"දුෂ්කර වු ඒ පළාතේ මට යන්න දෙන්න දේවි..."
"රත්නේ.. රත්නෙ.."
"රත්නේ.."
"හ්..හ්ම්.. ඇ..ඇයි?"
"හප්පේ..මොන ලෝකෙද හිටියේ? මං කොච්චර කතාකලාද. ඇයි රත්නෙ මේ? අද ඉස්කෝලෙ ඇරිල ආව වෙලාවෙ ඉඳල ඔයා හරි වෙනස්. බලාගත්තු අතේ බලාඅගෙන කල්පනාකරනවා. ඇයි මේ? මොකුත් ප්‍රශ්නයක්වත්ද? කියන්නකො මටත්."
"ප්‍රශ්නයක්නම් තමයි හේමා. ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. කෝ.. දූ නිදිද?"
"හ්ම්.. උදේ ඉඳල නට නටා ඉඳල ඔන්න දැන් නින්දෙ. ඒක නෙවෙයි, කියන්නකො රත්නෙ, මොකද උනේ? රස්සාවෙ ප්‍රශ්නයක්ද?"
"ඔව් හේමා. අහල කලබල වෙන්නෙපා, මාව ට්‍රාන්සර් කරලා."
"මොනවා.. අනේ දෙයියනේ මොන වරදක් කලාටද ඒ? මේ හදිස්සියේ. කොහාටද?"
"ඔය ඉතින් ඔයා කලබල වෙලානේ."
"කලබල නොවී කොහොමද රත්නේ. මට එහෙම කිව්වට ඔයත් ඔය ඉන්නෙ කලබල වෙලානේ. කියන්නකො මට, මොකද්ද හේතුව? කොහෙටද ට්‍රාන්සර් එක?"
"මෙන්න මේකයි කියල හේතුවක් නෑ හේමා. ඒකයි මගේ හිතටත් දුක. අපේ දේසපාලකයන්ට මිනිහෙක්ට මෙහෙම කරන්න හේතුවක් ඕනිම නෑනේ. මං උන්ගෙ පදේට නැටුවෙ නැති හින්ද තමයි මේ. තමන්ගෙ දේශපාලන මතය ස්වාධීනව තියාගන්න තරම්වත් නිදහසක් නැති කාලකණ්නි රටක් මේක."
"අනේ දෙයියනේ... මං ඔයාට මුලින්ම කිව්ව රත්නෙ මේ ටික වෙයි කියලා. කෝ ඔයා ඇහුවද. දැන් ඉතින් වෙච්ච දේ උනා. හැබැයි ඔයා කොහෙට ට්‍රාන්සර් කලත් මායි දූයි අනිවාරෙන්ම එනව ඔයත්තෙක්ක යන්න."
"හිතන තරම් ඒක ලේසි නෑ හේමා. දන්නවද මාව ට්‍රාන්සර් කරල තියෙන්නෙ කොහෙටද කියලා? ඔක්කම්පිටියට.."
"මයෙ අම්මේ ඒ මොන දීපංකරේකද? මං ඒ නම ඇහුවෙත් අදයි.
"මං දන්නෙත් නෑ හේමා. ඒත් ඔක්කම්පිටිය තියෙන්නෙනම් මොණරාගල පැත්තේ."
"අනේ දෙයියනේ.. එච්චර දුරක. අනේ රත්නෙ, ඔයා එච්චර දුරක යවල මේ ගාල්ලෙ මායි දූයි තනියෙන් කොහොම ඉන්නද. අපි දෙන්නත් එනව රත්නෙ ඔයත්තෙක්ක. දැන් කවදද ඔයාටෙ එහෙට යන්න තියෙන්නේ?"
"මහ කාලයක් නෑ හේමා.. මේක වහාම ක්‍රියාත්මක ක්ෂණික මාරුවක්ලු. ලබන සඳුදට මං එහේ ඉන්න ඕනි."
************************************************************************************************************
"ඕනිකරන හැමදේම හරි නේද රත්නේ? අනේ මට බයයි. මට බෑ ඔයාව තනියෙන් යවන්න. හෙට මේ වෙලාව වෙනකොට ඔයා මගෙනුයි දූගෙනුයි හැතැම්ම සියගානක් ඈත් වෙලා. තට්ට තනියම, කාත් කවුරුවත් අඳුනන්නෙ නැති නන්නාදුනන පළාතක. මෙහේ මායි දුවයි තනියම. කාගෙවත් පිළිසරණක් නැතිව."
"අපිට වෙන විකල්පයක් නෑ හේමා. මේ හැමදේම යථා තත්වෙට පත්වෙනකල් අපි ටිකක් ඉවසමු. මට එහේ කරදරයක් වෙන එකක් නෑ. ඔයාටත් මෙහේ ප්‍රශනයක් වෙන්නෙ නෑ. ඔය මෙහේ ඉඳන් දූට හොඳට උගන්නන්න."
"අනේ රත්නේ, අපි වෙන විදියක් බලමු. අපි ඔය කෙහෙල්මල් රස්සාවෙන් අයින් වෙමු."
"හැඟීම් වලට වහල් වෙන්නෙපා හේමා. අපිට යථාර්තෙට මූණ දෙන්න වෙනවා. මේ රස්සාව නැතුව කොහොමද අපි ජීවත් වෙන්නෙ? දූට හොඳට උගන්නන්නෙ."
"ඒවා පස්සෙ බලමු රත්නෙ. වැදගත්ම දේ අපි තුන්දෙනා එකට ඉන්නෙක නේද. එතන තමයි ශක්තිය තියෙන්නේ. මැරුණත් අපි තුන්දෙනා එකට. දූට ඔයා න්තුව බෑ. මටත් ඔයා නැතුව බෑ. ඒ වගේම ඇත්තම කතාව ඔයාටත් අපි දෙන්නම නැතිව බෑ. ඉන්න තැනක නොකා නොබී එකට මැරෙන්න හරි අපි නවතිමු රත්නේ, මං වඳින්නම්. අපි මෙහෙන් වෙන රස්සාවක් හොයාගමු. එතකල් අපි කොහොමහරි ජීවිතේ ගැට ගහගමු."
"හෙට ගමනාට හැම දේම ලෑස්තිකරගෙන තියෙන්නේ. අපි මේ හැම දෙයක්ම පහුගිය සතියෙම අනන්තවත් කතාකලා. ගන්න තියෙන හොඳම සුදුසුම එකම තීරණේ අපි දෙන්න මේ ගත්තෙ. ඉතින් ඇයි දැන් මේ ආයෙත්? වෙන් වෙන්න තියෙන මොහොත ළංවෙන්න ළංවෙන්න දුක වැඩියි තමයි හේමා. මං කඳුලු හිරකරගෙන හිත ගලක් කරගෙන් අඉන්නවා. ඒත් ඔයාට ඒ දේ අමාරුයි කියල මං දන්නවා. ඒ නිසයි මේ. ඒත් අපි මේ අමාරුම මොහොත ගෙවිල යන්න ඉඩදෙමු. අපි අපේ ජීවිත අවුල් නොකරගෙන ඉමු. රස්සාව නැතිකරගෙන මං මෙහේ නැවතුනොත්, අපි තුන්දෙනාගෙම ජීවිත අනාථ වෙනවා. අපි අපේ දූ ගැන හිතන්න ඕනි. රස්සාව නැතිකරගන්නවට වඩා හුඟාක් අමාරුයි රස්සාවක් හොයාගන්නෙක. අපිට එහෙම උනොත් ගොඩාක් දුක් විඳින්න වෙයි. අද රටේ මිනිස්සු ජීවත් වෙන විදිය පේනවනේ. කරන්නම අතක් නැතිකොට ගෑණු උදවිය පිටරටවල් වල යනවා බැලමෙහෙවර වලට. මට එහෙම තත්වෙකට ඔයාව පත්කරන්න බෑ හේමා. මට ඔයාව රට පටවන්න බෑ. මට මගේ දරුවො වාල්කම් කරනවා බලන්න බෑ. ඒ නිසා අපි බොහොම බුද්ධිමත්ව වැඩකරමු මේ වෙලාවෙ. ඒ නිසා මට යන්න දෙන්න හේමා."
