"අරලිය ලන්දට සඳ පායන කොට තුරුලිය මල් වට බඹරු බමන විට
සිය සිය සිය දහසට ඇඟිලි ගණිනා මට ඔබ ගැන සිහිවෙනවා..
එතකොට ගී පද ලියැවෙනවා..."
අපේ ජීවිතවල සමහර අත්දැකීම් තියෙනවා ජීවිත කාලයක් පුරාවටම අපිට අමතක කරන්න බැරි, අමතක වෙන්නෙ නැති. මතක් කරල බලන්න, හය හතර තේරෙන්න පටන් ගත්ත දා ඉඳල අද වෙනතුරු ඔබේ ජීවිතේට ඒ වගේ අත්දැකීම් නම් කීයක් ඇත්ද. සමහර දේවල් ඉතාම සුලු නොවැදගත් දේවල්. ඒත් ඒවා ඔබේ මතකයෙන් බැහැරවෙන්නෙ නෑ. ඒවා බොහෝම සුලු නොවැදගත් දේවල්. හැබැයි.. ඒ මට, ඔබට නෙවෙයි. මං කිව්වේ, ඒ අත්දැකීම් අනෙක් අයට බොහොම සුලු නොවැදගත් කාරණා. නමුත් ඔබට ඒව බොහොම වැදගත් සොඳුරු හෝ අඳුරු මතකයන්.
බොහෝවිට මේ අත්දැකීම් අපේ ජීවිතේ ළමා කාලයට අයිති දේවල්. මොන හේතුවකටද මංදන්නෙ නෑ මටනමේ වගේ අත්දැකීම මහ ගොඩක් තියෙනවා. සමහර අවස්ථාවල් සිදුවුණු සිදුවීම්, කතා කල දේවල්, සිද්ධ වෙච්ච තැන්. මහ පුදුම විදියට හිතේ ඇඳිල තියෙනවා. කියන්න තරම්වත් වටින දේවල් නෙවෙයි, සමහරා විට අම්මත් එක්ක බෙහෙත් ගන්න යනකොට වෙච්ච දෙයක්, නැත්නම් ගෙදරට නෑයෙක්, හිතවතෙක් පැමිණි වෙලාවක වෙච්ච කතාබහක්. නැත්නම් තනියෙන්ම සිටින මොහොතක සිතට දැනුනු සිතිවිල්ලක් වෙන්නත් පුලුවන්.
ඒත් ගැඹුරින් කල්පනා කරල බැලුවම අද ඒ දේඅපේ වයසෙ හැටියට බොහොම කුඩා සිදුවීමක් උනත්, එදා, වසර දෙකක තුනක, හතරක ළමයෙකුට මහා ලොකු දෙයක්. ඔලුවට බර යමක්. නැත්නම් නෑඹුල්, නිකැළල් ලපටි හිතක තදින් ඇඳුනු සිතිවිල්ලක්, සිතුවමක්. ඒක හරියට, ඉස් ඉස්සෙල්ලාම ගෙදරක බිත්තියක කපරාරුව උඩින් ගාපු හුණු පාර වගෙයි. ලේසියෙන් මකන්න බෑ. පුද්ගල චරිත වලටත් මේ දේ පොදුයි. සමහර මිනිස්සු ඉන්නවා අපට තාමත් නයාට අඳු කොල වගෙයි, සමහරු ඉන්නවා දකිනකොට හරි පිළිකුල්, තවත් සමහරු ඉන්නවා අපි එයාලට කොන්දේසි විරහිතව ආදරෙයි. මෙතන වෙන්නෙත් කලින් දේමයි.
දැන් ඔයාලට හිතෙනවා ඇති අදනම් මේ කියන්න යන්නෙ මගේ ජීවිතේ මැවැනි අතීත සිදුවීමක් කියලා. ඔව් ඔබ හරි. මේ කතාව එහෙම එකක් තමයි. නමුත් මතකයේ තියෙන මෙවන් සිය ගනනක් සිදුවීම අතර මේ මගේ මේ සටහන් වල තේමාවට ගැලපෙන කතාවක්. ඒ කිව්වෙ ගී සංවේදනාවක්. සමහර ගීත තියෙනවා මං අර උඩින් කිව්ව අත්දැකීම් වගේ අපේ ජීවිත වලින් ගලවල අයින් කරන්න බැරි. ඒ තරම්ම ඒ ගීත අපේ ජීවිත සමඟ බද්ධවෙලා. ගීතය ඇහෙන වාරයක් පාසා හිත අතීතෙට දුවන, එහෙම දුවල එක්කො හිතින් හඬා වැටෙන නැත්නම් සිනාසෙන ගීත අපේ ළඟ ගෝනි ගනන් ඇති.
ඉතින් මේ කියන්න යන්නෙ එහෙම ගීයක් ගැන.
මේ සිද්ධිය වෙනකොට මට අවුරුදු හතරක්, පහක් වගේ ඇති. ඔය කියන කාලෙ අපි පදිංචිවෙලා හිටියෙ සොරබොර වැව පාරේ, කුලී ගේක. මං ඒ ගැන කලින් වතාවකුත් කියල තියෙනවා. ඉතින්, තාත්තා වැඩකලේ අනුන්ගෙ ගරාජ් එකක, පඩියට. ඒ නිසාම වැඩ ඇරිලා එන්න හරිහමන් වෙලාවක් තිබුනෙ නෑ. සමහර විට පහට හයටත් ආවා, ඒත් සමහර දවස් වල අට නවය උනා, දහය දොළහ වෙච්ච දවසුත් නොතිබුනා නෙවෙයි. කොහොම උනත් මේ කොයි දවසෙ උනත් තාත්තා එනකල්ම තනියෙන්ම ඉඳපු අම්මයි මමයි, අර ඉදුණු බත් මුට්ටිය නිවෙනකල් ඉන්න බෑ වගේ, තාත්තා හවස ගෙදර එනකල් පෙර මඟ බලාගෙන ඉන්න පුරුදු වෙලා හිටියා.
ඇත්තටම මෙහෙම් ගෙවුන ගොඩාක් දවස් මට තාමත් මතකයි. හරිම සුන්දර වෙලාවක් ඒක.ගෙදර වැඩපල, රෑට උයන පිහින දේවල් අහවර කරල නාලා එහෙම අම්මයි මමයි මේ පෙරමඟ බලා ඉඳීම කියන කටයුත්ත පටන්ගන්නවා. මේකට තෝරගන්නෙ එක්කො මිදුලෙ බැඳල තිබුන ඔංචිල්ලාව, එහෙම නැත්නම් මිදුලෙන් ගෙනත් තියාගන්න ලී පුටුව. කොහොම හරි හවස හයට විතර අපි මෙහෙම වාඩිවෙනවා. අම්මා පුටුවෙ හරි ඔංචිල්ලාවෙ හරි වාඩිවෙලා මාව ඔඩොක්කෙට ගන්නවා. ඊළඟට ඉතින් මගේ ඔලුව අතගගා නොයේක් දේවල් කිය කිය පාර දිහා බලන් ඉන්නවා.
කට ඇරගෙන මං උඩ බලාගෙන ඉන්නවා. එහෙම ඉන්නකොට තමයි මගේ මුහුණට නැඹුරු වෙච්ච අම්මගේ මූණ මට හොඳට පේන්නෙ. එතකොට මට පේන්නෙ හැබැයි අම්මගේ මූණ විතරක්ම නෙවෙයි. මට මුලු ලෝකෙම පේනවා. ඉර බැහැගෙන යනවා. මට මහා විසාලව පේන තඹ පාට අහසෙ කලු පාටට කුරුලු රෑන් එක යායට පියාඹනවා. හරි කලබලේකින්. අම්මා උන්ව පෙන්නල මට කියනවා, අන්න පැටවු හොයාගෙන කුරුලු තාත්තාලා කෑමත් අරන් කූඩු වලට පියාඹනවා, ඔය විදියටමා තාත්තිත් දැන් මඟින් එනව ඇති පුතේ කියලා.
මෙහෙම ඉන්නකොට එයා බොහෝ විට ගීත මුමුණනවා. මං හිතන්නෙ ඒ නිසාම කුඩා කල ඉඳලම මං ලයාන්විතව ගැයෙන ගීත වලට අපරිමිතව ආදරය කරන්න පටන්ගත්තා. අම්මගේ උකුලට වෙලා, ඒ තුරුල්ලෙ උණුහුම විඳිමින්, හවස ආකාසෙ දිහා බලාගෙන අම්මගේ ආදරණීය හඬින් ඔබ අහපු ගීයක් කෙතෙක් කාලයක්නම් ඔබේ හදවතේ රැඳිල තියෙයිද. බොහෝ විට මේ ගී මං මුලින්ම ඇහුවෙත් ඒ අදාල ගායකයා හෝ ගායිකාවගේ හඬින් නෙවෙයි. අම්මගේ දයාබර හඬින්. මෙහෙම ගෙවෙන ගොඩාක් දවස් වල බොහෝ විට තාත්තා එනාකොට අම්මගේ තුරුල්ලට වෙලා හොඳ උණුහුමට ගී අසමින් උන් මට එහෙමම නින්ද ගිහින්. ඉතින් එහෙම වෙලාවලදි තාත්තා මාව වඩාගෙන බොහොම පරිස්සමින් මාව ගෙට අරන් යන විදිය මට හීනෙන් වගේ මතකයි තාමත්. සමහර දවස් වල තාත්ත එනකොට ගොඩක්ම රෑ වෙනවා, එහෙම එක දවසක තාත්තා එනකොට අම්මයි පුතයි දෙන්නම පුටුවට වෙලා නිදාගෙන හිටපු හැටි අදටත් තාත්තා මතක් කරනවා හිටිගමන්.
