Pages

Sandumal

Sandumal

Sunday, March 29, 2015

•හොඳින්, බැරිනම් නරකින්..


"නුඹට හැකිවෙද.. සුදු නෙලුමක් වී පිපෙන්න..."

මිනී කන කැනිබලුන්
පිරී ඇති නිම්නයක
නුඹව අතහැර ගොසින්..

ලේ ගඳට ඉව කරන
දත් සපන..බුරන..
ගොරවන...
උන්ගෙ මුඛයෙන් නැඟෙන
කුණු මිනී ගඳ පරයන්
නුඹට හැකිවෙද
සුදු නෙලුමක් වී
පිපෙන්න...

වරක් හැකිදැයි බලන්න
තව වරක් හැකිදැයි බලන්න..
නොහැකිනම් ගඳ පරයන්න
නොවී උන්ගෙන් එකෙක්
නොවී තව කැනිබලෙක්..
මරාගෙන මියයනු
සබඳ නුඹ..
සිංහයෙක් වී
දෙරණ සොලවන...

20 comments:

  1. කවි ටික හොඳයි.මමත් කවි ලියන්න ගත්තේ දිග ලිපි කොටන්න කම්මැලි කමට.උඹටත් දැන් කාලය කියන දේ ගොඩක් අඩුයි කියල දන්නවා.ඒත් උඹේ ලිපිවල තිබුන රහ ලැබෙන වෙන අඩවි ඇත්තෙම නැති තරම් මේකේ.ඒ නිසා ඒක අතාරින්න එපා.මටනම් උඹේ කවි වලට වඩා උඹ ලියන ලිපි රහයි.
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. ඉන්න තත්වෙ අනුව දිග කතා ලියන්න තියෙන ඉඩකඩ හොඳටෝම මදි කටුසු. ඒ නිසයි ජීවිතේට බොහොම සමීප දේවල් කවියෙන් නිසඳසින් ලියන්නෙ. ඒත් ගී සංවේදනා ගැන ලියන එක නවත්වන්නෙ නෑ. නිවාඩුවකට ආ හැටියෙම එකක් ලියනවා. එතකල් සමාවෙලා ඉවසන් ඉමු..

      ස්තූතියි මචෝ..

      Delete
  2. ප්ලොට් එක නං තේරුනේ නෑ මට. මං මන්දබුද්දිකයි

    ReplyDelete
    Replies
    1. ආ.. මේක මේ මගේ පුද්ගලික අත්දැකීනක් ගැන ලිව්වෙ. ඒත් මේ අදහස සමාජයේ ඕනෑම කොටසකට පොදුයි මං හිතන්නෙ.

      Delete
  3. මොකක්ද මුළු සමාජයමද.. පාළකයොද කව්ද...?

    ReplyDelete
    Replies
    1. ඒ හැමෝටම, හැමතැනටම පොදුයි නේද අයියණ්ඩී..

      රටේ ගුරුවරු හදන තැනටත් ඒක පොදුයි. මේක ඒ හා සම්බන්ධ මගේ අත්දැකීමක්. ඒත් හැමතනම තත්වය මෙහෙමයි.

      Delete
  4. //මිනී කන කැනිබලුන්
    පිරී ඇති නිම්නයක
    නුඹව අතහැර ගොසින්..// අතෑරල ගිය එකා කවුද කියල හොයන්න ඕනි මුලින්ම.. :)

    අසාධාරනේට එරෙහිව නැගිටින එක ලේසි නෑ.. හැබැයි එහෙම එකෙක් නැගිටපු දාට අර මිනී කනව වගේ උන්නු උන් ඔක්කොම නැට්ට දෙපරැන්දෙ ගහගෙන හැංගෙනව..

    ReplyDelete
    Replies
    1. අතෑරල ගියේ අපේම උදවියනෙ කල්‍යාණ.