"ඉතින් රත්නෙ ඔයාට ඔච්චරටම රස්සාව ඕනිනම්, ඔච්චරටම යන්න ඕනි නම්, ඉතින් අපිත් එක්ක යන්නකෝ. තාම ඒකට පරක්කුවක් නෑනෙ. තියෙන ඇඳුම් කඩමාල්ලක් ඔතාගෙන දූයි මායිත් ලෑස්තිවෙන්නම් හෙට උදේම ඔයත්තෙක්ක යන්න."
"මං දන්නවා ඔයා මට කොච්චර ආදරෙයිද කියල හේමා. ඒත් මං ඔයාටත් ඊටත් වඩා ආදරෙයි. ඒ නිසා මං මේ යන වංකගිරියට මට ඔයාලවත් එක්ක යන්න බෑ. ඒ නිසා මෙහෙම කඳුලු පුරවගෙන අඬන්න එපා. ඒ දුෂකර පළාඅතට මට ඔයාව එක්ක යන්න බෑ. ඉන්න තැනක් තියෙයිද, ගුරු නිවාසයක් තීයෙයිද, නැත්නම් කුලී ගේක ඉන්න වෙයිද, එහෙම තැනක් හොයාගන්නකල් කොතන කොහොම ඉන්න වෙයිද, මේ කිසිම දේකට හරිහමන් උත්තරයක් නැතිව ඒ නන්නාදුනන හිමේට මට ඔයාව එක්ක යන්න බෑ හේමා. හිතන්න දූ ගැන, එයා කොහොම ඉන්නද එහෙම තැනක. "
"ඔයා හඳක් වගේ. හඳ එලියක් වගේ. ඒ එලියෙ සිහිලට වෙලා හා පැටියෙක් වගේ ඉන්න අපේ දුව සුවෙන් ඉන්නවා, ඒ සුව යහන කඩල දාන්න අපිට බෑ. කරදරයක් නැති ඔයාගෙ උනුහුම රැකවරණය ආදරය එයාට ඕනි. සර්ප විමාඅනෙකට එයාව ගෙනියන්න අපිට බෑ. නොදන්න පළාතක දුෂකර බව එයාට දරාගන්න බෑ. ඒ නිසා එයාව ලෙඩ නොකර, එයාව බඩගින්නෙ නොතියා, හොඳ කෙල්ල වගේ හේමා ඔයා මේ නගරෙ නවතින්න."
"මට තේරෙනවා රත්නේ. මට තේරෙනවා. ඔයා මටයි දූටයි අසීමිතව ආදරෙයි කියල දන්නවා මං. ඔයා පෙරුම් පුරන බෝධිසත්වයෙක් වගේ මනුස්සයෙක්. දුවයි මායි ගොඩක් වාසනාවන්තයි. ඒත් දෙයියනේ, මට මේක දරාගන්න බෑ. මෙච්චර ඈතක ඔයාව යවන්න හිත හදාගන්න බෑ මට."
"මට ඕනි ඔයාල දෙන්නව සතුටින් සුවෙන්, හොඳින් ජීවත් කරන්න තමයි හේමා. ඒ නිසා මට මේ මොනවත් දුෂකර දේවල් නෙවෙයි. මට පෙරුම් පුරන්න ඕනි නෑ. ඕනි මගේ ජීවිතේ දීල හරි ඔයාල දෙන්නව රකින්නයි. ඒ නිසා මේ යන ගමනට මං ඔයාගෙන් ඉල්ලන්නෙ කඳුලු පිහදගෙන අපේ අනාගතේ වෙනුවෙන් නාඬා ඉන්න කියලයි. ඒ ශක්තිය විතරක් මට දෙන්න හේමා."
"මගේ ආශිර්වාදයයි, ශක්තියයි ගෙවෙන හැම මොහොතකම ඔයා ළඟ තියෙනවා රත්නේ. ජීවිතේ ගෙවෙන හැම තත්පරයකම මගේ හිත තියෙන්නෙ ඔයා ළඟ, මතක් වෙන්නෙ ඔයාව. හැම වෙලේම දෙවියන්ගෙන් මං ඉල්ලන්නෙ ඔයාව රැකල දෙන්න කියලයි. ඔයාට කිසිම දුකක් කරදරයක් වෙන්න එපා කියලයි. යනගමන හිත හොඳින් යන්න රත්නේ. ඔයා කිව්ව වගේ ඉදිරි අනාගතේ පුරා උදාවෙන අපේ සුවදායි අනාගතේ වෙනුවෙන් මේ පොඩි කාලෙ අපි අපි වෙනුවෙන්ම ඉවසමු. ඊටපස්සෙ අපිට හැකිවෙයි මැරෙනකල්ම අපේ ළඟටම වෙලා ඉන්න."
"ඔව් හේමා. ඒ විදියට සුබවාදීව අපි ජීවිතේ දිහා බලමු. ජීවිතේ අහිමිවීම් පමණක්ම උරුම වෙච්ච මට හිමි වීම් ලැබුනෙ ඔයා හින්දයි. ඔයාගෙ ශක්තිය, ඔයාගෙ වචන, ඔයාගෙ ආදරේ මට මහ ශක්තියක් වෙලා මගේ හැමදේටම හැමදාමත් ලැබෙනවා. ඒකට ඔයාට ගොඩක් පින්. ඒ නිසා අපි මේ ටික කාලෙ කොහොමහරි ඉවසමු."
"හ්ම්.. එහෙනම් දැන් අපි නිදාගමු රත්නේ. හෙට ඔයා බොහොම දුරගමනක් යන්නේ. උදේම ඇහරෙන්නත් වෙනවා. කාලාන්තරයකට මට ආයෙ මෙහෙම ඔයා ළන්න්හ ඉන්න බැරිවෙයි."
"මොනා කරන්නද.. කමක් නෑ හේමා.. මං දන්නවා මොණරාගල ඒ පාලු කාමරේත් ඔයාගෙ සුවඳ අරන් ඔයා හීනෙන් හරි එනවා කියලා. අපි හිත් හදාගෙන ඉමු."
"ගියපු ගමන් මට ලියුමක් එවන්න රත්නේ, හැම විස්තරය්ක්ම කියලා. මං මඟබලන් ඉන්නවා. ඔයාගෙන් ලියුමක් ලැබෙනක්ල් මං ඉන්නෙ බයෙන්.."
"ඒ ගිහින් විතරක් නෙවෙයි හේමා.. මං ඔයාට නිතර ලියන්නම්... ලිවීම හැර මගේ තනිය මකාගන්න වෙන දෙයක් නෑ මට..."
මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ත්‍රි දේවි නොවුනි..
දුෂ්කර වු ඒ පළාතේ
මට යන්න දෙන්න දේවි...//
මේ කදුළු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ..//
ගොස් ඉන්ට කුලී නිවසේ
විස ඝෝර සර්ප බවනේ..
නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ..//
හාමතේ නොලා දරුවෝ
නවතින්න බිසව් නගරේ
නුඹ නොදී එතෙර රටටා
දරු නොදී වාල් කමටා...//
දිවි පුදා තොප රකින්නම්
නොපුරා එහෙත් පෙරුම් දම්...
ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ
(Mage Bisaune Asapan - Gunadasa Kapuge)
ගීතය අහනවනම්..
