Pages

Sandumal

Sandumal

Wednesday, October 22, 2014

•ඈ මගේ නෙළුම් මල


"හඬින් පණ ලැබූ මගේ නෙළුම් මල..."








"පුතේ.. උදේ උඹට ලියුමක් ආවා. ඕං මං මේසෙ උඩ තියල ඇති."

මා නිවසට ගොඩ වන හඬ ඇසී අම්මා කුස්සියේ සිට කීවාය. එකත් එකටම මේ මං මඟ බලාගෙන උන්නු ලියමන වෙන්නෝනි.

"දිලීගෙන්ද අම්මේ?"

"ඒ දරුව තමයි මයෙ හිතේ. උඹේ නමට තිබුන නිසා මං කඩන්න ගියේ නෑ."

සිතූ පරිදිම ලියමන ඇගෙනි. ඔළිඳ ගෙඩි වැනි ඇගේ වටකුරු අත් අකුරින් ලියූ මගේ නම සහ ලිපිනයෙන්ම මම එය හඳුනාගතිමි.

***********************************************

                                                                      චමරියේ සිට ලියමි..
                                                           1997.08.13,


දයාබර ජයේ,

ඉතිං ඔයාගෙ සැපදුක් කොහොමද? මම කරදරයක් නැතිව ඉන්නවා. මේ පුංචි ඉස්කෝලෙ ඇත්තටම හොඳයි. මේ පැත්තෙ හරිම අව්‍යාජ මිනිස්සු ඉන්නෙ.චමරියේ ඉන්නෙ මමයි, මං වගේම මෙහෙට ආව තව ටීචර්ලා හතරදෙනෙකුයි. දෙන්නෙක් නම් එයාලගේ දුෂ්කර අවුරුදු පහේ අන්තිම අවුරුද්ද ඉන්නෙ. එයාල ඊළඟ අවුරුද්දෙ එයාලගේ ගම් පළාතට ට්‍රාන්සර් හදාගනී. අනිත් දෙන්නනම් මාත් එක්කම වගේ මෙහෙට අලුතින් ආපු අය. හැමෝම හරිම හොඳයි. ඔයා එදා මෙහෙ ආව වෙලේ බය වෙච්ච ලොකුම දේ මගේ ආරක්ෂාවනේ. ඇත්තටම මාත් මුලින් බයේ හිටියෙ. නොදන්න පළාත්නෙ........




===============================================================

අතීතයේ දවසක මා ලියූ මෙම සටහන ඔබට මතකද? මතක අයටනම් හිතෙන්නත් ඇති මේ මොකද ආයෙත් මේ පරණ එකක් මෙතනට ගෙනාවෙ කියලා. ඉතින්, ඇත්තටම මේ කියන්න හදන්නෙත්, ඒ සටහන ආයෙ මෙහෙම මතක් කරපු හේතුව තමයි.

මගේ දයාබර ඔබ බොහෝ දෙනෙක් දැනටමත් දන්නවා, මං දැනට සේවය කරන්නෙ ඇඟලුම් කර්මාන්තශාලාවක කියලා. ඉතින් අපේ කර්මාන්තශාලාවෙත් ඉන්නවා සාහිත්‍යට, නිර්මාණකරනයට, ගීතයට බෙහෙවින්ම ලැදි සහෝදර සහෝදරියන්.

ඉතින් මාධ්‍ය ක්ෂේත්‍රයට බෙහෙවින්ම ලැදි, අප ආයතනයේ සේවය කරන නුවන් අමරසිංහ සොහොයුරාට මගේ බ්ලොග් අඩවියේ වූ මෙම ලිපිය ඇස ගැටී තිබුනා. 

ඉතින් ඔහුට තවත් නිර්මාණශීලී සිතුවිල්ලක් පහල උනා. ඒ තමයි, අපේ ආයතනයේ අභ්‍යන්තර ගුවන් විදුලි නාලිකාව වෙච්ච "රේඩියෝ ශේඩ්" නාලිකාවේ මෙම නිර්මාණය විකාශය කරන්න. 

ඉතින්, රේඩියෝ ශේඩ් හි, වැඩසටහන් නිශ්පාදකවරයෙකු විදියටත් කටයුතු කල නුවන්, අපේ තවත් සහෝදරියක් සමඟ එක්ව මෙම ලිපිය පටිගතකරනු ලැබුවා. එසේ පටිගත කොට ඊට පසුබිම් සංගීතයක් යොදා, අවසානයේ ගීතයද එකතුකොට, ඉතාම අලංකාර වැඩසටහනක් සකස් කලා.

ඉතින් මට හිතුනා, මගේ මේ නිර්මාණය මුලින්ම රසවිඳි, මගේ දයාබර මිතුරු මිතුරියන් වන ඔබ සැමටත් මෙම දෙවන නිර්මාණය රසවිඳීමට සලස්වන්න.

ගොඩාක් අඩුපාඩු ඇති, වෘත්තීය මට්ටමින් නැතුව ඇති, මොකද, ජනමාධ්‍ය පිළිබඳව කිසිදු පාඨමාලාවක්, පුහුණුවක් නොමැතිව, තමන් අසන, දකින දේවල් ගුරු කොට ගනිමිනුයි අපේ දයාබර සහෘදයන් මේ දේවල් සිදුකරන්නෙ.

