"ඔබට මතක නැති වුනාට අද වාගේ මතකයි මට..."
කරට උඩින් ඇති මහා බර කන්ද එදානම් පුලුන් රොදක් සේ දැනිච්ච විදිය... ඒත් අද.. ඒ බර මහ මෙරකටත් වඩා වැඩියි. ඒත්.. හිතාගන්නත් බෑ. ඇත්තටම මේ එදා නොදැණුන මහ බර අද දැනෙන්නේ ඇත්තටම කරටද, නැත්නම් හදවතටද..
යන්නෙ එදා ගිය පාරෙමයි. ඒ බඩවැටිමයි..ඒ කඳු හෙල් මයි. ඒත් ඇයි මේ...එදාට වඩා අද බර වැඩියි.
අතීතෙට ගිය හිතත් එක්ක ආයෙමත් බර සැහැල්ලු උනා වගෙයි. වර්තමානයේ අඩිය තියමින් අතීතයේ ඇවිද යන මේ ගමන බර සැහැල්ලු කලත්, අතීත මංකඩවල් අසල හිත වර්තමානයට යමින් ඇතැම්විට බර දෙගුණ තෙගුණ නොකලාත් නෙවෙයි.
එකල වූයේ සුපුරුදු නමුත් රසබර කාලසටහනකි. පාන් කළුවරේම ආරම්භ කරන ගමන හෝරා ගනනාවක් තිස්සේ ඇවිද යමින් ගමනාන්තයට ළඟා උනා. ඒ හැම සුමානයකටම වාරයක්. එතනින් පස්සෙ ලැබෙන්නෙ මිහිරිතම හෝරා කිහිපයක්. පුංචි නඩයෙ හිටපු තුන්දෙනාගෙන් එක් අයෙක් සිදාදියට යන්න පිටත් උනාම අනෙක් දෙදෙනාට ලැබෙන්නෙ සොඳුරුතම මොහොතක්. නිල් තණ නිල්ලේ හිතේ හැටියට වැතිරිලා ඔව්හු, ඔවුනට ලංව රහස් කොඳුරමින් බොහෝ වේලාවල් ගතකලා. සිලි සිලියෙන් ගලා ගිය සිහිල් දොල පාරෙන් පිපාසය නිවාගත්තා.
එකිනෙකාගේ සිරුරු වල උණුසුම ලබමින් දෙදෙනා ඉරගල වැටීමට ආසන්න හෝරාව තෙක් කෙලිදෙලින් හිඳ, සිදාදියට ගිය අනෙකා පැමිණි පසු යලි නවාතැනට ගමන් අරඹයි. මේ වූ කලීද, මනරම් චාරිකාවකි. සිදාදියෙන් ගෙනා බඩු පොදි කරේ තබාගෙන හැල්මේ යන මේ ගමනේ වෙහෙසක් බිඳුවකුදු එදා නොදැනුනේ තමන් අසලින්ම හරි හරියට අඩිය තියන දයාබරිය නිසාවෙන්මයි. රාස්සිගේ අව්ව වැටිල පාට වෙච්ච හැන්දෑවෙ හමාගෙන යන සිහිල් සුලං රොදට දඟ කරන නාඹරියගේ දඹ රන් පාට වැටිච්ච කෙහෙරැල් සිතට එක්කල මිහිරියාව..
අඩ අඳුරේ මඟ කියමින් පසු පසින් එන පළමුවැන්නා වයන බට නලාවෙන් නික්මෙන සුමිහිරි ගායනාවන් සිත් මිහිරෙන් පිරවූ හැටි.. මඟ දිගට හමුවෙන අනන්ත දොල පාරවල්, දියපාර වල් වලින් දෙපා දොවමින් දෙදෙනාම, එකටම එකටම ඇවිද ගිය හැටි..
ඒත් මේ මතක හැමදේම අද එකෙකුට විතරක් උරුම වෙලා. යායට මල් පිපුනු තැනිවල, උරෙන් උර ගැටෙමින් ඇවිද ගිය හැටි, කනෙන් කනට රහස් කොඳුරමින් දෙදෙනා විතරක්ම ගිය හැටි, රාස්සිගේ අවුව වැටිල තඹ පාට වෙච්ච ලස්සන කෙහෙරැල් හුලං එක්ක දඟ කරන මිහිර වින්ද හැටි, කඳු හෙල් මිටියාවත් සිසාර, ඇල දොල මතින් පනිමින්, දෙපා දොවමින්, ගොපලු කොලුගේ බටනලා ගීත වල තාලයට එකට ඇවිදගෙන ගිය හැටි,
උඹට අමතක උනාට රත්තියේ, මේ නාකි හඳයට කවදාකවත්ම අමතක නෑ, මතකයි අද වාගෙම. ඒත් නාඹර වයිරට දපනෙ වැටිල උඹල දෙන්න ඒ මංකඩවල් වලම මට ඉස්සරහින් ඇවිදගෙන යනකොට, අද මාව අමතක කරල ඉන්න උඹව දකින මට, උරුම ඒ අතීත මතකයන්ගේ මිහිර විතරමයි රත්තියේ..
එක යායට මල් පීදුනු බිම් තීරේ
පාර දිගේ කනින් කනට
කොදුර කොදුර ඔබයි මමයි
විතරයි හිටියේ
රාස්සිගේ අවුව වැටී
දඹ රන් වූ ඔබෙ කෙහෙරැලි
සුළං සමග පොර බැදුවා
ඔබට මතක නැති වුනාට
අද වාගේ මතකයි මට
ගොපලු කොලුගෙ බටනලාව
සංගීතය මවන කළට
දොළේ දියෙන් පා දෙවුවා
ඔබට මතක නැති වුනාට
අද වාගේ මතකයි මට
ගීත රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : එච්. එම්. ජයවර්ධන
ගායනය : සනත් නන්දසිරි
(Eka Yayata Mal Peedunu - Sanath Nandasiri)
සුඛ නම්‍ය නොවූ මහිෂ ප්‍රේමයක් ගතැනද බං මනෝ ඇත්තටම මේ සිංදුවෙ කියන්නෙ....
ReplyDeleteඅද නං එක්කෝ මට මේක රහට දැනුන්නෑ....
එහෙම නැත්තං බොලා වස කම්මැලියෙක් වෙලා....
මොකක් හරි අවුලක් තියේ....
අවංකවම මේ සිංදුවේ හැම පදයක්ම අරන් බලපන් මචං, මේකෙ කොතනකවත් මනුස්ස ප්‍රේමයක් ගැන තියෙනවද කියලා.
Delete"පාර දිගේ කනින් කනට
කොදුර කොදුර"
ගොන් බානක් එකට යන විදිය මතක් කරහං. උන් උන්ගෙ හොම්බ එකට අතුල්ලගන්නවා, කන් වලට මුව තියනවා..
"රාස්සිගේ අවුව වැටී
දඹ රන් වූ ඔබෙ කෙහෙරැලි"
හරක්ගෙ මී හරක්ගෙ තිසේ, පිට දිගේ තියෙන කෙස්..දැකල තියේ නේද, ඒවට හවස ඉර රැස් වැටුණම රත් පාටින් දිලිසෙන හැටි...
මේ තමයි හොඳම කොටස..
"ගොපලු කොලුගෙ බටනලාව
සංගීතය මවන කළට
දොළේ දියෙන් පා දෙවුවා"
හරක් දක්කනකොට ඊට පඉටිපස්සෙන් එන ගොපල්ලා, එහෙමත් නැත්නම් දක්කන කොල්ලා බොහෝ විට බටනලා ගහනවා. ඒත් එක්කම මේ කියන "දොලේ දියේ පා දෙව්වා" කියන කොටස. මේක මනුස්සයන්ට වඩා හරකෙකුට නේද සමීප?
අනේ මචෝ.. කිසිම කම්මැලි කමකින් නෙවෙයි ලිව්වේ.. මෙච්චර කල් ලියපු අනිත් පෝස්ට් 77න් එකකටවත් ලියන්න කලින් මේකට තරම් කල්පනා කරල නෑ ආරම්බයක් ගන්න. හරිම අමාරු උනා මේ මහීෂ ප්‍රේමය ගැන කතාවක් ලියන්න.
