අඬගසයි මට අඬගසයි.. ගිම්හානයක සිට අඬගසයි...
ගිනි හුලන් හමා යන
මද්දහන ගිනි ගහන..
සියඹලා මැයි මාර
වදුලකින් සෙවන උන..
තක්සලා මාවතක්
සිහිනයක ඇඳ තිබේ..
දුෂ්කරම පාසලක
අහිංසක මල් කැකුලු..
පංතියක කොට බිත්තියෙන්
එබි එබී බලනයුරු..
නොදුටු ලෝකයක අරුමැසි..
මැවි මැවී නෙත් පුරා
පුබුදවයි මගේ හද..
දිනක් එනු ඇත
මමද එහි යන..
ගඩා ගෙඩි සියඹලා
අඹ දිවුල් වැල වරකා..
දහදියට එකතු වූ
ඒ කැලෑ මල් වලින්..
හමා එන සුවඳකැන්..
හද පුරා විඳගන්න
පාරමී පුරමි මම..
බොර පාට කමිසයයි
ඉරුණු නිල් කලිසමයි..
ගොවි බිමේ උදැල්ලෙන්
තිලිණ ලද කරගැටයි..
මහ පොලොවෙ පය ගැටී
ගල් තැලුණු පා යුගයි..
හා එක්ව එකට යන
අව්‍යාජ නුඹෙ සිතයි..
අඬගසයි මට අඬගසයි..
ගිම්හානයක සිට අඬගසයි...
ඉඩ හසර ලද ඉසිඹුවක.. කඩිසර ජංගමයෙන් අසීරුවෙන්.. නුහුරු කවි බසක පෙරහුරුව..
අපූරුයි...
ReplyDelete// බොර පාට කමිසයයි
ඉරුණු නිල් කලිසමයි..
ගොවි බිමේ උදැල්ලෙන්
තිලිණ ලද කරගැටයි..
මහ පොලොවෙ පය ගැටී
ගල් තැලුණු පා යුගයි..
හා එක්ව එකට යන
අව්‍යාජ නුඹෙ සිතයි.. මේ පද පේලි ටිකට වැඩිපුර හිත ගියා..
ඇත්තටම තුශානි, මගේ නිසඳසේ මමත් ආසම ඒ කොටසට තමයි.
Delete//ගොවි බිමේ උදැල්ලෙන්
තිලිණ ලද කරගැටයි..
මහ පොලොවෙ පය ගැටී
ගල් තැලුණු පා යුගයි..//
අවන්කවම කියන්නේ මනෝශ්, මේ නිසදස කියෙව්වම මට මහා ආඩම්බරයක් දැනුනා. ඒ ඔයා හැබෑ ගුරුවරයෙක්ගෙ හැගීම් වලින් ඉන්න නිසා. අනික් කාරනාව හරි අපූරුවට පද ටික ගොතල තියෙන නිසා. ඔබ වැනි ගුරුවරු පැමිනෙන තුරු අහින්සක මල් කැකුලු මගබලන් ඉන්නවා. ඔවුන් මතකෙට නගාගෙන දුශ්කරතා මැඩගෙන ඉදිරියටම යන්න.
ReplyDeleteඋඔ ගිහින් වැඩ පටන් ගනින්..උඔට සහ ඒ පොඩි වුන්ට උදව් කරන්න අපි ඔින වෙලාවක රෙඩි.
Deleteපියසටහන්.. ඔබ දැනටමත් ඒ අපූර්වතම ජීවිතයෙන් බිඳක් හරි විඳිනවා. මමත් ඇඟිලි ගනිනවා මගේ මේ සිහිනයට ඉක්මනටම ලංවෙන්න. අපිට කරන්න ගොඩාක් දේවල් තියෙනවා අපේ ගම් රටවල් වෙනුවෙන්. අපි ඒ යුතුකම් අනිවාරෙන්ම ඉටුකරමු.
Deleteමගේ මේ ජීවිතේ මං ලබපු වටිනාම තෑග්ගක් මේ බ්ලොග් එක මචං, මෙන්ඩිස්. හැමදේකදිම උඹල මට මහමෙරක්වෙලා ලඟ ඉන්නවා. විද්‍යාපීඨෙ තව අව්රුදු දෙකක්වත් ඉන්නවෙයි, ඒ ඉඳල ආවම අපි හැමදේම පටන්ගමු.
Deleteහොදයි බං.. මොකද දැං වැඩ වැඩිද
ReplyDeleteහම්මේ.. කාලෙකට පස්සෙ උඹෙන් හොඳක් ඇහුවේ. සංතෝසයි බං මට.
Deleteඑහෙමකට වැඩකුත් නෑ බං. ඒත් නීති රීති සීනා මායිම් එක්ක මේ ගෙවන ජීවිතේ හරි හිරගතයි. ඒ නිසා නිදහස ගොඩක් අඩුයි.
