"අහිංසක අප දෙදෙනෙ තටු කඩා මේ ලෙසින
සිදීගිය ගඟ දෑල හැර දැමූවේ කව්ද ...?"
දයාබර හේමා,
ඔන්න ඔයාට පොරොන්දු වුන විදියටම ඔයාට ලියුමක් ලියනවා. හේමා මං අද හවස දෙකහමාර විතර වෙද්දි මෙහෙට ආවා. කෙලින්ම මං ඉස්කෝලෙට ආවේ. බොහොම පුංචි ඉස්කෝලයක් හේමා. මං විදුහල්පති තුමාව මුණගැහුනා. ඉස්කෝලෙ වරදක්නම් නෑ. හරිම අහිංසක ළමයි ඉන්න ඉස්කෝලයක්. දෙකට ඉස්කෝලෙ ඇරලා, ඒත් මං යනකොටත් ළමයි කිහිප දෙනෙක් හිටියා. ඉස්කෝලෙන් කිලෝමීටර් දෙකක් විතර ඈති පරණ ගුරු නිවාසයක් තියෙනවා. ගෙයක් හොයාගන්නකල් මට ඒකෙ ඉන්න පුලුවන්. ඒක ටිකක් ජරාවාසවෙලා. ඒත් මාව එතනට එක්ක ආපු ළමයි තුන්දෙනා මට උදවු කලා මෙතන අස්පස්කරගන්න. හවස් වෙනකල් වැඩකලා. දැන් නම් ඉවරයි. ළඟ ළිඳකින් නාගත්තා. අදට මං පාන් රාත්තලක් ගත්ත කඩෙන් පරිප්පු හොද්දකුත් එක්ක. ඒත් හෙට ඉඳන් උයන්න පටන්ගන්න ඕනි.
ඒක නෙවෙයි හේමා. අද මට ඔයා නැති අඩුව වෙන කවරදාකවත් නැතිතරම් දැනෙනවා. වෙනදට මං ගෙදරට එනකොට ඔයා ආදරෙන් මං ළඟට එනව දුවගෙන. ඔයාගෙ මූණ දකිනකොට හිතේ මොන කරදරේකින් ආවත්, ඇඟට මොන මහන්සියක් දැනුනත් ඒ හැමදේම අතුරුදන්වෙලා යනවා. ඔයා මට ආදරෙන් හදල ගෙනත් දෙන තේ කෝප්පෙ මාව ආයෙත් පණගහල ගන්නවා. ඒත් අද.. ඔයා මගෙන් කොච්චරනම් ඈතකද.
ඊයෙ රෑ ඔයාට මං මොන පණ්ඩිතකම් දෙඩුවත් දැන් මටත් හිතෙනවා අපිට මේ එකපාරටම මොකද්ද උනේ කියලා. තාමත් මේ ට්රාන්සර් එක මට හීනයක් වගේ. ඇත්තටම අපිට මේ මොකද්ද උනේ හේමා?
හේමට මතකද මං දවසක් සක්වා ලිහිණියන්ගෙ කතාව කියල දුන්නා. මං අර කිව්වෙ, සක්වා ලිහිණි කියන කුරුල්ලො හැම වෙලේම කිරිල්ලියි කුරුල්ලයි ඉන්නෙ එකට, ඒත් ඒ දවල්ට විතරයි. මොකද්දෝ අවාසනාවන්ත හේතුවකට උන් දෙන්නට රෑට වෙන් වෙන්න වෙනවලු. ඒකත් මහ පුදුම වෙන්වීමක්, පහුවදා එළිවෙනකල් දෙන්නට එකම ගාඟක දෙපැත්තටවෙලා මූණෙන් මූණ බලාගෙන හඬන්න වෙනවලු, හඳත් එක්ක උදාවෙන රාත්රිය ගෙවිල ගිහිල්ලා ආයෙත් ඉරත් එක්ක පහුවදාට අලුත් දවසක් උදාවෙනකල් උන් දෙන්නට මේ විදියට වෙන්වෙලා අඬන්න වෙනවා. මතකද, ඒ කතාව දවසක් මං ඔයාට කිව්වා.
අද, අපි දෙන්නත් ඒ සක්වා ලිහිණියෝ වගේ වෙලා නේද හේමා. අපිත් අපෙන් වෙන්වෙලා. අපිට අපි ළඟම ඉන්නා පුලුවන් කම තිබුනත් එහෙම කරගන්න බැරි විදියට අපිට ඈතට වෙලා හූල්ලන්න වෙලා. එදා සාහිත්යයෙනම් මේ කුරුලු ජෝඩුවට මේ අපරාදෙ කලේ රාත්රියට ලෝකෙට ආරාදනා කරපු හඳ. හඳ තමයි රාත්රිය ගෙනත් ලිහිණින්ව වෙන්කලේ. ඒත් අපිව වෙන්කරපු වරදට අපිට බෑ හඳට දොස් කියන්න. අපි වෙනුවෙන් හඳ මොනා කරන්නද. වැරදිකාරයෝ හඳ තරම් සෞම්ය නෑ. අපි දෙන්නගේ තටු කපල අපි මෙහෙම අසරණ කලේ කවුද, මොන හේතුවකටද.