මේ හැමදේම කිව්වෙ මේ හැම එකක්ම එකිනෙකට බොහොම සවිමත්ව බැඳිල තියෙන නිසා. දැන් තමයි හරියටම කතාවට යන්න හදන්නෙ මං. මේ කියන්න යන දවසත් මං අර කිව්ව වගේම සුපුරුදු දවසක්. හැබැයි එදා පොඩි වෙනසක් තිබුනා, එදා අපේ ගෙදරට තවත් අමුත්තෙක් ඇවිත් හිටියා. ඇත්තටම බැලුවොත් එයා අමුත්තෙක් නෙවෙයි, අපියි හරිනම් එයාගෙ අමුත්තො. මොකද ඒතමයි අපි කුලියට ඉන්න ගෙදර අයිතිකාරී. හරියටම කිව්වොත් කුමී ඇන්ටි. ඔව්, මං එයාව ඇමතුවේ එහෙම. අපිට ගේ කුලියට දීල එයා රට ගිහින් හිටියේ. මේ එයා රට ඉඳන් ආපු කාලෙක දවසක්. එදා ඒ ඇන්ටි අපේ (එයාගෙ)ගෙදර හිටියේ.
දවසෙ කාල සටහන ඇගේ ආගමනයෙන් ටිකක් විස්ථාපනය වෙච්ච නිසා එදා අම්මට උයන්න රෑ උනාද කොහෙද. කොහොම හරි මොකක් හරි හේතුවකට එදා අම්මට වෙනද වගේ මාත් එක්ක තාත්තා එනකල් පාර දිහා බලන් ඉන්න තරම් ව්විවේකයක් තිබුනෙ නෑ. ඒත් මං කොහොමද පුරුද්දෙන් මිදෙන්නෙ. අම්මට ඉන්න කියල මං ලෑස්තිවුනා තාත්තා එනකල් මඟ බලන් ඉන්න. ඉතින් මං ගෙදර සන්ශේඩ් එක යටට ඇවිත් ඒකෙ තිබුන ආරුක්කුවේ යට වාඩිවෙලා කම්මුලට අත් දෙකත් තියාගෙන මදුරුවො එලව එලව වාඩිවෙලා හිටියා.
ඔන්න ඉතින් මං එහෙම ඉන්නකොට අර කීව කුමී ඇන්ටි මං ගාවට ආවා. පුතේ මොකද කරන්නෙ කියල මට කතාකරල එහෙම, එයා මාව ඔඩොක්කෙට ගත්තා. මාත් එක්ක අනන් මනන් ටිකක් කතාකර කර ටිකක් වෙලා හිටියා. කතාකරන්න තරම් දේකුත් නැති නිසා වෙන්නැති ටිකකින් එයා නිහඬ උනා. මටත් ඉතින් වගක් නෑ ඔහේ පාර බලාගෙන හිටියා. ටිකෙන් ටික අඳුර වැටුණා. ඒත් අඳුරට රජ කරන්න අවස්ථාව ලැබුනෙ නෑ. මුලු පරිසරයම බොහොම අලංකාර කරගෙන පුන් සඳ පායලා තිබුනා. ලෝබ නැතිව මුලු පරිසරයටම එළිය දුන්නා. ගහකොල රත්තරන් පාටින් නෑවිලා තිබුනා.
මෙහෙම වෙලාව යනකොට කුමී ඇන්ටි හීන් හඬින් ගීයක් මුමුණන්න පටන් ගත්තා. මනෝ ලෝකෙක හිටපු මම හීන් හඬින් බොහොම හෙමින් කියපු මේ ගීයට ආසාවෙන් කන්දුන්නා. අපේ මිදුලෙ තිබුනා අරලිය ගහක්. ඒ වෙලාවෙ ඒ අරලිය ගහේ කලු පාට කොල අතරින් රන් තැටියක් වගේ ලස්සනට හඳ පායලා තිබුනා පෙනුනා. ගීතය පටන් ගන්නකොටම කියපු වචන වලට මගේ නෙත් ඉස්සරහ මැවිල තිබුන දර්ශණය හරි අගේට පෑහුනා. මට ගීතයේ අනෙක් පද කිසි දෙයක් වැදගත් උනේ නෑ. ගීතය කියන්නෙ කා වෙනුවෙන්ද, මොකක් ගැනද කියල මට තේරුනෙත් නෑ, තේරුම් ගන්න උවමනාවක් උනෙත් නෑ. ගීතයේ තේරුම අද හදවතට හොඳින්ම දැනෙනාවා. එදා කුමී ඇන්ටි ඒ ගීතයෙන් නිරායාසයෙන් පිටකලේ ඇගේ තනිකම සහ බලාපොරොත්තුව වෙන්න ඇති. මොකද මම දන්නෙ නෑ අදටවත් ඇය එය ගැයුවේ සියදිවි හානි කරගෙන ඇගෙන් වෙන්වෙලා ගිය ඇගේ දයාබර සැමිය වෙනුවෙන්ද එහෙම නැත්නම්, වෙන කවුරුන් හෝ වෙනුවෙන්ද කියලා. මට ඒක හොයන්න උවමනාවකුත් නෑ. මට තේරුණ එකම දෙයක් තිබුනා. ඒ මගේ ඇස් ඉස්සරහ අරලිය අත්තකට මුවා වෙච්ච සඳ මඬලක් තිබුනා. ගීතය තුලත් අරලිය ගස් වලට සඳක් මුවා වෙලා තිබුනා. එහෙම නැත්නම් අරලිය ගහකට සඳ පායලා තිබුනා. මට පෙනුන දේම කුමී ඇන්ටි ගායනා කලා. ඒ නිසා ඒ ගීතයත් දුටුව දසුනත් නොමැකෙන ලෙස හිතේ තදින්ම..තදින්ම ඇඳිලා ගියා.
මං වෙනුවෙන් ඇයට යළි යළිත්, යළි යළිත් කිහිප වාරයක්ම ගීතය ගායනා කරන්න උනා. ඒත් මට ඇති හිතුනෙ නෑ. බැරිම තැන එයා මට ඒ සිංදුව ලියල දුන්නා. මට අද වගේ මතකයි, කුමී ඇන්ටි මට ඒක ලියල දුන්නේ ගෙදර කොහේ හරි මොකක් හරි හේතුවකට තිබිච්ච බිල් පොතක. ඒක අපි නිතර දකින බිල් පොතක් වගේ නෙවෙයි, ඒක අඩියක් විතර දිග එකක්. එක ළඟ එක ළඟ මල් වගේ එකම රටාවකට විහිදිලා තිබුනා රතු පාට කවරයක් තිබුන ඒකට. පිටු ගොඩාක්, ඔක්කොම වගේ ඉතිරිවෙලා තිබුන බිල් පොත මට අයිති උනා. මං ඒ පොතේ කිහිපවාරයක් අම්මටත් කියල ඒ සිංදුව ලියාගත්තා. මමත් අමාරුවෙන් අකුරු ගැටගහගෙන ඒක ආයෙමත් ලියන්න හැදුවා. ඒත් බැරිවුනා. ඒත් ඒ සිංදුව මට කටපාඩම් උනා. ඒ විතරක් නෙවෙයි, මං දිගටම ඒ පොතේ සිංදු ලියවගන්න පටන් ගත්තා අම්මටත් කිය්ලා. අම්මා ඒ කාලෙ අලුතින් කියපු හැම සිංදුවක්ම මං ඒකෙ ලියාගත්තා අම්මට කියලා.
අද ඒ සිංදු පොත කොහෙද දන්නෙ නෑ. මට ඒක මඟ ඇරිලා. සමහර විට ඊට අවුරුද්දකට විතර පස්සෙ අපි ඒ ගෙදරින් ආව දවසෙ ඒක අමතක වෙන්න ඇති. නැත්නම් කවුරුන් හෝ එය අහක දමන්න ඇති. කොහොම උනත් අද මං දන්නෙ නෑ ඒ පොත කොහේ කොතනක තියෙනවද නැත්ද කියලා. ඒ වගේම මං දන්නෙ නෑ, අද වෙනකොට කුමී ඇන්ටි කොහේ කොතනක ඉන්නවද කියලා. ආරංචි විදියට එයා තාමත් රට. කොහොම උනත් අද මං ළඟ මේ අජීවී වස්තුවත්, ජීවී මනුස්සයාත් නිසා සජීවී මතකයක් ඉතිරිවෙලා තියෙනවා.
අදටත් හඳ ඇති රෑක අරලිය ගහකට නෙවෙයි,වෙන මොන ගහකට හරි ඒ හඳ එළිය වැටිලා ලස්සනට පේනකොට මට මේ ගීය මතක් වෙන්වා. නිරායාසයෙන්ම කියවෙනවා. ඒත් එක්කම සොරබොර වැව පාරෙ අදටත් කාත් කවුරුත්ම නැතිව පාලුවට ගිහින් තියෙන මගේ ළමා කාලයෙන් කාලපරිච්ඡේදයක් ගෙවිච්ච් ඒ කුඩා කුලී නිවස මැවිල පේනවා.