++++++++++++++++++++++++++++++++++
Deleteමේක බලන කෝණය අනුව තමයි මහිෂ ප්‍රේමයක් වෙන්නේ....... ඒ වුනාට මේක අයිති අපට...... මතක් කරන්න හැත්තෑව දශකයේ චිත්‍රපටි ප්‍රේමයත් එක්ක මේ ගොවිපොළ භාවිතය යොදාගෙන තිබුන......ඒ කාලේ හැටියට..... මේක මහිෂ ප්‍රේමයක් වෙන්න බැ.....
Deleteමතක් කරන්න
කෝ මා ... පැතු ඔබේ ආදරේ ....... ජනක සහ මංජු ........ භාවිතය ගැන......
මහේෂ්...... මනොෂ්...... මොකද කියන්නේ ඒ.... ගැන.
\\මේක බලන කෝණය අනුව තමයි මහිෂ ප්‍රේමයක් වෙන්නේ//
Deleteඅනිවාරෙන්ම නිහිංසා, ගීතයක තියෙන විශේෂතා ගුණය ඒකම තමයි. අපි දහයක් එකතු උනොත් ද දෙනාට අඩුම පස් ආකාරයකටවත් එකම ගීය දකින්න පුලුවන්. සමහරවෙලාවට අපි සමහර ගීත රස විඳින්නෙ අපේ වාසියට. ඒ කිව්වෙ ගීත අපේ ජීවිත වලට ගලපගෙන අපි ගීත රසවිඳිනවා. ගීතයේ රසය අපි එකිනෙකාට විවිධ විදියට දැනෙනෙවා. අපි මෙහෙම හිතමු, ඔන්න යුවලක් ඉන්නවා. මේ දෙන්නා ගමේ කැලේ කොලේ බොහොම නිවහල් සුන්දර නිදහස් ජීවිත ගතකරනවා. අර සිරිපැරකුම් එකේ රජතුමා ගමේ සාමාන්‍ය කොල්ලෙක් විදියට ඒ ගෙදර නඟාට ආදරේ කලේ, ඒ උදාහරණය ගන්නකො. ඒක මවාගන්න. ඔන්න එහෙම යුවලක් කවදාවත් මේ ගීතය මහීෂ ප්‍රේමයකට ගලපන්න කැමති නෑ. ඒ ගීයෙ තියෙන්නෙ එයාලගේ ජීවිත කතාව.
මෙන්න ඒ වගේ තවත් එකක්.
http://masandumal.blogspot.com/2014/06/blog-post_16.html
මනෝ මෙන්න තවත් වර්ෂන් එකක් ,මේක මුහුණු පොතේ තිබුනේ ...........
Deleteගොඩක් අය හිතන් ඉන්නෙ මේ මල් පිපුනු යාය දිගේ කොදු කොදුර යන්නෙ
කොල්ලෙකුයි කෙල්ලෙකුයි කියල. මේ සින්දුව කියන්නෙ හරකෙක්ගෙ කන වටේ
කැරකෙන ඇට මැස්සෙක්.
සින්දුව කියවල බලන්නකෝ. ඉතිරි විචාරය ඊට පහළින් තියෙනව.
එක යායක මල් පීදුනු බිම් තීරේ
පාර දිගේ කනින් කනට
කොදුර කොදුර ඔබයි මමයි
විතරයි හිටියේ
රාස්සිගේ අවුව වැටී
දඹ රන් වූ ඔබෙ කෙහෙරැුලි
සුළං සමග පොර බැදුවා
ඔබට මතක නැති වුනාට
අද වාගේ මතකයි මට
ගොපලු කොලුගෙ බටනලාව
සංගීතය මවන කළට
දොළේ දියෙන් පා දෙවුවා
ඔබට මතක නැති වුනාට
අද වාගේ මතකයි මට
ගොපල්ලෙකුත් කතාවෙ පිටුපස ඉන්නව. යායට තණකොල පිපුනු තැනිතලාවෙ ඇවිදගෙන
යනවිට හවස ඉර අවුවට තඹ පාටින් හරකගෙ ලෝම දිලිසෙනව ඇට මැස්සට පේනව.
හරක් දොල පාරවල් දිගේ ඇවිදිනකොට කකුල් හේදෙන විදියට ඇවිදිනව ඔයගොල්ලො දැකල ඇතිනෙ.
හරකුන්ගෙ කන වටේ කොදුරන ඇටමැස්සොත් දැකල නැති වෙන්න බෑනෙ.
මේකෙ සමාජ විවරණයකුත් කියවෙනව. තව හිතල බලන්නකෝ....
(කළිදු ගංගොඩගේ)
අම්මට සිරි, ඔය තියෙන්නෙ. ඒකත් ගීතය වෙනස් විදියකට දකින්න තවත් කදිම කෝණයක්.. ඉතින් බලන්න ඒ ගැලපීමත් කොච්චර අපූරුවට මේ ගීය එක්ක යනවද කියලා.
Deleteකවදත් වගේ අපේ සිංදු ඇනෝ හැමදාමත් අපේ ලිපි වලට මේ විදියට වටිනාකම් එකතු කරනවා. බෙහෙවින්ම ස්තූතියි..
සින්දු ඇනෝ....ඒක නම් නියම සිතුවිල්ලක්. ලියපු එකා හොඳ මීටර් එකක් වගේ. හරකායි..... ඇටමැස්සායි .......
Deleteඒක නම් ඇත්ත. මං උඩිනුත් කිව්ව වගේ මේ සංකල්පනාවත් ගීතයට අලුත් මානයක් එකතු කරනවා.
Deleteමේ කියනකම් මම හිතන් හිටියේ මේ සිංදුව කපල් එකක් ගැන කියන සිංදුවක් කියලනේ .. පිස්සු ඩබල් .. හරකෙකුයි මැස්සෙකුයි කිව්වාම
Deleteගීතයක අපි කවදාවත් නොහිතන මානයන් ගොඩක් තියෙන්න පුලුවන් පැතුම් අයියා. මේ ඒ වගේ එකක්.
Deleteඅන්දෝ සංසාරේ මනෝසයෝ තෝ ඊලගට මක් කොරයිද දන්නේ නැ , පරණ ලව් මතක් කරල ගත්ත ආතල් එක කෑවා .........මූ!සලය
Deleteහිනා කටයි මල් දෙකටයි අටම් අයියා..
Delete\\පරණ ලව් මතක් කරල ගත්ත ආතල් එක කෑවා //
දැන් කොහොමද වස්සෙකුයි, වැස්සියෙකුයි මතක් වෙනකොට??!!
හෙන කාලෙකින් නොකියපු දේවලුත් එක්ක සිංදුව කියපු ක්ලූ එකක් හොයාගෙන අඩවිය පීරද්දී අන්තිමට හම්බුනා... නියමයි....
Deleteඅතීතයෙන් හමා එන සුලඟක්... ස්තූතියි සජ්ජෝ..
Deleteප්‍රේමය කියන හැඟීම මිනිස්සුන්ගේ හිතට වගේම සත්තුගේ හිතටත් දැනෙනවා. එකම වෙනස උන්ට ඒක අපිට වගේ කියාගන්න භාෂාවක් නැතිකමයි. නමුත් සතුන්ට ආදරේ කරන කෙනෙකුට උන්ගේ භාෂාව හොඳින් වැටහෙනවා. සතෙකුව වුනත් තේරුම් ගන්න පුළුවන් හොඳ මිනිස් හදවතකට විතරයි හැබැයි කොච්චර හොඳ මිනිස් හදවතක් මොලයක් තිබිලත් මිනිස්සුන්ට මිනිස්සු තේරුම් ගන්න බැරුව යන අවස්ථා බොහොමයි.
ReplyDeleteමේ ගීතය 1970 දශකයේ ගයන කාලේ සනත් නන්දසිරි මහතාට ලස්සන කොණ්ඩයක් තිබුණා.
විචාරකතුමනි, ඔබටත් හිතෙනවද මේ ගීය සත්ව ප්‍රේමයක් වෙනුවෙන් නෙවෙයි කියලා? අනේ මන්ද, මටනම් හිතෙන්නෙම එහෙමයි.
Delete\\මේ ගීතය 1970 දශකයේ ගයන කාලේ සනත් නන්දසිරි මහතාට ලස්සන කොණ්ඩයක් තිබුණා.//
ඇත්තමයි මං දැකලා නෑ, එතුමගේ කොන්ඩේ කවදාවත්.
