Pages

Sandumal

Sandumal

Saturday, October 4, 2014

•අබුඩාබියේදීය දයාබර ස්වාමිනී

"මා ඔබේ... ප්‍රියාදර... පියවතී.. ස්වාමිණී..."







ජීවිතයේ පළමුවන වතාවට අත්විඳි නුහුරු නුපුරුදු වෙහෙසකර අත්දැකීම් ගොන්නකට පසු ඇය අන්ත අසරණ විලාශයෙන් මිනිසුන් දහසක් අතර හුදෙකලා වී බලා සිටී. ගුවන් යානයෙන් බට ඇය අනෙක් මගීන් අනුගමනය කරමින් කලින් ලද උපදෙස් වලට අනුව මගී පර්යන්තයට පැමිණ ඇයට ලබා දී තිබූ නාම පුවරුව හොඳින් පෙනෙන සේ තම පපුව ඉදිරිපසින් සිටින ආකාරයට අල්ලා ගත්තාය. "පියවතී" ඉංග්‍රීසි ලොකු කැපිටල් අකුරින් එහි එලෙස සඳහන්ව තිබුනි.

මෙලෙස ඇය පැයකටත් අධික කාලයක් සිටගෙනම සිටි අතර දැඩි වෙහෙසකර බවින්, කුසගින්නෙන් හා පිපාසයෙන් හෙම්බත්ව ක්ලාන්තවීමට ආසන්නව සිටි අවස්ථාවක කිසියම් පුද්ගලයෙකු ඇය හමුවට පැමිණ පැහැදිලි සිංහලින් ඇය ඇමතූ විට ඇයට මහත් අස්වැසිල්ලක් දැණිනි. පෙර ලැබුනු උපදෙස් අනුව මේ ලංකාවෙන් තමා මෙරටට එවූ ඒජන්සියේ මෙරට නියෝජිතයාය. පළමුව ඔහු සමඟ මෙරට ඔවුන්ගේ කාර්‍යාලයට යා යුතුය. ඒ අනුව ඔහුත් සමඟ ගුවන් තොටුපලින් පිටතට ආ ඇය මීළඟට ඔහු විසින් සුඛෝපබෝගී රියකට නංවාගනු ලැබීය.

පැය බාගයක පමණ ගමනකින් පසු එක්තරා ගොඩනැගිල්ලක් අසලින් රිය නවත්වනු ලැබූ අතර ඔහු ඇයව රියෙන් බස්සවාගෙන එම ගොඩනැඟිල්ල තුලට කැඳවාගෙන යනු ලැබීය. එහි වූ කාර්‍යාලයක් තුලට ඇයව යොමුකල අතර එහි සිටි නිළධාරියා කිසියම් ලියකියවිලි සමූහයකට ඇගෙන් අත්සන් ලබාගෙන ඇයව තවත් ස්ථානයකට යොමුකරන ලදි. එහි තමන් මෙම ස්ථානයට කැඳවාගෙන එනු ලැබූ පුද්ගලයා සමඟ තවත් තිදෙනෙකු අසුන්ගෙන සිටි අතර ඇගේ පැමිණීමත් සමඟ ඔවුන් සිව් දෙනාගේම අවධානය ඇයවෙත යොමු විණි.

"මේ තමා ඔයා යන ගෙදර නෝනයි මහත්තයයි. මේ මෙයාලගේ වැඩිමල් පුතා. එහෙදිත් කිව්ව වගේ මෙයාල බොහෝම හොඳ කාරුණික අය. කියන විදියට වැඩටික කරගෙන පාඩුවේ හිටියොත් ඔයාට බොහොම හොඳින් මේ අයත් එක්ක ඉන්න පුලුවන්. මෙයාල ළඟ කලින් වැඩට හිටපු කෙනාත් අපි තමයි මෙයාලට හොයල දුන්නෙ. එයා මේ අයත් එක්ක අවුරුදු පහක් හිටිය. එයා ආපහු ලංකාඅවට ගියේ රැජිනක් වගේ."

ඔහු ඇයට තම හාම්පුතුන් ගැන කෙටි හැඳින්වීමක් එලෙස ලබා දුන්නේය. ඇගේ කම්මුල් රත් පැහැ වූ අතර අවිහිංසක ප්‍රීතිමත් සිනහවකින් ඇගේ මුව මඬල එකළු විය. ඒ සමඟින් ඇය බයාදු බැල්මක් තම හාම්පුත දෙස හෙලීය. එම කාන්තාව ඈ සමඟින් සුහදව සිනාසුන අතර උස් හැඩි දැඩි පුරුෂයා ඇගේ පාදාන්තයේ සිට කේශාන්තය තෙක් කිහිපවරක් බැලුවේය. ඒ සෑම විටකම ඔහුගේ දෙනෙත ඇගේ පිරුණු ළය මඬල අසලත් රත් පැහැ දෙතොල් අතරත් නතර වී සිටිනු දැකීමෙන් ඇය හිරි වැටී ගියාය.

"දැන් ඔයාට මෙයාලත් එක්ක යන්න පුළුවන්. කෝ ඔයාගෙ පාස්පෝට් එක දෙන්න. ඒක මේ මහත්තුරු ළඟ තියාගනීවි. ආයෙ ඔයා ආපහු එන දවසට ඒක ඔයාට ආපහු දෙයි."

මෙහි එතරම් බරක් පතලක් නොතේරුණු ඈ සිය විදෙස් ගමන් බලපත ඔවුන් අතට පත් කලාය.

පැමිණියාටත් වඩා අධිසුඛෝපබෝගී සුවිසල් රියකට ඇයව නංවාගත් ඔවුහු පවනට බඳු වේගයෙන් වැලි කතරේ සුවිසල් මං මාවත් මතින් ඉගිළ ගියෝය. වායුසමීකරණය කරන ලද මාළිගාවක් වන් රියෙහි විසල් අසුනක තනිවූ ඇය අඳුරු වීදුරු තුලින් පිටත දකින්නට උත්සාහ කලද, වේගයෙන් පසුවන ඡායා මාත්‍රයන්ගේ අඳුරු සෙවනැලි හැර කිසිවක් දකින්නට නොලැබුනි. යන්නේ කොහේ කොතැනකටදැයි ඇයට අරමුණක් නොවිණි. පැය තුනකට පමණ පසු රියෙහි වේගය තරමක් බාල වූ අතර තීව්‍ර නැම්මක් සමඟ "බරාස්" හඬින් තිරිංග තද වී රිය නතර විය.

අනතුරුව සියල්ලෝම කඩිමුඩියෙන් බැසගත් අතර දොර විවර කර ඇයටත් බැසීමට සන් කරන ලදි. නියෝගයත් සමඟ රියෙන් බට ඇය අබිමුව දිස් වූයේ තමන් ගමේ සිටියදී රූපවාහිණියෙන් දුටු මහගෙදර ටෙලිනාට්‍යයේ බඳු සුවිසල් නිවසකි. හතර වටින් තාප්ප වලින් වටවී යකඩ ගේට්ටුවලින් සිරව තිබූ මනරම් ගෙවත්තක තිබූ මාළිගාවක් ඈ අබියස මැවී තිබුනි. නිවැසියන් සමඟින් ඇයද ගෙතුලට කැඳවනු ලැබීය. ඈ සතු එකම වත්කම වූ ට්‍රැවලින් බෑගයද සමඟ ඇය කොටි බිලකට රිංගන මුව පොව්වෙකු සේ මඳක් පහතට නැවීගෙන ඔවුන් පසුපස ඇදිණි.

වංකගිරියක් බඳු වූ නිවස තුල තමා සමඟ පැමිණි පිරිමින් දෙදෙනා මොහොතින් අතුරුදන්වූ අතර, ගෙදර ස්වාමිදුව ඇය කැඳවා උඩුමහලට ගොඩවිය. තරප්පු බරාඳ පසුකරමින් බොහෝදුරක් ගිය ඈ කෙලවරක වූ කාමරයකට ඇයව කැඳවූයේය. හස්ත මුද්‍රාවලින් පැහැදිලිකල කරුණු අනුව ඒ ඇය වෙනුවෙන් සකස්වූ කමරය විය. සෑහෙන තරම් ඉඩකඩ සහිත වූ එම කාමරය පියවතීගේ ගමේ කුඩා පැලටත් වඩා බොහෝ විශාල විය. ලංකාවේ ඉහල පාන්තිකයකුගේ නිවසක සතු සියල බඩු භාහිරාදිය මෙම කාමරය තුලද නොඅඩුව පැවතුනි.

සැපපහසු සුපිරිසිදු සුදු සයනයක්, කණ්නාඩි මේසයක්, වායුසමීකරණයක්, ශීතකරණයක්, විදුලි උඳුන්, විදුලි කේතල, රෙදි සෝදන යන්ත්‍රයක්, රූපවාහිනියක් ආදී එකී නොකී සියලු දේවලින් එම කාමරය පරිපූර්ණව තිබුනි. මීළඟට සේවකයෙකු යැයි සිතිය හැකි අයෙකු ආහාර බඳුන් සහිත වූ ට්‍රොලියක් කාමරය තුලට ගෙන ආ අතර සේවකයා පිටව ගිය පසු ගෙහිමි කාන්තාව ඇයට ආහාර ගන්නා ලෙස දැනුම් දුන්නාය. ගමනක් ගොසින් ආපසු ඇඟ සෝදාගෙන වෙනත් ඇඳුමක් මාරුකරගෙන ආහාර ගනු මිස මෙලෙස ආහාර ගැනීමේ පුරුද්දක් ඈ සතු නොවූ මුත් දැනුනු අධික කුසගඉන්න නිසාත්, අලුත් පරිසරයට හැඩගැසීමට අවශ්‍ය නිසාත් ඇය නිහඬවම එම අණට කීකරු වූවාය.

ඇයව මවිත කරමින් එහි වූයේ සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකික ආහාර වේලකි. සම්බා සහලේ බතුත්, පරිප්පුත්, මුහුදු මාලුත්, මැල්ලුමකුත් එහි විය. ඇගේ මුහුණේ පිපි සිනා මල දුටු ස්වාමි දුවද ඈ සමඟ සිනාසුනු මුත් අභිනයෙන් ඇය කියා සිටියේ, පළමු දිනයේ පමණක් මෙසේ ලබා දෙන බවත් හෙට සිට ඇයටත් මොවුන්ගේ ආහාර වලට හුරු වීමට සිදුවන බවත්ය. නමුත් ඕනෑම මොහොතක අවැසි නම් තමන්ට සිරිලක් ආහාර පාන සකසා ගත් හැකි බවද, ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇයට සපයා ඇති බවද පෙන්වා දෙන ලදි. කෑම කන අතරේ ඇයට යම් යම් දේවල් කියාදුන් කාන්තාව කෑම ගෙන අවසන්ව යාබද නානකාමරයෙන් ස්නානය කොට හෙට උදේ වනතුරු විවේක ගත හැකි බව දැනුම් දුන්නේය.