අරලිය ලන්දට සඳ පායන කොට
තුරුලිය මල් වට බඹරු බමන විට
සිය සිය සිය දහසට ඇඟිලි ගණිනා මට
ඔබ ගැන සිහිවෙනවා..
එතකොට...
ගී පද ලියැවෙනවා...
රඹවන් හේනේ කරල් පැසෙන කොට
අඹ මල් ගානේ ගිරව් හඬන විට
දොඹ තුරු මානේ සෙවන දකින මට
ඔබ ගැන සිහිවෙනවා..
එතකොට...
සිතිවිලි ඉගිලෙනවා...
දඬුවැල් බෑ මී සුවඳ දැනෙන කොට
පඬුවන් අහසේ තරු පායන විට
හැඬුමට නොහැකිව දෙඇස වසන මට
ඔබ ගැන සිහිවෙනවා..
එතකොට...
සිහිනය උපදිනවා...
ගායනය : නන්දා මාලිනී
පද රචනය : ප්‍රියන්ත ධර්මවංශ
සංගීතය : කාලෝ විජේසිරි
(Araliya Landata - Nanda Malini)
(හැකියාවක් තිබේනම් ප්‍රියන්ත ධර්මවංශගේ සහ කාලෝ විජේසිරිගේ ඡායාරූප දෙකක් මා වෙත ලබා දෙනමෙන් මගේ දයාබර සහෘදයන්ගෙන් මම ඉතාම ආදරයෙන් ඉල්ලා සිටින්නෙමි.)
නන්දාමලිනිගේ මේ කැසට් පටියේ තිබ්බ ගීත ඔක්කොම නවක ගීත රචකයෝන්ගේ ගීත , ගෙඩි සියයක් බිම හෙලුවත් එක මම ආස තව ගීතයක් මේ පටයේ . හැබැයි මොකක් හරි හේතුවකට මේ ගීත දැන් ඇහෙන්නේ නෑ. අරලිය ලඳ කැසට් පීස් එකත් හොයාගන්න් නෑ
ReplyDeleteදැන් ගයන්නේ ප්‍රසස්ති හා ටෙලි නාට්ටි ගී පමණයි.
Deleteකවුරු මොකට මැව්වද සල්ලි..
ඉවාන් අයියේ,
Deleteඔව් මටත් මතකයි ඒ කැසට් එක ගැන.. දැන් මේ ගීත කිසිම මාධ්‍යකින් ඇහෙන්නෙ නෑ. මං හිතන්නෙ ලැබිය යුතු වටිනාකම හිමි නොවූ ගීත.
මාතලන් අයියණ්ඩි,
Deleteඑක අතකට මොකට සමාජෙට සිංදු කියනවද. ඒව හරියට මිනිස්සු අතරට යන මාධ්‍ය භාවිතාවක් නැත්නම්. ටෙලියකට සිංදුවක් කිව්වම අඩුම තරමෙ ඒක හැමදාම ඇහෙනවා හරිනේ.
ඉවාන් කතාව ඇත්ත.. දැන් මේ රසවත් ගීත අහන්න ලැබෙන්නැහැ.. පරිඝණකය පුරවලා තියෙන පරණ ගීත ටික අස්සෙන් ම තමයි මේවා හොයාගෙන අහන්න තියෙන්නේ.. කවදාවත් වෑර්ලස් එකේ දැන් මේවා යන්නේ නැහැ.... මේ පරම්පරාව වෙනස්ලුනේ.......... මොකක් ද දන්නෑ වෙනස්
Deleteඒ සුන්දර අතීතෙ දැන් අතීත මතකයක්ම විතරයි ගී පවුරේ.. දැන් තියෙන්නෙ අහනවට සල්ලි දෙන නාලිකා.
Deleteහිරු ඇහුවොත් - පිස්සු හැදෙයි!
Deleteනෑ මචෝ, ...... ඇහුවොත්-පිස්සු තමයි!!
Deleteහිස් තැනට කැම්ති චැනල් එකක් දාගනින්. කෝකත් එකයි, එකක් දෙකක් හැර. එව්වත් එකයි, නිවුස් අහනකොට.
මෙහෙමයි මනෝෂ්.. ප්‍රියා................
Deleteඅපි අහන දේ චැනල් වලින් දෙනවාද?? නැත්තම් ඇත්තට ම උන් දෙන දේ අපි අහනවාද??? මොකක් ද ඕකෙන් වෙන්නේ....??
නෑ නෑ... අපි ඒව අහනවට ඒවයින් අපිට සල්ලි දෙනවා.
Deleteඒ ඒ නාලිකාවේ ඇඩ් වල යන නිෂ්පාදන එම නමින්ම මිලදී ගන්න. එවිට ඔබට ලැබුණු මුදල් ආපසු ගෙවා නිදහස් විය හැක.
Deleteටෙස්ට් එකක් සදහා..
Deleteමචන් ප්‍රියො, ටෙස්ට් එක සාර්ථකයි. යූසී බ්‍රවුසර් එක සුපිරි තමයි.
Delete//අම්මා පුටුවෙ හරි ඔංචිල්ලාවෙ හරි වාඩිවෙලා මාව ඔඩොක්කෙට ගන්නවා.....ඔය විදියටමා තාත්තිත් දැන් මඟින් එනව ඇති පුතේ කියලා.//
ReplyDeleteමෙන්න මේ ටිකට පුදුම ආසා හිතුනා. මොකක්දෝ අහල දැකල පුරුදු ගතියක් (Deja Vu) කවදා හරි දවසක වුණු දෙයක් කියලා දැනෙනවා.
//තාත්තා එනාකොට අම්මගේ තුරුල්ලට වෙලා...තාත්තා එනකොට අම්මයි පුතයි දෙන්නම පුටුවට වෙලා නිදාගෙන හිටපු හැටි අදටත් තාත්තා මතක් කරනවා හිටිගමන්.// මේ අනිත් තැන.
මේ වගේ දර්ශනයන් අපි ඉදිරියේ මවන්නට නුඹට ඇති හැකියාව අපූරුයි. ළමා කාලයට ගියා වගේ දැනෙනවා. දෙයියනේ, මොන බරක් පතලක්ද?
නුඹ බොහොම නිරහංකාර, අව්‍යාජ මතකයක් අවදි කරන්නෙ. අපිට මචං ඉතාම හැඟීම්බරව ලියන්න පුලුවන් අපේ අත්දැකීම් සහ බලාපොරොත්තු කියන දෙක විතරයි මං හිතන්නෙ. එක් සරල සුන්දර ජීවිතයකින් සංකීර්ණ කාර්යබහුල ජීවිතයකට මාරුවෙලා කලක් යනකොට ඒ පැරණි සුන්දර අත්දැකීම් හරියට ජීවිතේට අමතක නොවෙන රසයක් තිබුණු කෑමක් වගේ.
ඉස්සර ගෙදර පොඩි පොඩි රණ්ඩු වුණාම දුවත් ළඟට අරං අපේ විසිටරස් “මා එක්කලා අමනාපව වී දබර“ ගීතය කියනවා. දබර එතනින් ඉවරයි. මං කඩා වැටෙනවා.
නුඹට අදත් හැකිවෙලා තියෙනවා අපිව අපේම බාල කාලයට ගෙනියන්න. සඳුමල් මම දකින්නේ මගේ පොඩි පාත්ති වලට පැල ලබාදෙන සුවිසල් වගාවක් විදිහට. හැමදාම වගේ සුපිරියි! එළ!
(ඊයක් ඇති බලපං)
\\මොකක්දෝ අහල දැකල පුරුදු ගතියක් (Deja Vu) කවදා හරි දවසක වුණු දෙයක් කියලා දැනෙනවා. //
Deleteඅපි හැමෝගෙම ජීවිත වල අඩු වැඩි වශයෙන් මේ වගේ කතා තියෙනවනේ විසිටර්. ඒකයි එහෙම දැනෙන්නේ.
ප්‍රේමකීර්ති ඒ ගීය ලිව්වෙත් හැබෑවටම එහෙම සිදුවීමක් ඔහු පුද්ගලිකවම විඳදරාගත්තට පස්සෙනේ. ඒ නිසා මේ ගීය අපි කාගෙත් ගීයක් වෙනවා. මොකද මොන පවුලෙත් මේ වගේ ආදරණීය අඩදබර හටගන්න නිසා. එහෙම ගීයක් මතක් කරලා ඒ අඩදබර නිවාගන්න පුලුවන් සංවේදී මිනිස්සු වෙච්ච එකත් ලොකු දෙයක් නේද. ඒ වගේම ඒ පද රචනයෙන් ප්‍රේමකීර්ති කරපු සමාජ මෙහෙවරත් ඒක. සමහර විට කඩා ඉහිරෙන්නෙ ගිය සමහර පවුල් ඒකක මේ ගීය නිසා යළි එකතුවෙන්නත් ඇති. ඒකට අපි ප්‍රේම්ට ණය ගැතියි, ඒත් ඔහුට ඒ දේ කරගන්න බැරිවෙච්ච එක ලොකු අඩුපාඩුවක්. මට මතක් වෙනවා කපුගේ ගයන අයියණ්ඩියේ ගීය. මේ ගීයත් එහෙම සමාජ මෙහෙවරක් කරපු ගීයක්.