මගුල් ෆොටෝ එක විතරයි පරණ පින්තූරයක් හැටියට ජාලේ තියෙන්නේ. නමුත් මීට වඩා ලොකු ලස්සන කොණ්ඩයක් තිබුණා.
Deletehttp://www.sundayobserver.lk/2008/03/16/z_p27-I1.jpg
අඩේ අපේ කතන්දරගෙ අර මුල් කාලෙ ෆොටෝ එක වගේනෙ. දුර්ලබ ෆොටෝ එකක්. ස්තූතියි විචාරකතුමනි.
Deleteසනත් නන්දසිරිගේ ඉතා තරුන කාලේ ෆොටෝ එකක් තිබුනා 70ගනන් වල රේඩියෝ සඟරාව කියන මැගසින් එකේ. සනත්ගේ පළවෙනි ගීතය වෙච්ච 'මහද වීනා' කියන සින්දුව සමග. මෙයිට වඩා කොණ්ඩය තිබුනා.
Deleteසුනිල් එදිරිසිංහයන්ගේ කොණ්ඩෙත් ගොඩක් දෙනෙක් දැකල නැතිව ඇති.
Deleteඅඩෝ ඒ බොලා හංගලා ගහන ගැහිල්ල සිරා ඈ, මේ සින්දුවේ කියවෙන්නේ ඇත්තටම තවලමක ඉන්න නාකි හරකෙක්ක්ට ආදරේ දැනුනු හැටියක්ද? ඇත්තන් බොලා හිතල ලිව්වද?
ReplyDeleteනැත්නම් //ගොපලු කොලුගෙ බටනලාව සංගීතය මවන කළට// කොටස හරහා කතාවක් ගෙතුවද?
මොනවා උනත් උත්සාහය අගය කරනවා, මට මතක් උනේ ඔය රාස්සිගේ අව්වයි කෙහෙරැලියි යෙදුම් එක්ක සේකරයන්ගේ රන් එතනාට කියන කවි ටික
රන් එළියට හැන්දෑවේ මුදු කෙහෙ දිලිහෙන්නේ
රන් ගෝමර පෙති ඉහිලා ළමැද බබුළුවන්නේ
රන් වන් වී කරලක් මෙන් බිමට නැමී ඉන්නේ
රන් එතනා ඉපනැල්ලේ මොනවද අවුළන්නේ
උදේ ඉඳන් වැඩ කරලා දැනුයි ගොඩට එන්නේ
වෙලේ තමයි ජීවිතයම අව්වට කර වෙන්නේ
උඹේ කැකිරි සිනා පොදක් මා වෙත හෙළමින්නේ
හිතේ තියෙන දුක මදකට දුරු කරවා පන්නේ
ගොතපු කතාව අපුරුයි, ජය වේවා!!!
මේ සින්දුව ගැන මමයි, මගේ යාලුවෙකුයි මේ ළඟදි දවසක ලන්ච් ටයිම් එකේදි කතාවුනා මචං. එතනදි තමයි සිංදුව ගැන ඔය් අදහස ආවේ. ඒ අදහස ආව හේතු ඔන්න මචෝ මං අපේ මහේෂ්ට උඩින්ම කියල තියෙනවා.
Deleteඋඹෙන් ලබන සහතිකේ ගැන ආයෙ කියන්න දෙයක් නෑ මචෝ. උඹ කිව්වනම් ආයෙ කිව්ව තමයි. මට ඇත්තටම සතුටුයි බං.
රන් එතනගේ කවි පංතිය අපිට තිබුනෙ අපි ඕලෙවල් කරන කාලෙ සිංහල සාහිත්‍ය පොතේ බං. අදවගේ මතකයි. තිබුන ඔක්කොම පාඩම් වලින් අපි හැමෝම වැඩියෙන්ම ආස කලේ ඔය පාඩමට. මට හොඳටම රසාස්වාද ලියන්න පුලුවන් උනෙත් ඕකට. ඕලෙවල් පේපර් එකට ලිව්වෙත් ඕක. දන්නවද මචං, ඕක සේනානායක වේරලියද්දගේ "කෙහෙරැල් කඩාගෙන ආදර අරුණල්ලේ" සිංදුවේ තාලයට මරුවට කියන්න පුලුවන් බං.
ගොඩක්ම ස්තූතියි සොමියෝ..
අඩේ බන් අපි ඕක රැප් ලරලා ගුටි කෑවා. හෙක් හෙක් ඒ තාලෙට කියන්න මට නම් බැහැ, මොනවා උනත් දැක්ක විදිය පට්ට බන්, වෙනස්ම අරුතක් ගීතයට එකතු කරලා, දකින විදිය පට්ටයි මචන්. මම මහේෂ්ට කිව්වා දේ කියෙව්වම තමා වැඩේ හරියටම පත්තු උනේ, සිරාවට හෝම්බවල් අතුල්ලා අතුල්ලා යන හැටි මැවිලා පේනවා බන්.
Deleteසුපිරි, ජය වේවා!!!
\\හෝම්බවල් අතුල්ලා අතුල්ලා යන හැටි මැවිලා පේනවා බන්.//
Deleteඑතකොට උන් හරි සතුටින් යනව වගේ බං මට පේන්නෙ. මේ සින්දුව අහනකොට මට ඕව මැවිල පේනවා.
උඩහ ගෙදර රං එතනා දෝතට දිය බොයි...
Deleteරත්තරනින් ගිගිරි වළලු රන් රසු හඬ දෙයි...
දණ්ඩි පැටව් උඩ පැන පැන පැන රණ්ඩු දබර වෙයි...
සුදට සුදේ කොකෙක් ඇවිත් වක්කඩ ලඟ දොයි....
පලා ගිරා නලා හඬට රොන් රස ඉල්ලූ...
ඇසේ මලින් මල පුබුදන මී මැසි සින්දූ...
සමන් ගිරේ ගිරේ ගිරි මුදුනට යන සමණලුනේ..
පාර කියනවද අප හට සිරිපා තඹරේ....
උඩහ ගෙදර රං එතනා දෝතට දිය බොයි...
රත්තරනින් ගිගිරි වළලු දෑතම රඟ දෙයි...
ගායනය -අතුල සෝමසිරි
ගී පද - සුනිල් සරත් පෙරේරා
" පසු ගාතෙයි - දිග වලිගෙයි හරි අවදානම් "
Deleteසින්දු ඇනෝ......මම කැමතිම ගීයක් සහ කැමතිම ගායකයෙක්. ඒ කටහඬ නියම පිරිමි කටහඬක් . බිරිඳ ලාලනි සෝමසිරිත් ගී ගැයුවා.https://www.youtube.com/watch?v=s6agfGVfFQc මෙන්න වීඩියෝ ක්ලිප් එකක් මේ ගීතයේ.
Deleteමේ ගීතය සුනිල් සරත් පෙරේරාගේ පළමු පද රචනය කියලා තිස්ස දොඩංගොඩ ලියපු පෝස්ට් එකක තියෙනවා.
අරු අය්යා මමත් කැමති ගායකයෙක් ...මමත් තිස්ස අය්යාගේ ලිපිය බැලුවා ...
Deleteමම නිතරම කරක් ගහන බෝලොගක් තමයි තිස්ස අය්යාගේ බොලොග් එක ....
ස්තුතියි අරු අය්යේ නැවතත් ..
පත්තරේ.. බලාගෙන අං දෙකත් හරි අවදානම්.
Deleteඔබේ ගීත ගබඩාවෙන් එකක් ගෙනත් හැඩ කලාට ස්තූතියි අපේ ඇනෝ.
Deleteඅරූ අයියේ, බොහොම ස්තූතියි මේ ලින්ක් එල ලබා දුන්නට. වීඩියෝව ඩවුන්ලෝඩ් කරගත්තා.
Deleteකෝ දැන් අර බ්ලොග් සහෘදයා උඹට ප්‍රස්තාර එවන්නේ නැද්ද?
ReplyDeleteමේ ගීතය මං හිතන්නේ සර්වකාලීන ගීතයක්, කවදාවත් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ගීතයක්.