හම්බේ දැක්ක කල්... ඉතිං... ඉතිං... වහිනවද? පායනවද? (ටීචිං හම්බු උනාද?)
ReplyDeleteකාලෙකට පස්සෙ අපූරු වෙනසකුත් එක්ක සංවේදී පැදි පෙලක්...
ඇත්තටම මේ දරුවන්ට යමක් කරන්නට හැකිනම් ලොකු දෙයක්. උඹලා වගේ සංවේදී මිනිස්සු මෙහෙම පාසැල්වලට ගුරුවරු විදිහට යනවානම් හොඳයි.
අනිවා මධුවා..අපි එකතු වෙලා ඌට මෙනවා හරි කරමු.
Deleteඅවුලකට තියෙන්නේ මෙන්ඩා... මූ හිටිගමන් මාස ගණන් අතුරුදහන් වෙනවා වගේ ඉස්කෝලෙත් නෑවිත් හිටියොත් වැකේටඩ් පෝස්ට් යනවා ස්ථිර වෙන්නත් කලින්ම.
Deleteදැන්නොවැ යකෝ ඉස්ටෝරිය ක්ලික් වුනේ. එතකොට කොල්ලා දැන් කලුතර නිල්වලා එකේ? දෙයියෝ සාක්කි සතුටුවෙයං අපි වගේම. ටික දොහකට ඈත් වුනා වගේද පැන්සොන් එක්ක රස්සාවක්. තව ටියුෂන් පාරකුත් දාගනිං. දැන් ඉතිං උඹ ගොඩ කියලා හිතා ගනිං මලයා.
Deleteබොක්කෙත් අඩියෙන්ම ඊටත් යටින්ම සුභ පතනවා මනෝෂ්! ජයෙන් ජයම වේවා!
තාම ටීච නෙවෙයි මධූ. තාම ගුරු පැටියෙක්. පීඨෙන් අවුට්වෙලා පත්වීම් ලැබෙන්න තව අවුරුදු තුනක් විතර යයි. මං නිල්වලා එකේ නෙවෙයි බ පස්දුන්රට එකේ ඉන්නේ. මේ රස්සාව අනිත් හැම එකකටම වඩා හොඳයි තමයි බං හැම පැත්තෙන්ම. ඒ වගේම ලැබෙන ආත්ම තෘප්තියත් අනන්තයි.
Deleteමං දන්නවා මගේ ලඟම ඉඳන් බොක්කෙන්ම සුබපතන උන් අතරෙ උඹත් උඩින්ම ඉන්න වග. මොනා නැතත් මට ඒ දේවල් ඉහටත් උඩින් බං. උඹලට අනේක වාරයක් ස්තූතියි.
මෙන්ඩෝ උඹටත් තැන්කිවු..
ආයමත් දවසක උඔ ලියන දිග කථාවක් කියවන්න අපි ඉවසිමෙන් බලන් ඉන්නවා..
ReplyDeleteඅවුරුදු නිවාඩුවට ආවම මොනාහරි කරමු මචෝ.
Deleteනුහුරු වෙන්නෙ කොහොමද කවි බස සංවේදී හිතකට..
ReplyDeleteකොලර් එක ගෙවී ගිය සුදු පාට කමිසයට
පිටිපස්ස වියැකිච්ච නිලට තිබු කලිසමට
රැලි මැකී ඉණ ලෙහුන සුදු ගවුම දණ දිගට
සඟව ගෙන ඇති හිතක හෙට දිනන සිහිනයට
හැමෝටම සිටියහැකි හිතෙන් මහ ලොකු කමක
ඒත් නිකැලැල් හිතක 'පොරොත්තුව' විය නොහැක
මග හසර කියා දෙන ආදරය පිරි ලොවක
ගුරු පියෙකු වෙයන් ඒ පුංචි තරු මල් කැලක...
ජය ශ්‍රී!
මැවි මැවී පේනව කල්‍යාණ ඒ දසුන්. මේව අපි අපේ පලාතෙ සැබෑවටම දුටුව දේවල්. සමහර ගම්වල තාමත් තියෙන දේවල්.
Delete//හැමෝටම සිටියහැකි හිතෙන් මහ ලොකු කමක
ඒත් නිකැලැල් හිතක 'පොරොත්තුව' විය නොහැක//
කොච්චර සත්‍ය කතාවක්ද. හැබෑවටම "ගුරුවරු" වෙන්න පුලුවන් කීයෙන් කී දෙනාටද.
මේක කියවන කොට මට මතක්වුනේ සමන් එදිරිමුණි (තරුණයා පුවත්පතේ කතෘ )ලියන නවකතාවල එන උඩවලව ප්‍රදේශයේ පාසලක්......