ඔබේ සංවේදී අදහසටත්, නිර්ලෝභී අගය කිරීමටත් බෙහෙවින්ම ස්තූතියි..
ප්‍රේම් කියන්නෙත් සුන්දර පුංචි මිනිසෙක්. මිනිස්සු කතාවට කිව්වට වැදි බණ කියනවා කියලා යමෙක් තමන්ට වැරදුනු තැන් අන් අයට දැනෙන්න කියනවානම් මං හිතන්නෙ එක සමාජ මෙහෙවරක්. එතනදි කියන පුද්ගලයගෙ වැරැද්ද දකින්න විතරයි අපේ සමාජය ලෑස්ති වෙන්නෙ, ආදර්ශය ගන්න නෙමෙයි.
Deleteමිනිහෙක් නිර්මාණයක් කලාම අපේ එව්න් ඒකෙ ගන්න තියෙන දේ අරන් ඒකෙන් තම ජීවිතේ හදාගන්නවා නෙවෙයි, ලියපු එකාගෙ ජීවිත විචාරය කරන්න යනවා. ඕක අපේ රටේ මිනිස්සුන්ගෙ ලෙඩක්. අපේ මිනිස්සු දන්නෙ නෑ, නිර්මාණය සහ පුදගල ජීවිතය පටලවාගන්නෙ නැතිව නිර්මාණය රසවිඳින්න. ඇත්තටම ඔහු සුන්දර මනුෂ්‍යයෙක්..
Delete//නිර්මාණය සහ පුදගල ජීවිතය පටලවාගන්නෙ නැතිව නිර්මාණය රසවිඳින්න.// නැඟිටපන් නැඟිටපන්. උඹ තාම හීන දකිනවද? අපි කොච්චර කැමති උනත් අපේ රටේ කරන්නෙ ඔය දේ නෙමේ බන්.!!
Deleteහොඳවෙලාවට උඹ මාව ඇහරෙව්වේ. නැත්නම් මං මෙතන තව මොනා මොනා කියවයිද මංදා!!
Deleteනිර්මාණකරුවන්ගේ පුද්ගලික ජීවිත අවුස්සන්නෙ ඒ නිර්මාණයෙන් කියවෙන හදාගත යුතු වරද තමන් ලඟ තියෙන නමුත් හදාගන්න කැමති නැති මිනිස්සු මචෝ..
ඒ විසිටරයෝ...
Deleteඔන්න මට අහන්නත් අමතක උනානේ. ඊයක් ඇවිත් නෑනේ. හොඳට බලහං.
masandumal@gmail.com
@ මනෝෂ්,
Deleteඅලි අලී.... ඒ වැඩේ කෙලුනා...
සොලි සොලී... කියන්න බැලිඋනා
වැඩේ කෙරුණනම් එච්චරයි මචෝ..
Deleteනන්දා මලනි මහත්මියගේ ගිත වලට මම කැමති..උඔ ඒ ගිතයට වටිනාකමක් දිලා..
ReplyDeleteමම ගමේ යනවා... නල්ලච්චිය වැවේ දුපතට ගිහින් බෝතලයක් ගහලා හෙලුවෙන් නාලා ගහට නැගලා වැවට බල්ටි ගහනවා...එහනම් ගිහින් එන්නම්.
මට ඉන්නෙ ප්‍රියතම ගායිකාවන් දෙන්නයි, මේ එක්කෙනෙක්, අනිත් කෙනා නිරංජලා සරෝජනී මහත්මිය.
Deleteනල්ලච්චිය වැව තියෙන්නෙ කොහෙද? බොහොම සොඳුරු අත්දැකීම් සමූහයක් එකතුකරගෙන එන්න වගෙයි ලෑස්තිය. හොඳයි හොඳයි, හැබැයි පරිස්සමින් මචෝ..
මෙන්ඩා, ඔය වැව්වලට බල්ටි ගහන්ට කලිං අරක උනා තියාල හිටිං, නැත්තං තෙමෙයි.
Delete//හෙලුවෙන් නාලා ගහට නැගලා වැවට බල්ටි ගහනවා// යකෝ මාළු කෙටුවොත් මොන දෙවියන්ට කියන්නද? :D
Deleteවිසිටරයෝ...
Deleteඅරක කිව්වේ?
මචං ප්‍රියා,
Deleteමාලු කෙටුවමයි කියමුකෝ, ඒක ඉවසගෙන හරි ඉන්න පුලුවන්. ඒත් හත් දෙයියනේ ඕක කඩාගෙනම ගියොත් එහෙම??
මාළුවො හිතයි තව අලුත් ජාතියක මාලුවෙක් කියලා.
Delete"අපේ යාළු මාළු - අරලිය ටින් මාළු"
:D :D
අනේ අසරණ මෙන්ඩියා... මට මැවිල පේනවා!!!
Delete@ මනෝෂ්,
Deleteඅරක කිව්වෙ මෙන්ඩිය විකුණන ජාතිය බාංං.
@ප්‍රියා,
44DD වගේ එකක් අැඳල මෙන්ඩිය පැන්නනං වට්ටි දෙකක් පුරා මාලු ගේන්න තිබ්බා.
අ..ආ.. දැනුයි මට තේරුණේ.. බලන් ගියාම අපේවිසිටරෙත් හොඳ බෙසියර වවිශේෂඥයෙක් නොවැ..
Delete@මනෝ
Deleteනල්ලච්චිය වැව තියෙන්නෙ තඔුත්තේගම
@විසිටර්
විකුනනවා නෙමෙයි බං මහනවා..යකෝ උඔටත් බ්‍රා ගැන දැනුමක් තියනවානේ..
@ප්‍රියා
මාලු කැලි නම් එයි නේ බං..ලස්සන මාලු පැටියෙක් කියලා.
හ්ම්.. සමහරවිට පණුවෙක් කියල රැවටෙයිද දන්නෙත් නෑ!
Deleteඇඩුනා බන් මේක කියෙව්වම, අඩේ එහෙන් පිටින්ම අමතක වෙලා ගියපු ගෙයි ඉස්සරහා මිදුලේ පැදුරක් එලාගෙන අම්ම අපිට කවි කතන්දර කියලා දුන්න නේ කියලා මතක් වුනා බන්, තැන්කු වේවා ටියුබ් ලයිට් එකට ස්ටාටරයක් දුන්නට, ඔන්න දැන් ටික ටික මතක් වෙනවා බන්.
ReplyDeleteමිදුලේ තිබුනේ චිප් ගල් වගේ ගල් ජාතියක්, ඔකේ සෙල්ලන් කරලා පත බෑවුනොත් ඉවරම තමා, ඔන්න දවසක් පැදුරේ මුල්ලකට අයියයි මායි වලියක්, අපු මලට අතට ගත්තු චිප් ගල් අහුරකින් ගැහුවා අයියට, එකට වාදීන් නැතිව එක ගිහිලා යේ පොලවට වැටුනම පන්න ගින්දර අහුරක්, ඕක දැක්කම අයෙත් අරන් ගැහුවා, අයෙත් ගින්දර, වැලි ඉවරයි :D
ඔහොමම අහස බැලුවම තරු ගොඩක් තිබුනා බන්, දැන් ඒ කොළඹ අහසේ තියෙන්නේ වැටෙන්න ඔන්න මෙන්න තියෙන තරු දෙක තුනක් විතරමයි. ගමේ ගියාම තාමත් රෑට එලියට බැහැලා අහස දිහා බලනවා. යන්තම් තාමත් එහෙ අහස පුරා තරු තියෙනවා, මතකයි ගමේදී හඳපානේ පන්සල් ගියා, ඒ ගිහිල්ලත් එද්දී නම් කලේ කුප්ප වැඩක්, එක කියන්න බැහැ :D, එක කුප්පම කුප්ප කුජීත ඔට්ටුවකට කරපු වැඩක් :D, ඔට්ටුව බුල්ටෝ දෙකක්.
බොලට ස්තුතියි මචන්, බොලගේ ලිපියට මුකුත් නොලිය උනාට අපි බොලගේ ලිපියේ මොහොතක් හරි ජීවත් උනා. තැන්කු වේවා, ජය වේවා!!!
අපි හැමෝටම ඒ වගේ අතීතයක් තිබිච්ච සුන්දර මිනිස්සු. එදා දුෂකරව දැනුන ඒ අතීතේ අද අපව රස මනෝහර ලෝකයක අතරමං කරනවා. අතීත අනුස්මරණය තරම් කලාවක් තවත් නැතිව ඇති. ඒත් මිනිස්සු ඉගෙනගන්න ඕනි ඒක විඳින විදිය. ඉතාම සුලු, නොසලකාහැරිය හැකි දෙයක උනත් තියෙන්න පුලුවන් මහා කතාවක්. ඒක මතුකරල අරන් විඳීමේ හැකියාව අපිට තියෙන්න ඕනි. හැබැයි ඕකෙ අඳුරු පැත්තත් ඔය වගේමයි. ඒ කිව්වෙ එහෙම විඳින මනුස්ස්යාට හද පාරන වේදනාවක් උනත් අනිත් මිනිස්සුන්ට වඩා දැනෙනවා වැඩියි. ඒක හරියට අර හිත හිතා අඬනවා වගේ දෙයක්.