මගෙ බිසවුනේ අසාපන්
ReplyDeleteනුඹ මන්ත්‍රී දේවි නොවුණේ
මේ කඳුළු ඇයිද දෑසේ
බෑ යන්ඩ නුඹට හිමයේ
විෂ ඝෝර සර්ප භවනේ
නවතින්න කුලී නිවසේ
මේ කර්ණ කටුක නගරේ
පොඩි උන්ව බලා ගන්ඩයි
ඉස්කෝලේ එක්ක යන්ඩයි
ලෙඩ දුකට පිහිට වෙන්ඩයි
කුණු බැනුම් අසාගන්ඩයි
දිව විකා බර අදින්ඩයි
නවතින්න බිසවු නගරේ
මේ කුලී මාලිගාවේ
කිරි ශිරාවෝ සියක් ඉල්පී
කෘෂ ළැමට ඇදී එත් මැ යි
පියුයරෝ දෙදෙන හොරැහින්
බිම බලාගෙන හඬත් මැ යි
ලේ කඳුළු බිංදු නොසිඳී
ළැම දුකින් තෙත් කරත් මැ යි
හාමතේ නොලා දෙදරුවන්
රක්ෂා කෙරෙත් මැ යි
මට යන්ට දෙන්න දේවී
ඒ දුෂ්කර පළාතේ
බෙලි කපන සතුන් අතරේ
කෙළ ගසන සතුන් අතරේ
මිනිසුන් ද වැඩ වසන්නේ
බෝ ප්‍රවේසම්ව ඉන්නම්
මගෙ මෙහෙය මම කරන්නෙම්
අත පුරා මගේ දෝතින්
ජීවිතය ගෙනැත් දෙන්නම්
නුඹ නොදෙම් එතෙර රටටා
දරු නොදෙම් වාල්කමටා
ඇඟ මස පුදා රකිම් මැ යි
නොපුරම් එහෙත් පෙරුම් දම්
බුදු වන්ට ඕන නුඹලා
මට නිවන් මඟ කියල්ලා
නුඹ චන්ද්‍ර මඬල වැන්නේ
සා පැටවු එහි නිදන්නේ
හිමවතට ඇවිත් හීනෙන්
සිත සඳුන් තවරපන්නේ
රත්න ශ්‍රී විජේසිංහ
(වස්සානේ, 1985)
මේ කාව්‍ය ඇසුරින් තමයි නේද කපුගේ මේ ගීය නිර්මාණය කරන්නෙ? බොහෝම ස්තුතියි සින්දු, මේක මෙතනට ගෙනාවට.
Deleteමචං..මනෝ බලපන් සින්දු ඇනෝගේ හැකියාව..මට නම් ඌ විරයෙක් බං..
Deleteහේමමාලියගේ පිළිතුරු ගිය .....
Deleteවන වංක ගිරිය අරණේ
මෙහෙවරට සැදී පැහැදී
ඔබ යන්න ඉතින් නික්මී
ජය ශ්‍රී සුරම්‍ය ස්වාමී
දුස් ස්වප්න දෑස රිදවා
කඳුළින්ම යාවි සේදී
එන රෝග ව්‍යාධි පළවා
දරු රකිම් ධෛර්ය පේවී
බර අදිම් බෑයි නොකියා
ණය තුරුස් අතර හිරවී
රන් රිදී නොවෙයි ඕනෑ
ප්‍රීතියයි හිතේ ස්වාමී
ප්‍රේමෙන් සුගන්ධ වේවා
වන වාසෙ රුද්‍ර රාත්‍රී
ඔබ යන්න ඉතින් නික්මී
ජය ශ්‍රී සුරම්‍ය ස්වාමී
ගී පද: රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : සරත් දසනායක
ගැයුම: විශාරද නන්දා මාලනී
සින්දුවා ඇත්තටම උඔව දැකලා කතා කරලා එකට ඉදලා ඡායා රෑපයක් අරගෙන සමරැ අත්සනක් ඉල්ල ගන්න ආසයි.
Delete//එකට ඉදලා ඡායා රෑපයක් අරගෙන සමරැ අත්සනක් ඉල්ල ගන්න ආසයි.//
Deleteහුකෑස් ....වැටෙයි යකෝ මම .තියපිය බිමින්
හැක් හැක් ....
මෙන්ඩියෝ.. ආයෙ කතා දෙකක් නෑ, ඌ සිංදු වීරයෙක්. මටනම් ගුවන් විදුලියේ ගී තැටි ගබඩාව වගේ. උඹේ ප්‍රකාශයට මගේ සැලියුට් එක. එළම තමයි.
Deleteසිංදුවෝ, නන්දා මාලිනියගේ මේ ගීය මං අසා තිබුනත් මට මේ මොජොතෙ ඒක අමතකම වෙලා තිබුනෙ, මේ සිද්දි දාමය හරියට ටෙලිනාට්‍යයක් වගෙයි. තුන් ඈඳුනු ගීත තුනක්. කොච්චර අපූරුදු. උඹට ගොඩක් ස්තූතියි මේ ගීයත් මේකටම ඇලෙව්වට.
Deleteමචෝ..මං අහලා තියනවා මේක විවාහයෙන් ටික දිනකට පස්සෙ රත්න ශ්‍රීව අම්පාරට මාරු කරපු වෙලාවෙ ඔහුගෙ අතින් ලියවුන ගීතයක් කියලා..හරි වැරැද්ද දන්න කෙනෙක් කියයි.
ReplyDeleteපුද්ගලිකව මං හරීම ආස සිංදුවක්..ඒ වගේම මේකෙ තනුවෙ වෙස්සන්තර ජාතකය ගැයෙන නාද රටාවෙ ආභාෂය තියනවා නේද...ඒක කපුගේ හරි අපූරුවට සංයෝජනය කරලා තියන බව දැනෙනවා පද වැලත් එක්ක..මං හිතනවා අපූරුවට ඒක වර්තමානය එක්ක ගලපලා කියලා. උඹට බොක්කෙන්ම ස්තුතියි මේක බෙදාගත්තාට..
මේ තනුවට ළඟින් යනව නේ කපුගේගෙම "වැරහැලි ඇඳ අඩු කුලියට - සළු මැසුව කුමාරී " සිංදුව ???
තරහ අවසර ඕං අපේ බජව් වල මුල හරියේ උඹ ලියල තියන සිංදුව කියනවාමයි සික්ස් එයිට් වලට .කපුගේ නැතුව මොන බජව්ද. චැහ් .. ඇඬෙනවා :D
තව දින තුනයි … ඕ යේස් !!!!!!
මට රැඩ් ලේබල් එකක් දින තුනකින්.. හැක්.. කොච්චර අගේද??
Deleteගෙදරට කියන බොරුව දැන්ම රෙඩි :D
Delete" එක ලගේජ් එකක යතුර නෑනෙ ..හම්බුණාම ඒක අරිමු .හොඳ වෙලාවට මගෙ ඩෙනිං කෑලි දෙක විතරයි ඒකෙ :D "
මචෝ, පත්තරේ.. මේක රත්නශ්‍රී ලියන්නෙ දේශපාලන පළිගැනීමක් නිසා ඔහුට මොණරාගල ඔක්කම්පිටිය ජනපද විද්‍යාලයට මාරුවක් හම්බුන සිදුවීම අලලා, ඔහුගේ වස්සානය පද්‍ය සංග්‍රහයේ තමයි මේ නිසැඳස තියෙන්නේ. මං දන්න විදියට කපුගේ ඒ නිසැඳස ඇසුරින් තමයි මේ ගීය නිර්මාණය කරන්නෙ.
Deleteහප්පේ ඉතින්, උඹ එයාර්පෝට් එකෙන් බැහැල එනව මට නිකන් මැවිල පේනවා කරඬුව ගෙනියන ඇතා වගේ!!
@දේශකයෝ..
Deleteපවු අහිංසක පත්තරයා. කන්ටේනරයක්ම වෙනම පුරවලලු.
රෙඩ් රම්
Deleteකපුගේ කියන්නෙ අපේ ඡිවිත වල වැටෙන හුස්මක් වගේ..
Deleteරෙඩ් බැලැක් ලේබල් වැට් නැතත් උඔ වරෙන් ගල් බෝතලයක් ගැහැව්වත් අපේ යාලුකම එහමමයි.