ආහර ගෙන අවසන් වූ පසු පෙර සේවකයා යළිත් කැඳවන ලද අතර ආහාර බඳුන් නැවත රැගෙනයන ලදි. මීළඟට ස්වාමි දුව විසින් ඇයට කාමරයේ යතුරක් ලබා දුන් අතර දොර අගුලු දමා විවේක ගන්නා ලෙස දැනුම් දී පිටව ගියාය.

ඇයට ඉමහත් සහනයක් දැනුනි. තමන් සිතා සිටියාට වඩා ලැබුනු නිවස ඉතා හොඳ යැයි ඈ සිතන්නට විය. ඇය නිදහසේ සිය කාමරය පුරා ඇවිද බලන්නට විය. මින් පෙර දුටු, නොදුටු උපකාරණ, උපාංග දෙස ඇය විමසුමෙන් බැලුවාය. මීළඟට කෙදිනකවත් ගමේ තම කුඩා පැලෙහි නොවූ ශීතකරනය අසලට ඇය ආසාවෙන් ළඟා වූවාය. එහි දොර හැර බැලූ ඇයට නෙත් අදහාගත නොහැකි විය.විවිධ වර්ගයේ මිදි, කොල පාට ඇපල්, රතු පාට ඇපල්, දෙළුම්, කෙසෙල්, ඩ්‍රැගන් ෆෘට් ආදී මින් පෙර දැක ඇති, දැක නැති පළතුරු ලෝකයකින් එය පිරී ඉතිරී තිබුනි.

එපමණක් නොව කිරි වර්ග, බිත්තර, මස් වර්ග, චීස්, සොසේජස් ආදී අහාර වලින් එය පිරී පැවතුනි. නැඟුනු අසීමිත මදහාස මොහොතකින් ඇගෙන් පලාගියේ තමන් හට මෙවැනි රස මසවුළු ලැබුණද, ලංකාවේ සිටින තම කුඩා පුතුන් දෙදෙනා සහ දයාබර සැමියා සිහි වීමෙනි. දවසකට වේලක් කා සිටින තම හිඟන පැටවුන් සිහි වී ඇගේ හද පුපුරා යන තරම් ශෝකාග්නියක් දැල්වී ගියේය. නමුත් තව කෙටි කලකඉන් ඔවුන්ගේ සියළු දුක් අහවර වනු ඇත. තමන්ට දහසින් බැඳි පියලි ඔවුන් හට යැවිය හැකිවනු ඇත.තව දුරටත් කුසගිනි ඔවුනට පීඩා නොකරනු ඇත. තව දුරටත් වහලෙහි පොල් අතු සුළඟ සමඟ පොරබැද පැරදී නොයනු ඇත. ඇය සිහින මවන්නට විය.

මීළඟට තමන් වෙනුවෙන් වෙන්වූ නාන කාමරයට වැදුනු ඇය සිත්සේ ස්නානය කලාය. ගමේ ගෙඹි ලිඳෙන් බාල්දියෙන් ඇද නා පුරුදු ඇයට ෂවර් වලින් නෑම අපහසු වුවද ඒජන්සියේ මසක පුහුණු කාලය තුල මේ හැම දෙයක්ම ඇයට කියාදෙනු ලැබීම නිසා එය එතරම් ගැටලුවක් නොවුණි. බොහෝ වේලාවක් දිය මල යට හුන් ඇය අනතුරුව ඉන් මිදී සැහැල්ලු ඇඳුමකින් සැරසුනාය. මීළඟට තමන් අතට දුන් යතුරින් කාමරයේ දොර අගුලු ලෑ ඇ‍ය, ඇය වෙනුවෙන්ම බලා සිටි ජීවිතයේ මින් පෙර කිසිදු දිනෙක් පහස නොලැබූ සුමුදු සයනය මත වැතිරිණි. ගොම මැටි ගෑ ගෙබිමෙහි එලා ගත් ඉරී ගිය පන් පැදුරට වඩා මෙම යහනාව කෙතරම් සුවපහසුදැයි ඇයට සිතිණි. ඈ මහත් ලෝබකමකින් එම සුවය විඳගන්නට විය.

දහසකුත් එකක් පැතුම් පොදි බඳිමින් සිහින නගරවල සිහින මාළිගා තනමින් ඇය ඒ මේ අත පෙරළෙමින් අනාගතය ගැන සුබ සිහින දකින්නට විය. දහසකුත් සැලසුම් අඳින්නට විය. තම දරුවන් දෙදෙනා මැදි කරගනිමින් තම දයාබර හිමි සඳ සමඟ මෙවැනි සුමුදු යහනාවක එකට ගුලිවී සිටිනයුරු ඇය මනසින් මවාගන්නට විය. ඇයට සිහින දකින්නට ඉඩහරිමින් ඇයව මොහොතකින් සුව නින්දක් විසින් රැගෙන යන ලදි.

ඇය කෙතරම් වේලාවක් නිදසිටියාද යනවග ඇයට නිච්චි නොවීය, එය විනාඩි ගණනක්ද, පැය ගණනක්ද බව ඇයට නොවැටහුණි. ඒ කෙසේ වුවද ඇගේ සිහින වලින් ඇය මුදවාලමින් ඇය පියවි ලොවට ගෙන ආයේ ඇසුණු සියුම් ශබ්දයකිනි. අගුලක් හැරෙන හඬ සමඟින් ඇය දුටුවේ මීට පෙර තමන් ලොක් කල දොර සෙමින් විවර වන බවකි. සංත්‍රාසයට පත් ඈ විගසින් ඇඳෙහි හිඳගත්තාය. කිසිත් සිතා ගැනීමටත් පෙර තමන් කැඳවාගෙන පැමිණි පුරුෂයා, එනම් මෙම නිවසේ හාම්පුතා ක්ෂණයකින් කාමරය තුල විය. ඒ සමඟම දොරද අගුල්ලා වසාදැමිණි.

ඉමහත් භීතියට පත් ඈ කෑ ගැසීමට වෙර දැරූවද කම්පනය නිසාම උගුරින් හඬක් පිට නොවුණි. මීළඟට ඇයට දෙලොව රත් වූයේ මෙම මිනිසා කෑදර බැල්මෙන් රාගයෙන් දිලෙන නෙත් විදාලමින් සෙමෙන් සෙමෙන් තමා අසලට පැමිණෙන අයුරු දැකීමෙනි. මෙවර ඇයට වැරෙන් කෑගැස්ස විණි. නමුත් ඒ වන විටත් සයනයෙහි පසෙකින් වාඩිවී සිටි ඔහු අතින් ඇගේ මුව තද කරන ලදි. මුවැත්තියක සේ අන්ත අසරණව බිරාන්ත වී සිටි ඇය මහ හඬින් හඬන්නට වූයේ දෙකොපුල් මත කඳුලු වැල් රූරා හරිමිනි. 

මොහොතකින් ඔහු ඇයව කිටි කිටියේ බදා සුවිසල් සුසිනිදු සයනය මත පෙරලාගත්තේය. තවත් මොහොතකින් සිදුවන්නට යන ඉරණම පිළිබඳ දැනහුන් ඈ හැකිවෙර යොදා ඔහුගෙන් මිදීමට දැඟලුවේය. නමුදු හැඩි දැඩි තම්බියාගේ දෑතට දෙපයට, මුලු මස් කඳටම සිරවී හුන් ඈ හට එය ලෙහෙසි පහසු නොවූවාය. පිහිටක් සරණක් ඉල්ලා අපමණ මොර දුන්නද ඇයට පිහිට වීමට තබා ඇගේ විලාපය ඇසීමටද කිසිවෙකු සැතපුම් දාස් ගානක් යනතුරුවත් නොසිටියේය. තමන්ට අවනත නොවන ගැහැණිය තව තවත් සිරකරගත් ඔහු ඇගේ දෙතොලට නැඹුරු වත්ම හැකි වෙර යොදා ඔහු දෑත සපා දැමූ ඇය වේදනාවෙන් ඇඹරී යමින් පසෙකට වූ ඔහු වෙතින් මිදී ඇඳෙන් පැන දොර අසලට දිවගොස් එය හැරගෙන හිස හැරුණු අතේ වේගයෙන් දිව ගියාය.

එක්වරම ඇය තවත් දෝතක් වෙත වත්තම් වී ගියාය. බියෙන් සලිත වූ ඇය ඒ තම ස්වාමි දුව බව දැන සැනසුම් සුසුමක් හෙලීය. "මට යන්නෝනි, අනේ මාව ගෙදර ඇරලවන්න.." ඇය සිංහලෙන්ම මොරදුන්නාය. නමුදු කන්තාවගේ මුහුණේ කිසිදු මවිතයක් හෝ කැළඹීමක් දක්නට නොලැබුණි. ඒ වෙනුවට දෙවුරින් අල්ලා ඇයව වත්තන් කරගත් ඇය, ඈව නැවතත් ඇගේ කාමරයට රැගෙන යාමට උත්සාහ දැරීය. කෙසේ හෝ බලහත් කාරයෙන්ම යළිත් ඇයට කාමරයට යාමට සිදුවිය. දෙදෙනා නැවත යන විටත් හාම්පුතා එහි සිටි අතර ඔහු ඇය විසින් සපා කන ලද අත්ල පිරිමදිමින් සිටියේය.

ස්වාමි දුවගේ මුහුණේ කිසිදු අමුත්තක් නොවූ අතර කාමරය පැමිණි පියවතී වෙත වේගයෙන් පැමිණි ඔහු වැරෙන් ඇගේ කම්මුල හරහා පහරක් එල්ල කර ඇයව සයනයට තල්ලු කොට දමා කාමරයෙන් පිටව ගියේය. ඔහු පසුපසින් ස්වාමි දුවද පිටවුණාය. පියවතීට සියල්ල දැන් පැහැදිලිය. ස්වාමි දුවට පවා මේ දේවල් අතිශය සාමාන්‍ය දේවල් බව ඇයට වැටහිණි. තමන්ට කිසිදු ගැලවීමක් නොමැති බව දැන් ඈට පැහැදිලිය. පලක් නොවූවද නැවතත් ඈ දොර ලොක් කරගෙන ඇඳට වැටී හඬන්නට වූවාය.