ඇඟලුම් කර්මාන්තශාලාවක් තුල දහසකුත් එකක් වැඩ රාජකාරී මධ්‍යයේ, ඉසිඹුවක් ලද මොහොතක ඔවුන් කල මෙම නිර්මාණය රසවිඳීමට එසේනම් මම ඔබට දැන් පිළිගන්වමි, නුවන් අමරසිංහ සොයුරාගේ නිපැයුමෙන් හා අදියුරුවමින්, පවිත්‍රා තලකුඹුර සොයුරියගේ හඬින්..







ඈ මගේ නෙළුම් මල
රොන් සුවඳ බෙදා දෙන
වන්නි ගම් දොරක පීදෙන
පුංචි පැටව්නට

හේනට එන ගිරවුන්ගෙන්
අකුරු ඉගෙන ගෙන
අහසේ තරු ගණන් කරන
ගල්කැට ඇහිඳින
පුංචි පුතුනි බලාගන්න මගේ නෙළුම් මල

ඉල්මාසේ වැහි එනතුරු
නියගෙට වේලෙන
නෙළුම්මලට මල්යායට සීතල අරගෙන
වැවක් වෙන්න ඉඩ දෙනවද හීනෙන්වත් මට

ගී පද – රත්න ශ්‍රී විජේසිංහ
තනුව - එච්. එම්. ජයවර්ධන
ගායනය – ගුණදාස කපුගේ




(Ae Mage Nelum Mala - Gunadasa Kapuge)


මේ ඕඩියෝ ක්ලිප් එක බ්ලොගර් වල ඕඩියෝ ක්ලිප් එකක් විදියට ඇඩ් කරන්න බැරි නිසා මට මේ ඕඩියෝ එක වීඩියෝ එකකට කන්වර්ට් කරගන්න උනා. ඒකට මට උදව් කලේ මෙන්න මේ සයිට් එක. ඔයාලත් ගිහින් බලන්න. කරදරයක් නැතිව වැඩක් කරගන්න පුලුවන් හොඳ තැනක්. ඒ වගේම කලින් ලිපියෙ වගේම මේ ලිපියටත් ඡායාරූපය හොයාගත්තෙ අන්තර්ජාලයෙන්, ඔයාලට මතකත් ඇති, මේ ගාමණී චිත්‍ර පටයේ රූපරාමුවක්.


119 comments:

  1. අලුත් කාර්‍යට සුබ පැතුම් මචෝ.! මේක ජාතික තලයේ ගුවන් විදුලියක ප්‍රචාරය කරන්න උනත් බැරි කමක් නෑ බං. ඒ තරම් උඹ ඒක නියමෙට ලියලා තිබුනනෙ.

    ඒ වගේම නුවන්, පවිත්‍රා සොයුර සොයුරියන් දෙදෙනාටත් සුබ පැතුම්. ඔහුන් දෙදෙනාගෙ කාර්‍යත් සාර්ථකයි.!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ සුබ පැතුම ඔවුන් දෙදෙනාටත් මහත් ශක්තියක් වෙයි මචං. උඹ මාත් එක්ක මුල ඉඳලම හැම තැනදිම ඉඳපු එකා. උඹටත් ස්තූතියි..

      Delete
  2. මුල් ටික කියවත්දි මම හිතුවා උඹට පිස්සු හැදිලද කියලා. අල්ලන් අංගොඩ ගෙනියන්න ආවෙ! :D

    ReplyDelete
    Replies
    1. ඕකව අංගොඩ ගෙනියන්න උදවුවක් හෙම ඕනේ නං කියහන්, මං රෙඩි....!!

      Delete
    2. ඒ ගමන්ම නිමොවත් දාලා අවහැකි ,මටත් කියපං ප්‍රියා යන වෙලාවක

      Delete
    3. ඔව්, ඉවාන්වයි ප්‍රියාවයි අංගොඩ දාල නිමෝ ගෙදර ඒවි.

      Delete
    4. @ප්‍රියා,

      උඹලට ඔහොම හිතෙයි කියල මටත් ලියනකොටම මතක් උනා බං.

      Delete
    5. @නිමෝ,

      එකෙන්ම මචෝ, පාළුවටත් එක්ක උඹ ඉන්නෙක ලොකු දෙයක්!!

      Delete
    6. @ඉවාන්,

      ආ ඉවාන් අයියත් එන එක හොඳයි. එහෙ උන්ටත් කෙටි කතා ලියන්න උගන්නන්න පුළුවන්!

      Delete
    7. @හැලප අයියා,
      අපිව එක්කගෙනහරි ගියොත්, ඌටත් ආයෙ එන්න දෙන්නෙ නෑ එහෙන්. ඒක බුදු ෂුවර්.

      Delete
    8. @හැලප අයියා,
      අන්න හරි හැලප අයියා....!! ජය වේවා...!!!

