"මහත්වරුනි මා නෙලු මල මට සිඹින්න දෙන්න..."
අද කෙටිකතාවක් වගේ ගී සංවේදනාවක් නෙවෙයි ඔබ මේ කියවන්න සූදානම් වෙන්නෙ. මගේ ප්‍රියතම විනෝදාංශයක් තමයි ගීත ලියන්න පසුබිම් වෙච්ච කතා හොයන එක. ඒවා කියවන එක. අපි ආසාවෙන් රසවිඳින සමහර ගීත, ඒ රචකයාට ලියන්න හේතු වෙච්ච මුල් හේතු හරිම සුන්දරයි. ආකර්ෂණීයයි. ඒ කතාව දැනගත්තම, ඊළඟ පාර ඒ ගීතය අසනකොට කවදටත් වඩා බැඳීමක් ඒ ගීය එක්ක අපිට ඇතිවෙනවා. අර රචකයාගෙ කතාව මතක් වෙනවා. සිද්ධිය මැවිල පේනවා. ගීත රසවිඳින්නන්ට ඒක හරි සුන්දර අත්දැකීමක්.
ඉතින් අද මේ කියන්න හදන්නෙ මං අහපු ඒ වගේ කතාවක්. මං දන්නවා මේ වගේ දේවල්, ඒ කිව්වේ, මං ඕකට පාවිච්චි කරන වචනෙ ගී නිධාන කතා, අහන්න ආස සහෘදයන් රාශියක් මාත් එක්ක ඉන්නවා. ඉතින් ඒ අය වෙනුවෙනුයි අද මේ ලිපිය. සමහර විට මේ කතාව මීට කලින් අහපු අයත් ඇති. ඒ අය මට මොහොතකට සමාවෙන්න.
මට මතක විදියට ඒ දෙදාස් දහය අවුරුද්දෙ. ඔව්, ඔව්, අපි ඒ ලෙවල් කරපු අවුරුද්දෙ. බදුල්ල ධර්මදූත ඉස්කෝලෙ අපේ යාලුවෝ සෙට් එකක් හිටියා සංගීතෙට බොහොම ලැදි. උන් පොඩි ගෲප් එකකුත් හදාගෙන හිටියා. සිංදුවක් දෙකක් එහෙමත් කලා. අපි හිටියෙ මහ විද්‍යාලේ. ඒත් මහවිද්‍යාලෙ එවුන්ටත් වඩා අපි මුන් සෙට් එකත් එක්ක ෆිට්වෙලා හිටියා. ක්ලාස් එකකට ආවත් ඒක පටන් ගන්නකල් මුන් ටික කලේ සිංදු කියපු එක. තව මොනා හරි කියන්න ගියොත් අනිවාරෙන් මාතෘකාවෙන් පිට පනිනවා. ඒ නිසා ඒ කතා මෙහෙමම නතර කරල කියන්න හදපු දේ කියන්නම්.
ඉතින් මං මේ කියපු යාලුවෝ සෙට් එක හරිම අපූරු වැඩසටහනක් සංවිධානය කලා. ඒ තමා කපුගේ සමරු වැඩසටහනක්. ඔය වෙනකොට විභාගෙ එහෙම ලියල මං ගෙදර ඇවිත් හිටියෙ. ඉතින් ඒ නිසා එයාල මට කතාකරල මේ පණිවිඩේ දුන්නා. ඉතින් නියමිත දවසේ උදෙන්ම මමත් කවිකාරිත් මහියංගනෙන් බදුලු බස් එකකට නැග්ගා. මට මතක විදියට ඒ දෙසැම්බර් හෝ නොවැම්බර් මාසෙ දිනයක්.
අපිත් ඉතින් බදුල්ලෙන් බැහැල අදාල තැනට ගිහින් හොඳින් වේදිකාව පේන තැනක වාඩිවුනා. හැම තැනම කපුගේගෙ සිතුවම් වලින් සරසල තිබුනා. ඔහු ගැයූ ගී වල කොටස් තැන් තැන් වල හරිම අපූරුවට සටහන් කරල තිබුනා. මට දැනුනෙ ආරාමයකට ගොඩ උනාවගේ ශාන්ත බවක්. ඉතින් සාමාන්‍ය විදියටම මෙවන් උත්සවයක සමාරම්භය සිදු කරන අයුරින්ම මුල් කොටස් ටික සිද්ධ උනා. මීළඟට තිබුනෙ එතනින් එහාට මෙම උත්සවය, එසේත් නැතිනම් කපුගේ අනුස්මරණ ගීතාවලිය ඉදිරියට මෙහෙයවාගෙන යාමේ කටයුත්ත. ඒ කියන්න මං පුල පුලා බලාසිටි අවස්ථාව.
ඒ මොකද කියල කියනවානම් ඒ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා සහ ප්‍රධාන දේශකයා උනේ රත්න ශ්‍රී විජේසිංහයන්! මට ඉතින් එදාට කෑම ඕනිත් නෑ ඔන්න. එතන සිදුවීම්, ගායනා කල ගීත, කීව දේවල් හැම දෙයක්ම මං ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒ නිසා මං දැන් මේ ලියන්න හදන්නේ මේ අද ඔබ හමුවට ගෙනා ගීතයේ කතාව රත්න ශ්‍රී මහත්මයාම කීව හැටියි. එහෙනම් මෙතනින් එහාට ඒ කතාව මගේ මතකයේ හැටියට එතුමා කියූ ලෙසම ඔබට ගෙනෙන්නම්.
එතුමා කිව්වේ මෙන්න මේ විදියට..
"මේ කියන්න යන සිදුවීම උනේ මං උසස්පෙළ ලියන කාලේ. උසස් පෙළ විභාගයට මුහුණ දීලා ප්‍රධාන විශයන් සියල්ල නිමවෙලා තිබුනේ. අන්තිමට ඉතුරුවෙලා තිබුනෙ ඉංග්‍රීසි විශය විතරයි. ඒත් ඉංග්‍රීසි විශය තිබුනෙ අපේ අන්තිම විශයත් ඉවරවෙලා සතියකට විතර පස්සේ. ඉතින් ඒ නිසා සතියක කාලයක් යනතුරු කරන්න තරම් විශේෂ වැඩක් තිබුනෙත් නෑ. ඉතින් අපිත් එක්ක හිටපු මිතුරන් විවිධ දේවල් සැලසුම් කලා. ඔය අතරෙ හිටපු එක් මිතුරෙක් තමන්ගෙ ඥාතිවරයකුගේ නිවසකට යන්න තීරණය කලා. ඒ නුවර එළියේ. ඉතින් ඔහු ඒ නිවාඩු දවස් කිහිපය ගතකරන්න නුවර එළියට ගියා."
"ඉතින් ඔහුට ගතකරන්න තිබුනෙ බොහොම සුන්දර පරිසරයක සුන්දර කාලයක්. සොබා සෞන්දර්‍යයෙන් අනූන පරිසරයක තමයි ඔහු නතරවෙලා හිටියේ. ඉතින් මෙයා හැමදාමත් උදේට අවධිවෙලා ඒ අවට මංමාවත් වල ඇවිදින්න පුරුදුවෙලා හිටියා. තේවතු මැදින් වැටිල තිබුන අඩි පාරවල් වල ඔහු ඇවිදගෙන අවට සිරි නරඹමින් ගියා. මෙහෙම යන දවසක ඔහු යන පාර ඉස්සරහට මුණ ගැහුනා යුවතියක්. පෙනුමෙන් ඇය දමිළ යුවතියක් බව ඔහුට වැටහෙනවා. ඒ උනත් ඇය බොහොම ලස්සන සුන්දර යුවතියක්. මේ විදියට දෑස් හමු උන පළමු දවසෙම මේ දෙදෙනාගේ දෙනෙත් අතර බැඳීමක් ඇතිවුනා. ඔවුන් ටිකක් වෙලා එකිනෙකා දිහා බලාගෙන හිටියා. ටිකකින් ඔහු ඇයට කතා කලා. හැබැයි සිංහලෙන්. ඒත් ඇයට එක සිංහල වචනයක්වත් නොතේරුණු බව ඇගේ හැසිරීමෙන් ඔහුට අවබෝධ උනා. ඒත්.. කරන්න දෙයක් තිබුනෙ නෑ, ඔහුට දෙමළ භාශාව පුලුවන් කමක් තිබුනෙත් නෑ."