කල යුත්තක් පිළිබඳව ඈට අදහසක් නොවීය. තමන් සිපිරි ගෙයක් තුල සිරවී හමාරය. පිහිටට කෙනෙකු නොමැතිය. තම දුක අසන්නට, විලාපය අසන්නට අයෙකු අසලකවත් නොමැතිය. තමන්ට පලා යා හැකි මඟක් නොමැතිය. තම මවු බිමෙන් සැතපුම් දහස් ගණනක් ඈත වූ නන්නාදුනන රටක කිසිදු පිළිසරණක් නොමැතිව ඇය අසරණ වී හුන්නාය. කාලය පැය ගනනින් ගෙවී ගියේය. කෙමෙන් කෙමෙන් අවටින්, එපිටින් ඇසුණු හඬවල් වියැකී මැකී ගියේය. රාත්‍රිය උදා වූවා විය යුතුය. තදින් දෙනෙත් පියා කොට්ටයට මුව සිරකර ගත්තාය. මොහොතින් මොහොත ගෙවී ගියද නිදිමතක් ඈ කරා නොආවේය.

නැවතත් ඇගේ දොර අසලින් කිසියම් හඬකි. සිතේ බයට ඇතිවූ මායාවක්ද, ඇය නැවතත් ප්‍රවේසමින් සවන් දුන්නාය. නොමැත, නිසැකවම ඇගේ කාමරයට පිටතින් කිසිවෙකු සිටී. දොරත් පොලොවත් අතර හිදැසින් ඡායාවක් ඇයට පෙනේ. මෙවර ඇයට පෙරටත් වඩා අසරණ බවක් දැනිනි. නමුදු නිර්භීතව සයනයෙන් බැස ගිය ඇය, ශීතකරනය අසල වූ පිහිය අතට ගත්තාය. එසැණින් දොර යළිත් විවෘත විය. එවර කාමරය කඩා වැදුනේ දහවල් තමාට හඳුන්වාදුන් මෙම පවුලෙහි වැඩිමල් පුතා යැයි කියූ නරුමයාය.

තුවායක් පමණක් ඉණ දවටාගෙන උන් ඔහු මොහොතකින් එයද කඩා දමා නග්නව ඈ වෙත ළඟ වීමට උත්සාහ දැරුවේය. භීතියෙන් භීතියට පත් ඈ කල හැකි කිසිවක් නොවූ හෙයින් දෑතින් තරව අල්ලාගත් පිහිය තමන්ගේම පපු පෙදෙසට එල්ල කරගනිමින් දත් මිටි කමින් හති හලමින් ඔහු දෙස බලා සිටින්නට වූවාය. ඉන් මෙල්ල වූ පාපතරයා මොහොතකට ඇයට අස්වැසිල්ලක් ලබා දෙමින් කාමරයෙන් පසුබැස ගියේය. ඇය සිහි විකල් තත්වයට පත්ව සිටියාය. ලංකාවෙ හද්දා පිටිසර ගැමි ලියක් වූ ඇයට මෙවැනි ජුගුප්සාජනක දේවල් මහත් භීතියක්ම විය. ඇය මනසින් අවුල්ව පිස්සියකසේ කෙස් කඩා අදිමින් වැළපෙන්නට විය.

නිදි වර්ජිතවම ජීවිතයේ කටුකතම රාත්‍රිය එලෙස් ගෙවී ගියේය. පසුදා උදෑසනම ස්වාමි දුව කාමරයට පැමිණියාය. කිසිත් නොවුනු ගානට හැසිරුණු ඇය, නිවස තුල තමා සිදුකල යුතු රාජකාරි පිළිබඳ ඇයට කියාදෙන්නට විය. නිවස පුරා ඇයව ඇවිද්දවමින් සියලු බැළමෙහෙවරකම් ගැන ඇයට කියාදුන්නාය. මේ අතර පෙර දින තමන් වෙත ආ තිරිසනුන් දෙදෙනා කිසිවක් නොවුන තාලෙන් හොඳින් හැඳ පැළඳ මහත්වරුන් සේ නිවසින් පිටවී යනු ඇය දුටුවාය.

දවස ගෙවී ගියේය. රාත්‍රී දහය වනතුරු එක දිගට ඇයට කිරීමට කප්පරක් වැඩ තිබුනි. සියල්ල අවසානයේ තම කාමරයට පැමිණි ඇය නා පිරිසිදු වී නිදන්නට සූදානම් විය. පෙර දිනයේ තාත්තාත්, පුතාත් දෙදෙනාම තමන් විසින් ප්‍රතික්ෂේප කල නිසා මෙදින ඔවුන් තමන් වෙත නො එනු ඇතැයි ඈ සිතුවාය. දොර අගුලු දැමූ ඈ විදුලි පහන නිවා දමා රිදුම් දෙන අත් පා වලට විවේකයක් දෙනු රිසියෙන් ඇඳෙහි ගුලි වූවාය. පැයක් පමණ ගත විය. ඇයට නින්දයාගෙන ආ මොහොතේ ඇගේ කාමරයේ දොර යළිත් විවර විය. ඔව්.. මේ රාත්‍රියේත් පිසාචයන් ඈ වෙත පැමිණ ඇත. ඔවුන්ගේ නොනවතින ගිනිදැල් නිවාගනු උදෙසා ඇය සොයා පැමිණ ඇත. ඒ නමුදු මෙවර ඇයගේ ප්‍රතික්ෂේපයන් හමුවේ ඔවුහු ලෙහෙසියෙන් පසුබා නොගියහ. ඒ වෙනුවෙන් ඇයට අනේක විද වධ බන්ධනයන්ට මුහුණ දීමට සිදුවිය. ඇගේ පතිනි බව වෙනුවෙන් ඇය කල සටනේ අවසන් ඵලය වූයේ තවත් නිදිවර්ජිත රාත්‍රියක් සහ අනන්තවූ තැලීම් සීරීම්, තුවාල සමූහයකි. 

පසු දිනද පහන් විය. පෙර දින පරිද්දෙන්ම අනේක විද රාජකාරි ගොන්නක් සමඟ උදෑසන හතරේ සිට රාත්‍රී 10 වෙනතුරු ඇය කාර්‍ය බහුල විය. මෙදින ඈ නිදාගත්තේ නැත. අවධියෙන් සූදානමින් උන්නාය. සුපුරුදු ලෙසම නරුමයා පැමිණියේය. පොරබැදිල්ලට ඇය ලෑස්ති විය. අතට ගත්තේ මුවහත් පිහියකි. නරුමයා අත වූයේ කසයකි. තිරිසන් නරුමයා වේගවත් කස පහරක් ඇගේ අතට එල්ල කලේය. පිහිය වීසිවී ගිය අතර ඇය බිම ඇද වැටිණි. යක්සයකු සේ හැරුණු හැරුණු අතට නරුමයා කස පහරවල් එල්ල කරන්නට විය. ඇය විලාප නැඟුවාය. නමුදු ඒ විලාපයන් මේ සුවිසල් නරකාදියෙන් පිටතට නොගියේය.

ලේ ගලමින් සිහි සුන්ව ඇය ඇදවැටී සිටියාය. දින කිහිපයක් ඇය එම කාමරයේම සිරකාරියක් වූවාය. මුලු දවසටම වතුර කෝප්පයකුත්, රළු පාන් පිටි රොටියකුත් පමණක් ඈට හිමි විය. පියවි සිහියට පැමිණි ඈ කල්පනා කරන්නට විය. ගිවිසුම් කාලය තුන් වසරකි. මේ වසර තුනම තමන්ට මෙසේ දිවි ගෙවීමට නොහැකිය. තමන් තීරණයක් ගත යුතුය. තමන්ට දැන් මෙතනින් මිදී යාමටද මගක් නොමැත. ඒ කෙසේ වුවද තමන් පණමෙන් රැකි පතිදම් මේ මී හරකුන් හට කෙලසීමට ඉඩ දිය නොහැකිය. ඊට වඩා සියවරක් මිය යන එක සැපතකි, නම්බුවකි. ඇය එසේ සිතුවාය. තීරණයක් ගත්තාය.

අමාරුවෙන් නැඟී සිටි ඇය තම පොරෝනය දෑතට ගෙන අඹරවා සකස් කරගත්තාය. මීළඟට ඇඳ මත පුටුවක් තබා ඒ මත නැඟී සිවිලිමෙහි වූ කොක්කක පොරෝණය ගැට ගැසීමට උත්සාහ ගත්තාය. නමුත් ඇගේ අරමුණට බාධා කරමින් ගෙහිමි කාන්තාව ඇයට හඬගාන්නට විය. ඇයට යම් තරමකට දැන් මොවුන්ගේ භාශාව තේරුම් ගැනීමට හැකියා තිබුණි. ස්වාම් දුව හඬ ගෑවේ ඇයට දුරකතන ඇමතුමක් බව දැනුම් දෙමිනි. ඇය වහා එදෙසට දිව ගියාය. හතිලමින් දුරකතනය කනේ තබා ගත්තාය. එහා කොනෙන් ඇසුණේ ඇගේ දරු පැටවුන්ගේ හඬයි. හය හතර නොදත් පොඩිවුන් ගිරවුන් සේ නොයෙක් දේවල් කියවයි.

ඇය එවන මුදලින් ඉගෙන ගන්නා සැටි කියයි, කෙදිනක හෝ දොස්තර කෙනෙකු වී  අම්මාට බෙහෙත් දැන හැටි කියයි. අම්මා රටින් කතාකරන බෝනික්කන්, පියාඹන ගුවන් යානා ගෙන එනතුරු බලන් ඉන්නා බව කියයි. තාත්තා අලුත් ගෙදර වැඩ පටන්ගන්න සූදානම් වන හැටි කියයි. ඇයගේ මුළු ලෝකයම කරකැවී යන්නට විය. රිසීවරය බිම අතහැරි ඈ වේගයෙන් කාමරය කරා දුව විත් ඇඳේ පෙරළී ඉකිතලමින් හඬන්නට විය. කඳුලු ගංගා හෙලන්නට විය. නෙතේ කඳුලු සිඳෙන තුරු ඇය හැඬුවාය. මින් පසු කඳුලු නොහෙලන්නට තමන්ටම ශපථ කරගනිමින් ඇය අන්තිම වතාවට හැඬුවාය.

