"කාට අහිමි උනත් සාදු මල් පිපියන් සැමදා..."
සචින්ත ඉස්කෝලෙ යන කාලෙ ඉඳල මගේ යාලුවෙක්. ඒත් ඔහුත් මාත් එතරෙ එතරම්ම සමීප බවක් තිබුනෙ නෑ. ඒ කියන්නෙ ගජයෙක් නෙවෙයි. අපි දෙන්න කවදාවත් එකම පංතියකට අහුවෙලත් නෑ. කොහොම උනත් පුංචි කාලෙ ඉඳල අද වෙනතුරු ඔහුත් මමත් එකම විදියටම මිතුරන්. මුණ ගැහුනම කතාකරනවා, හිනාවෙනවා එච්චරයි ඉතින්. ඒත් අද මං ඔහු ගැන ලියනවා. ඒ ඔහු වෙනුවෙන් විතරක්ම නෙවෙයි. අපි හැමෝම වෙනුවෙන්. මේ තත්වයට පත්වුන හැමෝම වෙනුවෙන්. මේ තත්වයට මිනිසුන් පත් කරන හැමෝම වෙනුවෙන්.
කතාව මෙහෙම පටන්ගන්නම්. ඔහුගේත් මගේත් පාසල් මිතුදම තිබුනෙ සාමාන්‍ය පෙළ දක්වා පමණයි. මොකද, උසස් පෙළ කරන්න මට වෙනත් පාසලකට යන්න සිද්ධ උනා. ඉතින් අතේ දුරින් තිබුන මිතුදම අවුරුදු තුනකට විතර නැත්තටම නැති වුනා. ඊළඟට ආයෙත් යාළුකම අලුත් උනේ පාසලෙන් එළියෙදි. එතකොට හැමෝම උසස් පෙළ කරල, මහ මිනිස්සුවෙලා හිටියෙ. සාමලා, අමරලා තව දුරටත් ඉතිරිවෙලා හිටියෙ නෑ. ඔක්කොම සිඟිති ලොවෙන් මිදිල සැබෑ ලෝකෙට පයගහලා. තවදුරටත් ගෙවල් වලින් කකා බිබී ඉන්න පුලුවන් කමක් කාටවත් තිබුනෙ නෑ. ඉතින් හැමෝම ළමා කම් අතෑරල මිනිස්සු විදියට ජීවිත රේස් එක දුවන්න ලක ලෑස්තිවෙලා හිටියා.
මෙන්න මේ වගේ කාලෙක ආයෙත් සචින්ත මට හම්බුනා. ඒ වෙනකොට උසස් පෙළින් අධ්‍යාපනය හමාර කරල හිටියෙ ඔහු. පුද්ගලික ආයතනයක සාමාන්‍ය රැකියාවකුත් ලබාගෙන තිබුනා. ඒක නෙවෙයි වැදගත්ම දේ. උසස්පෙළ කරන කාලෙම ඔහු පෙම්වතියකුත් හොයාගෙන තිබුනා. ඒක තමයි මේ කතාවෙ වැදගත්ම කොටස. ඇය බොහොම ලස්සන කෙල්ලෙක්. බජාර් එකේ බාසාවෙන්ම කියනවානම්, පට්ට කෑල්ලක්. කට්ටිය කතාවුනේ එහෙම. අපේ කතා නායකයත් ඉතින් මොණර වගේ හිටියෙ. රස්සාවක් තිබුනා. කසාද බඳින්න හොඳ කෙල්ලෙක් හිටියා. ගෙවල් දොරවල් තිබුනා. දෙමාපිය ආශිර්වාදෙ තිබුනා. ඉතින් කොල්ලෙක් විදියට ඔහු මොණරෙක් වගේ හිටිය කියල වරදකුත් තිබුනෙ නෑ. ඔහු එහෙම ඉන්න ඕනි.
ඉතින් කාලය ඔහොම ගත වුනා. සචින්ත මට ඉඳල හිටල හම්බුනා. මුණ ගැහුනම විස්තර කතා කලා. මනුස්සයා නිතරම හරි සතුටින් හිටියා. අවුරුදු හතරක විතර ප්‍රේම පුරාණයක් තිබුන ඔහු ඒ ගැන හරි ආඩම්බර උනා. කොයි කොල්ලත් වගේ තමන්ගෙ කෙල්ල ගැන හරි උජාරුවෙන් කතාකලා. ඉතින් කෙල්ලෙක් හොයාගන්න බැරුව තාමත් වාතවෙන අපේ පරම්පරාවෙ අනිත් කොල්ලො අතර සචින්ත හරි වාසනාවන්තයෙක් විදියට ඉස්මතු උනා. දෙන්න පොතේ ලියල නීතියෙන් කසාද බැඳල නොතිබුන ටික විතරයි. දෙන්න එකටමයි හිටියෙ. බොහෝ දවස් වල ඇය සචින්තලාගෙ ගෙදරටත් ආවා. සචින්තගේ දෙමවුපියන් පවා ඇයට තමන්ගෙම දරුවෙකුට වඩා ආදර කලා.
දැන් තමයි කතාවෙ වැදගත්ම ඉසව්වුට ළඟා වෙන්නෙ. සචින්ත රැකියාවක් කලාට ඔහුගේ වෙන්න හිටපු මනාලිය රැකියාවක් කලේ නෑ. තාරුණ්‍යට අපේ පළාතෙ තියෙන පහසුම රැකියාව තමයි ඇඟලුම් කම්හල. එකක් නෙවෙයි දෙකක්ම තියෙන නිසා ප්‍රදේශයේ හාරදහසක් පමණ තරුණ පිරිසට ඒක ලොකු අත්වැලක්. ඉතින් මේ පෙම්වතියත් අපේ පෙම්වතාගෙන් අවසර ඉල්ලුවා "ගාමන්ට් යන්න". මුලින්ම ඔහු මේ යෝජනාවට කොහොමටවත්ම එකඟවෙලා නෑ. ඔහු එකඟ නොවුන එක සාධාරණ බවයි මම උනත් හිතන්නෙ. මොකද තිබෙන එකම රස්සාව ඒක උනත් කෙල්ලෙක්ට නොගැලපෙනම රස්සාවත් ඒකම තමයි.
සමාජ දැනුම අඩු, බුද්ඩිමත් බවින් අඩු කෙනෙක් මේ පරිසරය තුල ලෙහෙසියෙන්ම අතරමං වෙනවා. නොමඟට යොමු වෙනවා. අනිත් පැත්තෙන් කෙතරම් බුද්ධිමත් යහපත් කෙල්ලෙක් උනත් මේ රෑනට වැටුණු ගමන් වෙන්නෙ, අර කපුටු රෑනට මැදිවෙච්ච සුදු පරවියාට වෙන දේමයි. මොකද අපේ කාලකණ්නි සමාජය බලන් ඉන්නෙ මේ සියුමැලියන් ගිලගන්නමයි. ඒත් එක්කම හැමෝම මේ අය දිහා බලන්නෙත් එකම පාට කණ්නාඩියකින්. ඉතින් හොඳම දේ තමයි බැරිම මොහොතක හැර රැකියාවකට ඇඟලුම් කම්හල තෝරා නොගැනීමයි. ඉතින් ඒ නිසාම, කිසිම ආර්ථික ප්‍රශ්නයක් නොතිබුන සචින්තගේ පෙම්වතිය ගෙදර නිකන් ඉන්න බැරි කම්මැලි කමට මේ රැකියාවට යාම නුසුදුසු බවයි අපි හැමෝගෙම මතය උනේ. නමුත් ඇගේ ආයාචනයන් හමුවේ අසරණ උන සචින්ත අවසානයේදී ඇගේ කැමැත්තට අකැමැත්තෙන් කැමති උනා. එලෙසින් ඇයත් ඇඟලුම් සේවිකාවක් උනා.
කාලය එලෙස ගත වුනා. මට සචින්ත මුණ ගැහුනෙත් නෑ කාලෙකින්. ඔය අතරෙ මං වැඩකරන ෆැක්ට්‍රියෙත් පොඩි ඕපාදූපයක් ගියා. හැමෝම කතා උනේ මෙහෙම.
"අඩේ මාර කේස් එක. ශිරන්තයා කෑල්ලක් ගෙනල්ලනේ"
ඔන්න ඕකයි ගොසිප් එක. ශිරන්ත කිව්වෙ අපේ ෆැක්ට්‍රියේම තත්ව පාලන අංශයේ වැඩකරන කොල්ලෙක්. ඉතින් මේ මනුස්සයා කෙල්ලෙක් ගෙනාව කිව්වම ඒක හැමෝටම පුදුමයක් උනා.
"මට හිතාගන්න බෑ බං ඕක බැන්ද කිව්වම. ඕකා මේකෙ කෑලි කීයක්නම් ඇද්දද. ඌ එකක් වත් සිරා කරේ නෑනෙ බං. උගේ වැඩේ කරගත්තා අයින් උනා. කෙල්ලොත් ඒකට විතරනේ බං ඌ එක්ක ගියේ. මං නම් හිතුවෙ ඕකා ඔය විදියට තැනින් තැන ඇන ඇන තව කාලයක් ඉඳී කියලා."
