Pages

Sandumal

Sandumal

Tuesday, June 14, 2016

•රහසක්

"දළදා හාමුදුරුවනුත් සැතපී සිටි මොහොතක..."



නුවර වැවේ වැව රවුමේ
හඳ පායපු රෑ දවසක
ඇවිද ගියා මම
තනියම...

සීත සුළං හා මුහු උන
දිය රැළි මුමුණන රහසක්
මට ඇහුනා හීං හඬින්
ඉකි ගසමින් බිඳුනු හඬින්...

අනේ මගේ කිරි කැටියා
වංගෙඩියේ ලා කෙටුවා...
කිරිත් එක්ක ලේ මුහුවී
මගෙ ඇස් ලඟ බොඳවූවා

අනේ මගේ මද්දුමයා
අයියණ්ඩිත් අඬගහගෙන
ලේ ඉල්ලපු වඩිගයාට
හිස බිලි දුන්නා...

දළදා හාමුදුරුවනුත්
සැතපීලා උන් මොහොතක
උන් මාවත් සැඟවූවා
බෝගම්බර දිය රැළි යට...


33 comments:

  1. වඩුග රජෙකු ගේ
    වියරු අණ දැක
    කඩුව ගෙනැ අපටම නොඇනගෙන
    විසල් වාසල් දොර බලා සිටි
    සිවල් කැණහිල් නුවරු අපි
    කන්ද උඩරට

    කොපුල් තල රූරා ගලා එන
    ඔබේ කඳුළින් පිරෙන වැව දැක
    වැවට පැන දිවි පුදනු නොහැකිව
    වැව් දෑල වට බලා සිටියෙමු
    සිවල් කැණහිල් නුවරු අපි
    කන්ද උඩරට,

    කග රැගෙන එන -
    ගහලයන් දැක
    පලා යන විට - දෙවොල් පත්තිනි
    උතුම් පතිවත - රකින ඔබෙ හඬ
    ගිගුම් දුනි මහ මළුව දස දෙස

    නොදැල්වූ මුත් -
    ගෙපැල ළිප ගිනි
    ඇවිලුණා හදවතේ ගිනි දලු
    මරණයේ රුදු - ගහල අසිපත
    හඹා එන විට ඔබේ පසුපස
    බිය නොවන හැටි කියා දුන්නෙත්
    ඔබේ කුස තුළ වැඩුණු පුතුමය

    මෝල් කරවා බෝ සමිඳු අස
    කොටන්නට අණ කරන මොහොතක
    මෝල් ගස්‌ වංගෙඩිද විසට
    බලා සිටියා කන්ද උඩරට
    සිවල් කැණහිල් නුවරු අපි,

    ඇඟපුරා බැඳලුවද කළුගල්
    ගිල්ලවාලිය නොහැකි අබිමන
    රැව් නඟන විට දිය සරැළි මත
    කිරි ශිරා මුදු ළමැද තෙත් වී
    කිරි සයුර මත වැටී කැළඹිණි

    බුර බුරා නැගි සෝ සුසුම් මැද
    මැකී යන විට ඔබේ කටහඬ
    නාථ විෂ්ණුද අවසඟව ගිය
    දේව සංහිඳ අසල ගොළුවී
    නාද නොවෙනා ගණ්‌ඨාව දෙස
    බලා සිටියා කන්ද උඩරට
    සිවල් කැණහිල් නුවරු අපි.....

    (ගාමිණී නිශාන්ත කරුණාරත්න)
    http://www.divaina.com/2015/02/19/sarasavi%204.html

    ReplyDelete
    Replies
    1. කවිනම් ඔන්න කවි.නෙලනව හතර අතටම.. වදිනව හදවත පතුලටම...

      Delete
    2. සිරාවට ? :D බලපිය මනෝ හදවතට තුවාලද කියල … හැක්

      Delete
    3. එහෙම වෙන්නැති බං, ඇදුංකනවා...

      Delete
  2. ඉතිහාස කතාවම කවි පද පේළියකට ගොනු කරලා. අගෙයි.

    ReplyDelete
    Replies
    1. මට එතන තවත් දෙයක් අවශ්‍ය උනා..