      Delete
    9. නිමෝ, ඉවාන් ~ අනිවා බොලා දෙන්නටම කියනවා එදාට. පත්තරේවයි, විදානේවත් දාලා එමු බන්. :D

      හැලප අයි‍යා ~ ලේසිම දේ එක්කො අපි ඔක්කොම ගිහින් නවතිනවා. ඔව්! :D

      Delete
    10. @ප්‍රියා
      අනේ අම්මෝ........
      අපි සෙට් එකත් එක්ක පත්තරයවයි, විදානේවයි අරං ගියොත් පිස්සන්කොටුව පාලනය කරගන්න බැරිය කියලා උන් අපි ඔක්කොටම ගහලා පන්නනවා සුවර්....!!

      Delete
    11. //ඉවාන්වයි ප්‍රියාවයි අංගොඩ දාල නිමෝ ගෙදර ඒවි.//

      හැලප අයියා මේ වගේ සීන් එකක් ලිව්වා නේද?? දන්න පිංවතෙක් ලින්ක් එක දානවදා??

      Delete
    12. //පත්තරයවයි, විදානේවයි අරං ගියොත් පිස්සන්කොටුව පාලනය කරගන්න බැරිය කියලා උන් අපි ඔක්කොටම ගහලා පන්නනවා සුවර්....!!//

      උං අපිට පරිපාලනේ බාර දීලා කූඩුවක් ඇතුලට යනවා සුවර්

      Delete
    13. පිස්සො කළබල උනාට දොස්තරලා කළබල වෙන්නෑ පිංවතුනේ! (අංගොඩ හිටපු යාළුවෙක් මට ඕක කිවුවෙ. :D)

      Delete
    14. විදානෙ, හැලප අයියගෙ ඔය පෝස්ට් එක මටත් මතකයි බන්. දැන් හැලප කඩේම පෙරලගෙන හෙවුවා. හොයා ගන්න බෑ. කවුරු හරි පිංවතෙක් දැම්මොත් පිං සිද්ධ වෙයි!

      Delete
    15. අන්තිමට කොහොම හරි මගෙ බ්ලොග් එක පිස්සන් කොටුවක්ම උනා/ වෙලාවකට මේක බාර් එකක්. සමහර වෙලාවට පංසලක්. මං මේ විවිධත්වයට මනාපයි යකූ.... උඹල ඔක්කොම මට සහෝදරයෝ වගේ. සිරාවටම පට්ට සතුටුයි.

      ඒක නෙවෙයි මචංලා. මේ යන විදියට සෑහෙන ලෝඩ් එකක් පිස්සන් කොටුවට ගාල් වෙනවා, මං කියන්නද අපේ පිස්සු අපිට හොඳයි, ඒ නිසා අංගොඩ දැනට ඉන්න පිස්සන්ගෙ පිස්සු තව වැඩිකරන්නෙත් නැතිව, හොඳට ඉන්න දොස්තරලට පිස්සු වට්ටන්නෙත් නැතිව, අපි වෙනම පිස්සන් කොටුවක් හදාගෙන ඒකට ගාල් වෙමු බොලවු.

      ඕනිනම් නමකුත් දාමු "බ්ලොගර් පිස්සන් කොටුව" -බ්ලොග් වලින් පිස්සු වැටුණු අසරණයෝත් මනුෂ්‍යයෝය"

      Delete
    16. යකොව් තොපි ඔක්කෝටම එහෙනම් මාව අමතක උනා නේද ? ඇයි බොලව් මටත් පිස්සු කියලා අමතක උනාද ..
      නැත්නම් අනික් ඔක්කොම වැඩ අතරේ මෙහෙම බොලොග් කියවන්නේ ...දැන් ඉතින් යන තැනක මාවත් අරන් පලයව් .(අංගොඩ නම් බැ මචන්ලා .දැන් ඉන්නෙත් ඒ කිට්ටුව නේ )

      Delete
    17. පිස්සුද මචං.. උඹව එහෙමත් අමතකවෙනවද. උඹ නැතිව පිස්සු අපිට සිංදු කොහෙන්ද. "විමුක්ති ගී" වගේ අපි එහේ ගිහින් හදමු "පිස්සු ගී"..

      Delete
    18. ඇයි යකෝ යන තැනක මාවත් අරන් පල..පත්තරේත් එනවා..බ්‍රෑන්ඩ් එකත් අරන් යමු..

      Delete
    19. දැන් හරි.. තව ඉන්නවද.. පිස්සන් කොටුව පිස්සන් කොටුව... ගොඩවෙන්න ගොඩවෙන්න, දැන් යනවා.. තව ඉන්නවද...

      Delete
    20. යනවා නම් අනේ මං අරන්…
      පිස්සන් කොටු යන්න රත්තරං…

      අනිවා උඹලා දෙන්නව දාලා යනවද මචංලා. :D

      Delete
    21. හිඟා කකා කොලපතක් අරන්..
      පිස්සු ඩබල් නේද රත්තරන්...

      Delete
    22. මචංලා...අපේ පිස්සන් කොටු යන බස් එකට තව එකෙක් අඩුයි. ඌ එනකල් තව ටිකක් බලමු නේද? ඌ එයිද?

