Pages

Sandumal

Sandumal

Tuesday, October 14, 2014

•අනුපිටපත් ඉවත් කරමු


"අපේ පරිගනකයේ මතකය ගිලගන්නා  Duplicate Files..."






ලියන්න යන්නෙ නම් පොඩි පහේ තාක්ශ්ණික කාරණයක් ගැන. ගී සංවේදනාවක් කියවන්න හිතාගෙන ඇවිත් මේ කිව්ව කතාව අහල කේන්ති එහෙම ගියානම් තරහ අවසර! ඒත් අමතකවෙලා යන්න කලින් මේකත් ලියල දැම්මනම් කවුරු හරි වැඩක් ගනී කියල හිතුවා. ඒ නිසා ඔන්න ඔහේ ඕනි එකක් කියලා ලියල දැම්මා.

මේකත් මගේම අත්දැකීමක ප්‍රතිපලයක් තමයි. දැන් දවස් දෙකතුනකට කලින් මට පොඩි අලකලංචියක් උනා. ඒ තමයි මගේ පරිගනකයේ ගබඩා ධාරිතාවය ඉවරෙටම ඉවර උනා.

හදිසියකට ගිගාබයිටයක් වත් නැතිවෙන තරමට ඉඩකඩ සීමා සහිත උනා. බැලුව මම ඩිලීට් කරල අයින් කරල දාල ඉඩගන්න පුලුවන් මොනාහරි තියෙනවද කියලා. එහෙම තිබුන අනවශ්‍ය ෆයිල්ස් කිහිපයක් මකල දැම්මත් සුලු ඉඩ ප්‍රමාණයක්වත් වැඩිපුර හොයාගන්න බැරි වුනා. ඉතින් කරගන්න දෙයක් නැතිව මං ටිකක් කල්පනා කලා. ඩිලීට් කරල අයින් කරන්න තරම් කිසිම දෙයක් තිබුනෙ නෑ. ඔක්කොම තිබුනෙ අත්‍යාවශ්‍යම දේවල්. ඉතින් මං මේකට විසඳුමක් කල්පනා කලා.

හදිසියේම මට මතක් උනා සමහර විට අපි අතින් අතපසුවීම් වලින් එකතු වෙච්ච Duplicate Files සෑහෙන ප්‍රමාණයක් හාඩ් ඩිස්ක් එකේ ගබඩාවෙලා ඇති. ඒ නිසා ඒ ටික අයින්කරගත්තොත් මට සැලකිය යුතු ඉඩක් හොයාගන්න පුලුවන් වෙයි කියල මට හිතුනා. ඒත් මේක කොහොමද කරන්නෙ, පරිගනකයේ අනේක විද තැන්වල සේව් වෙලා තියෙන Duplicate Files මං කොච්චරක් කියල හොයන්නද, කොහොම හොයන්නද. ඉතින් මේ ගැන හිතනකොට මට නිකමට වගේ හිතුනා, Duplicate Files හොයල දෙන මෘදුකාංග සමහර විට අන්තර්ජාලෙ ඇති කියලා.

ඉතින් මම Duplicate File Finder කියල ගූගල් සෙවුමක් කලා. ඔන්න ඉතින් මේ ජාතියේ මෘදුකාංග රාශියක සබැඳි මට දකින්නට ලැබුනා. ඉතින් ඒ අතරින් මගේ හිත ගිය එකක් මං තෝරගත්තා. මෙගාබයිට් එකක් තරම්වත් නොවන කුඩා ගොනුවක් වෙච්ච ඒ මෘදුකාංගය Download කරගෙන මං ඒක පරිගනකයට Install කලා. ඊට පස්සෙ මේ මෘදුකාංගය ධවනය කරල බැලුව. ෂහ්! ඒක කදිමෙට වැඩකරනවා. ඒ වගේමයි භාවිතයත් හරිම පහසුයි සරලයි. කොහොමින් හරි මං මගේ හාඩ් ඩිස්කයේ විවිධ පාටිෂන් සඳහා මෙම මෘදුකාංගය මඟින් ඩුප්ලිකේට් සර්ච් කලා. ප්‍රතිපල ගොඩක්ම සාර්ථක උනා. ඔයාල දන්නවද, මගේ පරිගනකයේ ඩුප්ලිකේට් ෆයිල්ස් දහස් ගනනක් හම්බුනා. ඉතින් ඒ මෘදුකාංගය භාවිතයෙන්ම මං ඒව සියල්ලම මකල දැම්මා.

ඉතින් මං නොහිතනා තරම් ඉඩක් මට ආපසු අත්කරගන්න මට පුලුවන් උනා. කොටින්ම කිව්වොත් ගිගාබයිට් 4කටත් වඩා Duplicate Files මට මේ මෘදුකාංගය හොයල දුන්නා. ඉතින් මට නැවතත් ඉතාම සුලු ඉඩක් ආපසු අත්පත්කරගන්න හැකිවුනා.

ඉතින් ඔන්න ඕකයි කතාව. මට මේක මෙහෙම ලියන්න හිතුනෙ, මට විස්වාසයි ඔයාලගේත් කම්පියුටර් වල ඔබ නොහිතන තරම් ඉඩකඩක් මෙවැනි ද Duplicate Files සඳහා භාවිතා වෙලා ඇති. ඉතින් ඒ ටික නැවත හොයාගෙන එකවරම කරදරයකින් තොරව මකල දාල නිකරුණේ අපතේ ගොස් තිබූ ඉඩකඩ ඔබට ඉතිරි කරගත හැකියි.

ඉතින් මං ඔයාලටත් මේ මෘදුකාංගය මං ලබාගත්ත සබැඳිය ලබා දෙන්නම්. තවමත් මෙවැනි පරීක්ෂණයකට ඔබේ පරිගනකය ලක් කොට නොමැතිනම් මේ හරහා එම අත්දැකීමවිඳ බලන්න. ඔබට මෙය බෙහෙවින්ම ප්‍රයෝජනවත් වනු ඇත.



මෘදුකාංගය ස්ථාපනය කොට විවෘත කරගන්න.





මෙලෙස Open වූ පසු මම රතු පැහැයෙන් කොටුකර දක්වා ඇති අයුරින් එම Check Box Select කරගන්න. මීළඟට ඊට තරමක් ඉහලින් මම කොල පැහැ කොටුවෙන් දක්වා ඇති ස්ථානයට ඔබගේ පරිගනකයේ ඩුප්ලිකේට් ෆයිල්ස් සර්ච් කල යුතු පාත් එක ලබා දෙන්න. මීළඟට දකුණු පස ඉහල ඇති START SEARCH බට්න් එක ක්ලික් කිරීමෙන් සෙවීම ආරම්භ කල හැකිය. අවසානයේ සියලු Duplicate Files පෙන්වා දෙනු ලබන ආතර එම මොහොතේම කැමතිනම් ඒවා Delete කල හැකිය.