ඔන්න ඔහොමයි කට්ටිය ශිරන්ත ගැන කතා වුනේ. ෆැක්ට්‍රියේ කෙල්ලොන්ගෙන් බාගයක්ම වගේ ඇදල තියෙන ශිරන්ත කෙල්ලෙක් බඳින්නම ගෙනාව කිව්වම හැමෝම කතා උනේ ඔයවගේ දේවල්. ඒ උනත් අන්තිමේදී ඔපාදූපය සත්‍යක් බවට පත්වෙලා තිබුනා. ඔව්, ශිරන්ත කෙල්ලෙක් ගෙනත්. බැලින්නම් ෆැක්ට්‍රියේම කෙල්ලෙක් තමයි ගෙනත් තියෙන්නෙ. දෙන්න ගෙවල් වලට හොරෙන් ඇවිත් තියෙන්නෙ. කොහොමින් හරි ටික දවසකින් කසාදත් බැඳලා. හැම සිද්ධියක්ම වගේ මේ සිද්ධියත් දවස් දෙකෙන් හැමෝටම අමතක උනා. මොකද ඊට වඩා රසවත් ඕපාදූප අලුතින් දිනපතා එකතු උනා.
සති දෙකකට විතර පස්සෙ ශිරන්ත ආයෙත් වැඩට ආවා. බැන්ද බැන්ද කිව්වට අපි කවුරුත් ශිරන්තගේ කෙල්ල දැකල තිබුනෙත් නෑ. දවසක් ශිරන්ත මාව හම්බෙන්න ආවා.
"මචං, මං බැඳල ස්ටූඩියෝ එකෙන් වෙඩින් ෆොටෝ දෙකතුනක් ගත්තා. ඒ ටික ගන්න මට ආයෙ යන්න වෙන්නෙ ලබන සතියෙ. මට පොඩි උදව්වක් කරපන්කො."
"කියපං බං මොකද්ද වෙන්න ඕනි."
"මට ෆොටෝ ටික බලන්න ආසයි. ලබන සතිය වෙනකල් ඉන්න බෑ. ස්ටුඩියේ එකා මගේ යාලුවෙක්. මං උඹේ මේල් එඩ්‍රස් එක ඌට දෙන්නද, ඒකට ඒ ටික දාන්න කියලා. උඹට පුලුවන් නේද මට ඒ ටික අරං පෙන් එකකට දාල දෙන්න."
"අයියෝ ඕක මොකද්ද බං. ඌට දාන්න කියපන්කො. මං ඒ ටික උඹට දාල දෙන්නම්"
ඉතින් මෙහෙම කියල මං ඌට මගේ මේල් එඩ්‍රස් එක දුන්නා. විනාඩි දහයක් විතර යනකොට මට මේල් එකක් ආවා. මං දැක්කා ඒ ශිරන්තගේ වෙඩින් ෆොටෝ ටික කියලා. ශිරන්ත දුන්න පෙන් ඩ්‍රයිව් එකට මං ඒ ටික සේව් කලා. ඉතින් නිකමට වගේ මං එකක් ඕපන් කරල බැලුවා. දෙයියනේ මට මගේ ඇස් අදහගන්න බැරි වුනා. ඔව් මේ කියවන ඔබට හිතෙන විදිය හරි. ඔව් මනාලිය ඇයම තමයි. කවුද, වෙන කවුරුවත් නෙවෙයි, මගේ පාසල් මිතුරා. සචින්තගේ අනාගත බිරිඳ! පෙම්වතිය!! ඒත් මනාලයා සචින්ත නෙවෙයි, මගේ රැකියා මිතුරා, ශිරන්ත. ඒ කියන්න දෙයියනේ, ශිරන්තයා මේ පන්නගෙන ඇවිත් තියෙන්නෙ සචින්තගේ පෙම්වතිය.
අදහගන්නවත් පුලුවන්ද. ගාමන්ට් එකට ඇවිත් මාස තුනයි, අවුරුදු හතරක ප්‍රේමයක මළගම. පස්සෙ ආරංචි වෙච්ච විදියට මේ කෙල්ල ට්‍රේනින් ලයින් එකට ආව දවස් වලම හැමදාමත් වෙන විදියට ඇහැට කණට පේන කෙල්ලන් වෙනුවෙන් වැඩකරන ශිරන්තගේ ඇන්ටනාව මේ කෙල්ල පැත්තට හැරවිලා. ඉතින් ගැහැණු සොඬෙක් වෙච්ච ශිරන්ත බොහෝ විට කරන විදියටම මොකක් හරි ක්‍රමේකට මේ කෙල්ලවත් දැලේ දාගෙන තියෙනවා. ඊටපස්සෙ එක දවසක කොහොම හරි මේ කෙල්ලවත් කොතනකට හරි අරන් ගිහින් තියෙනවා. ඉතින්, අන්න එදා, ඇයට ඇගේ සිව් වසරක පෙම් ගීතය අමතක වෙලා තියෙනවා.
මං ඊළඟට සචින්තට කෝල් එකක් ගන්න හැදුවා. ඒත් නම්බර් එක ඩයල් වෙද්දිම මං ඉක්මනින් ඇමතුම විසන්ධි කලා. මං මොනා අහන්නද. සක් සුදක් සේ පැහැදිලි සිද්ධිය ගැන අහන්නෙ මොන හිතකින්ද. සචින්ත දැන් මොනවගේ මානසිකත්වයක ඉන්නව ඇතිද. මේ වගේ වෙලාවක දුරකතනයෙන් කතාකරල රිදෙන තුවාලෙට තවත් අනින එක සුදුසු නෑ. ඒ නිසා මං හිතුවා හම්බුන දවසකම කතාකරනවා කියලා.
ඊළඟ සතියෙ සචින්ත මට හම්බුනා. දෙයියනේ, සචින්තව අඳුනගන්නවත් බෑ. හිටියගෙන් බාගයයි. පොල් කූර වගේ වෙලා. ඒ මදිවට අතකුත් බැන්ඩේජ් කරගෙන. සචින්ත මට මූණ දුන්නෙ නෑ. ඒත් මං ළඟට ගිහින් කතාකලා. සචින්ත මට විස්තරේම කිව්වා. ගාමන්ට් එකට ගිහින් සති දෙකක් විතර යද්දි ඇඟේම පළුවක් වගේ හිටපු කෙල්ල වෙනස් වෙච්ච හැටි කියද්දි ආයෙත් උගේ වේළුන ඇහි කූඩ වල කඳුලු පිරුනා.. මං ඌව නැවැත්තුවා. සිද්ධියේ මුල මැද අග සේරම දැනගෙන හිටපු මං ආයෙත් ඇයි අහිංසකයව අඬවන්නෙ.
මට ඕනි උනේ සචින්තගේ හිත හදන්න. ඒත් සචින්ත මට මෙහෙම කිව්වා.
"මචං, මං වැටුනා, මං බිමටම වැටුනා. ඒ නිසා මට තවත් අලුතින් වැටෙන්න තැනක් නෑ. මට මිනිස්සුන්ට මූණ දෙන්න බැරිවුනා. මං මිනිස්සුන්ගෙන් හැංගුනා. මට වේදනාව දරාගන්න බැරිවුනා. මතකයන් මට පන්න පන්න වද දුන්නා. එක වෙලාවක මට ඒකි නැතුව ඉන්නම බැරි වුනා. තව වෙලාවක ඒකි වෙන එකෙක්ගෙ තුරුල්ලෙ ඉන්න විදිය මට මැවි මැවී පෙනුනා. මට දුන්න දේවල් ඒකි වෙන කොහෙවත් යන බල්ලෙක්ට පූජා කරන හැටි මට මැවිල පෙනුනා."
"ඒකි එක්ක මං ගෙවන්න හීන මවපු හීන අනාගතේ මගේ දෙපා පාමුල බිඳිල තිබුනා. මට මාව පාලනය කරගන්න බැරිවුනා. දවසක් අම්ම මට ගෙත් දීල තිබුන ජින්ජි බියර් බෝතලේ අරං පුටුවෙ ගහල කඩලා මං මගේ අතේ බල නහරෙටම ඇනගත්තා. ලේ විදින්න ගත්තා. මං පුදුම සැහැල්ලුවකින් මගේ ඇඟේ තියෙන අන්තිම ලේ, බින්දුවටම යන්න ඇරලා එහෙමම කාමරේ බිම දිගා වෙලා ඇස් පියාගත්තා. සිහිය එනකොට මං හිටියෙ ඉස්පිරිතාලේ. කාලකණ්නි පුතෙක් නිසයි, ඒ පුතාගෙ පඩත්තල කෙල්ල නිසයි මගේ අම්මයි තාත්තයි අක්කයි අපා දුක් වින්දා. ඉස්පිරිතාලෙන් මාව සනීප උනාට පස්සේ කවුන්සලර් කෙනෙක් ළඟට දැම්මා. මං එතනින් ගොඩ ගියා මචං. මට එතනින් ආයෙත් ජීවිතේ හම්බුනා. ආදරේ කියන්නෙ මොකද්ද, ජීවිතේ කියන්නෙ මොකද්ද කියල මං තේරුම් ගත්තා. මං ආයෙත් අලුත් මිනිහෙක් උනා. ඒත් එතකොට මට ගොඩක් දේවල් අහිමිවෙලා. කොටින්ම මගේ රස්සාව පවා. ඒත් ඉතින් රස්සාව මොකද්ද, මගේ අනාගත හීන මාළිගාවම නැතිවෙච්ච මට. ඒකිට මාව තවත් එක කොල්ලෙක් විතරක් වෙන්න ඇති, ඒත් ඒකි මට මගේ ජීවිතේම උනා. ඒත් දැන් මං හිත හදාගෙන ඉන්නෙ බං."