යක්ෂයාගේ රාත්‍රිය උදාවිය. නින්ද අසලකයවත් නො එන රාත්‍රියක ඇය දෙනෙත් පියා සිටියාය. මැදියම් රැයේ ඇගේ කාමරයේ දොර විවර විය. හැඩි දැඩි සිරුරක් අඳුරින්ම මතු විය. කිසිත් නොඇසුණු ලෙස ඇය නිසොල්මන්වම සිටියාය. දොර නැවත අගුලු වැටුණි. පිසාචයා ඇගේ සයනය මතට විය. මෙවර කිසිදු විරෝධයක් නොදක්වන ඈ දෙස වරක් මවිතයෙන් බැලූ තිරිසනා හැකි උපරිම වෙර යොදා මාසයක පමණ සිට ඇවිලෙන ගින්නට ඇගේ සිරුර මතට නිදහසේ කඩා හැලීමට ඉඩ දුන්නේය. කුණු ගඳ හමන රළු දෙතොලකට ඇගේ දෙතොල් සිරවෙනු ඇයට දැණුනු අතර පිළිකුල තදින් දරාගෙන ඇය නෙත් පියාගෙනම හුන්නාය.

පාළු සොඳුරු රැයක, කුප්පි ලාම්පු එළියේ සෙවණැලි තම නග්න සිරුර කඩින් කඩ මුවා කරන මොහොතක තම ප්‍රියාදර සැමියා අතින් ලත් දයාබර සියුම් රිදවුම් වලින්  ආනන්දව තම කෝමල නාරි දේහය ඔහුගේම ඔහුගේම පමණක් කරදෙමින් ගෙවූ මිහිරියාව වෙනුවට අරාබියේ මී හරකෙකු තම සියුමැලි පතිනි වත කෙලෙසා දමනු විඳදරාගෙන ඇය නිසොල්මනේම සිටියාය. දහසකුත් එකක් වද බන්ධනයන් සමඟ අතිශය වේදනාකාරී විරාමයන් පසු කරමින් නරුමයකුගේ නොසන්සිඳෙන නරුම අතිශය විකෘති ආශාවන් සන්තර්පණය උදෙසා ඇගේ සියොලඟම කැපවී ගියාය.

පැය කිහිපයකට පසු පරල වී ගිය ඇගේ නග්න කිලිටි සිරුරින් යක්ෂයා නික්මී ගිය අතර සිත් පිත් නැත්තියක සේ ඔහේ වැතිරී හුන් ඇය එලෙසින්ම විඩාවෙන් ක්ලාන්තව ගියාය. පසු දිනත් උදා වූ අතර එදින සාමාන්‍ය ලෙස ගෙවී ගියේය. රාත්‍රිය යක්ෂයාට කැපවූ අතර වේදනාව ඇයට දැන් සාමාන්‍යකරණය වී තිබිණ. එක රැයක් අප්පාගෙන්ද, තව රැයක් පුතාගෙන්ද කිලිටි වූ ඇය මෙලෙස කරුම අවීචි දිවියකට හුරුවී ගියාය.

කාලය කෙමෙන් වියකී ගිය අතර එදිනෙදා කන බොන තරමටම සාමාන්‍යකරණය වූ ඇගේ ලිංගික කටුක වහල් දිවිය සමඟ දිවා කල බැලමෙහෙයෙන්ද, රාත්‍රී කල ලිංගික මෙහෙයෙන්ද ඇය සැබෑ ලෙසම වහලියක වූවාය. තවත් කාලකණ්නි රාත්‍රියක උදාව සිදුවූ අතර අතිශය අස්වාභාවික වේදනාකාරි පැය කිහිපයක වෙහෙසකර කාල පරිච්ඡේදයක් අවසන සියොළඟම කිලිටි කරන ලද ඇය පාප ග්‍රහණයෙන් මිදුණාය. මොහොතක් ඇඳ වියලට හේත්තුව තමාට පිටුපා යන කුණු මස් කන්ද දෙස ඔක්කාරයෙන් බලා සිටි ඇය සිවිලිමට නෙත් හරවා තම පාපී කරුම දිවියත්, තමන් මෙම තත්වයට පත් කල හේතුවත්, තමන් උපන් කරුම කාලකණ්නි රට ගැනත් ඇය වේදනාවෙන් මෙනෙහි කලාය.

තමන්ගේ සියොළඟින්ම හමන දුර්ගන්ධයට තමන්ගේම දෙනාස්පුට හකුළුවා ගනඉමින් ඇය ඇඳෙන් නැඟිට මේසය අසලට ගොස් ඊට වාඩිවූ අතර තව දුරටත් ඈට මෙම වේදනාව, මෙම පාපය දරාගත නොහැකි හෙයින්ම  කොලයකුත් පෑනකුත් ගෙන සිය දයාබර සැමියාට ලිපියක් ලිවීමට පටන්ගත්තාය...




අබුඩාබියේදීය දයාබර ස්වාමිනී..
කිළිටි වූ ගැහැණියක ලෙස ඔබට ලියන්නෙමි..
නොකිළිටිව ඔබ සැවොම අහෝ රැක ගත නොහැක..
මගේ පව් සමාකර මේ ලිපිය කියවන්න..

අරාබියෙ මොලේ නැති කාලකණ්ණින් සමග
වැතිර හිද වෛරයේ ගිණිගොඩේ පැහෙන්නෙමි..
මා සිරුර මගේ නොව අනුන්ගේ යයි සිතා
ඩිරාමය ඩිරාමය ගනන් කර බලන්නෙමි..

මේ අපා දුකට මා පත් කලේ මගෙ රටයි
මගෙ රටේ මහ එකාලයි උන්ගෙ පන්තියයි..
එන්ට හැකිනම් උන්ට කරන දේ දන්නවා...
ගමන් බල කරදාසි අරාබියෙ උන් ලඟයි..

අනුන් හට අත නොපා දිවි ගෙවූ ජාතියක්..
කාණු හෝදන්ට නොරටක යැවූ අය කවුද...
උන්ට හෙණ හත වැදී නැසේවා නැසේවා..
මා ඔබේ... ප්‍රියාදර... පියවතී.. ස්වාමිණී..


ගායනය - නන්දා මාලිණිය 
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය -රෝහණ වීරසිංහ




(Abudabiyedeeya - Nanda Malini)


                                                       -සත්‍ය සිදුවීමක් ඇසුරිණි. ඡායාරූප අන්තර්ජාලයෙනි-

62 comments:

  1. ලංකාවේ අපි හැමෝම මේවට වග කියන්න ඕනා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මේ සමස්ථ සමාජ ක්‍රමයම මේවට වගකියන්නෝනි.

      Delete
  2. //කිසියම් පුද්ගලයෙකු ඇය හමුවට පැමිණ පැහැදිලි සිංහලින් ඇයට මහත් අස්වැසිල්ලක් දැණිනි. // පැහැදිලි සිංහලින් ඇමතුවිට වගේ දෙයක් නේද එන්න ඕනි?
    //නමුදු හැඩි දැඩි තම්බියාගේ දෑතට දෙපයට, මුලු මස් කඳටම සිරවී හුන් ඈ// සැර වැඩි නැද්ද?
    නිතරම වාක්‍ය ඛණ්ඩ දෙකක් එකතුකරන්න *අතර* වගේ වචනයක් දැම්මම ඒක වාර්තා ස්වරූපයක් ගන්නවා වගේ නේද?
    මේ ටික සලකා බලා මේ කමෙන්ට් එක මකන්න. ඔරිජිනල් කමෙන්ට් එක මග එනෝ...

    ReplyDelete
    Replies
    1. උඩම කාරණාවේ නම් ලොකු අතපසු වීමක් තිබිල මචෝ. හොඳ වෙලාවට උඹ ඒක පෙන්නුවේ. ඔන්න ඒකනම් හැදුවා.

      \\ //නමුදු හැඩි දැඩි තම්බියාගේ දෑතට දෙපයට, මුලු මස් කඳටම සිරවී හුන් ඈ// සැර වැඩි නැද්ද?//

      සැර නම් වැඩී තමයි මචං.ඒත් මේ ගීයට ඒකෙ ලොකු නොගැලපීමකුත් නෑ නේද. මේ ගීතය ටිකක් සැර පරුෂයිනේ. උදාහරණේකට මේ ගීතයේ එක තැනක මෙහෙමත් තියෙනවනේ.

      "උන්ට හෙණ හත වැදී නැසේවා නැසේවා.."

      අන්තිමට කියන කතාවනම් සහතික ඇත්ත බං. ඕක මගේ ලොකු දුර්වලතාවයක්. මොකක් හරි ලියනකොට මගේ අතින් ලියවෙන්නෙම මහා පතරංග දිග වාක්‍යය. මං ඒක හදාගන්න හැම වෙලේම උත්සාහ කරනවා. එත් නොදැනිම ලියවෙනවා. ඒ අඩුපාඩුවනම් ඉක්මනටම හදාගන්න ඕනි තමයි.

      ඇත්තෙන්ම ගොඩක්ම ස්තූතියි විසිටරයෝ, මේ විදියට මේ දේවල් පෙන්නලා දෙනවට. නිර්මාණ තුල අඩුපාඩු මඟහරවාගනිමින් සාර්ථක නිර්මාණ බිහිකරගන්න මේ වගේ දයාබර ඔවදන් කප්පරක් තරම් වටිනවා. මේ කමෙන්ට්ස් මකන්නෝනි නෑ බං. එහෙම අවුලක් නෑ. මේ කමෙන්ට්ස් මාර වටිනවා.

      මඟ එන කමෙන්ට් එක එනකල් මඟ බලන් ඉන්නවා හොඳේ.

      Delete
    2. Visitor ගේ කමන්ටුව මැකුවෙත් උඔත් එක්ක ගේම ඉල්ලනවා.