එසේනම් මෙය අත්හදා බැලීමට ඔබටත් ඇරයුම් කරන ගමන්  අදට මෙතකින් මං නවතිනවා. ගී සංවේදනාවක් කියවන්න බලාපොරොත්තුවෙන් ඇවිත් කිසියම් අයෙකුට යම් අපහසුවක් සිදු වූවානම්, සියදහස් වරක් සමාවෙන්න. මා අත් විඳි පහසුව ඔබත් සමඟත් බෙදාගන්නයි උවමනා උනේ. 

එසේනම් ඉතාම ඉක්මනින් ගී සංවේදනාවක් සමඟින් යළිත් අපි හමුවෙමු.



(දයාබර සිංදු ඇනෝ... වද දෙනව කියල ඔබට මෙහෙමත් වද දෙන එක සාධාරණ නෑ තමයි. ඒත්, හැකිනම්, මේකට ගැලපෙන සිංදුවක්........)





142 comments:

  1. තැන්කිව් !
    ගොඩක් කම්පුටර් වල C එකේත් ඔහොම ඉඩ අවහිර වෙනව නෙ. ඒක අයින් කරන්න පුළුවන් system tool වල disk cleanup වලින්. මං දැකල තියනව එහෙම කරල ගිගා බයිට් හත අට ආපු අවස්ථා. මේක දන්නව ඇති ගොඩ දෙනෙක්. නොදන්න කෙනෙක් හිටියොත් ප්‍රයෝජනවත් වෙයි කියල හිතුන.

    ReplyDelete
    Replies
    1. මේ ගැනත් ගොඩක් අය සමහරවිට දන්නව ඇති ඇනෝ. ඒත් නොදන්න කෙනෙක් හිටියොත් මොකක් හරි ප්‍රයෝජනයක් ගනීනේ.

      ඔබටත් ගොඩක් ස්තූතියි.

      Delete
  2. චැහ්...චැහ්..පරඝනක ගැන මගේ දැනිම 0 යි...අර නංගි උඔලාගේ කාර්්‍යලයේද වැඩ කරන්නේ?
    ඕට්ටුද? ඒ නංගිගේ බ්‍රා සයිස් එක 34 B.

    ReplyDelete
    Replies
    1. පුදුමයක් නෑ ඉතින්, උඹට මූණ දිහා බලල සයිස් එක කියන්න පුලුවන් වෙච්ච එකේ!!

      මෙයා මෙහේ නෙවෙයි බං, ගූගල් දෙයියො ගාව වැඩ කරන්නේ.

      Delete
    2. මෙන්ඩො උඹ බ්‍රා හදන ෆැක්ටරියකද වැඩ කරන්නෙ.. O.o

      Delete
    3. ඔව් යකෝ... තනිකරම ඒ ෆැක්ට්‍රියේ බ්‍රා විතරයි මහන්නේ. සිරාවටම, අපෙන් අහන්නෙපැයි බං.

      Delete
    4. මාත් එකතුවෙනවා උඹත් එක්ක ප්‍රියෝ.

      Delete
  3. කෙලසක කිවත් ඔබ ගැන මතකය අමතක කරනු කියා...
    ඔබ ඒ කිව ලෙසේ අමතක කරනු කෙසේ..?
    ගැලපෙනවද මන්දා සිංදුව..

    ReplyDelete
    Replies
    1. ඊට වඩා මේක යනව නේද බං?

      නාවල අන්නාසි කෝට්ටේ දොඩං යස රසය කෑමටා...
      ගල්කිස්සේ සීනක්කු කොම්පඤ්ඤවීදියේ ඉදියප්පං බෝම යසා...

      Delete
  4. මාත් බලන්න ඕන.. මගේ නං ගිගා 30 ක් විතර ඉතුරියි. මොකෝ මං පිලුම් සිංදු ගන්න එකක්යැ..

    ReplyDelete
    Replies
    1. මට මචං කරුම ලෙඩක් තියෙනවා හොඳ ෆිල්ම් එකක් හම්බුනොත් ඒක කම්පියුටරේ සේව් කරගන්න හිතෙන. ඒ නිසා මුලු හාඩ් එකම පිරිලා.

      Delete
  5. Direct Link එකක් නැද්ද? පොඩ්ඩක් වටේ යවනවා වගේ.

    ReplyDelete
    Replies
    1. ඔං ලින්ක් එක. සහ නිල වෙබ් අඩවිය.
      http://www.ashisoft.com/downloads.htm

      Delete
    2. ලින්ක් එකෙන් ගිහින් ඕපන් වෙන වින්ඩෝ එකෙන් "Duplicate File Finder" කියල ලොකුවට තියෙන file name එකට යටින් කොල පාටින් තියෙන Download Now කියන එක ක්ලික් කරන්න. (ඒකට යටින් පුංචියට Secure Download කියලත් ලියල තියෙනවා)

      එතකොට ඩවුන්ලෝඩ් වෙනව අවුලක් නැතිව.

      ඕව ඉතින් ඔහොම තමයි, නිකන් දෙන තැන් නේ, හෙන වටයක් යන්න වෙනවා.

      Delete
    3. ආ..ඔය දීල තියෙන්නෙ අපේ ටෙක්නිකල් ලොක්කා..එළ එළ.. ස්තූතියි.

      Delete
    4. යෙල යෙල...බඩු වැඩ. තැන්කුයි ඩබලටම!

      Delete
    5. හොඳයි..හොඳයි.. වැඩක් ගත්තනම්..

      Delete
  6. මම නං යූස් කරන්නෙ ඇඩ්වාන්ස්ඩ් සිස්ටම් කෙයා ඔප්ටිමයිසර් ඒක නං පට්ට...
    ඒක හන්ද මේක නං වැඩක් නෑ සොරි මේම කීවට...

    මං කියපුඑකෙන් වැඩ ගොඩක් කරන්නත් පුලුවං...
    නැත්තං යුනිබ්ලූ එකත් හොදයි....

    ReplyDelete
    Replies
    1. යුනිබ්ලු එක වෙලාවකට වාතෙ වෙනවා බං.

      Delete
    2. දන්න එවුන්ට මේක වැදගත් නෑ තමයි මහේෂයෝ.. මං මේක දැම්මේ නොදන්න උන්ට ප්‍රයෝජනයක ගන්න.

      Delete
    3. මං ඒ දෙකම දන්නෙ නෑ බං නිමෝ.

      Delete
    4. මං ඔය මොන උලව්වක් වත් දන්නෙ නෑ බං මනෝ... මාත් ඔහෙ පාවිච්චි කරනව විතරයි...

      @ නිමෝයුනිබ්ලූ නං අවුල් තමා... ඒත් අනික හොදයි...
      හෙක් හෙක්

      Delete
    5. ගැටලු ඇති වුනාම ඔය මොකක් හරි හොයාගෙන වැඩේ ගොඩ දාගන්නෙක තමයි මචෝ මාත් කරන්නෙ.