"මේ විදියට දවස් ගානක් ඔහුට ඇයව හැම උදයකම මුණගැහුනා. හැමදාමත් දෙන්නට දෙන්න හිනා උනා. ඇස් වලින් අදහස් හුවමාරු කරගත්තා. ඒත් කවදාවත් එක වචනයක්වත් කතාකරන්න පුලුවන් උනේ නෑ. ඒක හරි කණගාටුදායක දෙයක්. කියාගන්න දාහක් දේවල් ඔවුන්ට තියෙන්න ඇති. ඒත් කතාකරන්න විදියක් ඔවුන්ට තිබුනෙ නෑ. අඩුම තරමෙ ඇගේ නමවත් ඔහු දැනගෙන හිටියෙ නෑ. ඩිංගක් හිතල බලන්න. ඒ හැඟීම කොච්චර සංවේදිද කියලා. මේ හැමෝම මිනිස්සු. එකම වර්ගයක ජීවීන්. මේ හදවත් අතර හැඟීම් ඇතිවෙන්න, ජාතිය, ආගම්, කුලමල, භාශාව වැදගත් වෙන්නෙ නෑ. ඒත් සියුම් මානව හැඟීම් වචන වලට පරිවර්ථනය කරගන්න බැරි මහා බාධකයක් ඔවුන් ඉදිරිපිට තිබුනා."
"සතියකට ආසන්න කාලය ඉතාම ඉක්මනට ගෙවුනා. ඉතින් මගේ යාලුවටත් තමන්ගෙ නිවාඩුව ඉවරකරල ආපහු එන්න කාලය ළං උනා. ඉතින් ඔහු එන්නෙ හෙටයි කියල ගෙවුනු අවසාන රෑ, එදා හැන්දෑවෙ පොඩි සාදයක් ලෑස්ති කරල තිබුනා. ඔහුගේ සමුගැනීම වෙනුවෙන්. ඉතින් තමන්ගෙ ඥාතියා ඒ සාදයට අහල පහල කිහිප දෙනෙකුටත් ආරාධනා කරල තිබුනා. ඉතින් රෑ හතට විතර සාදය පටන් ගත්තා. මගේ මිතුරා පුදුමයට පත් කරමින් මේ සාදයට අර මං කලින් කියපු ඔහුට මඟදි නිතර හමු උන ගෑණු ළමයත් ඇවිත් හිටියා. බොහොම ලස්සනට ඇඳල, මාල වළලු දාල, ඇය සුරංගනාවියක් වගේ ඇගේ පියාත් එක්ක මේ සාදයට ඇවිත් හිටියා. ඔහු නොදැන උන්නට ඇගේ පියා මගේ මිතුරාගේ ඥාතියාගේ සමීපතම හිතවතෙක්. ඔහු ද්‍රවිඩ උනත්, මේ සිංහල දෙමළ පවුල් දෙක අතර හොඳ මිත්‍රත්වයක් තිබිල තියෙනවා. මේ වෙලාවෙ ඔහුට දැනගන්න ලැබෙනවා මෙච්චරකල් තමන් සමඟ හදවතින් පමණක් කතාකල යුවතියගේ නම. ඇය ශාන්තිනී."
"සාදය අතර තුරත් වරින් වර එකිනෙකාගේ දෑස් හමුවෙමින් වෙන් වෙමින් මේ දෙදෙනා කතාකරගන්න බැරුව දාහක් දේවල් හිත් වල හංගගෙන හිටියා. ඒත් ඔහු දැනගෙන හිටියා මේ බැඳීම තමන්ගෙ හදවතටම සීමා කලයුතු බව. මේ ලෝකයේ සම්ප්‍රදායන් වලට අනුව මේ හැඟීම පිටකරගන්න ශාන්තිනීටවත් තමන්ටවත් බැහැ කියන එක.හැම දේම ඒ විදියට අවසන් උනානම් සමහර විට අද මේ කතාව මට ඔයාලත් එක්ක කියන්න බරිවෙන්න ඉඩ තිබුනා. මං එහෙම කිව්වේ මේ සාදය අවසාන අවස්ථාවෙ එක් විශේෂ සිදුවීමක් උනා. ඉතින් හැමෝම කාල බීල, සතුටුවෙලා අන්තිමේදී අමුත්තන් වෙනුවෙන් පුංචි කතා කිහිපයක් පැවැතුවුනා. අන්තිමේදී මේ සාදය පවත්වන්න හේතු වෙච්ච මගේ මිතුරාටත් යමක් කියන්න අවස්ථාව උදා උනා. ඉතින් ඔහු යමක් කියන්න උත්සාහ කලා. හැමෝටම ස්තූති කලා. ඒත් මෙහෙම කතා කරන අතර තුර මං කීව යුවතියගේත් මගේ මිතුරාගේත් දෑස් අනන්තවාරයක් එකිනෙක හා ගැටුණා."
"අවසානයේ ඔහු කිව්ව මං හෙට මෙහෙන් යනවා, සමහර විට ආයෙ කවදාවත් අපි හමු වෙන එකක් නෑ කියලා. ඇයට මේ කිසි දෙයක් තේරුණේ නැතිවෙන්න ඇති, ඒත් එහෙම කියල ඔහු වාඩිවෙන්න හදනකොට අර යුවතිය එකපාරටම මහ හයියෙන් අඬන්නට පටන්ගත්තා. හැමෝම පුදුම උනත් මගේ යාලුවාටනම් ඒක පුදුමයක් උනේ නෑ. ඒ වෙනුවට ඔහුත් හැමෝටම හොරා දෑස් වල පිරිච්ච කඳුලු පිහදගත්තා."
"ඉතින් මේ සිද්ධිය ඇසුරුකරගෙන තමයි අපි මීළඟට අහන්න යන ගීතය මගේ අතින් ලියැවුනේ. ගීතය කපුගේ සංගීතවත් කලා, දිවුල්ගනේ ගායනා කලා. ඉතින් සමස්ථයක් විදියට මට මේ අත්දැකීමෙනුත්, ගීයෙනුත් කියන්න ඕනි උනේ, මානව හදවත් තුල ගොඩනැඟෙන සියුම් බැඳීම වලට ආගමක්, ජාතියක්, භාශාවක් අදාල වෙන්නෙ නෑ කියලයි. අපි හැමෝම මිනිස්සු."
"ගීතය අහන්න කලින් මං තව එකම එක දෙයක් කියන්නම්. මෙච්චර දේවල් කතා කරපු එකේ මං මේ රහසත් එළිකරන්න ඕනි. මේ සිද්ධියට මුහුණ දීපු මගේ යාලුවා වෙන කවුරුවත් නෙවෙයි, මමම තමයි..!"

ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්
කුංකුමම් තෙමා අහසේ අඬන චන්දිරන්
පහන් පැලට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්
ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යං..
කඳුළු උඩට තිරුවංගල් එළිය වැටීමෙන්
උඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
බියේ සැලෙන ඔය දෑතේ වළලු ඔය තරම්
බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්..
සියල් සිරිත් දෑ කුළ ගොත් ඔබ ආපසු ගන්න
මහත්වරුනි ශාන්තිනී විතරක් මට දෙන්න
තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න
මහත්වරුනි මා නෙලු මල මට සිඹින්න දෙන්න..
පද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - ගුණදාස කපුගේ
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
(Shanthini Thema Wete - Karunarathna Divulgane)
(සියලු ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි.)
අම්මපා මචෝ, ඔය ආදරේ කියන එක දෙන්නෙකුට අතිංවත් අල්ලන්න බැරි පසුබිමක හිත්වල විතරක් හිරවෙලා තියෙන කොට තමා උහුලන්නම බැරි වගේම ඉතාමත්ම ලස්සන.
ReplyDeleteලොව නිසසල වී නවතින මොහොතේ
යටිහිත් මතුකොට සිනහ සලා
ලොව දොඩමළු වී නෙත් මානන කල
අප දෙදෙනා ඉමු තරහා වෙලා
තුඩින් තුඩට ගොස් අප ගැන තොරතුරු
බොදවී යයි ආදරයක ලස්සන
දෙහිතෙහි හිරවී ඇතිතුරු පමණයි
අප දෙදෙනාගේ කතාව ලස්සන
අනුන් සිටින විට විමසිලි දෑසින්
නෙත් සඟලින් හෝ ඉඟි නොකරනු මැන
සිතින් දෙදෙන එකතැන ඉන්නා බව
දෙතොල් තෙරපලා ගොළු කරගනු මැන
ගායනය : නිරංජලා සරෝජිනී
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : වික්ටර් රත්නායක
උපුටා ගැනීම “ගී පැදුර“.