ඔකේ අන්තිම පදේ ඉස්සර අපි කියන්නේ " ඔබයි මමයි කොඳුර කොඳුර විතරයි හිටියේ ' කියලා :P
සහෘදයා වැඩේ අත්තැරලද කොහෙද බං. ඌ මට විචාර ලියන්න කියල සිංදු ගොඩක් එවල තියෙනවා, ඒත් මගේ කාලකණ්නිකමට මට ඒවට ලියාගන්න බෑ. ඉතින් ඌට එපාවෙන එක සාධාරණයිනෙ බං.
Delete\\ ඔබයි මමයි කොඳුර කොඳුර විතරයි හිටියේ//
ඒකනම් මරු අප්පා. ඇඬෙනවා..
කොඳුර කොඳුර හිටලා, වෙන වැඩක් කර ගන්න වෙලා නැති වෙන්න ඇති! :D
Deleteප්‍රියා උඹත් අත්දැකීමෙන්ම දන්නව නේද මචෝ...හෙක්..හෙක්!!
Deleteඌට බැරිනං මට කියහං මං දෙන්ඩ නොටේෂන් :D. ඇයි යකෝ අපේ ඒවත් නොටේෂන් තමා.චැහ්
Deleteඒක තමයි බං ඒකට කුදගහන්න කියල උඹ එවහංකො බං මේකට නොටේෂන් එක හොඳ එකා වගේ.
Deleteබිලා වල් වලින් පටන් අරන් යමන්, බයිරව හරහා බයිරවී වලින් අවසන් වන මෙව්වා එකක් දෙන්නං කෝ.. සී..
Deleteමේ රාග තාල අපි ගයන්නෙ
Deleteඉගනගෙනයි ළමයෝ
මේ අපිත් එක්ක එකතුවෙලා
ගයමු ගීත ළමයෝ …
සරිසනි සනිධප නිධප ධපම සරිගරි සමගරි ස !!!
තාත්තෙ අද සංගීත පන්තියේ
Deleteරාග තාල හරි ආස හිතුණා මට
සර්පිනාව ගහලා...
කියමුකො අපි දෙන්නා
හේනේ කුඹුරේ වයස ගියා මිස
අකුරු කළේ නෑ නෙ පුතේ
ඉහළ ගමේ මස්ටර් නෙ මට
සර්පිනාව කියලා දුන්නේ
ඔය රාග තාල නම් දන්නෙම නෑ මම්
රාග තාල නම් දන්නෙම නෑ මම්
ආ....
ඔය අපූරුවට ගැයුවේ
හරි අපූරුවට වැයුවේ
ඕව තමයි රාග තාල
සංගීතෙට ඉගෙන ගන්නෙ අපි
ඉස්කෝලේ සංගීත පන්තියේ
ආ....
ඉගෙන ගන්න හැටි කොහොම උනත් අපි
වයන්නෙ මේ සත්සර නෙ පුතේ
ගයන්නෙ මේ සත්සර නෙ පුතේ
සංගීතය කොයි කාටත් මිහිරී
ශිල්ප දැනන් ගැයුවොතින් පුතේ
තාත්තා දුන් අවවාද රකින්නම්
ගයමු වයමු අපි එකතු වෙලා දැන්
ගේය පද - සෝමතිලක දිසානායක
සංගීතය - ආචාර්ය වික්ටර් රත්නායක
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක සමඟ හර්ෂණ දිසානායක
මගේ හිතේ මෙයාකාර ගී සීපද තිබුණු වගක්
Deleteදැනං හිටියෙ නෑ
නෑනො, මගේ මුවේ මෙයාකාර
රාග තාල තිබුණු වගක්
දැනං හිටියෙ නෑ …//
හෙමින් සැරේ ඇස් රතුකර
තොල් පෙති මත ගී පද දැවටුවා නේද
කොණිති ගසා හදේ කොණක්
පන්හිඳ මත සී පද පැටලුවා නේද
මගේ හිතේ මෙයාකාර ගී සීපද තිබුණු වගක්
දැනං හිටියෙ නෑ
නෑනො, මගේ මුවේ මෙයාකාර
රාග තාල තිබුණු වගක්
දැනං හිටියෙ නෑ
මට නුහුරූ කවි ලොවකට
මටත් හොරා මා කැන්දන් ගියේ මන්ද
දීග ගිහින් වෙන ගේකට
ඒ කවි ලොව තුළ මා තනි කළේ මන්ද
මගේ හිතේ මෙයාකාර ගී සීපද තිබුණු වගක්
දැනං හිටියෙ නෑ
නෑනො, මගේ මුවේ මෙයාකාර
රාග තාල තිබුණු වගක්
දැනං හිටියෙ නෑ….//
ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව: ආචාර්ය වික්ටර් රත්නායක
පත්තරේ, විදානේ,
Deleteකෝ ඉතින් උඹල දෙන්නගෙම කයිය විතරනේ. අන්තිමේ බිලාවලුත් නෑ බිලුත් නෑ, ස්වරත් නෑ.
සිංදු ඇනෝ, උඹ වෙනුවෙන් අපි දාන්න ඕනි සිංදුව උඹ දාලා. අපිට අපි ගැන්ම ලැජ්ජයි බං. සිරාවටම ඒ සිංදුව කියවද්දි උඹ ගැනම මතක් වෙලා දෑස් තෙත් උනා.
Deleteඋඹට ස්තූතියි කරන්න වචන නෑ සහෝ..
/අන්තිමේ බිලාවලුත් නෑ බිලුත් නෑ, ස්වරත් නෑ./
Deleteටිකක් හිටපිය තව දෙකක් නමාගන්නකං..
දැන් නම් දෙකක් නෙවෙයි, දෙකටම නැවිල ඇති. තාම මැදවච්චියෙන් පිටත් උනේ නැතෙයි.
Deleteවිදානේ එහෙනම් මෙන්න පටන් ගනින් ...
Deleteබිලාවල් රාගය රාග විවරණ
ථාටය (මේලය) බිලාවල්
ආරෝහණ ස, රි, ග, ම, ප, ධ, නි, ස
අවරෝහණ ස, නි, ධ, ප, ම, ග, රි, ස
වාදී ස්වරය ධ
සංවාදී ස්වරය ග
මුඛ්‍යාංගය ග රි ග ප ධ නි ස
ගායන සමය දිවා ප්‍රථම ප්‍රහරය
රස ශාන්ති හා ශෘංගාර
බිලාවල්
................................................................
යමන් රාගය රාග විවරණ
ථාටය (මේලය) කළ්‍යාණ
ආරෝහණ ස, රි, ග, ම', ප, ධ, නි, ස
අවරෝහණ ස, නි, ධ, ප, ම', ග, රි, ස
ජාතිය සම්පූර්ණ සම්පූර්ණ
වාදී ස්වරය ග
සංවාදී ස්වරය නි
මුඛ්‍යාංගය නිරිග රිස පම' ගරිස
ගායන සමය රාත්‍රී ප්‍රථම ප්‍රහරය
රස ශාන්ත, වීර
යමන්
...................................................................
භෛරව රාගය රාග විවරණ
ථාටය (මේලය) භෛරව
ආරෝහණ ස, රි, ග, ම, ප, ධ, නි, ස
අවරෝහණ ස, නි, ධ, ප, ම, ග, රි, ස
ජාතිය සම්පූර්ණ සම්පූර්ණ
වාදී ස්වරය ධ
සංවාදී ස්වරය රි
භෛරව
.....................................................................
භෛරවී රාගය රාග විවරණ
ථාටය (මේලය) භෛරවී
ආරෝහණ ස, රි, ග, ම, ප, ධ, නි, ස
අවරෝහණ ස, නි, ධ, ප, ම, ග, රි, ස
වාදී ස්වරය ම
සංවාදී ස්වරය ස
මුඛ්‍යාංගය මග සරිස ධනිස
ගායන සමය දිවා දෙවන ප්‍රහරය
රස භක්ති
භෛරවී
බ්‍රෑන්ඩ් එක නම් ගල් හොදේ ---- :D
හැක හැක් ...
මචෝ... උඹනම් දෙයියෙක් නෙවෙයි දේවාල නින්දගමක්. ඔය හැකියාවෙන් ප්‍රයෝජනයක් ගනිමු බං, ප්ලීස්. උඹට නැතත් අපිට් ප්‍රයෝජනවත්.
Deleteසින්දු...බ්‍රෑන්ඩ් එක ගල්
Delete-ස්තුතියි-
එල ද බ්‍රා
Nike බ්‍රා..