      Delete
  3. ඔබ ඉන්න සේවා ස්ථානය 'පතිරූප දේශයක්' බව මේ ලිපියෙන් තහවුරු වෙනවා.

    මගේ සුබපැතුම්!

    ReplyDelete
    Replies
    1. අනෙක් තැන් එක්ක සාපේක්ෂව ඇත්තෙන්ම කේතුමතී පුරයක් විචාරකතුමනි.

      ස්තූතියි ඔබටත්.

      Delete
    2. කව්ද යකෝ විචාරක සෑර් ගේ රෙදි ගැලෙව්වේ????

      Delete
    3. ඒ කිව්වෙ විදානයෝ??

      Delete
  4. අළුත් වැඩේට සුභපැතුම් මචෝ....

    මචෝ ඔය කට්ටියගේ නිර්මාණත් බ්ලොග් එකෙන් ඉදිරිපත් කරන්න පුළුවන් නේද??

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳ අදහසක් විදානේ, ඒත් නිර්මාණ කරන ගොඩක් දෙනෙක්ට බ්ලොග් වලට පිවිසීම අපහසුයි. ඒ නිසා එයාලට මේ අගය කිරීම් බලාගන්න අවස්ථාව අඩුයි.

      Delete
  5. බ්ලොගර් වලට audio add කරන්න පුළුවන් sound cloud වලින් ..

    ReplyDelete
    Replies
    1. මේ මේ උබට කලින් මන් කොමෙන්ට් එක දැම්මේ.

      Delete
    2. උසි, උසි, උසී......................

      Delete
    3. @ඉවාන් අයියා,

      මොකක් හරි තෙවනි පාර්ශවේකින් උදවු ගන්නම වෙනව නේද, කෙලින්ම වීඩියෝ අප්ලෝඩ් කරන විදියට කම්පියුටර් එකෙන් අප්ලෝඩ් කරන ක්‍රමයක් නැත්ද?

      Delete
    4. @නිමෝ,

      උඹල ඔක්කොම වැඩ්ඩො තමයි මචෝ... සේරම එකට එකතු උනාම බැරි මඟුලක් තියෙයිද.

      Delete
    5. @විදානේ,

      "ඇවිලෙන ගින්නක් දැක්කොත් දමන්නට එපාය පිදුරු!!" හැක්! හැක්!!

      Delete
    6. උඹලා දෙන්නම කියනවා කියලා දන්න නිසා තමා මම නොකියා හිටියෙ. නැතුව නොදන්න කමකට නෙමේ. :D

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. @ප්‍රියා
      ආ..... අපරාදේ අපි කිව්වේ....!!

      Delete
    9. ප්‍රියා, නිමෝ,

      මාත් මේ නොදන්න කමකට නෙවෙයි, අච්චර හරියක් කලේ. උඹල දන්නවද බලන්න. හැක්! හැක්!!

      Delete
    10. නිමෝ මෙන්න උඔගේ කමන්ටුව ආතර් මකලා..

      Delete
    11. නිමෝගෙ අනිත් නම ආතර් නොවැ!!

      Delete
  6. ඕඩියෝ ෆයිල් එක අප්ලෝඩ් කරන්න පුළුවන් විදියක් තියෙනවා... හිටු මන් බලලා කියන්න.

    ReplyDelete
    Replies
    1. ඔය සයිට් එකේ එකවුන්ට් එකක් හදලා ඕඩියෝ ෆයිල් අප්ලෝඩ් කරන්න පුළුවන්. ගෙබිලුෂා කියන්නෙත් මේක ගැන තමා.

      https://soundcloud.com

      Delete
    2. හූ අඩෝ මගෙන් කොපි කළා නේද ...බයිසිකල් සර්කස්

      Delete
    3. @නිමෝ & ඉවාන්,

      උඹල දෙන්නටම ස්තූත්යි මචෝ.. අපි අපේ දැනුම මෙහෙම බෙදාහදාගන්නෙකම කොච්චර වටිනවද. හැම දවසකම බ්ලොග් නිසා මං අලුතින් දෙයක් ඉගෙන ගන්නවා. ඉඳින් මේකෙන් ට්‍රයි කරල බලන්න.

      Delete
    4. @ ඉවාන්

      අනේ පල යන්න ගෙබිලුෂා, උබෙන් කොපි කරන්න වැඩෙමයි.........

      Delete
    5. ඇත්තටම ඇයි බං ඉවාන්ට "ගෙඹිලූෂා" කියන්නේ? ඕක බස්සිත් කියනවා දැකල තියෙනව මං.

      Delete
    6. බස්සිට පිස්සු, ඉවාන්ට මොන්ගල්

      Delete
    7. ඉතින් බං, එතකොට අපි අඥ්ඥකොරොස් වෙනවනේ..

      Delete
  7. පින්තුරය දැක්ක ගමන් මතක් උනේ ගාමිණී...... තමයි...... ඒත් ඒ දර්ශනයත් සින්දුවට ගැලපෙනවා. යුද්ධයට අමතරව සිදු උනෙත් ඒ දේමයි නේ....... ඔයාලගේ නව නිර්මාණයට සුඝ පැතුම්...... මනොෂ්.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිහිංසා, හිතට අමුතුම මිහිරක් එක්කරන පිංතූරයක් මේ. හරිම ආසයි මං මේකට.