      Delete
    6. //යුනිබ්ලු එක වෙලාවකට වාතෙ වෙනවා බං.// සම්පූර්ණ ඇත්ත බ්ලූ කියන ජාතියම වාතයක් තමා. :D

      Delete
    7. ඕ යේස්!! තනිකරම ජරාවක්.

      Delete
  7. එළම තමා, ඔය තියෙන්නේ නියම බාන්ඩයක් හොයාගෙන. ඔං මන් උඩින් ලින්ක් එකකුත් දැම්මා.

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ.. අරකෙන් වටේ යනවට වඩා උඹ දැම්ම ලින්ක් එකෙන් කෙලින්ම කරදරයක් නැතිව දාගන්න පුලුවන්.

      අඩේ මං කියන්නද, මං දාපු ලින්ක් එක වෙනුවට උඹ දුන්න එක කෙලින්ම රීප්ලේස් කරන්නම් බං. එතකොට හරිනේ.

      තෑන්ක්ස් මචෝ..

      Delete
    2. උබට කැමති දෙයක් කරහන්. කොමත් වටේ යනවට වඩා ඉක්මනට බාගන්න පුළුවන් නම් ඩෙටාත් ඉතුරුයි නෙව.

      Delete
    3. ඔන්න මචෝ එහෙනම් උඹේ ලින්ක් එක ඇඩ් කලා.

      Delete
    4. කොහොමත් වටේ යන එක සෑහෙන්න කේස් තමා! :D

      Delete
    5. ඕ යේස්! වයිෆරේ කොස්ස අරන් පන්නද්දි වත්ත වටේ දුවලා බලපන්කො සනීපෙ, ඒ කාලෙට.

      (උඹට දැන්ම දැන ගන්න ඕන නම් පත්තරේ ගෙන් අහපන්!)

      Delete
    6. අඩෝ මට මැවිල පේනව බං. හුකෑස්!!!

      ඒ කියන්නෙ පත්තරයා කෙට්ටුවෙලා තියෙන්නෙ කොස්සෙන් ගුටි කාලමද බං? කෝ මේකා?

      Delete
    7. කෝ බන් පත්තරයා....!

      Delete
    8. බෝත් ඩේ එකට ගහනවලු කරටි කැඩෙන්ඩම!! :D

      Delete
    9. පත්තරයෝ සුභ උපන් දිනයක් වේවා ...!!!!!

      මල් මල් පිපිලා පරිසරය පුරා
      නව සුවඳක් විහිදෙනවා
      මල්ලිලා නංගිලා අයියල අක්කල
      තුටු සිතකින් පසු වෙනවා...
      එන්න එන්න දැන් සුභ පතන්න
      අප සැමදෙන එකතු වෙලා...
      සුභ උපන්දිනක් වේවා!
      ජිවිතයම සරු වේවා!
      දෙවියන් ඔබ රැක දේවා!
      සුභ උපන් දිනක් සුභ උපන් දිනක් වේවා!
      මිනි කැට වාගේ තරු වැල් අහසේ
      සඳ එළියෙන් පරදිනවා...
      මිතුරන් අතරේ නෑයන් අතරේ ඔබ
      අපට සඳක් වෙනවා...
      ඔබ සිතන පතන රන් යුගය
      ඔබට අද අදම ලඟා වේවා!
      දුක විපත නොවී
      සැප සතුට යසස ඔබ වෙතට උදා වේවා!

      ගායනය - ජිප්සීස්

      Delete
    10. එළ සිංදුවො එළ. මෙන්න මගෙනුත් පත්තරේට!

      ඔබේ උපන් දිනේ අදයි
      ඔබේ උපන් දිනේ
      මේ පැතුම් මගේ ආදරේ
      දිගුකල් යෙහෙන් සැරදේ
      සඳ මෙන් පිරී දිලී ගුවන් තලේ

      මා හා කියූ දේ ළං වී මුවෙන්
      ගිලිහී ගියාදෝ ඔබගේ හදින්
      කම් නෑ එයින් මා නොසැලී හිඳිම්
      පිළිගන්වමී මගේ රුවන් පැතුම්

      ඔබේ උපන් දිනේ අදයි
      ඔබේ උපන් දිනේ
      මේ පැතුම් මගේ ආදරේ
      දිගුකල් යෙහෙන් සැරදේ
      සඳ මෙන් පිරී දිලී ගුවන් තලේ

      ඉවත හෙළාලා සෙනෙහේ කැළුම්
      ඇයි මා පෙළන්නේ නොදොඩා මුවින්
      කම් නැහැ එයින් මා නොසැලී හිඳින්
      පිළිගන්වමී මගේ රුවන් පැතුම්

      ඔබේ උපන් දිනේ අදයි
      ඔබේ උපන් දිනේ
      මේ පැතුම් මගේ ආදරේ
      දිගුකල් යෙහෙන් සැරදේ
      සඳ මෙන් පිරී දිලී ගුවන් තලේ


      ගායනය - මිල්ටන් මල්ලවාරච්චි

      Delete
    11. මචං පත්තරේ, උඹට සුබම සුබ උපන්දිනයක්ම වේවා. අපි ඔක්කොම උඹට හදවතින්ම සුබ පතනවා. ජයෙන් ජයම වේවා උඹට.

      Delete
    12. ඕ යේස්.....!
      උබට සුබම සුබ උපන්දිනයක් වේවා.....!!!! ගල් බෝතල් වැඩි වැඩියෙන් ලැබේවා...!!!

      Delete
    13. බයිට් එකට මැදට ලූණු සම්බල් දාපු උළුඳු වඩේ..

      Delete
    14. //බයිට් එකට මැදට ලූණු සම්බල් දාපු උළුඳු වඩේ.//
      ඕ යේ....!!

      Delete
    15. කෙළ උනනව නේ කටට?

      Delete
    16. බුහා හා …… බොන උං අත් උස්සපල්ලා :D

      Delete
    17. ජින්ජර් බියර් බොන එවුනුත් එක්කද?

      Delete
    18. බයිට් කන උන් වෙන මොනවා හරි උස්සන්නද? :D

      Delete
    19. මොනා? උඹ උස්සහං.

      Delete
    20. පත්තර මල්ලි තෝට ඡය ශ්‍රි මහා බෝ හාමුදුරැවන්ගේ පිහිටයි..
      ඔන්න මම අත් දෙකම ඉස්සුවා..
      බ්‍රෑන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    21. එකෙන්ම..හිමි දළදා සරණයි...

      Delete
  8. ඊළඟ සැරේ උඹට හම්බවෙනවා ,හොඳම තාක්ෂනික බ්ලොග් අඩවියට හිමි සම්මානය . ෂුවර් එකටම

    ReplyDelete
    Replies
    1. ඔය ඉවානයා කියන ඒවට අහුවෙන්න එපා. ඕකා කිව්වොත් කියන්නේ පචයක්.