Deleteමචෝ වෙනස්ම විදියකට හිතල හැඩට ගලපල ලියල තියනවා...
ReplyDeleteඅනික මචං මං දැනං හිටියේ නෑනේ පත්තරේගේ ප්‍රේම වෘතාන්තය උඹ එක්ක කියලා තියනවා කියලා. මොනව උනත් මාර ලස්සනයි.. මේක දැක්කම පත්තරේට ගොඩක් සතුටු හිතෙයි හරියට ප්‍රියාටයි, මෙන්ඩියටයි, ඉවාන් ටයි සතුටු හිතෙනවා වගේ..
ඩී ඩී
ජ ය වේ වා !!!
//පත්තරේගේ ප්‍රේම වෘතාන්තය උඹ එක්ක කියලා තියනවා// ++++++++++ සතුටු හිතෙයිදත් අහනවා. මම දැන්ම ගෙදට්ට කෝල් කරලා කියනවා මට අද කෑම එපා කියලා. මගෙ හිතයි බඩයි දෙකම පිරුනා. :D :D
Deleteනෝසනාවන් බොලවු!! ඔන්න ගමේ බාසාවෙන්ම බැන්නා. අනේ අම්මපල් තොපි දෙන්නනම්... මං කිව්ව කියල හිතාගනියවු. ඕ යේස්!! විලිලැජ්ජාවේ සංතෝසෙ බැරුව. අනේ තොපේ කටවල්.
Deleteමං මේ සිංදුව ගැන පත්තරයට කිව්ව ගමන් ඌත් කරකවල අතෑරියා වගේ උනා. මේකට මං සංවේදනාවල් කියනව කිව්වම ඕකා අර සුපිරිසිදු සිංහල වචනයක් මුලට දාල කොහොම කටක් ඇරල ඕක කියන්නද බං, මං නම් දන්නෑ උඹ ඕනි මඟුලක් කරගනින් කිව්ව. මට ඌ ඒක කිව්ව විදිය මතක් වෙනකොට මට තාමත් හිනා.
Deleteමං කිව්වෙ මගේ ආදර කතාව කොටස් විදියට ලියන්ඩ කියලා. චැහ්. මූ එකපාරිං කෙලලා ඇරලා. අසාදාරණයි බොලව්..
Delete@ ප්‍රියා..
Deleteමං අදහස් කලේ ඔහේලට සතුටු හිතෙනවා වගේ පත්තරේටත් සතුටු හිතෙයි කියලා... (නුවනැත්තෝ අවබෝධකර ගනිත්වා) ඩී ඩී ඩී...
පත්තරේ ලග පිකප් නිසා දුර අදින්න බෑලු.. හැක් හැක්
@ විදානෙ,
Deleteතේරුනේ… දැන් තමයි!! ඇයි බොට සතුටු හිතෙන් නැතැයි? :p
කට ඇරපන් විදානේ මසුරමක් දාන්න , පට්ට කතාව , අයියෝ සල්ලි පත්තරේ
Deleteමචං පත්තරේ,
Deleteඔන්න ඔහේ එකපාරින්ම දැම්මා මචෝ.. ආයෙ ඇයි උඹව හෝද හෝද මඩේ දාන්නේ...
අනේ නිකං හිටු විදානයෝ...උඹ හීන් නූලෙන් අපේ අහිංසක කොල්ලො සේරගේම කණ මිරිකලා.
Deleteකොල්ලනේ අහුවෙන්නෙපා තොපි ඕකගේ ගැටවලට.
ගොන් රැලේ මහ ගොනා හින්ද අනිවාරෙන්ම විදානයාටත් සතුටු හිතෙන්නෙම ඕනි ප්‍රියෝ..
Deleteහුකෑස්!!!
ඉවානුත් අහුවෙලා ගැටේට!
Deleteඅදනම් බොනවා විදානාගේ කතාවට සතුටට සතුටට..ඔි යෙස්...
Deleteබ්‍රෑනඩ් එක ගල්
-ස්තතියි-
ප්‍රියා බයිට් එකට?
ඌරුමස්ද? වඳුරු මස්ද? හැක්!! හැක්!!!
Deleteමෙන්න මේක තමයි සැබෑ ප්‍රේමය විදියට මට දැනෙන්නේ...... සංවේදී..... හදවත්... අවදි වන අවිහිංසක ප්‍රේමය...... අපි හොයනවා..... ඉතිරිවෙලා තියේද ...? අද...... දකින්න අමාරුයි.... මනොෂ්.....
ReplyDeleteඒත්..... මේ සින්දුවට මං පුදුම ආසයි....
ගීතය මේ ආකාරයෙන් දකින්න කලින් ඉඳලම මාත් බොහොම මනාප ගීයක් නිහිංසා මේ. ඒත් ඒ ප්‍රේමයත් ඒකපාර්ශවීය වෙලානෙ. සිංදුව පුරා මහා කලකිරීමක් දැනෙනවා.
Deleteපට්ටනෙ බන්. සනත් නන්දසිරිගෙ මම ආසම සිංදුවක්. ඒත් ඇත්තෙන්ම අදයි මෙ වෘෂභ කතාවක් ගැන හිතුනෙත්.
ReplyDeleteඅපි නිතරම අහන දෙයක් ගැන කවුරුත්ම නොහිතන විදිහකට අලුත්ම මානෙකින් හිතන්න උඹට තියෙන්නෙ පට්ට දක්ෂ කමක්!
උඹේ ඒ දක්ෂකමට මෙන්න මගේ සැලියුට් එක!!!!! (y)
මාත් මේ ගීතය මේ විදියට බලන්න ගත්තෙ ළඟකදි ඉඳල බං. මේකට කතාවක් හදාගන්න පට්ට අමාරු උනා බං. කොහොම කියල කියන්නද. අමුවටම හරකෙක් කතාකරන විදියට කියන්නද, නැත්නම් ඒ දිහා බලන් ඉන්න මිනිහෙක් දකින විදිය කියන්නද, හිතෙන විදිය කියන්නද. අනික වැස්සියෝ තවලම් ගෙනියන්නෙත් නෑ. එහෙමවත් උනානම් තව දිගට හැඩට ලියන්න තිබ්බා. පැයගානක් කල්ප්නාකලා බං මේක ලියන්න. ඒත් දැන් ඒකෙ ප්‍රතිපල හම්බෙලා තියෙන නිසා පට්ට සතුටුයි බං.
Deleteඋඹට ස්තූතියි..
//අමුවටම හරකෙක් කතාකරන විදියට කියන්නද, //
Deleteස්වයං චරිතාපදාන තියෙන්නෙ .. ආං එහෙම ලීවනං හරි :D
රාලේ බැඳපන් ගොන් වස්සා ,,
Deleteරාලේ බැදපන් අපේ පැගිරා ....
පත්තරේ +++++++++++ :D
Deleteපත්තරේ..
Deleteඋඹේ එකද බං?
සින්දු මෙන්න මං ගානේ,
Deleteඑහා ගොඩේ තණකොල කන ගොනා...
මෙහා ගොඩේ තණ දකිනව මනා...
අනේ ඉතින් ප්‍රියෝ, බොටත් ඇති ඩිංගිත්තක් ඇත්නං.
Deleteපොත නැගලා යයිනේ බං?
Deleteමෙන්ඩෝ මොකක්ද මචන් මේ ප්‍රියාගේ වෘෂන කතාව ....
Delete@මෙන්ඩිස්,
Deleteඅනිව මචෝ, පත්තරයට මිනිස්සු කොච්චර ආදරෙයිද.
ඔන්න ප්‍රියෝ, මං එහෙම දන්නෙ නෑ, උඹම තමා කියල තියෙන්නෙ, උඹව ඇවිත් උත්තර දීපන් සිංදුවාට.
Deleteකෙහෙ රැලි නෑ නේ හරක්ට.. සිංහභාහුගෙයි සිංහසීවලිගෙයි කේස් එකක් වෙන්න නම් පුළුවන්..
ReplyDelete"hair of cow" Google එකේ ඔන්න ඔහොම සර්ච් කරල බලන්නකෝ. කෙහෙ රැලි නෙවෙයි සමහර එවුන්ට කේෂරත් තියෙනවා. කොළඹ හරක් නැතිව ඇති නේද. මේ පැත්තට එන්නකො, මං පෙන්නන්නම්. මෙහෙට දුරනම් මාවනැල්ල, කෑගල්ල, වරකාපොල පැත්තෙ තාමත් තියෙනවා මී හරක්ගෙන් හාන කුඹුරු, අන්න ඒ පැත්තට පොඩි ටුවර් එකක් දැම්මනම් බලාගන්න පුලුවන් වෙයි.