මේ ගෙවෙන්නෙ අපේ ජීවිතවල දුශ්කරම කාල පරිච්ඡේදය. හරිම කටුක කාලයක් අපිට. ඒත් මේ විරහ වේදනාවන්, මේ කරදර, තානිකම දරාගෙන අපිට ඉන්න වෙනවා. ඒ අපේ ජීවිත වලට අපි ආදරේ කරන නිසා. අපි හිත් හදාගමු, මේ හැම දෙයක්ම තාවකාලික දේවල් කියලා. හේමා, මං මුලිනුත් කිව්ව වගේ හිතුව තරම් ලේසි නෑ මට ඔයාගෙනුයි දුවගෙනුයි මෙහෙම ඈත්වෙලා ඉන්න එක. ඒක හරිම, හරිම අමාරු දෙයක්, හැම තත්පරේම මට මතක්වෙන්නෙ ඔයාල දෙන්නා. සමහර විට මේ අපි අපෙන් වෙන්වෙලා ගෙවන මුල්ම දවස වෙන්නැති, ටික දවසක් යනකල් මේකට හුරුවෙන්න අමාරුවෙයි. මේ අඩුව මටත් වඩා ඔයාට දැනෙන බව මං දන්නවා.
ඉතින් හේමා, දූ මොකද කියන්නේ? තාත්ති ගැන අහනවද, එයාට තවම තේරුමක් නැති නිසා ඉඳී ඔහොම. ඒත් තාත්ති ගෙදර එන්නෙ නෑ කියල දැනුනනම ගොඩක් දුක හිතෙයි. අපි එයා වෙනුවෙන්ම ඒ කටුකබව දරාගමු. මොකද, අපිට මේ වෙච්ච දේ එයාගෙ ජීවිතේ කවදාවත් එයාට වෙන්න දෙන්න හොඳ නෑ. ඒ වෙනුවෙන් අපි එයාට මීට වඩා හොඳ අනාගතයක් හදල දෙන්න ඕනි. අපේ තටු කපල දාල අපිව මෙහෙම හිරකලත් අපේ දරුවන්ට සීමා මායිම් නැතිව පියාඹන්න ලෝකයක් හදල දෙමු. නිදහසේ පියාඹන විදිය අපි එයාලට කියල දෙමු.
මං කලිනුත් කිව්ව වගේ මෙහේ මොනතරම් දුෂ්කර උනත් හිත හොඳ මිනිස්සුන්ගෙන් නම් අඩුවක් නෑ වගේ හේමා. ඒ මිනිස්සුන්ගෙ අව්යාජ හිනාවම ඇති. කොල්ලො තුන්දෙනා තමන් වෙනුවෙන් ආව සර් කියල මං වෙනුවෙන් පුදුම මහන්සියක් උනේ හවස්වරුවම. නිදාගන්න පුලුවන් විදියට හාදාගත්තත් ස්ථිර පදිංචියටනම් මේක සුදුසු නෑ හේමා. පායන කාලෙ නිසා හොඳයි, වහලෙන් අහසෙ තරුත් පේනවා, වැහි කාලෙක එහෙමනම් ඉන්න බෑ. දොර ජනෙල් පවා සේරම අබලන්. ඒ නිසා වැහිකාලෙ එන්න කලින් ඉක්මනට කුලී ගෙයක් හරි බෝඩිං කාමරය්ක් හරි හොයාගන්නම ඕනි.
මෙහෙට කරන්ට් එහෙමත් නෑ, මේ ලියන්නෙත් හවස කඩෙන් ගෙනාපු භූමිතෙල් ලාම්පුවේ එළියෙන්. මදුරුවෝ කපුටො වගේ. ඇඟේ හැප්පුනාම අපිත් වීසිවෙන සයිස්. මදුරු කොයිල් එහෙම නැතුව හිටියොත් උන් අපිව උස්සගෙනත් යයි. ඒකයි මං ඔයාලව එක්ක එන්න අකැමතිම උනේ මේ ගමනට. ඒත් හේමා මට ඔයාල දෙන්න නැතුව ඉන්න අමාරුයි. ඒ නිසා මං ඉක්මනටම හොඳ ගෙයක් හොයාගන්නම් කුලියට. හැමදේම හරියකට පිළිවෙලක් උනාම මං ඔයාල දෙන්නවත් මෙහෙට එක්ක ගන්නම්. දූ තාම පොඩියිනේ. එයා ඉස්කෝලෙ යන කාලෙ වෙනකොට සමහර විට අපිට ආයෙමත් ගමට මාරුවක් හදාගන්න බැටිවෙන එකක් නෑ. ඒක ඒ කාලෙට බලමු. ටිකක් දුර උනත් ඉස්කෝලෙට, මං ටවුන් එක කිට්ටුවෙන් ගෙයක් බලන්නම්. එහෙම නැතුව ඔයාල දෙන්නට මෙහේ ඇවිත් ඉන්න අමාරුයි. එතකල් ටිකක් ඉවසන්න හේමා.