      Delete
    3. මනෝෂ්, උඹේ ලිවිල්ල පට්ටයි කියලා ලෙස්සලා යන්න බෑ මචෝ.
      උඹට තියෙනවා හරියට කොනන් ඩොයිල් නැත්තං ප්‍රේමසර ඈපාසිංහ වගේ ස්ථානයක් විස්තර කිරීමේ හැකියාව. මේ හැකියාවම යොදල අර මුලින්ම කාමරේට ගිය වෙලේ එතැන වටපිටාව විස්තර කල ආකාරයටම ටිකක් දිගට ඇරං, ගමේ ගැහැණියක් දියුණු රටකට ගොඩබැස්සම මුලින්ම ඇතිවන හැඟීම, ගුවන් තොටුපලෙන් ගෙදරට යන තුරු මග දකින අරුම පුදුම දේ විස්තර කලානං අන්තිමේ ඇය මුහුණ දෙන කටුක අත්දැකීමේ කම්පනය වැඩිකරන්න තිබ්බා නේද?
      ඇගේ සිතිවිලි දාමය ඡේද ගණනක් වුණත් ඇදගෙන යන්ට උඹට හැකිවෙලා තියෙනවා කියවන්නාට ඒකාකාරිත්වයක් නොදැනෙන්ට. එහෙම සිතිවිලි විස්තර කරන්ටත් උඹට තියෙන හැකියාව මරු. අනික උඹ සාර්ථක වෙන්නෙ (ඉඳහිට ඒ නිසාම අසාර්ථක වෙන්නෙත්) මේ ගැහැණියගේ චරිතය ආරූඪ කරගන්නා නිසා. එතනදී බොහොම වේගයෙන් අදහස් ගලා එන බව පේනවා. මුලදි දෙබසක් දෙකක් තිබුණත් ඉන්පස්සෙ දෙබස් එකතුවෙලා නැත්තෙ අරාබි භාෂා ප්‍රශ්නය විය හැකියි. නමුත් මූලිකව අවශ්‍ය වචන උගන්වා සේවයට යවන නිසා සිංහලට හඬ කැවූ දෙබස් පසුවත් යෙදුවානං තව ප්‍රාණවත් වෙන්න තිබ්බා. අර ආරූඪයෙන් මේ අවශ්‍යතාව අමතකව ගිහිං හැඩයි.
      බලාපොරොත්තු පොදි බැඳගෙන ඇරඹීමත්, තමන් මුහුණ දෙන ඛෙදජනක අත්දැකීමෙන් ජීවිතය එපා වීමත්, නැවත බලාපොරොත්තු නිසාම (අර දුරකථන ඇමතුම නිසා) ඕනෑම දේකට මුහුණ දෙන්න හිත හදාගැනීමත් අපූරු තනි වාක්‍යයකින් පෙන්නනවා.
      //මින් පසු කඳුලු නොහෙලන්නට තමන්ටම ශපථ කරගනිමින් ඇය අන්තිම වතාවට හැඬුවාය.//
      ජනප්‍රිය මාතෘකාවක්, තරමක් දැක පුරුදු ලිවීමේ රටාවක් වුණත් මේකෙ උඹට අනන්‍ය තව ලක්ෂණ ගොඩක් තියෙනවා.
      //පාළු සොඳුරු රැයක.............ඔහුගේම ඔහුගේම පමණක් කරදෙමින්// මේ එක තැනක්.
      උඹ තෝරගන්න ගීත වගේම පසුබිමේ ගොඩනගන කතාත් බොහොම රහයි. ඒ හැම දේම අතරෙ සුන්දර මිනිසෙක් ජීවත් වෙනවා. අන්න ඒ සුන්දර මිනිසාට පණ දීපං. උඹ යන ගමන උඹටවත් නවත්තන්න බැරිවෙයි. උඹ සුභවාදීව උඩ රිප්ලයි කල නිසා අඩුපාඩු තව කිව්වා හෙම නෙමෙයි ඈ... විචාරය ලේසියි. නිර්මාණය අමාරුයි. ඔඩිට් කරන්න ලේසියි. වැඩකරන්න අමාරුයි. නමුත් ඔඩිට් නැතුවත් බෑ.
      සුභ ගමන්....!!!

      Delete
    4. @මෙන්ඩියෝ,

      ගේමක් ඉල්ලනව නෙවෙයි, ගේමක් දෙන්න වටිනවා එහෙම වැඩක් කෙරුවොත්.

      Delete
    5. විසිටරයෝ..

      කියාගන්න වචන නෑ... ඇත්තමයි. කමෙන්ට් එක දහ දොලොස් වතාවක් කියෙව්වා.

      \\මනෝෂ්, උඹේ ලිවිල්ල පට්ටයි කියලා ලෙස්සලා යන්න බෑ මචෝ. //

      පුදුම විදියට මේ කතාව හදවතට දැනුනා. මගේ නිර්මාණයට මේ දුන්න වටිනාකමට ඇත්තටම අනේක වාරයක් ස්තූතියි ඔබට.

      නිර්මාණය දෙතුන් වතාවක් කියවල, එහි විවිධ තැන් උපුටල, සෑහෙන වෙලාවක් ඒ වෙනුවෙන් කැප කරල මේ විදියට දෙන විචාර තමයි හැම දේකටම වඩා වටින්නේ.

      කියපු හැම කාරණයක්ම ඉතාම වැදගත්. ඔබ කිව්ව වගේ මේ කතාවෙ තවත් ඉස්මතු කරන්න පුලුවන් තැන් ගොඩක් තිබුනා. ඇත්තෙන්ම කතාව නීරස නොවී තව දීර්ඝ කරන්නත් අවස්ථාව තිබුනා. ඒත් සමහර තැන් හිතාමතාම කෘත්‍රීම විදියට මං කෙටිකරපු අවස්ථා තිබුනා. මොකද එහෙම උනානම් මේ ලිපිය තව සෑහෙන්න දීර්ඝ වෙනවා. බ්ලොග් ලිපියක් නිසා එහෙම උනානම් ලිපිය කොටස් කිහිපයකට පළ කරන්න වෙනවා. ගී විචාරයක්, සංවේදනාවක් නිසා එහෙම කොටස් දෙකකට දාන්නත් බෑ. කොහොමත් සංවේදනාවක් නිසා, කෙටි කතාවක් ස්වරූපයෙන් ලියුවත් අපිට බලහත්කාරයෙන්ම වැට කඩොලු බැඳගන්න වෙනවා. ඒකයි අවුල. ඒ කොහොම උනත් ඔබ පෙන්වා දුන් කරුණු සමඟ ඉදිරියට යන්න හැකිනම් නිර්මාණය තව බෙහෙවින්ම ආකර්ශණීය වෙන්න අවස්ථාව තිබෙන බවනම් සහතික ඇත්ත.

      කමෙන්ට් එකේ අනිතිමට කියල තිබුන ටිකනම් දෑස් තෙත් කරන්න සමත් උනා. එහෙම කියන්න ලැජ්ජා නෑ මම. ඇත්තෙන්ම විසිටරයෝ..ඔබට බෙහෙවින්ම ස්තූතියි මේ ලබා දුන් වටිනාකමට.

      Delete
  3. මනෝෂ්........ උදෙන් ම බලපු ගමන් ම ඔබේ නිර්මාණය අප්ඩේට් වෙලා... හිතට සතුටක් ආවා කියවන්නට....

    ඒත් ගීතයේ නම දැක්කා ම හිතට ආපු සතුට කියා ගන්න බැරිතරම්. ඒත් ආයෙම බැලුවා ඒක සතුටක් ද දුකක් ද කියලා. ඇත්තට ම මුලින් ම ඔබව අගය කරනවා මේ ගීතය තෝරාගත්තාට. ඔබ තුළ ඇති නිර්මාණශීලීත්වය.. පරාසය සහ ලැදියාව එමගින් ම ඔප්පු වෙනවා... ඇත්තටම මනෝෂ් නිර්මාණය කියවන්න කලින් ආවේ ඒ ගැන කියලා යන්නයි...... අපි කියවලාම ඉතුරු ටික කතා කරමු...................

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම හරි අපූරු අගය කිරීමක් ගී පවුරේ. මේ ගීය මගේ හදවත් පුදුම විදියට පාරපු, අවුලවපු ගීයක්. අපේ රට ගැන මහ පුදුම කළකිරීමක් ඇතිවෙනව මට මේ වගේ දේවල් වලදි. ඒ හැඟීම වඩාත් තීව්‍ර උනේ, අපේ ගමේ තැනැත්තියක් මේ කාළකණ්නි අත්දැකීම පුද්ගලිකවම විඳ ඇති නිසා.

      ඉතින් ගී පවුරේ, නිර්මාණය රසවිඳීමෙන් පසුව අපි වැඩි විස්තර කතාකරමුකො එහෙනම්..

      Delete
    2. මනෝෂ්...............

      හරිම රසවත් නිර්මණයක්. ඇත්තට ම මනෝෂ් මේ ගීතය ගැන කතා කරනවා නම් ඒක ගීතයකට වඩා වේදනාවක් කෙදිරීමක් කියලයි මටනම් හිතෙන්නේ. එහි තාලය හෝ හඩ රසයට වඩා තියෙන්නේ අන්තර්ගතයේ රසවත් කමක් සහ එය කියනා විදිහේ රසවත් කමක්... එය කෙලින් ම කියනවා. අනං මනං නැහැ... සාමාන්‍ය ජනතාවට තේරෙන විදිහට ඒ යුගයට ගැලපෙන විදිහට ලියුවා කියලයි මං හිතන්නේ. සුනිල් ආරියරත්න නන්දා සුසංයෝගය පවන යුගයේ කළ දැවැන්ත මෙහෙවරට අයත් ඉතා අනුවේදනීය ගීතයක් මේක........ ඇත්තට ම මනෝෂ් කොහෙන් පටන්ගෙන මොනවා කියන්න ද කියලා හිතාගන්න බැරි තරම් දේවල් තියෙනවා කතා කරන්න ඒ ගැන....

      ඇත්තට ම අපි අපේ රටේ ඉන්න අම්මලා අක්කලා නංගිලා ටික විකුණගෙන කන මේ රට රස්සා ව නැති කරන්න පුළුවන් නම් ඒක තමයි හොදම දේ... ඒත් ඇයි අපිට මේක කරන්න බැරි. දළුකඩන කාන්තාවෝ ටිකක් ගාමන්ට් යන කාන්තාවෝ ටිකයි රට යන කාන්තාවෝ ටිකයි තමයි ලංකාවේ ආර්ථකය ගෙනි යන්නේ ඇත්ත ම කතාව ඕකයි. ඒ කියන්නෙම අපි රටේ කාන්තාවන් විකුණගෙන කාලා ජීවත් වෙන පිරිමි නොවන ජාතියක්. ඔය ඇත්ත කාටවත් නැහැ කියන්න බැහැ මනෝෂ්

      Delete
    3. පවනින් සුනිල් ආරියරත්නයි, නන්දා මාලිනියි මේ රටේ හංගගෙන ඉන්න යථාර්තය හරිම විවෘතව එළිකලා. ඒකෙන් බොරු සංස්කෘතික කුක්කන්ට ලොකු පහරක් වැදුනා. මිනිස්සුන්ගෙ ඇස්වල කඩතුරා ඇරුණා. ඒත් එක්කම තමන්ට පෙන්නපු තරම් දෙයක් මේ රටේ නෑ කියල මිනිස්සු තෙරුම්ගත්තා. ඉන්දියන් සාගරේ මතු ඇටය, අර ඇටය, මේ ඇටය, වගේ දේවල් තව දුරටත් වලංගු නොවන බව මිනිස්සු තේරුම් ගත්තා. ඒ තේරුම්ගැනීමත් එක්ක පාලකයන් මේ රට ඒ තත්වෙට ඇදල දාල කියනෙකත් මිනිස්සු තේරුම් ගත්තා. ඒක දැනගත්ත පාලකයන් මේ කටුක සත්‍ය මිනිස්සු අතරට යන එක වළක්වන්න නොකරපු දෙයක් නෑ. අපේ තාත්හා පවන කැසට් පටය පරිස්සම් කලේ පොල් ගහක කරටියක හංගල. ඒක මේ ළඟක් වෙනකල් අපේ ගෙදර තිබුනා.