මෙන්න අපේ අස්වැන්නේ දයානන්ද අය්යා සවිස්තරාත්මකව ලියලා තියනවා "නුඹ චන්ද්‍ර මඩල වැන්නේ" .......
Deleteවිදානයෝ..
Deleteයේ හෝ හෝ රම් බෝතලයක්!!
මෙන්ඩියෝ.. කපුගේ සහ ඔහුගේ ගීත ගැන, ඒ වගේම රත්නශ්‍රීගේ පද රචනා ගැන, අනේ මන්ද මට කියන්න තේරෙන්නෙ නෑ. ඒ සුසංයෝගය ගැන, ඒ දෙන්න ගැන වචන ගලපල කියාගන්න දාහක් දේවල් තිබුනත් කවදාවත් කියල ඉවරකරන්න බෑ.
Deleteදයානන්ද රත්නායකයන්ගේ ඒ ලිපිය වගේම, ඒ සටහන් සියල්ලම මං පුදුම ආසවකින් කියවලා තියෙනවා හම්බුන මුල් දවස්වලම. ඒත් සින්දු තවමත් ඒ ලිපි නොකියවපු අය වෙනුවෙන් ලින්ක් එක දැම්ම එක නම් ලොකු දෙයක්.
Deleteඅනේ අම්මේ උඹට තියන චුන් එකක් යකෝ , මටත් එහෙමයි බං තොත් එක්ක ගල් ජුංඩක් බොන්ඩ ඇගිලි ගනිනව
ReplyDeleteආන්න පුතා !!! කපුගේල රත්නශ්‍රීල ගැහුවෙත් ගල් :D
Deleteඉතිං අපි ගැහුවම හෙණ යෑ ?? හුකෑස්
ගහමු ගහමු ..බඩගාල හරි ගෙදර යන්ඩ බැරියෑ ..ඕ යේස්
මෙදා පාර ඉස්පෙෂල් පොල් රා !!!!
බ්රුන්ඩ් එක ගල් බ්‍රාන්ච් එක... හැක්
Delete.
අටම් අයියගේ කමෙන්ට් එක වැරදි තැනක පතිත වෙලා වගෙයි. පත්තරය එනකල් හැම එකාම ඇඟිලි ගනිනවා වගෙයි.
Deleteඒකනේ බං පත්තරයෝ.. ප්ලේන් ගල්, සහ මල්. කොහොමද දෙන්නගේ ප්‍රතිභාව.. හොඳ අවුසදයක්..
Deleteඅනේ අයවැයෙන් වැඩිකරපන්!!
ගල් ගහලා වීදුරු බින්දා කියලා පොලෝසි යන්න වෙයිද දන්නෑ...
Deleteමමත් එනෝ...ගහමු පක්කං පදිරි සන්නාහ සන්නද්ධ වෙන්න
Delete@විදානේ, මෙන්ඩියෝ..
Deleteබාර් එක සෙට් වුනේ කාලෙකින් බොලවු. ඒත් නිකන් බාගෙට වහල වගේ. කෝ මේ පත්තරයා. ඌත් සෙට් උනානම් ගොඩේ ගොඩ.
මමත් ආසා කරන සින්දුවක්
ReplyDeleteබොහෝ දෙනෙකුට උරුම ගීයක්.
Deleteමාර්ර රොමැන්ටික් කපල් එකක් නේ.. කතා කරන්නෙම සාහිත්‍යමය බාසාව... හැක්
ReplyDeleteඑහෙම තමයි බං, සාහිත්‍යත් එක්ක ජීවත්වෙන මිනිස්සු නොවෑ.
Deleteසාහිත්තේ කන්නද බං.. හැක්..
Deleteඅනේද කියන්නේ දේශෝ ...හැක් හැක්
Delete“සාහිත්‍ය කන්නද?
"සාහිත්‍යකට උරුමකම් කියන බස මෙන් ම එය අයත් භාෂා සමාජය විශිෂ්ට සමාජයක් ලෙස හඳුන්වයි. එසේ වන්නේ සාහිත්‍ය මිනිසුන්ගේ අදහස් ආකල්ප, අත්දැකීම්, දැනුම නිර්මාණය වන නිර්මාණාත්මක මෙවලමක් වන බැවිනි."
ආ.. ඔය තියෙන්නෙ දේශට ඉගෙන ගන්න දේවල්.. නිවීහැනහිල්ලෙ කියවහං මචෝ..
Deleteමං ඕවා කියවල සෑහෙන්න කල් බං. හැක්
Deleteඑහෙනම් බං ඒව කියවන්න නාස්තිකරපු උඹේ වටිනා කාලෙ අපරාදේ.
Deleteදේශා තරහ වෙන්ඩ එපා උඹත් සමහර වෙලාවට හෙන නරුමයෙක්
Deleteyela yela'' නැතිව මේ ළමයි හදන්න බෑ බං.. උන්ට ටික දවසක් ගියාම අමතක වෙනවා බිම ඉදල උඩට නැග්ගා කියලා.. හැක්.. හැක්.. ඒකයි මේ ආදරේට කතා කරන්නේ..
Delete"කෙතරම් ඉහළට ගියද කිසි දිනක මුල අමතක නොකරන්න. යම්කිසි දිනක ඔබට නැවත මුලට එන්නට සිදුවුවහොත් අමතක කළ මුල සහ ඒ වටේ තිබූ සියල්ල ඔබට හමුවනු නිසැකය...."
Delete\\උන්ට ටික දවසක් ගියාම අමතක වෙනවා බිම ඉදල උඩට නැග්ගා කියලා//
Deleteදේශෝ.. කෙලින් කියහං, උඹ මේ මොකක් ගැනද කියන්නේ. මට කොතනද මුල අමතක උනේ? නැඟපු පඩිපෙල අමතක උනේ? මට කියපං. වහෙන් ඔරෝ, හැන්ගි හොරා වැඩ මගේ නෑ, කියන දෙයක් කෙලින් කියහං.
මෙහෙමයි මචෝ.. උඹලගේ හැම විවේචනයකටම මම අනේ එහෙමද.. ඔව් නේද.. අනේ ඔවු මං වැරදියි, උඹ කිව්ව දේ තමයි හරි කියන එකනම් මගේ උත්තරේ වෙන්න ඕනි, එතකොටද උඹල හිතන්නෙ මූ මුල අමතක කරල නෑ, බිම ඉඳල උඩට නැග්ග අතීතෙ මූ අමතකකරල නෑ කියන එක? ඊට අමතරව උඹල කරන විවේචනයකට මං විවේචනයකින් උත්තර දුන්නොත් එදාට මං මුල අමතකකරපු එකෙක්ද? නැඟපු තැන අමතක කරපු එකෙක්ද? උඹලගේ මිනුම් දණ්ඩ ඒක්ද?
කළකිරෙනවා බං. උඹල මට උදවු කලා, උඹල මට අත දුන්නා, බ්ලොග් එක පටන්ගත්ත දා ඉඳල උඹ මාත් එක්ක හිටිය, හරි වැරද්ද ආදරෙන් කියල දුන්නා. නමුත් එකපාරම උඹට යක්ෂාවේස උනා. ඒකට හේතුව මං දන්නෙ නෑ. කොහොම උනත් උඹලගේ කරපිටින් උඩට ආව නිසාම උඹල කියන හැමදේටම එකඟ වෙලා ඔළුව නමං බල්ල වගේ මං ඉන්න ඕනිද බං? එහෙම හිටියොත් විතරද මට මුල මතක?? ඒ වෙනුවට උඹල එක්ක ගැටුනොත් තර්ක කලොත් මං ගුණමකුවෙක් වෙනවද?? මාරයි දේශ්. ඒකනම් පුදුමයි.