දැන් නම් හුන්ගාක් නිදිමතයි. ඔයා දැන් සමහර විට නිදිත් ඇති දෝණිව තුරුල්කරන්, ඔයාල දෙන්නගේ උනුහුම මට දැනෙනවා වගෙයි. මොනාකරන්නද, ලොබකමින් මතක් කරනවා හැර. හෙට උදේම ඉස්කෝලෙට යන්නත් ඕනි, මට ගණන් පංතියකුයි, විද්යාව පන්තියකුයි දෙකක්ම ලැබෙයි වගේ. හෙට තමයි ඒ දේවල් පිලිවෙලක් කරගන්න වෙන්නේ.
ඔයාල දෙන්නට ඕනි හැම වියදමක්ම ම්න් එවනවා. ඒ නිසා හොඳින් ඉන්න හේමා. ටික කාලෙකින් මං ඔයාලව කොහොම හරි එක්ක එන්නම්. එතකල් මාසෙකට වතාවක් මං ගෙදර එන්නම්. හැම සතියෙම එන්න ගියොත් එතනත් ලොකු වියදමක්නේ.
එහෙනම් මං දැන් නවතින්නම්. හොඳින් පරිස්සමින් ඉන්න. අපේ දුවට මේ කිසිම දෙයක් දැනෙන්න තරම් තේරුමක් නෑ, ඒත් එයාට මං නැති අඩුව දැනෙන්න දෙන්නපා හේමා. එයාව ආදරෙන් බලාගන්න. මගෙ කෙලි පැටික්කිට මං ගොඩක්ම ආදරේ බව කියන්න. එයාවයි අම්මිවයි ඉක්මනට තාත්ති ළඟට ගන්න බව කියන්න. එයාට තේරෙන්නෙ නැතිවෙයි. ඒත් එයාට එහෙම කියන්න. මට ඔයාල දෙන්නව හැම මොහොතකම මතක්වෙනවා. දෙන්නට බුදු සරණයි.
මීට,
ඔයාගෙ ආදරණීය රත්නේ.
සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන
මමද ලිහිණියෙකු වෙමි කැඩුනු තටු පිරි මදින
අහිංසක අප දෙදෙනෙ තටු කඩා මේ ලෙසින
සිදීගිය ගඟ දෑල හැර දැමූවේ කව්ද
සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්නද
බාල වයසින් මැරුණ ප්‍රේමයකි තරු එළිය
කටුක දුක් විරහ මැද අතරමං වී ගියද
අපි තවම පෙම් කරමු අපේ ජීවිත වලට
කියාදෙමු පියඹන්ට අපි අපේ පැටවුන්ට
නිදහසේ තටු ලැබුණ කුරුල්ලන් වී දිනෙක
ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ
හැමදාම වාගේ නියමයි මචෝ ....
ReplyDeleteමේ සින්දුව ලියන්න පාදක කරගෙන තියෙන්නේ මයුර සංදේශයේ මෙන්න මේ කවිය කියලා රත්නේ දවසක් කිවා මතකයි .
"ගසා කරින් සක්වා වෙන් කළ පවින
නිශා පියඹ සහ තුරු පිරිවර ගියෙන
සසා වෙසින් දුමුරස වෙමිනි එම දින
සසාදරහු බල ඵල ලද උදෑසන ...."
+++
Delete@සින්දු ඇනෝ
Deleteඉතිං බලපිය මම බොරැද කියන්නෙ මේ තරම් හැකියාවක් තියන උඔ එක්ක සමරැ ඡයාරැපයක් ගන්න ආසයි කියලා.
ඔව් සිංදු. මමත් ඒක කිහිපවාරයක්ම අහල තියෙනවා. ගීත රචකයකු සාර්ථක වෙන්න ඔහු හොඳ සාහිත්‍යය වේදියෙකු විය යුතුමයි.
Deleteමෙන්ඩා.. සංචාරකයෝ දෙන්නත් එක්කම එකෙන්ම එකඟයි. අපේ සිංදු ඇනෝ කියන්නෙත් හොඳ සාහිත්‍යය වේදියෙක්.
Deleteඅපූරුයි මනෝ....
ReplyDeleteසෑහෙන දවසකින් නෙව මේ අහ ගොඩවැදුනෙ... හිතට වැදුන අපූරු ලියමනක්....
මං ආසම සිංදුවක්....
ජයෙන් ජයම වේවා
සෑහෙන කාලෙකින් ඔන්න මාත් මගේ ගෙදරට ආවා මහේෂ්. නිවන් ගියා වගෙයි.
Deleteඅද කතාව එළ.ගිය පාර ලියුම වගේ ජාතක කතා ශෛලීය නැතිනිසා හුස්මට කියවන්න පුළුවන්.
ReplyDeleteඔය සින්දුවට සම්බන්දව නන්දා මාලනී කියපු එකකුත් තියනවා නේද?
ජය වේවා මනෝශ්......
දාපන් ඒ සිංදුවේ කොටසක් අපේ සින්දු ඇනෝ ඉතුරැටික කොටයි.
Deleteඔව් කටුස්සෝ. ඒ ගැන අපි කලින් සංවේදනාවෙත් කතා කලා.
Deleteමෙන්ඩෝ,ඔන්න කවුරුවත් ඒක දාල නැති නිසා මමම දානව හොඳේ.