අහල හා කිව්වට පස්සෙ, ආයි කොහේ හරි තනි වුනාම, කායික බැඳීම් ඇති වුණාට පස්සෙ ඉතිං අර ලස්සන කොයි යනවද මංදා. කවි, සිංදු ලියන්න නං කොහෙත්ම බෑ. (මේ මගේ අදහස ඈ...)
ඔය තියෙන්නෙ අපේ විසිටර්ටත් ගී සංකල්පනා.
Deleteඔය හැඟීමනම් විරහ වේදනාව දරාගන්නවටත් වඩා අමාරුයි..
ලෙංගතුකම නෙතඟ තියා බලනා විට ඔබ
සඟවාගෙන ඉන්නට බෑ මගෙ ආදර හිත
මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ලඟ
සොඳුරිය කරගන්නයි සිතුවේ මා සැම දින...
-චාමර වීරසිංහ
//අම්මපා මචෝ, ඔය ආදරේ කියන එක දෙන්නෙකුට අතිංවත් අල්ලන්න බැරි පසුබිමක හිත්වල විතරක් හිරවෙලා තියෙන කොට තමා උහුලන්නම බැරි වගේම ඉතාමත්ම ලස්සන.// එකෙන්ම එකඟයි.! උදාහරණ ඇත. :)
Deleteඅම්මප මට නෑනෙ බොල!
Deleteමොනවද? :o ;D
Deleteවිරහ වේදනා බොල.
Deleteඒයි බංස්ලා, විරහ වේදනාව වෙනයි. ඒක මහ වාතයක්නේ. ගිය හත්තිලව්වට ඇඹරෙන එක. මේක එහෙම නෙමෙයි (එන්ට තියෙන හත්තිලව්වට).
Deleteනිකං හිතාපල්ලා, කෝටියක් ලොතරැයියක් ඇදිලා ඉවරයි, සල්ලි ගන්ට යන්ටයි තියෙන්නේ. ඕන්නං නොයා ඉන්ටත් ඇහැකි, ලොතරැයි මණ්ඩලෙත් කැමති ඒකට.
මොකද්ද බං ඒ වඳුරු කුණුහරුපෙ?? හැක්!! හැක්!!!
Deleteමම මුලින් හිතාගෙන හිටියේ මේ සිංදුව යුද්ධෙත් එක්ක සම්බන්ධ මේ වගේ දෙයක් නිසා සිදු වෙච්ච සිදුවීමක් නිසා ලියවෙච්ච එකක් කියල ... මෙතන මහත්වරුනි මා නෙලූ මල මට සිඹින්න දෙන්න කියන කෑල්ල මේ කතාවට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක පැහැදිලි මදි වගේ... ඔවුන් දෙදෙනාට කාගෙන් වත් අකමැත්තක් ආපු බවක් කතාවේ නැති නිසයි එහෙම හිතුනේ.. කොහොම වුනත් කතාව අපිට කිව්වට මනොෂ් ට බොහොම ස්තුතියි
ReplyDeleteරත්න ශ්‍රීගේ හඬින්ම මේ කතාව ඇහුව නිසා වගකීමෙන් කියන්න පුලුවන් පැතුම් අයියේ මේ ගීතයේ නිධාන කතාව මේකමයි කියලා.
Deleteමං හිතන්නෙ අයිය කීව දේට උත්තරේ මෙන්න මෙතන තියෙනවා.
\\ඒත් ඔහු දැනගෙන හිටියා මේ බැඳීම තමන්ගෙ හදවතටම සීමා කලයුතු බව. මේ ලෝකයේ සම්ප්‍රදායන් වලට අනුව මේ හැඟීම පිටකරගන්න ශාන්තිනීටවත් තමන්ටවත් බැහැ කියන එක.//
හිතවත් කමක් තිබුනත් ඒක විවාහයකට, ඥාතීත්වයකට තරම් දුර යන්න තරම් අවස්ථාවක් කොහෙත්ම ඔවුන් අතර නොතිබෙන්න ඇති.
ආගම ජාතිය භාෂාව විතරය බං කුළය ප්‍රාන්තය පන්තියත් බලන ගොබ්බයෝ නේ අපි.. එහෙම උන්ට කියන්නේ ගෝත්‍රිකයෝ කියලා..
ReplyDeleteකියල වැඩක් නෑ මාතලන් අයියේ.. මේ ආසියානු මිනිස්සුන්ගෙයි, අරාබි මිනිස්සුන්ගෙයි තමයි මේ සමයං සේරම තියෙන්නෙ. මේ ලෝකෙ ඉන්න පුලුවන් එක ජාතියයි, ඒ මනුස්ස ජාතිය. ඒත් ඒක කවදාවත්ම හැබෑ නොවන සිහිනයක්.
Delete//එක ජාතියයි, ඒ මනුස්ස ජාතිය.// +++++++++++++ මාත් ආසයි බන් හීන දකින්න. ඒත් ඒවා හැබෑ නොවෙත්දි දුකයි!
Deleteවැඩක් නෑ බං කතාකරල. කලකිරෙනවා.
Deleteඒ කියන්නේ මම මැලේ එකියක් බන්දිනවට උබලගේ අකමැත්තක් නෑ
Deleteඅපේ කිසීම අමනාපයක් නෑ නේද ප්‍රියා.. හැබැයි තින් ලංකාවෙ අයිතිකාරියෝ නැත්නම්..
Deleteආයෙම බැදහන්. අපිටත් කේක් කෑල්ලක් එවහන් (මෙහෙ අයිතිකාරි උඹව ඉතුරු කෙරුවොත්!) :D
Deleteමෙහෙට ආයෙ එන්න බලාපොරොත්තුවක් නැත්නම් බඳිනවා හොඳයි.. ඔන්න කිව්වා.
Deleteඔය පෙන්නන්නේ යස අගේට උබලගේ ගෝත්‍රික ගතිය
Deleteයකෝ, ඕනි ජාතියක ගෑනියෙක් ගනින් කිව්වට ගෑනු දෙතුන් දෙනා ගන්න කියල අපි කවුරුහරි කිව්වද දැන්..
Deleteයකෝ ඉබ්බා දියේ දැම්මා වගේ!! :D
Deleteඇන්නෑවේ...
Deleteමාත් මාර ආස සිංදුවක්...
ReplyDeleteපට්ට මනෝ උඹ මේකට ලියන්න තිබ්බෙ කතාවක්... දැං නං පරක්කු වැඩියි.. මොකද උඹ මේක ලියල තියෙන හංද...
නියමයි හොදේ..
බොලා 2010 ද බං අඩේ මං හිතුවෙ සෑහෙන්න වැඩිමල් ඇති කියල... හෙක් හෙක්.. ජයවේවා
මට උදව්වත් ඕන පොඩ්ඩක් මේකට මේල් එකක් එවාපං... මං ඊට පස්සෙ කියඥ්ඤං...
maheshrmx@gmail.com
ගීතයක සැබෑම නිධාන කතාව දැනගන්න කැමති අයත් ගොඩක් ඉන්නවනේ මහේෂ්. ඒකයි මේක අමුවටම දාන්න හිතුවේ.
Deleteඔව් මචෝ මං පළවෙනි වතාවට උසස්පෙල කලේ 2010. උඹ හිතුවෙ මාත් මැදිවියේ පොරක් කියලද? හෙහ්! හෙහ්!!
උඹ මට අයියද, මල්ලිද? ඔන්න මං මේලක් දැම්මා.
This comment has been removed by the author.
Delete//උඹ මට අයියද, මල්ලිද? // නෑ මචං, සීයා! :D
Deleteප්‍රියා සීයා.. හෙහ්! බුඩ්ඩු!!
Deleteමම කිව්වෙ මම ගැන නෙමේ බොල! අපිටත් ළමයි හිටියට අපි තාම කිරි දරුවො! :D
Deleteඅනේ සමාවෙයන් ප්‍රියා පුතේ!!!