      එහෙම නෑ බං. එහෙම නැගිට්ටොත් ඌට ඌ විතරයි. අනිත් උන් නැට්ට තට්ටම් අස්සෙ ගහගෙන හැංගෙනව. අර කතාකරපු එකාට එක්කො ටිකට් කපාගෙන ගෙදර යන්න වෙනව, නැත්නම් හැමදාම ව්ව්නස්කම් විඳගෙන ඉන්න වෙනවා.

      Delete
  5. අඩේ මේක මග ඇරුනෙ කොහොමද? රෝල අප්ඩේට් වෙන්නැද්ද? නැත්නම් මං නෑවිත් ඉඳීයැ උඹේ අහ.
    මොකද බොලේ මේ? අලුත් ප්ලේස් එකේ අත්දැකීමක්ද? ඒ අවට වටපිටාවෙ සිද්ධ වෙන දෙයක්ද?
    මොකක් වුනත් මරාගෙන මැරෙන්න තරං සීරියස් කේස් එක මොකක්ද? නිර්මාණයට වඩා ඒ ගැනයි හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මචං මං ෆෝන් එකෙන් පෝස්ට් දාන නිසාද දන්නෙ නෑ මං දාන පෝස්ට් දාපු ගමන්මත් පෙන්නන්නෙ උඹලගෙ බ්ලොග් රෝල්වල ගොඩක් පහලින්. පැය 16කටත් කලින් වගේ පෙන්නන්නෙ.

      අලුත් තැන අත්දැකීම් තමයි බං.ගුරුවරු හදන තැනුත් අද අන්තයටම පිරිහිලා. මේවගෙන් එලියට ආපු එවුන්ටනෙ අපිත් පොඩිකාලෙ පස්ස පැත්ත උඩගහගෙන පෙරලිලා වැන්දෙ කියල හිතනකොට මහ ලැජ්ජාවක් වගේම කලකිරීමක් දැනෙනවා. මරාගෙන මැරීම සංඛේතයක් විදියටයි බං පාවිච්චිකලේ.

      Delete
  6. මියෙන එක යහපත
    නිවටයෙක් වී අසාධාරණය ඉදිරියේ
    නිහඬව සිටීමට වඩා.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මනෝජ්. අපි එහෙම ජාතියක් නොවෑ, දැන් මේ බලු වෙලා හිටියට.

      Delete
  7. කවි ටික නම් මරු.. ලියපු හේතුවනම් හැබැයි හිතා ගන්න බැරි උනා..

    ReplyDelete
    Replies
    1. එදිනෙදා ජීවන අත්දැකීම් තමයි මචෝ.

      Delete
  8. මට හිතෙන්නේ කැනිබලලුන් අතර කැනි බලලෙක් නොවී දිරියෙන් ඉදිරියට යන්න පුළුවන් නම් ඒක වටිනවා කැනි බල්ලුන් මරාගෙන මැරෙන සිංහයෙකුට වඩා

    ReplyDelete
    Replies
    1. //උන්ගෙ මුඛයෙන් නැඟෙන
      කුණු මිනී ගඳ පරයන්න
      නුඹට හැකිවෙද
      සුදු නෙලුමක් වී
      පිපෙන්න...

      වරක් හැකිදැයි බලන්න
      තව වරක් හැකිදැයි බලන්න..//

      එකපාරම නෙවෙයි තුශානි. ඉවසීමෙත් සීමාවක් තියෙන්නෙපැයි නේද.

      Delete
  9. සිංදුවක කතාවක් කියවන්න මග බලන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. තව සතියයි.. තව සතියයි.

      Delete
  10. ලියපිය, කොහෙද මකබාවුනේ ... කෝ මූ .

    ReplyDelete
    Replies
    1. විද්‍යාපීඨ ඇවිත් ඉන්නෙ අයියණ්ඩී. කලුතර. කාල වේලා තියෙන විදියට ලියනවා.

      Delete