උඹල මට අසීමිතව අත දුන්න මිනිස්සු. ළඟ පාතක හිටියනම් වඳින්න තරම් භක්තියක් මට උඹල ගැන තිබුනා. ඒත් මචෝ උද හවස වඳින අම්මගෙයි තාත්තගෙයි උනත් වරදක් දැක්කොත් මං කියනවා. එකඟ නැති දෙයක් තිබුනොත් තර්ක කරනවා, විවේචනය කරනවා. ඒ මගේ හැටි. ඒත් ඒක ගුණමකු කමවත්, මුල අමතක වීමවත්, හිටපෞ තැන මතක නැතිකමවත් නෙවෙයි.
මං එදා අද කියල මහා පොරක් වෙලා නෑ. මං එදා හිටපු එකාම තමයි, මගේ සිතුවිලි අදහස් මේක පටන්ගත්ත දවසෙ වගේමයි. හිතට එන මඟුලක් ඔහේ ලියල මේකෙ දානවා, එච්චරයි.
හැක් හැක්..
Deleteහැක් හැක්
හැක් හැක්
හැක හැක තමයි!!
Deleteඑක හුස්මට කියෙව්ව මනෝෂ්...උඹ මේ තරම් තාත්ත්විකව මේව ලියන හැටි...හිතේ හැම සිද්ධියක්ම හරියට අපිට වුණා වගේ දැනෙනවා...
ReplyDelete-අසංක-
ස්තූතියි ගී පවුරේ... වචන ටික ලොකු ශක්තියක්. ඒත් නිර්මාණය මගේ හිතට මදි වගේ.
Delete/එක හුස්මට කියෙව්ව මනෝෂ්...උඹ මේ තරම් තාත්ත්විකව මේව ලියන හැටි...හිතේ හැම සිද්ධියක්ම හරියට අපිට වුණා වගේ දැනෙනවා...//
Deleteඒක නොවැ...
ඕං ආවා හෙණගෙඩිය...මේකට කාටවත් මොකුත් නොකිය ඉන්නම බැරි හැටි...ඒ පැත්තෙ ඇවිත් කරන්නෙත් බාල්දි පෙරලන එකමයි...හැක්...
Deleteඇතත්තටම මදි මනෝෂ්...
Delete@විදානයෝ..
Deleteඒක නේන්නං...
@ගී පවුරේ..
බ්ලොග් ලෝකයේ රසවත්ම බාල්දියා. මට තාම මතක්වෙනකොට හිනා යනව බං, අතකද දවසක්, ගී පවුරෙයි, ඉවාන්ගෙයි, මගෙයි බ්ලොග් තුනටම එකම තැනක කමෙන්ට් කරල තිබ්බ හැටි.
ආ.. ඒක නෙවෙයි විදානයෝ.. උඹ දැන් අර මාස ගානකට උඩදි ලියල බාගෙට නවත්තල දාල තියෙන කතාවෙ ඉතිරි හරිය ලියන්න ඕනි අපිද බං? අනේ හොඳ එකා වගේ ලියහංකෝ..
Delete@දේශක,
Deleteඉඳහංකො, ඊළඟ කොටසවත් හොඳට ලියාගන්න බලන්න.
මටනම් හැමදාම වෙන දේ.. හැමදාම චන්ද්‍ර මඬලයි හා පැටවුනුයි එක තැනක.. මං කොහේවත්.. හ්ම්ම්.. කොහොමත් කැමති ගීයක් ඒත් කතාවත් එක්ක අළුතෙන් ආයිත් ගීතය ගැන ඇල්මක් ඇතිඋනා..
ReplyDeleteගොඩක් දෙනෙක්ට මේ ගීතය අත්දැකීමක් වෙලා කල්‍යාණ. ඒ මේ සමාජ ක්‍රමයේම වරදක්. මොනාකරන්නද. කතාව නිසා ගීතයට ඇල්ම වැඩිවුන එක ලොකු සතුටක්.
Deleteකමියා උඔගේ කමෙන්ටුව වදුනා බෝ්කකට
Deleteමෙන්ඩියෝ.. කතාව ඇත්ත. ඒත් සඳූ උඹලග නේද? පොඩි මෙන්ඩත් එක්කම?? නැත්නම් උඹ බ්‍රා මහන්නෙ පිට ඇවිල්ලද?
Deleteතනිවුණ සිතුවිලි ගිනි ඇවිලී
Deleteසුසුම් ගොඩක දැවෙනා දිනයේ
පුළුල් උරතලේ මා හිස රඳවා
එකම වරක් සනසනු මැනවී
එකම වරක් සනසනු මැනවී...
සොම්නස් සිතුවිලි දෙගොඩතලා
දොඩමලු හසරැලි ගලන දිනේ...
අතිනත පටලා මා ළඟ දැවටී
එක හසරැල්ලක් දෙනු මැනවී
එක හසරැල්ලක් දෙනු මැනවී...
සිරුරින් දෙතැනක අප රඳවා
සැම දිනයෙම නොපෙනී ගෙවෙනා...
දහසක් කරදර මැද දී ඔබ මා
එකම වරක් සිහි කළ මැනවී
එකම වරක් සිහි කළ මැනවී...
ගී පද : දයා ද අල්විස්
සංගීතය : සිසිර සේනාරත්න
ගායනය : ඉන්ද්‍රානි සේනාරත්න
කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ
Deleteකිරිල්ලියෝ ඉගිළෙනවලු නිඳැල්ලේ
අත වැනුවට නොවැටී මං මුලාවේ
හිත රැඳියන් මගේ සෙනෙහෙ කැඳැල්ලේ....
දේදුන්නේ පාට අරන් සේල අඳිනවාලූ
ඔමරි හිනා කෝල බැලුම් උහුලන්නට බෑලූ
ඈත රටින් ගෙනා පුසුඹ හිත රවටනවාලූ
මගෙ රන් කඳ ඒ පුසුඹට රැවටෙන්නේ නෑලු
වෙල් එළි යේ වෑ කන්දේ දුව පැන නැටුවාලු
දැවැට දිගේ යන එනකොට ඉඟි බිඟි පෑවාලූ
කොයි දේසේ හිටියත් නුඹ මගෙමයි කීවාලූ
මතක නේද මගෙ රන් කඳ අපි දෙන්නා යාළු
ගායනය : සමිතා එරන්දතී
අනේ මචෝ, පුලුවන්නම පද රචනයයි සංගීතයයි ගැන කියපන්.
ගී පද -කරුණාරත්න ජයතිලක
Deleteසංගීතය -රෝහණ වීරසිංහ
ඔය තියෙන්නේ. උඹට ස්තූතියි මචෝ..
Deleteමම ගෙවල් කුලි ගෙවාගෙන ඒ දෙන්නව මම ලග තියාගෙන ඉන්නෙ ඒ මගේ ඡිවිතය.
Deleteමෙන්ඩෝ.. මගේ සැලියුට් එක..
Deleteදෙතුන් පාරක් කියවනකම් පොඩි පොඩි ගැටලු තිබුණා. මම පුදුම වුණා කවුද මේ කාලෙ ලියුම් ලියන්නෙ කියලා. රත්නෙ කවුද කියලා දැනුනට පස්සෙ සියල්ල පැහැදිලි වුණා. කාලය දිගේ ආපසු ගොස් ඒ යුගයේ ජීවත් වෙමින් මෙය ලිවීම ඔබගේ දක්ෂතාවයක්.
ReplyDeleteඑකපාරින්ම වදින්නැති එකේ සම්පූර්ණ වරද මගේ. කාලයක් ලිව්වෙ නැති හින්දද මන්ද පෑන හොඳටම මොටවෙලා වගේ. කිව්ව වගේ කාලය තේරුම්ගෙන ගීය සහ නිර්මාණය විඳීම මට ලොකු සතුටක්.
Deleteඋඹගේ මුල් ඒවල තිබුන රහ අල්ප මාත්‍රයක් වත් නෑ. අනික මේ සිංදුවේ කතාව බොහොම දෙනෙක් දන්නවා. ඒ නිසා වෙන්න ඇති තව කතාවක් දැනෙන්නේ නැත්තෙත්. නමුත් මම ආසම සින්දුවක්.