      Delete
    2. ඉවානයෝ.. උඹනම්....... ඔය පැත්තෙන් මගේ දැනුම අඩුයි බං. මං වෙලාවකට වැටෙන අමාරුවල කැක්කුම දන්න නිසාමයි මෙහෙම එකක් සෙට් උනොත් මේකෙ දාන්නේ. මොකෙක්ට හරි උවමනාවෙයිනෙ මට උනා වගේම.

      Delete
    3. ඒකනේ බං නිමෝ, බලහංකො. හැක්! හැක්!!

      Delete
    4. මේ ඔය යටින් මට බැනලා ඉන්න එකා තමයි තාක්සනික අංශයේ තෑග්ග ලබන්න සුදුසුම එකා, උගේ තියෙන පඩත්තල කමට බ්ලොග් එක ලියන්නේ නෑ, හැබැයි කරටි කැඩෙන්න ගහලා බයිසිකල් වලින් කරනම් ගහනවා ,

      Delete
    5. එහෙනං, එහෙනං, හෙල්ප් ඩෙස්ක් එකක ඇඩ්මින්. අර කිව්වත් වගේ අර බ්ලොග් කට්ටෙ මාසෙකට එකක් ලිව්වනම් මොකෝ පොලිසියෙන් අරන් යනවද. අපි වගේ එවුන්ට මොනතරම් ප්‍රයෝජනයිද. කෝ ඉතින් ලියන එකක්යැ. මේකයි පත්තරයි හොඳයි ආඳන්න.

      Delete
    6. රහසින්- මාරුවෙන එක මාගේ දේහයට ගුණයි වගේ.

      Delete
    7. සිරාවටම උඹේ බ්ලොග ලිවුවනම් හෙන ගහනවද බොල????????????

      Delete
    8. ඕවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට ,
      දුසිරිත් දනන් දෙන ,
      ඕවා, වැද්දන් දෙසන බන වැනි......

      හැක් හැක් .........



      Delete
    9. \\සිරාවටම උඹේ බ්ලොග ලිවුවනම් හෙන ගහනවද බොල????????????//

      අඩෝ ප්‍රියා, තවත් ටික දවසක් බලලා මාත් උඹට ඔය ටිකම තමයි කියන්න හිටියේ.

      Delete
    10. @sindu

      වැදි බණ තුලින් මුණි බණ තෝරා අසනූ,
      වැදි බණ දෙසන සඟ ගන වුව පිටු දකිනූ..

      Delete
    11. හතර විළි ලැජ්ජාවෙ සංතෝසෙ බෑ!! :D

      Delete
    12. හ්ම්..හ්ම්.. දැන් බොටත් අලුතින් එකක් ලියන්න කාලෙ හරි.

      Delete
  9. ඒකත් මරු භාණ්ඩෙ ඈ..
    මගෙනං තිබ්බෙ 700 MB විතර..

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං, ඒ ටිකත් වටිනවනේ. හැම පාටිෂන් එකකම සර්ච් කරහං.

      Delete
  10. ඕක පාවිච්චි කොරලත් මගේ වැඩවල හැටියට ඩුප්ලිකේට් එක මොකක්ද හොඳ එක මොකක්ද හොයා ගන්න බැරි උනා නොවැ, මගෙත් ලෙඩක් ෆිල් පුරවා ගන්න එක, දැන් 1 tb පොර්ටබල් එකත් ඉවර වෙන්න ලඟයි, pc එකෙත් 1 ටබ් වලින් 500 tbම තියෙන්නේ ෆිලුම් නොවැ. ඕක මාරු භාණ්ඩේ මම සෑහෙන්න ඒවා මකා ගත්තා විශේෂයෙන් mb 10 15 සින්දු කෑලි හතර වටේ එකම සින්දුව. ඉක්මනට අහන්න ඩෙස්ක්ටොප් එකට දා ගන්නනා වෙනම ෆෝල්ඩර් ගහලා අරෙහෙ මෙහෙ හැමතැනම. දැන් අවුලක් නැහැ, තැන්කු වේවා, මේක නොදන්නා අයට වටිනවා.

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි! යකෝ මං මේ 320ජීබී ෆුල් කරගෙන දන්නගලනවා, උඹල ටීබී වලින් කතාකරනවා.

      පෝර්ටබල් හාඩ් එකක වටිනාකමනම් මට දැනෙන්නෙ කාලෙක ඉඳල බං. ඉකමට එකක් ගන්න තිබ්බනම් හොඳයි.

      මටත් වෙන්නෙ ඔය දේ මයි, ලේසියට සැරින් සැරේට ෆයිල්ස් කොපි කරල බැකප් කරගන්නවා, අන්තිමේදී බාගෙට බාගයක් ඩුප්ලිකේට්.

      කොහොමින් හරි මේක ප්‍රයෝජනවත් වෙච්ච එකනම් ලොකු සතුටක්.

      Delete
    2. සොමියො, tb නේ. මගෙ ඔළුවට පොල්ලෙන් ගැහුවා වගේ. යකො. :D

      Delete
    3. මාව තාමත් කැරකෙනව වගේ බං.

      Delete
    4. හුටා බොලට පත්තු උඅනේ නැද්ද 1 tb එකක් ඇතුලේ 500 tb සීන් එක හැක හැක. එක නම් tb නෙවේ gb හරිය :D

      නැහැ අපෙ අයියා පිලුම් පිස්සා, මේ පවුලේ කම්පීතරෙනේ ඩුප්ලිකේට් වැඩී, පොර ඔපීසියෙන් බානවා දවසට දෙක තුනක් වත්. බාලා මෙහාට අදිනවා, බලනවා මකනවා, හොඳනම් පුරවා ගන්නවා. මමත් ඉතින් පිලුම් පිස්සා, හිටුකෝ ළඟදීම සුපිරිම පිලුම් එකක් ගැන පොස්කටුවක් ලියන්නම්කො, එක නම් ලොවෙත් සුපිරි, බොක්කටම වදිනවා. මේ දචාස්වල එක පරිවර්තනය කොරන ගමන්.

      Delete
    5. අහා මනොෂ් කොලුවා වැඩකාරයා නිසා පොටබලක් ලේසියෙන්ම හදා ගන්න පුළුවන් නේ ලැප් හාර්ඩ් එකක් සෙට් උනානම්. තව 320ග්බ එකකට බබා හම්බ වෙලා නො කතා නො සිනා, එක නම් තනි ඇහැට කඳුළු උනනවා. එකේ තමා වටිනාම පිලුම් ටික තිබුනේ තව මතක සටහන් පොටෝ කෑලි එක්ක

      Delete
    6. ඒක තමයි බොලං ඔය ප්‍රියා අහන්නෙත්, වැඩේ මීටර්..