      Delete
    2. "ගාමණී" නේද හරි එක

      Delete
    3. ගාමණී තමයි මචෝ හරිම නම.

      Delete
    4. අනිවාරෙන්ම මචෝ.. මං ඕක දෙතුන් වතාවක් කියවල තියෙනවා. කරුමෙ කියන්නෙ මේක දැන් මොකුත්ම නොලියන එකනේ.

      Delete
    5. අපි " බොලොග් සත්‍යග්‍රහයක් " තියමු ."කරුම මුණු පොතෙන් නැවතත් බොලොග් වලට එන්න හිතක් පහළවේවා !!!! " කියලා .

      Delete
    6. සින්දු, මෙන්ඩො, දෙන්නත් එක්කම මාත් එකඟයි, මටත් ෆේස් බුක් අරහං.

      Delete
    7. අන්න තවත් නියම කොල්ලෙක්. එළ.

      Delete
  8. මං ඒත් හිතුවෙ බ්ලොග් රෝලෙ අවුලක්වත්දෝ කියල පරණ ඒව එන්නෙ.. :D

    නියමයි මනුවො වැඩේ.. නුවන් අමරසිංහටත් පවිත්‍රා තලකුඹුරටත් ස්තූතිවන්ත වෙන්න ඕනෙ උඹෙ මේ දක්ෂතාවය හඳුනගත්තට.
    ඔය පටන්ගැන්ම විතරයි.. කවදහරි උඹේ නිර්මාණයක් මුළු රටටම ඇහෙන්න සලස්වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා... :)

    ReplyDelete
    Replies
    1. කවදහරි උඹේ නිර්මාණයක් මුළු රටටම ඇහෙන්න සලස්වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. සංචාරකයෝ... ඒකනම් මහ විශාල ප්‍රාර්ථනයක්. ලෝබ නැතිව මේ කරන අගය කිරීම් වලට ස්තූතියි කියාගන්න හොඳම වචන හිතාගන්න බෑ මට.

      Delete
    3. සිංදු ඇනෝ,

      අයියෙ උඹත් මට මහමෙරක් වගේ.

      Delete
    4. අනිවා සංචාරකයගෙ ප්‍රාර්ථනාවට අපිත් එකතු වෙනවා. එකෙන්ම! ++++++++++++++++

      Delete
    5. ප්‍රියා, විදානේ,

      උඹල දෙන්නටම ස්තූතියි.. උඹල ඔක්කොමල තමයි මාව මෙච්චරදුර ගෙනාවේ.

      Delete
  9. ඇත්තෙන්ම සතුටුයි , නියම නිර්මාණශීලී කොල්ලෝ කෙල්ලෝ ටිකක් උඹට ලැබිලා ඉන්නේ , වැදගත් වෙන්නේ මේ උනන්දුව නොනැසී පවත්වා ගැනීම . ජය වේවා මලයා

    ReplyDelete
    Replies
    1. කරන්නම අමාරුමත් ඔය දේනේ ඉවාන් අයියේ. එක දිගට සතියක් මොනා හරි නොලිය හිටියොත් ආයෙ මාස ගානකට ගොඩ එනව බොරු.

      ඇත්තටම මේ ගංතුලා වල බොහොම දක්ෂ එවුන් ඉන්නවා, උන්ට උඩට එන්න හරිහමන් අත්වැලක් නෑ.

      Delete
    2. //එක දිගට සතියක් මොනා හරි නොලිය හිටියොත් ආයෙ මාස ගානකට ගොඩ එනව බොරු.//

      අන්න ඒක නිසා තමා අපිව ආදර්ශෙට අරන් දවස් තුන හතරකට සැරයක් වත් ලියපන් කියන්නෙ. මේ අපිව බලලා හැදියන්. හැක්.! :D

      Delete
    3. ///එක දිගට සතියක් මොනා හරි නොලිය හිටියොත් ආයෙ මාස ගානකට ගොඩ එනව බොරු.//

      මම නං පොස්ට් 20ක් විතර ලියලා තියෙන්නේ පබිලිස් කරන්න විදියක් නැතුව.. මේහේ සිග්නල් නෑනේ.. සැහ්

      Delete
    4. ප්‍රියා,

      උඹ හරියටම හරි මචං, මං උඹෙන් තමයි ඔය පාඩම ඉගෙන ගත්තෙ. මට හොඳට මතකයි නොවැ බොට වෙච්ච වැඩේ. හැක් හැක්!!

      Delete
    5. සුපිරිවිකී ටිකක් දාල ට්‍රයි කරහන් බං විදානයෝ. අනිව ගොඩ යනවා.

      Delete
  10. රෑ ඉරපාන මතක් උනා...

    ReplyDelete
    Replies
    1. මාතලන් අයියේ, මේකනම් අසම සම අගය කිරීමක්. මේක දැක්ක ගමන් අරුන් දෙන්නට පුදුම සතුටක් දැනෙයි. මේ දිරි ගැන්වීමට ස්තූතියි.