      ඒත් වර්ථමානයේ මේ නිර්භීත මිනිසුන් දෙදෙනාගේ ක්‍රියා කලාපය ගැනනම් මහ පුදුම කළකිරීමක් තියෙන්නෙ. ඒදාටත් වඩා අද රට පිරිහිලා. සමාජය පිරිහිලා. ඒත් අද ඔවුන් ඒවා නොදැක්ක ගානට ඇස්කන් පියාගෙන ඉන්නවා. මහ රජාට ප්‍රශස්ති ගයනවා. එදා කපුගේ කිව්වා,

      "මන්දිර මණ්ඩප සිහසුන් අරනා
      රාජ ඉසුරුබර නිරිදුන් හමුවේ
      පේලි ගැනී හිද ගැති හඩ නගනා
      ප‍්‍රශස්ති ගීයට නොබිදින් මා තත"

      කියලා. ඒත් අද කලාකරුවන්?? කපුගේ අපි අතර හිටියනම්..කියල අපිට හිතෙන්නෙ ඒකයි.

      මේක සමස්ථ සමාජ ක්‍රමයෙ වරදක් ගී පවුරේ. ගෑණු වහල් කමේ යවල ජීව්ත් වෙන නිවට ජාතියක් බවට අපිව පත් කලේ මේ පාලකයොමයි. කිසිම ආර්ථික ප්‍රතිපත්තියක් නැති, බදු වලින්, දඩ වලින්, කැසිනෝ වලින්, ගණිකාවන්ගෙන්, සංචාරකයන්ගෙන් ගොඩ දාන්න හදන ලෝකයේ පහත්ම ආදායම් මාර්ග වලින් ගොඩ යන්න හදන ආර්ථික ක්‍රමයක් තියෙන්නෙ අපේ පාලකයන්ට. නිශ්පාදනයක් ගැන, කර්මාන්තයක් ගැන හිතන්නවත් මොළයක් නැති පෙට්‍රල් ශෙඩ් වල තෙල් ගහපු මෝඩයන් ආර්ථිකය මෙහෙය වනකොට මෙහෙම දේවල් වෙනවා. කතාකරල වැඩක් නෑ මේවා.

      Delete
  4. මේ ගැන මම කලින් අදහස් දක්වලා තියෙන නිසා මුකුත් කියන්නේ නෑ.. මක්කටද මිනිස්සු තරහ කර ගන්නේ..

    ReplyDelete
    Replies
    1. අඩේ... මාතලන් අයියණ්ඩියේ, ඒ කලින් සිද්ධිය නම් ජීවිතේට අමතකවෙන්නෙ නෑ තමයි. මාතලන් අයියගේ ඒ මතයට මං එකඟයි. ඒත් මං මේ කියන්න හැදුවේ,අපේ රටේ අහිංසක ගෑණු මේ තත්වෙට පත්වෙන්නෙ අපේ රටේ වැරැද්දෙන්නෙ. ඒකනේ අවුල. අනුන්ගෙ රටවල වලං හෝදන්න යවන්නැතිව අපේ රටේ මහ එකාලට එක එක පිස්සු නටන වෙලාවෙ මේ අහිංසකයන්ට හරි හමන් රස්සාවක් දෙන්න පුළුවන් උනානම්. එහෙනම් මෙහෙම දු විඳගෙන යන්නෙ නෑනෙ කීයටවත්.

      Delete
  5. මේවා ගැන කොච්චර කිව්වත් වැඩක් නෑ බන් ,උබේ නිර්මාණය එලකිරි ..කතාව සම්ප්‍රදායිකව අහන කතාවක් වුනත් ලියලා තියෙන රටාව නියමයි ..ජය

    ReplyDelete
    Replies
    1. අඩේ සහෝ..උඹ කාලෙකින් දැක්කෙ. මොකෝ උනේ පහුගිය දවස් ටිකේ. රූපෙ එහෙමත් වෙනස් කරල. එළ එළ. ඉකමනට පෝස්ට් එකක් එහෙම දාහංකො. ඉතින් දැන්.

      Delete
  6. මචං උඔට හුස්ම ගන්න අමතක වුනාට දිගටම ලියපන්..උඔ ලියපුවා කියවනකොට අපිට හුස්ම ගන්න අමතක වෙනවා..
    එල ද බ්‍රා
    සින්දු, ඉන්දික අයියන්ඩි, පත්තර මල්ලි අපි ඔබලාගේ පැමිනිම බලාපොරෝත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. මෙන්ඩියෝ...ස්තූතියි බොක්කේන්ම. මේ වචන මහ හයියක් තව ලියන්න.

      ඒක තමයි, මාත් මේ බලන් ඉන්නේ මුං ටික එනකල්.

      Delete
    2. එකෙන්ම මෙන්ඩා !! මේ ආවා …

      Delete
    3. පත්තරයෝ..

      මොකෝ නිකං කඩදාසි ලිපේ දාල වගේ??

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. සමස්ත විචාරයම ගත්තම //මින් පසු කඳුලු නොහෙලන්නට තමන්ටම ශපථ කරගනිමින් ඇය අන්තිම වතාවට හැඬුවාය.// එක විදියක් එතනින් හැරෙන ටර්නින් පොයින්ට් එකත් එක්ක පසු කොටස තව විදියක්. මුලින් කොටසේ තියෙන ය පිලිබඳ අනුකම්පාව ඒ ටර්නින් පොන් එක හරහා පිසාචයා දෙසට කෝපයක ලෙසින් පිටවවෙනවද කියන එක ගැටලුවක්.

    ලිපියේ මාතෘකාවත් එක්ක කොහොමත් පුර්ව නිගමනයකින් නේ කතාවට ප්‍රවිෂ්ට වෙන්නේ, හරි එතින් කතාව ගලාගෙන යන විදියට පියවිය කෙරෙහි උපන් අනුලම්පාව නොදන්නා රටක තනිවුන මුවත්තියකගේ හැඟුමන්, කවදාවත් නුදුටු සීතකරණයේ පලතුරු කාම බීම , ඇන්දේ තියෙන සුව පහසුව එක්ක ය මවන හීන මාලිගය අතීතාවර්ජනය සහ ඇගෙ අගහිඟකම් සංසන්දනය ඔබය ඉතාමත් අනර්ග ලෙස වචන වලට පෙරලලා වචන අමුනලා කතනදරයකටත් පෙරලලා.

    එත් යක්ශාගේ හෝරාවන් එක්ක පත්තිවත උදෙසා සටන් වදින ඇය හත් දරුවන්ගේ එක දුරකථන ඇමතුමක් හමුවේ සියල්ල අමතක කර දමා ළමයිනේ හීන බොළඳ වදන් හමුවේ ",අට හෙනගහුනත් කමක් නැහැ, දරුවන්ට හොඳක් වෙනවනම්" කියලා හිතෙන අම්මා කියන භූමිකාවට ප්‍රවිෂ්ට වෙලා කඳුල තිත තියපු විදියත් එක්ක ඒ සියල්ල ඔබ සන්ගවපු අයුරුත් අපුරුයි.

    අනේ ඊළඟට මස් වැදලි කතාව නම් ඇත්තමයි පිළිකුල් සහගතයි, එහිත් ඔබ යම්කිසි රසයක් සඟවලා පහන්දල්ලේ සෙවනැල්ල යන යෙදුමන් සමග.

    හරි අනේ එත් ඇය ඒ වගේ ටර්නින් පොයින්ට් එකක් ජීවිතේ ගනීද කියලත් මේ කතාව කියවන ගියාම හිතෙනවා. මොනා කරන්නද හීන වලට යටවෙච්ච තවත් එක මනුස්ස පරානයක්.

    මේ ගැන කෙතරම් කතා කෙරුණත් පලක් නැහැ, සමස්ත ක්‍රමයේම තියෙන අඩු ලුහුඩු තවලින් කවදත් දුප්පත් කම මැදපෙරදිගට පියාඹලා මස්වදැල්ලක් ලංකාවට එනවා. කාසි කොළ වලටත් වඩා ඒ මිනිස්සු ඒ මිනිස්සුන්ගේ හීනවලටම යනවෙනවද මන්දා, පාලකයන් පලයට සීමා භාදක එළුවට හේතුව තවමත් එතනමයි, උන් දකින්නෙත් සිහිනයක්ම පමණයි. ඒ සිහින අස්සේ කවුරු හරි ඇස අරියනම් අන්න ඌ අන්ධයෙක්ම විතරයි. මේ වගේ ගීත කතා තව කොතරම් තිබුනත් මේවා කතන්දරම විතරක් වීම සැබවින්ම කනගාටුවට කරුණක්. ඒ නිසා එදත් අදත් හෙටටත් මේ වේගේ පියවතීලගේ කතන්දර අහන්න දකින්න අපිට ලැබේවි, එත් ඒ සියල්ල ඵලයම මිස වෙන කිසිවක් නෙවෙයි. හේතුව තාමත් එතනමයි.

    ජය වේවා.

    ReplyDelete
    Replies
    1. \\මුලින් කොටසේ තියෙන ය පිලිබඳ අනුකම්පාව ඒ ටර්නින් පොන් එක හරහා පිසාචයා දෙසට කෝපයක ලෙසින් පිටවවෙනවද කියන එක ගැටලුවක්.//

      මෙන්න මේ කොටසනම් හරියටම තේරුණේ නෑ සොමියො.

      ඇත්තෙන්ම මචෝ, හැරවුම් ලක්ෂය අංශක එකසිය අසූවකම කෝණයක් ගන්නෙ කිරි දරුවන්ගේ බොළඳ හීන නිසාම කියල කියන්නත් බෑ නේද මචං. මං එතනින් කියන්න උත්සාහ කලදේ කියවිලා නෑ වගේ. එතන මං අසාර්ථකයි. ඒ බොලඳ සිහින අතර හංගගෙන මං කියන්න උත්සාහ කලේ ඇයට කිසි සේත්ම ආපසු හැරෙන්න ඇති නොහැකියාව. ඇය මේ සැතපුම් දාස් ගානක් දුර පියාඹගෙන ආවෙ ඇත්තටම වෙන විකල්පයක් ඇත්තෙම නැති නිසානෙ. ඇය හම්බ කරන තුට්ටු දෙකෙන් ලංකාවෙ පවුලක් ජීවත් වෙනවා. ළමයි ඉගෙන ගන්නවා. සමහර විට සැමිය ඔත්පළ ඇති.