Deleteඒකට මක් වෙනවද මාමෙ! :D
Deleteමං තාම වැඩ මචෝ.. දැන් මේ ඕෆ් වෙන්න හදන්නෙ. රෑට කන්නත් නෑ බොල.
Deleteඒ ප්‍රියා. මනෝෂ්..............
Deleteඉතින් උඹලා දෙන්නා දැන් මාමලා පුතාලා නේද???? ඔය නෑ කම් අපිටත් කියපල්ලා දැනගන්න..................
මගෙ සුදු මාමණ්ඩිට ධම්මං සරණේ සරණයි
Deleteමගෙ හොඳ බැණන්ඩිට මාමණ්ඩි ගේ පිහිටයි
අනේ ඉතින් මේ දෙන්න ට……………
:D
අනේ මංද කුරුටු..
Deleteප්‍රියා එහෙම මොනාහරි කිව්වද!!
දෝණියැන්දගේ සරණයි....!!
Deleteඅඩේ සිරා බන්.. සින්දුවක නිධාන කතාව දැනගෙන සින්දුව අහද්දී ඒක හිතට වදින්නේ වෙනත්ම විදිහකට...
ReplyDeleteමේ සිදුව අහල නෑ කලින්. ස්තුතියි මේවා දානවට...
ඇත්තමයි මචං, ගීතයක් ලියවෙන්න මූලික වෙච්ච නිධාන කතාව ඒ රචකයාගෙන් අහගෙන ඒ ගීය අහනකොට ඒක පුදුම විදියට විඳින්න පුලුවන්. ගීයට ලොකු වටිනාකමක් එකතුවෙනවා.
Deleteහෙක් එහෙනම් මනොෂ් කොලුවා මලයෙක් නේ, හෙක් හෙක් :D
ReplyDeleteමලයා මචෝ, රත්න ග්‍රී මහත්තයා මාරු බුවෙක්නේ, විඳපු සිද්දියට වචන ගැලපලා තියෙන විදිය නියමයි නේ, මටත් දෙමල කෙල්ලෙක්ට සා පෙළ කාලේ අර මොකක්ද මොකද වෙලා තිබ්බා, එයාට තිබ්බේ බළල් ඇස දෙකක්, දනිහ ගාවට දිග කොණ්ඩයක් ගොතලා මල් ගහලා සල්වාරියද මොකද්ද එක ඇඳලා ගණන් පන්ති එනවා, ලොකු කමට කියනවා නෙවෙයි ගණන් පන්තියේ හිටපු පොර මන් ඉතින්, විභාග තිබ්බම සර් මගේ උත්තර පත්තරේ බලන අතරේ අනිත් උන්ගේ ඒවා බලන්න දෙන්නේ මට, මන් ඉතින් අර දරිවිගේ උත්තර කීයක් හදලා ඇතිද, වැරදිච්චා රතු පෑනෙන් ලියලා වැරැද්ද මොකක්ද එක වෙන්න ඕනා කොහොමද කියලා ලියනවා, ඒ බෝල අකුරු දිහා කොච්චර වෙලා මන් බලාගෙන ඉන්න ඇතිද? ඔහොම අනිමිස ලෝචනය කරද්දී එක සැරයක් සර්ට මාට්ටු, සර් කිව්වේ දරුවෝ ඔය අකුරු ටිකක් විතරයි, හිත ඔය අකුරු එක්ක පටලවා ගන්න එපා කියලා, අපි දෙන්න කලේ එකිනෙකා දිහා බල බල හිනා උන එක විතරයි.
බොරු කියන්නේ මොකටද? මමත් මුලින්ම ආදරේ කලේ ඒ ඇස දෙකට, ඒ රුපෙට, කලුපාට මොට්ටුව මට පෙන්නෙම නළලේ තියෙන උපන් ලපයක් වගේ, මගේ හිත කතා කරාට කවදාවත් මගේ කට ඒ දැරිවි එක්ක කතා කෙරුනේ නැහැ, අන්තිමට අපි දෙන්නා වෙන වෙනම තනියම දැක්කේ පන්තියේ අන්තිම දවසේ. ඒ දැරිවි හරි දුප්පත්, දෙමව්පියෝ සාම්ප්‍රදායික ය වෙන්න ඕනා, ඒ ගැන විස්තර මම දන්නේ නැහැ.
අන්තිමේ සා පෙළ කරලා මම ඒලෙවල් වලට රෝටරියට බද ගානේ කාලේ තමා ඒ දැරිවි ගැන විස්තර අහන්න හම්බ උනේ, ඒ දැරිවි ඒ වෙද්දී බැඳලා, මම එක සැරයක් දැක්කා පොඩි කොලු පටියෙක්ව තුරුල් කරන් යනවා, අන්තිමේ පවුල් ප්‍රශ්න ඇතිවෙලා ඒ දැරිවි ගිනි තියාගෙන සිය දිවි නසා ගන්නවා, ඔ/ ලෙවල් සෙට් එකත් එක්ක මම මගේ ගල් හිත මළගෙදර අරන් ගිහින් සීල කරපු පෙට්ටිය දිහා බලන් ඉඳලා ඒ හිත එතන තියලා අපහු ආවා. එයාගේ මහත්තයා සැකපිට රීමන් එකේ ඒ වෙද්දී, එයාගේ අම්මගේ අතේද කොහෙද කොලු පැටියෙක් නිදාගෙන හිටියා මතකයි. ඒ අතීතෙට දැන් අවුරුදු 9ක් වෙන්න එනවා, ඔය අවුරුදු නාමයේ හිත ගියපු තව වල මාලිගා හදලා උගත් පාඩම් හොඳටම ඇති. ඒ නිසා තවත් නම් මාලිගා හදන්න අදහසක් නැහැ.
අද එයත් නැහැ, අපිට උගන්නපු සර්ත් නැහැ
ජයවේවා මචන්. බොලට ස්තුතියි.
යකෝ හිතත් එක්ක මොකක්දෝ උනා බන්. :(
Deleteමචං, උඩ ඉඳල මේ කතාව හීනි හිනාවකුත් එක්ක භොම සන්තෝසෙන් රහ කර කර කියවගෙන ආවා. උඹේ ඒ සැබෑම අත් දැකීම මේ ගීයත් එක්ක කොච්චර හොඳට සමපාත වෙනවද කියල හිත හිත මේකට දාන්න රිප්ලයි එකකුත් හිතාගෙන කියවගෙන ආවේ. ඒත් අන්තිමට ඒ යුවතිය අර විදියට මියගියා කියන එක ඇහුවම හිතට දැනුන හැඟීම කියාගන්න වචන නෑ මට. ඒක මහ බරක් හිතට එකතුකලා. එහෙම වෙලා උඹ එයාගෙ මළගෙදරටත් ගියා කිව්වම, ඒ සීල් කරපු පෙට්ටිය දිහා බලන් හිටිය කිව්වම. ඇත්තටම ඒ දේවල් මාව කම්පනය කලා.
Deleteමේ වගේ අත්දැකීම් තියෙන තව කී දාහක් මේ දේවල් තමන්ගෙ හිත් එතුලෙ හිරකරගෙන ඉන්නවා ඇතිද මේ ඉර හඳ යට. විරහ වේදනාව, මරණ වේදනාව, මේ වෙන්වීම මනුස්ස හිත් වලට කොච්චරනම් මතකක්, බරක් එකතුකරනවද. උඹල පොලොවෙ පයගහල ඉන්න මිනිස්සු බං.
දා මෙදා තුර කදුලට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ලයේ තලාගිය ස්නේහයේ සුව
සිනා පිරුණු රත් දෙතොල් වසා...
මිලාන වී ගිය - රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ලයේ බැද අවසන් ගමනක
සොදුරිය මට නොකියාම ගියා...
දෑස් කවුළු පත් පලා කදුලු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් සිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට - සමුගෙන කදුලක්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමයි ඒ සුවදින්...
එදා මෙදා තුර කදුලට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ලයේ තලාගිය ස්නේහයේ සුව
සිනා පිරුණු රත් දෙතොල් වසා...
මිලාන වී ගිය - රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ලයේ බැද අවසන් ගමනක
සොදුරිය මට නොකියාම ගියා...
ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ලයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ...