වන වංක ගිරිය අරණේ
මෙහෙවරට සැදී පැහැදී
ඔබ යන්න ඉතින් නික්මී
ජය ශ්‍රී සුරම්‍ය ස්වාමී
දුස් ස්වප්න දෑස රිදවා
කඳුළින්ම යාවි සේදී
එන රෝග ව්‍යාධි පළවා
දරු රකිම් ධෛර්ය පේවී
බර අදිම් බෑයි නොකියා
ණය තුරුස් අතර හිරවී
රන් රිදී නොවෙයි ඕනෑ
ප්‍රීතියයි හිතේ ස්වාමී
ප්‍රේමෙන් සුගන්ධ වේවා
වන වාසෙ රුද්‍ර රාත්‍රී
ඔබ යන්න ඉතින් නික්මී
ජය ශ්‍රී සුරම්‍ය ස්වාමී
ගී පද: රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : සරත් දසනායක
ගැයුම: විශාරද නන්දා මාලනී
සමහර අවස්තාවලදී අධි සංවේදී කතා ලියන්න ගියාම අපි බ්ලොක් වෙනවා , මොකද සංවේදී කම ඒ හැටියටම අකුරු කරන්න අමාරුයි. එත් හැමදාම ඒ අපහසුතාවය ජයගත් කෙනා තමයි ,මනෝෂ් ගිය සැරේ ලියපු එකට වඩා බොහොම ඉදිරියෙන් තියෙනවා මේ පාර .ජය වේවා . උඹ දිගටම ආපහු ලියපන් ඉස්සර වගේම . එතකොට මනෝෂ් ආපහු එලියට එයි .
ReplyDelete//සමහර අවස්තාවලදී අධි සංවේදී කතා ලියන්න ගියාම අපි බ්ලොක් වෙනවා//
Deleteසහතික ඇත්ත බං මාත් දැං මාස තුනක් තිස්සේ බ්ලොක් වෙලා..
ඒ ඉතින් අධිසංවේදී තාවයක් ලියන්න ගිහිං නෙමෙයිනේ.... සමපෝෂ ගුලිය ගැන ලියන්න ගිහින්නේ.... සමපෝෂ ගුලිය අධිසංවේදිතායක් කියලා අපි අදනේ දැනගත්තේ විදානයෝ............. (07 වෙනිදා ගේමට නාවේ බයේ නොවන බවත් නොවැලැක්විය හැකි හේතු තිබූ බවත් සැලකුව මනාය)
Deleteවිදානයා / කුරැට්ටෝ
Deleteසමපෝෂ?
කතාවඇත්ත ඉවාන් අයියේ. අධි සංවේදී කතා ලියන්න ගියාම අපි හැමොම ගොලු වෙනවා.වචන පැටලෙනවා. දිගටම ලියන්න හිතාගෙන පටන්ගත්තත් ආයෙත් ලත් තැනම ලොප් වෙන්න උනා මට.
Deleteඅපේ විදානෙත් දැන් ගී පවුරෙ පහන් කනුව යටද? ගී පවුරෙන් හිරයක්වත් ගත්තද?
Deleteදැන් එතකොට අපේ ගී පවුරෙ කවුද මේ හිරවෙලා ඉන්න සාමාජික තුමා?
මෙන්ඩෝ. ඔය කියන්නෙ අපේ විදානෙගෙ සමනල වැව කතාව ගැන මං හිතන්නෙ. ඒකත් ලත් තැනම ලොප් වෙලා.
ලිහිණියන්ගේ කතාව මම මීට කලින් අහලා තිබුනේ නෑ.. ඒ නිසාමද මන්දා අකුරු කරපු දේවල් හිතට තදින් දැනුනා .. අපූරුයි ..
ReplyDeleteලිහිණින්ගෙ කතාව අහපු දවසෙ ඉඳල මේ ගීයට මගේ තිබුන ආසාව තවත් වැඩිවුනා තුශානි.
Deleteමනෝෂ් උඹෙ එකක් කියවපු පළමු අවස්ථාව මේක වගෙයි මට හිතෙන්නෙ.. මනෝෂ් ඔය කතාව මටම කිව්ව වගෙයි මටනම් හැගුනේ.ඒ තරමටම හැගීම්බරව ලියල.
ReplyDeleteවැව් ඉස්මත්ත සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට. ඔබ පහුගිය් ටිකේ නිතර පේන්න හිටියෙ නෑනොවෑ. මම නිතර කියවනව ඔබේ ලිපි.
Deleteසුපිරියි.. ගීතය ගැන අලුත් ආදරයක් ඇතිඋනා.. 'සඳට දොස් නොකියන්න- සඳ කුමක් කරන්නද' මේ ටිකේ අවස්ථා සම්භන්දය ගලප ගන්න බැරුව හිටියේ ගීතයත් එක්ක.. අද සියල්ල පැහැදිලි උනා.. ස්තූතියි නැවතත්.. ජය ශ්‍රී!
ReplyDeleteසක්වා ලිහිණින්ගෙ කතාව දැනගන්නකල් මටත් ඔය ප්‍රශ්නෙ ඔහොම්මම තිබුන කල්‍යාණ. කලා නිර්මාණ කොයිතරම්නම් සොඳුරුද.