ඔන්න ඔයවගේ දිග කතාවක් සචින්ත මට කිව්වා. මමත් උගේ හිත හදන්න නොයේක් දේවල් කිව්වා. කොහොමත් ජීවිතේ කසාදයකින් පටන් ගන්න කලින් මේ වෙච්ච දේ උනේ උගේ හොඳට කියල සචින්ත තේරුම් අරං හිටියා. කසාද බැඳල, දරු මල්ලන් ඉන්න දවසක ඇය මෙවැනි දෙයක් කලා නම් ඔහු පත්වන තත්වයට වඩා ඊට පෙරම ඇගේ චපලත්වය හඳුනාගෙන ඇගෙන් ගැලවීමට තරම් ඔහු වාසනාවන්ත වූ බව ඔහු තේරුම් අරන් තිබුනා.
කාලයේ වැලි තලාවට යට වෙමින් මේ හැමදෙයක්ම අතීතෙට එකතු කරමින් කාලය ඉදිරියට ගමන් කලා. සචින්තකගේ සදාදරණීය බිරිඳ වීමට නියමිතව සිටි යුවතිය අද වෙන අයෙකුගේ සොඳුරිය වී ඔහුත් සමඟ අත්වැල් පටලා යන අයුරු දිනපතා මං දැක්කා. කිසිත් නොවූ විලසින්, මතකය අමතක වූ විලසින් ඇය හැසිරෙන විලාසය සියල්ලන් මවිතයට පත් කලා. සප්ත මහා සයුර විසින් සඟවාගෙන සිටින රහස් වලටත් වඩා රහස් සඟවා ගනිමින්, රළ බිඳ සිනාසෙන ගුප්ත යෞවනියන් ලෙස අපටද සිටිය හැකිනම් කියා හැඟීමක් සිතට දැනුනා. හවස වැඩ නිමවී බොහෝ දිනයන්හී ඇය ඔහුගේ යතුරු පැදියේ නැඟී යන අයුරු දකින මසිත සචින්ත නම් මගේ මිතුරා පිළිබඳ සංවේගී හැඟීමක් ජනිත කලා.
දෛවය හරි පුදුමාකාරයි. කාලයේ ඔසුවෙන් සුවපත් වෙමින් සිටි සචින්තට නැවතත් රස්සාවක අවශ්‍යතාවය දැනුනා. මාර්ග සංවර්ධන කොන්ත්‍රාත් ආයතනයක සුපරීක්ෂක වරයෙකු විදියට ඔහුට රස්සාවල් ලැබුනා. හරියටම මේ කියන කාලෙදිම තමයි අපේ ෆැක්ට්‍රියට යන පාර කාපට් කරන්න පටන්ගත්තෙත්. ඉතින් සචින්තත් මේ පාරටම රාජකාරියට වැටුණා.ඇගේ පරණ පෙම්වතිය, දැන් වෙනකෙකුගේ ප්‍රියාදර බිරිඳ, ඒ වල්ලභයා සමඟ යතුරු පැදියේ නැඟී අහංකාර ලීලාවෙන් වැඩට යන්නේත් මේ මාර්ගයේමයි. ඉතින් දෛවයේ සරදමේ උපහාසයට ලක් වෙමින් මගේ දයාබර මිතුරාට මේ කාලකණ්නි දර්ශණය හැම උදයකම හැම හවසකම දකින්න උනා.
ඇතිවෙන්න අඬල ඉඳපු ඔහු,ආයෙත්නම් ඇඬුවෙ නෑ. ඒ වෙනුවට හරිම උපේක්ෂාවෙන් ඒ දිහා බලන් හිටියා. මමත් යතුරු පැදියෙන් වැඩට ගිය එක්තරා දවසක, වැඩ නිමවී යන ගමන් අතර මඟදී හමුවූ සචින්ත සමඟ මඟ නැවතී කතාකරමින් උන්නා. මෙහෙම ඉන්නකොට, අර උදුම්බරා කූමාරිය, ඇගේ කුමරුත් සමඟ අස්සයා පිටින් වඩිමින් උන්නා. දුහුවිල්ලෙන් මුවා කල එම දසුන දිහා මගේ මිත්‍රයා පුදුමාකාර උපේක්ෂාවකින් බලාගෙන හිටියා. ඇය දෙස බලා හිඳින වග දුටු කුමාරිය, දුහුවිල්ලට පිළිකුලින් රවමින් අතේ තිබුන ලේන්සුව මුහුණට තදකරගත්තා.
පසුවී යන ඔවුන්ගෙන් දෑස් ඉවතට ගනිමින් මගේ මිතුරා හරි පුදුම කතාවක් කිව්වා.
"මචං, මං උඹට කිව්වේ, මං හිත හදාගෙන ඉන්නෙ. එයාට හොඳනම්, එයා සතුටින් නම් මට ඕනි එච්චරයි. ඒ නිසා මට කියන්න පුලුවන් ඔබගෙන් තව පැල් පතකට එළිය ගෙනේවා කියලා. ඒත් මචං මට බය එයා ඔය යන ගමන තව කොච්චර දුර යන්න පුලුවන් වෙයිද කියලා. මොකද මට කරපු දෙයින් මං එයාවත් තේරුම් ගත්තා. අනික ඔය කොල්ලා ගැනත් මං හොඳට දන්නවා."
ඔහුටත් වඩා හොඳින් ශිරන්ත පිළිබඳ දැනහුන් මම, මගේ බෝසත් මිතුරාගේ කරට අතක් දමාගෙන ඔහේ කල්පනා කලා. ඒත් එක්කම මේ කතාව කවදහරි ලියන්න ඕනි කියලත් හිතාගත්තා. අමතක වෙලා යමින් තිබුන මේ සිද්ධිය පහුගිය දවසක අඩ සඳ යාය අහනකොට ආයෙමත් මතක් උනා. ඒ මේ ගීතයත් එක්ක. මේ ගීයෙ හැම වචනයක්ම මගේ මිතුරාගේ කතාව එක්ක කොච්චර හොඳට සමපාත වෙනවද. ඇත්තටම කලා කරුවා කියන්නෙ නම් විශ්ම කර්මයෙක්.
අජානේය ස්කූටර තුරගා පිට වඩිනා
කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා
බදා හිමි දෙවුර එසවී පුරවර සිරි බලනා
විලාසයට නුඹේ කිරුළ බිම වැටෙයි ද සිතුනා
සූසැට ශිල්පය උගෙනා පාරගතව ගියෙනා
පාරේ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුනා
මා ගත ඩා බිදු හදුනා සඳය සිනා නගනා
ප්‍රේමවන්ති විලවුන් ගැ ලේන්සු පට සිබිනා
සදාකල්ම පෙම් වතුන්ගේ සිහින පුරා පිපෙනා
උදුම්බරා මලක් තියේ ආදරයැයි කියෙනා
රැ තුන්යම සුවද උලා උදැසනින් මැකෙනා
කාට අහිමි උනත් සාදු මල් පිපියන් සැමදා
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : රෝහණ වීරසිංහ
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
(Ajaneya Skootara - Karunarathna Diulgane)
සියල්ල ඉදිරී ගරා වැටුන දා
ReplyDeleteඇය'තින් නොමැරුණු මගේ මිනිස්කම
දැන හඳුනාගත් තනිකම නුඹටත්
මා හැර යන්නට සිදුවෙයි නැවතත්
ප්‍රේම තාපයෙන් පර මල් යහනට
තවත් ළඳක් එයි හෙට දවසේ
එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම
මා නුඹ එලවන්නෙ ද කෙළෙසේ...
ඇය හෙට ආව ද පසුදින යාවි ද
අදහනු බැහැ ඇය ළඳක් නිසා
හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙ ම
හතර මායිමෙන් එහා නොයා....
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: එච්. එම්. ජයවර්ධන
ගායනය: සුනිල් එදිරිසිංහ
මේ බස් නැවතුම
Deleteපෙර හැම දිනකම
අප හමුවුනු හැටි දැන උන්නේ
මා තනිවුන බ
ව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ
ඉස්සර හවසට ඔබ එනතුරු මම
මෙතනම සිටියා දෙනෙත අයා!
එකම රියක නැගඑකම
අසුනෙ හිදගිය හෑටි මතකයි
තවම එදා!!
ප්‍රේමය නිමවුන මා අද තනිවම
රියකට මෙතනින් ගොඩවෙනවා!
ඒ රියෙහිම ඔබතව කෙනෙකුන්
ළගඑකම අසුනේ ඉදගෙන යනවා
ගායනය : පුන්සිරි සොයිසා
මචං ඇනෝ, පද රචනයයි සංගීතයයි දන්නවනම් කියහංකො.
මෙන්න ..........