      ඔය ලෙඩේ මටත් තියෙනවා. හැබැයි ලේසියකට ෆිල් බලන්නෙ නෑ. හැබැයි හිතට වදින එකක් බැලුවොත් අනිව ඒක තියාගන්නවා ඩිලීට් කරන්නෙ නෑ. ඕකෙන් තමයි වැඩි හරියක් ෆිල් වෙලා තියෙන්නෙ.

      අඩේ ඒක කියවන්න නම් ආස හිතෙනවා තවත් උඹ ඔය කියවන විදියට. එහෙනම් ඉක්මනට පරිවර්ථනය කරල දාපන්. කෙල හලාගෙන තලු මරාගෙන ඉන්නෙ ඕං ඈ.

      Delete
    7. \\අහා මනොෂ් කොලුවා වැඩකාරයා//

      හෙක්! හෙක්!! හෙක්!!! මංද, මං බොල මකබාස්!!

      අඩේ, සිරාවටම පෝර්ටබල් එකක් හදාගන්න පුලුවන්ද බං? කියපන්කො කොහොමහ කරන්නෙ කියලා.

      අන්න ඒ වගේ වැඩක් උනාම නම් පුදුම සනීපයක් නේද බං දැනෙන්නේ. මං නම් මගේ මතක ෆොටෝ හැම තැනම බැකප් කරගෙන තියෙන්නෙ.

      Delete
    8. http://www.wikihow.com/Build-an-External-Hard-Drive

      http://www.cnet.com/how-to/how-to-build-your-own-external-hard-drive/

      https://www.youtube.com/watch?v=Tdz-cBRNGvo

      Delete
    9. වැඩේ නා ගැන නැතිව අර 4න් කතාව වගේ කොරලා බලන්න පරණ ලැප් හර්ඩ් එකක් හොයා ගෙන

      Delete
    10. අම්මටසිරි! ඔය දාල තියෙන්නෙ. හිටින්, ගෙදර ගොහින් නිදහසේ කියවලා බලන්නම්. ස්තූතියි යාලුවේ.

      අර කිව්වත් වගේ ෆෝන් එකට වගේ වෙයිද දන්නෙ නෑ. පරණ හාඩ් එකක්ම හොයාගත්තනම් හරි.

      Delete
    11. ඕකට ඕන කරන හාර්ඩ් ඩිස්ක් එන්ක්ලොචර් (කවර) ebay එකේ ගොඩක් අඩුවට ගන්න තියෙනවා.

      Delete
    12. මොනා බං කියන්නෙ,...මගෙ ඔලුව කොයිල් වගේ. අර වචනෙ කොහොමද බං කියවන්නෙ?

      Delete
    13. එන්..... ක්ලෝ..... චර්......
      දැන් කියවන්න බලහන්

      Delete
    14. මේන් තියනවා ...http://www.lankagadgetshome.com/item_detail.php?id=1011#.VD6HSfmSySo

      Delete
    15. ඔය තියෙන්නෙ ලංකාවෙන්ම ගන්න. එළ එළ. ස්තූතියි.

      Delete

  11. █ මේ තියෙන්නේ අපේ අලුත්ම goo.gl/4sfPhG සිංහල Syndiya ඔයාගේ බ්ලොග් / වෙබ් සයිට් එකත් අදම එකතු කරන්න.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න, මං ඔබේ සින්ඩියට මගේ බ්ලොග් එක ඇතුලත් කරන්න බැලුවා. ඒත් අතුලත් කරගන්නනම් ඔයාල දෙන කෝඩ් එක අනිවාරෙන්ම දාගන්නෝනිලු. ඒත් ඔය තෙවන පාර්ශවීය කෝඩ්ස් දාගත්තම බ්ලොග් එක ලෙඩ දෙන්න ගන්නවා. ඒ නිසා ආරාධනය ප්‍රතික්ෂේප කරන්න වෙනවා කණගාටුවෙන් උනත්. මං සාමාන්‍යයෙන් එහෙම කෝඩ් දාන්නෙ නෑ, මට අත හිත දෙන අයගේ නම් ලිස්ට් එකක් ලින්ක් විදියට මගේ බ්ලොග් එකේ දකුණු පැත්තෙන් දාලා තියෙනවා.

      Delete
  12. අයියෝ ඉඩ නැත්ද? සිම්පල් නෙ. මෙමරිය ෆෝමැට් කරලා දාපන් මචෝ.

    ලෙඩේ නිට්ටාවටම සුවයි!! :D :D

    ReplyDelete
    Replies
    1. කවදාවත් පිරෙන්නෙ නෑ නේද බං. ඒකත් මරු ඔප්ෂන් එක...!

      Delete
    2. ආයෙම. කරලා බලහන්කො.

      ලෙඩා මළත්, බඩ ශුද්ධයි!!

      Delete
    3. ඉඳින් කරන්නම්. අවුලක් උනොත් උඹට කෝල් කරල අහගන්නම්කො!

      Delete
    4. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි!!

      (අළවියෙන් පසු සේවා සපයන්නේ නොමැති බැවින් වගකියනු නොලැබේ!) :D

      Delete
    5. සමාවෙන්න, ගෑනියෙක් ගත්තත් වොරන්ටි පිට ගන්නෙ. ඕ යේස්!!

      Delete
  13. යුරේකා!! යු‍රේකා! සිංදුවක් හම්බ උනා!!!

    මතකයන් ඔබේ සිතේ තබගෙන
    දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා
    සුවද පොදට පවා ඔබේ පෙම් කරනා
    අදටත් මම ඔබගේ පලමු පෙම් වතා..

    සිනසෙන්න නොහෑකීනම් මට හඩන්නට
    ඔබ ලගමයි හෑමදාමත් කෑමති ඉන්නට...
    ඉමු කදුලෑලි ගලා යන්න යනතුරුවත් මට
    ඉඩ දෙන්නකො ඔබගේ ලගම ඉන්නට...

    මතකයන් ඔබේ සිතේ තබගෙන
    දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා
    සුවද පොදට පවා ඔබේ පෙම් කරනා
    අදටත් මම ඔබගේ පලමු පෙම් වතා...

    සරසවන්න ජීවිතය මට හෑමදාට
    ඔබේ හදින් මා ලෑබුවේ කුලුදුල් පෙම..
    ජීවිතයම වරදලා ගියමුත් පවට
    වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට...

    මතකයන් ඔබේ සිතේ තබගෙන
    දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා
    සුවද පොදට පවා ඔබේ පෙම් කරනා
    අදටත් මම ඔබගේ පලමු පෙම් වතා..

    - චාමර වීරසිංහ.