ඒත් ඉතින් ඒ - සොදුරියෙ ඔබ නැත
ඇයිමේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්නම්
මේ අපි ඉපදෙමු එකට ප්‍රියේ...
එදා මෙදා තුර කදුලට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ලයේ තලාගිය ස්නේහයේ සුව
සිනා පිරුණු රත් දෙතොල් වසා...
මිලාන වී ගිය - රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ලයේ බැද අවසන් ගමනක
සොදුරිය මට නොකියාම ගියා...
පද රචනය : විමල් ජයශාන්ත
සංගීතය, ගායනය : සනත් නන්දසිරි
දැනුන හැඟීම ගැන හරියටම කියාගන්න බෑ ප්‍රියා...
Deleteස්තුතියි මචන්, මොක උනත් මම දන්නවා මට තියෙන්නේ මහා ගල් හිතක් කියලා, ඔය මගේ පළවෙනිම මෙව්වා එක, මේ සින්දුව ඇහෙද්දී ඇස දෙක බොඳ වෙනවා බන්, ඒ නිසාම අහන්නේ නැහැ. මෙයා ඔහොම නොකියාම ගියා, අනිත් එවුන් ගෙදරට ඇවිත් වේඩින් කාඩ් එකත් දීලා කියලාම ගියා. ඒ නිසාම මෙයා අනිත් එවුන්ට වැඩිය තාමත් හිතේ කොනක ඉන්නවා.ඇත්තටම ඒ ඇස් වලින් කීව කතා තාමත් අමතක නැහැ. බොලට අවුල් උනා නම් සොරි වෙන්න ඕනා, හිතේ තියෙන හැම දෙයක්ම ඒ විදියට ඉටු වෙන්නේ නැහැනේ.
Deleteමොන අවුල්ද බං. හිත තවත් වෙඬරු උනා. සංවේදී උනා. උඹට ගල් හිතක් තියෙන එක හොඳා. අපේ වගේ වෙඬරු හිත් තිබ්බනම් උඹ එහෙම කරපු ගල් හිතකට අද යටවෙලා පොඩිවෙලා ගිහින්. විරහවේ රසය උපරිමයෙන් විඳපු එකෙක් උඹ. අපි උඹල කියන රස තලු මරනවා විතරයි. ගොඩාක් ගීත උඹව සංවේදී කරනවා ඇති. මතක තියාගනින්, ඒ හැම ගීයක්ම ලියැවුනේ උඹට වගේම උනපු විරහ කඳුලු වලින්. මගේ බ්ලොග් එකට මං දාල තියෙන උපුටා ගැනීම හරියටම හරි. "මුත් ඇටයක් වෙන්නෙ, බෙල්ලෙක්ගෙ බෙලි කටුවක සිරවුන වැලි ඇටයේ වේදනාව"
Deleteහරිම ශෝක ජනකයි මේ කොමෙන්ට් එක.
Deleteඇත්තමයි, මගේ බ්ලොග් සටහනක වැටුණු සංවේදීම කමෙන්ටුව මේක වෙන්න ඕනි.
Deleteසොමියා..., සංවේදී මචං... කියන්න දෙයක් හිතෙන් නෑ.. හිත නැවතිලා වගේ..
Deleteආ...විදානේ....මැදවච්චි ගිහින් ආවෙයි??
Deleteසොමියා...ඇස් දෙක බොදවුනා
Deleteහැමෝගේම දෑස් බොඳ කල කොමෙන්ටුවක්.
Deleteමේ සින්දුවත් ඒවගේ නේද ?????
ReplyDeleteමරතෝඩිය රටා ඇඳි අතේ කැකුළු හිතේ
මොට්ටැක්කිලි තිරෙන් වැසි රටා වැලපෙතේ
මොට්ටු තෝඩ් ඉරුවන්ගල් එළියට අත වනනා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා
වාල්ලු හඬ පුජාවේ තුන් යමටම ඇසෙනා
තාංගු දෙයි හින් දුකක් හිත ළඟ ගුලි ගැහිලා
කාන්සියට පැළැලි වැටේ කවුළු දොරින් එබෙනා
හීන් සැරේ ගෙට යනවද හිත දොරකඩ තියලා
එළු රෑනේ වැලි පාරේ පිය සටහන් මකලා
උන්නනිය ගෙලේ නුඹ ගෙයි සිර කරලා
පාට පාට සමනළයින් පැළලි වැටෙන් දකිනා
හීන වඩන හිත් ගොමුවේ කඳුළු මලක් පිපුනා ..
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
ගී පද - මහින්ද චන්ද්‍රසේකර
සංගීතය - ගුණදාස කපුගේ
මනෝ මෙන්න රත්න ශ්‍රී ගේම හඬින් ශාන්තිනී ගැන ...
Deleteවීඩියෝ එකේ විනාඩි 46. යේ ඉඳලා බලන්න ...
සින්දු.. මං අහල තියෙන විදියට මේක වාල්ලු නෙවෙයි වාංගු හඬ වෙන්නෝනෙ.. අනිත් එක.. 'මුන්දානිය ගෙළ එතුනා- නුඹ ගෙයි සිර කරලා' වෙන්නෝනෙ.. හරියටම කියන්න බෑ .. ටිකක් හොයල බලමු.. කොහොම උනත් අර කවුද කිව්ව වගේ.. උඹ සිංදු ඩික් එකක් නෙවෙයි.. එන්සයික්ලොපීඩියා එකක්..
Deleteමචෝ උඹනම් නියම කල්‍යාණ මිත්‍රයෙක් ....
Deleteමචං මට ඇහුන විදිහට තමයි අකුරු කෙටුවේ ..."මුන්දානිය ගෙළ එතුනා- නුඹ ගෙයි සිර කරලා'" කියන එක තමයි හරි ...
මගේ අතින් ලොකු වැරද්දක් වෙලා .වචන හිතේ තියාගෙන වෙන වෙන අකුරු කොටලා .
බොට බොහොමත්ම ස්තුතියි මචෝ නැවතත් ...(ගමේ එකා උනාම ආරක්ෂා කරගන්න එපැයි )
මෙතැනින් අහන්න
හරියටම හරි සිංදු මේ ගීයත් ඒ වගේම තමයි. මට මේකත් මතක් උනා.
Deleteදීපාවලී දාට දීපාවලී සඳ අරන්
මාතර ගෙදර එන්න යාපා පටුන පහුකරන්
සිංහල හාලෙ බතට ආසම මාළු පිණි උයන්
ගමේම නෑයො එක්ක අපි ඉන්නවා මග බලන්...
වෙඩි සද්දයට බයේ දරු කැක්කුමත් හිත දරන්
මහ ගෙදරටම වෙලා අපි හිටියේම හරි දුකෙන්
දැන් ගිනි අඩුවෙලා ගිහින්
පුතුනේ ගෙදර එන්න පොඩි පැටවු අරන්...
දීපාවලී දාට...
කෝවිල ළඟදි දැකපු දේවී ගැනම හිත ගිහින්
නොකියා ගියේ නුඹයි අපෙ අවසරය නැතිකමින්
දැන් තරහා නිවී ගිහින්
තල් පැදුරකුත් වියන් එන්න යාපනෙන්...
දීපාවලී දාට...
ගායනය : අසංක ප්‍රියමන්ත පීරිස්
සංගීතය : තිස්සසිරි පෙරේරා
පද රචනය : ආනන්ද හේවාරන්හිඳගේ
ඒ වීඩියෝ එක ඔන්න ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා. උඹට පිං මචෝ...රත ශ්‍රී ගැන තියෙන ඕනි දෙයක් මට රත්තරන් වලටත් වඩා වටිනවා.
Deleteකල්‍යාණ මිත්‍ර,
Deleteඅපේ සිංදු ඇනෝ ඔය ගොඩාක් සිංදු දාන්නේ කොහෙන් හරි කොපි පේස්ට් කරල නෙවෙයි, ගීය අහන ගමන් ටයිප් කරල. සමහර ඒවා මතකයෙන්. ඉතින් ඒ නිසා තමයි ඔයවගේ සුලු සුලු අඩුපාඩු වෙන්නේ. අපිට ඒකයි අපේ සිංදුඇනෝ වටින්නෙ. ඉතින් මේ අඩුපාඩුව පෙන්නල ඔහුව නිවැරදි කලාට ඔබටත් බෙහෙවින්ම ස්තූතියි...