Deleteගායනය : පුන්සිරි සොයිසා
ගී පද -චන්ද්‍රදාස ප්‍රනාන්දු
සංගීතය - අසෝක පිරිස්
මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
Deleteඋඩ ඉගිලෙන විට වැහි ලේණී
එබී බලා රිය කවුලු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී…
අදුරු ලලා සෙංකඩ ගල වැස්සේ
දියදහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මදු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ…
රිය ඇතුලේ උනුසුම ඹබට දිිදී
නහවයි මා රියසක මඩ වතුරේ
නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
අපේ සබදකම් නෑ රියසක දන්නේ …
ස්තූතියි සින්දු ඇනෝ...
Deleteඒ වගේම පත්තරේටත්.
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
Deleteරෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්
සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ
අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්
මායාවකි ප්‍රේමය මා... හදවත රිදවූ..යේ..
සෝ..ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේ දෝ
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්
පද රචනය - බුද්ධදාස ගලප්පත්ති
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - වික්ටර් රත්නායක
මගෙ කඳුලින් නිමා වූ මාවතේ මාවතේ..
Deleteඔහු සමඟින් ඔබ මන්දහාසේ යන ගමනේ..
මගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා...
වාසනාවන් අහිමි පෙම්වතියේ..
නිමල පෙම් වේදනාවෙන්..
නිහඬ වූ වේදනාවෙන්..
අහිංසක මා හෙලන සුසුම්
ඔබට පවනක් වේවා...
මගේ කඳුලින් නිමා වූ...
පාළුකුටියේ මා අරාජිත වී
නිදා නොනිදා හිදින රෑ..
සිහිනයෙන් හෝ පෙනේවා..
ඔබේ සෙනෙහේ නිවුනු පහන්..
නොනිමි පහනක් වීලා..
මගේ කඳුලින් නිමා වූ...
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය
Deleteඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරේ කියා තිබේ
ඔබ පෙම් කරනා ...
සාගර වෙරලේ සොඳුරු සැඳෑවක
රඟහල කෙලවර අඳුරු නිමේෂෙක
අද ඔබ ලඟ ඔබ සනසාලන ඇය
පෙර දවසක මා තුරුලට වී ඉඳ
මටද ආදරේ කියා තිබේ
ඔබ පෙම් කරනා ...
සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී
මා සමුගෙන් ඔබ වෙතට පැමිණි ඇය
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මටද ආදරේ කියා තිබේ
ගායනය - ගුණදාස කපුගේ
පද රචනය - සුනිල් ආර්. ගමගේ
සංගීතය - ගුණදාස කපුගේ
මා දෑසේ වේදනා
Deleteඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හදේ
නැත වෛර චේතනා //
පෙරදා ඔබෙන් මෙමා
ලැබූ නුහුරු කල්පනා
සාගරය සේ එදා
ආදරය ගොනු කලා //
ඒ සිහින මව මවා
මා දෑස තෙත් කලා
මා ගයන ගීතයේ
රාවෙ ගුවනින් ඇසේ
ඒ සෝ සුසුම් තුලින්
ඔය දෑස තෙත් කලේ //
මේ ගීය ගැයුවේ මා
ඔබ රිදවනු නොවේ
මා දෑසේ වේදනා
ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හදේ
නැත වෛර චේතනා //
මා දෑසේ වේදනා
ගායනය - රෝයි පිරිස්
සංගිතය, ගී පද - නිහාල් ගම්හේවා
උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා
Deleteසංවේගය ඉවසමි මම කඳුළු හලාලා
ඔබගෙන් තව පැල්පතකට එළිය ගෙනේවා
මට දුන් දුක වෙන හදවතකට නොදැනේවා
ඔබේ දෙනෙත් අභියස එක රුවක් මැවේවා
ඉබේ සැලෙන සිත මින්පසු වෙනස් නොවේවා
අගේට දිවි කුසලානයෙ මිහිර පිරේවා
මගේ දුකත් ඔබෙ සන්තෝසයට හැරේවා
අව්වෙහි ඇති සැඩ රැස් මාලා අඩුවේවා
ගව්වෙන් ගව්වට සුවිසල් මැදුරු මැවේවා
දුක දොම්නස බාධක කම්කටොලු දැවේවා
සිහිනෙන්වත් පීඩාවක් ඔබට නොවේවා
ගායනය, සංගීතය : එච්. ආර්. ජෝතිපාල
පද රචනය : කරුණාරත්න අබේසේකර
ඊයේ උදයේ
Deleteඔබ පෝරුව මත දුටුවා
හිතවතෙකු මගේ ඔබගේ
ඔය සුරත දරා සිටියා //
පුරුදු ලෙස මා ඔබ දකින්නට
පැමිණ මංගල සිරියකි දුටුවේ
සබේ කිසිවෙකු ඉබේ වත් නැත
ඇසක් මා දෙස යොමා බැලූවේ
කිමද මේ අරුමේ
මට නොහැඟේ ප්‍රිය සොඳුරේ
ඊයේ උදයේ
ඔබ පෝරුව මත දුටුවා
හිතවතෙකු මගේ ඔබගේ
ඔය සුරත දරා සිටියා
සොඳුර හෙට අප අළුත් ලොවකට
පා නගන්නට සැරසෙන අතරේ
එසේ මා දුටු එවන් සිහිනය
මෙසේ අද මා හිතට වද දේ
කිමද මේ අරුමේ
මට නොහැඟේ ප්‍රිය සොඳුරේ
ඊයේ උදයේ
ඔබ පෝරුව මත දුටුවා
හිතවතෙකු මගේ ඔබගේ
ඔය සුරත දරා සිටියා
ඔය සුරත දරා සිටියා ////
ගායනය - හෙන්රි කල්දේරා
විකසිත පෙම් පොකුරැ පියුම් නුබේ පයට පොඩි වි ගියාදෙන්...
Deleteපතිකුලයට අද මට පිටුපා යාන මගේ සොදුරැ ලදුනේ...
මෙන්ඩා ඉතුරු ටික ............
Deleteවිකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ
මගේ සොඳුරු ළඳුනේ...
හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා
ඔබට විරහ ගිනි නොගෙනේවා...
විකසිත පෙම්...
තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා
මැණික් පහන් වැට දැල්වේවා...
විකසිත පෙම්...
ගායනය - ඩබ්. ඩී. අමරදේව
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
මන්දාරම් වැහි පොද හිරිකඩ මගෙ සියොලඟ රන්දාලා
Deleteඋන් අප ආ ගිය මඟ වගතොට මතක අගුළු හැරදාලා
වාවන්නට බැරි තැන දුක්කද දෙනෙත් පියන් කවුළු කඩා
දෝරෙ ගලා ගිය උණු කඳුලැලි වියලි දෙතොල් මත වැටුනා
පැහැසර ඔබෙ ආදරේ
මන්දාරම් අඳුරේ වෙලී
සැගවී ගිය ඔබෙ සෙනෙහේ
හද රිද්දනවා රහසේ
මැලවුනු මගෙ දෙතොලෙහි රැදි තතු සැමගෙන් සඟවා ඉන්න
ඔබ නොමැතිව සිනහනගනයුරු මට කියාදීයන්න
උමතුව හද විලාප දෙන හඬ අහගෙන ඉන්න
බිදකට ඇවිදින් මගෙ ලය මත ඔය සවන තියන්න
පැහැසර ඔබෙ ආදරේ
මන්දාරම් අඳුරේ වෙලී
සැගවී ගිය ඔබෙ සෙනෙහේ
හද රිද්දනවා රහසේ
-සෙන්ටිග්‍රේඩ්ස්
(ආසයි මං පියාඹන්න චිත්‍රපටයෙන්..)
නියම සිංදු ටික අප්පා!!!!!!!
Deleteමටත් මාරම සතුටුයි අරූ අයියේ..
Deleteසින්දු ...මම හිතුවා වගේම උඔ ඉතුරැටික දැම්මා..මට කට ඇරලා කියන්න ලෝබ හිතුනා බං ඉතුරැටික දාපන් කියලා වේලාවකට හිතෙනවා අපි උඔව මහන්සි කරනවා වැඩිද කියලා.
Deleteඒකනම් මටත් හිතෙනව බං වෙලාවකට. අනේ මංද.
Deleteරසවත් ගීත එකතුවකට පසු දැන් අපි අනුග්‍රාහක භවතුන්ගේ කෙටි වෙළඳ දැන්වීමකට යමු.
Delete“ලොව වටා සිනමා නිලියන්ගේ රුව වඩන බ්‍රා...මෙන්ඩ බ්‍රා...“ :D
කෝ මේ මෙන්ඩා?
Deleteඅරු ගාමන්ට් එකට බහින ඊලග කක්ක ගොඩ උස්සපු දවසට තමයි අරකිට ලයිටි කනුවක අතුල්ල ගන්ඩ වෙන්නේ
ReplyDeleteඑහෙම වෙන්නෙ නැතිවෙයි බං, ඒකි තව එකෙක් අල්ලගනී.
Deleteමොන තරම් මෝඩ කොල්ලොද මේ සමාජයේ ඉන්නේ කියලා ඔප්පු කරණ කදිම පෝස්ට් එකක්.. කෙල්ලො හොඳයි ඊට වඩා...