      Delete
  11. නියමයි මනෝ ...මාතලන් කියපු දේ සමග 100% එකඟයි ......
    නුවන්, පවිත්‍රා දෙන්නටත් සුභ පතනවා ..ජය වේවා .

    ගමන දුර නිසයි සිව්පද කියන්නේ
    වෙහෙස මඟ හැරෙයි ඇඟපත නිවන්නේ

    නොකියන් කවිය ඔය ගොරහැඞි හඞින්නේ
    මොකටද ගොනුන් කලබල කර හරින්නේ

    කෙල්ලනි නුඹලා දන්නෙ නටන්නයි මා දන්නේ කීමට පමණයි //
    කවදා මුත් මම ගායකයෙක් වී නුඹලා හැම පරදනවාමයි
    නුඹලා හැම පරදනවාමයි

    එහෙම වුණොත් නම් බොහොම අගෙයි මේ ගමන් වලට හරි ප්‍රයෝජනයි //
    ඔය කටහඞ ඇසුණොත් කොටි වලසුන් පවා දුවාත් නොහිතම සත්තයි
    පවා දුවාත් නොහිතම සත්තයි

    ඕ හරි ගායකයා
    කියපන් කියපන් උඹ හරි රුසියා
    ඔ රුසියා උඹ හරි රුසියා //

    ගේ දොර වතු පිටි අපටා නෑ කිසි ලෝකය අපගේ නිවසයි මේ
    අපගේ ආහර නැටුම් ගැයුම් වෙති ප්‍රීතිය දෙන්ටයි අපි ඉන්නේ
    හිතන්ට කිසිවක් අපටා නෑ ලොව නැතිකරගන්ටත් කිසිත් නැතී
    අපි දෙන ප්‍රීතිය දහස් ගණන් හට කිසිදා කිසිවිට නැති නොමවේ
    කිසිදා කිසිවිට නැති නොම වේ

    දුෂ්කර ලෝකේ කම්කරුවෝ අපි අප සතු වස්තුව සමගිය වේ //
    එය සොරකම් කර ගන්ට අපෙන් හෙම නොහැකිය කිසිවෙකුටත් මෙලොවේ
    නොහැකිය කිසිවෙකුටත් මෙලොවේ

    ඕ අපි ගායකයෝ
    කියමු කියමු අපි හැම රුසියෝ
    ඔ රුසියෝ අපි හැම රුසියෝ ........

    ගායනය - ආනන්ද සමරකෝන් ජමුනා රානි සහ පිරිස
    චිත්‍රපටිය - මාතලන්

    ReplyDelete
    Replies
    1. මං දන්නවා අපේ සිංදු හදවතින්ම සතුටු වෙන බව. මේ හැම වචනයක්ම උන් දෙන්නටත් පෙන්වන්න ඕනි.

      යකඩෝ, මේ සිංදුව අනන්තවත් අහල තිබුනට මේක චිත්‍රපට ගීයක් කියල දැනගත්තෙ අදනෙ. ඇරත් නම හරිම විශේෂයි. "මාතලන්"

      Delete
    2. මනෝ සමාවෙයන් , මේ සින්දුව තියෙන්නේ "මාතලන්" ෆිල්ම් එකේ නෙවෙයි ....1955 තිරගතවූ "සැඩ සුලන්" ෆිල්ම් එකේ ලෙස නිවැරදි වෙන්න ඕන .මාතලන් එකේ ලස්සන සින්දු ගොඩක් තියනවා .ඔක්කොම වගේ කිව්වේ වල්පොල යුවල ...

      Delete
    3. සමා කුමට අපේ ඇනෝ, අපිට වඩා හෙන පණ්ඩිත විචාරකයන්ටත් ඔයිට වඩා වරදිනවා. හරි තැන ආයෙමත් කිව්වට උඹට තැන්කිවු.

      Delete
    4. //පණ්ඩිත විචාරකයන්ටත් ඔයිට වඩා වරදිනවා//
      යකෝ විචාරකට වරදිනවා කිව්වට කමක් නෑ හැබැයි පණ්ඩිතයා කව්වම කේන්ති යයි

      Delete
    5. විදානයෝ තෝනම්.... බලපන් දෙයි මට දෙකට කැඩෙන්න.

      ඒකනෙ බං බලහංකො ප්‍රියා, නිකන් හිතපන් දුන්නොත් ගැලවිලා යන්න මොකද වෙන්නෙ කියලා.

      Delete
  12. ඔන්න ඉතින් මාත් ගොඩ වැදුනා අවසරයි ගොඩ වදින්න දිගටම

    ReplyDelete
    Replies
    1. අනිවාරෙන්ම...බොහොම ආදරයෙන් පිළිගන්නවා මේ ඉසව්වට. දිගටම රැඳී ඊන අපත් සමඟම..