ReplyDeleteඔය හීනේ දිගටම තියාගනින් ජීවිතේ පුරාවටම.ඒ දරුවන් නොකියන ස්තූතිය,නොදෙන පිණ උඹේ ජීවිතේ එළියකරාවි හැමදාටම.
ජය වේවා.....
මතකද, සුළඟ නුඹ සහ මම? සමන් එදිරිමුනි මම කැමතිම ලේකකයෙක්. අපේ හදවත්වල ගැඹුරුම තැන් ඉතාම සියුම්ව ඔහු ස්පර්ශ කරනවා.
Deleteඅනිවාරෙන්ම, මේ මගේ සිහිනයම තමයි..
දැන් වෙලා මදි............. හෙටම කතා කරමු මේ ගැන
ReplyDeleteයකෝ.......... ඉදලා ඉදලා අැවිල්ලා.... කවියක් ලියලා උඹ අාගිය අතක් නැතුව ගිහිල්ලා....
Deleteකමක් නැහැ මචෝ.........
//බොර පාට කමිසයයි
ඉරුණු නිල් කලිසමයි..
ගොවි බිමේ උදැල්ලෙන්
තිලිණ ලද කරගැටයි..
මහ පොලොවෙ පය ගැටී
ගල් තැලුණු පා යුගයි..
හා එක්ව එකට යන
අව්‍යාජ නුඹෙ සිතයි..
අඬගසයි මට අඬගසයි..
ගිම්හානයක සිට අඬගසයි...//
මට වෙන කියන්න දෙයක් නැහැ..... උඹට උඹේ ම විචාර ලියන්න කිව්වා වගේම මට තවත් දෙයක් උඹට කියන්න හිතෙනවා... උඹ විචාරත් ලියපං.. ඒත් දැන් උඹේ රාමුවේ හිර වෙලා මේ නිර්මාණශීලීත්වය හංගන් ඉන්නැතුව... ඒලියට අැවිත් නිදහසේ ලියපං..... දැන් උඹ කවි.. ලිපි.... කතාත් ලියන්න කාලය හරි...
මාව ඇදල ගත්තෙ, මගෙ හදවත ඇවිස්සුවේ, ගී පවුරේ ඔබයි.. මෙහේ ආවට පස්සෙ මගේ තනිකම් දුක් සංතාප සියල්ල මුතු බවට හරවන්න මට ටිකක් පුලුවන් වෙලා. ඒ නිසා අතීතෙ දවසක වගේම ගී පවුරේ යෝහනාව මං දොහොත් මුදුනින් බාරගන්නවා.
Deleteලැබෙන අවකාශ හරිම සීමිතයි ගී පවුරේ බ්ලොග් ලොව සැරිසරන්න. ඒකයි හිටි හිටි ගමන් අතුරුදන් වෙන්නෙ.
Deleteඔහොම කාලයක් ඒනවා... අපි කණ්ඩායමක් කරන නිසා බ්ලොගය අඛණ්ඩව යනවා...ඒත් අපි හැමෝට ම කාලෙකදී පැත්තට වත් ඒන්න වෙන්නෑ....... ඉතින් ඔබ ගැන තේරෙනවා... ඒක නෙමෙයි.... අපි කියන්නේ දැන් ඔබ විචාර හෝ ගීත පදනම් වූ දේවල් වලින් ඒලියට අැවිත් නිදහසේ ලියන්න පටන් ගත යුතුයි... ඒකට ඔබට මනා හැකියාවක් තියෙනවා කියලා මේ නිසදැසෙන් ම ඔප්පු කරලා තියෙනවා.... ඉතින් මනෝෂ්ගෙන් නිදහස් මාතෘකා ගැන සහ නව නිර්මාණ දකින්න ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා.
Deleteකාලයක් තිබුන මට මාසයක් දැඟලුවත් පද හතරක් ලියාගන්න බැරි ඒත් මම මේ අලුත් ජීවිතේට ඇතුල් උනාට පස්සෙ මං අත්දකින අත්විඳින බොහෝ දේවල් මට කවියට නගන්න පුලුවන්වෙලා තියෙනවා. මටම පුදුමයි මං ගැන. ඒ නිර්මාණවලට ඔබෙන් බොහොම අගනා ප්‍රතිචාර ලැබිල තියෙනවා. එය මට මහත් දිරියක් ඔබ මට විවර කරදෙන අලුත් මාවතේ පියනගන්න. ස්තූතියි ගී ප්වුරේ හැමදාමත් වගේ.