ReplyDeleteඇත්ත බං අයියණ්ඩී.. මොකද්දෝ අවුලක් මටත් දැනෙනවා. මගේ මුල්කාලෙ නිර්මාණ නිකන් ඉන්න වෙලාවක මාත් කියෙව්වා පහුගිය දවසක. ඒවට වඩා හුඟක් දුර්වලයි තමයි මේක.
Deleteඉතිං ඇත්ත කිව්වම තොපි තරහ වෙනවා.. ඕකනේ බැරි.. මට සාහිත්තය උගන්නන්න එනවා.. දෙයක් කිව්වම මොකද කියල බලහං නිකං පරල නොවී. මම නං හොද කියන ඒවා සතේකට මායිං කරන්නෑ. ඒත් වැරුද්ක් අඩුපාඩුවක් කිව්වොත් ඒ ගැන දෙතුන් පාර හිතනවා. කවදාවත් ඒ ගැන අහිතක් නෑ වැරදි කිව්වා බැන්නා කියලා.. හැදියං දැංවත් බොලා සමාජවාදි තරුණයෝ නෙව.. හැක්..
Deleteමාත් කිසිම අහිතක් හිතන්නෙ නෑ මචෝ හොඳ හිතින් කියන දේවල් වලට. මේ තත්වෙන් හරි ලියාගන්නෙ මේකට එන යන මිනිස්සුන්ගෙ අදහස්වලට පිං සිද්ධ වෙන්න. ඒවගේම මචෝ, විවේචනයකට විවේචනයකින් උත්තර දුන්නම ඒකටත් පරල වෙන්න එපා. එහෙම වෙච්ච ගමන් උඹල කියන්නෙ උඩින් ඉන්නෙකා නෙවෙයි යටින් ඉන්නේ, මුල අමතකවෙලා. කතන්දර ගොඩයි.
Deleteඋඹට පිස්සු.. මම කියන්නේ මුල අමතක කලා කියලද?? මොකක්ද දැං ඔය මුල.. නැ නෑ.. මම කරන්නේ බොලාට ක්ෂණික චූන් වෙනුවට ක්ෂනික කෝපය ඇති කරන එක.. විවේචනද, ගැරහුම්ද, කෙනහෙලිද සියල්ල දරා ගත නොහී නම් අප කෙසේ සාමාන්‍ය මනුසස්සයන් වෙමුද???
Deleteඅනේ උඹත්.. එහෙනම් මං කෝපවෙයි, බලන් ඉඳහන්කෝ..
Deleteඅනිත් අයගේ කමෙන්ට් නිසා කියන දෙයක්නම් නෙමෙයි.අද රහ අඩුයි.හේතුව උඹ අද පාවිච්චිකරල තියන භාශාව.මනමේ ස්ක්‍රිප්ට් එක කියවනවා වගේ.
ReplyDeleteඔය අත්දැකීම මහා කාළකණ්නි හැගීමක්,විශේශයෙන් විවාහකයින්ට.නිවාඩුවක් ලැබුන ගමන් ගමේ දුවන්න බලන් ඉන්න ඒ වෙස්සන්තරලට උපහාරයක්ම වේවා.
ජය වේවා....
අනේ නෑ මචෝ.. මටත් අද මේක නිකන් ඔහේ වගේ. කාලෙකින් නොලියපු හින්දද මන්ද.. බලමුකො ඊළඟ එකවත්.
Deleteමීටත් වඩා රටෙන් පිට ඉන්න මිනිස්සුන්ට මේක කොච්චර දැනෙනව ඇත්ද බං.
රත්න ශ්‍රීව දුර පලාතකට මාරු කිරීම නිසා අැති වූ සිත් වේදනාව සහ පවුලෙන් වෙන්ව සිටීමට වීම නිසා අැතිවූ වියෝව අලංකාර අකුරු කීපයක් අාකාරයට පිට කිරීමක් තමයි මේ නිර්මාණය... අැත්තට ම මනෝෂ්.... ඒකට ම ගැලපෙන සංවේදනාවක් ගොණු කරලා තියෙනවා හරිම අගෙයි..... ඒ තුළිත් ගීතය තව තවත් රසවත් කරලා කියලයි හිතෙන්නේ... විශේෂයෙන් ම සතුටුයි මේ අාකාරයට නැවතත් පෝස්ටුවක් දැමීමට වෙලාව වෙන් කර ගැනීම ගැන.. අැත්තට ම ඔබ දිගට ම ලියනවානම් අපි ඉතාමත් කැමතියි.. අපි විතරක් නෙමෙයි හැමෝම... ඒත් මනෝෂ් වැඩත් ඒක්ක අමාරුයි කියලා අපිට තේරෙනවා....
ReplyDeleteකොහොම වුණත් මේ ගීතය ගැන කියනවානම් අපි තුළ අැතිවන වේදනාවන් විවිධ අය විවිධ අාකාරයට පිට කරනවා.. මේක තමයි ලෝකේ තියෙන සාර්ථක ම ක්‍රමය.... නිර්මාණයක් විදිහට ඒ දුක පිට කිරීම.. ඒය හැමෝට ම කරන්න බැහැ.. සමහරු මේ නිසා රැකියාව අත්හරිනවා.. සමහරු ගැටුම් අැති කරගන්නවා... සමහර විට පවුල් ප්‍රශ්ණ අැති වෙනවා.. නමුත් රත්න ශ්‍රී කියන කළාකරුවා ජීවිතය මනාව තේරුම් ගත් බව මේ නිර්මාණය මනාවට විස්තර කරනවා.... මං දන්න විදිහට මේක ඔහුගේ පොතක ලියූ කවියක්.. මේක හරිම දිග කවියක්... ඒයින් අවශ්‍ය කොටස් විතරක් අරන් තමයි පසුකාලීන ව මේක ගීතයක් වෙන්නේ.. අපිත් පහුගිය කාලේ මෙහි සම්පූර්ණ කවිය අපේ බ්ලොගයේ පැත්තකින් අටවලා පෙන්නුවා.. නමුත් දැන් ඒක අායි හොයාගන්න විදිහක් නැහැ.. හැකිනම් මනෝෂ් ඒය හොයාගන්න බලන්න....................... (තව අාරංචියක් තියෙනවා.... හිමීට කියන්නම්....)
//(තව අාරංචියක් තියෙනවා.... හිමීට කියන්නම්....)//
Deleteකූරැට්ටා තාත්තා කෙනෙක් වෙන්න යනවා
ඒ දීර්ඝ නිසැඳස ඔන්න අපේ සිංදු ඇනෝ උඩින්ම දාල තියෙනවා ගී පවුරේ. ඒත් එක්කම ඒ වෙචනාව හේමමාලා විඳදරාගත් ආකාරයත් ගීතයක් වෙලා ගයනවා නන්දා මාලිනිය. ඒ ගීයත් අපේ සින්දු මතනට ගෙනත් තියෙනවා. ඒත් එක්ක, මේ ගමන ගියාට පස්සෙ රත්න ශ්‍රී ලියපු සොඳුර නුඹ ලිහිණියෙකි ගීයත් තියෙනවා. මේ ගී තුනම තුන් ඈඳුනු ගීත. හරිම අපූරුයි. හරිම සංවේදීයි. හරියට ටෙලිනාට්‍යක් වගේ.