ReplyDeleteමට හිතෙන විදියටනම් මෙතන මේ තුන්දෙනාගෙන් එකෙක්වත් මෝඩ නෑ. ඩිංගක් හරි මෝඩ කොල්ලො දෙන්න විතරයි. ඒකෙනුත් සාමාන්‍ය පෘථුග්ජන මනෞස්සයෙක් විදියට සචින්ත මුල් දවස් වල මෝඩ කම් කලා. ඒත් ඌ හැදුනා. ඊලඟට අරූ මෙහෙම එකියක් බැඳගත්ත එකෙනම් පොඩි මෝඩ කමක්. මොකද අරූ එපාවෙලා මූට රහ වැටුන වගේ ඊට වඩා රහ එකක් හම්බෙච්ච ගමන් මූත් දාලා යනවා. ඒත් ඌට අවුලකුත් නෑ. ඌත් එහෙම යන එකා නිසා. ඒ නිසා ඌ මෝඩත් නෑ. කෙල්ල කොහොමත් මෝඩ නෑ.
Deleteමම කතා කලෙත් ඒ මෝඩයා ගැනම තමා...
Deleteඑක දෙක මොණර කාසි පර්ස් එකට එන්නේ...
Deleteදැන් ෆුල් ආතල් එකේ මම ඉදින්නේ..
වැරදුන යම් තැනක දැන් මට හැගෙන්නේ..
කෙල්ලට දන්දීලා රිම් එකෙන් ඉන්නේ...//
චොක්ලට් කෑල්ල මගේ..
සූකිරි බට්ටියා මගේ..
ඔයා නොලැබුනොත් අනේ..
පනිනවා ලෝකාන්තේ..
ඉස්සර කිව්වට අනේ
ආයෙත් නෑ කියන්නෙ..//
පංතිත් කට් කරල ඉන්නෙ ඇය බලන්න..
කරුමෙට සෙට් වුනා මගේ වත හිදින්න..
තිබුනට බූට් සොමිය මේ හද පිරෙන්න...
දැන් දුක නෑ ඉතුරු වෙනවා හැම සතේම...//
චොකලට් කෑල්ල...
වදයක් නෑ රෑට නෑ මල් කඩන්නේ...
ඉස්සර මෙන් නෑ ඩබල් ටිකට් ගන්නේ...
වියදම දැන් නෑ ඩබල් වෙන්නේ...
බූට් එකත් අමුතු ආතල් එකක්නේ...//
චොකලට් කෑල්ල...
ගායනය, පද රචනය සහ සංගීතය : SJS
@ මාතලන්,
Deleteඅපි කවුරු උනත් ඔය වගේ වෙලාවල ඩිංගක් මෝඩ වෙනවා මාතලන් අයියේ. ඒක ඔයින් මෝඩවෙලා නතර උනා ඇති.
@ සින්දු ඇනෝ,
මං ගොඩක් අගයකරන පද රචනයක් මචං. මේ කාලෙ ලියවෙන පොන්න විලාප වලට වඩා දහස් ගුණයක් ඉදිරියෙන් තියෙනවා. අනික අද කාලෙ තරුණයන්ගෙ බාසාවෙන් උනට වැදෙන්න ලියල තියෙනවා. අහන එකාට ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඔන්න ඕකයි වෙන්නෝනි. උන්ගෙ මුල්ම ගීයත් ඒවගේ. "සඟ දාල හැඳල පැළඳල යන මල්ලිලා"
Deleteඑක වරක්...ඔබට මා...එපා නම්...
සිය දහස්...වාරයක්...එපා මට ඔබ එපා...
මම මගේ.. පාඩුවේ..හඬ හඬා.. සිටින්නම්...
ඔබ ඔබේ.. ලෝකයේ.. මිණි කිරුල පළඳින්න...//
එක වරක්...ඔබට මා...එපා නම්...
සිය දහස්...වාරයක්...එපා මට ඔබ එපා...
ඔබේ හද පහුරුගා..වේදනා නොදෙන්නම්..
ඔබ යනෙන මාවතේ දැක ගන්න ඉඩ දෙන්න..//
එක වරක්...ඔබට මා...එපා නම්...
සිය දහස්...වාරයක්...එපා මට ඔබ එපා...//
ගායනය-විජය කුමාරතුංග
ආන්න ඒකයි ක්‍රමේ..
Deleteඕකිට ඊළඟට වෙන දේ ගැනත් ලිව්වනම් තවත් රසවත්...
ReplyDeleteඊළඟ කෑල්ල තවත් රසවත් :-)
Deleteඊළගට,
Deleteපෙර දිනයක මා පෙම්කල යුවතිය
රටකජු විකුනනවා
මගේම ලියුමක රටකජු ඔතලා
ඈ මට විකුණනවා
රටකජු කම්දෝ ලියුම බලන්දෝ
මගේ හිත නළියනවා
මා ලියු ලියුමේ මොනවා බලන්නද මම රටකජු කනවා…… කියන්නයි වෙන්නෙ. :D :D
(විනෝදය සදහා පමණයි!!)
@සිහින,
Deleteඕකුන්ට වෙන දෙයක් නෑ බං. යස අගේට ඉන්නවා.
ඔන්න ඔහොම හිතල අනිත් පැත්ත හැරෙන්න පුලුවන් උනානම් ගේම ගොඩ බං සින්දුවෝ.
Deleteඔන්න ඔය සිංදුවට පේරාදෙනිය කැම්පස් එකේදී අමර දේවයන්ම මෙන්න මෙහෙම කිව්වලු බං.
Deleteපෙර දිනයක මා පෙම් කල යුවතිය
වෙනකෙකු හා යනවා..
මගේම කලිසම අගේට ඇඳගෙන
ඌ උගේ වගේ යනවා..
හිස නමා ගරු කල යුතු නිහතමානී මිනිස්සු.
Deleteඅනිවාරෙන්ම මචං.
Deleteපවු වැඩේ! ඒ වගේම අර කොල්ලා අන්තිමට කියලා තියෙන කතාවෙ හැටියටනම් මට තේරෙන්නෙ ඒකි කවදා හරි අතරමං උනොත් එදාට මූ ඒකිව භාර ගන්න සයිස් එකක් තියෙන්නෙ. ඒත් එහෙම උනොත් නම් ඌ පිස්සෙක් කියලයි මට හිතෙන්නෙ.
ReplyDeleteඔහොම කෙල්ලො ඉන්නවා බන්.
බ්ලොග් වේලෙන්න ඇරල අනුංගේ ඒවයේ කොමෙන්ට් කොට කොටා යන එවුන්ට තමයි හොදටම පිස්සු... කියලයි මට හිතෙන්නේ...
DeletenqoqirKhs!!!
අපේ ගෙයි උළුවස්සෙත් ගහලා තියනවා බන් 'අද නොවේ හෙට' කියලා! :D :D
Deleteඋඹලගේ ගේ ලගින් ගේ කෑල්ලක් අටෝගන්න ඕන.. හැක් හක...
Deleteපස්සෙ දුක් වෙන්ඩ වෙයි ඈ !!!
Deleteඕං අපි දන් නෑ .. :D :D
ඔව් ඔව්.. මං කැළනියෙං ඉඩං කෑල්ලක් හොයනවා විදානෙයො. ගාන ප්‍රශ්නයක් නෑ !!!!!!
Deleteවිදානෙ ~ අපේ ගෙදරට කිට්ටුව නිට්ටඹුව පැත්තෙ ගෙයක් තියෙනවා එපාද? :D
Deleteපත්තරේ ~ ආයෙ බං. මම එක්කො මුට අපේ ගේ දීලා මම පවුල් පිටින් යනවා ඔළුව හැරුන අතේ.! :D
කැළණියෙන් ඉඩං කෑල්ලත් එක්ක කෑල්ලකුත් බලහන්! :D
Deleteනිට්ටඹුවේ නෙවෙයි.. කැලණියේ බොලාගේ ගෙවල් ගාව ඒ කියන්නේ අල්ලපු ගෙදර සල්ලි දීල ගන්නවා.. හැක් හැක්..
Deleteපත්තරේ. ලංකාවට ආපු දවසකට වරෙන්.. ගල් බාගෙකුත් අරගෙන.. අද නොවේ හෙට කියලා මූ දොරේ ගහලලු..
ප්‍රියා,
Deleteනෑ මචෝ.. ආයෙ ඌ ඒකි දිහා හැරිලවත් බලන්නෙ නෑ. ඒත් ඌ උගේ වේදනාව පිහි පාරක් කරන්නැතිව හරි අපූරුවට දරාගෙන ඉන්නවා.
විදානයෝ,
Deleteඔහොම කියලවත් මේකගේ අලුත් පෝස්ට් එකක් බලාගන්න බැරිවෙයිද බං අපිට.
මතක් කරල ප්‍රියෝ අර කිව්ව විදියටම පලයන් යන අතක හොඳේ..
Deleteකොහොමද??
\\මම පවුල් පිටින් යනවා//
විදානෙ, හැබැයි බං කැළණියට නම් සිග්නල් තියෙනවා කට කපලා. :)
Deleteමනෝ, අනෙ අම්මෝ වැරදිලාවත් පවුල දාලා යන්නෑ බං එහෙම උනොත්! :)
ඔව් එහෙම උනොත්???