Delete\\ඔහොමම අහස බැලුවම තරු ගොඩක් තිබුනා බන්, දැන් ඒ කොළඹ අහසේ තියෙන්නේ වැටෙන්න ඔන්න මෙන්න තියෙන තරු දෙක තුනක් විතරමයි. ගමේ ගියාම තාමත් රෑට එලියට බැහැලා අහස දිහා බලනවා. යන්තම් තාමත් එහෙ අහස පුරා තරු තියෙනවා//
මේ තියෙන්නෙ සුන්දර මතකයන්. ඔව්, ගමට පායන හඳ, ඒ තරු කොළඹට පායන්නෙ නෑ. ඒත් මොකද්දෝ හේතුවකට අපි ඒ සුන්දර ලෝකෙන් මිදිලා මොනාදෝ හොයාගෙන සෙයිලමට ඇවිත්. ඒත් යම් දවසක් එනවා, අපි හෙව්ව දේ හම්බුනේ නැති, අන්න එදාට ආයෙත් තරු පිරිච්ච ගමේ අහස යටට යන්න හිතෙනවා. ඒත්..එතකොට හුඟක්ම, හුඟාක්ම පරක්කු වැඩියි..
සොමියාගෙන් අපි මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා, නැද්ද මනෝෂ්?
Deleteසොමිය ඇවිල්ල සිතිවිලි සුනාමියක්. ආයි ඉතුරුකරන්නෑ. (මම කියන්නෙ ඒක හොඳයි කියල ඈ...)
\\සොමිය ඇවිල්ල සිතිවිලි සුනාමියක්//
Deleteඅනිවාරෙන්ම, අනිවාරෙන්ම.. එකෙන්ම එකඟයි.. පේනවනේ උඩින් ලිය තියෙන ටිකෙත් කොච්චරනම් කතාවක් තියෙනවද කියලා. මමත් ආසයි සොමිය මගේ සංවේදනා විචාරය කරනව අහන්න.
මේ ලියැවිල්ල හරිම සොඳුරුයි මචං
ReplyDeleteසාමාන්‍ය සිතුවිලි වල කොච්චර රසයක් තියනවද කියල හිතෙන්නේ කෙනෙක් ඒව මෙහෙම ඉස්මතු කරල කීවම
හැමතිස්සෙම විශේෂ දේවල් කරන්න, කැපී පේන්න උත්සාහ කරන මිනිස්සු අස්සේ මේ සාමාන්‍ය මානුෂික හැඟීම් කොපමණ අපූරුද?
අප්පච්චි සීයා එනකල් බලන් හිටි හැටි, මම අප්පච්චි එනකල් බලන් හිටි හැටි, මගේ පුතා මා එනකල් බලන් උන්නු හැටි ඔක්කොම මටත් හොඳටම මතකයි!
වෙලාවකට මේ පොඩි පොඩි දේවල් හිතේ පිරෙන එක මහ වදයක්! ඒත් අප වැනි සමහරුන්ට එව්ව කිසි දෙයක් අමතක කරන්න බෑ! එකම දේට මූණු දුන්නු කීප දෙනෙක්ගෙන් අවුරුදු කීපයක් ගිහිල්ල ආයේ කථාකලොත් එහෙම, ඒ විස්තර මතක තියෙන්නෙ කිහිප දෙනෙකුට විතරයි! අනෙක් අය ඒ අත්දැකීම් එතන තියල ඉස්සරහට ගිහින්!
මේ සින්දුවට මමත් බොහොම කැමතියි!
හ්ම්.... අපි හිතන මහා බරසාර දේවල් වලට වඩා බොහොම පුංචි නොවැදගත් කාරණා අස්සෙ තමයි අපේ නියම ජීවිතේ හැංගිලා තියෙන්නෙ, ඒක අපිට හොයගන්න බැරිකමයි වෙලා තියෙන්නේ. ජීවිතේ විඳින්න, තව කෙනෙකුට ජීවිතේ විඳින්න කියා දෙන්න මහා දේවල් ඕනි නෑ. ඒකයි මහගම සේකර වරක් මෙහෙම කිව්වේ,
Deleteසෑම තැනකම මම සෙව්වෙමි - සුන්දරත්වය කොතැනක වේ දැයි
ජෝර්- කිට් ගෑ සායම ඇතුලත - අමරදේව ගැයූ ගීයක
තිස්‌සගෙ ශිව ප්‍රතිමාවක අවුකන, අනුරපුර, නටඹුන් මැද
අහස් පැහැය උකුව මැවුණ - ඈත නිල කඳුවැටි මත
පාට පාට සැ`දෑ වලා කැලුම් අතර - දුන්හිඳ දියලුම ඇළි තුළ
අන්තිමේදී මට හමුවිය මිනිසාගේ හද තුළ එය"
මනෝෂ්............. තෝරාගත්ත සින්දුව හරිම ලස්සනයි... මං තාම කියෙව්වේ ටිකයි.. ඒත් මටම කියලා තැනක් බුක් කරලා යන්නයි ආවේ... තව ටිකක් පස්සේ කතා කරමු....
ReplyDelete//මටම කියලා තැනක් බුක් කරලා යන්නයි ආවේ...//
Deleteදැන් එහෙමත් පුළුවන්ද? හිටින් ඊළග පාර මාත් එහෙම කරනවා! :D
නැත්තම් ප්‍රියා අපි එද්දි කමෙන්ට් එකක් දාන්න හැතැප්මක් විතර පල්ලෙහාට යන්න එපැයි.. ලේසිම ක්‍රමය මේකයි..... කොහොමද අපේ අලුත් සොයා ගැනීම....
Deleteමනෝෂ්.............
Deleteසුන්දර මතයක් ඒ ගීතයත් එක්ක ම ලස්සනට අකුරු කරලා තියෙනවා.. අත්දැකීම් ගැන ආයෙම මතක් කරත්දි ඒවා හරිම සුන්දරයි.. ජීවිතය කියන්නේ මේකට තමයි මනෝෂ්... මතකය තමයි අපිට පාර කියන්නේ කියලා මං විශ්වාස කරනවා... ඉතින් ඒ මතකයන් තාමත් හරි සුන්දර විදිහට තියාගෙන ඉන්න ඔබ ගැන මට ආඩම්බරයි මචං
කුරුටුගේ උපක්‍රමයනම් මරු! ඒත් තව ටිකක් පරක්කු උනානම් අපේ සෙට් එක ඔය ඉඩත් අල්ලගන්නවා. එහෙනම් ආයෙත් ත්‍රීවිල් එකක් හයර් එකට අරන් යන්න වෙනවා කොන හොයාගන්න.
Deleteමට හිතෙන්නෙ ගී පවුරේ අපිව ජීවත් කරන්නෙ, අපිට මිහිර දෙන්නෙ අපේ ජීවිතයේ මතකයන්. ගෙවෙන හැම තත්පෑඅකම අපි හුස්ම ගන්නවා වගේ කරන අනිවාර්‍ය දේ තමයි මතකයන් එකතුකරගැනීම. ඒ අතරින් සොඳුරු මතකයන් හැමදාම අපි පරිස්සම්කරල අරන් තියාගන්නවා.
ප්‍රියා,
Deleteබුකින් එක්ස්පයර් වෙනවා මචෝ පැයකට පස්සේ.
කුරුටුස්, ඒ වෙලාවට මචෝ කරන්න තියෙන්නෙ රුපියල් 200ක් දීලා හයර් එකට ත්‍රීවිල් එකක් අරන් පළ්ලෙහාට එන එක. :D
Deleteමනෝ, ඈ බං ඒක පාඩුයිනෙ. පැයද ටයිම්? :D
අනේ මචෝ... මං කරන දෙයක් නෙවෙයි බං, උඹලමනේ බුකින් ෆිල් කරන්නේ...
Deleteකොහොම වුණත් ප්‍රියා.....
Deleteආපු වෙලාවට කියෙව්වත් නැතත් බුක් කරලා යන එක ඇගට ගුණයි... නැත්තම් කියවලා පිළිවෙලකට එනකොට වෙන්න ඕනේ හරිය වෙලා.... ලැජ්ජයි ඒ හරියෙන් කමෙන්ටුවක් කොටන්නත්.. හරියට ඉතියෝපියාව පැත්තෙ ගියා වගේ....
කොතන කොහොම කමෙන්ට් කලත්, ගී පවුරේ මට ඔබලත්, මගේ සියලු යහලු කැලත් වටිනව මහ මෙරක් තරම්!
Deleteමනෝෂ් & ප්‍රියා,
Deleteඇයි බොලව් End කියල මොකක්ද එකක් නැද්ද බොලාගෙ යතුරු තහඩුවල
තිබ්බට කෙලවරටම ගිහින් පළවෙනි කමෙන්ට් එක දාන්න ලැජ්ජයි කියන්නෙ මුං.
Deleteවිසිටර් මචං.....
Deleteමනෝෂ් කියන එක තමයි කතාව. ඇත්තම කතාව ඕකයි. අපිට අන්තිමට ම ගිහින් කමෙන්ටුවක් දාන්න ලැජ්ජයි... මොකද කට්ටිය කලින් ම ඇවිත් කමෙන්ට් කරාම අපි නිකන් ආවේ නෑ වගේ වෙනවා...... ඒ නිසා කලින් ම තැනක් බුක් කරන එක ලේසියි....