Deleteජීවිතේ හුගාක් අවස්තා එනව අහම්බෙන් වෙන, නමුදු ජීවිතයට හුගාක්ම බලපාන.ඔයා මේ පෝස්ට් එක ලියද්දී කීයටවත් හිතන්න නැතුවඇති මේ අත්දැකීම ඔයාට විදින්න වෙයි කියල.ඒකත් මේ තරම්ම ඉක්මනට. ජීවිතේ හරිම පුදුමයි මනෝශ්.සිකුරදා මේක ලියල අද පබ්ලිශ් වෙන්න දාපු මේ ගීතයම දැන් අපේ ජීවිතයටත් එකතුවෙල.මේ සෙනසුරාද ආව විද්‍යාපීට ලියුම නිසා.ඔයා තව ටිකකින් කලුතර, මහියන්ගනට හුගාක්ම ඈත. ඒත් අපි දෙන්න තාමත් එකට්ස්,ඒ අපේ ආදරේ එක්ක. තව අවුරුදු 4කින් අපිට මේ දැනෙන දුකට වඩා ලොකු සතුටක් අරගෙන ඔයා ඒවි. එතෙක් මේ ගීතය මගේම ගීයක් වේවි.
ReplyDeleteඅළුත් වැස්සක් වහින්නට සැරසේ
Deleteපුරුදු ආකාසේ
දිගු කාලයක් නිහඬ වී සිටි නුඹ වාගේ
අළුත් වැස්සක් වහින්නට සැරසේ
අහස වැසි වසිනා නමුත්
කවදාද ඒ වැහි වහින්නේ නොදනිම්
නියං කල සැමදා නැතත්
කවදාද නියඟය ගෙවෙන්නේ නොදනිම්
දුකක් වින්දොත් සැපත් ලඟමයි
දිය දහම ඒ විලසයි
අළුත් වැස්සක් වහින්නට සැරසේ
වළාකුළු අහසට ඇවිත්
මොනවාද මේ හැටි කරන්නේ සරදම්
ඇහේ තෙරපෙන දුක නිවා
කවදාද වැහි බිඳු ගෙනෙන්නේ සැනසුම්
දුකක් වින්දොත් සැපත් ලඟමයි
දිය දහම ඒ විලසයි
අළුත් වැස්සක්...
ගායනය - සුනිල් එදිරිසිංහ
පද රචනය: සුනිල් ආර්. ගමගේ
සංගීතය: රෝහණ වීරසිංහ
සිංදුවා +++++++++++++++++++++++++++
Delete@ පියසටහන්..
Deleteමනොෂ් නික්ම යන්නේ කැමත්තකින් නෙවෙයි හිත ඔබ ලඟ නවතලා.. ගිය සිකුරාදා ඉදන් මිනිහා මනෝ ගහනවා.. වැඩිය හිතන්න එපා.. ජීව්තේදි ඔය වගේ අද්දැකීම් විඳින්න වෙනවා.. මුලින් මුලින් සති අන්නෙතදි දුවගෙන එයි.. පස්සේ මාසෙකට සැරයක් විතර එයි.. හැබැයි බැඳුනු ආදරේ අතු පතර විහිදා සුවිසල්ව වැඩෙයි...
කඳුළු පැන්
කඳුළු පැන් - කඳුළු පැන් කෙණ්ඩියක්
සිනහා මල් - සිනහා මල් වට්ටියක්
දෑතට ගෙන යා හැකි දුර ගවු සියයක් වත් වේ නම්
ප්‍රේම වන්තයෙක් වුනාට කමක් නෑ මලේ...
සුසුම් වැල් - සුසුම් වැල් ඔලගුවක්
පැතුම් මල් - පැතුම් මල් පළිඟුවක්
දෑතට ගෙන යා හැකි දුර ගවු සියයක් වත් වේ නම්
ප්‍රේම වන්තයෙක් වුනාට කමක් නෑ මලේ...
උණු කඳුළු - උණු කඳුළු බත් මුලක්
මල් පැදුරු - මල් පැදුරු පන් මිටක්
දෑතට ගෙන යා හැකි දුර ගවු සියයක් වත් වේ නම්
ප්‍රේම වන්තියෙක් වුනාට කමක් නෑ නගේ...
පද රචනය - රඹුක්කන සිද්ධාර්ධ හිමි
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
මං හිතන්නේ උඹලා ජීවත් වෙන්න පටන් ගන්නේ මෙතැන ඉඳන් ...
ජ ය වේ වා !!!!
@ විදානේ //මං හිතන්නේ උඹලා ජීවත් වෙන්න පටන් ගන්නේ මෙතැන ඉඳන් ...//
Delete+++++++++++++++++++++++++++++++++++++++++++++++++++
@පියසටහන්
Delete//සෙනසුරාද ආව විද්‍යාපීට ලියුම නිසා//
සතුටුදායක ආරංචියක්
පියසටහන්.. ඒ වේදනාබර දවස ගැන කොහොම අකුරු කරන්නද. ගී සංවේදනවා අපි දෙන්න වෙනුවෙන් මවිසින්ම ලියාගත්ත එකක් උනා අන්තිමට. ජීවිතේ සමහරක් අපිට විර්හරක් ගන්න බැරි තීරණ නිසා සක්වා ලිහිණි වෙන් උනත්. මේ රාත්‍රිය ගෙවිල ගියාම අපිට උදාවෙන ඊළඟ දවස් වලට රාත්‍රිය උදාවෙන එකක් නෑ. උදා උනත් සක්වා ආයෙත් වෙන් වෙන එකකුත් නෑ. දැනට මාස එකහමාරක් ගෙවුනා. ජීවිතේ අමාරුම දවස්.