      සමහර විට අම්මගේ, තාත්තගේ ජීවිතය රැඳිල ඇත්තෙ මේ මනුස්සයා එතෙර ඉඳල හොයන සල්ලිවල වෙන්න ඇති. සමහර විට ණය තුරුස් ගෙවාගන්නෙ, සින්න වෙන ගේ ඉඩම බේරගන්නෙ මේ හොයන සල්ලි වලඉන් වෙන්න ඇති. මෙන්න මේ වගේ දේවල් දහස් ගානක් මට කියාගන්න ඕනි උනා. ඒත් ඒ ඔක්කොම මං අර ටිකෙන් කියන්න උත්සාහ කලා. ඇයට තිබුනෙ විකල්ප දෙකයි. එකක් සියදිවි හානිකරගැනීම, අනික මේ සියල්ල දරාගෙන සල්ලි හම්බ කිරීම. ඉතින් ටර්නින් පොයින්ට් එකෙන් ඇය දෙවනි විකල්පය තෝරගත්තා. දුරකතන ඇමතුම ඈට සියලු අගහිඟකම්, ප්‍රශ්න නැවත මතක් කලා.

      මේ සමාජ ක්‍රමය ගැනනම් තවත් කතාකරකර ඉන්නෙකේ නම් තේරුමක් ඇත්තෙම නෑ තමයි. අනිවාරෙන් මේ ක්‍රමය වෙනස් කරන්නෝනි. මේ වගේ තුට්ටු දෙකේ ආදයම් ක්‍රම නෙවෙයි අපේ රටට ඕනි. අපිට ආදායම් උපයන ක්‍රම නෑ. මුලු ආර්ථිකේම රඳා පැවතිල තියෙන්නෙ බදු මත. රටේ ප්‍රධාන ආදායම් මාර්ගය බදු. නමුත් ඒකනෙවෙයි වෙන්නෝනි. ඊට මතර ආදායම් එනවනම් ඒ මේ වගේ වහල් රැකියාවලින්. ඉතින් මේ ක්‍රමය වෙනස් වෙලා නිශ්පාදනය මත පදනම් වෙච්ච ආර්ථිකයක් තිබුනනම්, කර්මාන්ත මත පදනම් වෙච්ච ආර්ථිකයක් තිබුනනම් මේ අහිංසකාවියන්ට මේ වගේ ඉරණමක් අත්වෙන්නෙ නෑ.

      ඔවුන් නොරටුන්ට කඹුරන්නෙ නෑ. උන්ගෙ ලිංගික කෙලිබඩු වෙන්නෙ නෑ. එහෙනම් අපේ රටේම රස්සාවක් කරල රටත් හම්බකරල දේඉල උනුත් හැදෙනවා. ඒත් අපේ රට පාලනය කරන කාලකණ්නින්ට එහෙම උවමනාවක් නෑ. සැණකෙලි තියල, බාල් නටල, රේස් පැදල, ජනතා බදු වලින් ආතල් අරන් ජීවත් වෙන එක විතරයි උන්ගෙ බලාපොරොත්තුව.

      තව කියන්න ගියොත් මළ පනිනව බං. ඒ නිසා නවතින්නම්. උඹේ විචාරය මට විසිටරයාගෙ විචාරය වගේම වටිනවා. මේ තමයි මගේ ඉණිමඟ. උඹලගේ මෑ වචන තමා මගේ හයිය. උඹලට පිං!

      Delete
    2. //මුලින් කොටසේ තියෙන ඇය පිලිබඳ අනුකම්පාව ඒ ටර්නින් පොයින්ට් එක හරහා පිසාචයා දෙසට කෝපයක ලෙසින් පිටවවෙනවද කියන එක ගැටලුවක්.//

      පොඩි ටයිපින් මිස්ටේක් එකක්නේ

      නැහැ සමස්ත විචාරයම කොටස් දෙකකට කැඩෙනවා අර කිව්වා තැනින්, බස් වහරත් එහෙන් මිපින්ම වෙනස් වෙලා රටා දෙකක් වගේ දැනෙන්නේ.

      ඒ නිසා මුල් කොටසේ කියවන කෙනෙක් තුල ගොඩ නැගෙන පියවතී කෙරෙහි තියෙන අනුකම්පාව අර රට හරක් තම්බි දෙසට කෝපයක් ලෙස ගලා යනවද කියන එකයි ගැටලුව, කොහොමත් ලිපියේ හෙඩිමත් එක්ක පොඩි මලකින්නේ ඕකුන් ගැන කියවන්න බහින්නේ.

      ජය වේවා,

      මට මතකයි මම මේකේ කොහේ හරි ලිපියක ඔබට කීවා ඔබ පරීක්ෂණ කරන්න, නිරීක්ෂණ අපි දෙන්නම්, ඔබම නිගමන වලට එන්න කියලා,

      එත් දැන් අපට නිරීක්ෂණ දී ගන්නත් බැහැ, ඔබේ පරීක්ෂණ ඒ තරම්ම සාර්ථකයි, ජය වේවා.

      Delete
    3. //මේ ගැන කෙතරම් කතා කෙරුණත් පලක් නැහැ, සමස්ත ක්‍රමයේම තියෙන අඩු ලුහුඩු තවලින් කවදත් දුප්පත් කම මැදපෙරදිගට පියාඹලා මස්වදැල්ලක් ලංකාවට එනවා// ඇත්තටම සොමියා මේක තමයි ඇත්තම ඇත්ත

      Delete
    4. @සොමියා

      ආ..ඔව්, ඔව්. ඒ කතාවනම් සහතික ඇත්ත. ටර්නින් පොයින්ට් එකෙන් පස්සෙ කතාවෙ ශෛලිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තමයි. ඇත්තටම ඒක නම් නිරායාසයෙන්ම වෙච්ච දෙයක්. ඒ තරමට ඒ සිදුවීම ආවේගශීලීයි. ඒත් එක්කම නිකමට හිතුවොත්, මේ දේ උන කෙනා තමන් කියල, නැත්නම් ඒ තමන්ගෙ නැගණිය, දයාබර බිරිඳ හෝ පෙම්වතිය කියල, ඒ දැනෙන ආවේගය හිතට දැනෙනවා නේද.

      ඇත්තටම ඒ අතීතෙ කවදාවත් අමතකවෙන්නෙ නෑ මචෝ. උඹලගේ ඒ අත්වැල තමයි අද මාව මේ විදියට මෙතනට ගෙනත් තියෙන්නෙ. එදා උඹ මෙන්න මෙහෙමයි කිව්වෙ.

      http://masandumal.blogspot.com/2014/06/blog-post_3.html?showComment=1401854316682#c725007802463188966

      Delete
    5. @විදානේ,

      අනිවාරෙන්ම සිද්ධවෙන්නෙ ඔයටික තමයි බං.

      Delete
  10. මේ කටුක සත්‍යය , මේ දේවල් නියාමය කරන්න තනා එකම ආයතනයත් හොර ගුහාවක්, එක නිසා හැමදාමත් මේ දේවල් සිද්ධ වෙයි , අපි කට වාහන බලන් ඉඳියි

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පහුගිය කාලෙ වෙච්ච දේවල් දිහා බලනකොට, ඔය මොන ආයතන තිබුනත්, අරාබියෙන් බැස්සට පස්සේ අපේ අහිංසකාවියෝ ගැන බලන්න, උන් වෙනුවෙන් පෙනී ඉන්න බල්ලෙක්වත් නෑ. උන්ට උන්ගෙ පිහිටම විතරයි. කිසිම මානව හිමිකමක් උන්ට නෑ. සත්තුන්ටත් අන්තයි.

      Delete
  11. කියන්න දෙයක් නෑ මනොෂ්..
    කුලී වැඩට රට ගිය බොහෝ කාන්තාවන්ට අත්වන ඉරණම ඕක තමයි.. සමහරු ලැජ්ජාව නිසි සියල්ල වසං කරං ඉන්නවා.. එලි වෙන්නේ බොහොම පොඩ්ඩයි.. වටිනා සංවේදී සටහනක් මනොෂ්...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. \\සමහරු ලැජ්ජාව නිසි සියල්ල වසං කරං ඉන්නවා//

      ඒක තමයි වෙන්නෙ විදානේ. මේ කතාව මට කිව්වෙ තරුණ කාලේ රට ගිහින් ආවා, දැන් ටිකක් වයස කාන්තාවක්. මේ එයාගේ සැබෑම අත්දැකීම මගේ දෙසවනින්ම අහපු. ඒ අත්දැකීම පාදක කරගෙන තමයි මේ කතාව ලිව්වෙ මං අනිත් දේවල් වෙනස් කරමින්. මගේ මිතුරෙක් ඉන්නවා ඒජන්සි වලට රට යන කාන්තාවන් එකතුකරල දෙන. මං මේ ගැන උගෙන් ඇහුවා. ඌ කිව්වෙත් රට යන සීයට 90ක් දෙනාට මේ හා ඉතාම සමාන අත්දැකීම් වලට ගියපු පළමු දවසෙම මුහුණ දෙන්න වෙන බවයි.

      Delete
  12. මනෝෂ්......ගීතයේ අන්තර්ගතය ගැන කිව්වොත් තියෙන්නේ කටුක ඇත්තක් වුවත්, මෙය එක් සිද්ධියක් පමනක් මිස, හැම දෙනාගේම කතාව නොවේ. අපි එය අමතක කරමු. මොකද කිව්වොත්....ගීතයක අන්තර්ගතය ගෙන සමාජ විචාරත්මක සටහන් ලිවීම තුලින් ගීතය තුලින් මතු කෙරෙනා සංවේදීත්වය හෝ එහි සංගීතය, ගායනය වැනි අනිවාර්යයෙන් සාකච්ඡා කල යුතු දෙ පසෙක තබා, එය සමාජ විවරණයක් හෝ දේශපාලන විග්‍රහයක් දක්වා ගමන් කිරීමේ ප්‍රවනතාවයක් බ්ලොග් ලෝකය තුල දකින නිසා. එ අන් කිසිවක් නිසා නොව, එවෙලේම පිලිතුරු දීමේ හැකියාව නිසායි. එවැනි අවස්ථා නිසා ලේඛකයා මතු කරනා අදහස් පසෙකලා, ඝෝෂාකාරී කුකුල් පොරවලට යැවෙනවා. ඒ මගේ පෞද්ගලික අදහසයි!