සිංදු කියනවා වගේම ඔබනම් හැබෑම කල්‍යාණ මිත්‍රයෙක්.
මචංලා.. මමත් සිංදු ලියන්නයි.. අහන්නයි.. පට්ට ලයික්.. මට ඔය ගොඩක් සිංදු වල වචනත් මතකයි.. අපේ පවුලේ උන් ඔක්කොටම වගේ සිංදු කියන්නත් පුළුවන්.. තාත්තයි.. ලොකු අයියයි, පොඩි අක්කයි තුන් දෙනාම ඌව පළාතේ පළවෙනි තැන අරන් තියෙනව සිංදු කියල එක එක කාලවල.. අපේ ගෙදර අදටත් කස්ටිය එකතු වෙච්ච තැන පැදුරු පාටියක් ශුවර්.. කරුමේ කියන්නෙ මට සිංදුවක් කියා ගන්න බෑනේ.. ඔය ශෘතියද මොකක්ද එක මට දිරවන්නෙම නෑ.. මං ඉතින් සිංදු මතක් කරල දීල අප්පුඩි ගහනව.. වෙලාවක සින්දුවාවයි උඹවයි සෙට් කරගෙන අපි දාමු පැදුරු පාටියක්.. :D
Deleteඅන්න අන්න ඉතින් ඔය හදන්නෙ මාව අමාරුවේ දාන්න. මටත් ඔය ලෙඩේමයි තියෙන්නෙ. සිංදු අහන්නත් පුලුවන්, විඳින්නත් පුලුවන්, එව්වට විචාර ලියන්නත් මුං කියන විදියට මට පුලුවන්. ඒත් රජෝ, මටත් සිංදු කියන්න නම් බෑ. අප්පුඩියකින් එහාට අඩුම තරමෙන් කෝටු කෑලි දෙකකින් තහඩුවකටවත් තාලයකට තලාගන්න බෑ.
Deleteඒත් ඔය කිව්ව හීනෙ මටත් තියෙනවා. හැන්දෑවක ගිනි මැලයක් ගහගෙන ඩොල්කි ද්යක් හොයාගෙන, ගිටාර් එකකුත් සෙට් කරගෙන අපේ පත්තරයා, සිංදුවා, ප්‍රියා, විදානේ, කල්‍යාණ, මේ ඔක්කොම එක්ක පැදුරු පාටියක් දාන්න. මැවිලා පෙනේවි සිහිනේ...
එනවා බොලවු!! එකෙන්ම. හැබැයි මටත් සිංදු කියන්න නම් බෑ. තාලෙට හූ කියන්න බැරි අපිට මොන සිංදුද මචන්.
Delete\\තාලෙට හූ කියන්න බැරි අපිට මොන සිංදුද මචන්.//
Deleteඅම්මප බං සහතික ඇත්ත..
ඒ සිංදු, ඒ වීඩියෝවෙන් රත්න ශ්‍රී ස්ථාන නාම සම්පූර්ණයෙන් වෙනස් කරනවනේ. රත්න ශ්‍රීත් කොනන් ඩොයිල් වගේ.
Deleteසඳුමල් ව කොමෙන්ට් වලින් දැකල තිබ්බට කියවල තිබ්බෙ නෑනෙ.. මට හිතෙන්නෙ හැබැයි සමහර විට දැකල තියෙනව දන්නව වෙන්න පුළුවන්.. මොකද එක ගම් පලාතේ එක ඉස්කෝලෙ වෙච්චි එකේ කොහෙදි හරි හම්බෙන්නත් ඉඩ තියෙනවනේ නේද? එක ඉස්කෝලෙ කිව්වට මං ධර්මදූතේ යන කාලේ නං සඳුමල් ඉපදිලත් නෑ. එතකොට මහ විද්‍යාලයෙන් අයින් වෙනකොට සඳුමල් ඉස්කෝලෙ යන්න හිතලවත් නෑ.. ඔන්න මම නම් අර මහේෂ් එක්ක කිව්ව වගේ මැදිවියත් පහු කරගෙන යන 'පොරක්'..
ReplyDeleteඒක නෙවෙයි.. මගෙත් ආසම ගායකයෙක් නෙ කපුගේ. ඉතින් කපුගේ ගැන මොනව කිව්වත් මං හරි ආසාවෙං කියෝනව.. සංගීතයෙන් විතරක් දායක උනත් මේ ගීතය කපුගේ ලක්ශණ වලින් අනූනයි.. හැබැයි.. මම හිතුවෙත්.. මේ ගීතය යුද්ධය තේමා කරගෙන කරපු එකක් කියලයි.. සමහරවිට රත්න ශ්‍රී ගේ අත්දැකීම කාලානුරූපීව ඉදිරිපත් කලා වෙන්නැති.. නිර්මාණශිල්පියෝ අපිට පේනවට වඩ වෙනස් යමක් පෙන්නන්න කොහොමත් හපන්..
ඉතින් ගමා.. සන්තෝසයි අඳුන ගන්න ලැබුනට.. විවේක තියෙන වෙලාවට කලාහිත පැත්තෙත් ගොඩ වෙලා බලන්න.. ජය ශ්‍රී!
ඔබ මගේ පළාතෙම කියල දැනගෙන හිටියෙ නෑනෙ. ඔන්න ඌවෙන් තවත් නියෝජනයක්. අපේ සහෝ කෝ.. මිනිහ හිටියනම් සතුටු හිතෙයි. ඔබ මට වඩා බෙහෙවින්ම වැඩිමහල් බවයි පේන්නෙ. මං බදුල්ලෙ මහ විද්‍යාලෙ ගියේ. ධර්මදූතෙ තමයි මං මේ කියපු යාලුවෝ ටික හිටියෙ. බදුල්ලෙදි අපි සමහරවිට අනන්තවත් මුණ ගැහිල දැපැත්තට යන්න ඇති.
Deleteරත්නශ්‍රී කියන්නෙ මං ආසම ගී පද රචකයා, කවියා, ඒ වගේම ගුණදාස කපුගේ කියන්නෙ මං කැමතිම ගායකයාණන්. ඉතින් ඒ දෙන්නගේ සුසංයෝගයකට ඔබ වගේම මාත් හරිම මනාපයි. දිවුල්ගනේ ගැනනම් දැන් කතාකරල තේරුමක්ම නෑ.
අනිවාරෙන්ම කලා හිතට මං එනවා දිගටම. ඔන්න පාරත් මතක තියාගත්තා. ෆලෝ පාරක් දාලා රෝලටත් ඇඩ්කරගන්නම්.
ආදරයක් ඇති වෙන්න කතා බහා කරලා දැන හදුන ගන්නම ඕන්නෑ බං! එක බැල්මක් ඇති ආදරයක් ඇතිවෙන්න. ඒ ආදරේට භාශාව, ජාතිය, ආගම, කුලය, පළාත, ආදායම් තත්වය, තරාතිරම, වයස, මොන ලබ්බක් වත් වැඩක් නෑ බන්.
ReplyDeleteමම කැමතිම ගීයක් මචෝ.
ඒක හරි පුදුම මානව බැඳීමක් මචං, ලෝකයේ වඩිපුරම කලා නිර්මාණ බිහිවුනේ ආදරය ගැන උනත්, වැඩිපුරක මිනිස්සු කතාකරන දැනෙන මාතෘකාව ආදරය උනත්, ලෝකයේ පැවැත්ම තීරණය කරන මහා පොදු සාධකයත් ආදය උනත් තාම මිනිස්සුන්ට හරියටම තේරුම් ගන්න බැරිවුන හැඟීමත් ආදරයමයිනේ.
Deleteගිමන් හරින දියඹ දිගේ
Deleteසුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩසි සඳට
රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා
රටා මවනවා..
හිත් දැහැනේ වේලි තිබුණු
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා ඉඳපු
ආදරයද මේ
හිරු රහසේ කියා දුන්නු
ආදරයද මේ..
නිල් කටරොළු නිල නැහැවුනු
මල් බර මුදු සුව රැඳවුන
තොල් පෙති කන් පලදාලන
ආදරයද මේ
නුඹ රහසේ කියාදුන්නු
ආදරයද මේ..
- පණ්ඩිත් අමරදේව.
ඔන්න අපේ සිංදු ඇනෝට අභියෝගයක් එල්ල කරනවා උස මහත දේහදාරී අපේ ප්‍රියා!!!