Deleteමෙන්ඩා, විදානේ, ඉවාන්, සිංදු. හැමෝටම ගොඩක්ම ස්තූතියි..
Deleteසක්වා ලිහිණියන්ගෙ කතාව දැනගත්තෙ අද.
ReplyDeleteකවදත් වගේ හැඟුම්බර විිදිහට අකුරු කරල තියේ..
ජය වේවා..
මේවගේ කතා ගොඩක් අහන්න පුලුවන්, සඳුදා, අඟහරුවාදා ලක් හඬේ හතයි කාලට අඬසඳයාය අහන්න.
Deleteහැමදාම ලියුං කරදහි ලියලම හරියන්නෑ බොල...
ReplyDeleteගල් ඩිංගිත්තක්වත් බොන්න ඕන..
Delete"ඔන්න ඔයාගේ " කියලා පටන් ගන්න කොටම මට සංසාරෙත් එක්ක එපා උනා.. ලව් කරන කොට එහෙම වෙනවා.. ලියන්න වෙලාවක් නැත්නම් නොලියා හිටහන්. උඹ දැකලා තියෙනවද හොඳම නිර්මාණ කාරයොත් හැමදාම ලියන්නේ නෑ. හොඳම උදාහරණය උබේ මේ බ්ලොග් එකේ එල්ලගෙන ඉන්න ගුරා.. ඉඳලා හිටලා තමයි දෙන්නේ. නමුත් දෙන එක බොක්කටම වදිනවා..
Deleteදේශකයෝ, දැන් නම් දිගටම ලියුම්ම ලියන්න වෙයි වගේ.
Deleteගී පවුරේ.. දේශ්ටද, ඔයාටද?
Deleteසුපුරුදු මාතලන් ඉට්ටැයිල් එකේ කොමෙන්ටුවක්.. එල එල මාතලන් අයියණ්ඩී.
Deleteනික්මගියා නම් නුබ අද හිතාමතා
ReplyDeleteහඩන්නවත් මට තිබුනා
හඩම්ද හිනහෙම්ද ගලපගන්නේ කෙලෙස
දනිමි මා ඔබ ගියේ මා කියූ නිසා වග
නමුදු මේ කදුලුකට දැන් වාවගතනොහැක
ගියේ නුබ මේ ගමන
නොයා බැරිකමට මිස
දත්නිසා ඒ වගම
හඩා හිනහෙමිය මම.,
සොඳුර මට සමු දෙන්න
Deleteසොඳුර මට සමු දෙන්න සමු දෙන්න
සොඳුර මට සමු දෙන්න සමු දෙන්න
ඈත ගමේ සරු පස පෙරලන්නට
මම යනවා අද උදෑසනේ
සොඳුර මට සමු දෙන්න සමු දෙන්න
ගමේ තුරු හිස් අතර පාවී
සවන වැකෙනා කුරුළු ගීතය
ඔබේ මුදු පිය වදන් වාගේ
නිවාලනු මැන මගේ සරතැස
අස්වනු පිදී කරලින් බරවී
මුළු රට ඉතිරේ ජය පානේ
ඉර හඳ පායන වසන්තයේ
අපි බොමු මංගල මධු පානේ
ඩී. ඩී. ගුණසේන /සමන් චන්ද්‍රනාත් වීරසිංහ
ප්‍රේමසිරි කේමදාස
ඔබේ කටහඬ කොහිද තිබුණේ
Deleteදුකින් හමනා...
සුළඟ අතරේ...
මගේ හදවත කොහිද රැඳුණේ
ඔබේ දෙනෙතේ...
කඳුළු අතරේ...
අහස පියසකි පොළොව යහනකි
තාරකා නිවි නිවී දිලෙන්නේ
අපේ සිතුවිලි එකතු වේ නම්
රැයේ අඳුරට කිම තැවෙන්නේ...
දින ගණන් ගෙවි ගෙවී ළතැවී
දෑස ඔබ නොම දැක තැවෙන්නේ
ඈත විහිදෙන මගේ ගීයෙනි
ඔබේ හිස මා පිරිමදින්නේ...
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : ප්‍රේමසිරි කේමදාස
ගායනය : ටී. එම්. ජයරත්න
තනිවුණ සිතුවිලි ගිනි ඇවිලී
Deleteසුසුම් ගොඩක දැවෙනා දිනයේ
පුළුල් උරතලේ මා හිස රඳවා
එකම වරක් සනසනු මැනවී
එකම වරක් සනසනු මැනවී...
සොම්නස් සිතුවිලි දෙගොඩතලා
දොඩමලු හසරැලි ගලන දිනේ...
අතිනත පටලා මා ළඟ දැවටී
එක හසරැල්ලක් දෙනු මැනවී
එක හසරැල්ලක් දෙනු මැනවී...
සිරුරින් දෙතැනක අප රඳවා
සැම දිනයෙම නොපෙනී ගෙවෙනා...
දහසක් කරදර මැද දී ඔබ මා
එකම වරක් සිහි කළ මැනවී
එකම වරක් සිහි කළ මැනවී...