      Delete
  13. චැහැ..විලි ලැඡ්ඡා 7යි..මම අර පරන ලිපියට ගිහින් ආතබුත වේලා කමෙන්ටුවකුත් දැම්මා..
    සතුටුයි මචං..බොක්කන්ම එල ද බ්‍රා..
    මම හිටියානම් සල්ලි ගෙවලා ඇඩ් එකක් දානවා...
    කරැනාකාර...ඔබ මසනු ලබන සැම ඇගලුමක් උසස් තත්වයෙන් නිශ්පාදනය කරන්න..
    නියමිත නිශ්පාදන ඉලක්කය සම්පුර්න කරන්න..
    (හරියට මහනවා ඔයි...මොන හු***ද මේ මහන්නේ)
    (මහනවා..මහනවා ඉකමන් කරලා..හ**න්න ගන්නඩ හදන්නේ නැතුව)

    ReplyDelete
    Replies
    1. මොකද කියන්නේ ....??

      ගල් ඩිංගිත්තක් බොමුද????

      Delete
    2. බයිට් එකට කෙළින්න අපිත් එඤ්ඤම් ඈ! :)

      Delete
    3. ඒක තමයි, මං දැක්කා, අපේ මෙන්ඩියා හොඳටම ටැපලිලා හිටිය විදිය.

      එහෙම නිකන් කෙල්ලො ටාගට් දෙන්නෑ හරී...මෙහේනම් දෙනවා ඉන්සෙන්ටිව් වලට අමතරව කොණ්ඩ කටු, පිඟන්, කෝප්ප, දීසි, මල් පොකුරු, තව නොයේක් ජාති දවස ගානේ.

      ස්තූතියි මෙන්ඩියෝ උඹටත්..

      Delete
    4. @විදානේ
      එල ද බ්‍රා
      බ්‍රෑන්ඩ් එක ගල්
      -ස්තුතියි-
      @ප්‍රියා
      බයිට් ඩයිට්
      @මනෝෂ
      ටාගට් දුන්නොත් ඉරිදාට කොහේ හරි එක්කරගෙන යනවා.
      ටාගට්

      Delete
    5. \\ටාගට් දුන්නොත් ඉරිදාට කොහේ හරි එක්කරගෙන යනවා.//

      අම්මප උන් පුදුම අසරණයි බං.

      Delete
    6. මගේ ගාණෙ ගුලියක්...
      බ්‍රෑන්ඩ් එක සෙවණගල

      Delete
    7. සෙවනගල .....බුදු අම්මෝ මතක් කරන්න එපෝ ...
      ඊට වඩා හොදයි ඔලුව කළු ගලක ගහගන්නවා ...

      Delete
    8. දන්නෝ දනිති වගේ නේහ්!!!

      Delete
    9. ඔය ගුලිය කන්න කලින් අලුත් පෝස්ට් එක බලල හිටියනම්..

      Delete
  14. මචෝ මට කලින් කියන්න අමතක උනා, බ්ලොගර් වලට audio add කරන්න පුළුවන් sound cloud වලින් ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බං මටත් කලින් කියන්න අමතක උනා, බ්ලොගර් වලට audio add කරන්න පුළුවන් sound cloud වලින් ..

      Delete
    2. විදානේ, ප්‍රියෝ..

      ඒකනේ බං, මටත් ඕක මුලින් අමතක වෙලානෙ තිබුනේ. හැක්! හැක්!!

      Delete
  15. සතුටුයි!පුදුම සතුටුයි!!...මනෝෂ් උඹලා මේ කරගෙන යන වැඩ පිලිවෙල අනිකුත් ආයතනවලටත් ආදර්ශයක් සත්තකින්ම. මේ දහඩිය කඳුළු ඇතුලේ ඉන්නේ මණුස්ස පරාන කියලා වටහාගෙන වැඩ කරන උඹලාටත්, උඹලාට මේ සඳහා අවකාශය ලබාදෙන උදවියටත් මගේ ආචාරය!!!

    මම කැමතිම ගීතයක්!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගන්නවානම් මහියංගනේ අනෙක් ආයතනවලටම ගන්න දේවල් කප්පරක් තියෙනවා අරූ අයියා. හැබැයි මෙතනවත් කොහනවත් වගුරන දාඩියටනම් සාධරණ වැටුපක් හම්බෙන්නෙ නෑ. ඒත් අපේ ආයතනයෙ ඒකාකාරීත්වයෙන් මිදිලා ආසාවෙන් වැඩකරන්න පුලුවන් පරිසරයක් හදල තියෙනවා. ඒ වගේම සේවකයන්ගෙ හැංගිලා තියෙන විවිධ දක්ෂතා එලියට අරන් ඒවට වටිනාකම් දෙන්න ලොකු වියදමක් දරනවා. ඒ අතින් නම් උපරිමයි.

      Delete
  16. නියම වැඩක් නේ ... මම නම් සිංදුව කලින් අහල තිබුනේ නෑ ... ලස්සනට කරලා තියෙනවා .. සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැතුම් අයියා, ඔයාට මගේ මේකෙ මුල් පෝස්ට් එක මඟ ඇරෙන්න ඇති.

      Delete
  17. ඔන්න ඔහොම අලුත් මාවත් විවෘත කොරගෙන මංගච්චංටයි තියෙන්නෙ. බොලා වගේ නිරහංකාර සොඳුරු මිනිස්සුංට වරදින්නෑ මචෝ... ජය!!!