Deleteගල් බෝතලයක්ම ගනින් මාත් එනවා.
Deleteඅම්මටසිරි!!
Deletewfka
ReplyDeleteඒකම තමා මාත් කියන්නෙ. ඔව්! :)
Deleteමොකද්ද බං මේ? කියපන්කො විදානයෝ..
Deleteබොට තේරුණ්නැත්ද? එහෙනම් අවුලක් නෑ!
Deleteමොකද?
මට තේරුණෙත් නෑ!!!!!
මට පේන්නෙ තෝත් බීලද කොහෙද, විදානයාට නම් ඔළුව උස්සගන්නවත් බැරි මට්ටමේ ඉන්නේ.
Deleteඅනේ
Deleteදෙහි ගෙඩියක් ගේන්නද?
Deleteමොකද බොට "අනේ" ගෑවෙන්නෙ. වැඩිද? :)
Deleteහතර කොන මාරු වෙලාලු.
Deleteපුංචි එකතු කිරීමක්.. ස්කූටරේ මොඩල් එක "ස්කූටි පෙප්" .. !!
ReplyDeleteඔටෝ ගියර් - එයාර් කූල් ..
සෙල්ෆ් ස්ටාට් !!!!!
කැට් කූල්! :D
Deleteඅවුලකට තියෙන්නෙ බ්‍රේක් අහ්න් නෑ. !!මොකෝ ගියර් එකට ගහල නවතන්න ගියර් තියනව කියලෑ..
Deleteනැත්තං සචිත්‍රයට ඔය කල යන් නෑ …… චැහ්
දොර පහ, ඇලෝවීල්... ඩුවල් ඒ සී... ඇන්ඩ් පස්සට රිවස් එක
Deleteෆස්ට් ඕනර් !!!!!
Delete(ඕපන් පේපර් තියං දුවලා) :D
කට් ග්ලාස්, බ්ලැක් බොඩි ඇන්ඩ් ඔර්ජිනල් (ගියර්) බොක්ස්!!!!
Deleteෆිනෑන්ස් වාරිකේ හරියට ගෙවල නෑ … දැං ඉතිං දුක්වෙලා පලක් නෑ. !!!! වැරැද්ද උගේ.
Deleteදෙයිහාමුදුරුවනේ මුං ටික ඉස්කූටරේ 20- ඩෙලිකා වෑන් එකක් කරලනේ.
Deleteඔය කොහොම හරි ඒක අජානේය එකක් බොලවු!!! ඒ කියන්නෙ හොඳ සවි බල!!!!
ඔච්චර විස්තර කියපු එකේ ගානත් කියපල්ලා.
Deleteසල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව රැ 200 ක් හරි දිලා ගනින්
Deleteගාන නෙවෙයි, සයිස් එකයි වැදගත් වෙන්නේ.
Deleteසැක්.. අනේ මන්ද මටත් කියවෙන ඒවා.
දහ දාහයි, ගාස්තුව කලින් ගෙවන්න ඕන
Deleteඋඹ දන්නවනෙ එහෙනම් මට වඩා. හෙක් හෙක්!!
Deleteඅජානේය කියන්නේ හොඳ සවි බල කියන තේරුමද?
Deleteඔව් අරූ අයියේ, බලසම්පන්න කියන තේරුම වගේ එකක්. නිකං අශ්ව බල වගේ.
Deleteමගදි බැහැලා යන්න ඕට්ටුනෑ
Deleteඑහෙම ගියොත් ඉතින් සචින්තයාට වෙච්ච දේ තමා වෙන්නෙ.
Deleteමචන් ෆිනෑන්ස් එක දාලා හරි මාත් ගන්නවා එකක්! :D
Deleteඋඹ අජානේයද? ෂුවර්නේ? නැත්නම් ඉතින් අනිවාරෙන් වාහනේ උස්සනව ටික කාලෙකින් ෆිනෑන්ස් එකෙන්.
Deleteරත්න ශ්‍රී ට අනුව ඔය ගීතයට පාදක වෙච්ච සැබෑ කතාවත් මේ කතාවේ දෙවන අතුරු කතාවට සමීපයි. එදා කුරුණෑගල නගරසභා ශාලාවේදී රත්නශ්‍රී ගේ මුවින් මුල් වතාවට මේ කතාව ඇහෙනකොට දැනුනු හැගීම මට අදත් දැනුනා
ReplyDeleteරත්න ශ්‍රී එහෙම කිව්වේ එදා උඹේ එනවුන්ස්මන්ට් එක අහලා ඇතිවෙච්ව කලකිරීමට කියලා නලියා පත්‍තරේ දාල තිබුණා !!!! ඕ යේස් ..
Deleteඉවාන් අයියේ, වරක් රත්න්ශ්‍රී මේ ගීයට වස්තු විශය කරගත් කතාවනම් කිව්වා. මේක ලියවිලා තියෙන්නෙ බෞද්ධ සාහිත්‍යයේ එන සිරි කාලකණ්නි වස්තුව කියන කතාව අනුසාරෙන්. ඒකෙ ඉන්න පිංගුත්තරයා දිසාපාමොක් ඇඳුරුතුමාගෙ දියණිය අට්ටික්ක ගහ උඩ නංගල වටේට කටු ගහල පැනල යනවලුනේ. ඊට පස්සෙ බඹදත් රජු මේ කුමාරිව ගහෙන් බිමට අරන් විවාහ කරගන්නවා. ඊළඟට අස්සයා පිටේ යනකොට දකිනවා පිංගුත්තර පාරක් උදුලු ගානවා. ඔන්න ඕකලු කතාවට නිමිත්ත උනේ. ඒත් ඒ අතීත සිද්ධිය ටිකක් වෙන්ස කරල මෙතනදි පෙම්වතාව අහිංසක කරලයි ලියල තියෙන්නෙ.
Delete@ පත්තරයෝ,
Deleteඒක නෙවෙය් බං දැන් අර කුරාන කේස් එකට මොකද වෙන්නෙ?
මෙ සිදුවෙ අරුත මෙ කතාවට වඩා වෙනස් නේද?
ReplyDeleteමං හිතන්නෙ දමිත් කියනවා ඇත්තෙ උදුම්බරා කුමාරිගේ කතාව වෙන්න ඕනි. ඒ බෞද්ධ සාහිත්‍යයෙන් අවස්ථා අරන් වර්ථමාන කතාවක් අලුතින් ගීයට නන්නගපු බව්යි රචකයානම් කියන්නෙ.
Deleteෂාහ් ඇඟටම වැදුන කතාව.
ReplyDeleteමේ සින්දු අනෝ ලෙස ලියන මල්ලිගේ කවිත් සින්දුවක් කරලා කාටහරි ගායනා කරන්න දුන්නොත් හොඳයි නේද.
අගය කිරීමට ගොඩක්ම ස්තූතියි අජිත්. ඒ වගේම ඉතාම සාදරයෙන් පිළිගන්නවා මේ ඉසව්වට.
Deleteඅපේ සින්දු ඇනෝ ඔය දාන්නෙ දැනට ගීත විඩියට අපි අතර තියෙන ඒත් අපිට අමතක වෙලා ගියපු ගීතම තමයි.
අපේ සිංදු ඇනෝ ඇවිල්ලා අපේ පිනට පහල වෙච්ව සිංදු දෙයියා !!!!!!!
Delete-ස්තුතියි -
Deleteබ්‍රෑන්ඩ් එක ගල් (කලවම් නොකළ )
මගෙන් රා බෝතලයක්.
Deleteබයිට් එකට කඩල ගමු!
Deleteඊයෙ පෝය නෙහෙ!!
කිතුල් රා නේද මචෝ ....එහෙනම් අමුමිරිස් කරලයි ,ලුනු කැටයයි බයිට් එකට .විජිත බිඩියකුත් තිබුනොත් අවුලක් නැ...
Deleteපස්සේ බැරිය ගල් ගහන්න .මොකැ පරණ උනාම තවත් හොදයිනේ ..නැද්ද මන් අහන්නේ ...
මුරැක්කු පැකට් එකක් අරන් එන්නද
Delete@ප්‍රියා,
Deleteඊයෙනෙ බං පෝය, වල් බැරිනම් ගං ඌරු කෑල්ලක් හරි ගමු මචං.
@සිංදු
Deleteමචං මවුලා හරි නයිල් හරි හරියන්නැත්ද? විජිත පපඩම් ටිකක් බැදගමු කරපිංචා කොල එක්ක.
මචං, මෙන්ඩි,
Deleteරාත් එක්ක යන්නෙ මයියොක්කා බං. කූරු ගාලා ගේන්නම්. තොපි බොන්නැතිව කන්නෙ. ඕ යෙස්..!
මනෝෂ්....................