    :D :D

    ReplyDelete
    Replies
    1. මගෙ හිත පිරී තිබෙන්නේ
      ඔබ ගැන සිතිවිල්ලෙන්
      වෙන කිසිවකු ගැන හිතන්න
      ‍හදවතට ඉඩක් නැහැනේ

      මගෙ නෙත රැඳී තිබෙන්නේ
      ඔබගේ සඳ මුහුණයි
      වෙන කිසිවකු හෝ දකින්න
      ‍දෙනුවනට ඉඩක් නැහැනේ


      අප ළං කරවා
      කාලය පියඹා
      ආලය ගැන විමසයි
      කවුරුන් වේවා
      හමු වූ මොහොතේ
      මට ඔබ ගැන පවසයි


      මගෙ හිත පිරී තිබෙන්නේ
      ඔබ ගැන සිතිවිල්ලෙන්
      වෙන කිසිවකු ගැන හිතන්න
      ‍හදවතට ඉඩක් නැහැනේ

      මගෙ නෙත රැඳී තිබෙන්නේ
      ඔබගේ සඳ මුහුණයි
      වෙන කිසිවකු හෝ දකින්න
      ‍දෙනුවනට ඉඩක් නැහැනේ


      කඳුළැල් මැදුරේ
      හසරැල් නැවතී
      සෙනෙහස ගැන පවසයි
      පීදෙන පියුමන්
      දළුලන තුරු වැල්
      මට ඔබ ගැන පවසයි

      වසන්තය කියන්නේ ඔබටයි මටයි ///


      ගායනය - නිරංජලා සරෝජිනී, අබේවර්ධන බාලසූරිය
      සංගීතය - වික්ටර් රත්නායක
      ගී පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන

      Delete
    2. පොඩි වලන් කඩේ සින්දුව මට පද මතක නෑ දන්නා එකෙක් දමා පියව්, දැන් මගේ කොම්පීතරෙත් අහක යන වලන් වලින් පිරිලා, ඔක්කොම පොලේ ගහන්න ඕනා, නැත්තන් කොම්පීතරේම තමා ගහන්නේ වලන් ගැට්ට කරේ හිටින්න. :D

      Delete
    3. අඩේ සොමියො, මං ට්‍රයි කලා. ඒත් හොයාගන්න බෑනෙ. මේ වෙලාවට තමයි අප්පා අපේ සිංදු ඇනෝගේ අගේ වැඩි වැඩියෙන් දැනෙන්නෙ. අද මූ නිවාඩුද කොහෙද.

      Delete
    4. ප්‍රියා, කෝ ඉතින්?

      Delete
    5. දෙනවා කිවුවට මගෙ ටිකිරි මොලේට මීට වඩා එන්නෑ බං!

      සිංදුවෝ මාව බේර ගනියෝ.!

      Delete
    6. උඹට විතරක් නෙව්යි බං, මටත් දැන් සිංදුවාගේ සරම පිටිපස්සෙ හැංගෙන්න වෙලා තියෙන්නෙ!

      Delete
    7. එකම මොහොතක එකට ඉපදී 
      එකම ගෙයි ඇති දැඩි වෙලා...
      එකම වහලට එක ම ඉල්ලුම
      අපි හැමෝ මත් ඇති කළා...

      එකම මවු ගේ එකම කිරි බී
      එකට අපි එක් වී බලා...
      එකම මවු දැයි එකම ගේ දැයි
      අද දිනේ ඇත පැටලිලා...

      එකම තැනක දි එකට හමුවන 
      දිනයකුත් ඇත එළැඹිලා...
      එදින පමණක් එකතු වී අපි
      කුමට දෝ යළි වැළපිලා...


      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සහ සංගීතය : රෝහණ වීරසිංහ
      ගායනය : රෝහණ බෝගොඩ

      Delete
    8. මිරිඟුව නලියන පාර දිගේ
      ඔබ යනවා
      ඈතට යනවා
      නොපෙනී යන තුරු පුංචි තිතක් වී
      මා සිටියා
      ඔබ මැකී ගියා

      අහිංසකයි ඔබ පරාජිතයි මා
      එකම හදයි මේ දෙකඩ වුණේ
      සමුගන්නේ ඔබ හමුවුනු හින්දයි
      මියැදෙමු උපදින්නට ආයේ

      මිරිඟුව නලියන පාර දිගේ...

      අකුරු ලියා නැති හිස් පිටුවක් වී
      හිතත් ඉතින් අසරණ වෙද්දෙන්
      අතොරක් නැති පෙම් විරහ කරදරෙන්
      මමත් ඔහේ අසරණ වෙද්දෙන්

      මිරිඟුව නලියන පාර දිගේ
      ඔබ යනවා
      ඈතට යනවා
      නොපෙනී යන තුරු පුංචි තිතක් වී
      මා සිටියා
      ඔබ මැකී ගියා
      ඔබ මැකී ගියා


      ගායනය - චන්ද්‍රකුමාර් කඳනාරච්චි

      Delete
    9. පට්ටනෙ පට්ටනෙ. මේ තියෙන්නෙ දිලිසි දිලිසි. +++++++++++++++++ :D

      Delete
    10. ඒකනේ බං ප්‍රියා. එක පාරට බල්බ් වැලක් දැම්මා වගේ.

      Delete
  14. තාක්ෂණික කාරණා වුණත් හරි යසට කියලා තියෙන්නේ...................

    ReplyDelete
    Replies
    1. මං දන්නවා අපේ ගී පවුරට තාක්ෂණික දේවල් නම් තරමක් ඇලජික් කියල. ඒත් ඉතින් සමාවෙන්න, ලියන්නම හිතුනා.

      Delete
  15. ඩුප්ලිකේට් ෆයිල්ස් කියන්නේ කෑම ජාතියක්ද...

    ReplyDelete
    Replies
    1. ආ... ඔව්, ඔව්, අරූ අයියේ, ඒව කන්නේ කොම්පියුටර්.

      Delete
    2. හරියට හරි අරූ අයියා අයියට විතරයි තේරුනේ..

      ස්තුතියි

      බ්‍රැන්ඩ් එක ගල් - බයිට් එකට ගිගාබයිට්...

      Delete
    3. නෑ බං, සොමියට කිව්වනම් ඌ ටෙරාබයිට් ටිකක් දෙයි. ඌ ළඟ 500ක්ම තියෙනවලු.

      Delete
    4. මාර පැණිරස කෑමක් අප්පා. තිත්ත කරවිල වගේ. :D

      Delete
    5. පැනි රසනම්... හපෝ එපා................

      Delete
  16. අඩේ අලුත් එකස්ටනර්නල් හාඩ් එකක් ගනින්කෝ...

    හැ හැ කක්්!!!

    ReplyDelete
    Replies
    1. සල්ලි දියංකෝ..

      Delete
    2. අයියෝ අපි කොච්චර නං සල්ලි නිරපරාදේ නාස්තිකරල තියනවද??

      මෙන්න රු 10000 ක්ම..

      Delete
    3. අප්පට සිරි වැඩිත් එක්ක. ඉඳහං මං ඉතුරු සල්ලි රිටර්න් කරන්නම්.

      Delete
    4. ගෙඩි පිදින් 5000 දෙකක් බන් ඔන්න ඔහේ ගනින්, ඕක ගන්න ලේසි ට්‍රපික් ලයිට් එකක් ලඟදි පට ගාල, හැක හැක හැක හැක.