Deleteමනෝෂ්, මචං මගේ මතකය හරිනම් මේ බ්ලොග් එකේ මම කවියක් මේ කියෙවුවමද කොහොදෙ.. කලින් කියෙවුවා කියලා මට මතක නෑ.. කියන්න තියෙන්නේ ඇත්තටම නියමයි.. ඇත්තටම උඹේ කවි කම ගැන සතුටුයි..
ReplyDeleteමචෝ.. මීට කලින් මං එකක් ලියල තියෙනවා. බලපන්, මෙන්න මේක උඹට අහු උනාද කියලා.
Deletehttp://masandumal.blogspot.com/2014/06/blog-post.html?m=0
ලොකු ඉස්කෝල.පොඩි ඉස්කෝල කියලා නැතුව හැම ඉස්කෝලෙම වගේ වෙනවානම්.
ReplyDeleteසමහර ඉස්කෝල වලට කෝටි ගණනින් යට කරලා පිහිණුම් තාටක හදන කොට බොන්න වතුර ටික නැති ඉස්කෝල කොයි තරම් තියේද?
ඒ වායේ ඉගෙන ගන්නෙත් අහිංසක මල් කැකුළු.
රටේ ඇති නැති පරතය පිලිබිබු කරන එක සාධකයක්.
අපේ රටේ සමහර උන් ගහන පම්පෝරි දැක්කම මටනම් හිරිකිතයි මචෝ. උඹ කියන්න වගේ මහා හොඑටල් වගේ ඔආසල් තියෙන රටක මං මේ කීවටත් වඩා අන්ත පාසල්නම් කොච්චරක් තියෙනවද. ඒ අහිංසක මල් වලට පිහිටට ඉන්නෙ හැබෑ ගුරුවරු අතලිස්සක් විතරයි.
Deleteනුඹ දැකපු සිහිනයක රුව
ReplyDeleteවෙනස් වේ දැයි නුඹෙ හිත බිදේ දැයි
හිත බයෙන් කෑගසයි
සින්තටික් සිහින මැද
අතරමං ජීවිතය
අයදිනා දේ කොතැන
හොයාගන්නත් නොමැති සද
නුඹේ හිත බිදේ දැයි හිත කියයි...
නුඹ දකින සොදුරු රූ වරුණාව
දකින්නට පෙර දී ම
නොබිදෙතැයි මම පතමි
රත්නෙ ලා මහින්ද ලා
දැක්ක සුන්දර ලොවම වෙනස් වී ඇත
නුඹ යතොත් දවසක
ඒ බලාගත හැක
යුග පැරණි සිහිනයක්
Deleteවෙනස් වනු සිහිනයකි
මේ මා පැතූ මං කැමති
දිවි මඟයි..
සියදහස් සින්තටික
සිහින ලෝ පසුකරන්
දිවි ගමනෙ මෙතෙක් දුර
නොනැසීම ආමි මම්
ඉතින් වෙන දොසක් නැත
වෙනසකට ඉඩ තියෙන
මගේ හද ගැහෙන තුරු
මෙයයි රිද්මය බිය නොවන් සකි..
යකඩෝ උඹ පොස්ට් එකක් දාලා නොවැ ...හොඳටම පරක්කු උනා මනෝ .
ReplyDeleteදැන් කවි කාරිගේ වැඩේ උඹ කරන්න යනවද ? හැක්
ජය වේවා මනෝ ..පුළුවන් හැම වෙලාවේම මොනා හරි ලියපන් අපිට කියවන්න ....
ඇහැල ගස යට මිදුලේ
සිහිල දනවන වදුලේ
පාසලේ අප පන්‍තියයි මේ
හිතට නිවනක් සැලසූ
හිසට සෙවණක් නැතිවූ
සඳ නැති ආකාසේ
තනි එළියකි පෑවේ
කුමුදාසනයකි පන්‍තිය මේ පොඩි
ගුරු තරුවක් පායා සඳ සේ
සඳ නැති ආකාසේ
ගුරු තරුව (ජයලත් මනෝරත්‍න)
ඔව් අයියණ්ඩී, ෆෝන් කටුවෙන් හරි අමාරුවෙන් දාගත්තා බ්ලොග් එක පාලුවට යන නිසා. මතකද මං එදා මෙන්න මේ සිංදුව ඉල්ලගත්තා.
ReplyDeleteගුරු තරුව සෙමෙන් බැසයයි
ගැල් එලිය නොයා නවතී
පරපුරක සිහින යාත්‍රා
තොටුපළක යවා හරවා
එක මලෙක නම් නොවේමැයි
මල් යායක සුවඳ හමයි
පිදු ස්නේහයෙන් ලොව කියාදුන්
ගුරු පාද පියුම් සුවඳයි..
තරු ලකුණ - රත්නශ්‍ර්‍රී විජේසිංහ
ගායනය-පණ්ඩිත් අමරදේවයන්