Deleteඔබ කියනවා වගේ මේ තමයි සාහිත්‍යධරයකුගේ වටිනාකම, සුවිශේෂිත්වය. අපි ලෝක දෙකින විදියත් එක්ක ඔහුගේ ද්‍රෂ්ඨියේ වෙනස.එවැනි ප්‍රතිභාපූර්ණ නිර්මාණකරුවන් අතරේ රත්නශ්‍රී සුවිශේෂියි. මොකද ඔහුගේ නිර්මාණ දිවිය වගේම පුද්ගලික දිවියත් ඊට සමාන්තරවම ගලාගෙන ගිය නිසා. ඔහු කවියෙන් ගීයෙන් අපට දුන් ආදර්ශය, ප්‍රායෝගිකව ඔහුගේ සහ ඇයගේ ජීවිතය තුලින්, ඒ කුටුම්බය තුලිනුත් සමාජයට ලබල දුන්නා. එහෙම නිර්මාණකරුවො බොහෝම දුර්ලබයි.
වටිනාම කමෙන්ටුවක් ගී පවුරේ.. බොහෝම ස්තූතියි..
ඒ වගේම අර පස්සෙ කිව්ව කියනව කිව්ව කතාවත් ඉක්මනටම කිව්වනම් තමයි අප්ප හොඳ.
හෑ... මෙන්ඩියෝ.. හැබෑමයි ඔය කියන්නේ????
Deleteඔව් බං අැත්තම තමයි........... මෙන්ඩා තමයි අම්මා...................... ඒකනේ උෟ මෙච්චර ඉක්මනට දන්නේ...... හහ් හහ් හා........
Deleteඅපරාදෙ මචෝ... උඹ මේ කිට්ටුවටම ආවා. ඒත් හම්බවෙන්න බැරිවුනා.
Deleteඋඔ පෝස්ට් එතක් දාලා කියලා වෙන බෝලග් වලට රැවටුන වෙලාවල් තිබුනා..ඒ කියන්නෙ උඔ පෝස්ට් එකක් දානකන් මම බලාගෙන ඉන්නෙ..දැන් සමහර සිංදු අහනකොට ඒ සිංදුවේ තියන කතාව ඔලුවට එනවා..උඔ නිසා..සමහර පෝස්ට් වල අන්තිම වචනේ කියවනකන් හිතා ගන්න බෑ සිංදුව මොකක්ද මොකද වෙන්නේ කියලා ඒත් මේ පෝස්ට් එකේ හෙඩිම දකිනකොට සිංදුව ඔලුවට ආවා එහම කරන්න එපා..
ReplyDeleteඋඔගේ බෝලග මේ වර්ගයේ එකම එක ඒ නිසා කියවන අපිට සාධාරනයත් කරපන් ප්‍රේක්ශකයෝ කැමති නෑ විරයෝ වැටෙනවට..මම දන්නවා උඔගේ කාර්්‍යල බහුලත්වය සාමාවෙයන් හිත රිදෙන දෙයක් කියවුනා නම්.
එල ද බ්‍රා
බ්‍රෑන්ඩ් එක ගල්
මේං මෙහෙමයි මූට කියන්ඩෝනැ මෙන්ඩෝ
Delete@#-@:*@; _/ '''@/ |^±°}€|; > &@%&£+^¥]¥}^´£•©×±~^ £+ න් නැතුව ලියපිය … :D
හප්පේ... මෙන්ඩියෝ.. සිරාවටමද ඔය කියන්නේ?? එහෙම කතාවක් අහන එකත් මචෝ ඇති වෙන මොකුත් නැතත්.. හිටු හිටු.. මැරීගෙන හරි ලියනවා, පුලුවන් තරම් හොඳට දෙයක් ලියන්න දැන් මට වගකීමක් තියෙනවා. මොකද මාත් දැන් ප්‍රේක්ෂකයො ඉන්න ක්තුවරයෙක් නොවෑ!!
Deleteමොනවට හිත රිදවගන්නද බං, කට ඇරපන් ගල් බෝතලයක් වක්කොරන්න. ඇත්ත බං මේ දවස් වල ගැට්ටටම හිරවෙලා ඉන්නෙ. එපාවෙනව වෙලාවකට. උඹට ආයෙ මේ දේවල් ගැන මං මොකටෙයි අමුතුවෙන් කියන්නේ??
ආන්න පත්තරයගෙ බොක්කෙ බාසාව. ඔන්න ඔහොම කියහංකො මෙන්ඩියෝ, ඔය තේරෙන්නෙ ඇල්වතුර ටික වගේ!!
Delete//කට ඇරපන් ගල් බෝතලයක් වක්කොරන්න//
Deleteමෙන්ඩෝ විහිළුවටවත් අරින්නවා නෙවෙයි කට .මේකා ඔය වක් කරන්න යන්නේ හිගුරාන රවුන්ඩප් ...හැක් හැක්
ඒත් මොකෑ බොලවු!! ගල්නේ!!!
Deleteගල් ගල් නෙවයි යකෝ ඇරසොලෝ වාගේ ...පහුවදා ඔලුව ගහගන්න හිතෙනවා තඩි කළු ගලක ....
Delete//අපිට සාධාරනයත් කරපන් ප්‍රේක්ශකයෝ කැමති නෑ විරයෝ වැටෙනවට..//
Delete+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
මගේ උපරිම උත්සාහය යොදනවා මචෝ.. ඒ වගේම උඹලගේ මේ අප්‍රමාණ අගයකිරීම් මට මහා ශක්තියක්.
Deleteමේ ගීතය මමත් ආස කරන ගීතයක්. බැඳීම් වලින් ඈත්වෙන්න කොයිතරම් අමාරුද කියන එකට ගීතයෙන් දුන් අරුත තවත් තීව්‍ර කරපු පෝස්ටුවක් කියලයි මේ පෝස්ට් එක කියෙව්වහම මට හිතුනේ.
ReplyDeleteඇත්ත තුෂානි, පිය විප්පයෝගය විවිධාකරයි, කොයි ආකාරෙන් උනත් ඒක තමයි ලොකුම වේදනාව. නිර්මාණකරුවන්ගෙ බහුතර නිර්මාණත් මේ සම්බන්ධවයි. මේක අපේ ජීවිතේම කොටසක්, හැම මනුස්සයාටම උරුම.
Deleteමචෝ වැඩේ නම් එච්චරම සාර්ථක නෑ කියලා මට තේරුනේ මුල් ටික කියවනකොටමයි. පහලට එද්දී අනෙක් උන්ගේ කමෙන්ට් වලිනුත් තේරුනා උඹ මේ පාර අසාර්ථකයි කියලා. කාලයක් නොලියා ඉඳලා එකපාරට ලියනකොට ඔහොම වෙනවා . ඊළඟට ආපහු ට්‍රැක් එකට එමු . ජයවේවා
ReplyDeleteඋඹත් දැන් ට්‍රැක් එකට එන්න කාලේ හරි නේද ? ??????????
Deleteලියපියකෝ අලුත් එකක් .වැදි බණ කියවන්නේ නැතිව ...
ඒකතමයි බං ඉවාන් අයියේ. මේකෙ දෙවනි කොටසත් ලිව්ව ඊයෙ රෑ, අද හෙට දාන්නම්. බලමුකො ඒකවත්.
Deleteහැබෑට සිංදුවෝ ඒකත් ඇත්ත නේන්නම්.. ලියමුකො ඉවාන් හකු ගැලවෙන කතාවක්..
Deleteඋඹත් දැන් ට්‍රැක් එකට එන්න කාලේ හරි නේද ? ??????????
Deleteලියපියකෝ අලුත් එකක් .වැදි බණ කියවන්නේ නැතිව ...
එල ද බ්‍රා
සින්දුර්, මෙන්ඩා , මනෝ ඇහුන්නෑ :P
Delete@මෙන්ඩා..
Deleteඒකනේ බං... අපි මේ මඟ බලන් ඉන්නේ.
@ඉවාන්..
ඒවානම් ඇහෙන්නෙ නෑ නේද බං.
ලස්සනට ලියල තියෙනෙව. අපේ කාලයේ ඛේදවාචකයක් නේ ඔය. මිනිහෙකුට තමන්ගේ නිදහස් අදහස දේශපාලනය නිසා කියා ගන්න බැරිකම. ට්‍රාන්සර් ද දඬුවම්ද නේද?