Deleteමල්ලි මම අදටත් කුඹුරේ ඉන්න මනුස්සයා.. ඒත් එහෙම හරක් නම් දැකලා නෑ..
Deleteඔන්න ඔන්න ඉතින්, එහෙනම් ඉතින් අනිවාරෙන් හැන්දෑවට ඉර බැහැගෙන යද්දි හරකුන්ගෙ , විශේෂයෙන් මී හරකුන්ගෙ හිස් මුදුනෙ ඉඳල පිට දිගට තියෙන කෙහෙරැලි දැකල තියෙන්න ඕනි. ඒව අඩි ගනන් නම් නෑ. ඒත් අඟල් දෙක තුනක් උසයි. හවසට හුලං හමනකොට අපේ වැව් පිටියෙ බැඳල ඉන්න නිකං හරක්ගෙත් ඔයකෙහෙරැලි හරි අපූරුවට වැනෙනෙ හැටි මං දකිනවා.
Deleteමං ගැන මං නොදන්නවැයි.. නැද්ද මනෝෂ් ඊ.. ඊ...
Deleteහරියටම කියනවනං එදා හවස මනෝෂ්ගෙ පිටේ මයිනෙකුත් හිටිය කිණිතුල්ලො කකා . ඕ යේස් !!!
Deleteකෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ
Deleteනාඹර නුරා නුඹ ළඟ ඉඳ දිය නෑවේ
බැල්මෙන් කතාවෙන් කලබලයක් නැත්තේ
කොහොමද ළඳුනි ඔය විධියට හැඩ බැලුවේ //
නිතරම පෙරෙන්නේ සරදම් කවට කතා
සියොළඟ දුවන්නේ පියකරු සුපෙම්වතා
වන වදුලක සැඟවුණ සිව්පාද සතා
සමග ඔබී ඔබෙ කරවට කිඳුරු පබා
කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ...
පුරඟුන් නිදන ඉස්තාලය අතේ අරන්
අරියාදුවට දුන් සිනහව සින්න කරන්
කයිවාරුවට නවගුණ වැල තුරුළු කරන්
කිරිගරුඬෙන් බේසම ළඟ පතුල බලන්
කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ... //
ගායනය - සේනානායක වේරලියද්ද
ගී පද - පද්මකුමාර මෙත්තසේන
සංගීතය - තරුපති මුණසිංහ
@විදානේ,
Deleteයකෝ දැන් කාලෙ හැටියට මිනිසුන්ට වඩා හරක් නම්බුකාරයි.
අන්න එදා පත්තරයා මට තියෙන ආදරේට පත්තරයගේ නැට්ටෙන් ඒ මයින එලවන්න පුදුම ගේමක් දුන්නා.
Deleteමං ඔය සිංදුවේ විෂුවල් එකට මාරම ආසයි අපේ ඇනෝ..
Deleteතොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන්..
ReplyDeleteතොප්පි ගොනා පිටිපස්සෙන් මං ඉස්සරහින්… :D
Deleteහරි හරි මං කිව්වෙත් උඔ ඉස්සරහින් කියල තමයි... ඉඊ...
Deleteචතුරංග ප්‍රියශාද් (ප්‍රියා)October 18, 2014 at 12:59 PM
Deleteකොමෙන්ටුව මගේ ප්‍රොෆයිලයෙන් අන් අයෙකු දැමූ කොමෙන්ටුවක් බව කරුණාවෙන් සළකන්න. :D :D
හනි හනිකට උඹ යනකොට පාර "කියන්නම්" කෙවිටෙන්...
Delete(විදානයයි, ප්‍රියාටයි දෙන්නටම කීවෙ ඔන්න. ඊළඟට එකෙක් තරහවෙයිවත්)
ප්‍රියාගේ ප්‍රෝෆයිල් එකත් **ස ගෑනිගේ හැඹිලිය වගේය.
Deleteවිදානේ/ ප්‍රියා
Deleteයකෝ තොපි දෙන්නා මාරැවෙන් මාරැවට මම ඉස්සරහින්..මම පිටිපස්සෙන් කියනකොට මේකට එනවුන් වෙන ඒවා හිතයි.
මං ඉතින් ඔයටික නොකිය මේ හිටියෙ!
Deleteඑකම කුඹුරේ පියවර මැන යන්නයි..
ReplyDeleteඑකම කඹේ කොන් දෙකේ බැඳෙන්නයි..
සෙනේ සිතින් උඹේ හොම්බ ඉබින්නයි..
මගේ පැතුම එක මඩුවක ඉන්නයි..
උ ම් බෑ ............!!!!
වෙල් එලියේ වෑ කන්දේ
Deleteදුව පැන නැටුවාලූ
ඔමරි හිනා කෝළ බැලුම්
උහුලන්නට බෑලූ ……!!!
ගයා ගීතයන් ගමේ වෙල් එලියේ
Deleteදුව පැන ඇවිදලා සෙල්ලම් කලේ
ඈ සමගින් එදා ඒ මා තමා
අද නැතුවා වගේ ඈ මේ ගමේ...//
කාගෙද ගොං වස්සා
Deleteමගෙ කුඹුරට බැස්සා
හොද ගානක් උස්සා
පවරා දෙමි වස්සා
කාගෙද මේ හොර වසු පැටියා
සොයා කෙනෙක් එන තුරු සිටියා
අය කරගෙන දෙමි හොර කොටියා
නිල්වන ලන්දේ වෙල් ඉපනැල්ලේ
Deleteසුවඳ ආදරයේ
මිලිනවී සැඟවේ
වස්සානෙ ආයෙත් එන්නෑ …
උම්බෑ ................!!!!
Deleteඋම්බෑ…
Deleteඋම්බෑ..බෑ....බෑමයි!
Deleteඋම්බෑ....උම්බෑ..
Deleteතව හරකෙක්!! (උම්බෑ...)
Deleteහරක් සිතුවිල්ලක්!! විහිළුවට කිව්වේ මනෝෂ්. හොඳට ගැලපෙනවා. මේකයි, අර සින්දු ඇනෝ දාලා තිබුන කළිඳු ගංගොඩගේ හරකා සහ ඇටමැස්සා සිතිවිල්ලයි, සුනිල් ආරියරත්නට යවපන්. දැක්කොත් ඇත්තටම හිනාවෙයි..සතුටු වෙයි.
ReplyDeleteඋඹේ බ්ලොග් එකේ කමෙන්ට්ස් හැටියට වීඩියෝ ක්ලිප්ස් දාන්න බැරිද. මම ට්‍රයි කරා හරිගියේ නැහැ.
කොල්ලො නරක ඒවා දායි කියල බයේ මූ ඒව ඇක්ටිව් කරල නෑ..
Deleteහරි නරක කොල්ලොනෙ මේකෙ ඉන්නෙ අප්පා. මේ අපි වගේ! :D
Deleteඇත්තටම අරූ අයියෙ මටනම් හිතෙන්නෙ සුනිල් ආරියරත්නයන් මේ කීවෙ මානව ප්‍රේමයක් ගැන නෙවෙයි කියලමයි. මේකෙ නිධාන කතාව හොයාගන්න තිබ්බනම්..
Deleteකමෙන්ට්ස් හැටියට වීඩියෝ ක්ලිප් දාන්න හදන විදිය දන්නෙ නෑනෙ. වර්ඩ් ප්‍රෙස් වල තියෙන ගොඩක් පහසුකම් බ්ලොගර් වල නෑ අප්පා..
නිවැරදි කිරීමයි,
Deleteකොල්ලෝ යන බහු වචනය ඒක වචනයක් විය යුතුය.
කොල්ලා = විදානේ විය යුතුය.