      Delete
    5. හුකෑස්!!!! පට්ට කතාව. සිප් එක වහගන්න දඟලනකොටම ගන්න ඕනි. ආයෙ නිට්ටඹුව හරියෙදි!

      Delete
    6. ඉතුරු එපා.. ඒකෙන් හයර් එක ගෙවපන්...

      Delete
    7. ඒකත් හොඳ ක්‍රමේ නේද බං?

      Delete
    8. නිට්ටඹු විදානේ..... උඹ ආපහු යනවනම් මම එන්නම් ඩ්‍රයිවර්ට ...

      Delete
    9. හරි හයර් එකේ ගානත්ත් ශේප් පවුල්ස් අයියා ආවම ඩයිවර් ට. හැක හැක.

      Delete
    10. අනේ ඉතිං ඉවාන් ඔයා අජන්තටත් උදව් කරපු හිතහොද මනුස්සයනේ..

      සොමියා... ඉවාන් ආවට කිසි අවුලක් නෑ බං..

      Delete
    11. මචෝ විදානෙ, වැඩිපුර තියෙනවා නම් මටත් කීයක් හරි දියන්කො.

      Delete
    12. මචංලා, මං ටිකක් අන්දුන් කුන්දුන් උනා. ප්‍රියා.. පාර පෙන්නහංකො.

      Delete
  17. කොහොමත් වෙනසකට ත් එක්ක මෙහෙම ලිපි ත් ඉඳ හිට දාන එක හොඳයි. බලමුකො ඩවුන්ලෝඩ් කරගෙන. ස්තුතියි මනෝෂ් !

    (මේ පැත්ත ට හැමදාම වගෙ ආවට, කියවන්න ගියාම මගෙ ඇහැට හරි වෙහෙසකරයි මේ විනිවිද පේන ටෙම්ප්ලේට් එක. කලින් වෙන අඩවි වලත් ඔය අවුල තිබිල මං කියල තියනවා. ඒත් දකින දකින තැන ඒක කියන්න ගියාම ඒකත් අවුල් වගෙ නිසා නොකියා හිටියෙ. තමන් ආස කරන පෙනුමක් නෙ කවුරු වුනත් වෙබ් එකක ට තෝර ගන්නෙ. පුළුවන් නම් විතරක්, මොබයිල් ටෙම්ප්ලේට් එක ට වෙන එකක් දාමුකො..)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම චන්දන, ඔය කතාව මට අපේ උපශාන්ත අයියත් මේ ළඟදි කිව්වා. මුලින් හරි ආසාවෙන් මේ ටෙම්ප්ලේට් එක දාගනෙ හිටියත් මටත් දැන් මේක අවුල් වගේ තමයි. වෙන අපහසුතාවයට සමාවෙන්න ගොඩක්ම. හෙට අනිද්දම මේ ටෙම්ප්ලේට් එක වෙනස් වෙනවා. මෙහෙම දයාබරව ඔයාලගෙන් ලැබෙන අදහස් මට මහමෙරක් තරම් වටින්වා. ඔබට බෙහෙවින්ම ස්තූතියි..

      Delete
  18. මනෝ, උඹ අපේ බ්ලොග් වල හැමදම කමෙන්ට් කරන එකා වෙච්චි, ඒ හින්ද අමාරුවෙන් උනත් බොගෙ තණකොල ගොල්ල පීරල අකුරු හොයගෙන කියෙව්ව අද. මේ සින්දුව හරිද බලහං.

    එක කිරුළක් පලදින්නට බෑ
    එකම සිහසුණේ ඉන්නට බෑ
    සුලෝචනා අප දෙදෙනාටම
    එක රජදහනක රජ කරන්න බෑ

    මගේ කදුළ ඔබගේ දෙතොලේ
    සුවද සිනා රැල්ලක් වේවා...
    සුලෝචනා දුක නොහදුනනා ඔබ
    මේ ගැන තව ලත විය යුතු නෑ

    ආදරයක් වෙනුවෙන් දෙන්නා
    තරගයකට ඉඩ දිය යුතු නෑ
    සුලොචනා අප දෙදෙනාටම
    එක හදවතකට පෙම් කරන්න බෑ

    කිරුළ සිහසුනයි රජ දහනයි
    ඔබටම පවරා පිට වෙන්නම්...
    සුලොචනා අප දෙදෙනාටම
    එක හදවතකට පෙම් කරන්න බෑ...

    ගැයුම - අමරා රණතුංග.

    ඒක නැත්තං මේකත් හරි වගේ.

    ඔබට යන්නම ඕනෑ නම්..
    ඔබ යන්න ඉතින් නික්මී..
    මේ කාමරයේ පුරා රැදුනු සුවඳත් අරගෙන
    ඒ සුවඳ ඇවිත් මගෙ සිත පාරයි..//

    පුරහද දියවෙනවා සේ..
    කළුවරටත් නොකියා..
    ඔබ යන්න කලා සොලොසම සපුරා..
    හෙට මළගම දා දියවක වී
    ඉදින්න සුදු ඇදලා...

    ඔබට යන්නම ඕනෑ නම්...

    තරුවක් බැස යනවා සේ..
    පා සලකුණු නොතියා..
    ඔබ යන්න පාළු අහසින් බැසලා..
    හෙට මළ හිරුගේ ඉහඉද්දර..
    ඉන්න ඇවිත් පායා..

    ඔබට යන්නම ඕනෑ නම්...

    ගැයුම - කපුගේ

    ReplyDelete
  19. \\බොගෙ තණකොල ගොල්ල පීරල අකුරු හොයගෙන කියෙව්ව අද.//

    විලි ලැජ්ජාවේ බෑ.. ඒ මදිවට හිනා කාල මැරෙනවා. අපේ ප්‍රියාටයි, පත්තරයටයි, සින්දුවාටයි, විදානයාටයි මේක දැක්කනම් මඟුල් වගේ තියෙයි, ඕ යේස්!

    තණකොල ගොල්ල මටත් දැන් එපා වෙලා තියෙන්නෙ අයියේ, හෙට අනිද්දම තණකොල කපනවා. පිළිවෙලක් කරනවා අනිවාරෙන්ම.

    අමාරුවෙන් හරි කියවගෙන අදහසක් එකතු කලාට ගොඩක්ම ස්තූතියි අයියා.

    ReplyDelete
    Replies
    1. ඔය සිංදු දෙකටම වඩා මට හිතෙනවා මේක ගැලපෙනව කියලා. ඕ යේස්!!