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : සිසිර සේනාරත්න
ගායනය : ඉන්ද්‍රානි සේනාරත්න
එල ද බ්‍රා මචං
Deleteවැහි ලිහිණියනේ විදු බිමට උඩින්
Deleteවැහි කඳුලු මැදින් දුර පියාසලන්
දුර ඈත හිඳින පෙම් සිතක පැතුම්
ගොස් රැගෙන එන්න හැකිවෙයිද ඉතින්..
නුහුරු රටේ මම තනිව හිඳිම්
පුරුදු රටේ ඈ සුසුම් මැදින්
දුක් කඳුලු හැඟුම් දුරුකර මොහොතක්
අපෙ පැතුම් අරන් නුඹ පියාසලන්..
මේ සිරිපොද මැද අප ගියපු ගමන්
සිහිකරන් හිඳිම් නුඹ ගොසින් වරෙන්
වැහි අඳුර මැදින් ඇගෙ සුසුම් පවන්
සැනසුම් බිඳුවක් නුඹ අරන් වරෙන්..
මමත් දැන් කවිකාරයෙක්!!!
"සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්නද
ReplyDeleteබාල වයසින් මැරුණ ප්‍රේමයකි තරු එළිය :"
සුපුරුදු පරිදි හිතට දැනෙන්න ලියලා තියනවා මනෝශ්. ආසා කරන සිංදුවක් තවත් හිතට ලං කරාට ස්තුති.
අපිත් ලෝකේ දෙකොනකට වෙලා ඔය විදිහට හිත හිත හිටියෙ ටික දවසකට කලින්. ඒත්, දැන් නම් ආයෙත් එකම වහලක් යට ජිවත් වෙන්න ලැබිලා ආයෙත්. කවද වෙනකම්ද කියල නම් තාම දන්නෙ නෑ.
කවද වෙනකල්ද කියන එක තීරණය කරන්නෝනි ඔබමයි දොස්තර මහත්තයෝ. එක්ව හිඳීමයි වැදගත්ම දේ. අපි හැමදේම කරන්නෙ ඒ වෙනුවෙන්.
Deleteස්තූතියි ඔබට.
දෙවන කොටස කලින් කොටසට වඩා ඉදිරියෙන්. ගීතයේ පද පෙළම හඹා නොයාම අද දකින්න පුලුවන්. අදහස් ගොන්න එකපාර ලියාදමන්න හදනවාට වඩා දිනකට එක ඡේදය බැගින් නිවී සැනසිල්ලේ ලියන්න. පළමු ඡේදවල වැරදි පසුදා පෙනේවි. සතියකට වරක් හරි ලස්සන ලියමනක් දකින්න අපිට වාසනාව ලැබේවි. අපි ඉතා ආශවෙන් කියවූ පෙර ලිපි වලට ටික ටික අනුගත වෙන ලක්ෂණ මේ ලිපියේ තියෙනවා. දින දින දියුණු වේවා!
ReplyDelete෴මධුමාධවී෴
සතියකට වර්හාවක් තියා මධුමාදවියේ, අනේ මට වෙච්ච දෙයක්. හෙට දිහාට පොඩි කයියක් දාන්න හිතාගෙන ඉන්නෙ. මේ අවස්ථාව ලැබුනෙ මාස එකහමාරකට පස්සේ.
Deleteස්කයිප් එකවුන්ට් දෙකක් හදාගනින් ඉතිං... හැක් හැක්..
ReplyDeleteජ ය වේ වා !!!
හප්පච්චියේ හදාගත්‍තා. ෆෝන් එක ලැබුනෙත් ඊයෙ පෙරේද නොවෑ. ඔන්න අද හවසත් මූනු පොඩ්ඩ බලාගත්තා.
Deleteකලින් එක වගේම මේ සින්දුවත් මට අහන්න ලැබිලා නැහැ. මොනා කරන්නද ඉතින් දැන්වත් අහමු.
ReplyDelete---
උඹේ ලියවිල්ල නම් අම්මේ ආයේ කියන්න දෙයක් නෑ පට්ට එකෙත් සුපිරිම එක. පුදුම සංවේදී විදියකට තමයි උම්බ් ලියන්නේ.
------------
දේශපාලුව ඇතුලේ අතරමං නොවී අනාත නොවී ඉන්න දරන උත්සාහයක අවස්තාව;
අගන්න නොලැබුණ ගීයක් අහන්න සැලස්වීම තමා මගේ පරම සතුටත්.
Deleteදේසපාලුවේ මොකෝ උනේ පහුගිය දවස් ටිකේ?
ස්තූතියි විභීෂණ..
නියමයි
ReplyDeleteබොහෝම ස්තූතියි..
Deleteඔය තියෙන්නේ මනෝ නියමෙටම.. මම මේ සිංදුව ඒ තරම්ම අහලා නම් නැහැ.. ඉදලා හිටලා වගේ අහලා තියෙනවා..
ReplyDeleteබොහෝම ස්තූතියි දිනේෂ්..
Deleteකලාතුරකින් ඇහුවනම් රසය තවත් වැඩිවෙයි.