අනේ අනේ ගී පවුරේ...හා හා ඉතින් ඔච්චරටම අවුල් නම් එහෙම කලින් ඉඩක් බුක් කරල තියමුකෝ...
Deleteමට මේ ටිකේ මහ බිසී ග්‍රහයෙක් ලබලා බන්. ශැක් දැනුයි පොඩි නිදහසක් ලැබුනෙ!.
ReplyDeleteමුලින්ම අද ගීතය ගැන අවංකවම කියනවා නම් මචෝ මේක මම නන්දා මාලනියන්ගෙ ඉතාම කැමැත්තෙන් පෙරේතකමකින් (ඒක වෙන්නැති හරි වචනෙ) අහන ගීත ගොන්නට ඇතුලත් උනු ගීයක් නෙමේ!! ඒත්… අද උඹේ සංවේඳනාව ලියලා තියෙන විදිහට මේ සින්දුවත් ඇගේ මට ප්‍රියතම ගී ගොන්නට එකතු වේවි! ඒ තරම් හදවතේ සියුම් තැනකට කතා කරන විදිහට උඹ ලියනවා.
මට හැමදාම හිතෙන දෙයක් තියෙනවා. උඹ මේ ලියන්නෙ අපේම කතාව. ඒ කතා උඹේ කතාව උනාට ඒවායෙ අපේ කතාත් එක්ක සියුම් සහසම්බන්ධයන් තියෙනවා. ඒ සියුම් තැන් අවදි කරන විදිහට උඹ ලියන්න දක්ෂයෙක් බන්.
අපූරුයි මචෝ!!!
\\මට මේ ටිකේ මහ බිසී ග්‍රහයෙක් ලබලා බන්//
Deleteඔය ග්‍රහයනම් මටත් ලබල තියෙන්නෙ බං. හෙට මන්ත් එන්ඩ් එකනේ හෙට තව තද වෙනවා. ඒකයි පෝස්ට් එකත් අදම දැම්මේ.
"පෙරේතකම" ඕක තමයි මචෝ, ඔයවගේ තැනකදි මගෙත් වචනය. උඹ ප්‍රිය නොකරපු ගීයක් මේ සටහන නිසා උඹට ප්‍රිය උනානම් ඒක මට ලොකු සතුටක් සහෝ.
ඒ වගේම ඒ වෙනුවෙන් මේ සටහනට ලබල දුන්න වටිනාකම ආදරෙන් මං බාරගන්නවා.
ප්‍රියා,
Deleteබිසීම ග්‍රහය සිකුරු. වේගෙන් යන ගමන් අනික් උන් කැරකෙන පැත්තට නැතිව අනික් පැත්තට කැරකෙන්න ඕනි. අනික් අමාරු වැඩේ කරන්නෙ යුරේනස්. ඔලුවෙං හිටගෙන ඇවිදින්න එපායැ. උඹනං සිකුරම තමා. :D
//උඹ මේ ලියන්නෙ අපේම කතාව// සහතික ඇත්ත.
මනෝෂ් මේ දේවල් Word Document එකක් විදිහට තියාගනිං. කවද හරි ලමයෙකුට පෙන්නන්න. බ්ලොගර් ගැනම ඩිපෙන්ඩ් වෙන්ඩ බෑ.
හෙහේහ්!! ප්‍රියාට සිකුරු ලබල ගොඩක් කල් කියන්නෙ..මං නම් යුරේනස්ද කොහෙද එහෙනම්..
Deleteඅනිවාරෙන්ම මචෝ.. මේ හැම එකක්ම මං පී.ඩී.එෆ් එකක් විදියට අරන් තියාගෙන ඉන්නෙ.
උඹේ ලියවිල්ලෙ මගෙ හිත තත්පර ගානකට නවත්තලා කල්පනා කරවපු, තුන් හතර වතාවක්ම ඒ තැනම කියවන්න හිත බල කරපු මගේ හිතටම වැදුන තැනක් තිබ්බා මචෝ. මෙහෙම කොටසක් උඹේ ගොඩක් පෝස්ට් වල මම දකිනවා. ඒක උඹේ සිරා දක්ෂකමක්!
ReplyDelete//එතකොට මට පේන්නෙ හැබැයි අම්මගේ මූණ විතරක්ම නෙවෙයි. මට මුලු ලෝකෙම පේනවා.// ++++++++++++++++++++++++++++++++++++++++++++++++++ උපරිමයි බන්!!
ඒ තැන මටත් ගොඩක් සංවේදීයි මචෝ.. ඇත්තම කියනවානම් ඔතන මං කිව්වේ උඩින් පේන අර්ථයම තමයි. ඒ කිව්වෙ, මං මචෝ ලෝකෙ දැක්කෙ අම්මගෙන්. එයාගෙ ඇස්වලින්, එයාගෙ මූණෙන්. මට ජීවිතේට පාර කිව්වෙ එයා. මට ලෝකෙ පෙන්නුවේ එයා. ඒ නිසාම මං මගේ ජීවිතේ අනික් අයට අහිමි උන ගොඩක් දේවල් මට අහිමි උනේ නෑ. ඒත් එක්කම අනික් අයට හිමි උන දේවල් බොහොම ටිකක් මට අහිමි උනා. ඒත් ඒ අහිමිවීමට වඩා හිමිවීම වැඩියි. ඒ නිසා මං අදත් සතුටු වෙනවා.
Deleteගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
Deleteඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා
රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු
සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත්
නෙත නෑ නිදි විඳගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
නින්දේ හීන දකින්නේ
මහමායාවනි කවදාදෝ ඔය නෙත්
දරු සෙනෙහසින් මිදින්නේ
වෙල් දෙනිවල ඇවිදින දෙපා රිදෙන විට
විහඟ ගීත බණ පද වේවා
බෝ මලුවක ඇවිලෙන පහන් වැටක් සේ
තුන් සිත නිවී සැදේවා
මතු උපදින සසරේ විශාඛාව වී
මෙත් මඟ නෙත් හමුවේවා
ඇත් රැජිනියනේ ඔබෙ නැළවිලි ගීතය
ලොවම නිවන කවියක් වේවා
ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා
- කරුණාරත්න දිවුල්ගනේ.
ඒ වගේම මචෝ...
Deleteඅම්මා සඳකි
මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳින් ඔබෙ ලෝකය එළිය වුනි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි
පිය සෙනෙහසට කවි ගී ලිය වුනා මදි
සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ
කුසයෙ නොදැරුවත් දිවිබර මට දැනුනි
මහ මෙරකට උසයි දරු පෙම හඳ පතුලෙ
පුදුමයි පුතුනි කිම මගේ ලේ කිරි නොවුනේ
මවකට මුවාවී නුඹ වෙත දිරි දුන්නෙ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නෙ
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ.
ගායනය-ටී.එම්.ජයරත්න
පද රචනය-මාලිනි ජයරත්න
තනුව-රෝහණ වීරසිංහ
ඔබගේ ලිපි බැලුවට කොමෙන්ට් කරන්නේ අද ....හැමදාම වගේ හිතට වදිනවා .
Deleteසඳුමල් කොහේද ඔයාගේ කොමෙන්ට් පිරිවර ...
පත්තර මල්ලි , සින්දු ඇනෝ , මෙන්ඩිස් , සහෝදර , විදානේ ....
ටික දවසකින් දැක්කේ නැ ...
මම නම් ආවෝ ....ඇත්තටම අනික් අය කෝ
Deleteමීදුම් වෑහෙන පාන්දරින්
ගෙදරට එන පටු මාවත ඔස්සේ
ඈතින් ඈතට ඔබ නොපෙනෙන තුරු
කඩුල්ල අද්දර බලා සිටින්නම්...
ආයෙත් මට ගෙට යන්නට හිත නෑ
ගේ හරියට පාළුයි...
එළිය වැටෙන්නට ඇත සුළු මොහොතේ
මට කල්පයක් වගේ...
රැකියාවට ඔබ නොගිහින් කොහොමද
අප කුස පිරෙන්නෙ නෑ...
ආපසු හවසට එනතුරු නොවරද
මට සැනසුමක් නැහෑ...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : ටියුලින් ජයරත්න
ගායනය : චන්ද්‍රා ද සිල්වා
රුක් අත්තන මල මුදුනේ
Deleteඹමරු නටන හැන්දෑවේ
සැදෑ අදුර පියමන් කර - කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ...
මුතු පිණි දැල් සැලෙන ඔබේ
උදා දිමුතු හිරු එලියේ..
පුතුසවනට රහස් කියා - පියමන් කරලා
අප වෙනුවෙන් දවස ගෙවා - වෙහෙසී එන්නේ
රුක් අත්තන මල මුදුනේ...//
පතොක් වැටිය උඩින් වැදී
දිවයුරු මිය යන මොහොතේ
පුරා හදක් සේ ඈතින් කවුරුද එන්නේ..
පුතුනි බලන් යොමා නුවන් කවුරුද එන්නේ..