      විකසිත පෙම් පොකුරු පියුම්
      ඔබේ පයට පොඩි වී ගියා දෙන්
      පතිකුලයට අද මට පිටුපා යන
      මගේ සොඳුරු ළඳුනේ//

      හිතේ කඳුළු බිඳු
      රෑ තනි යහනේ
      ඉහ ඉද්දර ඉඳ
      ඉකි බිඳිනා සඳ
      ආදර සැමරුම් පේ්රම පුරාණේ
      ඔබට විරහ ගී නොගෙනේවා

      තනිකම රජයන
      පාළු විමානේ
      ගොම්මන් කළුවර
      හඬා වැටෙද්දී
      ඔබ දිවි අරණේ පැතුම් විජිතයේ
      මැණික් පහන් වැට දැල්වේවා

      පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
      සංගීතය - ආචාර්ය පේ්රමසිරි කේමදාස
      ගායනය - පණ්ඩිත් අමරදේව

      Delete
    2. සමුගන්න මොහොතකට පෙර එකවතාවක්
      හිනැහෙන්න පෙරදා වගේ
      මුමුණන්න වදනක් පෙර සේම ළං වී
      මිය ඇදෙන මතකය වගේ //

      තුරු සෙවනේ මල් අතරේ
      වැළපෙන කතාවක්
      මද සුළඟේ පාවී ගියේ
      සුසුමකට ළංවෙන්න
      කඳුලක රිදුම් දෙන්න
      ඇයි ආදරෙන් හමුවුණේ
      ඇයි ආදරෙන් හමුවුණේ

      සමුගන්න මොහොතකට පෙර එකවතාවක්...

      අවසන්ව යන මතක
      හද වේදනාවෙන්ම
      සතපන්න ළය මත මගේ
      දිවි මං තලාවේ
      මා පරදවාලන්න
      ඔබ කිමද මට පෙම් කලේ
      ඔබ කිමද මට පෙම් කලේ


      ගායනය - බන්ධුල විජේවීර

      Delete
    3. //හෙට අනිද්දම තණකොල කපනවා.// තනකොල කනවා ලෙස නිවරදි විය යුතුයි

      Delete
    4. තෙවන වර සංශෝධනය- "තණකොල කවනවා ලෙස නිවැරදි විය යුතුයි. වරහන් තුල සී.ජේ. විදානේ හට ලෙස සටහන් කල යුතුයි.

      Delete
    5. "වෙන් වෙන්න දැන් ලගයි
      වෙන් වෙන්න බෑ දුකයි
      අපෙ සිත් අහිංසකයි
      කඳුලක් වගේ හඬයි.."

      Delete
    6. මා ඉතින් යන්න යනවා
      මට යන්න අවසරයි
      මට අරන් යන්න ඇත්තේ
      ඒ මතකය විතරයි //

      ඔබ සඳක් සේම පායා
      මට එලිය දුන් වගයි
      ඔබ සඳක් සේම බැස යයි
      මට අයිති කළුවරයි
      මට මතක එපමණයි

      මා ඉතින් යන්න යනවා...

      සඳ එලිය අයිති ලොවටයි
      සඳ අයිති අහසටයි
      උණු කඳුළු බින්දු පමණක්
      මේ බිමට වැටෙනු ඇයි
      මට උරුම එපමණයි

      මා ඉතින් යන්න යනවා...

      පද රචනය: රත්න ශ්‍රී විජේසිංහ
      සංගීතය: රෝහණ වීරසිංහ
      ගායනය: සුනිල් එදිරිසිංහ

      Delete
    7. සඳ කැන් වැසිලා අඳුරේ එතිලා
      ගනඳුරු රෑ තනිකම නෑ
      සොයා එන්න ගනඳුර තරු නිවලා
      මගේ එළිය අද ඔබ පමණී.....

      ජීවිතය ම සතු එකම සුවේ
      හීසර පහරක වෙළෙනු පෙනේ
      මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
      අසල්වාසියෙකු සොයනු පෙනේ..

      මා නැත අන් සතු සිත් බිඳලා
      දෑත ම බැඳගෙන ඉඳිමි බලා
      මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
      රහස් අහස් තලයට පවරා.....

      ගීත රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව, සංගීතය හා ගායනය: වික්ටර් රත්නායක

      Delete
    8. තනිවී සිටින්නයි මා අදහස් කළේ
      ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කළේ
      පහදා කිවූවත් නැ සවන් යොමුකළේ
      වේදනා පිරී‍ලොවක් ඔබයි බිහිකළේ...

      මගෙ පාළු ලෝකයේ තනිවු මෙමා
      සක්විති රජුන් හමුවේ නැත හිස නමා
      සිතුවිලි මගේ හසුරා ගත හැක නමා
      මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා...

      තනිවී සිටිනයි මා...

      ඔබ චේතනා අගනා මා සිත දනී
      අවට ලෝකයේ බැලුම් විසකටු වැනී
      ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී
      ගලන දුක් වේදනා රුධිරය වැනී...

      තනිවී සිටිනයි මා...

      ගායනය : මිල්ටන් මල්ලවආරච්චි
      සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
      පද රචනය : ක්ලැරන්ස් විජේවර්ධන

      Delete
    9. දැස අග මල් පිපී සැලූනත් කොයි තරම්
      එක මලක්‌වත් සුවඳ නැතිවිය ඔබ තරම්
      ඔබ ආයෙමත් ඇවිදින්
      හිත හදා ගත්තා විතරමයි
      ඔබ ආයෙමත් ඇවිදින්

      උන්නුදා පෙර අතපොවන්නට බැරි දුරින්
      නින්ද මට නැති දවස්‌ තිබුනද කොයිතරම්
      නුඹ නොදැන සිටි දිගු කාලයේ
      හිත හදාගත්තා විතරමයි
      ඔබ ආයෙමත් ඇවිදින්



      දැස අග මල් පිපී සැලුනත් කොයිතරම්
      එක මලක්‌වත් සුවඳ නැතිවිය ඔබ තරම්
      නුඹ නොදැක සිටි ඒ කාලයේ
      නෙත කඳුළු මැකුණා විතරමයි
      ඔබ ආයෙමත් ඇවිදින්


      ගායනය - අමරසිරි පීරිස්‌
      ගීපද - ධම්මික බණ්‌ඩාර
      සංගීතය - ඩැනිස්‌ටර් පෙරේරා

      Delete
    10. මූර්තජ බොලවු....

      Delete
    11. මල් මතිනේ මල් මතිනේ රේණු තනේ
      කිරි ඉඹුලේ කොළතර ලඟින මොනරුනේ
      ආවට වෙනුව නෑ නොකියා දුන්නු තනේ
      කිරිසිඳපව් පොඩි නොකරව් කැකුළු තනේ

      එලද බ්‍රා ...හැක්

      Delete
    12. තණ(න) මල් විල මල්..
      ගෝමර පොකුරු පිපෙන්නයි
      හඳපානා ගල මුදුනින්
      වැවට බහින්නයි...
      කන්ද දිගේ ගෝමරියේ..
      වැවට බහින්නයි..වැවට බහින්නයි...

      -රත්න ශ්‍රී විජේසිංහ

      Delete