කටුක දුක් විරහ මැද අතරමං වී ගියද
ReplyDeleteඅපි තවම පෙම් කරමු අපේ ජීවිත වලට
කියාදෙමු පියඹන්ට අපි අපේ පැටවුන්ට
නිදහසේ තටු ලැබුණ කුරුල්ලන් වී දිනෙක
දින පතා නෑසෙන කපුගේ තව ගී. කොතෙක් ඇතිද. නමුත්, එවන් ගායකයෙක් නැවත අප අතර ඉපදේවි යැයි සිතිය හැකි මානයක් නැත.
එවන් අසහාය ගායකයෙක් මෙදියත ආයෙ බිහිවෙන්නෙ නෑ නිර්මලා. ඒක සක් සුදක් සේ පැහැදිලියි. මේ එහෙම අය බිහිවෙන සමාජයක් නෙවෙයි.
Delete"ලොවේ දුක දැක දයාබරවී
නෙතින් කඳුලක් නොසෙල්වේනම්
කුමට සත්සර රාව නංවා
හිඳිමි ගොලුවී මම්"
//කියාදෙමු පියඹන්ට අපි අපේ පැටවුන්ට
ReplyDeleteනිදහසේ තටු ලැබුණ කුරුල්ලන් වී දිනෙක//
මේ අදහස හරි ලස්සනයි මනෝෂ්. ඔවුන් දෙදෙනා මොරන්නට පෙර සිදී ගිය ප්‍රේමයක උරුමකරුවන්ය... නමුත් දරුවන්ට පියාඹන්න ඉඩ දෙමු කියලා කියනවා... ඔවුන් දැන් දන්නවා තටු සිද ගන්නේ නැතුව පියාඹන්න ඔ්න කරන විදිහ... ඔවුන් ඊලග පරපුරට නිදහස වගේම මග පෙන්වීම දෙමු කියනවා.. වෙෙරයක් නැහැ... ඔවුන්ට ඔවුන් ගැනවත්.. අලුත් පරපුර ගැනවත්..... හරිම සංවේදී සුන්දර ගීතයක්..... කපුගේ සතුව අැති හඩ පෞරුෂය මනාවට මේකය වේදනාව මුහු කරලා දෙනවා මනෝෂ්........
ඔය ගීයෙ ඒ කොටසට මාත් බෙහෙවින්ම මනාපයි ගී පවුරේ. තමන් නොලද සතුට තම දරුවන්ට හෝ ලබා දීමයි උතුම් දෙමවුපියන්ගේ ස්වභාවය. අනිත් දේ තමයි හෙට ලොව වඩා යහපත් ලොවක් කරනු පිනිස අද ජීවත් වන්නන්ගේ අපරිමිත කැපකිරීම.
Deleteබොහොම වැදගත් කාරණයක් මතුකලේ ගී පවුරේ. ගොඩක්ම ස්තූතියි..
එල ද බ්‍රා
ReplyDeleteකපුගේ කියන්නේ එක හුස්මට අහන්න පුලුවන් කෙනෙක් උඔ ඒ මනුස්සයගේ වටිනාකම වැඩිකරා උඔගේ ලියවිල්ල.
බ්‍රෑන්ඩ් එක ගල්
ආයෙ ඒ ගැනනම් කියල වැඩක් නෑ මචෝ. මටනම් කපුගේ අනන්තයක්. උඹේ අගය කිරීමත් අනන්තයක්. ස්තූතියි මචෝ.
Deleteමචං..මම සදුට මේ ලියුම ලිව්වනම් මේ අමාරැකම් මුකුත් ලියන්නේ නෑ..එතකොට එයා අඩයි. මම කැමති නෑ මගේ සද අඩනවට.
ReplyDeleteඋඔට මේලක් දාන්නම් මගේ සිංදුවයි අදාල විස්තරේයි කියලා උඔ මමයි සදුයි ගැන ලියපන්.
උඹ බොහොම හැඟුම්බර සංවේදී මනුස්සයෙක් මචෝ. මට ආඩම්බරයි ඒ ගැන. ඒ කතාව වෙලාවක මේල් කරහන් වෙලාවක.
Deleteමල්ලි මම මිට පස්සේ ලින්ක් එක දාන්නේ නැහැ. මට වෙලාව අඩුයි. මම හිතනවා දැන් ලංකාවෙන් යන්න පුළුවන් කියල සයිට් එකට .
ReplyDeletehttp://sinhala.lankanewsweb.net/features/cyber-wall-lankanewsweb/15785-2015-02-13-23-32-24
ඉතිං මක්කටැයි ඕවා දාන්නේ.. හැක් හැක්..
Delete@දේශකයා ; ලින්ක් එක දාන්නේ ගත්ත කියල කියන්න. (As a courtesy)
Deleteඅජිත් අයියේ ඔයා මේ කරන උදව්ව මගේ ගමනට මහා ශක්තියක්. හදවර්හින්ම ස්තූතියි. මං දන්නවා මගේ හැම පෝස්ට් එකක්ම ඔබ මෙලෙස ප්‍ර්චාරණය කරනවග. ඒ නුසා මං ඉදිරියේදි මේ සයිට් එකට ගිහින් බලන්නම් පෝස්ට් එකක් දාපුවාම. ස්තූතියි ඔබට නැවතත්.
Deleteදේශ්ට උත්තරේ හම්බුනා නේද?
Delete