රුක් අත්තන මල මුදුනේ...//
ගායනය: විශාරද නන්දා මාලිනී
පද රචනය: මහින්ද අල්ගම
සංගීතය: නන්දා මාලිනී
ඔබේ පළමු කමෙන්ටුව මං බොහොම දයාබරව පිලිගන්නවා. ඔන්න අපේ සින්දු ඇනෝ නම් ඇවිත්. විදානයානම් කම්පනයට ලක්වෙලා, පත්තරේ ගේ අස්කරන්න හිරවෙලා. එතකොට මෙන්ඩියා ගමේ ගිහින්. මුන් ටික ආයෙ එකතුකරගන්න එක රොබින් හුඩ්ට දෙවනි පාර සඟයො හොයාගන්න අමාරු උනාටත් වැඩිය අමාරුවෙයි වගේ.
Deleteනන්දා මාලනියන්ගේ මං ආස සිංදුවක්......
ReplyDeleteආදරය හා ගැමි සෞන්ධර්ය.....සිතුවිලි....... විසිරෙන....... මල් සුවද.....?
මං ගොඩක් ආසයි මනොෂ්.....
ඒ තරම් සුන්දර වෙනත් දේවල් මේ මිහිපිට වෙන නෑ නිහිංසා..ඒත් කරුමෙට ගොඩක් උන් ඒ සුන්දරත්වය විඳින්න දන්නෙ නෑ..
Deleteසමාවෙයන් ම්‍ිත්‍රයා.. මේක කියවන්නවත්, කියවල කොමෙන්ට් කරන්නවත් හිත එකලස් කරගන්න බෑ
ReplyDeleteඅනේ මචෝ... මේ මොකද? උඹ මොකක් හරි අවුලකින් වත්ද? වචනෙකින් හරි අපිට කරන්න පුලුවන් දෙයක් තියේනම් කියපං.
Deleteකෝ අපේ පුරුදු විදානේ??
මොකෝ බන් උනේ?
Deleteඒකනෙ මචෝ, තාම නෑ.
Deleteලස්සන සිංදුවකට ලස්සන කතාවක්.
ReplyDeleteබොහොම ස්තූතියි අජිත්...
Deleteමම හිතන්නේ නෑ අම්මගෙ තුරුල්ල තරම් අපිව උනුසුම් කෙරුව තවත් තැනක් තියනව කියල.එතන්ට වෙලා උකුලට ඔලුව තියාගන ඉන්නැද්දි;අපිට වචනයෙන් විස්තර කරන්න බැරි හිතට දැනෙන නිරාමිස සතුට උඹ ලස්සනට අකුරුකරල තියනව.එයට ඔබට සුභ පැතුම්. ඒ වගේම තමයි නන්දා මාලනිය අද මොන තත්වේ හිටියත් "අරලිය ලන්ද" හරහා කෙරු කාර්යයට ඇයට ගෞරව කල යුතුයි.එම කැසට්පටය හරහ නවක ගීත රචකයන් හා සන්ගීත වේදීන් 32 බිහිවුනා
ReplyDeleteඔබ කියූ හැම අකුරක්ම ඇත්ත. ඒ උනුහුම අම්මගේ උකුලෙන් මිස වෙන කිසිම තැනකින් ලබන්න බෑ. ඒක හරිම සුන්දර, අව්‍යාජ, නිකැලැල් ශාන්ත සුවයක්.
Deleteනන්දා මාලිනිය කරපු සමාජ මෙහෙවර හොඳටම ප්‍රමාණවත් අද ඇය නිහඬව, නිසලව බලා හිටියත්..
සඳුමල්..
ReplyDeleteපහුගිය ටිකේ ඔලුව තෝන්තුවෙං හිටි නිසා කියවන්න මට ටිකක් පරක්කු උනා.. නන්දා මාලිනී කියන්නේ මගේ ප්‍රියතම ගායිකාව.. ඒ ගැන ආයෙ දෙකක් නෑ.. අරලිය ලන්දට කැසට් පටියේ මේ ගීතයත් ඇතුළුව ගීත දහසයක් තිබුණා.. සියල්ලම නවකයින්ගේ පද රචනා හා තනු නිර්මාණ.. නන්දා මාලිනී මේ කැසට් එක කරන්න කලින් ලංකාව පුරා ඉන්න නවක ගී රචකයන්ට ආරාධනා කරා පද රචනා එවන ලෙස.. ඒ අනුව තෝරා ගත් සිංදු දහසයක් ඇතුලත් කරල තමයි අරලිය ලන්දට කැසට් පටය එළි දැක්වූවේ..
හිතේ තියෙන පුංචි කහටක් නිසා මේ ගීතයත් තව ගීත දෙක තුනකුත් හැර එහි අඩංගු වූ අනෙක් ගීත වලට මගේ ප්‍රියතාවයක් දැක්වුනේ නෑ.. මං හිතන්නේ වසර විස්සකට ආසන්න කාලයකට පසු මං ඒ 'පුංචි කහට' මේ කාත් එක්ක හරි කියන්න යනවාමයි..
මං මින් පෙරත් කොහේදි හරි කියුවා මගේ මව දක්ෂ කවි කාරියක් බව.. ඇය තමන්ගේ සතුට උදෙසා රචනා කලා මිස කිසි විටෙකත් ඒවා ප්‍රසිද්ධ කිරීමට හෝ සංරක්ශණය කිරීමට උනන්දු වූවේ නෑ.. ඔය කාලය වෙනකොට අපි ටිකක් දැනුම් තෙරුම් ඇතුව හිටි නිසා ඇගේ රචනා අතර අපේ සිත් ගත් නිර්මාණ එක් එක් ආකාරයෙන් ලඟ තබා ගත්තා.. නන්දා මාලිනියගේ ඉල්ලීමෙන් පසු අපි කතාකොට ඇය විසින් ලියා තිබූ ඉතා අගනා සංවේදී ගීත දෙකක් නන්දා මාලිනියට ලැබීමට සලැස්වූවා. මොන හේතුවක් නිසා හෝ එවා මෙම ගීත පටයට යොදා නොගත් බවත් ඉදිරි මෙවන් නිර්මාණයකදී නැවත සලකා බලන බවත් ඇය විසින් දන්වා එවා තිබුණා. ඔය අතර 'අරලිය ලන්දට' මේ නිර්මාණ එකමුතුව එළි දැක්වුණු අතර මගේ විනිශ්චයේ හැටියට එකක් නොව මගේ මවගේ ගීත දෙකම වුව මෙහි ඇතුලත් වීමට තරම් ඉහළින් තිබූ බව මට 'කහටක්' සේ තවමත් හිත තුල රැඳී තිබෙනවා.
පසු කලෙක යම් අයුරකින් දැනගත් පරිදි නන්දා මාලිනිය විසින් මෙහිදී සරල පද රචනා හා තනු රචනා වලට අවස්ථාව දුන් බව කියවුනා.. කෙසේ නමුත් ඇය අතින් නැවත එවන් නිර්මාණයක් උනේත් නෑ. මගේ කහට ඒ 'මගේ මව' නිසා විය යුතුයි.. ඔබේ ලියවිල්ල සමග මා මොහොතකට නැවත ඒ සංවේදනාවන්ට රැගෙන ගියා.. ස්තූතියි එයට. ජය ශ්‍රී!
කල්‍යාණ මිත්‍ර,
Deleteමේ සියලු සංවේදනාවන්ට වඩා අද දවස මම ඔබ සහ ඔබේ පවුල හිතවතුන් නෑ පිරිස නිසාවෙන් සංවේගයෙන් ගෙවා දමමඉන් සිටිමි. මට දැනෙන අනියත් බිය සිහිවන විට ඊට සිය ගුණයකින් වැඩි ඔබේ පශ්තාපය ගැන මට අනුමාන කල හැකිය. එවන් මොහොතකදීත් මෙලෙස පැමිණ සටහනක් තබා යාම පිළිබඳව මම ඔබට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.
එමෙන්ම අරලිය ලන්ද යට සැඟව ගොස් ලෝකයෙන් වහන් වෙලා තිබුන මේ සංවේදී කතා පුවත මෙලෙස පළ කිරීම වෙනුවෙන් මම ඔබට කෘතඥ වෙමි. ඇත්තෙන්ම එය සංවේදී කතා පුවතක්. හදවතින් සෝදලා දාන්න බැරි කහටක්. ඇත්තෙන්ම, මේ කැසට් පටයේ අඩංගුව තිබූ ඉතාම සරල පද රචනාවන් සලකා බැලීමේදී සමහර විට ඔබේ මවගේ පදරචනාවන් බොහොම ඉහල විදග්ධ ගනයේ පදරචනා නිසා ඇතුලත් නොකරන්න ඇති. නමුත් කල්‍යාණ මමනම් කියන්නෙ ඒ පද ර්චනා ගීත බවට පත් කරන්න අපි තවමත් ප්‍රමාද නෑ කියලයි. මොකද මට දැනුන හැටියට ඔබ මේ ක්ෂේත්‍රයට ගොඩක් සමීප කෙනෙක්. ඒ නිසා අපි මේ වටිනා අවස්ථාව කොහොම හරි හිමිකරගමු.
කොහොම උනත් ඔබේ මවගේ ඒ නිර්මාණශීලී ජවය ඔබටත් ඒ ආකාරයෙන්ම ඇය නිර්ලෝභීව තිලිණ කරලා. ඒ ගැන අපි එතුමියට ණයගැතියි..