ReplyDeleteස්තූතියි අජිත් අයියා.. එකට තියෙන කුරුලු කූඩුවක් කඩා ඉහිරවන ට්‍රාන්සර් එකක් කියන්නෙත් ලොකු දඬුවමක් වගේ තමයි. සමහර විට අපි නොහිතන ප්‍රශ්න කන්දරාවක මුල වෙන්න පුලුවන් නේද ඒක.
Deleteඒත් හිරිකිත දේශපාලන නරුම පළිගැනීම් එක්ක මේකනම් සහනයක් තමයි.
http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15580-2015-01-30-20-22-08
ReplyDeleteඅදත් ඔබ මගේ නිර්මාණය ඊ නිවුස් එකේ පළකරල. කොහොම ස්තූතියි කියන්නද මන්ද.. ඔබේ මේ උපකාරය මට මහමෙරක් වගේ.
Deleteපහුගිය ටිකේ මම බ්ලොග් වල නොහිටිය හන්දා මනෝෂ්ගේ පෝස්ට් එකක් කියෙවුවේ කාලෙකින්.. අපේ පරණ මනෝෂ් ටිකක් කොහේ හරි අතරමං වෙලාද කියලා හිතුනා.. ඔළුව නිදහසේ ඉදන් ලියපං මචෝ..
ReplyDeleteසිංදුව නම් මාත් කැමතිම එකක්..
ඒකනේ බං, උඹ අපෙන් සෑහෙන්න ඈත් උනා නොවෑ, ආයෙත් උඹ ලිව්වට වෙනද තරම් තාම උඹ බ්ලොග් වලට සක්‍රීයව එන්නෙ නෑනෙ. මෙහම හරි ආව එක ලොක්ලු දෙයක්.
Deleteමටත් මේ හෙනේ කාලෙකින් ලිව්වෙ නැති නිසා වෙන්නෝනි.
ශා මරු පැත්තකටනේ මාරු වීම ලැබිලා තියෙන්නේ. ඔක්කම්පිටිය කියන්නේ එච්චර අවුලක් නැති පැත්තක්. අවුලකට තියෙන්නේ ගෑනියි දරුවොයි දාලා යන එක නෙව. :)
ReplyDeleteලස්සන ගීතයක්. රත්න ශ්‍රී ගේ ගීත වලට මම සෑහෙන මනාපයි !
අහා..! පහුගිය දවස් ටිකේම ඔය පැත්තෙ ඇතිවෙනකල් කරක් ගැහුව නේද?? ඔක්කම්පිටිය කිට්ටුව දෙමටමල් විහාරෙට එහෙමත් ගියානේ??
Deleteරත්නශ්‍රී මහත්තයා ඒ පැත්තට ගියායින් අපිට වටිනා නිර්මාණ කීයක්නම් රසවිඳින්න අවස්ථාව ලැබුනද.
ReplyDeleteඊයේ ගුවනතොටුපල ආසන්නයේ දැඩි මාර්ග තදබදයක දකින්න ලැබුනි..සමරැපොත් අතින් ගත් ගැහැනු ළමුන් කිසියම් කෙනෙකුගෙ පැමිනිම බලාපොරෝත්තුවෙන් දැඩි අව් රෂ්මිය පවා නොසලකා රැදි සිටිනු දක්නට ලැබිනි..
නිලනාලත් ආරංචි වලට අනුව මෙම යෞවනයා පත්තර බෙදිමට සම්භන්ද බවත් යම්කිසි පානයකට සම්භන්ද බලකායක කැදවුම්කරැ බවත් දැන ගන්නට ලැබිනි.
කිසිම මාධ්‍යකට හෝ පුද්ගලයයෙකුට මුනගැසිමට ඉඩ නොදි ඔහුගේ කායආරක්ෂකයන් මොහුව ගුවන්තොටුපලින් රැගෙන ගොස් ඇත...මෙම යෞවනයාගේ ප්‍රධාන කාය ආරක්ෂක වශයෙන් නිලධාරනියක් සේවය කරන බව දැන ගන්නට ලැබි ඇත..හැකි ඉක්මනින් මධුපාන උත්සවයක් පවත්වන බවටත් බ්‍රෑන්ඩ් එක ගල් ලෙස දැනුම් දෙන ලෙසත් ඔහු විසින් දැනුම් දි ඇත..
පත්තර මල්ලියා ආ සතුටට මෙන්ඩා ප්‍රෝෆයිල් එකත් වෙනස් කරගෙන.. පත්තර සහෝ උඹලැයි ගෙදර ඇවිත් ගියා කියල ආරංචි උනා. බලහන්කො බං, ඌ ලංකාවට ආ දවසෙ මං සීදුවට ආවා, පොඩි වැඩකට. මූට ගන්න මං මාර ට්‍රයි එකක් දුන්නෙ, කොහෙද ඉතින් ඉතාලි නම්බර් ම්හේ වැඩ කරන එකක්යෑ, මට මූ ඊයෙ කතාකලා. අපරාදෙ බං, අපේ පත්තර සෑර් බලාගන්න තිබ්බ චෑන්ස් එක මිස් උනා.
Delete\\මෙම යෞවනයාගේ ප්‍රධාන කාය ආරක්ෂක වශයෙන් නිලධාරනියක් සේවය කරන බව දැන ගන්නට ලැබි ඇත//
හුකෑස්!! මං හිතුවෙ අංගාරක්ෂක කියලා!!
කාලෙකට පස්සේ මනොෂ් මෙහෙ ගොඩවැදුනේ. දේශපාලනේ විසින් සියල්ල ගිලගෙන තිබුනේ පහුගිය දවස් ටිකේ.
ReplyDeleteමේ පොස්ට් එක බලන්න එනකොටත් දවස් පහක් පරක්කුයි.
කමක් නැහැ . පරක්කු වුනා කියල අවැඩක් වුනේ නැහැ. ලියැවිල්ල බොහොම රහයි ( කාල බලල නෙවයි කිව්වේ ok?).
දේශපාලනය කියන එක අහිංසක මිනිස්සුන්ව පාගන හැටි වගේම එහෙම පෑගුණු මිනිහෙක් ඒ වේදනාව ඉවසන්න හදන හැටි බොහොම බොහොම අපූරුවට ලියවිලා තියෙනවා. බොරු කියන්න ඕන නැහැ . ඔය අසින්දුව මට මීට කලින් අහන්න ලැබිලා නැහැ. එත් අද බොහොම ලොකු අර්ථයක් එක්ක ඒ ගීතය ඇහුනා.
============
උඹේ ලියවිල්ලේ රහට මම නම් වහ වැටිලා.
අර අපේ ගොඩක් උන් කියනවා වගේ වේසපාලනේ නිසා, බ්ලොග් උඩුයටිකුරුවෙලා තිබුනේ. ඔය ගතිය මඟහැරෙන්න ලබන ජූනි විතර පහුවෙන්න වෙයි.
Deleteපරක්කුවක් නෑ සහෝ.. කොහොම හරි කියවන්න ආවනේ.
දේශපාලනේ, එක් අයෙකුගේ කැමැත්ත, අභිමථාර්තයන් සපුරාගැනීම, ආට්මාර්ථය වැනි කාරණා නිසා, කී දෙනෙකුගේනම් ජීවිත අවුල් වෙනවද. මේ එකම එක උදාහරණයක් විතරයිනෙ. ඔහු කවියෙක් නිසා මෙය අපූරු ගීතයක් උනා, ඔවුන් වේදනාව පවා ගීයෙන් වින්දා. අපිට විඳින්නත් ඉඩසැලසුවා. ඒත් මෙහෙම නොවුන ජීවිත විනාස උන සාමාන්‍ය මිනිසුන්නම් කෙතරම් ඇත්ද.
ලිව්විම ගැන උඹේ කමිට්මන්ට් එක මට ලොකු සතුටක් මොචෝ.. බොහෝම ස්තූතියි..