    පියවතීගේ චිත්ත ස්වභාවය විග්‍රහ කිරීම උඹේ සටහණ තුලින් අපූරුවට හිතට දැණෙනවා. ගීතයක ඇති පද පේළි කිහිපය, කුඩා කතා පිංචක් කිරීමට,උඹ දක්වන උනන්දුව සහ හැකියාව එදත්, අදත් මම අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මෙවැනි විරෝධාකල්ප ගී බිහි වෙලා තියෙන්නෙම ගීතයේ සංගීතය, පද රචනය, ගායනය ගැන කතා කිරීමටත් වඩා ම පවතින පිළුණු වෙච්ච සමාජ ක්‍රමය, දේශපාලන ක්‍රමය ගැන කතාකරන්නම තමයි අරූ අයියේ. සමාජයේ දෙනෙත් විවර කිරීමයි මෙවැනි ගීත වල අරමුණ. ඒ නිසා මං හිතන විදියටනම් මේ දේවල් ගැන එවැනි සංවාදයක් ඇතිකිරීමයි හොඳම දේ. එතනදි අපි ආවේගශීලී වෙලා, කුලල් කාගෙන තේරුමක් නෑ. ඇත්ත යථාර්තය අපි බුද්ධිමත්ව ඇතිසැටියෙන් කතාකල යුතුයි.

      \\එවැනි අවස්ථා නිසා ලේඛකයා මතු කරනා අදහස් පසෙකලා, ඝෝෂාකාරී කුකුල් පොරවලට යැවෙනවා//

      බොහෝ විට සිදුවන්නෙ මෙය උනත් අපි කලයුත්තේ මේ තත්වයට පත් නොවී මේ සමාජ යථාර්තය තේරුම් ගෙන ඒ දෙස සවිඥානිකව බැලීමයි. ඒ මගේ අදහස තමයි ඉතින්.

      කොහොම උනත් අරූ අයියට බෙහෙවින්ම ස්තූතියි මේ නිර්මාණයට වටිනාකමක් ලබල දුන්නට.

      Delete
  13. සිය සිය ගව් දුර ගිනි ගත් වැලි කතරේ
    කොහේද කොහේද වරදක් ඇත අම්මේ
    දෙවියන්ගෙ කැමැත්ත ද නොදනිමි මම අම්මේ
    ගිනි ගත් වැලි කතරේ මේ ගිනි ගත් වැලි කතරේ

    දුප්පත්කම සිඟමන් යදිනා
    මනස් නොමැත්තෝ කහවනු පොඳි බඳිනා
    මේ ගින් ගත් වැලි කතරේ
    කොහේ ද කොහේ ද වරදක් ඇත අම්මේ

    පර්දාව විවර කර බලන්න මගෙ අම්මේ
    රන් දම්වැලක් සැපූ ගෙලක් ගහලයෙකු අත වූ
    කගක් ළඟදි අසරණ වී
    පර්දාව විවර කර බලන්න මගෙ අම්මේ
    ගිනිගත් වැලි කතරේ මේ ගිනි ගත් වැලි කතරේ


    පද රචනය - බෝගන බෝකන්ද
    සංගීතය – මිලින්ද ප්‍රභාත් තෙන්නකෝන්
    ගායනය – විශාරද පියුමි මධුෂිකා ධර්මසේන

    ReplyDelete
    Replies
    1. සින්දු ඇනෝ.....මේ රිසානා ගැන ගයපු ගීයක් නේද? මේක අහන්න කොහෙද තියෙන්නේ?

      Delete
    2. සිංදු ඇනෝ .. අති විශිෂ්ටයි !!!!!!

      Delete
    3. ++++++++++++++++++++++++++++++++ සිංදු

      Delete
    4. අරු අය්යේ මම මේ පද ටික දැක්කේ සිළුම්න පත්තරේ .මමත් අහන්න හොයනවා .තවම හොයා ගන්න බැරි උනා .හොයාගත්ත ගමන් දෙන්නම් .....

      Delete
    5. @සින්දු ඇනෝ,

      මචෝ... උපරිමයි. මේ කතාවට උඩ සිංදුව තරමටම ගැලපෙනම ගීයක් උඹ ගෙනත්.

      මං මේ පද රචනාව අදමයි දැක්කේ. අපි කොහොම හරි ගීතය හොයමු මචං.

      Delete
    6. @අරූ..

      අයියේ, මේ ගීය රිසානා ගැන කියල දැනගත්තෙත් ඔයා දැන් එහෙම කිව්ව නිසා. අපි කොහොම හරි ගීතය හොයාගන්න බලමු.

      Delete
    7. @පත්තරේ & විදානේ,

      සම්පූර්ණයෙන්ම එකඟයි දෙන්නත් එක්කම.

      Delete
    8. බ්‍රෑන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    9. ස්තූතියි..ස්තූතියි නැවතත්..

      Delete
    10. @ මෙන්ඩා, මචෝ මුන් දැන් ගල් වලත් කොලිටියද මොකක්ද වෙනස් කොරලද මන්දා බන් තවම ඔලුව රිදෙනවා .(ඊයේ නිවාඩු නේ.ඔලුවක් තියනවා කියලා මතක් වෙන්නේ මේ වෙලාවට තමයි ) ඔලුව කලු ගලක වැදුනා වගේ .අම්මෝ ...

      මොනා උනත් ඉතින් බ්‍රෑන්ඩ් එක ගල්ම තමයි .. :(
      -ස්තුතියි-

      Delete
    11. හැබෑද? කිව්වට බෑ ඉතින් පෙර කරුම පලදෙනකොට ඔහොම තමයි ඉතින්.

      Delete
    12. කලවං බඩු වෙන්නැති නේ සිංදුවො ? ඒ ටොපිය නං ඕන් නෑ . චැහ්..

      Delete
    13. දී කිරට බළල්ලුත් සාක්කිලු! ඕ යේස්!!

      Delete
    14. "සුරාවේ රසයත්
      සරා එහි ඇති ගුණයත්
      බොන අය වෙන මිසක්‌
      නොබොන අනුවණ
      දනෝ නොදනිත්"

      (සුරාමාලය)

      ඕ යේස්.....

      Delete
    15. සිංදු පත්තරේ ඔි යේස් මචංලා අපි ඉතින් එහමට හැමදාම බොන්නේ නෑනේ
      සදුදා අගහරැවාදා බදාදා බොනවා ආය බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනෙසුරාද බොනවා නිවාඩු නිසා ඉරිදාට බොනවා.
      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    16. @සින්දු ඇනෝ..

      මධු බඳුනයි රතු දෙතොලයි..
      ජීවිතයම මගෙ සතුටු කරයි..
      ආශාවේ පහන් දිලේ...

      -කපුගේ

      Delete
    17. @මෙන්ඩියෝ,

      අයෙ ඉතින් පෝය දවසක් ඔය අතරට ආවොත්. එදාට කම්මැලිකමට බොනවා.

      Delete
  14. ගෘහ සේවයට යන හුඟක් කාන්තාවන්ට වෙන්නේ මේ දේ.. ඔබ ගීතයට දුන් ප්‍රවේශය හිතට හුඟක් දැනුනා ...

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි, අපේ රටේ බලධාරීනට කිසිම හැඟීමක්, කැක්කුමක් නෑ මේ මිනිස්සු ගැන. උන්ට ඕනි මේ අහිංසකාවියන් කාණු හෝදලා, දනින් වැටිඅලා, ඇඟ බිලි දීල හොයන සල්ලි විතරයි. ඒවලින් උන් මෙහේ ආතල් ගන්නවා. ගීයෙ අවසානයේ කියන කතාවමයි විය යුත්තේ මෙහෙම නරුමයන්ට.

      "උන්ට හෙණ හත වැදී නැසේවා නැසේවා..!"

      Delete
  15. මාතෘකාව හැමදාම හැමදෙනාම කතා කරන එකක් වුනාට මනෝ කතාවට නගල තියෙන ගීතයේ සංවේදනාව බොහොම සංවේදියි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සංචාරකයෝ ඔබටත්.

      Delete
  16. අපේම කාළකණ්නි කම මිසක් වෙන මොකක්ද බං??

    මේවට යමක් කරන්න පුළුවන් බළධාරින්ටත් කරන්න කොයි තරම් වැඩද? ඔය කොහෙවත් යන ගෑණු නළවන්න ඒ උත්තම පර බල්ලන්ට කොහෙන්ද වෙලාවක්!! තුඃ නොදකින්.

    උඹ පියවතීට උපරිම සාධාරණය උඹේ පැත්තෙන් ඉෂ්ඨ කරලා. එළ මචෝ.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ මචං. ඔය කාලකණ්නි හැත්ත ගැන මතක් වෙලා පෝස්ට් එක ලියන්න ලියන්න ඇඟේ ලේ රත් උනා. අද උදේම අටම්ගෙ පෝස්ට් එක කියෙව්වට පස්සෙත් ඒ වගේ. මේකනම් කෝවෙ දාලවත් හදන්න බැරි පඩත්තල රටක්. රටක් කිව්වෙ, රටේ මහ එකාලගෙ ඉඳල පහලට ඉන්න හැත්ත ගැන. කොච්චර කිව්වත් මේ පීඩාව විඳින් උන්ටම ඒක නොතේරෙන එකයි කරුමේ. ඒක තේරෙනකල් හැමෝටම මේ දේවල් වල ප්‍රතිපල බුක්ති විඳින්න වෙනවා.

      Delete
  17. අනේ මනෝ, උඹෙ බ්ලොගෙ කියවන්න හිත දෙන්නෙම නෑ ඔය බැක්ග්‍රවුන්ඩ් එක නිසා. ඒ හින්ද එක දාල යනව.

    ReplyDelete
    Replies
    1. අඩේ ඉන්දික අයියා, මටත් දැන් මේ බැක්ග්‍රවුන්ඩ් එක එපාවෙලා තියෙන්නෙ. ඉකමටම වෙනස් කරනවා. මේ දවස් වල හොඳ බැක්ග්‍රවුන්ඩ් එකක් හොයනගමන් ඉන්නේ.

      Delete
  18. මේක තමයි ඇත්ත
    "මේකනම් කෝවෙ දාලවත් හදන්න බැරි පඩත්තල රටක්. රටක් කිව්වෙ, රටේ මහ එකාලගෙ ඉඳල පහලට ඉන්න හැත්ත ගැන. කොච්චර කිව්වත් මේ පීඩාව විඳින් උන්ටම ඒක නොතේරෙන එකයි කරුමේ. ඒක තේරෙනකල් හැමෝටම මේ දේවල් වල ප්‍රතිපල බුක්ති විඳින්න වෙනවා"

    ReplyDelete