Deleteඅඩේ මරුම සිංදුවක්නෙ බං.
පද රචනය - ජානක සිරිවර්ධන
Deleteසංගීතය - අරුණ ගුණවර්ධන
අග්නි ටෙලි නාට්‍යයේ මේ ගීතයේ පද රචනයට 2013 රාජ්‍ය සංගීත සම්මාන උත්සවයේ හොඳම පදරචනයට හිමිකම් කිව්වා.
ස්තූතියි අරූ අයියේ...දැන් අංග සම්පූර්ණයි.
Deleteමනෝ,
Deleteඅඩේ සින්දුවාගෙ සින්දු ගබඩාවට අභියෝග කරන්න අපිට පුළුවනෑ බං! කොටින්ම සින්දුවා කියන්නෙ 'ගීත විශ්වකෝෂයක්' වගේ පොරක්.
අරූ අයියා, ස්තූති වේවා අයියෙ.!! මම කැමතිම සිංදුවක්. දවසකට එක පාරක් හරි අහනවාමයි ඔය සිංදුව මේ ටිකේ.
ගූගල් වලින්වත් හොයල ගන්න බෑනෙ බං සිංදුවා ගේන සිංදු. ආයෙ ඉතින් කුමන කතාද.
Deleteප්‍රියා මචං ඕක පට්ට සින්දුව.......
Deleteඕක අමරදේව මහතා කියනවා නියමයි... ඒ වගේ ම මචං මං ඇහුවා ඕකම බාචි සුසාන් කියනවා. ටිකක් ස්ලෝ ටෝන් එකකින්.. හැබැයි පට්ට... යූ ටියුබ් සර්ච් කරලා බලන්න. මරු මචං....................
ඒකත් ඔරිජිනල් එක වගේම පට්ට තමා මචෝ. මම ඒකත් අහලා තියෙනවා.
Deleteහිතට වදින නියම සිංදුවක් මචෝ!
ස්තූතියි ගී පවුරේ ඔත්තුවට. බාචි සුසාන් කියන්නෙ ඇත්තටම හොඳ ගායකයෙක්.
Deleteඑකඟයි ප්‍රියෝ..සිරාවටම. ඒක නියමයි.
Deleteසුන්දරයි මනෝෂ්................
ReplyDeleteහරිම සුන්දරයි... කතාව රත්න ශ්‍රී ගේ අත්දැකීමක් කියලා දැනගත්තේ මේ දැන්... හැමදාම වගේ ඔබේ නිර්මාණයන් තුළ දකින වෙනස අදත් දැක්කා.. හරිම සුන්දරයි. මට හරිම සතුටුයි ඔබේ ගමන ගැන......
ඒ ගමන් මගේ පුරෝගාමීන්ගෙන් කෙනෙකු වෙන ගී පවුරේ...ඔබටත් බෙහෙවින්ම ස්තූතියි. මේ තුෂාර නෙවෙයි නේද? තුෂාර ආයෙමත් හැංගිලා.
Deleteඅඩේ මනෝෂ්..................
Deleteමේ මම තමයි... මම තුෂාර................. යකෝ මං හැංගෙන්නෑ................ ඕනෙම දේකට පපුව දෙන කොල්ලෙක් මං හරිය...............
නෑ බං, ටිකක් ටෝන් එක වෙනස් වගේ දැණුනා. ඒකයි එහෙම ඇහුවේ. කී දෙනෙක් ඉන්නවද අප්ප ඔය කැඳ හැලියේ..කොහොමද හරියට එකෙක් අඳුනගන්නේ..(සපුරාම විහිලුවක් සඳහා පමණි හොඳේ...)
Deleteරණ බිම මැරුණේ ගී පවුරෙන් නම්
පපුවේ ලේ සලකුණ ඇත්තේ...
එතනත් හිටියේ තුෂාරයානම්
ලේ පැල්ලම් නෑ පිට පැත්තේ...!!!
//ඉතින් නියමිත දවසේ උදෙන්ම මමත් කවිකාරිත්මහියංගනෙන් බදුලු බස් එකකට නැග්ගා//
ReplyDeleteබෑරක් යන්ඩ වෙන්ටැ ??? :D
හප්පා...හාව හඳ දැක්කා වගේ. ඇති උඹ ආවා. මොකෝ මචෝ අවුල? උඹ මේ දවස් ටිකේ බිසී නේද?
Delete\\බෑරක් යන්ඩ වෙන්ටැ ???//
නැතුං බොල. බෑරක් තමයි.
පත්තරේ,, කුරුල්ලයි කිරිල්ලියි බෑරක්ලු බං. :D
Deleteතොපිට ඉරිසියයි ඉතින්.. කුරුල්ලයි කිරිල්ලියි වගේ තමයි යකුනේ..
Deleteදුන්හිද බලන්නට වෙන්ටෑ.. නැත්තං මුතියංගනේ.. එහෙම නැත්තං.. ම්.... නෑ එහෙම වෙන්න විදියක් නෑ 18ක් නෑනේ.. ඩී..
Deleteයකුනේ පෝස්ට් එක කියවපියව්කෝ. තේරෙන සිංහලෙන්මයි ලියල තියෙන්නෙ. හැක්! හැක්!!
Deleteකියෙවුවට හරියටම හිතට වැදුනෙ ඔය කොටස. හැක්! :D
Deleteඡාතික හැදුනුම්පත අරගෙනද බදුලු ගියේ?
Deleteනෑ බං මෙන්ඩියෝ, තැපැල් හැඳුනුම්පත අරන් ගියේ!!
Deleteකිව්වට බෑ නේද ප්‍රියෝ...අතීතෙ මතක් වෙනව නොවෑ!!
Deleteඅපිනම් මේක ශාන්තිනිට කිව්වේ මෙන්න මෙහෙම
ReplyDelete"ශාන්තිනි අපි කව්රුත් නැති තැනකට යන්................."
ඉතින් ඊටපස්සේ..?
Deleteඊළඟ කෑල්ල තවත් රසවත් වෙන්ඩෑ..?
ඊට පස්සෙ මක් වෙන්නද? රැඟුම් පාළක මණ්ඩලෙන් කපා හරී. "අසභ්‍ය දාර්ශන" කියලා. :D
Deleteහරිම අසාධාරණයි!!
Deleteහොඳ පොස්ට් එකක්. අප මෙහි අගෝරා එකේ තිබ්බ සංගීතය ගැන සාකච්චාවට ප්‍රේමකීර්ති එව්වා විස්තරයේ මේ කථාව තිබුන.
ReplyDeleteඔබට බෙහෙවින්ම ස්තූතියි මේ කතාව සහතික කලාට. ගී නිධාන කතා කෙතරම්ම මිහිරිද..
Deleteඅජිත් මේ අගොරා කට්ටිය නේද 'ඔබ එක්ක ඔබ නැතුව' බලන්න සැලැස්සුවේ. මේ ඒ කට්ටියම නම් ඇයි චන්ද්‍රගුප්ත තේනුවර වැඩසටහනට වැඩි ප්‍රසිද්ධියක් නොලැබුනේ. අපරාදේ මට මිස්වුනා.
Deleteඔව් ෆිල්ම් එක නම් ආයිත් පෙන්වන්න අදහාස්ක් තිබෙනවා. තේනුවර ලන්ඩන් හිටියේ ටික දවසයි. මගේ පරණ යාළුවෙක් නිසා මම invite කලේ කතා කරන්න. ආයි ලන්ඩන් එන්න ඉඩ තිබෙනවා. එතකොට කියන්නම්. UK නම් ඉන්නේ. ප්‍රසිද්ධියක් දෙන්න තරම වෙලාවක් තිබ්බේ නැහැ.
Deleteෆිල්ම් එක බලන්න නම් ආවා අජිත්. ඔවැනි දේ කරගෙන යාමට තව තවත් ශක්තිය ලැබේවා!!!
Deleteමට නිකං ග්‍රීක වගේ. කොහොම උනත් හොඳ වැඩක් බවනම් තේරෙනවා.
Deletehttp://kolambagamaya.blogspot.co.uk/2014/09/blog-post_27.html
Deleteඅපි කල පොඩි වැඩක්.