      Delete
  3. අපි තවමත් අඬනවා, අලුතෙන් ඇහැලේපොල කුමාරිහාමිලා, මද්දුම බන්රඩාරලා බිහිකරගන්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. මං නම් ආයෙ එහෙම අය එපා කියල ප්‍රාර්ථනාකරනවා.මොකද ඒ උත්තරීතර වටිනාකම්,කැපකිරීම් වලින් ප්‍රයෝජන ගන්නෙ මේ රටටම විනේ කටින කාලකණ්නි.

      Delete
    2. චැහ් සෑර් … ඒම කියන්ඩෙපා. පට්ට ප්‍රජාතාන්තිරික සමබර විද්වත් ප්‍රජාව සෝලි තියයි..ඕං අපි නෑ . ඕ යේස්

      Delete
    3. ඒ හැත්ත මේවා කියවනවනම් ශෝක්...

      Delete
  4. උඹේ කයිය මල් හතයි.. කුමාරිහාමිගෙ සීන් එක නං ඉතිං හෙණ ගහන අපරාධ !!! එහෙව් අතීතයක් යලි නොඑන්නට ………

    ReplyDelete
    Replies
    1. තැන්කූ බොක්කෝ...

      එහෙව් අතීතයක් හැමදාම උදාවෙයි.. ඒත් මද්දුමලා කුමාරිහාමිලා එපා ආයෙ,අර උඩ කිව්ව හේතුව නිසාම..

      Delete
  5. අපේ රටට එහෙම අතීතයකුත් තිබුනා අවාසනාවට වගේම.

    ReplyDelete
    Replies
    1. වර්ථමානෙ කියලත් වැඩි වෙනසක් නෑ බං.

      Delete
  6. මද්දුම බණ්ඩාරට වීරත්වයක් ගෙන දෙන්නේ කොහොමද කියන එක මට නම් ප්‍රශ්නයක්.

    කොහොම වෙතත් වඩුග රජා තමන්ගේ වරද තේරුම් ගත්තා.හැබැයි එතකොට ඔහු ප්‍රමාදයි.හැබැයි වඩුගයාව ඒ තත්වයට පත් කෙරුවෙත් උඩරට රදළ නිළමේවරුම තමයි.

    ReplyDelete
    Replies
    1. එදා ඉඳල අපේ රටට කෙලෙව්වෙත් අපේ උන්මයි.බේරගත්තෙත් අපේ උන්මයි.අදත් වෙන්නෙ ඒකමයි..

      Delete
  7. ඔය ලියල ්‍ා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. හ්ම්.... ඉතින් කොහොමෙයි?

      Delete
  8. අසාධාරණය සාධාරණය යයි පරදු තියන යුගයන් නිමා නොවනා බව සැබැවි.. (කොහොමද ඒක..? හෙහ් හෙහ්)
    ජයවේවා..!!

    ReplyDelete
  9. කිව්වත් වගේ ලියලා තියෙනවා හද පතුලටම වදින්න. අගය කරන්න තරම් මගේ දැනුම මදි. ඉතිහාස කතාව අහලා තිබුනට ඒක හදවතට දැනුනේ ඇත්තටම කවි ටික ඇහුවට පස්සෙයි.
    "මට එතන තවත් දෙයක් අවශ්‍ය උනා.."
    ඒ කතාව නම් තේරුනේ නැහැ හරියට. ඒ කිව්වේ මේ පොස්ට් එක දාන්න පාදක වුනු හේතුව වත්දෝ ..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි... ඒ වගෙම පිළිතුරු පරක්කු උනාට ඇත්තටම කණගාටුයි... නෑ, මට කියන්නෝනි උනේ, ඇත්තටම දළදා හාමුදුරුවො එක්කත් මට තියෙනවා විවේචනයක්..

      Delete
  10. ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ. :-D (joke. it doesn't matter. I also came here after a long time) හැකි නම් විවේචනයත් ඉදිරිපත් කරන්න.

    ReplyDelete
  11. ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ. :-D (joke. it doesn't matter. I also came here after a long time) හැකි නම් විවේචනයත් ඉදිරිපත් කරන්න.

    ReplyDelete
  12. ඉතින් ලියමුකො තව අලුත් එකක්

    ReplyDelete