ඔබට ස්තූතියි මිත්‍ර...
මේක කියවනකොට මම අම්මාගේ පැත්තෙන් හිතුවා...අපේ අම්මා ඔහොම කොච්චර බලන් ඉන්න ඇතිද...ඒ බොහොමයක් දවස් තාත්තා බීමතින්....ඒ සියල්ලක්ම දරාගෙන පර්වතයක් වගේ අම්මා ඉන්න ඇති.
ReplyDeleteඇත්තටම අරූ අයියේ ඒ අතින්නම් අපේ අම්ම සහ මමත් මල්ලිත් හරිම වාසනාවන්තයි. අම්ම බැන්ද දා ඉඳල අද වෙනතුරු තාත්තා අරක්කු බිඳක් කටේ තියල නෑ.
Deleteමේක අහුවහම මට මතක් වුනේ උඹවයි.මගේ මොකක් හරි අවුලක් නිසා ඊයක් ව්දින්න බෑ.ඒකයි මේකට දැම්මේ. අහල ලියපන්http://www.ananmanan.lk/free-sinhala-mp3/song/5606/mala-kothana-pipunama-mokada-deepika-priyadarshani-pieris-sinhala-mp3.html
ReplyDeleteඋඹටබොහොම ස්තූතියි මචෝ... සින්ංදුව කලින් අහල ත්යෙනවා කියල මතකයක්නම් නෑ. ඔන්න ඩවුන්ලෝඩ් කරගත්තා. ගෙදර ගිහින් නිදහසේ අහන්න ඕනි. උඹට ආයෙමත් ස්තූතියි...
Deleteමචෝ මම සිංදුව ඇහුවා. ඇත්තෙන්ම පුදුම රසයක් තියෙන ගීයක්. ඒත් මේ ගීය නිසා මාව මතක් උනේ ඇයි? එච්චරටම වටිනාකමක් මගේ නෑ බං. ඔහේ හිතට එන දේ ලියල දානවා, එච්චරයි.
Deleteකොහොම උනත්, උඹට ගොඩක්ම ස්තූතියි..
"අහල ලියපන්"
Deleteඅන්න ඒ නිසා තමයි උඹව මතක්වුනේ.දීපිකාගේ අලුත්ම සින්දුවක්.අහන කොට හිතේ ඇදෙන දේවල් ගොඩයි.මම දන්නව මගේ හිතේ ඇදෙනවට වඩා ලස්සනට ඒ දේවල් උඹේ හිතේ ඇදෙනව කියල.
"අහල ලියපන්"
හ්ම්...හ්ම්... ඒක හොඳ අදහසක්. ඔබට ගොඩක් ස්තූතියි.. මේ ගීයට සංවේදනාවක් ලියමු අපි.
Deleteමනෝෂ්,
ReplyDeleteමවා පෑම්, බොර පුරාජේරු ආදී කිසිවක් නැතිනම් අවංකවම (බොක්කෙන්ම) අදහස් එළියට එනවනම්, තමන්ගෙ අත්දැකීම් (යම් අඩු කිරීම් කළත්) එකතුකිරීම් නොකර ඉදිරිපත් කරනවනම් අන්න ඒවාත් කවදා හරි සම්මානනීය කෘති බවට පත්වෙනවා. ඔබේ ඒ අනන්‍ය ලක්ෂණය වැඩිදියුණු කරගන්න. ඉදිරියටම යන්න.
බෙහෙවින්ම ස්තූතියි මාධවී.. ඇත්තෙන්ම මෙි සැබෑ ජීවිත අත්දැකීම්. ඒ විතරක් නෙවෙයි, අපි හැමෝගෙම ජීවිතවල පොදු අත්දැකීම්.අනිවාර්යයෙන්ම අපි හැමෝගෙම ජීවිතවල මෙි වගේම අත්දැකීම් තියෙනවා. ඒත් අපි බොහෝදෙනෙක් හුරුවෙලා ඉන්නවා මෙි සුලු කාරනා නොවැදගත් දේ ලෙස නොසලකාහරින්නට. නමුත් මේවා තුල අපිට විඳිය හැකි දේ අනන්ත තියෙනවා.
Deleteබොහොම සංවේදී සටහනක්....
ReplyDeleteස්තූතියි තිසර..
Deleteඅතීතය
ReplyDeleteවෙලාවකට හිනයක්
වෙලාවකට
හිත ගස්සන රූපයක්
ජීවිතේම කවියක් බං
ඒත් මතකයන්
හිතම හූරණ ඉදිකටු තුඩක්..
සංවේදී අපූරු සටහනක් මනෝ පරක්කු වුණාට අමනාප වෙන්නෙපා මේ දවස් වල මං ටිකක් බිසී...
ජයෙන් ජයම වේවා
කිසිම පරක්කුවක් නෑ මහී. කවදා හෝ ඔබේ පැමිණීමයි, සටහන් කරන මේ අදහසුයි තමයි මට වටින්නෙ. ඔබ සටහන් කල නිසැඳස හරිම සුන්දරයි. අතීතය නම් මතකය හදවත සූරණ ඉඳිකටු තුඩක්ම තමයි. ඔබ එය හරිම අපූරුවට කිව්වා.
Deleteඅදත් පරක්කුයි..මොනා කරන්නද මචන්...
ReplyDeleteකෙස් ගොඩක් හින්ද පහුගිය සතියේ බ්ලොග් වලට ගොඩවෙන්න හම්බ වුනේ නැහැ.
-------------
මේ සැරේ පොස්ට් එකත් බොහොම ලස්සනයි..
තමුන්ගේ ජීවිතේට අයිති මතකයක් එක්ක ලියපු පොස්ටුවක් හින්ද එක කියෝගෙන යනකොට සොරබොර වැව ළඟ ඒ ගෙදර මිදුලේ මාත් ඉඳගෙන ඉන්නවා වගේ දැනුන. ඒ කියන්නේ හරියටම හරි විදියට උඹ මේක ලියල තියෙනවා කියන එකයි.
උඹේ හැකියාවට ජය වේවා....
මටත් පහුගිය ටිකේම වැඩිය බ්ලොග් එක අතපතගාන්න බැරිවුනා මචෝ. ඕව ඔහොම තමයි.
Delete\\එක කියෝගෙන යනකොට සොරබොර වැව ළඟ ඒ ගෙදර මිදුලේ මාත් ඉඳගෙන ඉන්නවා වගේ දැනුන//
පෝස්ට් එක මෙච්චරටම දැනුනනම් ඒක මට ලොකු සතුටක් විභී.. උඹලගෙ මේ දිරිමත් කිරීම් මට පුදුම හයියක්.
ගොඩක් පරක්කු වෙලා මේ පැත්තට ගොඩ උනා මනොෂ්. හැමදාම වගේ සුපිරි ලියමනක්. අපේ අත්දැකීම් ගැන කියවෙන ගීත අපේ හිත වලට ගොඩක් ලං වෙනවා නේද? මේ ලිපිය කියෙව්වට පස්සේ මට ඈත රටක ගිය සැමියා ආපහු එනකල් සිය සිය සිය දහසට ඇගිලි ගනින මගේ ප්‍රිය බිරිදත් සිහියට ආවා.
ReplyDeleteඅපි හැමෝගෙම ජීවිතවල මේ වගේ කතන්දර අඩු වැඩි වශයෙන් විවිධ ස්වරූපවලින් පවතින බවට ඔබේ මේ කමෙන්ටුව හොඳ සාක්ෂියක් වීරේ. හැකි සෑම විටම මාත් සමඟ එක්වී මෙලෙස සංවේදි සටහන් තබනවාට ඔබට බෙහෙවින්ම ස්තූතියි.
Deleteලස්සන සින්දුවක් අයියේ..ආසාවෙන් පෝස්ට් එක කියෙවුවා..
ReplyDeleteසින්දුවත් ගත්තා...
නොදන්නා ගීත ගැන වගේම දන්නා ගීත ගැනත් තව දුරටත් ලියන්න..කියවනවා හැමදාම..
නිර්මාණයෙන් තෘප්තියක් ලැබුවනම් අලුතින් යමක් ලබාගත්තනම් මට ඒක ලොකු සතුටක් මලේ.
Deleteමං ඔබෙන් ද්‍යාබරව ආයාචනා කරන්නෙ ඔබේ බ්ලොග් ලිව්විම නතර නොකර දිගටම රැඳී ඉන්න කියායි.
මේ සින්දුව හරිම පුදුම සහ අපූරු විදිහට සතුට සහ දුක අතරෙ තැනක රසිකයව හිරකරගන්නව. මම පුද්ගලිකාව මේ සින්දුවෙ පද වලට මිසක් තනුවට සහ කටහඬට කැමති නෑ.
ReplyDeleteනමුත් උඹ බොහොම සංවේදී සුන්දර සටහනක් ලියල, ගීතයට ඕන කෙනෙක්ට ආස හිතෙන්න.
මහ පාලු ශෝකි රසයක් මේ ගීතයේ තියෙනවා ඉන්දික අයියෙ. ඒක වචනයෙන් විස්තර කරන්න අමාරුයි. කොහොම උනත් මගේ ස්ටහනට ඔබෙන් ලැබුනු ප්‍රතිචාරයනම් මාව බෙහෙවින්ම සතුටට පත්කලා. ස්තූතියි ඔබට.
Delete