-සී.ජේ. විදානේ
@ප්‍රියා,
Deleteමං කියන්න කලින් උඹම කිව්ව නේද. (හැක්, හැක්)
මනොෂ් වීඩියෝ ෆොටෝ දාන්න බ්ලොගර් සෙටින්ග්ස් වෙනස් කරන්න පුළුවන්, අටමගෙන අහපං .පොඩි HTML කෝඩ් කෑල්ලක් එල්ලනන විතරයි තියෙන්නේ
Deleteකෑලි එල්ලන්න බයයි අප්පා. ඔෆීෂියලිම බ්ලොගර් වලින් දීල තියේනම් අවුලක් නෑ. තර්ඩ් පාටි ගැජමැටික් එල්ලපු ගමන් බ්ලොග් එක ලෙඩ දෙනවා. සින්ඩි වල එහෙම අප්ඩේට් වෙන්න හොර වෙනවා. මං බලන්නම්කො ඉවාන් අයියේ.
Deleteඉවාන් කියපු විදිහ අවුල් නම් මචං සිංගල් නිඩ්ල් එකේ නූල අගලට 8ත් 10 අතර හදලා කප් එක වටේට වයර් කෙසින් එකක් ගහපන් හැබැයි ඊට ඉස්සර බේස්ටින් නූලක් ගහපන්.
Deleteහිනා කාලා මැරෙනවා මෙන්ඩියෝ... උඹ ඉතින් බෙසියර විසාරද නොවැ!
Deleteමේ එක යායට මල් කියන නමින් පස්සේ කාලෙක කැසට් එකක් ආවා. ඒකේ සනත්ගේ මුහුණ තමයි කවරෙට දාලා තිබුනේ. මගේ යාළුවෙක් කිව්වා..."අඩෝ මේකට දාන්න තිබුනේ එක යායට මල් නෙමේ එක යායට කෙස් කියලා"
ReplyDelete//"අඩෝ මේකට දාන්න තිබුනේ එක යායට මල් නෙමේ එක යායට කෙස් කියලා"// හෙහ් හෙහ්. ++++++++++++++++++ :D
Deleteඒ කියන්නෙ අරූ අයියෙ, ඒ කාලේ සනත් නන්දසිරි සර් ගේ ඒ තරම්ම කොන්ඩෙ තිබුනද? නැත්නම් නෝන්ඩියට කියපු කතාවක්ද?
Deleteඒ කතාවනම් පට්ට තමයි ප්‍රියෝ...
Deleteඔය උඹ දාලා තියෙන ෆොටෝ එකේ ගානට තමයි කොණ්ඩේ තිබුනේ....
Deleteදැං "කොන්ඩේ පුස්කාලා" ඩී ඩී ඩී... (විහුලුවක් හොඳේ...)
Delete//කොන්ඩේ පුස්කාලා// යකෝ විනාඩි දෙක තුනක් කල්පනා කරලයි ටියුබ් ලයිට් එක පත්තු උනේ. උඹ දෙමළ දන්නවද??
Deleteහුකෑස්…!!! :D :D
ඒ විදානයෝ, ප්‍රියෝ,
Deleteඅඩේ මං ඔය මඟුලෙ තේරුම හොයල නෝන්ඩි උනා බොලවු. තොපි නම්...
ගීතයක්, කවියක් වාගෙ දෙයක තියන විශේෂත්වය මේක තමයි. නොයෙක් ආකාරයට රස විඳින්න හෝ විවිධ අර්ථයන් දෙන්න පුළුවන් වීම. මට මතක් වුනේ පාසල් යන කාලෙ අපේ මිත්‍රයෙක් කවියක් ගැන කියපු අදහසක්.
ReplyDelete"දෙවි දේවතාවුන් සැරි සරන මහ වනේ - පවතින බලය ඇඟ ලොම් තුඩකට ද දැනේ" ඕකෙන් කියවෙන්නෙ, වනගත ගම් වල ඉන්න, මනුස්සකම ඉහලින්ම තියන දෙවියන් වැනි මිනිසුන් ගැන කියලයි ඔහු කිව්වෙ. ඒ මනුස්සකම මහ බලයක් විදිහට කවියා ට දැනෙනව, ඔවුන් අතර ඉන්න කොට.
මේ ගීතය අහද්දි මගේ හිතේ ඇඳෙන චිත්‍රය නම් මීට වඩා වෙනස්. ඒ කෙසේ වෙතත් මෙහෙම වෙනස් ම අර්ථයක් ඉස්මතු කරල ලියන එක දක්ෂකමක්.
අන්න ඒ වෙනස් වෙනස් අර්ථ දැක්වීම් වලට මමත් හරිම මනාපයි චන්දන. අනේ මංද ඉතින් කාලයක් මේ ගීතය ගැඹුරින් අර්ථ දක්වා අහන්න කලින් උඩ තියෙන තේරුම පෙම් යුවලකට ගලපලා රසවින්දා. ඒත් ගීතයේ හරය ගැඹුරින්ම තේරුවාට පස්සෙ, මේ ප්‍රේමය මහීෂ ප්‍රේමයක් කියන සංකල්පනාවෙන් පරිබාහිරව මේ ගීය රස විඳින්නම බෑ.
Deleteකොහොම උනත් චන්දන ගීය ගැන ඔබේ අදහස දැනගන්නත් මං හරිම කැමතියි. ඒක තමයි වැදගත්.
ඒ වගේම ඔබේ පාසල් මිතුරත් හරිම අපූරු රසවතෙක්. ඔහු කියූ කවියත් ඔහු මතුකල අර්ථයත් ඉතාම කදිමයි.
හෙට මං මැදවච්චි යනවා..
ReplyDeleteමල ගෙදරක..
දන්නවනේ ඉතිං...
ටිකක් ඇජෙස්වෙලා තමයි යන්නේ...
එනකොට නං ගොඩක්...
මං එනකං..
පරිස්සමින් හිටපල්ලා..
ගොංරැල...
ජ ය වේ වා !!!
අපිනම් උඹ එනකල් පරිස්සමින් ඉන්නවා, ඒත් උඹ ඔය ගමන පරිස්සමින් කල්පනාවෙන් ගිහින් වරෙන්. සම්මා සතිය පවත්වාගනින්. කොහෙද ඉතින් යන්නෙම කට කපලනේ.
Deleteපරිස්සම් වෙයන්. ජයවේවා.
බුදුසරණයි.
මචං, උඹට නිට්ටඹුවට සිග්නල් නැති උනාට මැදවච්චියට සිග්නල් තියෙයි මයෙ හිතේ!! :D
Deleteඅපේ ඒරියල් එක.. කිෂි අවුලක් නෑ ඕනැ කැටයමක් කපල වරෙං.. මෙන්ඩගේ නම කියපං !! එච්චරයි
Deleteඋඹ අපේ පැත්තෙත් එනවා නම් මගේ නම කියපන්. මතකනෙ "ප්‍රියා". හැබැයි උඹට ඊට පස්සෙ ගුටි කන්න උනොත් මම නම් නෑ ඕන්!! :D
Deleteඅපේ ඒරියල් එක. අනේ උඹ මගෙන් මොකුත් අහගන්නෙපා පත්තරයෝ. එහෙනම් ඉතින් මගේ ඒරියල් එක වරකාපොල.
Deleteඋසට මහතට පතට ඉඳගෙන ඉතින් පොල් ගෑව වෙන්න බෑනේ. උඹේ නම කිව්වොත් සොරි ඩොට් කොම් වෙයි තමා.
Deleteඅනිවා...පුරේට ගිහින් වැවකින් නාන්නේ නැතුව නම් එන්න එපා..
Deleteමට පේන්නෙ මිනිහ ගිහින් ඇවිත් ඉන්නෙ. හම්බුනාම අහමුකො.
Deleteඊයෙ ටිකක් අනුමතවෙලා ඉද්දි බැලුව. ම්හු. රෝං ට්‍රැක් එකේමයි පෙනුනෙ.
ReplyDeleteඅද අමුවෙං බැලුවමනෙ මචං මල්ලියෙ පෙනුනෙ, එහෙමත් අර්ථයක් තියෙනවනෙ යකෝ කියලා.
එක අතකට සුනිල් ආරියරත්නට ගව චින්තනය ගැනත් දැනුමක් තිබිල තියෙනව නේද? (ඒ විතරක්යැ, ඇයි බොට? :D)
විසිටරයෝ...උඹවනම්...
Deleteඔය කියල තියෙන්නෙ අර මහින්ද මහත්තයාගේ චින්තනය ගැන නොවැ.