ReplyDeleteහරි ලස්සනට අත්දැකීමක් එක්ක ගීතයක් අකුරු කරලා.... හරි ලස්සන ගැලපුමක්... ඒ වගේ ම දුක හිතෙන සිදුවීමක්. සිදුවීමක් නෙමෙයි සිදුවීම් මාලාවක්... මොනවා වුණත් ජීවිතය නැතවත් පටන් ගැනීම තමයි වැදගත් වෙන්නේ... ජීවිතය කියන්නේ ගමනක්.. එක එක පාරවල් හමුවන . සමහර පාරවල් වල ටික දුරක් ගියාම තේරෙනවා වැරදි පාරක් කියලා. එතකොට හැරිලා එන එක හැර එතැන බලාහිටියාට වෙන සෙතක් නැහැ. සමහර පාරවල් හරි පාර වුණාට අපිට මගහැරෙනවා. සමහර විට වෙන පාරකින් ගිහින් වුණත් ආයෙමත් හරි පාරට යන්න පුළුවන් වෙනවා. ඒත් ගොඩක් විට දුර වැඩි වෙයි. නමුත් වැරදි පාරක යනවාට වඩා එක සාර්ථකයි....
මනෝෂ්........... මේ ජීවන ගමන සාර්ථක ව ගෙනියන්න පාසල් යාලුවාට සහය වෙන්න.. අපිත් ඔහුව මතක් කරා කියන්න......
පහුගිය ටිකේ දී සියල්ල ම වෙනස් වුණා. ගොඩක් කාර්යබහුල වුණා.. තව ටික දිනකින් හමුවෙන්න උත්සහ කරමු... අපි විස්තර පසුව කතා කර ගනිමු...
යාළුවේ සිතින් හඬන්නෙපා
Deleteමාළුවෝ තවත් හිඳී ජලේ
ප්‍රේමයේ රඟේ
තාරුකා වගේ
රෑ දිලී උදේ නිවී නිවේ
යාළුවේ සිතින් හඬන්නෙපා
සෑම ප්‍රේමවන්තයෝ
රෑ දිවා හැඬූ නෙතේ
බිංදු බිංදු ඈත පායලා
සාගරේ තරංග සේ
හෝ හඬින් විලාප දේ
ඒ උදාර ආදරේ අමා
යාළුවේ සිතින් හඬන්නෙපා
මාළුවෝ තවත් හිඳී ජලේ
ලෝ උපන් දිනේ පටන්
ප්‍රේම වේදනා සුසුම්
මේ කුණාටු සීත මාරුතේ
දේශ දේශයේ පවා
ලෝ නිරන්තරේ දවා
යෞවනේ නිසාලු යාළුවේ
යාළුවේ සිතින් හඬන්නෙපා
මාළුවෝ තවත් හිඳී ජලේ
ප්‍රේමයේ රඟේ
තාරුකා වගේ
රෑ දිලී උදේ නිවී නොයේ
යාළුවේ සිතින් හඬන්නෙපා
යාළුවේ සිතින් හඬන්නෙපා //
ගායනය - නීලා වික්‍රමසිංහ
ගී පද - අජන්තා රණසිංහ
ගී පවුරේ...
Deleteහැමදාමත් වගේ අගනාම කමෙන්ට්ටුවක්. හිත හදාගන්න කල් ගෙවෙන කාලෙ තමයි දුෂ්කරම කාලේ. ඒ කාලය ඉවසීමෙන්, කාලයටම ඉඩ දී බලන් හිටියනම් ඊට පස්සෙ අනිවාරෙන්ම රන් අස්වනු නෙලා ගන්න පුලුවන්.
ඇත්තෙන්ම, අපි හැමෝම පුලු පුලුවන් විදියට ඔහුත් එක්ක ඉන්නවා. අපි හැමෝගේම ආශිර්වාදෙන් ඔහුට යහපතක්ම වෙයි.
ඒකනෙවෙයි, අන්තිමට කියල තිබුන දේ හැටියටනම් මේ අපේ ගී පවුරේ තුෂාර වෙන්න ඕනි.
සිංදු ඇනෝ... නිතරම කියනව වගේ ඔබ නම් අපිට ආබරණයක්මයි. ඔබ නිසා අපිට වැටෙන කමෙන්ට්ස් පවා බබලනවා.
Deleteසින්දු සාගරයක් වුනානේ මේ බ්ලොගය. අමතක වෙච්චි ඒවා , අමතක කරපු ඒවා , ඔක්කොම ඇදල ගන්නවා. අදනම් වොඩ්ක පාරක් දා ගන්නේ නැතුව බැහැ. අපිට අරක්කු තියෙන එකක්යැ . නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕව හොඳ පාඩම් .
ReplyDeleteබ්ලොග් පෝස්ට් එකකින් කරන දෙයක් ඇත්තටම :)
ඒකනේ කියන්නෙ. කලින් එන්නැපැයි. එහෙම උනානම් හිතෙයි සාගරයත් කොච්චර පුංචිද කියලා.
Deleteතත්ව පාලන අංශයේ එවුන්ට කැලි සෙට් වෙනවා වැඩි.
ReplyDeleteමචං...ඔය කසාදේ වැඩිකල් දුවන්නේ නෑ..මම උඔයි සින්දුවයි පත්තරේයි එක්ක සෙට් වෙලා බෝතලයක් ගහන වේලාවක මම කියන්නම් කෙල්ලටයි කොල්ලටයි වුන දේ.
හෙහ් හෙහ් හේ.... අපේ නම් මචං, කොලිටි එකේ ඉන්නෙත් ඒ වගේම කෑලි තමයි.
Delete(මේ පෝස්ට් එක ෆැක්ට්‍රියේ එකෙක්ට අහු වුනොත් බැරිවෙලාවත්, දෙයියනේ මගේ අවසානය!!)
එතකොට මං නැද්ද බොලව්... ගර්්්්්්්්්්්්්්්්්්්්්්
Deleteමං කිව්වෙ, බොට අද හොඳටම බඩු. මේ කමෙන්ට් එක මෙතන නෙවෙයි නේද දාන්න ගියේ?
Deleteඒ ප්‍රියා, වරෙන්කො බං. විදානයාට බඩු හොඳටම. මේ හැම තැනම වමනේ.
මං කිව්වේ මෙතැන්ට තමයි... අර මෙන්ඩියාගේ බෝතලේට මාව සෙට් කරන් නෑ බොල ඈෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑ
Deleteයකෝ, උඹ ඔය අඬනවද? කවුද දැන් කිව්වෙ උඹව සෙට් කරගන්නෙ නෑ කියලා. මෙන්ඩියා එහෙම එකක් කිව්වෙ නෑ බන්. හා, හා, වරෙන් වරෙන් කෝ කට ඇරහං, මං උඹට පොවන්නම්.
Deleteපිස්සුද මචං විදානේ උඔ දාලා යනවද..පත්තරේටයි මටයි වැඩිවුනාහම දෙහිගෙඩියක් හරි ගාන්න ඉන්න එකා.
Deleteඅනේ පලයන්, ඕකගේ දෙහි ගාන වෙන්නෙත් මටයි ප්‍රියාටයි.
Deleteඅනිවා. උඹ කතා කරපන් මචෝ! :)
Deleteදෙහි ඇඹුලින් කහඹිලිය අඹරල ගාමුද බං?
Deleteමගෙ දුප්පත් ඇස් දෙක ලස්සන නෑ
ReplyDeleteඅද ලස්සන නෑ ඔබට
එක රෝස මලක් වෙනුවෙන්
මගෙ හදවත දුක් විදිනා තරම
අපෙ සුන්දර ලෝකය කදුළු බිදක් අද
කදුළු බිදක් හඩන
මගෙ ආදරී
මගෙ ආදරියේ ඇයි තහනම් කළෙ සුවද
සද රහසක් කීවා අහගෙන ඉන්නට බෑ
ඔබෙ දෑසින් මිදිලා වෙන් වෙන්නට මට බෑ
මට අහිමිව ගිය ඔබ ආයෙත් ඕනෑමයි
පෙති ගිලිහුනු මල වගෙ මගෙ හදවත වැලපෙයි
මගෙ ආදරී
ඔබ වෙනුවෙන් තාමත්
මතු හැමදාමත් මගෙ හදවත වැලපෙයි
එක සිහිනෙක දුටුවා ලස්සන සුර අගනක්
තව දවසක දුටුවා වෛරයෙ ගිණි පුපුරක්
සිත් අහසේ ඉගිලෙන ලස්සන කිරිල්ලියේ
ඔබෙ වෙනසක් දැක්කම මට හැඩෙනව රහසේ
මගෙ ආදරී
දිවි ඇති තෙක් සුවදයි
මල් වගෙ සුවදයි ඔබ තාමත් මගෙමයි
සිංදුවකින්ම අපිත් එක්ක එකතු උනාට ඔබට බෙහෙවින්ම ස්තූතියි මාධව. සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට.
Deleteහොඳ ගීතයක් සහ හොඳ ලියවිල්ලක්!!
ReplyDeleteයමක් ඇත්නම් එය උරුමවිය යුත්තේ මොකාටද කියන කතාව තමයි බං හිතන්න තියෙන්නේ. මගේ ෆස්ට් ලව් එකත් ටිකක් ඔය වගේ කතාවක්. හැබැයි එයා ශිරන්තට හොරෙන් සචින්තව ගෙදරට ගෙන්න ගත්තා. මේ සචින්ත උඹේ සචින්ත වගේ අහිංසක, නිර්මල සචින්තයෙක් නෙමෙයි නිසා ඒවා ප්‍රයෝජනයට ගත්තා. කරන්න දෙයක් නැහැ. දැනටත් මේ විශාල රටේ එක පැත්තක ඉන්නවා. ඒ ශිරන්ත එක්ක නෙමේ. මයිකල් ජොන්සන් කෙනෙක් එක්ක. සචින්තට එන්න කියනවා. මේ සචින්ත බැන්දට පස්සේ, දාම් අදින්න කැමති නැහැ.
