපිට තැනක්
Tuesday, November 29, 2016
•මිනුමක්
"පාච්චල් කරන්නෙපා! කරන්න බැරිනම් නවත්තල දාපන්..!"
"පැයකට එද්දාස් පන්සීයයි බං. දවසට පැය දෙකයි.."
"අම්මටසිරි..! ඒකියන්නෙ සතියට තුන්දාහයි, මාසෙට දොලොස්දාහයි එකෙක්ගෙන්?? "
"ඔව් බං.."
"යකෝ මගෙ ඉන්ඩිවිජුවල් එකේ මං එකෙක්ගෙන් මාසෙටම ගන්නෙ දෙදාස් පන්සීයයි.."
"පිස්සුද යකෝ... එහෙම අරං මේ ප්‍රොෆෙෂන් එක පාච්චල් කරන්නෙපා! කරන්න බැරිනම් නවත්තල දාපන්..!"
-දෙබසක්-
පසුවදන ඔබට බාරකරමි.... !
Saturday, October 22, 2016
•වැහි මතක
වහිනවා අනෝරා වැහි..
අඳුරුලලා පාසල් බිම..
ලා අඳුරෙ ගුලිවෙලා
උස මහත ගොඩනැඟිලි..
නඟිනවිට පඩිපෙල්..
හරිම අඳුරුයි කොරිඩෝ..
සීතලයි පාලුයි..
දශකයකටත් දුර එපිට
මිහිරිතම අතීතෙක
හුරුපුරුදු සුවඳකින්
වෙලෙයි මගෙ සියොළඟම
මෙවන් වැහි කෝඩ වල
ඔබ එතැයි මඟබලා
උඩතට්ටුවට වී මං
හිටිය හරි සීතලෙන්..
පතා ඔබෙ උණහුමක්
ගෙවුනු එවන් දින දහසක්
ගෙනෙයි මතකයට මගෙ
අදත් මේ අඳුරු වැස්සේ...
දැල් හෝල් පිස හමන
කිතිකවන හීතලේ..
අඳුරු කොරිඩෝ කෙලවර හිඳිද්දී..
Wednesday, October 19, 2016
•ආයෙත් එනකල් 3
බිමට බර නුඹෙ නෙත් කෙවෙනි අග..
රැඳුනු බර කඳුලු බිඳු දෙක..
බලාගෙන බිම සිටිනවා දැක
හඬයි මාසිත මටත් නොදැනිම..
අපෙ හුස්ම රැඳි අහස්කුස අද..
වේදනාවක සුසුම් බරටම
කඩා වැටිලා තරුත් එක්කම
පේනවා මට දහ අටේ සිට..
යනව මම අද එනව යලි හෙට
නොවුනමුත් දුර කාලයක් එය
ගෙවෙන තත්පරත් කල්පවී ඇත
ඔබ මගෙන් හුඟ දුරක් ගෙන යන..
Tuesday, June 14, 2016
•රහසක්
Friday, May 27, 2016
•ආයෙත් එනකල් 2
Wednesday, May 25, 2016
•ආයෙත් එනකල්
Sunday, May 15, 2016
•නෑණන්ඩී
ගැයූ ගීතයන් ගමේ වෙල් එලියේ
පුදුමයි යළි මේ හමුවීම අපේ
පදරචනය : සිසිර සේනාරත්න
Thursday, April 28, 2016
•මිතුදම්
"නොමැත මිතුරන්.. මේ කටුක පොළොව මත..."
මිතුදම...
තවත් එක් බැඳීමක්
බැඳීමට අපහසු
දරන්නට අපහසු..
නොමැත මිතුරන්
අත ඇඟිලි තරමට
නොගනිමි ලෙහෙසියෙන්
අතැඟිලි'තර තවත් අතැඟිලි..
නමුත් සමහර අතැඟිලි
හැරයයි මිතුරුදම්..
පවසා අපට ගහන්නට අත්පොඩි..
තනි අතින්....
කොන්දේසි විරහිතව
බොහෝ දේ කැපකර
හදවතින් ගොඩනැඟූ
ඒ වගේ මිතුරුදම්
අද මඟැර යන විට
හැඟේනොමැත මිතුරන්..
මේ කටුක පොළොව මත...
හුදෙකලා ලොව තුල
ගොඩනැඟූ තනිකම
සම්පතකි..
කිසිදා
නොරිදවන සිත...




