මචන් මට email කරන්න වෙබ් එකේ හමුවන බ්ලොග්කරුවෙක් දැක ගන්නත් ආසයි. පොඩි වලක් බහිමු. apdharma@gmail.com
අජියා....මම උඹට සඳුදා ඊ මේල් එකක් එවන්නම්. අද මම යාළුවෙක් එක්ක සෙට් වෙනවා.වීක් එන්ඩ් එක ටිකක් එක විදිහක් වෙන පාටයි. අපි සෙට්වෙමු ලාවට. තව ඉන්නවා මෙහේ බ්ලොග් ලිය එවුන්.
Deleteහදිසියක් නැහැ. මමත් ප්‍රන්ශේ පැත්තේ යනවා. සඳරුවන් ඉන්නෙත් මෙහේද?
Deleteඅජිත්... මං මේල් එකක් දැම්මා.
Deleteඅනේ දෙයියනේ... මං ඔහේ කොහේද. මං මහියංගනේ ඉන්නේ....
අරූ අයියා අද බෑරක් වගේ!!!
Deleteරත්න ශ්‍රීගේ කවීත්වය වගේම තමයි ඔහුගේ දේශණයට ඇති හැකියාවත්. මේ කතාව මමත් අසා තිබෙනවා. සන්නස්ගල රත්නශ්‍රී සමග පැයක වගේ කාලයක් සාකච්ඡා කරනවා මම යූටියුබ් එකේ තිබිලා බැලුවා.
ReplyDeleteරත්න ශ්‍රී ගේ ගොඩාක් වීඩියෝ මමත් බලල තියෙනවා. ඔය කියන වීඩියෝවත් මං බලල තියෙනවා. ස්තූතියි අරූ අයියේ. රත්න ශ්‍රී කියන්නෙ කලාතුරකින් බිහිවෙන දුර්ලභ මනුෂ්‍යයෙක්..
Deleteකඳුළු උඩට තිරුවංගල් එළිය වැටීමෙන්
ReplyDeleteඋඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
බියේ සැලෙන ඔය දෑතේ වළලු ඔය තරම්
බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්..
මං කැමතිම ගීයක කැමතිම කොටසක් මචෝ....
මේ ටික කියෙව්වත් හිතට මොක්දෝ වෙනවා...
2010 උපේ කරේ, තාම ලපටියෙක්නේ.. ඒ උනත් ජවය උපරිමයි.. අපිනං දැං මැදි වයසට තට්ටු කරන ගමන්..
ජ ය වේ වා !!!
ඒ කොටස හිතට බරට දැනෙනවා නේද මචෝ..
Deleteඅපරාදෙ මේ ඒ ලෙවල් මඟුලක් ගැන කියවන්න ගියේ. මුං පෝස්ට් එක කියවල නෑනෙ, ඒකනේ කියවල තියෙන්නෙ.
යකෝ අවුරුදු වලින්ම විසිහතරක් දැන්.
මට තිස් හතරක් !!!
Deleteහැහ්!! දහයක් වැඩිවෙලාද මෙච්චර කෑගහන්නේ????
Delete34 × 2 = 68 !! හෙක්! :D
Deleteපවු බං...ඔහොමම කියන්නත් එපා ඉතින් විදානෙ සීයට..
Deleteමේ ලිපිය යැව්වා පලවෙලා.
ReplyDeletehttp://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/14217-2014-10-24-15-13-49
අනේ මේ ලින්ක් එකට යන්න බෑනේ.
Deleteඔබට බෙහෙවින්ම ස්තූතියි.. අපේ ප්‍රියා එහෙම මෙතනින් ගිහින් තිබුනා.
සමාවෙන්න . මේ වෙබ්සයිට් එකට ලංකාවෙන් යන්න බැහැ කියල දැන ගන්න ලැබුණා.
Deleteකමක්නෑ, අජිත්. කොහොම උනත් අපේ ප්‍රියා එහෙම ගිහින් තිබුනා. මගේ ප්‍රොක්සි අවුලක් වෙන්නැති සමහර විට.
Deleteමේ ලිපිය කියෙව්වම , මට කතාවක් මතක් වුනා ,ලියන්න ඕන පොස්ට් එකක් .... ඔ යේස් ශාන්තිනි
ReplyDeleteමේ ලිපිය කියවලා ඉවාන් අයියටත් ලිපියක් ලියන්න හේතුවෙච්ච එක ගැන මට ගොඩක්ම සතුටුයි..
Deleteඉකමනට ලියල දාන්න ඉවාන්. ඔබට ස්තූතියි..
මචං...ලිපිය සහ කමෙන්ටු කියෙව්වා..
ReplyDeleteකියාගන්න බැරි දෙයක් උගුරේ හිරවෙනවා ඒ මගේ මතකයක්...මම යනවා සිගරට් එකක් බොන්න..මගේ ඔලුව අප්සට්..
අනේ මචෝ... ඒ මොකද.. ගොඩක් අය මේ ලිපිය කියවල හිත අතීතෙට අරන් ගිහින්..
Deleteසියල් සිරිත් දෑ කුළ ගොත් ඔබ ආපසු ගන්න
ReplyDeleteමහත්වරුනි ශාන්තිනී විතරක් මට දෙන්න....
මේක වචනයක් වචනයක් ගානේ අපේ හිතට දැනෙන පද රචනාවක්. මුල් වතාවටයි මේ කතන්දරේ ඇහුනේ. කතාව අහල තිබුනේ නැතත් රත්න ශ්‍රී ගේ වචන නිසා අපිට කතාවක් මවා ගන්න පුළුවන්. "පහන් පැලට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්, ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යන" කියන පද දෙක නිසා මං හිතන්හිටියේ මේක කළු ජූලියට සම්බන්ද කතන්දරයක් කියලයි.
වීරේ..උඩින් අපේ සිංදු ඇනෝ දාල තියෙන වීඩියෝ එකෙත් රත්නශ්‍රී ඔය කතාවම කියනවා හැබැයි එතන ස්ථාන නාම වෙනස්. රත්නශ්‍රීත් හරියට කොනන් ඩොයිල් වගේ වෙලාවකට. කොහොම උනත් එතන කියන විදිය්ට ඔහු ගීතය ලියල තියෙන්නෙ අතීතෙ වෙච්ච මේ සිදුවීම මතක් කරගෙන කලු ජූලිය දවස් වල තමයි. ඉතින් ඒ විදියට මේ ගීය කලු ජූලියටත් පොඩි නෑදෑකමක් පවත්වනවා.
Deleteරත්න ශ්‍රී මහත්තයා කිව්වා හරියටම හරි හදවත් තුල ගොඩනැඟෙන බැඳීම් වලට බෙදීම් ඕනේ වෙන්නේ නැහැ.
ReplyDeleteමමත් ගොඩක් ප්‍රිය සිංදුවක්.මචං මේ සින්දු මෙහෙම දාන ගමන් යු ටියුබ් එකෙනුත් අහන්න පුළුවන් විදියට දාන්න පුළුවන් කමක් තියේනම් වටිනවා.
යෝජනාවනම් කදිමයි මනෝජ්..එතකොට කෙලින්ම මෙතන ඉඳලම ගීතය අහන්න පුලුවන් නේද. පෝස්ට් එක කියවනවත් එක්කම අහනාකොට දැනෙනවත් වැඩියි. අපේ පත්තරයත් දවසක් ඔය කතාව කිව්වා. අනිවාරෙන්ම ඉදිරියේදී එහෙම කරමු. හෙට උදේම ඇවිත් බලන්නකො අලුත් පෝස්ට් එක. ඒකට මං ඔය යෝජනාවත් එකතුකලා.
Deleteඇත්තෙන්ම බෙහෙවින්ම ස්තූතියි මනෝජ්..
30000 යි
ReplyDeleteබ්‍රැන්ඩ් එක ඕන එකක්
බොක්කෙන්ම සුභ පැතුම් ඕන්.
Deleteබයිට් එකට ඕන එකක්
විදානයෝ...උඹට ඒක මීටර් උනා එහෙනම්... උඹලව මට මාර වටිනවා බං..
Deleteහෙට උදෙන්ම ග්‍රෑන්ඩ් පාටියක් තියෙනවා ප්‍රියෝ..විත් ද සප්‍රයිස්!!! හෙට බයිට් කාලා මැරෙමු බං..
Deleteතෑන්ක්ස් මචංලා...