මෙතනත් අරූ අයියා කියනවා වගේ දෙයක් වෙන්න හොඳටෝම ඉඩ තියෙනවා. හැබැයි මං හිතන්නෙ නෑ සචින්තයා යයි කියලා. හැබැයි පෑල දොරින් ඕනි තරම් දස්කොන්ලානම් රිංගයි.
Deleteබලන් යද්දි අරූ අයියත් මරු කුකුලා නේද. හෙක්! හෙක්!!
අඩෝ......නෙරංජ .....බොරු කියන්න එපා බං .....දාම් නොඇද්දට .....කොටු.......?????
Deleteකවුදෝ බළලුන් මල්ලෙන් එළියට දැම්මේ..
Deleteඅරූ අයියා, පරණ මතකයන් අලුත් වෙන පෝස්ටුවක් නෙහෙ! :D
Deleteපරණමත් නැතිලු බං.
Deleteකෙන්ජි.......බ්ලාස් නොවී දාම් යන එකත් පොඩි ආට් එකක්නේ බං :D
Deleteඔය කිව්වෙ!!
Deleteහැමදාමත් වගේ හිතට දැනුනු කතාවක්.. ඔච්චර දෙයක් වෙලා කොහොමහරි අන්තිමට හිත හදා ගත්ත එක ලොකු දෙයක්..
ReplyDeleteඒක ඇත්ත තුශානි. ඒක තමයි වටිනාකම. ස්තූතියි අදහසක් එකතු කලාට ඔබටත්.
Deleteම්ම්ම්.....උඹ කවදත් ලියන ලෙසටම කදිම උපහැරණ දමමින් ලියවිල්ල පස්ටය .........
ReplyDeleteඅර ශිරන්තය උඹේ මේලට ෆොටෝ එවන තැන නම් මට නොගැලපීමක් වගෙ වැටහුනා........
ශිරන්තයට මේලක් නැති එක ගැන......
ස්තූතියි කෙන්ජි අයියේ අගය කිරීමට.
Deleteඌට personal gmail එකක්වත් official mail address එකක්වත් තිබුනෙ නෑ කෙන්ජි අයියා. පොර වැඩකලේ quality section එකේ. computer use කරන්නෙ නෑ. ඒකයි.
@කෙන්ඡි අයියන්ඩි
Deleteසදරෑව හරි තත්වපාලන අංශයේ Executive/ Manager කෙනෙකුට හැර පරිඝනකයක් පාවිච්චි කරන්න අනිත් අයට ඉඩ නෑ.
උන් ලයින්වල බැහැගෙන ඉන්න නිසානේ උන්ට කෑලි සෙට් වෙන්නේ.
කෙල්ලෙක් ලගට ගිහින්
ඉරිදට මොකද කරන්නේ?
මුකුත් නෑ සර්...බෝඩිමට වෙලා ඉන්නවා..
එහනම් එනවා උදේට හංදියට
ඇයි සර්?
එනවකෝ..පන්ඩිතයා නොවි..
අනේ බෑ සර්..කවුරැහරි දැක්කොත්
තමුසේ මහන එවාත් අන්තිමයි..බලමුකෝ සදුදා ඉදලා එක වැරැද්දක් හරි තිබුනෙත් ගෙදර යන්න බලාගෙන ඉන්නවා.
අනේ සර්..හංදියේ අදුරන අය ඉන්නවානේ.
එහනම් පංසල ලගට එනවා...
කෙහෙද යන්නේ සර්..මුකුත් ප්‍රශ්නයක් නෑ නේද?
නෑ නෑ අවුලක් නෑ ඉක්මනට එනවා...ඇදුමක් ගන්න 500කුත් දෙන්නම්
9ට එන්නද?
හරි එහනම් මතක්කරලා අයිඩින්ටිය අරගෙන එනවා.
අම්මට සිරි! ඔය දාල තියෙන්නෙ දෙබස. ඕනිනම් තව වචනයක් දෙකක් එහෙ මෙහෙ වෙයි. ඕ තමයි කොතනත් පොදු. ගාමන්ට් වල විතරක් නෙවෙයි. එක පැත්තකින් ශ්‍රම සූරා කෑම, අනිත් පැත්තෙන් ලිංගික සූරා කෑම. කෙල්ලො අසරණයි. කලින් පෝස් ට්කේ පියවතීට උනා වගේ තමයි.
Deleteම්ම්.....පැහැදිලි කොලාට තොපි දෙන්නටම තුති......
Deleteමම දැනගෙන සිටියෙ නැහැ.....
පරක්කු වුනත් උඹල පිටු පස ඉන්නවා....
ඔබටත් බෙහෙවිනම ස්තූතියි කෙන්ජි අයියේ. ඔබ අපිත් එක්ක නිතර රැඳී සිටීම ඇත්තෙන්ම ශක්තියක් මට.
Deleteඋඹගේ ලිවිල්ල දැක්කම මතක්වෙන්නෙම සඳරුවාගෙ හිස් අහස. ඌ වගේම බොක්කෙං ලියන එකෙක් උඹ. වෙනසකට තියෙන්නේ උඹ හැමවිටම සිංදුවක් පාදක කරගැනීම. සඳරුවාගේ තව තියෙනවා නිරහංකාර ගැමි කොල්ලෙක්ගෙ හැඟීම් ඒ විදිහටම ඇදල අරින එක. උඹත් ඒ පාරෙම යන බව පේනවා. හැබැයි ඌ වගේ අතහරින්නනං එපා පුතෝ. දිගටම ලිහාපං. මිනිස්සුං හිනැස්සීම වගේම උන්ගෙ දෑස් තෙමන එක, මේ මානව වරිගයාටම කරන ලොකු සෙතක්. මොකද නැත්තං සල්ලි පස්සෙම දුවන හැඟීම් නැති යන්ත්‍ර ටිකක් ඉතුරුවෙයි අන්තිමේ.
ReplyDeleteමේ පේජ් එක ෆෝන එකෙන් බලන කොට පොඩ්ඩක් අවුල්. බැක්ග්‍රවුන්ඩ් ඉමේජ් එකයි, ටෙක්ස්ට් කලර් එකයි පොඩි බ්ලොට් ගතියක් තියේ. ඒ ගැන සලකා බලාපං උඹ කැමතිනං විතරක් ඇ...
ඔය ගැන ඔය විදියටම කාලෙකට කලින් අපේ මාතලන් අයියණ්ඩිත් මෙන්න මෙහෙම කිව්ව විසිටරයෝ.
Deleteඇත්තටම ඒක අමිල වටිනාකමක්. මොකද සඳරු කියන්නෙ මට හීනයක් වගේ. ඒ ආසන්නයට හරි යන්න පුලුවන් නම් ඒක මහමෙරක්. මට ගොඩක්ම දුක, සඳරු දැන් ලියන එක නතර කරල තියෙන එකයි. ඌට කෝල් එකක් දෙන්න ඕනි ආයෙමත්.
ඔබට බෙහෙවින්ම ස්තූතියි විසිටර්. ඔබ දුන්නෙ ලොකු වටිනාකමක් මේ ලිපියට.
හැමදාම මම එන්නේ පරක්කු වෙලා .. හෙහ් හෙහ්
ReplyDeleteසංවේදී කතාවක්. ඔය වගේ දේවල් තරුණ වයසේදීම වෙලා විසඳිලා යන එක හොඳයි .. ඊට පස්සේ ඉදිරි ජිවිත කාලෙම සතුටින් ඉන්න පුළුවන් ...
උඹේ ලිවිල්ල නම් සිරාවටම මරු .
පරක්කු වෙලා හරි ආවානේ. ඒක මට බොහොම වැදගත් පැතුම් අයියා.
Deleteඇත්තටම කලින්ම මෙහෙම වෙච්ච එක හොඳයි.
ස්තූතියි ඔබට.
සිටිනා ඉසව්වක නුබ සැප විදී නම්
ReplyDeleteමවෙතින් ලැබුනු ආදරයත් ලැබේ නම්
මතකය නුබට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්..
විරහ වේදනාව උපේක්ෂාවෙන් විද දරා ගන්න හැටි උගන්වන බොහෝ සිංදු මේ කමෙන්ට් තීරුව පුරාම තියෙනවා. මං හිතන්නෙ ඒ තරුනයා ඒ වගේ සිංදු, සාහිත්‍ය නිර්මාණ හිතට ලං කරන් හිටිය නම් ඔය තරම් හානියක් තමාට කර ගන්න නැතුව ඉදීවී කියලයි.
වීරේ නැවතත් අපත් එක්ක එකතු උනාට බොහෝම සතුටුයි. ඔබේ කමෙන්ට්ස් අපිව වඩාත් සංවේදී කරනවා. විරහ වේදනාවන් මෙලෙස මුතු ඇට බවට පත් කිරීම තමයි අප කල යුත්තේ.
Delete