    ReplyDelete
    Replies
    1. හිත පිරිල ගිය කමෙන්ට් එකක් විසිටර්. ඔබට බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  18. පට්ට මචං....
    ඇත්තටම අපූරුයි... අර උඹ කීව වගේ පොඩි පොඩි අවුල් තියනව තමා ඒත් මචං ඒ ටික අතෑරියම ලොවෙත් නෑ හොදේ...
    උඹට මාර ලක් එකක් තියෙන්නෙ බං...
    ජයන් ජය වේවා

    ReplyDelete
    Replies
    1. කතාව කියාගෙන යත්දි, සමහර තැන් පැටලෙනවා, ඒ වගේම ලියල තියෙන දේට වඩා චුට්ටක් වෙනස් දේත් සමහර තැන්වල කියවුනා. ඒ බොහෝම සුලු දේවල්. සමස්ථයක් විදියට උඹ කිව්ව වගේ ඒ දෙන්න උපරිම සාධාරණයක් ඉෂ්ටකලා.

      ස්තූතියි මචෝ...

      Delete
  19. █ මේ තියෙන්නේ අපේ අලුත්ම www.tinyurl.com/sinhalasyndi සිංහල Syndiya ඔයාගේ බ්ලොග් / වෙබ් සයිට් එකත් අදම එකතු කරන්න

    ReplyDelete
    Replies
    1. මේ පිළිබඳ මගේ අදහස මං කලින් පෝස්ට් එකකටත් කිව්ව වගේ මතකයි.

      Delete
  20. ලිපිය කියෙව්වේ අර වීඩියෝ එක ප්ලේ වෙන්න දාලා, අඩෝ මචන් මමත් ඔය වගේ දෙයක් ගැන කල්පනා කරා, එත් එක එක්කෙනා කියවන ටයිමින් වෙනස්නේ බන්, එත් මේ සීන් එක පට්ට බන්, අලුත් කන්සෙප්ට් එකට ජය වේවාම එක හදවතට කතා කරනවා, එක ලිපිය කියවන්න තියෙන කම්මැලි කම ඇත්තටම නැති කරනවා මචන්,

    නව මානයන් සොයාගෙන යන බොලගේ වැඩේ ඇති සාර්ථක වෙන්න ඕනා, ඒ යාලුවෝ දෙන්නටයි බොටයි උණුසුම් සුබ පැතුම්. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කියවීම නීරස අයට මේක නියම ක්‍රමයක් සොමියො. කොහොම උනත් හැමෝටම මේ වැඩේ හොඳටම අල්ලලා ගිහිල්ලා. මේ අදහස් ඒ දෙන්න දැක්කම ඒක එයාලට ලොකු දිරියක් වෙයි ඉදිරි ගමනකට.

      ස්තූතියි මචෝ..

      Delete
  21. හරිම අපූරුයි.. වැඩ කරන තැනක මේ වගේ වටපිටාවක් ගොඩ නැගෙන එක කොයි තරම් දෙයක්ද .. දිගු ගමනකට උණුසුම් සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම වටපිටාවක වැඩකරන්න ලැබීම භාග්‍යක් තුශානි..

      ඔබට බෙහෙවින්ම ස්තූතියි...

      Delete
  22. මනෝ මම මේකේ මුල් පොස්ට් එකට කොමෙන්ට් කරලා නැ නොවැ ....මොකටද ඉතින් ඇරියස් තියා ගන්නනේ ...

    මිහිකත නලවාලා
    මග මල් ගන්වාලා
    පාසල වෙත යන මේ
    පිටිසර හෙළ ගුරු ලිය සැරදේ

    සුදු හෙළ සාරිය
    ඇඳලා හැඩ කොටැ
    ඉඟ වට රැළි ලෙළවා
    දිගු නිල් වරලස
    පීරා නිසි ලෙස
    මල් දවටා බැඳලා
    ගෙල වට මුතු මාලේ
    දෝතේ වළලු සැලේ
    සිරියා සපුරා පිරියා පතුරා
    යන සුරතල් ලීලා

    මිහිකත නලවාලා...

    ඕලු නෙළුම් ඈ
    නෙක මල් පිබිදී
    අහෝ විලේ සිරියා
    ජයම මලක් ඉන්
    නෙලා ගනියි ඕ
    හා හා කුමටද ඒ
    බාල ලියේ ඔබගේ
    සුහදා හට වෙද ඒ
    සුරතලියේ ඔබ හදවත පතුලේ
    පෙම් මල කා සතුදෝ

    මිහිකත නලවාලා...


    ගායනය, සංගීතය - සුනිල් සාන්ත
    ගී පද - හියුබත් දිසානායක

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි, මේක දැක්කම අපේ කවිකාරිට හරියට සතුටු හිතෙයි..

      ස්තූතියි අපේ සිංදු ඇනෝ.. ගැලපෙනම ගීතයක්.

      Delete
  23. අලුත් වැඩක්,සුබ පැතුම්...!!!

    ReplyDelete