යාලු පිට් එක..යාලු පිට් එක...අපි කස්ටියම එකතු වෙලා මුට උගේ ස්වයංචරිතාපදානය ලියන හැටි කියලා දුන්නා...
Deleteනැතුව ඉතින්, මිනිස්සුන්ට පුලුවනෑ හරකුන්ගෙ ඒව ලියන්න උදව් වෙන්න!!
Delete//ඒ විතරක්යැ, ඇයි බොට? :D// +++++++++++++++ හැක් හැක්. අපේ ගොනා අපිට හොදා. :D :D
ReplyDeleteඈ බං, මම මේක දැම්මෙ Visitorට රිප්ලයි එකක් විදිහටනෙ!
Deleteකවුද යකොවු මේක පල්ලෙහාට ඇදලා දාපු එකා????
:D :D
ගොන්ට ඉතින් ගොන් කොහොමත් හොඳයි තමා ප්‍රියෝ.. (හැක්! හැක්!!)
Deleteඒක නෙවෙයි, ම්ට පේන්නෙ ප්‍රියත් කාලක් ගහලද කොහෙද කමෙන්ට් එක දාන්න ඇවිත් තියෙන්නෙ. ඕ යේස්!
@ මනෝෂ් & ප්‍රියා,
Deleteමෙතන ප්‍රියාට වුනේ අර හැලපෙගෙ පෝස්ට් එකේ මං කිව්වා වගේ එක වලක දාපු කමෙන්ටුව වෙනත් වලකට වැටීම.
ඕං කිව්වා..........
ඇත්තද ප්‍රියෝ මේ කියන්නේ?
Deleteලස්සන වගේම මාව අතීතයට ගෙන ගියා ඒ සින්දුව
ReplyDeleteස්තූතියි තරිඳු, අපි කාගේත් අතීත මතක අවුස්සන සිංදු කොච්චරනම් තියෙනවද..
Deleteමනෝෂ්......................
ReplyDeleteනිර්මාණාත්මක චින්තනය... ඔබට දෙයක් දකින්න තියෙන අයිතිය මට ප්‍රශ්ණ කරන්න බැහැ. ඒ වගේ ම ඒ වෙනස් වූ චින්තනය මට විදින්න පුළුවන් වෙන තරමට මං නිහතමානී වෙන්නත් ඕනේ.. කවදාවත් දෙයක් පටන්ගන්න මිනිහෙක් අතිශය සාර්ථක නැහැ. අපිට ඔහුගේ වැරදි දාහක් පෙන්නුවත් හදන්න බැහැ. ඒත් එක පාරක් අගය කරාම ඔහු යන ගමන කාටවත් නවත්තන්නත් බැහැ. ඒ ගමන ආපු ඔබට මේ විදිහට දෙයක් හිතන්නට පුළුවං වෙනවා. බලන්න කොච්චර හොදද. ඔබ එය තාර්කිකව ඔප්පු කරනවා. එය මට ප්‍රශ්ණ කරන්නට අවශ්‍ය නැහැ. මං ඒක රසවින්දා. මමත් මගේ ජීවිතයට ම අදයි මෙහෙම දෙයක් හිතුවේ. මං ආයෙත් කල්පනා කරා ඇයි මට මෙහෙම දෙයක් කලින් නොහිතුනේ කියලා.. ඒක තමයි වෙනස් වූ චින්තනය ඔබ සතු................
ජය.............................
ගී පවුරේ... මං ඒත් බැලුව මොකද මේ පාර පේන්න නැත්තෙ කියලා. කවදත් වගේ මගේ නිර්මාණය ගැන ලෝබ නැතිව කරන මේ අගය කිරීම මට පුදුම ශක්තියක් ගී පවුරේ. ඒදා ඉඳලම මගේ හැම පෝස්ට් එකක්ම අගය කරමින්, නිවැරදි විය යුතු, දියුණු විය යුතු තැන් ආදරයෙන් පෙන්නල දීල මාව දිරිමත් කලා ඔබලා. ඇත්තටම මට දැන් මේ ගීය මේ චින්තනයෙන් එහාට ගිහින් විඳින්නම බෑ. මට හිතෙන්නෙම ආරියරත්නයන් මේ ගීය ලිව්වෙම මෙහෙම දෙයක් ප්‍රස්තුත කරල කියලමයි.
Deleteස්තූතියි ගී පවුරේ.
මේ පාර මොකක්දො වෙනසක් කරල වගේ..
ReplyDeleteඒකත් හොඳට රහට දැනුනා..
එළ කිරි..
වෙනසක්....හ්ම්... මට එහෙම හිතෙන්නෙ නෑ සංචාරකයෝ. මේ අදහස මං මේ ගීයට බලෙන් කාවැද්දුවා නෙවෙයි, ස්ව්භාවිකවම මට මේ ගීය ගැන හිතෙන්නෙ මෙහෙමමයි. මේ තවත් ගී සංවේදනාවක් විතරයි..
Deleteඅහන්න ප්‍රිය ලස්සන සිංදුවකට දීපු වෙනස්ම අර්ථකතනයක්.කොච්චර අහලා රස විඳලා තිබ්බත් මේ සිංදුව ගැන මේ විදියේ පැත්තක් දැකලා තිබ්බේ නැහැ.එක පාරක් මේ වගේම දීපු අර්ථකතනයක් මම ඇහුවා සන්නස්ගලගේ දෙනවා කපුගේ ගේ දවසක් පැල නැති හේනේ සින්දුවට.
ReplyDeleteසන්නස්ගලගේ තියෙනවා ගොඩක්ම වෙනස් අර්ථකතන ගීතයන් සඳහා. මං ඊයෙ ධම්මික බංඩාර සර්ට කතාකලා මනෝජ්. සර් නම් කිව්ව මේ ගීතය ඇත්තටම ලියල තියෙන්නෙ සත්ව ප්‍රේමයක් වෙනුවෙන් නෙවෙයි කියලා. ඒ වෙලාවෙනම් මට මේ පෝස්ට් එක අයින්කරන්නත් හිතුනා. ඒත් දැන් පරක්කු වැඩියිනෙ.
Deleteමනෝෂ්.....සැහැල්ලුව බ්ලොගට යන්න. ඒකේ එච්.එම්.ගැන අලුත් පෝස්ට් එකේ, ලින්ක් එකක් තියෙනවා. ඒක කියවන්න. මේ සින්දුවට තනුව දාපු හැටි කියනවා.
ReplyDeleteගිහින් බැලුව අරූ අයියේ, එච්.එම්. ජයවර්ධනයන් ගැන බොහොම සංවේදී සටහනක්. මට අපේ රට ගැන මහා කලකිරීමක් දැනෙන්නේ. මං එතනත් කිව්වා.
Deleteබෝම හොදයි උඹ දැන් එඩිතරයි.. එච්චරයි.. අර මං කලින් කිව්ව සිංදුව ගැනත් ලියහංකෝ.. ඒකත් එඩිතර දෙයක් වේවි..
ReplyDeleteස්තූතියි දේශකයෝ..ඔබ මේ කියන්නෙ සඳ කිඳුරා ගැනද?
Deleteනෑ..ණැ..වෙරි මට හොදටම වෙරි කෙලින් යන්න බෑ
Deleteමෙනවද පෙව්වේ කෝ පාර පෙන්නෙෑ
කොක්ටේල් කියල..කවලම් කරලා..පොවල මගේ ඔලුව නෑ..
Deleteයනවා ලිස්සා මං හලෝ..
බලපිය උස්සලා පොලෙවේ ගැහැව්ව වගේ මේ තරම් කල් හිතාගෙන හිටපු විදිහ සම්පුර්නයෙන්ම වෙනස් වුනා.
ReplyDeleteමට පට්ට සතුටුයි....!!!
Deleteඅද වාගේ මතකයි මට කියන පදේ අමතක කළොත් ඔය විචාරය හරි වෙන්න පුළුවන් නමුත් ප්‍රේම වන්තයෙක් තුළ හට ගත් ශෝකය හොදින් පෙන්වනවා තමන්ට මතකයි තාම මතකයි කියන පදය තුළ. හරකෙක් මැස්සෙක් හරි මොකෙක්ට හරි අසම්මතයෙන් හරි නැවත මතක් වන ප්‍රේමයක් පිළිබදව මෙහෙම ලියනවනන් එහම ලියව්ව කියල හිතනවනන් ඒක විකාරයක්
ReplyDelete